Friday, January 18, 2019

623. පුවක් එෂැණිං 52 - Preface To An Aathal Murder House Story & Trampachchi's Mexican Wall…..


මොකවත් අකුරු හත අටක් ලියන එක කොච්චර කම්මැලි වැඩක් උනත් අර බැඳගත්ත බෙරේ ගහන්ටම එපාය කියල කියන්නැහෙ දැං මේ මංගල්ලෙ අතඇරල දාන්ටම බැරි සයිස් එකක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ මයෙ පාටක පාටකාවියන් වෙනුවෙන් මොකවත් අඩුම ගානෙ සතියකට සැරයක් හරි ලියන්ටම එපාය.

"පාටකාවියන් තක්සලා දොරිං....ඉස්සිලා හොරෙං බලාවි ගස්සලා ඉඟත්..." අන්න එහෙම අපූරු සිංදුවකිත් කියල තියනවනෙ අර ජානක වික්‍රමසිංහ කියල කියන ගොබිල...

ඉතිං මොකද්ද මේ ගමන ලියන්නෙ කියල කම්පනා කොරද්දි මට හිතුනෙ අර මම පහුගිය සති දෙක තුනේ ලියාපු මව් ගුණ සමර තවම ඉවර නැතුවා උනත් මේ වංගියෙ ඒ ගැන ලියන එක සුට්ටකට අතපහු කරල විමලෙගෙ වාම්පතුල් කතාවක් ලිව්වනම් මක් වෙනවද හැබෑටම කියල. 

අපි ඔය ඒ කාලෙ වළස්මුල්ලෙ මල ගෙදරක ගිහිල්ල ආපහු එද්දි දවල් කෑමට ගියා ගාල්ලෙ අපෙ හොඳ හිතවත් යාලුවෙක්ගෙ ගෙදර. හොඳ හිතවත් යාලුවෙක්ය කියන්නෙ ඌත් අපිත් එකට වැඩ කරපු එකෙක්. ඒත් ඒකා ඒකටත් මල ගෙදර එන්න ඕනමයි කියල දහ අතේ වඳිද්දි අපි ඌව මල ගෙදර එක්ක ගියේ නෑ. යන ගමන් ගාල්ලෙ බස්සල ගියා අපි හෙට උදේම එනව උඹ අපිට දවල්ට කෑමයි බොන්ඩයි සූදානම් කරල තියාපන්ය කියල. 

කිව්ව වගේම අපි ආය මොනවද මිනියට එගෙම වැඳල කතා කරල ආපහු උදේ දහය වෙනකොට ආව ගාල්ලට. අරූගෙ ගම දංගෙදර. මට නම් මෙලෝ දෙයක් මතක නෑ කොහෙද කියල. ඒත් මම හිතන්නෙ මේක කියවන ගාල්ලෙ උදවිය දන්නව ඇති දංගෙදර කියන්නෙ කොහෙද කියල.....

හරි ඉතිං මම ඔය ඒකගෙ ගෙදර ගිහිල්ල වෙච්චි ආතල් එක ගැන ලියන්ට තමයි හිතාගෙන උන්නෙ මේ ගමන.....ඒත් අඩේ මේ පහුගිය දවස් දෙක තුනේ වගේ වෙච්චි පුල් ආතල් ද බ්‍රේව් සීන්ස් කෝන්ස් අහල දැකල මට හිතුන අර දංගෙදර කතන්දරේ පස්සෙ ලියමුය අද ඒ ආතල් සීන් එව්ව ගැන ලිව්වනම් ආය මක් වෙනවදැයි කියල...

ඒ හින්ද ආයමත් එහෙනං ඔන්න කාලීන පුවක් ඇසුරින් පුවක් එසැණින්...හෙහ්..හෙහ්..අන්තිමට පුවක් එසැණිං එකක් ලියාල තියෙන්නෙ 2018 ඔක්තෝබර් 12 වෙනිද..ඒ අංක 51...ඒ හින්ද අද ලියන්නෙ 52 වෙනි පුවක් එසැණිං හොඳේ?

ඉස්සොරෝම විදෙස් පුවක්...

අපේ අතිගරු ට්‍රම්පච්චි මේ දවස්වල දෙකොණ විලක්කුවකුත් අතින්ගෙන මැක්සිකං වෝල් නාඩගම නටනවාය. ට්‍රම්පච්චි අවුරුදු දෙහෙකට ඉස්සරවෙලා ජනාදිපති කමට ඉදිරිපත් වෙලා රටවටේ යද්දි දුන්නු ප්‍රදානම චන්ද පොරොන්දුවක් වනාහී උන්දෑ POTUS (President Of The United States) උනහම මැක්සිකෝව එක්ක තියන බෝඩරේ නොහොත් දේසසීමාවේ දිගටම මහා තාප්පයක් බඳිනවාය කියලාය.

ඒ අනවසර සංක්‍රමණිකයින් නැවැත්වීමටය. වැඩේ හොඳය. රටකට එන අනවසර සංක්‍රමනිකයින් නවත්වා ගන්ට වැඩ කටයුතු කරන්ට ඕනම රටකට අයිතිය තියනවාය. ඒත් වැඩේ කියෙන්නෙ මේ තාප්ප බඳින සීන් කෝන් එක ට්‍රම්පච්චි තනිකරම පාවිච්චි කලේ චන්ද කාලෙ මිනිස්සුන්ගෙ හැඟීම් ඇවිස්සීමටය කියලත් මතයක් තියන එකය. අර පොදු හතුරෙක් මවල උගුර ලේ රහ වෙනකල් කෑගැහුවම මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සන එක බොහොම ලේසිය. හැඟීම් බරවුනු මිනිසුන් තුල බුද්ධියට තර්කයට ඉඩක් කොහෙත්ම නැත.

අවිචාරවත් මිනිසුන්ගේ හැඟීම් අවුස්සා ඡන්ද දිනන අන්දම ගැන ශ්‍රී ලංකාවෙන්ද බොහෝ උදාහරණ ඇත. මතකනෙ මේ සීන් එක නේද?..."අපෙ හාන්දුන්නේ..මම කිසිම දවසක රට ජාතිය ආගම පාවාදෙන්නේ නෑ..මාව විදුලි පුටුවෙ තියල මැරුවත් එහෙමම තමයි.." දේයි දේයි දේයි..(දුහුනන් දැනුම් උදෙසා..ඒ දේයි දේයි යනු දෑතින්ම පපුවට ගසාගන්නා හඬයි. Beating his chest like a giant Gorilla in Dehiwala zoo...) 

ට්‍රම්පච්චී අවුරුදු දෙකකට ඉස්සෙල්ල ඔය තාප්පෙ බඳින එක බඳිනවයි අම්මපල්ලා කිය කිය රටවටේ යන ගමන් ඒ තාප්පෙට වියදං වෙන මුදල මෙක්සිකෝවෙන් කොක්කෙං හරි කෙක්කෙං හරි ලබා ගන්නා බවද දහාතේ දිවුරා කීවේය. 

"What do we need most to make America great again?" ට්‍රම්පච්චී අත් දෙකම උස්සා බෙරිහන් දී ඇසුවේය.

"We need a wall along Mexican border......" ට්‍රම්පච්චිගෙ සට්ටඹියෝ උඩ පනිමින් කෑගැසුවෝය. 

"Who is going to pay for that wall?" ට්‍රම්පච්චි ආයමත් මරහඬ තැලුවේය. 

"Mexico is going to pay for that wall..." සට්ටඹියෝ අහසේ පියාඹන උකුස්සෝද බියපත්ව මහ පොළවට ඇදවැටෙන අන්දමේ මහා නාදයක් නැඟුවෝය.

එහෙත් කෑගහලා මරහඬ තියලා මිනිස්සු කුලප්පු කරලා චන්ද අරගෙන නායකත්වය ගත්තාට ප්‍රස්න විසඳන එක ලේසි නැති බව එදත් අදත් කවදත් නැවත නැවතත් ඔප්පු වෙමින් පවතිනා සත්‍යයකි. ඒ පරම සත්‍යය ශ්‍රී ලංකාවට මෙන්ම අමරිකා එක්සත් ජනපදයටද එකසේ පොදුය.

ඒ නිසාම ට්‍රම්පච්චී කොහොම හරි දිනලා POTUS උනාට තාප්ප බැඳිල්ල දිනෙන් දින කල් ගියේය. මැක්සිකෝව කොහොමත් සල්ලි දෙන්ට බෑ කිව්වේය. අනුංගෙ තාප්ප වලට සල්ලි දෙන්ට මැක්සිකෝ කාරයින්ට මොකෝ පිස්සුවක් ඇත?

"You have to pay full cost for this wall you know Mr. President…" 

ට්‍රම්පච්චි ඒ දවස්වල හිටපු මෙක්සිකන් ජනාධිපතිට කිව්වම මෙක්සිකෝවෙන් උත්තර හම්බුනේ මෙහෙමය.

"No nos importa una mierda tu pared, si quieres que una pared con sangre la construyas tú mismo…"

මට නම් ඒ කිව්වෙ මක්කදැයි තේරෙන්නේ නැතිය. ඉස්පාඤ්ඤ බාසාව දන්න කෙනෙක් ඒ කියලා තියෙන්නෙ මොකදැයි කියලා කියල දෙන්ට යෙදුනොත් එහෙම උදක්මැ අගනේය. එහෙම කලොත් මම කුරුතඤ්ඤ කියන එක වෙනවා වෙනවා සත්තමය. හිම කුණාටු හමාවි...සුළි සුළං හමාවි..ඒත් වසන්තය එනවා සත්තමය.

දෙයියම්පල්ල කිව්වට ඇස් වහක් කටවහක් නෑ, මේ මුහුණු පොතේ ඉන්නෙ පුදුම නිර්මාණාත්මක හැකියාවක් තියෙන කොල්ලො කෙල්ලො නෙව. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ මුහුණ දීල ඉන්න ඉතාම ශෝචනීය තත්ත්වය ගැන මෙහෙම පෝස්ට් එකක් තිබ්බ මුහුණු පොතේ...හෙහ්..හෙහ්...

"ටෙස්ට් මැච් පරදීවි..One Day වයිට් වොෂ් වේවි... ඒත් හෙට අපි T-ටුවෙන්ටිය දිනනවා සත්තයි...." මේක දාල තිබ්බෙ නවසීලන්තෙ එක්ක T-20 මැච් එක ගහන්ට කලින් දවසෙ. කොහොම හරි T-20 ගේම් එකත් පැරදුනා...ඒක වෙනම කතාවක්..හෙහ්..හෙහ්..

ඉතිං අපේ ඩොනල්ඩ් ට්‍රම්පච්චී මැක්සිකන් තාප්පෙ බඳින්ට ඩොලර් බිලියන හයකට කිට්ටු ගාණක් කොන්ග්‍රස් මණ්ඩලෙන් ඉල්ලුවම ඒ ඉල්ලීම කොන්ග්‍රස් එකෙං ප්‍රතික්සේප උනෙමි. එහෙම උනේ මේ පහුගිය නොවැම්බරේ තිබ්බ මිඩ් ටර්ම් මැතිවරණයෙන් කොන්ග්‍රස් එකේ බහුතර බලට ට්‍රම්පච්චිගෙ විරුද්ද පක්සය වන ඩිමෝක්‍රටික් පක්සයට ගිය හින්දාය.

අපේ පාර්ලිමේන්තුවට වගේම අමරිකාවේ රජය වියදම් කරන මුදල් අනුමත කිරීමට බලය තිබෙන්නේ කොන්ග්‍රස් මණ්ඩලයටය. මතකනෙ අර පහුගිය දවස්වල ගමරාළය යකාට දුම්මල ගැහුවහෙ යකා නටල මරා අගමැති කලාම පාර්ලිමේන්තුව මරාගෙ වැය ශීර්ෂය කපා හැරිය අන්දම. අන්න ඒ වගේම තමයි අමරිකාවෙත්...

ඉතින් දැන් පොරගෙ තාප්පෙ බැඳ ගන්ට අයිරුවක් නැතුව ට්‍රම්පච්චි ඉන්නේ ෆුල් අන්දොස් වෙලාය. පොරත් හැබැයි වැඩේ අත ඇරියෙ එහෙම නැත. උපන්තේකට පනාවක් එහෙම පෙන්නලාවත් නැති කොණ්ඩෙ එහෙම අතින්ම තලා හදාගෙන ට්‍රම්පට් ගොයියාද ගේමට ලැහැත්ති උනෙමි.

ඒ කෙසේද කියනවානම් අමරිකානු ආණ්ඩුවේ සේවක පඩි නඩි එහෙම ගෙවන්ට මුදල් අනුමත කිරීම කොන්ග්‍රස් මණ්ඩලෙන් කලාට ජනාදිපතිට ඕනනම් ඒ ප්‍රතිපාදන වලට අනුමැතිය නොදී ඉන්නට පුලුවන්ය. එහෙම උනාම එක්කෝ ආයම මුදල් අනුමත වෙනකල් ඒ සේවකයින් ගෙදර නවතින්ට ඕනෑය. නැත්නම් පඩි නැතුව වැඩ කරන්ට ඕනෑය. ඒකට කියන්නෙ ආණ්ඩුව වසා දැමීම නොහොත් "Government Shutdown" කියාය. ඒ කියන්නේ ගෝරමේන්තුවේ ලෙන් දොර වැහීමය.

"ගල්ලෙන බ්‍රෝකන්…. ලෙන්දොර ඕපන්…" එහෙම කිව්වේ මනමේ කුමාරයාය. 

"අඩේ මනමේ කුමාරය නෙවෙයි නේද සිංහබාහු නේද ගල්ලෙන බිඳගෙන ගියේ?"

"අම්මට උඩු ඒ යකත් එහෙම කලාද? කව්ද දන්නෙ? කලිං කියන්ට එපාය…"

"Shut down"  කිව්වම ඔන්න මට මතක් වුනේ මම කුකුළේගඟ ව්‍යාපෘතියෙ රාජකාරි කරන කාලෙ සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකම නිවාඩුවක් දෙනවාය. ඒකට කියන්නෙත් "Shut down එක" කියාය. ඒ ෂට් ඩවුන් එකට කොම්පැණිය ඒ කිව්වෙ ස්කන්ස්කා එක ගානෙ අපිට ගම් රටවල් බලා යන්ට සුඛෝපභෝගී බස් පහසුකම් ද සපයනවාය.

ඒ ෂට් ඩවුන් එකට ගෙවල් බලා එන එකද වෙනම ආතල් එකක්ය. නුවර බලා එන බස් එක හවස තේ බොන්ට නවත්තන්නේ අඟුරුවැල්ලේය. බස් එකේ කට්ටිය සීයට දහයක් විතර තේ බොන්ට යද්දි සීයට අනූවක්ම රෙදි කරට අරගෙන දුවන්නේ අඟුරුවැල්ල රටබීම සාප්පුව වෙතටය. ඒ ගැන වෙනම දවසක කියන්ට ඉඩ හසර තබාගෙන අදට මෙතනින් නවත්තන්නම්ය. නැත්නම් අද මේ ට්‍රම්පච්චිගෙ විස්තරේ කියලා අහවරයක් කරනවා බොරුය.

අමරිකන් ෂට්ඩවුන් ඉතිහාසයේ දීර්ඝතම ෂට්ඩවුන් එක මේකය. දැනට දින 23 හෝ 24 ක් වගෙ ගාණක් වැඩේ ඇදුනාය. එතන වුනේ ට්‍රම්පච්චිත් එක අඟලක්වත් පස්සට යන්නට සූදානම් නැති එකය. පසුබැසිය යුතු තැන පසුබසින්නට නොදන්නාකමද අමුම අමු ගොන් කමකි. 

"Hey Guys..You remember some one just like that closer to home? I mean someone stubborn as a mule who thinks he knows everything…"

ට්‍රම්පච්චීට මේ වගෙ මරි මෝඩ වැඩක් කරන්නට හිතට ගට ආවෙ මම ඔය කලින් කියපු හාදයගෙ අලුගුත්තේරුකං ගැන අහ දැක්කට පස්සෙය කියලත් අමරිකාව පුරා දනන් තුඩ තුඩ රාවයක් පැතිරෙනවය කියලත් ආරංචියක් තියනවාය. ඔය ට්‍රම්පච්චි ඕන එකටයි එපා එකටයි හැම එකට පුරුද්දක් වසයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරනවාය. ෂට් ඩවුන් සෙල්ලමට බහින්ට ඉස්සර මනුස්සය මෙන්න මෙහෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කලාය කියලත් ආරංචිය.

"If a two bit joker of a president from an obscure third world country can shut down a whole country on a fantasy, why can't I the most powerful man in the whole world just shut down the government until I get money to build my dream wall?"

අමරිකන් ෂට් ඩවුන් ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයා බලමින් ඉන්ටර්නැට්ටේ එහා මෙහා සැරිසරද්දී POTUS ගේ පඩිය ගැන මේ විස්තරද දැනගන්නට ලැබුනෙමි. 

ඒ විස්තර අනුව අමරිකන් ජනාධිපතිට පඩි ගෙවන්නේ මාස තුනකට නොහොත් කාර්තුවකට වරකි. POTUS ගේ වාර්ෂික වැටුප ඩොලර් 400,000.00 කි. ඒ අනුව කාර්තුවකට වැටුප ඩොලර් ලක්ෂයකි. මාසෙකට ගණං හදල බැලුවම මාසික වැටුප ඩොලර් 33,333.33 කි. රුපියල් වලින් නම් මිලියන හයක් නොහොත් ලක්ෂ හැටකි.

සී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හතුරුසිංහටද මාසෙකට ලක්ෂ 60 ක් ගෙවන බව ඔය කොහේදෝ තිබිලා කියෙව්වා මට මතකය. හැබැයි එහූ වැටුපක් අරගෙන ඉටුකරන රාජකාරි නැතහොත් අවුට්පුට් එක අතින් බැලුවම නම් ට්‍රම්පා සහ හතුරා කරට කරය. දෙන්නගෙන්ම මෙලෝම වැඩක් නැත. කයිය විතරය.

කොහොම හරි මේ ෂට් ඩවුන් එක තව සති දෙක තුනක්වත් ඇදෙන ලකුණු පෙනෙන්නට ඇත්තේය. ඒ අව් අස්සේ ට්‍රම්පච්චිට විරුද්ධව දෝසාබියෝගයක් ගෙනෙන කතාවක්ද කණින් කොණින් ඇසෙන්නට පටන්ගෙන ඇත.

එෂැණිං පුවත් තව බොහොමයක් ලියන්නට ඇත. 

අර ලියුම බාරදෙන්ට ගිය වෙලාවෙ කිලී මහරාජා නටපු නාඩගම....

සිරස ගොං යක්කුන් ඒ ගැන සුදුවෑන් ගොට්ටාගෙන් , නීලකාස මරාගෙන් සහ මැරවිං සිල්වාගෙං වොයිස් කට් අරං ප්‍රචාරය කිරීම...

ජාතියේ පචායුදේ පොතක් ලියා රුපියල් කෝටියක් වන්දි ගෙවීමට සිදුවීම...(අපි මෙච්චර කල් අහල තිබ්බෙ මිනිස්සු පොත් ලියල අච්චර හම්බ කලා මෙව්ච්චර හම්බ කලා කියල විතරයි. ඒත් පොතක් ලියල අතිං සල්ලි ගෙවන්ට වෙච්චි සීන් එකක් ඔය ඇහුවමයි..ඒකත් වත් පොතේ තිබ්බ එකක්...හෙහ්..හෙහ්)

ඊගාවට අර මැදගොඩ අබේ උන්නැහැ පචායුදයා වෙනුවෙන් සල්ලි පිණ්ඩපාතෙ යනවය & ඒ ගැන අවසර ගන්ට මල්වතු ලොක්ක හම්බ වෙන්ට ගියාම මල්වතු ගොයිය අබයව එලෝ ගත්තයි කියන කතාව. 

ඒ කතන්දර දෙකම අතේ රෝල්...අබේ අර සිල් රෙදි කේස් එකට සල්ලි හිඟමනේ ගිහිල්ල නාගත්තු නෑම හින්ද ආයම නම් හොර තක්කඩිංගෙ දඩ ගෙවන්ට සල්ලි හිඟමනේ යන එකක් නම් නෑ කියලයි මට හිතෙන්නෙ. ඔය හැමතැනම ප්‍රචාරය වෙන වීඩියෝ එකත් එකටම එඩිට් කරපු එකක් වෙන්න ඕන..

ඒ කොහොම උනත් බොරුවක් කියල දැනගෙනම උනත් මමත් ෆුල් ආතල් එක ගත්ත එව්ව බලල.....

කිව්වම මොකද මමත් මූණු පොතේ පෝස්ට් එකක් දැම්ම "කාලෝ අයංතේ අබේ...මේ ඔබට සල්ලි හිඟමනේ යෑමට කාලයයි" කියල. ඒක නම් මම දැම්මෙ තනිකරම ආතල් එකට......:)

30 comments:

  1. හප්පේ ආප්ට ලෝන් ටයිම් නෙහ්.

    ට්‍රම්පච්චිට උපකාරයක් විදියට බැරිද දන්නෑ ලංකාවෙන් ඔය තාප්පෙ බඳින්න මුදල් ආධාරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අර උඹේ තියනව නේද කොන්ක්‍රීට් බලකායද මොකක්ද එකක්? යවාපං ඒක...:)

      Delete
  2. Translation to English - We do not give a shit about your wall, if you want a wall with blood to build it yourself.

    ReplyDelete
  3. On helping women
    "I will be phenomenal to the women. I mean, I want to help women."
    Face the Nation, 9/8/15

    On global warming
    "It's really cold outside, they are calling it a major freeze, weeks ahead of normal. Man, we could use a big fat dose of global warming!"
    Twitter, 19/10/15
    "The concept of global warming was created by and for the Chinese in order to make U.S. manufacturing non-competitive."
    Twitter, 6/10/12

    "Well, if I ever ran for office, I'd do better as a Democrat than as a Republican - and that's not because I'd be more liberal, because I'm conservative. But the working guy would elect me. He likes me. When I walk down the street, those cabbies start yelling out their windows."
    Playboy, March 1990

    //Has so much nonsense ever come from the mouth of one man in the whole of human history before?//

    "Donald Trump does not touch alcohol, which is really respectable. But think about that. That means every statement, every interview, every tweet - completely sober."
    Hasan Minhaj

    "Donald Trump has had several foreign wives. It turns out that there really are jobs Americans won't do." Mitt Romney

    ReplyDelete
    Replies
    1. Pra,

      This guy is simply unbelievable...really really unbelievable....:)

      May be Americans were totally fed up with serious people running for presidency and thought what the hell let's elect a buffoon this time; see what he would do; at least this dude would be entertaining if not anything else....Heh..heh...

      As a Pope said once a long time ago "Now as we have the papacy, let's enjoy it.." ...Trump sure is enjoying the presidency to the hilt...:)

      Delete
  4. 'මොකවත් අකුරු හත අටක් ලියන එක කොච්චර කම්මැලි වැඩක් උනත් '

    උබට මේක වෙයි කියලා මම හිතුවා. මොකද තෝ අඩියක් පුඩියක් ගහල සොමියක් ගත්තු එව්වා ගැන ආතල් පොස්ට් නොලියා මේකේ ඉන්න වෙසිගේ පුතාලා සහ වෙසියෝ දෙතුන් දෙනෙක්ගේ ඉල්ලීම කියලා මෙලෝ රහක් නැති පරිවර්තන කතා රෙද්දවල් ලියපු එක. ඒ කෙහෙම්මල් ලියලා ලියලා රවී, උබ උබේ හිටපු සුන්දර මනුෂ්‍යයා මරා ගත්තා. රොබෝ කෙනෙක් උනා. හැලපයාටත් ඕක වෙනවා තව පොඩ්ඩෙන්. ඌ ඒ වලේ වැටුනේ නෑ.

    මචන් රවී, උබ ලියපන් උබේ ආතල් ගැන. ඒ අස්සේ අනික් කතා දාපං. පුකේ එක දිගට යන කතාමාලා මේකේ දාන්නේ නැතිව. යකෝ ඉස්සර මේකේ කොච්චර සිරා පොස්ට් වැටුනද. උබ අර නුවර බාර් එකේ බියර් එකක් ගගහා පොත් කියවන හැටි, බාර් එකේ උබට සලකන්න හිටපු සේවකයා. උබලා කෑම්ප් වල හිටපු හැටි. යකෝ ඒක තමයි ජිවිතේ. උබ උබේ ජිවිතේ ලියපන් මේකේ. වෙන හුත්තවල් ලියන්නේ නැතිව. සිංහල බ්ලොග් වල මම දැකලා තියෙන සුන්දරම මනුෂ්‍යන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔබා මාමා. ඊළගට හැලපයා. ඊළගට උබ රවී. ලියපන් හුත්තෝ තොගේ ජිවිතේ....

    ReplyDelete
    Replies
    1. රවියා, මෙන්න මේ ඇනෝ කියන දේ අහපන් සිරාවට..

      Delete
    2. උඹ රවිට එක ඇඟිල්ලක් දික් කරද්දී ඇඟිලි හතරක් උඹේ පැත්තට දික් වෙනවා කියල මතක තියාගනින්. උඹ ළඟ හිටපු සුන්දර මනුෂ්‍යයත් උඹ මරා දැම්මා. ලස්සනට ලියාගෙන ආපු ජීවිත මතක නවත්තල දාල දැන් පිස්සු කෙලිනවා.

      Delete
    3. ඇනෝ,

      බොහොම ස්තූතියි බොලේ...

      ලියල තියන ශෛලියෙ පොඩි හුරු පුරුදු ගතියකුත් තියනව වගෙ...හෙහ්..හෙහ්...

      හරි හරි උපදෙස පිළිගතිමි..මටත් හිතෙනව එහෙම කලානම් හොඳයි කියල..නැත්නම් වෙන්නෙ බොලාට කියවන එක වගේම මට ලියන එකත් එපාවෙන එක...:)

      Delete
  5. කාලෙකිං හිංගල අච්චාරු පොඩ්ඩක් කෑවා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අච්චාරු වගෙ දෙයක් ආය වෙන කොයින්ද නේ බං?

      Delete
  6. අඩා දන්ගෙදර සීන් එකත් කිය ඉඅඩා දන්ගෙදර සීන් එකත් කිය ඉක්කනට… මන් මේ ආයේ බ්ලොග් කියවන්න මේ වගේ උත්තේජන හොයනව..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අඩේ උඹෙ ප්‍රියම්බිකා තොමෝ දංගෙදරද?

      Delete
  7. කාලෙකිං හිංගල අච්චාරු පොඩ්ඩක් කෑවා. x2

    ReplyDelete
    Replies
    1. Maanaviks,

      අච්චාරු වගෙ දෙයක් ආය වෙන කොයින්ද නේ බං? x 2

      Delete
  8. කාලෙකිං හිංගල අච්චාරු පොඩ්ඩක් කෑවා x3 :D

    //"අපෙ හාන්දුන්නේ..මම කිසිම දවසක රට ජාතිය ආගම පාවාදෙන්නේ නෑ..මාව විදුලි පුටුවෙ තියල මැරුවත් එහෙමම තමයි.." දේයි දේයි දේයි..(දුහුනන් දැනුම් උදෙසා..ඒ දේයි දේයි යනු දෑතින්ම පපුවට ගසාගන්නා හඬයි.// මට මැවිලා පෙනුනා… :D

    ReplyDelete
    Replies
    1. Miyuru,

      අච්චාරු වගෙ දෙයක් ආය වෙන කොයින්ද නේ බං? x 3

      නීලකාසයගෙ ඔය දේයි දේයි සීන් එක ගැන මම පෝස්ට් බර ගානක් ලිව්ව. හදිස්සියට හොයාගන්ට පුලුහං උනේ මෙන්න මේ දෙක විතරයි...:)

      අබයාරාමයේ විත්ති - 1

      අබයාරාමයේ විත්ති 4 - මරා ඡන්ද වැඩට පාවිච්චි කරන නිලරථය වෙනුවෙන් මුදල් ගෙවීම නොහොත් මිහිකත කම්පාවී ගුගුරා දෙස්දීම.

      Delete
  9. බොහොම සන්තෝසයි .. බොහෝම ස්න්තෝසයි...
    ජයවේවා !

    ReplyDelete
    Replies

    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks Brother...:)

      Delete
  10. Man wan pathul dekkane Colombo museum eke, meth ewaye Ravi aye?

    ReplyDelete
    Replies
    1. Geethika,

      කෞතුකාගාරෙ තියනවය වාංපතුල්? මම දැක්කෙ නැහැ නෙව...

      මේ කතා වලට මම විමලෙගෙ වාංපතුල් කතා කියල නම දැම්මෙ මගෙ යාලුවෙක් හිටිය නමසිය බරගණංවල විමලෙ කියල..මිනිහ ගැන කියන්ට ඇවිල්ල තමයි වාංපතුල් කතා කියල නම වැටුනෙ. විමලෙ සෙරෙප්පු වලට කියන්නෙ වාංපතුල් කියල..

      Delete
    2. Ow ow Ravi ayye, sandals kyla thma nam krala tbune, sinhalen tbune wan pathul kyala,

      Delete
    3. Ow ow Ravi ayye, sandals kyla thma nam krala tbune, sinhalen tbune wan pathul kyala,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...