Friday, November 1, 2019

642. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 4


අපේ  ගෙදර ආපු දවසෙ උදේ දළඳා මාළිගාවෙදි
සත්‍යා සහ කසුන්...

වත් පොතෙන් ලබාගත් ඡායාරූපයකි.

මෙතන ඉඳල නිව්ට අපිට කියපු විදිහටම කතාව කියන එක ලේසියි මම හිතන්නෙ..

"ඔන්න බං මාත් ඉතිං සුද්ද එක්ක ගිහිල්ල උගෙ පිකප් එක නැග්ග.."

"යකෝ උඹ ගුඩ් මෝනිං කියලවත් කිව්වෙ නැද්ද? මාර පොරක්නෙ.." එකෙක් ඇහුව..

"කිව්ව බං කිව්ව කිව්ව…"

"ඉතිං?"

"ම්හු... සුද්දගෙ නෑ කිසි කතාවක්..ම්හ්ම්..ගාල උගුර පාදනව වගෙ සද්දයක් කලා එච්චරයි…"

"ඉතිං?"

"ඉතිං ඔන්න අපි ගියා කන්දකඩු පාර දිගේ...ගිහිල්ල ZD ඇලේ ට්‍රේස් එක දිගේ කැළේ සුද්ද කරලනෙ තියෙන්නෙ…"

(ඇළක් හරි පාරක් හරි වැව් බැම්මක් හරි ඉදිකරන්ට ඉස්සරවෙලා නමෝ විත්තියෙන්ම කරන්නෙ බුල්ඩෝසර් දාල ඒකෙ සෙන්ටර් ලයින් එක දිගේ නියමිත දුරක් දෙපැත්තට කැළේ සුද්ද කරන එක..ට්‍රේස් එක කියන්නෙ ඒ සුද්ද කරපු ලයින් එකට)

"ඔන්න සුද්ද ට්‍රේස් එක මැදට ගිහිල්ල පිකප් එක නැවැත්තුව"

"නවත්තල?"

"නවත්තල ඇහුව කෝ දැන් මට පෙන්නපන් බ්‍රිජ් එකේ ලොකේෂන් එක කියල…"

"අම්මට උඩු... සුද්දට සිංහලත් පුලුවන්ද?" සමරෙද කොහෙද ඇහුව…

"කුණු හරප කතා කරන්ට එපා බං..සුද්දෝ කොහෙද බං සිංහල දන්නෙ?....ඌ ඇහුවෙ ඉංග්‍රීසියෙන්.." නිව්ටට මළ පැනල මහ හයියෙං කෑගැහුව…

"උඹට හරියටම තේරුණාද දන්නෙත් නෑනෙ සුද්ද අහපු එක..කෝකටත් කියපංකො ඌ අහපු විදිහ.." මම නිව්ටගෙන් එහෙම අහන්ටත් හදල ආයෙත් ඕකට මළ පැනල ඉන්න වෙලාවෙ මයෙ හොම්බට දමල අනින්ටත් බැරි කමක් නෑ නෙවද කියල හිතල සද්ද වහල නිකං හිටිය.

"හරි හරි බං කලබල වෙන්ට එපා..ඉතිං මොකෝ උනේ උඹ ලොකේෂන් එක පෙන්නුවද?"

"ඉඳපංකො කියනකල්..මම එදා සර්වේයර්ස්ලගෙන් ටේක් ඕවර් කරද්දි මතක තියාගත්ත ඔය ZD ඇළේ ට්‍රේස් එක කන්දකඩුව පාර ක්‍රොස් වෙන තැන ඉඳල වම් පැත්තට මීටර් පණහකින් වගෙ තමයි පාළමේ ලොකේෂන් එක කියල.ඒ හින්ද මම බය නැතුව කිව්ව සුද්දට ඕකේ..කම් අයි විල් ෂෝ යූ කියල…"

"ඉතිං දැං උඹ ඉස්සරහින් යනව..සුද්ද පස්සෙන් එනව එහෙමද? "

"ඔව්..ඔව්...බං ඒත් කේස් එක කියන්නෙ මම මීටර් පණහක් විතර ගියාට බං ඒ සර්වේ ලයින් එකේ කූඤ්ඤ එකක්වත් හම්බ උනේ නෑ කියහංකො…"

"හුටා ඒ කියන්නෙ උඹට තැන මාරුවෙලා?"

"නෑ නෑ බං ඒ සර්වේ ලයින් එක ගියේ මහ විසාල පළු ගහක් යටින් ..මට හොඳටම මතකයි ඒ පළු ගහ..යකෝ පළු ගහත් තියනව එදා වගේම..ඒත් කූඤ්ඤ එකක්වත් නෑ"

"අප්පට උඩු ඒ මක් වෙලාද බං?"

"ඒකනෙ කියන්නෙ..පස්සෙ මෙන්න මම ටිකක් නැමිල බලනකොට ඒ පළාත පුරහම හරක් කුර.."

"නෑ?..... ඒ කියන්නෙ?"

"ඒ කියන්නෙ මම ලයින් එක බලාගත්තට පස්සෙ හෙණ හරක් මැලයක් ඇවිල්ල ඒ පළාතම වනසල…"

"එතකොට කූඤ්ඤ?"

"ආය අහවල් කූඤ්ඤද? එක කූඤ්ඤයක්වත් හොයාගන්ට නෑ"

"හුටා…"

සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔහොම ලයින් එකක් පෙන්නුවම අපි කරන්නෙ හැකි ඉක්මනින් ඒ ලී කූඤ්ඤ තියන තැන් වලට කොන්ක්‍රීට් කූඤ්ඤ ගෙනිහිල්ල හිටවන එක. මොකද ලී කූඤ්ඤවලට ඔය වගෙ අතුරු ආන්තරා බොහොමයි. ඒත් වෙලා තියෙන්නෙ ඒ දවස්වල අපේ ගබඩාවෙ කොන්ක්‍රීට් කූඤ්ඤ තිබිල නෑ. කොහොම හරි ආයම කූඤ්ඤ ගේනකොට නිව්ටට ඔය වැඩේ අමතක වෙලා ගිහිල්ල.

"ඉතිං මොකද ඊට පස්සෙ උනේ?"

"ඔන්න මම බිම බලාගෙන එහාට මෙහාට ඇවිද ඇවිද අඩුගාණෙ එක කූඤ්ඤයක් වත් මේ XXXX හරක් රැල ඉතුරු කරලද කියල හොයන්ට ගත්ත.."

"සුද්ද?"

"සුද්ද ඉණට අත්දෙකත් තියාගෙන බලා ඉන්නව..ගිණි අව්වෙ ජම්බෙ වගෙ රතු වෙලා…"

"හෙහ්..හෙහ්..මාර ආතල් වැඩේනෙ බං…"

"උඹ මේ මඟුලක් කතාකරනව..අහවල් ආතල් එකක්ද? සුද්දගෙ මූණට අබ අහුරක් වීසි කලානම් උගෙ මූණට අඩියක් කිට්ටුවෙනකොට අබ ටික පුපුරනව සට සට ගාල…"

"හෙහ්..හෙහ්...හරි හරි කතාව කියපං...කතාව කියපං…"

"ටිකකිං සුද්ද බෙරිහන් දීල කෑගැහුව…."

"කොහෙද XXXXX පුතෝ කූඤ්ඤ? කියල නේද?" මම ඇහුව.

"ඔව් ඔව් කොහොමද උඹ දන්නෙ? "

"එහෙම නැතුව ඉතිං උඹෙ ආච්චි ලොකු උනේ වයස කීයෙදිද කියල සුද්ද අහයිද බං? හෙහ්..හෙහ්…"

"උඹට මම කිව්වය කියල හිතාගං...." නිව්ටා මා දිහා රවාගෙන හිටිය විනාඩි දෙකක් විතර…

"හරි හරි මේ මේ වීරෙ..උඹ අනම් මනම් කියල නිව්ටව කුලප්පු කරන්නෙ නැතුව ඉඳහංකො...හරි නිව්ට උඹ කියහංකො සුද්ද කොහොමද බෙරිහන් දුන්නෙ කියල…"

"Hey fellah, what the hell are you doing walking here and there? Where's this bloody fucking location peg? ඔන්න ඔහොමයි බං ඌ කෑගැහුවෙ.."

"අම්මප? ඉතිං උඹ මොකද කිව්වෙ? උඹ බයවුනාද?"

"මම කිව්ව Pegs here some where this palu tree.."

"ඒ ගමන?"

"ඒ ගමන සුද්ද කිව්ව..What? What nonsense are you jabbering?"

"හෙහ්..හෙහ්…"

"මමත් ඇරියෙ නෑ..මම කිව්ව This all bulls fault..no pegs I can't see…"

"ඇති සුද්ද උඹව උස්සල පොළවෙ ගැහුවෙ නැතුව.."

"පොළවෙ නම් ගැහුවෙ නෑ..ඌ ඒ පාර මාව කන්ට වගෙ ටිකක් වෙලා බලා ඉඳල මෙන්න කඩාගෙන බිඳගෙන ගිහිල්ල පිකප් එකට නැඟල ස්ටාට් කලා.."

"නයි කයිද රෝස්පාන් කිව්වලු..උඹව අර මහ කැළේ මැද දාල?.."

"ඒකනෙ කියන්නෙ බං මූ අමුවෙං කෑවට හිත් වදිනවද? මම ඒ පාර කෑගැහුව Hey Stop කියල..මොන ස්ටොප්ද? මූ යන්ට යන්නෙ. මළ කෙලියයි ..මම ඒ පාර දුවගෙන දුවගෙන ගිහිල්ල පිකප් එකේ පිටිපස්සෙ බක්කියට පැන්න.."

"ඒ කියන්නෙ උඹ ආපහු වැලිකන්දට ආවෙ සුද්දගෙ පිකප් එකේ බක්කියෙද? හතර විලි ලැජ්ජාවයිනෙ බං.."

"අනේ බං මේ උඹල නං කියයි. විලි ලැජ්ජාව වගේද අර අලි කොටි වළස්සු ඉන්න කැළේ අතරමං උනොත් එහෙම.."

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට..ඉතිං ඒ පාර? "

"ඒ පාර මම බක්කියට නැඟල අර යකඩ බට ෆ්‍රේම් එකක් තියෙන්නෙ....ඒක ඇති වීරියෙං අල්ලගත්ත. සුද්ද මචං පිකප් එක එහාට කපනව..මෙහාට කපනව.."

"ඒ මොකෝ බං ඒ?"

"ඒ මොකෝ කියන්නෙ ඌ ෆුල් ට්‍රයි කලේ මාව පිකප් එකෙං වට්ටන්ඩමයි..හුහ් මා එක්ක කොහෙද එව්ව? මමත් දත්මිටි කාගෙන අල්ලගෙන හිටිය….."

"යකෝ මාර සීන් එකනෙ..හැත්තෑ ගණංවල සිංහල ෆිල්ම් එක වගෙ..ෂෙහ් නියමෙට තියෙන්ට ඇතිි. සුද්ද ඉංග්‍රීසියෙං අමු කුණු හබ්බ කිය කිය Fuck you you... you bloody bastard...දත්මිටි කාගෙන පිකප් එක එහාට කපනව මෙහාට කපනව..මූ ඉතිපිසෝ ගාතාව කිය කිය දෑත බදල අර යකඩ ෆ්‍රේම් එකේ අත් දෙකෙම්ම එල්ලිල ඉන්නව..හිනාවෙල පණයන වැඩක්නෙ බං ඒක.." 

මම එහෙම කියල බඩත් අල්ලගෙන හිනාවුනා. අනික් එවුනුත් එහෙමයි. ඔක්කොමල හිටිය හිටිය තැනවලම දෙකට නැවිල හිනාවෙන්ට ගත්ත.

"ඔව් තොපිට නම් හිනා..මම පිකප් එකෙං වැටිල මළත් ඔච්චර තමයි..අම්මප උඹල වගෙ යාලුවො.." 

නිව්ට එහෙම කියල නැඟිටල උගෙ කාමරේට ගිහිල්ල දඩාං ගාල දොර වහගත්ත. අපි කට්ටියම කොහොමත් තව පැය කාලක් විතර සීන් එක මතක් කර කර හිනාවුනා...

ඉතිං එදා අපේ සුහද හමුව ඉවර වෙලා මගේ සහෘදයින්ගෙන් බදා සිප වැළඳ සමු අරගෙන මම ආපහු ගෙදර ආව..........

පහුවදා ඉරිද..ඊට පහුවදා සඳුද මම උදේම කසුනට කෝල් එකක් දුන්න. 

"මල්ලි මොකෝ කියන්නෙ? අද මොකද උඹලගෙ ප්‍රෝග්‍රෑම්ස්? මම උඹලගෙ ගෙදර එන්නද? නැත්නම්...."

"අයියෙ මෙහෙමයි අපි අටට විතර යනව දළඳා මාළිගාවට...."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ යනව වත්තේගම නැන්ද කෙනෙකුගෙ ගෙදර…"

"හරි එහෙමනම් මෙහෙම කරපං... උඹල දවල් කෑමට අපේ ගෙදර වරෙල්ල…"

"අපි දෙන්න එක්ක සත්‍යාගෙ අම්මයි අප්පච්චියි දෙන්නත් යනව අයියෙ.."

"හරි හරි බං නෝ ප්‍රොබ්ලම් කට්ටියම වරෙල්ල…"

"හරි එහෙනං අයියෙ අපි එන්නං දොළහ දොළහමාර වගෙ වෙනකොට…"

"හරි පාර දන්නවනෙ...පේරාදෙණිය රේල්වේ ස්ටේෂන් එක ළඟට ඇවිල්ල කෝල් එකක් දීපං..මම එන්නං පාර අයිනට.."

පස්සෙ අපෙ ප්‍රියම්බිකා තොමෝයි මායි දෙන්නම එකතුවෙලා ඉව්ව. එදා උදේ ඉඳලම වැස්ස. හැබැයි දහය වගෙ වෙනකොට දාරානිපාත වැස්ස තුරල් කලා. ඒත් අව්ව රැල්ලක් වත් වැටුනෙ එහෙම නෑ. අහසත් වැහි වලාකුලෙන් බරවෙලා තිබ්බෙ. එක පහුවුනා විතරයි කසුනගෙන් කෝල් එකක් ආව.

"රවි අයියෙ..අපි මේ දැන් පේරාදෙණිය ස්ටේෂන් එක පහුකලා......"

"හරි මල්ලි ඔහොම්මම එන්න ඉස්සරහට…..පැණිදෙණිය හන්දියෙන් වමට හරවල පරණ ගම්පොළ පාර දිගේ එන්න. ම්ම්..මීටර් හාරසීයක් වගෙ ඇති ..මම දැන් එන්නම් පාර අයිනට.."

කිව්වත් වාගෙම මම පාර අයිනට ගිහිල්ල විනාඩි පහක් ගියේ නෑ...කසුන්ල කට්ටිය ආව. ඒ පාර අපි ගෙදරට ගිහිල්ල දවල්ට කාල එහෙම බොහොම සුහද සහ ප්‍රියමනාප හෝරා දෙක තුනක් ගත කලා. අපි දෙගොල්ලගෙම මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් නොහොත් පොදු සහෘදයින් පිළිබඳව ඒ වගේම බ්ලොග් ලිවීම ගැන ඔන්න ඔය වගෙ ඉතාම රසවත් සතුටු සාමීචියකින් ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව කසුන් සත්‍යා ඇතුළු පිරිස අපි දෙන්නගෙන සමුගෙන පිටත් වෙලා ගියා.

සත්‍යාගෙ ගෙවල් ඇවිල්ල හිට දොළුවෙ. ගෙදර ගිහිල්ල සත්‍යා මට කතා කලා. 

"රවි අයියෙ..අපි ගෙදර ආවයි කියන්නයි මම මේ කතාකලේ. ඒ එක්කම බොහොමත්ම ස්තූතියිි කියලත් කියන්න ඕන ඔයාටයි අක්කටයි දෙන්නටම.."

"හරි හරි මැඩම්...ඒක මොකක්ද?"

"අනේ තව දෙයක් අමතක උනානෙ.."

"ඒ මොකක්ද?"

"අනේ අපිට අක්කයි ඔයයි එක්ක ෆොටෝ එකක ගන්න අමතකම වුනානෙ.."

හුටා ඒ කියනකොටයි මටත් ඒක මතක් වුනේ …"ඒකනෙ ඔන්න මටත් දැනුයි ඒක මතක් වුනේ...ෂෙහ්.."

..................................

අකමැත්තෙන් උනත් මතු සම්බන්ධ කරන්න වෙනව..තව එකම එක කොටසක් තියනව...

33 comments:

  1. Replies
    1. මේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක දාපු පළවෙනි සැරේ

      Delete
    2. ඉයන්,

      මමත් මේ කමෙන්ට් එකකට විනාඩි තුනක් ඇතුලත රිප්ලයි කරපු පළවෙනි සැරේ...:)

      Delete
  2. මං කිවුව... මං කිවුව ඔය කූඤ්ඤ වලට මොකක් හරි වෙයි කියල. හැක්..

    මේ මනුස්සය එක්ක ෆොටෝ නොගහපු එකමයි හොඳ අර කසුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /මේ මනුස්සය එක්ක ෆොටෝ නොගහපු එකමයි හොඳ අර කසුනා./

      හෙහ්..හෙහ්..කසුනා හිතලම පොටෝ අල්ලන එක මඟඇරිය වෙන්නත් පුලුවන්...

      Delete
  3. යකාගෙ සුද්දෙක්නෙ ඌ..😊
    පලු ගහක හරි කමක් නෑ ඕෆ්සෙට් මාර්ක් කරගෙන යන එකේ වටිනාකම අන්න ඒකයි..😊

    ReplyDelete
    Replies
    1. Kasun,

      /පලු ගහක හරි කමක් නෑ ඕෆ්සෙට් මාර්ක් කරගෙන යන එකේ වටිනාකම අන්න ඒකයි./

      අන්න උඹ දන්නව වැඩේ..ඕෆ්සෙට්මත් නෙවෙයි බං..මම ඒ පලුගහ මතක තියාගත්ත එච්චරයි..

      ඕෆ්සෙට් එකට කියන සිංහල වචනෙ මතකද? අපූරු වචනයක් කිව්ව අපෙ සර්වේ කරපු සර්..දැන් මතක නෑ බං...

      Delete
    2. සිංහල වචනෙ මටත් මතක නෑ.
      දැන්නම් කෝඩිනේට්ස් ලියාගෙන ලේසියෙන්ම පෝන් එකෙන් හරි හොයාගන්න පුලුවන්නෙ.

      Delete
  4. රාළහාමි අඩියක් කාරිය ගහලා ගත්තු සොමි කතාවක් එහෙම දාන්ටකෝ අපිටත් බලා කියා ගන්ට.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම එව්ව තියනව ගෝනි කනක්කුවෙ..ලියන්නං ලියන්නං නිවාඩුව...:)

      Delete
  5. දැන් ඉතින් සට සට ගාල පෝස්ට් වැටෙනකම් බලන් ඉන්න විතරයි අපිට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      සට සට ගාල ලියන්ටත් එපාය බං..බලමුකො නේ?

      Delete
  6. ඉතින් මොකෝ කලේ ඇත්තටම? ආයෙ මැන්නද?

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ කලේ ඇත්තටම? ආයෙ මැන්නද? X 2

      Delete
    2. මානවිකා & පැතුම්,

      හොඳ වෙලාවට ඔය හරක් නඩේ කූඤ්ඤ පාගල විනාස කරපු හරියෙ පාර යන්නෙ තනි කෙලින් (Straight Line) ඒ හින්ද අවුලක් උනේ නෑ..

      ඊට පහුවදා අපි දෙතුන් දෙනෙක් නිව්ටන් එක්ක ගිහිල්ල ට්‍රේස් එක දිගේ කූඤ්ඤ හොයාගන්ට බැරි හරියෙ ඉඳල දෙපැත්තට ගියා ආයම කූඤ්ඤයක් හම්බවෙනකල්. ඒ කරල එතන ඉඳල පෝල් අල්ලල (පෝල් කියන්න් මොකක්ද කියල මානවිකා නම් දන්නවනෙ..පැතුම් දන්නෙ නැතුව ඇති මයෙ හිතේ..පෝල් එක කියන්නෙ සර්වේ ලයින් එකක් නියමිත පරිදි දාගන්ට පාවිච්චි කරන අඟලක් වගෙ විෂ්කම්භය තියන ඇළුමිනියම් දණ්ඩක්..) ආයම සර්වේ ලයින් එක දාගත්ත.

      Ranging Pole

      Delete
    3. පෝල් ඇල්ලිල්ල දන්නව. :)

      අපෝ අපිට සර්වේ උගන්නන කොට මම කරපු ගොන්කම් මෙතන ලිවුවොත්, ඔය හරක් රංචුව තව හොඳයි කියල හිතේවි ඔබතුමාට. :D

      Delete
  7. රවි මහත්තයෝ කලින් comment වලට උත්තර සපයන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. geethika,

      සැපයූයෙමි..සැපයූයෙමි...:)

      Delete
  8. හි ජ කුපා ම හෝ ඔහුගේ බෑයා ගැන මක්කාවත් ලියන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. Don,

      2015 ඡන්දෙ වෙලාවෙ නම් මම පෝස්ට් හත අටක්ම වගෙ ලිව්ව. ඒ උනාට මේ පාර එහෙම මෝටිවේෂන් එකක් නෑ බං..

      මේ කාළකන්නි දෙන්න ( හිටං සහ රනිල් ) මේ අවුරුදු පහේ කරපු මගෝඩි දහදුරා වැඩ හින්ද මට එපාම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මොනව උනත් ගෝට බාය අවොත් නම් සොරිම තමයි. ඒ හින්ද ඔය Fබ් එකේ අනන් මනම් ෂෙයා කරන එක නම් කරනව.

      කොහොමත් හෙට අනිද්ද බ්ලොග් පෝස්ට් දෙකක් තුනක් වගෙ ලියන්ටත් හිතාගෙන ඉන්නව..:)

      Delete
  9. දැන් ඉතින් ඉස්සරහට බැරිය අපිටත් පේරාදෙණිය ක්‍රොස් කරන වෙලාවට රවී රෙස්ටෝරන්ට් එකෙන් කාල බීල යන්න එහෙම.. :)) මතු සම්භාන්දේ උනාට කමක් නෑ සම්භන්දේ හැකි ඉක්මනින් පෙන්නන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඕන වෙලාවක වරෙන් නෝ ප්‍රොබ්ලම්...:)

      Delete
  10. ඇදි ඇදි ගිහිං හරි නිව්ටගෙ කතාව කියවපු එක පාඩු නෑ. (තාම හිනාවෙන ගමං...)

    ReplyDelete
    Replies
    1. Dracky,

      ඔය නිව්ට කියන්නෙ හෙණ ජොලි බුවා...:)

      Delete
  11. https://en.wikipedia.org/wiki/Patiala_peg

    ReplyDelete
  12. දැන් ඉතින් නුවර යන්න බයක් නැහැ. නතර වෙන්න තැනක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      යස් යූ ආ වෙල්කම් ඕල්වේස්...:)

      Delete
  13. Replies
    1. කසුන්,

      ඉක්මනක් නෑ බං...ඇවිල්ල වෙච්චි දේවල් ටික ලිව්ව..ඉවරයි...:)

      Delete
    2. මං කිව්වෙ මේ පෝස්ට් දෙක වැටුනු කාලෙ.

      Delete
  14. පේන විදිහට රවි පොඩියට තේ කඩයක් පටන් ගන්න කාලේ හරි වගේ. ඇයි බං මෙතනම කීදෙනෙක් පේරාදෙණිය හරහා යනකොට තේ බොන්න බලන් ඉන්නවද

    ReplyDelete
  15. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...