Sunday, March 13, 2022

675. පුවක් එෂැණිං - 68 - මෞගුණ ගායනා සහ අත කණ කර පූජා...


ජනාපෙති මෞගුණ ගැයීමට සූදානමින්
සීරුවෙන් සිටින මහජනයා...

දිවයින පුරා මහජනයා දිනපතා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකරන බව ජනාපෙති මාජ්ජිය අන්සය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී...සාමාන්‍යයෙන් මෙවන් සිහිකිරීම් කරනුයේ මරණ සංවත්සර දිනයේදී පමණක් වුවත් දිනපතාම සී ලාන්කික මහජනයා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකිරීම එතුමා කෙරෙහි මහජනයා තුල පවතින අපමණ භක්ත්‍යාදරය මුසු ගෞරවනීය හැඟීමට ප්‍රබල සාක්ෂියක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

වැඩි වශයෙන් මේ ගුණ සිහිකිරීම් සිදුවනුයේ ඉන්ධන පිරවුම්හල් සහ ගෘහස්ථ ගෑස් අලෙවිහල් අසල  වන අතර තව නොබෝ දිනකින් ෆාමසි අසල රැස්වන මහජනයාද මෙම ගුණ ගායනාවට එකතුවනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ජනාපෙති මාජ්ජිය ප්‍රකාසකතුමා ඉතාමත් හැඟීම්බරව පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

කොරියානුවන් එම රට අසීරු අඩියකට වැටී තිබියදී තම අත කර ආභරණ පවා රට වෙනුවෙන් රජයට පරිත්‍යාගකල බව මේ අතර වනසත්ව සංරක්ෂණ ඇමතිවරයා පවසා ඇත. 

ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු එසේ තමන් සතු අත කණ කර ආභරණ පරිත්‍යාග කල හැක්කේ කොතැනටද? යනුවෙන් විමසමින් දේශප්‍රේමී කාන්තාවන්ගෙන් වැළ නොකැඩී දුර කථන ඇමතුම් එතුමාගේ නිවසට ලැබෙන බැවින් ඇමතිතුමාගේ පවුලේ සාමය බිඳ වැටීමට ප්‍රථම දුරකථනය ක්‍රියා විරහිත කීරිමට සිදුවූ බව එතුමාගේ පෞද්ගලික ලේකම් වරයා පුවක් එෂැණිං  අමතා පැවසීය.

මෙම දැඩි ඉල්ලිම් වලට ප්‍රතිචාර වශයෙන් එම අත කණ කර ආභරණ තැන්පත් කිරීම උදෙසා යාල සහ විල්පත්තු අභයභූමිවලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙපස විශාල ප්‍රමාණයේ පකිස් පෙට්ටි දෙක බැගින් තබන ලෙස ඇමතිතුමා නියෝග කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. අත කණ කර පරිත්‍යාගශීලීන්හට ඉතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම පකිස් පෙට්ටිවල ලොකු අකුරින් "ඔබේ අත කන කර අපිට... රට පෙරට" යනුවෙන් සඳහන් කරන ලෙසද එතුමා නියෝග කල බව ලේකම් තුමා අවසන් වශයෙන් පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

දළඳාව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය අසා තමන් බලවත්සේ ශෝකවූ බව පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් මල්වතු අනුනාහිමි වුඩ්ඇපල්කුඹුරේ හාමුදුරුවෝ පවසති. මෙම වසරේ දළඳා පෙරහැර ආරම්භවීමට පෙර මහනුවර අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට මහාමාර්ග අමාත්‍යතුමා තමන්ට පොරොන්දුවූ බවද එහි රාජා හස්තියාට ගමන් කිරීමට සුදුසු පරිදි මෘදු රබර් ටයිල් ඇතිරූ ඇත් මංපෙතක් රාජා හස්ති රාජයා වෙනුවෙන්ම තම පෞද්ගලික වියදමෙන් ඉදිකිරීමට  අමාත්‍ය තුමා තමන්ට සපථ කල බවද අනුනාහිමියෝ ප්‍රකාශ කලෝය. එම හස්ති මංපෙතේ ගමන් කර පෙරහැර සඳහා මහනුවරට පිවිසීමට රාජා  හස්තීන් වහන්සේහට වාසනා මහිමයක් නොමැතිවීම බලවත් කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ පැවසුවෝය. 

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

මේ අතර රාජා හස්තියාගේ අභාවය රටේ පා ලකයා ට අසුභ නිමිත්තක්  බවට පැතිරයන කට කථාව සම්බන්ධයෙන් එෂැණ පුවක් අමතා අදහස් පළකල අස්ගිරි අනුනායක වී.යූ.පාලි හිමියෝ මෙසේ සඳහන් කළහ "එහෙම ප්‍රශ්නයක් නෑ..එහෙම ඇතෙක් මලාය කියල අවුලක් වෙන්නෙ නෑ..දැං බලන්න හිට්ලර් මහත්තයට අඩුම ගානෙ ඇතෙක් හිටියෙ වත් නෑ. එතුමාට හිටියෙ බැල්ලියක්..ඒ නිසා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..මම තාමත් කියන්නෙ අපේ ජනාපෙති තුමාට හිට්ලර් මහත්තයෙක් වෙලා හරි මේ රට හදන්න කියලමයි"

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

"එක රටක් එක වේලක්" යනුවෙන් ජනාපෙති කාරිය සාදක බලකායක් පත්කිරීමට ජනාපෙති අවදානම යොමුවී ඇති බව මේ අතර වාර්තා වේ. එහි සබාපති වසයෙන් ගරු වෙළඳ ඇමතිතුමා පත් කෙරෙනු ඇත. දිනකට කන එකම වේලට අඩංගු වියයුතු බත් ග්‍රෑම් ගණන, එළවලු වර්ග කීයක් අඩංගු වියයුතුද? එලෙසම එම වේල ආහාරයට ගත යුත්තේ දවසේ කුමන වේලාවකද යන්න අවියත් මග බුද්ධිමතුන්ගේ උපදෙස් පරිදි මේ කාරිය සාදක බලකාය විසින් නොබෝ දිනකින් ප්‍රකාසයට පත් කරනු ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

පසුගියදා අවසන්වූ අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණදුන් සිසු සිසුවියන් උදෙසා විශේෂ තරඟයක් පැවැත්වීමට අජ්ජපාන අමාට්ටියන්සය කටයුතු යොදා ඇත. 

යුක්‍රේනයේ දින තුනක සංචාරයක් ත්‍යාගය වශයෙන් ලැබෙන මෙම තරඟය සඳහා සහභාගී වීමට කලයුත්තේ පහත සඳහන් පැණයට පිළිතුරු දීමයි "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටට ගෙන එන එක් ඩොලරයකට රු. 38/= විශේෂ දීමනාවක් ගෙවන බවට ප්‍රකාශ කොට ඇත. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් අන්දමට ඇන්. රාජපස්ස මහත්මියට අයත්ව ඇති මුලු මුදල් ප්‍රමානය ඩොලර් මිලියන 160 නම් එම මුදල් මෙරටට ගෙන ඒමෙන් ඇයට ලබාගත හැකි ප්‍රසාද දීමනාව කොපමණද?" 

ඔබේ පිළිතුරු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව විමර්ශනය කිරීමට ඒ දවස්වලම පත්කල ජනාපෙති කාරිය සාදක බලකායේ සබාපතිතුමා වෙත නොපමාව තැපැල් හෝ ඊ මේල් මඟින් එවන්න..

11 comments:

  1. දැං එකදිගට පස් ගමනක් පුවක් ගෙනැහැල්ලා. ඔය ඇති අයියණ්ඩි, ලියන්ඩකෝ කතාවක්. :(

    ReplyDelete
    Replies
    1. S.S.N.K.,

      මෙව්ව පේනකොට ලියන්ට හිතාගෙන ඉන්න එවුවත් දහවිහිලි වෙලා යනව අනේ...කමක් නෑ..කතාවක් බාගෙට ලියල තියෙන්නෙ..හෙට අනිද්දම දාන්නම්.. :)

      Delete
  2. මෞගුණ ගායනා කරලා ඉවර වෙලා ඊලඟ පියවර පෝලිමේම ඉඳගෙන කිරිබත් හදලා මෑනියන්වහන්සේ ඉන්න දිව්‍ය විමානෙටම ගිහින් පිලිගන්වන එකලු. සාදු.. සාදු..

    ReplyDelete
  3. නැති වෙන්නට දෙයක් නැති වුණු මොහොතකදී
    මිනිසුන් බසින පාටයි එකතුව වීදී
    මහ විපතකට යන්නට කිසි ඉඩක් නොදී
    දැන්ම යන්න! බේරෙන්නට කාලෙ මදි

    ReplyDelete
    Replies
    1. රටපුරාම උද්ගෝෂණ රැලි මාලා
      සියලු දෙනා එක කැටියට එක් වීලා
      පාලක හොරු රැල බලයෙන් පන්නාලා
      මිස අයෙත් බලන්නෙ නෑ අපි හැරිලා

      අවුරුදු තුනකට කලියෙන් දවසක්දා
      ලේ වැගිරුණු මිනී මතින් කළු ඉරිදා
      හැටනම ලක්සයක් ගෙන ආ මේ නිරිඳා
      උන්ගේ මූණෙත් කළු දැළි ඉරි ඇන්ඳා

      මහජනයගේ විරෝදෙ පාවලා දෙන්න
      රෑට අස්වෙලා උදේට පත්වෙන්න
      අමු කැවිලද අන්ද කයිප්පුද මෙන්න
      ලෝක සිතියමෙනුත් මකන්නද ඕන

      Delete
  4. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  5. තෙල්, ගෑස්, බෙහෙත් ප්‍රශ්නයක් නැතුව ඉන්දැද්දී, මෙහෙම බ්ලොග් පෝස්ට් ලියන එක වැරදියි. සව්දියේ තෙල් ඕනෑතරම් තියනවා. ගෑස්,මැද පෙරදිග විතරක් නොවෙයි, ගෑනු ලඟත් තියනවා. බෙහෙත් තියන කොම්පැනි වල නම් මෙතන ලියන්න ගියොත් මට ඉඩ මදි වෙනවා.

    එතකොට ඩොලර්? ඩොලර් US Federal Reserve එකේ ඕනෑ තරම් තියනවා. මේවා ලංකාවට ගෙනාපුවාම, හාබර් එකෙන් බා ගන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එක හිඟයක් කියලා අර්ථ දක්වන්නේ අපේ රජය අපහසුතාවයට පත් කරන්න හදන රවී වගේ අයයි.

    ReplyDelete
  6. මේ ලබ්බවල් ලිය ලිය ඉන්නැතුව ඩොලර් එකක් කාල පැට්ටෝල් ටිකක් බීල කාරිය ලියනවකො ඔහේ අර මග නවත්තල දාල තියෙන ඒව.

    නැත්තං ලොක්කට ජාතිය අමතල කරන කතාව ලියල දෙනව නිකං ඉන්න එකේ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன, ලොක්කට අමතන්න වෙන්නේ ජාතිය නොවෙයි, විශ්වය නේද??

      අර සිංදුවේ එයාගේ දේවල් විශ්වය පුරා ගිය කතාවක් කියනවා නේද? ඉතින් විශ්වය පුරා ඉන්න මිනිස්සු අමතක කරලා ලංකාවට විතරක් අමතන එක හරි නැහැනේ.

      මේක ලිව්වාම මට මතක් උනේ අර විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරපු රාජකීය වෙදා ට වෙච්ච දේ?

      Delete
    2. @Sam, දැං පේන විදියටනං විශ්වයටම පැතිරිලා ඉවරයි වගේ වෙලා තියෙන සීන් එක. හෙටානිද්ද වෙනකොට ඒලියන් ඇටෑක් එකක් ලංකාවට ආවත් පුදුම වෙන්න දෙයක් නෑ. හැක්..

      Delete
  7. කාලෙකින් පෞත්ති ටිකක් බැලුව... ආඩම්බරයි සට තීන තැන ගැන

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...