Wednesday, February 24, 2010

34. දේදුනු, සඳු, තරු, නොවන්....... ඉන්න මා ළඟින්............


දේ දුන්නක් සේ පායාවිත් වඩින්න හිමි සිත්........... අහසට


දෑස තෙමන මේඝ වළා පළවා හැර ඈත................... දුරට


ඒත් එපා එහෙම වෙන්නදේ දුන්නට නෑ.................. ආවිස


මට නොදැනේ කෙළෙසින් හෝ නිති රැදෙන්න මා...අභියස




සිත් පතුලේ කඳුළු ගඟට දෙනෙත් අගින් ඇද.....හැලෙන්න


ඉඩක් නැතේ ඔබ ඇති සඳ සඳක් වෙලා හිත.....වැහෙන්න


ඒත් එපා එහෙම වෙන්න සඳ නෑ හැමදා ..............දකින්න


මට නොදැනේ කෙළෙසින් හෝ නිති මා අභියස...රැදෙන්න




රෑ අහසේ තරු මල් ඇත මල් යායක සිරි.................ගෙනදී


තරුවක් වී ඔබත් ඉන්න සිත් අහසේ දුරින්....................රැඳී


ඒත් එපා ‍එහෙම වෙන්න බැහැ එන්නට ලංවෙන්න........සිතී


මට නොදැනේ ‍කෙළෙසින් හෝ රැදෙන්න මා අභියසින්....නිතී

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි