Saturday, April 24, 2010

46-02. මා වනපොත් කල තවත් සුභාෂිතය කවියක්

නපුරු කලට සත හට වෙයි විපත
එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස
තඹුරු වනය විකසිත වන බව සවස
කවුරු විසින් වැලකිය හැකි මෙදිය කුස

සවසට නෙළුම් මල් පරවීම වැලක්වන්නට හැකි කෙනෙකු මේ දියතේ නැත. එසේම නරක කලක් ඇතිවූ කලට කෙනෙකුට සිදුවන කරදර පල දීම ද වැළකිය නොහැක.

3 comments:

  1. අප්පෝ.. සුභාෂිතයේ කවි 101 ක් තියෙනවනෙ. අක්ක පොස්ට් 48ට 101 ලියන්න වගේ යන්නෙ

    තර්ඩ් මෑන්

    ReplyDelete
  2. ඔක්කොම කවි ටික එක එක පොස්ට් එක ගානෙ දාගෙන යන්න හෙ හෙ එළ මොලේ

    ReplyDelete
  3. "තඹුරු වනය මුකුලිත වන බව සවස" නේද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි