Sunday, June 8, 2014

263. හිරු සඳු එකවර දෙපස නැඟී........Of The Sun & Moon, Dhraupadhi & A Short Story...


මාසෙකට හමාරකට වගෙ ඉස්සරවෙලා අපෙ කම්පනි එකට අලුතෙන් ආපු ඉන්දියානුවෙක් මට ආරාධනා කලා සති අන්තයෙ පොඩි සුහද හමුවකට. සිකුරාද දවසක උදේ ඔන්න මමත් ගියා. මිනිහගෙ තව ඉන්දියන් යාලුවො තුන් හතර දෙනෙක් හිටිය. අන්‍ය ජාතිකයෙකුට ඔන්ලි මී.Old Monk Dark Rum තමයි මෙහෙ ඉන්න බොහෝ ඉන්දියානුවන්ගෙ ප්‍රියතම පානය. ඉන්දියාවෙ උනත් අංක එක ඒක තමයි. 

මම චෙන්නයි ගිය වෙලාවෙ තැබෑරුමක පියගැට පෙලේ ඉඳගෙන ඔය රම් බෝතල් දෙකක් පානය කරපු බොහොම සුන්දර අත්දැකීමක් තියනව. දෙමළ කතාකරන්ඩ බැරිඋනාට මට යම් තරමකට තේරුම් ගන්ට පුලුවනි. ඒ දන්න ටික සහ හස්ත මුද්‍රා, අංග චලන උපයෝගී කරගෙන එදා ඒ පියගැටපෙළේම මා වටා ඉඳගෙන උන්නු චෙන්නයි වාසීන් සමඟ බොහොම සුහද සාකච්ඡාවක නිරත වුනු අන්දම අදත් සොඳුරු මතකයක්. ක්‍රිකට්, ඉන්දු - ලංකා සබඳතා, රාම, රාවණ, විජය ඔය වගෙ බොහෝසේ පුළුල් විෂය පරාසයකට අදාලව අපි අදහස් හුවමාරු කර ගත්ත.

හරි ඒ සොඳුරු අතීතානුස්මරණයෙන් පසු යලි වර්තමානයට.

රම් බෝතල් දෙකක් මුලින්ම කාමරෙන් අරගෙන ඇවිල්ල ටීපෝව උඩ තිබ්බ මගෙ යාලුව. මිනිහගෙ නම කිරන්. කිරන්ල දෙන්නෙක් ඉන්නව මම දන්න. එක්කෙනෙක් කිරන් මෝරේ..ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින්නා.අනික් කිරන් ඇවිල්ල කාන්තාවක්..කිරන් බේඩි...ඉන්දියානු පොලිස් සේවයේ අධ්‍යක්ෂවරියක්, විශ්‍රාම යාමෙන් පසු සමාජ ක්‍රියාකාරිනියක්.

" කන්න රවී...."

කිරන්..මිනිහ ඇවිල්ල කිරන් මතොන්ද්කර්...කැරට්, පිපිඤ්ඤ, ගර්කින්, සුකිනි දිගට තීරු කපල ලුණු ගම්මිරිස් ඉහල දීසියක දාල....කිරන් මට ඒ දීසිය දික් කලා. මිනිහ තනිකරම වෙජිටේරියන්...ඒ කැරට්, සුකිනි ගර්කින් තීරු Garlic Mayonnaise ටිකක් තවර ගත්තම ආය නෑ මරු බයිට් එක.

පොඩ්ඩ පොඩ්ඩ Old Monk බෝතලේ මට්ටම පහළ බහිනවත් එක්කම කතාබහ පුරාණ ඉන්දියාව පැත්තට හැරුනා. කිරන් ඇවිල්ල බොහොම හොඳ රසිකත්වයක් තියෙන මනුස්සයෙක්. බෂාම්,රොමිලා තාපර් ගෙ ඉඳල නේරුගෙ ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා හරහා රාමායණය සහ මහාභාරතය දක්වා අපේ කතාබහ පැතිරුනා.

" Shall we watch Mahabharath? I have some very recent CDs "

කිරන් එහෙම ඇහුවෙ මගෙන්.

"Yeah, why ever not? I would love to. It's one of my favourite Indian sagas "


1994 අවුරුද්දෙ...... මම එතකොට බැඳල එහෙම නෑ. අපෙ මහ ගෙදරට ඉස්සෙල්ලාම වර්ණ රූපවාහිණියක් ගෙනාවෙ ඒ අවුරුද්දෙ මැයි මාසෙ. රූපවාහිනිය ඒ අවුරුද්දෙ වෙසක් පෝයට දඹදිව ඉඳල අපූරු වැඩ සටහනක් විකාශය කලා බුද්ධ පූර්ණිමා කියල. ඒක තමයි වර්ණ රූපවාහිනිය ගෙනල්ල අපි බලපු මුල්ම වැඩසටහන.

ඒ දවස්වල මම සෙනසුරාද වරුවක් වැඩ කරල ගෙදර එනව. ඉරිද ගෙදර ඉඳල සඳුද පාන්දර ආපහු වැඩට යනව. ඉරිද දවල් එකහමාරට වගෙ සිරසෙ ප්‍රචාරය උනා මහාභාරත කතාව ටෙලි චිත්‍රපටයක් විදිහට.මමයි අම්මයි නංගිල දෙන්නයි නොවැරදීම ඒ පැයක කාලය රූපවාහිනිය ඉස්සරහ තමයි.

මහාභාරත කතාවෙන් කියවෙන්නෙ පාණ්ඩව සහ කෞරව සහෝදරවරුන් අතර සිදුවන මහා යුද්ධයක් ගැනයි. පාණ්ඩව සොහොයුරන් පස් දෙනයි. යුධිෂ්ඨිර, භීම, අර්ජුන නකුල සහ අන්තිමයා සහදේව. ද්‍රෞපදී කියන්නෙ බොහොම රූමත් කුමාරිකාවක්. ඇයට ස්වාමියකු තෝරාගැනීම සඳහා තරඟයක් පැවැත්වෙනවා. මහ විසාල දුන්නක දුනුදිය යොදල ශාලාවෙ සිවිලිමේ යන්ත්‍රානුසාරයෙන් එහෙමෙහෙ දුවන මත්ස්‍ය රූපයක ඇහැට විදින්න ඕන බිම තිබෙන ජල බඳුනක දිස්වන මාලුවගෙ ප්‍රතිබිම්බය දිහා බලාගෙන.

මේ තරඟයෙන් අර්ජුන ජයග්‍රහණය කරල ද්‍රෞපදී දිනා ගන්නව. සහෝදරයො පස් දෙනා ද්‍රෞපදීත් එක්කෙගෙන එනව . ඇවිල්ල අම්මට කියනව " අම්මෙ මෙන්න බලන්නකො අර්ජුන දිනා ගත්තු දේ " කියල. අම්ම හැරිල බලන්නෙවත් නැතුව කියනව " අර්ජුන දිනාගත්තු දෙයක් තියනවනම් උඹල පස් දෙනාම ඒක බෙදාගනිල්ල " කියල. ඉතිං අන්තිමට කොහොමින් කොහොමින් හරි ද්‍රෞපදී සහෝදරයො පස් දෙනාටම භාර්යාව වෙනව.

එකගෙයි කෑම කියන්නෙ මේ සිරිතට. එකම පවුලෙ සහෝදරයන් කීප දෙනෙක් එකම කාන්තාවක් භාර්යාව වශයෙන් තබාගෙන පවුල් කෑම.

ඔය එක ගෙයි කෑම ගැන මොනව හරි ලියන්ට ඕනය කියල මම හිතාගත්තෙ අර කිරන් එක්ක මහාභාරතය බලපු දවස්වලමයි. මම කාලෙකට ඉස්සෙල්ල පොඩි කුමාරිහාමි එකගෙයි කෑම ගැන ලියපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් හැටියට පොඩි කතාවක් ලිව්ව. ඒකත් එක්ක මේ ගැන ලියන්ට හිටියට ඒත් කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ මඟ ඇරුන දවසින් දවස.

දවස් දෙක තුනකට ඉස්සෙල්ල හැලප ලියල තිබ්බ පෝස්ට් එකක් කේ. ජයතිලක මහත්තය ඔය චාරිත්‍රය ගැන ලියපු " එක ගෙයි අවුරුද්ද " කෙටිකතාව පලකරල. ඒක කියෙව්වම මට හිතුන මෙච්චර දවසක් අත පහු වෙච්චි ඒ කතාව ආපහු ලියල දාන්න ඕනය කියල.

මේ පල්ලෙහා තියෙන්නෙ ඒ කතාව....


හිරු සඳු එකවර දෙපස නැඟී................

" වහාම දින කීපයක් නිවාඩු දමා ගෙදර එන්න "

අප්පච්චිගේ විදුලි පණිවිඩය ලැබෙන විට මම මේ දිනවල නිම කරමින් සිටි ව්‍යාපෘති වාර්තාවේ ලිවීමට ඉතිරිව තිබුනේ සමාලෝචනය පමණි.

එබැවින් එදින අඟහරුවාදාවක් වුවද, දින තුනක් නිවාඩු දමා කාර්යාලයෙන් බැහැරව යාමට ලොක්කාගෙන් බාධාවක් නොවීය.

මහනුවර කරා දුම්රියේ එන තුරුත්, මහනුවර සිට හුන්නස්ගිරිය පාරේ අපේ ගම කරා දිනකට එක් වරක් දිවෙන බස් රථයේ අතුරු සිදුරු නැතිව පිරීගිය මිනිස් පොදිය තුල සිරවී ගෙනත් මම අසාර්ථක උත්සාහයක යෙදුනේ අප්පච්චිගේ මේ හදිසි කැඳවුමට හේතුවක් සිතා ගැනීමටය.

දුම්බර කඳු වලල්ල අසල දුෂ්කර ගම්මානයක ප්‍රභූ පැලැන්තියක උපත ලද මට සිටියේ එක් වැඩිමහල් සොහොයුරකු පමණි. මට වඩා වසර අටකට පමණ පෙර උපත ලද හෙතෙම වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවූයේ පාරම්පරික වතු පිටි රැක බලා ගැනීමෙහි පූර්ණ කාලීනව යෙදුනේය.

කුඩා කල සිට ඉගෙනීමේ සමත් වූ මම මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධියක් ලැබ ගත්තේ අගනුවර පෞද්ගලික ආයතනයක රැකියාව කලෙමි.විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ පෙම්වතිය ද අගනුවරම රජයේ ආයතනයක රැකියාවක යෙදුනු අතර ලබන වසරේදී අපි විවාහ වීමට තීරණය කොට තිබිණි.

දස හැවිරිදි වියේ සිට පමණ නිවසින් පිටමංවූ හෙයින් අප්පච්චි, අයියා සහ මා අතර වූයේ දුරස් වූ සබඳතාවයකි. නිවසේ මා හා සමීප වූයේ අම්මා පමණකි.මා උසස් පෙල ඉගෙනුම ලබද්දී අම්මා ද හදිසියේ මියගියහෙයින් ඉන්පසු මම ගෙදර පැමිණියේද බොහෝවිට දෙමසකට පමණ එක් වරකි.

අවසන් වරට මා නිවසට පැමිණියේ මීට සය මසකට පමණ පෙර අයියාගේ විවාහ මංගලෝත්සවය සඳහාය.

අයියා කැන්දාගෙන ආ මනාලිය සැතපුම් දොළහකට පමණ දුරක පිහිටි අම්මාගේ පාර්ශ්වයෙන් අපට දුරින් ඥාතීත්වයක් ද ඇති අප සේම ප්‍රභූ පැලැන්තියේ යුවතියක් වූ අතර සිත් ඇදගන්නා රුවින් යුතුවූවාය.

ඈ මා ඇමතුවේ " පොඩි අයියා" යනුවෙනි.

විවාහ මංගල්‍යයෙන් පසු සතියක් පමණ මම නිවසේ රැඳී සිටි අතර ඒ කාලය තුල තුල නෑනා මා හා බොහෝ සමීප වූවාය. අසල නගරයේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් වී සිටි ඇය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ලකුණු කිහිපයක් පමණක් මද වීම පිළිබඳව අදටත් පසු තැවිලි වන බව පමනක් නොව පාසල් සමයේ ඇගේ පැවති පෙම් සබඳතාවයක් ගැනද මා හා පැවසුවේ මා බොහෝ කලක සිට හඳුනන්නෙකු සේ සලකමිනි.ඇය ඇත්ත වශයෙන්ම ඥාතීත්වය අනුව අක්කා වුවද ඇය මට වඩා මාස දෙකක් බාල බවද මම දැන ගත්තේ මේ කතා බහ අතර තුරදීය.

ඇය බොහෝවිට නිවසේ ඉදිරිපස මගේ කාමරයේ පොත් රාක්කය අතපත ගාමින් පොත් පිළිබඳව මා හා දොඩමළු වෙමින් ගතකල අතර ඈ හා ගතකල කාලය මසිතට අමුතුම ආනන්දජනක හැඟීමක් ගෙන ආ බව පැවසීමට මම මැළි නොවෙමි.


ඇය මගේ කාමරයෙහි තනිව නිතර ගත කිරීම පිළිබඳව මා සිත යම් චකිතයක් වූ වද අයියා හෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් වල එල්බ ගත් අප්පච්චී හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම මගේ විශ්මයට හේතු විය.

අවසන මා කොළඹ ඒමට පිටත් වූ දින ඈ මගේ දෙපා වැඳ නැගිට සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.ඒ මට විශ්මයක් වූ නමුදු වඩාත් මා විපිලිසර වූයේ "අඬන්න, එපා, දුව....අයිය ඉක්මනටම ආයෙ ඒවි නෙව " යනුවෙන් ඇගේ හිස අතගාමින් අප්පච්චී පැවසූ වදනිනි.

මුල්කාලයේ මසකට වරක් ගෙදර පැමිණ යන ලෙස අප්පච්චී ලියුම් කිහිපයකින් ඉල්ලා සිටියද සුපුරුදු ලෙස ඒ ඉල්ලිම ඉටු කිරීමට නොව පිළිතුරු ලිපියක් ලිවීමට පවා මම අතපසු කලෙමි. ඉන්පසු අප්පච්චිගේ ලියුම් නතර වූ අතර සය මසකට පසුව මේ විදුලි පණිවිඩය ලැබෙන තෙක් කිසිදු ප්‍රවෘත්තියක් නිවසින් මා හට නොලැබිණි.

අවසන කෙඳිරිගාමින් පැමිණි බස් රිය නිවෙස අසල නැවතුමට ලඟාවිය. මම ගමන් මල්ලද ඔසවාගෙන පඩි පෙල නැඟ ආලින්දයට ගොඩ වූයෙමි. කිසිවෙකු එළිපෙහෙලියේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ල බිම තැබූ මම සැමදා මා ප්‍රිය කරන ඇඳි පුටුවේ දිගාවී අසල තිබූ ප්‍රවෘත්ති පත්‍රයකින් පවන් සලා ගනිමින් මුහුණ පුරා ගලන දහදිය නිවා ගන්නට වෙර දැරුවෙමි.

එක්වරම දැනුනු විලවුන් සුවඳක් නිසා හිස හරවා බැලූ මට දක්නට ලැබුනේ සාලයට පිවිසෙන දොර උළුවස්සට හේත්තු වී මුව පුරා පැතිරුණු සිනහවකින් යුතු නෑනාය. ස්වල්ප මොහොතකට පෙර ස්නානය කල බව ඇගේ දිගු කෙස් වැටියෙන් තවමත් බේරෙන දියබිඳු කියා පෑවේය.

" ආ...අයිය කොයි වෙලාවෙද ආවෙ?"

" මේ ආව විතරයි"

" මම දැන ගත්ත අයිය අද එයි කියල " 

ඈ නෙත්කොනින් මා දෙස බලමින් පැවසුවාය

" ඒ කොහොමද එහෙම හිතුවෙ?" 

මම ඈ දෙස බලා සිනාසෙමින් ඇසුවෙමි. රුවැති යුවතියක හා අල්ලාප සල්ලපයෙහි යෙදීමට මැළි වන්නේ කවර නම් තරුණයාද?.......මේ මගේ අයියාගේ භාර්යාව වුවද සැබැවින්ම රූමත් යුවතියක් නොවේද?

" මම දන්නවනෙ" 

ඈ තොඳොල් වෙමින් පැවසුවාය.

" ඉන්න,මම මේ බෑග් එක අයියගෙ කාමරෙන් තියන්න......" 

ඈ ඉදිරියට පැමිණ නැවී බෑගය ඔසවා ගත්තාය.

මමද ඈ පසුපස කාමරයට ඇදුනෙමි.

" අයිය, මට මොනවද කොළඹින් ගෙනාවෙ? " 

බෑගය ඇඳ මත තබා ආපසු හැරෙමින් ඈ ඇසුවාය.

" ම්ම්ම්...ඔයාට....." 

එක්වරම පිළිතුරක් දීමට මට නොහැකිවූයේ ඇත්ත වශයෙන්ම ඈ වෙනුවෙන් කිසියම් දෙයක් මිළයට ගත යුතුයැයි කිසි විටෙක මට හැඟී නොගිය බැවිනි.

ඒ සමඟම කුසගිනි දැනුනහොත් අනුභව කරන්නෙමැයි සිතා නුවරින් මා මිලයට ගත් චොක්ලට් දෙක මගේ මතකයට නැඟිනි.බසයේ අතුරු සිදුරු නොමැතිව සෙනඟ පිරී සිටි බැවින් චොකලට් පිළිබඳ මතකයක් වත් මා හට නොතිබිණි.

" ආ...ඉන්න " 

මම බෑගයෙන් චොක්ලට් දෙක ගෙන ඇය අත තැබීමි.

" මම දන්නවනෙ, අයිය මට මොනව හරි ගෙනෙනව කියල......" මුව පුරා සිනාසුනු නෑනා, " ඉන්න අයියට මූණ සෝද ගන්න මම වතුර දාන්නම්" කියමින් උයන ගෙය දෙසට ගියාය.

" එපා නංගි නාගන්න ඕන...මම ළිඳට යන්නම්. "

" ඉන්න, මම එහෙනම් එන්නම් බාල්දියයි සබනුයි අරගෙන "

" එපා පිස්සුද?.....මම අරන් යන්නම්, කෝ දෙන්න සබනුයි බාල්දියයි........"


ළිඳෙන් විඩාව පහව යන තෙක් සීතල වතුර නෑමෙන් පසු, මම කාමරයට එන විට කාමරයේ මේසය මත වැලිතලප පිඟානක් සහ උණු තේ කෝප්පයක් විය.

වැලිතලප සහ තේ කෝප්පයද රැගෙන ආලින්දයට ගිය මම නැවත මගේ සුපුරුදු පුටුවේ හිඳගතිමි. ඇයද පැමිණ මා අසලම හිඳ ගත්තී කොළඹ ජීවිතය පිළිබඬ මගෙන් නොයෙකුත් දේ විමසුවාය......

" මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල" 

එක් වරම ඈ විමසුවේ නෙත් කොනෙන් මා දෙස බලමිනි.

" මොකෝ නැතුව" මම ඈ දෙස එලෙසම බලමින් පැවසුවෙමි.

ඇගේ දෑස විශ්මයෙන් විශාල විය..." අයිය බොරුමයි කියන්නෙ......"

ඒ සමඟම අප්පච්චි ආලින්දයට ගොඩ වූයෙන් නෑනා නැඟිට උළුවස්සට හේත්තු වූවාය.

" පොඩි පුතා කොයි වෙලාවෙද ආවෙ?..... මොකක්ද ළමයො හැබෑටම මේ වැඩේ තේරුම? ලියුමකට උත්තර නෑ.....ගෙදර එන්නෙ නෑ.....ඔහොම පුළුවන්ද දැන් ......වගකීමක් කරට ගන්ඩ එපාද?" 

 පුටුවේ හිඳගත් වහාම අප්පච්චීගෙන් උපදෙස් මාලාවකි.

" ඇයි ඔය අයිය ඉන්නෙ " 

 මම ගනනකට නොගෙන වැලිතලප කෑල්ලක් හපන අතර පැවසුවෙමි.

" මොකක්?.....අයිය ඉන්නෙ.....එහෙම කියල හරියනවද?......මෙව්ව ඔක්කොම කවද හරි උඹල දෙන්නටම තමයි........" 

අප්පච්චි පැවසුවේ නෑනා දෙස ද බලමිනි

 හිස හරවා ඈ දෙස නළල රැලිගන්වා විමසුම් බැල්මක් හෙලූයෙමි.ඈ මා වෙත මද සිනහවක් පෑවාය. 

" මොකද අප්පච්චි, මේ හදිස්සියෙ මට එන්න කිව්වෙ?"

" මොනවද ආයෙ හදිස්සි?......උඹ මංගල්ලෙං පස්සෙ මේ පැත්ත පළාතෙ ආවෙ නෑ....එහෙම පුලුවන්ද?........."

" මම ඉතිං ඉස්සරත් එහෙමනෙ......මම කොහොමත් වැඩිය ගෙදර එන්නෙ නැහැනෙ,"

" ඒ ඉස්සරනෙ....ඒ වගේ බෑ දැන්....පොඩි පුතේ මේක හොඳට අහගනින්..........."


අප්පච්චි හමුවීමට කුමන හෝ කාර්යයකට පැමිණි ගැමියකු නිසා කථාව එතැනින් නතර විය.

" අප්පච්චි මොනව කියන්ට හදනවද මම නං දන්නෙ නෑ"

මම ඈ දෙස බලමින් පැවසූයෙමි. ඈ කිසිවක්ම නොදොඩා මා දෙස නොබලාම මිදුලේ අව්වට හේබා වීගිය බුලත් මැස්ස දෙස බලා උන්නීය.

රාත්‍රී ආහාරයෙන් පසු අයියා නැඟිට සිටියේය. 

" මල්ලි එහෙනම් නිදා ගන්ට.ගමන් මහන්සියත් ඇතිනෙ......මම යනව දෙණියෙ තේ කෑල්ලට....අද රෑ එහෙ පැලේ නිදියනව.......වල් ඌරොන්ගෙන් බේරෙන්ට බෑ......."

විදිලි පන්දම තුවක්කුව සහ පොරෝනයක් ද රැගෙන අයියා පිටත් ව ගියේ නෑනාගේ හිස අතගාමිනි.

ඉදිරි කාමරයේ ඇඳේ දිගාවුනු මම අලුත් කොට්ට උරයෙන් සහ ඇඳ ඇතිරිලි වලින් නැඟෙන තාන් සුවඳ පපුව පුරා විඳ ගනිමින් විවර වූ ජනේලයෙන් පැතිරෙන සඳ එළියේ ආස්වාදය විඳිමින් අරමුණක් රහිත කල්පනා රැහැනේ වෙලෙමින් පසුවුනෙමි.

මට නින්ද ගොස් තිබිනිද යන්න හරි හැටි මතකයක් නැත.කිසිවකු ඇඳ මත හිඳ ගනු දැනී එක්වනම කෙලින් වී හිඳ ගතිමි.

පපුව පුරා විහිදීගිය පිච්ච් මල් සුවඳක් ද සමඟ කාමරයට විහිදුනු සඳ එලියෙන් මා දුටුවේ දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නෑනාය.

" වසන්ති මොකද මේ?" 

මුල් වරට මම ඈ ඇගේ නමින් ඇමතීමි.

" මට මෙහෙම කරන්ට එපා මගෙ රත්තරං.....ඇයි මට මෙහෙම කරන්නෙ?......මම මොන වරදක් කලාටද මට මේ දුක් දෙන්නෙ?" 

ඈ මා වෙතට වාරුවී මගේ පපුවට මුහුණ තද කරගත්තීය.

මම ඇය ඉවතට තල්ලු කර දමා ඇඳෙන් නැගිට ගතිමි.

" මොකද මේ පිස්සු හැදීගෙන එනවද?........අර අප්පච්චිත් එහා කාමරේ......දැන් ඇහැරිලා ආවොත් එහෙම.....මෙතන මම දන්නෙ නෑ මොනවයින් මොනව වෙයිද කියල......."

ඇය කෙලින් වී ඇඳෙහි හිඳ ගත්තීය.

" අප්පච්චි මොනව හිතන්නද?.......ඔයා හිතන්නෙ අප්පච්චි තකහනියක් ටෙලිග්‍රම් ගහල ඔයාව ගෙන්න ගත්තෙ මොකට කියලද?" 

ඇගේ හඬෙහි වූයේ නොරිස්සුමකි.

" මොකටද?" 

මම විදහාගත් දෑසින් ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි.

" මොකටද?.......ඔයා මට විහිළු කරනවද?......මම දීග ආවෙ අයියයි ඔයයි දෙන්නම එක්ක බව දන්නෙම නැද්ද?" 

ඈ බෙහෙවින් විශ්මයට පත්වී ඇති බව ඇගේ විදහාගත් දෑස කියාපායි.

" මොකක්?.........ඔයාට පිස්සුද වසන්ති?......නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද?...........මොකක්ද මේ විකාරෙ? "

" පිස්සු මට නම් නෙවෙයි ඔයාට......මම දීග ආවෙ ඔය දෙන්නම එක්ක......එහෙමයි ඔයාලගෙ අප්පච්චි අපෙ අප්පච්චිල එක්ක කතා කරල ස්ථිර කර ගත්තෙ....."


" එතකොට අයිය?......අයියත් මේක දන්නවද?" 

මම සවන් අදහා ගනු නොහැකිව ඇසුවෙමි.

" මොකෝ නොදන්නෙ?.....ඔයා හිතන්නෙ අයිය ඔය අද ගියෙ තේ කෑල්ලට ඌරො එන නිසාය කියලද? ...ඒකෙ ඉන්නව මුරකාරයෙක්,"

" දෙයියෝ සාක්කි......මට නම් මේ කතාව විශ්වාස කරන්ටත් බෑ......ඇයි දෙයියනේ මේ වගෙ දෙයක් කතා කරනකොට, මගෙ ජීවිතේටම බලපාන දෙයක් ගැන තීරණයක් ගන්නකොට, කිසි කෙනෙකුට නිකමට වත් හිතුනෙම නැද්ද මගෙනුත් මේ ගැන ඇහුව නම් හොඳයි නේද කියල......ඔක්කොමල එකතු වෙලා මා ගැන තීරණ අරන් තියනව මම කිසි දෙයක් දන්නෙ නෑ....මමත් මනුස්සයෙක් නේද.....මටත් හිතක් පපුවක් තියනව නේද?......මා ගැන තීරණ ගන්ට මටත් අයිතියක් තියනව නේද කියල හිතන්ට තිබුන නේද? "

ආවේගශීලී බව වැඩි නිසාම එක තැනක හිඳීමට අපහසු වූයෙන් මම මෙසේ පැවසුවේ කාමරය පුරා ඇවිදිමිනි. නොදැනුවත්වම මගේ හඬද උස්ව තිබිනි.

" කෑ ගහන්ට එපා අයියා, අප්පච්චිත් ඇහැරලා එයි."

" ඉතින් ආවාවෙ.....එයා එක්ක තමයි මට තියෙන්නෙ මේ ගනුදෙනුව බේරගන්ට " 

එසේ පැවසූ නමුදු මම කට හඬ බාල කලෙමි. 

ඇය වේගයෙන් හුස්ම ගන්නා හඬින් පමණක් කාමරය තුල රජයන නිහඬතාවය බිඳීගිය කල්පයක් වන් මිනිත්තු කිහිපයක් ගතවිය.

ජනේලය අසලම වූ අඹ ගසෙහි ඉදුණු අඹයකට පොරකනවා වියහැකි වවුලන් දෙදෙනෙක් එකිනෙකා පරයමින් නැඟූ කන් විදගෙන යන්නාක්වන් තියුණු ස්වරයෙන් එක්වරම තිගැස්සීගිය ඈ හිස හරවා මා දෙස බැලුවාය.

" අයිය අර ගෑණු ළමයෙක් ගැන කිව්වෙ ඇත්තටමද?" 

වසන්තී ඇසුවේ ඇසෙන නෑසෙන ස්වරයකිනි.

" ඔව්" 

මම ජනෙලයෙන් ඉවත බලාගෙන පැවසුවෙමි.

කොට්ටයට හිස තබා මුනින් තලා වූ ඇය සෙමින් ඉකි බිඳින්නට වූවාය.

කොතෙකුත් ඇගේ හැඬුම අසා සිටිය නොහැකිවූ මම ඇඳේ ඈ අසල වාඩිවී ඇගේ හිස පිරිමදින්නට වීමි.

එක වනම හිස ඔසවා මා වැළඳ ගත් ඈ මගේ පපුවට මුහුණ තද කරගෙන හඬන්නට වූවාය. ඇගේ කඳුලින් මා හැඳ සිටි කමිසය තෙත් වනතෙක් හැඬූ ඈ හිස ඔසවා කඳුළු පිරි දෙනෙතින් මා දෙස බැලුවාය.

" අයිය මේ මංගල්ලෙට මම කැමති උනේ අයිය නිසා......ඒත් ඒක දැන් හීනයක් විතරයි......මට ඒ වාසනාව නෑ.....කමක් නෑ අයිය, මම හිත හදා ගන්නම්, මේක මගේ ලැබීම. නලලේ කොටපුදේ වලක්වන්ට කාටවත් ම බැහැනෙ. මේ තමයි මගෙ නලලෙ කොටල තියෙන දේ...මම ඒක පිළිගන්ටම එපාය....."

එක්වරම  ඇඳෙන් නැගී සිටි ඈ කඳුළු පිසදමා හැර, ලිහුනු වරලස සකස් කර ගනිමින්, කාමරයෙන් පිටවීමට සෙමින් සෙමින් පිය මැන්නාය. හිරකරගත් ඉකියක් වරින් වර මගේ සවන් පාරවා ලමින් ඇසිණි.

" වසන්තී" 

මම සෙමින් ඇය ඇමතීමි......කාමරයේ දොරටුව අසලට ළඟාවී සිටි ඇය එකෙනෙහිම නතරව සෙමෙන් හිස හරවා මා දෙස බැලුවාය.

සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.

175 comments:

  1. ඇයි රවියෝ දැන් උඹලා ඔක්කොම එකගෙයි කන්න පටන් ගන්නවද? පොඩ්ඩකට කලින් කියෙව්වේ හැළපේ ලියපු එකගෙයි කතාවක් ගැන.
    ඒ වුනාට මෙහෙම කතාව නතර කරන්න තහනම්. ඊට පස්සේ ටිකත් කියලාම හිටපන් ඔන්න ඉවර කරන්න.

    ReplyDelete
    Replies
    1. රංගි,

      / ඇයි රවියෝ දැන් උඹලා ඔක්කොම එකගෙයි කන්න පටන් ගන්නවද? /

      එකගෙයිකෑම අපිට පටන් ගන්න බෑනෙ බං..උඹල මූලික වෙන්න ඕන ඒකට උඹලට ඕනනං..ඔන්න අන්තඃපුරයක් පටන් ගන්නව වගෙ වැඩක් අපිට කලෑකි...හෙහ්,හෙහ්,

      සලකල බලපං මම කිව්ව එක..Eating one house….නරකම නෑ ඒ Concept එකත්.

      / ඒ වුනාට මෙහෙම කතාව නතර කරන්න තහනම්. ඊට පස්සේ ටිකත් කියලාම හිටපන් ඔන්න ඉවර කරන්න. /

      එහෙම ඔක්කොම කියන එක හරි නෑනෙ බං...එතනිං එහාට වෙච්ච හරිය ගැන කල්පනා කරන්ට බොලාට අවස්තාව දිලයි තියෙන්නෙ.

      Treat it as a mind stimulating exercise…… :)

      Delete
    2. අපි නම් බෑම කියයි නේ?... ;)

      Delete
    3. Rangi,

      Be careful of what you wish for because you just might get it…..:)

      Delete
  2. මේ කතාව කලින් ලිව්වනෙ. බොරු නම් අහන්න සියල්ල මතක බුරානිස්ගෙන්

    ReplyDelete
    Replies
    1. C.M. බුරානිස්.... හි හි

      Delete
    2. Bindi,

      / මේ කතාව කලින් ලිව්වනෙ. /

      ඉතිං බොල ඒක තමයි කලිම්ම මම කිව්වෙ....

      " මම කාලෙකට ඉස්සෙල්ල පොඩි කුමාරිහාමි එකගෙයි කෑම ගැන ලියපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් හැටියට පොඩි කතාවක් ලිව්ව."

      අම්මාපල්ල වියට්නාමෙ දිහාට යනකොට පෝස්ට් එකේ කෑලි හැලෙනවද මන්ද....:)

      / බොරු නම් අහන්න සියල්ල මතක බුරානිස්ගෙන් /

      ඕකගෙ ඔය මතක සක්තියට හේතුව පොඩි කාලෙ ඕකගෙ අම්ම ඕකට කබර දිව ගිල්ලවල ආනමාලුවක් මැද්දට දාල.....ආන්න ඒකයි.

      Delete
    3. කමෙන්ට් එකක් නෙමේ අනේ මෙ බ්ලොග් එකේම මේක ලිවෙ නැද්ද

      Delete
    4. බින්දි,

      නෑ බොලේ..මීට කලින් බ්ලොග් එකේ නම් දැම්මෙ නෑ. මැමරි කැපෑකුටි එක එච්චරම හරි නැති හින්ද ( අපිට කොයින්ද කබර දිවවල් කිව්වලු ) ආයම බ්ලොග් එකේ සේච් පාරකුත් දාල බැලුව අම්මාපල්ල මේ මහගෙ කියන්නෙ ඇත්ත වද්ද? මට අමතක මතක බැරිවෙලා කලින් දැම්ම වද්ද කියල...ඔහෙ නෑ බං...කලින් දාල නෑ...

      Delete
    5. එහෙනම් කාරි නැහැ...සොරි වෙන්ට ඕන...

      Delete
  3. යකෝ .... මාර කේස් එකනෙ කෝම හරි එහෙනම් එකත් සිරි සුභ මංගලම් වුණාළු ඈ...
    නංගි අඩල හරි වඩේ කොරගත්ත....
    මරේ මරු

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      සික්... උඹලට ඉතිං ඕකම තමයි, ඕකම තමයි :)

      Delete
    2. හිහි
      ඇට නැති දිවනෙ ආයිබොවංඩ
      හිතෙන දේ ඇදල අරිනව
      හිහි

      Delete
  4. //කැරට්, පිපිඤ්ඤ, ගර්කින්, සුකිනි දිගට තීරු කපල ලුණු ගම්මිරිස් ඉහල දීසියක දාල....කිරන් //

    ඕකට කියන්නෙ හා බයිට් (හාවන් ගේ කෑම) නේද?

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      මොන බයිට් එක හරි බං මාර රහයි...මස් මාළුම කාල පුරුදු වෙලාහින්දද මන්ද අමුතුම රහක් ආවෙ...එළවළු බයිට් මට නුපුරුදු දෙයක් නෙවෙයි..ඒත් මේක වෙනයි...

      Delete
  5. ඕල්ඩ් මන්ක් එක මරු..... අර බටානා ගෙඩිය වගේ බෝතලේ තියන එකනේ. දන්නවද ඕක චෙන්නායිි වල එක රසක් මධ්‍ය ප්‍රෙද්ශ්වල තව රසක් උන්ගේ ප්‍රාාන්තෙන් ප්‍රාාන්තෙට නිෂ්පාදනය වෙනස්නේ. අන්ද්‍රාවලදි ඕකත් එක්ක බයිට් එකට ලැබුණේ අඹරපු එළුමස්වලින් හදපු බෝලවගේ ජාතියක්.

    ReplyDelete
    Replies
    1. නලින්,

      මෙහෙනම් තියෙන්නෙ පැතලි චුට්ටි බෝතලයක්. මම හිතන්නෙ එක එක හැඩේ බෝතල් ඇති.ඕක නිෂ්පාදනය කරනව කියන්නෙ උත්තර් ප්‍රදේශ්වල...

      Delete
    2. ඔක්කොම හොඳයි, හැබැයි රටින් පිටවෙද්දි ඕල්ඩ් මන්ක් එකේ සැර බාල කරන එක තමා ඉවසන්ටම බැරි.. මුං ඒකට වතුර කවලං කරනවද මන්දා.!?

      තව එකක් තියෙනවා ඕල්ඩ් මස්ක් කියලා, ගඳ පොඩ්ඩක් වැඩියි.. :-)

      Delete
    3. බුරා,

      ඇත්තටම එහෙම කරනවද බං? අනපයනය කරනකොට සැර බාල කරනවද? අම්මපා මුං හිටවල පස් ගහන්ට එපාය....වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නොහොත් නාකි සාදු හෙහ්,හෙහ්...

      Delete
    4. ඉන්ඩි‍යන් බුවාලා ඕල්ඩ් මන්ක්ම ගහන්නේ ඇයි බං. මම අරාබියේ ඉන්නකොට උන් සෙට්වුනොත් ඕකම තමයි ගහන්නේ. වදින්නෙත් නැහැ බන් ඒ ඉලව්ව. හැබැයි 42%තියෙනවා. ඔය නලියා කියන හැඩේට තමයි ඕක ඒ කාලේ ආවේ. ඕකට වැනිලා ෆ්ලේවර් එකක් ඇඩ් කරනවා ප්‍රොසෙස් එකේදී.

      Delete
    5. අරූ,

      ඒක වෙන්නෙ බං ඕල්ඩ් මන්ක් කියන්නෙ ඉන්දියාවෙ ජනප්‍රියම මත්පැන් වර්ගය. ඉන්දියාවෙ ඕකට පුරුදු වෙච්චි එවුන් කොහෙ ගියත් බඩු තියනවනම් ඕක තමයි ගහන්නෙ. නැත්තං ඉතිං වෙන මක්කහරි ගහයි..වෙන මොනව කරන්නද? දැන් අපි උනත් දෙවරක් පෙරුම උන්නහැ ඉන්නවනම් ඒකනෙ ගසන්නෙ...මෙහෙ ඉන්දියන් ලිකර් තමයි රාක්ක ගනං පුරවල තියෙන්නෙ. මම හිතන්නෙ ඉන්ඩියන් කමියුනිටි එක වැඩි හින්ද සහ බඩු ලාබ නිසා අනික් එවුනුත් ගහන හින්ද...

      ඒත් මම නං ලංකාවෙ බඩු තිබුන උනත් පිටරට එව්ව ගහයි බොහෝවිට. මොකද I like variaty... ..දැං අපේ එවුන් ඩිනර් එහෙකට උනත් රිංගන්නෙම ලංකාවෙ රෙස්ටෝරන්ට් එකකට. මට නේද මාරය වැහෙනව..

      " ඇයි යකුනේ…. පිටරටකට ඇවිල්ල වත් කාපල්ලකො අලුත් දෙයක්..ඔය තියෙන්නෙ ඕන හැටියෙ..තන්ජෝර්, පන්ජාබි, තුර්කි, ලෙබනීස්, ඇෆ්ගන්, තායි, පිලිපීන් රෙස්ටෝරන්ට්ස් වැහි වැහැල. අඩු ගානෙ ලංකවට ගිය දවසක දෙකක් දාන ගමං කියන්ට හරි බැරිය මෙව්ව කෑව මෙව්ව කෑව කියල.."

      ඔහොම කෑගැහැව්වට වැඩක් නෑ...බත් මාලු කන්ට එතෙන්ටමයි රිංගන්නෙ..එතෙන්ටමයි රිංගන්නෙ...

      Delete
    6. මචං...ඕකට හේතුව තමයි...මිනිස්සුන්ගේ කෑම පිලිබඳ ඇති පටු රසාඥතාවය කියලා තමයි මම හිතන්නේ. ඒක එහෙම වෙනවා මචං අපි ෆුඩ් එක්ස්ප්ලෝරස්ලා නොවෙන නිසා. ඒකත් හරියට සාහිත්‍යය වගේ. මම වගේ එකෙක් සිංහල කෑමක් කඩේකින් කන්නේ නැහැ...ආලවට්ටම් දාලා ඒකට අලුත් යමක් ගෙදරදී හදාගන්නවා හැර. ඒ මම කෑම සහ බීම මගේ විෂයක් කරගෙන නිසා. උඹ හෝඩිපොත දැක්ක දැක්ක තැන ගන්නෙත් නැහැ කියවන්නෙත් නැහැනේ. මේ කෑම සහ කෑම වටා ඇති සංස්කෘතික ,සමාජීය වටපිටාව හරිම විශ්මයජනකයි. මේක ආට් සහ සයන්ස් අතර කරන සුහද ගනුදෙනුවක්. ඒ උඹලා පොත්පත් ,චිත්‍රපට, නාට්‍ය අතර කරන ගනුදෙනුවක් වගේ. දවසක කොහේ හරි තැනක උඹව හමුවුනොත් මම කියන්නම් උඹ ලියපන්. මේනම් පුදුම රසවත් මාතෘකාවක්.

      Delete
    7. ආහාර රසවිඳීමින් එක එක වර්ගයේ රෙස්ටෝරන්ට්වල ඇවිදගෙන යන එක සංස්කෘතියෙන් සංස්කෘතියට යන වැඩක්. අනිත් සංස්කෘති ගැන අදහසක් නැති වුණාම අපෙ එකම හොය හොය රිංගනව... ඒක නවත්තන්න බැහැ.

      Delete
    8. Aru,

      ආහාර රසඥතාවය තමයි මචං හරි වචනෙ. Gourmet නැත්නම් Epicure…Epicurean Taste කියන්නෙ රසවත් ආහාරපාන කෙරෙහි ඇති රුචිකත්වය. උඹ දන්නවද ඔය වචනෙ ගැන මම දැනගත්තෙ කොහොමද කියල?

      98 වගෙ මට මතක විදිහට චන්ද්‍රිකා නෝනා නඩු දැම්ම සන්ඩේ ටයිම්ස් සංස්කාරක සිංහ රත්නතුංගට විරුද්ධව ටයිම්ස් එකේ පලවෙච්ච තීරු ලිපියකින් එයාට අපහාසයක් උනාය කියල. ආපහාසාත්මකයි කියල CBK ගෙ නිතීඥයො තර්ක කරපු කොටස මට මතක විදිහට මෙහෙමයි.

      " Until the wee hours of the morning she was partying partaking food & wine satisfying her epicurean taste….."

      Epicurean Taste කියන එකේ නිවැරදි තේරුම හරියටම හොයාගන්ට ශබ්දකෝෂ ගෙනාව උසාවියට. භාෂා විශේෂඥයො කැඳෙව්ව. අන්තිමට කොහොමහරි නඩුවෙන් සිංහ රත්නතුංග වැරදිකාරය වෙලා අත්හිටවූ සිර දඬුවමක් නියම උනා. ඒත් අභියාචනයෙදි මොකක් හරි ටෙක්නිකල් පොයින්ට් එකක් මත මිනිහ නිදහස් උනා.

      උඹට මතකද Rodney Jonklaas? රන්මුතුදූවෙ එහෙම රඟ පෑවා. මුහුදු කිමිදුම් එක්ස්පර්ට් කෙනෙක්. 77,78 වගෙ මිනිහ Weekend පත්තරේට ලිව්ව කෑම බීම වර්ග ගැන ලිපි පෙලක්. මම හරිම ආසාවෙන් කියෙව්ව.

      " Stimulating My Taste Buds " ඔන්න ඔය වගෙ නමක් තිබ්බෙ ඒ ලිපි මාලාවට. ඔය ලොකු දේවල් නෙවෙයි. ඉඳිආප්පයි කුකුල් මසුයි, මනි පිට්ටුයි බාබතුයි, බිත්තර ආප්පයි කට්ට සම්බෝලයි.ඔන්න ඔය වගෙ එව්ව ගැන. ඒත් මාර ලස්සනට ලිව්ව මිනිහ....

      Delete
    9. /////අනිත් සංස්කෘති ගැන අදහසක් නැති වුණාම අපෙ එකම හොය හොය රිංගනව... ඒක නවත්තන්න බැහැ.//////
      Priyantha +++++++

      Delete
    10. රොඩ්නි ජොන්ක්ලාස් දන්නවා....වීක් එන්ඩ් පත්තරෙත් මතකයි. නමුත් ඔය ලිපිපෙළ මතක නැහැ. ඉන්දිරා ජොන්ක්ලාස් , රොඩ්නි ජොන්ක්ලාස්ගේ කවුරුවත්ද?

      Delete
    11. අරූ,

      ඉන්දිරා ජොන්ක්ලාස් රඟපෑවා කළුදියදහර සහ ඊට පස් සෙ තුන්වන යාමය

      හස්බන්ඩ්ගෙ නම ඩේවිඩ් ජොන්ක්ලාස්, රොඩ්නිගෙ නෑදෑකමක් ඇති බොහෝවිට. ඒත් මට ස්ථිරවම එහෙම දෙයක් හොයාගන්ට බැරිඋනා.ඉන්දිරා සහ ඩේවිඩ් දැන් සෑහෙන කාලෙක ඉඳල ඉන්නෙ ඩුබායිවල.

      Delete
    12. ප්‍රියන්ත,

      / ආහාර රසවිඳීමින් එක එක වර්ගයේ රෙස්ටෝරන්ට්වල ඇවිදගෙන යන එක සංස්කෘතියෙන් සංස්කෘතියට යන වැඩක්. අනිත් සංස්කෘති ගැන අදහසක් නැති වුණාම අපෙ එකම හොය හොය රිංගනව... ඒක නවත්තන්න බැහැ. /

      සම්පූර්ණ ඇත්ත මල්ලි...අපේ එවුන්ට ඔය ආහාර සංස්කෘතිය ගැන කිව්වම මොකද දන්නවද කියන්නෙ? " ඔය බඩගින්න නිවාගන්ට මොනව කෑවම මොකද බං? " ඔන්න ඔහොම....උං එක්ක මම කතාකරන්නෙ මගෙ Low Blood Pressure ආහම. බෙහෙත් වලට යන ගාන ඉතුරුවෙනව. :)

      Delete
  6. උඹ ඉන්දියානුවෝ ගැන කියලා පටන් ගන්නකොට මම මේ පෝස්ට් එකට කමෙන්ට් නොකරන්න තීරණය කලා මුලින්ම මොකද උඹ මාව දැනටමත් ඉන්දියන් විරෝධීයෙක් හැටියට ජජ් කරලා ලේබල් කරලා තියෙන හන්දා.

    නමුත් උඹේ කෙටි කතාවට නම් මම අර කේ ජයතිලකගේ කෙටි කතාවටත් වඩා හුඟක් ප්‍රිය කරනවා. උඹ ‍තෝරාගත්ත මාධ්‍යය නිසා (blogging) උඹට ඒ වගේ මහ ලොකු කීර්තිනාමයක් නැති වුනාට, උඹේ කතාවලට මම හුඟක් කීර්තිමත් සිංහල ලේඛකයන්ගේ කතාවලට වඩා හුඟක් ප්‍රියයි. නම් කියන්න ගිහින් නාගන්නේ මොකටද කියලා හිතලා කිව්වේ නෑ.

    ඇත්තෙන්ම උඹ කියනකල් මෙච්චර මෑතක් වෙනතුරු ඔය චාරිත්‍රය තිබුන බවක් මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ ඒක මේ අපි ඉපදෙන්න කලින් වන්සපෝනටයිම් තිබිච්ච එකක් කියලා. ඇත්තෙන්ම මම ඔහොම පවුලක් දැනගෙන හිටපු මතකයක් මට නෑ.

    ඔය චාරිත්‍රය ගැන මගේ අදහස මෙතන නම් කියන එක ටිකක් හරි මදි වුනත්, කොටහලු මගුල, දෑවැදි ඉල්ලීම වගේම පිළිගත් ලාංකික චාරිත්‍රයක් වුනත්, ම්ලේච්ඡ, මනුෂ්‍යත්වයට, ස්ත්‍රීත්වයට නිඟා දෙන, අපි ජාතියක් හැටියට හෙලා දැකියයුතු, නවතා දැමියයුතු චාරිත්‍රයක්හැටියටයි කියලා කියන්න කට කහනවා.

    ReplyDelete
    Replies
    1. //උඹේ කතාවලට මම හුඟක් කීර්තිමත් සිංහල ලේඛකයන්ගේ කතාවලට වඩා හුඟක් ප්‍රියයි.//
      ++++++++++++

      Delete
    2. Henry,

      / උඹ ඉන්දියානුවෝ ගැන කියලා පටන් ගන්නකොට මම මේ පෝස්ට් එකට කමෙන්ට් නොකරන්න තීරණය කලා මුලින්ම මොකද උඹ මාව දැනටමත් ඉන්දියන් විරෝධීයෙක් හැටියට ජජ් කරලා ලේබල් කරලා තියෙන හන්දා. /

      අඩේ බං...ඒ ජොලියටනෙ බං එහෙම කිව්වෙ...ඔන්න ඔහෙ ඔව්ව අල්ලල දාහං...ආං අර ජානුස් තමයි මාවත් පෙලඹවෙව්වෙ..අයියෙ අන්න බාං අතන අර හැන්රි අයිය ඉන්දියාවට ගහනව වරෙං උන්දැට දෙකක් කතා කරන්ට කියල...මම ඉතිං ඔය බබලතෙක් මොකක් හරි කිව්වොත් රෙද්ද කරට අරගෙනනෙ දුවන්නෙ..මාත් ඉතිං මේක මොකද අරමද මෙහෙමද කියල හොයා බැලුවෙ නෑ වළං කඩේට පැන්න ගොනා වගෙ ...හෙහ්,හෙහ්,

      අර අනික් හංවඩු ගැහිල්ලත් ඔන්න මම ඉල්ලා අස්කරගන්නව ව.ක්‍රී.ප.

      ප්‍රශංසාවට දහස් වරක් ස්තූතියි මචං!!!...... You just made my day…That was really nice of you Henry…The most wonderful appreciation I have received ever …:)

      / ඇත්තෙන්ම උඹ කියනකල් මෙච්චර මෑතක් වෙනතුරු ඔය චාරිත්‍රය තිබුන බවක් මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ ඒක මේ අපි ඉපදෙන්න කලින් වන්සපෝනටයිම් තිබිච්ච එකක් කියලා /

      එහෙම මෑතකමත් නම් නෙවෙයි..මම හිතන්නෙ ඔය වැඩේ අවුරුදු පණහකට වගෙ කලින් අභාවයට ගියා. ඒ කාලෙ උනත් ඔය ප්‍රභූ පන්තියෙත් කලාතුරකින් කිප දෙනෙක් තමයි ඔය වැඩේ කලාය කියන්නෙ. විශේෂයෙන් දේපල බෙදිල යන එක වලක්ව ගන්ට.

      / ඔය චාරිත්‍රය ගැන මගේ අදහස මෙතන නම් කියන එක ටිකක් හරි මදි වුනත්,

      ඉස්සෙල්ලම අහන්න ඕන මොකද මෙතන කියන එක හරි මදි උනත් කියල කිව්වෙ? තමන් අවංකව හිතන දේ තමන්ගෙ හැඟීම කියන්න බයවෙන්නෙ මොකටද? අර මගෙ කලින් හිටපු බොස් කෙනෙක් කියනව වගෙ " හරි වැඩක්නෙ ගාමිණී මේක " හෙහ්,හෙහ්,

      / කොටහලු මගුල, දෑවැදි ඉල්ලීම වගේම පිළිගත් ලාංකික චාරිත්‍රයක් වුනත්, ම්ලේච්ඡ, මනුෂ්‍යත්වයට, ස්ත්‍රීත්වයට නිඟා දෙන, අපි ජාතියක් හැටියට හෙලා දැකියයුතු, නවතා දැමියයුතු චාරිත්‍රයක් /

      මට ඇත්තටම එකගෙයි කෑම ගැන පෞද්ගලික අත්දැකිමක් නෑ. අපේ කාලෙටත් අවුරුදු විස්සක් තරම එහා තමයි ඔය චාරිත්‍රය අභාවයට ගිහිල්ල තියෙන්නෙ. ඒත් මම ඒ ගැන කියවපු දේවල් අනුවනම් මචං උඹේ නිර්වචනය ඒ තරම් නිවැරදි නෑ කියල තමයි කියන්න වෙන්නෙ.

      එහෙම විවාහයකට බැඳෙන කාන්තාව ගමේ අකින් ගැහැණුන්ගෙ ගෞරවයට සහ ඊර්ෂ්‍යාවට පාත්‍ර උනා කියල තමයි මම කියවල තියෙන්නෙ.

      " ආ..උඹට නම් මොකද? අතට පයට වැඩ කරන්ඩ ගස් ගල් වගෙ මිනිස්සු දෙන්නෙක්ම ඉන්නෙ…"බිසෝ මැණිකා එසේ පැවසූයේ අවලාදයටම නොවන බව දත් ඇය නිහඬව සිනසුණාය.

      අනික ලිංගික කර්තව්‍යය උනත් බොහොම සාධාරණ විදිහට කාටවත් අසාධාරණයක් නොවෙන්න සිද්ද උනයි කියල තමයි කියන්නෙ. අමුඩ ලේන්සුව දොර උඩ වැනීම, කුල්ල දොරට හේත්තු කිරීම…. අන්න ඒ විදිහටයි දැනුවත් කරල තියෙන්නෙ.

      අනික වික්ටෝරියානු සමාජයෙ සදාචාරය පිළිබඳ සම්ප්‍රදායන් අනුව බහු පුරුෂ විවාහ නොකලයුතු දෙයක් හැටියට සැලකුනත් ලිංගික නිදහස ගැන ලිබරල් විදිහට හිතන සමාජයක් ලංකාවෙත් තිබිල තියනව ඒ කාලෙ. ( මොන හෙඋතුව හින්ද එහෙම දෙයක් ඇති උනත් ) නොක්ස්ගෙ පොතෙත් ඔය ගැන තියනව බොහෝ විස්තර.

      අනික මචං මට හිතෙන්නෙ අනාගතේ ඔය ලිංගික කටයුත්ත කියන එකට අද පවතින තහංචි , සම්ප්‍රදාය ඔක්කොම බිඳ වැටිල ලිංගික කටයුතු පිළිබඳව නිදහස් සමාජයක් ඇතිවෙයි කියල. මොකද එක් ගැහැණියක් සහ එක් පිරිමියෙක් අතර විවාහය කියල පස්සෙ නම්කල සම්බන්ධය බැඳීම ඇති උනේ මූලික වශයෙන් ගැහැණියගෙ පැත්තෙන් බහිර අනතුරු වලින් ආරක්ෂාවීමේ උපක්‍රමයක් විදිහට සහ දරුවන්ට අවශ්‍ය ආහාර සපයාගැනීමේ මාර්ගයක් විදිහට කියලයි කියන්නෙ.එතකොට ඒ අවශ්යතාවය නැත්නම් ඒ බැඳීමෙන් වැඩකුත් නෑ. මම හිතන්නෙ අද ක්‍රමයෙන් වෙන්නෙ අන්න ඒක. ගැහැණියට තමන්ගෙ ආරක්ෂාව සපයාගැනීමටවත්, දරුවන්ට සහ තමන්ට ආහාර සපයාගැනීමටවත් ගැටලුවක් නෑ. ඒ වැඩේට එක් පුරුෂයෙක් හා සමඟ තියෙන දෘඩ බැඳීමක් අවශ්‍ය නෑ.විවාහය කියන සංකල්පය එතනම බිඳ වැටෙනව.

      එකම ගැහැණිය සහ එකම පිරිමියා ඔවුනොවුන් වෙනුවෙන් වෙන්වී සිටිය යුතුයි කියන මිනිස් ප්‍රජාවේ අනාගතය වෙනුවෙන්ම සැකසුණු සංකල්පය පූර්ණ වශයෙන් බිඳ වැටුනු දවසට මචං ලිංගික සබඳකම් වලට අද තියන තහංචිත් ( Taboo) ඉවරයි.

      Delete
    3. Hiru,

      Thanks Madam !!! :)

      Delete
    4. අනික් හුඟක් සමාජ වල බහු භාර්යා ක්‍රමයනෙ ..මෙතනදි වෙනස්. හිතන්නකො බලන්න මෙ කතාවේ අය්යාගෙ තත්වය. මල්ලි තරුණයි. ඉගෙන ගෙනත් වැඩියි. බිරිඳගෙ වැඩි කැමැත්ත මල්ලිට. අය්යාට මොනවා හිතෙන්න ඇතිද. මෙහෙම විවාහයක් පවත්ත ගන්න නම් බොහොම ඉවසිම උවමනායි. ඕක කොහොමත් අදට හරි යන්නෙ නැහැ. .දෙන්නෙක් කසාදෙ රැක ගන්නෙත් අමාරුවෙන් කොට තුන් දෙනෙක් සෙට් වුනා නම් මල ගෙයක් තමයි.

      Delete
    5. //අනික වික්ටෝරියානු සමාජයෙ සදාචාරය පිළිබඳ සම්ප්‍රදායන් අනුව බහු පුරුෂ විවාහ නොකලයුතු දෙයක් හැටියට සැලකුනත් ලිංගික නිදහස ගැන ලිබරල් විදිහට හිතන සමාජයක් ලංකාවෙත් තිබිල තියනව ඒ කාලෙ.//

      ඊනියා වික්ටෝරියානු සභ්‍යත්වය නිසා අපි අපේ බොහෝ නිදහස් මතවාද වෙනස් කරගතත් බව නම් ඇත්තයි...ඇඳන් ඉන්න වස්තරේ සිට සිතීමේ සීමා දක්වා පැතිර ගිය සභ්‍යත්වයේ වෛරසය අපේ නිර්මාණශීලි බව ටිකෙන් ටික උරා බී අපිව මෙලෝ රහක් නැති අනවශ්‍ය දේටත් රණ්ඩු කරන ජාතියක් බවට පත් කර ඇති බව අපට අවබෝධ කර ගත හැකි නම්..

      බුදු දහමෙන් ඔපවත් වූ නිදහස් චින්තනය බටහිට ගැති ආකල්ප වලින් කැපී කෙටී ගිය පසු ඉතුරු වූයේ කුමක් දැයි මම තවමත් කල්පනා කරමි..

      Delete
    6. රූ,

      / ඊනියා වික්ටෝරියානු සභ්‍යත්වය නිසා අපි අපේ බොහෝ නිදහස් මතවාද වෙනස් කරගතත් බව නම් ඇත්තයි...ඇඳන් ඉන්න වස්තරේ සිට සිතීමේ සීමා දක්වා පැතිර ගිය සභ්‍යත්වයේ වෛරසය අපේ නිර්මාණශීලි බව ටිකෙන් ටික උරා බී අපිව මෙලෝ රහක් නැති අනවශ්‍ය දේටත් රණ්ඩු කරන ජාතියක් බවට පත් කර ඇති බව අපට අවබෝධ කර ගත හැකි නම්../

      / බුදු දහමෙන් ඔපවත් වූ නිදහස් චින්තනය බටහිට ගැති ආකල්ප වලින් කැපී කෙටී ගිය පසු ඉතුරු වූයේ කුමක් දැයි මම තවමත් කල්පනා කරමි../

      මෙහෙම්මම කියන එකත් අසාධාරණයි මම හිතන විදිහට. මොකද ඔය නිදහස් ලිංගිකත්වය එක්කම තිබ්බ ප්‍රභූවරුන්ට තම බිරින්දෑවරුන් සහ දියණියන් සමඟ නිදිවැදීමේ අයිතිය හිමිය ඒ තමන්ගෙ උරුමයය කියල හිතපු වැඩ වසම් සමාජ ක්‍රමයකුත්. ඒ වගෙ බොහෝ අත්හල යුතු ගෝත්‍රික පසුගාමී වැඩවසම් සම්ප්‍රදායන් සහ පිළිගැනීම් අපේ සමාජයෙන් තුරන් උනේ සුද්දා හින්ද.

      බුදු දහමින් ඔපවත්වූ නිදහස් චින්තනයක් මම හිතන්නෙ නෑ අපේ රටේ කවදාවත්ම තිබ්බය කියල.ගොයිගම කුලයේ නොවන කෙනෙකුට පැවිද්ද දෙන්නෙ නැත්තං එතන බුදු දහමක් තියනවද? එහෙම කුල භේදය මත පදනම්වූ බුදු දහමින් ඔපවත්වූ නිදහස් චින්තනයක් තියෙන්න පුලුවන්ද?

      Delete
    7. ////ගොයිගම කුලයේ නොවන කෙනෙකුට පැවිද්ද දෙන්නෙ නැත්තං එතන බුදු දහමක් තියනවද? එහෙම කුල භේදය මත පදනම්වූ බුදු දහමින් ඔපවත්වූ නිදහස් චින්තනයක් තියෙන්න පුලුවන්/////

      ඔන්න ඕක තමයි රවියා මම හිතන්නේ,,,අපි බුදුන් දෙසු දේටත් වඩා එහා ගිය බෞද්ධයෝ කියලා. හැම තැනම අල්ලගන්නේ මතුපිටින් මිස ඇතුලෙන් නොවේ. කියන්න දේ බොහෝයි. මට සෝපාකව මතක්වුනා.

      Delete
    8. බින්දි,
      මම හිතන්නෙ ඔය එකගේ කෑමවල උනේ නැතිම දේ තමා කවෘත් හිත් රිද්දා ගත්ත එක.
      මම එක ගෙයි කෑම දැකල තියන්ව අපේ අත්තම්මලගෙ පරම්පරවෙ අයගේ.

      මම මේ ගැන කතා කරන වයසට එනකොට ඒ අත්තල කිරිඅම්මල ගොඩ දෙනෙක් මිය ගිහින් උනත්,
      මම අපේ අත්තම්ම එක්ක ගොඩක් දෙවල් කතා කලා, මට එයාල ගැන පැහඩිලි මතකය තිබ්බ නිස.

      මේ එක ගේයි කෑම සහෝදරයො 3 දෙනා අතරෙත් වෙනවා.
      ඒ වගේම, මේ කතාවේ වගේ දුර්වල පිරිමියාට ලේසියෙන් ගැහනියෙක් ලබාදිමේ අදහසිනුත් වෙනවා.දැන් මේ තාත්තා කරලා තියෙන්නෙ අය්යට හොයන්ඩ් අමරුවෙයි කියල හිතල.. කොලිෆිඩෙ වැඩි මල්ලිව පෙන්නල.

      ඒවගෙම ඩුඩ් ගේ අදහසට එකතු කරන්ව නම්,
      මට නම් පෙන්නේ පුරාන ලන්කවේ ගැනුන්ට වැඩි බලයක් තිබුනා කියලා පවුල් ඒකක් තුල.ඒවගෙම ලින්ගික නිදහස.

      Delete
    9. අරූ,

      ඔය සියම් නිකායෙ ගොවිගම ඇරෙන්න වෙන කුලවල අය මහණ නොකරන්න හේතුවක් හැටියට කියන කාරණයක් තියනව,

      කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවො දවසක් දානෙකට හාමුදුරුවරුන්ට ආරාධනා කලාලු මාලිගාවට. ඒ අතර හිටියලු අඩු කුලේ හාමුදුරුකෙනෙක්.දානෙ පිළිගන්වන්න රජ්ජුරුවො දාන ශාලාවට ඇතුල් වෙනකොට මේ හාමුදුරුවො දුවගෙන ගිහිල්ලබිම වැතිරිල රජ්ජුරුවන්ට වැන්දලු.රජ්ජුරුවො බොහොම අපහසුතාවයට පත්වෙලා නියෝග කලාලු මින්පසු අඩු කුලවල අය මහණ කිරීම තහනම් කියල.

      රජ්ජුරුවො එහෙම නියෝග කලා උනත් කොන්ද පණ තියන මහානායක කෙනෙක් හිටියනම් කරන්න තිබ්බෙ රජ්ජුරුවන්ට කියන්න " රජතුමනි, ඔබ රාජ්‍ය පාලනය කරන්න, ශාසනය ගැන අපි බලා ගන්නෙමු, ඔබගේ නියෝගය ඉඳුරාම බුද්ධ දේශනයට විරුද්ධ බැවින් ඒ අපි පිළිනොගනිමු " කියල. ඒ කරල අඩුකුලේ අය මහණ කරන එක නවත්වන්න නෙවෙයි කරන්න තිබ්බෙ, එහෙම අයට පැහැදිලි කරල දෙන එක කිසිම ගිහියෙකුට ගෞරව කරන්න අවශ්‍ය නැහැ, දැන් ඔබ භික්ෂූන් වහන්සේ නමක් කියල. කොහෙද එදා ඉඳල තියෙන්නෙත් අද වගේම කොන්ද විතරක් නෙවෙයි ඔලුව කියල එකකුත් නැති අමනයො රැලක්නෙ මහනායකල හැටියට. ඉතිං කොහෙද කරන්නෙ?

      Delete
    10. @රවී,
      //බුදු දහමින් ඔපවත්වූ නිදහස් චින්තනයක් මම හිතන්නෙ නෑ අපේ රටේ කවදාවත්ම තිබ්බය කියල.ගොයිගම කුලයේ නොවන කෙනෙකුට පැවිද්ද දෙන්නෙ නැත්තං එතන බුදු දහමක් තියනවද? එහෙම කුල භේදය මත පදනම්වූ බුදු දහමින් ඔපවත්වූ නිදහස් චින්තනයක් තියෙන්න පුලුවන්ද?//

      මම අදහස් කලේ මෑත අතීතය ගැන නෙවි. කෝට්ටේ යුගයට කලින් ලංකාව ගැන..වැඩවසම් ක්‍රමය නිසා සමාජයට වුනු පාඩුව ගැන වෙනම කතා කරන්න ඕන.. ඒත් ඒ කාලේ බුදු දහමට අයිතිකාරයෝ හිටියේ නැති නිසා මිනිස්සු සරල ජීවිතයක් ගත කරා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් සද්ධර්මාලංකාරය වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන ලියැවුනු පොත්වලින් මේ ගැන හොඳින් පෙන්වා දෙනවා. රාජධානි මාරුවත් එක්ක ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩක් වෙනස් වුනා තමයි. ඒ ඇරෙන්න ලෝකයේ ප්‍රවාහන ක්‍රම දියුණු වීමත් මේකට බලපාන්න ඇති...

      Delete
    11. රූ.....මැද්දට පැනලා නැවත ප්‍රශ්න කිරීම එතරම් හොඳ දෙයක් නොවන බව මම දන්නවා. නමුත් රවීගෙන් පිලිතුරක් ලැබෙන තෙක් මම මෙහෙම අහන්නම්. ඒකට හේතුව වුනෙත් මාතලන්ගේ පෝස්ට් එකේ තිලින පෙරේරා ගේ අදහසත් හිතට ගනිමින්.

      මිහිඳු ආගමනයෙන් පසු ඇතිවූ බෞද්ධ ආගම් සංකල්පය අයිති කර ගත්තේ කවුද? කෝට්ටේ යුගය වනතෙක් එහි අයිතිකරුවන් නොසිටියේද? මම මගෙන් අහන ප්‍රශ්නයක්. මට ඔය දේ පිලිබඳ මනා වැටහීමක් නැති නිසා කවුරුන් හෝ පහදා දෙන්න.මේ සියලු ආගම් ව්‍යාප්තවීම යන යුගය ආරම්භවීමත් එක්කම, ඒ ඒ ආගම් තමන්ගේ බල ව්‍යාපෘති බවට පත් කරගත් රාජ්‍ය උත්සාහයන් නොවීද? ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකල බවට කිව හැකි උදාහරන තිබේද? මේ මගේ දැණුම අරභයා පමනි.

      සරල ජීවිතයන් ගත කලේ තම තමන් කැමති අයුරින් ආවේනික ඇදහීම් ගත කල යුගයන්හීද....ඒසේ නොවේනම් ආගම මිනිසා වෙත බලෙන් පැටවූ යුගයේද? බලෙන් යැයි කිව්වේ ආයුධයක් දිග්කර නොවේ.

      Delete
    12. බෝ පැලේ,

      / මට නම් පෙන්නේ පුරාන ලන්කවේ ගැනුන්ට වැඩි බලයක් තිබුනා කියලා පවුල් ඒකක් තුල.ඒවගෙම ලින්ගික නිදහස. /

      මෙතන වැඩේ මෙහෙම එක පාරටම කියන්ට තරම් පිළිගත්හැකි සාක්ෂි නැති එක. වංශ කතා, ජනප්‍රවාද වල තියන එව්ව එක පාරටම පිළිගන්න අමාරුයි.මහාවංශය උනත් විශ්වාසකටයුතු මූලාශ්‍රයක් නෙවෙයි.

      Delete
    13. Ravi, මහාවන්ශය විශ්වාසකටයුතු මූලාශ්‍රයක් නොවුනට මුල් කොටස බොහොම racy ප්‍රබන්ධ කතාවක්

      1. Promiscuity and Bestiality - සුප්පා දේවි,
      2. Parricide - සින්හබාහු
      3, Incest -සින්හ බාහු /සීවලී
      4. Brigandage-විජය

      දැන් ලිව්වොත් තහනම් කරයි

      Btw, all those were common themes in Greek mythology too.

      Delete
    14. Ruu,

      / ඒත් ඒ කාලේ බුදු දහමට අයිතිකාරයෝ හිටියේ නැති නිසා මිනිස්සු සරල ජීවිතයක් ගත කරා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් සද්ධර්මාලංකාරය වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන ලියැවුනු පොත්වලින් මේ ගැන හොඳින් පෙන්වා දෙනවා. /

      සද්ධර්ම රත්නාවලිය ගැන වෙන්න ඕන රූ මේ කියන්නෙ...

      අනුරාධපුර යුගයෙ ඉඳල කෝට්ටේ යුගය දක්වාම සාමාන්‍ය මිනිස්සු ගතකලේ මොන විදිහෙ ජීවිතයක්ද කියන එක මතභේදාත්මකයි. සමහරවිට පාලන කේන්ද්‍රයෙන් දුරස්ව තම තමන්ගෙ සීමිත අවශ්‍යතා අහල පහලින්ම සපයාගෙන එසේ නොහැකි දේ වරින්වර ගමට එන වෙළඳ තවලම් වලින් භාණ්ඩ හුවමාරුවෙන් ලබාගෙන බොහොම සරල අපිස් දිවියක් ගතකලා වෙන්නත් පුලුවන්. අපි එහෙම හිතන්න කැමතියි. අනික් අතට ඒකාධිපති වැඩවසම් රජෙකුගේ ආධිපත්‍යයට යටත්ව ඔහුගේ සිතැඟි ඉටුකිරීමෙහිලා වහල් සේවයෙහි යෙදෙමින් අයබදු ගෙවමින් ඩුක්ඛිත ජීවිතයක් ගතකලා වෙන්නත් පුලුවන්. පුරා විද්‍යාත්මකව පිළිගතහැකි සාක්ෂි බොහොම හිඟ නිසා ඒ ගැන නිවැරදි නිගමනයකට එන්ට අමාරුයි මම හිතන විදිහට.

      අනුරාධපුර පොළොන්නරු යුගයෙ නටබුන් වලින් ඒ කලෙ රජවරු, ප්‍රභූවරු, පූජක පක්ෂය ජීවත්වෙච්චි විදිහ ගැන උපකල්පනය කරන්ට පුලුවන් උනාට සාමාන්‍ය ජන වීවිතය ගැන ලැබෙන සාක්ෂි බොහොමත්ම අඩුයි.

      ඔය මහාවංශයෙ අරෙහෙ මෙහෙ තියනව තමයි " එකල ඒ රජතුමෝ දහසක් වැව් අමුණු කරවා රට ස්වයංපෝෂිත කල හෙයින් රටවැසියෝ කිසිදු දුක්ඛ දෝමනස්සයකින් ඉඳුරාම තොරවැ ඉතා ප්‍රීතියෙන් කල්ගෙව්වෝය"කියල. ඔය ලියන එව්ව කාටද බං විස්වාස කරන්ට පුලුවන්?. රජ්ජුරුවො උඩ තියන්ට ඔය ලියපු හාමුදුරුවරු හදපු පට්ට බොරු වෙන්ට බැරිද?

      අදටත් සිංහල ශබ්දකෝෂ කාර්යාලයෙ මම දන්න විදිහට මහාවංශය ඉදිරියට ලියවෙනව. එක පාරක් අරූ දෙල්කඳ හන්දියෙ හිටියාය කියපු මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහත්මයත් කාලෙකට ඉස්සර හිටිය මහාවංශ සම්පාදන කමිටුවෙ. මම පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක වැඩ කරපු දවස්වල අපේ අධ්‍යක්ෂ තුමා.

      දැන් හිතන්න රූ අද අපේ ඉතිහාසය ලියනකොට රතුපස්වල සිද්ධිය, මීගමුවෙ වෙඩි තැබීම, අර බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය... ඔව්ව ගැන ලියවෙයිද? නැත්නම් නෙලුම් කුළුණේ, නෙළුම් පොකුණෙ, හම්බන්තොට වරායෙ, මත්තල ගුවන් තොටුපොලේ ශ්‍රී විභූතිය ගැන විතරක් ලියවෙයිද?

      Delete
    15. Pra,

      මොනව කියනවද ප්‍රා?

      අපෙ ජාතියෙ ආදිතමයය කියන විජයගෙන් පටන්ගත්තම උන්දැගෙ අම්මයි අප්පයි විතරක් නම් බැරිය විජයගෙ ආච්චිගෙ ඉඳල කෙලින්ම බරපතල වැඩ ඇතුව පස් වසරක් වැලිකඩ කූඩු කලෑකි කිසි කතාවක් නැතුව.

      පරම්පරා තුනකම ඉන්නෙ කිරිමෙල් කාරයො....එක අතකට ප්‍රා වෙලාවකට මට හිතෙනව වහාවංශෙ ඔය විජය ගැන කියන කතන්දරේ ඇත්තක්වත්දෝ කියල. වෙන මොකවත් ඕන නෑ අද අපේ මිනිස්සුංගෙ හැසිරීමම ඒකට නොවරදින සාක්ෂි නෙවෙයිද? පශු මෛථුනකාමී, පීතෘඝාතක, ව්‍යාභිචාරී පරපුරකින් පැවත එන පුනරුත්ථාපනය වුනු ත්‍රස්තවාදියෙකුගෙන් ( ඒ මදිවට සාපරාධී ලෙස විශ්වාසය කඩකල සහ කිසිදු කෙලෙහිගුණයක් නොදන්නා ) පැවත එන ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට පුළුවන්ද ප්‍රා?

      Delete
    16. ඔය කිරිමෙල් ජාතෙකෙන් බේරෙන්න වෙන්න ඇති කිසිම පිලිගත හැකි පුරාවිද්යාත්මක හෝ අයිතිහාසික සාධක නැති වුනත් අපි රාවණා ගෙන් පැවත එනවයි කියන්නෙ.

      වෙන රටවලත් සින්හබාහු වගෙ ජුගුප්සාජනක දේවල් හෝ රාවණ වගෙ ප්‍රබන්ධ පුරාවුර්ත හා මිත්යාකතාවල තියනව.
      ඒත් ඒව ඉතිහාසය හෝ මිත්යාවන් ලෙස වෘත්තිමය objective ඉතිහාස උගත්තු විශ්ලේශනය කරනව.
      ඒවට මරාගන්නෙ හෝ ඒවා ඉතිහාසය ලෙස සලකන්නෙ lunatic fringe විතරයි.

      ඒත් ලන්කාවෙ ( ඉන්දියාවෙත් සමහර විට ) lunatic fringe දැන් mainstream වේගෙන එනව

      Delete
    17. ප්‍රා,

      රාවණ?...හෙහ්, ඒ අනික් මිනිහ...ගෑණු හොරා....:)

      Delete
    18. @රවී,අරූ
      අපි නොදන්න කාලයක් ගැන වාද භේද කරන එකේ ලොකු තේරුමක් නෑ තමයි..ඒත් මේ නිසා අපි නොදන්න නොහිතන පැති ඉස්මතු වෙන එක ගැන සතුටුයි.

      මම අදහස් කලේ සද්ධර්මාලංකාරය තමයි.සද්ධර්මරත්නාවලියේ තියෙන්නේ බුදු සිරිතේ විස්තර නේ.
      මිනිස්සු සැපවත් ජීවිත (කන්න බොන්න අඳින්න යහමින් ඇතිව) ගතකලාය කියලා කියන එක අතරයි සිතීමේ නිදහසක් තිබුනයි කියන දෙක අතර වෙනසක් තියනවා. අවාසනාවකට සාමාන්‍ය ජනතාව ලියන්න කියන්න දැනගෙන හිටපු නැති නිසාත් දැනං හිටියත් ඒවා සංරක්ෂණය කරන්න තරම් ඔළුවක් තිබුන නායකයෝ හිටියේ නැති නිසාත් අපි අද අඳුරේ අත ගානවා කියලයි මට හිතෙන්නේ..

      //ඔය මහාවංශයෙ අරෙහෙ මෙහෙ තියනව තමයි " එකල ඒ රජතුමෝ දහසක් වැව් අමුණු කරවා රට ස්වයංපෝෂිත කල හෙයින් රටවැසියෝ කිසිදු දුක්ඛ දෝමනස්සයකින් ඉඳුරාම තොරවැ ඉතා ප්‍රීතියෙන් කල්ගෙව්වෝය"කියල. ඔය ලියන එව්ව කාටද බං විස්වාස කරන්ට පුලුවන්?. රජ්ජුරුවො උඩ තියන්ට ඔය ලියපු හාමුදුරුවරු හදපු පට්ට බොරු වෙන්ට බැරිද? //

      රවී මතුකරන කාරණයෙත් අැත්තක් තියනවා.. ඒත් ලුණු ඇඹුල් ඇරලා ගත්තාම ඔය කියපු කාරණේ පොඩි හරි අැත්තක් තියෙන්න පුළුවන්..අද වගේම ඉස්සරත් සාමාන්‍ය ජනතාවයි පාලක පක්ෂයයි වෙන වෙනම ස්ථර දෙකක් විදිහට පැවතුනු නිසා වෙන්නැති මේ ගැන සාක්ෂි නැත්තේ..අඩුම ගණනේ පිටරටින් කුමාරිකාවෝ ආනයනය කලා මිසක් කිසිම රජ කෙනෙකුට සාමාන්‍ය පවුලක ගෑල්ලමයෙක් අගබිසව කරගත්තා කියලා කොහේවත් නෑනේ..

      “ඔහේලා ඕන විදිහට රට පාලනය කරගන්න අපි පුළු පුළුවන් විදිහට කාලා බීලා ගොවිතැන් බතක් කරගෙන ජීවත් වෙන්නම්“ වැනි ආකල්පයක් සාමාන්‍ය ජනතාවට තිබුනා වෙන්නටත් පුළුවන්...

      අනිත් අතට ආගම් වලට අයිති කාරයෝ ඉස්සරත් ඉන්න ඇති. සමහර රජවරු යුද්ධ කරලා තියෙන්නේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රට ජාතිය ආගම උදෙසාම කියලානේ පොත්වල තියෙන්නේ..ඒත් මට හිතෙන විදිහට සාමාන්‍ය ජනතාව (ගම්වල ඉපදී ගම්වලදීම මියගිය) අතර බුුදු දහමෙන් කියැවුනු අපිස් දිවිය ගත කරන්න ඕන තරම් ඉඩ තිබුනා කියලා හිතන්න කාරණා වැඩියි..

      මේක නම් ඔය කොත්තමල්ලි බොන එක පැත්තකින් තියලා කතා කරන්න වටින මාතෘකාවක්..  :)

      Delete
    19. රූ,

      ස්තූතියි රූ වැදගත් මාතෘකාවක් පිළිබඳව සංවාදයට එළඹීම සහ ඒ පිළිබඳ හරවත් අදහස් දැක්වීම පිළිබඳව.

      ඒ වගේම ස්තූතියි සද්ධර්මාකරය පිලිබඳව දැනුවත් කිරීමට. මම ඒ පොත ගැන දැනගෙන හිටියෙ නෑ. ඔයාගෙ කමෙන්ට් එකෙන් පස්සෙ ඒ ගැන සර්ච් එකක් කලත් ඔය සබැඳිය මට අහු උනෙ නෑ.

      / ඒත් මට හිතෙන විදිහට සාමාන්‍ය ජනතාව (ගම්වල ඉපදී ගම්වලදීම මියගිය) අතර බුදු දහමෙන් කියැවුනු අපිස් දිවිය ගත කරන්න ඕන තරම් ඉඩ තිබුනා කියලා හිතන්න කාරණා වැඩියි.. /

      ඔබගේ ඉහත අදහසට බොහෝ දුරට එකඟ විය හැකියි.

      කෙලින්ම සාක්ෂි නැතිඋනාට පරිවේෂණීය සාක්ෂි අනුව මම හිතන්නෙ ඒ උපකල්පනය සාධාරණයි. අතීතයේ රජරට ප්‍රදේශයේ සෑහෙන ජනගහනයක් හිටියයි කියල කියන්න පුළුවන්.අනුරාධපුරයෙ ඉඳල පොළොන්නරුවට කුකුළෙක් බිමට නොබැහැ වහලෙන් වහලට මරුවෙලා යන කතාව වගෙ අතිශයෝක්ති නොසලකා හැරියත් අදටත් නටබුන් වශයෙන් හඳුනාගත හැකි රජරට පුරා පැතිරගිය වැව් සංඛ්‍යාව සලකල බැලුවම අධික ජනගහනයක් ඉන්න ඇති කියල තර්කානුකූලව හිතන්න පුලුවන්.

      මොකද වගාකිරීමේ අවශ්‍යතාවයක් නැතිව, ඒ වගේම ඒ උදෙසා වැයවන අධික මිනිස් ශ්‍රමය සපයාගැනීමේ හැකියාවක් නැතුව රජරට දක්නට ලැබෙන වාරිකර්මාන්ත පද්ධතිය වැන්නක් නිර්මාණය කිරීමේ හැකියාවක් නෑ. එතකොට ඊලඟ ප්‍රශ්නෙ එපමණ ජනගහනයක් වාසය කලානම් කෝ ඔවුන් ජීවත්ව සිටිය බවට සාක්ෂි?...

      මට හරියට නම නම් මතක නෑ කවුරුහෝ ඉතිහාසඥයෙක් කියල තිබ්බ ගම්වල සාමාන්‍ය ජනතාව බොහෝවිට ඉතාම සරල ජීවිතයක් ගතකරන්න ඇති කියල. ගෙවල් සහ භාවිතාකරපු හැලි, වළං, පිඟන්, කෝප්ප වගෙ දේවල් අදටත් ඉතිරි වෙන්න නම් ඒව එක්කො ලෝහ, නැත්නම් ගල් එහෙමත් නැත්නම් පිළිස්සූ මැටියෙන් නිම කල යුතුයි. සමහරවිට ඒ යුගයෙ රාජාඥාවක් තියෙන්න ඇති පිළිස්සූ ගඩොලින් කරල උළු හෙවිල්ලන්න පුලුවන් රජුගේ මාළිගයට, ප්‍රභූ වරුන්ගේ වාසස්ථාන සහ පන්සල්, විහාර මන්දිර වලට විතරයි කියල.

      සාමාන්‍ය ජනයා වරිච්චි බිත්ති වලින් නිමවූ ඉළුක්, මානා සෙවිලි කල සරල නිවාස වල දිවිගෙවූ, ලී වැනි වහා දිරාපත්වන සුලු ද්‍රව්‍යයකින් නිමවූ උපකරණ භාවිතා කලේනම් ඔවුන් පිළිබඳ සාක්ෂි වසර දහසකට අධික කාලයකට පසුව සොයාගැනීම අසීරු වෙන එක පුදුමයක් නෙවෙයි.

      අනුරාධපුර යුගයෙ සාමාන්‍ය මිනිසුන් දිවිගෙවූ අන්දම ගැන විස්තර හොයා බලන්ට මගෙ පුදුම ආසාවක් තියෙන්නෙ. මගෙ පළවෙනිම රස්සාව පුරාවිද්‍යාව සමඟ සම්බන්ධයි. අභයගිරියට දකුණු දෙසින් ඒ අසලම තියෙනව සන්නිපාත ශාලාව නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලක්. ගලින් පාදම නිමවා ලීයෙන් නිමවූ තුන් හෝ පස් මතුමහලකින් සමන්විත වූවායි කියන සන්නිපාත ශාලාව එහි නමින්ම කියවෙන පරිදි මිනිසුන් ධර්ම ශ්‍රවණය උදෙසා සහ භික්ෂූන් වහන්සේලා නොයෙක් පරිපාලනමය සහ ධර්මානුකූල කටයුතු උදෙසා එකරැස්වූ ස්ථානයක්.

      ඒ දවස්වල පෝය දවසට අපි යාලුවො කට්ටිය ඔතන සන්නිපාත ශාලාවෙ ගල් බැම්ම උඩ ඉඳගෙන ඒ අසලින් අභයගිරිය වන්දනා කරන්ට යන සැදැහැවතුන් නරඹමින් රෑ දෙගොඩහරියක් වෙනකල් ගත කරනව.එහෙම ඉන්දැද්දි මට නොයෙක් වර හිතුන දෙයක් තමයි ඉහත ආත්මෙක සමහරවිට මමත් මෙහෙම අභයගිරිය වඳින්ට එන්න ඇති, සන්නිපාත ශාලාවෙ බණ අහන්න ඇති කියල.

      / මේක නම් ඔය කොත්තමල්ලි බොන එක පැත්තකින් තියලා කතා කරන්න වටින මාතෘකාවක්..  :) /

      පොඩි පාපෝච්චාරනයක් කරන්ට ඕනමෙතනදි. අර මම කිව්වෙ සන්නිපාත ශාලාවෙ බැම්ම උඩ ඉඳගෙන අපි හිටියය කියල. කොත්තමල්ලි සුට්ටක් විතර පානය කරල තමයි ඒ හිටියෙ නම්. අනික බොලේ ඔය වගෙ පරිකල්පන ශක්තිය අවදිවෙන්ට එහෙම නැතුව අමාරුයි.

      පලි - සුනේත්‍රාගෙ බුද්ධදාසි කියවල තියනවද? ඒ පොතේ ඔය මම කියපු සන්නිපාත ශාලාව ගැන විස්තරයක් තියනව.

      Delete
    20. ස්තූතියි රූ &රවී.

      Delete
  7. ඕක දැං චාරිත්තරේ හැටියට එච්චර නැති උනාට හොරෙං හොරෙං දෙන්නා තුන්දෙනාගෙනම කැමැත්තෙන් කෙරෙන තත්වෙනෙ තියෙන්නෙ... හි හි...

    //" දෙයියෝ සාක්කි......මට නම් මේ කතාව විශ්වාස කරන්ටත් බෑ......ඇයි දෙයියනේ මේ වගෙ දෙයක් කතා කරනකොට, මගෙ ජීවිතේටම බලපාන දෙයක් ගැන තීරණයක් ගන්නකොට, කිසි කෙනෙකුට නිකමට වත් හිතුනෙම නැද්ද මගෙනුත් මේ ගැන ඇහුව නම් හොඳයි නේද කියල......ඔක්කොමල එකතු වෙලා මා ගැන තීරණ අරන් තියනව මම කිසි දෙයක් දන්නෙ නෑ....මමත් මනුස්සයෙක් නේද.....මටත් හිතක් පපුවක් තියනව නේද?......මා ගැන තීරණ ගන්ට මටත් අයිතියක් තියනව නේද කියල හිතන්ට තිබුන නේද? " //

    මට මේකෙ හිතට ඇල්ලුවෙ අර කොලුවා කියන මේ කතාව... ගෑණු පිරිමි බේදයක් නැතුව ඔය වගේ කරුම වලට නං හැම එකාම මූණ දෙනව මං හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං හොයපංකො හැලපයගෙ පෝස්ට් එක... හි හි

      Delete
    2. හිරූ,අපි ඕගොල්ලන්ව රෝලෙ එල්ලං හිටියට අපිව ඕගොල්ලන්ගෙ රෝලෙ එල්ලගන්න තරං වටින්නෙ නැතුව ඇති.

      Delete
    3. හිරු,

      / ගෑණු පිරිමි බේදයක් නැතුව ඔය වගේ කරුම වලට නං හැම එකාම මූණ දෙනව මං හිතන්නෙ…/

      එහෙම තමයි බං..ජීවිතේ අනුං අපි වෙනුවන් කොච්චර තීරණ ගන්නවද? සමගිය, සුහදත්වය, ආදරය වෙනුවෙන් අපි කිසිදෙයක් කියන්නෙ නැතුව කොච්චර එඔඉ වගෙ තීරණ බරගෙන තියනවද?

      Delete
    4. හැලපයා රෝලෙ ඉන්නව... ඒත් මේ ටිකේ බ්ලොග් පලාත බලන්න බැරි උන නිසා ඊට උඩින් සිටු 10-15 විතර පෝස්ට් අප්ඩේට් වෙල... හි හි

      Delete
    5. නැහැ මම ඔබේ රෝලෙ නැහැ.

      Delete
    6. හි හි.. දැනුයි ඒක දැක්කෙ.. මං කියවන බ්ලොග් ලිස්ට් එකේ හිටියට බ්ලොගේ රෝලෙ හැලපය නෑ තමා.. ඔන්න මං ඇඩ් කළා...

      Delete
    7. What do we understand by this Ravi? Halape is well hung? Like a stallion? I only meant the length of his blog roll. No offense. :D

      Delete
    8. හිරුව බොරු කියලා අතේ මාට්ටු වගේ... හූ හූ.....

      Delete
    9. Henry,

      / Halape is well hung? Like a stallion? /

      I think machan, well endowed should be the correct term…: ) :)

      Delete
  8. "එකගේ කෑම" මට නම් හරිම අමුතු දෙයක් රවී අයියේ.ඔය වගේ එකගේ දීග කොයි තරම් දුරට සාර්ථක වෙන්න ඇතිද.?
    අනික් අතට ගෑණි වුණත් දෙන්නාගෙන් එක්කෙනෙක්ට වැඩි ඇගැලුම් කමක් දක්වන්න ගත්තොත් අරූන් දෙන්නාගේ දේපළ පවුලෙන් පිට යන එක තියා උන්ගේ සහෝදරකම් වත් ඉතුරු වේවිද මන්දා.?
    ආ අනිත් එක "උඩරට විවහා නීතිය"කියලා එකක් වෙනම තියෙන්නේත් එක නිසාමද.?එතකොට තාමත් ඔය "එකාගේ දීග"තියෙනවාද රවියියේ?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      එක ගෙයි කෑම කියන සංකල්පයම අපිට මහ අමුතුයි වගෙ තමයි. ඒත් ඒ කාලෙ මිනිස්සුන්ට ඒක බොහොම සුළු දෙයක්…

      උඩරට විවාහයක් කෙරෙන්න පුලුවන් උඩරට කියල 1815 ගිවිසුමෙන් සැලකුණු ප්‍රදේශවල වාසය කරන දෙන්නෙක් අතර විතරයි.මධ්‍යම පළාත, උතුරු මැද පළාත, ඌව පළාත සහ සබරගමු පළාත. ...ඊට අමතරව උතුරු පළාතෙ දකුණට වෙන්ට තියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයකුත් නැගෙනහිර පලාතෙ තවත් කොට්ඨාශ කීපයකුත් මේ භූමි ප්‍රදේශයට ඇතුලත්.උඩරට කසාදෙදි කියන්න ඕන බින්න ද දීගද කියල. බින්න නම් ගෘහ මූලිකය හැටියට සැලකෙන්නෙ භාර්යාව. දරුවන්ට වාසගම විදිහ්ට යෙදෙන්නෙ භාර්යාවගෙ වාසගම. අනික මම දන්න විදිහට ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරල දික්කසාද වෙන්නත් පුලුවන්.

      දැනටනම් අප්‍රසිද්ධියේ ඔය පිටිසර ගම්වල කෙරුනොත් මිසක මම හිතන්නෙ නෑ චාරිත්‍රානුකූල එකගෙයි කෑමක් කොහෙවත් කෙරෙනවයි කියල.

      Delete
    2. හපොයි රවී මේක කලින් දැන ගෙන නොහිටි හැටි..
      කරගත්ත විවාහ උඩරට ක්‍රමය යටතේ ලියා පදිංචි කරන්න පුළුවද කියලා හොයලා බලන්න ඕන...!!

      Delete
    3. // කරගත්ත විවාහ උඩරට ක්‍රමය යටතේ ලියා පදිංචි කරන්න පුළුවද කියලා හොයලා බලන්න ඕන. //

      දැන් රූ ළමයා මේ වෙනකොට විවාහ කීයක් විතර කරගෙන තියෙනවද.!? :-P

      Delete
    4. රූ,

      / කරගත්ත විවාහ උඩරට ක්‍රමය යටතේ ලියා පදිංචි කරන්න පුළුවද කියලා හොයලා බලන්න ඕන...!! /

      පුලුවන් පුලුවන්...හැබැයි ඉස්සෙල්ල සාමාන්‍ය නීතිය යටතේ වෙච්ච කසාදෙන් දික්කසාද වෙලා ඉන්න ඕන..ඊට පස්සෙ ආයම පුලුවන් උඩරට විදිහට කසාද බඳින්න...

      Delete
    5. @බුරා,
      //දැන් රූ ළමයා මේ වෙනකොට විවාහ කීයක් විතර කරගෙන තියෙනවද.!? :-P//
      :P, :D එව්වා මෙහෙම ප්‍රසිද්දියේ කියන්න බෑ නෙව..

      @රවී,
      //හැබැයි ඉස්සෙල්ල සාමාන්‍ය නීතිය යටතේ වෙච්ච කසාදෙන් දික්කසාද වෙලා ඉන්න ඕන//
      මේක ටිකක් බරපතල කාරණාවක්.. ඒක නිසා දෙතුන් සැරයක් හිතලා බලන්න ඕන..දික්කසාද වුනාට පස්සේ මෙවුන්දෑ ආපහු බඳින්න බෑ කිව්වොත්!!!

      Delete
  9. ඕක මචං දකුණු ඉන්දියාවෙ ඩ්‍රින්ක් එකට විතරක් නෙවෙයි කෑමට ගියත් ඉස්සෙල්ල දෙන ඇපිටයිට් එක වගේ දෙයක්.රසෙන් හරිම ඉහලයි.සුප්‍රසිද්ධ ඕල්ඩ් මන්ක් රම් එක විවිධාකාරයට කලවං කිරීමෙන් අමුතු මිහිරි රස උපදවා ගන්නට පුළුවනි.රම් කෝක් සෝඩා එකට කලවං කිරීම ගැන ලංකාවෙ චිත්‍රපට අධ්‍යක්ෂ ටී අර්ජුන විශේෂඥයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය එක එක ජරාව මික්ස් කරන්නෙ නැතුව නිකංම අයිස් කැට දෙකක් දාලා ඕල්ඩ් මන්ක් ෂොට් එකක් දාලා බලහං හැලපෙ රහ කොහොමද කියලා..

      අනික ඔය කොකාකෝලා වගේ ඒවා බොන්ටත් හොඳ නෑ.. මොකටද බං ඔය වස විස බොන්නෙ.??

      Delete
    2. හැලප,

      යස් අපූරු ඩ්‍රින්ක් එක...:)

      ටී.අර්ජුන තමයි වසන්තේ දවසක් ෆිල්ම් එක ගැහුවෙ..කුමාර කරුණාරත්නගෙ නවල් එකක්....

      දේදුන්නෙන් එන සමනලුනේ
      ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
      රෑන් රෑන් ඇවිදිල්ලා
      අපේ ළඟින් ඉඳහල්ලා
      දේදුන්නෙන් එන සමනලුනේ

      දවසක් දා බෝ මළුවේ
      තනි වූ දාකදි අපි දෙන්නා
      පහනක් දල්වා එකම හිතින්
      පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
      භවෙන් බවේ පෙර ආවාසේ
      භවෙන් බවේ මතු සංසාරේ
      නිවන් දක්නා ජාති දක්වා
      එකට බැඳී ඉන්නයි පැතුවේ

      දේදුන්නෙන් එන.....

      ආදරයේ සුවඳ ලෙනෙ
      තනි වී උන්නා අප දෙන්නා
      කාන්සියක් හෙම නෑ දැනුනේ
      පෙති දිලුනා වන මල් අරණේ

      ඔබ පය පාමුල සතුටු ගඟේ
      තාමත් ආදර රැළි පෙරළේ
      කියව් කුරුල්ලනි මලින් මලට හෙට
      අපේ අහිංසක කතන්දරේ

      දේදුන්නෙන් එන......


      ගායනය : සංගීත් නිපුන් සනත් නන්දසිරි & ලතා වල්පොල 
      පද රචනය : අජන්තා රණසිංහ
      සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
      අධ්‍යක්ෂණය : ටී.අර්ජුන
      චිත්‍රපටය : වසන්තේ දවසක්

      Delete
    3. මේ සින්දුව අහගෙන ඉන්න ගමන් ඕල්ඩ් මන්ක් බෝතලයක් ගහන්න පුළුවන්. මචං මිහිරි ගීයක්. ලතාගේ කටහඬ හරියටම මැච්වුනා සනත් එක්ක. ෆිල්ම් එකත් ඉතින් හරිම මතකයක් බන්. රවීන්ද්‍ර, මාලණි.

      Delete
    4. අරූ,

      මරු සිංදුව බං...ලතා නංගි දෙනව දොඹෙං...1978 මට මතක විදිහට... ඔය ෆිල්ම් එකට හම්බ උනා ජනාධිපති සම්මාන 10 ක්ද කොහෙද...

      Delete
  10. මට මතක තිබ්බෙ මේ කතාවෙ තව කෑල්ලක් තිබුනය කියලා.. ඒක නිසා තකහනියක්ම ගිහින් වලවුවෙ පරණ පෝස්ට් එක බලලා ආවා ආයෙමත්.. තව කෑල්ලක් තිබ්බා, හැබැයි ඒක සිත්තමියා ලියපු පසුවදනක් වගේ එකක්.. :-D

    ReplyDelete
    Replies
    1. බූරා,

      එහෙනං එගෙනං සිත්තමී නොවැරදීම ලියන්ට ඇති. නොවැරදීම ලියන්ට ඇති. ඒ කාලෙ ඔවුන්දැට ආය ගහකින් කොලයක් වැටුනත් ඇති කතාවක් ලියන්ට...

      Delete
  11. කතාව බොහොම අපූරුවට මැවිලා පෙනුණා. ඩුඩ්ගෙ කමෙන්ට් ඒකත එක්කත් එකඟයි.

    අපේ ආච්චි අම්මගේ සහෝදරියකගේ පුත්තු දෙන්න බැඳලා ඉන්නේ එකම පවුලෙ අක්කවයි නංගිවයි. එක ගෙයි කෑම කෙසේ වෙතත් එක ගෙදරකට ගෑණු දෙතුන් දෙනෙක්ව ගේන විදියේ ක්‍රමයක්වත් නීති පොතේ තිබුනානම්......

    ReplyDelete
    Replies
    1. පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ හතර දෙනෙක්ව ගේන්න පුළුවන්.කෙලින්ම ඉස්ලාම් ආගමට පලයන් පොඩි කට් එකක් දාන්න තියෙනව එච්චරයි.

      Delete
    2. හැලප,

      සුසිල් මුණසිංහ එහෙම ඉස්ලාම් ආගමට ගිහිල්ල තව කෙනෙක් බැන්ද කියල ඒ අකලෙ හෙණ හාහෝවක් පැතිරුනා නේද රට පුරාම ...

      Delete
    3. අනිල් මුණසිංහ එහෙම කළා මම හිතන හැටියට,ඇයි සිනමා සක්විති ඔහුත් එහෙමලු නේද.

      Delete
    4. අම්මප ඔව්නෙ ..සක්විතිත් එහෙම කලා මට මතක විදිහට. කලින් වයිෆ් ( සුමිත්‍රා ද කොහෙද නම ) දික්කසාදෙ දුන්නෙ නැද්ද කොහෙද? දෙවෙනි කසාදෙ කරගත්තෙ කොණකපාලන් වෙලා...:)

      Delete
    5. හැලප,

      අනිල් මුණසිංහ නෙවෙයි බං සුසිල් මුණසිංහ එහෙම කසාද දෙකක් කරගත්තෙ.. 70-77 කාලෙ ලංගම සභාපති වෙලා හිටිය. ලංගම ස්වර්ණමය යුගය අනිල්ගෙ යුගය කියල තමයි කියන්නෙ. 94 ආයෙම පොදු පෙරමුණ බලයට ආවම අනිල්ට ප්‍රවාහන සබ්ජෙක්ට් එක දීල ලංගම ආයම නග්ගල ගනියි කියල තමයි හැමෝම බලාපොරොත්තු උනේ.ආයම රාජ්‍ය ඒකාධිකාරයකට යන්ට නෙවෙයි. පෞද්ගලික අංශයට හොඳ තරඟයක් දෙන්ට. ඒත් එහෙම උනේ නෑ. අනිල්ට හම්බ උනේ නියෝජ්‍ය ඇමතිකමක් විතරයි.

      මංගල මුණසිංහත් අනිල් සහ සුසිල්ගෙ බාල සහෝදරයෙක්...

      Delete
    6. අනිල් මුණසිංහ සහ ලංගමය කියන්නේ එකට උපන් නිවුන්නු කියලා අපේ තාත්තා කියන්නේ. සුසිල් තමයි බස්ණාහිර පළවෙනි මහ ඇමති. ඔය මුණසිංහ පවුලට අනගාරික ධර්මපාල සමග ඥාති ගනුදෙනුවක් තියෙනවා නේද? සුසිල් සහ ගාමිණි ෆොන්සේකා දෙන්නාටම මහරාජා සමාගම සමග ලඟින් ගණුදෙණු තිබුන බවත් මතකයි. 1994 ශ්‍රීමනි ඇතුලත්මුදලි නේද කොටුව ස්ටේෂම අතුගාපු ප්‍රවාහන ඇමතිනි.

      Delete
    7. අරූ,

      ඒකනෙ බං...අනිල්ට නොදී ප්‍රවාහන ඇමතිකම දුන්නෙ මේ ලෝකෙ හසරක් නොදන්න ශ්‍රීමනීට. ඒ ගාමිණී ආපහු යූ.එන්.පී එකට යද්දි ශ්‍රීමනී ප්‍ර.එ.ජ.පෙ. ( ලලිත් පිල ) හදාගෙන චන්ද්‍රිකාට සහයෝගය දුන්නු එකට කෘතගුණ සලකන්ට. ඒ අම්මණ්ඩි තමයි සුදු ඇඳගෙන ගිහිල්ල කොටුව ඉස්ටේසම අතුගෑවෙ...හෙහ්,හෙහ්,

      Delete
  12. මහාභාරත කතාව හොලිවුඩ් වල ගැහුවනම් කොහොමට තියෙයිද කියල මට හිතුනා හෙහ් හෙහ්..

    හැලපකඩේ කතාව බලල මේක බැලුවේ. එකම සිද්දිය වෙනස් විදියකට සිද්ද වුනාම ප්‍රශ්න ගොඩයි... ඇත්තටම අක්කවයි නංගිවයි එකම කෙනාට බැඳලා දුන්න සීන් නැද්ද?

    අයියයි මල්ලියි අක්කවයි නංගිවයි බඳින එක අපේ පවුලේත් තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මගේ අක්ක බැඳලා ඉන්නේ අපේ තාත්තගේ අයියා කෙනෙක්ව..

    ReplyDelete
    Replies
    1. පැතුම් අපේ තාත්තගෙ නංගි බැන්දේ අම්මගෙ අයියා.

      Delete
    2. ඇම්ඩා දවසක් ඉස්කෝලෙදි සුමනට කියනවලු, "මං කැමතියි ලොකු වුනාම ඔයාව කසාද බඳින්ට සුමනා." කියලා.

      එතකොට සුමනා කියනවලු, "ඒක හරියන්නෙ නෑ ඇම්ඩන්! අපේ පවුලේ අය නෑයො-නෑයො අතරේ විතරයි කසාද බඳින්නෙ." කියලා.

      "ඈ ඒ කොහොමද?" ඇම්ඩා හොල්මන් වෙලා ඇහුවලු.

      "දැන් බලන්ට. අපේ අම්මා බැඳලා ඉන්නෙ තාත්තව. බාප්පා බැඳලා ඉන්නෙ පුංචි අම්මව. නැන්දා බැඳලා ඉන්නෙ මාමව." සුමනා කිවුවලු.

      Delete
    3. පැතුම්, හැලප සහ බූරා,

      මේ කතාව අහල තියනවද?

      Two men met at a bus stop and struck up a conversation. 
      One of them kept complaining of family problems. 

      Finally, the other man said: 

      " You think you have family problems? Listen to my situation." 

      "A few years ago, I met a young widow with a grown-up daughter. 
      We got married and got myself a stepdaughter. 
      Later, my father married my stepdaughter. 
      That made my stepdaughter, my step-mother. 
      And my father became my stepson. 
      Also, my wife became mother-in-law of her father-in-law". 


      "Much later the daughter of my wife, my stepmother, had a son. 
      This boy was my half-brother because he was my father's son. 
      But he was also the son of my wife's daughter which made him my  wife's grand-son. 
      That made me the grand-father of my half-brother." 


      "This was nothing until my wife and I had a Baby. Now the 
      half-sister of my son, my stepmother, is also the Grandmother. 
      This makes my father, the brother-in-law of my child, whose 
      stepsister is my father's wife, I am my stepmother's brother-in-law, 
      my wife is her own child's aunt, my son is my father's nephew and I 
      am my OWN GRANDFATHER!" 


      " And you think you have FAMILY PROBLEMS!!!"

      Delete
    4. මේක ටික කාලෙකට කලින් ඊමේල් එකකින් මම කියෙව්වා.. හෙහ් හෙහ් කාලෙකට පස්සේ අදයි ආයෙත් කියෙව්වේ.. මේ තියෙන්නේ සිරා ප්‍රශ්නනේ.. එක ගෙයි කෑම නම් මොනාද ...

      Delete
    5. පැතුම්,
      මහා භාරත් කතාව හොලිවුඩ් වල කෙසේ වෙතත් ඉන්දියාවේ නම් දෙතුන් සැරයක්ම නාට්‍ය වලට නැගිලා තියනවා..

      රවී කිව්වා වගේ පොඩි කාලේ ඔය එක නාට්ටියක් බලන්න (සිරසේ රෑ 7ට ගියේ) අම්මටයි අප්පච්චිටයි බොරු කියලා අපි එහා ගෙදරට දුවනවා තාමත් මතකයි..ඒ අපේ ගෙදර රූපවාහිනී ඇරෙන්න වෙන චැනල් බලන්න තහනම් නිසා..

      Delete
    6. මචෝ මගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ මම ඔය කතාව ලියලා දැම්මා.. ආයෙත් දැම්මොත් හොඳයි වගේ නේ...

      Delete
  13. ඉටපස්සෙ හැමොම සතුතින් හිටියලුද

    ReplyDelete
    Replies
    1. දමිත්,

      යස් ..එහෙම තමයි වැඩේ උනේ...අයියයි මල්ලියි එක ගෙයි කනවා. ඒ අතර මල්ලි ගෙවල් දෙකකින් කනවා...හෙහ්,හෙහ්,

      Delete
  14. හැක්................. අන්න නංගිලා......................

    ReplyDelete
  15. හාපෝ! ඉන්දියන් කාරයන්ගේ වගනම් මතක් කරන්ඩවත් එපා!! කරුමයක් පඩිසන් දීලද කොහෙද උන් එක්ක වැඩ කරන්ඩ වෙලා තියෙන්නේ!!!!!

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්ෂ්ෂ්... කට කට. :-O

      Delete
    2. මනේක්ස්,

      ෂ් ෂ්..කට කට කියල තමයි මටත් කියන්ට තියෙන්නෙ. උඹේ අර නෑනණ්ඩිට ඇහුනොත් එහෙම ඉන්දියාවට ඒක මේක කියනව උඹේ කට තලයි ඕං කොස්සැටයක් තලන්නැහෙ. ඕකි ඒ තරමට ඉන්දියාව බඩ බැඳගෙන ඉන්නෙ…

      මේ අන්තිම පාර ඉන්දියාවෙ ගිය වෙලාවෙ ඔය අම්මණ්ඩි හිමාල වනයෙ සුප්‍රසිද්ද තත්කාලය බලල සාස්තර කියන ඉර්සි වරයෙක් හම්බ වෙන්ට ගිහිල්ල, තියනව ..ඉර්සි වරය මෙහෙමයි කියල තියෙන්නෙ…

      " දරුව.... ඔබ බොහෝ බලගතු ප්‍රාණ යාමයක් ( ප්‍රාණයාමය කියල කියන්නෙ මොකක්ද කියල කියන්ට ඒකි දන්නෙත් නෑ , අර යජිය නං කිඅයනවයි කියන්නෙ ප්‍රාණයාමය කියන්නෙ පිත්තාසයටයි අග්නියාසයටයි අතර තියෙන සුට්ටි අඹ ගෙඩියක් වගෙ අවයවේට කියලලු ..හරි ඒක මොක හරි...) සහිතව උපත ලද්දියකි. මීට ඉහත ආත්ම දහ අටක ඔබ මේ භාරත දේශ්යෙහි උපත ලබා ඇත. වරක් කෙලෙඹි දියණියක් ලෙසද, තුන් වරක් තාපසිකාවක් ලෙසද, සිව් වරක් පරිබ්‍රාජිකාවක් ලෙසද,දෙවරක් සිටු දියණියක් ලෙසද, එක් වරක් නාටිකාංගනවක් ලෙසද මෙහි ඔබ උපත ලබා ඇත. ශ්‍රී ලංකාවෙහි මෙවර ඔබ උපත ලැබූයේ ඒ අතර මඳ ඉසුඹුවක් ලෙසටය. ඔබගේ එහි කාර්ය භාරය අනුව ඔබගේ ශ්‍රී නාමය ඒ දිවයිනෙහි දනන් තුඩ තුඩ රැව් පිලිරැව් නංවනු ඇත. ඒ දෛවයෙන් ඔබට නියමවූ කාර්ය භාරය අවසන ඒ ආත්ම භාවයෙන් චුතව යලි භාරත දේශයෙහි මහත් ධනකුවේර පරපුරක උපත ලබා බොලිවුඩයෙහි අති දක්ෂ චරිතාංග නිරූපනයෙහි බුහුටි නිළියක්ව තම කීර්තිය දසත පතුරවා ලනු ඇත. "

      ඉර්සි වරය ඕං ඔහොමලු කිව්වය කියන්නෙ. මේ අංගනාවි දැං දත මැදගෙන ඉන්නෙ ඊලඟ ආත්මෙ ඉටි කිරිස් නිළියක් වෙලා බොලිවුඩ් එක හොල්ලන්ට... ..ඒ අව් අස්සෙ උඹ මේ ඉන්දියාවට අනම් මනම් කියනව...

      Delete
    3. // වරක් කෙලෙඹි දියණියක් ලෙසද, තුන් වරක් තාපසිකාවක් ලෙසද, සිව් වරක් පරිබ්‍රාජිකාවක් ලෙසද,දෙවරක් සිටු දියණියක් ලෙසද, එක් වරක් නාටිකාංගනවක් ලෙසද මෙහි ඔබ උපත ලබා ඇත //

      ‍කෙලෙඹි දියණීයක් හා සිටු දියණියක් ලෙස ඉපදීම නං තේරුම් ගන්ට පුළුවන්.. ඒත් කොහොමෙයි බං තාපසියක් (මොකෙක්ද බං තාපසිකාවක් කියන්නෙ!? ඇහුවෙත් අදයි), පරිබ්‍රාජිකාවක්, නාටිකාංගනාවක් ලෙස ඉපදෙන්නෙ.!!?? ඒ කියන්නෙ උපදිද්දිම කොණ්ඩෙ හැඩපළු ‍ගෙතිලා, අර දළ වස්ත්‍ර පෙරවිලා 'ශාන්තී ශාන්තී' කියාගෙනද එළියට එන්නෙ.?? :-D

      Delete
    4. ඔව්ව අහන්න හිමාලෙටම යන්න ඕන නැ චෙන්නායි මරිනා බීච් එකට ගියානං ගිරව් මයිනෝ තව කාඩ් වැනි දේවල්වලින් අනාගතේම කියන එවුන් ( සමාවෙන්න ඉසිවරයෝ ) ඉන්නවා. හොද ප්ලාස්ටික් වාලම්පුරියකුත් අඩු ගානට අරං එන්න ඇහැකි.

      Delete
    5. Bura,

      / ඒත් කොහොමෙයි බං තාපසියක් (මොකෙක්ද බං තාපසිකාවක් කියන්නෙ!? ඇහුවෙත් අදයි), පරිබ්‍රාජිකාවක්, නාටිකාංගනාවක් ලෙස ඉපදෙන්නෙ.!!?? /

      අම්මපල්ල ඇත්තම නෙවෙන්නං..කොහොමෙයි හැබෑට එහෙම වෙන්නෙ? එහෙම වෙන්ට බෑනෙ...ජානිසා මට බොරුවක් කිව වද්ද? ඒත් ඕකි මට එහෙම කරන්නෙ නෑ. මගෙ හිතේසිවන්ති වෙච්චි.එකත් එකටම අර ඉරිසිවර පොර මුන්දැට හෙණ බොරුවක් කරල තියෙන්නෙ මට පේන විදිහට...

      Delete
    6. මනේකා: හිටු අල්ලගන්ඩ උඹව...
      හෙන්රි භයියා: හෙක් හක් :-p
      රවී අයිය: අම්මපා... මුන්දැට රහසක් කිව්වාම රැකගන්ඩ බැරි හැටියක්?
      බූර් භයියා: කතාකරපං අයියෙ ආං එහෙම.. :-D

      Delete
    7. පුහ්! අපි බයවෙයි ඔය අංගනාවිට! අම්මපා දැන්නම් මට රස්සාව දමල ගහලා පාරේ හිඟාකන්ඩ හිතිලයි තියෙන්නේ!
      උන්දෑ ඉන්දියාව කර උඩ තියන් උන්නට අපි අහවල් එකක් කොරන්ඩයැ! තව එකක්, මේ සබ්ජෙක්ට් එකට අදාලව මට සපෝට් එකට උන්දැගේ පෙම්බරයත් ඉන්න හන්දා අපි බය නෑ ! තාපසියෝ, පරිබ්‍රාජිකාවෝ සිටු දියණියෝ, නාටිකාංගනවෝ ඕන එහෙකුට එන්ට කියාපිය!

      Delete
    8. Maneka,

      / තව එකක්, මේ සබ්ජෙක්ට් එකට අදාලව මට සපෝට් එකට උන්දැගේ පෙම්බරයත් ඉන්න හන්දා අපි බය නෑ /

      පෙම්බ්‍රාස්ට ඔය ඉන්දියාව පෙන්නන්ට බැරි හේතුව උඹ දන්නවද?

      ඔවුන්දැ එක පාරක් ට්‍රින්කො ගිහිල්ල කිමිදිච්චි වෙලාවක මඩුවෙක් ඇනල පස්චාත් බාගයට...හෙහ්,හෙහ්, මඩුව දන්නවනෙ නේද? අර එවුන්ගෙ වලිගෙ තියෙන්නෙ ගැට ගැට වගෙ..තෝ වගෙ තේඋඩිච්චියන්ට අපෙ කාලෙ හතරමං හංදියෙ තියල තැලුවෙ ඔය මඩු වලිගා වලින් තමයි. අම්මාපල්ල එහෙම කොරන්ට දැං බැරි හැටියක්..හරි ඒක කමක් නෑ.ඉතිං අර යෝදයට මඩුව ඇන්න පාර මුනිං අතට තමයි මාස දෙකක් තරම බුදියල තියෙන්නෙ. අනික මඩුව ඇන්නහම ආය නෑ ඇසිඩ් වැක්කෙරුව වගෙ තමයි. ඔය මඩුව ඇවිල්ල ඉන්දියාව අවට සාගර කලාපයට ආවේණික සත්වයෙක්. අන්න එදා ඉඳල තමයි පෙම්බ්‍රාස්ට ඉන්දියාව පෙන්නන්ට බැරි උනේ...හෙහ්,හෙහ්,

      / තාපසියෝ, පරිබ්‍රාජිකාවෝ සිටු දියණියෝ, නාටිකාංගනවෝ ඕන එහෙකුට එන්ට කියාපිය! /

      මේ උඹ එහෙම කතා කරන්ට එපා දන්නවද ඒ කෙල්ලට? ඕකි මගෙ නඟන්ඩි උනේ උඹට නෑනන්ඩි වෙන්ට අවුරුදු දෙදාස් ගාණකට ඉහත..අන්න ඒක දැන ගනිං තේරුණාද? ඒ කොහෙද කියල ඇහුව? වෙන කොහෙවත් නෙවෙයි බොල දඹදිව දඹදිව...මගධ රටේ රජගහනුවර එක් වෙළඳ කුලයක.....මේ....ඒ කතාව කියන්ට ගියොත් අද මේක ඉවරයක් වෙන්නෙ නෑ. වෙනිං වෙලාවක හොඳද?..මට මතක් කරපං

      Delete
  16. එකගෙයි කෑම හරිම අතාත්වික ක්‍රියාවක් විදියටයි මට දැනෙන්නෙ. ඉස්සර චම්පා ශ්‍රියානි රගපාපු ටෙලිය පුංචි අපි බලාන ඉද්දි....ඔය දෙන්නටම සලකන කථා අරවා මේවා යද්දි..අපේ අම්මා සැර දාලා ඒ කථා බැලීම තහනම් කලා. එක ගෑණියෙක්ට පිරිමි දෙන්නෙක්ව වෙනසක් නැතුව සලකන්න හැකියි කියලා මට නම් විශ්වාසයක් නෑ. කථාව ලියවිලා තියෙන විදිය හිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට නිතියෙන් නැතිවට එක ගෑනිත් එක් නිදියන පිරිමි නැද්ද කියාපන් මලයා. ඒවා හොර ෂොට් කියන්න නං එපා.

      Delete
    2. ස්තූතියි සිරා...:)

      Delete
  17. rasama rasai,aka digatama kiyauwa.mama hama kathawakma kiyonawa - N

    ReplyDelete
  18. //සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.//

    ඉතිං ඊට පස්සේ?

    මම ඕක එදත් ඇහුවද මන්දා. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      එදා ඇහුව උනත් මම දෙන්න ඇත්තෙ මේ උත්තරේම තමයි...:)

      කතාවේ ඉදිරිය කෙසේ වියහැකිදැයි උපකල්පනය කිරීමට ඔබට පූර්ණ නිදහස ඇත.

      Delete
  19. අභව්‍යයි මචෝ.. එකගෙයි කාපු තැන්වල ඇත්ත තත්වේ ඕක නෙමෙයි. අඩුම ගානේ හොරෙන් කන තැවලවත් ඔහොම නෙමෙයි. මාමන්ඩි කෙලින් තැන්වලත් ඔහොම නෙමෙයි. මම දැක්කා දේශාද කොහෙද ලියපු කතාවක හැලපේ කියලා තිබුනා මේ පරිසරය ගැන අවබෝධයක් නැතිව ලියපු කතාවක් කියලා. එකගෙයි කාපු තැන්වල තිබුනේ මෙහෙම කේස් එකක් නෙමෙයි. ඒක කලින් සියළු දෙනා දැණුවත්ව කරපු වැඩක්. විශේෂයෙන් එකගෙයි කන්න එන ගෑණිව.

    අනික අපි පොඩි කාලෙත් යම්කිසි ලිංගික නිදහසක් මිනිස්සුන්ට තිබුනා.. මේ කතාවේ වගේ පිරිමි හොයා ගන්න නම් බොහොම අමාරුයි. කතාවේ හැටියටත් පරිසරය නිර්මණය උන් ආකාරය අනුව වෙන්න යන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැත්නම් මූ හරකෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Mathalan,

      / අභව්‍යයි මචෝ.. එකගෙයි කාපු තැන්වල ඇත්ත තත්වේ ඕක නෙමෙයි. අඩුම ගානේ හොරෙන් කන තැවලවත් ඔහොම නෙමෙයි. මාමන්ඩි කෙලින් තැන්වලත් ඔහොම නෙමෙයි. /

      එකගෙයි කෑම ගැන විකාරද මාතලන් කියනවනම් අභව්‍යයයි කියල මම පිළිගන්නම්.ඕ.කේ. නෝ ප්‍රොබ්ලම්. ඇග්‍රීඩ්.

      / අපි රාමු ඇතුලෙම් ඉන්න ඕනේද හැමදාම. ඔය කියන්නේ පිලිගත් දේ හා සම්ප්‍රදාය නේ.. මම ඒකට කොහොමත් කැමති නෑ../

      ඊ ගාවට මෙහෙම කිව්වෙත් උඹ. ඒ අනුව මචං මේ කතාව මම දානව රාමුවෙන් පිට පැනල අලුත් කැටගරි එකකට..ඒ තමයි " අභව්‍ය කෙටිකතා "

      / මේ කතාවේ වගේ පිරිමි හොයා ගන්න නම් බොහොම අමාරුයි. කතාවේ හැටියටත් පරිසරය නිර්මණය උන් ආකාරය අනුව වෙන්න යන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැත්නම් මූ හරකෙක් වෙන්න ඕන. /

      හරක් වගෙ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්න එපාය බං..මොකෝ හරක කියල මරන්නය...නැද්ද?...හරකෙක් වගෙ මිනිහෙක් ගැන ලියපු කතාවක් කියල හිතා ගනිංකො...හෙහ්,හෙහ්,

      Delete
    2. එහෙනං හරිනේ අලුත් ලේබල් දෙක හදන්නටද?

      "අභව්‍ය කෙටි කතා"
      "හරක්මය කෙටි කතා"

      :D :D :D

      Delete
    3. මචංස්ලා.....අභව්‍ය සිදුවීම්, අභව්‍ය චරිත මේ ලොවතුල නොපවතීද? එවන් චරිත හෝ සිද්ධීන් සාහිත්‍යමය නිර්මාණ ලෙස ලෝකයට එකතුවිය නොහැකිද? නොවිය යුතුද? මාත් මේ නහින දෙහින කාලේ යමක් ඉගෙනගන්න අහන්නේ. නොදන්නා දේවල් කාගෙන් හරි අහගන්නත් එපැයි.

      Delete
    4. ඕක අහන්ට ඕන මාතලන් තුමාගෙන්ම තමා.. එයැයි තමා බෑ යි කියලා කියන්නෙ.. :-)

      Delete
    5. තම්න්ගෙ ගැනි වෙන මිනිහෙක එක්ක නිදියන එක දන්නෙ නැ වගෙ ඉන්න මිනිස්සු නැත්තෙ නැ.එ වගෙම මෙතන ගෙදරට බැදිමක් නැතුව මෙ පරිසරෙන් වෙන්වෙලා ඉදපු එකෙක් එහෙම තෙරුම් නොගැනිම වැරදිත් නැ.

      Delete
    6. මගේ සත්තරන් රවියෝ.. නෝනත් ඇවිල්ල මට කෙලින්න.. අනිවා මගේ තියරිය අනුව නම් ඕනම කැටගරියකට දාත හැකි. ඒත් උඹලා නේද ඔබේද රූල්ස් ගේම් ප්ලේ කොරන්නේ. කතාවේ රහේ අඩුවක් නම් නෑ. කොහොමත් උඹගේ ලිවිල්ල නම් ඉස්තරන්. මට හිතෙන දේ මම කිව්වා.

      ඇත්ත වශයෙන්ම මේ නිර්මාණය "බබා හුකුං කෙටි කතා" කැටගරියට දාන්න පුළුවන්.

      මොකෑ කියනවානම්. ගෙදර වාහේ පැල් රකින්න ගිහින් ඉඳිද්ඩි ඇඟ උඩ නගින් ගෑණි පෙරලගෙන හැමිනෙනවා මිසක්කා. ඒ වෙලාවට මොන සාහිත්තෙද රවී.

      එහෙම නැත්නම් තෝ කුදගහගනින් කියලා ඌත් යන්න ඕන පැල් රකින්න.

      Delete
    7. Matalan,

      / මොකෑ කියනවානම්. ගෙදර වාහේ පැල් රකින්න ගිහින් ඉඳිද්ඩි ඇඟ උඩ නගින් ගෑණි පෙරලගෙන හැමිනෙනවා මිසක්කා. /

      හැමිනෙනව කියන එක මල්ලි ඔය හැටි කොයි වෙලෙත් කියවන්ට ඕන එකක් නෙවෙයි.ඕකත් සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරිත්වයේම එක අංගයක්. සමහරක් කොයි වෙලෙත් ඔය හැමිනෙනන එක ගැනම කියවන්නෙ ඕක හරියට කරගන්ට බැරි වෙච්චි එවුං. හිතේ කොයි වෙලාවෙත් තියෙන්නෙ ඔය ගැනමනෙ. ඉතිං කතා කරන්නෙත් ඒ ගැනමයි.

      මම ලියපු කතාවෙ කතා නායකය මචං හැමිනිල තියනව ඕන හැටිය. ඒ නිසා ඌට ඒක ඔය උඹ හිතන තරං මහ ලොකු දෙයක් නෙවෙයි.තමංගෙම අයියගෙ බිරිඳ අරවගෙ දෙයක් කියල අඬාවැටෙනකොට ඒ මොකවත් සලකන්නෙ නැතුව හැමිනෙන මනුස්සයෙක් ගැන නෙවෙයි මචං මම මේ කතාව ලියල තියෙන්නෙ.එහෙම මිනිස්සුත් ඇති. ඒත් මේ කතාව එහෙම මනුස්සයෙක් ගැන නෙවෙයි. සමාවෙයං...

      Delete
    8. එහෙම හැමිනිලා නැති එකෙක් වෙන්න ඕනා රවියෝ.. මම දන්න හැමිනෙන උන්ට නම්...

      "බුරියෙන් පහළ නෑ කම් නැත..."

      "දර කොටයක් වුවද හුස්ම වැටෙන්නේ නම් එපමණකි..."

      Delete
  20. //දෙමළ කතාකරන්ඩ බැරිඋනාට මට යම් තරමකට තේරුම් ගන්ට පුලුවනි. ඒ දන්න ටික සහ එදා ඒ පියගැටපෙළේම මා වටා ඉඳගෙන උන්නු චෙන්නයි වාසීන් සමඟ බොහොම සුහද සාකච්ඡාවක නිරත වුනු අන්දම අදත් සොඳුරු මතකයක්. ක්‍රිකට්, ඉන්දු - ලංකා සබඳතා, රාම, රාවණ, විජය ඔය වගෙ බොහෝසේ පුළුල් විෂය පරාසයකට අදාලව අපි අදහස් හුවමාරු කර ගත්ත. //

    මට මැවිලා පේනවා හස්ත මුද්‍රා, අංග චලන උපයෝගී කරගෙන අයියා රාමායනයේ හනුමා ලංකාවට අපු හැටි නට්ටටෙන් ගිනි තියපු හැටි එතකොට විජය දැක්ක ගමන් කුවේණිට උන දේ එහෙමෙ පෙන්නන හැටි....නියමෙට තියෙන්න ඇති නේද.....


    මට නම් හිතා ගන්න බෑ 1 ගෙයි කන්නේ කොහොමද කියලා .තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක් 1 මුකුළු කර කර ඉද්දි හිත හදාගෙන ඉන්නේ කොහොමද කියලා .....

    මහාභාරතයේ ද්‍රෞපදී කියන්නෙ එහෙනම් ඉන්දියාවේ මුල් කාලයේම රාජකීය පිරිමි අනතප්පුරයක් තිබුන ගැණු කෙනා වෙන්න ඕනේ නේද ....නියමයි නියමයි .....

    ReplyDelete
    Replies
    1. \\මට නම් හිතා ගන්න බෑ 1 ගෙයි කන්නේ කොහොමද කියලා .තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක් 1 මුකුළු කර කර ඉද්දි හිත හදාගෙන ඉන්නේ කොහොමද කියලා .....\\

      ඔතන තියෙන්නේ අයිතිය, මගේකම කියන එකේ ගැටැළුවක්, ඒක අස්වාභාවිකයක්. ස්වාභාවිකත්වත් එක්ක සමපාත වෙලා උන්න ඒ මිනුස්සුන්ට ඒක ඔච්චර ගැටළුවක් නොවෙන්න ඇති, අනික ආදරය කියන එකේ ඩෙෆිනිශන් එකත් දැනට වඩා ඉස්සර වෙනස් ඇතිය කියල මට හිතෙනව.

      Delete
    2. Sacheera,

      / මට මැවිලා පේනවා හස්ත මුද්‍රා, අංග චලන උපයෝගී කරගෙන අයියා රාමායනයේ හනුමා ලංකාවට අපු හැටි නට්ටටෙන් ගිනි තියපු හැටි එතකොට විජය දැක්ක ගමන් කුවේණිට උන දේ එහෙමෙ පෙන්නන හැටි....නියමෙට තියෙන්න ඇති නේද...../

      එහෙනං බං.... හනුම වලිගෙං ගිනි තියන සීන් එක පෙන්නන්ට ගිහිල්ල තමයී මර කෙලියක් උනේ....:)

      / මට නම් හිතා ගන්න බෑ 1 ගෙයි කන්නේ කොහොමද කියලා .තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක් 1 මුකුළු කර කර ඉද්දි හිත හදාගෙන ඉන්නේ කොහොමද කියලා ...../

      එහෙම ප්‍රසිද්ධියේ මුකුළු කිරිල්ලක් සිද්ද වෙන්ට නැතුව ඇති බං මට හිතෙන විදිහට.ඔහොම විශේෂිත තත්වයකදි බොහොම සංයමයකින් හැසිරෙන්ට උවමනයි.,අදාල සියළු පාර්ශ්වවලට මේ තත්වය පොදුයි. අනික නවම් කියල තියන කාරණෙත් ඇත්ත මට හිතෙන්නෙ.

      / අනික ආදරය කියන එකේ ඩෙෆිනිශන් එකත් දැනට වඩා ඉස්සර වෙනස් ඇතිය කියල මට හිතෙනව /.

      පොඩි එකතු කිරීමකට අවසර. ….ආදරය සහ ආදරය ප්‍රකාශ කරන අයුරු දැනට වඩා ඉස්සර වෙනස් ඇතිය කියල මට හිතෙනව

      Delete
  21. 1994 කාලේ මහාභාරත් දවල් 1යි ගානකට විකාශය වුනා කියලා මට මතකයක් නැහැනේ. 1994 ඉඳන් මහාභාරත් එම්ටීවී (ඒ කාලේ සිරස ටීවි නෙමෙයි එම්ටිවි) එකේ රෑ 7 සිට 8 දක්වා නම් විකාශය වුනා. අපිත් ආයේ ඔය පැය අත් හරින්නේ නැහැ. මට ඒ කාලේ හිතුනු දෙයක් තමයි ඉතිහාසය වගේ විෂයයක් පොත් වලින් උගන්වනවාට වඩා මේ ‍වගේ නාට්‍ය/චිත්‍රපට වලින් ඉගැන්නුවා නම් කොච්චර හොඳද කියලා.
    මොකද කිව්වොත් මහාභාරතයේ ඉන්න සමහර චරිත වල නම් සහ සිදුවීම් අදටත් හොඳට මතක තියෙන්නේ ඒ කාලේ ඒ බලපු වැඩසටහන නිසා.

    ප.ලි. ‍මේ භාගයක් කියවලා ටයිප් කරපු කොමෙන්ටුවකි. තව මගදි තවත් කොමෙන්ට් වැටෙන්නට ඉඩ තිබේ

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      1994 වගෙ මහාභාරතය ගියා බං ඉරිද දවල් 1.30 ට වගෙ. මම මේ ආයම මයෙ මැමරි ස්ටෝරේජ් එක කලම්බල බැලුව. අවුලක් නෑ...එහෙම විකාශය උනා...ඒත් ඔහේ කියපු දෙවෙනි කාරණේ හරි. එතකොට නම සිරස නෙවෙයි Channel 1 ..M. T. V...සිරස කියල නම වෙනස් කරල තියෙන්නෙ 1998 අවුරුද්දෙ

      / මට ඒ කාලේ හිතුනු දෙයක් තමයි ඉතිහාසය වගේ විෂයයක් පොත් වලින් උගන්වනවාට වඩා මේ ‍වගේ නාට්‍ය/චිත්‍රපට වලින් ඉගැන්නුවා නම් කොච්චර හොඳද කියලා. /

      ටෝටලි ඇග්‍රීඩ්..පූර්ණ වශයෙන් එකඟ වෙන්නෙමි. :)

      Delete
    2. මට නං මතකම නැහැ දවාලියේ විකාශය වුනා කියලා. මොකද ඔය වැඩසටහනට අපි මන බැඳගෙන හිටපු හැටියට එහෙම ගියා නං අමතක වෙන්න ම බැහ්.

      හරි හරි කමක් නැහැ, අවුරුදු 8ක විතර මිතුදමේ අවසානේ ටෝටලි ඇග්‍රීඩ් කියලා පළමු වතාවට අහගත්ත මේ වගේ පාටි දායක අවස්ථාවක ආයේ මොටද මේ කොහෙවත් යන මහා භාරතයක් අල්ලාගෙන වාද කොරන්නේ? නැද්ද මං අහන්නේ?

      Delete
    3. Randil,

      / හරි හරි කමක් නැහැ, අවුරුදු 8ක විතර මිතුදමේ අවසානේ ටෝටලි ඇග්‍රීඩ් කියලා පළමු වතාවට අහගත්ත මේ වගේ පාටි දායක අවස්ථාවක ආයේ මොටද මේ කොහෙවත් යන මහා භාරතයක් අල්ලාගෙන වාද කොරන්නේ? නැද්ද මං අහන්නේ? /

      අන්න ඒකනෙ...එනව මෙතන වාද කරන්ට ....හෙහ්,හෙහ්, හැබැයි මම මේ කල්පනා කරන්නෙ මට වැරදුනාවත්ද කියල. මොකද මට ටූ හන්ඩ්‍රඩ් පර්සන්ට් ෂුවර් ඉරිද දවල් තමයි මහාභාරත් බැලුවෙ කියල. බොහෝ වෙලාවට මම මිදුල අතුගෑවිලි, රෙදි පෙරෙදි හේදිලි ඔය ඔක්කොම ඉවර කරනව ඔය වෙලාව අල්ලල. ඒ කරල දවල්ට බත් කන ගමන් තමයි ඕක බලන්නෙ.

      ඒත් මේ වයසක මගෙ මැමරි කැපෑකුටියට වැඩිය ලාබාල ඔහෙලගෙ මෙමරිය හොඳ වෙන්ට එපාය. ඒ නිසා මොකක් හරි අවුලක් නම් තියෙනවාය.:)

      Delete
  22. මී ක්‍රමයට මූලික උනේ දේපලනෙ. එහෙම උනෙත් මිනිස්සු තනිකරම ඉඩම් නිසා යැපුන සමාජෙක.. ඒක වෙනස්වෙන්න හේතු උනෙත් අර යැපීම වෙනත් අංශවලට බෙදී යාම. තාත්තා ලොකු තාත්තා අප්පච්චි ලොකු අප්පච්චි අප්පච්චි කුඩප්පච්චි අප්ප මහප්පා මේ විදිහට නම් හැදෙන්න ඇත්තෙ ඔය ක්‍රමය නිසස්
    ඔය වගෙම ඔයතරං ප්‍රචලිත නූනත් එක මනුස්සයට ගෑණු දෙන්නෙක් ඉන්න ක්‍රමයක් තිබ්බ. එක පව්ලෙම අක්කයි නංගියි එක මිනිහෙක් එක්ක දීග කෑමත් පිළිගත්ත සම්ප්‍රදායක්.. මං හිතන්නෙ අද කාලෙ අපිට වඩා ඒ අතින් ආදි කාලීනයෝ දියුණු මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. //එක පව්ලෙම අක්කයි නංගියි එක මිනිහෙක් එක්ක දීග කෑමත් පිළිගත්ත සම්ප්‍රදායක්.. //

      //මං හිතන්නෙ අද කාලෙ අපිට වඩා ඒ අතින් ආදි කාලීනයෝ දියුණු මිනිස්සු. //

      මාර මිම්මක්නේ සරත් අයියා අරගෙන තියෙන්නේ ආදී කාලීන මිනිස්සුන්ගේ දියුණුව මයින්ට............. :D :D :D

      Delete
    2. මම හිතන්නෙ සරත් අයියා කිව්ව දියුණුව "සිද්ධින් දෙස උපේක්ෂාවෙන්, සම හැඟීමෙන් " බලන්න පුළුවන් කම කියලයි.

      Delete
    3. නවම් සමඟ එකඟ වෙමි. සරත් එදා සමාජය දියුණුයි කියල අදහස් කලේ එහෙම බහු විවාහ හැල හැප්පීම්වලින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව සහ උපේක්ෂාවෙන් ඒ දෙස බැලීමේ හැකියාව ගැනය කියලයි මටත් හිතෙන්නෙ..

      Delete
  23. \\පපුව පුරා විහිදීගිය පිච්ච් මල් සුවඳක් ද සමඟ කාමරයට විහිදුනු සඳ එලියෙන් \\

    හෙහ් හෙහ් කලින් වංගියක කිව්වා නේද පිච්චමල් සුවඳ එන්නෙ දෙයියො වඩිනකොටෙයි කියල හෙහ් හෙහ්.......

    හෙන් රී කිව්ව වගේම උඹෙ කතා හරිම නැවුම්, කොච්චර නැවුම්ද කියනවනම් අටපට්ටම වගේ හැම තැනම නැවුම්... හෙහ් හෙහ් විහිළු නෙවෙයි....

    ඒක හරියට නැවුම් මැටි කළයකට කට පෙත්තටම වතුර පුරවල ඒක උඩට පිච්චමල් තුන හතරකුත් දමාපුවාම එන නැවුම් කම තමයි උඹේ කතාවක් කියෙව්වට පස්සෙ දැනෙන්නෙ.

    එහෙම අත්දැකීමක් මම ලැබුවෙ හිච්චි එකා කාලෙ මොකක්ද අපලෙකට සුරයක් දානකොට මතුරපු වතුර කළගෙඩියක වතුර බොන්න දුන්නට පස්සෙ. මට ඊලඟට මතක් වෙන්නෙ ඒක මතුරපු හීං මුත්ත... ඔන්න ඒපාර මට රවී අයිය ගෙ රූපෙ රීප්ලේස් වෙනව හීං මුත්තත් එක්ක. එතකොට මල් මසුරං. ලොඹු කටත් එක්ක රැළි ගැහිච්හ බඩ ගෙඩිය.. හෙහ් හෙහ්...

    මලයට එහෙම එකක් කලින් නොදැනිච්ච එක නම් පොඩ්ඩක් අප්සැට් වගේ. ඒත් ඒකෙත් පොඩි පහේ ගතියක් නැත්තෙ නෑ. ගතියක්ය කිව්වෙ නිකං මේ පපුව ටීං.... ගානව වගේ එකක්.

    මේ කතාව දිගටම ලියනවනම් ආයෙ මල් පහට ලියන්න පුළුවන් නේ... ? දෙන්න දෙපොළේ දෑක්කීම වගේ දෙයකට මානුශික මුණූවරක් දීල එහෙම බොහොම බරපතල කාරණාවක් අගේට ලියන්න පුළුවන් මිනිස් හිත් වැඩකරන විදිය ගැන. ඒකට වැටෙන කොමෙන්ට්ස් වලින් තව තව පාරවල් කීයක් නම් විවෘත්ත වෙයි ද...

    මොකෝ කියන්නෙ ආයෙ මෙගාවක් ලියමුද බං අයියෙ ?

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් මගේ පෞද්ගලික මතය නම් එහෙම ජීවිත "ලිංගිකත්වය" කියන මාතෘකාවෙන් බැහැර උනාම ලස්සන වෙන්න ඇති කියලයි. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියලනම් පැහැදිළි මතයක් අදහසක් නෑ. ඒත් මට හිතෙනව එහෙම වෙන්න ඇතිය කියල, සාමූහික ජීවිත දැන් දැන් ගතකරන ඒකල කුටුම්භවලට වඩා ලස්සන වෙන්න ඕනෙ, ඒකනෙ නෑදෑයො පිරිච්ච තැනක අමුතු ලෙංගතුකමක් තියෙන්නෙ.

      "ලිංගික වශයෙන්" උනත් අමුතු කැතක් අවුලක් නොතිබෙන්න ඇතිය කියල වෙලාවකට හිතෙන්නෙ අද අපි මේ කතාකරන "සදාචාරය" ඒ අර්ථයෙන්ම මිනිස්සු නොදකින්න ඇතිය කියල හිතෙන නිසා. අපි අද කොච්චර දියුණුය කියල කිව්වත් මානුශික හැඟීම් අතින්, අනෙකා තේරුම් ගැනීම අතින් අපි හැබෑවටම පස්සෙන්.

      Delete
    2. මේං වැන්ද.. කියන තැනකට.. ‍පොඩ්ඩක් කට කරුණාවෙං හිටහංකො නවමො.. මුන්දැ කොයි වෙලෙත් ඇන්නෑවෙ කියා ගත්ත ගමං කොට.. උඹ මෙතන ඇවිල්ල උල්පන්දං දෙනව මෙගා ලියන්ඩය කියල

      Delete
    3. අනේ බං එහෙම කියන්න එපා. මේකා ආයෙ මෙයිං ටොපික් එකකින් ලිව්වොත් මල් මසුරං පහට තියෙයි. අර දඩයක්කාරයොත් එක්ක පරසක්වල නොයා..

      Delete
    4. ජනූ එක්ක සම්පූර්නෙන්මයි තවත් ටිකකුයි එකඟයි..
      දැන්ටම මේ බ්ලොගේ අතෑරලා දාලා තියන මෙගා කෑලි කොච්චර තියනවද..තවත් එකක් පටන් ගත්තොත් හොඳට හිටී...
      රවීත් හරියට මෙගා ටෙලි නාට්ටි කාරයෝ වගේ...කතාවක් පටන් අරන් ඉවර වෙලා ලස්සනට ලියාගෙන යද්දි මේ කතාව මේ වැඩේට හරියන්නෑ මම මේක නවත්තලා පටන් ගන්නවා තව එකක් කියලා ඔන්න තවත් අටමගලක් කියෝගෙන යනවා..
      ටික දොහෙකින් ආයේ අයිඩියාවක් එකවා අර පරණ එකට අමුණන්න පුළුවන් එතකොට මේ ලියන එක නවත්තලා පරණ එකට බහිනවා..

      අපිත් ඉතින් අර ටීවි බලන පාඨකයෝ වගේ ෂා මේ කතාවත් මාරයිනේ කියලා උන්දෑ ලියන ඕන එකක් කියවනවා...!!

      Delete
    5. //එතකොට මල් මසුරං. ලොඹු කටත් එක්ක රැළි ගැහිච්හ බඩ ගෙඩිය.. හෙහ් හෙහ්...//

      මාර වර්ණනාව අප්පා....... :D

      Delete
    6. පොඩ්ඩිත්තක් ඉවසලා හිටිල්ලා බොලල්ලා.. රවියත් මේ මහා කාව්‍යයක් තමා ලියාන්නෙ.. එක එක point of view (pov) characters දාලා ලියාගෙන ගියාට දවසක ඔය ඔක්කොමල්ලා එකට එක්කහු වෙනවා.. ඒ කියන්නෙ දඩයක්කාරය යි, චුට්ටි මැණිකෙ යි, විමලෙ අයිය යි, අනර්කලී යි, සුබා යි, ගුරුවරිය යි ආදී මෙකී නොකී හැමෝම ඔය මහා කාව්‍යයේ කොටස්.. දැන් බලහන් දවසක මුන්දැ ඔය ඔක්කෝම characters එකතු කරලා ගන්න හැටි ලාස්සනට.. ආන්න එදාට තමා බොලාලට කට උත්තර නැති වෙන්නෙ.. ඕන්න, මං කිවුවයි කියාලා හිතේ තියාගනිල්ලා ඔය රවියට බනින හැමෝම.. :-D

      Delete
    7. සහෝලෝල ඇත්ත කතාව බූරො. ආයෙ මේ ලළනාවියො උන්නෙ කිරිඅප්ප වගේ ඉන්න මුන්දැට මෙයාකාර දොස් පරොස් කියන්නෙ අහවල් එකකටද මංද.

      මාත් හිතන්නෙ මෙඋන්දැ මේ ලියාපු කතා ටිකේ ගෑණු, මිනිස්සු, ළමයි බමයි තලගොයි, මුගටි, කැබැල්ලෑවො සේරෝම ටිකේ කං කෙටිඔලිං අල්ලල අඹරෝල ගන්නව එක තැනකට ආයෙ නෑ ඔයි දොස් කියන උන්දැලට විරෝපට්ටං ගහං ඉන්න.

      මේක මහා වියායාමයක් බොලව් මුන්දැගෙ.. ඒකට අකුල් හෙලල ආයෙ මේ සම්මජ්ජාතියෙ සුගතියක උපදින්න එහෙම නෙවෙයි. අවීචියෙමයි පැහෙන්නෙ.

      Delete
    8. බූරා සහ නවම්,

      මේ තොපි දෙන්නට කියන තැනකට වඳිඤ්ඤං...මගෙ ඔලුවට ඔය අනම් මනම් විකාර දාල මාව පිස්සු වට්ටන්නෙ නැතුව ඉන්නවද? පිං සිද්ද වෙයි..ගිය පාරත් අර මම යසට ලියාගෙන ආපු දඩයක්කාරයගෙ කතාව පීලි පන්නල කොලෑ කරල දහ විහිලි කරල අන්තිමට මට ශිලා මස්තකයේ දියරමය මළපහකල බිළාල පෝතකය වගෙ විරව පට්ටං ගහගෙන ඉන්ට වැඩ සුද්ද කලේ බොලා දෙන්න තමයි...

      තවත් තොපි දෙන්න මේ මහා වීර කාව්‍යය ගැන කියන්ට ආවොත් මටත් හිතෙන්ට බැරි නෑ අම්මාපල්ල ඇත්තම නේද මුං දෙන්න මේ කියන්නෙ..එහෙම එකක් ලිව්වොත් සාහිත්තිය සම්මානයක් උනත් ගන්ට බැරිවෙන එකක් නෑ නේද කියල...ඒ නිසා දෙයියන්නෙ නාමෙට කටවල් වහගෙන හිටපියව්..මට මේ ඉන්න විදිහට ඉන්ට දීල...

      පලි - මේ කොල්ලනේ...ඕක කොහොමද හොඳ පටන්ගන්ට බාල්ලා?..දඩයක්කාරයයි චුට්ටිමැණිකෙගෙනුයිද? එක්කො ජයසේනයි කුවණ්ණායි දාමු. නැත්තං විමලෙ අයොයයි අනර්කලී උනත් නරක නෑ...හෙහ්,හෙහ්, අද ගෙද්ගර ගිහිල්ල අර වැට් කොටයක් තියනාව්. ඒකෙං දෙකක් ලඟ ලඟ නවාගෙන චිත්ත සන්තානය අවදි කරවල බලන්ට ඕන...

      Delete
    9. අයියා ලියන්ට අයියා ලියන්ට... ආයෙ බූරයි මායි මේකෙ පැල් කොටයක් අටෝගෙන හරි උඹට එන ඉස්ත්‍රී ආපදා වලින් අතුරු ආන්තරාවක් නොවෙන්න ඇහැක් බලාගන්නව වගේ ආරස්සා කොරඥ්ඥං ආයෙ ඒක ගැන හැකක් තියාගන්න එපා.

      Delete
    10. නවම්,

      උඹ ඉඳී පැල් කොටයක් අටවාන චුට්ටි මැණිකෙ ඇවිල්ල කං කෙටියෙං අල්ලල ඇදගෙන යනකල්.....:)

      Delete
  24. මෙන්න පොඩ්ඩි අක්කාගෙ පෝස්ට් එකට රවි අයියා මේ කතාව ලිව්ව වෙලාවේ මං ඒකට ඈන්ධාපු වලිගේ... :D

    කඳුළු පිසිමින් කාමරයෙන් පිටත් වන්නට හදද්දී ඔහුගේ ඇමතුම ඇසුනෙන් වසන්තී ආපසු හැරුණාය. ඔහු තමා දෙස බලා සිටි ආකාරය තුළ කෝපයත්, කළකිරීමත් සමග මුසු වූ අනුකම්පාවක්ද තවත් විස්තර කළ නොහැකි ආකාරයේ හැඟීම් සමුදායක්ද තිබූ බව ඇයට සිතුණි. මොහොතක් වේලා ඈ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු තමා අසළින් පැමිණ හිඳගන්නා ලෙස ඇයට පැවසුවේය. බිමට යොමාගත් දෑසින් යුතුව ඔහුට කීකරු වූ වසන්ති ඇඳ මතින් හිඳගත් සැනින් ඔහු සිය කටහඬ අවදි කළේය.
    "ඇයි නංගි මේ වගේ දේකට කැමති උනේ?"
    "මේ වගේ දේකට කිව්වේ?"
    "මේ වගේ විවාහ යෝජනාවකට?"
    වසන්ති හෙමිහිට හිස ඔසවා ඔහු දෙස බලා නැවතත් බිම බලාගත්තාය. "මං කළිනුත් කිව්වේ... පොඩි අයියා නිසා..."
    "එහෙමයි කියලා මෙහෙම දෙන්නෙක් එක්ක එන එක..."
    "ඒ අපේ පරම්පරා වල පැවතගෙන ආපු සිරිත් විරිත්නේ පොඩි අයියේ... මමයි කියලා ඒ ගැන මොනවා කරන්නද?"
    "පරම්පරාව!" ඔහු තොල් මැතිරුවේ කෝපයෙනි.
    තවමත් වේලී නොතිබූ ඇගේ දෑස් තුලින් නැවතත් කඳුළු ගලා හැලෙන්නට විය. "අයියා කේන්ති ගන්න එපා... මං යන්නං..." ඇය නැගී සිටියාය. එහෙත් ඇගේ අතින් අල්ලා නැවතත් ඇඳ මත වාඩි කරවූ ඔහු දිගු දේශනාවකට සූදානම් විය.
    "මං ඔයත් එක්ක කේන්තියෙන් මේවා කියනවා නෙවෙයි වසන්ති... අපි මිනිස්සුනේ... අපිට හිතලා බලලා වැඩ කරන්න මොළයක් තියෙනවනේ... පරම්පරාවෙන් පැවතගෙන ආවයි කියලා මේ හණමිටි විකාර අදහස් අපිත් ඔළුව උඩ තියං ඉන්න ඕනෙද? මේ ඉඩ කඩං අයියටයි මටයි කියලා වෙං කරලා බෙදන්න බැරිනං ඔක්කොම අයියටම ලිව්වට මට කමක් නෑ. ඒත් ඉඩ කඩං බෙදන්න බැරි කමට තමංගේ ජීවිතේ බෙදාගන්න ඉන්න කෙනාව තව කෙනෙක් එක්ක බෙදාගන්න පුළුවන්ද?"

    වසන්ති පිළිතුරු දීමට පෙර මඳ වේලාවක් නිහඬව සිටියාය. "පොඩි අයියේ... අයියා පේරාදෙණියෙ ගිහිං ඉගෙනගෙන, කොළඹ රස්සා කරනවා - අපිට වඩා රටේ ලෝකේ දේවල් ගැන ගොඩාක් දැනුම් තේරුම් ඇති... ඒත් මං උපන් දා ඉඳං ගමෙන් පිට අඩියක් තියලා නෑ... අපේ ගමේ, පරම්පරාවේ පැවතෙගෙන ආපු දේවල් තමා මට උරුම... අප්පච්චිලගෙ බහට උඩිං යන්නෙ කොහොමද මං? කාරි නෑ, අයියට කැමැත්තක් කරන්න.. අයියගෙ අර කොළඹ ගෑණු ළමයත් එක්ක - " වසන්තිට එතැනින් එහාට වචන ගලපාගන්නට නොහැකි විය. දෑතේ මුහුණ හොවාගෙන හඬන්නට වූ ඈ දෙස ඔහු මොහොතක් වෙලා බලාගෙන සිටියේය. එතෙක් වේලා වළාකුළු අතර සැඟව හුන් සඳ නැවතත් මතු වූයෙන් සඳ එළිය කවුළුව තුළින් කාමරයට ඇතුල් විය. ඔහුගේ දෑස් මොහොතකට ඈ වෙත නතර විය. ඔහුගේ නිහඬතාවය හමුවේ හිස එසවූ වසන්ති ඔහුගේ දෑසේ වූ බැල්ම දැක නැවතත් බිම බලාගත්තාය. එයින් දැහැනෙන් මිදුන ඔහු ඇඳ මත වූ පොරවනය ගෙන ඇගේ උරහිස මතින් දමා කවුළුව වෙත ගියේය.
    "නංගි හිතන්නේ මට මේ දේවල් එපා උනේ කොළඹ ගියාට පස්සේ කියලද?" වසන්ති නිහඬවම බලා සිටියාය. "නෑ නංගි... මට මේ දේවල් වල කිසිම තේරුමක් නැති බව තේරුනේ ඊට හුඟාක් කළින්..." ඔහු ආපසු හැරී කාමරේ වූ පොත් රාක්කය දෙස බැලුවේය. "පේනවද මේ පොත් රාක්කේ? මේක මට කළිං පාවිච්චි කරපු කෙනා දැං මෙහෙ නෑ..."

    ReplyDelete
    Replies
    1. "අයියලගෙ අම්මද?"
      "නෑ," ඔහු හිස සැලුවේය. "ඔයා කිව්වා නේද පරම්පරාව ගැන? මේ පරම්පරාවත් එහෙම තමයි. අපේ අම්මත් මෙහෙ ඇවිත් තියෙන්නේ ඔයා මෙහෙ ආපු විදිහටම තමයි..."
      "කෝ එතකොට - " වසන්ති අසන්නට ගිය දෙය නො අසා නතර වූවාය.
      "ඒක දිග කතාවක් නංගී..."
      "කමක් නෑ, අයියා කැමතිනම් කියන්න..."
      ඔහු නැවතත් දිග සුසුමක් හෙලුවේය. අනතුරුව කවුළුවෙන් පෙනෙන සඳ රැස් දෙස බලාගෙන මතකයේ ඈතට පියමං කළේය.
      "අපේ බාප්පාව මංවත් අයියවත් ඇහැට දැකලා නෑ... ඒත් මේ රාක්කේ පුරෝලා තාමත් තියෙන්නේ වැඩිහරියක් බාප්පගේ පොත්... සෑහෙන වටින පොත්... බාප්පා බොහොම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක්, නුවර පත්තර කන්තෝරුවක වැඩ කළේ. ඒත් පුළුවන් හැම වෙලාවෙම ගෙදර එනවා. ඒ තරමට බාප්පා ගමට ආදරෙයි.. ගමේ යාළුවොත් එක්ක ඇළේ දොළේ පැනලා නාන්න, කැලෑ පීරන්න, එල්ලේ ගහන්න... ඕවට හරි ආසයි බාප්පා. ඊටත් වඩා බාප්පගේ හිත ගමේ රැඳිලා තියෙන්න හේතුවක් තිබ්බා. සිරිමලී නැන්දා. ඒ කාලෙ මෙහෙ උයන ගෙයි වැඩ කළ ඩිංගිරි අම්මගේ දුව. බාප්පගේ හිත තදින්ම පැහැදිලා තිබ්බේ සිරිමලී නැන්දා ගැන, නැන්දත් එහෙමයි. ඒත් දෙන්නට දෙන්නා ඒ ගැන හරියකට කතා බහ කරලා තිබ්බේ නෑ. මොකද, සීයට ආරංචි උනොත් එහෙම විසුමක් වෙන්නෙ නැති නිසා. ඔය අතරේ තමයි අම්මව මෙහෙට තීන්දු වෙලා තියෙන්නේ. ඒත් බාප්පා ඒ ගැන දන්නෙ නෑ - කසාදේ දෙන්නටමයි කියලා. මං වගේම තමයි. ඒත් ගමේ ඔක්කෝම ඒ ගැන දැනගෙන හිටියා. බාප්පා එදා සැරේ ගමේ එන්න ලෑස්ති වෙන්නේ සිරිමලී නැන්දා එක්ක කතා කරලා බහක් තීන්දු කරගන්න හිතාගෙන. වැඩ රාජකාරි හින්දා කොහොමහරි බාප්පට ගමේ එන්න ලැබුණේ හරියටම මගුල් දවසෙමයි. එච්චර දවස් නෑවිත් හිටියේ බාප්පා ඒ මංගල්ලෙට අකමැත්තෙන් කියලා හිත හදාගෙන හිටපු සිරිමලී නැන්දා බාප්පා ගුරුපාර දිගේ වළව්ව දිහාවට යනවා දැකලා ඉහිලුම් නැතිව මැහිතෙල් කුප්පිය කටේ හලාගෙන. ඩිංගිරි අම්මත් එදා මෙහෙ. උත්සවේ ඉවර වෙලා බාප්පා සිරිමලී නැන්දව බලන්න එද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. බාප්පා ආපහු වළව්වට එන්නේ පිස්සු වැටිලා වගේ. ඒත් සිද්ද වෙච්ච දේට හේතුවක් බාප්පා ඒ වෙනකොටත් දන්නෙ නෑ. දවස් ගානක් රස්සාවට යන්නෙත් නැතිව නොකා නොබී ඉඳලා. අම්මත් මෙහෙ ආපු දා ඉඳං ඉඳලා තියෙන්නේ ඇඬූ කඳුලෙං. අපෙ අම්මා එහෙ ගමේ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්. ඒ ඉස්කෝලෙට අළුතෙන්ම පත් වෙලා ආපු මුල් ගුරුතුමා අම්මා එක්ක බොහොම හිතවත්. අම්මත් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ ඒ මනුස්සයට. අන්තිමට අම්මලගේ වළව්වට මේ ගැන ආරංචි උනාම බොහොම තදින්ම විරුද්ධ වෙලා, හේතුව මොකද මුල් ගුරුතුමෙක් උනත් අඩු කුලේකලු. කාට කියන්නද මේවා. බලන්න මේ විකාර දේවල් නිසා ජීවිත කීයක් අවුල් වෙලාද කියලා. අන්තිමේදී බාප්පා සිරිමලී නැන්දා එහෙම දෙයක් කරගන්න හේතුව දැනගෙන. මං ඔයාගෙන් මේ ගැන දැනගත්තා වගේ නෙවෙයි බාප්පට ගම්මුන්ගෙන් ආරංචි වෙලා තියෙන්නේ. බාප්පගේ හිතේ ඇති වෙච්ච කේන්තිය කොච්චරක්ද කියනවනං පිහියක් අරගෙන අපෙ අම්මට අනින්න හදලා 'තෝ නිසා තමයි මගෙ මලීව මට නැති උනේ' කියලා. අම්මගෙ කෑ ගැහිල්ලට දුවගෙන ආපු අප්පච්චියි සීයයි බාප්පට හොඳටෝම ගහලා. එදා රෑ බාප්පා මෙහෙන් යන්න ගිහිං, අදටත් කිසිම ආරංචියක් නෑ..." ඔහු කතාව නිම කළේ නැවතත් දිගු සුසුමක් හෙළමිනි.

      ඔහුගේ වදන් සිත තුළට ධාරණය වන තෙක් මොහොතක් නිහඬව සිටි වසන්තීද සුසුමක් පිට කළාය. "පොඩි අයියා කොහොමද මේ සේරම දැනගත්තේ?"

      "මං පේරාදෙණි යන්න කළිං ගෙනියන්න හොඳ පොත් තෝරගන්න බාප්පගෙ පොත් රාක්කෙ ඇවිස්සුවා. එදා මට හම්බුනා බාප්පගේ අත් අකුරින් ලියපු පොතක්. ඒකේ තමයි සිරිමලී නැන්දගෙ එහෙම විස්තර තිබ්බේ. එදා මං ඒක අම්මට පෙන්නුවා. අයියයි, අප්පච්චියි එක්ක වගේ නෙවෙයි මං අම්මා එක්ක හරි එකතුයි. කතාවෙ ඉතුරු ටික අම්මා තමයි මට කිව්වේ." කවුළුව වෙතින් මෑත් වූ ඔහු කළුවරේම පොත් රාක්කය වෙත ගොස් ඉහළම තට්ටුවේ කෙළවරක වූ පොතක් අතට ගත්තේය. "අම්මා අසනීපෙන් ඉන්න කාලේ මේක මට ආපහු දුන්නා. බාප්පා නවත්තපු තැන ඉඳං අම්මා ලියලා තියෙනවා." ඔහු සඳ එළියට අල්ලා පොතේ පිටු පෙරළුවේය. "තව හිස් පිටු තියෙනවා." ඔහු එය ඈ වෙත දිගු කළේය. "නංගි මේක තියාගන්න. බාප්පයි අම්මයි ලියලා තියෙන ඒවා කියවන්න. ජීවිතේ ගැන තේරුම් ගන්න."
      වසන්තී වෙව්ලන දෑතින් පොත අතට ගත්තාය.
      "මං හෙට උදේම ආපහු යනවා නංගී. මං එනකල් කෙනෙක් බලං ඉන්නවා. අපේ ජීවිතත් අවුල් කරගෙන එයාගෙ ජීවිතෙත් අවුල් කරන්න මට බෑ. අයියා ඔයාට ගොඩක් ආදරෙයි. එයා ඔයාව හොඳට බලාගනියි..." වසන්ති නැගී සිටියාය.
      "සතුටින් ඉන්න නංගි..." ඔහු කවුළුව වෙත හැරුනේ ඈ හා දෙඩීමට තවත් කිසිවක් නොමැති බව හඟවමිනි. ජීවිත කිහිපයක සටහන් ලියැවුනු පොතද තුරුළු කරගෙන ඇය සෙමින් දොර වෙත ඇවිද ගියාය. "අයියත් සතුටින් ඉන්න," දොරින් පිට වන අතරේ ඈ සිහින් හඬින් පවසනු ඔහුට ඇසුණි.

      Delete
    2. මේක සුඛාන්තයක්ද ශෝකාන්තයක්ද.. මොකක් උනත් මේ අවසානෙට මං එච්චර මනාප නෑ. :D

      Delete
    3. සිත්තමී,

      බොහොම ස්තූතියි නඟේ...ඔන්න දැන් මතක් උනේ උඹ පොඩ්ඩිගෙ කතාවට මම ලියපු කතාවට ලියපු පිළිතුරු කතාව. හරිම අපූරුයි...:)

      Delete
  25. -------------------------------------------------
    විටින් විට නැගෙන මදුරුවකුගේ කීං කීං ගෑමක් හා රැහැයියන්ගේ නොනවතින පාළු කැපිල්ල හැර අවට බොහෝ සේ නිශ්ශබ්දය...පපුවේ පත්ලින් නැගුනු සුසුමක් නිරායාසයෙන්ම වාතලයට මුසු වූයේ දෑසට නැවතත් කඳුළු නංවමිනි..
    පසුගිය සතිය පුරාවට ඉදි කටු අනින්නාක් මෙන් දැනුනු පපුවේ වේදනාව අද දෙතුන් සිය ගුණයකින් දැනේනේ තවත් සුසුම් රැල් උපද්දවමිනි.
    “මාව ඔය ඉස්සරහින් දාලා යන්න අයියා.“
    ඒ මට ඇසුනු ඇගේ පළමු වචන පේලියයි. අතීතයේ දිනයක බස් නැවතුමේ සිටි මිතුරකුව ගෙදරට ඇරලවන්නට වාහනය නවත්වද්දී මගේ ජීවන සහකාරිය එදින මුණ ගැසේ යැයි මට කිසි විටෙක සිතුනේ නැත. ඔහුගේ නිවෙස් ළඟ පදිංචි වී සිටි ඇයටත් මගේ රියෙන් ගෙදරට ඇරලවන්නට හැකිවීම දෛවයේ සරදමක්ද?
    එකුස ඔත් මල්ලී හා මාගේ බැඳීම දුරස් වූයේ අපි දෙදෙනා සොහොයුරන් යැයි කිව නොහැකි තරමට ගතිගුණ අතින් වෙනස් වූ නිසාවෙනි. ගමේ පදිංචි වී දේපොල බලා ගනිමින් සිටි මගේ තනිකම මැකුනේ නේක විද යහළුවන්ගෙනි.
    ඈ බස්වා ගෙදර ආ දින සිට ඇගේ රුව මා අභියස මැවුනු වාර අනන්තය. ඇය දැකීමටම බස් නැවතුම අසල මා කෙතරම් ගනන් දින ගෙවන්න්නට ඇතිද? ඇය දැකගන්නට සිතාගෙන එපෙදෙස හුන් මිතුරන් කෙතෙක් මුණ ගැසෙන්නට ඇතිද? එහෙත් ඇගේ සිත බැඳුනේ මා මළණුවන් වෙනුවෙන් වීම කෙතරම් අවාසනාවක්ද?
    මගේ වෙනස දුටු තාත්තා කෙසේ හෝ ඈ විවාහයට කැමති කර ගනිද්දී මගේ විවාහ දිවිය මෙතරම් ශෝකාන්තයක් වේ යැයි මම කිසි විටෙක නොසිතුවෙමි. ඈ අත ගෙන මම ගෙදරට පියමනිද්දී මසිත කෙතරම් සිහින තිබුනේද?
    “ඔයාගේ මල්ලී ගෙදර එන්නේ කවද්ද?“
    ඒ ඈ මා හා කෙලින් කතා කල දෙවන වතාවයි. ඒ මඟුල් දිනට පහුවදාය. එතැනින් ඇරඹි කතා බහ තාත්තාගේ පුදුමාකාර මඟුල් කපුකම ගැන මනා විස්තරයක් වුවද තවමත් මා හද පාරන්නේ ඇගේ හද මාවෙත නොවන බව තේරුනු නිසාවෙනි.
    යහනේ උණුසුම තිබුනද සිත සීතලෙන් ගල් ගැසී ඇති බැවින් අප දෙදන පළමු දින කිහිපය ගෙව්වේ ඉතා අසීරුවෙනි. තිත්ත ඇත්ත පිළිගැනීමට ඇති මගේ අකමැත්ත ඊට මූලික වන්නට ඇත.
    ඇගේ මුවෙහි නිතර රැඳී තිබුනේ මල්ලී ගැන ප්‍රශ්න පමණි.
    “පොඩි අයියා එන්නේ කවද්ද? “
    “එයා කන්න කැමති මොනවද? “
    “එයා නැවතිලා ඉන්න තැන හොඳයිද? “

    ඔවැනි දහසක් පැන මගේ සිතට පිහි පහරවල් සේ දැනීම මගේ වරදක්ද?
    මාස කිහිපයක් ගිය තැන ඇයට වැළඳුනු උණ සති කිහිපයක් ගතවනතුරුත් අඩු වී නොගිය බැවින් තාත්තා මගෙන් ඇති තතු විමසුවේ කරන්නට කිසිත් නොවුනු තැනය.
    සති අන්තයේ මල්ලී ගෙදර එන බව ඇසූ ඈගේ දෙනෙත් සතුටින් ඉපිල ගිය හැටි දැනුදු මා මතකය රිදවයි.
    දෙනියේ තේ කෑල්ලේ මුර කුටියේ බිත්ති මගේ හද ගින්නේ කොටස් කාරයන් වේවිද?
    --------------------------------------

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ කතානෙ.... උඩ එකත් මරු... හි හි

      Delete
    2. රූ,

      ස්තූතියි රූ..බොහොම ස්තූතියි...:)

      Delete
  26. මහාභාරත් මාත් ආසම කතාවක්. මන් හිතන්නෙ රවිට නෝටිස් වෙන්න ඇති මහාභාරත්වල චරිත ඔක්කොම වගෙ අලු චරිත. වීරයන්ගෙ නරක තියනව, දුශ්ටයන්ගෙ හොද තියනව.
    හෝමර් ගෙ ඉලියඩ් වගෙ ( සමහරු කියනවනෙ ඉන්දු යුරෝපීය- ආර්ය -ප්‍රාග් අයිතිහාසික ලෙජන්ඩ්ස් දෙකේම මූලාශ්‍ර කියල )

    ඉන්දියන් රම් බීල නෑනෙ. බකාඩි ඕක් හාර්ට් ස්පයිස්ඩ් සහ කැප්ටන් මොර්ගන් ස්පයිස්ඩ් මම ආසම බීම ජාති. හුගක් ඉස්සර අයිලන්ඩර්ස් රම් බිව්ව. දැන් රොක්ලන්ඩ්

    ReplyDelete
    Replies
    1. Pra,

      / මහාභාරත්වල චරිත ඔක්කොම වගෙ අලු චරිත. වීරයන්ගෙ නරක තියනව, දුශ්ටයන්ගෙ හොද තියනව. /

      රාමායණයත් බොහෝදුරට එහෙමයි නේද ප්‍රා?...රාවණ ගැන බොහොම විට ප්‍රශංසා මුඛයෙන් කතාකරන්නෙ රාමායණයෙදි...

      Delete
    2. ඔව්. මහාභාරත් තරම් නැතිවුනත් රාමායණයේත් එහෙමයි. ග්‍රීක් මිත්යා කතාවලත් වීරයන් සහ දුශ්ටයන් සම්පූර්ණ සුදු කලු නැහැ. ඇත්තෙන්ම ග්‍රීක්, නෝර්ස් සහ හින්දු දෙවිවරුත් එහෙමයි. හොද සහ නරක චරිත ලක්ෂණ දෙකෙන්ම (very human-like) යුක්තයි.

      Delete
  27. එක ගෙයි කෑම සිරිතක් ලෙසින් බැහැර වුනත් අදටත් ඒවා අනියමින් සිද්ධවෙන බව ඇහෙනවා. නැන්දම්මා, බෑණා කතාත් එකගෙයි කෑමේ අනියම් සිරිත් බව එදාත් අදත් ඇහුනා. උඹලා අහලා තියෙනවාද..එකගෙයි කෑම අක්කයි, මල්ලියි එක්ක කරපු අමුතුම ජාතියේ බුවාලා ගැන. එහෙම ඒවත් තිබුනු තැන් මම අහලා තියෙනවා.

    වික්ටෝරියානු සම්ප්‍රදායන්ට අප කෙමෙන් කෙමෙන් හෝ නතුවීම තුල, අප අත්හල යම්යම් ගෝත්‍රික ගති ලක්ෂන අපේ සමාජය විදිමත් පවුල් සංස්තාවක් ගොඩනැගීමට ඉවහල් නොවුවාද? නීත්‍යනුකූල විවාහයන් නිසා දරුවන් වෙනුවෙන් අවම වශයෙන් උප්පැන්නයක් හෝ තිබීම වැනි නීත්‍යානුකූල තත්වයන් පිලිබඳව මම හිතුවේ. ඒත් විවාහය යනු කඩදාසියක් නොවන බවත්, විවාහ නොවී කුටුම්බ වගකීම් රැකගත හැකි බවත් මම අදටත් විශ්වාස කරනවා. නමුත් වික්ටෝරියානු ගති පැවතුම් සමාජ සංවර්ධනය උදෙසා යම් කාර්ය භාරයක් ඉටු කලබව මගේ අදහසයි.

    මොනවා වුනත් ද්‍රෞපදි නම් මහා අවාසනාවන්ත ගැහැනියක් ලෙසයි මම දකින්නේ. එක් මිනිහෙක්ගෙන් පමණක් ආදරය ලැබීමත්, එක් මිනිහෙකුට පමණක් ආදරය කිරීමත් ගැහැණියකගේ ඒකායන පැතුම නොවේද? මිනිහෙකුට වුනත් ආදරය කිරීම සහ ආදරය ලැබීම එකම තැනකින්ම පවතිනවා නම් ඒ කොතරම් සොඳුරුඳ?
    මම කියන්නේ ආදරය ගැන..අනිත් ඒවා නෙමේ :D

    ReplyDelete
    Replies
    1. ගෑණු කවද්ද බං එකෙකුට ආදරේ කොලේ. ගෙනත් දියන්කෝ ඔය කෙල පෙර පෙරා බලන හින්දි නලුවෙක්ව. කටු ටිකත් කාලා තමයි වනතින්නේ.

      Delete
    2. කටු ටිකත් කාලා නවතියිද ?

      Delete
    3. Aru,

      / වික්ටෝරියානු සම්ප්‍රදායන්ට අප කෙමෙන් කෙමෙන් හෝ නතුවීම තුල, අප අත්හල යම්යම් ගෝත්‍රික ගති ලක්ෂන අපේ සමාජය විදිමත් පවුල් සංස්තාවක් ගොඩනැගීමට ඉවහල් නොවුවාද? /

      ඒක තමයි මචං මම කිව්වෙ...සුද්දො ආපු එක සමස්තයක් විදිහට ගත්තම හොඳයි කියල. නැත්නම් අපි තවම ගෝත්‍රික වැඩවසම් අත්තනෝමතික රජෙකුගෙ පාලනය යටතේ පවතින රාජාණ්ඩුවක් වෙන්න තිබුනා. අද ප්‍රජාතන්ත්‍ර වාදය මතුපිටින් ආලේප කරල තිබ්බට ඇත්තටම අපි පාලනය වෙන්නෙ ඒ වගේම ගෝත්‍රික, වැඩවස්ම් රාජාණ්ඩුවකින්ය කියන එක වෙනම කතාවක්..හෙහ්,හෙහ්, අපේ අමන රැල අපිටම කෙලව ගත්තට සුද්ද මක් කොරන්නද? එවුං අඩුගානෙ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හදල දීල හරි ගියානෙ. " ඔන්න බඩු හදල තියෙන්නෙ. මින් ඉදිරියට උඹල කරගෙන පලයල්ල " කියල.

      දැන් බලාපං තායිලන්තෙට වෙල තියෙන්නෙ මොකද? දිගටම රාජාණ්ඩුවක් තිබ්බෙ. තවමත් රජ්ජුරුවො දෙයියො කියල තමයි සලකන්නෙ. මේ ඊයෙ පෙරේද හමුදාව ආණ්ඩුව පෙරලල බලය ගත්තම රජ්ජුරුවො ඒක අනුමත කලා.

      Delete
  28. අන්තිම හරියෙ [මේ කොමෙන්ට් එකට උඩ] තියන කොමෙන්ට්ස් දැක්කම හිතුනෙ.

    දෙන්නා වෙන්වෙන අවසානයකට ගොඩක් දෙනා කැමති මොකෝ.. සංස්කෘතික අවුලද ? එහෙමත් නැත්නම් වසන්තී ගැන අනුකම්පාවෙන්ද ? එහෙමත් නැත්නම් එහෙම සම්බන්ධයකින් තුන්දෙනාටම සතුටින් ඉන්න බෑ කියල හිතෙන හන්දද ? ඇයි අපිට හිතන්න බැරි උන් සන්තෝසෙන් තුන්දෙනාම ඉන්න ඇති කියල ??

    ReplyDelete
    Replies
    1. නවම් මට හිතෙන්නේ මෙහෙමයි.. කාලෙකට කලින් අපි කියවපු ගොඩක් කතා සුඛාන්ත... කතාවක් කියලා සතුටුදායක අවසානයකට ඇවිත් නවත්තන එක තමයි මම පොඩි කාලෙ කියවපු බොහෝ කතාවල තිබ්බේ... ඔය 'ඉක්බිතිව සියලු දෙනාම සතුටින් ජීවත් වූහ' එහෙමනෙ කියන්නේ...

      වීර කතා, ත්‍රාසජනක කතා වගේ ඇරුණහම මේ වගේ කතා වලට සතුටුදායක අවසානයක් දැකීමට කියවන අය මැලිවීම, මට නම් හිතෙන්නේ එක පැත්තකින් කියවීම සහ ඒ තුලින් ජීවිතය යම් දුරකට තේරුම් ගැනීම නිසා එහි ඇති සංකීර්ණ බව ඇති සැටියෙන් දැකීම වෙන්න ඇති කියලා.

      Delete
    2. එතකොට තිසරගෙ යෝජනාව වෙන්නෙ එකගෙයි කාපු අයගෙ ජීවිත ඒ කාලයේ සමාජීය පැවතුම් අනුව අද ඒකල පවුල් ඇතුලෙ නැති ගැටුමක් තියෙන්න ඇතිය කියලද ?

      ප.ලි: මිනිස් ජීවිත ඇතුලෙ සදාකාලික ප්‍රීතිය ඇතිය කියන සිතුවිල්ලෙ ඉඳල නෙමෙයි මේ අහන්නෙ

      Delete
    3. නැහැ, එහෙම ලඝු කිරීමක් නෙමෙයි.... මම හිතනවා මිනිස්සුන්ගේ ජීවිත විවරණය කරන්න හදන බොහොමයක් උත්සාහයන්ට එහි තියන ඛේදවාචකය පේනවා කියලා. ඒ නිසාම ඒ වගේ නිර්මාණ සතුටුදායක අවසානයකට ගෙන ඒමට නිර්මාණකරුවෝ පසුබට වෙනවා ඇතිය කියලා මට හිතෙනවා. නමුත් නවම්ගේ ප්‍රශ්නය ඔස්සේ නැවත හිතා බැලීමේදී මේ කතාව සුඛාන්තයක් කරගැනීමටත් (මිනිස් ජීවිතයේ ඇති නොනවතින දුක මැද උණත්) ඕනෑ තරම් සාර්ථක ඉඩ ප්‍රස්ථා තියන බව වැටහෙනවා. දැන් උදාහරණයක් විදිහට, රවීගෙ මේ නිර්මාණයේ අවසානයත් සුඛාන්තයක් ලෙස අපිට ගන්න පුළුවන්.

      බොහෝ දෙනා කැමති වෙන් වෙන අවසානයකට වෙන්න තියන අනිත් ආසන්නතම හේතුව, අද කාලෙත් එක්ක හිතලා බැලීමේදි එය 'වැරදි' වීම. ඉඩකඩම් දේපල මූලික කරගෙන ඇති වූ ක්‍රමයක් වෙනුවට මිනිස් හැඟීම් මූලික කරගෙන ඇති වී තිබෙන විවාහය. තවමත් තියෙන්නේ ඉඩකඩම් දේපොල මුල් කරගත්ත ක්‍රමයක් කියලා කාට හරි තර්ක කරන්න පුළුවන්. නමුත් අද ඒක තියෙන්නේ පසුබිමින්...

      Delete
    4. තර්ක තරාදිය වෙලාවකට පැත්තක් බර වැඩියි අනිත් වෙලාවට අනිත් පැත්ත බර වැඩියි. මෙන්න මේකය හරි කියල මට එකක් ගැන හිතන්න බෑ තිසර.

      වෙලාවකට හිතෙනව මිනිස්සු එකතුවෙන්නෙ ඔය කියන "ආදරය" කියන මානසික මෙව්වා එක නිසාමද, වෙන භෞතික කාරණා ඒකට හේතු සපයන්නෙ නැද්ද කියලත්.

      මගේ මතය වෙන්නෙ නම් ආදරය කියන්නෙ අතිශයින්ම හිතළුවක් කියල. ආදරය කියන්නේ මෙන්න මේකය කියල කෙනෙක් පැහැදිළි කරන වෙලාවට ඒ "දේ" ට කියන වෙන පැහැදිළිකිරීමක්, වෙනමම නමක් හමුවෙනවනම් ගැටළුවක් එනව ආදරය කියන්නේ මොකක්ද කියල.

      කොටින්ම දැන් එකගෙයි කෑමකට විරුද්ධවෙනවනම් ඒකට හේතුව, මගේය, මට විතරක්මය කියන සිතුවිල්ල හරහා සමස්ථ සමාජයක් එය පිටුදැකීම නෙවෙයිද ? මමය මගේය කියල දැනෙනෙ සිතුවිල්ල නැතිකරගැනීම කෙසේ වෙතත් අරහෙම වෙන්නේ ඒක නිසාය කියලවත් අවබෝධ කරගත්තොත්, එහෙම කාලකට කලින් එකගෙයි කාපු අය දිහා "ඊයා මානසිකත්වයෙන්" බලන එක නැතිවෙයි නේද ?

      කොටින්ම කියනවනම් මම කැමතියි ඒ මිනිස්සු හුදෙක් ඉඩම් බෙදීයාම වැලැක්වීම සඳහාම එකතු උනාය නොහිතා ඔවුන් ඒ ගතකලේ හැඟීම් සමඟ ගණුදෙණුවක්ය කියල හිතන්න පුළුවන් නම්. මොන එහෙකටද මංද මට එහෙම පරිසරයක් ලස්සනයි බං. වැඩේ අවුල් වගේද මංද.

      ප.ලි : රවී, තෑන්ක්ස් බං අයියෙ මෙහෙම මොලේ කුරුවල් වෙනකල් කල්පනා කරන්න වෙන පෝස්ට් ලියනවට, උඹට කියන්න දැන් මේව්වා කියවල අපි හැමෝහෙම අර මොකක්ද එකේ මෙව්වා වළලු පුළුල් වෙලා තියෙන්නෙ අම්බානකට. හෙහ් හෙහ්

      Delete
    5. තිසර සහ නවම්,

      ස්තූතියි දෙන්නටම හරවත් සංවාදයට....

      මේවගෙ කතාවක් සුඛාන්තයක්ද ඛේදාන්තයක්ද කියල තීරණය කරන්න වෙන්නෙ එක චරිතයෙ දෘෂ්ඨි කෝණයෙන් සහ දෙක පාඨකයගෙ ආකල්ප අනුවයි.ඒකයි ළමයි මගේ අදහස..ආයෙම ස්තූතියි උඹල දෙන්නටම...

      Delete
  29. රවී අය්යාගේ කතාවය්, සිත්තමී ගේ කතාවය් , රූ ගේ කතාවය් තුනම ගොඩක් රස වින්දා ..නවම් කිව්වත් වගේ තුන්දෙනාම සතුටින් හිටපු සුඛාන්තයක් ගැනත් කව්රුහරි ලිව්වා නම් නියමය්

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ස්තූතියි නංගි...තුන්දෙනාම සතුටින් ඉන්න සුඛාන්තයක් නේද? හරි වී විල් සී...:)

      Delete
  30. අනේ මන්දා බං උබේ පෝස්ට් වලත් දැන් කොණ හොයන්න අමාරුයි....

    උඹ කලින්ම මම මේම්ම මෙහෙම කතාවක්ය කියන්න යන්නේ කියපු එකට මගේ විරෝධය..... තමන් බලාපොරොත්තු නොවූ යමක් හදිසියේ කිලික් වී ලැබෙන ත්‍රිලානන්දය එවිට ලැබෙන්නේ නැත.

    මම කැමතියි මෙතන චරිත දෙක මාරු වුණා නම්... ඉගෙනගෙන කොළඹ ගිය එකාව ඉස්සරහට දාලා මනමාලියෙක් හොයාගෙන.. ඊට පස්සෙ ගෑණු ගැන බලන්නවත් වෙලාවක් නැතුව වතුපිටි එක්කම හැප්පෙන අයියා එක්ක එකගෙයි කන්න සැට් වුණා නම්.. එහෙම නම් මීට වඩා පොඩි සාධාරණ ගතියක් තියනවා කියලා මම හිතනවා. කැම්පස් ගිහින් කොළඹ රස්සාව කරන පුත්‍රයාට කිසිවක් නොදන්වා ඌ වෙනුවෙන් මනාලියක් ගෙන එන එකේ පොඩි අවුලක් දැනෙනවා... මොකද ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න ඒ වගේ එකෙක් සෑහෙන ඉඩක් තියන නිසා.

    //ඈ මා ඇමතුවේ " පොඩි අයියා" යනුවෙනි. //
    //ඥාතීත්වය අනුව අක්කා වුවද//

    ප්‍රශ්න වැලක්... ඥාතීත්වය අනුව අක්ක කියලා කියන්න බැහැ නේද, සහෝදරිය වගේ මිසක්... අක්කද නංගිද තීරණය වෙන්නේ වයසින්නේ.... අනික මේ කියන විදිහට කලින් ඉඳන්ම වසන්ති අමතන්නේ 'පොඩි අයියා' කියලනේ... කතා බහේදී ඇය බාලයි කියලා දැන ගත්තා කියන එක ගැලපෙන්නේ නැහැ නේද? එතකොට කතානායකතුමා ඊට කලින් ඇයට අක්කා කියලා ඇමතුවා නම්, එකගෙයි කෑමේ අරමුණ දන්වා ඒ අනුව ගෙනා මේ මනමාලිය, කිට්ටු ඥාති පිරිස මෙතැන අවුලක් ඇති බව තේරුම්ගන්නවනේ...

    //" මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල"//
    මේක ගතානුගතික නෑනෙකුගේ ප්‍රශ්නයක් මිසක්, තමන්ගේ එක් ස්වාමිපුරුෂයෙක්ගෙන් ගැහැනියක් කෙලින්ම අහන ප්‍රශ්නයක් වෙන්න තියන ඉඩ අඩුයි නේද?

    විවාහයෙන් පස්සේ සතියක්ම ගෙදර හිටියත්, කතානායකයා සහ මනාලිය අතර එකගෙයි කෑම සම්බන්ධව කිසිම දෙයක් (කතාබහක් හෝ) සිද්ධ නොවීමත් ටිකක් අවුල්...

    හැම කතාවක්ම අපි දන්න කියන මිනුම්දඬු වලට අනුව සර්ව සාධාරණ වෙන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ.... නමුත් එහෙම සම්මතයන් හෝ පොදු දැනුමෙන් පිට පනිනකොට ඒකෙ විශ්වාසනීයත්වය රැකගන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ කියලා මම හිතනවා. මම ඉහත මතු කරලා තියන ප්‍රශ්න බොහොමයක්, මගේ කියවීම අනුව මට දැනෙන තැන්.. ඒකට වටිනාකමක් ලැබෙන්නේ මම කියපු දේ ඔස්සේ බැලුවහම උඹටත් එහෙම දෙයක් පේනවා නම් විතරයි.. නැත්නම් ඒවා 'ස්තූතියි මලේ' කියලා හිනා වෙලා නිකං ඉන්න පුළුවන් ඒවා... හැබැ‍යි... පොතක් අතට දීලා, "මේකට ඔයා කැමති වෙයි මේකෙ අන්තිමට කොල්ලා මහණ වෙනවා" වගේ ආතල් කැඩිලි නම් ඔට්ටු නෑ හරිය?

    ReplyDelete
    Replies
    1. Thisara,

      / ඥාතීත්වය අනුව අක්ක කියලා කියන්න බැහැ නේද, සහෝදරිය වගේ මිසක්... අක්කද නංගිද තීරණය වෙන්නේ වයසින්නේ..../

      තිසර, සාමාන්‍ය සම්ප්‍රදාය පැහැදිලිවම වයස පරතරයක් පේනවනම් ඒ අනුව සුදුසු පරිදි ආමන්ත්‍රණය කිරීමත් එහෙම නොවෙන තැන්වල ඥාතීත්වය අනුව ආමන්ත්‍රණය කිරීමත්...

      උදාහරණයකට අපි හිතමු පවුලක අයියට වයස 40 කියල . උන්දැට ගේනව 22 වගෙ පොඩි කෙල්ලක්. මල්ලිගෙ වයස 38 කියමු. ඒ වගෙ වෙලාවක නෑදෑකම අනුව අක්ක කියල කියන්නෙ නෑ. නංගි තමයි යෙදෙන්නෙ.

      ඒ වගේම මනමාලිට වයස 36 නම් එක්කො ඥාතිත්වය අනුව අක්කා කිව්වෑකි. නැත්නම් වයස සලකල නංගි කිව්වැකි. ඕකෙ මල්ලි එහෙම ස්ථිර සම්ප්‍රදායක් නෑ මම දන්න විදිහට. අපෙ ඥාතීන් අතර ඔය ක්‍රම දෙකම භවිතා වෙනව.

      / අනික මේ කියන විදිහට කලින් ඉඳන්ම වසන්ති අමතන්නේ 'පොඩි අයියා' කියලනේ... කතා බහේදී ඇය බාලයි කියලා දැන ගත්තා කියන එක ගැලපෙන්නේ නැහැ නේද? /

      එතන මෙහෙමනෙ බං..කොල්ලට මේ මඟුල ගැන කිසිම උනන්දුවක් නෑනෙ. මනමාලිගෙ වයස ඇත්තටම මිනිහ දන්නෙත් නෑ. ඒ ගැන දැනගන්ට මිනිහට ඕන කමකුත් නෑ. එතකොට වසන්ති එක්ක කතා බහේදි තමයි හරියටම වයස දැනගන්නෙ. ඒත් වසන්ති කලින් ඉඳලම දන්නවනෙ සීන් එක. ඒ කියන්නෙ මල්ලිගෙ වයස ගැනත් වසන්ති දන්නව. පොඩි අයිය කියල කෙලින්ම කියන්නෙ ඒ නිසා.

      / එතකොට කතානායකතුමා ඊට කලින් ඇයට අක්කා කියලා ඇමතුවා නම්, එකගෙයි කෑමේ අරමුණ දන්වා ඒ අනුව ගෙනා මේ මනමාලිය, කිට්ටු ඥාති පිරිස මෙතැන අවුලක් ඇති බව තේරුම්ගන්නවනේ /

      නැහැ කථානායක තුමා අක්කාවත් නංගිවත්මොකවත්ම කියල නෑ ඊට කලින්.

      //" මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල"// මේක ගතානුගතික නෑනෙකුගේ ප්‍රශ්නයක් මිසක්, තමන්ගේ එක් ස්වාමිපුරුෂයෙක්ගෙන් ගැහැනියක් කෙලින්ම අහන ප්‍රශ්නයක් වෙන්න තියන ඉඩ අඩුයි නේද? /

      ඇයි බං තමන්ගෙ ස්වාමි පුරුෂයගෙන් බිරින්දෑවරු ඔහොම ප්‍රශ්න අහන්නෙ නැද්ද? අපොයි අපෙ උන්දැ මම ඔය නුවරඑළිය සහ පස්සර සයිට් වගේක වැඩ කරද්දි වීක් එන්ඩ් එකක් එන්ඩ බැරිඋනොත් ඔහොම තමයි අහන්නෙ." මොකෝ, කවුරුවත් සෙට් වෙලාවත්ද ඔය පැත්තෙ? ගෙවල් මතකවත් නැත්තෙ? "

      වසන්ති එහෙම අහල තියෙන්නෙ විහිලුවට. සීරියස් නෙවෙයි.

      " මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල" 

      එක් වරම ඈ විමසුවේ නෙත් කොනෙන් මා දෙස බලමිනි.

      " මොකෝ නැතුව" මම ඈ දෙස එලෙසම බලමින් පැවසුවෙමි.

      ඇගේ දෑස විශ්මයෙන් විශාල විය…" අයිය බොරුමයි කියන්නෙ......"

      ඇගේ දෑස විශ්මයෙන් විශාල උනේ මල්ලි ලැබිච්චි උත්තරේ බලාපොරොත්තු නොවුනු එකක් හින්ද....

      / විවාහයෙන් පස්සේ සතියක්ම ගෙදර හිටියත්, කතානායකයා සහ මනාලිය අතර එකගෙයි කෑම සම්බන්ධව කිසිම දෙයක් (කතාබහක් හෝ) සිද්ධ නොවීමත් ටිකක් අවුල්… /

      හෙහ්,හෙහ්,උඹට එහෙම හිතෙනවද? එතන මෙහෙමනෙ බං ..කථා නායකය ඔය ගැන හාංකවීසියක් දන්නෙ නෑ. එතකොට ඔය කතාව ඇදිල එන්න ඕන වසන්තිගෙ පැත්තෙන්. ඒත් දීග ඇවිල්ල පළවෙනි සතියෙම තමන්ගෙ නීත්‍යානුකූල කසාද පුරුෂයා ගෙදර ඉන්දැද්දි මල්ලි ඒ කෙල්ලට ඔය වගෙ දෙයක් කතා කරන්ට තරම් ගටක් එයි කියල හිතනවද? අනික අමතක කරන්න එපා වසන්ති කියන්නෙ ගමක හැදුනු කෙල්ලක්. අනික මේ එක ගෙයි කෑම එයාටත් මහ අමුතු අත්දැකීමක්.

      වසන්ති කථානායකයගෙ කාමරේ ගැවසුනේ සහ බොහොම කුළුපඟව කතා කලේ කථානායකයගෙ පැත්තෙන් Initiation එක එයි කියල හිතල සහ ලජ්ජාවක් තියේවගේ නම් ඒක මඟ අරවගන්ට අවස්ථාවක් විදිහට.

      ස්තූතියි තිසර, කියන්නෙ ඔන්න ඕකට....නිර්මාණශීලී විචාරය...:)

      රයිට් උඹ අඩුපාඩු විදිහට දැක්ක තැන්වලට මම දකින විදිහට හේතුභූතවූ කාරණා මල්ලි ඔන්න ඔව්ව. ඒත් උඹ කියපු කාරණාවලින් මතුකරපු අදහස් මම පිළිගන්නව. ඒ විදිහට ඒ කරුණුත් සලකල බලල කතාවට පොඩි සංශෝධන කීපයක් එකතු කලානම් වඩාත්ම සුදුසුයි කියලත් මම පිලිගන්නවා.

      Thanks Thisara once again, උඹේ විවේචන මම හැමදාම අගය කරනව විතරක් නෙවෙයි ඒ අනුව වඩාත් නිවැරදි වීමටත් උත්සාහ කරනවා. :)

      Delete
    2. Correction - ස්තූතියි තිසර, Constructive criticism කියන්නෙ ඔන්න ඕකට....නිර්මාණශීලී විචාරය...:)

      Delete
  31. //ඈ මා ඇමතුවේ " පොඩි අයියා" යනුවෙනි. //
    //ඥාතීත්වය අනුව අක්කා වුවද//

    Methanadi aiya badapu kena akka wenawane........Samanyen aiya badapu kena bala unath akka kiyala kiyanawa...Samaharavita aiyata tiyenagaurawema badapu kenatath denna wenna ati.....man hitanne Ravi aiyath kiyanne 1 gana....

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ඉහත තිසරගෙ කමෙන්ට් එකට මම ලියපු පිලිතුරේ ඒ ගැන තව දුරටත් පැහැදිලි කරල ඇති...

      Thanks madam :)

      Delete
  32. දේපළ පිට යන හේතුව නිසා හැදුණ මේ පිළිවෙලෙන් ගැහැණියට අසාධාරණයක් වුණාදෝ කියල මට හිතෙනව. පිරිමි දෙන්නෙකුගේ අවශ්‍යතා ඉටු කරන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. බළල් හාමිනේ,

      අනිවාර්යයෙන්ම...ගැහැණියට තමයි ඔය හැම දේකින්ම අසාධාරනය වෙන්නෙ. පුරුෂ මූලික සමාජයක ඔය අසාධාරණය කවදත් වෙනවා. ඊයේ අද සහ හෙටත් වැඩි වෙනසක් වෙන එකක් නෑ.

      Delete
  33. ඉතින් ඊට පස්සේ මොකෝ උනේ? මට ඒ ටික දැනගන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. අඳුරේ වුවද මගේ මුහුණේ ඇඳි හැඟීම් තේරුම් ගන්නට ඇය දරන උත්සාහය මම ඇගේ දෑසේ දුටුවෙමි. මොහොතකට කලින් මා විඳි ඇගේ උණුහුම කෙරෙහි ලෝභ සිතක් නැගී එන්නට විය. සඳ එලිය වට ඇගේ දුහුල් සළු මා සිතේ ඇතිකල සරාගී හැඟීම් ඇය ඉවෙන් මෙන් හඳුනාගන්නට ඇත. එක් නිමේෂයකින් ඇය මාවෙත පැමිණියේ කෙසේදැයි කීමට මම අපොහොසත්වෙමි... කලින් ඇඳ ඇතිරිල්ල මත ඇඳී තිබූ සඳ රැස් රටා දැන් මා අසරණ කරමින් ඇයගේ සිරුර මත නලියමින් තිබිණ.

      *****

      මගේ දීර්ඝ සුසුම මදහසක් සහිතව දෙනෙත් පියා මට තුරුළුව සිටි ඇයගේ කල්පනා ලොව බිඳ දමන්නට ඇත. මොහොතකින් ඇය මට වඩ වඩාත් තුරුළුව ඉකිබිඳින්නට විය. වරුණීගේ දඟකාර මුහුණ මා අබියස දඟකරමින් තිබිණ.

      "ගෙදර කරදරයක් නැත්නම් ඔයා සෙනසුරාදා එන්න හොඳේ"

      සඳ එළිය ගැලූ යහනාවක් මත වරුණි හා මෙසේ තුරුල්වී සිටින්නට මා නොයෙක්වර සිහින මවා ඇති බව මට සිහිවිය. වසන්තීගේ ඉකිබිඳුම වියැකී ගොසිනි. නමුත් වරින් වර පිටවන සිහින් කෙඳිරියෙන් සහ ඇයගේ හිසේ ගැස්මෙන් ඇය තවමත් හඬන බව මට පසක් විය.

      නෙතග නැගි කඳුළු බිඳුව නෙත් කෙවෙනියෙන් පිටමංව කොපුල් තලය හරහා ඇදී ගොස් වසන්තීගේ කෙහෙරැල් අතර අතුරුදන් විය.

      වසන්තී අයාගත් දෙනෙතින් යුතුව හිස ඔසවා බැලුවාය.

      "අඬන්න එපා මගේ දෙයියෝ, මට පව් සිද්ධ වෙයි"

      එක්වරම ඇඳෙන් නැගී සිටි ඈ කඳුළු පිසදමා හැර, ලිහුනු වරලස සකස් කර ගනිමින්, කාමරයෙන් පිටවීමට සෙමින් සෙමින් පිය මැන්නාය. හිරකරගත් ඉකියක් වරින් වර මගේ සවන් පාරවා ලමින් ඇසිණි.

      " වසන්තී"

      මම සෙමින් ඇය ඇමතීමි......කාමරයේ දොරටුව අසලට ළඟාවී සිටි ඇය එකෙනෙහිම නතරව සෙමෙන් හිස හරවා මා දෙස බැලුවාය.

      සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.

      Delete
    2. අප්පා...ඔය උත්තරේ ලැබිලා තියෙන්නේ...අති සාර්ථකයි :)

      Delete
    3. ස්තූතියි තිසර මලේ,

      එහෙම තමයි වෙන්න ඇත්තෙ බොහෝවිට.....හෙහ්,හෙහ්,

      Delete
    4. සයුරි,

      හරිනෙ ළමයා..අන්න එහෙමයි ඊලඟට උනේ....:)

      Delete
    5. මම පොඩ්ඩයි එකතු කලේ... අන්තිම ටික ආයෙමත් අයියගෙ අවසානයමයි.

      Delete
  34. රවි ,
    එඩ්වඩ් මල්ලවආරච්චිගේ මේ පොත මං කියවලා තියෙනවා.ඉතා කුඩා කාලයේදි.හැලපගේ ලිපිය කියවලාත් නිහඩව පැමිණුනා.
    ඔබ පේරාදෙනියේනේ.නුවර ප්‍රධාන මාර්ගවලින් පිටස්තරව ඇති ඇතැම් ගම්මාන කොතරම් දුෂ්කරද,ඔවුන් ගේ ආකල්ප කෙසේද යන්න ඔබ හොදින් දන්නවා ඇතැයි සිතනවා.

    මෙම විවාහය සිදුවුනේ දැනට වසර 6කට පමණ පෙර.මේ කියන කාන්තාව ඉතා රුමත් අදටත් ඇය පේරාදෙනිය හරහා ගමන් කරනවා.දැන් දරුවොත් දෙදෙනෙක්.ඇය රජයේ සේවයේ වගේම,ගමේ වැදගත් පවුලක.පේරා සිට පැයක දෙකක පමණ දුර.

    ඇය යෝජිත වුනේ පවුලේ වැඩිමල් පිරිමියාට.නමුත්,ඇය මේ වන විට බාල පිරිමියා සමග ප්‍රේම සම්බන්දයක් ඇතිකරන්.නිත්‍යානුකුලව විවාහ වුනේ බාල පිරිමියා සමගයි.පිරිමි දෙදෙනාගෙන් එක් අයෙක් රැකියාව කරන්නේ ගමෙන් පිටත නැවති සිටයි.මේ පිරිමි දෙදෙනාමත් මට මුනගැසි තිබෙනවා.නිවෙස්වලටත් ගොස් තිබෙනවා.

    මේක ඔපදුපයක් නෙමෙයි ඇය විසින්මයි මා සමග කිවේ.ඇය මෙන්ම පවුල් දෙකත් ප්‍රදේශයේ ගරු කටයුතු පවුල්.ඇය සමග පාරවල් වල ,නානතොටවල් වල ගම පුරා ඇවිදිද්දි මිනිස්සු හිස නමමින් කථාකළා.ඇයත් ආඩම්බරෙන් වගේ තමයි මේ බව මට කිවේ.
    මේ කථාව නිසා මා කෙතරම් තුෂ්නිම්බුත වුනාද කිව්වොත්,වචනයක්වත් කථාකරගන්නවත් බැරිවුණා.නමුත්,පසුකාලිනව ඔය සිද්දිය දකින්න ලැබෙද්දි තේරුම් ගත්තා.

    මට මිට වඩා විස්තර කිරිම අපහසුයි.
    ඔබ තේරුම් ගනිවියයි සිතනවා.

    මෙය සටහන් කිරිමත් මිත්‍ර ‍ෙද්‍රා්හිකමක් ලෙසයි මට දැනෙන්නේ.
    තවමත් මේ සිරිත පවතින බවත්,ගම්මුන්ට එය අරුමයක් නොවන බවත් කියන්නයි වුවමනා වුනේ.


    ReplyDelete
    Replies
    1. මල්මී,

      ඔයා කියන කතාව හරිම අපූරුයි. මම හිතුවෙම නෑ අදටත් ඔය විදිහෙ සිද්ධීන් ඇත්තටම ප්‍රායෝගිකව වෙනවයි කියල.

      ඒත් මේ ඔයා කියන කතන්දරේ දර්ශීය එක ගෙයි කෑමකින් චුට්ටක් විතර වෙනස්. ඒ කිව්වෙ සහෝදරයො දෙන්නටම එකම භාර්යාවක් කියල කලින් ඉඳලම කතා බහ කරගෙන, හැමෝගෙම කැමැත්ත ඇතුව, වෙච්ච දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ ඔයා කියන විදිහට. ඒ කොහොම උනත් ඒත් එකගෙයි කෑමක්ම තමයි.

      බොහොම ස්තූතියි මල්මී මේ කතාව අපි එක්ක කිව්වට..... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි