කැළෑ හඳ - රුක්මණී දේවි සහ ස්ටැන්ලි පෙරේරා. |
බුදු හාමුදුරුවො ජාතක කතාවක් කියනකොට අන්තිමේදි පූර්වාපර සන්ධි ගැලපීම කියල එකක් කලා කියල ඔය බෞද්ධ සාහිත්‍යයෙ තියනව. බෞද්ධ සාහිත්‍යයයි බෞද්ධ ධර්මයයි කියන්නෙ දෙකක්. ඔය දෙක පටලවාගෙන ඉන්නෙ අද මේ ඉන්න බෞද්ධයො සීයට අනූනමයයි දශම නමයයි නමයක්ම. සක්කරය චිත්‍ර ඵලකය විදිහට හඳ පාවිච්චි කරල හාවගෙ රූපෙ ඇන්ද එක, එතකොට වෙස්සන්තර තමන්ට ඕන විදිහට වහල්ලු විකුණල දානව වගෙ භාර්යාවයි දරුවොයි දන් දුන්නු එක, මහවුසද අමරගෙ ඇඟ පුරා බත් මාලු අනල ගාල අව්වෙ තියපු එක එව්ව ඇවිල්ල බෞද්ධ සාහිත්‍යය. කොටින්ම කතන්දර.එව්ව මේ කණින් අහල ඒ කණින් පිටකරල දාන්ට ඕන එව්ව.
ඔය මහවුසද සහ අමරගෙ සීන් එක මම ඔය අපි බැඳපු අලුත් අපෙ උන්දැ එක්ක කිව්ව. වෙන මොකටවත් නෙවෙයි ආය බාර්යාවො මෙන්න මෙහෙමයි ඒ කාලෙ තමංගෙ සුවාමි පුරුසයින්ට කීකරුව හිටියෙ කියල මේ නිකමට වගෙ පහදල දෙන්ට..දන්නවද මුන්දැ ගත් කටටම කිව්ව එක." හුහ්, මං එහෙම අමරාදේවි උනානං දෙන්නෙ වළං ගැට්ට මහව්සදයගෙ කරේ හිටින්ට.." ඕං... ඉතිං මොකේද දංවළදන්නෙ? කියල ඇහුවලු ලොකු හාමුදුරුවො...
වෙස්සන්තර කතාව පෙන්නද්දි ඔය බබලත්තු ඉකිගගහ අඬනවනෙ.ඕක බලාඉඳල තම්බි මුදලාලි කෙනෙක් කිව්ව කතාව අහල ඇතිනෙ නේද?
" යේක ෂරි, මත්‍රි තේවිගෙ ළමයි දෙන්නා දුන්න. ඒකට යෙයාට තුකයි, යෙයා අඬනව. යේක ෂරි, ඒත් මේ බලාඉන්න ගෑණු එකීල මොක්කට අඬනවා? "
ඔතන මුදලාලි කියල තියෙන්නෙ ගෑණු එකීල කියල නම් නෙවෙයි...වෙන වචනයක්. දන්න අය අදාල තැනට දාගන්න...හෙහ්,හෙහ්, නොදන්න අය දන්න අයගෙන් අහල දාගන්න....හෙහ්,හෙහ්,
බණකතා කියනකොට ඔන්න තව එකක් මතක් උනානෙ. අර මොකක්ද බණ පොතක තියනවනෙ කතාවක් හාමුදුරුවරුන්ට දානය දීමේ ආනිසංස ගැන පැහැදිලි කරන්ට. ඒ වගේම ශ්‍රද්ධාව කියන එක මොනතරම්ද කියල කියල දෙන්ට.එක බොහොම දරුණු දුර්භික්ෂ කාලයක් ආවලු ඔන්න. අර බැමිණිටියා සාය කියල කියන්නෙ වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ ඇතිවෙච්ච මහා සාගතයක්. ඒ වගෙ එකක්ය කියල හිතමුකො.
ඔන්න එක පිටිසර ගමේ ගෙදරක දෙන්න දෙමාල්ලො විතරයි ඉන්නෙ. මේ දෙන්නත් දවස් ගාණකින් හරියට කෑමක් නැතුව බොහොම අහේමෙන් ඉන්නෙ. මේ දෙන්නට ඉන්නෙ එකම දරුවෙක් විතරයි. අවුරුදු තුනක වගෙ පොඩි එකෙක්. හරි හමං යමක් කෑමට හොයාගන්නෙ කොහොමද කියල දෙන්න දහ අතේ කල්පනා කර කර ඉන්දැද්දි ඔන්න හාමුදුරුනමක් එනව පිණ්ඩපාතෙ.
දැන් ඔන්න මේ දෙන්න කතාවෙනව." අනේ අර හාමුදුරුනමක් නේද අපේ කඩුල්ල ලඟ ඇවිල්ල ඉන්නෙ. පූජාකරන්ට කිසිම අහාරයක් ගේ හරියෙවත් නෑනෙ මොකද කරන්නෙ? "
එහෙම දහ අතේ කල්පනා කරල මේ දෙන්න තීරණය කරනව මෙහෙම . වෙන කරන්න දෙයක් නෑ. අපේ දරුවවත් මරල ඒ මස උයල හාමුදුරුවන්ට පූජා කරමු. ඉතිං හාමුදුරුවරු ඔය වගෙ කතන්දර බණට කියනකොට ආය නෑ උපාසක අම්මල දෑහෙ කඳුලු පුරවාන සාදුකාර දෙන්නෙ. බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිල. ඔය කතා ඉතින් අවුරුදු සීයකට හමාරකට එහානම් ඔන්න අවුලක් නෑ. ඒත් වැඩේ කියන්නෙ සමහර හාමුදුරුවරු තාමත් බණට කියන්නෙ ඔව්වනෙ.
රයිට් මම කියන්ඩ ආවෙ ඔය බණ කතාවටම සම්බන්ධ තවත් කතාවක්. මේකෙ කථානායකය ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මය. වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා. එතුමා තමන්ගෙ නම ලිව්වෙ ඩබ්ල්යු. ඒ. සිල්වා කියල. අවුරුදු අසූවකට, අනූවකට වගෙ එහා පැත්තෙ ලංකාවෙ අග්‍රගණ්‍ය නවකථාකරුවා.සිරියලතා නොහොත් අනාථ තරුණී, ලක්ෂ්මී නොහොත් නොනැසෙන රැජිණ, විජයබා කොල්ලය,සුනේත්‍රා නොහොත් අවිචාර සමය, දෛව යෝගය,කැළෑ හඳ, හඳපාන,රදළ පිළිරුව, රිදී හවඩිය, ජූලි හත..එතුමාගෙ පොත් වලින් කීපයක්.
පොත්පත් කියවලා මම ජීවිතේට යමක් එකතුකරගත්තනම් ඒකෙ ගෞරවේ වැඩි ප්‍රතිශතයක් හිමිවෙන්ට ඕන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයට. මම මුලින්ම කියවපු සිංහල නවකථාව කැළෑ හඳ. අපෙ අම්මල ඉස්කෝලෙ යන කාලෙ එස්.එස්.සී.( ඒ කාලෙ උසස් පෙළ වෙනුවට තිබ්බෙ එස්. එස්.සී නැත්නම් Senior School Certificate, ජේෂ්ඨ පාඨශාලා සහතිකය ) විභාගෙට සිංහල සාහිත්‍යය විෂයට මොකක් හරි නවකථාවක් අධ්‍යයනය කරන්ට ඕන.අම්මලට නියම වෙලා තිබ්බය කියන්නෙ ඩබ්ල්යු. ඒ සිල්වා මහත්මයගෙ කැළෑ හඳ.
දවසක්, මට එතකොට අවුරුදු දහයක් වගෙ ඇති මහිතේ,අපෙ ගෙදර තිබ්බ පරණ ට්‍රංක පෙට්ටි දෙක තුනක්. ට්‍රංක පෙට්ටි ගැන අහල තියද? යකඩ තහඩු වලින් හදාපු සූට්කේස් වගේ හැබැයි ඊට වඩා බොහොම ලොකුයි. අඩි 4 x 3 x 2 වගෙ සයිස්, ඇඳුං එහෙම දාන්ට හදාපු පෙට්ටි ජාතියක්.
අපෙ අම්මලගෙ මහ ගෙදර පරණ ලට්ට ලොට්ට දාන පොඩි කාමරයක් තිබ්බ කුස්සියත් එක්කම. ඒකෙ තිබ්බ මට මතකයි ඔය ට්‍රංක පෙට්ටි හත අටක්ම. නැව්වල යනකොට එහෙම ඇඳුං දාගෙන ගිහිල්ල තියෙන්නෙ ඒ කාලෙ ඔව්වයෙ. ඊට අමතරව යුද හමුදාවෙ සෙබළු එහෙමත් ඔව්ව බොහොම පාවිච්චි කරල තියනව. අම්මගෙ ලොකුම අයිය දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ බ්‍රිටිෂ් ආමි සොල්දාදුවෙක්. මම හිතන්නෙ අර අම්මලගෙ මහ ගෙදර තිබ්බ ට්‍රංක පෙට්ටි බොගෝවිට එයාගෙ එව්ව වෙන්ට ඕන.
ඔය කාමරේ හිටිය පුළුං පුරවපු දිවියෙක්. ඒ ඔය අපෙ ලොකු මාමා ඇළහැර පැත්තෙ ආමි කෑම්ප් එහෙක වැඩ කරද්දි වෙඩි තියල මරපු එකෙක්. මටත් යන්තමට වගෙ මතකයි ඒකා. ඒත් මට දැනුම් තේරුම් තියන වයසට එනකොට ඒකා දිරලම විනාස වෙලා ගිහිල්ල. උගෙ හමේ කෑල්ලක් ඊට පස්සෙත් තිබ්බ එහෙ.
ඉතිං අපෙ ගෙදර තිබ්බ ට්‍රංක පෙට්ටියක් මම දවසක් ඇරල ඒකෙ තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම එලියට අරගෙන බැලුව. ඔය දාරානිපාත වරුසා දවසකද කොහෙද.... පරණ පත්තර, මීයො කාපු රෙදි කෑළි,කුඩ රෙදි, ලියුං කියුං අස්සෙ තිබිල මට හම්බ උනේ නැද්ද කැළෑ හඳ පොත. මුල පිටුව නෑ. දෙවෙනි පිටුවෙ ඒ කිව්වෙ ටයිටල් පේජ් එකේ ලියල තිබ්බ තීන්ත පෑනකින් අම්මගෙ මුල්නම ඒ කිව්වෙ බඳින්ට ඉස්සරවෙලා නම . Maiden name එක.පොතේ කොළ කහ ගැහිල අතටම දියවෙලා වගෙ තිබ්බෙ. ඒ වෙනකල් මම නවකතාවක් කියවලම තිබ්බෙ නෑ. ඔය පොඩි පොඩි ළමා කතා ඇරෙන්න.පියාඹන අස්සයා, ඇලඩින් සහ පුදුම පහණ, දැත්තගෙයි යාලුවන්ගෙයි හපංකම්..ඔන්න ඔය වගෙ එව්ව. මම ඉතිං බොහොම ආසාවෙන් කියෙව්ව කැළෑ හඳ පොත.ජෝන් ජයපාල, ජයපාල මැතිණිය, ජෙරී හැරිස්, අන්දො සීයා, මාලිනී නොහොත් පස්සෙ විශ්නබායි,ඩේසි අත්තනායක මගේ ජීවිතයට බොහොම සමීප චරිත බවට පත් උනේ එදා ඉඳලමයි. ඒ දාරානිපාත වැස්ස දවසෙ...දශක හතරකට වගෙ ඉස්සෙල්ල...
ආ..තව එකක් කියන්ට ඕන...කැළෑහඳේ මුල පිටුව වගේම අග පිටු දෙක තුනකුත් තිබ්බෙ නෑ. මාලිනීට අන්තිමට මොකද උනේ කියල දැනගන්නකල් මට ඉතිං ඔන්න සිහියක් පතක් නෑ.
" අම්මෙ..මේ මේ පොතේ අන්තිම පිටු දෙකක් තුනක් නෑනෙ..මොකද මාලිනීට උනේ? " මම අම්මගෙන් ඇහැව්ව.
" මාලිනී අර එයාලගෙ ගමේ ඔයට පැනල මැරෙනවනෙ.." අම්ම කිව්ව.
මාලිනී එහෙම දිවිනහ ගන්නෙ අරණායක පාළමෙන් මහඔයට පැනල.අරණායක මගෙ පංතියෙ යාලුවෙක් හිටිය. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙ කෑගල්ලෙ. ඊට අවුරුදු දෙක තුනකට වගෙ පස්සෙ මමයි තව යාලුවො දෙතුන් දෙනෙකුයි නිවාඩු කාලෙක අර යාලුවගෙ ගෙදර ගියා. එයාලගෙ ගෙවල් ගාව වෙලේ ක්‍රිකට් අතක් එහෙම ගහල, මා ඔයේ නාල, දවල්ටත් කාල ආපහු ගෙදර ආව. එහෙ යද්දි අපි ගියෙ අරණායක පාළම උඩිං. පාලම උඩ ටිකක් වෙලා නතර වෙලා මම පල්ලෙහායින් ගලන මා ඔය දිහාවෙ බලා හිටිය. මාලිනී ගඟට පනින්ට ඇත්තෙ මෙතනින් වෙන්ට ඇති..මට එහෙම හිතුන.
" ඒයි මොකද කරන්නෙ?... යමු යමු.." මාත් එක්ක ආපු යාළුවො එගොඩහ ඉඳගෙන කෑගැහුව,
ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ තවත් අපූරු පොතක් තමයි වාල්මීකී රාමායණය.රාම-රාවණ යුද්දෙ විස්තර කරල තියනව පණ පිහිටුවල. ඒකෙදි පාවිච්චි කලාය කියන අවි ආයුධ වල විස්තර කියෙව්වම පුදුම හිතෙනව.හරියටම අද න්‍යාෂ්ඨික අවියක් පාවිච්චි කලාම සිද්ද වෙන ක්‍රියාදාමය එහෙම්මමම සවිස්තරව කියල තියෙනව රාමායණයෙ. රාම -රාවණ යුද්දෙ වගේම කුරු-පංචාල යුද්දෙත් න්‍යාෂ්ඨික යුද්ද වෙන්ට පුලුවන්ය කියලකියන මතය එක පාරටම අහක දාන්ටත් බෑ අපට.
රයිට් ඒ ඇති දැනට බීටිං අරවුන්ඩ් ද බුෂ්...නොහොත් ගොමු තලනය. දැන් වරහන් වැහීමේ කාළයයි. කාලෝ අයංතේ.....ඔය වරහන් වැහිල්ලෙ කතාව කියන්නෙ අපෙ සිත්තමී නඟා.. මම ඔය කතා අස්සෙ කතා කියනවනෙ. ඒ ඔක්කොම කතා කියල ඉවර කලානම් ඔවුන්දැ කියන්නෙ " ආ..අද හොඳයි අයිය.ඇරපු වරහන් ඔක්කොම වහල තියෙන්නෙ." ඔන්න ඔහොම. රයිට් එහෙනම් පටන්ගමු බලන්ට ඇරපු වරහන් වහන්ට...හෙහ්,හෙහ්,
දැන් අර බණ කතාවට සම්බන්ද අනික් කතාව. ඩබ්ල්යු. ඒ සිල්ව මහත්තයගෙ නිවස ආසන්නයෙම තිබිල තියෙනව ප්‍රසිද්ධ විහාරස්ථානයක්. ඩබ්. ඒ. සිල්ව කියන්නෙ බොහොම විනෝදයට බර නිතර දෙවේලෙ මධුපානෝත්සව පවත්වන ඒ වගේම ඒවට සහභාගිවෙන පුද්ගලයෙක්. කොටින්ම ජොලි බුවෙක්. ඒ නිසා නැචුරලි මනුස්සය වැඩිය ඔය පන්සල පැත්තෙ එහෙම ගිහිල්ල නෑ. විහාරාධිපති හාමුදුරුවන්ට මේක නිකම් මදිකමක් වගෙ උනා. මේ වගෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක් අහල පහලම හිටියත් කිසිම දවසක පන්සලට එන්නෙවත් නෑනෙ. එතුමා මේ ගැන කල්පනා කරල පණිවිඩයක් ඇරල ගෙන්නුව ඩබ්. ඒ. සිල්වා මහත්මයව පන්සලට.
දැන් මෙහෙමයි දෙබස යන්නෙ ....
හාමුදුරුවෝ ( හා ) - " මොකද සිල්ව මහත්තය. අපේ පන්සලේ අසල් වාසියෙක් වෙලත් මේ පැත්තෙ එන්නෙම නෑනෙ..මොකද ඒ? "
සිල්වා මහතා ( සි. ම. ) - " එහෙම ප්‍රශ්ණයක් නෑ අපෙ හාමුදුරුවනේ..මේක මේ වෙලා තියෙන්නෙ වැඩ රාජකාරි බහුලයිනෙ ඒකයි "
හා - " එහෙම කියල කොහොමද? ඔබ තුමා බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙච්චි. එහෙම එකේ පන්සලේ කටයුතු වලට මීට වඩා සහයෝගයක් දෙන්ට එපාද? "
සි. ම. -" අවසර මොකක්ද මගෙන් වෙන්ට ඕන? ඔබ වහන්සෙම කියන්ටකො එහෙනං "
හා - " වෙන මොකවත් නෙවෙයි අපේ පන්සලේ කටයුතු වලට මීට වඩා නිතර සහභාගි වෙන්ට. හරි... මේ ඉරිද තියනව ධර්ම දේශනයක්. බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සෙ නමක් වැඩම කරන්නෙ.. . ඔබ තුමා එන්ටම ඕන...."
සි. ම. - " එහෙමයි හාමුදුරුවනේ මම එන්නම්. "
ඔන්න කොහොම හරි ඉරිද ඩබ්. ඒ. සිල්ව මහත්මය ගියාලු පන්සලට බණ අහන්ට. එදා අර වැඩපු හාමුදුරුවො බණට කිව්වෙ මම අර කලින් කියාපු කතාව. දානෙට පූජා කරන්ට දෙයක් නැතුව තමන්ගෙ දරුව මරල.......ආන්න ඒ කතාව.
සිල්ව මහත්තය කතාව ඉවර වෙනකල් අහගෙන හිටියලු.ඒ කරල ඔන්න නැඟිට්ටලු .
" අවසර හාමුදුරුවනේ..ඔය කතාව මම අහල තියෙන්නෙ නම් ඔයිට වඩා ටිකක් වෙනස් විදිහකට. " හාමුදුරුවන්ට වැඳල කරල එහෙම කිව්වලු.
" හරි හරි අපේ සිල්ව මහත්තය කියන්නෙ රටේම ප්‍රසිද්ද උගතෙක් නෙව. ඔබ තුමා අහල තියෙන විදිහ සමහරවිට හරි වෙන්නත් පුලුවන්. ඉතිං කියන්නකො බලන්න අපට දැනගන්ටත් එක්කම. " හාමුදුරුවොත් සිනාමුසු මුහුණින් අවසර දුන්නලු.
" අර හාමුදුරුවො වැඩියනෙ පිණ්ඩපාතෙ. ඊට පස්සෙ මම අහපු කතාවෙ හැටියටනං අපෙ අපෙ හාමුදුරුවනේ අර දෙන්න දෙමාල්ලො තමන්ගෙ දරුවව මැරුවෙ නෑ."
" එහෙනං මහත්තය? " ..හාමුදුරුවො ඇහුව නළලත් රැළි කරගෙන.
" දෙන්න එකතුවෙලා හාමුදුරුවන්ට ආරාදනා කලා ගේ ඇතුලට. ඒ කරල පොල්ලක් අරගෙන දුන්න ඔලුවට හාමුදුරුවනේ..ඊට පස්සෙ මන්නයක් අරගෙන…"
එච්චරයි සිල්ව මහත්තයට කියන්ට ලැබුණෙ..හාමුදුරුවො නැඟිට්ට ධර්මාසනෙං..ගින්දර විසිවෙන දෑසින් බලාහිටිය සිල්ව මහත්මයගෙ මුණ දිහා…
" දේවදත්තයා..මිත්‍යාදෘෂ්ඨිකයා.." කියල යටිගිරියෙන් බෙරිහන් දුන්න. බස බස ගෑවිල්ලෙ යන්ට ගියාලු පන්සල ඇතුලට.
ආයම පන්සලේ කටයුතු වලට සහභාගි වෙන්ට කියල ඩබ්. ඒ. සිල්ව මහත්තයට ආරාධනාවක් නම් ආවෙ නැහැල්ලු ඔන්න.එතුමාට මිය පරලොව යනකල්ම හිතාගන්ට බැරිඋනාලු එහෙම ආයම ආරාධනාවක් ආවෙ නැත්තෙ මොකද කියල.
රයිට් ඔන්න සිත්තමී කියන විදිහට එක වරහනක් හරි. හරි බණ කතා ගැන ඇදිල ආවෙ පූර්වාපර සන්ධි ගැලපීමක් ගැන කියන්ට ගිහිල්ලනෙ. ඒ පූර්වාපර සන්ධි ගැලපීම මෙහෙමයි. මේ කියන්ට යන්නෙ පිළිස්සූ කුකුළගෙ කතාවනෙ. හරියටම කිව්වොත් " පිළිස්සූ කුකුළකු කරණකොටගෙන අහිමිවූ මගේ ආදරය. "
එතකොට ඔය කතාවට සම්බන්ධයි මගෙ අතිජාත මිත්තරය අජිතය. අජිත් එක්ක වෙච්චි ආතල් සීන් එකක් ගැන තමයි මේ කියන්ට ආවෙ මම. හරි රාජ කපුරු ගැන මම කිව්වනෙ. අපෙ ඔෆිස් එක කිට්ටුව තිබ්බ මහා විද්‍යාලයක්. ඒ පැත්තෙම තිබ්බ ප්‍රසිද්ධම ඉස්කොලෙ. ඕකෙ හෝල් එකේ රාජ කපුරු පෙන්නනව කියල කියල අපිට ආව ආරංචියක්.ආය මොනවද පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ තමයි. අපේ කෑම්ප් එකේ ඔක්කෝටම යන්ට ඕන උනා රාජ කපුරු බලන්ට.
ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ කොහොමද දන්නවද? ජපන්නු කොළඹට බෝම්බ දැම්මනෙ දෙවන ලෝක යුද්ධෙ කාලෙ 1942 දි. ඒ වෙලාවෙ වැරදීමකින් පිස්සං කොටුවටත් බෝම්බ වැටිල. ඒකෙන් තමයි ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ.
ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට.රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්,
/" යේක ෂරි, මත්‍රි තේවිගෙ ළමයි දෙන්නා දුන්න. ඒකට යෙයාට තුකයි, යෙයා අඬනව. යේක ෂරි, ඒත් මේ බලාඉන්න ගෑණු එකීල මොක්කට අඬනවා? " /
ReplyDeleteඕක අපේ ගමේ කියන්නෙ නං මෙන්න මෙහෙමයි..
/වෙෂ්ෂන්තර අප්පුහාමිලගෙ ආමිනේ නං තුකට අඩනවා.. යේක ෂරි තැන් යේක මේ මුතුකල *** මුක්කට අඬනවා??
ජනූ
ජනූ,
Deleteඒක මරු කතාව, වෙෂ්ෂන්තර අප්පුහාමි කියල මම අහල තිබ්බෙ නෑ...හෙහ්,හෙහ්, අප්පුහාමි.... :)
අප්පුහාමි තමා...
Deleteහිහි
ඕකත් අර හාංදුරු කෙනක් ඉන්න වෙලාවක කියන්න ඕන
හෙක් හෙක්
යෝනක ධම්මරක්කිත සාධුගෙ බණ කතාවනෙ ඔය.
Deleteපට්ට වැෂ්ශි කියලලුනෙ සාධු දේසනා කලේ. ඒ එක්කම සාධුගෙ ධර්ම දේසණාවෙ තව ටිකක් තීනව. ඒත් ඉතින් ඔව්ව කියල මේ බ්ලොග් එක බලන්න එන පොඩි උන්ට බබ්බු අම්බු උනොත් යේකටත් මට්ටම තමා දොස් රෙන්නෙ. යේ ඉන්ද බුද්ධ ෂාමි පීටයි, අපි වෙඩ්ඩ.
ඉන්දික,
Deleteඅඩේ ඔන්න කියනකොට යන්තමට මතකයි වගෙ. අර ත්‍රී ක්වාටර්ස් සාදුගෙ බණ ඩිංග නේද? මගෙ යාලුවෙක් ඉන්නව ඔව්ව ඔක්කොම මතකයි යස අගේට. උගෙං අහල බලන්ටෝනෙ...හෙහ්,හෙහ්,
මචංල
Deleteඕක කැසට් එකක් විදිහට තිබුනා ගෙඩි පිටින් 160ක්
ඔය කතාව
ඉඩි අමින්ට බෝපිටියේ බාන්ඩයක් දුනන් සැප
වෙන්නවත්ත පොන්න ළමාසමාජයේ අංගුලිමාල දමනය
ජෝඩු දාල යනකොට හරි ආතල් (තාත්තයි දුවයි )
අම්මට කියන්න පුතා රබර් කිරි ගැවුනා
වැල්ලේ රිලා වැල්ලෙන් වහල
කුමටද සොදුරිය ඇගිලි ගහන්නේ
තව ගොඩක්
හොරාට සෝනි කැසට් එකකට රේකොඩ් එකක් ගහගන ඇවිත් මාස ගානක් රස වින්දා බං
1993 වැසි බර දවසක කඩේට ගිය අම්මා වැස්ස ඉවරවෙලා එයි කියල හිතපු මං ඕය කැසට් එක දාගන අහනකොට කඩේ ඇන්ටිගෙන් කුඩයක් ඉල්ලගන සැපත්වෙච්ච මව්යානය රබර් දර පොල්ලකින් මට සංග්‍රහයක් එහෙම කරල කැසට් එක රාත්තල් පහේ මිටියෙන් චප්ප ක්ලෝස් කලා පිංවතුනි
කැසට් රෙකෝඩරයත් ඉවරයි දෙයියෝ බැලුවා වාගේ ඇති දැඩි කල පියා නොපැමිනියානං
එහෙම ලැජ්ජ බයට හැද්ච්ච කොල්ලෝ අපි
ඒකනේ මෙහෙම මනා සංයමයකින් යුතුව කමෙන්ට් කරන්නේ , පෝස්ට් දාන්නේ
කාගාව හරි ඒක තියනවනං මට කොපියක් දියං
Deleteඅටම්,
Deleteඉඩි අමින් සීන් එක සහ අංගුලිමාල දමනය මම අහල තියනව. :)
අටමෝ ඔය කියන්නේ මේක
Deleteනේද?
බ්‍රිටිෂ් ආමි ලොකු මාමාගෙ පරණ යුද්ධ කතාවකුත් එකතු කලා නම් තමයි පඳුර වටින්නේ...
ReplyDeleteතිසර,
Deleteලොකු මාමගෙන් ඒ කතා මොකවත් අහගන්ට බැරි උනානෙ මලේ...:(
උන්දැ ඇවිල්ල හෙණ ගාම්බීර පොර. පත බුරුසුවක් එහෙම වවල...බොහොම ගැඹුරු කටහඬ. අපි තියා අම්ම එහෙමත් බයයි..හෙහ්,හෙහ්. ඒ නිසා ඔය විස්තර අගහන්ට උනේ නෑ. ආමි හිටිය කියල විතරයි දන්නෙ....:)
පට්ට කථා ටික.
ReplyDeleteඑල ද බ්‍රා.
Sanjeewa,
DeleteThanks....:)
තිලකේ ඔන්න වෙෂ්ෂන්තර අප්පුආමිගේ කතාව තියෙනවා හරිය.. හැක්..
ReplyDeleteවෙෂ්ෂ්න්තර අප්පුආමි දරුවන් දන් දුන්නා. යේක ෂරී. එ් උන්නැහැගේ දරුවෝ නේ. ඒකට මේ පඳුරු වේෂියෝ මොක්කට අඩනවද කියල තමා අපි නං අහල තියෙන්නේ.. හැක්..
දේශක,
Deleteමොකෝ ඒ එහෙම කිව්වෙ බං?....තිලකෙගෙ සම්බන්දෙ මොකක්ද?...:)
ලැජ්ජාවේ බෑ මේකා කිව්වනේ මට වෙෂ්ෂන්තර අප්පුහාමිගේ කතාව දන්නෑ කියලා..
Deleteමගෙන් යෝජනාවක්, පඳුරු තලන්න එපා කියල උඹටයි හැලපෙටයි කියල වැඩක් නෑ. නමුත් එක කතාවකට පඳුරු දෙකක් තුනක් විතරක් තලන්න කියල ඉල්ලනව. ඔය කුකුලගෙ කතාව මට මොකුත් මතක නෑ බං. අපි බ්ලොග් බර ගානක් කිියවන එවුන් නෙව. මතක නැතිවීම සොබාවිකයි. අනෙක පියෝ සිංහලයො!
ReplyDeleteරාජ්,
Deleteකුකුළගෙ කතාව තාම කිව්වෙ නෑ මල්ලි...ඒක මෙහෙමයි. දවසක් ඔය මොකක්ද වෙන කතාවක් කියද්දි මම කිව්ව මගෙත් තියනව පිළිස්සූ කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය කියල කතාවක් කියල. පස්සෙ දවසක හැළප මතක් කලා කෝ අර කතාව කියල. ඒක කියන්ට තමයි මේ පටන් ගත්තෙ. ඒත් තවම කියාගන්ට බැරිඋනා නෙව...රාජ්ගෙ උපදෙස් පිළිගනිමි. කතාව ඇත්ත. පඳුරු තැළිල්ල වැඩි උනාමත් අවුලක් තමයි :)
මං හිතන්නෙ ඔය කුකුල ගැන දොඩන්නෙ සෑහෙන කාලෙක ඉදල
Deleteහෙක් හෙක්
http://helapakade.blogspot.com/2013/12/107.html?showComment=1387262559853#c5273630543409891183
Deleteමෙන්න මෙතන බලපල්ලා,මගෙ කතාවයි රවිගේ කමෙන්ට් එකයි.ඔතන කියවුන කතාව නිසා මම ඒ කතාවත් ලියන්න කියල රවිට කිව්වෙ.රවිය කවද හරි කතාව කියාවි,විමලයගේ වාන්පතුල් කතාව කිව්වහේ.මේ කතාවට මගේ තියෙන සම්බන්ධය ටික ටික මග ඇරෙන වග පෙනුන නිසා මං මේ මතක් කළා පමණයි.
හැලප,
Deleteහෙහ්,හෙහ්, උඹ හරියටම කියල තියනව අන්තිමට සැවුළගෙ කතාව කියන්නෙ තව අවුරුදු පහකින් විතර කියල...:)
ඒ සංවාදය මෙහෙමයි, හුදීජන පහන් සංවේගය උදෙසා උපුටා පළකරන ලදී.....
RaviDecember 16, 2013 at 10:42 PM
හප්පා. අපෙ හාමිනේලයි දිහා තමයි ඔය මඟුල් චාරිත්තර අකුරටම කරන්නෙ. ඔය සෙල්ලං කොරන්ට බැරි හින්දම මම එකහෙලාම කියල මයෙ මංගල්ලෙ ගත්තෙ හෝල් එහෙක.
එයාලගෙ අක්කගෙ මඟුලට මම හිටියනෙ. එහෙ මඟුල් මේසෙ ඔන්න මුලිම්ම මනමාලිගෙ පැත්තෙ වැඩිහිටියෙක් බත් එක පිළිගන්න කියල ආරාදනා කරල කතාවක් පවත්තනව. මේසෙට වාඩි වෙලා ඉන්න ගමේ වැඩිහිටියෙක් ඔන්න කතාවක් පවත්තල ඒ ආරාදනාව බාර ගන්නව. ඊළඟක මස් වෑංජනේ බාරගන්න කියල ආයම කතාවක්. ඒකෙදි කරන්නෙ මස් වල පෝස්ය ගුනේ වර්නනා කරන එක. ඒකත් බෝජනේ පිලිගන්ට ඇවිල්ල ඉන්න කවිරිහෝ වැඩිහිඔටියෙක් ස්තුති කතාවක් කරල පිලිගන්නව. ඊගාවට ඇඹුල් තියල් එක..ඒකත් එහෙමයි. ඊළඟට සැවුලා..නෙක්ස්ට්. පරිප්පු..අල...මුකුණුවැන්න...ඔය ඔක්කෝටම සේම් ප්‍රොසීඩියර් රිපීටඩ්...පිස්සුම තමයි.බත් බෙදාගන්නෙත් නැකතට.
" මොනවද අනේ මේ හැම එකටම නැකැත්?...ඔය ඔක්කොම කොරන්නෙ එක දේකටනෙ. අන්න ඒ වැදගත්ම එකට මොන නැකතක්වත් නෑ..බැරිද ඒකටත් නැකතක් හදන්ට? "
කට එක විදිහකට තියාගෙන ඉන්ට බෑ නෙව මටත්...අපෙ උන්දැගෙන් මම ඔහොම අහල තව පොඩ්ඩෙන්නං මයෙ මඟුලත් අතෑරෙන්ඩයි ගියේ හෙහ්, හෙහ්
මඟුල් මේසෙ මැද ඉන්න රෝස් කුකුල කිසි එකෙක් කන්නෙ නෑ. හැමෝම ලැජ්ජයි ඌට අත තියන්ට. අපි ඔන්න දවසක් මගෙ අතිජාත යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල වත්තෙ කෙලවර ගහක් යට පොඩි ..හෙහ්, පොඩි කිව්වට පොඩිමත් නෑ..ලොකු කර්මාන්තයක් කරනව.
සාමාන්‍යයෙන් මෙහෙමනෙ වෙන්නෙ.. ඔය කරුමාන්ත ඉවරවෙලා අපි කන්ට එනකොට මඟුල් මේසෙ මොකවත්ම නෑ. ආයම ගෙදර අයට උයන්ට වෙච්චි අවස්තාත් තියනව.
ඉතිං අර කුකුල් සීන් එක..ඔන්න හැමෝටම නෝත් සවුත් මාරු වෙන්ට වැදිල. ඒත් පෙරේත කමට බොනව. බඩු තියනව. බයිට් නෑ. එකෙකුට මතක් උන කුකුල.." මචං අර කුකුල නං ඉන්නව මේසෙ මැද්දෑවෙ බැබළි බැබළි...තවම කවුරුත් අත තියලවත් නෑ.. ඒක ගේන එක තමයි වැඩේ..... " " කොහෙද බං කුකුලෙක් ඉන්නෙ? මම ගේන්නං..හුහ්..මේ වෙලාවට නැති කුකුලො ආය මොන කෙහෙම්මලකටද? " මම නැඟිට්ට...හප්පච්චියේ ඊට පස්සෙ වෙච්චි දේ නං කියල වැඩක් නෑ. මගෙ යාලුවගෙ මාමගෙ දුවක් හිටිය එළ කිරිස්. පොඩි ආතල් එකකුත් වැඩ කර කර තිබ්බෙ ඒ දවස් දෙක තුනට. ඒකත් එහෙමමම හබක් අර රෝස් කුකුලගෙ අර්බුදය නිසා. මට මතක් කරපන් හැලපෙ පෝස්ට් එකක්ම ලියන්න ඕන ඔය ගැන. " පිළිස්සූ සැවුලකු කරනකොටගෙන අහිමි වූ මගේ සෙනෙහස."
Helapa kadeDecember 17, 2013 at 6:03 AM
අපූරු චාරිත්‍ර නොවැ බං එහෙ තිබිල තියෙන්නෙ නියම සිංහල සිරිත් විරිත්.මගුල් මේසෙට කෑම ජාති විස්සක් ඉතර තිබුනොත් දවල් කෑම කන්න වෙන්නෙ රෑ අටට විතර මොකද කතාම හතළිහක් නොවැ.
උඹගෙ තර්කෙත් අපූරුයි,හැබෑටම ඒ කරුමාන්තෙටත් නැකතක් හදාගන්න බැරිද,ඔන්න විද්‍යාර්ථින්ගෙ අවධානය යොමුවිය යුතු දෙයක්.අනාගතේවත් එහෙම උනොත් කාටද නම්බුව.
අර සැවුලගේ සෙනෙහසද කොහෙද පෝස්ට් එක ලියන්න තව අවුරුද්දකින් හමාරකින් මම උඹට මතක් කොරන්නන් එතකොට තව අවුරුදු පහකට ඉතර පස්සෙවත් උඹ ලියන්නෙ නැතෑ.
රාජ්, කුකුලව පැත්තකින් තියහංකෝ... උඹට විමලෙව මතකද?
Deleteමට මතක් වුණේ පොතක් තියනවා "සිසිරයේ රැයක මගියෙකු නම්" කියලා... ගාමිණී වියන්ගොඩ පරිවතනය කල පොතක්... කතා කෑලි කෑලි තියෙන්නේ...
අහ් ... රවියෝ....
Deleteඒ පොත තියෙනවා අපේ ගෙදර... හෙහ්... බලන්න ගත්තම ඔලුව නරක වෙනවා... ආයෙත් උත්සහ කරලා බලන්න ඕනේ!
තිසර,
Deleteඑක් එක් දවසට වෙනම කථාංග යන හින්ද එහෙම පාත්‍ර වර්ගයා අනිවාර්යයෙන්ම මතකයෙහි තබාගත යුතුම නැත...:)
Stand-alone sequels කියන්නෙ ..අන්න එහෙම ...හෙහ්,හෙහ්
උපේක්ෂා,
Deleteමම නෙවෙයි බං පොතක් ගැන කිව්වෙ...තිසර...:)
පිළිස්සූ කුකුළාත් හරියට අර ගල් ගෙඩියකින් සුප් එකක් හදපු සීන් එක වගේ!
ReplyDeleteබළල්,
Deleteආය ගල් ගෙඩියෙං වැඩක් ඇත? සුප් එක රහනං ඒ මදැයි...:)
ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා ජනප්‍රියව සිටියේ අවුරුදු අසූවකට අනූවකට එහා නෙවෙයි නේද? 1950 - 60 දශක වලදී. 1935 - 40 ගණන්වල නෙවෙයි. බටහිර නවකතා කලාව පිළිබඳව එතුමාගේ තිබුණු පරිචය නිසා තමයි ඉතා රසවත්ව සහ අවසානය දක්වා කුතුහලය රක ගනිමින් කතා ලිව්වේ. උපහාසයද එතුමාගේ කතාවල යටිපෙලෙහි නොමඳව තියනවා. එතුමාගේ හාස්‍ය ජනක පෞද්ගලික කතා බොහොමයක් තිබෙනවා. වරක් එතුමා දුම්රියෙන් ගොස් රාත්‍රියේ දියතලාව දුම්රියපොලෙන් බැස තම ඇඳුම් පෙට්ටිය රැගෙන යාමට ආ කුලීකරුවා සමහ පයින් යන ගමන් හොල්මන් කතා කීම නිසා බියවූ කුලීකරුවා ඇඳුම් පෙට්ටිය මග දමා පැන දිවූ පුවතක් එතුමා සඳහන් කර තිබෙනවා.
ReplyDeleteමමත් කෑගල්ලේ කෑගලු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් 1965 - 1971
විචාරක,
Delete/ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා ජනප්‍රියව සිටියේ අවුරුදු අසූවකට අනූවකට එහා නෙවෙයි නේද? 1950 - 60 දශක වලදී. 1935 - 40 ගණන්වල නෙවෙයි. /
මම එහෙම ලිව්වෙ එතුමා තම පළමු නවකථාව වන සිරියලතා 1909 වර්ෂයේදි ප්‍රකාශයට පත් කරල බොහොම ජනප්‍රිය වුනාය කියල සඳහන් වෙන නිසා. ඒ වගේම දෙවන නවකථාව වන ලක්ෂ්මී ප්‍රකාශ කරල තියෙන්නෙ 1922 දි. ඒ වගේම ඔබ කියන එක ඇත්ත. 50-60 දශකවල තමයි එතුමාගෙ ජනප්‍රියත්වයේ කූටප්‍රාප්තිය.
/ වරක් එතුමා දුම්රියෙන් ගොස් රාත්‍රියේ දියතලාව දුම්රියපොලෙන් බැස… /
එතුමාට දියතලාවෙත් නිවසක් තිබිල තියනව. විවේකීව පොත්පත් ලියල තියෙන්නෙ බොහෝවිට එහෙ නැවතිලා. මලල්ගොඩ බන්ධුතිලක මහත්මය ලියපු එතුමාගෙ චරිතාපදානයෙ තවත් රසවත් තොරතුරු බොහොමයක් සඳහන් වෙනවා.
/ මමත් කෑගල්ලේ කෑගලු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් 1965 - 1971 /
ඔව්, කලිනුත් මම දැක්ක ඔබ කොහෙහරි කියල තිබ්බ කෑගලු විද්‍යාලය ගැන. මම ඉගෙන ගත්තෙ ශාන්ත මරියා මහ විද්‍යාලයෙ 1969-1976 කාල වකවානුවෙ.
රවී මාම කියන්නද සීයා කියන්නද? :P
Deleteපැතුම්,
Deleteඔහෙ ඕනෑ එකක් බං... ඕනෑ එකක්...:)
//රාජපක්ස බොස් මතකනෙ නේද?//
ReplyDeleteනැතුව, නැතුව
මෙ කතා වැල හරියට ජේම්ස් බ්‍රූක් මහත්තයගෙ "connections" කතා මාලාව වගේ....
http://en.wikipedia.org/wiki/Connections_(TV_series)
sa rasa,
Delete/ මෙ කතා වැල හරියට ජේම්ස් බ්‍රූක් මහත්තයගෙ "connections" කතා මාලාව වගේ.... /
අප්පච්චියේ කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නෙ නෑ..බොහොම අපූරු වැඩසටහනකට ඔබ මට පාර පෙන්නල දුන්නෙ....ආයෙම පාරක් ස්තූතියි. :)
James Burke - Connections
ලක්ෂ්මී රයිඩර් හැගාඩ්ගේ "She "කියල සිල්වාට plagiarism ගැන තිබුන චෝදනා ගැන පසු මුද්‍රණවල ඔහු පිලිතුරුදී හැටි කියවල තියනවද?
ReplyDeleteමාර සාතිත්ය වලි ඒ කාලෙ තිබිල තියෙන්නෙ.
විජයබා කොල්ලයෙත් පසු වදනෙද කොහෙද ශෙරිඩන්ගේ නාට්යයක් කියපු චෝදනා ගැන ලියල තියනව.
සුනේත්‍රා වල නේද හාමුදුරුවන් ගැන විවේචන තියෙන්නෙ?
Pra,
Delete/ ලක්ෂ්මී රයිඩර් හැගාඩ්ගේ "She "කියල සිල්වාට plagiarism ගැන තිබුන චෝදනා ගැන පසු මුද්‍රණවල ඔහු පිලිතුරුදී හැටි කියවල තියනවද? /
සිල්ව මහත්තයට එහෙම චෝදනා තිබ්බ සෑහෙන්න. රයිඩර් හැගාඩ්ගෙ She ආශ්‍රයෙන් ලක්ෂ්මී ලිව්ව කියල එකක්. විජයබා කොල්ලය ගැනත් එහෙම චෝදනා තිබ්බ. අමරිකාවෙ කැලිෆෝනියා ප්‍රදේශය ස්පාඤ්ඤයට යටත්ව තිබ්බ කාලෙ සිදුවුන පෙම් පුවතක් ඇසුරෙන් ලියවුනු පොතක කතාවක්ය විජයබා කොල්ලය ලියන්නට මුල් කරගෙන තියෙන්නෙ කියල.ඒක නාට්‍යයක් කියලද ප්‍රා අහල තියෙන්නෙ? මට මතක පොතක් වගෙ. කොහොම හරි එහෙම චෝදනා තිබ්බ. රදළ පිළිරුවත් එහෙම එකක්ය කියල කියනව. එව්වට එතුමා උත්තර දුන්න පස්සෙ. ඒත් මට හිතෙන්නෙ අවංකවම කිව්වොත් ඒ මුල් පොත් වලින් ආභාෂයක් ලැබෙන්ටත් ඇති බොහෝ විට.
Sheridan ගේ ප්ලේ එකක් මං හිතන්නෙ. The Duenna?
Deleteලක්ෂ්මී එකේ ලංකා සමාජය ගැන තියන dialogues monologues ( ජාතික ඇඳුම ප්‍රායෝගික නෑ වගේ ) මතකද?
හෙන්රි කියල තියනවා රවීත් මං වගේ Just William ලෝලියෙක් කියල
ප්‍රා,
Deleteඅප්පට සිරි විලියොං ගොයිය...හෙහ්,හෙහ්, මගෙ අතීසාර මිත්‍රයෙක් නෙව...හෙන්රිය කිව්වද මමත් විලියොංගෙ ගජයෙක්ය කියල..ඇත්තම ඇත්ත. තාමත් විලියොංගේ වික්‍රම කියවනකොට මට අමුතුම චමත්කාරයක් දැනෙන්නෙ. සිත්තමී නඟා එකපාරක් පරිවර්තනය කලා විලියොං ගොයියගෙ කතාවක්.. ඒ අනුසාරයෙන් අපූරු සංවාදයකුත් ඇති උනා.
මේ මම දාපු කමෙන්ට් එකක්....
බොහොම ස්තූතියි සිත්තමී..විලියොං ගොයිය ගැන මම කියෙව්වෙ ඉංගිරිසියෙං..ම්ම් එතකොට මට ඇති..ඉඳපං ගණං හදල බලන්ට...කෑගල්ලෙ පල්ලෙහා ගෙදර වතුර ටැංකිය ගාව තිබ්බ අනෝදා ගහ උඩ දෙබලෙ ඉඳං තමයි මම ඔය පොත් දෙකක් හෝ තුනක් ඉස්සොරෝම බැලුවෙ..ඒ කියන්නෙ 11 ක් හෝ 12 ක් වෙන්න ඕන..රයිට්...
ඒත් විස්වාස කරපං බොලේ මම ඉස්සෙල්ලම කියෙව්ව ඉංග්‍රීසි පොත ඇවිල්ල අප්පච්චිගෙ පරණ පොත් ගොඩක් අස්සෙ තිබිල හම්බ වෙච්ච ජේම්ස් හැඩ්ලි චේස්ගෙ පොතක්...මට තාම මතකයි නම ..Want to stay alive?.....ඒක බොහොම අමාරුවෙං වචන ගැටගහගෙන තේරුං ගත්ත කතාව...හෙහ්, හෙහ්, ඊට පස්සෙයි මට විලියොං මුණ ගැහුනෙ..
ඔය ඊනිඩ් බ්ලයිටන්ගෙ කතා එහෙම මම එකක්වත් කියවල නෑ. කොහොමිං කොහොමිං හරි ඒ සෙට් එක මට මඟ ඇරුන. ඒ ඔක්කොටොමත් හරියන්ට විලියං ගොයිය...හෙහ්, හෙහ්, එව්වයෙ චිත්‍ර ආයෙ කියල වැඩක් නෑ. විලියොනා රවාගෙන වගෙ කොයි වෙලෙත් මල පැනල ඉන්න මූණ දැක්කත් ඇති මට හිනා යන්ට.
එහෙනං ආයෙම පාරක් ඉස්තූතියි කිව්ව හොඳද? :)
සිත්තමීහෙ පරිවර්තන කියවන්ට කැමතිනම් ඔන්න පහලින්....:)
කාර්ය බහුල දවසක් - 1
කාර්ය බහුල දවසක් - 2
ඔය පුච්චපු කුකුලගේ කතාවයි වාංපතුල් කතාවයි නොකියන තරමට අපිට හොඳයි... තව අදිමු..
ReplyDelete:D
ඩබ්ල්යු. ඒ. සිල්වා ගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින කියන්නේ රයිඩර් හැගාර්ඩ් ගේ "ෂි" කතාවේ සිංහල වර්ෂන් එකක් කියල මම කොහේ හරි කියෙව්වා. ඒක එහෙමද?
පස්සේ කාලේක ඈ හෙවත් අයේෂා විදියට පරිවර්තනය වුනෙත් ඔය කතාවමද?
Pathum,
Delete/ ඔය පුච්චපු කුකුලගේ කතාවයි වාංපතුල් කතාවයි නොකියන තරමට අපිට හොඳයි... තව අදිමු.. /
පිස්සුද මල්ලි...උඹ නම් කියයි...අපෙ අම්මට තමයි ඉවරයක් නැතිවෙන්නෙ හච්චිං ඇරල...හෙහ්,හෙහ්,
/ ඩබ්ල්යු. ඒ. සිල්වා ගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින කියන්නේ රයිඩර් හැගාර්ඩ් ගේ "ෂි" කතාවේ සිංහල වර්ෂන් එකක් කියල මම කොහේ හරි කියෙව්වා. ඒක එහෙමද? /
එහෙම චෝදනා තිබ්බ පැතුම්....
/ පස්සේ කාලේක ඈ හෙවත් අයේෂා විදියට පරිවර්තනය වුනෙත් ඔය කතාවමද? /
" She " කියවන්ට ඉස්සෙල්ල මම පොඩි කාලෙ කියෙව්ව " අයේෂා " කියල ඒකෙ පරිවර්තනය. හේමපාල මුනිදාස මහත්මය හරි කේ.බී. සුගතදාස මහත්මය තමයි පරිවර්තනය ඉෆ් මයි මෙමරි සර්ව්ස් මී කරෙක්ට්.
හාමුදුරු කතාවේ සිල්වා මහත්තයගේ වර්ශන් එක තමා මරුම.
ReplyDelete:) :)
Deleteපිලිස්සු කුකුලෙක් දැක්ක කාලයක් මතකත් නැහැ... විමලේ , වාන්පතුල් තියා ආපු කාරණාවත් මතක නැහැ... මේකත් ඉතින් පිස්සන් කොටුවට බෝම්බ දැම්ම වගේ තමයි... උපමාව ඇත්තටම ඔප්පු කරලා තියෙනවා මාතෘකාවෙන්ම...
ReplyDeleteහි.. හි...
උපේක්ෂා,
Deleteඑහෙම තමයි අපි!!!!
මේ කතා කියවන අපේ මොළෙත් පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගේ තමයි.
ReplyDeleteවාංපතුල්, කුකුළ්ලු, විමලෙ කවද්ද ඒව ගැන කිවුවෙ මීට කලිං.
ඒ කාලෙ බො.බ.සේ. හිටියනං සිල්ව මහත්තයට වයිට් වෑන් එකක තමයි යන්න වෙන්නෙ නිවං.
ඇනෝ,
Deleteමොකද බං ඉතිං හදිස්සිය? හෙමිහිට ඔය කොව්ව ගැනත් කියමු..වාං පතුල්, පිළිස්සූ කුකුල්ලු ..ඔය හැම එකක් ගැනම...නැද්ද?
මාත් සිල්ව උන්නහෙගෙ පෙත් සෑහෙන්න කියවල තියනව..
ReplyDeleteමං ආසය ලක්ෂ්මී
මට මතක විදියට ඒක රයිඩර් හැගාර්ඩ් ගෙ අයේෂා ආපසු එයි එකට සමානයි..
හැබෑට කෝ ඉතිරිය...
බොසා යන්න දෙන්න බෑ කිවිවෙයි
මහේෂ්,
Deleteහරි බං ඉඳපං ඉවසල..ඉතිරියත් ලියන්නං...:)
පිලිස්සූ කුකුලාව රස බලන්න මම හැමදාම එමි.
ReplyDeleteඋඳුනෙද නැත්නම් බාබෙකිව් දානවද රවි මහත්තයෝ?
කුකුළා තාම බිත්තරේ,පුළුස්සන්න ඉස්සෙල්ල හැදිල වැඩිල ඉන්න එපායැ.කොහොමත් මාස තුනක් හතරක් යාවි.එතකල් ඇවිත් බල බල බලා යන එකයි.
Deleteස්තූතියි චෙෆාකි ( අරූ ගොයිය එහෙම නේද කියන්නෙ ඔහෙට? )
Delete@ හැලපේ...අද වගේ හෙටත් එනෝ, රස නිසා........
Delete@රවි.....අරූ ෂෙෆාකි කියනවා, කෙන්ජියි මාතෙයි ආකි කියනවා, අනිත් අය ෂෙෆා කියනවා...රංගි ශෙපෑකි කියනවා..ඔහේලට වගේ නෙමෙයි අපිට තාම හරියට නමක්වත් නෑ නොව...
ෂෙෆාකි,
Deleteනම් බොහෝ ගණනකින් හැඳින්වෙන්නෙ වැදගත් පුද්ගලයො.....:)
ඩබ් ඒ සිල්වගෙ පොත් වල බස මාර සරුයි. ලක්ෂ්මි එහෙම කොපියක් කිව්වට එහෙම ර්සට කොපියක්වත් ගහන්න පුදුම හැකියාවක් තියෙන්න ඕන. අනික කැලෑ හඳ එක අන්තෙක තියෙද්දි විජයබා කොල්ලය වෙනත් අන්තයක. පුදුම පරිකල්පන හැකියාවක් එහෙම බැලුවම.
ReplyDeleteඔය මනුස්සය ගැන රස කතා සෑහෙන්න මාත් අහල තීනව. හැබැයි ආරච්චිගෙ හින්ද්ද මන්ද මිනිහගෙ අධිමානෙ ගැන තමා වැඩි කතා තීන්නෙ.
ඉන්දික,
Deleteඇත්ත, පුදුම දක්ෂයෙක්. සිරියලතා කියවල ඇතිනෙ? අවුරුඩු 105 කට කලින් ලියපු පොතක්. ඒකෙ භාවිතා කරල තියන භාෂාව බලන්න. අද ලියන උන්දලට තවම බෑ ඒ වගෙ මටසිලුටු භාෂාවකින් ලියන්න...:)
දෙයියන්නෙ රටේ පොතේ එන කෙටිකතාවක් මේ... යකාගෙ ලියුම....උපුටා ගත්තෙ Novels.lk අඩවියෙන්
රවි,
Deleteතැන්ක්‍යු කිව්ව ඉතාම පරණ මතකයක් ඇවිස්සුවට.!!
ඔය දෙය්යන්නෙ රටේ පොත මම කියවල නෑ. ඒත් ඔය කතාව පරණ සිංහල පෙළ පොතක ( අපිට ඉස්සර පරම්පරාවක එකක් ) තිබිල පොඩි කාලෙ කියෙව්ව මතකයි. ඕක ගොඩක් මතක මොකද ලියුමෙ තිබ්බ ටික නොකිය මේ භූතය කතාව ඉවර කරානෙ කියන හැඟීම ඒ කාලෙ මට තදින් දැනුන නිසා :)
විස්වාස කරහන් මේ පාරත් මුල දැක්කම සීන් එක මතක් වෙලා අගට ගිහින් බැලුව පටස් ගාල. ම්හු!!
ane manda appa,maka raha,gauna thama kathahaki. kohoma kohoma hari hondata liyanawane.
ReplyDeleteAno,
DeleteThanks :)
ඔය සිල්ව ගොයිය නේද හිගන කොල්ල ලිවුවෙත්.පොර කොරපු දේට හිනා කාල පන ගියා.
ReplyDeleteදමිත්,
Deleteයස් මල්ලි, හිඟන කොල්ලා ලිව්වෙත් එයාම තමයි....කේ.ඒ. ඩබ්. පෙරේරා ෆිල්ම් එකකුත් හැදුව ඒ කතාවෙන්.
මේ හිඟන කොල්ලා ගැන පොඩි කතාවක්.උපුටා ගත්තෙ allblogslk.blogspot.com වෙබ් අඩවියෙන්.....
කස්ටිය දන්නව ඇතිනෙ අපේ රටේ නවකතා චක්‍රවර්තී කියල හදුන්වපු ලේඛකයව; ඔය හෙනට ප්‍රසිද්ධ වුන පොත් ඒ කියන්නෙ ඩිංගිරි මැණිකා, හඳපාන, හිඟන කොල්ලා වගේ පොත් ලියපුඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයාව. මිනිහ තමයි අද අපේ කතානායකය. එයාට වුන ලස්සන සිද්ධියක් තමයි කියන්න යන්නෙ. කතාව ඔරිජිනල් කියපු විදිහටම කියන්නම්.
ඔන්න දවසක් සිල්ව මහත්තයා උඩරට ඉදන් රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරියන් වෙන් කර ගෙන “බදුලු කෝච්චියේ“ කොළඹට එනව. ඔන්න එතකොට තමා ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය කාලෙ තමා ඔහුගේ හිඟන කොල්ලා නවකතාව මුද්‍රනද්වාරයෙන් එළියට ආපු අලුත. ඔහු ගමන් ගත් මැදැරියේ තවත් මගියෙක් ගමන් කරපු නිසා ඔහුට තනිකමක් හෝ පාළුවක් නම් දැනුන්නෑ. කෝච්චිය යන්නෙ බදුලු බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිසාත් රෑ කොහොමත් සිතල නිසාත් සීතල පොඩ්ඩක් තදේට තිබුන.
සීතලට හොඳම විකල්පය නිදා ගැනීම කියල හිතපු සිල්ව මහත්තයා (කොහොමත් නිදන මැදිරියක් වෙන් කරගත්තෙ ඒකටනෙ) නිදි සුව ලබමින් පහුවදා පාන්දරම කොළඹට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් ඔන්න නිදාගන්න හැදුව. මොන පිස්සුද... නිදා ගන්න බෑ... හෙන බාධාව....මැදිරියේ හිටපු අනික් මනුස්සයා ලයිට් එකත් දාගෙන පොතක් කියවනව. ගොඩක් අයට තියනවනෙ හෙන ලෙඩක් නින්ද යන මොහොතෙ පොඩ්ඩක් හරි එළියක් තියනව නම් ඉතිං නින්ද යන්නෙ නෑ. ඕක අපේ කතානායක සිල්ව තුමාටත් තිබුන. මේ මිනිහ දැං මේක ඕෆ් කරයි දැං මේක ඕෆ් කරයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් මිනිහ ලයිට් එක ඕෆ් කරන පාටක් නෑ. මිනිහ පොත කියවන කියවිල්ලට එක්කො එළිවෙන කම් කියවනව. නැත්තම් පොත ඉවර වෙන්න ඕනි. එහෙමත් නැත්නම් ගමනාන්තයටම එන්න ඕනි. කොහොම හරි මධ්‍යම රාත්‍රිය වෙනකම් බලා හිටපු සිල්ව මහත්තයාගෙ ඉවසීමේ සීමාව බිදිල ගියා.
“මොකක්ද මිස්ටර් මේ වැඩේ තේරුම ඔන්න ඔය කොහෙල්මල් පොත පැත්තකට දාල ලයිට් එක නිවල දානව“ සිල්ව ගෙරෙව්වෙය.
“ඔය මහත්තය කව්ද මට එහෙම කියන්න. මේ පොතේ රසය ගැන ඔය මහත්තය දන්නව නම් නිකම් විහිළුවට වත් ඔය කතාවකියන් නෑ“ මගියත් අතෑරියේ නෑ.
“මොකක්ද ඕයි ඔය මහලොකු පොත?“ ඒ සිල්ව මහත්තයා.
“මේ පොතද මේ පොත ඔය මහත්තයා කියවලා නැතුව ඇති දැන්වත් දැන ගන්නව පොත තමයි ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයගේ හිඟන කොල්ල“
විශ්මයත් ප්‍රීතියත් පත් සිල්වා මහතාගේ මයිල් ස්මයිල්වි ගියේය.කපට් හිනාවකින් මුව සරසාගත් සිල්ව තුමා “හරි හරි හිඟන කොල්ල නම් කියවලම නිදාගන්නව“ යැයි කියා ආලෝකය මධ්‍යයේම දෑස පියා ගත්ත.
ඩබ්ල්යු ඒ සිල්වා මහත්තයා ඔයිට ඉස්සෙල්ලා තමා 'ලක්ෂ්මී' ලිවුවෙ. එතුමා බොහොම මහන්සි වෙලා සෑහෙන කාලයක් වැයකරලා තමා පොත ලිවුවෙ. අනේ ඒත් ඒක පාඨකයො අතර ජනප්‍රිය වුනේ නෑ. මොකද පොතේ භාෂාව බරපතලයි. මේකට උන්නැහැට නොසෑහෙන්ට කේන්ති ගියා. "මුංට දෙන්ට ඕන මේ වගේ රස කෑම නෙවෙයි. පොල්කුඩු. හිටපියවු තොපිට පොල්කුඩු දෙන්ට" කියලා උන්නැහැ බොහොම කෙටි කාලෙකින් 'හිඟන කොල්ලා' ලිවුවා.
Deleteඋන්නැහැගෙ පොත් අතරින් වැඩියම ජනප්‍රිය වුනෙත්, මිනිස්සු වැඩියම ආදරෙන් වැළඳගත්තෙත් හිඟන කොල්ලා පොත.
හිඟන කොල්ලා පොත මමත් කියවලා තියෙනවා.නමුත් කනගාටුවට කරුණ මම එතුමාගේ කියවා තිබෙන එකම පොත එය පමණක් වීමයි...:(
Deleteබූරා,
Delete/ උන්නැහැගෙ පොත් අතරින් වැඩියම ජනප්‍රිය වුනෙත්, මිනිස්සු වැඩියම ආදරෙන් වැළඳගත්තෙත් හිඟන කොල්ලා පොත. /
හෑබෑටම උන්නැහැ ඊටපස්සෙ බරපතල පොත් ලිව්වෙම නෑ වගෙ. ඔක්කොම සරල විනෝදාස්වාදයට බර පොත් තමයි.
විජයබා කොල්ලයෙ මම කැමතිම කුටිඤ්ඤෝ පියතුමා..තව හිටිය හමිදුම්මා, ලසර්දා.....තුන්කොන් ප්‍රේමකතාවෙ පිරිමි දෙන්න නයනානන්ද සහ අසංග...කෙල්ලගෙ නම මොකක්ද බං?...නිල්මිණිද ලක්මිණිද අන්න ඔය වගෙ නමක්.....මට මතක නෑ.
මනෝජ්,
Delete/ හිඟන කොල්ලා පොත මමත් කියවලා තියෙනවා.නමුත් කනගාටුවට කරුණ මම එතුමාගේ කියවා තිබෙන එකම පොත එය පමණක් වීමයි...:( /
අඩේ මලේ...වහාම තව පොත් දෙක තුනක් වත් හොයාගෙන කියවහං!!! වහාම !!! වහාම !!!
අනිවාර්යෙන් රවීයියේ,හොයාගෙන කොහොමින් හරි කියවනවා.
Deleteවිජයබා කොල්ලයේ ඉන්නෙ නීලමණී කුමරිය.
Deleteසාඩම්බරයෙන් කියන්ට පුළුවන්, මම 'වාල්මිකී රාමායණය' ඇරෙන්ට සිල්වා මහත්තයගෙ අනිත් හැම කතා පොතක්ම කියවලා තියෙනවා. :-)
බූරා,
Deleteපුළුවන්නම් වාල්මීකි රාමායණය හොයාගෙන කියවන්න..හරිම අපූරුයි. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තනයක් තිබ්බට සිල්ව මහත්මය ඔය පරිවර්තනය කරල තියෙන්නෙ මුල් සංස්කෘත බාසාවෙන්මයි.සීතාව පැහැරගැනීම එහෙම තියනව හරිම අපූරුවට විස්තර කරල. රාවණ දඬුමොණරයෙ සීතාවන් අරගෙන යනකොට රාමගෙ හිතවතෙක් වන ජටායු කියන ගුරුලා එනව රාවණ එක්ක සටනට. ඒ සටන බොහොම අපූරුවට විස්තර කරල තියනව.
පස්සෙ රාවණ එක්ක යුද්දෙට සුග්‍රීව කියන වානර නායකයගෙන් උදව් ගන්න වෙනව රාමට. සුග්‍රීවගෙ යාලුව තමයි හනුමන්. ඒත් ඒ වෙනකොට සුග්‍රීව තමන්ගෙ රටෙන් පිටුවහල් වෙලා ඉන්නෙ. සුග්‍රීවගෙ සහෝදරය වාලි සුග්‍රීව වානරයින්ගෙ රජකමිනුත් එළවල දාල ඒ මදිවට සුග්‍රීවගෙ භාර්යාවත් තමන්ගෙ භාර්යාව කරගෙන. ඒ බිසවගෙ නම තාරා.අරිසෙන් අහුබුදු මහත්මය " සක්විති රාවණ " නාට්‍යයෙ සෝපහාසයෙන් මෙහෙම ගීතයක් ලිවෙ අන්න ඒ ගැන.
පොම්බුලේ මගේ පොම්බුලේ.
තාරා දේවී පොම්බුලේ,
බේරාගන්නම් පොම්බුලේ මගේ,
වාලි රජාගෙන් පොම්බුලේ,
ඔතන ඉන්නෙ සුග්‍රීව සහ හනුමන්...
රාම වාලියව විදල මරල සුග්‍රීවට රජකම ආයෙම අරන් දෙනව....
ඔන්න උඹ මට ආයෙමත් සංස්කෘත සාහිත්‍යය මතක් කලා. මම ආසම සංස්කෘත නාට්‍ය ටිකට. අභිඥාන ශාකුන්තලය, රත්නාවලී, මැටි කරත්තය.
Deleteසිල්වා ගේ වාල්මිකී රාමායණය වගේම මායාරංජන් ගේ ත්‍රොජ පුර සංග්‍රාමය (The Iliad) ත් කියවන්න.
DeleteBura,
Deleteවාල්මීකි රාමායණය ගැනත් අපූරු කතාවක් තියනව. වාල්මීකි දක්ෂ කවියෙක් සෘෂිවරයෙක් උනාට උසස් කුලයක උපත ලද කෙනෙක් නෙවෙයි. වාල්මීකි බොහොම මහන්සිවෙලා රාමායණය ලියනව මහ විශාල කාව්‍යයක් විදිහට. ඒත් ඒ ලියන්නෙ ඒ කලෙ ශාස්ත්‍රීය භාෂාව විදිහට උගතුන්ගෙ පිළිගැනීමට ලක්වෙලා තිබ්බ සංස්කෘතයෙන් නෙවෙයි. වෙනත් භාෂාවකින්. ඒ හින්දම මේ මහා කාව්‍යය උගතුන්ගෙ පිළිගැනීමට ලක්වෙන්නෙ නෑ. මේ ගැන බොහොම කළකිරෙන වාල්මීකී වනයෙ තමන්ගෙ අසපුව ඉස්සරහ ගිණි මැලයක් ගහල රාමායණ කාව්‍යය ලියාපු පත් ඉරු එකින් එක අරගෙන ශබ්ද නඟා ගායනා කරල ගින්නට දාන්ට පටන් ගත්ත. මේ මනහර කාව්‍ය ගායනයෙන් වශීවෙන ගෝන මුව වගෙ කැලෑ සත්තු ඒ වටේ පිරිල කඳුළු පිරි දෙනෙතින් බලා ඉන්ට පටන් ගත්ත මේ දිහා කෑමක්වත් ගන්නෙ නැතුව.
මේ හින්ද කැලෑවෙ සත්තු එන්ට එන්ටම කෘශ වෙල යනව. රජවාසලට සැපයෙන දඩමස් එන්ට එන්ටම කිසිම රහක් නැතුව ගියාම රජ්ජුරුවො මස් සපයන දඩයක්කාරය ගෙන්නල අහනව හේතුව. " අනේ දේවයස් වහන්ස. මහ අද්භූතජනක සිද්දියක් මහ වන මැද සිද්ද වෙන්නෙ. තාපසයෙක් වගෙ පුද්ගලයෙක් මහා කාව්‍යයක් ලියාපු පත් ඉරු එකින් එක අරගෙන කියවල ගිනි මැලේකට දානව. ඒ කාව්‍යය කොපමන රසවත්ද කියනවනම් කැලේ සත්තු කෑමක් බිමක්වත් නොගෙන ඒ දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නව. ඒ නිසයි සත්තුන්ගෙ මස් රස නැත්තෙ."දඩයක්කාරය කියනව.
රජ්ජුරුවොත් යනව මේක බලන්ට. බලනකොට වැඩේ ඇත්ත. ඒ කාව්‍යය අහගෙන ඉඳල රජ්ජුරුවන්ටත් හරිම කණගාටුයි.. මොකද එච්චර ලස්සනයි ඒ කාව්‍යය. රජ්ජුරුවො වාල්මිකී ගාවට ගිහිල්ල වැඳල කියනව මේ වගෙ මහා කාව්‍යයක් ගිනිබත් කරන එක අපරාදයක් එහෙම කරන්න එපාය කියල. එහෙම කියල ඉතුරු වෙච්චි පත් ඉරුත් එක්ක වාල්මීකීව මාළිගාවට එක්ක ගිහිල්ල සියළු සැපපහසුකම් දීල කියනව රාමායණ කාව්‍යය මුල ඉඳල ආයෙම සංස්කෘත භාෂාවෙන් ලියන්නය කියල. ඒ සංස්කෘත භාෂාවෙන් ලියවිච්චි කාව්‍යය තමයි වාල්මීකි රාමායණය කියන්නෙ.
Pra,
Deleteඉලියඩ් පොත ත්‍රෝජපුර සංග්‍රාමය කියල මායා රංජන් පරිවර්තනය කලාද?
මම කියවල තියෙන්නෙ ඩේවිඩ් කරුණාරත්න මහත්මයගෙ පරිවර්තන දෙක. රණබිම සහ වීර චාරිකා ...පාරීස, මනුල, ප්‍රියාම, අකිල, හැකිතර, ආගමන, උද්දීස...ඒ කට්ටිය ඉන්නෙ ඒ පොත් දෙකේ.
රවි,
Deleteඔය කතාව කියැවෙන්නෙ රාමායණය ගැන නෙවෙයි නෙ බංස්, කතා සරිත් සාගරය ගැන නේ.
කතා සරිත් සාගරය ලියන්නේ ගුණාධ්‍ය කියන තාපසයා පෛශාච භාෂාවෙන්. එයා කැලේ ගස්වල කොළ හත් ලක්ෂයක් පුරා ඔය කතාව ලියලා රටේ රජතුමා ළඟට අරන් යනවා. ඒත් ඒ කාලෙ වෙද්දි උගතුන්ගෙ භාෂාව වුනේ සංස්කෘතය. ඒ නිසා මේ ම්ලේච්ඡ භාෂාවකින් ලියැවුන සැහැල්ලක් අහන්ට රජතුමා සතුටු වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, බුවා ගුණාධ්‍යට පරිභව කරලා රාජ සභාවෙන් පන්නනවා.මේ නිසා බොහොම කණගාටුවට පත්වෙන ගුණාධ්‍ය ආපහු කැලෑවට ගිහිල්ලා අර උඹ කිවුවා වගේ ගිනිමැලයක් ගහලා මේ කොළ එකින් එක පුච්චනවා. සැහැල්ල කොච්චර මිහිරිද කියනවානං සත්තු නොකා නොබී මේක අහන් ඉන්නවා. ඊට පස්සෙ අර උඹ කියාපු විදියට රජතුමා ඇවිල්ලා, ගුණාධ්‍යගෙන් සමාව ඉල්ලලා කියනවා මේවා පුච්චන්ට එපාය කියලා. ඒත් ඒ වෙනකොට කොළ ලක්ෂ හයක් පුච්චලා ඉවරයි. ඉතිරි කොළ ලක්ෂය තමා අද අපට කතා සරිත් සාගරය කියලා ඉතිරි වෙලා තියෙන්නෙ.
පලි: පස්සෙ කාලෙක සෝමදෙව කියන බ්‍රාහ්මණයා මේක සංස්කෘතයට පෙරලනවා. ඒකයි දැන් ඒක 'සෝමදෙවයන් ගේ කතා සරිත් සාගරය' කියලා හැඳින්වෙන්නෙ.
පපලි: ගුණාධ්‍ය තාපසයා කියන්නෙ කවුද, එයාට කොහොමද මේ කතාව ලැබෙන්නෙ කියන ටික දන්නවා නේද?
අපොයි මම මුලින්ම කියෙවුවෙ ඔය එකක් වත් නෙවෙයි. ඒ කාලෙ දිනමින(?) පත්තරේ ගිය 'හෙලන්' චිත්‍රකතාව පොතක අලවලා තිබ්බා අපේ තාත්තලෑ මහගෙදර. (අපේ පරම්පරාවම කියවන පිස්සො නෙ). අනේ ඉතිං පස්සෙ කාලෙක අර ඩේවිඩ් කරුනාරත්න මහත්තයගෙ පොත් දෙක කියවනකොට නිකං විකාරයි විකාරයි වගේ. :-)
DeleteBura,
Delete/ ඔය කතාව කියැවෙන්නෙ රාමායණය ගැන නෙවෙයි නෙ බංස්, කතා සරිත් සාගරය ගැන නේ /
අඩේ ඔන්න බලාපං ඉතිං..මගෙ ඔලු කට්ට ඇතුලෙ මෙව්ව ඔක්කොම කලවං වෙලා කැඳ හැලිය වගෙ වෙලයි තියෙන්නෙ.එතකොට ඒ ගිණි තියන සීන් එක අදාල වෙන්නෙ කථා සරිත් සාගරයට නේද? අන්න පොත්, විදූෂක විත්තිය, නළ දමයන්ති කථාව,දේවස්මිතාගෙ කථාව, මුක්තාඵලකේතු සහ පද්මාවතීගෙ කථාව ඔය වගෙ අපූරු කතන්දර විස්සක් වගෙ තිබ්බ කතා සරිත් සාගරයෙ.දේවස්මිතාගෙ කතාව බන්ධුල හරිශ්චන්ද්‍ර ඇන්ද සිළුමිණට ඒ කාලෙම.මතකද අර පරනොවෙන නෙළුම් මලක් අතින් අරගෙන වෙලඳාමට දුර රටකට යන්නෙ ගුහසේන, දේවස්මිතාගෙ සැමියා.
/ පපලි: ගුණාධ්‍ය තාපසයා කියන්නෙ කවුද, එයාට කොහොමද මේ කතාව ලැබෙන්නෙ කියන ටික දන්නවා නේද? /
මතක නෑ බොල..ඒකත් කියාපං ඉතිං...හෙහ්, හෙහ්, වෘහත් කථාව කියල එකක් මතකද?
Bura,
Delete/ අපොයි මම මුලින්ම කියෙවුවෙ ඔය එකක් වත් නෙවෙයි. ඒ කාලෙ දිනමින(?) පත්තරේ ගිය 'හෙලන්' චිත්‍රකතාව පොතක අලවලා තිබ්බා අපේ තාත්තලෑ මහගෙදර. /
දිනමිණේ තමයි බං…. බන්ධුල මහත්තය ඇන්දෙ..මමත් ඕක කපල පොතක අලවල එකතු කලා. තාම ඇති මහ ගෙදර ඔය කොහෙ හරි පරණ පෙට්ටගමක් අස්සෙ...ඒ කලෙ දිනමිනේ චිත්‍ර කතා දෙකක් ගියා. උඩින් හෙලන් ඊට යට දයා රාජපක්ෂගෙ ආදර කොමා.
හෙලන් විතරක් නෙවෙයි මම එකතු කලා බෙලරෝපන්, පෙරික්ලීස්, හේලෝ, පෙනිලෝපා, සින්බෑඩ්......ඔක්කොම බන්ධුල හරිශ්චන්ද්‍රගෙ හේලෝ ගියෙ නවයුගයෙ, පෙනිලෝපා සිළුමිණේ..අනික් ඔක්කොම දිනමිණේ...
හෙලන් කතාවෙ හිටිය මෙනිලව්ස්ගෙ මහලු සේවකයෙක් ඉෂීටස් කියල. මිනිහට තමයි හෙලන්ගෙයි පැරිස්ගෙයි පළහිලව්ව අතටම අහුවෙන්නෙ.
හා හා.. එහෙනං මං කතාව කෙටියෙන් කියන්නංකො...
Deleteඔන්න දවසක් දෙන්නත් එක්ක කෛලාසකූඨයේ මල් කඩ කඩා ඉන්න ගමන් පාර්වතී ශිවට කියනවා "අනේ මට කතාවක් කියන්ටකෝ." කියලා.
එතකොට ශිව අහනවා "ඔයාට මොන වගේ කතාවක්ද කියන්ට ඕන?" කියලා.
පාර්වතී කියනවා "මම මීට කලින් අහලා නැති අලුත් කතාවක් කියන්ට." කියලා.
ශිව අහනවා "යන්ට මෙයා යන්ට. අතීත, වර්ථමාන, අනාගත තුන්කල්ම දන්න ඔයා දන්නැති කතාත් තියෙනවද?" කියලා.
ඒත් ඉතිං දන්නවනෙ ගෑනුන්ගෙ හැටි. පාර්වතී බොරුවට තරහවෙලා, නහයත් බර කරගෙන, ඇස් දෙකේ කඳුළුත් පුරෝගෙන එකේක ඒවා කියනවා. ඉතිං අන්තිමේදි ශිව කියනවා "හරි හරි, ඕකට ඔච්චර අඬන්ට ඕන නෑ නෙව. මම ඔයාට කලින් අහපු නැති අලුත්ම කතාවක් කියන්නං. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මේ කතාව අහන්ට පුළුවන් ඔයාට විතරයි. වෙන කාටවත් අහන්ට බෑ." කියලා.
ඉතින් ඔන්න දොරකඩ මුරට තියනවා නන්දින් කියලා මුරකාරයෙක්, කවුරුවත් ආවොත් නවත්තන්ට. තියලා ශිව පාර්වතීට කතාව කියනවා. ඔය අතරෙදි ශිව හම්බවෙන්ට එනවා එයාගෙ ළඟම සේවකයෙක් වෙන පුෂ්පදන්ත. හැබැයි නන්දින් බුවාට ඇතුළුවෙන්ට දෙන්නෙ නෑ. පුෂ්පදන්ත කල්පනා කරනවා "යකඩෝ ඇයි මේ කවදාවත් නැතුව මට ඇතුළුවෙන්ට තහනං කරලා තියෙන්නෙ?" කියලා. ඊටපස්සෙ පොර අදෘශ්‍යමාන වේෂයෙන් ඇතුළු වෙනවා නන්දින්ට නොපෙනී. ඒ කරලා පාර්වතීට ශිව අර කියන කතාව ඔක්කොම අහගෙන ඉන්නවා. අහලා මූ නිකං ඉන්නෙ නෑ, ගෙදර ගිහිං එයාගෙ නෝනා ජයා ට කතාව කියනවා. ජයා කියන්නෙ පාර්වතී ළඟ ඉන්න වැඩකාර කෙල්ලක්. අනේ උන්දෑ ගිහිං ඒ කතාව ආයෙමත් පාර්වතීට කියනවා.
පාර්වතීට මල පැනලා යනවා ශිව හම්බවෙන්ට. ගිහිං බුවාට බනිනවා "තමුසෙ මහ බොරු කාරයෙක් ඕයි. අර අලුත් කතාවක් කියලා මට කියලා තියෙන්නෙ හද්ද පරණ කතාවක්නෙ. ඒක මගෙ වැඩකාර කෙල්ලත් දන්නවා කියලා."
ශිව අන්දුන්කුන්දුන් වෙලා දිව ඇස දාලා බලනවා මොකක්ද යකඩෝ මේ වුනේ කියලා. බලලා පාර්වතීට කියනවා "ඩාර්ලිං, මෙන්න මේක තමා වෙලා තියෙන්නෙ" කියලා.
මල පැනපු පාර්වතී පුෂ්පදන්තට සාප කරනවා. "තෝ මෙතනින් මක බෑ වෙලා ගිහින් මනු ලෝකෙ මිනිහෙක් වෙලා ඉපදියං!" කියලා. පුෂ්පදන්ත වෙනුවෙන් එයාගෙ යාළුවෙක් වෙන මාල්‍යවාන් සමාව ඉල්ලන්ට එනවා. පාර්වතී බුවාටත් අර ශාපයම කරනවා. ඊට පස්සෙ දෙන්නම පාර්වතීගෙ දෙපා මුල වැඳ වැටිලා අහනවා කවදද මේ ශාපය ඉවර වෙන්නෙ කියලා. පාර්වතී කියනවා "වින්ධ්‍යා වනයේ ඉන්නවා පිශාචයෙක් කාණභූති කියලා. එයා කුවේරයගෙ ශාපයකින් මේ තත්ත්වයට පත් වුන සුප්‍රටික කියන යක්ෂයෙක්. පුෂ්පදන්ත මේ කාණභූතිව මුනගැහුනුදාට එයාට ආයෙමත් එයාගෙ අතීතය මතක් වෙනවා. එතකොට එයා කාණභූතිට මේ කතාව කියන්ට ඕන. එතකොට පුෂ්පදන්ත ශාපෙන් මිදෙනවා. කාණභූති මේ කතාව මාල්‍යවාන්ට කියන්ට ඕන, එතකොට කාණභූති ශාපෙන් මිදෙනවා. මාල්‍යවන් මේ කතාව ලෝකෙ පුරා පතුරවන්ට ඕන. එතකොට එයා ශාපෙන් මිදෙනවා." කියලා.
ඉතිං පුෂ්පදන්ත කොසඹෑ නුවර වරරුචි කියන නමිනුත්, මාල්‍යවාන් සුප්‍රටිෂ්ටිත නුවර ගුණාධ්‍ය නමිනුත් මනු ලෝකෙ ඉපදෙනවා. ඔය පුෂ්පදන්ත කාලාන්තරයකට පස්සෙ වින්ධ්‍යා වනයට ගියාම එයාට කාණභූති මුණගැහිලා අතීතෙ මතක් වෙලා අර කතාව කියනවා ශ්ලෝක හත්ලක්ෂයක සැහැල්ලක් විදියට. ඔන්න ඔය කතාවට තමා 'වෘහත් කතා' කියලා කියන්නෙ. ඕක කාණභූති කියනවා ගුණාධ්‍යට. ගුණාධ්‍ය කතාව පෛශාච බාසාවෙන් කොළ හත්ලක්ෂයක ලියලා තමන්ගෙ ගෝලයො දෙන්නෙක් වෙන ගුණදෙව හා නන්දිදෙව අතේ යවනවා සාතවාහන රජතුමා ගාවට. ඊටපස්සෙ තමා අර සීන් එක වෙන්නෙ.
රායිට්! ඉෂීටස් තමා, මෙනිලවුස් ගෙ පාවහන් දෙකක් හදන්ට තියෙනවා කියලා යනවා එයාගෙ නිදන කාමරේට. පැරිසුයි හෙලනුයි කාමරේ දොර ගාව මුරට ගෑනියෙක් තියලා ඇතුළෙ මල් කඩනවා. ඒත් අර ගෑනිට නින්ද යනවා. ඉෂීටස් කාමරේට ගියාම අර ඩබල මාට්ටු වෙනවා.
Deleteඋඹට මතකද පෙනිලෝපා එකේ ඩියුග්ලීස් අර බෙහෙත් වගයක් හොයන්ටය කියලා ගෑනු විතරක් ඉන්න දූපතකට යනවා. ඊට පස්සෙ මිදියුෂ බීලා අතීතෙ අමතක වෙනවා. ඒ දූපතෙ ගෑනු පිරිමින්ව මිදියුෂ දීලා මත්කරලා අතීතෙ අමතක කරවලා තියාගෙන ඉන්නෙ වහල් කමට. පස්සෙ ඩියුග්ලීස් ට අතීතෙ මතක් වෙලා අනිත් පිරිමින්වත් බේරගෙන අරුන්ගෙ රැජිණත් උස්සන් පැනලා යනවා.
කාලෙකට පස්සෙ බුරාගෙ මල්ල හොල්ලල තීන්නෙ ( මූ මෙහෙම බරට පිරිමියෙක්ගෙ බ්ලොග් එහෙක ලිව්වමද මන්ද :P ). අදමයි මේ කතන්දරේ ඇහුවෙ. ඉතින් මැරිලත් දැණුම දෙන සිල්ව උන්නැහෙගෙ වටිනාකම පේනවනෙ. උන්නැහේටයි බොටයි දෙන්නටම පින්!
Deleteමේ බ්ලොගර් වල කොමන්ට් වලට ලයික් කරන්න බැරිද?
Deleteඅපි පොත් කියවලා නැති වුනාට මේ වගේ ඇවිදින විකීපීඩියා ඉන්න කොට මොනවට බය වෙන්නද?
ඉන්දික,
Deleteඑහෙම තමයි බූරාස්...අර ප්‍රයිවට් බස් ආපුම කාලෙ ස්ටිකර් එකක් අලවල තිබ්බෙ.." අපි වැදගත්, ගමන හෙමින් " අන්න ඒ වගෙ....හෙහ්,හෙහ්,
Rangi,
Delete/ මේ බ්ලොගර් වල කොමන්ට් වලට ලයික් කරන්න බැරිද? /
එහෙම බෑ බං...මම මේ කමෙන්ට් එකට ආසයි කියල ආයම කමෙන්ට් එකක් දාන්නයි තියෙන්නෙ...:)
/ අපි පොත් කියවලා නැති වුනාට මේ වගේ ඇවිදින විකීපීඩියා ඉන්න කොට මොනවට බය වෙන්නද? /
ඒකනෙ බං මොනවට කියනවද ඒ හරිය? ටෙල් ටු වට් වට්..වට් ටු ටෙල් ටෙල්...මම යෝජනාවක් කරන්න ඉන්නෙ සිංහල විශ්වකෝෂ කාර්යාලයට. දැං ඔය ගජරාමෙට ලියාගෙන යනවලුනෙ සිංහල විශ්වකෝෂයක්..ඒ බොරු වැඩ මොකවත් ඕන වෙන්නෙ නෑ. බූරට මද්දක් ගහල අල්ලල ටැට්ටරේක පටෝගෙන ගිහිල්ල සිංහල විස්වකෝස කාර්යාලෙ රන් ආලේපිත කූඩුවක දාල තිබ්බනං වැඩේ හරි...අද්දුටුවයි, සත්තයි, කිරිගහට කෙලමෝලෙං ඇන්න වගෙ...හෙහ්,හෙහ්,
ඇත්තමයි රවියෝ අපේ රටේ ඉන්න ඕන මිනිස්සු විප්‍රවාසී වෙලා විප්‍රවාසි වෙන්න ඕනේ මිනිස්සු එහේ පල් බඳගෙන රට විනාශ කරනවා. මේක විහිළුවක්ම නොවුනත් බුරා වගේ මිනිස්සුන්ගෙන් සේවය ලබා ගන්න අපේ රටට පිණක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.
DeleteRavi, මායා රංජන් ඉලියඩ් විතරක් නෙමේ Ivanhoe ත් පරිවර්තනය කලා (වන සංග්‍රාමය ) .
Deleteමං කියවල තියන හොඳම පරිවර්තක්යන්/ අනුවර්තකයන්- මායා රංජන්, ඒ. පී. ගුණරත්න සහ එරත්න.
ප්‍රා,
Deleteයවන පුරාණය කියල පොතක් කියවල තියනවද? ග්‍රීක දේවකථා තියෙන්නෙ ඒකෙ. අපූරු පොතක්. ඉස්කෝලෙ පුස්තකාලෙ තිබිල පොඩි කාලෙ කියෙව්වට පස්සෙ දැක්කෙම නෑ....:(
Robert Grave's එකක පරිවර්තනයක්ද?
DeleteRobert Graves'
Deleteමේ කොමෙන්ට් ටික අරගෙන පොතක්ම ලියන්න පුලුවන්නෙ...
DeletePra,
Delete/ Robert Grave's එකක පරිවර්තනයක්ද? /
එහෙම මතක නෑ ප්‍රා.....පරිවර්තක කවුද කියලවත් මතක නෑ...:)
මහගමසේකරගෙ " ධවල සේනාංකය " කියවල තියනවද? ආතර් කොනන් ඩොයිල්ගෙ " The White Company" කතාවෙ පරිවර්තනය....
ඇත්තට? සේකර ඒවගේ පරිවර්තනත් කලාද?
Deleteග්‍රීක් මිත්යාකතාවලට නම් තමයි Graves හොඳම. Bullfinch's Mythology පොතත් තියනව. ඒටත් එහා comparative religion වගේ ඕනැ නම් Frazer ගේ Golden Bough.
ලෝකෙ හුගක් mythologies වල සමානකම් තියනව
ධවල සේනාංකය! ඈක්කා, එතන සේකර අමු බොරුවක් නෙව කරලා තියෙන්නෙ. හොඳ වෙලාවට මට මුලින් කියවන්ට ලැබුනෙ ඉංගිරිසි පොත. පස්සෙ කාලෙක අහම්බෙන් 'ධවල සේනාංකය' හම්බ වුනා. පොත දැක්ක ගමන් මම හිතුවා මේක නං White Company වෙන්ට බෑ පුතේ කියලා. එච්චරට පොඩියි පොත. ඒක සංක්ෂිප්ත පරිවර්තනයෙත් සංක්ෂිප්ත එකක්. White Company එකේ තියෙන රසයෙන් දහයෙන් පංගුවක් නෑ.
DeletePra,
Delete/ ඔහුගේ මුල් ම ග්‍රන්ථය:- ආතර් කොනන් ඩොයිල්ගේ ‘වයිට් කම්පනි’ (White Company) කෘතියෙහි පරිවර්තනයක් වූ ‘ධවල සේනාංකය’ යි. /
ජූමේ පුන්කලස බලන්න.
කවුරුවත් වැඩිය දන්නෙ නෑ සේකරගෙ ඔය පරිවර්තනය ගැන. පොඩි කාලෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබිල මම ඕක කියෙව්වෙ. මුල් පිටු දෙක තුනම තිබ්බෙ නෑ. පරිවර්තකය කවුද කියල මම එතකොට දැනගෙන හිටියෙ නෑ. ඒ සේකර කියල දැනගත්තෙ 1976 ජනවාරි මාසෙ සේකර මියගිහහම සිළුමිණේ පළවෙච්චි සේකර ගුණානුස්මරණ අතිරේකයකින්.
බූරා,
Deleteහෙහ්,හෙහ්, එහෙනම් සේකර ගොයිය පරිවර්තන කරන එක ඒකෙන්ම අත ඇරල දැම්මෙ ඒක වෙන්න ඇති. මම " The White Company " කියවල නෑ මලේ....:(
හොයාගෙන කියවන්ට. ඒක හරිම ලස්සන කතාවක්. ඒකෙ තියෙන අතුරු කතා නිසා ඒ කාලෙ ඉතිහාසය, සමාජය ගැන හොඳ අවබෝධයක් ලබාගන්ට පුළුවන්.
Deleteනෙට් එකෙන් බාගන්ටත් පුළුවන් PDF එකක් විදියට.
ps: The White Company පොතේ එන ප්‍රධාන චරිතයක් වෙන සර් නිගෙල් ලෝරින්ග් ගැන වෙනම ලියැවුන කොනන් ඩොයිල් පොතකුත් තියෙනවා Sir Nigel කියලා.
ස්තූතියි බූරා...:)
Deleteකියවන්න ඕන ව.ක්‍රී.ප.
ඔන්න මම බාගත කරගත්ත Gutenberg e-books project එකෙන්...
අරණායක පාලම උඩින් රවී ගඟට පනින්න ඇතිය කියල මම හිතුවා.
ReplyDeleteමතකද කැලෑහඳ පටන් ගන්න හැටි "මාලිනී මහඔය ගඟබඩ"එහෙම කියල.
හැලප,
Deleteඑහෙම හරියටම මතකයක් නම් නෑ. ඒත් කතාව පටන් ගන්නෙ මාලනී අන්තිමට දිවි නහගන්ට අරණායක පාළම උඩට එන තැනින් නේද?
නෑ. මාලිනී එයාගෙ සීයත් එක්ක කොළඹ වේල් බලන්ට ගිහින් ඉන්න තැනින්. එතනදි තමා ජෝන් ජයපාල මුලින්ම මාලිනීව දකින්නෙ.
Deleteහරි බුරා, වේල් බලන්නට පැමිණි මහ පිරිස් අතර කියලනෙ පටන් ගන්නෙ.මාලිනී මහඔය බඩ අරනායකට නුදුරු කියල පටන්ගන්නෙ දෙවෙනි පරිච්ඡේදය.
Deleteබූරා,
Delete/ නෑ. මාලිනී එයාගෙ සීයත් එක්ක කොළඹ වේල් බලන්ට ගිහින් ඉන්න තැනින්…/
වේල් බලන්ට ගිය කතාවක් නම් මට මතකයි..ඒත් කොළඹ කියල තිබ්බද? මොකද අරණායකටත් එහා පිටිසර ගමක ඉඳල ( නිකිණියාන නේද ගමේ නම ? ) වයසක සීය කෙනෙකුත් එක්ක රූමත් තරුණියක් වේල් බලන්ට කොළඹ ආවයි කියන එක මට විශ්වාස කරන්ට ටිකක් අමාරුයි.ඒත් එහෙම පොතේ තියනව කියල කියනව නම් අවුලක් නෑ..හෙහ්,හෙහ්, විශ්වාස කරන්ට වෙනව.
කොළඹ එන්නෙ වේල් බලන්ටම නෙවෙයි. මාලිනී ගෙ දෙමවුපියො මැරෙන්ට කලින් එයාගෙ නමින් බැංකුවෙ මුදල් තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල් සම්බන්ධ වැඩකට තමා මාලිනී සීයත් එක්ක කොළඹ එන්නෙ. ඒ ආපු ගමන් තමා වේල් බලන්ටත් යන්නෙ.
Deleteමතකද කතාවෙ පස්සෙ කොටසක තියෙනවා ගමේ ගෑනියක් "අනේ බොලල්ලා, අපිත් ඔහොම මහත්තුරු අඳුනනවනං අපටත් බැරිය කොළඹ ගොහිල්ලා බැංකුවෙන් කියලා සල්ලි අරන් එන්ට." කියලා කියනවා?
බුරා,
Deleteහරි හරි බං ටික ටික මතකයි වගේ..මාලිනී අරණායක කියල දැනගෙන ජෝන් ජයපාල එහෙ රබර් වත්තක් ගන්නවද කොහෙද නේද? අර ලෝයරුත් එක්ක ගිහිල්ල? කොයි වෙලෙත් අර දුංකුඩු උරන්නෙ..ජෙරී හැරිස්....
පස්සෙ ජයපාල අර කවුද මාලිනීගෙ ගමේ කොලුව විකුණන්ට ගෙනිච්ච රබර් රොටී වගයක් ගඟට දාල නේද පොලිසියෙ රාළහාමි කෙනෙක් ඒ ගැන විභාග කරන්ට ඇවිල්ල මහ ජංජාලයක් වෙන්නෙ?
" මිසිස් ජයපාල දන්නෙ නෑ මගෙ සීය ගැන. උන්දැ එහෙමට ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි. ඒත් බොහොම වැදගත් මහත්මයෙක්. උන්දැ මුං කිරිබත් කන්නෙ කොහොමද දන්නවද? එක්කො උණු උණුවෙන්....නැත්නම් හොඳටම නිවෙන්ට ඇරල. ඉතිං මිසිස් ජයපාල මටත් හිතුනා මගෙ පළිගැනීමත් මම එහෙම කලානම් හොඳයි කියල. ඒ කිව්වෙ හොඳටම නිවෙන්ට ඇරල."
මේ කවුරුන් විසින් කාට කුමක් අරභයා පවසන ලද්දක්ද? එසේ පැවසීමට තුඩුදුන් හේතු පිළිබඳව ඔබේ අදහස් ප්‍රකාශ කරමින් කෙටි විමර්ශනයක් කරන්න.
අපෙ අම්මලට එස්.එස්.සී. විභාගෙට ආපු ප්‍රශ්නයක් ඔය.....:)
මාලිනී අරණායක කියලා දැනගෙන නෙවෙයි රබර් වත්ත ගන්නෙ. ඒත් ජෝන් වත්ත ගන්න වැඩවලට අරණායක ඇවිත් යනකොට තමා ගමේ ගෑණු වගයක් එක්ක රබර් අරන් අරණායක ආපු මාලිනීව ආයෙමත් දකින්නෙ. එතකොට ජෝන් කාර් එකෙන් බැහැලා ගිහින් මාලිනීට කතා කරනවා. අර වේල් දවසෙ ජෝන් මාලිනීට උදවු කරනවනෙ කඩමැස්සක් උඩට නැගලා වේල් බලන්ට. ඔතනින් පස්සෙ තමා ආපහු නිකිණියානට එද්දි අර ගෑනු සෙට් එකේ එකියක් අරහෙම කියන්නෙ.
Deleteජෝන් පස්සෙ දවසක ආයෙමත් නිකිණියානට එනවා මාලිනීව හොයන්ට. එතකොට හම්බවෙනවා අන්දා රබර් මිටියක් අරන් කඩේට යනවා. අන්දා ජෝන්ව අඳුරගෙන කතා කරනවා. (මුල් දවසෙ අරණායක ගෑනු සෙට් එකත් එක්ක අන්දාත් ඉන්නවා). එතකොට තමා ජෝන් අන්දාගෙ ඔළුව උඩ තියෙන රබර් මිටිය අරන් ගඟට වීසි කරන්නෙ. ඒ කරලා අන්දාත් එක්ක මාලිනීගෙ ගෙදර යනවා.
ඔය අස්සෙ වීසිකරපු රබර් මිටිය ගත්ත වෙන මිනිහෙක් ඒක විකුණන්ට යද්දි හොරෙක් කියලා අල්ලගන්නවා. මිනිහා පැනලා ඇවිත් හැංගෙනවා මාලිනී නාන ළිඳ ගාව. මිනිහා පස්සෙන් පන්නන පොලිස් කාරයා ඇවිත් මාලිනීට අඩංතේට්ටං කරනවා. එතකොට ජෝන් ඇවිත් බේරගන්නවා.
පලි: අපේ ගෙදර තිබුන කැලෑහඳ පොතත් ලොකු නැන්ද ඉස්කෝලෙ යන කාලෙ පාවිච්චියට ගත්ත එකක් තමා. :-)
හොඳ වෙලාවට මගෙ කැලෑහඳ පොත මෙහෙ ගෙනැත් තිබුනා.ඒක අසූ ගණන්වල ගහපු පොත මම ගත්තේ අනූපහේ.කැලෑහඳ පළවෙනි මුද්‍රණය 1933 දි 83 වෙද්දී මුද්‍රණ නවයක්.
Deleteසිල්වා මහතාගෙ ඔක්කොම පොත් කියවල තියෙන බුරා සිල්වා මහත්තයගෙ ජීවිත කතාව බලල තියෙනවද?කතා රජ කතාව.ලියල තියෙන්නෙ සිල්වා මහත්තයගෙ ලඟින්ම හිටපු ගෝලයෙක්.මට හරියට නම මතක නෑ ධර්මසේකර වාගෙයි මතකෙ තියෙන්නෙ.ඒ පොත මෙහෙ තියෙනවද කියල හොයල බලන්න ඕනෑ.
බූරා,
Deleteබොහොම ස්තූතියි මල්ලි, දැන් තමයි ටික ටික මතක් වෙන්නෙ...හෙහ්,හෙහ්, කොස්තාපල් මාලිනීව අරගෙන පොලිසියට යන්ට යනකොට ගමේ ගෑණියක් දුවල ගිහිල්ල සීයට කියනව අනේ. බාං අන්න උඹේ මිණිබිරී මරාල මිනියට බාවල කියල ඒ පාර සීය එනව විලාප තියාගෙන.
/ අර වේල් දවසෙ ජෝන් මාලිනීට උදවු කරනවනෙ කඩමැස්සක් උඩට නැගලා වේල් බලන්ට /
" එක් වරම ශක්තිමත් දෑතකින් තමන් ඉහලට එසවෙනවා හා ඒ සමඟ කඩ මැස්ස මතට පත්වෙනවා ඇයට දැණුනි. විමතියෙන් ආපසු හැරුණු ඇය දුටුවේ…"
මාලිනී සෙනඟ නිසා පෙරහර පේන්නෙ නෑ කියල සීයට කෙඳිරි ගානකොට ජෝන් ඈව උස්සල මැස්ස උඩ තියනව..මට මතක ඒ සීන් එක ඔය විදිහට...:)
හැලප,
Delete" මහගත්කරු ඩබ්.ඒ. සිල්වා " කියල ඒ චරිතපදානය ලිවෙ මලල්ගොඩ බන්ධුතිලක.බොහොම කෘතහස්ත ලේඛකයෙක්. ඇන්. ඇම්. කොල්වින්. එස්.ඩබ්.ආර්.ඩී සහ සිරිමාවෝ ගැනත් මලල්ගොඩ චරිතාපදාන ලිව්ව." කතා රජ කතාව " කියන්නෙ ස්වයං ලිඛිත චරිතාපදානය මට මතකවිදිහට.
තව එකක්..රිදී හවඩියපොතේ ටයිටල් එකට යටින් තියනව ගහන වස්තුවකි කියල. ඒ කියන්නෙ මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. මම හිතාගෙන ඉන්නෙ රහස් පරීක්ෂක කථාවකි. කියන එකයි කියල. හැලප, මොකෝ ඒ ගැන හිතන්නෙ?
රවී,
Deleteමේ කැලෑහඳ සංවාදය නිසා මම කැලෑහඳයි,දෛවයෝගයයි ආයෙම කියවල හමාරකරලා දෙයියන්නෙ රටේ කියවන්න අතට ගත්තා.
කතා රජ කතාවත් පොත්ගොඩ පෙරලලා වගේ හොයාගත්තා.එය ස්වයං ලිඛිත චරිතාපදානයක් නෙවෙයි කේ එච් ඒ ධර්මසේකර විසින් ලියූ සිල්වා ශුරීන්ගේ චරිතාපදානයයි.රිදී හවඩිය මගෙ ළඟ නෑ.නමුත් කතා රජ කතාවෙ පෙරවදන ලියන කපුගම සුමනවංස හිමි මෙන්න මෙහෙම ලියල තියෙනවා.
"සිල්වා ශුරීන් ජීවතුන් අතරැ නැති අවදියෙක එලියට ඇදුනු ගහන වස්තුවක් වෙයි.එය කල්පිත කතාවකි.ඒ කල්පිතයට ආභාසය සපයන K.H.A.ධර්මසේකර මහත්මා:'සහජයෙන් ලත් ශිල්ප කලා කෞශල්‍යය දියුණු තියුණු කරගත්,ප්‍රතිභාන්විත කලාකරුවෝ ශරීර ශක්තියෙන් අන්ත පරිහානියට පත් කලෙක වුවද,උසස් පෙළේ කළා කෘතීන් නිර්මාණයට තරම් ක්‍රියා ශූරීහු වෙති.රෝග පීඩාදී විපත්තියකින් දෙහබල වීර්‍යය පිරිහුණු පමණින් ඔවුන්ගේ චිත්ත ධෛර්යයවත් ජන්මනෛපුණ්‍යත්වයත්,හීන වන්නේ නොවේ.සිදධානතයක් මෙන් ගත යුතු,මෙම සත්‍යය මා ප්‍රත්‍යක්‍ෂ කෙළේ,නවකතා චක්‍රවර්ති W.A.සිල්වා කලාවෙදියාණන්ගේ මේ රිදී හවඩියෙනි.අසාධ්‍ය රෝගාතුරයෙකු වශයෙන් අට මසක් මාරභිමුඛව දැඩි දුක් විඳිමින් විඩා පත් සිල්වා ශූරීන් ලෙඩ ඇඳේ ඉඳිමින් මේ ගහන වසතුව බිහිකළ සැටි දැක්මෙන් මම විස්ම පත් වීමි."
ආයෙම සොලෝකයක් ලියල තේරුම මෙහෙම කියනව.
"ආපදා විපත්තිවලදී ධෛර්ය ය,දියුණුවෙහි ඉවසිල්ලය,මහජන රැස්වීමෙහි වාක්චාතුර්‍යය,යුද්ධයෙහි වික්‍රමය,කීර්තියෙහි අභිරතිය,ව්‍යසනයෙහි ශ්‍රැතිය ආදී මහඟු ගුණාංග මහාත්මයන්ගේ සහජ ගතිගුනයෝ වෙති.තෙල ශෙලොකයෙන් පැවැසෙන අදහසය මේ.ගහන කල්පිතයෙන්ම,කරුණ මැනැවින් හෙළි පෙහෙළි වෙයි."
මහප්‍රාණ ටික බොහොම අමාරුවෙන් ලියාගත්තා.බැරි ඒවා අත ඇරියා.දැන් මෙතන කියවෙන ආකාරයෙන්ද ගහන වසතුව යනු රහස් පරීක්ෂක කතාවකි,යනුවෙන් හෙළි නොවන්නේද?
ඒ කියන්නෙ 'ජූලි හත' කතාවත් ගහන වස්තුවක් වෙන්ට ඕන නේද? මට නං රිදී හවඩියට වඩා ජූලි හත රසවත්. ඒකෙ කුතුහලය හොඳට ගොඩනංවලා තියෙනවා.
Deleteහැලප,
Deleteගහන වස්තුවක්ය කියන එකේ තේරුම රහස් පරීක්ෂක නවකතාවක්ය කියල එකෙ එල්ලෙම කියවෙන්නෙ නම් නෑ නේද හාමුදුරුවන්ගෙ කතාවෙන්. ඒත් එහෙම වෙන්න ඇති මටත් හිතෙන්නෙ. මොකෝ ජූලි හතටත් එහෙමයි කියන්නෙ...ගහන වස්තුවකි.
දෛවයෝගය බලල ඉවරද? ශීලා, ලංකා, මහානාද, මුගලන්, මානමූල, උපලේනා...තව කවුද බං අර තාපසයෙක් වගෙ කෙනෙකුත් ඉන්නව නේද පර්වත විමානෙ නවතිලා...කවුද ඒ? මට නම මතක නෑ....ඔය මානමූලගෙ චරිතය තමයි ගාමිණී ෆොන්සේකගෙ මුල්ම රඟ පෑම.
කවද්ද බං අර ඕකෙ දිනයක් තියෙන්නෙ?...මැදින් මස පුරවිසේනිය නේද?
Bura,
Delete/ ඒ කියන්නෙ 'ජූලි හත' කතාවත් ගහන වස්තුවක් වෙන්ට ඕන නේද? /
යර්ස් මිස්ට බූරාස්, . ජූලි හත ද ගහන වස්තුවකි (Whatever it is )
හංනේ බංස්ලා ඔය ගහන කතාවක් කියන්නේ ඇක්ෂන් කියන එක නෙව... :D
Deleteඇක්ෂන් කියන්නෙ 'ගහන' වස්තුවක් නෙවෙයි, 'ගහගන්න' වස්තුවක් නෙවෙයි ද? :-D
Deleteදෛවයොගයෙ රඟපාන්නෙ ගාමිණී විතරයි නෙව. අනික් චරිත නිකං පාවෙනවා පාවෙනවා වගෙ. රුක්මණි දේවි කොහොමත් පාවෙනවා, අර මහානාද මුගලන් දෙන්නා රුක්මණීට වඩා පාවෙනවා. ලංකා කුමාරිත් ටිකක් පණ ඇතුව රඟපානවා.
මාරෙ,
Deleteහෙහ්, හෙහ්..අම්මප එහෙමද දන්නෙත් නෑ තමයි...මොකද ඔය කතා දෙකේම පොඩි පොඩි ගුටි කෙලි තියනව මට මතක විදිහට.ගහන වස්තුවකි...එකේ ඊලඟ කැටගරි එක ඇවිල්ල අම්බානක ගහන වස්තුවකි....:)
ඔය විචාර දෙන කාලේ ක්‍රියාදාම සපිරි කියන එකට වෙන වචනයක් තිබුනේ නැහැනේ බං.. ඉතිං ඔය තනි වචනෙන් එකම වචනේ දෙපාරක් කියවෙන විදියට තමා යොදලා තියෙන්නේ.. ගහන ඒවා ගහණ ඒ කිව්වේ වලි සපිරි කියන එක... :D
Deleteරවී,මාරේ.
Deleteහොයාගත්ත හොයාගත්තා,යුරේකා.
ගහන කතා වසතුව(A mystery novel) හොඳ වෙලාවට කතා රජ කතාවෙ තිබුණා.
හැලප,
Deleteඅම්මට උඩු නයා!!!..උඹ කොහොම හරි හොයාගත්ත නේද? එතකොට අපේ අනුමානය හරි...නියමයි...නියමයි!!
දෙයියන්නෙ රටේ ඉවරයි දැන් විජයබා කොල්ලය.
Deleteකිසිම හදිස්සියක් නෑ මචං. ඔහොම අත ගාගෙන යමක් හෙමිහිට. දැන් මට තියෙන බය උඹට වැරදිලාවත් මේ වාංපතුල් ගැන ලියවුනොත් උඹට තව මාතෘකාවක් හොයාගන්න කොච්චර අමාරු වෙයිද කියලා. අන්න ඒ ගැනත් පොඩ්ඩක් හිතහං මචං.
ReplyDeleteස්තූතියි හෙන්රි, හෙහ්,හෙහ්, අන්න යාලුවො...:)
Deleteමේ පැත්තට ගොඩ වෙන්න මං මෙච්චර පරක්කු උනේ මොකටද මන්දා. ඒත් ඉතින් ලොකු අව්ලක් නෑ. තාම කතාව පටන්ගත්ත තැනම නේ. :D ආකයිව් එක දිගේ ආපස්සට යන ගම.
ReplyDeleteවීරේ,
Deleteඅවුලක් නෑ..අවුලක් නෑ..කිසිම පරක්කුවක් නෑ....තව කියන්න දේවල් තියනව එළිවෙනකල්..වාඩිගන්ඩකො බලන්ට හත් අට පලකින්...හෙහ්,හෙහ්,
සිල්වා මහත්මයා කලු සුද්දන් සහ සුදු මිනිසුන් අනුකරණය කරන්නට යන අපේ අයට පෑනෙන් නිර්දය ලෙස පහර ගැසුවා.
ReplyDeleteමතකද? "සිරිපාද හිමේ දෙයය්න්ෙග් රටේ" ගීතය.
ඇනෝ,
Deleteඑහෙම ගීතයක්නම් මතක නැහැ අනේ..දෙයියන්නේ රටේ ෆිල්ම් එක බලලත් නෑනෙ මම...
දෙයියන්නේ රටේ කතාව මතකයි යන්තමට..කැතරින් ..ප්‍රධාන චරිතය. සම් කුලාවක ලූ පිස්තෝලය කියල එකක් මතකයි. එහෙම තාමත් මතක තියෙන්නෙ මම හිතන්නෙ කුලාව කියන්නෙ නුපුරුදු වචනයක් හින්ද වෙන්න ඕන.
සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ
Deleteමේ ශාන්ත උදේ සූර්යෝදේ
මනහර කඳුකර ශාන්තී දේ නවෝදේ
මිහිදුම් සේලේ ඉරාලා - ආශාවේ සිනහා පාලා
මිහිලිය ගේ නාරි දේහේ - ඉම්බා තුරුල් වීලා
ගංගා ඇළ දොළ වන මල් තුරුලිය
වඳින්නෙ මේ සිරිපාදේ
සැදැහැතියෝ දෙති සාදු සාදු නාදේ
සිංහලයේ කීර්ති රඳනා - රන් සමනළ රක්ෂා කරනා
සෙන්පති මුල වාගේ පෙනෙනා - පූජනීය සීත හිමයේ
දෑල සමනළ උඩ දිය පර වැල්
බඹර විලේ මහ කන්දේ
ඔද තෙද මත සිත රාජ බැම්ම වාගේ
පබැඳුම - කරුනාරත්න අබේසේකර
ගැයුම - මොහිදීන් බෙග්
මේ ගීතයෙ තනුව හින්දි ගීයක කොපියක්. මිස් මේරි චිත්‍රපටියෙ 'යේ මාඩ් බඩේ දිල් සාඩ් බඩේ..' කියන ගීතයෙ තනුව. ඒකෙ ගායනය මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්.
මිස් මේරි (රඟපෑවෙ ජෙමිනි ගනේෂන්/ මීනා කුමාරි) පස්සෙ කාලෙක සිංහල හඬ කවලා 'අහිංසක ප්‍රයෝගය' කියලා ලංකාවෙ පෙන්නුවා. එතකොට මේ තනුවට තවත් සිංහල ගීයක් ලියන්ට ඕන වුනා. ඒක ආවෙ මෙන්න මෙහෙම.
නිල් මැණික මගේ සැනසෙන්න පනේ
මේ වාගෙ නලෝනා කියනා
පිරිමින්ගෙ බස දුම් බෝල වාගෙ යන්නා
හින්දි තනුවකට සින්දුවේ මියුසික් හැදුවේ පී.එල්.ඒ. සෝමපාල....චිත්‍රාල් සෝමපාලගේ පියා. මේ ලින්ක් දෙකෙන් අහලා බලන්න. එකක ඔරිජිනල් ෆිල්ම් එකේ විදිහටම තියෙනවා.
Deleteසිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ Original version
බෙග් මාස්ටර් සහ අළුත් මියුසික්
රවී අයියේ කෝ මේ රන්දිකා පෙන්න නැත්තේ මොකෝ? වාංපතුල් ලියල ඉවර වෙනකම් කියල එයත් බලං ඉන්නවද.. හෙහ් හෙහ්
ReplyDeleteපැතුම්,
Deleteඑවුන්දැ මේක මටම බාර දීල පැත්තකට වෙලා ෂපාන් එකේ ඉන්නව මට පේන්නෙ කකුලක් පිට කකුලකුත් දාගෙන...හෙහ්,හෙහ්,
කුලී කාරයා එයැයිගේ වැඩත් එක්කම කරන නිසා ගෙවල් හිමි කාන්තාව විවේකයක් ගත්තට මක් වෙනවද? !!
Deleteතේ එකක් කාරිය බීලා දවල්ට කාලා එහෙම වැඩ පටාාාන් ගන්න බැරියැ..
රූ,
Delete/ තේ එකක් කාරිය බීලා දවල්ට කාලා එහෙම වැඩ පටාාාන් ගන්න බැරියැ../
දවල්ට කාල වැඩ පටන් ගන්න බැරිය කියනකොට ෂෝක් කතාවක් මතක් උනා.ඔන්න එක නෝන කෙනෙක් ඉන්නව. බොහොම මසුරු ටයිප්. නෝනගෙ වත්ත සුද්ද කරගන්ට ඕන. අක්කර දෙක තුනක් තියනව දවස් දෙක තුනක් යන වැඩක්. එක දවසක් ඔන්න කුලී කාරයෙක් ආව.
" මේක දවස් දෙකක් තුනක් යන වැඩක්. උඹ මෙහෙ නැවතිල වැඩ කරපන්. ගරාජ් එකේ මේ බූරු ඇඳේ නිදාගනිං. උදේට දවල්ට රෑට තුන් වේලම මම දෙනව."නෝන කිව්ව.
" හොඳමයි නෝන මහත්තය…"මනුස්සය ඔලුවත් පාත් කරල මෙහෙම කිව්ව. " මම උදේට තාම මොකවත් කාල නෑ.. ඒත් දැන් දහයත් පහුවෙලානෙ. ඒ නිසා නෝන මම කියන්නද? මට දවල් බත් එක තියනවනම් දැන්ම දෙන්න.එතකොට ආය දවල්ට කන්ට නතර කරන්නෙම නැතුව දිගටවැඩ කලෑකිනෙ. "
ඒකත් ඇත්ත තමයි... නෝන කල්පනා කලා...ඒ කරල ඔන්න බත් එකක් බෙදල ගෙනල්ල දුන්න. මනුස්සය බත් ඇටයක් ඉතුරු නොකර කෑව. මිනිහ කන දිහාවෙ බලා ඉන්න ගමන් නෝන මෙහෙම හිතුව. මේ මනුස්සය බඩගින්නෙ ඉන්න විදිහට රෑටත් හොඳට කයි. දැන් බඩ පිරිල තියෙන හින්ද මේ ගමන්ම රෑ බත් එකත් දුන්නොත් වැඩේ ලාබයි එහෙම හිතල ඔන්න නෝන අර මනුස්සයට මෙහෙම කියනව.
" මේ මම කියන්නද? රෑ කෑම එකත් මෙහෙම්මම කාල ඉන්න. එතකොට ඔහෙට වැඩ ඉවර වුනු ගමන් බුදිය ගත්තෑකි. "
" ඒකත් හරි තමයි. "මනුස්සය කිව්ව.
නෝනා ඔන්න බොහොම සතුටු වෙලා තව බත් පිඟානක් ගෙනත් දුන්න. මේ මිනිහ මොකද කලේ බොහොම අමාරුවෙන් කොටල වගෙ ඔන්න ඒ බත් එකත් කාපි. කාල ඉවර උන ගමන් නෝන කිව්ව …
" ආ..එහෙනම් දෙයියනේ කියල දැන් වැඩ පටන් ගන්නකො. මෙන්න උදැල්ල අතන තියනව කැත්තක් එහෙම.."
මෙන්න ඒ පාර මනුස්සය ඈණුමක් එහෙම ඇරල නෝන දිහාවෙ බැලුව පුදුම සතා දිඅහ බලනව වගෙ.
" පිස්සුද නෝන හැබෑටම? රෑට කෑවට පස්සෙ කවුද වැඩ කරන්නෙ? කෝ අර බූරු ඇඳ? මම යනව නිදාගන්ට."
එහෙම කියල මිනිහ ගිහිල්ල බූරුවත් දිගඇරගෙන බුදිය ගත්ත. නෝනා කටත් ඇරගෙන බලාහිටිය එතනම තුස්නිම්බූත වෙලා..
සිල්වා මහත්තයා අපුරු ආතල් පොරක් නේ.ඉතින් ඔයින් පහු ඒ හාමුදුරුවෝ ආයෙමත් අර -පන්සලේ බණ වලට වඩින්නේ නැතිව ඉන්නත් ඇති අර පොරිසාදය නිසා.....:D
ReplyDeleteමනෝජ්,
Deleteඊට පස්සෙ ඒ පළාතෙ ගියෙ නෑලු අර හාමුදුරුවො...හෙහ්,හෙහ්,
අපිත් ඉස්කෝලෙදි 10 වසරේදී තමා ඔය මහෝෂධ+ අමරා දේවිගේ කතාව ඉගන ගත්තේ .ඔය අමරා දේවිගේ මෝඩ වැඩ අහල අපේ මුළු පන්තියම අමරා දේවිගේ හත් මුතු පරම්පරාවම මතක් කරා .අම්මෝ හොද වෙලාවට අමාර දේවි හිටියේ නැත්තේ .නැත්තන් කියපු කතාවලට සියදිවි නසාගන්නවා.
ReplyDeleteඅන්න සදා අක්කා නියමයි.මාත් කරන්නේ ඕකම තමා හැබැයි චුටි වෙනසක් එක්ක .මo නම් මෝල් ගස් පාරකුත් දෙනවා වලන් ගැට්ටට අමතරව .
ශා ....නියම කතා ටික......... මo නම් කියවන්නනේ නෑනේ ඔය මාතෘකාව ....එතකොටනේ ප්‍රශ්නේ කෝ කුකුළා කෝ විමලේ කෝ වාoතුල් කියලා ........................කතාව කියවනවා .............රස විදිනවා ..............මොනවා ලිව්වත් 1 රසට ලියන හින්ද මාතෘකාව ගැන වද වෙන්න ඕනේ නැනේ .................:)
Sacheera,
Deleteඅන්න ඒකනෙ බං...ඔන්න උඹට තේරෙනව කොහොමද වැඩේ වෙන්න ඕන කියල...තැන්කියු හොඳේ...:)
ඔව් සැවුලොයි වවුලොයි විතරක් නෙමෙයි රවියෝ කැමති කාලයක් පඳුරු නෙමෙයි ඕනේ එකක් තල තලා මේ බ්ලොග් එක ලියපන්. මම පේන කියන්න වගේ කියන්නේ මේ එකෙක්වත් ඕක නිකමට මතක් කරන්නේ අර නිකම් මොකද්ද එකාට කොච්චර ගැහුවත් වැඩක් නෑ කියලා දැනගෙනමයි.
ReplyDeleteවාන්පතුල් සපත්තුත් දාලා තියෙයි බෝ එමක ලියලා ඉවර වෙනකොට
රංගි,
Deleteහෙහ්,හෙහ්, තැන්කියු..තැන්කියු. තැන්කියු....උඹ දැන් තුන් හතර පාරක්ම වාං පතුල් කතා ලයික් කරල තිබ්බ...Thanks so much...:)
දැන් ඔය පිස්සන් කොටුවට බෝම්බ දාපු එක අර කොහේද රටකින් අරගෙන තව රටක අහසට පත්තු කරලා වැරදිලා තවත් රටක අහස් යාත්‍රාවක් බිම දලා රටවල් ගොඩක මිනිස්සු මරාගත්ත කතාව වගේද රවී?
ReplyDeleteරූ,
Deleteඅපොයි එතන වෙලා තියෙන්නෙ මාර අපරාදයක් නේද? :(
අද තමයි පහුගිය කතාවයි, මේකයි දෙකම කියෙව්වේ. කමෙන්ට්ස් ටික කියවගෙන පල්ලෙහාට එනකොට වැඩේ හරි. උඹත් ඉතින් බැණුම් අහගෙන හරි පඳුරු තල තල යනවානේ.
ReplyDeleteමම ආපහු මේ දවස්වල THE JAM FRUIT TREE -BY CARL MULLER කියවනවා. මුලින් කියවනවාට වඩා දැන් රසයි. ඒකෙත් තියෙනවා පිස්සන් කොටුවට බෝම්බ ගහපු සිද්ධිය සඳහන් කරලා. සනාබෝයිටත් මරු වැඩක් වෙනවා, ඒ බෝම්බ ගහපු දවස්වල.
Aru,
Deleteකාල් ගොයියත් නියම පොරක්..කාලෙකට ඉස්සර මම මාස කීපයක් වගෙ හිටිය මචං හීරැස්සගල ඇනෙක්ස් එහෙක.හීරැස්සගල කියන්නෙ නුවර කිංස්වුඩ් එක පහුවෙච්චි ගමන් දකුණට හැරෙන්න ඕන. කාල් හිටියෙත් හීරැස්සගල බෝවල පාරෙ ඒ කාලෙ.
දවසක් විජිත යාප එකේ ඉස්සරහ වීදුරුවෙ නෝටිස් එකක් අලවල තිබ්බ කාල් මිනිහගෙ මහ විසාල පුස්තකාලෙ විකුණනවයි කියල.ටෙලිෆෝන් නම්බර් එකත් තිබ්බ. මම ගෙදර යන ගමන්ම කෝල් එකක් දීල ගියා,. පැයක් දෙකක් කතාකරකර හිටිය නොයෙක් දේවල් ගැන. මිනිහ ගාව නොතිබ්බ පොතක් නෑ. Mystism, Hypnotism, Occult...අරව මෙව්ව ඔක්කොම. පොත් කීපයක් ගන්ට මට හොඳටම ඕනකම තිබ්බත් ඒ කාලෙ තිබ්බ ආර්ථික අර්බුදය නිසා ඒ වැඩේ මඟ ඇරුන. ඒ එක්කම වගෙ අපි හීරැස්සගලින් ආව නිසා ආයම එහෙ යන්ටත් බැරිඋනා.
Jam Fruit Tree එකෙන් පටන්ගෙන සනා බෝයිගෙ කතා කීපයක්ම තියනව.The Sunday Leader එකට කාල් ලිව්ව මරු Column එකක් ඒ කාලෙ …View From The Hilltop
රවී....මට මේ පොත් සෙට් එකම කියවන්න හිතුනා ආපහු. මට හිතන්නේ සනාබෝයිගේ ලොකු පුතා කාලොබෝයි කියන්නේ කාල් ලොක්කාමද කියලා. උඹට ඒ වගේ කෙනෙක් හමුවී කතාබහ කරන්න ලැබීම ලොකු දෙයක්.
DeleteAru,
Deleteඔව්..කාලෝබෝයි කියන්නෙ කාල්ම තමයි.
අවංකව කියනවනම් මට දැන් බ්ලොග් පොස්ට් එකේ තිබ්බ දේවල් මතක නැතිලු ය. ඒක කියෙව්වේ පෙරේදා ය. කමෙන්ට් ගෝනිය කියවා ඉවර කලේ මේ දැන් ය. කමෙන්ට් කියවන අතරතුර තවමත් මම විජයබා කොල්ලය කියවා නැති එක ගැන දැනුනේ හරිම දුකක්ය :( ඉතින් වහාම විජිත යාපා ඔන්ලයින් බුක් ස්ටෝර් එකට ගොස් පොතක් ඕඩර් කෙරුවේ අප වැනි දුරු රට වෙසෙන අසරණයන්ට පොත් ගෙන්වා ගැනීමේ පහසුව සලසා දුන් විජිත යාපා එකට පින් දෙමින් ය. දැන් ඉතින් පොත තැපෑලෙන් එන තෙක් බලා සිටින්නේ දත මැදගෙන ය.
ReplyDeleteසයුරි,
Deleteඅඩේ ..විජයබා කොල්ලය කියෝල නැද්ද? ඉතිහාසඤ්ඤියක් හැටියට ඔව්ව කියවල තියෙන්ට එපාය. ඕකේ..ඕකේ..ලේට් නෙවර් දෑන් බෙටර්...හෙහ්,හෙහ්,..සුනේත්‍රා, දෛවයෝගය එහෙම කියවල ඇතිනෙ නේද?