Wednesday, October 29, 2014

287. ආල වඩන යන තේරුම.......The Memories Would Never Go Away

A Painting by Adamaro Bardelli
පහුගිය සති දෙක තුනක් විතර මම දැම්මෙ පොඩි
කුමාරිහාමිගෙ වියුණුවෙ කමෙන්ට් හැටියට මම මම ලියපු
කතන්දර... අනුලා සහ රජිතාගෙ කතාව, අම්බපාලිගෙ කතාව
ඒ එහෙම කලින් මම ලියාපුව. වත්ගෙ සොඳුරුසිත වියුණුවටත්
මම ලිව්ව ඒ දවස්වල මාගල් වගෙ කතන්දර කමෙන්ට්ස්...
හෙහ්,හෙහ්, මේ ඇවිල්ල එයින් එකක්...ලොක්කා සහ
සංජුගේ කතාව......

වත්.....ඔබට බොහෝසේ ස්තූතියි...:) 


" හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා, "

ගීතයේ කියවෙන්නේ එසේය. මගේ හිත හීලෑනැති බව සැබෑවක් වුවද හිතෙන හිතෙන තැන නවතින්නක් නොවේ. හිත නවතින්නේ එකම තැනය.මම ඇය අමතක කිරීමට කොපමණ තැත් කලද එය කිසිසේත් කල නොහැක්කක් බව මට දැන් වැටහෙයි. 


අගුලු ලා වසා තිබූ මගේ හිතට පිවිසීමට ඇය මෙතරම් විගසින් සමත් වූයේ කෙසේද? ඊටත් වඩා ඇයට පිවිසීමට මම මගේ හද විවෘත කලේ මන්ද? පසුගිය මාස දෙක මුලුල්ලේම මගේ හිතට වද දුන්නේ මේ ගැටළුවයි. 


මේ සිත පෙළන දෙගිඩියාව තවත් ඉවසාගත නොහුණු මම දුරකථන නාමාවලිය පෙරලා අංකය සොයා ගෙන නෙළුව මහා විද්‍යාලයට ඇමතුමක් ගතිමි. 



" හෙලෝ, මේ.........මිස් සංජුට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? " 

" ආ.....ඉන්න මම පණිවිඩයක් යවන්නම්, මහත්තය කවුද? " 

මේ බොහෝවිට විදුහල්පති විය යුතුය. මෙයාට මොකටද ඒ විස්තර.? 

"ආ... මම.....මම…. මේ සංජුගෙ අයිය කෙනෙක්. " 

දුරකථනය සවනට තබා ගෙන මිනිත්තු කිහිපයක් සිටි මම එක්වරම එය ක්‍රියා විරහිත කලෙමි.මා එසේ කලේ ඇයිද යන්නවත් මට වටහා ගත නොහැකිය. 

නැවත දුරකථනය දෙස බලාගත්වනම සිටි මම රිසීවරය ඔසවා Redial බොත්තම තද කලේ " මේක හරි යන්නෙ නෑ, අද මේකට මොනව හරි කරන්න ඕනෙ " මටම කොඳුරා ගනිමිනි. 

නෙලුව විද්‍යාලයේ රිසීවරය එසවෙනු ඇසිණි. 

" හෙලෝ" 

ඒ ඇගේ හඬයි.මොහොතකට මට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි විය. 

"සංජු, මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? " 

මහත් අසීරුවෙන් මම තෙපලුවෙමි. 

නිහඬතාවයෙන් ගතවූ මොහොතකට පසු ඇගේ හඬ දුරකතන වයර් දිගේ ගලා ආවේය. 

" සර් කියන්නෙ මුණ ගැහිල කතාකරන්න නම්......මේ දවස්වල ඒක නම් ටිකක් විතර අමාරුයි.....මම වීක් එන්ඩ් එකම ගමනෙමයි ගත කරන්නෙ......ප්‍රශ්නයක් නෑ...සර්, සර්ට කියන්න තියෙන දෙයක් මෙහෙමම කියන්න......." 

" ඔයාව දකින්නත් ආසයි සංජු......වීක් එන්ඩ් එකේ එන්න, අපි හම්බවෙමු......මම ගෙදරටම ගිහිල්ල දාන්නම්, මොකද කියන්නෙ?" 

නැවත නිහඬ තාවයකි....

" සංජු ඔයා ඉන්නවද ළමයො? " 

" ම්ම්ම්ම්.....සර් හම්බවෙන එක ගැන අපි පස්සෙ කතා කරමු,........දැන් සර්ට කියන්න තියන එක කියන්නකො....." 

" ඒක කියන්න තමයි ළමයො මම කිව්වෙ හම්බ වෙමුය කියල, හා....කමක් නෑ,හරි .......එහෙනම් මම කෙලින්ම කියන්නම්කො,.......මට තවත් මේක හිතේ හංගගෙන ඉන්න බැහැ,ඔයා ගැන මගෙ හිතේ අදහසක් තියනවයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ? " 

"................................" 

" සංජු, මොකෝ ළමයො එක පාරට මියුට් බට්න් එක එබුවෙ? මා එක්ක තරහ උනාද? " 

"සර් මෙහෙම කිව්වට සර් මා එක්ක අමනාප වෙන්න එපා.....මම මේ කියන්නෙ අවංකවම ඇත්ත මට හිතෙන විදිහට........සර් ගැන මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මොන වගෙ අදහසක්ද කියල මට තාම හිතාගන්න බැරුවයි සර් ඉන්නෙ......ඒක ගෞරවය, ආදරය, සෙනෙහස ඔය ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා හැදිච්චි සංකීර්ණ හැඟීමක් කියලයි මට දැනට නම් හිතෙන්නෙ " 

ඇය කතාව නවත්වා මොහොතක් සිටියාය. ඇගේ හුස්ම වැටෙන හඬ පමණක් නෙලුවේ සිට පැමිණ මගේ සවනට පතිතවූ මිනිත්තු කිහිපයකට පසු මම කටහඬ අවදි කලෙමි. 

" නෑ සංජු මම අමනාප වෙන්නෙ නෑ, අමනාප වෙන්න කිසිම හේතුවක් මෙතන නැහැනෙව,......... ඔයාටම තීරණයක් ගන්න මම ඔයාට කාළය දෙන්නම්, ප්‍රශ්නයක් නෑ...........ඕන තරම් වෙලාව අරගෙන කල්පනා කරල, මා ගැන ඔයාගෙ හිතේ තියන හැඟීම මොන විදිහෙ එකක්ද කියල ඔයාම තීරණය කරන්න. " 

" අනේ...සර් මාත් එක්ක............" 

" නෑ, ළමයො, නෑ, ඔයාට ඕන විදිහට ඔයාගෙ ඉරණම තීරණය කරන්ට ඔයාට ඉඩ දෙන එක තමයි හරි විදිහ...... I understand perfectly, you decide for yourself.........i will accept whatever it is.......... Bye, Sanju " 

රිසීවරය ආපසු තබා ඒ දෙස මොහොතක් බලා සිටි මම එක් දිනක් පමණක් ඇගේ පහස ලැබූ පුටුව, මේසය සහ පරිගණකය දෙස හිස් බැල්මෙන් බලා සිටියෙමි. 

ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ගතවූ සතියක් ඉක්ම ගියේය. ඇයට අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙමැයි පැවසුවද අසීමිතව ඉවසීමට මසිත සූදානම් නැති බව මට හොඳින්ම පැහැදිලිය. 

පුතුට කවා පොවා නිදිකරවූ ඉක්බිති පසුගිය සතියම අලුයම දෙක පමණ වනතුරු මා ගෙවූයේ නිදන කාමරයෙන්ම පිවිසිය හැකිවූ කුඩා සඳළු තලයේය.පොසොන් පුරා සඳ සඳළු තලය එලි කරද්දී මඳ පමණ මත්වූ සිතින් යුතුව මම මගේ ජීවිතය පිළිබඳ පුනරාවර්ජනයක යෙදුනෙමි. 

ජීවිතේ කිසිදාක බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පසු යළි කිසිදිනෙක කිසිවෙකුට හදවත දොරගුළු නොහරින්නෙමැයි සපථ කලේ, මා එක්වරක් විඳි ඒ සිත අකර්මන්‍ය කරවන බලවත් වේදනාව නැවත වරක් විඳීම මට කිසිසේත් කල නොහැකිබව උදක්ම දත් හෙයිනි. 

එහෙත් ජීවිතය කිසිසේත්ම අපට සිතැඟි පරිදි හැඩ ගසා ගත නොහැකි බව දෙවන වරටත් පසක් කරමින් ඇය මා හදවතට අනායාසයෙන් පිවිසියාය. පිවිස එහි නවාතැන් ගත්තාය. 

හුලවාලි චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගයන දුක්බර එහෙත් මගේ ප්‍රියතම ගීයක් සෙමින් මිමිණුනේ මටද නොදැනීමය. 

කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා, 
දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා, 
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා, 
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා, 

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා, 
මල් ගෝමර පිපුණු ළමැඳ වසා ගනින් කියා, 
මගේ අතින් දුන් සළුවෙන් ළමැඳ වසා ගෙනා, 
රිදී පොටක් පළඳන්නට වරම් නැතිව ගියා, 

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී, 
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී, 
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී, 
ආල වඩන යන තේරුම බෝසත්කම සකී, 

ආදරය යනු පරිත්‍යාගයම මිස අන් කවරක්ද? එක් වරක් අනපේක්ෂිත පරිත්‍යාගයක යෙදෙන්නට සිදුවූ මට නැවත වරක් ආදරය වෙනුවෙන් පරිත්‍යාගයක යෙදෙන්නට නියම වී ඇත්නම් මම ඒ උපේක්ෂා සහගතව පිළිගන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? 

ගෙමිදුල අඹ ගසේ පොරකමින් සිටි වවුලෝ එක්වරම පැතිරී ගිය එළියකට බියවී හඬ නඟමින් පලා ගියෝය. 

උන් බියවීමට හේතුව උල්කාවකි. හන්තාන කන්ද ඉහලින් උල්කාවක් නිමේශයක් හාත්පස එළිය විහිදුවමින් පුපුරා ගියේය. 

කුඩා කල මෙවන් රාත්‍රියක උල්කාවක් පිපිරී ගිය වහාම අම්මා හෝ අප්පච්චි පවසන්නක් මගේ මතකයට නැඟිනි. 

" උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා " 

" මට ඕනෙ ඒ උල්කාපාතය ආයෙම දකින්නට " මම කීවෙමි, 

" ඒක හරියන්නෙ නෑ පුතා, ඒක ආයෙම කවදාවත් දකින්ට ලැබෙන්නෙ නෑ, ආයෙ කවදාවත්ම, " අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය. 

සංජු මගේ ජීවිතයට ඇතුලුවූයේද උල්කාවක් හා සමානව බව මට හදිසියේම සිහිවිය. ඇයද මොහොතක් මගේ ජීවිතය වෙලාගත් ගනඳුර දුරුකොට හාත්පස ඒකාලෝක කරමින් බැබලී නැවත කිසිදාක දක්නට නොලැබෙන ලෙස මගෙන් වෙන්ව ගිය උල්කාවක් නොවේද? 

ඇය උල්කාවක් මෙන් මොහොතක් මා දිවිය එලිය කොට නිවී ගියද මගේ ජීවිතය මුලුල්ලේ ඇගේ එළිය මතකයේ පවතින බව මම නිශ්චිතවම දැන සිටිමි. 

මා දහසක් දුක් දොම්නස් මැද ගෙවූ ඒ මෑත අතීතයේ මා සිත සනහා ගන්නට බොහෝසේ උපකාරී වූ නවකතාවක් වූ Nicholas Sparkes ගේ Message In The Bottle හදිසියේම මට සිහිවූයේ එහි ගැරට්ගේ ජීවිතය බොහෝසෙයින් මගේ ජීවිතයට සමාන වන නිසා විය හැක. 

තම ආදරණීය භාර්යාවගේ වියෝවෙන් දුකින් පිරුනු ජීවිතයක් ගත කරන ගැරට් අනපේක්ෂිතව හමුවන තෙරේසා නිසා ජීවිතය අලුතින් ඇරඹීමට තැත් කරන මුත් ඒ සියලු බලාපොරොත්තු සුන් වී යන්නෙ කොතරම් ඛෙදජනක ලෙසද? 

ජීවිතය කෙරෙහි මහත් කලකිරීමෙන් සිටි එකල සමහර මෙවන් රාත්‍රියන් හිදී, Message In A Bottle කතාව කියවා මා වෙනුවෙන් නැඟි ආත්මානුකම්පාවකින්ද, නැතහොත් ගැරට් කෙරෙහි ඇතිවුනු අනුකම්පාවෙන්දැයි අදටද මටම පැහැදිලි නොමැති හැඟීමකින් මම ඉකි බිඳිමින් හැඬුවෙමි. 

නිදන කාමරයට පිවිසි මම පුතුගේ පොරවනය යලි සකසා ඇඳ අසල පොත් රාක්කයෙන් Message In A Bottle ද රැගෙන යලි සඳළු තලයේ අසුන් ගතිමි. 

ගැරට් සමඟ යලි ඔහුගේ දුකින් පිරුණු ජීවිතයට පිවිසුණු මම කතාවේ අවසාන භාගයේදී තෙරේසා පවසන මේ වදන් ලඟ මොහොතකට නතර වීමි. 

" If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. " 

පොත පසෙක තැබූ මම අසල කනප්පුව මත තිබූ සටහන් පොත රැගෙන සිතෙහි පොදිකන හැඟුම් කුරුටු ගාන්නට වීමි. 

සෙනෙහසේ නවාතැන ඔබ සිතයි, 
මහද විල පිපි පියුම ඔබ වතයි, 
මඟ කියන පහන් තරු නෙතු යුගයි, 
පිය ලඳුනි මට වරම් නැති ලෙසයි, 

ඔබ සිනහ රැඳුනු වත සිතේ ඇඳි සිතුවමකි, 
නිල් නයන කැලුම් නිති නෙතේ රැඳි සිහිනයකි, 
නැවත කිසි දිනෙක අප හමු නොවෙන මුත් ළඳුනි, 
ඔබ නමින් බැඳි සෙනේ සදා මගෙ මතකයකි, 

හතරට නැවූ කොළය පොත තුලට රුවා පොතද රැගෙන නිදන කාමරයට ගිය මම පුතු අසලින් වැතිර ගතිමි. 

"හෙට මේක මම සංජුට පෝස්ට් කරනවා.එතනින් මගෙ ජීවිතේ ඒ පරිච්ඡේදයත් අවසානයි " 

සිතන අයුරු සියල්ල පහසු නොවන නිසාම, නින්ද අහලකට වත් නොපැමිණ මම හිමිදිරිය වන තුරුම නිදිවර්ජිතව සිටියෙමි. 

නිදිවර්ජිතව ගත කල රාත්‍රීන් බොහෝ ගණනකට පසු මම තීරණයකට එළඹියෙමි. 

මට බොහෝ අසීරු වූයේ පුතු නඟන පැනයන්ට පිළිතුරු දීමයි. 

" තාත්ති අර ආන්ටි ආයෙ එන්නෙම නැද්ද? " 

" ආයෙ එන එකක් නෑ පුතා," 

" තාත්ති හරි නරකයි ඒ ආන්ටිව එලවල දැම්ම, මම ඔයා එක්ක තරහම තරහයි," 

" අනේ නෑ, මගෙ රත්තරං, මම එහෙම කලේ නෑ, ඒ ආන්ටිමයි වෙන ඔෆිස් එකකට ගියේ," 

මම එසේ පැවසුවද පුතු මා කියන්න විශ්වාස නොකරන බව ඔහු මා දෙස බලා සිටි බැල්ම උදක්ම පවසයි. 

එහෙත් මම කුමක් කරන්නද? ඇත්ත තත්වය පුතුට වටහා දෙන්නේ කෙලෙසද? 

අවසන සංජුට කතාකල මම ඇය ගෙදර එන සතිඅන්තයක මා හා පැමිණීමට ඇය කැමති කරවා ගතිමි. 

ඒ අනුව සෙනසුරාදාවක ගාල්ලට ගිය මම ඇයත් සමඟ කොළඹ බලා ඒමට පිටත් වීමි. මෝටර් රථයේ අම්බලන්ගොඩට පැමිනෙන තෙක්ම අප අතර කිසිදු කතා බහක් නොවිනි. ලානිල් පැහැති බ්ලව්සයකින් සහ කළු පැහැ දිගු සායකින් සැරසී සිටි ඇය ගෙතූ කොණ්ඩය අතැඟිලි අතර පටලවමින් නිහඬව ඉදිරිය බලා සිටියාය. 

අම්බලන්ගොඩ අසල මගේ මිතුරෙකු පවත්වාගෙන යන මුහුද අසබඩ පිහිටි අවන්හලට ආසන්න වන විට මම ඇය ඇමතුවෙමි. 

" සංජු, මේ ළඟ මගෙ යාලුවෙක්ගෙ රෙස්ටෝරන්ට් එකක් තියනව. අපි දවල්ට මොනව හරි කාල යමු නේද? " 

ඇය එක්වරම මා දෙස හෙලූ බැල්ම වටහා ගැනීමට මට කිසිසේත් අපහසු නොවිනි. 

" මොකද ලමයො ඔහොම මා දිහා බලන්නෙ? දවල්ට කන්න විතරයි එතනට යන්නෙ, ඒත් එක්කම මම මෙතනම තෝරගත්තෙ මෙතන හරිම නිස්කලංකයි, මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියනව සංජු," 

එවර මඳක් සිනාසුනු ඈ හිස වනා එකඟත්වය පළකලාය. 

වම්පස මුහුද දෙසට විහිද ගිය අතුරු පාරෙ මඳක් ගියපසු හමුවන කුඩා හෝටලයට මෝටර් රිය ඇතුලු කල මම පෝටිකෝව යට රිය නතර කොට ඉන් බැස ගතිමි. 

" එන්න සංජු, බය වෙන්න එපා,.....එන්න ළමයො," 

ඇය තවමත් රථය තුලම සිටිනු දුටු මම රථයේ වම්පස දොර විවෘත කරමින් පැවසුවෙමි. 

ඇගේ අත අල්ලා ඇයට රියෙන් බැසීමට සහය වන්නට මගේ සිතේ එක්වරම ඇතිවූ පෙලඹවීම මම මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. 

එවර මා පසුපස පැමිණි ඇය පොල් රුප්පාවෙන් මනා කොට සෙවණ ලැබ තණ තීරුවේ පනවා තිබූ අසුනක මා අසලින්ම අසුන් ගත්තාය. 

මගේ මිතුරා අද මෙහි නොවූමුත් ඔහුගේ උපදෙස් පරිදි සියල්ල සූදානම් කොට තිබිනි. 

හෝටලයේ කලමනාකරු අප වෙත පැමිණියේය. 

" අපිට චිකන් ෆ්‍රයිඩ් රයිස්........... ම්ම්ම්....සංජු මොනාටද ඔයා කැමති? "

මම ඈ දෙස හැරී විමසීමි. 

" කමක් නෑ, ඒව හොඳයි, " 

ඈ මද සිනහවක් පාමින් පිළිතුරු දුන්නාය. 

" සංජු මම බියර් එකක් බිව්වට කමක් නැහැනෙ," 

මගේ ඊළඟ පැනයටද ඈ පිළිතුරු දුන්නේ මද සිනහවක් සමඟ හිස වනා එකඟතාවය පළ කිරීමෙනි. 

" ලාගර් බෝතලේකුයි................ මේ මිස්ට?....." 

මම ඇය දැස බැලීමි. 

" ලෙමන් ජූස් " 

ඇය පැවසුවාය. 

බියර් පෙණ බුබුලු නිවී යනතෙක් ඒදෙස බලා සිටි මම කටහඬ අවදිකලෙමි. 

" මම මේ කතාව කොහෙන් පටන් ගන්ඩද කියල මට මහ ප්‍රශ්නයක් සංජු. අනික් කාරණේ, මටම හිතා ගන්න බැහැ ඇයි මම ඔයා එක්ක මෙව්ව කියන්නෙ කියල. අපි දෙන්න දැක්කෙත් එකම දවසයි. ඒත් මටම හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මට බල කරනව මේ ඔක්කොම ඔයා එක්ක කියන්න කියල. මම මගෙ ජීවිතේ මුල ඉඳලම පටන් ගන්නම්,......... ඕකේ?, මම විතරයි අපෙ පවුලෙ දරුවෙක් හිටියෙ. ඒ නිසා ජීවිතේ මුල ඉඳලම මම ගත කලේ හුදකලා ජීවිතයක්. මම විවෘත කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. Introvert කියල කියන්නෙ. මම අන්න එහෙම කෙනෙක්. සිංහලෙන් කිව්වොත් සංවෘත. ඇතුලට නැවුණු.හැඟීම් සඟවාගෙන ඉන්න. මම අන්න එහෙම කෙනෙක්. " 

" මම විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. මම එයාට ඇත්තටම ආදරේ කලා. එයත් මට ආදරේ කලා කියල මම හිතනව. අඩුම ගනනෙ මුල් දවස් වල විතරක් වත්. මම නවකතා, කෙටි කතා , කවිපොත් කියවන්න පුදුම ආසාවක් තිබ්බෙ. එයා පොතක් පතක් අතින් ඇල්ලුවෙ වත් නෑ. ඒත් අපි දෙන්න සන්තෝසෙන් හිටිය. පුතා ඉපදෙන කල්ම. අඩු ගනනෙ මම එහෙම හිතනව. පස්සෙ වෙච්ච දේවල් වල හැටියට එය සන්තෝසෙන් ඉඳල නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නෙ. ...............මගෙ වැරැද්ද වෙන්න ඇති බොහෝ විට. මම දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට ඒ ගැන නිකමටවත් කිව්වෙ නම් නෑ." 

" ඔයාට අඩු ගනනෙ හිතාගන්න වත් පුලුවන් වෙයි සංජු එකපාරටම එයා මාවයි පුතාවයි දාල ගියාම මට ඒක කොච්චර ෂොක් එකක වෙන්න ඇතිද කියල,පුතා නැත්නම් මම ඇත්තටම දිවිනහ ගන්නව. ඒත් පුතා නිසා මට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පුතා වෙනුවෙන් මට ජීවත් වෙන්න උනා." 

උස් වීදුරුවේ පිරී තිබූ රන්වන් පැහැති බීර එක හුස්මට පානය කල මම නැවත වරක් වීදුරුව පුරවා ගතිමි. 

ඇය ලෙමන් යුෂ වීදුරුවට අතවත් තබා නැත. 

" සංජු.......මොකද කරන්නෙ ළමයො.....ඕක බොන්නකො..." 

" හරි , හරි සර් මම බොන්නම්, සර් කතාව කියන්නකො " 

ඇය වීදුරුව සුරතට ගත්තාය. 

" ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. " 

" හැබැයි කිසි දවසක මම මදාරට ආදරේ කලේ නෑ. අදත් නෑ. හෙටත්....... මම හිතන්නෙ නෑ. මදාරත් මම හිතන්නෙ ඒක දන්නව. ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි මම හිතන්නෙ." 

" මගෙ බිරිඳ මාව දාල ගියායිම් පස්සෙ මම හිතාගෙන හිටියෙ කිසිම කෙනෙකුට මගෙ හදවත විවෘත කරන්නෙ නැහැයි කියල. ඒ වින්ද වේදනාව ආයෙම විඳින්ඩ මට බැරි බව විතරක් මම දැන ගෙන හිටිය." 

" ඔහොම මගෙ පුතයි මදාරයි අතර බොහොම සරළව ගතවෙච්ච මගෙ ජීවිතය එක දවසක උඩු යටිකුරු උනා." 

බියර් ස්වල්පයක් පානය කල මම වීදුරුව මේසය මත තබා ඇය දෙස බැලීමි. 

ඇය ප්‍රශ්නාර්තයෙන් මදෙස බලා සිටියාය. 

" yes, Sanju that was you, one day you entered my life totally unexpectedly and......... you know what?.........turned it upside down,...yes, you did it," 

" සර්......මම????" 

" නෑ, නෑ, සංජු කළබල වෙන්න එපා. ඒක ඔයා හිතල කල දෙයක් නෙවෙයි. ඔයාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ බව මම හොඳටම දන්නවා. ඒත් සංජු ඒක තමයි උනේ." 

" පහුවදා ඔයා එයි කියල මම කොච්චර වෙලාවක් බලා හිටියද? පස්සෙ ඔයා කෝල් කරල කිව්වම ඔයාට වෙන රස්සාවක් හම්බ උනාය ආයෙ එන්නෙ නැත කියල මම හිතුව ඒකත් උනේ හොඳටය, මට ඔයාව මගෙ හිතෙන් අයින් කරගන්න පුලුවන් වේවිය කියල." 

" ඒ උනාට එහෙම උනේ නෑ, සංජු මට ඔයාව අමතක කරන්ඩම බැරි උනා. ඒ පාර තමයි මම ඔයාට කතා කරල කිව්වෙ මම එන්නම් අපි හම්බ වෙලා කතා කරමුය කියල." 

" මම ඇත්තටම දන්නෙ නෑ. ඔයාගෙ හිතේ මා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. එක අතකට මම මෙහෙම ඔයාට කියන එකත් වැරදියි. ඔයා මට වඩා බොහොම ලාබාලයි.ඔයාගෙ ජීවිතේ තියෙන්නෙ ඉස්සරහට. මම ජීවිතේ වරද්ද ගත්තු මනුස්සයෙක්.ඒ නිසයි මම කිව්වෙ මම මෙහෙම කියන එක වැරදියි කියල මගෙ හිත මට කියනව කියල. ඒත් මට ඒ ටික නොකියා බෑ සංජු, මම ඔයාට ආදරෙයි.................. ඔයා මට ආදරේ කලත් නොකලත් මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි." 

හිරු බැසයමින් පැවතුනි. මම හිස හරවා ඈ දෙස බැලීමි. ඇගේ දෑස කඳුලින් බරවී තිබිණි. සෙමෙන් මා වෙත පැමිණි ඇය මගේ උරහිසට හිසතබා කඳුලු පිරි දෑසින් මදෙස බැලුවාය. මම නැවී ඇඟිලි තුඩගින් ඇගේ කඳුලු පිස දමා අපරිමිත සෙනෙහසින් ඇගේ නලලත සිප හතිමි. 

" මගෙ ජීවිතේ හරියට දිය වැළකට අහුවෙලා වගෙ සංජු, ඔයා දන්නවද දියවැළකට අහුවුනාම වෙන දේ............ අපිට කවදාවත් බෑ දියවැලට විරුද්ධව පීනන්ඩ. පුලුවන් එකම දේ තමයි දිය වැලත් එක්ක ඔහේ යන දිහාවකට යන්ඩ ඇරල ජීවිතේ රැකගන්න එක. මටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒ විදිහෙ දෙයක් සංජු, මමත් දිය වැලකට අහුවෙල ගහ ගෙන යනව. මට බේරෙන්ඩ බෑ. මට මදාරව බඳින්ඩම වෙනව සංජු.මට වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ. I am really sorry Sanju, I have no other alternative, I am really really helpless, " 

මෙතෙක් මගේ උරහිස මත හිස හොවා සිටි ඈ කෙලින් වී හිඳ ගත්තාය. ඉන්පසු අත්බෑගයෙන් ලේන්සුවක් ගෙන දෙකොපුලේ ගලන කඳුලු පිස දැමුවාය. 

" කමක් නෑ, සර්, මගේ හිතේ සර් ගැන තියන හැඟීම මොකක්ද කියල දැන් කියල වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම. ඒ නිසා ඒක මගෙ හිතේම තිබුනාවෙ. කොහොම උනත් මම සර්ගෙ අනාගතයට හදවතින්ම සුබ පතනව.එහෙම විතරක් හිතාගන්ට සර් ඒ හොඳටම ඇති "' 

ඇගේ නිවස අසල මම රිය නැවැත්වීමි. ඇගේ සුරත ගෙන මගේ මුවට ලංකොට සිපගතිමි. ඈ මගේ උරහිසට හිස වාරුකොට මොහොතක් සිටියාය. මම අවසාන වරට ඇගේ දෙකොපුල දෑතින්ගෙන නලලත සිපගත්තෙමි. 

" ආයෙ අපි කවදාවත්ම හමුවෙන එකක් නැහැ සංජු එක අතකට ඒක එහෙම වෙන එකත් හොඳයි. නැත්නම් මට ඒක දරාගන්ට බැරිවෙයි." 

" මම යන්නම් සර්, හැමදේම වෙන්නෙ හොඳට කියල හිතා ගන්ට. මට වෙන කියන්ට දෙයක් නෑ......යන්නම් " 

ඇය සෙමින් සෙමින් පසුපස නොබලාම ඇගේ නිවස වෙත පානඟන අයුරු මම බලා සිටියෙමි. මගේ ජීවිතයෙන්ද සදහටම ඉවතට පානඟන අයුරු මම කඳුලු පිරි දෙනෙතින් බලා සිටියෙමි. 

රත් පියුමක්ය පිපුනේ නිල් විල මැද්දේ, 
අත දිග මදිය නෙලනට ඒ දිය ගැඹරේ, 
අසරණ සිතින් මම ඉන්නෙමි විල ඉවුරේ, 
පියුමේ රුව බලා සැනසෙමි මගෙ උරුමේ, 

නෙත කඳුලකින් පිරි දා ඔබ හමුවූයේ, 
සිත පිරි හැඟුම් කෙලෙසක පවසනු ලඳුනේ, 
කිසිදා යලිදු හමුනොවනා මුත් සසරේ, 
ඔබ රුව මතක නොමැකෙනු ඇත මගෙ සෙනෙහේ, 

I do not know how you got into my heart, 
I know only that you are there, 
And........ you will never ever leave me, 
Remember.........I don't want you to leave either, 



80 comments:

  1. "මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්" කියලා සින්දුවක තිබ්බාට මතකය හිරිහැරයක් නොවන අය ඉන්නවාද කියලා මට නම් හිතෙනවා. I beleive that forgetting is a gift.

    කතාව ලස්සනයි. තව කොටසක් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මලිති,

      / I beleive that forgetting is a gift. /

      yes, madam..agreed wholeheartedly. But not when sitting for an exam…heh,heh,

      Memories are what you have, when you've lost everything else. Dreams are what you have, when you forget the memories. And bliss is what you have when you give up both.- Author Unknown

      බුදු හාමුදුරුවො කියපු නිරාමිස සුවය අත්විඳීමට නම් සිත දමනය කරගන්ට ඕන. ඒකට මතක බැහැර කිරීමත් ඇතුලත්

      / කතාව ලස්සනයි. තව කොටසක් ඇති නේද? /

      එහෙම පොඩි අදහසක් වගෙ එකක් තියනව. බොහෝ විට තව එකක් ලියන්ට වෙයි..:)

      Thanks Malithi………..

      Delete
    2. මලිති,

      රොහාන් ශාන්ත බුලේගොඩගෙ ගීතය මම ආස ගීයක්...

      එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
      නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
      හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
      ආවේ ඇයිද විරහී සිත අද්දරට

      විශ්මිත ගමට අදහන්නට බෑ තවම
      මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
      සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
      දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

      එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
      නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
      හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
      ආවේ ඇයිද විරහී සිත අද්දරට


      සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
      ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
      මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
      තව කුමකටද දුක් ගී කල්පනාවන්


      අරූ,

      මේ ගීතය අහල ඇතිනෙ නේද?


      හෙන්රි,

      බුලේගොඩ සුලෝහිතයෙක්..උඹ දන්නව ඇතිනෙ නේද?

      Delete
    3. අඩෝ මම අහලා තියෙනවා. රොහාන් ශාන්ත බුලේගොඩලා පැත්තකට කරලා, උණට පැරසිටමොල් වගේ එවුන් සංගීත පකීර්ලා වෙච්ච එකේ පාඩුව විඳින්න වෙන්නේ අනාගත පරපුරට. මම අතීතයේ වැලලී ඉන්න එකෙක් නෙමේ. නමුත් මේ සියලු කලා ක්ෂේත්‍රයන්හී අවුල ඔතනැයි. මම ලඟදි හොඳ ෆිල්ම් එකක් බැලුවා මෙහෙට ගෙන්නපු නිසා. උන්ට මගේ ආචාරය!!! ඔබ එක්ක ඔබ නැතුව...චාන්ස් එකක් තිබුනොත් බලපන්. ශ්‍යාම් ප්‍රනාන්දු කියන නළුවාව හඳුනගන්න පුලුවන් ඒකෙන්.

      Delete
    4. Aru,

      / මම ලඟදි හොඳ ෆිල්ම් එකක් බැලුවා මෙහෙට ගෙන්නපු නිසා. උන්ට මගේ ආචාරය!!! ඔබ එක්ක ඔබ නැතුව...චාන්ස් එකක් තිබුනොත් බලපන්. ශ්‍යාම් ප්‍රනාන්දු කියන නළුවාව හඳුනගන්න පුලුවන් ඒකෙන්. /

      අරූ, මචං ඒ ෆිල්ම් එකේ නම ඇවිල්ලා ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) …....හෙහ්,හෙහ්,

      වසන්ත මොරගොඩත් ඉන්නව ඒකෙ..මගෙ ප්‍රියතම නළුවෙක්...මම කොහෙදි හරි කියෙව්ව ඕක ඩොස්ටොව්ස්කිගෙ කෙටිකතාවක් ආශ්‍රයෙන් කරපු නිර්මාණයක් කියල.

      Delete
    5. ඔන්න බලපන් රවී....දෙකක් දාගත්තාම තියෙන අප්සට් එක. එක්කයි නැතුවයි එහා මෙහා වෙනවා. මේවා හරි ගස්සන එවුන්ට මගේ තැන්ක් යු එක. එහෙම කරපන් රවි!!!!!!!!

      වසන්ත මොරගොඩව හරියට මේ කිසිම පකීර් කෙනෙක් අල්ල ගත්තේ නැහැ. ඕකා මවුස් කියලා ෆිල්ම් එකක් කරා. වසන්තගේ පුතාට සම්මානයක් හම්බවුනා කොහේ හරි දක්ෂ රඟපෑමට.
      වසන්ත බොහෝම ඉස්සර වැඩක් කරා. ඒ තමයි විනී හෙට්ටිගොඩ ඇඳපු හෝල්ට් එක වගේ දෙයක් ටීවී එකේ ඒ හා සමාන දෙයක්. මට මතක නැහැ.

      Delete
    6. අරූ,

      වසන්තගෙ පුතාට සම්මානෙ හම්බ වුනේ මවුස් ෆිල්ම් එකේ රඟපෑම වෙනුවෙන්...අර උඹ කියපු ටී.වී. ප්‍රෝග්‍රම් එක ඇවිල්ල " Neighbour Talks " ලිව්වෙ වසන්ත මොරගොඩ, ඒකෙ හිටියෙ මට මතක විදිහට වසන්තයි සරත්චන්ද්‍ර පත්තඬුවනයි....And Company මතකද? ඔය දෙකම ගියේ ස්වර්ණවාහිණියෙ....

      Delete
    7. ඔව් රවී ඒ සින්දුව ගැන තමයි මම ලිව්වෙත්. මම කැමතිම සින්දුවක්. මතකය හිරිහැරයක් නොවෙන ස්ටේට් එකක් ලබන ආත්මෙක දී වත් ලැබෙන්න ප්‍රර්ථනා කරන්නයි මගේ බලාපොරොත්තුව. එතකොට දෙයියනේ කියලා ලියන්න කාරිය කිසිම මාතෘකාවක් නැතිව නිදහසේ ඉන්න පුළුවන් නේ :)

      Delete
    8. උඹ හරි. එයා තමයි හිටියේ. ඇන්ඩ් Comපැණි මතකයි.

      Delete
  2. සංවේදී මනසකින් කළ නිර්මාණයක්. ඉහලින්ම අගය කරනවා. නොපෙනී, නොඇසී,නොදැනී, එහෙත් මගේ ආත්මය ලඟින්ම රැඳී ඉන්න කෙනෙක් මටත් ඉන්නවා. මගේ බිරිඳ පවා ඒ ගැන දන්නවා. නමුත් ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් පෙළක්.

    ඒකාංගික ටෙලි නාට්‍යයකට ඉතාම හොඳින් ගැලපෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      “There are moments when I wish I could roll back the clock and take all the sadness away, but I have the feeling that if I did, the joy would be gone as well.” ― Nicholas Sparks, A Walk to Remember

      Life is nothing but a blend of memories, sweet as well as sad, fond as well as bitter…but you have take the package as it comes. :)

      Thanks Wicharaka….

      Delete
  3. හොදයි හොදයි හොදයි...
    ලස්සනයි ඒත් සමහර තැන් වල කථන භාෂාව ලිඛිත භාෂාව පටලවල තියෙනව ඒ වගේ පොඩි පොඩි අවුල් ඇරෙන්න ඇත්තටම කතාව පට්ටෙටම පට්ටයි...

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      එහෙම අවුල් තිබුණය?.....හෙහ්,හෙහ්...

      ස්තූතියි මහේෂ්.....

      Delete
  4. අපිත් එකගයි මිචාරක එක්ක......

    මේක හරිම සංවේදී වගේ ම අංගසම්පූර්ණ කතාවක්.. ඒක රූපක මවනවා කියවද්දි.. ඒ කියන්නේ මේක හරිම ලස්සන කතාවක් වෙයි ඒකාංගික ටෙලිනාට්‍යයකට... උත්සහ කරලා බලමු.... සන්තුස ලියනගේ හෝ වෙන එවැනි කෙනෙකුට යවලා බලමු..... අගෙයි

    ReplyDelete
    Replies
    1. කුරුටූස්,

      බොහොම ස්තූතියි කුරුටුලා ඔක්කෝටම...:)

      Delete
  5. // කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා,
    දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා,
    //

    ඒක හුරී කඳුපෙතේ නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. බූරා,

      හුරී කඳුපෙතේ තමයි මල්ලි, තිසර මේ ළඟදි දවසක කිව්ව හුරී කඳු පෙතේ කියල යෙදුනෙ කොහොමද කියල...මෙතන වුනේ බං මේ කතාව මම ලිව්වෙ අවුරුදු තුනකට වගෙ එහා..ඒ දවස්වල මම හිතාගෙන උන්නෙ එතන කියවෙන්නෙ දොළේ කඳු පෙතේ කියල. ඒ වැරැද්ද පබිලිස් කොරන්ට ඉස්සර මම දැක්කෙ නෑ...:)

      Delete
  6. සමහර බැඳීම් අපිට විස්තර කරන්න බැහැ. කොතනින් පටන්ගෙන කොතැනින් කෙලවර කරන්නද කියන්නත් බැහැ. අරමුණක් නිනව්වක් නැතුව පවත්වාගෙන යන ඒ බැඳීම් අපිව ගෙනියන්නේ ඒ ඇගේම අවිනිශ්චිත ගමනක්. ඒ ගමනේදී ඒ නිද්‍රාවෙන් ඇහැරිලා බලන්න හිතන එක හොඳයි. මොකද, නැත්තම් ඒ බැඳීම් අපේ ලේ , ඇට , මස් , නහර පුරා දිවගිහින් අපිව දන්නෙම නැතුව නතුකරගන්නවා.

    හැඟීම් එක්ක පොරබදනකොට වැඩි බර දෙන්න ඕනේ බුද්ධියට.... මේ සිද්ධිය රවියෝ.... බරපතල කාරණයක්. ලියනකොට ඔය හැඟීම් එක්කම ප්‍රකම්පනය වෙන අනිත් උන් ගැන අනුකම්පාවක් කියල දෙයක් දැනෙන්නේ නැද්ද අප්පා ???? ආයේ ආයේ කිව්වත්, කියන්න තියෙන්නේ... හ්ම්ම් කියල තමයි !

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / ඔය හැඟීම් එක්කම ප්‍රකම්පනය වෙන අනිත් උන්…./

      සරසුල මතකද? ෆිසික්ස් වලට ශබ්දය ගැන ඉගෙන ගද්දි අනුනාද පාඩමේදි සරසුල පාවිච්චි කලා... එකම තරංග ආයාමයකට සුසර කරපු සරසුල් දෙකක් එක ලඟ තියල එකකට මිටියකින් ගැහුවම ඒ ලඟ තියෙන අනෙක් සරසුල ඉබේම කම්පනය වෙනවා.සංවේදිත්වය කියන්නෙත් අන්න එහෙම දෙයක්..එක හා ආසන්නව සුසර කරපු හදවත් එකම සංඛ්‍යාතයකට අනුනාද වෙනවා..

      Delete
    2. අනේ අනේ රවී.... ඇත්තම කියන්න මම ඔතනට 'සරසුල' කියන වචනේ දාල මැකුවා. එහෙම දැම්මම පොඩ්ඩක් තාක්ෂණික ගතියක් ආව කියල හිතුන හින්ද. මම අහන්නේ දුකක් හිතුනේ නැද්ද සරසුලක් ළඟ හිටියොත් කියල??

      Delete
    3. උපේක්ෂා,

      / මම අහන්නේ දුකක් හිතුනේ නැද්ද සරසුලක් ළඟ හිටියොත් කියල?? /

      ඔතන වෙල තියෙන්නෙ මේකනෙ බාං...තනිකරම ජීවිත අත්දැකීම් හෝ ඒ අනුසාරයෙන් කතාවක් ලිව්වම මට වගේම බොලා බහුතරයකට ඒ අත්දැකිමම නොවුනත් ඒ ආසන්නයෙන් ගෑවිලා වගේ යන අත්දැකීමක් හරි තියනව. ඉතිං ඊළඟ අනිවාර්ය ප්‍රතිපලේ තමයි වටේ තියන සරසුල් ඒ අපි කාටත් පොදු සංඛ්‍යාතයට සුසර වෙල තියන සරසුල් ගජරාමෙට කම්පනය වෙන්ට ගන්නව. ඉතිං මොකදෑ කොරන්නේ???

      Delete
  7. මරු කතාව. මචෝ, අර කෙල්ල තාම කොස් කපනව ඇති. පොඩ්ඩක් ගිහින් උදවු වෙනවකෝ..

    ReplyDelete
    Replies
    1. ගිනි සිසිල,

      හරි හරි බං..මේ යනව..මේ යනව...:)

      Delete
  8. මචං. ලියවිල්ල ගැන නම් කතා කරන්න දෙයක් නෑ. උඹට මේවගේ ඒවා කමෙන්ට් වලට දාන්න ලෝබ හිතෙන්නේ නැද්ද?

    අනික, ඇහුවට කමක් ඇද්ද දන්නේ නෑ.

    උඹේ කලින් ලියපු අදහස් අනුව මම හිතාගෙන හිටියේ උඹ Nicholas Sparks ට එච්චර කැමති නෑ කියලා. මම හිතුවේ පොර තුට්‍ටු දෙකේ රොමෑන්ටික් කතා කාරයෙක් හැටියට වගේ අදහසක් උඹ ලඟ ඇතියි කියලා. මගේ අදහස ඊට වඩා වෙනස් නිසා මම මගේ හැඟුම් මා ලඟම තීයාගෙන හිටියේ. ඒක එහෙම නෙවෙයිද?

    මමත් පොරගේ කතා ඔක්කොම කියවලා ‍ෆිල්ම් ඔක්කොමත් බලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු විදියට මේවගේ එව්වා දාල, පෝස්ටු විදියට දාන එව්වා මොනවද කියල හෙන්රි දන්නවා නේ?? හෙහ්...

      මමත් හෙන්රිගෙන් ඇහුවට කමක් ඇද්ද දන්නේ නැහැ...
      ඇත්තටම හරි වචනේ 'කමක් ඇද්ද' ද? 'කමක් නැද්ද' ද?

      Delete
    2. කමක් නැද්ද බං හරි එක. මම මේ කමෙන්ට් එක හෙන කලබලෙන් ගැහුවේ.

      අර ඊට උඩින් තියෙන්නෙත් ඒවගේ අග මුල නැති වාක්කියක්.

      >>මම හිතුවේ පොර තුට්‍ටු දෙකේ රොමෑන්ටික් කතා කාරයෙක් හැටියට වගේ අදහසක් උඹ ලඟ ඇතියි කියලා.<< :D

      Delete
    3. @ Dude,

      // උඹේ කලින් ලියපු අදහස් අනුව මම හිතාගෙන හිටියේ උඹ Nicholas Sparks ට එච්චර කැමති නෑ කියලා. //

      සමහරවිට උඹ ඒ පෝස්ට් කියවලා ඇත්තෙ දෙකක් දාගෙන ඉන්න වෙලාවක වෙන්ට ඕන. ‍මොකද මමනං කවදාවත් දැකලා නෑ රවියා නිකලස් ස්පාර්ක් ගැන එහෙම නොහොබිනා කතාවක් කියලා තියෙනවා. මූ බුවාට දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්නෙ. කොටිම්ම කියනවානං රවියාගෙ ගෙදර බුදුපින්තාරුව දෙපැත්තෙන් ගහලා තියෙනවයි කියන්නෙ නිකලස් ස්පාර්ක්ගෙයි විල්බර් ස්මිත්ගෙයි පින්තූරු දෙකක්ලු..

      Delete
    4. @ඩුඩ් >>> මම ඒ වාක්‍ය දැක්ක ගමන් හිතුවා, ඒක ඉංගිරිස් වලින් හිතල, සිංහලෙන් ලියපු වාක්‍යක් කියල. ඒ හින්ද අතෑරලා දැම්ම..

      Delete
    5. Henry,

      උඹේ කලින් ලියපු අදහස් අනුව මම හිතාගෙන හිටියේ උඹ Nicholas Sparks ට එච්චර කැමති නෑ කියලා. මම හිතුවේ පොර තුට්‍ටු දෙකේ රොමෑන්ටික් කතා කාරයෙක් හැටියට වගේ අදහසක් උඹ ලඟ ඇතියි කියලා. මගේ අදහස ඊට වඩා වෙනස් නිසා මම මගේ හැඟුම් මා ලඟම තීයාගෙන හිටියේ. ඒක එහෙම නෙවෙයිද?

      මමත් පොරගේ කතා ඔක්කොම කියවලා ‍ෆිල්ම් ඔක්කොමත් බලලා තියෙනවා.

      / මචං. ලියවිල්ල ගැන නම් කතා කරන්න දෙයක් නෑ. /

      මචං මම කැමතියි උඹේ කියන්ට තියෙනදේ කෙලින් කියන ගතියට..ආය නෑ ලබ්භශෛලමස්තකාරූඪ කලා වගේ තමයි. එහෙම කිව්වයි කියල අවුලක් නෑ බං ..මගේ අමනාපයක් නෑ...

      / උඹට මේවගේ ඒවා කමෙන්ට් වලට දාන්න ලෝබ හිතෙන්නේ නැද්ද? /

      මේ කමෙන්ට් කතාවෙ තියනව ලොකු අභ්‍යන්තරයක්..වත් ගොයියා ඔය ලොක්කගෙයි සංජුගෙයි කතාවෙ මුල් කොටස ලිව්වනෙ.මම ඉතිං ඕකට කමෙන්ට් එකක් ලිව්ව...

      වත්ගෙ කතාව කෙටියෙන් කිව්වොත් සංජුට පත්වීමක් හම්බවෙනව කාර්යාල සහායිකාවක් විදිහට. බොස් ඇවිල්ල මැදිවියේ පුද්ගලයෙක්. පොඩි පුතෙකුත් ඉන්නව. මුල්ම දවසෙ දවල් කෑම වෙලාවෙ බොස් නැති අතරෙ පොඩි එකා එනව ඔෆිස් එකට...

      මෙතන ඉඳල මචං වත්ගෙ කතාව................

      පුංචි එකා කට අයාන , තමා දෙස බලා සිටිනු දුටු ඇයට පහල වූ සිනාව දොරේ ගලන්නට වැඩි වේලාවක් ගත නොවීය.

      “ පුතා !!! කාවද සොයන්නේ  ?. . .  “

      සිහනහව අතරින් ඇය පවසද්දි , පුංචි එකා හිස ඇල කර ඇය දෙස බලමින් “ කෝ තාත්ති , ඔයා කවුද ආන්ටි “

      “ ඉතින් . . .  මෙහාට එන්න කො  . . .! ! ! “

      ගුරුවරියකට කීකරු වන සුවච දරුවෙකු මෙන් පුංචි පුතා , ඇය කරා ඇදී ආවේ , කාන්දමට හසුවූ ඉදිකට්ටක් පරිද්දෙනි. ඇය තමා ළඟට පැමිණි  පුංචි දරුවාගේ අවුල් වූ හිස කෙස් සෙනෙහසින් පිරිමදින්නට වුයේ ඔහු තව තවත් තමා ආසන්නයට කිට්ටු කර ගිනිමිනි. උණුසුමට තුරුල් වන පුංචි පූස් පැටියකු මෙන් පුංචි දරුවාද ඇයට තව තවත් ගුලි වූයේ , තම සිරුරේ මුළු බරම ඇය ගේ ශරීරයට දෙමිනි.

      “ පුතා බත් කාල ද පැටියෝ “ ඇය සෙනෙහසින් විමසන්නට විය. ඇයට ද කුසගින්නක් දැනෙන්නට වූයේන් තමා තවමත් දිවා ආහාරය නොගත් බව සිහිවිය. 

      " නැහැ ...... තවම කෑවේ නැහැ. ගෙදර ගියහම කනවා "

      මේ වයසේ පුංචි දරුවන් , බත් කෑමට හොර බව ඇය දන්නේ ඇගේ සහෝදරියගේ දියණිය ද මේ වයසේම පසුවන්නියක නිසාය.

      “ පුතා ආව එක හොඳයි. ආන්ටි හිටියෙ තනියම බත් කන්න විදිහක් නැතිව. පුතා අද මාත් එක්ක බත් කමු ....“

      “ අනේ  . . . මගෙ බන්ඩි ෆුල්.. .මේ බලන්න. තාත්තිත් බනීවි දන්නෙ නැති අයගෙන් බත් කෑවා කියල “

      ප්‍රධානියාගේ පුත්‍රයා බව පසක් කරමින් ම, සුපුරුදු ආඩම්බරකම පෑමට පොඩි එකා ද සැදී පැහැදී සිටියේය.

      “ අනේ පුතා . .ආන්ටිට බඩගිනි. ආන්ටි බත් කන ගමන් පුතාටත් එකම එක බත් කටක් කවන්නම් “

      “ ආහ් . . . හෙනම් ෂෝක් . “

      “ කොහෙද පැටියෝ අත සොදන්න තියෙන්නේ “

      Delete
    6. පොඩිත්තාගේ මඟ පෙන්වීම මත , අත් සෝදා ගත් ඔවුන් දෙදෙනා , දිවා ආහාරය ගැනීමට හරිබරි ගැහුනා පමණි. පොඩිත්තා දුව ගොස් ප්‍රධානියාගේ ඉදිරිපිට වූ පුටුවට නැඟ , ප්‍රධානියාගේ මේසය මතට ගොඩවී වාඩි වූයේ , ඔහු ඒ සිරිත සැමදා කරන බවට සාක්ෂි සපයමිනි.

      “ හොඳ ළමය වගේ ඔතනින් බහින්න දරුවෝ. “

      “ බැහැ බැහැ  . . මම මෙතනමයි ඉන්නේ. බහින්නෙ නැහැමයි“ කුඩා චන්ඩියා තම අණසක පැතුරුවේ ප්‍රධානියාගේ කාමරය දෙවනත් කරමිනි. කාමරය තුල සිදුවන කිසිවක සද්දය පිටතට නොආසෙන බව ඇය සැක හැර දැන ගත්තේ , වසා ඇති තිර ආවරණ මදක් ඈත් කර වීදුරු අතරින් පිටත බැලීමෙනි. බොහෝ දෙනා දිවා ආහාරයට ගොස් සිටි අතර , ඉතිරි කිහිප දෙනා සතුටු සාමිච්චියේ යෙදී සිටින බව පෙනෙන්නට තිබුනි. ඇතැම් විටක ඔවුන්ගේ මාතෘකා අතරට , අද අලුතින්ම කාර්යාලයට පැමිණි තමාව ද ඉල්ලක විය හැකි බව ඇයට සිතුනි.

      උදෑසනය ම පිසින ලද බත් සහ ව්‍යාංජන එක් කර සාදා ගත් පාර්සලය පමා වී වුවද නරක් වී නොතිබුනේ කෙසෙල් කොලයක ඔතන ලද නිසා වන්නට ඇත.

      “ අනේ . . .මයෙ හොඳ දරුව වගේ මෙතනට න්න පුතේ බත් කටක් කන්න “

      “ බැහැ . . . බැහැ  . . .  බැහැමයි “

      පුංචි දඟකාරයාගේ මුරණ්ඩුකම ඉතා තදින් ම බලපැවැත්වුන හෙයින් , ඇය පදමට ව්‍යාංජන සහ බත් අනා සාදා ගත් බත් ගුලියද ගෙන පොඩිත්තා වෙතට ළං වූවාය. බත් ගිලිය දුටු පමණින් , ඔහු කට ඇරියේ , ඇගේ සිත කිරී ගස්සමිනි.

      මේසයෙන් පහලට දමා ගත් කකුල් දෙක සොලවමින් බත් කට රසකරමින් කන්නට වූ පොඩිත්තා දෙස ඇය බලා සිටියේ අප්‍රමාණ වූ සෙනෙහසිනි.

      ඇය දෙස බලා සිනසුන ඔහු ඇගේ සිරුරට මුවා වී තිබූ බත් පාර්සලය දෙස නැමී බලන්නට වූයේ තවත් බත් කටක් ඉල්ලීමට මෙනි.

      “ රසයි ද පුතා ? “

      “ ඔවු . . . .  සුවඳයි . . රසාසාසාසාසායි . . . . .  .“

      ඇය තවත් බත් කටක් අනා පොඩිත්තා වෙත ගෙන ඒමට හදත්ම එකවර විවර වූ දොරේ සද්දයත් , ප්‍රධානියාගේ හඬත් නිසා ගැස්සී ගිය ඇගේ අතින් බත් පිඬ බිමට වැටී සි සී කඩ යන්නට විය. බත් පිඩ විසිරී යන මග දිග ඔස්සේ දිව ගිය ඇගේ දෙනෙත නතර වූයේ , ප්‍රධානියාගේ දිලිසෙන සපත්තු දෙක ළඟයි.

      ඇගේ සිත බියෙන් ගැහෙන්නට විය. . . .

      ඒකට මම ලියපු කමෙන්ට් එක මේ.....

      " මොකද මේ මෙතන වෙන්නෙ?, පුතා මම කියල තියනව නේද මගෙ මේසෙ උඩට නගින්ඩ එපාය කියල, දුවනව යන්ඩ එළියට "

      ඔහුගේ කෑගැසීමට බියපත් වූ ඇගේ දෙනෙතට කඳුලු ඉනූයේ නිරායාසයෙනි.

      තාත්තාගේ කෑගැසීම ගණනකටවත් නොගත් පොඩි එකා කකුල් පැද්දීම නතර නොකරම මෙසේ කීවේය.

      " තාත්ති මොකටද බොරුවට කෑ ගහන්නෙ? තාත්තිටත් බඩගිනියි කිව්ව නම් ආන්ටි ඔයාටත් බත් කවයිනෙ, නේද ආන්ටි?"

      සවන් අදහාගත නොහුණු ලෙස ප්‍රධානියා ඇරුණු මුවින් සහ රතුවී ගිය වතින් යුතුව පුතා දෙසත් ඈ දෙසත් මාරුවෙන් මාරුවට බලනු දුටු ඇගේ කඳුලු අතරින් නිරායාසයෙන් එලියට පැන්නේ සිනාවකි.

      ඒ සමඟම ඈ වමතින් මුව වසා ගත්තේ වරදක් කලේ යයි නිතැනින්ම සිතුනු බැවිනි.

      " මොකෝ තාත්ති බය වෙලා වගෙ? ආන්ටි අපි තුන් දෙනාටම ඇති වෙන්න බත් ගෙනල්ල තියෙන්නෙ, නේද ආන්ටි?"

      එවරනම් ඇගේ සිනහව එළියට පැන්නේ වැලැක්වීමට ඈ කිසිදු උත්සාහයක් නොගත් බැවිනි.

      " පුතා......" තවත් යමක් කීමට ගිය ඔහු ඈ දෙස එක් වරක් හැරී බලා තවමත් රතු වූ වතින් යුතුව සෙමින් දොර වසා කාමරයෙන් පිට විය.

      " තාත්තිට බඩගිනි නැතුව ඇති, ඒකයි අර යන්ඩ ගියේ, ඒත් බඩගිනි නැත්නම් මොකද අර ඉස්සෙල්ල කෑගැහුවෙ?" පොඩිත්තා කකුල් පද්දමින් තමාටම කිය ගත්තේය.

      දරු සෙනෙහසින් ඔද වැඩීගිය ඈ දකුණතේ ඉඳුල් නොතැවරෙන පරිදි ඔහුගේ ගෙල වටා අතක් යවා තුරුලු කොට ගෙන නලල කීප වරක් සිප ගත්තාය.

      ඔහොම මචං වත් ලියන ලියන කොටසට මම කමෙන්ට් ලිව්ව..ඒ ඔක්කොම එකතු කරල කපල කොටල සංස්කරණය කරල තමයි මම " ආල වඩන යන තේරුම…."

      කතාව ලිව්වෙ...ඒ ඇර මේ සම්පූර්ණ කතාව එක දවසෙ එක කමෙන්ට් එකකට ලිව්ව නෙවෙයි...අන්ඩස්කර්ට්?

      / උඹේ කලින් ලියපු අදහස් අනුව මම හිතාගෙන හිටියේ උඹ Nicholas Sparks ට එච්චර කැමති නෑ කියලා. මම හිතුවේ පොර තුට්‍ටු දෙකේ රොමෑන්ටික් කතා කාරයෙක් හැටියට වගේ අදහසක් උඹ ලඟ ඇතියි කියලා. මගේ අදහස ඊට වඩා වෙනස් නිසා මම මගේ හැඟුම් මා ලඟම තීයාගෙන හිටියේ. ඒක එහෙම නෙවෙයිද?/

      බුහුරු තෙමේද පවසා ඇති පරිදි නිකොලොස් ගොයිය බොළඳ කතා කාරයෙක් කියල මම කියල නම් නෑ මචෝ..උඹට සම්ටයිම්ස් එහෙම අයිඩියා එකක් එන්ට ඇති...මම ඔය හිටපු ගමං අත අරින පඬි ටෝක් හින්ද..එහෙම නෑ මචං...කතා වර්ගීකරණයක් මගෙ නෑ..මම හැම ශෛලියකටම කැමතියි..හැම ශෛලියකම පොත් කියවනව. මාකේස්, කොයියෝ. කැල්වීනෝ, ජේම්ස් ජොයිස්, වෝල්ටර් ස්කොට්,කිප්ලිං,චේස්, ෆොලේ, ෂෙල්ඩන්, ක්ලාක්, ඇසිමෝව්,බෝල්ඩසි, විල්බර් ස්මිත්, ක්‍රයිටන්, පැටර්සන්,ස්පාර්ක්ස්, ආචර්.....ඔය ඔක්කොම මගෙ සහෘදයො.......

      Delete
    7. ////////ලබ්භශෛලමස්තකාරූඪ/////////
      මේ මොකක්ද බං මේ....උඹ හදපු එකක්ද...නැත්නම් පොතේ තියන වචනයක්ද...

      Delete
    8. අරූ,

      ස්වයංනිෂ්පාදනයක් මචං...ස්වයංනිෂ්පාදනයක්..හෙහ්,හෙහ්...

      ලබ්භශෛලමස්තකාරූඪ කිරීම කියන්නෙ මචං , " ලබ්බ ගලේ ගැහුව " කියන එකට….හුදු හෙළුවෙං වනනකොට එහෙම තමයි කියන්නෙ....:)

      Delete
    9. Upeksha,

      / මමත් හෙන්රිගෙන් ඇහුවට කමක් ඇද්ද දන්නේ නැහැ...ඇත්තටම හරි වචනේ 'කමක් ඇද්ද' ද? 'කමක් නැද්ද' ද? /

      හෙන්රියට මයි බිස්ටේක් කමක් ඇද්ද? කියල ලියවුනයි කිව්වට මට හිතෙන්නෙ කමක් නැද්ද කියනවට වඩා සුදුසුයි කමක් ඇද්ද කියල ඇහුවොත්...දැන් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? කියල අහනකොට නිරායාසයෙන් එතන ඇඟවෙනව අපි එහෙම අහන්නෙ ප්‍රශ්නයක් නැහැ කියල පූර්ව නිගමනයකට එළඹිල ඒක තහවුරු කරගන්නෙයි කියල වගෙ.ඊට වඩා හොඳයි ප්‍රශ්නයක් තියනවද? කියල ඇහුවම..වඩ්ඩුයුසේ? ඇගරීඩ් ඕ නොට්?...ප්‍රශ්නයක් නෑනෙ නේද?

      Delete
    10. Bura,

      / සමහරවිට උඹ ඒ පෝස්ට් කියවලා ඇත්තෙ දෙකක් දාගෙන ඉන්න වෙලාවක වෙන්ට ඕන. මොකද මමනං කවදාවත් දැකලා නෑ රවියා නිකලස් ස්පාර්ක් ගැන එහෙම නොහොබිනා කතාවක් කියලා තියෙනවා. මූ බුවාට දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්නෙ. කොටිම්ම කියනවානං රවියාගෙ ගෙදර බුදුපින්තාරුව දෙපැත්තෙන් ගහලා තියෙනවයි කියන්නෙ නිකලස් ස්පාර්ක්ගෙයි විල්බර් ස්මිත්ගෙයි පින්තූරු දෙකක්ලු.. /

      ආන්න බුහූර්ස් තෙමේ හොඳහැටි දනිති මා පිළිබඳව...ඒත් ඒකා අපේ ගෙදර බුදු පින්තූරෙ දැකල තියෙන්නෙ දෙකක් නෙවෙයි අර තුන හතරක් දාගෙන හිටපු වෙලාවෙ වෙන්න ඕන. ඒකනෙ ඒකා නිකොලොස්ගෙයි විල්බර්ගෙයි පෝටොස් විතරක් දැකල තියෙන්නෙ. තව කී දෙනෙක්ගෙ එව්ව තිබ්බද?...අර උඩ හෙන්රියගෙ කමෙන්ට් එකට දුන්නු උත්තරේ ඉන්න ඔක්කොම කට්ටියගෙ පෝටොස් එතන තියනව...:)

      Delete
    11. ලබ්භශෛලමස්තකාරූඪ! :D
      එල එල!
      ලෝබ හිතෙනවා නම් මෙහෙම කමෙන්ට් දායිද, නේහ්?

      Delete
  9. Wrong spellings here: 'Nicholas Sparkes'. That should be 'Nicholas Sparks'.

    Good story ayya. But I don't like the term 'lamayaa'. My mother usually calls us by that term when she is angry. :D

    ReplyDelete
    Replies
    1. Do you remember Sithu, if Tom Sawyer's teacher calls him by his full name "Thomas Sawyer" that means he is in deep shit?

      Delete
    2. Siththami,

      / Wrong spellings here: 'Nicholas Sparkes'. That should be 'Nicholas Sparks'. /

      Thanks Madam, for pointing out the mistake..:)

      / Good story ayya. But I don't like the term 'lamayaa'. My mother usually calls us by that term when she is angry. :D /

      After reading your comment I counted how many times the term Lamayaa was used in the story. ..7 times madam…not less than 7 times…to be totally frank Siththami I didn't do it purposely. But may be it was my subconscious mind making me use that word so often.. most probably to emphasize the age difference between middle aged and divorced Lokka and that young girl Sanju who is just starting her life.

      Delete
    3. Henry,

      / Do you remember Sithu, if Tom Sawyer's teacher calls him by his full name "Thomas Sawyer" that means he is in deep shit? /

      When mothers use the middle name it's the same. You are in neck deep in trouble….:)

      Do you remember Machang when your mama was shouting with handa on her hips? " Henry Assolicker Jayawardana " Sweet God you knew there would be no dinner..eh?

      I know exactly how you felt..heh, heh, when my mother's voice was reverberating around the house " Ravi Dicksucker Weerasinghe " I knew enough to go down wherever I was and just stay there…Heh, heh,

      Delete
    4. What awesome middle names!
      This reminds me of the giant brute who entered the bar and boomed in a rasping voice all the C*****ckers got to the right hand side the bar and M*******ckers to the left hand side.
      You know the rest don't you?

      Delete
    5. Yes of course………….machang…

      A frail little guy walks up to the giant …" yeah ,do you have something to say ?" Roars the giant. " Yes please ..I do both... where would I go?"

      Delete
    6. I'm afraid. that 'frail little guy' was not one of you.. he hee.. This very discussion was worth reading as many as it was with main article.. little guys can always grow big among giants.. very happy!

      Delete
    7. Aha! Good. But have you heard this version?

      A giant brute of a dude entered the bar and boomed in a rasping voice You on the left hand side of the bar are A****les. And all those on the right hand side the bar are M*******ckers. Anyone gotta problem with that?

      No one said a word. Then this frail dude from the right hand side got up!

      "Yes? You got a problem with that? The brute challenged.

      "Nope," I'm just going to the other side" the frail dude said, "cos I think I'm sitting on the wrong side."

      Thanks කල්‍යාන මිත්‍ර.

      Delete
    8. හෙන්රි සහ කල්‍යාණ මිත්‍ර,

      බාර්වල චණ්ඩි ගැන මේ තව කතාවක්....

      ඔන්න ආවලු අටේ දහයෙ සද්දන්ත මරුමුස් බුවෙක් බාර් එකට…

      " කව්ද ඇල්බට් කියන්නෙ? "

      මිනිහ ගෝරනාඩු කලා..

      " මම ඇයි?"

      හෙණ කෙට්ටු හාල්මැස්සෙක් වගෙ පොරක් නැඟිට්ට.. මරු මුසා පැන්න ගමං හාල් මැස්සගෙ හොම්බට දමල ඇන්න. නහයෙන් කටිං ලේ පෙරාගෙන පොර ඇදගෙන වැටුන පුටු දෙක තුනකුත් පෙරලාගෙන..

      " උඹ මට අහුවෙන්ට එපා ආයෙ "කියල කෑගහල මරුමුස් යන්ට ගියා..

      හාල් මැසි පොර ඔන්න බොහොම අමාරුවෙන් නැඟිට්ට. කමිස අතෙන්ම කටෙන් ගලන ලේ පිහදාගත්ත..වටේ බිරාන්ත වෙලා ඉන්න අය දිහා බලල අමාරුවෙං හිනා වෙලා මෙහෙම කිව්ව .

      " ඕක තමයි කියන්නෙ කඳ බඩ තිබ්බට මදි ඔලුවත් තියෙන්න ඕන කියල…"මිනිහ තමන්ගෙ ඔලුවට තට්ටුවක් දාල එහෙම බොහොම ආඩම්බරෙන් කිව්ව... " කොහොමද මම මිනිහව රැවැට්ටුව හැටි "

      " ඈ??????? "..වටේ ඉන්න එඑවුංගෙ කටවල් ඇරුන " ඒ කොහොමෙයි...ඒ?..."

      " හෙහ්,හෙහ්……..මම ඇල්බට් නෙවෙයි!!! "

      Delete
    9. මේක කතා සාගරයක් නේ... අරුමයක්ද මේක රවීගේ පොස්ටුවක් පස්සෙන් එන කොමෙන්ටු පොස්ටු නේ...

      අන්තිම කතාව නම් මම අහල තියෙන්නේ වෙන විදියකට

      Delete
  10. උඹ මේ කතාව ලියපු කමෙන්ට් එක මම කියවල තියෙනව වගේ මතකයි.කොහොම උනත් ආයෙම කතාව රසවින්දා.මේ කතා හදවතට හරි සමීපයි රවී.හරියට මට සිද්දවෙච්ච දෙයක් වගේ හිත රිදවනවා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි මචං...:)

      Delete
  11. රවී,කොස් කපන්න යන්නෙ කවද වාගෙද?කොස් ටිකක් කාපු කාලයක් මතක නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      යනව බං..හෙට අනිද්දම යනව කොස් කපන්න...එතනත් ඉන්නවනෙ ළමයෙක් බලාගෙන...හෙහ්,හෙහ්,

      Delete
  12. සංවේදී කතාවක් ... ඒත් කතාව ඉවර වෙද්දී මට හිතුනේ ඇයි ඒ මනුස්සය දෙවෙනි පාරටත් එකම වැරැද්ද කරගන්න හදන්නේ කියල ...

    මට දැන් දැන් සැකයක් එනවා මේ රවී අයියා ගේ ඇත්ත රස්සාව ගැන .. ඒ කියන්නේ රස්සාවකුත් කරගෙන මේ වගේ කොමෙන්ට් දදා අර වගේ වාන්පතුල් කතා ලියන්න ඔය කරන රස්සාව හැබෑටම මොකක් වෙන්න ඕනේ ද ? වෙකන්සි තියෙනවනම් අපිටත් කියන්න ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / සංවේදී කතාවක් ... ඒත් කතාව ඉවර වෙද්දී මට හිතුනේ ඇයි ඒ මනුස්සය දෙවෙනි පාරටත් එකම වැරැද්ද කරගන්න හදන්නේ කියල ... /

      වැරැද්දක්මත් කියල කියන්ට බෑ නේද බං..

      මෙහෙමනෙ ලොක්කගෙ " පාපොච්ඡාරණය"….

      " ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. "

      මිනිස්සුන්ට තනිකම කියන එක දරාගන්ට අමාරුයි. අනික දරුවට මවකගෙ සෙනෙහසකුත් ඕන කරනව.ඒ කාරණා දෙකම මදාරාගෙන් ඉස්ට වෙයි කියල ලොක්ක හිතනව..එච්චරයි. එක පාරක් අරම උනාය කියල ආයමත් එහෙම වෙයි කියලම හිතන්ටත් බෑනෙ. නැද්ද?

      / මට දැන් දැන් සැකයක් එනවා මේ රවී අයියා ගේ ඇත්ත රස්සාව ගැන .. ඒ කියන්නේ රස්සාවකුත් කරගෙන මේ වගේ කොමෙන්ට් දදා අර වගේ වාන්පතුල් කතා ලියන්න ඔය කරන රස්සාව හැබෑටම මොකක් වෙන්න ඕනේ ද ? වෙකන්සි තියෙනවනම් අපිටත් කියන්න ../

      වට් වෙඩිං ටෝකිං බොල? මම මේ රස්සාවයි වෙන අල්ල ගත්තු කොටි වලිගයි, ඊට අමතරව තියෙන සුලු සුලු ආතල් ගැනීමේ කටයුතුයි..ඊටත් අමතරව සමාජීය ක්‍රියාකාරකමුයි ඔක්කොම බැලන්ස් කරගන්නෙ කොහොමද කියල අර මොනවද කාපු රිලව වගෙ දහ අතේ කල්පනා කරනව. මේ පහුගිය මාසෙම වගේ පරණ ලියපුව දාල ෂේප් උනෙත් ඒකමයි..එහෙම කරලත් උපරිම සතියට එකයි දාන්ට වෙන්නෙ..අනික මේ කතාව මම එක පාර ලියපු එකක් නෙවෙයි..සති තුන හතරක් තිස්සෙ කොටස කොටස ලිව්වෙ..ඒකත් අවුරුදු තුනකට එහා පැත්තෙ..ඒ දවස්වල මීට වැඩිය විවේකය තිබ්බ...

      Delete
    2. ලොක්ක මදාර එක්ක ජිවත් වෙන්න හදන්නේ මදාර ඔහු වෙනුවෙන් කල කී දේවල් නිසා . ඒ අතින් ඔහු හොඳ මනුස්සයෙක් හැබැයි ඇත්තටම ආදරේ කරන්නේ සංජුට . මදාරා පව් නැද්ද ? යුතුකමට ජිවත් වීමයි ආදරෙන් ජිවත් වීමයි ටිකක් වෙනස් නේද ... යුතුකමට ජිවත් වීම උතුම් විදියට පිටට පෙනුනට ඇතුලෙන් දෙන්නම සෆර් කර කර ගෙවන්න හදන ජිවිතේ යුතුකම් ඉෂ්ට කිරීමට ඕනේ ජිවත් වෙනවනම් ඒ උතුම් කම වැඩක් නෑ කියල මට හිතෙන්නේ ...

      බැලන්ස් කිරිල්ල ගැන පැහැදිලි වුනා .. හෙහ් හෙහ් ... මට කරන්න වැඩක් නැතුව ඔහේ ගෙවිලා යන් දවස් ඕනේ තරම් තියෙද්දිත් මම මොකුත් නොලියන එක ගැන පොඩි මෙව්වා එකක් මෙව්වා වුණා ..

      Delete
    3. පැතුම් මල්ලි,

      / යුතුකමට ජිවත් වීම උතුම් විදියට පිටට පෙනුනට ඇතුලෙන් දෙන්නම සෆර් කර කර ගෙවන්න හදන ජිවිතේ යුතුකම් ඉෂ්ට කිරීමට ඕනේ ජිවත් වෙනවනම් ඒ උතුම් කම වැඩක් නෑ කියල මට හිතෙන්නේ …/

      ලොක්ක, මදාරා සහ සංජු ගැන උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් මට ඕන කලේ මේ යක්සය පරිත්යාගසීලියෙක් කොරන්න. හෙහ්,හෙහ්, ඒ නිසා එහෙම ලිව්ව..

      / ආදරය යනු පරිත්‍යාගයම මිස අන් කවරක්ද? එක් වරක් අනපේක්ෂිත පරිත්‍යාගයක යෙදෙන්නට සිදුවූ මට නැවත වරක් ආදරය වෙනුවෙන් පරිත්‍යාගයක යෙදෙන්නට නියම වී ඇත්නම් මම ඒ උපේක්ෂා සහගතව පිළිගන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? /

      ඔන්න ඕක අල්ලල දාහං..කොහෙද උඹලත් එක්ක බෑනෙව මේ කතන්දරයක් ලියල බේරෙන්ට...ශස්ත්‍රිකා ( Scalpel ) උරුක්කරගෙන නෙව එන්නෙ කපල කොටල විස්ලේසනය කරල බලන්ට..හෙහ්,හෙහ්,

      / බැලන්ස් කිරිල්ල ගැන පැහැදිලි වුනා .. හෙහ් හෙහ් ... මට කරන්න වැඩක් නැතුව ඔහේ ගෙවිලා යන් දවස් ඕනේ තරම් තියෙද්දිත් මම මොකුත් නොලියන එක ගැන පොඩි මෙව්වා එකක් මෙව්වා වුණා .. /

      කියල වැඩක් නෑ බං..මේ ටිකේ බීගන්ටවත් වෙලාවක් නෑ නිදහසේ..මාසෙකට කලින් හෙනපු කිං ෆිෂර් පෙට්ටියයි, තව බෝතල් දෙකකුයි තාම එහෙමමයි. බොලාගෙ අටුවාවල් වලට උත්‍ර ලියන්ටත් පමා උනේ ඒකයි..අම්මාපල්ල මම මේ කල්පනා කලේ බාං වයසට යන්ට යන්ට වැඩ වැඩියි නෙව..කිසිම නිදහසක් නෑනෙ..උඹට කියන්ට ..මම ඔය වාංපතුල් වල ලියන සිද්දි එහෙම වෙච්චි කාලෙ ..ඒ කිව්වෙ මම කොලුව කාලෙ මීට වඩා ෆුල් රිලැක්ස් එකේ හිටියනෙ බං..කාලද බීලද, නාලද, බුදියලද හිතූ මනාපෙට හිතූ වෙලාවට..සම් ටයිම්ස් මල්ලි ඒ කාලෙ එහෙම විගඩං කොරපු හින්දමද කොහෙද මේ නහින දෙහින කාලෙ ඉහටත් උඩුං ඉස්පාසු නැතිවෙලා තියෙන්නෙ.

      අපෙ උන්දැ දැක්කිං මම ඔය කෙඳිරි ගානවනෙ.." එපා වෙලා ඒයි තියෙන්නෙ..මහ කරදරයක්නෙ මේක..කිසිම නෑනෙ රිලැක්ස් එකක් " කියල. එවුන්දැ ගත් කටටම කියන්නෙ මොකක්ද දන්නවද? " ඒක ඉතිං අහන්ටත් දෙයක්ය..මහන්සි වෙලා තමන්ට වැඩක් කරගන්ට තිබ්බ කාලෙ ඩෙඟා නැටුවම ඔහොම වෙනව.." ඉතිං කාටද මෙව්ව කියන්නෙ? දුක තමයි රංජනී...දුකම තමයි!!!

      Delete
    4. අනේද කියන්නේ......මම වඩාත් සිත්ගත් උත්තරයක්. මේකට නම් මාත් උත්තරයක් දාන්න ඕන.
      ./////ශස්ත්‍රිකා ( Scalpel ) උරුක්කරගෙන නෙව එන්නෙ කපල කොටල විස්ලේසනය කරල බලන්ට..හෙහ්,හෙහ්,///////
      උඹ කියනවා වගේ ඔය scalpel වැඩේ මගේ අවුල් අඩවියේ යම්තාක් දුරට වෙනවා මට ඇති අල්ප දැණුම තුල. ඒ ටික හරි කරන්න පුළුවන් වෙන්නේ, මම ලියන්නේ කතාවක් නොවන නිසා. කෙටිකතාවක් හෝ නවකතාවක් හෝ කවියක් ලියන කෙනාට මේ වැඩේ කරන්න බැහැ. මගේ ඉලව්වේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්වයක් නිසා යම තාක් දුරට මට හැකියි. තොපි මොකද කියන්නේ?

      /////කිං ෆිෂර් පෙට්ටියයි, තව බෝතල් දෙකකුයි තාම එහෙමමයි. ////////

      උඹ ඔය ගැන වැඩිපුර හිතන්න එපා. පොඩි වැඩයි තියෙන්නේ. මාව ඔහෙට ගෙන්න ගනින්. මම උඹ වැඩ ඉවරවෙලා එනකොට ඒවා ශුද්ධ පවිත්‍ර කොරලා තියන්නම්. ඊට පස්සේ උඹට ලේසියි වාඩිවෙලා බ්ලොග ලියන්න. පහුවදාට වැඩට යනකොට ආපහු මාව කූද්දපන්. යන්න ඉස්සෙල්ලා තව ස්ටොක් එකක් ගෙනත් දීලා පලයන්. සිගරට් පැකට් එකක් නම් අමතක කරන්න එපා, බෙන්සන් නම් වඩා හොඳයි. අමතක නොකර අරන් වරෙන්. නැත්නම් උඹ ගෙනාපු අනිත්වා එහෙමම තියෙයි. ඒකත් උඹට කරදරයක්නේ ඊට පස්සේ. උඹට දෙයියනේ කියලා බ්ලොග ලිව්ව හැකි.

      ////.මහන්සි වෙලා තමන්ට වැඩක් කරගන්ට තිබ්බ කාලෙ ඩෙඟා නැටුවම ඔහොම වෙනව.." ///

      බුදු අම්මෝ රවියෝ....ඕකම තමයි මගේ වහන්සේත් කියන්නේ. උඹට කියන්න ඔන්න ඔය චාරිත්‍රේ හින්දා තමයි පහුගිය මාසයක් දෙකක් යනකම් මාත් සීතල, වැස්ස, හිම, බොසාලාගේ ලොකු ටෝක්, ඕටී, සියල්ල සමග යකෙක් වගේ වැඩ කරේ. මාසයකට කලින් දෝණියැන්දාගේ අධ්‍යාපන වැඩ කටයුතු ඉවරවුනා. මචෝ බුදු ෆිට්. අපි වගේ නොවී සැඳෑ සමය ආතල් එකේ ගෙවන්න, මේ තරුන ළමයි වැඩ කටයුතු කරපල්ලා. ඒත් විඳවන්න එපා. ජීවිතය කියන්නේ රස වින්දනයක්. ඒ තුලින් මම කියන්නේ බීපල්ලා කාපල්ලා කියන එක නෙමේ හොඳේ. දැන් රවියෝ දෙන දියක් බීලා, දෙන දෙයක් කාලා අතදරුවෙක් වගේ ඉන්නවා. දෙන දෙයක් බීලා කිව්වේ මට ඕන ප්‍රමානෙටම ලැබෙන්නේ නැති නිසා. :D මගේ වහන්සේ සුන්දර ගැහැණියක්. මෙන්න මේකට තමයි මචං.."ආල වඩන යන තේරුම"..කියන්නේ. උඹ ඕක දන්නවා. අපි ඉතා සරල, ඉතා නිදහස් ජීවිතයක් ගත කරනවා. ශේප් එකයි පාරයි.

      කවුරු හරි උත්තරයක් දීපන්. වෙන මොකටවත් නෙමේ මම ආසයි හිනාවෙන්න. මම මං ගැනම හිතලා හිනාවෙනවා.

      Delete
    5. Aru,

      / උඹ කියනවා වගේ ඔය scalpel වැඩේ මගේ අවුල් අඩවියේ යම්තාක් දුරට වෙනවා මට ඇති අල්ප දැණුම තුල. ඒ ටික හරි කරන්න පුළුවන් වෙන්නේ, මම ලියන්නේ කතාවක් නොවන නිසා. කෙටිකතාවක් හෝ නවකතාවක් හෝ කවියක් ලියන කෙනාට මේ වැඩේ කරන්න බැහැ. මගේ ඉලව්වේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්වයක් නිසා යම තාක් දුරට මට හැකියි. තොපි මොකද කියන්නේ?/

      අනේ නෑ බං..මම ඔය පැතුමව ටිකක් කුල්මත් කරල ගන්ට හිතාගෙන කිව්වෙ..උඹට කිව්වම මොකද මම බොහොම කැමතියි කියවන කස්ටිය අඬු බඬු දාල, කතාවෙ අතුණු බහන් එළියට ඇදල මන්නා පිහි වලිං හරි කමක් නෑ කපල කොටල අඩෝ අයියෙ මෙතන හරි නෑ..මෙහෙම නෙවෙයිනෙ වෙන්ට තිබ්බෙ..මෙතන කුඩා බඩවැල මහ බඩවැල වටේ තුන්පාරක් නෙවෙයි හතර පාරක් එතෙන්න ඕන..නැත්තං මේ මොකෝ බං පිත්තාසෙයි අග්නියාසෙයි එකට පෑහිල එහෙම කොහොමද? ප්ලීහාවයි අග්නියාසෙයි නෙව පෑහෙන්ට ඕන ඔන්න ඔහොම මට සත්තම දානවට..ඒ කියන්නෙ බං උං කතාව සාවදානව කියවල හිතට ගන්නව කියන එකනෙ..ලියන එකෙකුට ආය ඊට වඩා සතුටක් නෑ..මංද මටනං එහෙමයි..තිසර ගොයිය, එතනෙං ගිහාම බූර, උඹ, එතනිං ගිහාම හෙන්රිය එහෙම එවුං..කලිං මගෙ හොඳ විචාරකයෙක් හිටිය,,දැං ඒ පකිරින්තුව විචාර තියා උගෙ බ්ලොග් එකත් නවත්තල දාල..ඒ තමයි නවමාභිධාන නොහොත් අතිගරු නවම් මාවත තරුණ මහතා...

      උඹේ පෞද්ගලික තොරතුරු ඇරුනම උඹ ලියන දේශපාලන සහ එදවස සිදුවීම් ගැන මචං නොයකුත් අදහස් තියනවනෙ. මිනිස්සුන්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතිය තියනව. මම උඹට කැමති ප්‍රධානම කාරණයක් ඒක. තමං හරිය කියල තමංගෙ මතේ අනුන් පිට බලෙන් පටවන්ට යන්නෙ නැති එක. අනික උපේක්ෂාව..මචං අපි හුඟ දෙනෙක්ට නැත්තෙත් ඔය උපේක්ෂාව..ජීවිතේ දුක්ගැහැට විඳල, පත්තියං වෙලාම මචං ඒ පන්නරය ලබන්ට ඕන. වානේ ගින්නෙං පදං වෙනව වගෙ අපි පදං වෙන්නෙ දුක්ගැහැට සහ අත්දැකීම් වලින්. ඇත්තම කිව්වොත් උඹ වගෙ දුක් ගැහැට මම විඳල නම් නෑ, ඒත් අත්දැකීම් වලින් මම පන්නරය ලැබුව මදි නොකියන්ට.

      / බුදු අම්මෝ රවියෝ....ඕකම තමයි මගේ වහන්සේත් කියන්නේ/

      ඔහොම අපෙ උන්දැ කිව්වම මොකද්ද දන්නවද මම කියන්නෙ?.." හෙහ්, එහෙම ඒ කලෙ පිස්සු නොකෙල ඔය වැඩිදුර අද්දියාපනයක් එහෙම ලබල මම මහ ලොක්කෙක් උනානං අරම බස්වල එල්ලීගෙන සඳුද උදේ පාන්දර තකහනියක් වැඩට යනවය. එහෙම උනානං උදෙම්ම බත් එකත් බැඳගෙන ඉස්කෝලෙ යන ටීචර්ලත් එක්ක එක සීට් එකේ වාඩිවෙලා යන්ට වෙන්නෙත් නෑ. ටීචර්ල ට හුලං තමයි එහෙනං.."එහෙම කිව්වම කියනව..," ආ....හැබෑටම ඒකත් එහෙම තමයි නේද? එහෙනං ඒ කාලෙ ඔහේ පිස්සු කෙලපු එකම තමයි හොඳ කියල..."හෙහ්,හෙහ්,

      / මෙන්න මේකට තමයි මචං.."ආල වඩන යන තේරුම"..කියන්නේ. උඹ ඕක දන්නවා. අපි ඉතා සරල, ඉතා නිදහස් ජීවිතයක් ගත කරනවා. ශේප් එකයි පාරයි. /

      " ඔයාගෙ ජීවිතේ මට ආයම මුල ඉඳල ජීවත් වෙන්න ලැබුනොත් මොකක්ද වෙනස් කරගන්නෙ?" ඔහොම අහනවනෙ ඔය තරු එක්ක පත්තරකාරයො එහෙම කරන ඉන්ටර්වීව් වලදි..මගෙන් කවුරුත් තාම එහෙම අහල නෑ. ඇහුවොත් මම කියන්නෙ නෑ.." මට කිසිදෙයෙක් වෙනස් කරගන්න ඕන නෑ..මම ගතකරපු ජීවිතය ගැන මම පූර්ණ වශයෙන් තෘප්තිමත් "අන්න එහෙමයි..මට සහතිකයි මචං උඹත් එහෙම තමයි කියන්නෙ කියල..මොකද කියන්නෙ?

      Delete
    6. මචං....මගේ ගාව තියෙන්නෙත් ඔය හා සමාන උත්තරයක්. "මම ඉගෙනගෙන කොහේ හරි වෙන පැත්තක ගියා නම් මට ඔයාව හම්බවෙන්නේ නැහැ. අපි දෙන්නට මේ වගේ දරුවෙක් ඉන්න එකක් නැහැ. මේ තමයි ජීවිතය" කියලා. එතකොට කියනවා "ඔයා ඔහොම ගිය එක හොඳයි" කියලා.

      "//// මට කිසිදෙයෙක් වෙනස් කරගන්න ඕන නෑ..මම ගතකරපු ජීවිතය ගැන මම පූර්ණ වශයෙන් තෘප්තිමත් "අන්න එහෙමයි..මට සහතිකයි මචං උඹත් එහෙම තමයි කියන්නෙ කියල..මොකද කියන්නෙ? ////

      රවී වෙන මොනවා කියන්නද..වංගෙඩියේ හෝ මිරිස් ගලේ හැදෙන ලුනුමිරිසක් තරම් රස නැහැ නේද එහෙන් මෙහෙන් කලවම් කරගන්න එකක්.

      Delete
    7. Aru,

      අඩේ බං අර කොමාව එක වචනයක් පහුවෙලා වැටිල උඩ කමෙන්ට් එකේ අර්තය එහෙම පිටින්ම වෙනස් වෙලානෙ..:( ..ඒ වාක්කිය මෙහෙම වෙන්ට ඕන...හොඳද?

      " ඔයාගෙ ජීවිතේ මට ආයම මුල ඉඳල ජීවත් වෙන්න ලැබුනොත් මොකක්ද වෙනස් කරගන්නෙ?" ඔහොම අහනවනෙ ඔය තරු එක්ක පත්තරකාරයො එහෙම කරන ඉන්ටර්වීව් වලදි..මගෙන් කවුරුත් තාම එහෙම අහල නෑ. ඇහුවොත් මම කියන්නෙ "නෑ.... මට කිසිදෙයෙක් වෙනස් කරගන්න ඕන නෑ..මම ගතකරපු ජීවිතය ගැන මම පූර්ණ වශයෙන් තෘප්තිමත් "අන්න එහෙමයි..මට සහතිකයි මචං උඹත් එහෙම තමයි කියන්නෙ කියල..මොකද කියන්නෙ?

      Delete
    8. රවී......මම දන්නවා. කොමා, තිත් නොසලකන මගේ ජීවීතේ, උඹ කියන්න හදපු දේ මට නොතේරෙනවා යැයි කියා උඹ හිතනවාද...පිස්සුද මචෝ...මම බ්ලොග් එකේ විහිළුවක් කරලා හිනා මූණක් දාන්නවත් අකමැති එකෙක්. මම සමහර අයට එහෙම දාන්නේ නැහැ. තේරුම් ගන්න අය තේරුම් ගනියි. උඹ කියන්න හදපු දේ මට හොඳටම තේරුනා.

      දවසක හමුවෙමු
      හමුවී හිනැහෙමු
      හිනැහී වැලපෙමු
      අපි ආයේ....

      ඔන්න ඔය යෝනියනේ බං වෙන්නේ.

      Delete
    9. අරූ,

      / රවී......මම දන්නවා. කොමා, තිත් නොසලකන මගේ ජීවීතේ, උඹ කියන්න හදපු දේ මට නොතේරෙනවා යැයි කියා උඹ හිතනවාද...පිස්සුද මචෝ...මම බ්ලොග් එකේ විහිළුවක් කරලා හිනා මූණක් දාන්නවත් අකමැති එකෙක්. මම සමහර අයට එහෙම දාන්නේ නැහැ. තේරුම් ගන්න අය තේරුම් ගනියි. උඹ කියන්න හදපු දේ මට හොඳටම තේරුනා. /

      පිස්සුද බං?...උඹට එහෙම අවුලක් වෙන්නෙ නෑ කියල මම දන්නව......මම අර වැරැද්ද පස්සෙ හරි දැක්කම හරිගස්සන්ට ඕන නිසයි කිව්වෙ...:)

      කවුරුත් එන්නැති කව්රුත් දන්නැති
      මල් පෙති ඉහිරුනු මල් පාරේ
      දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
      හිනැහී වැලපෙමු අපි ආයේ

      සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
      තරුකැට අහුරක සිනා මෝදුකර
      කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ 
      උදානොවුන සිහිනයක් දකින්නට 
      දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
      හිනැහී වැලපෙමු අපි ආයේ

      සියොලඟ මීදුම් සළු අතුරාලා
      මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
      උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා 
      නොකී රහස් දෙනයනට කියන්නට
      දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
      හිනැහී වැලපෙමු අපි ආයේ

      Delete
    10. මචං....අපි ඇත්තටම හමුවෙමු සයිබර්යෙන් තොර මුහුණට මුහුණ. එහෙම එවුන් අතර උඹ විශේෂයි!!!!!!!!!!!!!!!!!!!(වාං පතුල් විමලේ ...එලිවෙනකම් ඉන්න පුලුවන් )

      Delete
    11. අරූ,

      හරි මචං,,දවසක හමුවෙමු.......

      එහෙම කීප දෙනෙක් ඉන්නව...සයිබර් අවකාශයෙ මට මුණගැහුණු අය..දවසක හමුවෙමු හමුවී හිනැහෙමු...අන්න ඒ ජාතියෙ සහෘදයන්...උඹත් එහෙම එකෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ…Ok Machang….we will meet someday…..

      Delete
    12. "නෑ.... මට කිසිදෙයෙක් වෙනස් කරගන්න ඕන නෑ..මම ගතකරපු ජීවිතය ගැන මම පූර්ණ වශයෙන් තෘප්තිමත් " ඔය කොටස මටත් අදාලයි . ඉතින් මම ඔය පොඩි පොඩි වලි වලදී මීට සමාන විදියට පොර ටෝක් දෙනවා .

      ඒ එක්කම "මහන්සි වෙලා තමන්ට වැඩක් කරගන්ට තිබ්බ කාලෙ ඩෙඟා නැටුවම ඔහොම වෙනව.." මේ අදහසම පොඩ්ඩක් වෙනස් වචන වලින් ඇහෙනවා ..

      මම හිතන්නේ ගිය ආත්ම වල අක්කල නංගිලා වෙලා ඉන්න ඇති ...

      අනේ ඔය සෙට් වෙන දවසක් අපිටත් කියපල්ලා. කොස් ටිකක් තම්බගෙන ... පිලිස්සු කුකුලෙකුත් අරන් වාන් පතුල් දාගෙන එන්නම් කො ..

      Delete
    13. පැතුම්..

      / මම හිතන්නේ ගිය ආත්ම වල අක්කල නංගිලා වෙලා ඉන්න ඇති …/

      ආය මොනවද?...අනිවාර්යයෙන්ම එහෙමම තමයි...එහෙමම තමයි...

      / අනේ ඔය සෙට් වෙන දවසක් අපිටත් කියපල්ලා. කොස් ටිකක් තම්බගෙන ... පිලිස්සු කුකුලෙකුත් අරන් වාන් පතුල් දාගෙන එන්නම් කො .. /

      මේකෙ වැඩේ වෙලා තියෙන්නෙ මලේ බොලා ඉන්නෙ ලෝකෙ හතර දිබ්බාගෙ නෙව...ඉතිං කට්ටිය එකතුකොරන එක කණ කැස්බා විය සිදුරෙන් හඳ දකිනව වගෙ තමයි..නැත්තං අර ලාහට ගෙම්බො එකතු කොරනව කියන්නෙ..ආන්න ඒ වගෙ..විට්ටරගෙ සිංදුවක් අහල තියද? " කණ කැස්බෑ නෙත බලා සිටිනවා අහස දකින්නට විය සිදුරෙන්..පෙරුම් පුරාගෙන අහස බැලූදා සඳ නැත අහසේ අමාවකයි..."ඒත් සැලෙන්න එපා මල්ලි..අබේ අයිය කියනව වගෙ " නොසැලෙන් සූරිය කාන්තා..සූරිය කාන්තා..නොහඬන් සූරිය කාන්තා..සූරිය කාන්තා.."රයිට් අපි මොනව හරි කරල පොඩි ආතල් එකක් ගමු කොහොම හරි...

      Delete
    14. ඔක්කොම එකම බෝට්ටුවේ සුවාමි පුරුෂයෝ වෙච්චි....... මම හිතන්නේ මහ බඹා මැව්වා කියනවා නම් මිනිස්සු, කතාව ඇත්තක් වෙන්නැති.... එකම අච්චුව! ( මම කියන්නේ යුනික් මොඩල් වලින් ඉපදුනාට ස්වාමිපුරුෂයෝ කියන අච්චුව එකමයි.. එමමයි)

      Delete
  13. If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. "
    කලක් තිස්සේ ඔබගේ අඩවිය කියවුවත් අද තමයි බොක්කටම වැදුනු දවස.ඕකේ 2 කොටස කියවා අක්මාවට වදින තෙක් බලා සිටිමි.අර කොස් කොටන කෙල්ලට මක්කෙයි වුනේ?

    ReplyDelete
    Replies
    1. කටුසු හදවත,

      / කලක් තිස්සේ ඔබගේ අඩවිය කියවුවත් අද තමයි බොක්කටම වැදුනු දවස.ඕකේ 2 කොටස කියවා අක්මාවට වදින තෙක් බලා සිටිමි /

      ස්තූතියි කටුසු....ඒත් ඒ නවල් එකේ දෙවෙනි කොටසක් නෑ මම දන්න විදිහට...

      / .අර කොස් කොටන කෙල්ලට මක්කෙයි වුනේ? /

      උන්දැට ආය අහවල් දෙයක් වෙන්ටද? ඔය ඇති කොස් කප කප....:)

      Delete
  14. සංවේදී කතාවක් අපූරුවට පද ගලපල තියෙනව.. කතාව ගලාගිය අයුරට නම් තව කොටසකින් මිස මෙයින් පමණක් අවසානයක් දකින්න අමාරුයි.. අපි බලාගෙන ඉන්නව රවී අයියා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ..ස්තූතියි...තව කොටසක් නේද? බලමු බලමු...:)

      Delete
  15. මේක නම් ඉතින් බාපු ගමන් රා වගේ. නියමයි රවී!! මට නම් මේක ඇති. ආපහු කොටසක් රස විඳින්න ඉඩ තියෙයිද.........ඒත් උඹ ලියපන්.

    ReplyDelete
    Replies
    1. මම කියන්න උත්සාහ කරේ ...මේක තවදුරටත් ගෙනිච්චොත් රසය කඩා වැටෙයිද කියන එක.

      Delete
    2. හැමදාම එහෙමනේ.. බාපු ගමන් රා පට්ට රහයි..ඒ වුනාට ටිකයි.. පෙරේත කමට හීල් වෙච්චි කලේකුත් ඇදල ඇරල මෙලෝ රහක් නැතුව හුජ්ජ කර කර ඇවිදිනව.. හෙහ්..හෙහ්.. සැර වැඩිද මංදා.. කටට ආපු විදියටම කියල දැම්මා

      Delete
    3. අරූ,

      / මම කියන්න උත්සාහ කරේ ...මේක තවදුරටත් ගෙනිච්චොත් රසය කඩා වැටෙයිද කියන එක. /

      යස් මචං..අයි ඕල්සො තින්ක් සෝ...එනිවේ...ඇට් ලීස්ට් ෆො දිස් මෝමන්ට් දැට්ස් මයි තින්කිං ටූ…:)

      Delete
  16. කතාව ගොඩක් ලස්සනයි. මේ වගේ වෙන්වීමක් තියෙන කතාවක් කියෙව්වම දවස් ගානක් යනකන් හිතට හරි නෑ වගේ. එහෙම වෙන්නෙ එහෙම හැගීමක් දැනෙන්න ලියල තියෙනවනම් විතරයි. මට කියන්න ඕන උනේ ඒ විදහෙ හැගීමක් දැනෙන්න ලියල තියෙනව කියල.

    ReplyDelete
    Replies
    1. Podi Shan,

      අප්පට සිරි ගජ..පොඩි සානා..කොහෙද බොල ගිහිල්ල උන්නෙ? කොයි ලොකු එකා?

      Delete
  17. පහුගිය ටිකේ කියවන්න කොමෙන්ට් කරන්න වෙලාවක් ලැබුණේ නෑ.. මේ වගේ කතාවකට හරියට කොමෙන්ට් කරන්න නම් හරි වෙලාවට සෙට් වෙන්න ඕනේ.... දැන් නිකං අර නිවිච්ච තේකක් වගේ...

    ඇත්තටම කල්පනා කරලා බැලුවොත් පිරිමි ඔය "තමන්ගේ කතාව" කියනවා කියන එක ගෑණු මායම් පාරාද කරන මායමක් නේද?

    ReplyDelete
    Replies
    1. කොල්ලා කාලේදී සැහෙන්න සාර්ථක ක්‍රමයක් ... තමන්ගේ කතාවේ තියෙන තුන පහ ප්‍රමාණය අනුව ප්‍රතිපල ලබා ගන්න පුළුවන් නේද ? හෙහ් හෙහ්

      Delete
    2. තිසර....

      / දැන් නිකං අර නිවිච්ච තේකක් වගේ... /


      ඒක නම් ඇත්ත බං..ඕනම දේකට සුදුසු කාලයක් තියනව..කාලෝ අයංතේ...

      / ඇත්තටම කල්පනා කරලා බැලුවොත් පිරිමි ඔය "තමන්ගේ කතාව" කියනවා කියන එක ගෑණු මායම් පාරාද කරන මායමක් නේද? /

      අඩේ..බොට එහෙම හිතෙනවද?..මාර කෙලියක්නෙ බං ඒක...මිනීමරපු එකාටත් දෙනව චාන්ස් එකක් විත්තිවාචකය කියල තමන්ගෙ පැත්තෙං කරුණු කියා හිටින්ට..එතකොට පිරිමින්ට ඒ අවස්තාවවත් නෑ...අනිච්චේ දුක්කේ.....

      Delete
    3. තිසර: ඇත්තම ඇත්තයි ඒ කතාව නම්... ආයේ කිරි ගහට ඇන්නා වගේ.. හෙහ්..

      Delete
    4. පැතුම්: කොල්ල කාලේදී විතරක් නෙවෙයි. නාකි උනත් හරි පොරෝජන් ( අපේ අත්තම්මගේ වචනයක්) එහෙමයි කියල අත්හදා බලනවා එහෙම නෙවෙයි... හැප් !

      Delete
  18. ආලවඩන කියන වචනේ අහපු ගමන් තිස්ස අයියගේ බ්ලොග් එක මතක් උනා...ඒකෙ දාල තිබ්බ සින්දුවක් නිසා.
    බැලුවම මේකේ තියෙන්නේ වෙනම ආල වැඩිල්ලක්
    මට මේක කතාවක් විදිහට හොඳයි කියන්න පුළුවන්, නමුත් මම මේවට වඩා අර අවන්හලක සැන්දෑවක් වගේ ඒවට වඩා කැමතියි.
    ජය වේවා.....!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි