Monday, February 2, 2015

302. විමලෙගෙ වාංපතුල් කතා - 25 - ජොන්සන් සහ වෙජ්වුඩ් පිඟන්, Fragrance of Jasmine සහ පසඟ පිහිටුවා නැන්දම්මාට වැඳීම

Adrift  by Paul Hedley

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. මම ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ?" මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

අසෝක නංගි කෙට්ටුයි උසයි. කොයි වෙලෙත් හිනා වෙච්චි ගමං. ඒ වගේමයි කතාව. කියවන එකේ ඉවරයක් නෑ.මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ ගෙදර ආපු පාර අපි ගියා අසෝකලගෙ ගෙදර. 

" මචං වරෙං අපෙ ලොකු මාමලගෙ ගෙදර ගිහිල්ල එන්ට. ලබන මාසෙ මාළිගාවට අපෙ මුර දානෙ. ඒ ගැන කතා කරගන්ඩ එහෙ ගිහිල්ල එන්නෙයි කියල අම්ම කියනව. " 

එදා උදේට කන ගමං අජිතය කිව්ව. උදේ කෑම මේසෙ ආය කියල වැඩක් නෑ..මේසෙ පුරාවට නිල්පාට මල් වැල් රටාවක් වැටිච්චි පළංගාන් වල කොත ගහල තිබ්බෙ කැකුලු බතයි, පොල් සම්බෝලෙ මළවල, කීරමිං බැදල. ඒ මදිවට කරපිංච, උම්බලකඩ යහමිං දාල කිරි හොද්දකුත් හදල. 

ඔය පිඟන් සුද්දගෙ කාලෙ එංගලන්තෙන් ගෙනාපුව. ජොන්සන් පිඟන් තමයි බොහොම ප්‍රසිද්ද..ජොන්සන් කියන්නෙ එංගලන්තෙ පිඟන් බඩු හදපු සුප්‍රසිද්ධ සමාගමක්.ජොන්සන් පිඟන් බඩුවල යටි පැත්තෙ ඔටුන්නක රූපයක් යට ජොන්සන් කියන නම කොටල තියනව.තවත් ඒ කාලෙ ලංකාවෙ ප්‍රසිද්ධ පිඟන් බඩු වර්ගයක් ඇවිල්ල වෙජ්වුඩ්.

අජිතයගෙ මාමගෙ ගෙදර තිබ්බෙ තව නොම්මර හතරක් විතර හඟුරන්කෙත ටවුම පැත්තට වෙන්ට. ඒ පැත්තෙ නොම්මරවලින් තමයි දුර මයින්නෙ. නොම්මරයක් කිව්වෙ හැතැක්මක්. පාරෙ තියෙන හැතැක්ම කණුවක එතෙන්ට තියන හැතැක්ම ගාන ලියල තියනවනෙ. ආන්න ඒකෙනුයි ඔය නොම්මර කතාව පටන්ගෙන තියෙන්නෙ.අජිතය අපි ඔක්කොම එකටනෙ රස්සාවට ගියෙ. මුලිම්ම ඕකා ඔය නොම්මර කතාව කියල ආය නෑ වහ කෑවට හපං. ඊට පස්සෙ හැබැයි අපරාදෙ කියන්ට බෑ අජිතය ඔය නොම්මර කතාව ආය කවදාවත් කිව්වෙ නෑ...හෙහ්,හෙහ්,


අජිත්ගෙ යාලුවෙක්ගෙන් ඉල්ලගත්තු CM Custom බයික් එහෙකිං අපි දෙන්න ගියා මාමලගෙ ගෙදර.පාරෙ ඉඳල යාර පණහක් හැටක් වගෙ වත්ත ඇතුලට වෙන්ට මාමලගෙ ගෙදර තිබ්බෙ. අර පරණ තාලෙ සිංහල උළු හොයපු ගෙවල් දැකල තියද? අන්න ඒ ජාතියෙ ගෙයක්. ඉස්සරහ පැත්තෙ දෙපැත්තෙං කාමර දෙකයි. ඒ කාමර දෙක මැද ඉස්තෝප්පු කෑල්ලක්. ඒ එක්කම ලොකු දෙපළු ලී දොරවල් දෙක ඇරෙන්නෙ සාලෙට.

" මාම නම් නැතුව ඇති බං ගෙදර..අද සතියෙ දවසක්නෙ. නැන්දම්ම විතරයි ඇත්තෙ...ඉඳපං මම බලල එන්නම්…"

අජිතය එහෙම කියල ගේ ඇතුළට ගියා.සාලෙ එක පැත්තක වේවැලෙන් වියපු කවිච්චියක්. කවිච්චිය දෙපැත්තෙ ඇළේට තියල තිබ්බ සේසත් දෙකක්.අපෙ ගෙදරත් තියනව ඔය වගෙ සේසත් ජෝඩුවක්. අප්පච්චි කෑගල්ලෙ වැඩ කරන කාලෙ ලක්සලෙන් ගත්තෙ. දැන් ඔය කෑගල්ලෙ නගර ශාලාව ඉස්සරහ තියන ලක්සල හැදුවෙ අපි කෑගල්ලෙ ඉන්න දවස්වල. මට මතක විදිහට හැත්තෑ තුනේ නැත්තං හතරෙ වෙන්න ඕන.ඒ කාලෙ අපෙ අප්පච්චි කලේ මම අර කලින් මොලේ කොළොප්පං මුදලිවරු පෝස්ට් එකේ කියාපු කච්චේරියෙ මුදලි රස්සාව. හැබැයි ඒ වෙනකොට තනතුරු නාමය වෙනස් වෙලා. කාර්යාල සහකාර නොහොත් ඔෆිස් ඇසිස්ටන්ට්.

කච්චේරියෙ කුඩා කර්මාන්ත අංශයෙන් තමයි ඔය ලක්සල සම්බන්ධ කටයුතු බොහොමයක් කෙරුණෙ.ඉතිං අප්පච්චිත් එව්වට සම්බන්ධ උනා ඉබේටම වගෙ. කෑගල්ලෙ ලක්සල විවෘත කරපු දවසෙ තමයි මම අර අපේ ගෙදර තාමත් තියනවයි කියාපු සේසත් දෙක අප්පච්චි අරගෙන ආවෙ.

කෝ දැං මේ මනුස්සය? ඇයි දෙයියෝසාලෙ නැන්දම්ම බලල එන්නං කියල ගෙට ගිය එකා ගියා ගියාමයි………..මම මේ කියන්නෙ අජිතය ගැන

අජිතයලගෙ පැත්තෙ නැන්දට කියන්නෙ නැන්දම්මයි කියල. මට ඔය ආමන්ත්‍රණය මහ නුහුරුයි. මොකද අපි නැන්දම්මයි කියන්නෙ එක්කො බිරිඳගෙ නැත්තං ස්වාමි පුරුෂයගෙ මව්ට.

ආ..අපෙ ප්‍රියාම්බිකා තොමෝ ඉන්නවනෙ. එවුන්දැත් කියන්නෙ නැන්දම්මයි කියල. උන්දැට ඉන්නෙ මව් පාර්ශ්වයෙන් නැන්දම්මල දෙන්නයි පිය පාර්ශ්වයෙන් නැන්දම්මල එක්කෙනයි.

ඉස්තෝප්පුවෙං සාලෙට එන දොරේ පළුදෙකම හායි ගාල ඇරල දාපු ගමං. අපි දෙන්න කාලයක් හිටියනෙ අර ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ. ඊට අල්ලපු වත්තෙ හිටියෙ ඒ ඉස්කෝලෙ එයාලගෙම ස්ටාෆ් එකේ තව මැඩම් කෙනෙක්. එයා කියන්නෙ දොර හායි ගාල ඇරල දාල නෙවෙයි හෑයි ගාල ඇරල දාල කියල.

" මොකද අනේ...මේ ඉස්සරහ දොරත් හෑයි ගාල ඇරල දාල දෙන්නම කුස්සියට වෙලා මොනව කරනවද? "

දවසක් ඒ මැඩම් ඔහොම කියාගෙනයි ගෙට ගොඩවුනේ. අපි දෙන්නට නේද? තොල් විකාගෙන හිටියෙ හිනාවෙන්ට හොඳනැති හින්ද...දැනුත් මම ඔය කතා කරද්දි කියනව දොරවල් එහෙම වහලද ආවෙ? හෑයි ගාල ඇරල දාල එහෙම නෑනෙ කියල...

රයිට් අජිතයලගෙ මාමගෙ ගෙදර සාලෙ පලුදෙකේ දොර හායි ගාල ඇරල දාලනෙ තිබ්බෙ. හමාගෙන ආපු මද සුළඟක් එක්ක මිදුලෙ වැටිල තිබ්බ වෙළිච්ච අඹ කොළ දෙකක් සාලෙ ඇතුලට ඇවිල්ල මගෙ කකුල් දෙක ගාව නැවතුනා.මම නැමිල එක අඹ කොළයක් අහුලගත්ත. දුඹුරු පාට වේලිච්ච කොලේ නාරටි රටා හොඳට පේනව. දෙපැත්තට අතුබෙදිල ආයම එව්වයෙනුත් අතු බෙදිල ගිහිල්ල.ඉස්කෝලෙ උද්භිද විද්‍යාවට ඔව්ව ඒ කාලෙ කටපාඩම් කලාට මට හරියටම එව්වට කියන්නෙ මොකක්ද කියල මතක් වෙන්නෙ නෑ. කරුමුන් නාරටි වින්‍යාසය කියල එකක් නම් මතකයි වගෙ. ඒ ඇවිල්ල නාරටි පැතිරිල තියෙන එක ක්‍රමයක් වෙන්න ඕනෙ.

ඒ එක්කම මට ආයම මතක් වෙන්ට ගත්ත තලස ශාක, නීල-හරිත ඇල්ගී, පර්ණාංග, ලයිකන, පයිටොප්තෝරා.....ඔව්ව රෑ දෙගොඩහරියක් වෙනකල් නිදිවරාගෙන වණපොත් කරපු කාලෙකුත් තිබ්බ නෙව...හෙහ්,හෙහ්,...ඉස්කෝලෙ අපේ බොටනි උගන්නපු මැඩම්....දවසක් උද්භිද විද්‍යා පංතියෙ වෙච්චි දෙයක් මතක් වෙලා මගෙ දෙතොලට හිනාවක් ආවෙ ඉබේටම. ...හැබැයි ඒත් එක්කම ආයෙමත් හමාගෙන ආපු සුළං රැල්ලත් එක්කම ඇවිල්ල මගෙ නාහෙන් ඇතුල්වෙලා පපුව පුරහට පැතිරිච්ච සුවඳක් මාව පාසල් සමයේ පංති කාමරෙන් මුදවල ආයම අජිතයගෙ ලොකු මාමගෙ ගෙදර සාලෙට කැන්දගෙන ආව....සමන් පිච්ච සුවඳ නොහොත් ෆ්‍රේග්‍රන්ස් ඔෆ් ජැස්මින්...මගෙ හුස්ම ටික යනකල් මට අමතක නොවන සුවඳක්....

ඒත් සමන් පිච්ච මල් සුවඳ ගැන මට හිතන්ට ඉඩක් ලැබුනෙ නෑ. මම අර කියාපු කවිච්චිය එක්කම එහා පැත්තෙ තිබ්බ දොරක්. ඒ දොරට දාල තිබුනෙ කහ පාට මල් ඉහිරිච්චි ලා දුඹුරු පාට දොර රෙද්දක්. ඒ දොර රෙද්ද මෑත් කරගෙන මා ඉදිරියට ආවෙ තරුණියක්. සුදු පාට තුවායකින් කෙස් කළඹ පිහිදමින් ආපු ඈ ඇඳල හිටියෙ සුදු ටී ෂර්ට් එකක් සහ දණිස් දක්වා දිග රෝස පාට කලිසමක්.අර කියුලට් කියල කියන්නෙ ආන්න ඒකක්.

තමන් කරන කාර්යය ගැනම හිත යොදවල හිටපු හින්දද කොහෙද ඈ මාව දැක්කෙ නෑ. පිට මැදක් වගෙ තෙක් දිගු කෙස් කළඹ තුවායකින් තෙත මාත්තු කරමින් ඈ සාලෙ මැදක් වෙනකල් හෙමිහිට ඇවිදගෙන ගියා.සාලයෙන් පිටවෙන්ට තිබ්බෙත් පළු දෙකේ දොරක්. ඈ ඒ දොර ගාවටම ගිහිල්ල තුවායෙන් තෙත් කෙස් කළඹ ගසා දමන අතරෙ " අම්මා  !!! " කියල හඬ නඟා කතා කලා.

මම ඇත්තටම පත්වෙලා හිටියෙ අසීරු අවස්ථාවකට. මේ ළමයට කතා කරනවද? එහෙම කතා කරනවනම් කතාකරල මොකක්ද කියන්නෙ? එක පාරට මම කතාකලොත් මේ ළමය බය වෙයිද? ඔයවගෙ නොයෙක් ප්‍රශ්න මහෙ හිත ඇතුලෙ පොර බැදුව.

කොහොමින් කොහොමින් හරි මම අන්තිමට කලේ කිසි දෙයක් නොකර ගලින් නෙලූ පිළිරුවක් වගෙ එතනම හිටගෙන ඈ දිහා බලා හිටපු එක. අර හුලඟට පාවෙලා ඇවිල්ල මම අහුල ගත්ත වේලුනු අඹ කොලේ මේ වෙනකල් මගෙ අතේ තිබ්බ. නොදැනුවත්වම මම හිතන්නෙ මගෙ අතින් ඒ කොලේ පොඩිවුනා. එතකොට කරස් ගාල නැඟිච්ච සද්දෙ ඈට ඇහුණ වෙන්න ඕන කුස්සියට යන දොර ගාව නැවතිල එක පාරටම ආපහු හැරිල බැලුව.

" බය වෙන්ට එපා..මම මේ අජිත් එක්ක ආවෙ.." ඇගේ දෑස් විසල් වෙනව දැකල මම විගහට කිව්ව.

මට හිතුනෙම මේ කෙල්ල බයවෙලා කෑගහයි කියල.මොකෝ ආය එහෙම උනත් වරදක් කියන්ටය...තමන්ගෙ ගෙදර සාලෙ මැද්දෑවෙ කිසිදවසක දැකල නැති නාඳුනන මනුස්සයෙක් මෝලංගිරියා වගෙ හිටගෙන ඉන්නව දැක්කම ඕනම කෙල්ලෙකුට කෑගැස්සෙනවනෙ ඉබේටම.

" කලබල වෙන්ට එපා.... " මම ආයෙම එහෙම කිව්ව බොහොම අහිංසක විදිහට හිනාවෙන අතරෙ.......අසෝකා ( මම නම දැනගත්තෙ පස්සෙ...ඒත් ගෑණු ළමය නැත්තං ඒ කෙල්ල කියනවට වඩා නමම කියන එක වඩා හොඳයි නේද? ) කොණ්ඩෙ පිහදදා උන්නු තුවාය අතට අරගෙන පපුවට තුරුළු කර ගත්ත.

" එතකොට...එතකොට....කෝ අජිත් අයිය? " 

ඈ මම හිතන්නෙ කෝකටත් තෛලය කියල අඩියක් පස්සට තියල ඇහුව.

" ඔන්න ඔය නැන්දම්මද කොහෙද බලල එන්නං කියල ගේ ඇතුලට ගියේ.." මම ආයම හිනාවුනා.

" ඇයි අම්ම කොහෙ ගිහිල්ලද? "

" ආ..නැන්දම්ම ඔයාගෙ අම්මද? "

" ඔව්..... මගෙනම් අම්ම තමයි ඒත් ඔයාගෙ නැන්දම්ම උනේ කොහොමද? " 

අසෝකා ආයෙම තුවායෙං කෙස්ස පිහින අතරෙ ඇහුව.ඔලුව නමාගෙන හිටපු නිසා හරියටම නොදැක්ක වුනත් ඇගේ තොල් මත හිනාවක් පිපිල තියෙනව කියල මම ටක්කෙටම දැනගෙන හිටිය. අසෝකගෙ ඒ මුඛරිකමට මම කැමතියි.අනික ආය නෑ කතාවට ගිහාම ගිරවි වගේ. ඕන එකකට පට ගාල කැපෙන්ට එකක් කියනව. 

" හෙහ්, නැන්දම්ම වුනේ කොහොමද නේද? දන්නවද අපිනම් නැන්දම්ම කියන්නෙ අප්පච්චිගෙ නංගිට නෙවෙයි…"

ඈ පිහදැමිල්ල නතරකරල ඔලුව උස්සල මා දිහා ටික වෙලාවක් බලා හිටිය. ඒ කරල මොකක්ද කියන්ට කට හදනවත් මම දැක්ක. ඒත් ඒ එක්කම " දුවේ " ..කියාගෙන ලා නිල් පාට ඔසරියක් ඇඳපු කාන්තාවක් දොර රෙද්ද මෑත් කරගෙන සාලෙට ආව.

ඒ පස්සෙම්ම වගෙ ආවෙ අජිතය…

" ආ...අසෝක නංගි..අද වැඩට ගියෙ නැහැල්ලු නේද? " 

" නෑ අයියෙ අද මේ ලඟ මගෙ යාලුවෙකුගෙ ගෙදර දානයක්...එහෙ යන්ට ඕන නිසා නිවාඩුවක් දැම්ම…"

" ආ..මේ පුතා ගැනද අජිත් මේ කිව්වෙ…"

" ඔව් නැන්දම්මෙ මේ මගෙ හොඳම යාලුව වීරෙ..........."


" නැන්දම්මෙ......" එහෙම කියාගෙන මම ගිහිල්ල උන්දැගෙ දෙපාමුල වැඳ වැටුන. වඳින්ට ගියාම ආය ඔය බාගෙට වැඳිලි නෑ මගෙ. යන්තමට කඳ පොඩ්ඩක් නමල අත්දෙක එකතු කරල ඔය වඳිනව වෙනුවට වඳින වැඳිලි නෑ මගේ ගාව. ආය නෑ දණ්ඩ නමස්කාරය තමයි. පසඟ පිහිටුවා වැඩේ දෙන්නෙ.හෙහ්,හෙහ්,

මගෙ ඔය යාලුවන්ගෙ අම්මල අප්පච්චිල අත්තම්මල අත්තල එහෙම මට බොහොම මනාපයි ඔය හින්දම. " අන්න දරුවෝ උඹලත් ඉගෙන ගනිල්ල මෙහෙම…" එහෙමයි උන්දල කියන්නෙ මගෙ ඔලුව අතගාන ගමං.

අන්න ඒකටත් එක්ක දැං හැදෙන කෙල්ලො..අර හින්දි පිච්චර් වල දීපිකාල බීපිකාල, කරීනල බරීනල යන්තමට ඉණෙං නැවිල කකුලෙ පිටිපතුල අල්ලන සීන් බලා ඉඳල එවුං වඳින්නෙත් එහෙම….

" අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි.." නැන්දම්ම මගෙ ඔලුව අතගෑව.

" මේ පුතා මේ කිට්ටුවද? " 

" ඔව් නැන්දම්මෙ... මම මේ පිළිමතලාවෙ….."

මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව.

42 comments:

  1. [තමන්ගෙ ගෙදර සාලෙ මැද්දෑවෙ කිසිදවසක දැකල නැති නාඳුනන මනුස්සයෙක් මෝලංගිරියා වගෙ හිටගෙන ඉන්නව දැක්කම ඕනම කෙල්ලෙකුට කෑගැස්සෙනවනෙ ඉබේටම.]
    අනේද කියන්නේ...

    කොස් කැපිල්ලෙන් කාරී නෑ!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / අනේද කියන්නේ… /

      උඹටත් එහෙම කෑගැස්සුනාද එහෙනං?...:)

      / කොස් කැපිල්ලෙන් කාරී නෑ! /

      අන්න ඒකනෙ කියන්නෙ...ඔය කොසේ කවද කපාගන්ට බැරිද? මොකෝ ඕක කොහෙවත් යනවය ආය?

      Delete
    2. මම වගේ දැක්ක නම් පුතෝ මොලංගිරියාව එවෙලේම දෙන්නේ හිටපු තැනකින් බිමට වැටෙන්න! ඩිශුම් , ඩිශුම් ඩොන් පටෝන්! ( බහුවා.. බහුවා... ඒ චිත්තරපටි වලදී එන සද්දේ)

      රවියා නම් ඉතින් අඳුනන එකා හින්ද මෝල් ගහක් ගෙනල්ලම නෙලන්නම්.
      ඔය කොස් කැපෙනකොට තව ආණ්ඩු දෙක තුනක්ම පෙරලිලා තියෙයි. මට බැරිය ඔය මුනුපුරාගෙන් හරි මිනිපිරිගෙන් හරි අහගන්ට !

      Delete
  2. දෙයියන‍ේ අර කොස් කපන ගෑණුළමය දැං සෑහෙන්න කොහොල්ලෑ වලින්ම ඇලිල ඇති. මාසම කියල කීයක් කොස් කැපුවද.
    නැන්දම්ම කියන්න ගිහිල්ල ජොන්සන් පිඟානකින් පාරක් කෑවෙ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. අනික අර ආපු ජැන්මින් සුවඳ දේශකයගෙ වගේ වෙරළු මල් සුවඳක් බවට පත්වෙන ලකුණු පහල උනාද මන්ද.

      Delete
    2. Praසන්ன,

      / නැන්දම්ම කියන්න ගිහිල්ල ජොන්සන් පිඟානකින් පාරක් කෑවෙ නැද්ද? :D /

      ජොන්සන් පිඟන් තිබ්බෙ එහෙ නෙවෙයි බං..අජිත්ලගෙ ගෙදර...

      / අනික අර ආපු ජැන්මින් සුවඳ දේශකයගෙ වගේ වෙරළු මල් සුවඳක් බවට පත්වෙන ලකුණු පහල උනාද මන්ද. /

      අම්මප? දේසකයගෙන් වෙරළු මල් සුවඳක් හමනවය? උඹ කොහොමෙයි ටක්කෙටම දන්නෙ? ඉඹල බැලුවය?...:)

      Delete
    3. //උඹ කොහොමෙයි ටක්කෙටම දන්නෙ? ඉඹල බැලුවය?//
      සුවඳ විතරක්නං මදැයි ඕක වෙරළු මල් ඩ්‍රින්ක් හිටං බොනවනෙ.

      වෙරළු මල්

      Delete
  3. කවුද මචං බොටනි මැඩම්? පද්මා අත්තනායකද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අපිට හිටියෙ සුවඳරත්න මැඩම්...

      Delete
    2. උපාලි අත්තනායකගේ නෝනා නේද? ඇනොත් අපිත් එක්ක හිටපු කෙනෙක් වගේ පේනවා.

      Delete
  4. ඉවරයිද?? අපූරු කතා විලාශයක්..

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      ඉවර නෑ...ඉවර නෑ....මතු සම්බන්දයි කියල දාලම මට දැං එපා වෙලා තියෙන්නෙ...ස්තූතියි ඔබට...:)

      Delete
  5. Danda namaskaraya!eka! hari, Wandinawanam wandinna ona Marvin silva wandinawa wage.

    ReplyDelete
    Replies
    1. Ano,

      මර්විය වගෙ එවුංගෙං වැඳුං ගන්නවට වඩා හොඳයි දෙකට නැමිල..........

      දැං පේනවනෙ ස්ටේජ් වල මර්විය කකුල් දෙක ගාව වාඩිවෙලා ඉන්නකොට ලෝඩ් පකීර් වගෙ බොහොම ආඩම්බර තාලෙට හිනාවීගෙන හිටිය පර්සි ලොක්කට මර්වියම අනික් පැත්තට දීල අදින ගේම....

      Delete
    2. දැන් වදිනව

      Delete
  6. වදින එකත් වැදල තියෙනවා ආයෙම ෆුල් මාක්ස් වැටෙන විදිහටම.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ආය මොනවද මල්ලි අන්න එහෙමයි අලින්ගෙ අපේ වැඩ ..හයිද? නෑ බං ඇත්තම කිව්වොත් ඒක මේ ලකුණු දාගන්ට කියල හිතල කරන දෙයක් නෙවෙයි. අපි පොඩි කාලෙ ඉඳලම පුරුදු වෙච්චි විදිහ....

      Delete
  7. හෙහ් හෙහ් යාන්තම් ඇති බැක් ටු නෝමල් වෙලා .. :D

    අපි පොඩි කාලේ අපේ තාත්තගේ අක්කට කිව්වෙත් නැන්දම්මා කියල ... එයා අපි පොඩි කාලෙදිම මැරුණු නිසා නැන්දම්මා කතාවත් එහෙමම නැති වුණා ... මටත් ඉස්සර යාලුවන්ගේ ගෙවල් වල ගියාම උපරිම ලකුණු වැටෙන එකක් තමයි ඔය වැඳිල්ල . තාත්තලාගේ පවුලේ අය මුලින් ම ගෙදරකට ගියාමත් වඳිනවා .. ආපහු යනකොටත් වඳිනවා .. තාමත් එහෙමයි .. අපි නම් දැන් ආපහු යනකොට විතරක් වඳින ගානට පොෂ් වෙලා හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. Pathum,

      / හෙහ් හෙහ් යාන්තම් ඇති බැක් ටු නෝමල් වෙලා .. :D  /

      ඒකනෙ බං..ඔන්න චන්දෙත් ඉවරයි ඒකත් ජයසිරි මංගලම් කියල මගෙ වැඩක් බලාගෙන ඔය කොස් කැපිල්ලක්, වාං පතුලක්, කුමරියකට පෙම් කිරිල්ලක් ගැන ලියාගෙන ඉන්ටයි මම හිතාගත්තෙ. කොහෙද මේ පර්සි ලොක්ක ඒකට ඉඩ දෙන්නෙම නෑනෙ. පැරදිච්චි එකා ඔය ගහපු සල්ලි ටිකත් ඇඳ යට තියාගෙන කාල්ටන් එකට වෙලා පොඩි ෂොට් එකක් කාරිය දාගෙන හිටපිය දෙයියනේ කියල..එහෙම නෑනෙ..රටේ නැති පොර ටෝක් දිදී තාම බලන්නෙ ආයම බලේට එන්ට චාන්ස් එකක් තියෙයිද කියල.

      දැං බලාපං අර 1931 ඉඳල උන්දල දේසපාලනේ කලාලු පලවෙනි පාරටලු එයයිගෙ ගේ සෝදිසි කලේ පොලීසියෙං. මනුස්සය හිතාගෙන ඉන්නෙ හිටපු ජනාධිපතිය කිව්වම මේ අමුතු සතෙක්ය නීතියට එයා ඉහලින්ය කියල වෙන්ට ඕන.පොලීසියට කවුරුහරි පැමිණිල්ලක් කලාම ඒ ගැන හොයාබලන එක පොලීසියෙ රාජකාරිය.ඒ ගැන අඬල දොඩල වැඩක් නෑ.අම්මාපල්ල ඔය ගැන පෝස්ට් එකක බාගෙට ලියලත් මම ආය මොකටද කියල නිකං හිටිය...

      ඊට හපං අර වැඩිමල් පුතණ්ඩිය. මල්ලිල දෙන්නට රගර් ගහන්ට එන්ට එපාය කියල ආමි එකෙනුයි නේවි එකෙනුයි කිව්වය කියල අඬල හැපිල විලාප තියල නිවේදනයක් නිකුත් කරල තිබ්බෙ. අවුරුදු හයේ ඉඳලය ඒ තුන්දෙනා රගර් ගැහුවෙ. අපි මෙහෙමයි රගර් නඟා හිටුවන්ඩ වැඩ කලේ..අරකද මේකද..රටේ නැති විකාර..ඒ අස්සෙ හාඩ්වෙයාර් වලට ගිහිල්ල තේ බොනව. පාර අයිනෙ පොඩි හෝටල් වලට ගිහිල්ල මිනිස්සු එක්ක කතාකරනව එක වැඩයි..ඔව්ව හොඳයි..හැබැයි ඔහොම කරන්ට තිබ්බෙ අප්ප ජනාදිපති කාලෙ. පස්ස බිම ඇනුනට පස්සෙ නෙවෙයි.

      / තාත්තලාගේ පවුලේ අය මුලින් ම ගෙදරකට ගියාමත් වඳිනවා .. ආපහු යනකොටත් වඳිනවා .. තාමත් එහෙමයි .. /

      උඹට කියන්ට මල්ලි..මම ඔය අපෙ උන්දැ එක්ක සැට් වෙලා අපේ ගෙදර කට්ටිය එක්ක ඉස්සෙල්ලම එවුන්දැලගෙ ගෙදර ගියානෙව චාරිත්තරේ හැටියට. දවල්ට කාල කරල හවස තේත් බීලයි ආවෙ. මම එහෙදි පැය බාගෙන් බාගෙට අපෙ අම්මටයි අප්පච්චිටයි එයයිගෙ අම්මටයි අප්පච්චිටයි පසඟ පිහිටුවා වැන්දා..හප්පා...එයයිගෙ අප්පච්චිට මාව හොඳටම හිතට අල්ලල ගිහිල්ල තිබ්බ..අන්න එහෙමයි අපි...රට වෙනුවෙන් අපි...අපි වෙනුවෙන් අපි.... තේරුනය උඹට?

      Delete
    2. පැතුම්,
      ඇද්ද?

      Delete
    3. ඔයින් ගියා මදැයි .. හෙහ් හෙහ්

      Delete
  8. //අර පරණ තාලෙ සිංහල උළු හොයපු ගෙවල් දැකල තියද? අන්න ඒ ජාතියෙ ගෙයක්. ඉස්සරහ පැත්තෙ දෙපැත්තෙං කාමර දෙකයි. ඒ කාමර දෙක මැද ඉස්තෝප්පු කෑල්ලක්. ඒ එක්කම ලොකු දෙපළු ලී දොරවල් දෙක ඇරෙන්නෙ සාලෙට.//

    අහෝ... මංදිර බද්ද ගෙවන්න වේවි වගේ

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      ඒකත් කියන්ට බෑ තමයි...හෙහ්,හෙහ්,

      Delete
  9. මාස ගානකට පස්සේ කොස්කපන්න ආවා.ඒත් අදත් කැපිල්ලක් නෑ.අද දවසම නාලා.ඔය වැඳිල්ල නිසා මමත් ලකුණු දාන් තියනවා ඕන තරම්.ඒත් පස්සේ කාලෙකෞන සිද්දියක් නිසා දැන්නම් වදින්නේ දෙමාපියන්ටයි ගුරුවරුන්ටයි විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහොඬ හෘදය,

      / ඒත් පස්සේ කාලෙකෞන සිද්දියක් නිසා දැන්නම් වදින්නේ දෙමාපියන්ටයි ගුරුවරුන්ටයි විතරයි. /

      හෙහ්,හෙහ්, වඳින්ට ගිහිල්ල දේවාලෙ ඔලුව උඩ කඩාවැටෙනව වගෙ එකක්වත් උනාද?

      Delete
  10. කොස් කපන්න ගත්තෙ නැතුවට මන්නේ මුවත් තිබ්බව්ව වත් ඇති නිකං හිටිය මට අහල ගියත් මදැයි කිව්වහේ.යන්තං පටන්ගත්ත එක දිගටම ලියන් යන්නයි තියෙන්නෙ.
    හිතේ දුක්ඛ පීඩා ඇතිකරපු වෙන වෙන අවතාරත් ජනවාරි අටවෙනිදායින් පස්සෙ පහව ගියානෙ.දැන් විස්සෝප වෙවී ඉන්නෙ මක්කටැයි,පස්සට තියපුවා වරහන් වහපුවා ආදී මේ සෑම සබ්බ සකල මනාවක්ම දිග අරිනවා හොඳයි වක්කඩ කැඩුව වගේ ඕං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අම්මට වූඩු තාත්තට ගෝයා..උඹ ආපහු ආවය? වෙල්කම් බෑක්..වෙල්කම් බෑක්....ඔන්න බලාපං ඒකෙත් හැටි කියන්නෙ...මේ පිළිස්සූ කුකුල් කේස් එක ගැන නිතරම ඇහුවෙ උඹනෙ. මම මේක ලියනකොට ඊයෙත් කල්පනා කලා අඩේ හැලපෙ ආපහු ආවද දන්නෙ නෑ කියල. මෙන්න වෙලාවට උඹ ඇවිල්ල...හෙහ්,හෙහ්,

      හරි දැං අවුලක් නෑ...දිගටම ලිව්වැකි...දිගටම ලිව්වැකි.

      Delete
  11. කොස් කපන්න කලින් කොස් කිරයි වගේ මට පේන්නේ... කියුලට් ඇන්දහම ටොයිලට් යන්න අමාරුයි කියලත් කියනවනේ....

    මමත් ඉස්සර ඔහොම වැන්දා... බඩ එන්න කලින් :)

    ReplyDelete
    Replies
    1. තිසර,

      අම්මප? එච්චර බඩ තියනවය මලේ උඹෙ? එහෙනං බොට හරියන්නෙ උඩුබැලි නමස්කාරය...ඒකෙදි වඳින්නෙ උඩුබැල්ලෙන් ඉඳල...:)

      Delete
  12. අනෙ මන්ද මේ මොලන්ගිරය කවද කොස් කපයිද කියල

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අඩෝ..කවුද ඩෝ මෝලංගිරියා?????

      Delete
  13. හා හා මරු කතාව..නිකන් නාට්‍යයක් වගේ මැවිලා පේනවා..:D

    ReplyDelete
    Replies
    1. තනි තරුව,

      තනි තරුව කියල ඒ කාලෙ අපි කිව්වෙ එස්.අයි. ලට. :)

      ස්තූතියි ඔබට......

      Delete
  14. //කැකුලු බතයි, පොල් සම්බෝලෙ මළවල, කීරමිං බැදල. ඒ මදිවට කරපිංච, උම්බලකඩ යහමිං දාල කිරි හොද්දකුත් හදල. // කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. //උම්බලකඩ යහමිං දාල//

      අපිට නම් පුළුවන්.අපේ යහපාලන ආණ්ඩුව කටට රහට කන්න උම්බලකඩවල ටැක්ස් අඩු කෙරුවානේ ..:)

      Delete
  15. රවීයියා කොස් කපන්න ගත්තු කාලේම අපිත් කොස් පැළයක් හිටෙව්වානම් මේ වෙනකොට ඒ කොස් ගහේ ගෙඩිත් ඇවිල්ලා,මොරටුවේ මුදලාලියෙක් ගහේ වට අඩිත් මැනන් ගිහින්ලා හිටං.:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අම්මපල්ල උඹටත් හිතෙන එව්ව....:)

      Delete
  16. මචං උඹට අර CM Custom එකේ නැගලා තවත් පාරක ටික දුරක් යන්න තිබ්බනේ. එන්න බයික්. මගේ ඒ කාලෙම තිබ්බ හීනයක් තමයි CM Custom එකක් ගන්න එක. පස්සේ එකක් ගත්තා. එළම බයික් එක නේ? මාර බැලන්ස් එකක් තියෙන්නේ. ස්ලෝ නොකර කනට වැලි යන්න වංගු ගන්න පුලුවන් (වංගුවේ මොකෙක් හරි නවත්තගෙන හිටියොත් නම් බඩු බනිස්)

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ෂෙහ්..කියල වැඩක් නෑ බං...බයික් එක පලල නිසා මම හිතන්නෙ මාර ස්ටේබල්.

      Delete
    2. පළලටත් වඩා මචං ඕකේ ගුරුත්වකේන්ද්‍රය හුඟක් පහතයි. ඒ මොකද පස්ස රෝදේ අඟල් දාසය. පාත නිසා පොළොව බදලා යන්නේ. ඉස්සරහ දාහත. ඒ බයික් එක තවම පදිනවා මම.

      Delete
    3. Henry,

      යස් සර්...එකම උස තියන වස්තු දෙකක් සැසඳුවම වඩා පළල එකේ ගුරුත්ව කේන්ද්‍රය පාතයි. උස අඩුනම් වඩාත්ම ගු.කේ. පාතයි. බලපං ෆෝමිලා වන් කාර් එකක්. Minimum Height Possible and Maximun Width... That’s why that machine is so stable and can negotiate corners without reducing the speed drastically.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි