කවිකාරියකගේ ප්‍රේමය…..5
කවිකාරියකගේ ප්‍රේමය…..6
" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන…
අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි…
කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත.
" අයියත් කවි ලියනව කිව්වනේද? "
ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා.
" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව.
" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…"
නොනවත්වා කියවාගෙන ගිය ඈ කතාව මඳකට නවත්වා විජිත දෙස බලා සිනාසුනාය.
විජිත යලිත් වරක් අඩක් හිස හරවා මදෙස බැලීය. ඒ බැල්මෙහි වූයේ ආයාචනාත්මක ස්වරූපයකි.සුජා හා මම මුණගැස්විම ඔහු විසින් නොදැනුවත්වම වූ බලවත් අතපසුවිමක්දැයි ඔහුට දැනටම සැක පහළ වී ඇති බව ඒ බැල්ම වටහාගත් මට රහසක් නොවීය.
" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" මම වහා පැවසූයේ ඔහුගේ සැක දුරුකිරීමේ පරමාර්ථයෙනි.
විජිත මා දෙස බලා කෘතඥතාපූර්වකව සිනහසුණේය. මේ කිසිවක් නොදත් සුජා දිගටම කතා කළාය.
" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස් සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? "
ඇය ගිරවියක මෙන් නොනවත්වා කතා කරගෙන ගියාය.
කොන්දොස්තර තරුණයා බලු සීට් හි හිඳ සිටියවුන් නැඟිටුවමින් අප වෙතපැමිණියේය. බස් රථයෙහි ස්ථිර ආසන යුගලයට මධ්‍යයෙහි ඇති හැකිළියහැකි ආසනය බලු සීට් එක යනුවෙන් හැඳින්වෙන්නේ එහි හිඳගත්තෙකුට මහා මාර්ගයෙහි වැතිරී සිටින සුනඛයකුට අත්වන්නාවූ ඉරණමට බොහෝ සේ සමාන ඉරණමක් අත්වන්නාවූ බැවිනි.
මහමඟ වැතිරගත් සුනඛයා වනාහී පැමිණෙන සියලුම රථවාහනයන්ට ඉඩ දී මාර්ගයෙන් ඉවත්ව යලිත් මාර්ගය මධ්‍යයට පැමිණ වැතිරගනී.හකුලන ආසනයේ හිඳ සිටින්නාගේ ඉරණම ඊට දෙවෙනි නොවේ. බසයේ පසුපසට යන්නවුන් මෙන්ම බසයෙන් බැසීමට ඉදිරි දොරටුව කරා යන්නවුන් හැමට තම අසුනින් නැඟිට පසෙකට වී ඔහු ඉඩ දිය යුතුය.
උකුල මතවූ අත්බෑගය විවෘත කල ඕ යලිදු පසුපසට හැරුණාය.
" අයිය කුරුණෑගලටම යනවද?..."
" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…"
" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" ඇය මා වෙනුවෙන්ද ප්‍රවේශ පතක් මිලදී ගත්තාය.
" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට මුදල් දීමට තැත් කලෙමි.
" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං. " ඇය එසේ පවසා යලි හඬනඟා සිනාසුණාය.
එවර විජිත ඇය දෙස හෙලූයේ නොපහන් බැල්මක් බව මට සහතිකය.ඔවුන් අතර කිසියම් මතභේදයකට හේතුකාරක වීමට මට කිසිසේත් අවශ්‍ය නොවූ හෙයින් බසය පරාක්‍රම සමුද්‍රය පසුකරනවාත් සම්ඟම මම ගමන් මල්ලෙන් ඉවතට ගත් පොතක් දිග හැරගතිමි.
ඒ ඊට සුළු කලකට පෙර නිකුත් වූ " Songs of Distant Earth " නම්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. ඒ පිළිබඳව මෙතරම් විචිත්‍ර අයුරු මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හෙයින්ද යන්න කථාව කියවද්දී ඔබට වැටහෙනු ඇත.
හැකි සෑමවිටම බස් රථයට වඩා දුම් රියෙන් ගමන් කිරීමට මම ප්‍රිය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ නිවී සැනසිල්ලේ පොතක් කියවමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.වසර දෙකකට අධික කාලයක් සතියකට තෙවරක් කොටුවේ හෝ මරදානේ සිට පේරාදෙණියතෙක් වරෙක මට ගමන් කිරීමට සිදුවිය.ඒ මින් පෙර ලියූ සියපත පතක බැඳි බත අතීත සැමරුමෙහි මවිසින් සඳහන් කල අගනගරාසන්න ඉදිකිරීම් සමාගමෙහි සේවය කල වකවානුවෙහිය.
උකුල මතවූ අත්බෑගය විවෘත කල ඕ යලිදු පසුපසට හැරුණාය.
" අයිය කුරුණෑගලටම යනවද?..."
" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…"
" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" ඇය මා වෙනුවෙන්ද ප්‍රවේශ පතක් මිලදී ගත්තාය.
" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට මුදල් දීමට තැත් කලෙමි.
" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං. " ඇය එසේ පවසා යලි හඬනඟා සිනාසුණාය.
එවර විජිත ඇය දෙස හෙලූයේ නොපහන් බැල්මක් බව මට සහතිකය.ඔවුන් අතර කිසියම් මතභේදයකට හේතුකාරක වීමට මට කිසිසේත් අවශ්‍ය නොවූ හෙයින් බසය පරාක්‍රම සමුද්‍රය පසුකරනවාත් සම්ඟම මම ගමන් මල්ලෙන් ඉවතට ගත් පොතක් දිග හැරගතිමි.
ඒ ඊට සුළු කලකට පෙර නිකුත් වූ " Songs of Distant Earth " නම්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. ඒ පිළිබඳව මෙතරම් විචිත්‍ර අයුරු මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හෙයින්ද යන්න කථාව කියවද්දී ඔබට වැටහෙනු ඇත.
හැකි සෑමවිටම බස් රථයට වඩා දුම් රියෙන් ගමන් කිරීමට මම ප්‍රිය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ නිවී සැනසිල්ලේ පොතක් කියවමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.වසර දෙකකට අධික කාලයක් සතියකට තෙවරක් කොටුවේ හෝ මරදානේ සිට පේරාදෙණියතෙක් වරෙක මට ගමන් කිරීමට සිදුවිය.ඒ මින් පෙර ලියූ සියපත පතක බැඳි බත අතීත සැමරුමෙහි මවිසින් සඳහන් කල අගනගරාසන්න ඉදිකිරීම් සමාගමෙහි සේවය කල වකවානුවෙහිය.
නොයෙක් පොත් සල්පිල්, ප්‍රදර්ශන, පදික වේදිකාවෙහි බිම අතුරා පැරණි කවර ඉරීගිය පොත් විකුණන මහළු වෙළෙඳුන්ගෙන් ආදි වශයෙන් කිසිදු වරණයකින් තොරව කාලයක් තිස්සේ මවිසින් මිලයට ගනු ලැබ, කියවීමට මිඩංගු කරනු වස් විවේකයක් අවකාශයක් නොමැතිවීම නිසාම නිඳන ඇඳ ඉහත්තාවෙහි ගෙබිම මත ගඩොල් දෙකක් මත තැබූ අඹ ලෑලි කිහිපයකින් සැදි තට්ටුවක් මත දුහුවිලි සහ මැසි මදුරුවන්ගෙන් රැකගැනීමට පොලිතීන් මීටර් කිහිපයකින් වසා තැන්පත් කොට තිබුණු, පොත් සියගණනින් බහුතරයක් මම කියවූයේ සෑම සතියකටම හයවරක් බැගින් මට යෙදෙන්නට සිදුවුණු ඒ දුම් රිය ගමන් වාර වලදීය.
එහෙත් ඒ වසර දෙකක පමණ කාලයක් තුල දුම්රියෙහි පොතක් පතක් කියවමින් ගමන්ගන්නකු හෝ ගමන්ගන්නියක මා දුටුවේ අතලොස්සකටද අඩු වාරගණනකදීය. ප්‍රධාන කථා මැයෙන් තරමක බැහැරව යන්නක් වුවද ඒ සබැඳි මගේ අත්දැකීමක් මෙහිලා පවසන්නට හිතවත හිතවතිය මට ඔබගේ කාරුණික අවසරය…
ඒ මම උක්ත, අගනුවරට ආසන්න සමාගමෙහි සේවයට බැඳුනු මුල් වකවානුවයි. එදවස ඔවුහු මහනුවර නගර මධ්‍යයෙහි වූ සුප්‍රසිද්ධ විද්‍යාලයක මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමෙහි ව්‍යාපෘතියක නිරතව හුන්නෝය.එහි සේවය උදෙසා මම බොහෝවිට වැඩබිමෙහි මගේ ප්‍රධානියා සමඟ ඔහුගේ මෝටර් රියෙන් ද, උදෑසන ඔහුට යම් වෙනත් කාර්යයක් යෙදුනුකල බස් රථයෙන් ගමන් ගත්තෙමි.
උඩරට ප්‍රදේශයෙහි කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි කාළගුණය නිසා අනිවාර්යයෙන් මා සුරතෙහි රැඳෙනා කුඩය හැරුණු කල මගේ උරයෙහි රැඳි හුරුබුහුටි හම් ගමන් මල්ලෙහි උදෑසන බැඳගත් බත් මුලට අමතරව ඇත්තේ කුමන හෝ පොතකි. පැනිදෙණියෙන් බසයට නැඟී කවුළුව අද්දර අසුනකට බරවන මම ඉන්පසු පියවි ලෝකයට එළඹෙනුයේ මහනුවර පොලීසිය අසල ගමනාන්ත නැවතුම්පළට බස් රථය ළඟාවු පසුවය.
අදාල සිද්ධිය වූ දිනද මම සුපුරුදු ලෙස එලෙස පොතක් කියවමින් පසුවුනෙමි. උදෑසන සිට පැවති පොද වැස්ස ගැටඹේ පසුවනවිට තරමක් දැඩිවිය. වැහිබිඳු වසාතිබූ ජනෙල් වීදුරුව මත පතිතව බසයේ වේගය වැඩිවන කල්හි හරහට ගමන් කොට සිඳීයනු ටික වෙලාවක් බලාසිටි මම යලි උකුළ මත තිබූ පොතට නැඹුරුවුනෙමි.
එදින මා කියවූයේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතාගේ තීරු ලිපි සහ විචාර එකතුවකි.එසේ පැහැදිලිව මතක තිබීමට හේතුවද කතාවටම සම්බන්ධය. මුල්ගම්පොළ ආසන්නයෙහිදී මා අසල ආසනයෙහි කිසිවකු හිඳගනු දැනුනද මා ඒ තැකීමක් නොකළෙමි.එහෙත් ඒ නවයොවුන් යුවතියක බව මම දුටුවේ කිසිවෙකු මා කියවමින් සිටි පොතට එබෙමින් කොතෙකුත් ඒ කියවීමට තැත් කරනු දැනී මම හිස ඔසවා ඒ දෙස බැලූ කල්හිය.
එක්වරම කියවීම නවතා හිස ඔසවා බැලූ ඕ විලියෙන් මිරිකී ඉවත බලා ගත්තාය
" පොත කියවන්ට ඕන නම් ගන්න.." මම සිනාසෙමින් ඈ වෙත පොත දිගුකලෙමි.
" තෑන්ක්ස්….." ඇය යලිත් සිනාසී පොත උකුල මත තබා දැඩි උනන්දුවෙන් යුතුව කියවන්නට වූවාය.
බස් රථය ගමනාන්තය වන නුවර පොලිස් ස්ථානය අසල බස් නැවතුමට ආසන්න වන කල ඕ කඩිමුඩියේ පොතෙහි පිටු පෙරලන්නට වූයේ ඉතිරිව ඇති කෙටිකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඉටාගත්තාක් මෙනි.එදෙස සිනාමුසු මුවින් බලා සිටි මම ඒ සිනහවෙන් යුතුවම හිස ඔසවා ඇය ඇමතීමි.
" ඔයාට ඕනනම් පොත තියාගන්න…" ඇය වහා මදෙස හැරී කෘතඥතා පූර්වක මඳ සිනහවක් පෑවාය.
" ස්තූතියි …"
උක්ත පොත මගේ මතකයේ රැඳීමට හේතුවූයේ ඉන් අනතුරුව රට පුරා නොයෙක් පොත් වෙළඳසල්හි කෙතෙක් සෙවූවද ඒ සියළු උත්සාහයක් ව්‍යාර්ථවීම හේතුකොටගෙනය.
මේ පිළිබඳව මා බිරිඳ හා පැවසූවිට එක්වනම හඳනඟා සිනාසුනු ඇය ඉක්බිති පැවසූයේ " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " යනුවෙනි.
ජයන්තිපුරය පසුවන තෙක් ඉදිරි අසුනේ හුන් යුවළ පහත්හඬින් කතාකරමින් සහ සිනාසෙමින් ගියහ. කථාවෙහි රසයට නෙත් සිත් දෙකම ඒකමිතික කොට සමවැදහුන් මට ඔවුන්ගේ කතාබහ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය.ඇය පසුපස හැරී මගෙන් යමක් විමසන බව මට වැටහුණේ බොහෝවිට ඇය ඒ පැණය කිහිප වරක් විමසූ පසුව විය හැක.
රසවත් පොතකට දැඩි අවධානය යොමුකොට ඊට සමවදින මට අවට ලෝකයේ සියළු ශබ්ද නෑසීයයි. සියළු දසුන් නොපෙනීයයි." ඔයාට ඉතිං මොකද? පොතක් අස්සෙ ඔළුව ගහගත්තම ලෝකෙ පෙරලුනත් ගානක් තියද? " මා දයාබර ප්‍රියම්බිකාව සිනාසෙමින් පවසනුයේ හුදු කවටකමටම නොවන බව මම හොඳින් දනිමි.
" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " සුජා සිනාසෙමින් ඇසුවාය.
" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" මම බැරෑරුම් ලෙස පැවසීමි.
ඕ හිස පස්සට වීසිකොට හඬනඟා සිනාසුණාය. මා අසල අසුන්ගෙන හුන් මැදිවියේ කාන්තාව තොල් හකුළුවා අප්‍රසාදය හඟවන බැල්මක් ඈ දෙස හෙලා ඉවත බලා ගත්තාය. ජනේලයෙන් පිටත බලා සිටි විජිත වහා ඈ දෙස බලා යලි ඉදිරියට හැරුණේය. සිරතින් මුව වසාගත් ඈ සිනහව වළක්වා ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනීය.තොල් සපාගත් මම බිම බලාගතිමි.
" ඇත්තටම මොකක්ද ඔය පොත?.."
" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…"
එතැන් පටන් දඹුල්ල හෝරා ස්ථම්භය අසල මම බසයෙන් බසිනතෙක් ඇය මා හා පොත්පත්, චිත්‍රපට සහ නාට්‍ය සම්බන්ධව බොහෝ දේ කථා කලාය. කලාව සහ සාහිත්‍යය පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූ ඈ වන් යුවතියක මට හමුවූයේ බොහෝ කලකට පසුවය.විජිතද වරින් වර අපගේ කථාවට හවුල් වූයේය.දඹුල්ල නගරය ආසන්න වත්ම නැඟී සිටි මම රාක්කයෙන් ගත් ගමන් මල්ල කරේ එල්ලා ගතිමි.
" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි සඳුදට හම්බවෙමු."
" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...."
ඇය මදෙස බලා සුන්දර සිනහවක් පෑවාය. ඇගේ ගෙල තෙක් කෙටිකොට කැපූ කෙස් වැටිය කොන්දොස්තර තරුණයා එකවරම විවෘත කල දොරටුවෙන් ඇතුල්ව බසය සිසාරා හමාගිට සුළං රැල්ලකට හසුව අවුල්ව ගියේය.
" මේ මට කවි එවන්න හොඳද? "
සුලඟ හා පොරබදන කෙහෙරල දමනය කොටගැන්මට දෑතින්ම උත්සාහගනිමින් ඇය පැවසුවාය.
ඔවුන් හිඳසිටි ආසනය පසුකොට ඉදිරියට ගිය මම එක්වනම ආපසු හැරී කියවමින් ආ පොත ඇගේ ඇකය මතට දැමීමි.
" ඕක කියවල විජිත අතේ එවන්න…" එසේ පවසමින් මම බසයෙන් බැස ගතිමි.
ආතර් සී. ක්ලාක්ගේ ඒ පොත සුජා විජිත අත මට ආපසු එවා තිබුණාය. එහෙත් තවත් බොහෝ කලක් ගත නොවීම ඇයට ඒ පොත සිහිවටනයක් ලෙස පරිත්‍යාග කිරීමට මට සිදුවූයේ අප සිහිනෙනුදු බලාපොරොත්තු නොවෙන දෑ නිතිපතා සිදුවීම ජිවිතයේ එක් අනවතර සංසිද්ධියක් නිසාදැයි මට අදටද වටහා ගත නොහැක.
මතු සම්බන්ධයි......
>>රසවත් පොතකට දැඩි අවධානය යොමුකොට ඊට සමවදින මට අවට ලෝකයේ සියළු ශබ්ද නෑසීයයි. සියළු දසුන් නොපෙනීයයි.<<
ReplyDeleteඑහෙම ලියල,
මෙහෙම ලිව්වම,
>>" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" මම බැරෑරුම් ලෙස පැවසීමි.<<
ගැලපෙනවද රවී යෝ...?
කෙන්ජි,
Deleteමම මේ කීප දවසක් කියන්ටමයි හිතාන හිටියෙ..කෙංජි කිව්වම මට මතක් වෙන්නෙම බොලේ කැඳ..කෙංජි ඇට් ජැපෑං කිව්වම එතකොට ජපං කැඳ...හෙහ්, හෙහ්,
/ මෙහෙම ලිව්වම, >>" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" මම බැරෑරුම් ලෙස පැවසීමි.<<ගැලපෙනවද රවී යෝ...? /
අඩේ බං,,, ගැලපෙන්නෙ නෑ වගේද?..ඒත් කොරන්ට දෙයක් නෑ..ගලපල ලියන්ට තිබ්බ මික ප්‍රබන්ධයක් නම්..නෑ බං මේ ඇත්තම කතාවක්...ඉතිං ඇත්ත ඇති සැටියේ ලියමි. :)
දෙකක් නැහැ..කපුවා දෙයියට නොදී පූජා වට්ටියට කෙලිනවා කෙලිනවමයි... හරි ඒක එහෙම නෙවෙයි කියන අය එන්නලා ඔට්ටු අල්ලන්න... :D
ReplyDeleteවැඩිය ඔට්ටු අල්ලන්න එපා මාරයියෙ... හි හි
Deleteමාර්ස්,
Deleteසීමාසහිත යටාරෝ කැෆටේරියා සමාගමේ නිලධාරීන්ට, සේවකයින්ට ඔවුන්ගේ භාර්යාවන් සැමියන් සහ දරුවන්ට එමෙන්ම ඔවුන්ගේ අනියම් භාර්යාවන් සහ සැමියන්ටද මේ තරඟයට සහභාගීවීම සපුරා තහනම්වේ.
හැත්තෑව දශකයේ ඉරිද මද්දහනෙ දොළහට ගියා යටාරෝ පිබිදෙන ගායක පරපුර කියල පැය බාගෙක වැඩ සටහනක්. ඒකෙ හොඳම සින්දුව තෝරන්නෙ පාටක චන්ද වලිං. ඇස්සැම්මැස් ගහනව තියා ඒ කාලෙ අර කරකරාස් කියල අංක කරකෝන කලුපාට ටෙලිපෝං තිබ්බෙත් බොහොම කලාතුරකිං..පෝස් කාට් වල තමයි චන්දෙ ලකුනු කරල අපි යැව්වෙ.ජයග්ග්‍රාහී පෝස් කාට් දහයකටද කොහෙද තෑගි දෙනව. ඒ තරඟෙ ගැන විස්තරේ කියල අන්තිමට අර මම මුලිම්ම කියපු වාක්කිය කියනව.
අන්න ඒ වගේ උඹේ ඔට්ටු ඇල්ලිල්ලට කපුවා වසයෙං මට සහබාගි වෙන්ට බැරිනිසා නිකා ඉන්නව..:)
නෝනා නම් කැමති ඇති බස් එකේ ගෑනු ළමයින්ට හරි ඔය පොත් ටික පරිත්‍යාග කරනවා නම්.
ReplyDeleteපව් අප්පා විජිතයා. චිත්‍රපටියක් වගේනේ.
ඔව් අනේ..මමත් නෑනෙ වැඩිපුර ගෙදර..එව්වයෙ දූවිලි පිහදාලම එවුන්දැට ඇතිවෙලයි තියෙන්නෙ මම හිතන්නෙ...:)
Deleteතුන්වෙනි පාර තමා ඇහුණෙ කිව්වෙ? ;)
ReplyDeleteවිජිත මහත්මයා ගැන නම් පට්ට දුකක් ඇතිවෙනෝ මට...
යස්... තුන්වෙනි පාර තමයි ඇහුණෙ...:)
Deleteපව්! විජිතයට ඇපත් නැති වෙන්නයි යන්නේ. ඌත් අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගත්තනේ. මුලදිම ඒකි හිතුවත්ලු අරූගේ මූණ දැක්කම කවි ලියන්න බැරි මූණක් තමා කියලත්.
ReplyDeleteහෙහ්, හෙහ්..බලමුකො අන්තිමට....:)
Deleteමචං රවී. මේ කමෙන්ට් එක දාන්නේ මම උඹේ අංක එකේ රසිකයෙක් හන්දා. එහෙම නැතුව මගේ පොරත්වය ප්‍රදර්ශනය කරන්න නෙවෙයි.
ReplyDeleteඋඹ දැකලා ඇති මමත් ලියනකොට ස්ටයිල් කීපයකට ලියනවා. ඒකෙ අවුලක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මම ස්ටයිල් කීයකට ලිව්වත් ඒ ලියවිලිවල මකන්න බැරි අන්‍යතාවයක් තියෙනවා මටත් වඩා පාඨකයෝ අඳුනාගන්න. ඒක අපි කාටත් පොදුයි. සමහරවිට ඇනෝ කමෙන්ට් දාන්න ගිහිල්ල සමහරු නාගන්නේ ඔය හේතුව නිසයි.
උඹත් මම වගේම ස්ටයිල් කීපයකට ලියන එක උඹේ පාඨකයෝ වන අපි තේරුම් අරගෙනයි ඉන්නේ.
කොටස් වශයෙන් යන කතා දානකොට තියෙන එක ප්‍රශ්ණයක් නම් ඔය අපි පළවෙනි කොටස ලියන්න යොදාගත්ත ස්ටයිල් එක රිදම් එක පවත්වාගෙන යන්න අතපසු වීමයි. සාමාන්‍යයෙන් මමනම් කොටස් වශයෙන් පළවෙන ඒවා ලියන්නේ නෑ. මට වෙන්නේ ඔය ඇන්ඩියාගේ කතාවක් වගේ එකක් ලිව්වොත් ඒක කොටස් දෙක තුනකට කඩන්න සිද්ද වෙන එක (උඹලගෙන් බැණුම් අහගෙන හරි.) උඹ දැනටම දන්නවා ඇති මම ඇන්ඩියා වෙනුවෙන් පාවිච්චි කරන්නේ හරිම සරළ, භාෂා රටාවක් බව. උඹ දන්නවද මම හුඟක් වෙලාවට මුළු කතාවම ලියලා ඉවරවෙලා තමයි කොටස් කඩන්නේ ඔය රිද්මය පවත්වාගෙන යාමේ ප්‍රශ්ණය නිසා,
ඒ වගේම යම් විදියකින් එහෙම බැරි වුනොත්, මම ඊ ලඟ කොටස ලියන්න කලින්, අර කලින් කොටස් දෙපාරක් විතර කියවනවා මූඩ් එක ගන්න.
ඒ වගේම මම අලුත් ඇන්ඩි කතාවක් ලියනකොට, පරණ කතාවක් දෙකක් කියවලා ඉන්නවෙලාවල් තියෙනවා අර ස්ටයිල් එක ගන්න. (To get into the Andy mood, style, rythm and sustain it)
මම හිතන්නේ උඹත් ඒක කලොත් හොඳයි කියලා.
මේ බලාපං උදාහරණ තුනක්.
කවිකාරියකගේ ප්‍රේමය….......1 :.(narration) >>මොන...සති දෙකයි තුනයි ගියේ අපේ උගුඩුවො පොතට බීලම වියාපාරය බංකොලොත් වෙන්න ආව.
ලොක්කට මල පැනල බාර් කීපර්ට දැඩි නියෝගයක් නිකුත් කලා.. <<
කවිකාරියකගේ ප්‍රේමය….......2 : (narration) >>ජයේ ඒ එල් වලට ආර්ථික විද්යාව කරල තියෙන්නෙ. ඔය මනුස්සය කැම්පස් යන්නත් තේරිල ගෙදර ප්‍රශ්න නිසා දමල ගහල මේ කැලේ මැද රස්සාවට ආපු එකෙක්. <<
කවිකාරියකගේ ප්‍රේමය….......3 (narration) >>ඒ මින් පෙර ලියූ සියපත පතක බැඳි බත අතීත සැමරුමෙහි මවිසින් සඳහන් කල අගනගරාසන්න ඉදිකිරීම් සමාගමෙහි සේවය කල වකවානුවෙහිය.<<
මම හිතන්නේ මචං, 1, 2, කොටස් වල තිබ්බ රිද්මය නෙවෙයි මේ කොටසේ තියෙන්නේ. උඹ මොකද හිතන්නේ.
හෙන්රි,
Deleteස්තූතියි හෙන්රි...මචං උඹේ කතාව හරියටම හරි,ලියනකොට ශෛලීන් කීපයක් මම පාවිච්චි කරනව. පාවිච්චි කරනව කිව්වට වඩා හරිම වචනෙ පාවිච්චි වෙනව කියන එක. ඒ කියන්නෙ මල්ලි ඉබේටම මගෙ ලිවීමේ ශෛලිය මාරුවෙනව. මමත් නොදැනුවත්වම.
ඒත් ටිකක් ලියල මම ආයෙම කියවල හිතල බලනව ශෛලිය ආපහු පරණ විදිහට ලිව්වොත් හොඳද නැත්තං මෙහෙම හොඳද කියල. ඒ අවස්ථාව අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.
/ නොනවත්වා කියවාගෙන ගිය ඈ කතාව මඳකට නවත්වා විජිත දෙස බලා සිනාසුනාය. /
මෙන්න මෙතනදි කතාකරන බාසාවෙං ලියාගෙන ආපු එක වෙනස් උනා. ටිකක් ලිව්වම මට හිතුන මේ විදිහටම ලියන එක හොඳයි කියල.
ඒත් මම මෙතන වඩාත්ම හරබර ලිඛිත භාෂාවක් නම් යොදාගත්තෙ නෑ.කතාකරන ලිහිල් භාෂාවයි සාමාන්‍ය සරල ලිඛිත භාෂාවකුත් අතරයි රචනා ශෛලිය වෙනස් වෙන්නෙ. ඒත් ඒක උනත් කියවන බොලාට අපහසුවක් වගේ නම් ආයෙම ඒ ගැන හිතල බලන්න වෙනවා.
@රවී &ඩූඩ්..........මැද්දට පැනලා පොර ටෝක් එකක් දෙනවා කියලා හිතන්න එපා. කියවගෙන එනකොටම අලුත් ආරකට රවී අද ලියන්නේ කියලා හිතුනා. ඩූඩ් ශාස්ත්‍රීය විදිහටම කියලා තියෙන නිසා හරි සතුටු සිතුනා.මටත් ඕක තේරුනා. ඒ ගැන උඹට කියන්න තරම් දැණුමක්, තේරුමක් නැති නිසා ඩූඩා කියපු එක වටිනවා. රවියෝ මම නම් ආසයි උඹේ මුල් ස්ටයිල් එකට.
Deleteඋඹ කොයි ස්ටයිල් එකෙන් ලිව්වත් උඹ ඒ වැඩේ නියමෙට කරනවා. මම පෞද්ගලිකව වඩා කැමති සරළ ලියවිල්ලට වුනත්, උඹේ හරබර ලියවිල්ලට වඩා ප්‍රියකරන පාඨකයොත් ඇති. මෙතන තියෙන්නේ උඹ මොන ස්ටයිල් එක පාවිච්චි කරනවද කියන කේස් එක නෙවෙයි මචං. එක සීරීස් එකකට එක ස්ටයිල් එකක් විතරක් පාවිච්චි කරලා අර consistency එක තියාගන්න කියන එකයි.
Deleteඅපි උඹේ කතාවේ එපිසෝඩ් වෙන වෙනම කියවන කොට නෙවෙයි මචං මේක බලපාන්නේ . එක්කෝ එකපාර ඔක්කොම කියවන රසිකයෙකුට. එහෙම නැතිනම් උඹ මේවා කවදාහරි මුද්‍රණද්වාරයෙන් එලි දක්වනකොටයි. දවසක එහෙම කරමු.
මම ඔය දේ උදේ පානදරම ලියන්න ගිහින්.. ආයේ දෙසරයක් හිතලා නවත්තලා දැම්මා.. මේ කොටසේ කිසිම රසයක් නෑ.. මොකෝ එහෙම කියන්න ගිහින් දෙතුන් දෙනෙක්කෙගෙන් අහගෙන තියෙන නිස.... මම හිතන්නේ "අරූගේ" එක කියෙව්වයින් පස්සෙ රවී හිතන්න ඇති ඒ විදියට ලියන්න..
Deleteඒත් කලින් ළිපි නම් පට්ටෙ හොඳම එක..
ඔන්න ඉස්සරහට තමා කතාවේ ලස්සණම හරිය. විජිත, රවියට ගහලා එයා නුවර ඉස්පිරිතාලේ කකුල් එල්ලගෙන ඉන්න හැටි. සුජා එයාව බලන්ට දොඩම් අරගෙන එන හැටි. නර්ස් නෝනලාට රවි විසින් ගොතන ලද ආදර කවි. :D
ReplyDeleteකවදද මේකේ ඊලඟ කොටස එන්නේ ?
අනෙක මේ ඔයා යන බස්වල වෙලාවල් සහ යන තැන් ගැන විස්තරයක් පෝස්ට් කරන්ටකෝ. කෙල්ලෙකුට පොතක් නිකං ගත්ත හැකිනේ....:)
@පොඩ්ඩි,
Deleteමමත් අතඋස්සනවා කතාවට..
වැදගත් පොතක් දෙකක් නිකම් හම්බවෙනවා නම් රවි යන බස් එකට සල්ලි දීලා ගියත් වටිනවා වගේ..!!
පොඩ්ඩි සහ රූ,
Deleteඑහෙම ඔය හැම දෙකයි පණහෙ හාල් කෑල්ලකටම මම පොත් දෙන්නෙ නෑ...අන්න ඒක මතක තියාගනිල්ල..හොඳද?..මයෙ හිතට අල්ලන්ට ඕන .....
මොකක්ද බොල දෙකයි පණහේ හාල් කෑලි කියන්නේ? අපි හැදුවේ ලක්ෂ දෙකහමාරක විතර හොඳ හැඩ ඇති බෝතල් කෑලි ටිකක් එවන්ට. :D:D
Deleteඔය පොඩ්ඩි 'බොල ' කියන වචනේ පාවිච්චි කරනවා ඇහුවාමයි. දෙකයි පනහෙ හාල් කෑලි කිව්වාම උන්න මලා පේන්නේ නැතුව යන එක අහන්නත් දෙයක්ද! :D කෝ එතකොට රූ මැතිණිය?
Deleteතැන්කූ රවී..දැන්නම් හොයලම රවි යන බස්සෙකක නගින්න ඕනෑ..පොතක් සුවර්..
Delete@හෙන්රි,
අපි ඔය අහක යන තොප්පි දා ගන්ට මනාප නෑ නෙව..හික්ස්..
අමතක වුනා නෙව..මෙච්චර කාලයක් තිස්සේ මේ වල්බූත කියෝන අපිට (කියෝලා මදිවට කොමෙන්ටුත් කොටන අපිට) රවී කවම කවදාවත් දෙකයි පනහේ කෑල්ලක් කියන්නෑ..මෙන්න කැට..!!
Deleteරූ,
Deleteඅන්න හරි මැඩම්..මොනවද ලතා මේ කතා කිව්වලු. මම ඔයයිට එහෙම කියනවය කවම කවදාවත්...මම කිව්වෙ හාල් කෑලිවට පොත් දෙන්නෙ නෑ කියල මිසක ඔයාල ගැන නෙවෙයි නෙව...ඔයාල හාල් කෑලිය? නැද්ද? නෙහ්?.....ඔය හෙන්රිය ඇවිල්ල මහ නසරාණිය..බේද බින්නෙටමයි බර..බේද බින්නෙටමයි බර..
කතාවේ උච්චතම අවස්ථාවට එනවා වගේ හිතෙනවා..ඒත් එතින්නම මතු සම්බන්ධය යැයි දැමීම ගැන බලවත් විරෝධය..
ReplyDeleteWhy not Madam? why not?...As they say... just before climax....just a little bit before climax :) :)
Deleteතුන්වෙනි පාර කතාකරන කොටද ඇහුනේ? උඹට ඇහුනා.....හැබැයි විජිතයා අප්සෙට් වෙයි කියලා ...ඇහුන් නැහැ වගේ හිටියා. පොත ඇයගේ ඇකයට දමා බසයෙන් බැසීම, ගෙල තෙක් කෙටි කොට කැපූ කෙස් වැටිය....සුළං රොද....අනේ මන්දා...කුමර බඹසර අසපුවේ මා.............මටත් සිතුවිලි පහල වෙනවා. පව් විජිතයා අරක්කු වලට වියදම් කරපු සල්ලි. කවි හැක්කෝ බොති.....කති...ඒ මදිවට තවත් දේකටද සැරසෙති.
ReplyDeleteපිස්සුද අරූ,රවිය එහෙම නැහැ.
Deleteකොන්ඩෙ කොටට කපපු,කවි සිතිවිලි පහල වෙන,තැන නොතැන බලා හයියෙන් හිනා වෙන ඉංගිරිස් ටීචර් මට ෂුවර් නැහැ.
අන්න අරූ..කෙන්ජි හරි..මම ඇවිල්ල බොහොම නිවිච්ච පොරක්..අපේ නෑ ඔය අනම්මනම් ..පේමෙ උනත් ලෝකෝත්තරයි…
Deleteනන්දක්කා කියන්න වගෙ ...අචින්තියයි...පාරිසුද්දයි..සුරම්මියයි...ම්ම්ම්..අචින්ත්‍යා කියල මම ටෙක් එකේ ඉන්න කාලෙ අපෙ පංතියෙ කෙල්ලෙක් හිටිය නං තමයි..පොඩි ගෝ එකකුත් නොතිබ්බෙම නෑ..ඒත් ඒක එතනිං අහවරයි..ඊළඟට ආහ්..සුරම්‍යා....සුරම්‍යා එක්ක නම් ටිකක් දුරදිග ගිය පටලැවිල්ලක් තිබ්බ. ඒත් ඒකත් අතරමඟ හිඳිල ගියා. ඒත් මේ පාරිශුද්ධී තමයි ප්‍රශ්නෙ...එහෙම නමකිං බබලතෙක් මට මතකම නෑනෙ...නන්දක්කගෙම්ම තමයි අහන්ට වෙන්නෙ? කවුද හැබෑටම ඒ කියාල..
aiyo salli...........paw vijithaya.......habai math balan inne poddi kiwwa wage Nuwara hospital 1 inna kathawa balanna.......aiye anthimata itin dath keeyak natuwada bath kanna une............
ReplyDeleteඑතකොට එහෙමයි නේද? මම ඉස්පිරිතාලෙ ඉන්නව බලන්ට තමයි බොලාගෙ කැමැත්ත නෙවද?..:(
Delete