Wednesday, August 28, 2013

213. කවිකාරියකගේ ප්‍රේමය….......2





කවිකාරියකගේ ප්‍රේමය…..1 

ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල 

" අනේ අයියෙ අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව. 

ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන ඒකා මගෙන් බැගෑපත්ව එහෙම් ඇහුවම මට මහ මොකද්දෝ වගේ උනා.. 

" හරි, හරි බං..මොනවහරි කරමුකො..ඉඳහං කලබොල වෙන්නැතුව ඩිංගිත්තක්.." මම එහෙම කියල වදෙං පොරෙං අත ගලවගෙන නැඟිට්ට. 

" සැමී..මොනවත් නැද්ද බං තෙල් ටිකක් දාල ගන්ට ? "…ජයේ කෑගහගෙන ගේ ඇතුලට යනව දැකල හෙමීට මාත් ඒ පැත්තට ගියා. 

" පපඩං පැකට් දෙක තුනක් නං තිබ්බ මහත්තය.." සැමී කුස්සියෙ දොර ගාවට ඇවිල්ල කිව්ව.

" ආ..ඔය තියෙන්නෙ...ඒ මදැයි...කොල්ලො... මතක ඇතුව වේලිච්චි මිරිස් කරල් හත අටක් පලල ලුණු පොලොත්තෙ දාල තියල ඒ තෙලටම දාල බැදල ගං හොඳද? " වේලිච්චි මිරිස් බයිට් එක ජයේගෙ ෆේවරිට්... 

ජයේ ආපහු හැරිල එනකොට සාලෙ මැදදි මම ඒකව අල්ල ගත්ත. " මොකද්ද බං උඹ මේ කරපු වැඩේ?..." 

" මොන?..." ඒකා මොකවත් දන්නෙ නැති ගානට ඇහුව බබා වගෙ.. 


" මොන?.... මොන තමයි..මොකද්ද උඹ අර කලේ?... විජිතයට කවි ලියන්ට මට සෙට් කලේ?...මහ කරදරයක් නෙව බං ඒක...මට උගෙං දැං බේරිල්ලක් නැති වෙයි...කුකුල වී පැදුරට එන්නැහෙ ඔයි යකා දවස තිස්සෙ මයෙ පස්සෙං එන්ට සැට් උනේ නැත්තං බලාපං ඔන්න කවි ලියල දෙන්ටෙයි කියාල…" මම හිතේ කේන්තියටම කියල දැම්ම.

" හරි බං කෑනුගහ ඉඳහං...මෙතන වැඩේ මේකයි මල්ලි...තනිකරම විවුර්ත ආර්තිකය..ඉල්ලුම සහ සැපයුම..මිනිස්සු ඉස්සෙල්ලම ඔය සල්ලි කියන ජාතිය හොයාගන්ට කලින් කලේ මෙන්න මේ වැඩේ..භාන්ඩ හුවමාරුව....ඒ නමැත්තා සතුව ඇති යම් භාන්ඩයක් බී නමැත්තාට අවශ්‍ය වේ. ඒ වෙනුවට එහි වටිනාකමට සරිලන තමන් සතුව ඇති ඒ නමැත්තාට අවශ්‍ය භාන්ඩයක් හුවමාරු කොට බී නමැත්තා තමන්ට අවශ්‍ය භාන්ඩය ලබා ගනී. දෙදෙනාගේම පූර්ණ කැමැත්තෙන් සිදුවන මේ ගනුදෙනුව වනාහී අද පවතින සමස්ත ලෝක ආර්ථිකයෙහි මූලාරම්භයයි. " 

ජයේ ඒ එල් වලට ආර්ථික විද්යාව කරල තියෙන්නෙ. ඔය මනුස්සය කැම්පස් යන්නත් තේරිල ගෙදර ප්‍රශ්න නිසා දමල ගහල මේ කැලේ මැද රස්සාවට ආපු එකෙක්. 

" හරි දැන් කියාපං උඹේ ඔය ආර්තික විද්දියා පාඩම මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල?...." මම තේරුනෙ නෑ වගෙ ඇහැව්ව... 

" මෙතන විජිතයට අවශ්‍ය මොනවද?.... කවි.... ඒත් ඌ ළඟ කවි නෑ. කවි තියෙන්නෙ අපි ...හරියටම කිව්වොත් මල්ලි උඹ ලඟ.ඒත් ඌ ලඟ අරක්කු තියනව. තියනව කිව්වොත් හරියටම හරි නෑ ඇත්තම කිව්වොත්. ඒත් ඌට පුලුවන් අරක්කු ප්‍රසම්පාදනය කරන්න..ආන්න ඒ අරක්කු අපිට අවශ්‍යයයි. ඒ නිසා මියුචුවලි ඇග්‍රීඩ් අපි කවි සහ අරක්කු හුවමාරුවකට.දෙපාර්ශ්වයටම සතුටුදායක සාර්ථක ගණුදෙනුවක්...A win win situation....තේරුණය බොට දැන්වත්? " 

" තේරුණා..තේරුණා..මොකද නොතේරි ?..යස අගේට තේරුණා...ඒත් මේ කවි මත්පැං හුවමාරුව නිසා බොහොම ලඟදිම මහ විසාල ජංජලයක් වෙනව මම දන්නෙ ඔච්චරයියෝ...." මම දන්නෙ ඔච්චරයියෝ..ඒකත් මයෙ අත්තම්මගෙ වචනයක්.....හෙහ්,හෙහ් 

" හරි එව්ව ඇරිච්චාවෙ..උඹ ලෑස්ති වෙයං කවි ලියන්ට....කෝ මේ විජිතය?..දැං උඹ නහකුණු ගෑවිල්ලෙ නෙවද උන්නෙ කවි ලියන්ට බෑය කියල..ඔන්න වැඩේ කෙරෙන විදිහක් මම සංවිදානය කලා..ඉතිං පල..ගිහිල්ල අරං වර අර කියාපුව.." 

" අනේ අයියෙ..මා ගාව මේ වෙලාවෙ සල්ලි නං නෑනෙ...අපෙ බාප්ප කෙනෙක් නැතිවෙලා පෙරෙයිද වගෙ මම අතේ තිබ්බ සල්ලි ඔක්කොම අම්මට යැව්ව..මේ මම කියන්නද?..කවුරුගාව හරි තියනවනං මට ලෝන් එකක් දෙන්න..පඩි ගත්ත ගමං මම ආපහු දෙනව…" 

" මේං මේකා කියන එක බලාපල්ල..." ජයේ හක හක ගල හිනා උනා.. 

" බොල මැට්ටො..අපි ගාව සල්ලි තියේනං මෙච්චර වෙල අර මොනවද කාපු රිලව් වගෙ මෙතන බඩ උලාන බකං නිලාන ඉඳීය කියල උඹ හිතනවද?.... යකෝ සත පහක් නෑ එකෙක් ගාවවත්...ණයට දෙන්නෙත් නෑ ලොක්ක දෙන්ට එපා කියලනෙ තියන ණය බේරනකල්...මල්ලි මෙහෙම කරමු...මේ අපිට බොන්ට ඕන කමටත් වඩා උඹේ මේ පේම ආතල් එක වැඩි දියුණු කිරීමේ පරම පවිත්තර චේතනාවෙන් ගේන යෝජනාවක්...ඇහුණය?..උඹෙ ගාණට දාල ණයට අරං වරෙං බෝතල් දෙකක්..." 

" අනේ අයියෙ...එච්චරම ඕනද?...දෙකක්ම ? " 

" ආපෝඕඕඕ...මොනවද මල්ලි ඔහොම පුලුවන්ද ලව් කොරන්ට?..නිකං ලෝඩ් බකිංහැම් වගෙ ඉන්ට එපාය ලෝස් බෝස් නැතුව..හරි හරි ඉඳපං මම කියන්ට..උඹ දෙකක් ගෙනෙංකො..එකකට අපි සල්ලි දෙන්නං ලබන සුමානෙ පොල්මුරේ කැඩුනම..එතකොට ඔන්න එකයි උඹ ගානෙ..මේ ඊට අඩුවෙන්නං එහෙම බෑ හරිද? යකෝ කවි ලියනවයි කියන එක සෙල්ලං කෙලියක්ය කියලය උඹ හිතාගෙන ඉන්නෙ? හුහ්...එහ්හෙනනං...." 

කොලුව ඒත් ඇඹරෙනව.. 

" මොකද බොල ඒ පාර?...ඒත් වැඩියි කියලද කියන්න හදන්නෙ?...උඹ ගල් බාගෙකට කවි ලියවගන්නද ඒ පාර හදන්නෙ? මේ ඒ බබා උකුං හරියන්නෙ නෑ හොඳද?...." 

" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." ලොක්කගෙ ඔය මොකක්ද දුර නෑ කමක් තියනව විජිතයට කියල අපි දැනගෙන හිටිය. 

ජයේට ඒ පාරනං මලම පැන්න.. 

" මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව පලයං යන්ට...යකෝ තොට දහ අටට වැඩියි නේද? ඉතිං මොකද්ද ප්‍රශ්ණෙ?...උඹ ඇවිල්ල වැඩිහිටියෙක්..ඕනනං බොන්ට එහෙම නැත්තං නාන්ට උනත් උඹට තියනව නිදහස......මේක මේ වෙලා තියෙන්නෙ බොට රැවුලයි කැඳයි දෙකම ඕන...ලව් කොරන්ටත් ඕන කීර්ති නාමය රැකගන්ටත් ඕන....එහෙම බෑ...දොං නං දොං... සිමං නං සිමං..දොං සිමං දෙකක් බෑ.....අන්න ඒක හිතේ තියාගං " ජයේ කෑගහපු පාරට කුස්සියෙ ඉඳල සැමී දුවගෙන ආවෙ තෙල් හැන්දත් අතේ අරගෙන. 

විජිතය පස්සට විසිඋනා.." නෑ..නෑ..අයියෙ මං ගේන්නං....සැමී දෙන්නකො ඔය කඩදහි බෑග් එකක් වගෙ මොකක් හරි…" විජිතය කුස්සිය පැත්තට ගියා. 

අපේ අර අති බලගතු කනප්පුව මතකයි නේද?...ඔන්න බොරුද මම කිව්වෙ ඕක වටේ වාඩිවෙලා හිටියනං ආයෙ මොකවත් නෑ දෙයියො දුන්න වගෙ බඩු වැඩ කරනව කියල. රයිට් කනප්පුව උඩට ඔන්න වැඩම කලා මත්පැන් බෝතලයයි පපඩං පිඟානයි ගෝල්ඩ් ලීෆ් පැකට් එකයි..කට්ටිය පටං ගත්ත ඩබල් එකේ ලඟ ලඟ නවන්ට. මම ඇවිල්ල බුද්ධ දේශනාව අකුරටම පිළිපදින එකා වෙච්චි. අප්පමාදෝ අමත පදං මහණෙනි, අප්‍රමාදව අමර පදමට පැමිණෙන්න...හෙහ්, හෙහ්, ඇහුණය?...ආන්න එහෙමයි ඔය පරණ පොත් පත්වල තියෙන්නෙ....හරිය? 

මගේ සුපුරුදු චර්යාව ඒක උනාට අද මොන විකාරද? අර යස්සය, විජිතය මා ලඟ මුද්දරේ ඇලෙව්ව වාගෙ..හෙල්ලෙන්නෙ නෑ..අනේ අයියෙ කවි ලියමු..අනේ අයියෙ කවි ලියමු...අර පරණ ග්‍රැමපෝන් තැටි එක තැන දුවන්නෙ හිටපු ගමං...අන්න ඒ වගේමයි... 

අපි සුට්ටි කාලෙ රේඩියෝ එකේ සිංදු අහද්දි ඔය ආතල් එක හරියට සිද්ද වෙනව. " රාජසඟබෝ හිස දී..දී..දී..දී..." කවුරුහරි දුවගෙන ඇවිල්ල හිට කට්ටට සුට්ටක් ඇඟිල්ලෙං ඇනල එහාට දානකල් දීදීදීදී තමයි ඉතිං....ඔය එකතැන දිවිල්ල බොහෝ විට වෙන්නෙ මහ අසමජ්ජාති අකුරු ගාව.." බොහොම සැරට හුළඟ හමයි ගස් ද වැල්ද ඇදං වැටෙයි .." ඔය සිංදුවෙ කට්ට හිටින්නෙ තුන්වෙනි වචනෙ මුල් අකුරට පස්සෙම තමයි.... ආය ඒකෙ දෙකක් නෑ... 

" හරි බාං ඉඳහං ...ටිකක් එක විදිහක් වෙනකල්….කවි ලියන්ට එන්ට ඕන ගැම්මක්…" මම විජිතයගෙ පිටට තට්ටුවක් එහෙම දාල පපඩං කෑල්ලක් කටේ දාගත්ත. 

" ඒයි මොනවද බං කරන්නෙ?..ඔය අහිංසකයගෙං අරක්කුත් බීල උගෙ වැඩේ කොරල දෙන්නෙ නැද්ද?...." 

විජේ කෑගහනව නටන ගමං...ඌට නටන්ටමයි ඕන...බොන්ට ඕනමත් නෑ...බෝතලේ කනප්පුව උඩ පේන්ට තිබ්බත් ඇති..ඌට ඉබේටම නැටවෙනව. 

" අනේ මෙහ්...." 

මම ඌට සුපුරුදු හස්ත මුද්‍රාවෙන් උත්තර දුන්නත් ඒ එක්කම නැඟිටල කාමරේට ගිහිල්ල පයිල් එහෙකුයි හාප් සීට්ටෙහෙකුයි පෑනකුයි අරං ආව. විජිතයගෙ මූණෙං එකයි හිනාව. ඌත් පුටුව ඇදගෙන මගෙ තුරුලටම ආපි. 

" අඩේ පොඩ්ඩක් එහාට වෙල ඉඳුකො හුලං සුට්ටක්වත් වදින්ට.." එහෙම කියල මම ලෑස්ති උනා කවි ලියන්ට. 

" ආහ්හ්..මේ මලේ... කෙල්ලට කවි ලියන්ට කලිං අරං වර අන්තිමට ඒකි බොට එවාපු කවි කොලේ...." 

" ඒ මොකටද අයියෙ?..." විජිතය මගෙ මූණ දිහා බැලුව.. 

" ඒ මොකටද කියන්නෙ?..යකෝ කෙල්ල එවාපු කවි වලටනෙ උත්තර ලියන්න ඕන...." 

" ඒත් මේ..ඒත් මේ….." ඒකා ඇඹරෙනව එහාට මෙහාට.. 

" මේ මට ඒ ලියුම බලන්ට ඕන නෑ බං..කවි ටික විතරක් අරං වර...." 

ඔන්න ඒකා ගෙනාව කවි කොලේ...මම ඇත්තම කිව්වොත් ඔය යන්තමට හතර පදයක් එක විදිහකට ගැටගහ ගත්තට එහෙමට කවි කාරයෙක් නං නෙවෙයි. ඒත් ඉතිං අර ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ය කියන්න වගෙ මමත් නිකම්ම කවිකාරයෙක් වෙලයි තිබ්බෙ. 

" අම්මට උඩු නයා කිව්වලු…...මරු නෙව මලේ…" 

මතක මංපෙත ඇවිද යන සඳ, 

සසර ඉම තෙක් ඉසිඹුලා, 
තනිය මකනට සුසුම පමණකි, 
මහද පිරවෙන නෙතු තෙමා, 

කතර දවනා හිරු කිරණ සැඩ, 
දවන මාවත ගිනිහෙලා, 
කෙලෙස පියවර නඟන්නෙම් මම, 
සෙවණ මා පැතු ඔබ තමා, 


" මතක 
මංපෙත ඇවිද යන සඳ…" මම මුල්පදේ තාලෙට ඇදල පැදල කිව්ව සද්ද නඟල කාරිය.. 

" කෑගහන්ට එපා අයියෙ…" විජිතය බැගෑපත් උනා.

" රයිට් ඉඳපංකො එහෙනං පිළිතුරු කයියක් ලියමු. ඊට කලිං දාගෙන ඉම්මු තව එකක් කට කපල...." එකක් දාගත්ත..පපඩමකුත් හැපුව කරස් කියල... 

" දැං මේ වනිතාවි මේ කියන්නෙ බෝම දුකින් බරව තනියම සසර මඟ යනවයි කියලනෙ.සුසුම් විතරලු එයයිගෙ තනියට ඉන්නෙ.අනික කාන්තාරෙක යනව වගෙ තමයි එයයිට හිතෙනව කියන්නෙ...ඉර මුදුංවෙලා, කකුලුත් පිච්චෙනව..ඒත් හෙවනකට නෑ කවුරුත්... තනියම තමයි යන්නෙ..ඒත් මලේ අන්තිමට කියනව සෙවන මා පැතු ඔබ තමා..ආන්න ආව ඉම්පෝටඩ් පොයින්ට් එකට..උඹව තමයි පතාල තියෙන්නෙ..හෙහ්, හෙහ් " 

විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල.. 

" අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා. 

" නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත. 

මතු සම්බන්ධයි.....

49 comments:

  1. බොහොම සැරට හු..හු..හු..හු..

    හිනා වෙලා පණ යනවා... අර එඬරු ගස් තියරිය අනුව මාත් ඉස්කෝලෙ කවි කාරයෙක් තමයි... හැබැ‍යි මම කවි ලියලා දුන්නේ ගරු සේවයක් විදිහට... ඒ කාලෙ ඉතිං පොඩි එව්වොනෙ.. කන බොන වැඩ පටන් ගත්තේ පස්සෙනෙ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      මලේ..ඔය ගරු කියල කියන්නෙ මොකද හැබෑටම? නොමිලේ මොනව හරි දෙයක් කරනකොටද?....සල්ලි දෙන්නෙ නැතුව ඒ වෙනුවට නිකං ගරු කරනව විතරයි කියන අදහසින්වත්ද?...ඒ කාලෙ ඉඳල මට තිබ්බ ප්‍රශ්නයක් ඕක චිත්තරපටි වල ගරු රඟපෑම් කියල කියන්නෙ මොකද කියල...

      බොහොමයක් වෙලාවට එහෙම යෙදෙන්නෙ ඔය සුප්‍රසිද්ධ නළුවෙක් හරි නිළියක් හරි චුට්ටි භූමිකාවක් කලාම තමයි. සමහරවිට එහෙම නොවැදගත් පාට් එකක් කලාය කියන එක අගෞරවයක්ය කියල හිතල ඒක ෂේප් කර ගන්ට ගරු රඟපෑම් කියල යෙදුවද නම් මන්දා...

      තව එකක්.. ඔය බොක්සිං තරඟාවලිවල එහෙම තෑග්ගක් දෙනව නෙවද හොඳම පරාජිතයයි කියල...පොඩි කාලෙ මම හිතාගෙන හිටියෙ ඒ තෑග්ග දෙන්නෙ පලවෙනි ෂොට් එකෙම්ම හතර ගාතෙ දාල අර ගෙම්බ පොළවෙ ගැහැව්ව වගෙ ඇදගෙන වැටෙන එකාටයි කියල...හෙහ්, හෙහ්,

      මේ ඊයෙ පෙරෙයිද මගෙ යාලුවෙක් එක්ක මම ඔය කතාව කිව්වම ඒකා ගත් කටටම අහපි ඇයි එහෙම නෙවෙයිද කියල...

      Delete
    2. මෙහෙමනේ අයියේ... සල්ලිත් නෑ වෙන කිසි වාසියකුත් නෑ.. වෙන එකක් තියා දවස් දෙකක් විතර ගියාම මතකත් නෑ උන්ට... ඒත් කවුරු හරි ඇහුවහම අරුන්ට කවි ලියලා උඹට මොනවද හම්බවුනේ කියලා කටක් ඇරලා කියන්න පුළුවන්නේ, "මම මොනවත් බලාපොරොත්තු වුනේ නෑ, ඒක කලේ ගරු සේවයක් විදිහට" කියලා.

      හොඳම පරාජිතයා තෑග්ග ඌට තමා දෙන්න ඕනේ හරිනං... ඔය විටමින් පෙති ටිකක්... කිරිපිටි පැකට් එකක් වගේ...

      Delete
  2. මුං ටික එකතු වෙලා අහිංසකයගෙ ලව් එකටත් වැඩේ දෙන්න වගේ හදන්නෙ :)

    ReplyDelete
    Replies
    1. යසිත්,

      බලාඉඳපංකො මොකද වෙන්නෙ කියල...:)

      Delete
  3. අද නම් මාතෘකාවට අදාලව ලියල...විජිතය අලි මෝඩයෙක්. කවි ලියන්න බැරි නම් ඔය සින්දු කෑල්ලක් ලියල ඇරියා නම් ඉවරනේ. මේ ගොබිලන්ට අරක්කු පොවන වෙලේ.අනික කවි ලියු එකා විතරක් නම් බැරිය.

    මැවෙන්න ලියල තියනව. මට මේ සිද්දි මැවෙන්නේ කළු සුදු චිත්‍රපටියක් වගේ. හැත්තෑව දශකයේ ධර්මසෙන පතිරාජගේ ෆිල්ම් එකක් වගේ. අර විමල් කුමාරද කොස්තා හෙම ඉන්න ජාතියේ.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / කවි ලියන්න බැරි නම් ඔය සින්දු කෑල්ලක් ලියල ඇරියා නම් ඉවරනේ. /

      පිස්සුද බං? ඒ අම්මණ්ඩි එක්ක ඔය දෙකයි පණහෙ සිංදු කෑලි ලියල හරියන්නෙ නෑ.

      හදවිල පතුල රොන්මඩ මත්ගා බොරකොට,
      බුබුළු නඟිමින් මතුපිටට නැඟ එන්නාවූ,
      හැඟුම් අකුරුකොට,
      පත් ඉරු මත රඳවා පියා.........ආන්න එහෙමයි...හෙහ්,හෙහ්

      බුබුළු කියනකොට මතක් උනේ ….බිබිලි නඟින බෙලිකටු සහ දෙදරන දඟර සුළං…Blistering barnacles & Thundering typhoons….

      / මට මේ සිද්දි මැවෙන්නේ කළු සුදු චිත්‍රපටියක් වගේ. හැත්තෑව දශකයේ ධර්මසෙන පතිරාජගේ ෆිල්ම් එකක් වගේ. අර විමල් කුමාරද කොස්තා හෙම ඉන්න ජාතියේ. /

      අඩේ..මටත් එහෙමයිනෙ බොලේ...පොඩි කාලෙ සීන්ස් ඔක්කොම මතක තියෙන්නෙ කළු සහ සුදු..

      ඔන්න අපෙ සාලෙං ඉස්තෝප්පුවට යන තැන දොර රෙද්දක් තිබුන. ඒ දොර රෙද්ද හොඳටම මතකයි. පොළවෙ ඉඳල අඟල් දෙකක් විතර උඩින් තමයි යට වාටිය. ඒ නිසා පොඩි හුළඟක් ආවත් හෙමිහිට පැද්දෙනව..ඒකත් මතකයි...මෝස්තරෙත් මතකයි..නිකම් මේ උස ගුරුලේත්තු ගුරුලේත්තු වගෙ ඩිසයින් එකක් තිබ්බෙ. ඒත් වැඩේ කියන්නෙ කොච්චර උත්සාහ කලත් ඒකෙ පාට මතක් වෙන්නෙම නෑනෙ.

      අහස්ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්,බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ සහ පාරදිගේ….:)

      පලි - බොට හීන පේන්නෙ මල්ටි කලර් ද බ්ලැක් ඇන්ඩ් වයිට්ද?..දැකපු හීනෙයි ඒක වර්ණ ද නැත්තං කළු සුදුද කියල උදේ නැඟිට්ට ගමන් පොතක ලියල තියාගං...තමන් ගැන බොහොම අපූරු විශ්ලේෂණයක් තමන්ටම කරගන්න පුලුවන් ඒ දත්ත වලින්...ලියල කියහංකො මම විස්තරේ කියල දෙන්න...හෙහ්, හෙහ්

      Delete
    2. රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන් එකේ පෙන්නුවා 1993 විතර .

      උදේට හින ලියල තියන්න ..විහිලු කරන්න එපා ..උදේට අපේ දිහා නිකන් ගාසා ස්ට්‍රිප් එක වගේ ..

      අනික ඔව්වාගේ වැදගත් පුද්ගලික විස්තර මෙව්වයේ ලියන්න බැහැ ..ඊයක් විදින්න මේල් එක දෙන්ටෝ..නැත්තන් අර මුණු පොතේ මන් යාලුවෙක් වෙන්ට එවල ඇති

      හීන කිව්වම මතක් වුණේ ..අපේ පොඩි නම් නිදාගන්න කලින් හීනේ ප්‍රෝග්‍රෑම් කරනවලු..දවල් ඒවා ෂට් ඩවුන් කරලා අලුත් ලස්සන හීනයක් ප්‍රෝග්‍රෑම් නොකලොත් නින්ද යන්නේ නැහැලු...ඔය වචන ඔහොමමයි කිවේ..ආයේ මන් අතින් දාල හෙම නෙමේ

      Delete
    3. රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්නේ.. නැත්තං අපිත් යාලු වෙන්ඩ හැදුවා...

      Delete
    4. බින්දි,

      / රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන් එකේ පෙන්නුවා 1993 විතර . /

      අනේ නෑ බොලේ...අනූතුනෙ අපි කැළේනෙ. කොළඹ එවෙන්නෙ බොහොම කලාතුරකිං ඔය අපෙ වෘත්තීය සමිතියෙ වැඩක් තිබ්බොත් තමයි….ඒ ආහමත් ආය ෆිල්ම් බලන්ට නම් වෙලාවක් නෑ...වෙන බොහොමත්ම වැදගත් වැඩ තියනව....හෙහ්, හෙහ්,

      / නැත්තන් අර මුණු පොතේ මන් යාලුවෙක් වෙන්ට එවල ඇති /

      අනේ බං ඔය මංගල්ලෙ පැත්තෙ මම යන්නෙම නැති තරං..මාස තුනකට සැරයක් විතර ඔන්න පේස්බුක්ටීං කියල එකකිං එනව මසාජ්ජෙකක් " අඩෝ පහුගිය මාස දෙක තුනේ අපි බලාගෙන උන්නෙ. උඹ වැඩිය මේ පැත්තෙ ගැවසුනේ නෑ..ඔන්න අපි නරක මිනිස්සුය කියන්න එපා..අරෙහෙ කට්ටිය අහනව උඹ එක්ක යාලු වෙන්ට..වහාම ගිහිල්ල උත්තර දීපිය " කියල..

      ඉතිං ඔන්න වැඩ ඔක්කොම අතෑරල පලකො ඒ පැත්තෙ...හරි නෑ නෙව.මාරක සකරබරග ගොයිය තරහ උනොත් එහෙම..ගිහිල්ල හිට සුට්ටක් කැරකිල කවුද යාලු වෙන්ට අහල තියෙන්නෙ බලල අඳුරන කියන එවුන්නං " හා හරි මං මනාපයි " කියල ආපහු එනව...


      ඒ බාං උඹ ඇහුවය යාලු වෙන්ට?..මම දැක්කෙ නෑනෙව..හා, හරි මම කියන්නං වෙච්චි දේ..බින්දි කියල නෙවෙයි වෙන්ට ඇති නම තිබ්බෙ ෂුවර් එකටම...බොලත් එක්ක බැරි ඕක නෙව...බොලොග් ලියනකොට එකක්..මූණුපොතේ තව එකක්...Shitstone Plus එකේ තව එකක්..ඉතිං කොහොමෙයි මේ රාජකාරිය කොරන්නෙ? ඔව්ව ඔක්කොම මතක තියාගන්ට මයෙ ඔලුවෙ විශ්ව සේවා බස් පෝට් එකක් හයි කොරල බාහිර දෘඩ එළවුමක් ගහගන්ටම වෙනව.

      අන්න ඒකට අපි..කොහෙත් මයෙ නම එකයි..රවි....පොරෝපයිල් එක සූර්ය දිව්‍ය රාජයා උදාවෙන අන්දම...හෙහ්, හෙහ්

      හරි මෙහෙම කරමු..ඊ මේල් එක දෙන්නං...වත්පොත් නම මොකද්ද කියල කියාල එවහංකො සලකල බලන්ට...දැනට වනිතාවියො ඉන්නව මයෙ හිතේ එක හැට හැත්තෑවක් පෝළිමේ...කමක් නෑ බොට දෙන්නං ප්‍රමුකත්වය...හරි...

      raviweerasinghe@gmail.com

      හෙහ්, හීන ප්‍රෝග්‍රෑම් .....පොඩි එවුං කියන කතා නේද?....මට කවදාවත් අමතක වෙන එකක් නෑ අර ලොක්කිගෙ කතාව…No, no You were not there..not even in the process….මතක් වෙනකොටත් හිනා යනව...

      මට කාලයක් හීන පෙනුන කොටස් වශයෙන්..Episode by Episode...ඔන්න කියමු මම ඔය වනිතාවියකට දෙන්ට තෝත මලක් කඩනකොටම උදේ ඇහැරෙනව කියල.

      " මේ අද යන්නෙ නැද්ද රස්සාවට?.... තාම මොකෝ මේ පොරවගෙන බුදි? " අරුන්දැගෙ ගෝරනාඩුවට තමයි ඇහැරෙන්නෙ..

      හවස මට ඉතිං සිහියක් නෑ නිදාගන්නකල්.." මොකද අද කවදාවත් නැතුව අට වෙනකොට ඇඳට නැග්ගෙ?..." අරුන්දැට ඒත් සැකේ…

      " නෑ අනේ..මට අද ටිකක් මහංසියි වගේ.." මම හොරැහිං බලල එහෙම කියනව…

      මොනවද නින්ද ගියා විතරයි ඔන්න හීනෙ නෙක්ස්ට් එපිසෝඩ් එක පටන් ගන්නව..කලින් දවසෙ අන්තිම සීන් එකෙත් පොඩ්ඩක් ආයෙම යනව. නැත්තං ගලපගන්ට අමාරුයි නෙව. ඔන්න මම අර තෝත මල දෙනව වනිතාවියට.

      " මොකද අනේ ඔයා දැං පැය දොලහකටත් වැඩියි නේද ඔය මල කඩල? කොහෙද ගියේ? මම කොච්චර වෙලා බලාන හිටියද? " වනිතාවි අහනව බෝම හුරතලේට…

      " ඒකනෙ අනේ බලන්ටකො අපෙ උන්දැ මාව ඇහැරෙව්වනෙව රස්සාවට පල කියල..ඒකෙං කමක් නෑ..මම ආවනෙ කොහොම හරි..එන්න මම මේ මල ඔයාගෙ කොණ්ඩෙ ගහන්න...."

      ඔන්න වනිතාවි එනව නැලවි නැලවි මයෙ ලඟට...හෙහ්, හෙහ්

      Delete
    5. තිසර,

      / රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්නේ /

      උඹත් බින්දි වගේම තමයි එහෙනං...වෙන නමකිං ඇත්තෙ...ඒකයි කේස් එක...එවාපං ඇත්ත නම...

      නං දෙක තුනකිං උන්නම කොහොමද බං අඳුනගන්නෙ ?

      ඔන්න අපෙ යාලුවෙක් උන්න ..ගම දෙල්තොට කිට්ටුව..

      " ඒයි මේ සිකුරාද උඹල අපේ ගෙදර වරෙල්ල . රෑට නැවතිල ආතල් එකක් ගමු. රා එහෙම ඕසෙට.." ආය මොනවද අපි තුංදෙනෙක් ලෑස්ති වෙලා ගියයි කියමුකො.

      " මචං ටැංකියෙ හන්දියෙං බැහැල මගෙ නම කියාපං….ඕන එකෙක් පෙන්නයි අපෙ ගෙදර " ඌ කිව්වෙ එහෙම. ඒ කියාපු හංදියෙං බහිනකොට හවස හයට වගෙ ඇති. පට්ට හීතලයි හුළඟයි…..

      " මේ අර ජයන්තලගෙ ගෙදර කොහෙද? " හත්තට දෙනෙග්ගෙං ඇහුව..උං උඩ බිම බලනව විතරයි.

      මල කෙලියයි ජූලි හතයි රෑ වෙන්ට කලිං මේකගෙ ගේ හොයාගත්තෙ නැත්තං එහෙම. ඔන්න එතනත් වෙලාව කියන්නෙ උගෙ පුරුද්දක් තිබ්බ හිටපු ගමං ඇහිපිය ගහගෙන ගහගෙන යනව පට පට ගෑවිල්ලෙ.පස්සෙ මම අන්තිමට ඒක කිව්ව.

      " ආ..මේ අපේ කිරි බයිය පුතා ගැනනෙ කියන්නෙ...යං මම පෙන්නන්නං.." බලනකොට ඒ උගේම මාම.

      ඔය විස්තරේ කියනව අනික් එවුං එක්ක කියල අපි ඕක කළුතැපැල් කරල මයෙ හිතේ උගෙ ගානෙ බිව්ව බෝතල් දහයකට එහා පැත්තෙ...හෙහ්, හෙහ්,

      Delete
    6. ස්තුතියි ස්තුතියි...මේ බ්ලොගේ එකට අපි ආසම මේ කමෙන්ට් වලට දෙන රසබර උත්තර වලටත් එක්ක

      Delete
  4. ඈ බන් රවි අයියෙ උබට මොකද එ කවි තාම මතක තියෙන්නෙ.මට ඈත්තම කියපන්.මම කාටවත් කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රවි අයියෙ මරු වෑඩක් උනා පහුගිය දවසක මම් ඔයාගෙ පරන පොස්ට් එකක් කියව කියව හිටිය.අර ගොත යාලුවෙක් බෑදපු සින් එක.ඔක කියවනකොට මට හිනායනව දෑකල වයිෆ් කිවුව මොකද තනියම හිනාවෙන්නෙ මටත් කියන්නකො කියල.මම ඉතින් මුලු කතාවම නෑතුව අනිතිමෙ මිනිහ බෑදපු විස්තරෙ විතරක් කිවුව.අර මිනිහ බෑ කියන්න හදනකොට කෙන්දර බලලත් ඉවර කතාව.වයිෆුත් මාත් එක්ක හම්බානකට හිනාවෙලා අන්තිමට අහනව "ඔය කිවුවට බොරු වෙන්න ඈති නෙ " කියල.

      Delete
    2. මටත් ආවා ඔය පුරස්නෙ.. අඩු ගානෙ මුන්දා ලියපු ඒවා මතක තිබුනනම් ඒත් කමක් නෑ. අර දැරිවි ලියපුවනෙ නිකන් ඊයෙ හම්බුන ඒවා වගේ මේ මතක තියෙන්නෙ..

      Delete
    3. ෂුවර් එකට වනිතාවි මෙයාට සෙට් වෙන්න ඇති ඊට පස්සෙ.. හි හි..

      Delete
    4. දමිත් & සෙන්නා,

      මොන විකාරද බං? ඔච්චර කාලයක් ඔව්ව කොහෙ මතක හිටින්ඩද? මම ඇවිල්ල අපෙ උන්දැගෙ බේඩ්ඩේ එකත් අමතක වෙච්චි බුවා වෙච්චි...හෙහ්, හෙහ්, අන්න එහෙමයි අපි....තේරුණය?

      මට අරුන්දැ කවි ලියල තිබ්බෙ ඔන්න ඔය විදිහෙ තේරුමක් එන විදිහට කියල යන්තමට වගෙ මතක තිබ්බ. මේ ඇවිල්ල ඒ අනුව මම ගැටගහපු කවි දෙක…:)

      Delete
    5. දමිත්,

      / අන්තිමට අහනව "ඔය කිවුවට බොරු වෙන්න ඈති නෙ " කියල. /

      ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ....අපි කිව්වොත් ඉතිං බොරු....ඔන්නං මම උඹට ජයනාත්ව සෙට් කරල දෙන්නං..උගෙම්ම අහගනිං විස්තරේ...හැබැයි පුතා..පස් සෙ මට දොස් කියන්ට එහෙම එපා..අඩුම ගානෙ දවස් තුනක්වත් යාවි ඌට ඔය විස්තරේ කියන්ට...

      Delete
    6. හිරු,

      එහෙම්මමත් නෙවෙයි බං...:)

      Delete
  5. "මලකින් බේරෙන පැණි බින්දූ" සින්දුව එහෙම අහලා ඇති නේද ප්‍රතිවාදනය වෙනකොට.. :D

    ReplyDelete
    Replies
    1. අහල නං නෑ මලේ...හෙහ්, හෙහ්....

      Delete
  6. අද ඊයේ වුණා වගේ අතීතයේ සැරිසරන හැටි නම් හරි අගෙයි...:)
    හොඳට ලේ පිරිසිදු වෙනවා...:)

    ReplyDelete
    Replies
    1. සඳා,

      ඔබතුමියගේ රුධිරය මනාකොට පාරවිලයනය වීම පිළිබඳව මගේ බලවත් ප්‍රීතිය!!!

      Delete
    2. රුධිරය පාරවිලයනය..?? මම හිතන්නේ චුට්ටක් විතර වචන ටැපලිලා වගේ නේද රවී..?? :)

      Delete
    3. රුධිර සංසරණය

      Delete
    4. Rudhira Kandu Perima.....

      Delete
    5. සමාවෙන්න ..සමාවෙන්න...පාරවිලයනය කියන්නෙ ඒක නෙවෙයි නෙව...

      රුධිර පාර විලයනය කියන්නෙ ලේ බොනව කියන එකනෙ...හෙහ්, හෙහ්…

      මේ මම කාලෙකට ඉස්සර ලියපු මහ බයානක කතාවකිං උපුටා ගත්තු කෑල්ලක්....

      " දැල්වෙන පහන්සිලේ ආලෝකයෙන් තද නින්දේ පසුවූ ඇය වඩාත් රූමත්ව පෙනිනි.ඇය දෙස මොහොතක් බලා සිට සෙමෙන් පහත්වූ ඩ්‍රැකියුලා ඇගේ සුමුදු ගෙලින් රත්වන් රුධිරය පාරවිලයනය කළේය. "

      Delete
  7. Replies
    1. දිලිනි,

      ස්තූතියි නෝනා මහත්මයා..ස්තූතියි..:)

      Delete
  8. ඇත්තටම හිනාවෙලා පනයනව මේ කතා කියවද්දි.
    ඒ කාලේ මුළු ජීවිතේම රස ගුලාවක්නෙ.
    දැන් ගෙවන ජීවිතේදි එහෙම සොමි බුවාල සෙට් වෙන්නෙ නැහැ නේද?
    කට්ටිය සෙට් වුනාම පරන දේවල් කියවනව මිසක් මෑතකදි වෙච්ච දේවල් ඇත්තටම නැහැ වගේ මම හිතන්නෙ.
    ඔබේ අදහස......?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      කාලෙන් කාලෙට එහෙම තමයි බං, ජීවිතේ විඳින්නෙ කොහොමද? කියන කාරණය ගැන තියෙන ආකල්ප, ඒ වගේම ඒ සඳහා උපයෝගී කරගන්නා ක්‍රම සහ විධි යුගයෙන් යුගයට සහ එකම යුගයක උනත් පුද්ගලයින් දෙදෙනෙකු අතරේ වෙන්නත් පුළුවන්, බොහෝ සෙයින් වෙනස් වෙනව. ඒක තමයි යථාර්තය.ඒකට අපිට කරන්න දෙයක් නෑ.

      මම උනත් මේ වගෙ කාලෙක ඔහොම දුෂ්කර ප්‍රදේශයක සේවය කලානම් මගෙ ආතල් එකත් හවසට ලැප් එක දිගඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්න එක වෙයි බොහෝ විට.

      Delete
  9. ෂිහ්.. දැන් කාලෙ සින්දු රිපීට් වෙන්නෙ නෑනෙ. එහෙම වුනා නම් ලස්සන ලස්සන ඒව ඇහෙයි. :D:D

    ReplyDelete
    Replies
    1. චන්දන,

      එහෙම රිපීට් වෙන්නෙ නෑ කියල අතෑරල දාන්න එපා මල්ලි. එහෙම උනොත් කියල උපකල්පනය කරපං, අරින්ට එපා...:)

      Delete
  10. Will never forget golden old days as such...Gal+soda+murukku+gold leaf+ bokke friends+ wedeegena enakoda songs...heh..heh...

    ReplyDelete
    Replies
    1. I forgot Soda.....Thanks Sakala...Those were the days eh?

      Delete
  11. හ්ම්ම් මේ පාරත් කවිය ලියල නෑ. කවදා ලියවෙන කවියක්ද මන්දා :) විජිත ඉවසුවනම් අපිත් ඔන්න ඔහේ ඉවසන්නම්

    ReplyDelete
    Replies
    1. හිටපං බං ටිකක් ඉවසල....බොලාට ඉවසිල්ල කියන එක ගෑවිලවත් නෑ නෙව හැබෑටම..Part 3 - Poem have :)

      Delete
  12. ඇයි බං අනේපිඬු සිටානෝ සින්දුව හිරවෙන්නේ අනේ අනේ අනේ අනේ අනේ කියන තැනින්මනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං අර 'අකලට වට මහ වරුසාවක්සේ' කියන සිංදුව හිරවෙන්නේ අසුබ කියන වචනෙනමනේ.

      Delete
    2. ඒ දවස්වල ගුවන් විදුලියෙ තැටි ගබඩාවෙ තියන තැටිවල ගායකයො / ගායිකාවො එක්ක තියෙන ඉරිසියාවට ඇණ වලින් ඉරි අඳිනවලු. ඒකත් ඔය එක තැන දුවන්ට ප්‍රධාන හේතුවක්ය කියල කියනවා.

      Delete
    3. මට බස් එකේ යද්දීත් ඇහිලා තියෙනවා අර "බුදු තාත්තේ බොන්න එපා" කියන සිංදුවේ නවතින්නෙම "බොන්න.. බොන්න.." කිය කියා..

      Delete
  13. අද නං කෙලින්ම කතාව කියාගෙන ගිහිල්ල තියනව ලබ්බ පොලේ ගැහුව වගේ,ඇයි මග දිගට හන්දි වංගු එහෙම තිබ්බේ නැතුවයි.

    ReplyDelete
    Replies
    1. මේ වනිතාවියොංගෙං බැනුං අහලම කං කුට්ටම සෝ සෝ ගානව...පඳුරු තැලිල්ල ටිකකට අත ඇරල දැම්ම බං...ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ සීරීස් එකක් තියනවනෙ..විමලෙගෙ වාං පතුල් කතා..වහාම ඒක ආයෙම පටං ගන්නයි මයෙ හිතේ...

      Delete
  14. රවී.....මට ඉවසිල්ලක් නැහැ උඹ විජිතයට හදලා දීපු රිප්ලයි එක බලනකන්. මේක නම් නියමයි.පරිවර්තනය උඹේද?
    \\බුබුළු කියනකොට මතක් උනේ ….බිබිලි නඟින බෙලිකටු සහ දෙදරන දඟර සුළං…Blistering barnacles & Thundering typhoons….//

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එක නෙක්ස්ට් එපිසෝඩ් එකේ අරූ...

      පරිවර්තනය මගේ නෙවෙයි. ඔහොම තිබ්බෙ අර ටිං ටිං කාටූන් ගියානෙ රූපවාහිනියෙ, අන්න එව්වයෙ. ටයි මහත්තයගෙ පරිවර්තනයක් වෙන්න ඇති.

      Delete
  15. ආර්ථික විද්‍යාවේ ඉගැන්වූ භාණ්ඩ හුවමාරුව නරකම නෑ මේ වගේ වෙලාවක. ඉල්ලුම හා සැපයුම න්‍යාය හරි..

    ReplyDelete
    Replies
    1. එහෙනං, එහෙනං දයා..ඉල්ලුම අනුව තමයි සැපයුම....හෙහ්,හෙහ්...ස්තූතියි ....:)

      Delete
  16. ඔයාකාර බීම වලට නම් කොහොමත් විරුද්දයි අප්පා..අන්තිමට නැති ලෙඩත් හැදිලා ප්‍රශ්න ලෝකෙකුත් එක්ක තමයි නතර වෙන්නේ..!!

    කවියේ ඉතුරු එපිසොඩ් එක බලන්න එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද නෝනෙ..මාත් ඇවිල්ල දැඩි මත්පැං විරෝදියෙක්..ඒකනිසාම තමයි මම මත්පැං දැක්ක දැක්ක තැන පුලුවං ඉස්මනට බීල දාන්නෙ...තේරුණාය?....

      හැකි විගස මත්පැං මේ ලෝකෙං තුරං කොරන්ට මට පුළුවන් විදිහට මගේ කාර්ය භාරය මම ඉටුකරනව අනලස්ව අන්න ඒ විදිහට.....ආන්න දැක්කද? අපි එහෙමයි....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...