හැත්තෑවෙ දශකයෙ කෑගල්ලෙ නගර සභා ශාලාවෙ නාට්‍ය පෙන්නුව. ඒ දවස්වල මුළු කෑගල්ලටම ඉඩ පහසුකම් ඇතිව ප්‍රසාංගික කලා සංදර්ශන පෙන්වන්න තිබුණෙ හාල්පොත වගෙ එච්චරම තමයි. තාමත් නගර ශාලාව නම් තියනව බොහොම වයසට ගිහිල්ල අබල දුබලව.
ඉතාම කලාතුරකින් කොළඹ ඉඳල පේරාදෙණියට බස් එකේ යන වෙලාවක ( ඉතාම කලාතුරකින් බස් එකේ යන කිව්වෙ මම වැඩිපුර යන්නෙ කෝච්චියෙ නිසයි .කෝච්චියෙ ගමනෙ තියන්නෙ කියල ඉවරයක් කරන්න බැරි, ඒ වගේම ලියල ඉවරයක් කරන්න බැරි අමුතුම සුන්දරත්වයක්...ඒ ගැන ආයම ලියන්නම් වෙනම ) මල් පැළ ප්‍රදර්ශන, ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වගෙ ඒවගෙ බැනර් නගර සභාව ඉස්සරහ සුලඟෙ පැද්දි පැද්දි තිබුනට නාට්‍ය දර්ශනයක් වගෙ එකක් ගැන කියවෙන බැනර් එකක් නම් මම දැක්කෙම නැති තරම්.
ඒත් අර මම හැමදාම උදම් අනන හැත්තෑව දශකයෙ කෑගල්ල නගර ශාලාව බොහොම කලාබර ස්ථානයක්..මම ඉස්සෙල්ලම " ස " බැලුවෙ…. බැලුවෙද ඇහුවෙද මන්ද...දෘශ්‍ය කලා ප්‍රසංගයක් උනාම බැලුවයි ඇහුවයි දෙකම වෙන්න එපාය නේද? හරි එහෙනං ඉස්සෙල්ලම " ස " ඇහුවෙ බැලුවෙ…නැත්නම් බැලුවෙ ඇහුවෙ... ඔතන.
ශ්‍රී සම්බුද්ධ සද්ධර්ම අනුහසින්,
කමලාසනාරූඪ සරස්වතී ආ..ශීර්වාදයෙන්,
රසික ඔබ මිලනයෙන්,
ආනන්ද ජනක වූ,
මේ සොඳුරු රාත්‍රී යාමයේ,
සුවහසක් සවන් යුග,
ප්‍රීතියෙන්……
උදම් වේවා!!
ප්‍රීතියෙන්,
උදම්ම්ම්ම්ම්...වේ ඒ..ඒ...ඒ..වා!!!!
වික්ටර් " ස " පටන් ගන්නෙ අන්න එහෙම .....ඒ එක්කම ප්‍රේමකීර්තිගෙ දයාබර කටහඬ....ප්‍රේම්ගෙ පූර්විකාවෙ මුල හරිය නම් දැං මතක නෑ..ඒත් ඉවර කරන්නෙ මෙහෙමයි.
" සංගීතය වනාහී ලෝකයක් සංහිඳවන සුව ඔසුවයි, එසේම ආත්මය සිහිල් දියෙන් නහවන අමා දිය දහරයි, ඒ සුව ඔසුවේ ඒ සිහිල් දියදහරේ කිමිද සැනහෙන්නට පූර්වාත්ම භාවයෙහි පින්කල සහෘදයනි ...ඔබ සැමත්... ඒ වගේම වික්ටර් ඔබත් මමත් මහත් පිනැත්තෝ වෙති. ඒ සිහිල් දිය දහරේ කිඳෙන්නට ඒ සුවඳ ඔසුව ගල්වා සැනහෙන්නට සුවහසක් රසිකයිනි ඔබට සදාදර ආරාධනා!!!! "
ඒ වගේම දුන්න දුනු ගමුවේ,පුස්ලෝඩං, රතු හැට්ටකාරි, තුරඟා....සුබ සහ යස... සෙක්කුව වගෙ නාට්‍ය මතකයි යන්තමට වගෙ. ඒත් අර හරක දුවන කෝච්චිය දිහාවෙ බලාඉන්නව වගෙ නලු නිළියො පාට පාට ඇඳුං ඇඳගෙන හයියෙං කෑ ගහගෙන වේදිකාවෙ එහාට මෙහාට දුවනව කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මිස ඒ නාට්‍යවලින් කියවුනෙ මොකද්ද කියල මට අඳෝ සංසාරයක් තේරුණේ නම් නෑ.
එහෙම චාන්ස් එකක් හරි ඔන්න මට ලැබුණෙ ඒ දවස්වල අපෙ ගෙදර නැවතිලා හිටිය මගෙ ඥාති සහෝදරයෙක්. මනුස්සය නාට්ටිය පිස්ස. එයා එක්ක තමයි මමත් ඔව්ව බලන්න ගියේ.එව්ව බලල මට පාඩුවක් එහෙම උනේ නම් නෑ. මගෙ සම වයසෙ යාලුවො බලන්නෙ ඇවිල්ල චිත්තරපටි විතරයි . නාට්ටිය උංට අරහං...නාට්ටිය බලන්ට යන මට ඒ නිසා තිබුණෙ පුදුම සැලකිල්ලක් යාලුවො අතරෙ.මොලේ කොලොප්පං මේකට... බහුතරයක් මා ගැන කිව්වෙ එහෙම..හැත්තෑ ගණංවල මොළේ කොළොප්පං කියන ව්‍යාවහාරය තිබුනද කියල නම් මතක නෑ. එහෙම තිබුනයි කියල හිතාගෙනයි මම එහෙම කිව්වෙ. තිබ්බෙ නැත්තං ඔය වෙන මොකක් හරි ඊට සමාන අදහසක් දෙන කතාවක් කියන්ට ඇති.
ඔය බලපු නාට්‍ය අතර මගෙ මතකයෙ අදටත් රැඳිල තියෙනව සිංහබාහු..මතකයෙ තියෙනව කිව්වෙ මෙහෙමයි ඇත්තම කිව්වොත්. මූණ පුරා සායං උලාපු ඇස් වටේ ඉරි ඇඳගත්තු ගෑණු පිරිමි මහ හයියෙං කෑගගහ ඉස්ටේජ් එක උඩ එහාට මෙහාට දිව්ව පැන්න කියල තමයි හිතේ ඇඳිල තියෙන්නෙ.පොඩි එකා සන්දියෙ හින්ද එහෙම තමයි කියමුකො. ඊට පස්සෙං පහු දැනුං තේරුං තියන කාලෙ උනත් මම ඔය මනමේ සිංහබාහු නාඩගං දෙකම ආයෙම බැලුවට අනේ මන්ද මයෙ තියන පූරුවෙ පව්කාර කමක මහතද කියල මට ඒ දෙකම දිරෙව්වෙ නං නෑ.ඉතිං ඇත්ත කියන්ට එපාය...නැද්ද?
නාඩගං ගැන අන්න එහෙමයි..පොඩි කාලෙ ඇල්ලුවෙත් නෑ ලොකු උනහමත් ඒකෙ වැඩි වෙනසක් උනේ නෑ.ඒත් පොත් ගැන ඊට වෙනස්. යංතං අකුරු හතරක් ගැටගහගෙන වචනයක් කියවන්ට, වචන අටක් ගලපාගෙන වාක්‍යයක් කියවල තේරුං ගන්ට පුලුවන් වෙච්චි දවසෙ ඉඳල මම පොත් කියව්වෙ පිස්සුවෙං වගෙ. හතේ අටේ පංති වෙනකොට මම අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ පොත් ඔක්කොම වගෙ බලල ඉවරයි.මෙතනිං එහාට වැඩිදුර ඒ ගැන තොරතුරු කියන්ට ගියොත් " උඹ දැං පඳුරු තැලිල්ල ඉවර කරලද ඔය නයා එලවන්ට තියාගත්තෙ? " කියල ඔහෙල උනත් අහන්ට බැරි නෑ. එනිසාවෙං ඒ ගැන කිව්ව ඔය හොඳටෝම ඇති.
රයිට්..පුස්තකාලෙ තිබිල ගුණදාස ලියනගේ නොහොත් ගුලි මහත්මයාගෙ පොත් දෙකක්....දෝන කමලාවතී සහ අම්මෙ මං ගිහින් එන්නම්...ආන්න පොත්...කමලාවතීටත් එහා අර දෙවෙනියට කිව්ව පොත.හෙහ්, හෙහ්...රයිට් ඒ ගැනත් විස්තර දෙවනුව. ඉතා අගනා පඳුරු තැලීමකට නිමිත්තක් පහළව ඇති නමුදු අද ඒ සඳහා සුදුසු නොවන බැව් උදක්මැ හඟිමි.රයිට් ඒ කතාවත් දෙවනුව.
පුස්තකාලෙං මම කියවාපු තවත් පොත් දෙකක් ඇවිල්ල මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා...ඕකෙ මම මුලින් කියෙව්වෙ මළවුන්ගේ අවුරුදු දා...ඒ වෙනකොට මලගිය ඇත්තෝ කවුද අරගෙන ගිහිල්ල. පස්සෙ මම ඒකත් කියෙව්ව...
අපිට ඒ දවස්වල සිංහල උගන්නපු සර්ම තමයි එතකොට පුස්තකාලෙත් බාරව හිටියෙ.මගෙ කියවීමෙ පිස්සුව හින්ද එතුමාම තමයි මට කිව්වෙ …." පුතා... මේ පොත් දෙක අරගෙන ගිහිල්ල කියවන්න ..." කියල.
අපේ සර් පේරාදෙණියෙ උපාධිධාරියෙක්. ඒ නිසාම තමයි මම හිතන්නෙ ඒ පොත් දෙකට ඒ තරම්ම ආදරය කලේ. මමත් ඉතිං ඔන්න පොත් දෙකම කියෙව්වය කියමු. ආපහු ගෙනත් දෙනකොට සර් අහපි " මොකෝ පුතා පොත් දෙක ගැන හිතෙන්නෙ ? හොඳද? "
මම ඉතිං එහාට මෙහාට ඇඹරිල කාරිය එහෙම අන්තිමට ඇත්තම කිව්ව." අනේ සර් මට ඒ කතාව තේරෙන්නෙ නෑනෙ..."
සර් ඒ වෙලාවෙ හිනාවෙලා කිව්ව. " මම ඔයාට ඔය පොත් දෙක කියවන්ට කියල කිව්වෙ ඒ කතාව තේරුම් ගනීවිය කියල හිතපු නිසාම නෙවෙයි. කමක් නෑ. දැනට ඒක අමතක කරල දාන්ටකො. තව අවුරුදු පහළවකින් විස්සකින් ඒත් නැත්තං විසි පහකින් විතර ආයෙම මේ පොත් දෙක කියවන්න. එතකල් දෙවෙන්දොරා සහ නොරිකො කියල දෙන්නෙක් ඉන්නවය කියල යන්තමට මතක තියාගත්තම හොඳටම ඇති.ආයෙම කියවනකොට පුතා ඔයාට හිතේවි පොඩි කාලෙදි බොහොම හොඳට දන්න හඳුනන දෙන්නෙක් කාලයක් කොහෙදෝ ගිහිල්ල ඉඳල ආපහු හම්බ උනා වගෙ කියල...හෙහ්, හෙහ්, "
අර කිව්වත් වාගෙ අවුරුදු විසිපහක් නං යන්ට උනේ නෑ ඇත්තම කිව්වොත්. නොහිතූ නොපැතූ විදිහට මට දෙවෙන්දොරයි නොරිකොයි හම්බ උනා...
සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,
සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,
හෙටත් සකුරාමල් පිපේවි...ඒ වගේම මේ හුළඟත් හමාවි.......සුළඟේ පාවෙලා ආපු සකුරා මල් අද වගේම මේ පාර දිගට වැටිල තියේවි.......ඒත්......ඔබ...ඔබ..... හෙට නෑ.....මම තනියම..........
නොරිකො එහෙම කිව්ව.....දෙවෙන්දොරා ට.........ඇත්ත, එහෙම තමයි උනේ,
ඒත් දෙවෙන්දොරා ආයෙම එනව.....ඔව්.....ආයෙම එනව...ඒ මළවුන්ගේ අවුරුදු දා.....එකම ඉටිපන්දමක් දැල්වෙන...... මලවුන් වෙනුවෙන් දල්වන පහනක් අරගෙන......... ඔබ..... එන්න නොරිකො,........... එදාට නොවරදවාම ඔබ එන්න........මම ඇවිල්ල ඉන්නම්, ඔබ එනතුරු මග බලාගෙන මම ඉන්නම්.......
" මා මේ වෘත්තාන්තය ලියන්ට පටන්ගත්තේ, එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසු ය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතු ය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවැනි කොටස ලියන්ට මට ඉඩ ලැබෙන්ට පුළුවන. එහෙත් අනාගතයෙහි, කිය යුතු දෙයක් සිදුවේ දැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කථාව අවසන් කරන්ට තිබුණි. එවිට මෙය, කරුණා රසයෙන් පිරි නිබන්ධයක් යැයි ඔබ කියනු නිසැක ය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.” - මළගිය ඇත්තෝ
" කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. '' - කල්පනා ලෝකය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ප.ළි - එදිරිවීර සරච්චන්ද්‍ර මහා පුරුෂයාණන් අභාවයට පත්ව පසුගිය අගෝස්තු 16 වන දිනට පුරා සතළොස් වසරක් සපිරුණි.

හෙහ්, හෙහ්, ආන්න බලන්න පිංවතුනි...ආනන්දය ...කාලෝ අයංතේ...කියල අපේ බුදු හාමුදුරුවොත් කිව්වලු. ගරුතර ( එහෙමකට තර නං නෑ අනේ කිව්වම මොකද? ) කෙළෙඹි පුත්‍රය , ගොමු තැලීමකට ඔබට මේ කාලයයි...ඒත් බෑ මෙයා...මම කලිනුත් කිව්වනෙ හැමදේකටම තියනව වෙලාවක් සහ කලාවක්..එහෙම නැත්තෙ කාරණා හතරකට විතරක්ය කියලයි පුරානෙ හිටපු පඩි ගොල්ල පඬිද මන්ද හරි වචනෙ ඒත් පඬි කියල මයිල් වලටත් කියනව නේද?..බලු පඬි, පූස් පඬි..ආන්න ඒ වාගෙ..
හරි ගොමු තැලිල්ලට තුඩුදෙන්නාවූ කතා වස්තුව වෙනම කියන්නං ..ඒකත් මයෙ පේම පුරානෙ තවත් එක් අනුවේදනීය, අනබිබවනීය, සදානුස්මරනීය පරිච්චේදයක් ආය ඔහෙලට කිව්වම මොකද? හෙහ්...හෙහ්
ඒ කතාවෙ සමාරම්භය නම් මෙහෙමයි.....
කාලය - මට මතක විදිහට වසන්තිගෙ යුගයට පස්සෙ වෙන්න ඕන...යස්..ඔව්...එහෙම තමයි...

අපෙ අල්ලපු චමරියෙ හිටිය විජිත කියල හොඳ උස මහත ලස්සන කොළුවෙක්...අපි වගෙ එහෙම නෙවෙයි ඔන්න...හෙහ්, හෙහ්, අපිට තරං නෑ වයසකුත්...හරිම අහිංසකය..මස් මාලු තියා ආය නියපොත්තක්වත් කන්නෙ නෑ....ඔය අනික් නොබොන එවුං එහෙම අපි ඔය සිංදුවක් දෙකක් කියනකොට ඇවිල්ල අප්පුඩියක් එහෙම ගහනවනෙ. මේකා එහෙමවත් නෑ ...ගෙදර ඉන්නවනං පැය බාගෙකට සැරයක් අම්මටයි තාත්තටයි වඳිනව කියල උගෙ අල්ලපු ගමේ එකෙක්මයි අපි එක්ක කිව්වෙ දවසක් ඔය පොඩිවට කර්මාන්තයක් කරන අතරෙදි.
හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව. හරි කෙටියෙන් කිව්වොත් ඔය දවස්වල විජිතය බස් එකේ එද්දි ගුරු මානවිකාවක් සෙට් වෙලා තිබ්බ. වැඩේ බොහොම අපූරුවට නැඟල යනවයි කියලයි අපිට ආරංචි උනේ.
ඒත් මෙන්න දවසක් හවස අපි මිදුලෙ වාඩි වෙලා කයියක් ගගහ ඉන්දැද්දි මේකා එනව..මූණ කට එහෙම හොඳටම මැලවිලා..
" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව…
" මොකද බොල?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව.
" එහෙමමමත් නං නෙවෙයි. …"
" එහෙනං?.... ඉතිං කියාපංකො.."
" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…"
" ඉතිං ? උඹත් ලියාපං කවි…" ජයේ හක හක ගාල හිනා උනා
" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...."
" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං එච්චරනෙ තියෙන්නෙ…"
" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව.
" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…"

හරි දැං කෙලිම්ම කතන්දරේ අවසානයට....
මේ කතාවෙ අවසානය මෙහෙමයි..කුරුණෑගල වැව දන්නව නේද?
ඒ වෙනකොට වැඩිය වතුර නම් තිබුණෙ නෑ...වැව අයින දිගට දිවෙන තාර පාරෙන් අඩි පණහක් හැටක් වගෙ ඇතුලට වෙන්න තිබ්බ ගෙයි ඉස්තෝප්පුවෙ අපි වාඩි වෙල හිටිය, වේවැල් පුටු දෙකක. වැව දිහායිං එන හුළඟ දාහය නිව්ව නෙවෙයි තව වැඩි කලා. බිත්ති කණ්ඩිය උඩ තිබ්බ පත්තරයක් අරගෙන මම දාඩිය නිවාගන්න උත්සාහ කලා.
" ඉන්න මම ෆෑන් එක අරං එන්නං. "
එයා ගිහිල්ල ටේබල් ෆෑන් එකක් ගෙනැල්ල බිත්ති කණ්ඩිය උඩම තියල ක්‍රියාත්මක කලා. හීතල හුලං පාරෙ සනීපෙට මම එහෙම්ම ඇස් පියාගත්ත.
" එතකොට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරම තමයි නේද? " ඇගේ කටහඬට මම ඇස් ඇරිය.
" ඔව්..මාත් එක්ක තරහ වෙන්න එපා…" මම කිව්වෙ ඇය දිහාවෙ යන්තමට බලල ආපහු වතුර හිඳිච්ච වැව දිහාවෙ හැරිල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන.
" කමක් නෑ, ඔයාගෙ තීරණය ඒකනම් මම මොනව කියන්නද? …" ඇය කිව්වෙ තවත් ටික වෙලාවකට පස්සෙ.
" මගෙන් පුංචි තෑග්ගක්, " කුරුණෑගල බස් නැවතුම්පලේදි සමු ගනිද්දි ඇය මට දුඹුරු පාට කඩදාසියක ඔතපු පාර්සලයක් දුන්න.
නුවර බස් එකට නැඟල ජනේලෙ අයිනෙ සීට එකක වාඩිවෙලා මම පාර්සලේ ලිහුව. පොත් දෙකක්...මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා...පොත් දෙක දිහා බලාගෙන බොහොම වෙලාවක් ගතකරපු මම සීට් එකට හේත්තුවෙලා උඩට ඇදගත්තු දිගු සුසුමක් පහලට හෙලුව පපුව ඔක්කොම හිස් වෙලාම යන්ට.
දෙවෙන්දොරා සහ නොරිකො ආයෙම මගෙ ජීවිතේට ඇතුළු උනේ අන්න එහෙමයි. ඇය මගෙන් ඉවතට යද්දි ඔවුන් මට ආයෙම සමීප උනා.
කතාවක ඉන්න චරිතයක් කියන්නෙ කතුවරයගෙ හිතේ මැවුනු හිතුවිල්ලක්. එහෙම හිතුවිල්ලකට පණ ලැබිල එයින් බිහිවුනු මනුස්සය ඇත්තටම මේ ලෝකෙ ජීවත්වුනු ලෙයින් මසින් සැදුණු පුද්ගලයෙක් විදිහට සලකල කාලාන්තරයක් තිස්සෙ දෙනෝ දාහක් ඒ මනුස්සය හිතුවෙ මොනවද?...මිනිහ අරම කලේ ඇයි? මෙහෙම කලානං ඔයිට වඩා හොඳ නැද්ද?...ඔන්න ඔහොම බොහොම භාවාතිශයව වාද විවාද කරනව කියන්නෙ මම හිතන්නෙ ඒ චරිතයට වගේම ඒ චරිතය මවපු කලාකාරයටත් කරන්න පුළුවන් උපරිම ගෞරවය අඩුවක් නැතුව පුද කරනවයි කියන එක.
ගම්පෙරළියේ නන්දා සහ පියල්...විරාගයේ අරවින්ද...චරිත තුනක් ඉසා....නිධානයේ විලී අබේනායක..පරසතුමල් බොනී මහත්තයා...ෆ්ලොරෙන්ටීනෝ අරීසා...හනිබල් ලෙක්ටර්...ඒ අතරට අනිවාර්යයෙන් එකතුවෙන චරිතයක් දෙවෙන්දොරා සං.....
කතාව කියවල පොත පැත්තක තිබ්බම අමතකවෙලා යන චරිතවලට වඩා අපූරු චමත්කාරයක් තියෙනව නැවත නැවත මතක් කරමින් අවුරුදු ගානක් රස විඳින්න පුලුවන් චරිතයක් පොතක පිටු අතරින් එළියට ආහම. දෙවෙන්දොරා අන්න එහෙම චරිතයක්. මැදිවියට කෙමෙන් ළඟාවෙද්දියි මම දෙවෙන්දොරා හරියටම අඳුනාගන්ට පටන් ගත්තෙ කියල වෙලාවකට මට හිතෙනව. දෙවෙන්දොරාගෙ ගති ලක්ෂණ බොහොමයක් මගෙත් තියනව කියල මට වෙලාවකට හිතෙන එකත් ඒකට තව හේතුවක් කියලත් ඔන්න ආයෙම වෙලාවක හිතෙනව...
අපේ වත් ඉන්නවනෙ..ඒ යෝදිත් ඔය කතාවට බොහොම කැමතියි. මේ අවුරුද්දකට හමාරකට වගෙ උඩදි එයයි ඔය ගැන ලියාපු වියුණු සටහනකට මම ලියපු ප්‍රතිචාරය...
සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස,
පියවර මැන ගියා මතකයි අප දෙදෙන,
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස,

වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,
සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,
සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,
හෙටත් සකුරාමල් පිපේවි...ඒ වගේම මේ හුළඟත් හමාවි.......සුළඟේ පාවෙලා ආපු සකුරා මල් අද වගේම මේ පාර දිගට වැටිල තියේවි.......ඒත්......ඔබ...ඔබ..... හෙට නෑ.....මම තනියම..........
නොරිකො එහෙම කිව්ව.....දෙවෙන්දොරා ට.........ඇත්ත, එහෙම තමයි උනේ,
ඒත් දෙවෙන්දොරා ආයෙම එනව.....ඔව්.....ආයෙම එනව...ඒ මළවුන්ගේ අවුරුදු දා.....එකම ඉටිපන්දමක් දැල්වෙන...... මලවුන් වෙනුවෙන් දල්වන පහනක් අරගෙන......... ඔබ..... එන්න නොරිකො,........... එදාට නොවරදවාම ඔබ එන්න........මම ඇවිල්ල ඉන්නම්, ඔබ එනතුරු මග බලාගෙන මම ඉන්නම්.......
" මා මේ වෘත්තාන්තය ලියන්ට පටන්ගත්තේ, එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසු ය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතු ය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවැනි කොටස ලියන්ට මට ඉඩ ලැබෙන්ට පුළුවන. එහෙත් අනාගතයෙහි, කිය යුතු දෙයක් සිදුවේ දැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කථාව අවසන් කරන්ට තිබුණි. එවිට මෙය, කරුණා රසයෙන් පිරි නිබන්ධයක් යැයි ඔබ කියනු නිසැක ය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.” - මළගිය ඇත්තෝ
" කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. '' - කල්පනා ලෝකය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ප.ළි - එදිරිවීර සරච්චන්ද්‍ර මහා පුරුෂයාණන් අභාවයට පත්ව පසුගිය අගෝස්තු 16 වන දිනට පුරා සතළොස් වසරක් සපිරුණි.
මම කියෝල තියෙන්නෙ මළගිය ඇත්තො විතරයි. මට මළඋන්ගේ අවුරුදුදා පොත හම්බුනේ නෑ. ටවුන් එකේ එක ෂොප් එකකවත් නෑ. මළගිය ඇත්තෝ උසස්පෙළ කලා විශය ධාරාවේ සිංහල වලට තියෙන හින්ද ඒක අඩුවක් නැතිව තියෙනව. මළඋන්ගේ අවුරුදුදා හොයාගන්න ඕන කොහොමහරි.
ReplyDeleteපොස්ට් එක ලස්සනට ලියල තියෙනව රවී. ජය වේවා!
/මම කියෝල තියෙන්නෙ මළගිය ඇත්තො විතරයි. මට මළඋන්ගේ අවුරුදුදා පොත හම්බුනේ නෑ./
Deleteමටත් :(
Podi Shan,
Deleteෂික් බං බොලාට උසස් පෙලටද සිංහල පොතක් නියම වෙල තිබ්බෙ? ආන්න ලමයා ඒකට The glorious seventies.....අති උත්කර්ෂවත් හැත්තෑවේ දශකය…
අපිට හයේ පන්තියෙ ඉඳලම අවුරුද්දෙං අවුරුද්ද තිබ්බ බොල නියම කරල සිංහල පොත්...සෙල්ලං නෑ වාර විබාගවලට එව්වයිං පුරස්න අහනව. පොත කටපාඩං කරල නොතිබ්බොත් විබාගෙ පේල්..ඒත් අපරාදේ කියන්ට බෑ අපෙ කිසි එකෙක් පේල් නං උනේ නෑ ඔන්න..
මෙන්න මෙහෙමයි පොත් සැට් එක අනුපිළිවෙලට
6 ශ්‍රේණිය - මකුණා
7 ශ්‍රේණිය - යතුරු හිලෙන්
8 ශ්‍රේණිය - මදු සමය
9 ශ්‍රේණිය - දිවිය ලෝකෙ විත්ති
අපි නමයෙදි විභාගෙ කරපු නිසා පොත් මාලාව එතනිං අහවරයි…:)
ස්තූතියි ශාන්.....ඒක නෙවෙයි කෝ බං අයියා?
@ රවි,
Deleteමදු සමය කියන්නෙ අර කවි පන්තිය නේද? ඒකට විචාර ලියන්ට එහෙම ආවෙ නැද්ද?
බොලාට තිබ්බෙ පොත් විතරයි.. අපට පත්තරත් කටපාඩං කොරන්ට තිබුනා බං සාහිත්‍යය විෂයයට.. :)
@රවී,
Deleteඇයි බං අපි ඔය පොත් සැට් එකට අමතරව ඩීමන් ආනන්දගේ පොත් තිහ හතළිහකුත් කට පාඩම් කලා නොවැ.
රවී, ඔය පොත් වල ඊ වර්ෂන් එකක්වත් නැද්ද බං බා ගන්න? ඇත්තටමයි මේ අහන්නේ.
Delete@ Helapa,
Deleteවෙඩික්කාරයාට මිනී පෙට්ටියක්.....මිනී පෙට්ටියෙන් මතුවූ රෑමතිය..රෑමතියගෙ අබිරහස..අබිරහස් පාතාලය..පාතාලයට අමුත්තෙක්...අමුත්තා යලිත් නගරයට.. ඩීමන් ගොයිය ඔය වගෙ එකින් එක පොත් සැට් එකක් ගැහුව...එකක් නෑර කියෙව්ව..
මගෙ ඇඳ අස්සෙ තිබ්බ සවරින් බාර් පෙට්ටියක් හොඳ හයියට ලෑලි ගහල සරනේරු හයි කරපු පියනකුත් එක්ක. ඒකෙ තමයි ඔය පොත් ආරක්සා සහිතව තිබ්බෙ.
සවරින් බාර් මතකද?...අපේ කුස්සියෙ ජනේලෙ යකඩ පොල්ලක ගැට ගහල තිබ්බ නයිලෝන් වගෙ ලණු පොටක්..තෙල්ගාර ලණුව කියල ඕකට කිව්වෙ..ඒ මොකද කියල නම් බොලේ මතකයක්ම නෑ..ඔය ලණුව තදට ඇදල ඒකෙන් තමයි සවරින් බාර් එකෙං පොඩි කෑල්ල කෑල්ල කපල රෙදි හෝදන්ට ගන්නෙ.ආහ්..අපේ හිටිය බල්ලො හැමදාම අඩු ගානෙ දෙන්නෙක්වත්. එවුංව නෑව්වෙත් ඔය සවරිං බාර් ගාල...
බූරා,
Deleteහෙහ්, හෙහ්, එහෙනං එහෙනං..මදුසමය කවියෙං තමයි ලියල තිබ්බෙ...මම පොඩි කාලෙ අපෙ වත්ත පල්ලෙහ වෙරළු ගහට නැඟල හොඳට හරි බරි ගැහිල වාඩිවෙලා එහෙම වං කණේ ඇඟිල්ලකුත් ගහගෙන බොහොම සද්ද නඟල ඔය කවි පංතිය කියෝනව...තාම මතකයි බාං ඒකෙ කවි....
මේ ඊයෙ පෙරෙයිද යන්තමට කරදඬු උස් මහත්වෙච්ච තාම කණේ සබං මොඩල් එකේ හිච්චි එවුනුයි එකියොයි මෙතනට නේනවනං කවි හතර පහක් මෙතනම දාන්ට තිබ්බ. කොහෙද ඉතිං? ඉඳහං පද දෙකක් විතරක්වත් කියන්ට එහෙනං
ඩැයිවර ගැටය කන්නාඩිය හදාගෙන,
මගෙ සුදු කරන මේ හැමදෙය බලාගෙන,
ඊට වැඩිය නං බෑ හොඳද?
ඉඳහංකො මගෙ තියනව කම්පනාවක් බ්ලොග් එකක් පටං ගන්ට..For invited readers only....ඒකෙ දාන්නං ඔය ඔක්කොම...තව කතා තියනව මහ ගොඩක්....:)
හෙන්රි,
Deleteඅනේ බං ඊ වර්ෂන් නම් නෑ මම හිතන්නෙ...ඉඳපං අපෙ පන්සලේ ලොකු හාන්දුරුවො ගාව තිබ්බ කහ ගැහිච්ච ඔය පරන පොත් සැට් එකක්.මෙදා ගෙදර ගිහාම හතර ගාතෙ දාල වැඳල එකත්පස්ව ඉඳල එහෙම ඉල්ලගන්ට ඕන ආපහු දෙන්නම්ය කියල.
ඊ වර්ෂන් නම් මන්දා.. මදුසමය කවි පන්තියේ පී ඩී ඇෆ් එකක් නම් මයෙ ගාව තියෙනවා.. :)
Deleteඔව් විවිධ කලා කෘති වලින් විවිධ ජීවන කාලවලදි අපිව හමුවෙලා ආයි ආයි ඒ චරිත අපි වෙත එන්නෙ අපි ජීවිතේ අත්දැකීම් වලින් පිරිපුන් වෙන කොට විවිධ අර්ථකතන ගෙන එමින්..ඒ නිසා කවදාවත් හොඳ කලා කෘතියක් කියවලා අවසන් කියලා කියන්ඩ බෑ..දවසින් දවස පැයෙන් පැය ..තත්පරෙන් තත්පරේ..ඒවා නැවත නැවත කියවෙනවා..
ReplyDeleteWeni,
Deleteහරියටම හරි වෙනි..ඇත්තම ඇත්ත තමයි...අද පොතක් කියවන මනුස්සය නෙවෙයි තව අවුරුදු පහකිං ඒ පොතම කියවන්නෙ..ඊට වෙනස් කෙනෙක්...තවත් අවුරුදු පහකින් වෙනම මනුස්සයෙක්..ඒ නිසා ඒ අත්දැකීම් එකිනෙකට වෙනස් වනව අනිවාර්යයයෙන්ම...අපේ සිංහල සර් මට ඒ පොත් දෙක තව අවුරුදු විසිපහකින් කියවන්න කියල කිව්වෙ එතුමා ඒ ගැන හොඳටම දන්න නිසයි...
උඹගෙ මේ ලියවිල්ල මම කියෙව්වෙ එෆ් එම් දෙරණේ, බන්දුල නානයක්කාරවසම් මහත්තයා රෑ ඉර පාන වැඩසටහන කරන විලාසයෙන්... අපූරු ලියවිල්ල.
ReplyDeleteජය !
ඔව්. මමත් බොහොම ආස කරන වැඩසටහනක් ඒක.
Deleteරෑ ඉරපාන මමත් බොහොම ආසාවෙන් අහන වැඩසටහනක්...ස්තූතියි බොහොමත්ම සෑම් සහ දිලිනි ...:)
Deleteමටත් මීටර් උනේ ඒක....
Deleteනිමාවක් දැකීම (closure) කියන එක මිනිසා ස්වාභාවිකවම හොයන දෙයක්. මරණයකදි උණත්, මිනියට අවසන් ගෞරව කරලා, දානයක් දීලා පින් පමුණුවලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒ නිමාව. දෙවෙන්දොරා, නොරිකො ගෙ කතාවේ අර මිනිස්සු බලාපොරොත්තු වෙන නිමාව නැහැ... මළගිය ඇත්තෝ පොතේ කියා ඇති පරිදිම, ඒක පිරිපුන් රටාවකින් ගොතා නිමා කරලා නැහැ... මිනිස්සුන්ට හිතින් අත් අරින්න බැහැ ඒක... හිතට වද දෙනවා. ඒ නිමාව හොයාගන්න මිනිස්සු දරන උත්සාහයන් තමයි මෙහෙම නැවත නැවත ලියවෙන්නේ කියලා මම හිතන්නේ.
ReplyDeleteඅපි නිතර වරද්දන වචනයක් හරියට ලියලා තියනවා දැක්කා... "අනබිබවනීය"... කට වහර ඇරලා හරියට ලිව්වොත් 'අනභිබවනීය'. බොහෝ තැන් වලා මේක පාවිච්චි වෙන්නේ 'අනගිබවනීය' කියලා... මාත් එහෙම පාවිච්චි කරලා තියනවා මං හිතන්නේ.
නමුත් හරි වචනේ අනභිබවනීය - අභිබවා යා නොහැකි කියන තේරුමෙන්...
තිසර,
Deleteහෙහ්, අපූරු විග්‍රහයක් මලේ....එහෙම හිතනකොට ඇත්ත තමයි කතාව...දෙකෙන් එකක් මොකක් හරි වෙල කෙලවර වෙන්නෙ නැතෑ..කියල කතාවට කියන්නෙත් ඒ නිසා වෙන්න ඕන....
දෙවෙන්දොරා වගෙ මිනිස්සු අද අපිට ඒ තරම් අරුමයක් නෙවෙයි.. සාහිත්‍යයෙ, සිනමාවෙ අපි ඕන තරම් ඒ වගෙ අභව්‍ය මිනිස්සු ගෑණු දැකල තියනව. ඒත් මම හිතන්නෙ පණහෙ දශකයෙ අග භාගයෙ හැටේ දශකයෙ මුල් භාගයෙ වගෙ පාඨකයින්ට දෙවෙන්දොරා වටහා ගන්නට බැරි වුනු එක පුදුමයකුත් නෙවෙයි.සරච්චන්ද්‍ර මහත්මයගෙ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙනුයි ඔය පොත් දෙක ලියවුනෙ කියලත් මම කොහෙදි හරි කියෙව්ව මතකයි.
/රයිට්..පුස්තකාලෙ තිබිල ගුණදාස ලියනගේ නොහොත් ගුලි මහත්මයාගෙ පොත් දෙකක්....දෝන කමලාවතී සහ අම්මෙ මං ගිහින් එන්නම්...ආන්න පොත්.../
ReplyDeleteහික් ... ඔයි දෝන කමලාවතී පොත මම ගෙදර ඈයින්ට හොරෙන් කියවද්දී මට අවුරුදු දා හතරක් පාලොහක් විතර ඇති...ඉංග්‍රීසි යෙන් නේද ලියල තීන්නේ? ඒක තිවුනේ තාත්තගේ කන්තෝරු කාමරේ පොත් අල්මාරියේ...මට ඒකෙ පොත් කියවන්ට එපා එව්වා ලොකු පොත් කියල තිවුනේ...
හික්..ආයේ ඉතින් කියවන්ට එපා කිව්වම ඒකම කියවන්ට හිතෙනවනෙ...සැහෙන්න අධ්‍යාපනික වටිනාකමක් ඇති පොතක් ඇත්තටම :P
/මම ඉතිං එහාට මෙහාට ඇඹරිල කාරිය එහෙම අන්තිමට ඇත්තම කිව්ව." අනේ සර් මට ඒ කතාව තේරෙන්නෙ නෑනෙ..."
/
මළගිය ඇත්තො කියෙව්වා දැනට අවුරුදු කීපෙකට කලින්. මටත් ඒක ලොකුවට දැනුනේ නැහැ...ආයෙත් කියවන්ට ඕනි පොත හොයාගෙන.
අමා,
Deleteඉංග්‍රීසි පොත ආවෙ පස්සෙ අමා...ගුලි ගොයියම තමයි මට මතක විදිහට කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කලේ.
අධ්‍යාපනික වටිනාකම ගැන නම් කියල වැඩක් නෑ බොල...ඒ කාලෙ කොයින්ද ඉන්ටනෙට් යූ ටියුබ් එහෙම…
ඔය ඉතා වැදගත් කටයුතු ගැන අපි විකාරදයො උනෙ ඔය වගෙ පොත්පත් වලිම්ම තමයි.අර මම කලිං කිව්වෙ එක එක ශ්‍රේණි වලට නියම කරපු පොත් ...හෙහ්, හෙහ්..අන්න එව්වයිනුයි ඔය වගෙ පොත් වලිනුයි තමයි.කරුමක්කාරයෝ, යලි උපන්නෙමි. ගන්ධබ්බ අපදානය…
තව මට මතකයි වනසරණ පොතෙත්තිබ්බ ව්‍යාභිචාර සීන් එකක්....මම අවුරුදු 10/12 වගෙ කාලෙ අපෙ අත්තම්මට ඔය පොත්වල තියන කතා කියවනව උන්දැ එක්ක පිලේ ඉඳගෙන. ඔය වියාබිචාර සීන් එක උන්දැට ඇහෙන්ට කියවල මට මරු සීන් එකක් උනානෙ බං..ඉඳපං වෙනම ලියන්නං ඒ ගැන.
සාමාන්‍යයෙන් මං ඕනෙ පොතක්, පත්තරයක් තැනක් නොතැනක් බලලා කියවලා දාන එකා... ඒත් කොච්චරවත් ඔය නම් දෙක ඇහුවට මට කවදාවත් කියවන්න හිතිච්චි නැති පොත් දෙකක් තමයි ඔය... යන්තම් සකායි කියෙව්වා.. ඒත් දෙපාරක් කියවන්න හිතුන් නෑ.. රවීට සිංහබාහු, මනෙමේ ඇල්ලුවෙ නැති විදියටමද මන්දා ඒකත් ...
ReplyDeleteමට තියෙන කේස් එක ඇවිල්ලා ඔය පොත් දෙකේ මළවුන්ගේ කියලා පටං ගන්න හෙඩිම් දෙකෙන් එහාට යන්න බැරි එක මං හිතන්නෙ... ඇත්තටම මට ඔය පොත් දෙකේ නම් දෙක ඇහුවම කියවන්න හිතෙන්නෙ නෑ.. ඒක නං කරුමෙමද කියන්නත් බෑ... ඒ විදියටම කියවන්න තියා ඇහැට පේනවටත් අකමැති පොත් කීපයක් තියෙනව... ඒ අර අරාබි කෙල්ලන්ගෙ කතා ටික.. ඒවා නං කියවන්න ගියාම ඇඟේ ලේ ටික රත් වෙන නිසයි අකමැති...
දැන් ඉතිං මැදි වයස් නිසා හෙඩිමට තියෙන අකමැත්ත ගිලගෙන කොහොමහරි කියවන්න ඕනෙ කියලා හිතෙනවා.. ඇයි දෙයියනේ.. පුස්තකාල දෙකක් කියෝල ඉවර කරපු එකෙක් වෙලත් ඔය පොත් දෙක කියෙව්වෙ නෑ කියන්නේ මොන ලැජ්ජාවක්ද.... හි හි...
හිරු,
Deleteඅරාබි බබලත්තුංගෙ කතානං මම බැලුවෙ මුල්ම එක විතරයි. ඒකෙ පරිවර්තනය මට ඇල්ලුවෙ නෑ. ඒ නිසා එව්ව අතෑරලම දැම්ම...:(
කොහේද බොල උඹ මැදිවයස් වෙන්නෙ?...පිස්සු නං කෙලින්න එපා..උඹ මේ තාම ළඳබොලඳ වයසෙ ඉන්න එකී වෙච්චි. එහෙම හිතන්න එපා හීනෙංවත් ( දන්නවනෙ එහෙම කියන්නෙ ඇයි කියල?...හෙහ්, හෙහ් )
අනේ බං හිරුවෝ එහෙම නං හිතන්නවත් එපා. උඹ මැදි වයසේ උනාම අර අසරන වෙනි මාමටයි කෙන්ජි සීයටයි යන කල දසාව මොකක්ද? :D
Deleteහනිබල් ලෙක්ටර්, මට ටිකක් ටියුබ් ලයිට් වගේ බං
ReplyDeleteSilence of the lambs බලන්ට අනේ...
Deleteඒක සිරා ෆිල්ම් එකක්! :)
අඩේ රවී අයියේ එකෙ පොතක් තියේද? මම කියෝලා නෑනේ :(
හැලප,
Deleteහනිබල් ලෙක්ටර් කියන්නෙ මචං තෝමස් හැරිස් කියන ලේඛකයා මවපු චරිතයක්, හනිබල් අති දක්ෂ මනෝ විශ්ලේෂකයෙක්, ඒ වගේම සූක්ෂම මිනීමරුවෙක්,මස්තිෂ්කයට ඉතා ප්‍රියකරන මානව භක්ෂකයෙක්,
ඒත් එහෙම වෙලාතියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ කාලෙ හනිබල්ගෙ පවුලෙ ඔක්කොම මැරිල ඉතුරු වෙන්නෙ හනිබල් සහ පුංචි නංගි මීෂා විතරයි. හනිබල්ට අවුරුදු 8ක් සහ නංගිට අවුරුදු 5 වගෙ ඇති වයස. මේ දෙන්න අහුවෙනව නාසි හමුදාව එක්ක සහයෝගයෙන් කටයුතු කරන මංකොල්ල කාරයො වගෙ කට්ටියකට. ශීත කාලෙ කන්න නැති උනාම අර මිනිස්සු නංගිව මරාගෙන කනව හනිබල් අසරණව බලා ඉන්දැද්දි නංගිව බේරගන්ට විදිහක් නැතුව. මේ සිද්ධියෙන් පස් සෙ හනිබල් මිනිස් වෙසින් ඉන්න අමනුස්සයෙක් වෙනව.යුද්දෙ ඉවර උනාම මිනිහ අර නංගිව මරපු ඔක්කොමල එක එකා මරල දානව...
හනිබල් ගැන හදපු ෆිල්ම්ස් වලින් ඉතාම ප්‍රසිද්ද උනේ " The silence of the lambs " හනිබල්ගෙ චරිතය රඟපෑ ඇන්තනි හොප්කින්ස්ට ඔස්කා සම්මානයක් පවා ලැබුණා.
ආම්ස්,
Deleteඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..බොලා දන්නෙ පිචර් එක විතරයි..බොල හනිබල් ගැන තෝමස් හැරිස් පොත් හතරක් ලිව්ව .ලියපු පිළිවෙලට නම් නෙවෙයි කාලානුක්‍රමන අනුපිළිවෙලට නම් මෙහෙමයි.
Hanibal Rising, Red Dragon, The silence of the lambs, Hanibal
හොයාගෙන බලාපිය....:) :)
දීර්ඝ පැහැදිලි කිරීමට තෑන්ක්ස් රවි
DeleteYou are most welcome Helapa..:)
Deleteරවි
ReplyDeleteපරන ඒවා කියවනකොට දැක්කා නාලන්දෙට ගිය බව.කොයි කාකෙද හිටියෙ මොන සෙක්ශන් එකේද?
සමාවෙන්න..කලිනුත් දැක්ක...ඒත් උත්තර දෙන්න අතපහු උනා..මම හිටියෙ 77-81 කාලෙ... Biology කලේ.
Deleteමොනව කරන්නද මිස් වෙලානෙ.මම 77 තමයි ඉස්කෝලෙ යාම ඉවර කලේ. මමනම් මැත්ස් කලේ ඒත් ඉතින් හිටපු ගුරුදෙවිවරු ටිකනම් ඔයාටත් හම්බ වෙලා ඇතිනෙ.කුලසිංහ සර්,රංජනී අක්කා,හෙලේනා හෙවත් වික්‍රමාරච්චි මිස් වගෙ අය.නැතිවුන හාට් ස්ර්ජන් ප්‍රමෝද් රනතුංගයි දැන් කුරුනෑගල ඉන්න පී,එම්,විජෙවර්දන (ලමා රෝග ස්පෙශලිස්ට්) එහෙම අපිත් එක්ක බයෝ කරපු අය.
Deleteප්‍රමෝද් හාට් ඇටෑක් එහෙකින් නැතිඋනයි කියල මට අවුරුද්දකට දෙහෙකට විතර කලින් ආරංචි උනා.ප්‍රමෝද් ගැන මට මතක එයා කැනඩාවෙ හරි කොහෙ හරි ශිෂ්‍ය හුවමාරු වැඩසටහනකට තේරිල එහෙ යන්න කලින් රැස්වීමක් තියල සුබ ප්‍රාර්තනා කලා වගෙ මොකක් හරි සීන් එකක් යන්තමට මතකයෙ තියනව. අපිට කෙමිස්ට්‍රි කලේ සෝමා සිල්වා මැඩම්..අමරසිංහ සර් එහෙම මතක ඇති නේද?
Deleteහෙන සීනියර් නේ බලන් යනකොට. අපි ගවුරව කරනවා මදිද මන්ද ..
Delete@ බින්දි,
Deleteමදි...මදි...මදි..බොහොමත්ම මදි..අර මම වෙරි නිහතමානී පොර හින්ද ඔව්ව ගණං ගන්නෙ නැති එක වෙනම දෙයක්...නැත්තං බොලා ඔක්කෝටම විසේසයෙම්ම මේ බබලත්තුංට පූජාච පූජනීයානං කියන එක ආයෙම මුල ඉඳලම ඔලුවට ටොක්කක් ඇනල කියාදෙන්ටයි වෙල තියෙන්නෙ...හෙහ්,හෙහ්
දැං අර රන්දිල් මහගෙ ඉන්නව නේද?...ඒ දවස්වල එකට වැඩ කරන කලෙ මගෙ මූණ බලල කතාකරන්නෙ නෑ..ආන්න හැදිච්චි ගෑණු ළමයි...දැං උනත් මගෙ පෝස්ට් එකක් කියවන්නෙ එතනිං ගිහාම චැට් කරන්නෙ එහෙම පුටුවෙං නැඟිටල...බොලාත් අන්න එහෙම පුරුදු වෙයල්ල....
දැන් නම් මටත් ටියුබ් ලයිට් වගේ.රවි හිටියෙ 77-81 අතර කිව්ව නේද? ප්‍රමෝද් මැරුනෙ මොලයෙ පිලිකාවකින්.හැබැයි අර ශිෂ්‍ය හුවමාරුවකට ගියෙ රුසියාවට ඒ සෝවියට් පයනියර් කෑම්ප් එකට හැබැයි ඒ 76 වගෙ මට මතක.ඒ දවස්වල ඉස්කෝලෙ රුසියන් ඉගැන්නුවනෙ ඔරුවල බන්දු මහත්මයා.එය තමයි අවස්තාව හොයල දුන්නෙ.අමරසිංහ සර් කිව්වෙ සිංහල කරපු එක්කෙනාද්? හැලපයා(මේ බ්ලොග් ලියන එකා නෙමෙයි) නොහොත් ජයසූරිය සර් එහෙම නම් තවම මතකයි.අපිට පිසික්ස් කලා අවුරුදු දෙකටම පීරියඩ් දෙකයි සර් ආවෙ නැත්තෙ ඒකත් පූගොඩට ගංවතුර ගලල.
Deleteඑහෙනං මට වැරදිලාවත්ද මන්ද..මම ඉස්කෝලෙට ගියේ 77 ජනවාරි..මොකක් හරි ඔය වගෙ උත්සවයක් තිබ්බ කියලනම් මතකයි..ප්‍රමෝද් ආපහු ආවට පස්සෙද මන්ද සමහරවිට..ඔව්...අමරසිංහ සර් කිව්වෙ සිංහල සර් තමයි...අපිට ෆිසික්ස් කලේ ජයදේව සර්...
Deleteඔය පොත් දෙකම පොඩි කාලෙ කියෙව්වට ගොඩක් ලොකුවට දැනුනෙ නෑ.ලඟදි ආය් කියවන්න ආසවට සය්ට් එකක දැකල බාගත්තත් තාම කියෙව්ව නෑ..ඇත්තටම ඊ බුක් එකක් දැක්කට ඇත්ත පොතක් වගෙ මෙලො සිහියක් නැතිව කියවන්න ගතියක් එන්නෙ නැ අප්පා..
ReplyDeleteඅර කියපු චරිත ටිකනම් අපූරුය් තමා හැබය් මටනම් අරවින්ද ඇරෙන්න..මොහොකටවත් නෑ අප්පා..ඇය් සුගතුය් දෙව්දාසුය් අපෝ..අරිසා නම් ටිකක් හොඳය්..බොනී මහත්තයා ගැන නම් මට හැමදාම තිබ්බෙ අනුකම්පාවක්.. lecter ත් නියමය්..ඇය් ආතර් & ජෙම්මා...ආතරුත් මගෙ ලිස්ට් එකෙ නම් උඩින්ම ඉන්නවා (වැඩෙ කියන්නෙ මගෙ ලිස්ට් එකෙ එඩ්වඩ් කලනුය්,ඩේමන් සැල්වටෝරුය් ආදර නිල් දෑසෙ එකෙ රවි අය්යත් ඉන්නවා :) )ආ මන් ආසම කෙනෙක් තමා The Vow (2012 film) එකෙ leo..
කෝ මේ රවි අය්යත් එක්ක බෑනෙ අප්පා..අපි වගෙ පාඨක ජනයාට ඕනෙම කෑල්ල දාල නෑ..:(
//" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…"//
....................................................
//හරි දැං කෙලිම්ම කතන්දරේ අවසානයට.... ..//
කෝ මැද ටික...
මෙකුවීස්,
Deleteකවුද බං ආතර් ඇන්ඩ් ජෙම්මා?...මම දන්නෙ නං කිං ආතර් සහ සවුදං ජෙමා විතරයි. ඒ දෙන්න ගැන නෙවෙයි නේද උඹ මේ කියන්නෙ?
හෙහ්, හෙහ්, තැන්කියූ..තැන්කියූ..මාත් ඉන්නව එහෙනං ලිස්ට් එකේ නේද?
ඒ කතාව මෙතන කියන්ට බෑ බං , ඒක ඇවිල්ල බොහෝම අනුවේදනීය දෙනෙත් කඳුලින් පිරීයන, සුසුමිං ලය සැලීයන කතාන්දරයක්.ඒක කියමු වෙනම.
ඔය අර ඇටමැස්ස එකේ ආතර් ඇන්ඩ් ජෙම්ම..
Deleteඇට මැස්සා බලලනං තියේ..ඒත් ඔය ආතර් කේස් එක මතකයක් නෑ නෙව බොලේ....:(
Deleteමොකක් ? එහෙනම් බලල ඇත්තේ වෙන මොකක් හරි .
Deleteවැඩිහිටියොන්ට ගෞරව කරන්න කියලා බින්දි උඩ කියලා තියෙද්දිත් මේ කොමෙන්ටුව දැක්කාම නම් බකස් ගාලා හිනා ගියා..!!
Deleteඅයියෝ ඇටමැස්සා බලලා ආතර් ජෙම්මා දන්නැති කෙනෙක් ඉන්නවද?
යකෝ සාලෙ..එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද කියල අර කවුද ඇහුව වගෙ...දෙයියංටම ඔප්පු වෙච්චාවෙ මම එතකොට ඇටමැස්සා බලලම නැද්ද ඒ කියන්නෙ?????? ....:( :(
Deleteසරත්චන්ද්‍ර මහත්තයාට නිවන් සුවම පතමු.නැවත නම් ඉපදෙන්නම එපා ඒතරමටම දේවල් අවුල්.
ReplyDeleteරවී...මමත් ඉස්සර නාට්ටි පිස්සෙක්.සල්ලි නැති නිසා ජෝන් ද සිල්වා එකේ කෙසෙල් පඳුරු අස්සේ ඉඳගෙනත් බලනවා.නවරඟහලත් තිබුනේ ඉස්කොලේම නිසා ඒ කාලේ රිහසලුත් බලනවා.මම කියන්න හැදුවේ උඹ කිව්වා වගේම මොන කරුමයක්ද මන්දා මනමේ සහ සිංහබාහු ඇල්ලුවේම නැහැ.පන්ඩිත යාලුවන්ගෙන් බැනුමුත් අහනවා ඒ අකැමැත්ත ගැන.උන් ඇත්තටම රස වින්දාද කියලා මම දන්නේ නැහැ.
අරූ,
Deleteහෙහ්, තුම්මුල්ල සෙන්ට්‍රල් එහෙනං ඔබ තුමා නේද?
ඔය සම්භාව්‍ය කියන චිත්‍රපට, නාට්‍ය, පොත්වලට මිනිස්සු බයයි තේරෙන්නෙ නෑ කියන්න. අර රජ්ජුරුවො හෙලුවෙං වීදි සංචාරය කලා වගෙ තමයි. නුවනක්කාරයින්ට විතරයි ඇඳුම පේන්නෙකියල කියන නිසා හැමෝම ඇඳුම පේනව වගෙ ඉන්නව.
ඔය අනිත් උන් හොඳයි කියනවට බලන්න ගත්තු පොත් හුඟක් මමත් ඉවරවෙන්න කියවලා නෑ බං. සමහර ඒවා කියවන්න කීප වතාවක් උත්සාහ කරලත් සාර්ථක නොවුනාම අල්ලලා දානවා. අනික මොකටද බං?
ReplyDeleteහෙන්රි,
Deleteහෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බං සමහර පොත් තියනව ඒකෙ කියන්නෙ මොකද්ද කියල තේරුං ගන්ට වෙනම ෆුල් ටයිම් මාස තුනක කෝස් එකක් කරන්ට ඕන....
ඔන්න එක පස්චාත් නූතන වාදී චිත්‍ර ශිල්පියෙක්ගෙ ප්‍රදර්සනේක තිබ්බ චිත්‍රයක් බර ගානක් ගෙවල ගත්තලු මුදලාලි කෙනෙක්..
චිත්‍ර සිල්පියට මාරම හැපීලු. මොකද මිනිහගෙ චිත්‍ර තේරෙන්නෙ නෑ කියල මිනිස්සු බැන බැන ඉඳල තියෙන්නෙ. ලයිව්වැට්ටෙයිට් එකේ කැමරාකාරයෙකුත් අල්ලගෙන මිනිහ ගියා මුදලාලි ගාවට... සජීවී විකසයක් දෙන්නයි මේ සූදානම.
" මුදලාලි මට බොහොම සතුටුයි සම්බාව්ය කලාව රසවිඳින්නට සමත් ඔබ වගෙ කෙනෙක් දැන හඳුනා ගැනීමට ලැබීම ගැන.දැං කියන්න මොකක්ද මේ චිත්‍රයෙ තියන හිරු බැසයන දර්ශනය නරඹල ඔබට ඇතුබුණු හැඟීම?...."
" ඈ මහත්තය..මක් කිව්ව? මේ ඉර බැහැගෙන යන එකක්ද මේ චිත්‍රෙ තියෙන්නෙ? " මුදලාලි ආයෙම චිත්‍රෙ දිහා බැලුව.
" එහෙනං ? මුදලාලි හිතාගෙන උන්නෙ මොකක් කියලද? "
" මහත්තට කිව්වම මොකද මගෙ පොඩි පුතාගෙ මොලේ හැදිල මදි..මිනිහ හරි ආසයි බිත්තර ආප්ප කන්න...මට වදේ බිත්තර ආප්පයක චිත්‍රයක් ගෙනත් දෙන්න කියල. මම මේ චිත්‍රෙ ගත්තෙ එහෙම හිතල...මල කෙලියයි දැං මොකෝ කරන්නෙ?..."
කෙලලා තියෙන්නේ තාප්පෙටම!
Deleteඇයි මචං පිකාසෝගේ ගෙදරට පැනපු හොරෙක්ව පිකාසෝ දැකලා, පස්සෙ පොලිසියට ඇඳලා දුන්නලු හොරාගේ චිත්‍රයක්. පොලිසියෙන් අත් අඩංගුවට ගත්තලු කොන්වන්ට් එකේ මදර් සුපීරියර්, අයිෆල් ටවර් එක සහ තව මොන මොනවද...
සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ මම නිරක්තරයෙන් කියවන පොත් දෙකක්. මොකද නිර්මාණයක්කරන්න මූඩ් එක හදාගන්න පුළුවන් ඉක්මනින්. ආධුනියන්ට අතුපොතක් විදියට භාවිතා කරන්න පුළුවන්.
ReplyDeleteඔය හැත්තෑව අසූව දහකවල කොල්ලො කෙල්ලො කලාවට සාහික්‍යයට මාර විදිහට ලව් කරපු කාලයක්. තුන් හතර දෙනෙක් ගහක් යට සෙටි වුණත් , පාර ඇවිදගෙන ගියත්, තේකඩේක ප්ලේන්ටියක් බොන ගමන් වුනත් කතාව තිබුනෙ සාහිත්‍ය කලාව සිනමාව සංගිතය වගේ මාතෘකා. ඔවුන්ගේ කල්පනා ලෝක පිරිල තිබුනෙ ඒවායින් . කොල්ලෙක් නම් උගේ කාමරයේ බිත්ති පුරා තිබුනෙ නාට්‍ය, චිත්‍රපට, වල පෝස්ටර්.කෑවෙ බිව්වෙ ගමන් බිමන් ගියේ කලාවත් එක්කම.
අනික ඇඳුම් පැළඳුම් ගත්තත් පාර අතුගාන සයිස් සමනල තටු වගේ ෆෝල්ට් සහිත බෙල්බොටම් කලිසම, ඇඟට හිරවුණ මල්මල් කමිස. පෝලිම්වල ලැගල නාටණ චිත්‍රපට බැලුවත් ඒ යුගය හරිම වින්දනීය කාලයක්.
අද තරුණයන්ට නැත්තෙත් ඒක.
දයා,
Deleteකාලෙන් කාලෙට හැම දෙයක්ම වෙනස් වෙනව..ඒ නිසා මලගිය අතීතය ගැන පශ්චාත්තාප වෙල වැඩක් නෑ..ඒක ඇත්ත. ඒත් ඒ සොඳුරු කාලය මතක්වෙන කොට හිත වාවන්නෙ නෑ කියන එකත් ඒ වගේම ඇත්ත.
නාට්ටි ගැන නම් කියන්න තියෙන්නේ සෝමලතා සුබසිංහගේ නාට්ටි දෙකතුනක් සහ ඔය ඉස්කෝලේ ළමයි පෙන්නාපු එව්වා ඇරෙන්න මන් නම් වේදිකා නාට්‍යයක් බලල නැහැ . ඉතින් ඒ ගැන කතා කුමට.
ReplyDeleteමළ ගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා කියන්නේ කියෙව්වට පස්සේ එක එක ජාතියේ චිත්ත කල්පනා පහළ කල පොත් දෙකක්.
දුක්ඛ රසය තමා ඉතින් වැඩියම ..ආයේ ලියු කෙනා එක්ක තරහත් ගියා .මෙයිට වඩා හොඳ අවසානයක් කරන්න බැරි වීම ගැන. අපිත් ඉස්සර පුස්තකාල අනුභව කල උන් තමයි දැන් මෙහෙම වුනාට.
දෙවෙන්දොරා සං එක්ක තමුන් සමානයි කියල තේරුණා එක නම් හොඳයි.අම්මපා මටත් එහෙම හිතිලා තිබුණ රවිගේ ප්‍රේම පුරාණ කියවන කොට
ඇත්ත බොලේ...ඔය එලොවටත් නැති මෙලොවටත් නැති නිකම්ම පාවෙනව වගෙ ඔහේ ජීවත් වෙන්ට තියෙනවනං මට ඊට වැඩිය ආය මොකවත් ඔනැන්නෙ නෑ..බොට කිව්වම මොකද?..දෙවෙන්දොරා... අරවින්ද.... රණතුංග ( ගන්ධබ්බ අපදානයෙ ) ආන්න මගෙ පරමාදර්ශී චරිත....:)
Deleteපොඩි කාලෙ ඔය පොත් දෙක කියවද්දී දෙවෙන්දරා එක්ක පට්ට කේන්තියි, 'ඇයි යකෝ මූට පිරිමියෙක් වගේ හරි කෙලින් තීරණයක් ගන්ට බැරිද?' කියලා හිතිලා.. දැන් ඉතිං ඊට වඩා මනුස්ස චින්තානය තේරුම් බේරුම් යන නිසා හොඳා.. කාලෙකින් කියවන්ට ලැබුනේ නෑ පොත් දෙකම, ආයෙමත් හොයාගෙන කියවන්ට ඕන.. :)
ReplyDeleteඅර තිසර කියලා තියෙනවා වගේ ඇයි අපි හැමදාම කතාවක නැත්තම් චිත්‍රපටියක අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ.? සමහරවිට අපි මුල-මැද-අග තියෙන කතාවලට වැඩිය කැමැති ඇති.. මොකද ජීවිතේ මුල-මැද-අග හොයාගන්ට අමාරු නිසා අඩුමගානෙ කතාවකින් වත් ඒක ලබාගන්ට උත්සාහ කරනවා ඇති..
හෙහ්,හෙහ්, ජීවිතේ මුල මැද අග හොයාගන්ට අමාරුද බං? ඔන්න ඔය මුල අග හොයන එක අත ඇරල දාල ගන්දබ්බයෙක් වගෙ ජීවත් වෙයං බං..මාරම ආතල්...කිව්වට විස්සාස කරහං....
Deleteසහතික ඇත්ත රවි....මට මාව අඳුරගන්න පුලුවන් නම් ඕකේ මැද මුල අග සෙවීම එච්චර වැදගත් වෙන්නේ නැහැ කියලා තමයි මාත් හිතන්නේ. ඒ මාත් වයසත් එක්ක අනිත් හැම දෙයක්ම නෝ බෝල් එකක් වගේ හිතනවා වගේ හින්දද මන්දා.මා සතු අමුතුම ජීවිත අත්දැකීම් රාශියක් තියෙනවා.මට ඒවා ලියන්න කියලත් බොහෝ අය කියනවා.මට බ්ලොග් මචංලා බනියිද කියලා බය හිතෙනවා ඕව්වා අපිට කියන්න එන්න එපා කියලා.චාල්ස් කුමාරයාගේ සිට කුඩු ඩේලු දක්වා අත්දැකීම් කෝටියයි.ඕන යෝනියක් පනම් අටයි කියලා ලියන්නද?
Deleteමමත් අයියෙ අම්බානකට කියවන පොර.එ පුරුද්දට තමයි මෙ බ්ලොගවල් කියවන්නත් පුරුදුවුනෙ.දෑන්නම් වෑඩියෙන්ම කියවන්නෙ පොඩ්ඩක් වෑඩි උනාම.එ වෙලාවටනම් නිසිබලධාරිය දෙකක් කියල නිදිකරවනව.උදෙට ඉතින් කියවපු තරමටම අහගෙන ඉන්නත් තියෙනව අම්බානකට.
ReplyDeleteකියන්න බෑරි උන පහුගිය පොස්ට් එකෙ උනෙ මට තෙරුනෙ නෑ රන්දිල් කියන්න කවුද කියල.මම මුලඉදල නොකියවපු නිසා වෙන්න ඈති.පස්සෙයි වෑඩෙ තෙරුනෙ.
Deleteආ ඔය ප්‍රශ්නේ රවිටත් තිබුණා ලංකාවෙ ඉඳිද්දී,උඹ දුක් වෙන්න එපා රවී කියල දෙයි කරන්න ඕනෑ දේ
Delete@ දමිත්,
Deleteහාපෝ...අපෙ උන්දැ කියවන්ට ගත්තම මට හපං....ඒ නිසා උන්දැ ෆෝම් වෙන්ට කලිං මම කරන්නෙ හිසේ සිට දෙපතුල තෙක් වසාගත්පියා නින්දට යන එක..උඹත් මලේ එහෙම කරහං...
apo man nam "Malagiya atto" "malaunge aurudu dai path2kama kiyewwa.....mata nam 1 lassana na.....mata hitenne ita wada "Wuthering Heights" wage poth niyamai kiyala.........
ReplyDelete