Thursday, April 26, 2018

578. සසර ඉම දකිනා රිසින්.....

පස් හැවිරිදි වියේ පමණවූ කුඩා සාමනේර
නමක් පිණ්ඩපාතයේ වඩින අවස්ථාවක්
-  Image from Daily Mirror .lk

මවකගේ උණුසුම නොලද්දෙමි මතක ඇති දවසේ පටන්,
සෙනෙහසේ අරුමය දකින්නෙමි නුඹ නෙතඟ කඳුළක් තුලින්,
ජීවිතේ නිස්සාර බව මම පසක් කොට ඇත සමසිතින්,
මේ බවේදී බවුන් වඩනෙමි සසර ඉම දකිනා රිසින්,

Monday, April 23, 2018

577. පුවක් එෂැණිං 43 - මත්තලට ප්ලේන් එකක් බෑම සහ ආන්ඩුකාරයාගේ කුලය සෙවීම


1. මත්තලට ප්ලේන් බාපු ආතල් එක....

මම ඉන්නෙ තට්ටු පහක බිල්ඩිමක හතරවෙනි තට්ටුවෙ. අපි පොඩි කාලෙ නම් හතරවෙනි තට්ටුව කිව්වම මයිල් කෙලින් වෙලා හීං දාඩිය දාන සීන්ස් එකකුත් තිබ්බ. එහෙම උනේ ඒ කාලෙ සී. අයි.ඩී. එක නොහොත් රාස් පොලිස්සිය (ලේසියට රාස් පොලෝසිය රාස් පොලෝසිය කිව්වට ඕකෙ නියම නම කිරිමෙල් ඉන්වෙස්ටිගේසන් ඩිපාට්මන්ට් නොහොත් අපරාද පරීක්සන දෙපාර්තමේන්තුව.  C.I.D. කියන්නෙ ඒකනෙ) තිබ්බෙ පොලොස් මූලස්තානෙ හතරවෙනි තට්ටුවෙ.

අර දොඩම්පෙ මුදලාලි මැරුනෙත් ඔය හතරවෙනි තට්ටුවෙන් පැනල කියලයි පොලෝසියෙන් කිව්වෙ. ඒ සිද්දිය වුනේ හැබැයි 66 නැත්නම් 67 අවුරුද්දෙ විතර. මම ඒ කේස් එක ගැන දන්නෙ පස්සෙ කාලෙක විස්තර කියවල. ඔය දොඩම්පෙ මුදලාලිගෙ මරණය සම්බන්දයෙන් පොලීසියෙ කීප දෙනෙක්ටම දඬුවමුත් ලැබුන. 

ඒ කාලෙ ඉඳහිටල එහෙම නොවියයුතු දේවලුත් උනා තමයි. ඒත් ප්‍රදාන වසයෙන් පොලීසිය නීතියට වැඩ කලා. ඒ කාලෙ පොලීසියෙ ප්‍රමුකතම රාජකාරිය වෙලා තිබ්බෙ නීතිය සහ සාමය රැකීම. 

ඒ කාලෙ කියල විසේසයෙන් කියන්නෙ අද එහෙම නෙවෙයිද කියල ඇහුව? එහෙම නෙවෙයි තමයි. 

අද පොලෝසියෙ ප්‍රදාන රාජකාරි හතර ඇවිල්ල මෙන්න මෙව්ව.

1. උදෙම්ම බාවනා කිරීම 
2. ටිකක් දවල් වෙන්ට ඇරල කනට ගැහීම 
3. හවස් අතේ ඉසතෙල් ගෑම
4. රෑවෙන්ට ඇරල නීතිය නැමීම

එව්වට කියන්නෙ චතුර්විධ මුඛ්‍යඵල පරම විභූෂණ පොලෝසි පාරමිතා කියල.

හරි මේ තුන්වෙනි හතරවෙනි තට්ටුවල සීන් කියන්ට උනේ කතන්දරේට ප්‍රවිස්ටයක් විදිහට. සිකුරාද අනිවාර්යයෙන් මෙහෙ හැමෝන්ටම නිමාඩු. ඒ හින්ද ඊට කලින් දවස ඒ කිව්වෙ බ්‍රාස්පොතින්ද රෑ ජාමෙ කියන්නෙ කවුරු කවුරුත් ආතල් එකක් ගන්න දවස. බොහොම වැදගත් දවසක්. වෙරි ඉම්පෝටඩ් ඩේ. ඕකේ? 

කොටිම්ම අපේ සංගමෙං පවත්තන වාර්සික ක්‍රිකට් තරඟාවලියෙ දැන් අවුරුදු දෙකක්ම කප් චැම්පියන්ෂිප් එක දිනුව ටීම් එකේ නමත් ඇවිල්ල හිට "තර්ස්ඩේ නයිට්" ඉතිං තව කුමන කතාද?

අපේ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නෙ කොටස් හතරකට. එහෙම කරන්නෙ වැඩිම පිරිසකට කුමන හෝ ජයග්‍රහණයක් අත්කරදීමේ පරමාර්තයෙන්. ප්‍රමුඛතා අනුපිළිවෙලට මෙහෙමයි. Cup නොහොත් කුසලාන. Plate නොහොත් පළඟ. Bowl නොහොත් බඳුන සහ අවසාන වසයෙං Shield නොහොත් පළිහ.

හරි හරි ඒ විස්තර ඇති කතාව කියමුකො. පහුගිය බ්‍රාස්පතින්ද මම ඉතිං හත වගෙ වෙනකොට සියළු කුටුම්බාස්‍රිත යුතුකං කාරිය ඉස්ට සිද්ද කරල ඒ කිව්වෙ අපෙ ප්‍රියම්බිකාස් තොමෝට දිනපතා ගන්න කෝල් එක අරගෙන කතාබහ කරල එහෙම... සුබ / අසුබ ආරංචි එහෙමත් දීල, (එවුන්දැ ඔය රටේ ලෝකෙ ඉස්ට සිද්ද වෙන දේවල් අනම්මනම් විස්තර වැඩිය හොයන්ට යන්නෙ නෑ. ලයිෆ් ඇට්ටෙයිට් සුවර්නවාහිනී ප්‍රවුරුති බලනව එච්චරයි. ඒ හින්ද ඊට වැඩිමනත් දෙයක් දැනගන්නෙ මම කිව්වොත් තමයි) අද දුන්න සුබ / අසුබ ආරංචිය ඇවිල්ල යාපාලන ආන්ඩුව රත්තරං වලට ගහන ටැක්ස් එක 15% කින් වැඩි කරලයිය ඒ හින්ද පවුමක මිල රුපියල් 6,000 - 8,000 අතර ගානකින් ඉහල යන්ට ඉඩ තියනවය කියන එක...හෙහ්...හෙහ්...

ඔය විදේසගත ස්‍රමික පුරුසයින් දිනපතාම පාහේ ඉස්කයිප්, ඉමෝ, වස්සප් සහ වයිබර යනාදියෙන් තම බාර්යාවන්ගේ සුවදුක් විමසිය යුතුය කියල අර මොකක්ද සූත්ත්‍රේකත් තියනවනෙ. මට දැන් මතක නෑ ඒ සූත්ත්‍රේ නම. ඔය මඟුල් ගෙවල් වල මංගල සබාවෙදි ඉහ නිකට පැහිච්චි වැඩිහිටියො නිතරම ඔය සූත්ත්‍රෙන් තමයි උපුටා දක්වන්නෙ බාර්යා තොමෝ තම සුවාමියට මෙන්න මේ විදිහට යුතුකං ඉටුකල යුතුය, සුවාමියා බාර්යාවට මෙන්න මේ විදිහට යුතුකං ඉටුකල යුතුය කියල. 

ඒකෙ තියනව සුවාමියා විසින් කලයුතු මෙන්න මෙහෙම යුතුකමක්. ස්වාමියා විසින් නිතර තම බාර්යාවගේ සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් විය යුතු අතර ඒ පිළිබඳව විමසිය යුතුය. අන්න ඒ යුතුකම කරන්ට තමයි මම ඔය දිනපතා කෝල් එක ගන්නෙ.

ඉතිං ඒ සාමියා විසින් බාර්යා තොමෝ කෙරෙහි ඉස්ට සිද්ද විය යුතු යුතුකං එහෙම නොපිරිහෙලා ඉස්ට කොරල හිට මම මේ ලේස්ති වෙන්නෙ මොකටෙයි දන්නවය? වෙන අහවල් දේකටවත් නෙවෙයි සතිපතා ගුරුදා  නොවැරදීම ගන්න ගුරුදා රාත්‍රී ආතල් එක ගන්ට. 

හතාමාරට විතර මම දනිපනි ගාල ආතල් එකට සූදානං වෙන කොට මගෙ ලෑන්ඩ් ලෝඩ් කුම් ප්‍රෙන් (මම මෙහෙ ඉන්නෙ යාලුවෙකුත් එක්ක එයාගෙ එපාට්මන්ට් එකේ කාමරේක කියල ඔබ තමුන්නාන්සේලාට මම මීට කලින් තුන් හතර පාරක් කියල ඇති. යූ රිමෙම්බර් නෝ?) මගෙ කාමරේ දොරට ගැහුව. 

"මේ රවී...හරි වැඩක්නෙ. අර පලවෙනි තට්ටුවෙ ඉන්න සමරසිංහ මේ දැන් ඇවිල්ල කිව්වනෙ එයාලගෙ ගෙදර පොඩි ආතල් එකකට එන්නෙයි කියල. පොඩි දෙන්නගෙ ක්ලාස් හින්ද මට එන්න වෙන්නෙ නෑ. ඔයාට යන්න පුලුවන් නේද?"

ඔය කියාපු සමරසිංහ කියන්නෙ නොම්මර එකේ බයියෙක්. ආය නෑ මරා කිව්වොත් මැරෙයි. මේ ලොකු පඩියකට හොඳ පෝස්ට් එකක් කරන්නෙ. ඔය මොකක්ද ඔඩිට් ෆර්ම් එකක ඇස්සිස්ටන්ට් මැනේජර් ලෙවල් එකේ. M.B.A. එකක් එහෙමත් තියනව. එක අතකට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. උගත්කම සහ බුද්ධිය කියන්නෙ Two entirely different things කියල කියනවනෙ. කියනව නෙවෙයි බහුතරයක් බයිස්ල හින්ද ඒක ඇස්පනාපිට ඔප්පු වෙනව.

පහුගිය පෙබරවාරි දහවෙනිද පලාත් පාලන චන්දෙන් පස්සෙත් ඔය මනුස්සය සෑහෙන වියදමක් කරල කට්ටියටම පාටියක් දුන්න. මමයි මගෙ යාලුවයි කලින් යොදාගත්තු වැඩක් තියනවයි කියල ෂේප් උනා. ඊට පස්සෙත් සති දෙකක් විතර යනකල් මනුස්සය කෑම බීම යනාදී සියලු දේ ලේස්ති කරගෙන උන්නෙ මරා අගමැති වෙනකල් සතුට සමරන්ට. වෙලාවට ඒක හරිගියේ නෑ. මේ ඊයෙ පෙරෙයිද අර විස්වාස බන්ගෙ වෙලාවෙත් එහෙමයි. ඉතිං ඒක හරි ගියෙත් නෑනෙ. 

"යන්ට නම් බැරි කමක් නෑ. ඒත් ඔය යකාගෙ ගොං ටෝක් අහගෙන ඉන්න එක නෙව කාල ඉන්ට බැරි. අනිවාර්යයෙන් වෙන්නෙ මම ඉතිං කටවහගෙන ඉන්ට බැරුව මොකක් හරි හරහට කිව්වම මනුස්සය තරහ වෙනව."

ඔයිට කලින් දෙපාරක්ද කොහෙද එහෙම වෙලාත් තිබ්බ. පස්සෙ ආය මොකටද මේ පල් හොරෙක් හින්ද අපි අපි තරහ වෙලා ඉන්නෙ කියල හිතල මමම ගිහිල්ල කතා කරල ආයම ෂේප් කර ගත්ත.

"ඒකත් නම් එහෙම තමයි" මගෙ යාලුව කිව්ව.

"මොකද දන්නෙ නෑ මේ පාර සීන් එක නේද? අඩේ අපි දන්නෙ නැතුවම මොකක් හරි යටිකූට්ටු වැඩක් කරල මරා අගමැති වෙලා වත්ද? මූ මේ සෙලිබ්‍රේට් කරන්ට හදන්නෙ ඒකවත්ද?"

මම එහෙම කියල වහාම ලැපා ඔන් කරල සී ලන්කාවෙ බෙරේකිං ඥූස් බලව්ව. අදද රෙණ...ම්හු නෑ එහෙමට අලකලංචියක් නං වෙලා නෑ.

"හරි බං මම ගිහිල්ල බලන්නංකො. ඕකා බයිය උනාට හිත හොඳ එකා…"

කිව්වත් වගෙ මම ගියා සමරෙගෙ ගෙදර. අම්මට උඩු යනකොට මෙන්න තව හත් අට දෙනෙක්ම ඇවිල්ල. මම නොදන්න ඩයල්ස් දෙක තුනකුත් තිබ්බ ඒ අතර. දැන් කට්ටියටම කුකුස මොකද මේ පාටිය? මොකක් වෙනුවෙන්ද? කියල. බලනකොට කවුරුත් දන්නෙ නෑ. අපි ඉතිං සමරෙ එනකල්ම හිටිය. ඕක එහෙමයි හරි කැමතියි නාට්‍යානුසාරයෙන් වැඩ කරන්ඩ. ඒ කිව්වෙ Dramatic effect  එකක් ඇතුව යමක් කරන්ට.

ඔන්න ටිකකිං මූ ආව නාගෙන එහෙම. ඕකගෙ තියනව පොහොට්ටුවක් බතික් කරපු කමිසයක්. ඕක තමයි ඇඳන් ආවෙ.

"හරි හරි එහෙනං පටාං ගමු පටාං ගමු…" සමරෙ එහෙම කියල වාඩිවුනා. 

"හරි හරි ඒක බැරිය...ඊට කලිං කියපංකො මොකක්ද මේ සතුටු සාදයෙ නිමිත්ත?" මම ඇහුව. 

"නිමිත්ත නේද? ඉඳහල්ලකො එහෙනං"

සමරෙ එහෙම කියල උගෙ ලැප් එක ඔන් කලා. අපි කට්ටිය ඔක්කොම ඒක වටේට පිරුන. 

"ඔන්න බලපන් නිමිත්ත…"

මත්තලට අර ඇන්ටොනෝව් එක බාපු සීන් එක අදද රෙණ ප්‍රවෘත්ති වලට පෙන්නපු සීන් එකක්නෙ මූ මේ අපට පෙන්නන්නෙ. අපි මූණිං මූන බලාගත්ත. 

"ඇයි මේක සෙලිබ්‍රේට් කලයුතු අවස්තාවක් නෙවෙයිද? ටොයියො ඔක්කොම දහාතේ දිවුරුවනෙ මත්තලින් පාඩුයි කියල. ඔන්න බලාපල්ල එක ප්ලේන් එකයි ආවෙ කෙලින්ම මිලියන් 13 ක් ලැබුනා ආන්ඩුවට…"

සමරෙ තව මොනවද මොනවද හෑල්ලක් කියවගෙන ගියා. මම එව්වට ඇහුංන් කන් දුන්නෙ නෑ. 

"හ්ම්ම්...ගමු ඔය බෝතලේ මෙහාට.." මම එහෙම කියල අත දික්කලා.

"බොන්නෙවත් නැතුව අමුවෙම්ම අහගෙන ඉන්ට ඇහැක් කතාය මෙව්ව…." මම එහෙමත් කිව්ව කට ඇතුලෙ සුටු පුටු ගෑවිල්ලෙ....හෙහ්...හෙහ්.

සමරය පැත්තක තියමුකො. පහුගිය ටිකේම මම දැක්ක පේස්බුක් එක පුරහම බයියො ඔය මත්තලට ප්ලේන් එකක් ආපු සීන් එක ගැන කියල උඩ පනිනව.

වේලි වේලි හිටපු එකෙක් කෙල්ලෙක් දාගත්ත කියන්නෙ
හරියට මත්තලට ප්ලේන් එකක් ආව වගේ..කියවනව
ඉවරෙකුත් නෑ ෆොටෝස් දානව ඉවරෙකුත් නෑ.
- මත්තලට ප්ලේන් එකක් ඒම පිළිබඳව මුහුණු පොතේ
පළවූ පෝස්ට් එකක්

"රැහැයියනි, රැය ගෙවුනි….." කියන්නෙ තරුණ කවියෙක් වන ප්‍රියලාල් කොග්ගලගේගෙ බොහොම අපූරු කවි එකතුවක්. පොතේ නම පොඩ්ඩක් සන්සෝදනය කලොත් අපිට මෙහෙම කිව්වැකි.. "බයියනි, මරා කිසිදා නැවත නො එති"

ඔන්න දැන් අද ආරංචි වුනා මරාගෙ තක්කඩි ටික එකතුවෙලා විපක්ස නායකයට විරුද්දව විස්වාස බංගයක් ගේන්නලු යන්නෙ. රනිලට විරුද්දව අච්චර මගඩි කරල ගෙනාපු විස්වාස බංගෙ අතේ පත්තු උනහම දැන් පොහොට්ටුවන්ට ඌරු ජුවල් නැඟල ඉන්නෙ. 

මම දැක්ක අපේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්වන ඩී.බී.එස්. ජෙයරාජ් මහත්මය මරු කතාවක් කියල තිබ්බ ඔය පොල් ලෙල්ලංගෙ මාරාවේසෙ ගැන.

"Hell hath no fury as an Opposition thwarted in its bid to pass a No-Confidence Motion  against a Prime Minister!"


2. ආන්ඩුකාරයාගේ කුල කේස් එක....

මල්වත්තෙ ලොක්කයි අස්ගිරියෙ ලොක්කයි දෙන්නම ඇටුවම් බැහැපු ගතානුගතික ඩයිනෝසරයො දෙන්නෙක් කියල සහසුද්දෙන්ම දන්නව උනාට මම මෙච්චර කල් හිතාගෙන උන්නෙ එයින් මල්වත්තෙ ලොක්ක දසමයක් හරි ප්‍රගතිසීලීය කියල. මොන? උන්දැ තමයි බලාගෙන යනකොට අන්තිම ගතානුගතික. 

මේ ගිය සුමානෙ උතුරු පලාතෙ ආන්ඩුකාර රෙජිනල්ඩ් කුරේ ගොයිය මධ්‍යම පලාතෙ ආන්ඩුකාරය විදිහට දිවුරුම් දුන්න. එක දවසයි ගියේ මෙන්න ආයම ඒ ගොබිල උතුරු පලාතෙ ආන්ඩුකාරය විදිහට දිවුරුම් දුන්න. මල්වතු ගොයියගෙ දැඩි විරුද්දත්වය හින්ද කියලයි ටටු ඩට්ටෝ කියන්නෙ. කේස් එක ඇවිල්ල කුරේ අඩු කුලේකලු.


කඩුව අතින්ගත් සිංහයාගේ රුවට පහළින් අඩුකුලේ යයි සඳහන්
මුහුණුපොතේ පළවූ පෝස්ට් එකකි.

දැං ඔය කියන විදිහට හෙට බුදු හාමුදුරුවො මල්වත්තට වැඩියොත් සුනීත සහ සෝපාක හාමුදුරුවරු එහෙම පිරිවරාගෙන මල්වත්තෙ ලොක්ක අර මහ විසාල ගේට්ටුව වහල දායි බුදු හාමුදුරුවන්ගෙ මූණටම. 

"මෙහෙ තමුන්ට ඉඩ නෑ. අඩු කුලේ එවුං මහණ කරන එවුන්වත් අපි අපේ පන්සලට වැද්ද ගන්නෙ නෑ තේරුණාද?..." අන්න එහෙමත් කියයි හොර නැතුව. අනේ ඉතිං බුදු හාමුදුරුවො ආපහු යන්ට යයි "ආ..ඒකත් එහෙමද?" කියල අහල...

ඔය ගොයිගම කුලේ අය විතරක් සියං නිකායෙ මහන කරන්ට ගත්තය කියන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජාගෙ ආඥාවක් අනුවලු. දවසක් රජ්ජුරුවො රජ මාලිගාවට ආරාදනා කරාලු හාමුදුරුගොල්ලට දවල් දානෙට. ඔන්න හාමුදුරුවරු ගිහිල්ල මහ සාලාවෙ අසුන්ගෙන ඉන්නකොට රජ්ජුරුවො ආවලු දන් පිලිගන්නන්ට. මේ වෙලාවෙ ඊට කලින් දවසෙ මහන වෙච්චි අඩු කුලේ හාමුදුරුනමක් බයටම දුවගෙන ඇවිල්ල රජ්ජුරුවො ඉස්සරහ බිම වැටිල වැන්දලු. 

රජ්ජුරුවන්ට මේක හරිම අපහසුතාවයක් වෙලා පහුවදාම නියෝගයක් නිකුත් කරාලු මීට පස්සෙ අඩු කුලවල අය මහන කිරීම තහනම් කියල. අද වගේම තමයි එදා හිටපු හාමුදුරුගොල්ලත්. කොන්දක් කියන නාමයක් නෑ. 

යම්තමට හරි කොන්දක් කියල එකක් තිබ්බනම් මහානායක ගොයියට කියන්ට තිබ්බෙ "රජතුමනි ඔය ආඥා අපිට වලංගු නෑ. සාසනේ ගැන අපි බලාගන්නං. අනික අපේ ශාස්තෘවරයගෙ ඉගැන්වීම අනුව අපිට කොහොමටවත්ම එහෙම නියෝගයක් අනුව කටයුතු කරන්ටත් බෑ. ඒ හින්ද අමනාප වෙන්න එපා. ඒ එක්කම අර වගෙ සිදු නොවියයුතු දේවල් නැවත සිද්ද නොවෙන්ටත් අපි වගබලාගන්නං" කියලනෙ. කොහෙද එහෙම එකක් කියන්ට කොන්දක් තියෙන්ට එපාය.

අන්තිමට කොහොම හරි තමන්ගෙ ශාස්තෘවරයට වඩා සියං නිකායෙ චීවර දාරීන්ට අර නායක්කර් වංසික රජාගෙ ආඥාව ලොකු උනා. ඒත් කතාව නම් කොහොමද බුද්දාගම ඔන්න ඔය කොච්චරද අවුරුදු ගානක් ආරක්සා කලේ මහා සංග රට්නේය අරකය මේකය...ඔය පම්පෝරි කතන්දර මම නම් අහල තියනව Ad Nauseam.

අපේ රට කොරවන ලොක්කොත් ආය කියල වැඩක් නෑ චීවරදාරියෙක් මොකක් හරි කිව්වොත් රෙද්දෙම යනව. සුනීත සහ සෝපාකපල්ලා "අනේ මේ මිස්ටර් මහානායක තමුං සාසනේ ගැන බලාගන්ටකො. මිනිස්සු රට පාලනය කරන්ට පත් කරල තියෙන්නෙ අපි. අපි ඒක කරගඤ්ඤං" කියල ඔවුන්දැලගෙ මූනටම කියන්ට කොන්ද පන තියන නායකයෙක් අපිට නැති හැටියක් (රට පාලනේ කොරන්ට කියල පත් කරල හිටියට මෙවුං කොරන්නෙත් මහ අමන මරි මෝඩ වැඩ තමයි. ඒත් එහෙමෙයි කියල චීවරදාරියො කියන්නෙ කවුද ආන්ඩු කටයුතු ගැන උපදෙස් දෙන්ට?)

ආන්න මේ පෙරෙයිදද කොහෙද මල්වත්තෙ අනුනායක හාන්දුරුවො කියල තිබ්බ පාර්ලිමේන්තු පලාස්සබා සහ නගර සබා සියලුම මන්ත්‍රීවරුන්ට දෙන නොයෙක් වරප්‍රසාද ඔක්කොම අහෝසි කොරන්ට ඕනය කියල. ඒ තියා වැටුපක්වත් දෙන්ට එපාලු. 

අන්න හන්දුරුගොල්ල කියන කියන එක දෙකට නැවිල "එහෙයි අපෙ හාන්දුන්නේ" කියල පිලිගන්න නායකයො කස්ටියක්නෙ අපට ඉන්නෙ. ඔන්න ඔය උපදේසෙත් පිලිපදිමුකො බලන්ට "එහෙයි එහෙයි හාන්දුන්නේ" කියල. 

හැබැයි අනික් අතට ඔය කතාව බොහෝවිට මල්වතු ලොක්කගෙ දහං ගැටයක් වෙන්ටත් බැරිනෑ. අර කුල කේස් එක හින්ද ආපු විරෝදය සේප් කරගන්ට කියපු ආලවට්ටං කතාවක් වෙන්ටත් පුලුවනි බොහෝවිට. හූ නෝස් වට් ද හෙල්මට් හැපනින්ග්?

මේ ඊයෙද කොහෙද මෙහෙ ඉන්න මගෙ හොඳ යාලුවෙක් පේස් බුක් එකේ මෙහෙම කියල තිබ්බ.

"මම මේ හොයන්න හදන්නේ මොකද්ද මගේ කුලේ කියලා.. හදිස්සියෙවත් ආණ්ඩුකාරකමක්වත් ලැබුනොත් බාරගන්න කලින් දැනගෙන ඉන්න එක හොඳයිනේ ...."

පලි - K.G.B. කියල වචනයක් අහල තියනවද? ඒ කාලෙ සෝවියට් රහස් පොලීසියට කිව්වෙ K.G.B. කියල. ඒත් මම කියන්නෙ ඒ K.G.B. ගැන නෙවෙයි. K.G.B = Kandy Govigama Buddhist 

අන්න ඒ වගේ චන්ද්‍රිකා නෝනගෙ කාලෙ රට පාලනය කලේ M.K.R. කල්ලිය කියල රටපුරා හාහෝවක් තිබුන. එතන M.K.R. කිව්වෙ අපි අර ඉස්කෝලෙ යන කාලෙ කිව්ව M.K.R. එහෙම නෙවෙයි. මෙතන M.K.R. කිව්වෙ Matara Karawa Rahula ඒ කිව්වෙ ගම මාතර, කුලේ කරාව, ඉස්කෝලෙ ගියේ රාහුලේට.....

Wednesday, April 18, 2018

576. The Story Of My Marriage - 64 - Pink Floyd, These Bloody North Indians & Never Fight If You Can Avoid it...


Pink Floyd Music Group

"හරි අංකල් ඔන්න වැඩේ නම් ඉවරයි.."

"සෙස් සෙස් සේව් කලාද?" අංකල් ඇහුව 

"ඔව් ඔව්.."

"තව්වත් පාරක් සේව් ක….ර්... රන්නකො කෝකටත්…"

මම ආයෙමත් ෆයිල් එක සේව් කලා.

වමත උස්සල වෙලාව බැලින්නං හුටා එකට දහයයි. අර යස්ස පැටිය මංජුව හරියට හතරට ඇහැරිනව පාඩං කරන්ට. එතකොට මම පාඩං කියල දෙන්ටත් එපාය. දෙයියම්පල්ල මේ ගෑණු ජාතිය හින්ද පිරිමි විඳින දුකක්…

"මම යන්නං අංකල් එහෙනං…" මම පුටුවෙ අත් දෙකට වාරු වෙලා නැඟිට්ට.

"හරි ක්‍රිෂ් එහනං ආයම සැරයක් ස්තූතියි" අංකලුත් නැඟිට්ට. 

"අංකලුත් එහෙනං දැන්මම නිදාගන්ට. තව වැඩි වෙලාවක් නෑනෙ එලිවෙන්ටත්. අනික ප්‍රසන්ටේෂන් එක හරියට හදාගත්ත වගේම ටාගට් ඕඩියන්ස් එකට හිතට කාවදින විදිහට ඉදිරිපත් කලේ නැත්තං මේ මෙච්චර මහන්සි වෙලා කරපු කිසිදේක වැඩක් නැතුව යනව" මම සාලෙ හරහා ප්‍රධාන දොරටුව දිහාට යමින් කිව්ව.

මගෙ පස්සෙන් එන ගමං අංකල් හයියෙං හිනාවුනා…"හිහ්..හිහ්...ඒ ගැනනම් කිසිම විදිහකින් බයවෙන්ට දෙයක් නෑ ක්‍රිෂ්….."

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මම නෙවෙයි ප්‍රසන්ටේෂන් එක කරන්නෙ…"

"එහෙනං?"

"මිස්ටර් වර්මා..ඒ කියන්නෙ මගෙ බොස්...මිනිහ තමයි ප්‍රසන්ටේෂන් එක කරන්නෙ....මට තියෙන්නෙ හෙට උදෙම්ම ප්‍රසන්ටේෂන් එක තියන සී.ඩී. එක වර්මට ගිහින් දෙන්ට විතරයි. මිනිහ කරයි ප්‍රසන්ටේෂන් එක.." අංකල් යම්තමට දත් පෙන්නල හිනාවුනේ දුකකින්ද නැත්තං මගේ වැඩේ ඉවරයි කියල සන්තෝසෙකින්ද මන්ද...මේ දකුණෙ මිනිස්සුන්ගෙ හිතේ තියන හැඟීම් මූණෙන් තේරුම් ගන්න එක හරිම හරි අමාරු වැඩක්...

"මොකක්? යකෝ ඒක මාර කෙලියක්නෙ. මම ඔහොම එකක් මේ ඇහුවමයි.." 

මම ආපහු සාලෙ සෝපාවක ඉඳ ගත්ත. 

"අංකල් මේ... මම කියන එක පොඩ්ඩක් අහනවද? ඔයා මේ සතියක් විතර නැහිල වැඩේ ලස්සනට කරල ඔයාගෙ ලොක්කට ගිහිල්ල දෙනව. මිනිහ නිකම්ම අත්දෙක පෙරවගෙන බුදියගෙන ඉඳල ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරල ළකුණු දාගන්නව. මේක රිම අසාධාරණයක්නෙ"

"මොනව කරන්නද ක්‍රිෂ්? එහෙම තමයි එව්වගෙ හැටි.." අංකල් ඒ පාර එහෙම කිව්වෙ නම් දුක්මුසු ස්වරකින් කියල මට එකපාරටම තේරුන.

"එහෙම තමයි එව්වගෙ හැටි කියල හරියන්නෙ නෑ අංකල්..ඔයා ප්‍රසන්ටේෂන් එක කරන්න…"

"වැඩේ වෙලා තියෙන්නෙ ක්‍රිෂ් මම ඔය වගෙ එව්ව ගැන වැඩිය දන්නෙ නැති එකනෙ..කොටින්ම අර ප්‍රොජෙක්ටර් එක ඔපරේට් කරන්න වත් මම දන්නෙ නෑ....." අංකල් එහෙම කිව්වෙ මූණත් එක්ක විරවගෙන. 

"අයියෝ ඒකෙ ඇති කෙහෙම්මලක් නෑ අංකල්. ඔෆිස් එකේ අයි.ටී. සෙක්ෂන් එකක් තියනව නේද?"

"සෙක්ෂන් එකක් කිව්වට ඒකෙ ඉන්නෙ එක මනුස්සයයි. එයත් මේ පොඩි කොල්ලෙක්.."

"ආ..කොල්ලෙක් උනාට අවුලක් නෑ. මිනිහ තමන්ගෙ වැඩේ දන්නව ඇතිනෙ. ඒ ඇති හොඳටම. එයාට කියල ප්‍රොජෙක්ටර් එක සෙට් කරගන්න හරියට ස්ක්‍රීන් එකට ෆෝකස් කරල. ඊට පස්සෙ අංකල්ට කරන්න තියෙන්නෙ එක ස්ලයිඩ් එකක විස්තරේ පැහැදිලි කරල ඉවර උනහම ප්‍රොජෙක්ටර් එකේ ෆෝවඩ් බට්න් එක ඔබන එක. ඔටෝමැටිකලි ඊලඟ ස්ලයිඩ් එක ස්ක්‍රීන් එකට එයි. ඊලඟටත් එහෙමයි. ඕකෙ ඔය හැටි අමාරුවක් නෑ. ඔච්චරයි තියෙන්නෙ..."

"අනේ මන්ද …"

"අංකල් මේක හරිම අසාධාරණයක් කියල හිතෙන්නෙ නැද්ද? ඔය ප්‍රසන්ටේෂන් එකට මම හිතන්නෙ අංකල්ලගෙ බැංකුවෙ ලොක්කො සෑහෙන්න එනව ඇති"

"ඔව් අපේ ඩෙල්හි වල ඉන්න කන්ට්‍රි මැනේජර් ඉන්නෙ..එයත් එනව.."

"අන්න ඒකනෙ මම කියන්නෙ. ඉතිං අංකල් බොහොම මහන්සිවෙලා හදපු ප්‍රසන්ටේෂන් එකේ ක්‍රෙඩිට් එක ගන්නෙ කොහෙවත් හිටපු වර්මා. ඒක සාධාරණද මම අහන්නෙ…"

"හැම තැනම බොස්ල කියන ජාතිය එහෙම තමයි ක්‍රිෂ්. මම මගෙ රාජකාරි ජීවිතේදි ඉහේ කෙස් ගානට එහෙම බොස්ල දැකල තියනව. ඒ වගෙ මිනිස්සු එක්ක අනන්ත වැඩ කරල තියනව. ඒ හින්ද මට ඕකෙ ඒ හැටි අරුමයක් නෑ"

"හ්ම්ම්…. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ" මම සෝපාවෙන් නැඟිට්ට. 

"ඔය වර්ම ඇවිල්ල උතුරු ඉන්දියානුවෙක්නෙ. උතුරෙ මිනිස්සු ඔක්කොම ඔහොමයි. කිසිම අංගපුලාවකට නැති මිනිස්සු.."

හ්ම්ම්ම්..මදැයි නරකම නෑ මෙච්චර හරියක් කරල දීල අන්තිමට අහගත්තු එක..මම මටම කියාගත්ත….හැබැයි අංකල් එහෙම කිව්වෙ වර්ම එක්ක තියන තරහ හින්දම මිසක් මට ඇනෙන්ට එහෙම නෙවෙයි කියලත් මට හිතුන.

"ක්‍රිෂ්..නිදිමතද?" අංකල් ඇහුව..

"එච්චරම නෑ. මට හිතෙන්නෙ මට වැඩිය අංකල්ට නිදිමත ඇති. ඔයගොල්ලො සාමාන්‍යයෙන් දහය වගෙ වෙනකොට නිදියනව නේද?"

"ඔව් සාමාන්‍යයෙන් නම් එහෙම තමයි. ඒත් මේක හින්ද මට අද නිදිමතක් දැනුනෙම නෑ." අංකල් එහෙම කියල කනප්පුව උඩ තිබ්බ විස්කි බෝතලේට ඇඟිල්ලක් දික්කලා…"මොකද කියන්නෙ? තව එකක් ගන්නවද?"

"අංකල් මම යන්නත් ඕන.  ත්‍රී වීලර් එකක් හොයාගන්නකල් පයින් තමයි යන්නත් වෙන්නෙ. අනික දැන් සෑහෙන්න රෑවෙලා…"

"මම කියන්නද?...අපි මෙහෙම කරමු..ඔයා අද මෙහෙ නිදියන්න…"

"මොකක්ද කිව්වෙ?" මම සාලෙන් එලියට බහින දොර අරින්න කියල හිතල ඒකෙ හැන්ඩ්ල් එකට තිබ්බ අත එහෙම්මම තියාගෙනම ආපහු හැරිල ඇහුව.

"නෑ මම මේ ඇහුවෙ මේ මහ රෑ දෙගොඩ හරියෙ ත්‍රීවීලර් එකක් හොයාගන්න කල් පයින් ගිහිල්ල චමරියට යනවට වඩා හොඳ නැද්ද මෙහෙ නිදාගෙන හෙට උදේම යන එක කියල.."

"ඒත් ඒත් මේ….."

"හරි හරි ඔයාට තියන ප්‍රශ්නෙ රෑට අඳින්ට එව්ව නැති එක නම් ඒ ගැන වද වෙන්ට එපා. මම දෙන්නම් මගෙ එකක්. ප්‍රශ්නයක් වෙන එකක් නෑ"

කොහොම හරි මගෙන් උත්තරයක් ලැබෙන්නත් ඉස්සරම අංකල් වීදුරු දෙකට විස්කි දාලත් ඉවරයි.

"අර ලාච්චුවෙ ඇති අනන්‍යගෙ මියුසික් සී.ඩී. වගයක්. බලන්න ඔයා කැමති මොනවහරි තියනවද කියල.."

අංකල් කැබිනට් එකේ පැත්තක තිබ්බ පොඩි ලාච්චුවක් පෙන්නල කිව්ව.

ඒකෙ තිබ්බ "Pink Floyd"  මියුසික් ඇල්බම් එකක්. දෙකක් දාගත්තු වෙලාවට ෂෙහ් පින්ක් ෆ්ලොයිඩ් කියල වැඩක් නෑ...නම්බර් වන් තමයි...

(සටහන-පින්ක් ෆ්ලොයිඩ් යනු හැටේ දශකයේ මැද භාගයේ සිට වසර තිහක පමණ කාලයක් විවිධ ගීත නිර්මාණය කොට එළි දැක්වූ බ්‍රිතාන්‍ය පොප් සංගීත කණ්ඩයමකි.)

පින්ක් ෆ්ලොයිඩ් ගායක කණ්ඩායමේ "Shine on you crazy diamond" ගීතයේ මුලින්ම ඇසෙන මනෝභ්‍රමික (Psychedelic) වාදන කණ්ඩය අනන්‍යාලගෙ ගෙදර සාලය පුරා පැතිරගියා. ඉතාම මන්දගාමීව ඇසෙන සංගීත රාවය අනුව තම දකුණු පාදය පොළවට තට්ටු කරමින් තාලය ඇල්ලීමට ස්වාමිනාදන් මහතා උත්සාහ ගත්තා. මේ වන විටත් ඔහුගේ ඇස් තුන්කාලක් පමණ පියවිලයි තිබුනේ...


You can listen to Pink Floyd singing "Shine on you crazy diamond" here.

මේ මනුස්සයට පුරුදු නැතුව මේ හැටි බීල මහ ජංජාලයක්වත් වෙයිද මන්ද....අර අම්මණ්ඩි මගෙ මූණවත් බලන එකක් නෑ එහෙම විනාසයක් උනොත් එහෙම...ෂිහ්..මමත් දාගන්න තොප්පි...මම එහෙම හිත හිත වීදුරුවට දාගත්තු විස්කි වඩිය හෙමිහිට තොල ගෑව. මේ වෙලාවෙ ගාණට කොන්ට්‍රෝල් එකේ ඉන්න එක කෝකටත් හොඳයි.. කියන්න බෑනෙ මේ මනුස්සය....

දැං මේ වෙනකොට මට දුම්වැටියක උවමනාව තදටම දැනිල තිබ්බෙ. මොකද කරන්නේ? මම අඩවන් දෑසින් පින්ක් ෆ්ලොයිඩ්ල එක්ක තාලෙ අල්ලන්ට ට්‍රයි කරන ස්වාමිනාදන් මහත්තය දිහා බලගෙනම කල්පනා කරන්ට ගත්ත.නෑ එපා..සිගරට් ගැන හිතන්නවත් එපා...මගෙ යටිහිත මට අවවාද කලා...අනන්‍යා ගැනත් හිතන්නවත් එපා මේ වෙලාවෙ...

මේ වෙලාවෙ තමුංට හිතන්න තියෙන්නෙ අංකල්ට අන්තිම දරුණු තත්වයක් ඇතිඋනොත් මොකද කරන්නෙ කියල...දරුණු තත්වයක් කිව්වෙ මොන විදිහෙ දරුණු තත්වයක් ගැනද තමා මේ කියන්නෙ? මම මගේම යටි හිතෙං ඇහැව්ව. 

මෙහෙම තමං එක්කම නැත්තං තමංගෙ යටිහිත එක්ක පොඩි ඩිස්කසන් එකක් දාන එක ෆුල් ආතල් වැඩක්. ඔහෙල එහෙම කරල එහෙම නැද්ද? සතියකට සැරයක්වත් එහෙම කරල බලන්ට...

බීල වැඩිකමට මේ මනුස්සයගෙ මෙතනම පණවත් යාවිද? Something like a heart attack may be... මම දහ අතේ මතක් කලා එහෙම බීල වැඩි වෙලා පණගිය මිනිස්සු ගැන මම අහල හරි කොහෙ හරි කියවල හරි තියනවද කියල..... ම්හු එහෙම එකක් ගැනනම් මතක් වෙන්නෙ නෑ....ඒත් මම අහල නැතුවට එහෙම වෙලා ඇති ඕන තරම්.....කවුරු දන්නවද? අනික මීට ඉස්සර එහෙම දෙයක් වෙලා නෑමය කියමුකො. ඒත් ඕනම දෙයක් ලෝකෙ පළවෙනි පාරට වෙන්ට පුලුවන්නෙ නේ? "There is a first time for every thing" කියලත් කතාවක් තියනවනෙ...

හරි හරි අංකල්ගෙ පණ යන එක පැත්තක තියමුකො. කොහොම උනත් මම කොච්චර කරුමක්කාරයෙක් උනත් මම හිතන්නෙ නෑ එහෙම සන්තෑසියක් වේවිය කියල..නේ? මම ඇහුව...ඔව්..ඔව්..එහෙම වෙන එකක් නෑ මගෙ යටිහිත උත්තර දුන්න..අපි කෝකටත් එහෙම දෙයක් නොවේවාය කියල ප්‍රාර්තනා කරමු. යටි හිත ආයෙම කිව්ව..

හරි හරි එහෙම සිරා සීන් එකක් නොවුනා උනත් මේ මනුස්සයට කලන්තයක් වත් ආවොත්...මම කොහොමද මේ යස්සය ඉස්පිරිතාලෙකටවත් අරගෙන යන්නෙ..මට මෙහෙ බාසාව බෑ.. ටැක්සියකට ත්‍රී වීලර් එහෙමට කතාකරන්ට නොම්මරයක් දන්නෙ නෑ. ඉස්පිරිතාලයක් කොතනද තියෙන්නෙ කියල අඳෝ සංසාරයක් දන්නෙ නෑ...අනික ඒ ඔක්කොමත් කරල අංකල්ව හොස්පිට්ල් එකකට ඇතුල් කලාය කියමු. වැඩි අමාරුවකුත් නැහැය කියලත් කියමුකො..මම කොහොමද මේ විස්තරේ අනන්‍යාගෙ අම්මට කියන්නෙ? අනන්‍යාට කියන්නෙ? 

මම ඉතිං තව විස්කි වඩියකුත් දාගෙන හෙමීට තොලගාන අතරෙ ඔහොම දිගටම මගෙ යටිහිත එක්ක සංවාදයෙ යෙදුන. ඒකත් බලාගෙන යනකොට තනිකරම වෙනම ආතල් එකක්...හෙහ්..පටන් ගත්තම නවත්තන්ඩ හිතෙන්නෙම නෑ..ඔය උඩු හිත සහ යටි හිත දෙපැත්තෙ ඉඳං කරන ඩයලොග් එකෙ නැඟල යන්ට නම් පොඩ්ඩක් වදින්ටම ඕන...ඒ වැඩේ අමුවෙන් නම් හරියන්නෙම නෑ...

ඉතිං ඔන්න ළමයි මගේ ඉන්ටර්නල් ඩයලොග් වැඩේ නැඟල ගියා. මම ඇසුත් පියාගෙන මාත් එක්කම සංවාදයෙ දිගටම යෙදුන. ඔන්න එකපාරටම මට මතක් වුනා දෙයියංටම ඔප්පු වෙච්චාවෙ මම මෙහෙ මාත් එක්කම සංවාදයෙ යෙදිල ආතල් ගන්නව. අරෙහෙ අර මනුස්සය වල කජ්ජ ගහලද දන්නෙත් නෑ නේද කියල. 

ඉතිං විජහට ඇස් ඇරල සෝපාවෙ කෙලින් වෙලා ඇස් පිල්ලං දෙතුං පාරක් ගහල බැලුව අංකල් දිහාවෙ....මෙන්න යකෝ වැඩේ...මොන හාට් ඇටෑක්ද? අංකලය ඉන්නව පුල් ආතල් එකේ...මිනිහට මාරම හැපී...ඇස් දෙක පියාගෙන තාම පින්ක් ෆ්ලොයිඩ්ලට තාලෙ අල්ලනව. දැං කකුලෙන් නෙවෙයි අත්දෙකෙන්ම අසුර ගගහ. කකුලෙන් පොළවට තට්ටු කර කර තාලෙ අල්ලන්ට කොහොමත් බෑ දැන් ඉන්න විදිහට ඒ කිව්වෙ මේ වෙනකොට අංකල් ඉන්නෙ ඉස්සරහ තියන කනප්පුව උඩ කකුල් දෙක තියාගෙන. මම හිතන්නෙ ජීවිතේට ඔහොම ඉන්නවම වෙන්න ඇති මේ මනුස්සය...

මම අංකල් දිහාවෙ කටත් බාගෙට ඇරගෙන බලා ඉන්දැද්දි මෙන්න මේ මනුස්සය එක පාරට තාලෙ ඇල්ලිල්ල නවත්තල සෝපාවෙ කෙලින් වෙලා වාඩිවෙලා මගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. අප්පටසිරි....මේ මොකද වෙන්ට යන්නෙ? මෙච්චර විස්කි එක පාරට බීල පුරුදු නැතුව අංකල්ට මොකක් හරි වෙන්ටවත් යනවද? නෑ මම මේ කිව්වෙ මාරාවේස වෙලා වගෙ මගෙ බෙල්ලවත් මිරිකන්ට යනවවත්ද? 

මම කෝකටත් කියල සෝපාවෙ ඉස්සරහටම වෙලා විළුඹට ඇඟේ බර දීල ඉස්සරහට නැමිල සූදානම් වුනා. සෙනිකව ආත බූත කඩාගෙන දුවන්ට ඕන නම් එහෙම තමයි හොඳම ඉරියව්ව. මට ඔය ගැන කියල දුන්නෙ හතරෙ පන්තියෙ විතර ඉන්දැද්දි ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට කරාටෙ උගන්නපු සර්. 

ඔය මම කියන ඒ සර් ඇත්තටම ඇවිල්ල අපේ ඉංග්‍රීසි ගුරුතුමා. ඉංග්‍රීසි වගේම මනුස්සය කරාටෙත් දන්නව. ඉස්කොලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට ඔය කරාටෙ ඉගැන්නුවෙ නොමිලේ. සර්ගෙ වචන මට අද වගෙ මතකයි.

"මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට ගහන්නෙ බැරිම උනොත් වෙන කිසිම විකල්පයක් නැත්තං විතරයි. ඒ කියන්නෙ වෙන වචන වලින් කිව්වොත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන සටනකට එළඹෙන්නෙ නැතුව මඟ ඇරල යන්ට. ඒක ලැජ්ජාවක් නෙවෙයි. සටනකින් තොරව ප්‍රශ්ණයක් විසඳගන්නව කියන්නෙ ඒක තමයි හොඳම ක්‍රමය... "


Wednesday, April 11, 2018

Acquiescence To Oppression: Caste, The Sangha & Government Office


Professor Ratnajeevan Hoole


By S. Ratnajeevan H. Hoole 
(First Published in Colombo Telegraph.com)

We are supposedly living in a secular country, notwithstanding Buddhism being the foremost religion sponsored by the state.

And yet, when my friend and senior schoolmate, Mr. K.C. Nithiananthan was to come as Governor of the Northern Province, effective 6 April, it did not seem to happen and his old posting as Governor of the Western Province is still on the relevant website.

On inquiry I am told that our former Governor, Reginald Cooray, who had been posted to Kandy, had been rejected by the Mahanayakes there, saying a fishing caste Christian is unacceptable but they would allow a Christian if he is of the agricultural caste. Unbelievably, negotiations happened. Cooray and Nithiananthan had a meeting in Colombo with the authorities. The government apparently bought this line by the Mahasangha and, as I gather, Cooray will go to Kurunagala and a woman of the right caste will go to the Central Province!

This is against all the laws and principles we profess and a part of the fraud that Sri Lanka is – preaching high principles and doing the opposite. Welcome to Sri Lanka, perhaps the most racist and communalist country in the world. Worse, our non-agriculturists have acquiesced by accepting their slavery – there are so many powerful fishing caste people in government from whom we have not had a whimper. People are people, cut from the same rags I think. Wondering about this, I asked my driver who worships Arumuga Navalar and is not an agriculturist, whether he knows Arumuga Navalar’s teaching to agriculturist school children in his Paalar Paadam that if a low caste person or a dog sees his earthen cooking vessels, he ought to destroy them and buy new ones? My driver was aghast and said no one taught him that.

Why just today (Sunday 8th) I drove from Jaffna to Batticaloa to attend the fiftieth ordination celebration of my good friend The Rev. Fr. Joe Mary tomorrow Monday. I settled down in my car to read my Sunday newspapers. A prominent English language Sunday newspaper had its top, page 1 story with the headline emblazoned: New Year Gift to the North: Army to free 650 acres. They take our private lands and think they are giving us a gift by vacating it? The Editor, presumably the best of the Sinhalese intelligentsia, let that headline pass thinking he is really giving us a gift of what is ours. All the way from Vavuniya through Trinco and Moothur to Batticaloa, I saw all these encroached and forcibly settled lands, wondering what our future in this country is as Tamils.

I also recalled with bitterness my brother-in-law’s land which he had purchased in Keerimalai for a resort home, which has been taken over for the presidential palace. A government that promotes free trade cannot afford to violate people’s ownership rights over their property.

As we reached Batticaloa, I wondered if the people of Batticaloa who worship Pattini/Kannaki and at the same time had Navalar statues erected by their MP Yogeswaran, know that Navalar decried Pattini as a low caste Jaina Chetty goddess and demanded “What temples for that Chettichi?” The people of Batticaloa also have acquiesced to their slavery. We are all willing slaves to those who oppress us. It is the culture of oppression.

The root of this master-servant relationship can be traced to the Mahavamsa where in the Second Century BC (if the Mahavamsa is to be believed) King Duttugemenu’s son, the Prince Salya, marries a low caste woman, Asokamala. For this, he is banished. The only difference now is that we are doing the same horrible low-class thinking in the twenty-first century. Lord Krishna said in the Gita that he created the castes according to their moral qualities – the higher the qualities, the higher the caste. In Sri Lanka we have those claiming to be high castes exhibiting very low qualities in disrespecting the rights of those who are not agriculturist.

Until the worldly powers of clergy are removed we will always be a third rate country. In Jaffna, we have in Neduntivu (or Nainativu) a monk who has the Navy in his service. According to a reliable professional from there, he has fathered some 10 children through Tamil women. These ladies, like the fisher caste people who accept that they cannot be governors of the Central Province, are willing concubines while he claims to be the Mahanayake of the North. These ladies have acquiesced to their oppression.

I do not regard Nainativu as a part of my heritage because of how the Navy behaves and foisted criminals as our representative. I visited there for the first time only recently when a relation, on the occasion of my daughter’s marriage, gave us all a picnic-tour of Jaffna. The bus she hired took us at some point by ferry to Neduntivu. We walked about and a monk without asking any permission, came and sat on the front seat that I had been occupying. I politely told him it is a private bus, but he glared at me. I am a slave in Jaffna and knew I could not throw him out without the Navy coming to his protection. I too had acquiesced to my oppression.

Should we not rethink the foremost position for a religion that brings out the worst in man – acquiescence to our own oppression. All jobs should be open to everyone based only on qualifications. Does the government have a new policy on caste as a qualification?

Monday, April 9, 2018

575. විස්වාස බංගයට පසු.....


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...

"බාල් නැටුමට පසු…" කියන්නෙ සුප්‍රසිද්ධ රුසියානු ලේඛක "ලියෝ තොල්ස්තෝයි"ගෙ ඉතා ජනප්‍රිය කෙටි කතාවක්....මේ ඊයෙ පෙරේද මම ආයම ඒ කතාව කියෙව්ව. ඒ මතකය ඇසුරින් තමයි මේ සටහනට නම දැම්මෙ....

"We definitely live in strange times".....අන්න එහෙම උද්ධෘතයක් (Quote ) තියනව කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියාපු. මට හරියටම මතක නෑ ඕක කිව්වෙ මාක් ට්වේන්ද ප්ලේටෝද කියල. කොහොම උනත් කියපු කෙනා වැදගත් නෑ. මේ පහුගිය සති දෙක තුනේ ලංකාවෙ දේශපාලන තත්ත්වය ගැන හිතල බලනකොට මගෙ මතකයට ආවෙ ඔන්න ඔය කතාව.

ආ...තවත් Quote එකක් මතකෙට ආව විස්වාස බංගෙ ගැන කල්පනා කරද්දි...ඒ ගැන පස්සෙ කියන්නං...

රනිල් ගොයිය විස්වාස බංගෙන් දිනුව. විස්වාස බංගෙ ගෙනාපු මුල් දවස්වල රනිල පැරදිල ගෙදර යනවනම් හොඳයි කියල මම හිතාගෙන හිටියෙ. මොකද මහ බැංකු වංචාව තනිකරම රනිලගෙ ගේමක්. ඒකෙ ආය දෙකක් නෑ. 

නීලකාසය ජනේලෙ එල්ලිල කතා එහෙම පවත්තල ගෙදර ගියාට පස්සෙ මෛත්‍රීපාල රනිල අගමැති කලානෙ. මිනිහා එදා ඉඳලම සෙට් වුනේ ඔය ගේමට. ඒක මේ ඕනම පුංචි පහේ මං කෙනෙකුට තේරෙනව මිනිහගෙ මුල ඉඳම්ම වැඩ පිළිවෙල පරිස්සමින් අධ්‍යයනය කලොත්. මම එව්ව එකින් එක ආයම කියන්න යන්නෙ නෑ. ඒ මොකද කියනවානම් කලින් ඒ ගැන ලියල ඇති තුන් හතර පාරක්ම.

මුලින් මුලින් රනිල ගැන "ඔන්න ඔහෙ මකම බෑවිල පලච්චාවෙ  හොර තක්කඩිය" කියල හිතුනට "Then what the hell will happen next?" කියල හිතෙනකොට තමයි මට තේරුනෙ මේක මේ එහෙම ලේසියෙන් දෙකයි දෙකයි හතරයි කියල විසඳන්ට පුලුවන් ගණිතමය ගැටළුවක් වගෙ එකක් නෙවෙයි කියල.

රනිල පැරදුනොත් බොහෝවිට මෛත්‍රී ගොයිය නීලකාසය අගමැති කරාවි. ඒ කියන්නෙ ආය ඉතිං රට නන්නත්තාරයි. 2015 ඉඳල මේ අවුරුදු තුනට යම්තමට හරි යහපාලනය නීති ගරුක භාවය සහ අදහස් ප්‍රකාස කිරීමේ නිදහස යන කාරනා තුනට අදාලව බොහෝ දුරට සාධනීය වෙනසක් වෙලා තිබ්බ නම් නීලකාසය සහ ගොට්ටාස් ආපු ගමං පහුවදා ඉඳල එව්ව ඔක්කොම ඉවරයි. මේ රට ආයම සිම්බාබ්වේ වෙලයි නවතින්නෙ.

ඒ හින්ද අන්තිමට මම ප්‍රාර්තනා කලේ විස්වාස බංගෙ පැරදේවා කියලයි. කොහොම හරි ඒ වැඩේ ඉස්ට උනා. මම අර කලින් කිව්වෙ තව Quote එකක් මගෙ හිතට ආව කියල මේ වෙලාවෙ.

ඒක තමයි අර මහත්මා ගාන්ධි කිව්වයි කියන කතාව. "Always do the right thing without considering what the consequences might be" හුහ් ගාන්ධිට නම් මොකෝ? එයාට බැරිය බාගෙට හෙලුවෙන් ඉඳගෙන එහෙම කියන්ට කිසි ගානක් නැතුව. මේ වගෙ මගෝඩි අයිය මලෝ රෑනක් එක්ක ජල්ලි අල්ලන්ට තිබ්බෙ නෑනෙ උන්දැට. අපි කොහොමද එහෙම කරන්නෙ?

ගාන්ධි තියා ගාන්ධිගෙ මුත්තප්ප කිව්වත් ලංකාවෙ අද තියන තත්වෙ හැටියට එහෙම ඉන් සිදුවිය හැකි අනර්ථකාරී ප්‍රතිඵල ගැන නොසළකා කළයුතු දේ කරල හරියන්නෙ නම් නෑ. හොරා උනත් මේ වෙලාවෙ ආරක්සා කරගන්න ඕන. ඇත්තටම ඒක හොරකම යටපත් කිරීමක්මත් නෙවෙයි. මේ වෙලාවෙ රනිලා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. අන්න ඒකයි ඇත්තම තත්වෙ....

රනිලට විස්වාස බංගෙන් උනේ එක අතකින් බැලුවම කියලවත් කරගන්ට බැරි වැඩක්. පෙබරවාරි 10 වෙනිද පැවැත්තුනු පළාත්පාලන චන්දෙන් අන්තිමට කූජිත වෙලා නෝන්ඩි වෙලා හිටිය මනුස්සය අළු ගසා දාල නැඟිටල ආවෙ විස්වාස බංගෙ හින්ද. විස්වාස බංගෙ දිනුවට පස්සෙ රනිලා නීලකාසය එක්ක කියල තියෙන්නෙ ඒකනෙ ගොම්මංපිලයට ඇමතිකමක් දෙන්ට වටිනවය කියල මේ කරපු උදව්වට. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්තම ඇත්ත.....

ඒකෙ උනේ අයි තින්ක් නීලකාසය වටේ ඉන්න පට්ට හොරුටික එකතුවෙලා විස්සාස බංගෙ ගේනකොට රනිලව වහ කදුරුවගෙ එපා වෙලා හිටපු යූඇන්පී කාරයින්ටත් ගැම්මක් ආව කොහොම හරි මූව බේරගන්ට ඕන කියල. මූ හොරා තමයි ඒත් අපේ ලීඩර් හොරාට අහල පහල හොරුන්ට ඇවිල්ල කෙලින්ට දෙන්ට බෑනෙ. ඌට ගහනවනං ගහන්නෙ අපි.

එහෙම හිතල යූඇන්පී කාරයො බලකරන්ට ඇති එවුංගෙ මන්ත්‍රීලට උඹල විස්වාස බන්ගෙට පක්සව චන්දෙ දීල එහෙම සිංහල අවුරුද්දට ගම් පලාතෙ හතර මායිමේ එන්ට එපා. හතර හන්දි කඩනවය කියල. අන්තිම වෙනකල්ම රනිල් එලවන්ට ඕනය කියල පිට පොට ගහගෙන දඟලපු අර රංගේ බන්ඩ එහෙම අන්තිම මොහොතෙ වන් එයිටි ඩිග්‍රීස් ආපහු හැරුනෙ ඒ නිසා වෙන්ට ඇති බොහෝ විට. සම්ටයිම්ස් සල්ලිත් දෙන්ට ඇති. බර ගනං වලින්. දන්නවනෙ අපේ මහජන නියෝජිතයොය කියන කාපාලුවො ගැන. කාලකන්නි යක්කු.

තව එකෙක් අර මුතුහෙට්ටිගම කියන ගාල්ලෙ ජිම් පප්පා. ඒ යකා විස්වාස බංගෙට අස්සනුත් කරපු එකෙක්. අන්තිමට චන්දෙ දෙන්ටවත් ආවෙ නෑ. අනික් දෙන්න මෝඩවන්සයයි ගොම්මංපිලයි. ගොම්මංපියලනං කලින් දවසෙත් පොළවෙ පස් කෑවලු විස්වාස බංගෙ දිනන එක හෙට ඉර පායනව වගෙ ඉස්තිරයි කියල.

දැන් මෙතන වෙච්චි දේ මෙන්න මේ ආකාරයි. පෙබරවාරි දහවෙනිද බයියො ඔක්කොම එකතුවෙලා නීලකාසය දිනෙව්වනෙ. ඔය බයියො කියන්නෙ මහ පුදුම ජාතියක්. විලි ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් තියන කොට්ටාසයක් එහෙම නෙවෙයි. උං වැඳුං පිදුං කරන නායකයොම තමයි උංව දෙකේ කොලේට දාල කතා කරන්නෙ. ඒත් ලැජ්ජ නෑ. ආයම ගිහිල්ල චන්දෙ දෙනව.

පෙබරවාරි දහ වෙනිද පලාත්පාලන චන්දෙ දිනුවට පස්සෙ අර එකෙක් කියාපි චන්දෙට පොල්ලෙල්ලක් දැම්මත් දිනනවයි කියල. හැබැයි එකක් තියෙන්නෙ ඒ මනුස්සය හරියටම තේරුම් අරං තියනව බයියො කියන්නෙ කවුද කියල. "අන්න අර පොල්ලෙල්ලට චන්දෙ දීපිය" කිව්වොත් ඒකත් කරනව කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. 

ඉතිං පෙබරවාරි දහවෙනිද පොල්ලෙල්ලො ටික දිනුවම නීල කාසයා ප්‍රමුක හොර තක්කඩි රැල කුල්මත් වෙලා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ මොකද කියනවනං දැං ඔය නීල්කාස් ඇතුලු හොරු රංචුවටම නඩු පිට නඩු වැටිලනෙ තියෙන්නෙ.

ජොනීට සතොසෙං ගැහැව්ව කියල නඩුවක්. මෝඩවන්සයට ඩබල් පාස්පෝට් නඩුවක්. මාල හොරාට ඒත් අයතා අන්දමින් මුදල් උපයාගැනීම ගැන නඩුවක්. ගොම්මංපිලට අර සුද්දෙක් රවට්ටල ඌව සුද්ද කලා කියල නඩුවක්. නිව් විලේජ් හවුස්ට කෝටි දහයකද කොහෙද ගානකට ගෙයක් ගත්තෙ කොහොමද කියල නඩුවක්. නාමෝලට අර මොකක්ද කොම්පැනියකින් අල්ලස් ගත්තයි කියල නඩුවක්. භක්ෂිශීලයන්ට මඟ නැඟුමෙ සල්ලි ගසාකෑව කියල නඩුවක්. අතිගරු ගොට්ටාතුමාට මිග් ගනුදෙනුව ගැන නඩුවක්.

එතනිං ගිහාම එක්නැලිගොඩ නඩුව, ලසන්ත නඩුව, තාජුඩින් නඩුව... ඔය විදිහට මිස්ටර් නීල්කාස්ගෙ හොර තක්කඩි  ටික අවුරුදු ගානකට වැලිකඩ කූරු ගනින්ට යන්ට ඔන්න මෙන්න කියල තිබ්බෙ. ඉතිං ඒ අල්ල පනල්ලෙ පලාත්පාලන චන්දෙ දිනුවම ඔන්න හොරු ටික අලු ගසා දල එක විදිහක් වෙලා ආව. මෙන්න පුතෝ චෑන්ස් එක මේ වෙලාවෙ මේ උනුහුම පිටම කොහොම හරි ආන්ඩුව පෙරල ගත්තනං අපි ඔක්කොමලට හිරේ නොගිහිං බේරුනෑකි. 

එහෙම හිතල අර දිනෙස් ලොක්කයි වාසුදේවයි ඉස්සරහට දාල පුලුවන් තරම් දත කෑව මොකක් හරි ජල්ලියක් අල්ලන්ට. ම්හු හරි ගියේ නෑ. ඊට පස්සෙ තමයි ඔය මහ බැංකු මගඩිය ඉස්සරහට දාල රනිලා පන්නන්ට විස්වාස බංගෙ ගෙනාවෙ. අන්තිමට ඒකත් පුස්ස බින්දාවගේ වෙච්චි. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.



ලංකාදීප පත්‍රයේ පළවූ තලංගම ජයසිංහගේ
කාටූනයකි. විමල් වීරවංශ නැටුම් ඇඳුමින් සැරසීද
ගම්මන්පිල බෙරයක් කරේ එල්ලාගෙනද
විශ්වාස භංග යෝජනාව අවසානයේදී
 පාර්ලිමේන්තු මන්දිරයෙන් නික්ම යති.
"නමය හමාරයි තොවිලෙ හමාරයි"
යනුවෙන් කාටූනයේ ඉහළ සඳහන්වේ
.

ඉතිං අවසාන වසයෙන් උනේ කොහොමින් කොහොමින් හරි රනිල දිනපු එකනෙ. ඉතිං ඊලඟට මොකද කරන්නෙ? ඊලඟ ජනාදිපතිවරනෙට තව අවුරුදු දෙකකටත් අඩුකාලයක් තියෙන්නෙ. ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනෙට අවුරුදු දෙකකුත් මාස හතරයි. 

ඉතිං ඔය බොහොම සුට්ටං කාලෙදි ලොකු වැඩ කොටසක් කරන්න තියෙනව ආන්ඩුවට ජහග්‍රහනය ගැන යම්තමටවත් බලාපොරොත්තුවක් තියාගන්ට නම්.

එහෙම දෙයක් කරන්ට එකම ක්‍රමේ නම් 2015 ජනවාරි 08 වෙනිද මෛත්‍රීපාල සහ රනිල් එක්ක රැඳිල හිටපු රටේ පාලන ක්‍රමයෙ සැබෑ වෙනසක් ප්‍රාර්තනා කරපු මිනිස්සු ආයම ඇදල ගන්ට වෙනව. 

එච්චරම තමයි කරන්ට තියෙන්නෙ. එහෙම කරගන්ට රනිල්ට පුලුවන් වෙයිද කියල අපි බලා ඉමු සහ ප්‍රාර්තනා කරමු.

Wednesday, April 4, 2018

574. The Story Of My Marriage - 63 - A Walk To Remember And How To Make Tomato Rice ……


නිකලස් ස්පාක්ස්ගේ එනමින්ම යුත් ජනප්‍රිය නවකථාව
ඇසුරින් නිමවූ "A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සලිවන්
ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කලේ මැන්ඩි මුවර්ය.

ඒ කියන්නෙ කොටිම්ම කිව්වොත් මෙතන මේ දිලිසි දිලිසි තියෙන්නෙ කඩපුවත් නැති වන් ලීටර් ෂිවස් රීගල් විස්කි බෝතලයක්!!!

හෙහ්..කොහොමද ඒක?

ඊලඟට මට ආව ප්‍රස්නෙ තමයි විස්කි බෝතලේ ගැන අංකල්ගෙන් අහනවද නැද්ද කියන එක. ඇයි දෙයියෝ සාක්කි අනන්‍යාල ඇවිල්ල පිරිසිදු දමිළ උභය කුල පාරිශුද්ධ බ්‍රාහ්මණ වංශිකයොනෙ. ඉතිං එහෙම කට්ටියගෙ අහවල් විස්කි පාවිච්චියක්ද? එහෙම අහන එකත් අපහාසයක් වෙයිද මන්ද. 

ඒත් අනික් අතට මේ මගේ ඇස් ඉස්සරහ දිලිසි දිලිසි තියෙන්නෙ විස්කි බෝතලයක් නැතුව ආය වෙන අහවල් දෙයක්ය? ඒ හින්ද ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල කෙලින්ම අංකල්ගෙන් මේ ගැන අහනවයි කියල මම හිතාගත්ත.

"මේ..මේ...මේ..අංකල් විස්කි බෝතලයක් තියෙන්නෙ මෙතන...."

අංකල් නිස්සද්දව මා දිහා බලා හිටිය. හරියට ඉතිං?...විස්කි බෝතලයක් තියනව තමයි...ඉතිං මොකද? කියල අහන්නා වගේ.

"නෑ..මේ මම අහන්ට ගියේ..අංකල් විස්කි බොනවද කියල…" මම වදෙං පොරෙං එහෙම කියාගත්ත.

"එහෙමටම කියල බොන්නෙත් නම් නෑ. ඔය හීතලක් හෙම්බිරිස්සාවක් වගෙ හැදුන බොහොම සුට්ටක් විතර මේ...මේ හැඳි දෙක තුනක් වගෙ ගන්නව..ආ...මේ ලීටරේ බෝතලේ මට දුන්නෙ හරිෂ්....හප්පේ මට මේක ඇතිවෙයි තව අවුරුදු තුන හතරකටවත්"

මම කිසිදෙයක් කිව්වෙ නෑ. මුනිවත රැක්ක.

"හරිෂ්…. මතකනෙ හරිෂ්ව නේද? අර සති දෙක තුනකට වගෙ ඉස්සර වෙලා අනන්‍යාව බලන්න ආව ළමයා…"

මම යන්තමට ඔලුව හෙල්ලුව. හ්ම්ම්ම් මොකද මතක නැත්තෙ? මතකයි මතකයි...සුටු පුටු ගාල මටම කියාගත්ත

"ෂහ්..හරි අපූරු ඉලන්දාරියා.." එහෙම කියල අංකල් ස්ටීරියෝ සෙට් එක ක්‍රියාත්මක කලා. මම හදවතක හැඩයගත් කවරෙත් එක්කම පැරණි හින්දි ආදර ගීත තියන සී.ඩී. එක අංකල් අතට දුන්න.

අංකල් දෙතුන් පාරක්ම සී.ඩී. එක හරව හරව බැලුව. ඒ අතර එක පාරක්ද දෙපාරක්ද කොහෙද ඔලුව උස්සල මගෙ දිහාත් බැලුව.

"අර මයිලපෝර්වල සී.ඩී. කඩේ ඔච්චරමයි ටිකක්වත් හොඳ එකකට තිබ්බෙ.." මම බිම බලාගෙන හෙමිහිට කිව්ව. ෂිහ් වසම ලැජ්ජාව...

"තව සී.ඩී. තියනව නේද?" අංකල් අත දික්කලා. මම අනික් සී.ඩී. දෙකත් අංකල් අතට දුන්න.

"ටී.ආර්.සුබ්‍රමනියම්..එම්.එස්.ශීලා..ක්‍රිෂ් කාට දෙන්නද මේ සී.ඩී. ගත්තෙ?"

"කාටවත් දෙන්න නෙවෙයි අංකල් මේව ගත්තෙ මට.."

"ඔයාට කර්ණාටක සංගීතය තේරුම් ගන්න පුළුවන්ද?" අංකල් ඇස් උඩ තියාගෙන ඇහුව…

"තවම හරියකට බෑ. ඒත් මට කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕන. මම අහල තියනව කර්ණාටක සංගීතය කියන්නෙ මේ ලෝකෙ තියන ඉහළම ගණයෙ ශාස්ත්‍රීය සංගීතයෙයි කියල"

අංකල් දිග සුසුමක් හෙලල ඔලුව හෙමිහිට දෙපැත්තට වැනුව. මම කිව්වෙ පල් බොරුවක් කියල අංකල් හිතුවද මන්ද. ඇත්තම කිව්වොත් කර්ණාටක සංගීතය ගැන මගෙ කිසිම කැමැත්තක් නැහැ. ඒත් ඒ එක්කම මම අංකල්ට කිව්වෙ තනිකර බොරුවක්මත් නෙවෙයි. මට කර්ණාටක සංගීතය ඉගෙන ගන්න ඕන.. Ananya ...Ananaya ..My goodness what I won't do for you my dear?

අංකල් මගෙ බෑග් එක ඇරල සී.ඩී. ආපහු ඒක ඇතුලට දැම්ම.

"මම කර්ණාටක සංගීතය බොහොම ප්‍රියකරනව. මටත් වැඩිය රාධා. මම තමයි කර්ණාටක සංගීතය ශාස්ත්‍රීයව පිළිවෙලකට ඉගෙන ගෙන ඉස්සරහට යන්න කියල ඇයව උනන්දු කලේ. ඒත් මම එහෙම කරපු එක වැරදිද කියල වෙලාවකට මගෙ හිත මට වද දෙනව. මොකද මේ සංගීතය ඉගෙන ගැනිල්ල හින්ද රාධට ඇතිවුනේ හිත් වේදනාම විතරයි"

අංකල් බාගෙට ඇස් පියාගෙන එහෙම කිව්වෙ දැඩි සිත් තැවුලකින්ය කියල මට තේරුණා.

මොනව කියන්නද කියල හිතා ගන්ට බැරුව මම ඔලුව හෙල්ලුව. ඕනම ගැටළු අවස්තාවකදි ඔලුව හොල්ලන එකේ අවුලක් නෑනෙ. එහාටත් හරි මෙහාටත් හරි...

මට ඇත්තටම අවුලක් වුනේ අංකල් ඔය මා එක්ක එයාගෙ පෞද්ගලික විස්තරයක් කතා කලාමයි. එකම ලැප්ටොප් එකට එබීගෙන දවස් පහක් තිස්සෙ දවසට පැය හතර පහක් වගෙ එක ළඟ ඉඳගෙන ඉන්නකොට මට හිතෙන්නෙ රාම රාවණ අතරෙ උනත් අඩුගානෙ යන්තමටවත් සුහදත්වයක් ඇතිවෙනව.

මම මේ වෙනකොට හයවෙනි ස්ලයිඩ් එකේ වැඩ කරමින් හිටියෙ. මැන්ඩි මුවර්ගෙ ලයාන්විත ගී හඬ සාලය පුරා පැතිර යන්නෙ හරියට සිහිල් සුළඟක් හමායනව වගේ.

I wanna be with you ……….
If only for the night………….

ඇත්තම කිව්වොත් ඒ වචන මේ වගෙ අවස්තාවකට කොහෙත්ම ගැලපෙන්නෙනම් නෑ. පණස් වියේ පමණ පසුවන මැදිවියේ ද්‍රවිඩයෙක් සහ විසි හතර වියැති පන්ජාබි තරුණයෙක් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් සකස් කරමින් ඉන්දැද්දි පසුබිමින් වාදනය වෙන්න ඒ ගීතය ටිකක් විතර සුදුසු මදියි නම් තමයි. මම පිළිගන්නව. ඒත් අපි වැඩ කරද්දි පවතින දැඩි නිශ්ශබ්දතාවය මට එපාම වෙලයි තිබුනෙ. ඒහින්ද අර වගෙ ගීතයක් උනත් ඇත්තටම හොඳයි කිසිම සද්දයක් බද්දයක් නැතුවට නම් වඩා.

To be one in your arms….
Who holds you tight…

(සටහන - Mandy Moore කියන්නෙ අමරිකානු ගායිකාවක් සහ නිළියක්. ඇය සතළොස්වන වියේදී "A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සලිවන්ගේ චරිතය රඟපා මහත් ජනාදරයට පත් වූවා. එම චිත්‍රපටය නිපදවූයේ නිකලස් ස්පාක්ස් නම් අමරිකානු ලේඛකයාගේ එම නමින්ම පළවූ ජනප්‍රිය නවකථාව ආශ්‍රයෙන්.)



"A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සහ ලැන්ඩන් විවාහ වන අවස්ථාව....


මගෙ ස්ලයිඩ් ෆෝමැට් කිරිල්ලෙ වැඩේ බාගයක් වගෙ ඉවරයක් වෙනකොට සී.ඩී. එක තුන්පාරක් විතර රී ප්ලේ වෙලා. දහයට කිට්ටුවෙලා වගෙ අපි රෑ කෑමට වැඩ නැවැත්තුව. 

මම පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල ඇඟමැලි කඩන අතරෙ අංකල් කුස්සියට ගිහිල්ල කෑම පිඟන් දෙක අරගෙන ආව. රෑ කෑමට තිබ්බෙ Tomato rice නොහොත් තක්කාලි බත් South Indian style of course.......



Tomato rice පිළියෙල කරගන්නා අන්දම....


"ඔය ළමයට දැන් මේ අපේ කෑම එපාම වෙලා ඇති නේද?" අංකල් ෆයිල් එහාට මෙහාට කරල පිඟන් දෙක මේසෙ උඩ තිබ්බ. 

"ආ...නෑ..නෑ....මට දැන් මෙහෙ කෑම හොඳට හුරුයි.....කොටිම්ම අපේ කෑම වලයි මෙහෙ කෑම වලයි මට දැන් ඒ හැටි වෙනසක් නෑ....." මම කටේ තොලේ නොගෑවී කියල දැම්ම.

"Good... that's really good.." අංකල් එහෙම කියල කැබිනට් එක ගාවට ගියා. 

ඒ කියන්නෙ මම මේ වෙනකොට ගුඩ් කැටගරි එකට ප්‍රමෝට් වෙලා. ඒත් රියලි ගුඩ් කැටගරි එකට උසස්වෙන්ට තව කල්යයි වගේ. හරිෂ් අර හොර මනමාලය ඕකානම් කෙලින්ම වැඩ පටන්ගත්තෙම රියලි ගුඩ් කැටගරි එකේ..හුහ්…ඉඳපංකො ඕකට මට... පොළොස් කොට්ටෝරුව...

"මම හිතන්නෙ ක්‍රිෂ් දැන් අපෙ වැඩේ Smoothly යනව. කිසිම අවුලක් වෙන එකක් නෑ. මොකද කියන්නෙ පොඩි එකක්?" අංකල් මා දිහාට ඔලුව හරවල යම්තමට හිනාවෙල ඇහැව්ව. 

"ප්‍රශ්නයක් නෑ මිස්ට ස්වාමිනාදන් ගන්නවනම් ගමු" මම දෙපැත්තටම නැති උත්තරයක් දුන්න.

අංකල් කැබිනට් එකේ වම් පැත්ත ඇරල පොඩි වීදුරු තුනක් එළියට ගත්ත. ඈ? අර මොටද වීදුරු තුනක්? සමහරවිට මංජුටත් පොඩි එකක් දෙන්නද දන්නෙ නෑ...මට හිනා ගියා.

"ක්‍රිෂ් කුස්සියෙන් මේස හැන්දකුයි ෆ්‍රිජ් එකෙන් අයිස් කැට ට්‍රේ එකයි අරගෙන එන්නකො…" අංකල් මට කිව්ව. 

අයිස් කැට ට්‍රේ එකනම් හරි ඒත් මේස හැන්දක් ? අර අහවල් දේකටද මේස හැන්දක්? හ්ම්ම්ම්....සමහරවිට අයිස් දියකරන්ට වෙන්ට ඇති කවුරු දන්නවද තමිල් නාඩුවෙ වැඩ..එහෙම හිත හිත මම කුස්සියට ගිහිල්ල ෆ්‍රිජ් එකෙන් අයිසුයි පෑන්ට්‍රි කබඩ් එකේ ලාච්චුවකින් මේස හැන්දකුයි අරගෙන ආව. මම ආපහු එන අල්ල පනල්ලෙ අංකල් බෝතලේ කඩල.

වීදුරු තුනක් එළියට ගත්තු සීන් එක මට තේරුණේ ඔන්න දැනුයි. අංකල් ඉස්සෙල්ලම බෝතලේ ඇලකරල එක වීදුරුවකට විස්කි අඟලක් දෙකක් විතර  වැක්කෙරුව. ඊට පස්සෙ අර මම ගෙනාපු මේස හැන්දට විස්කි පුරව පුරව අනික් වීදුරුවට දාන්ට පටන් ගත්ත. 

මේ මොකක්ද බොලේ මේ නාඩගම? මම ඇස් කන් කට තුනම ඇරගෙන ඒ දිහා බලා හිටිය. අංකල් හරියටම දසමෙටම කිරල මැනල හැන්දෙන් පහක් අනික් වීදුරුවට දාල තුන්වෙනි වීදුරුව මා දිහාට තල්ලු කලා.

"මේස හැඳි පහ තමයි මගේ ගාන..මට ඒ ඇති..ඔයා කොච්චර ගන්නවද?"

"මේස හැන්දෙන් මැනල විස්කි බොනව මම ඔය දැක්කමයි…." මම එහෙම කියල බෝතලේ අරගෙන මගෙ වීදුරුවෙ තුන්කාලක් පිරෙන්න රන්වන් පාට මත් වතුර වක්කරගත්ත.

"My goodness..what are you doing?..." අංකල් ඇස් උඩ තියාගෙන කෑගැහැව්ව.

"Making myself a real drink... what else?" මම විස්කි පුරවපු වීදුරුවට අයිස් කැට දෙක තුනක් දාගෙන උඩට ඉස්සුව. "Cheers..."

"ඇත්තම කිව්වොත් ඔය මේස හැඳි පහේ නීතිය මට පැනෙව්වෙ රාධා…." අංකල් කටකොණකින් හිනා වෙලා මා දිහාට අත දික්කලා. 

"No problem..she is not here now... is she?" මම බෝතලේ අංකල්ගෙ අතේ තිබ්බ. 

අංකල් බෝතලේ ඇලකරල මගෙ වීදුරුවෙ ලෙවල් එකට එනකල් වගෙ විස්කි පුරව ගත්ත. "Cheers..."

අපි දෙන්නම වීදුරුවෙ බාගයක් වගෙ ඇදල ඇරිය එක හුස්මට. අංකල් ලඟ තිබ්බ ටිෂූ බොක්ස් එකකින් ටිෂූ එකක් අරගෙන තොල කට පිහදා ගත්ත.

"බොහොම ස්තූතියි ක්‍රිෂ්. ඔයාල..මම කිව්වෙ මේ අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්තු කට්ටිය..You all are really smart...ඔයාගෙ ප්‍රසන්ටේෂන් එක අන්තිම ඉහළයි. මම හිතන්නෙ නෑ අපේ බැංකුවෙ කිසිම කෙනෙකුට ඒ වගෙ ටොප් ක්ලාස් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න පුලුවන් වෙයි කියල. Thanks again…"

"You are welcome "

මම වීදුරුවෙ ඉතිරි විස්කි වඩිය උගුරට හලාගත්ත. තව එක ෂොට් එකක් අරගෙන අපි දෙන්න බත් කෑව. ඒ වෙනකොට වෙලාව දහයයි තිස්පහයි.

කෑමෙන් පස්සෙ වැඩ පටන් ගනිද්දි මම විස්කි බෝතලෙයි වීදුරු දෙකයි ගෙනල්ල ලැප් ටොප් එක ගාවින්ම තියාගත්ත. අංකල් මා දිහා එක පාරක් බලල අහක බලාගත්ත මිසක මොකවත්ම කිව්වෙ නෑ. තව ස්ලයිඩ්ස් තුන හතරක් ඉවර කරල මම තව පාරක් වීදුරුව පුරවගෙන අංකල්ට බෝතලේ දික්කලා. Mr. Swaminathan didn't refuse at all...Heh..heh...

තවම මැන්ඩි නංගි සිංදු කියනව. අංකල් නැඟිටල කැබිනට් එක ලඟට ගිහිල්ල සද්දෙ වැඩිකලා.

I gave you my heart..my heart…
When you didn't even ask for it..oh..oh..ho…ho…

අංකල් අත්දෙක උස්සල අසුර ගසමින් මැන්ඩිත් එක්කම ටික වෙලාවක් සිංදුව කිව්ව. ඊට පස්සෙ ඒ තාලෙටම ඔලුව වන වන ඇවිල්ල ආපහු ඉඳගෙන ලැප් එකට එබුන. මම කටත් බාගෙට ඇරගෙන අංකල් දිහා බලා හිටිය ටික වෙලාවක්. 

ඇත්තටම මම එතන දැක්කෙ විස්මය ජනක දර්ශනයක්. ද්‍රවිඩ බ්‍රාහ්මණවංශිකයෙක් මත්පැන් වඩි දෙක තුනක් පානය කරල (එයාම කියාපු දේ ඇත්තනම්) ජීවිතේ පළවෙනි වතාවට ආශ්වාදයක් සන්තෝෂයක් කියල එකක් විඳිනව මම දැක්කා. ඇත්තටම මට මේ කෙහෙල්මල් ප්‍රසන්ටේෂන් එක ඉවරයක් කරන්න නැත්තං මේ මනුස්සය දිහා බලා ඉන්න එක තරම් ආතල් එකක් තවත් නැතිවෙයි කිසිම සැකයකින් තොරව. 

කොහොම හරි මට මතක තියෙන්නෙ මෙච්චරයි. තව පැය දෙකක් වගෙ ගත වෙද්දි මම ප්‍රසන්ටේෂන් එක ඉවර කලා. ඒත් එක්කම අපරාදෙ කියන්න බෑ ෂිවස් රීගල් එකෙනුත් තුනෙං දෙකක් විතර අපි දෙන්න සයයෝගෙං හින්දෙව්ව.

"And Thank you all who are present here today for your valuable time…."

මම අන්තිම ස්ලයිඩ් එකේ අන්තිම වාක්‍යය කියවල ෆයිල් එක සේව් කරල වැඩේ ඉවරයක් කරල දැම්ම.

"හරි අංකල් ඔන්න වැඩේ නම් ඉවරයි.."

"සෙස්.. සෙස්... සේව් කලාද?" අංකල් ඇහුව 

"ඔව් ඔව්.."

"තව්වත් පාරක් සේව් ක….ර්... රන්නකො කෝකටත්…"

මම ආයෙමත් ෆයිල් එක සේව් කලා.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...