Monday, April 23, 2018

577. පුවක් එෂැණිං 43 - මත්තලට ප්ලේන් එකක් බෑම සහ ආන්ඩුකාරයාගේ කුලය සෙවීම


1. මත්තලට ප්ලේන් බාපු ආතල් එක....

මම ඉන්නෙ තට්ටු පහක බිල්ඩිමක හතරවෙනි තට්ටුවෙ. අපි පොඩි කාලෙ නම් හතරවෙනි තට්ටුව කිව්වම මයිල් කෙලින් වෙලා හීං දාඩිය දාන සීන්ස් එකකුත් තිබ්බ. එහෙම උනේ ඒ කාලෙ සී. අයි.ඩී. එක නොහොත් රාස් පොලිස්සිය (ලේසියට රාස් පොලෝසිය රාස් පොලෝසිය කිව්වට ඕකෙ නියම නම කිරිමෙල් ඉන්වෙස්ටිගේසන් ඩිපාට්මන්ට් නොහොත් අපරාද පරීක්සන දෙපාර්තමේන්තුව.  C.I.D. කියන්නෙ ඒකනෙ) තිබ්බෙ පොලොස් මූලස්තානෙ හතරවෙනි තට්ටුවෙ.

අර දොඩම්පෙ මුදලාලි මැරුනෙත් ඔය හතරවෙනි තට්ටුවෙන් පැනල කියලයි පොලෝසියෙන් කිව්වෙ. ඒ සිද්දිය වුනේ හැබැයි 66 නැත්නම් 67 අවුරුද්දෙ විතර. මම ඒ කේස් එක ගැන දන්නෙ පස්සෙ කාලෙක විස්තර කියවල. ඔය දොඩම්පෙ මුදලාලිගෙ මරණය සම්බන්දයෙන් පොලීසියෙ කීප දෙනෙක්ටම දඬුවමුත් ලැබුන. 

ඒ කාලෙ ඉඳහිටල එහෙම නොවියයුතු දේවලුත් උනා තමයි. ඒත් ප්‍රදාන වසයෙන් පොලීසිය නීතියට වැඩ කලා. ඒ කාලෙ පොලීසියෙ ප්‍රමුකතම රාජකාරිය වෙලා තිබ්බෙ නීතිය සහ සාමය රැකීම. 

ඒ කාලෙ කියල විසේසයෙන් කියන්නෙ අද එහෙම නෙවෙයිද කියල ඇහුව? එහෙම නෙවෙයි තමයි. 

අද පොලෝසියෙ ප්‍රදාන රාජකාරි හතර ඇවිල්ල මෙන්න මෙව්ව.

1. උදෙම්ම බාවනා කිරීම 
2. ටිකක් දවල් වෙන්ට ඇරල කනට ගැහීම 
3. හවස් අතේ ඉසතෙල් ගෑම
4. රෑවෙන්ට ඇරල නීතිය නැමීම

එව්වට කියන්නෙ චතුර්විධ මුඛ්‍යඵල පරම විභූෂණ පොලෝසි පාරමිතා කියල.

හරි මේ තුන්වෙනි හතරවෙනි තට්ටුවල සීන් කියන්ට උනේ කතන්දරේට ප්‍රවිස්ටයක් විදිහට. සිකුරාද අනිවාර්යයෙන් මෙහෙ හැමෝන්ටම නිමාඩු. ඒ හින්ද ඊට කලින් දවස ඒ කිව්වෙ බ්‍රාස්පොතින්ද රෑ ජාමෙ කියන්නෙ කවුරු කවුරුත් ආතල් එකක් ගන්න දවස. බොහොම වැදගත් දවසක්. වෙරි ඉම්පෝටඩ් ඩේ. ඕකේ? 

කොටිම්ම අපේ සංගමෙං පවත්තන වාර්සික ක්‍රිකට් තරඟාවලියෙ දැන් අවුරුදු දෙකක්ම කප් චැම්පියන්ෂිප් එක දිනුව ටීම් එකේ නමත් ඇවිල්ල හිට "තර්ස්ඩේ නයිට්" ඉතිං තව කුමන කතාද?

අපේ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නෙ කොටස් හතරකට. එහෙම කරන්නෙ වැඩිම පිරිසකට කුමන හෝ ජයග්‍රහණයක් අත්කරදීමේ පරමාර්තයෙන්. ප්‍රමුඛතා අනුපිළිවෙලට මෙහෙමයි. Cup නොහොත් කුසලාන. Plate නොහොත් පළඟ. Bowl නොහොත් බඳුන සහ අවසාන වසයෙං Shield නොහොත් පළිහ.

හරි හරි ඒ විස්තර ඇති කතාව කියමුකො. පහුගිය බ්‍රාස්පතින්ද මම ඉතිං හත වගෙ වෙනකොට සියළු කුටුම්බාස්‍රිත යුතුකං කාරිය ඉස්ට සිද්ද කරල ඒ කිව්වෙ අපෙ ප්‍රියම්බිකාස් තොමෝට දිනපතා ගන්න කෝල් එක අරගෙන කතාබහ කරල එහෙම... සුබ / අසුබ ආරංචි එහෙමත් දීල, (එවුන්දැ ඔය රටේ ලෝකෙ ඉස්ට සිද්ද වෙන දේවල් අනම්මනම් විස්තර වැඩිය හොයන්ට යන්නෙ නෑ. ලයිෆ් ඇට්ටෙයිට් සුවර්නවාහිනී ප්‍රවුරුති බලනව එච්චරයි. ඒ හින්ද ඊට වැඩිමනත් දෙයක් දැනගන්නෙ මම කිව්වොත් තමයි) අද දුන්න සුබ / අසුබ ආරංචිය ඇවිල්ල යාපාලන ආන්ඩුව රත්තරං වලට ගහන ටැක්ස් එක 15% කින් වැඩි කරලයිය ඒ හින්ද පවුමක මිල රුපියල් 6,000 - 8,000 අතර ගානකින් ඉහල යන්ට ඉඩ තියනවය කියන එක...හෙහ්...හෙහ්...

ඔය විදේසගත ස්‍රමික පුරුසයින් දිනපතාම පාහේ ඉස්කයිප්, ඉමෝ, වස්සප් සහ වයිබර යනාදියෙන් තම බාර්යාවන්ගේ සුවදුක් විමසිය යුතුය කියල අර මොකක්ද සූත්ත්‍රේකත් තියනවනෙ. මට දැන් මතක නෑ ඒ සූත්ත්‍රේ නම. ඔය මඟුල් ගෙවල් වල මංගල සබාවෙදි ඉහ නිකට පැහිච්චි වැඩිහිටියො නිතරම ඔය සූත්ත්‍රෙන් තමයි උපුටා දක්වන්නෙ බාර්යා තොමෝ තම සුවාමියට මෙන්න මේ විදිහට යුතුකං ඉටුකල යුතුය, සුවාමියා බාර්යාවට මෙන්න මේ විදිහට යුතුකං ඉටුකල යුතුය කියල. 

ඒකෙ තියනව සුවාමියා විසින් කලයුතු මෙන්න මෙහෙම යුතුකමක්. ස්වාමියා විසින් නිතර තම බාර්යාවගේ සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් විය යුතු අතර ඒ පිළිබඳව විමසිය යුතුය. අන්න ඒ යුතුකම කරන්ට තමයි මම ඔය දිනපතා කෝල් එක ගන්නෙ.

ඉතිං ඒ සාමියා විසින් බාර්යා තොමෝ කෙරෙහි ඉස්ට සිද්ද විය යුතු යුතුකං එහෙම නොපිරිහෙලා ඉස්ට කොරල හිට මම මේ ලේස්ති වෙන්නෙ මොකටෙයි දන්නවය? වෙන අහවල් දේකටවත් නෙවෙයි සතිපතා ගුරුදා  නොවැරදීම ගන්න ගුරුදා රාත්‍රී ආතල් එක ගන්ට. 

හතාමාරට විතර මම දනිපනි ගාල ආතල් එකට සූදානං වෙන කොට මගෙ ලෑන්ඩ් ලෝඩ් කුම් ප්‍රෙන් (මම මෙහෙ ඉන්නෙ යාලුවෙකුත් එක්ක එයාගෙ එපාට්මන්ට් එකේ කාමරේක කියල ඔබ තමුන්නාන්සේලාට මම මීට කලින් තුන් හතර පාරක් කියල ඇති. යූ රිමෙම්බර් නෝ?) මගෙ කාමරේ දොරට ගැහුව. 

"මේ රවී...හරි වැඩක්නෙ. අර පලවෙනි තට්ටුවෙ ඉන්න සමරසිංහ මේ දැන් ඇවිල්ල කිව්වනෙ එයාලගෙ ගෙදර පොඩි ආතල් එකකට එන්නෙයි කියල. පොඩි දෙන්නගෙ ක්ලාස් හින්ද මට එන්න වෙන්නෙ නෑ. ඔයාට යන්න පුලුවන් නේද?"

ඔය කියාපු සමරසිංහ කියන්නෙ නොම්මර එකේ බයියෙක්. ආය නෑ මරා කිව්වොත් මැරෙයි. මේ ලොකු පඩියකට හොඳ පෝස්ට් එකක් කරන්නෙ. ඔය මොකක්ද ඔඩිට් ෆර්ම් එකක ඇස්සිස්ටන්ට් මැනේජර් ලෙවල් එකේ. M.B.A. එකක් එහෙමත් තියනව. එක අතකට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. උගත්කම සහ බුද්ධිය කියන්නෙ Two entirely different things කියල කියනවනෙ. කියනව නෙවෙයි බහුතරයක් බයිස්ල හින්ද ඒක ඇස්පනාපිට ඔප්පු වෙනව.

පහුගිය පෙබරවාරි දහවෙනිද පලාත් පාලන චන්දෙන් පස්සෙත් ඔය මනුස්සය සෑහෙන වියදමක් කරල කට්ටියටම පාටියක් දුන්න. මමයි මගෙ යාලුවයි කලින් යොදාගත්තු වැඩක් තියනවයි කියල ෂේප් උනා. ඊට පස්සෙත් සති දෙකක් විතර යනකල් මනුස්සය කෑම බීම යනාදී සියලු දේ ලේස්ති කරගෙන උන්නෙ මරා අගමැති වෙනකල් සතුට සමරන්ට. වෙලාවට ඒක හරිගියේ නෑ. මේ ඊයෙ පෙරෙයිද අර විස්වාස බන්ගෙ වෙලාවෙත් එහෙමයි. ඉතිං ඒක හරි ගියෙත් නෑනෙ. 

"යන්ට නම් බැරි කමක් නෑ. ඒත් ඔය යකාගෙ ගොං ටෝක් අහගෙන ඉන්න එක නෙව කාල ඉන්ට බැරි. අනිවාර්යයෙන් වෙන්නෙ මම ඉතිං කටවහගෙන ඉන්ට බැරුව මොකක් හරි හරහට කිව්වම මනුස්සය තරහ වෙනව."

ඔයිට කලින් දෙපාරක්ද කොහෙද එහෙම වෙලාත් තිබ්බ. පස්සෙ ආය මොකටද මේ පල් හොරෙක් හින්ද අපි අපි තරහ වෙලා ඉන්නෙ කියල හිතල මමම ගිහිල්ල කතා කරල ආයම ෂේප් කර ගත්ත.

"ඒකත් නම් එහෙම තමයි" මගෙ යාලුව කිව්ව.

"මොකද දන්නෙ නෑ මේ පාර සීන් එක නේද? අඩේ අපි දන්නෙ නැතුවම මොකක් හරි යටිකූට්ටු වැඩක් කරල මරා අගමැති වෙලා වත්ද? මූ මේ සෙලිබ්‍රේට් කරන්ට හදන්නෙ ඒකවත්ද?"

මම එහෙම කියල වහාම ලැපා ඔන් කරල සී ලන්කාවෙ බෙරේකිං ඥූස් බලව්ව. අදද රෙණ...ම්හු නෑ එහෙමට අලකලංචියක් නං වෙලා නෑ.

"හරි බං මම ගිහිල්ල බලන්නංකො. ඕකා බයිය උනාට හිත හොඳ එකා…"

කිව්වත් වගෙ මම ගියා සමරෙගෙ ගෙදර. අම්මට උඩු යනකොට මෙන්න තව හත් අට දෙනෙක්ම ඇවිල්ල. මම නොදන්න ඩයල්ස් දෙක තුනකුත් තිබ්බ ඒ අතර. දැන් කට්ටියටම කුකුස මොකද මේ පාටිය? මොකක් වෙනුවෙන්ද? කියල. බලනකොට කවුරුත් දන්නෙ නෑ. අපි ඉතිං සමරෙ එනකල්ම හිටිය. ඕක එහෙමයි හරි කැමතියි නාට්‍යානුසාරයෙන් වැඩ කරන්ඩ. ඒ කිව්වෙ Dramatic effect  එකක් ඇතුව යමක් කරන්ට.

ඔන්න ටිකකිං මූ ආව නාගෙන එහෙම. ඕකගෙ තියනව පොහොට්ටුවක් බතික් කරපු කමිසයක්. ඕක තමයි ඇඳන් ආවෙ.

"හරි හරි එහෙනං පටාං ගමු පටාං ගමු…" සමරෙ එහෙම කියල වාඩිවුනා. 

"හරි හරි ඒක බැරිය...ඊට කලිං කියපංකො මොකක්ද මේ සතුටු සාදයෙ නිමිත්ත?" මම ඇහුව. 

"නිමිත්ත නේද? ඉඳහල්ලකො එහෙනං"

සමරෙ එහෙම කියල උගෙ ලැප් එක ඔන් කලා. අපි කට්ටිය ඔක්කොම ඒක වටේට පිරුන. 

"ඔන්න බලපන් නිමිත්ත…"

මත්තලට අර ඇන්ටොනෝව් එක බාපු සීන් එක අදද රෙණ ප්‍රවෘත්ති වලට පෙන්නපු සීන් එකක්නෙ මූ මේ අපට පෙන්නන්නෙ. අපි මූණිං මූන බලාගත්ත. 

"ඇයි මේක සෙලිබ්‍රේට් කලයුතු අවස්තාවක් නෙවෙයිද? ටොයියො ඔක්කොම දහාතේ දිවුරුවනෙ මත්තලින් පාඩුයි කියල. ඔන්න බලාපල්ල එක ප්ලේන් එකයි ආවෙ කෙලින්ම මිලියන් 13 ක් ලැබුනා ආන්ඩුවට…"

සමරෙ තව මොනවද මොනවද හෑල්ලක් කියවගෙන ගියා. මම එව්වට ඇහුංන් කන් දුන්නෙ නෑ. 

"හ්ම්ම්...ගමු ඔය බෝතලේ මෙහාට.." මම එහෙම කියල අත දික්කලා.

"බොන්නෙවත් නැතුව අමුවෙම්ම අහගෙන ඉන්ට ඇහැක් කතාය මෙව්ව…." මම එහෙමත් කිව්ව කට ඇතුලෙ සුටු පුටු ගෑවිල්ලෙ....හෙහ්...හෙහ්.

සමරය පැත්තක තියමුකො. පහුගිය ටිකේම මම දැක්ක පේස්බුක් එක පුරහම බයියො ඔය මත්තලට ප්ලේන් එකක් ආපු සීන් එක ගැන කියල උඩ පනිනව.

වේලි වේලි හිටපු එකෙක් කෙල්ලෙක් දාගත්ත කියන්නෙ
හරියට මත්තලට ප්ලේන් එකක් ආව වගේ..කියවනව
ඉවරෙකුත් නෑ ෆොටෝස් දානව ඉවරෙකුත් නෑ.
- මත්තලට ප්ලේන් එකක් ඒම පිළිබඳව මුහුණු පොතේ
පළවූ පෝස්ට් එකක්

"රැහැයියනි, රැය ගෙවුනි….." කියන්නෙ තරුණ කවියෙක් වන ප්‍රියලාල් කොග්ගලගේගෙ බොහොම අපූරු කවි එකතුවක්. පොතේ නම පොඩ්ඩක් සන්සෝදනය කලොත් අපිට මෙහෙම කිව්වැකි.. "බයියනි, මරා කිසිදා නැවත නො එති"

ඔන්න දැන් අද ආරංචි වුනා මරාගෙ තක්කඩි ටික එකතුවෙලා විපක්ස නායකයට විරුද්දව විස්වාස බංගයක් ගේන්නලු යන්නෙ. රනිලට විරුද්දව අච්චර මගඩි කරල ගෙනාපු විස්වාස බංගෙ අතේ පත්තු උනහම දැන් පොහොට්ටුවන්ට ඌරු ජුවල් නැඟල ඉන්නෙ. 

මම දැක්ක අපේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්වන ඩී.බී.එස්. ජෙයරාජ් මහත්මය මරු කතාවක් කියල තිබ්බ ඔය පොල් ලෙල්ලංගෙ මාරාවේසෙ ගැන.

"Hell hath no fury as an Opposition thwarted in its bid to pass a No-Confidence Motion  against a Prime Minister!"


2. ආන්ඩුකාරයාගේ කුල කේස් එක....

මල්වත්තෙ ලොක්කයි අස්ගිරියෙ ලොක්කයි දෙන්නම ඇටුවම් බැහැපු ගතානුගතික ඩයිනෝසරයො දෙන්නෙක් කියල සහසුද්දෙන්ම දන්නව උනාට මම මෙච්චර කල් හිතාගෙන උන්නෙ එයින් මල්වත්තෙ ලොක්ක දසමයක් හරි ප්‍රගතිසීලීය කියල. මොන? උන්දැ තමයි බලාගෙන යනකොට අන්තිම ගතානුගතික. 

මේ ගිය සුමානෙ උතුරු පලාතෙ ආන්ඩුකාර රෙජිනල්ඩ් කුරේ ගොයිය මධ්‍යම පලාතෙ ආන්ඩුකාරය විදිහට දිවුරුම් දුන්න. එක දවසයි ගියේ මෙන්න ආයම ඒ ගොබිල උතුරු පලාතෙ ආන්ඩුකාරය විදිහට දිවුරුම් දුන්න. මල්වතු ගොයියගෙ දැඩි විරුද්දත්වය හින්ද කියලයි ටටු ඩට්ටෝ කියන්නෙ. කේස් එක ඇවිල්ල කුරේ අඩු කුලේකලු.


කඩුව අතින්ගත් සිංහයාගේ රුවට පහළින් අඩුකුලේ යයි සඳහන්
මුහුණුපොතේ පළවූ පෝස්ට් එකකි.

දැං ඔය කියන විදිහට හෙට බුදු හාමුදුරුවො මල්වත්තට වැඩියොත් සුනීත සහ සෝපාක හාමුදුරුවරු එහෙම පිරිවරාගෙන මල්වත්තෙ ලොක්ක අර මහ විසාල ගේට්ටුව වහල දායි බුදු හාමුදුරුවන්ගෙ මූණටම. 

"මෙහෙ තමුන්ට ඉඩ නෑ. අඩු කුලේ එවුං මහණ කරන එවුන්වත් අපි අපේ පන්සලට වැද්ද ගන්නෙ නෑ තේරුණාද?..." අන්න එහෙමත් කියයි හොර නැතුව. අනේ ඉතිං බුදු හාමුදුරුවො ආපහු යන්ට යයි "ආ..ඒකත් එහෙමද?" කියල අහල...

ඔය ගොයිගම කුලේ අය විතරක් සියං නිකායෙ මහන කරන්ට ගත්තය කියන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජාගෙ ආඥාවක් අනුවලු. දවසක් රජ්ජුරුවො රජ මාලිගාවට ආරාදනා කරාලු හාමුදුරුගොල්ලට දවල් දානෙට. ඔන්න හාමුදුරුවරු ගිහිල්ල මහ සාලාවෙ අසුන්ගෙන ඉන්නකොට රජ්ජුරුවො ආවලු දන් පිලිගන්නන්ට. මේ වෙලාවෙ ඊට කලින් දවසෙ මහන වෙච්චි අඩු කුලේ හාමුදුරුනමක් බයටම දුවගෙන ඇවිල්ල රජ්ජුරුවො ඉස්සරහ බිම වැටිල වැන්දලු. 

රජ්ජුරුවන්ට මේක හරිම අපහසුතාවයක් වෙලා පහුවදාම නියෝගයක් නිකුත් කරාලු මීට පස්සෙ අඩු කුලවල අය මහන කිරීම තහනම් කියල. අද වගේම තමයි එදා හිටපු හාමුදුරුගොල්ලත්. කොන්දක් කියන නාමයක් නෑ. 

යම්තමට හරි කොන්දක් කියල එකක් තිබ්බනම් මහානායක ගොයියට කියන්ට තිබ්බෙ "රජතුමනි ඔය ආඥා අපිට වලංගු නෑ. සාසනේ ගැන අපි බලාගන්නං. අනික අපේ ශාස්තෘවරයගෙ ඉගැන්වීම අනුව අපිට කොහොමටවත්ම එහෙම නියෝගයක් අනුව කටයුතු කරන්ටත් බෑ. ඒ හින්ද අමනාප වෙන්න එපා. ඒ එක්කම අර වගෙ සිදු නොවියයුතු දේවල් නැවත සිද්ද නොවෙන්ටත් අපි වගබලාගන්නං" කියලනෙ. කොහෙද එහෙම එකක් කියන්ට කොන්දක් තියෙන්ට එපාය.

අන්තිමට කොහොම හරි තමන්ගෙ ශාස්තෘවරයට වඩා සියං නිකායෙ චීවර දාරීන්ට අර නායක්කර් වංසික රජාගෙ ආඥාව ලොකු උනා. ඒත් කතාව නම් කොහොමද බුද්දාගම ඔන්න ඔය කොච්චරද අවුරුදු ගානක් ආරක්සා කලේ මහා සංග රට්නේය අරකය මේකය...ඔය පම්පෝරි කතන්දර මම නම් අහල තියනව Ad Nauseam.

අපේ රට කොරවන ලොක්කොත් ආය කියල වැඩක් නෑ චීවරදාරියෙක් මොකක් හරි කිව්වොත් රෙද්දෙම යනව. සුනීත සහ සෝපාකපල්ලා "අනේ මේ මිස්ටර් මහානායක තමුං සාසනේ ගැන බලාගන්ටකො. මිනිස්සු රට පාලනය කරන්ට පත් කරල තියෙන්නෙ අපි. අපි ඒක කරගඤ්ඤං" කියල ඔවුන්දැලගෙ මූනටම කියන්ට කොන්ද පන තියන නායකයෙක් අපිට නැති හැටියක් (රට පාලනේ කොරන්ට කියල පත් කරල හිටියට මෙවුං කොරන්නෙත් මහ අමන මරි මෝඩ වැඩ තමයි. ඒත් එහෙමෙයි කියල චීවරදාරියො කියන්නෙ කවුද ආන්ඩු කටයුතු ගැන උපදෙස් දෙන්ට?)

ආන්න මේ පෙරෙයිදද කොහෙද මල්වත්තෙ අනුනායක හාන්දුරුවො කියල තිබ්බ පාර්ලිමේන්තු පලාස්සබා සහ නගර සබා සියලුම මන්ත්‍රීවරුන්ට දෙන නොයෙක් වරප්‍රසාද ඔක්කොම අහෝසි කොරන්ට ඕනය කියල. ඒ තියා වැටුපක්වත් දෙන්ට එපාලු. 

අන්න හන්දුරුගොල්ල කියන කියන එක දෙකට නැවිල "එහෙයි අපෙ හාන්දුන්නේ" කියල පිලිගන්න නායකයො කස්ටියක්නෙ අපට ඉන්නෙ. ඔන්න ඔය උපදේසෙත් පිලිපදිමුකො බලන්ට "එහෙයි එහෙයි හාන්දුන්නේ" කියල. 

හැබැයි අනික් අතට ඔය කතාව බොහෝවිට මල්වතු ලොක්කගෙ දහං ගැටයක් වෙන්ටත් බැරිනෑ. අර කුල කේස් එක හින්ද ආපු විරෝදය සේප් කරගන්ට කියපු ආලවට්ටං කතාවක් වෙන්ටත් පුලුවනි බොහෝවිට. හූ නෝස් වට් ද හෙල්මට් හැපනින්ග්?

මේ ඊයෙද කොහෙද මෙහෙ ඉන්න මගෙ හොඳ යාලුවෙක් පේස් බුක් එකේ මෙහෙම කියල තිබ්බ.

"මම මේ හොයන්න හදන්නේ මොකද්ද මගේ කුලේ කියලා.. හදිස්සියෙවත් ආණ්ඩුකාරකමක්වත් ලැබුනොත් බාරගන්න කලින් දැනගෙන ඉන්න එක හොඳයිනේ ...."

පලි - K.G.B. කියල වචනයක් අහල තියනවද? ඒ කාලෙ සෝවියට් රහස් පොලීසියට කිව්වෙ K.G.B. කියල. ඒත් මම කියන්නෙ ඒ K.G.B. ගැන නෙවෙයි. K.G.B = Kandy Govigama Buddhist 

අන්න ඒ වගේ චන්ද්‍රිකා නෝනගෙ කාලෙ රට පාලනය කලේ M.K.R. කල්ලිය කියල රටපුරා හාහෝවක් තිබුන. එතන M.K.R. කිව්වෙ අපි අර ඉස්කෝලෙ යන කාලෙ කිව්ව M.K.R. එහෙම නෙවෙයි. මෙතන M.K.R. කිව්වෙ Matara Karawa Rahula ඒ කිව්වෙ ගම මාතර, කුලේ කරාව, ඉස්කෝලෙ ගියේ රාහුලේට.....

25 comments:

  1. මෙතනින් පලවෙනි කාරණය ගැන කියන්න තියෙන්නේ නං රවී බයියෝ කියන්නේ ඉක්මනට අන්දන්න පුළුවන් ජාතියක්. සාමානයෙන් බයියෙක් ඉන්නවා නං, උන්ගෙන් මොකක් හරි වැඩක් කරගන්න ,උන්ව කඩේ යවන වැඩ කරගන්න හරිම ලේසියි. මරා ගැන පොඩ්ඩක් වර්ණනා කරා නං උන් පණ උනත් දෙනවා. උන් කියන දේවල් ගණන් ගන්න හොද නෑ.

    උන්ගෙන් ගන්න තියෙන දෙයක් අරං, අපේ දේශපාලන අපේ හිතේ තියාගෙන හිටියා නම් ඉවරයි. මටත් සැහෙන කාලයක් ගියා මේ තියරිය ඉගෙන ගන්න. ඒ කියන්නේ බයියෝ කියන කතා ඇහැව්වම ඒවාට උත්තර නොදී, ඉවසං ඉන්න එහෙම. දැන් නං ඕනි එකක්. රවිත් එහෙම ඉන්න. බයියන්ගේ දේශපාලනය අපිට වෙනස් කරන්න බැහැ.

    ඒත් මම කල්පනා කරන්නේ අර මරා හදිසියේ වලකජ්ජ ගැහැව්වොත් මේ බයියෝ මොනා කරයිද කියලා. මුන් ටිකත් මැරෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      /රවිත් එහෙම ඉන්න. බයියන්ගේ දේශපාලනය අපිට වෙනස් කරන්න බැහැ./

      හොඳ උපදේසයක්...ස්තූතියි...

      /අර මරා හදිසියේ වලකජ්ජ ගැහැව්වොත් මේ බයියෝ මොනා කරයිද කියලා/

      මරාගෙ ඇවෑමෙන් මම හිතන්නෙ ඔය බයි ව්‍යාපාරය එහෙම්මම දියවෙලා යයි. ගොට්ටට නාමෝලට අර මරාගෙ තියන කට්ට කයිරාටික කම එහෙම්මම පිහිටල නෑ...

      නාමෝල හැබැයි තාත්තගෙ කපටි සූත්තර හරියට අල්ල ගත්තොත් තව අවුරුදු දහයකින් වගෙ තැනකට ඒවි.

      Delete
  2. ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර් එකක හුලං චෙක් කරගන්නය කියනවනේද? ඇත්ටතම කවුද ඔය කුලේ කියන්නෙ. මිනිහ පන්සල අස්සෙ මොකක්ද කරන්නෙ.

    ප.ලි.
    ප්‍රියන්ත නෙමෙයි.

    ප.ප.ලි.
    සෝර්ස්,
    http://ranrandil.blogspot.com/2018/04/575.html?showComment=1523250371077#c9204852694077114287

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර් එකක හුලං චෙක් කරගන්නය කියනවනේද?/

      ඔව්..ඔව්..එහෙමලු..එතන උනාය කියන්නෙ අර හුළං චෙක්කරගන්ට කාරෙක වේලි වේලි තියන ෂෙඩ් එකකට ඇල්ලුවම උං බලෙම්ම ෆුල් ටෑංක් තෙලුත් ගහල කට්ටිය වටවෙලා කාරෙකත් හෝදල සල්ලි ඉල්ලනව වගෙ වැඩක්ලු.

      පස්සෙ ප්ලේන් එකේ කාර්ය මන්ඩලෙන් හත් අටදෙනෙක් ඇපේට තියලලු ගියාය කියන්නෙ මිලියන දහතුනක බිල ගෙවා ගන්ට බැරුව. මරා තමයි ගිහිල්ල සුබ මොහොතින් බිල ලියල තියෙන්නෙ. සිරිලිය නැන්දම්මගෙ සුරතින්ලු බිල පයිලටාට ප්‍රදානය කලාය කියන්නෙ.

      /ඇත්ටතම කවුද ඔය කුලේ කියන්නෙ. මිනිහ පන්සල අස්සෙ මොකක්ද කරන්නෙ./

      ඒ. ඩී.යූ. කුලේ නොහොත් අගම්පොඩි දානියෙල්ලාගේ ඌරුවෙල් කුලරත්න. මිනිහ තමයි මල්වතු පන්සලේ ඉදිල පරුවෙලා යන ආනමාලු කෝලි කුට්ටු එහෙම එතනිම්ම පාර පැනල නුවර වැවේ වාසය කරන ඉදිබුවන්ට කන්ට වීසි කරන්නෙ.

      /ප්‍රියන්ත නෙමෙයි./

      හරි හරි බං ඒ පොඩි මිස්ටේක් එකක්. ඒක අල්ලල දාහං...:)

      Delete
  3. Replies
    1. සඳවතිය,

      ස්තූතියි...:)

      Delete
  4. https://gadyanohothkavi.blogspot.com/2018/04/43.html

    ReplyDelete
    Replies
    1. Maathalan,

      බොහොමත්ම ස්තූතියි මාතේ...;)

      Delete
  5. මං හිතන්නෙ දැන් මෙහෙ ආගම් හා දේසපාලනේ වෙනස්කම්වලට වඩා තියෙන්නේ සමානකම්.
    දේසපාලකයින්ව ඇදහීම හා ආගම් ඇදහීම අතර වැඩි වෙනසක් නෑ. පූජකයොයි දේසපාලකයොයි අතරත් වැඩි වෙනසක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      එකඟයි..දෙගොල්ලම එකයි...

      Delete
  6. තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
    තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
    එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
    සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

    දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
    රටකරවන ඇත්තන්ගේ නාඩගම
    බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
    කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන

    නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි...

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු තෙලියා...

      ඉතිං... ඉතිං... ලෝං ලෝං ටයිම් නෝ සී නෙවද? වෙයාර් යූ ගෝ පහුගිය ටූ ත්‍රී ඉයර්ස්?

      Delete
    2. හහ් හා.. ලොට්ස් ඔෆ් හැපනිනංස් ආ දෙයාර් රවී.. එනිවේ අයිම් ඔන් ට්‍රැක් නව්..

      Delete
    3. තෙලියා,

      ලයිෆ්ස් ලයික් දැට් මයි ෆ්‍රෙන්ඩ්, වට්ස් ලයිෆ් විතවුට් හැපනිංස්?

      එනි වේ..ග්ලෑඩ් ටු සී යූ...වෙල්කම් බෑක්!!!

      Delete
  7. කුල මල වලින් විතරක් නෙවි පක්ෂ පාට වලිනුත් අන්ධානුකරණයෙන් බෙිද භින්න වෙච්චි රටක්.
    අගේ ඇති ලිපියක්....
    සිහින පුරේ පැත්තේ ඇවිදින් යන්න එන්න..
    http://sihinapure.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින,

      ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් එන්නම්...:)

      Delete
  8. රවී මහත්මයා,

    මත්තලට පැමිණියේ ලෝකේ ලොකුම අහස්යාත්‍රාව. මේ ගුවන්නැව ලෝකේ කොහේ ගියත් ඒක පුවතක්. පසුගියදා මේක ඔස්ට්‍රේලියාවට පැමිණි වෙලේ විශාල ජනකායක් එක්රොක් වී සිටියා මෙය නැරඹීමට. ඉතිං ඒක ගැන කතාබහ කරන එක පුදුමයක් නොවේ.

    ඔබතුමා අන්ත දක්ෂිණාංශික ධනපති එක්සත් ජාතික පක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙක් නේද? ඒ නිසාද මහින්ද රාජපක්ෂ මහතා කෙරු සංවර්ධනය ගැන හෑල්ලුවට ලක්කරමින් ලිපි ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...:)

      Delete
  9. මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා. ඕක ඇත්තටම සෝවියට් දේශයේ ටෙක්නොලොජියේ හොද අවස්ථාවක්. සෝවියට් දේශය හිඟන රටක් කියන කොට සමහර වෙලාවට මට මතක් වෙන්නේ මෙව්වා. නොවොසිබිර්ස්ක් (රුසියාවේ) වල තමයි මුලින්ම ඩිසයින් කලේ අලෙග් කොන්ස්ටන්ටිනොවිච් අන්ටෝනොව් . මොස්කව් වල පදොල්ස්ක් කියන ගමේ. මම එතනට ගිහින් තියනවා . පොරත් රුස්සෙක්. ඔය සෝවියට් මහා කර්මාන්ත රස්සා නැති පෙදෙස් වලට සෝවියට් දේශයපුරා ගෙන යෑමේ ප්‍රතිපත්තිය යටතේ රුස්ස ඕක යුක්රේන් වල හැදුව (නිෂ්පාදන කර්මාන්ත ශාලාව) මුන් කීයටවත් හිතන්නේ නැතිව ඇති සෝවියට් දේශය කැඩිලා බිඳිලා යයි කියල. හැබැයි කීව් කියන්නෙත් එයාර්ක්‍රාෆ්ට් ඉන්ජිනියරින්ග් වලට ප්‍රසිද්ධ නගරයක්. අන්ටෝනොව් යුක්රේනයට ලැබුනේ එහෙම.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      /මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා./

      බලන්න යනව නම් ඒකට කිසිම ප්‍රශ්ණයක් නෑ..ප්ලේන්ස් ගැන උනන්දු අය දුරකතර ගෙවාගෙන එහෙම එකක් බලන්න යන එකේ අවුලක් නෑ.

      මෙතන මම කියන්නෙ එහෙම අය ගැන නෙවෙයි. අර එක දවසට මිලියන 13 ක් ලැබුනය ඒ හින්ද මත්තල සල්ලි නාසිතියක්ය කියල කියන එක බොරු කතාවක්ය ඔන්න ඔහොම විකාර කියව කියව උඩ පයින බයියො ගැනයි මම මෙතන ලිව්වෙ...

      Delete
  10. සමරසිංහ ගැන ලියනකොට මට මතක් වෙන්නෙම අර මෙහෙ ඉන්න ඔහේගේ පරම විරුද්ධවාදිය ලො.. නෑ එක්කෝ ඕනේ නෑ.. ඕකා මේක දැක්කොත් මගේ සේෆ්ටියට හොඳ නෑ.. හැක හැක හැක... :))))

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අඩේ එහෙම කියන්න එපා..ඕකා හරි හොඳ එකා...නියම ඉස්පිරිට් එක...මම බයියො ගැන තවම හෝප්ස් තියාගෙන ඉන්නෙ තනිකරම ඕකා හින්ද..

      අර ඔක්කොම හොඳයි මුක්කම නරකයි වගෙ ඉතිං පොඩි අවුලකුත් තියෙන්න එපාය නැද්ද? අයි තින්ක් මෝස්ට් ප්‍රොබබ්ලි අ සින්ගල් බෑඩ් ජීන් ඊස් හිස් ප්‍රොබ්ලම්..

      වට් ටු ඩූ නේ? කොක්ක ඩුඩුල් ඩූ...කොක්ක ඩුඩුල් ඩූ..කොක්ක ඩුඩුල් කොක්ක ඩුඩුල් කොක්ක ඩුඩුල් ඩූ...

      Delete
  11. meka goo blog ekak
    meka liyana ekage party eke maha ekage nohakiyawa waha ganna anith ewunta mada gahanwa

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...