පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
සත්වන කොටස
අටවන කොටස
හදිසියේම ඇය නැටුම එක් වනම නැවැත්වූවා මා දෙස එක එල්ලේ මොහොතක් බලාසිට මෙසේ පැවසුවාය.
" Why don't we just go there......and finish this...............if its in our destiny to do so let's get it over once and for all......I feel like someone is forcing me to do it....."
ඇය පවසන්නේ කුමක් පිළිබඳවද යන්න මට කිසිදු සැකයක් නොවීය. එම හැඟීම එලෙසම මටද දැනෙමින් තිබිණි.
" Okay Aparna............you are correct......lets finish it once & for all........"
" සුබයර්....අපි යනව අර චිනාර් ගහ ලඟට........එපයි කියන්ඩ නම් එපා ගොයියෝ......." මම සුබයර් අමතා පැවසුවෙමි.
" එපයි කියන්නෙ මොකටද සර්......අනික එහෙම දෛවයට, ඉරණමට විරුද්ධ වෙන්ට මම කවුද?.....එහෙම කරන්ට මට තියෙන අයිතිය මොකක්ද?........." සුබයර් පැවසුවේ මවෙත හිස නවමිනි.
තානායම අභ්යන්තරයෙහිදී ඇඳ සිටි ඇඳුම් පිටින්ම, අප දෙදෙන තානායමෙන් පිටතට පැමිණියෙමු. මා කියන්න විශ්වාස කරන්න සහෘදය.......පිටත හිම පතනය අඩුවී තිබූමුත් සම්පූර්ණයෙන් නැවතී නොතිබිනි. එහෙත් අප දෙදෙනාටම කිසිදු ශීතලක් නොදැනුනු බව කිවහොත් ඔබ මා විශ්වාස නොකරන බව මම උදක්ම දනිමි. එහෙත් සත්‍යය ද එයයි. මම ශුද්ධ ලෙස සලකන්නාවූ සියලු දේ මත අත තබා දිවුරන්නෙමි.......ඒ ශිශිර සෘතුවේ රාත්රියේ අපර්ණා ද මම ද තානායමින් එළියට බැස්සේ ගිම්හානයේ සවසක උද්යානයක සක්මනක් සඳහා දොරට බසින්නේ යම්සේද එපමන සැහැල්ලුවෙනි.
සන්තූරය මෝටර් රියෙහි පසුපස ආසනය මත තබා මම ඉදිරි අසුන් ගෙන රිය පණ ගැන්වීමි.
" සර්ල ආපහු එනකොට මම රෑ කෑම රත් කරල තියන්නම්........" සුබයර් පැවසුවේ මෝටර් රිය තුලට හිස රුවා සිනාසෙමිනි.
" ඕ කේ සුබයර් " මම සුරතෙහි මහපටැඟිල්ල ඔසවා ඔහුට දක්වා මෝටර් රිය පණ ගැන්වීමි.
චිනාර් වෘක්ෂය පිහිටි කඳු ගැටය අසලට පැමිණෙන තුරු අපර්ණා හා මා අතර කිසිදු කතා බහක් නොවිනි. දෛවෝපගතව සිදුවීමට නියමිත කාර්යය පිළිබඳව මම සේම ඈ ද ගැඹුරින් සිතුවා හෝ වෙන යම් නොදන්නා ගුප්ත හේතුවක් නිසා විය හැක, අදාල ස්ථානයට පැමිණෙන තුරුම අප අතර කිසිදු කතා බහක් නොවිනි.
කඳු ගැටය පාමුලට පැමිණ රිය නතර කල මම, සන්තූරයද ඔසවාගෙන කන්ද නැගීමට පටන් ගතිමි. ජීවිතයේ කිසි දිනක නොපැමිණි ගමනක් වුවද, සුපුරුදු ලෙස මම ගමන් ගත්තේ කෙලෙසකද යන්න ඔබටද මේ වන විට ගැටළුවෙක් නොවන බව මට විශ්වාසය.
චිනාර් වෘක්ෂයට ලඟාවත්ම, සන්තූර නාදය සහ නූපුර රාව ඉතා පැහැදිලිව ඇසෙන්නට වූයේය. එහෙත් අප ඒ අසලට ලඟාවත්ම ඒ සංගීත රාවය කෙමෙන් මැකී ගොස් අවසන නෑසී ගියේය.
අවසන අප එතැනට ලඟා වීමු. වසර සාරසියයක් මුලුල්ලේ අප දෙදෙන පෙරුම් පිරූ, කඩ ඉම වෙත අවසන අප ළඟාවීමු. මම චිනාර් ගස මුල එරමිණිය ගොතා හිඳ සන්තූරය වාදනය කරන්නට වීමි.........අපර්ණා මා ඉදිරියේ පැතිරී ගිය සුදෝ සුදු හිම තලය මත රඟන්නට වූවාය......සැනෙකින් කාලය එක්වරම නැවතිනි. වසර සාරසියයකට පෙර ලාහෝරයේ සලීම්ගේ මන්දිරයේ රංග ශාලාවෙහි සිදුවූව,........එදා සලීම් මියගිය දින චිනාර් ගස පාමුල සිදු වූව සහ අද දින ඒ චිනාර් ගස පාමුලම සිද්ධ වන්න වූ දෙය එකිනෙක පැටලී එකක්ම විය........අතීත වර්තමාන සහ අනාගත යන කාලත්රය එකම ප්රවාහයක් වූ මොහොතකට අපි පැමිණ සිටියෙමු.
සිව්සියක් වස් තුල ගලාගිය,
සෙනෙහෙ දහරක් වී අපරිමිත,
එකට එක්වූ දෙහදකිය අද,
රඟනු පෙම්ගී ගයනු ඇසුණිද?
නෙත කඳුළු පිරුනේ සයුරකට,
සෝ සුසුම් හෙළුවෙමු දෙතැන හිඳ,
සෙනෙහසේ දිය එහෙත් නොසිඳී,
කාලය ද පරදා ගලාගිය,
කාලයේ තිමිරය මැකී ගොස්,
එදා එදවස ඇරඹි අප පෙම,
කිරුළු පැළඳියෙ සීත හිම වට,
වනස්පතියක සෙවණ යට හිඳ,
නොමියෙනා බව සෙනෙහෙ කිසිදින,
සොඳුර ඔබ නෙත් කැළුම් දෙස්දෙන,
ඔබේ අතගෙන ඇවිද යන්නට,
ඉතින් අවසර තෙක් සසර ඉම,
ගලා හැලෙන සඳ එළිය අතරින් අපර්ණා නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.
පුරා වසර සාරසියයකට පසු අනර්කලී අවසන් නර්තනය නිමකොට සලීම්ගේ උකුළ මත පතිත වූවා ඔහුගේ ගෙල වැලඳගෙන දෙතොල තරව සිප ගත්තීය.
Love never dies...........It would be redundant for a short while or for a long time by our standards of course, but it would never die. it would survive in the whisper of winnowing winds, in the murmur of flowing streams in the song of a soaring bird or in the hearts of everlasting lovers.......one thing you can be sure of......Love won't die.......never...... ever....
ප.ලි - A Thank You Note for You All..................................
මේ කතාවෙ නිධාන කතාව ආයෙමත් මතක් කලොත් හොඳයි කියල මට හිතෙනව....මගෙ හිත ඇතුලෙ මේ කතාවෙ මුල, ඒ කියන්නෙ මූලාරම්භය තැන්පත් උනේ අපේ පොඩි කුමාරිහාමි මැතිණිය අනර්කලී සහ සලීම් ගැන පොඩි කුමාරිහාමි වියුණු සටහනේ පෙල ගැස්වූ වියුණුව කියවද්දී............ තව එක් වරක් ඔය මුහුණ දැක ගැනීමට ඇත්නම්!!!
මම ඒ වියුණුවට ප්රතිචාරයක් ලෙස සලීම්ගෙ කතාව ඒ වියුණුවෙම පළ කලා......ඒත් මේ කතාව කොතෙක් මගෙ හිත පැහැරගත්තද කිවහොත් සලීම් අනර්කලී කතාව වර්තමානය දක්වා ගෙන ඒමට මට මගේ හිතම බල කලා.ඒ බල කිරීමේ ප්රතිඵලය තමයි මේ කොටස් නවයකින් ඔබට ඉදිරිපත් කල සහන් - අපර්ණා ප්රේම කතාව.........කතාව කෙටි කිරීමට මම අපමණ වෙහෙස ගත්තත් ලිවීමට පටන් ගත් විට තිරිංග ක්රියාවිරහිත වීමේ ව්යාධිය මට අනිවාර්යයෙන් වැළඳෙන බැවින් මෙතෙක් දුරක් මා සමඟ දුර ගමනක් පැමිණීමට ඔබට සිදුවීම පිළිබඳව මාගේ බලවත් කනගාටුව මේ සමඟ ප්රකාශ කරමි.
ඒ සමඟම මෙතෙක් දුරක් මා හා රැඳීසිටි ඔබ සැමට මගේ කෘතවේදීත්වය ද.......ඔවුන්ගේ අමරණීය ආදර අන්දරය සමඟ සිව් සියවසක දිගු චාරිකාවක් ඔවුන් අත් අතනොහැර සමාප්තිය දක්වාම පියවර මැනීම උදෙසා සලීම්, අනර්කලී සහ සහන්, අපර්ණාගේ හෘදයාංගම ස්තූතිය ද මේ සමඟම පිරිනැමීමට මට අවසර!!!!!
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
සත්වන කොටස
අපර්ණා මාදෙස විමසුම් ඇසින් බැළුවාය. එහි ලියැවුණු ප්රශ්නාර්ථය වැටහුනු බැවින්, මම යටි තොල පෙරලා, හිස දෙපසට වැනීමෙන් පිළිතුරු දුනිමි.
" මම දැහැන්ගත වෙලා වගෙ නැටුම බලාගෙන හිටිය.....ඔන්න සලීම්ගෙ ගීතය අවසන් වෙන කොටම, අනර්කලී රැඟුම අවසන් කරල, සලීම්ගෙ උකුලෙ ඉඳගෙන සලීම්ගෙ බෙල්ල බදා ගත්ත....එතකොටම හාත්පස පැතිරිල තිබුනු හඳ එළිය එක ක්ෂණයකින් නැතිවෙල ගියා.....චිනාර් ගහ යටටත්, අනික් හැමතැනටම වගෙ හිම වැටෙන්ට පටන් ගත්ත.....එක පාරට මහ සද්දෙන් සීතල හිම පියලි එක්ක කුණාටුවක් වගෙ සුළඟක් හමාගෙන ආව......මම සිහිනයකින් ඇවිදිනව වගෙ කලුවරේම ආපහු ගෙදර ආව.....පහුවදාට එලි වෙනකොට සර් මට හොඳටම උණ.....ඒ උණ බැස්සෙ දවස් තුනකට පස්සෙ........තවත් දවස් දෙකකට පස්සෙ, ඇඟට යන්තමින් පණක් ආවම, උදේම මම හෙමිහිට ගියා ආපහු ඒ චිනාර් ගහ යටට....මට ඒ ගමන නොගිහින්ම බැරි උනා...කවුදෝ මට පලයන්, පලයන්, කියල බල කරනව වගෙයි මට තේරුනෙ. චිනාර් ගහ යට කිසිම වෙනසක් මට පෙනුනෙ නෑ.....අනික් හැම තැනම වගෙ හිම වැටිල තිබුන.....හාවො හිවල්ලුන්ගෙ පා සටහන් තිබුන.....මම ටිකක් වෙලා එතන ඉඳල, ආපහු හැරිල හෙමිහිට එන්ඩ පිටත් උනා.....අඩි දහයක් වාගේ එන්ඩ ඇති......මට ආපහු හැරිල බලන්ඩම ඕනය කියල ප්රබල හැඟීමක් ආව......හෙමිහිට එහෙමම නැවතිල, මම ඔලුව හරවල ආපහු බැළුව......"
අප දෙදෙන ඔහු දෙස බලා සිටියේ හුස්ම ගැනීමට පවා අමතක වූ ලෙසිනි.
" චිනාර් ගහ යට හිම ගොඩේ, ඉරු එළියෙ මොකක්ද දිළිසෙනව.......මම ආපහු ගියා.....මට දිවුරන්ට පුළුවනි ඊට මොහොතකට කලින් ඒක එතන තිබුනෙ නෑ කියල......මැඩම් මොකක් කියලද හිතන්නෙ ඒ?"
" අනර්කලීගෙ....... නූපුර......." අපර්ණා සෙමින් තොල මතුලාය.
" හරියට හරි.........මැඩම් හරියටම හිතුවෙ කොහොමද කියලත් මම දන්නව........" සුබයර් පැවසුවේ අපර්ණාගේ මුහුණ එක එල්ලේ බලමිනි.
ඈ ප්රශ්නාර්ථයෙන් සුබයර් ගේ මුහුණ බැලූ නමුදු ඔහු ඒ පිළිබඳව වැඩි දුර කතා නොකලේය.
" දැන් කෝ ඒව?........." මම ඇසුවේ කුතුහලය තවත් ඉවසිය නොහැකි අවස්ථාවේය.
ඊටද පිළිතුරක් දුන්නේ සුබයර් නොවේ. මගේ ප්රශ්නය නෑසුනු ලෙස ඔහු කතාකරගෙන ගියේය.
" අපෙ පරම්පරාවෙන් පැවත එන පුරා වෘත්තයෙ කියවෙන විදිහට, සලීම්ගෙයි අනර්කලීගෙයි ආත්ම ඔය චිනාර් ගහ ආසන්නයෙ, හැමදාටම සැරිසරන්නෙ නැහැ.ආයෙමත් කවදාහරි සලීමුයි අනකලීයි මේ ලෝකෙ ඉපදෙනව. එහෙම ඉපදෙන කල් විතරයි, ඒ ආත්ම ඔතන සැරිසරන්නෙ.......එතකොට ඔය ආත්ම ගන්ධබ්බ,ඒ කියන්නෙ අක්මුල් නැති විදිහට සැරිසරන එකත් නවතිනව................ඊට පස්සෙ අනිවාර්යයෙන් ඒ අයෙ ඉපදුනු අනර්කලී සලීම් දෙන්න ඔතනට එනව.......එහෙම වෙන්නම ඕන,...ඒ තමයි ඒ ප්රේම වෘතාන්තයෙ කූටප්රාප්තිය.........ඒ දෙන්නගෙ ආයෙමත් වෙන් නොවන එකතු වීම......ඒ දෙන්න ආයෙම ඉපදිල ඔතනට ආවම, ඒ ආත්ම සදාකාලිකවම ආයෙත් එකතු වෙනව කවදාවත් ආයෙ වෙන් නොවෙන්නම.සර්ල දන්නවද දැනට අවුරුදු විසිපහක විතර ඉඳල ඔය සංගීත නාදෙ ඇහෙන්නෙ නැතුව ගියයි කියල"........සුබයර් ඇසුවේ අප දෙදෙනාගෙ මුහුණු පිළිවෙලින් පරීක්ෂාවෙන් බලමිනි.
හින්දියෙන් සුබයර් එක දිගට පැවසූව, ඔහුගේ හැඟීම්බර කථා විලාශය නිසා, මට හරිහැටි නොවැටහුනු බව, මගේ මුහුණේ පිලිබිඹු වූ විපිළිසර විලාශයෙන් වටහාගත් අපර්ණා, ඉංගිරිසියෙන් ඒ පැහැදිලි කලාය.
" What he says is that the souls of anrkali & saleem would roam near that tree, only until they are born again in this world.........he says it would happen sooner or later and when that happens the souls would roam lost, no more.......And just listen to this........it's the most important part ......born again anarkali & saleem would one day come to this pre-destined place, definitely............and only then...only then their souls would be united forever ....never to be separated again until the end of time itself.......and do you know what's most interesting of all..........it seems the music hasn't been heard since around 25 years back.........what do you make out of it........?"
I looked at her absolutely stunned......සමාවන්න........විශ්මයෙන් අඩක් විවර වූ මුවින් යුතුව මම ඇගේ වත දෙසම බලා සිටියෙමි.
" Are you thinking what I am thinking " Aparna asked in a small voice,
" Yeah.......I think so........i am not sure whether its true or not & in addition if i can make myself believe it or not..... ......but all the facts point in that direction..........."
" Okay, then in that case let's live up to it.............."
එසේ පවසමින් අපර්ණා එක්වරම අසුනින් නැඟිට රංගනයට සූදානම් වූවාය.
" හරි...මම ලෑස්තියි" ......සිනාසෙමින් පැවසූ මම සන්තූරය අසල අසුන් ගතිමි.
" සමාවෙන්න මැඩම් ".....සුබයර් පැවසුවේ ,මෙතෙක් සඟවාගෙන හුන් කුඩා දම් පැහැ විල්ලූද මංජුසාවක් අපර්ණාට දිගු කරමිනි.
කුතුහලයෙන් යුතුව ඒ අතට ගත් අපර්ණා වහා මංජුසාව විවර කලාය.
" සහන් " .....විශ්මයට පත්වූ ඇය මංජුසාව මා වෙත දිගු කලාය.
එහි ඇත්තේ කුමක්ද යන්න මම ඒ වන විටත් සක් සුදක් සේ පැහැදිළිව දැන සිටියෙමි.....................ඔබටද ඒ අරුමයක් නොවන බව මට සහතිකය......එසේය දයාබර හිතවත/හිතවතිය එහි වූයේ අනර්කලීහේ නූපුරය. රජතමය නූපුරය.වසර පණහකට පමණ ඉහත සුබයර්හට චිනාර් වෘක්ෂය යට තිබියදී හමුවූ නූපුරය.
මොහොතකුදු පමා නොවී එකෙනෙහිම පහත්ව නූපුර පැලඳ ගත් අපර්ණා නැඟිට වටයක් කරකැවී මා දෙස අඩවන් නෙතින් බැලුවේ මෙසේ පවසමිනි.
" Right then......Sahan, my dear........let's do it.....what are you waiting up for?"
ඇය සම්පූර්ණයෙන්ම නිවැරදිය..........තවත් කුමක් බලාසිටින්නද?......මම සන්තූරය වැයූයෙමි...........ශාලාව පුරා පැතිරී යන මියුරු නද අසමින් ආවේශ වූ සේ මම සන්තූරය වැයූයෙමි.........ඇය නැටුවාය..........සිහිනිඟ නලවමින් දෑත් ලෙලවමින්.......නූපුර රාවය දසත පතුරමින් ඇය නැටුවාය.............එක නිමේශයක් තුල ඇයද මමද සහන් සහ අපර්ණා ද නැතහොත් සලීම්සහ අනර්කලී ද යන්න අවිනිශ්චිත විය.ඒ කවුරු හෝ වේවා.......ඒ පිළිබඳව අපගේ කිසිදු තැකීමක් නොවිනි. ඇය නැටුවාය.......මම වැයුවෙමි......
මෙසේ කොපමණ වේලාවක් ගත වීද ඇත්තෙන්ම මම නොදත්තෙමි.
මතු සම්බන්ධයි...............
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
" ජහන්ගීර් නෙවෙයි, ඇත්තටම නම්......සලීම්......ඔය චිත්රයෙ ඉන්නව වගේමයි.....එයා ඇස් අඩවන් කරගෙන සන්තූරය වාදනය කරන ගමන්, හෙමිහිට ගීතයක් ගායනා කලා.........ඒ අඩවන් දෑස යොමු වෙලා තිබුනෙ කොහාටද කියල සර්ලට කියන්න පුලුවන්ද?"
ඒ ප්රශ්නය පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇසූ ප්රශ්නයක් නොවූවද.....එසේම අප දෙදෙනාම පිළිතුර හොඳින් දැන සිටියද.....අපි හිස වනා නොදන්නා බව හැඟවීමු.
අපේ හිස් වැනීම සුබයර් නොදුටු බව පැහැදිලිය.දීර්ඝ සුසුමක් හෙලූ හෙතෙම නැවත කතාව ඇරඹීය.
" සුදුම සුදු රනින් වැඩ දාපු සේලයකින් සැරසිල......සන්තූර නාදයට අනුව,, සලීම්ගෙ ගායනය අනුව, ඒ චිනාර් ගහ යට සුදෝ සුදු හිම මත, මට කිසිදාක අමතක නොවෙන තරම් හිත ඇද ගන්නා නැටුමක යෙදිල හිටියෙ........වෙන කවුරුවත් නෙවෙයි.........අනර්කලී,"
" Oh, my god" ..............අපර්ණා පැවසුවේ මෙතෙක් ඉහළට ඇදගෙන සිටි හුස්ම එක්වරම පහලට හෙලමිනි.
" අනර්කලී ආභරණ මොකවත් පැළඳ ගෙන හිටියෙ නෑ............අර චිත්රයෙ අතේ කරේ රත්තරන් පුරවගෙන හිටියට, එතන එයා පැළඳගෙන හිටියෙ රිදී නූපුර විතරයි.....ඒත් ඒ නූපුර වලින් නැඟුනු රාවය.....ඈ රිද්මයට පාද තියල, කැරකිල, ආයෙම පාද පොළවෙ තියනකොට, ඒ නූපුර වලින් නැඟුනු සුමිහිරි නාදය.......මට අවුරුදු පණහකට කිට්ටු කාලයක් ගත වෙලත්, තාමත් ඇහෙනව වගෙ......." කතාව මඳකට නැවත්වූ සුබයර් සෙමින් දෑස පියාගත්තේය........ ඉහලට ගත් හුස්ම දෙතුන් වරක් සෙමින් පහළට හෙලීය......." ඔන්න ඔය ඔය සර්.....ඇහෙන්නෙ නැද්ද ඔය පුංචි රිදී සීනුවක වගෙ සද්දයක්.........ඒ සද්දෙ තමයි එදා මට ඇහුනෙ..........."
ඔබ පිළිගන්නේ නම් පිළිගන්න,.............මම කිසිදු ලෙසකින් අද්භූත සංසිද්ධීන් විශ්වාස කරන්නෙක් නොවෙමි. සන්ධ්යා කාලයේදී චිනාර් ගස දුටු විට මෙන්ම, තානායමේ සිතුවම දුටු කල්හි ද, මසිත වෙලාගත් අද්භූත හැඟීමට කිසිදු යතාර්ථවාදී හේතුවක් මට සිතාගැනීම උගහට වුවද, ඒ සඳහා කිසියම් ස්වාභාවික හේතුවක් ඇතැයිද ඒ වටහාගැනීමට මා අපොහොසත්වීම මගේ ප්රමාදයකැයි ද, යන මතයෙහි මම මෙතෙක් වේලා දැඩිව එල්බගෙන සිටියෙමි. එහෙත් ජීවිත කාලයක් පුරා මා රැකගත් මගේ යතාර්ථවාදිත්වය එක මොහොතකින් බිඳ වැටුනේ එදා ඒ රැයෙහිදීය.
එසේය...සුබයර් පැවසූවේ සම්පූර්ණ සත්යයයි. කුඩා රිදී සීනුවක හඬක් ඉතාම පැහැදිලිව, ඇසෙන්නට විය. ඒ රිදී සීනුවක් බව මම දන්නේ කෙසේදැයි මගෙන් නාසන්න.......එය මම දැන සිටියෙමි......මගේ නම සහන් බව මම සැකයකින් තොරව දැන සිටියේ යම් සේද, ඒ රිදී සීනු හඬ අනර්කලීගේ නූපුර හැඬවෙන රාවය බව ද,එලෙසම මම දැන සිටියෙමි. ඒ හැමටම වඩා විශ්මයට තුඩුදුන් කරුණ වූයේ, ඒ රිදී සීනු හඬ නැඟී ආවේ අප සිටි ශාලාව තුලින්ම වීමයි. නිකුත් වන ස්ථානයක් එක එල්ලේ පැවසිය නොහැකි ලෙස, ඒ මියුරු නාදය ශාලාව තුල සිව්දෙසින්ම එක්වර නිකුත් වන්නා සේ මට හැඟිනි.
අපර්ණා මඳ සිනහවකින් යුතුව, සීනු නාදයට අනුව අත තිබූ වයින් වීදුරුවට තට්ටු කරමින්, ඒ රිද්මයට අනුගත වීමේ උත්සාහයක යෙදුනාය.ඇගේ වතෙහි බියක සේයාවක් වත් නොවිනි.
මෙතෙක් නෙත් වසා සිටි සුබයර් එක්වරම දෙනෙත හැර නැඟී සිටියේය.කිසිවක් නොපවසාම, තානායම ඇතුලට ගිය ඔහු ආපසු පැමිණියේ සන්තූරයක් ද ඔසවාගෙනය.ඉතා පැරණි පෙනුමකින් යුතු වුවද, ඒ ඉතා ආදරයෙන් රැකබලා ගත්තක් බැව් බැලූ බැල්මටම පැහැදිලි වන්නකි.මින් පෙර සිටි අයුරින්ම බිත්තියට හේත්තු වී හිඳගත් හෙතෙම, මේ වනවිට ශාලාවේ සතර දිගින් නැඟෙමින් තිබූ නූපුර රාවය අනුව සන්තූරය වයන්නට විය.
අද්භූත, සිත් අදහා ගත නොහැකි සිදුවීම් මේ ආරම්භ වූවා පමණකැයි පැවසීමට මෙන්, අපර්ණා නැඟිට දෑත් විදහා රඟන්නට වූවාය. සිහින් සහ නම්‍යශීලී සිරුරකින් යුතු ඇයට, නර්තන හැකියාව නිසර්ගයෙන් ලද දායාදයක් වූ අතර, විශ්ව විද්යාලයීය වාර්ෂික සාදයේදී ,දෙවරක්ම නර්තනයට සම්මාන දිනා ගත්තාය. එහෙත් ඒ බටහිර ආර රංගනයන්ටය. මේ මොහොතේ ඇය රැඟූයේ, මම කිසිදාක නොදුටු අපූර්ව ගණයේ රැඟුමකි. ඒ අනර්කලීගේ එදා රැඟුමම බවට මට කිසිදු සැකයක් නොවීය. ඒ මා දන්නේ කෙසේද කියා යලිත් මගෙන් නාසන්න. මම එය දැන සිටියෙමි.කිසිදු සැකයකින් තොරව ඒ එසේ බව පමණක් මම ඉඳුරාම දැන සිටියෙමි.
" Aparna...you never told me you can dance like this............from where did you learn it? " ඇගේ රැඟුම දෙස විශ්මය පත්ව බලාසිටි මම සිහි එලවා ගත හකිවූ ඇසිල්ලේ ඇසුවෙමි.
" What do you mean where I learnt it? " මුව පුරා සිනාසෙමින් රඟන අතර ඇය පිළිවදන් දුන්නාය." I never knew I can dance like this......but sahan, can't you see?........I can't stop......it's like....it's like someone is making me do it..........but I like it....really like it.....it's a great feeling ...like you are flying away in the blue sky with nothing to worry about........it's ....it's ....just exhilarating.........."
මම ඔබට මින් පෙර පැවසූ පරිදි විශේෂිත යම් අදහසක් ප්රකාශ කිරීමේදී අප දෙදෙන ඉංගිරිසියෙහි පිහිට පැතීමට පුරුදුව සිටියෙමු.
" සර් මේ සන්තූරය පොඩ්ඩක් වාදනය කරල බලන්ටකො........" මා දෙස නෙත් යොමු කරමින් ඒ ඇරයුම සුබයර්ගෙනි.
ජීවිත කාලයටම සන්තූරයක් ප්ථම වරට දුටුවේ අද වුව ද, මට ඒ පිළිබඳව කිසිදු චකිතයක් නොවීය. සුබයර් හිඳ සිටි ස්ථානයේම එරමිණිය ගොතා හිඳගත් මම, සන්තූරය වාදනය කරන උපකරණ ( ඒවා හඳුන්වන්නේ මෙzස්රාසබ් යනුවෙන් බව මම පසුව දැන ගතිමි ) දෑතට ගෙන සෙමින් සෙමින් වාදනය කරන්නට වීමි..........විශ්වාස කරන්න........සහෘදය,.....it's like someone is making me do it.......යනුවෙන් මොහොතකට පෙර අපර්ණා පැවසූවෙහි සත්යතාව, මට එකෙනෙහිම අවබෝධ විය.......මම සන්තූරය වාදනය කලා නොව සත්ය වශයෙන්ම සිදුවූයේ මගේ ඇඟිලි වල රැඳි වාදන උපකරණ සජීවී වස්තූන් ලෙස සන්තූරය මත දිවයමින් කන්කළු නාද රටා මැවීමයි. මම කලයුත්ත වූයේ ඒවා අල්ලගෙන සිටීම පමණකි.මේ වනවිට අපර්ණා රැඟුමේ උපරිම අවස්ථාවට ලඟාවී සිටියාය............මුව පුරා සිනාසෙමින් ,දෑත් ලෙලවමින්, කරකැවෙමින් ඈ මනරම් රංගනයක යෙදුනු අතර මම සන්තූරය වාදනයේ යෙදුනෙමි..........( මා ඉටු කල කාර්යය වාදනය කිරීමකැයි ඔබට නිර්වචනය කිරීමට හැකිනම්......හෙහ්, හෙහ් )
එක්වරම නූපුර රාවය නෑසී ගිය අතර, සන්තූරයේ හඬද කෙමෙන් මැකී ගියේය. මුවග රැඳුනු මද සිනාවකින් යුතුව රැඟුම සහ වැයුම නරඹමින් සිටි සුබයර් ගේ මුහුණේ ප්රශ්නාර්ථයක් මතුවිය. එහෙත් එක් වරම යමක් අවබෝධ වූවා සේ නැඟී සිටි හෙතෙම, නැවත වරක් මුවින් නොබැනම ඉක්මන් ගමනින් ශාලාවෙන් පිටවිය. අපර්ණා අසුනේ ඇද වැටුනාය. මම ද නැඟිට ඈ අසල අසුන්ගත්තෙමි.
" මහන්සිද? " මම වයින් ස්වල්පයක් වත්කරන අතර ඇසුවෙමි. " නෑ අනේ කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ......." ඇ සිනාසෙමින් පැවසුවාය.
එදින සවස මේ සිදුවූ සිදුවීම් සමූහය අද දින නැවත ආවර්ජනය කිරීමෙහිදී, අදහාගත නොහැකි සේ නිතැනින්ම පෙනී ගිය ද, එහිදී ඒ මොහොතේ මට මෙන්ම අපර්ණාටද ,ඒ කිසිවක් අද්භූත සිදුවීම් ලෙස කිසි ලෙසකිනුදු සිතුනේ නොවේ. එබැවින් අප දෙදෙන සුවපහසු ලෙස අසුන් ගෙන, කිසිදු චකිතයකින් තොරව ඈ රතු වයින් ද ,මම විස්කි ද, තොල ගාමින් සිටියේ ජීවිතයේ කිසිදාක දැක පවා නොපුරුදු රංගනයක, කෘතහස්ත ලෙස යෙදීම මෙන්ම මුල්වරට එදින දුටු සංගීත භාණ්ඩයක්, හුරුපුරුදු ලෙස වාදනය කිරීම ද, ඉතාම ස්වාභාවික, එසේම ජීවිතයේ සෑම දිනකම සිදුවන හිරු පෑයීම, සුළඟ හැමීම වැනි ස්වාභාවික සංසිද්ධිලෙස සලකා විය යුතුය.
ස්වල්ප වේලාවකට පසු සුබයර් සෙමින් පැමිණ, ඔහුගේ සුපුරුදු ස්ථානයෙහි අසුන් ගත්තේ බෙහෙවින් කල්පනාවෙන් බරවූ විලාසයකිනි.
" සර් මම අර කතාව ඉවර කලේ නැහැනෙ..........කිසිම කෙනෙකුට මෙච්චර දවස් නොකිව්ව කොටසකුත් තියනව, ඒත් සර්ටයි මැඩම්ටයි අනිවාර්යයෙන් ඒ කතාව කියන්ටම ඕන....මගෙ හිත මට එහෙම බල කරනව...."
මතු සම්බන්ධයි...............
අනර්කලී ගේ රංගනය බලන්න කැමතිනම්...මෙන්න,
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
" ඔය චිනාර් ගහ යට තමයි ජහන්ගීර් අධිරාජය මැරුනෙ..........." සුබයිර් එසේ පවසා අප දෙදෙනාගේ මුහුණු බැලුවේ අප ඔහු කියන්න විශ්වාස කරන්නේදැයි ස්ථිර කර ගැනීමට විය යුතුය.
" Yeah...may be he has something there......I remember reading somewhere that jahangir died around here from excessive consumption of alcohol. "
මම හෙමිහිට අපර්ණාට ඉංගිරිසියෙන් පැවසූයේ සුබයර්ට මා කියන්න වටහා ගත නොහැකිවනු පිණිසය. මා අපර්ණා සමඟ යමක් සෙමින් පවසනවා දුටුවද ඒ පිළිබඳව කිසිත් සඳහන් නොකල සුබයර් දිගටම කතා කලේය.
" ජහන්ගීර් කියන්නෙ සලීම්..........ජහන්ගීර් මැරෙනකල්ම එයාට අනර්කලී අමතක උනේ නෑ..........දවල් දවසෙ අවදියෙන් ඉන්න මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ මතකයේ රැඳුනෙ අනර්කලී,. රෑ නින්දට ගිය මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ සිහින වල රජකලේ අනර්කලී. අන්තිමට අවුරුදු හතලිහකට පස්සෙ ඔය චිනාර් ගහ යට ජහන්ගීර් මැරෙන මොහොතෙ අනර්කලී ඇවිත් තියනව එයා ළඟට"
" ඒත් එයාලගෙ ආත්ම වලට එකතු වෙන්ට ලැබිල නැහැ........ඒ ආත්ම එකතු වෙන්ට ලැබෙනකල් ඔය මහ ගහ ලඟ සැරිසරනව කියලයි අපෙ පරම්පරාගත විශ්වාසෙ.ජහන්ගීර් මැරිච්ච වෙලාවෙ ඒ ළඟම හිටපු සෙබල කණ්ඩායමේ නායකය තමයි අපෙ පරම්පරාවෙ මීමුත්ත. එයාගෙ ඉඳල අපෙ පරම්පරාවම ඔය කතාව අකුරක් නෑර විශ්වාස කරනව....ඒ වගේම මම මගෙ දෑහින්ම දැකලත් තියනව....සර්,...මම උපන්නෙ, අදටත් මම ජීවත් වෙන්නෙ ඔය කඳු ගැටේ එහා පැත්තෙ බෑවුමේ තියන පුංචි ගම්මානෙ...ඒ නිසා මම මේව ගැන හොඳාකාරවම දන්නව...."
" මොනවද සුබයර් දැක්කෙ?" ............... අපර්ණා ඇසුවේ ලැබෙන පිළිතුර පිළිබඳව සිතෙහි යම් අවිනිශ්චිත භාවයක් පැවතියද ඒ දැනගැන්මට ඇති කුතුහලය මැඩ ගත නොහැකි පරිද්දෙනි. මම එක් වරම ඈ දෙස නෙත් යොමු කලෙමි. පුදුමයකට මෙන් ඇගේ දෑසෙහි මම දුටුවේ බියපත් වූ ස්වභාවයක් නොව කුතුහලය සහ විශ්මය මුසුවූ හැඟුමකි.
සුබයර් එවර කටහඬ අවදි කලේ, අපර්ණාගේ හඬටම සරිලන අයුරු රහසක් පවසන්නාක් මෙනි. ආසනයේ දිග ඇදී හොඳ හැටි හේත්තු වූ මම, දකුණතින් අපර්ණාගේ වමත අල්ලාගතිමි. ඇය මගේ අත දෑතින්ම ගෙන ඇගේ උකුල මත තබාගෙන, මා මෙන්ම ආසනයේ ඇලවී හිඳගත්තී, සුබයර් දෙස දෑස් දල්වා බලා සිටියේ ඔහු මේ ඊළඟට පවසන දෙයට එකම වදනක් හෝ අත නොහැර සවන් දිය යුතුමය යන දැඩි අධිෂ්ඨානයෙන් මෙනි.
" පුරා හඳ පායල තියන දවස්වලට.......හරියටම ශීත සෘතුවෙ අන්තිම කාලෙ දවස්වලට.......ඔව්.....හරියටම මේ අද වාගෙ දවස්වලට, ඔය ගහ යටින් ඇහෙනව සලීම්ගෙ ගායනය........ඒ වගේම සන්තූරයෙ වාදනය.....අනර්කලීගෙ නර්තනයෙ නූපුර රාවය.........මේ බොරුවක් නෙවෙයි මැඩම්......මයෙ මේ කණ් දෙකට ඇහිල තියනව කිව්වම මොකද................"
සුබයර්ගේ තම තියුණු හඬින් කොඳුරා කියූ ඒ වදන් මා ගත පුරා හිරිගඩු ඇතිකරන්නට නිරායාසයෙන්ම සමත් විය. අපර්ණාද ඒ හැඟුම එලෙසින්ම විඳි බව මගේ සුරත ග්රහණය කොට තිබුණු ඇගේ දෑතේ වෙව්ලන ස්වභාවය මට නිසැකව පසක් කළේය.
" දැන් මොනවද ඔය දැක්කය කිව්වෙ?..........ඊට කලින් කියන්න මොකක්ද ඔය කියන සන්තූරය..........." ශාලාව පුරා එකවර පැතිරීගිය ගුප්ත බව බිඳ දැමීමේ අටියෙන් මම මදක් හඬ නඟා ඇසුවෙමි.
" සන්තූරය කියන්නෙ සර් පැරණි පර්සියානු සංගීත භාණ්ඩයක්.......ජහන්ගීර්ගෙ කාලෙ බොහොම ජනප්රිය වෙලා තිබ්බ........අදටත් මේ පළාතෙ, අපි නම් විශේෂ අවස්ථාවලට සන්තූරය තමයි ගන්නෙ.......අර චිත්රෙ සලීම් වාදනය කරෙන්නෙ.....අන්න ඒක තමයි සන්තූරය......." සුබයර් සිතුවම දෙසට සුරත දිගු කලේය.
" හරි දැන් සර්ගෙ මුල් ප්රශ්නෙට මම එන්නම්......ඒ සංගීත නාදය ඇහෙනකොට අපි කවුරුවත් ඒ පැත්තට වත් යන්නෙ නෑ.......ඒ තහංචිය අපි හැමෝම පිළිපැද්ද......ඒත් මට වයස දාසයක් වගේ කාලෙ....දන්නවනෙ සර් ඔය නහයට අහන්නෙ නැති කාලයක් එනවනෙ හැමෝටම, මම දවසක් ඔය සංගීත නාදෙ ඇහෙන කොට හෙමිහිට කාටත් හොරා ඔය කන්ද උඩට නැග්ග....මට මේ වැඩේ බලන්ට පුදුම ආසාවක් එදා තිබුනෙ......"
සුබයර් කතාව නවතා, මොහොතක් දෑස පියාගෙන බිත්තියට හේත්තුවී සිට, කිහිප වරක් ගැඹුරින් හුස්ම ඉහලට ගෙන නැවත සෙමින් පිට කලේය..........ඒ ඔහුගේ සිත සන්සුන් කර ගනු වස් බව මම හොඳින්ම දැන සිටියෙමි. අතීතයේ සිදුවූ කුමක් හෝ වේවා, ඔහු මේ අපට විස්තර කිරීමට සැරසෙන සිදුවීම තවමත් ඔහු සිත තදින්ම කළඹවන සුලු බවට වෙනත් සාක්ෂි කුමකටද?
" චිනාර් ගහට කිට්ටුවෙන්ට, කිට්ටුවෙන්ට, මාව නිකම් කාන්දමකට අහුවෙලා ඇදිල යනව වගේ තේරුන......කොහොම හරි ගහට මම කිට්ටු උනා අඩි පනහක් හැටක් තරමෙ............මීදුම ගන සැරේට............හිත් හෝදිසියට ගියා මිසක කිසි දෙයක් පෙනුනෙ නෑ.........එක පාරටම මීදුම නැතිවෙලා ගියා සර්.............හඳ පායාගෙන ආවෙ හරියට කවුදෝ වෙලාව බලාගෙන ඉඳල ස්විච් එකක් තද කලා වගෙ.....ඒ දැකපු දර්ශනේ මම හිතන්නෙ මම මැරුණු දාකවත් මගෙ හිතෙන් මැකිල යයිද මම නම් දන්නෙ නෑ........."
අපර්ණා ද මමද එකම විට අප දෙදෙනාගෙ මුහුණු දෙස බැලුවේ පෙර සාකච්ඡා කොට එකඟ වූ පරිදිය............ඇගේ දෑස් විශාලවී තිබූමුත් එහි කිසිදු බියක් තවමත් සටහන් වී නොතිබීම මගේ විශ්මයට හේතු නොවූයේ මටද කුතුහලයක් විනා කිසිදු බියක් නොදැනුනු බැවිනි.
" හතර වටේටම එක දිගටම හිම වැටුනට..... ගහ යට, ඒ කිට්ටුව පුදුමෙකට වගෙ හිම වැටුනෙ නෑ......බිම යන්තම් හිම තට්ටුවක් තිබ්බ අඟල් හතරක පහක විතර.....වැටෙන හිම නිසා හඳ වැහිලය තිබුනෙ කියල මම කිව්වනෙ.....ඒත් විස්වාස කරන්ට සර් ඒ ගහ යට හඳ එළිය පැතිරිල තිබුනෙ දවල් වාගෙ.......එතන ඇත්තටම මැවිල තිබ්බෙ අමුතුම ලෝකයක්......හතර වටේ පරිසරේ වෙන දේවල් එතනට අදාල නෑ....එතන සිද්ද වෙන්නෙ එතනට අදාල දේවල් විතරක්දෝ කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ........"
අපර්ණාද මමද සුබයර් ගේ කතාවට වශී වී සිටියේ ඉහලට ගත් හුස්ම පහලට හෙලීමට පවා අමතක වූ ලෙසය..........
" Sahan......what do you think?..............he can't make up all these........can he?"
" No, Aparna.....I really don't think so......see...... he is really living it up again.............no one can bluff so well.....except a really good actor and.....I don’t think he is acting....not at all, "
සුබයර් ගේ අතීතාවර්ජනයේ මද විරාමයකදී අප දෙදෙන එකිනෙකාට කොඳුරා ගත්තේ සුබයර් ට නෑසෙන පරිදිය. එහෙත් ඇත්තෙන්ම එසේ කලයුතු නොවුනේ ඔහු මේ වනවිට පියවි ලොවින් බොහෝ දුර ඔහුගේම මතක ලොවකට පිවිස සිටි බැවිනි.
" චිනාර්.... ගහ.... යට.... හිටියෙ..... ජහන්ගීර්........" සුබයර් නැවත නිමේශයකට පසු පැවසුවේ වදන් එකින් එක වෙන වෙනම උච්චාරණය කරමිනි.ඔහුගේ දෑස අඩවන් වී තිබිණි...... ඔහු ආශ්වාස ප්රශ්වාස කලේ ආයාසයෙනි.........
මතු සම්බන්ධයි................
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
"කෝපි ලෑස්තියි " කියමින් කෝපි බඳුනක් රිදීවන් බන්දේසියක තබාගෙන, මෙවිට ශාලාවට පිවිසියේ සුබයර් ය.
කෝපි බන්දේසිය ශාලාව මධ්යයේ වූ විශාල මේසය මත තැබූ හෙතෙම අප දෙදෙන කෝපි පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සිතුවම කෙරෙහි ඇලී ගැලී සිටිනු දුටුවේ, අප වෙත පැමිණියේය.
" අපූරු චිත්රෙ නේද සර්?.......ඕක මහා අක්බාර් රජ්ජුරුවන්ගෙ රාජ සබාවෙ දක්ෂම චිත්ර ශිල්පිය ඇඳපු චිත්රයක්,.......මිනිහගෙ නම මන්සූර්..........."
" කවුද මේ දෙන්න?" .....අපර්ණා ඇසුවේ රහසින් මෙනි.
ඈ දෙස මොහොතක් ප්රශ්නාර්ථයෙන් බලා සිටි සුබයර්......" ඔය ඉන්නෙ සලීමුයි අනර්කලීයි......මැඩම් ඒ කථාව අහල තියනව නේද?......අර සුප්රසිද්ධ පෙම් කතාව......."
" අහල නම් තියනව.........ඒත් මම කියවපු ඉතිහාස පොත් වල තිබ්බෙ නම් ඒ කතාව හරියටම ඇත්ත කියල ඔප්පු කරන්ඩ බැරි කතාවක්ය කියලයි " මම අපර්ණාගේ සුරත ගෙන ඈත් සමඟ කෝපි බඳුන තිබූ මේසය වෙත යමින් ඇසුවෙමි.
" හෙහ්...හෙහ්....ඔප්පු කරන්ට බැරි කතාවක්ය කියල?.......මොනවද සර් ඔය ඉතිහාස කාරයො දන්නෙ?..............ඔය සලීම් අනර්කලී කතාව කියන්නෙ සම්පූර්ණ ඇත්ත කතාවක්........මම ඒක දන්නව හොඳාකාරවම "
" ඒ කොහොමද සුබයර් ස්ථිරවම කියන්නෙ ඒ කතාව ඇත්තය කියල " .........මම සීනි හැඳි දෙකක් දැමූ කෝපි කෝප්පය අපර්ණාට දිගු කරමින් ඇසුවෙමි.
" ඒක ටිකක් දිග කතාවක්....... මම කියන්නද... සර්ල චේන්ජ් එකක් එහෙම දාගෙන එන්න, මම රෑ කෑම ලෑස්ති කරන්නම්......"
උණුසුම් ජලයෙන් ස්නානය කොට සැහැල්ලු ඇඳුමක් ඇඟට දාගත් පසු දැනුනු සුවය විස්තර කිරීමට වදන් ප්රමාණවත් නොවිණි. එතෙකුදු වුව අපර්ණාගේ සිතෙහි පවතින දෙගිඩියාව අප නැවත ශාලාවට එද්දි ඈ සිතුවම දෙස හෙලූ අවිනිශ්චිත බැල්මෙන් සනාථ වූවා සේම මම ද පසුවූයේ කීසියම් විස්තර කල නොහැකි ගුප්ත හැඟුම් සමුදායක බරෙන් පීඩාවට පත්වෙමිනි.
සුබයර් දක්නට නොසිටියද ගිණි උඳුන පුළිඟු විදුවමින් දැලිවුනු අතර, ඒ අසල පාද තුනකින් යුත් කුඩා කනප්පුවක් මත, විස්කි බෝතලයක් සහ රතු වයින් බෝතලයක් ගින්නෙහි ඡායාව පරාවර්තනය කරමින් බැබලිණි.
විස්කි සවල්පයක් තඹලේරුවට පුරවාගත් මම සෝඩා ද මුසු කොට පසෙක තබා, බුබුලක හැඩයගත් වයින් වීදුරුවට රතු වයින් බාගයක් පමණ පුරවා අපර්ණාට දිගු කලෙමි. රත් දෙතොල් විවර කොට මඳ සිනහවක් පෑ ඈ වයින් වීදුරුව අතට ගත්තාය.
විස්කි වීදුරුව ඔසවා සෙමෙන් අගේ වීදුරුවට තට්ටු කල මම සව්දිය පිරීමි.
" To Saleem & Anarkali"
අපර්ණාගේ සිනහව වහා අතුරුදහන් වූ අතර ඈ මුව වෙත ගෙන යමින් තිබූ වයින් වීදුරුව ආපසු කනප්පුව මත තැබුවේ මවෙත නොසන්සුන් බැල්මක් හෙලමිනි.
" It’s not funny sahan,.......this is not a joke......please remember that,"
" Okay...okay........calm down.....calm down .....I'm sorry, "
මා දෙස නැවතද නොපහන් බල්මක් හෙලූ ඇය වයින් වීදුරුව අතට ගෙන තොල ගාන්නට වූවාය.
ගින්නෙහි උණුසුමත්, සිරුර තුලට කෙමෙන් කෙමෙන් ඇතුළු වන විස්කිවල සිත ගත මත්කරවන ස්වභාවයත් නිසා කාලය ගෙවී ගිය අයුරු පවා මට වැටහීමක් නොවීය. අපර්ණා ද දෙවන වයින් වීදුරුව වත්කරගත්තී, ඒ සෙමින් තොල ගාමින් මා හා මුවින් හා සමඟම දෑසින් ද දොඩමළු වෙමින් සිටියාය. අප අපේම ප්රේම පුරාණයේ රසවත් වූ මතක සටහන් පෙරලමින් සිටි අතර අනර්කලී සහ සලීම් මොහොතකට අපෙන් සමුගෙන ගොස් ඇති සෙයක් මට දැණුනි.
පිටත හිම පතනය නැවතී ඇති සෙයකි.පුන්සඳ කිරණ වසා ඇති තිරරෙදි අතරින් එබිකම් කරනු දුටු අපර්ණා, නැඟිට ගොස් තිරරෙදි දෙපසට කලාය. ගෙතුලට සඳ එළිය ගලා ආවේ එතෙක් පුල පුලා නොඉවසිල්ලේ බලා සිටි කලක මෙනි.කුඩා දැරියක මෙන් මහ හඬින් සිනා සුනු ඈ මා අත අල්ලගෙන මා අසලම හිඳ ගත්තී, මගේ උරහිස මත හිස තබා ගත්තීය. මම අපමන සෙනෙහසින් ඇගේ නලලත සහ දෙකොපුල සිප ගතිමි.අප මෙලෙස කොපමණ වේලා ගත කලේදැයි මට නිවරදිව කිව නොහැක. දහැන් බිඳුමට සමත් වූයේ ආසන්නයේම ඇසුණු සුබයිර් ගේ හඬයි.
" කෑම තව විනාඩි පහළවකින් ලෑස්තියි සර්......සර්ලට තව මොනවද ඕන කරන්නෙ?"
" මොකවත්ම එපා සුබයර්....ස්තූතියි," මම හිස කෙලින් කරමින් පැවසුවෙමි,
" සුබයර් අර කලින් කිව්ව නේද, අර පින්තූරෙ ඉන්න දෙන්න, අනර්කලී සලීම් දෙන්නගෙ කතාව ඇත්තක්ය කියල සුබයර් ස්ථිරවම දන්නවය කියල.......කරුණා කරල කියනවද ඒ කොහොමද කියල....."
විස්මයපත් මම වහා හිස හරවා අපර්ණා දෙස බැලීමි. අනර්කලී සලීම් සිතුවමට පවා ස්වල්ප මොහොතකට පෙර දැඩි බියක් දැක්වූ ඇය දැන් ඒ පිළිබඳව විස්තර පවසන ලෙස සුබයර් ගෙන් ඉල්ලා සිටියි.එහෙත් ඈ මගේ විමසුම් බැල්ම ගනනකට නොගෙන සුබයර් දෙසම දෑස් දල්වා බලා සිටියාය. ඇගේ දෑස මම කිසිදිනක නොදුටු දීප්තියකින් යුතුව බබලන්නට වූයේ වයින් මත නිසාම විය නොහැක. ඇය පානය කලේ වයින් වීදුරු දෙකකි.එසේම මේ ඇය හා පුරා කියා වයින් පානය කලා ද නොවේ.
සෙමින් පිය නඟමින් පැමිණි සුබයර්, අප අසල කලාලය මත එරමිණිය ගොතා බිත්තියට හේත්තු වී හිඳ ගත්තේය. ඔහු කතා කලේ අප දෙදෙනා දෙසම නොව අප අතරින් පෙනෙන තිර රෙදි විවර කල කවුලුවෙන් පෙනෙන, හිමපතිත කඳු මුදුන් මතින් පායා දිලෙන පුන් සඳ වත දෙස දෑස් දල්වා බලා සිටිමිණි.
" මේ කතාව සර්ල බොහෝවිට විස්වාස කරන එකක් නෑ.....ඒත් සර්වබලධාරී අල්ලා දෙවියන්ගෙ නාමෙන් මම කියන්නෙ මේ කතාව ඇත්ත........සර්ල ඔය ආපු පාරෙ වැඩි දුරකට එහා නෙවෙයි...වංගු දෙකයි.....පාර අයීනෙම තියනව පොඩි කඳු ගැටයක්.....ඒ කන්ද උඩ තියනව යෝධ චිනාර් ගහක්........"
අපර්ණා මා දෙසද, මා ඈ දෙසද බැලුවේ එක වරමය. සුබයර් පවසන චිනාර් ගස කුමක්ද යන්නෙහි කිසිදු කුකුසක් අප තුල නොවීය.
මතු සම්බන්ධයි................
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
ඇය වෙව්ලනුයේ අධික ශීතල නිසා ද නැතහොත් හදිසියේම දුටු වනස්පතියේ සිත් කළඹවන සුලු දසුන නිසා ද යන්න මට සිතා ගත නොහැකිය.
" It's really spooky....you know......I have got goose bumps all over me......And why do i get this strange feeling I have been here before?............it's uncanny.....a sort of déjàvu feeling, "
වසර පහක් ඉන්දියාවෙ ගතකල මගේ හින්දි භාෂා දැනුම ඉහල මට්ටමක පැවතියද විශේෂිත අදහසක් හුවමාරු කර ගැනීමේදී ඉංගිරිසියේ පිහිට පැතීම අපි පුරුද්දක් වශයෙන් කලෙමු.
" I am having the identical feeling Aparna..........I can't understand it anymore than you.......but you know it's driving me crazy,"
" යමු සහන්......අනේ යමු.......මෙතන ඉන්න එක එච්චර හොඳ නැහැ......."
අවසන් වරටත් වනස්පතිය දෙස බැලූ මම, ( ඒ වනවිට ඒ නැවත මිහිදුම් සළුවෙන් වැසී තිබිණි,) අපර්ණාද සමඟ මෝටර් රියට ඇතුළුව එතැනින් පිටත් වීමි.
ඒ සුළු කාලය ඇතුලත හිම පතනය වේගවත් වී තිබුණු අතර මිහිදුම ද පොළව වසා ගන්නට අහසින් එලන ශ්වේතවන් ඇතිරිල්ලක් මෙන් දසත විහිදෙමින් තිබිණි.
" මේ විදිහට අද ශ්රී නගර් යන්න බෑ අපර්ණා......අතර මඟ ටයර් එකක් වත් ගියොත් මේ පාළු පාරෙ කාට කියන්නද?.....මම කියන්නද අපි මේ කිට්ටුව කොහෙ හරි හොඳ තැනක් බලල නැවතිල හෙට උදේ යමු " මම පාරදෙසම නෙත්යොමු කොට, ඉතා සෙමින් රිය ධාවනය කරන අතර පැවසුවෙමි.
" ඕකේ......එහෙම කරමු" අපර්ණා දෑත පොරවාගෙන ආසනයේ තවත් ගුළි ගැසෙමින් පැවසුවාය.කඳු මුදුනේ දුටු දර්ශනයෙන් ඇති වූ කම්පනයෙන් ඈ තවමත් නොමිදුනු බව ඇගේ බියපත් දෑස සාක්ෂි සැපයීය.
" බය වෙන්න එපා ළමයො..." මම ඇගේ සුරත ගනිමින් පැවසුවෙමි.
පිළිතුරු ලෙස ආයාසයෙන් සිනහවක් පෑ ඇය මගේ අත තවත් තදින් අල්ලා ගත්තාය.
කිලෝ මීටර තුනක් හෝ හතරක් අප එලෙස මිහිදුම් මැදින් එන්නට ඇත.පාරේ වම්පස පිහිටි තානායමක් වන් ගොඩ නැගිල්ලක විදුලි ආලෝකය මිහිදුම් අතරින් එක් වරම දර්ශනය වූයෙන් මම මෝටර් රිය ඒ වෙතට හැරවූයෙමි.
ඉපැරණි ගලින් බැඳි ආරුක්කු යුගලකින් සමන්විත වූ පෝටිකෝව යට රිය නතර කල මම අපර්ණා ද සමඟ ආලින්දයට පිවිස වසා තිබූ දෙපියන් ප්රධාන දොරටුව අසල එල්ලා තිබූ පිත්තල සීනුව නාද කලෙමි.
මිනිත්තු කිහිපයකට පසු විවර වූ දොරින් පෙනී සිටියේ උස් සිරුරකින් යුත් මුහුණ පුරා වැඩුනු ඝන රැවුලකින් යුත් සැට වයස් පමණ වූ පුද්ගලයෙකි.
" අච්චි සාමා මහෝද්යාණ....කා ස්වාගතා...ස්වාගතා.....කරේ මෙම් අතේ හයිම් යාහා නිසීතා රූපා නේ අප්නේ ඝාරා හයි....."
" good evening sir, good evening madam,..... Welcome...... Welcome.... please come in..... this is certainly your home"
ඇඳුම් සහ වෙනත් අත්යාවශ්ය ආම්පන්න සහිත ගමන් මළු ඔසවාගෙන, අප දෙදෙන පිටත අධික ශීතලෙන් මිදෙනු වස් හැකි විගස ඇරුණු ද්වාරයෙන් ඇතුළු වූයෙමු.
ඉන්දීය රජය මඟින් බොහෝවිට මහජන සේවයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම තානායම් සේවය , බ්රිතාන්ය යටත් විජිත සමයේ සිට පැවත එන්නකි.
සුවිසල් සාලයට පිවිසි මට හැඟුනේ නැවත වසර සියයක අතීතයට එක් වරම පිවිසියාක් මෙනි. ඉපැරණි ගලින් සැදුණු ගිනි උඳුනේ ඇවිලුනු ගින්න ගත මෙන්ම සිතද උණුසුම් කලේ එක මොහොතකිනි. තද දුඹුරු පැහැ කලාල ඇතිරූ ගෙබිම පාවහන් ඉවත් කරනට අපට අවසර ලබා දුනි. ගිනි උඳුන අසල සුව පහසු ආසන දෙකක දිග ඇදුනු අප දෙදෙන අත් පා ගින්න දෙසට දිගුකොට උණුසුම් වන්නට වීමු.
" තේ ද කෝපි ද සර්? " හිස නමා ගෞරව සම්ප්රයුක්තව ඇසූ තානායම් භාරකරු පියවර කිහිපයක් පසුපසට විය.
" මොනවද අපර්ණා?" .........මම ඇය දෙසට හැරෙමින් විමසුවෙමි.
" Coffee.......black " ඇය පැවසුවේ තානයම් භාරකරු දෙසට හැරෙමිනි.
" ඕ කේ. මැඩම්, By the way........my name is Zubair " පැවසූ තානායම් භාරකරු ඈත බිත්තියේ වර්ණයට සමාන වර්ණයෙන් තිර දැමූ දොරටුවකින් පිටවී ගියේය
ඔහු පිටවී ගිය දෙස ටික වෙලාවක් බලාසිටි අපර්ණා එක වරම ඉද්ද ගැසුවාසේ හුනස්නෙන් නැඟිට ඉක්මන් ගමනින් ශාලාවේ ඈත බිත්තියේ එල්ලා තිබූ විශාල ප්රමාණයේ චිත්රයක් වෙත ගියාය. මොහොතක් ඒ නැරඹූ ඕ "සහන් මෙහෙ එන්නකො " වික්ශිප්තවූ හඬකින් මා ඇමතුවාය. මමද ගින්නේ උණුසුමෙන් ඉවත්ව ඈ වෙත ගියෙමි.
" මේ බලන්නකො"........ඈ එම සිතුවම වෙත සුරත දිගුකලාය.
සිතුවම දෙස නෙත් යොමුකල මට දෑස් අදහා ගත නොහැකි විය.මම අසුරු සැණෙකින් වසර පහළවක පමණ කාලයක් ගෙවා කාලයේ තිමිර පටලයන්ගෙන් වැසී ගිය අතීතයකට ලඟාවීමි. සත්වන වසරේ ඉගෙනුම ලබද්දී එක් සන්ධ්යාවක ශ්රී ලංකාව නම් කුඩා දිවයිනෙහි මහනුවර නගරය ආසන්න එක් කුඩා නිවෙසක සහන් නම් වූ කොලු ගැටයකු වික්ශිප්ත කරවූ ඒ දර්ශනය ......එලෙසම අද සැතපුම් දහස් ගනනකට මෙපිට ඉන්දියාව නම්වූ සුවිසල් රාජ්යයේ කාශ්මීර දේශසීමාවට ආසන්න හුදකලා දහනමවන සියවසේ පමණ නිමැවුනු රජයේ තානායමක ඇතුල් ශාලාවේ පසුපස බිත්තියේ එල්ලා තිබෙන සිතුවමක චිත්රණය කොට තිබෙනු දැකීමෙන් අතිශය පුදුමයට පත් නොවන්නේ සියලු හැඟීම් දමණය කල මුනිවරයකු පමනක් නොවේද?
මම කෙලෙසකවත් එබඳු මුනිවරයකු නොවන්නෙමි. එබැවින් විය යුතු ලෙසම මම විස්මයපත් දෑසින් ඒ සිතුවම දෙස එක හෙලා බලා සිටින්නට වීමි.
එහි වූයේ සුවිසල් ශාලාවෙක පොළවෙහි ඇතිරූ කලාලයක හිඳ අර මා ඔබට මින් පෙර පැවසූ අපූර්ව සංගීත භාණ්ඩය වයමින් ගායනයේ යෙදෙන කඩවසම් එසේම ප්රතාපවත් තරුණයාය.ඔහු ඉදිරියේ සුරලොවින් බට සුර ලියක සේ රඟනා අර රුවති යුවතියය.සිතුවම කොපමණ තීක්ෂණ බුද්ධියකින් නිමවා තිබුණිද යත් එ යුවතිය දැන් දැන් සිතුවමින් අප හිඳිනා ශාලාවට බැස සජීවීව රඟනු ඇතැයි මට හැඟී ගිය බව අසත්යයක් නොවේ.
" සහන්.......මේ මම අර හීනෙන්ද කොහෙද දැක්කයි කියල ඔයාට කියාපු දෙන්න " ......අපර්ණාගේ බියපත් කටහඬ මා නැවත පියවි ළොවට ගෙන ආවේය.
එක්වරම හැරී එකිනෙකාගේ මුහුණු දෙස බැලූ ඇයද මාද නැවත සිතුවම දෙස බලා සිටින්නක වූයේ ඉන් දෑස් ඉවතට ගත නොහැකි වූ සේය.
මතු සම්බන්ධයි
පෙම් කතාවේ මුල් කොටස දෙවන කොටස
පුස්තකාලය අසල පෙත්මඟේ නුග ගසයට ආසනයේ හිඳ සිටි මා ඇය නෙත් ගැටී මසක් පමණ ගත වන්නට ඇත. මේ කාලය තුල අවදියෙන් සිටිනා මොහොතක් පාසා මා සිත සැරිසැරුවේ ඇයයි. පුදුමයකට මෙන් නින්දට වන් කල්හි සිහින ලොවෙහි මා සොයා ආවේ ඇය නොව......මා ඔබට මීට පෙර පැවසූ පාසලේ සත්වන වසර පමණදී එකම එක්වරක් මා දුටු ඒ අද්භූත රූප සටහන් පෙලයි.......දස වසරකට වැඩි වුවද කිසිසේත්ම අඩු නොවනා කාල පරාසයකට පසුව හදිසියේම නැවත ඒ දසුන් එක් වරක් නොව නොකඩවා කීප දිනක්ම දර්ශනය වූයේ මන්ද?........පෙත්මඟේ දුටු ඒ නීල නයන යුග...අපර්ණා......ඒ සුරූපී යුවතිය සමඟ මෙහි යම් සම්බන්ධයක් ඇතැයි මගේ සිත එක හෙලාම පවසන්නට විය.
ඒ දෑස...මා සිත මත් කළ ඒ දෑස, සොයමිනි විශ්ව විද්යායලය තුල සැරි සරූ සෑමවිටම මා නෙත් විමසිලිමත් වූයේ.
අවසන ඇය මට හමුවිය. එදින උදය කාලයේ තදින් වැසි වට නමුදු අපර භාගයේ වැස්ස තුරල් වී අහස් කුස පැහැදිලි විය. වැසි බිඳු තණපත් අග, සැඳෑ හිරුරැස් පතිතව දිලිසුනේ මිණි ඇමුණුවාක් මෙනි.උදයේ වට වර්ෂාවෙන් තෙත්ව තිබුණු පෙත් මඟ ඔස්සේ මම අංක 14 දේශනාගාරය කරා පිය මැන්නේ මා තෝරාගත් අතිරේක පාඨමාලාවේ සමාරම්භක දිනය ඒ වූ බැවිණි.
විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියනට, තමන් හදාරණ පාඨමාලාවන්ට අමතරව, අතිරේක වශයෙන් තමන් කැමති ඕනෑම පාඨමාලාවක් අතිරේක ගාස්තුවක් ගෙවීමෙන් තොරව හැදෑරීමට පහසුකම් සලසා තිබිණි.බොහෝ සිසු සිසුවියෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෝ තමන්ගේ විනෝදාංශයන්ට අදාල හෝ තමන් ප්‍රියය කරන එහෙත් තමන්ගේ මූලික පාඨමාලාවෙන් ආවරණය නොවන විශයයක් මේ සඳහා තෝරා ගත්හ.
මෝගල් අධිරාජ්‍යය සමය මා හදාරන පුරාණ සහ මධ්‍යකාලීන ඉන්දීය ඉතිහාස පාඨමාලාවට අයත් නොවූ බැවින්ද කුඩා කල සිට මා සිත මෝගල් අධිරාජ්‍ය යුගය කෙරෙහි දැඩි ලෙස බැඳී තිබුණු බැවින්ද මම අතිරේක පාඨමාලාව ලෙස තෝරා ගත්තේ ඉන්දීයාවේ සුප්‍රසිද්ධ ඉතිහාසඥයකුගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නියමිත ඒ පිළිබඳ පාඨමාලාවකි.
මා එහි ලඟාවන විටත් සෑම අසුනක්ම පාහේ පිරී තිබුණේ පාඨමාලාව මෙහෙයවන ඉතිහාසඥයා ඉතා ප්‍රකට පුද්ගලයකු වූ නිසාම විය යුතුය.
ශාලාව පසුපස ඇතුළුවන් ප්‍රධාන දොරටුව අසලම වූ හිස් අසුනක මම හිඳ ගතිමි. ඒ සමඟම පීඨිකාව වෙත ළඟා වූ දේශකයා සුපුරුදු ලෙස තමා හඳුන්වා දීම ආරම්භ කලේය. මම ඒ වෙතට යොමුවූ දෑසින් යුතුව සිටියේ, මා අසලම වූ අසුනේ යමෙකු අසුන් ගනු වත් නොදිටිමි. එක්වරම හමා ආ පිච්ච මල් සුවඳකින් මගේ අවධානය බිඳී ගිය අතර මම සෙමින් හිස හරවා යාබද අසුනේ සිටින පුද්ගලයා දෙස බැලීමි.
අසුරු සැනින් කාලය නැවතත් නැවතී ගියේය......තමන් හඳුන්වා දෙමින් සිටි ඉතිහාසඥයා අඳුරු වී නොපෙනී ගියේය.අවට සිටි සියල්ලන්ද සමඟ දේශන ශාලාව බොඳ වී මැකී ගිය අතර, ඇය හා මා පමණක් ඉතිරිව මුළු මහත් ලොවම අතුරුදන් වූ සේ මට හැඟී ගියේය.
එසේය,.......... ඒ නිල් වන් දෑස නැවතත් මා දෙස බලා සිටී. මා දෙස බලා විශ්මය පත් වූ සේ මඳ සිනහවක් පෑ ඇය නැවත ඉදිරිය බලා ගත්තීය. මම ද ආයාසයෙන් ඈ කෙරෙන් දෑස් මුදාගෙන ඉදිරිය බලා ගතිමි.
එලෙස අප නැවත කිසිදින වෙන් නොවන්නට දෙවන වර හමුවූයෙමු.ඇය වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර, අතිරේක පාඨමාලාව ලෙස මෝගල් අධිරාජ්‍යය සමය පිළිබඳ පාඨමාලාව තෝරාගැන්මට තුඩු දුන් හේතු වී ඇත්තේ ඇයගේ ද ඒ කාල වකවානුව පිළිබඳ පැවති ව හරි හැටි විවරණය කල නොහැකි බැඳීමක් වැනි හැඟීමකි.
මම දුටු සිහිනවන් දර්ශන, ඇයද කුඩා කල කිහිප වරක්ම දැක ඇති අතර, වැඩි විය පැමිණෙත්ම එම සංසිද්ධිය ක්‍රමයෙන් නැති වී ගිය බව ඈ මා හා පැවසුවාය. එහෙත් මා මෙන් නොව ඇයට දර්ශනය වී ඇත්තේ ගීයක් ගයමින්, වාදනයේ යෙදෙන කඩවසම් තරුණයා සහ ඔහු ඉදිරියේ නර්තනයේ යෙදෙන, රුවැති යුවතියකගේ දර්ශනය පමණි.
අප දෙදෙන හමුවීමෙන් පසු කිසිම දිනක මම හෝ ඇය එම දර්ශන නැවත නොදුටු අතර ක්‍රමයෙන් ඒ පිළිබඳ මතකයද ගිලිහී ගියේ අපගේ ඉදිරි ජීවිතය පිළිබඳ සැළසුම් කල යුතු බොහෝ දේ අප ඉදිරියේ වූ බැවිණි.
අලහබාද් නුවර ආසන්නයේම ප්‍රත්‍යාන්ත නගරයක උපන් අපර්ණා ගේ මාපියන්, මධ්‍යම පාන්තික වෘත්තිකයෝ වූහ. ලිබරල් මතධාරීන් වූ ඔවුන්ගෙන් අපගේ ප්‍රේම සම්බන්ධයට කිසිදු අයුරකින් බාධාවක් එල්ල වූ යේ නොවේ.
මෙලෙස ඊළඟ සිව් වසර මුළුල්ලේ, ඇගේත් මගේත් ප්‍රේම වෘත්තාන්තය ගිම්හාන සමයේ කිසිදු කලබලයකින් තොරව, ශාන්තව ගලා බස්නා යමුනාව මෙන් ගලා ගිය බව පැවසීම ප්‍රමාණවත් වේ යයි මම සිතමි.
දෙවන පෙල ඉහල සාමාර්ථයක් සහිතව උපාධිය ලැබූ මම, මේ වන විට අලහබාද් විශ්ව විද්යා ලයේම සහකාර කථිකාචාර්ය ධුරයක් දැරූ අතර අපර්ණාගේ වෛද්‍ය උපාධි අවසාන පරීක්ෂණය නිමවූ වහාම චාම් උත්සවයකින් පසු අප විවාහ වීමු.
මගේ සොහොයුරිය සහ ඇගේ සැමියා ශ්‍රී ලංකාවේ සිට පැමිණ මංගල්‍යෝත්සවයට සහභාගී වූ අතර අපර්ණාගේ ඥාතී හිතමිත්‍රාදීන් උදෙසා පැවති සාදයකින් පසු මධුසමය සඳහා අපි කාශ්මීරය බලා මවිසින් ඉතා මෑතක මිළදී ගත් මෝටර් රියෙන් පිටත් වීමු.
මධුසමය සඳහා කාෂ්මීරය තෝරා ගන්නා ලද්දේ ඇය විසිනි. ඊට හේතු වශයෙන් කුඩා අවදියේ පටන් කාශ්මීරය කෙරෙහි දැඩි ඇල්මක් ඈ තුල වූ බව ඇය මා හා පැවසුවාය.
අප දෙදෙන ඒ අනුව කාශ්මීරය බලා යන අතර සිදුවූවකි මා ඔබට මේ කථාව ආරම්භයේදීම පැවසූයේ.
වරින් වර සුදු සේල සුළඟේ පාව යන අයුරු හමා යන මිහිදුම් සළු තිර අතරින්, වරෙක පෙනෙන, වරෙක නොපෙනී යන, යෝධ චිනාර් වෘක්ෂය දෙස ඇසි පිය නොහෙලා මම බලා සිටියේ, මසිත තෙරපෙන මේ නුහුරු නුපුරුදු හැඟුම් සමුදාය වටහා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරමිනි.
එසේ කොපමණ වේලා සිටියේද යන්න මට සිහියට නගා ගත නොහැක." සහන්,........ඔයා මොකද මේ සීතලේ කරන්නෙ?" අපර්ණාගේ හඬින් මම පියවි ලෝකයට පිවිසුනෙමි.
" අහ්......අපර්ණා,.....කාරෙක එක පාරටම ස්ලිප් කලා.....මම ඒ පාර මේ පොඩ්ඩක් බැස්ස එලියට හුළං ටිකක් වත් වදින්ටෙයි කියල.....ඒක නෙවෙයි එන්නකො බඩුවක් පෙන්නන්ට" මම ඇගේ අත අල්ලා මා ළඟට ගෙන, නුදුරින් පෙනෙන කඳුගැටයේ මුදුන අත දිගු කොට පෙන්වීමි.
" කෝ, මට මොකවත් පෙනෙන්නෙ නෑනෙ? " ඇය බඳ වටා අත යවා මට තුරුලු වෙමින් ඇසුවාය.සත්‍යය වශයෙන්ම ඒ අවස්ථාවේ කඳුමුදුන සම්පූර්ණයෙන්ම මිහිදුමින් වැසී තිබුනු බැවින් කිසිවක් නොපෙනුනු බව සැබවි.
" ඉන්නකො පොඩ්ඩක්......ඔය මීදුම සැරින් සැරේ තුනී වෙනව....එතකොට බලන්ටකො " මම සීතලෙන් වෙව්ලන ඇය තුරුලු කර ගනිමින් පැවසුවෙමි.
එක්වනම කඳුමුදුන වසා සිටි මිහිදුම් පොරෝනය සුළං පහරින් විසිර ගියේය. කොහේදෝ සිට පැමිණි අව් දහරක් කඳු මුදුන එලිය කලේද මෙ මොහොත කාලයක් තුරා බලාපොරොත්තුව උන් අයුරිනි. කඳුමුදුන මත නැඟීසිටි රත්වන් පත්‍ර වලින් වැසීගිය යෝධ වනස්පතිය සැඳෑ හිරුරැසෙහි දිලුනේ ගිනි ඇවිලුනාක් මෙනි.
" Oh, God" අපර්ණා පැවසුවේ වෙව්ලන හඬිනි....." Sahan, what's that?...........It can't be natural?......can it?..........it.......it.....it looks like that tree is on fire....."
මතු සම්බන්ධයි...............
පෙම් කතාවේ මුල් කොටස
දෙවන වසරේ මුල්ම දවස.......මමත් දැන් ජේෂ්ඨ ශිෂ්යයෙක්මි යන හැඟීමෙන් යුතුව උදෑසනම මම විශ්ව විද්යාලය වෙත පිය මැන්නෙමි.
දහස් ගනණක් නවක සිසු සිසුවියන්ගේ කෙළිලොල් සිනහ හඬ අසමින් නවකයින් හා සුහද සිනහවන් හුවමාරු කර ගනිමින් මිතුරන් සමඟ උදය වරුව ගත කල මම දිවා ආහාරයෙන් පසු පුස්තකාලය අසල ඇති නිල් මහනෙල් මලින් ගැවසි කුඩා පොකුණ අබියස සුවිසල් නුග ගසක් සෙවනේ පැනවූ අසුනකට බරවී ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලියැවුණු පොතක් කියවමින් සිටියෙමි.
ඒ දෛවෝපගත දින මා කියවමින් සිටියේ මෝගල් අධිරාජයාගේ පුත්‍ර සලීම් සහ අනර්කලී අතර පැවතුනායයි පැවසෙන සුපතල ප්‍රේම වෘතාන්තය ගැන සඳහන් කොටස බව අදට ද මාගේ මතකයෙහි පැහැදිළිව සටහන් වී ඇත්තේ ගලෙක කෙටූ අකුරක් මෙනි. මෙම පෙම්පුවත පිළිබඳ බොහෝ අපැහැදිළි තැන් ඇති බැවින් අනර්කලී යනු සත්‍ය වශයෙන්ම ජීවත් වූ යුවතියක්ද යන්න ස්ථිරව ප්රකාශ කල නොහැකි බව ඒ පරිච්ඡේදය අවසන සඳහන් විය.
පොතෙහි ඒ කොටස කියවා අවසන මම පොත වසා දමා මා හිඳ සිටි ගලින් නිම කල අසුන ඉදිරිපස වූ ලා රත් පැහැති ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟ දෙස නෙත් යොමා පසුවුවද මා සිත පැවැතියේ ඉන් බොහෝ ඈත වසර සාර සියයකට එපිට ලාහෝරයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඒ පෙම් පුවත පිළිබඳ කරුණු විමසමිනි.
සලීම් සහ අනර්කලීගේ ප්‍රේම ලෝකයෙන් මිදී, එක්වණම මසිත නැවත පුස්තකාලය අසල ගල් අසුන වෙත පැමිණියේ, හදිසියේ ඇසුණු යුවතියන් පිරිසකගේ කිකිණි සිනහ හඬකිනි.මම පෙර ඔබට පැවසූ පෙත් මඟේ මා හිඳසිටි ආසනයට අඩි විස්සක් පමණ දුරකින් වූයේ තියුණු නැම්මකි. දෙපස රූස්ස ගස් වැලින් වැසුණු මේ නැම්මෙන් එක්වරම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ සුරූපී යුවතියන් සිව් දෙනෙකි.නිල් පැහැති ජීන්ස් සහ නොයෙක් වර්ණයෙන් යුතු ලිහිල් කමිස වලින් සැරසුණු ඔවුන් නවක සිසුවියන් බව වටහා ගැනීමට කිසිදු අපහසුවක් නොවුනේ, ඔවුන් සුරතේ රැඳුණු නවකයින්හට ලියාපදිංචි වීමේදී ළබාදෙන අලහබාද් විශ්ව විද්යාලීය ලාංඡනය පැහැදිලිම සටහන් වූ අත් පොත හේතුවෙනි.
කුමන හෝ ඔවුන් අතරෙහි කෙරුණු කවට කමකට මහත් හඬින් සිනා සෙමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් කිසිදු වග විභාගයක් නොමැතිව පෙත් මඟ ඔස්සේ පැමිණි ඔවුහු එක්වරම මා දුටුවෝ, විපිළිසරව ගොස් සිටි තැන් වලම පාෂාණිභූත වූවාසේ නතර වූවෝය.
සිව්දෙනම එක සේ රුවින් සපිරි වූ වද ඒ අතර වූ තෙවැන්නියගේ වත මඬල හැර අනෙකුත් යුවතියන් තිදෙනා පිළිබඳ ව කිසිදු මතකයක් එදින මහදෙහි සටහන් නොවීය.තවත් බොහෝ කලක් ගතවූ පසු දිනෙක "එදා අර අපි දෙන්න මුලින්ම දැක්ක දවසෙ, තව ඔයාගෙ යාළුවො තුන්දෙනෙකුත් හිටියයි කිව්වට.....මම හිතන්නෙ ඔයා කියන්නෙ බොරු...එදා මම දැක්කෙ නම් ඔයාව විතරයි" ඇයගේ අත ගෙන ඒ ආසනයේම හිඳගෙන මම පැවසූයේ අසත්‍යයක්ම නොවන බව මට දිවුරා ප්රකාශ කළ හැක.
ඔවුන් පාෂාණිභූත වූවා සේම මමද ගල් ආසනය මත තැබූ ගල් පිළිමයක් මෙන් ඇගේ වත දෙසම දෑස ඉවතට ගත නොහී බලා සිටියෙමි.
ජීවිතයේ මින් පෙර කිසිම දිනක මුණ නොගැසුණු තැනැත්තකු/තැනැත්තියක නොසිතූ විරූ ලෙස හදිසියේ හමුවූ අවස්ථාවක මේ මම මෙතෙක් කලක් සොයමින් සිටි පුද්ගලයා නොවේද?........මොහු/මැය නොමැතිව මම මෙතෙක් කලක් ජීවත් වූ යේ කෙසේද?..........මින් පෙර මොහු/මැය මට හමු වූයේ කොහේදීද?......ජීවිත කාලයක් සෙවණැල්ලසේ ළඟින් සිටියාමෙන් දැනෙන මේ හැඟීමට හේතු කවරේද?
ඔබට ඉහත හැඟුම් ජීවිතයේ කිසිදු විටෙක දැනී ඇත්නම් ඔබ ඉහත ප්රසශ්න වලට ජීවිතයේ එක්වරක් හෝ මුහුණ දී ඇත්නම් මා එදා මුහුණ දුන් තත්වය වටහා ගැනීම කිසිසේත් අසීරු නොවනු ඇත.නො එසේව ඔබ මෙවන් තත්වයකට මුහුණ දී නැත්නම් කරුණා කර එම තත්වය වටහා ගැනීමට හෝ අවම වශයෙන් උත්සාහ කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යළි ඇරඹී..........විශ්වය අලුතින් බිහි වේවා,......ඔබෙම වී මා...මගේම වී ඔබ.....අපේම වී අප ඉපදේවා!!!
යමුනා විනෝදනීගේ ලයාන්විත හඬ අලහබාද් විශ්ව විද්යාඅලයේ පුස්තකාලය අසල පිහිටි පොකුණ වටා දිවෙන ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟක රැව් දුන්නේය. එසේය.....ඇගේත් මගේත් දෑස් එකට වෙලී අප අනිමිස ලෝචනයෙන් ගත කල ඒ නිමේශය,.....ඇගේ යෙහෙලියන් සපථ කල පරිදි ඒ නිමේශයක් බව මම ද පිළිගන්නෙමි. ඇයද ඒ පිළිගන්නීය. එහෙත්...........ඇයටද මාහටද ඒ නිමේශය කල්පයකි......කාළය නැවතුනු නිමේශයකි. විශ්වය යළි ඇරඹි නිමේශයකි.
අවසන කල්පය ගෙවී ගියේය. විශ්වය අළුතින්ම නැවත බිහි විය.එතෙක් අප දෙදෙන එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියෙමු.
" අපර්ණා........ක්යා බාත් හේ? " ඇගේ යෙහෙළියකගේ විශ්මය රැඳුනු හඬ අප දෙදෙන නැවත පියවි සිහියට ගෙන ආවේය.
" අපර්ණා.....මොකද වෙලා තියෙන්නෙ?......."
යෙහෙලිය දෙස බලා ආයාසයෙන් මුවඟට සිනහවක් නඟා ගත් ඇය " නෑ අනේ මොකුත් නෑ, අපි යමු " පවසමින් යෙහෙළියගේ අත අල්ල ගත්තාය.
මා ඉදිරියෙන් නිහඬව ගමන් ගත් ඔවුහු පුස්තකාලය අසල වූ මලින් පිරුණු අසලියා ගොමුවෙන් වැසී නොපෙනී ගියහ. එහෙත් අවසන් මොහොතේ යෙහෙළියනට මදක් පසු වූ ඇය ආපසු හැරී එතෙකුත් ඇය දෙසම දෑස් දල්වා බලා සිටි මා දෙස එක එල්ලේ බලමින් ලජ්ජාශීලී මන්දස්මිතියකින් මට සංග්ර්හ කළාය.
එදින සවස් වන තුරුම මම ඒ අසුන මතම ගත කල මුදු නැවත පොත නොකියවූයෙමි.ඈත අහසේ හිරු බස යන අයුරු.....පරවියන් කැදලි කරා පියඹ්න අයුරු බලා සිටියද මගේ සිත පුරා රැඳී සිටියේ ඇයයි....ඇගේ ලජ්ජාශීලී මඳ සිනහවයි.මගේ නෙත පුරා පිරී සිටියේ ඇයයි,........ඈ අසලියා මල් ගොමුව අසලදී ම දෙස හැරී බැලූ අයුරුයි.
එදිනට පසු සති කිහිපයක් මම ඇය නොදුටුවෙමි.ඇගේ නම දන්නා බැවින් ඇය කුමන පාඨමාලාවක් හදාරන්නේද යන්න සොයා ගැනීම එපමණ උගහට නොවූ වද මටම නොවැටහෙන යම් ගුප්ත කරුණක් හේතු කොට ගෙන මම ඉන් වැළකුණෙමි.
සමහරවිට මාතෘ භූමියේ සිට සතපුම් එක්දහස් තුන්සියයක් ගෙවා ඇය සොයා පැමිණි මට, දෛවෝපගත ලෙස ඇය මුණ ගැසුණු මට,ඇය යළි හමුවීම කාළය පිළිබඳ ප්රශ්නයක් පමණක්ම බව මගේ යටි සිත පැහැදිළිව දැන සිටීම ඊට හේතුව ලෙස මම විශ්වාස කරමි.
ඇයටද එසේම හැඟුණු බව ඇය මා හා පසුව පැවසුවාය.
මතු සම්බන්ධයි...............

නිධාන කතාව නොහොත් පූර්වාපර සන්ධි ගැලපීම
වසර 2009,
ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්යාවක්,
පන්ජාබයේ සිට ශ්රී නගර් දක්වා දිවෙන මහා මාර්ගයේ කාශ්මීර ප්රාන්ත සීමාව අසල බොහෝ සෙයින් ජන ශූන්ය ප්රදේශයක්,
නිල් පැහැති ස්කෝඩා වර්ගයේ රිය මවිසින් මිලයට ගෙන තවම මසක් වත් ගෙවී නැත.වැළමිටි වංගු ගහන මාර්ගයේ රිය ධාවනය කොහොමත් අපහසුය. ඉර හැරුණු වහාම ඇරඹුනු කඩින් කඩ හිම පතනය නිසා ඇති වූ තුනී හිම තට්ටුව බෙහෙවින් ලිස්සන සුළු බැවින් එය තවත් අසීරු වේ.
මලානික හිරු එළිය නිසා අවට පැතිර ඇත්තේ අඳුරු පාළු ස්වභාවයකි.හිමෙන් වැසී ගිය පේනතෙක් මානයේ පැතිරීගිය කඳුමුදුන් බොහොමයක් වැසී ඇත්තේ රත් පැහැති පත්රයන්ගෙන් වැසීගත් තුඟු චිනාර් ගස් වලිනි.
මෝටර් රිය ඉතා සෙමින් ධාවනය වූ වද මාර්ගයේ ලිස්සන සුළු අනතුරුදායක ස්වභාවය නිසා මම මාර්ගය දෙසම ඉතා සැලකිල්ලෙන් නෙත් යොමා සිටියෙමි. එසේ වුවද,හදිසියේම නොසිතූ ලෙස පාර හරහා දිවගිය සාවකු නිසා එක්වරම තිරිංග තද කිරීමට සිදුවූයෙන් රිය ලිස්සා ගොස් මාර්ගය අසල වූ තණ බිස්සේ නතර විය.
එන්ජිම අක්රිය කල මම ඉදිරි වම්පස අසුනේ නිදන අපර්ණා දෙස සෙමෙන් හිස හරවා බැළුයේ ඈ අවදි වී දැයි දැන ගැනීමටය. නැත. ක්ෂණිකව රථය නැවැත්වීම නිසා ආසනයෙන් ලිස්සා ගියද ආසන පටිය නිසා ඈ දොරට බරවී තවමත් දැඩි නින්දේ පසුවූවාය.
සෙමින් ඇගේ හිස කෙලින් කල මම නලලත ද සිප ගතිමි. සිහිනෙන්ම මොනවාදෝ මිමිනූ ඈ නැවත හිස පසෙකට හරවාගෙන ගැඹුරට හුස්ම ගනිමින් නිදන්නට වූවාය.
රියෙහි දොර විවෘත කල මම හඬ නොනැගෙන පරිදි දොර වසා බොනට්ටුවට හේත්තු වී දුම් වැටියක් දල්වා ගතිමි.පෙණහළු පුරා දුම් පුරවාගත් ඉක්බිති මුවින් දුම් පිටකරමින් ඉදිරියේ ඇති කුඩා කඳු ගැටය මිහිදුමින් වැසෙන අයුරු බලා සිටියෙමි.
හදිසියේම මිහිදුම් පටල තුනී වී ගොස් මා ඉදිරියේ කඳු ගැටයේ මුදුනත පැහැදිලිව දර්ශනය විය. එක්වරම දෙනෙත් අදහා ගත නොහුනු මම අයාගත් දෙනෙතින් යුතුව කඳු මුදුණත දෙස බලා සිටියෙමි. කඳු මුදුනේ සතුරු හමුදාවක් කෙදිසාවකින් පැමිණෙන්නේ දැයි පරීක්ෂාවෙන් සිටින මුර සෙබලෙක් මෙන් වූයේ එකම එක චිනාර් ගසකි. අවම වශයෙන් අඩි අසූවකට නොඅඩු උසකින් යුතු වූ ඒ මහා වෘක්ෂය රත්වන් පත්රව වලින් අලංකාරව කඳු මුදුන මත නැඟී සිටියේ අවට පෙනෙන තෙක් මානයේ වූ සියල්ලෙහි එකම හිමිකරුවා ලෙසිනි.
මට අදහාගත නොහුනු කරුණ වූයේ මේ චිනාර් ගස මට හොඳින් දැක පුරුදු පැරණි මිතුරකුසේ හැඟී යාමය.එය කෙසේවත් සිදු විය නොහැක්කකි. මේ මම පලමු වරට කාශ්මීරයට පැමිණි වරයි.එසේම මම ඉන්දියාවට පැමිණ ගත වී ඇත්තේ ද වසර පහක් පමණි.
ශ්රී ලංකාවේ ඉපිද ජීවිතයේ මුල් වසර විස්සකට ආසන්න කාලයක් එහි ගෙවූ මට කාශ්මීරයේ ජීවිතයේ පලමු වරට දුටු මේ චිනාර් ගස බොහෝ කලක් ළබඳි මිතුරකුසේ හැඟෙන්නේ මන්ද?
කුඩා කළ සිටම මා සිත තුල ඉන්දියාව පිළිබඳව හටගත් ඇල්ම සහ ආකර්ෂණයට පැහැදිලි හේතු සාධක මට අද ද සිතා ගත නොහැක. එහෙත් ඉතිහාසය විශයයට ජයසේකර සර් ඉගැන්වූ මොහෙන්දෝජාරෝ, හරප්පා ශිෂ්ඨාචාරවල සිට මහා අක්බාර් ගේ මෝගල් අධිරාජ්ය, ගුප්ත අධිරාජ්ය ආදිය දක්වා භාරතීය ඉතිහාසය මාතුල ඇතිකලේ ත්රාසය, චමත්කාරය මුසු හරිහැටි විස්තර කිරීමට උගහට ආනන්දනීය හැඟීමකි.
පාසලෙහි දහවල් කාලයෙහි ඉගෙන ගත් මෝගල් අධිරාජ්යධයය පිළිබඳ කරුණු නැවත මෙනෙහි කරමින් පෙළ පොතෙහි අඩංගු රූප සටහන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් මා ගෙවූ සන්ධ්යාවන් සංඛ්යාව මෙතෙකැයි ගිණිය නොහැක.
මා සත්වන වසරේ දී සිදුවූවක් මට තවමත් ඉතා පැහැදිලි ලෙස ස්මරණය කළ හැක. මහා අක්බාර් ගේ පුත් ජෙහන්ගීර් පිළිබඳව එදින පාසලේදී ඉගැන්වූ අතර සවස මම ඇඳේ දිගාවී ඉතිහාස පොතෙහි ඒ පිළිබඳව නැවත කියවමින් සිටියෙමි.
මට නින්දට පත් වූවා ද නැතහොත් නින්දත් අවදියත් අතර පවතින අවිනිශ්චිත කලාපයේ පසු වූවා ද යන්න මට අදට ද විසඳුම් නොමැති ගැටළුවෙකි.හදිසියේම එකකට එකක් සම්බන්ධ නොමැති රූප පෙලක් මා දෑස අභියස දර්ශනය වන්නට විය. ඒ ඇත්ත වශයෙන් අප චිත්ර පටයක් බලා හිඳිනවාට වඩා සමාන වූයේ අඳුරු රැයක විදිලි කෙටීම් නිසා වරින් වර පෙනී නොපෙනී යන පිටත දර්ශන පෙලකටය.
අසුන් පිට නැඟගත් නොයෙක් තද පැහැති වර්ණයන්ගෙන් සැරසී ගත් සේනාවන් දෙකක් අතර බිහිසුණු සටනක්.......රන්කම් කල ශ්වේත වර්ණ ජටා පැළඳි හතළිහක් පමණ ප්රාංශු දේහධාරින් ගෙන් සැදුම්ලත් සභාවක මුලසුන ගෙන සිටිනා දිගු රැවුලැති ප්රතාපවත් පුරුෂයෙක්.......මා කිසිදාක නුදුටු පෙට්ටියක හැඩය ගත් සංගීත භාණ්ඩයක් කිරිගරුඬ වන් දිලිසෙන පාශාණ විශේෂයකින් නිමකල බිත්ති සහ බිමෙන් යුතු ශාලාවක එලූ පළසක එරමිණිය ගොතා හිඳ කන්කළු ස්වරයෙන් වාදනය කරන අතර නුපුරුදු වූ බසකින් ගීයක් ගයන තියුණු දෙනෙතකින් සහ ගෙල තෙක් කඩා හැළුණු රැළි වැටුණු කෙස් කළඹකින් යුත් නව යොවුන් තරුණයෙක්,ඔහු වයන ස්වරයට සහ ඔහුගේ ගායනයට අනුව දිගු රන්වන් පැහැති අත් සහ පා ලෙලවමින් දෑත රැඳි කණකමය වළලු සහ වළළුකර පැළඳි රජතමය නූපුර හඬවමින් රෑ කල අහස් කුස ඇදීයන විදුලි දහරාවක් මෙන් මනහර වූ රංගනයක යෙදෙන සුරූපි ළලනාවක්.......
ඒ රාජසභාවේ මුලසුනේ සිටි තැනැත්තා සහ කිසිදාක මා අසා නොතිබුණු භාෂාවකින් ගීයක් ගයමින් මා කිසිදා දැක නොතිබුණු සංගීත භාණ්ඩයක් වාදනය කළ කඩවසම් තරුණයා ට මගේ සිතෙහි එතරම් ළබැඳි හැඟීමක් නිරායාසයෙන්ම ඇති වූයේ මන්ද?.......එම නිසැකවම දැඩි ප්රේමයෙන් බැඳී සිටි තරුණ යුවල කවුරුන්ද?......ඔවුන් මෙසේ මා නෙත් අභියස මෙසේ දර්ශනය වූයේ මන්ද?..........ඉන්පසු කිසිම දිනක ඒ දසුන මා නෙත අබියස දර්ශනය නොවූ නමුදු කිසිදාක නොමැකෙන සේ මා සිත් තුල ඒ සනිටුහන් වී ඇත්තේ මන්ද?
ඉන්දියාව පිළිබඳව මා සිතේ බලපැවත්වූ ආකර්ෂණය කෙතරම් ද යත් උසස් පෙළ ප්රතිඵල අනුව ලංකාවේ විශ්ව විද්යාලයකට ඇතුල් වීමට ලැබුණු පහසු අවස්ථාව ඉවත දමා ඉන්දීය විශ්ව විද්යාල කිහිපයකට අයදුම් කළෙමි. ඒ අනුව ලැබුණු ශිෂ්යත්වයක් මත උත්තර් ප්රදේශ් හි අලහබාද් විශ්ව විද්යාලයට මීට වසර පහකට පෙර ඇතුල් වූයෙමි.මෙ වන විට මගේ මව් පියන් මියගොස් සහ එකම වැඩිමහල් සොයුරියද විවාහ වී සිටීම නිසා ලංකාව සමඟ සබඳතා අවම මට්ටමක පැවතීම දිවයින හැරදමා ඒමට රුකුලක් ම විය.
ඒ අනුව වසර පහකට පෙර අලහබාද් විශ්ව විද්යාලයේ පුරාණ සහ මධ්ය කාලීන ඉතිහාසය පාඨමාලාවට ඇතුළු වූයෙමි.අලහබාද් හි ගෙවුණු පලමු වසර කිසිදු විශේෂ හෝ සඳහන් කලයුතු සිද්ධියකින් තොරව ගෙවී ගිය අතර ලංකාවෙන් අවශ්ය ප්රමාණයටත් වඩා මුදල් ලැබුණු බැවින් මට ආර්ථික ගැටළුවක් ද නොවීය.මම අධ්යනය කටයුතු වල නොයෙදුනු කල්හි ඒ අසලින්ම ගලාගිය ගංගා සහ යමුනා ගංතෙර ඉබාගාතේ ඇවිදිමින්, අලහබාද් හි සුරූපී ඉන්දීය යුවතියන්ගේ රූ සපුව නරඹමින් සැහැල්ලු සහ කෙලිලොල් ජීවිතයක් ගත කළෙමි.
ඒ සියලු දෑ එක් සැනෙකින් වෙනස් වූයේ දෙවන අධ්යන වසර ආරම්භයත් සමඟය.
මතු සම්බන්ධයි...............
අනර්කලීගෙ කතාව මුලින්ම ලිව්වෙ අපෙ පොඩ්ඩි......ඒ අනර්කලීගෙ දෘෂ්ඨි කෝණයෙන්.......
ඊට පස්සෙ මේ මම ලිව්ව සලීම් කියන එයාගෙ කතාව......
වසර 1627,
ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්‍යාවක්,
කාශ්මීරයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාශ්මීර දෙශ සීමාව අසල ජන ශූන්ය ප්‍රදේශයක්,
කාශ්මීර් දේශයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගය තැනින් තැන වැටුනු හිම කඳන් වලින් අවහිර වී තිබිණි.
උත්තුංග කඳු වටා යමින් දරණ ගැසූ සර්ප රාජයකු සිහි කරන මාර්ගයේ හිරු අවරට යාමට ඉතාම ආසන්න මේ මොහොතේ ලාහෝරය දෙසට ඇදෙමින් තිබුනේ අශ්වාරෝහක සෙබළුන් දෙතිසකගේ ආරක්ෂාව යටතේ ගමන් කරනා දෝලාවකි.
මෙකල මුළුමහත් උතුරු ඉන්දියාව පුරා සාමකාමී වාතාවරණයක් පැවතුනු බැවින්, අවම ආරක්ෂාවක් සහිතව ගමන් කලද, මේ රන්කම් කල දෝලාව තුල අඳුරු රතු පැහැති විල්ලූද පලස මත වැතිර, ඔසවා ගෙන යන වහලුන්ගේ පය තබන තබන රිද්මයට පැද්දෙමින්, ගමන් ගත්තේ සෙසු පටු පුරුෂයකු නම් නොවේ.
ඔහු වනාහී මුළු මහත් මෝගල් අධිරාජ්‍යයේම අසහාය පාලකයා වූ ජහන්ගිර් මිස අන් කවරකු හෝ නොවේ.මහා අක්බාර්ගේ ගේ පුත්‍රයා වූ හෙතෙම පියාගේ ඇවෑමෙන් අධිරාජ පදවියට පත් වූ යේ මෝගල් අධිරාජ්‍යය පෙර නොවී වීරූ ධන සම්පතින් සපිරුණු යුක්තිය සහ සාධාරණත්වය රජයන සියළු ජන වර්ග යන්ට සමගියෙන් සාමයෙන් දිවි ගෙවියහැකි මිහිබට සුරපුරක් බවට පත් කරනු වස් තම පූර්ණ කැපවීම සහ උත්සාහය යෙදවූයේය.
එම මහඟු උත්සාහය සාකල්‍යයෙන් සාර්ථක වූ නමුදු ජහන්ගීර් නිරතුරු කාලය ගත කලේ බලවත් සිත් තැවුලකිනි.
අටසියයකට අධික වූ අන්තඃපුර බිසෝවරුන් හෝ රූපයෙන් අගතැන් පත් නූර් ජහාන් බිසව හෝ ඔහුගේ සිත් තැවුල පලවා හැරීමට සමත් වූයේ නොවේ.
නාටිකාංගනාවන්ගේ රැඟුම් ඔහු සිත වඩාත්ම ශෝකයට පත් කිරීමට හේතුවූ බැවින් අධිරාජ පදවියට පත් වහාම මාළිගයේ නාටිකාංගනාවන් සියළු දෙන සේවයෙන් මුදා හරින ලද්දේය.
ජහන්ගීර්ගේ සිත මෙසේ දුක් සංතාපයෙන් පිරී පවතිනුයේ, පුරා වසර සතලිසක සිටය. ප්‍රේම වියෝව කාලයත් සමඟ මැකී යන්නෙකැයි කවුරුන් පැවසුවද, ඒ එසේ නොවන බව, කාලය ගත වන්නා හා සමඟම, හදවත තුලට කිඳා බැස, හද කීතු කීතු කොට නිරත්තරයෙන් ඉරා දමනා, තියුණු සැතක් හා සමාන වන්නක් බව ඔහු මේ සතලිස් වසක් තුල මොනවට පසක් කළේය. එකල දහ අට වියැති නව යොවුන් තරුණයකු වූ සලීම්,( එකළ ඔහු හැඳින්වූයේ සලීම් නමිනි )දෛවෝපගත ලෙස මාළිගයේ නාට්‍යාංගනාවක් වූ අනර්කලී සමඟ පෙමින් බැඳුනේය.
රුවින් අගතැන් පත් ඕ තොමෝ නමින් නදීරා වුවද, රූප ශෝභාව නිසාම " දෙළුම් මල" යන අරුතින් අනර්කලී නමින් ප්‍රසිද්ධ වූවාය.
නාටිකාංගනාවක් වුවද රූපයෙන් මෙන්ම ඈ ඥාණයෙන්ද, බුද්ධියෙන්ද යුතු වූවා, නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ කලාය.
මෙවන් මහාර්ඝ යුවතියක් හා පෙමින් බැඳීම ගැන සලීම්ට දොස් පැවරිය හැක්කේ ඇත්තෙන්ම නම් කාටද?
අකලංක වූ පෙමින් එකිනෙකා හා බැඳුනු ඔවුහු, එකල දිවිගෙවූයේ සත්‍ය වශයෙන්ම දෙව්ලොවකයයි කිවහොත් එය කෙසේවතුදු අසත්‍යයක් නම් නොවේ.
සන්තූර් නම් වූ පර්සියානු, තත් සැත්තෑ දෙකකින් යුත් වාද්‍ය භාණ්ඩය වැයීමේ කෙළ පැමිණියකු වූ සලීම්, සෑම රාත්‍රියකම පාහේ ඔහුම පබැඳි ගී ගයමින්, වාදනයේ යෙදුනු අතර, අනර්කලී තම රන්වන් දෑත් විදිලිය මෙන් ලෙලවමින් පා රැඳි නූපුර රාවය සැඳෑ අඳුරට මුසු කරමින්, ඔහු වෙනුවෙන්ම රංගනයේ යෙදුනීය.
ශාලාව වටා දැල්වෙන පහන් ආලෝකයෙන් දිස්වන, ඇගේ සුරලියක බඳු නර්තනයෙන් වශීකෘත වූ සලීම්, අඩවන් දෙනෙතින් යුතුව ගීතය උච්ච ස්වරයෙන් නිමා කලේය. ඒ වහාම ඉණ බැඳි සේලය දුහුල් වලාවක්සේ කරකැවී යන පරිදි වටයක් කරකැවුනු අනර්කලී, නර්තනය අවසන් කලේ සලීම් ගේ උකුල මත හිඳ ඔහුගේ දෙතොල් සිප ගනිමිනි.
ප්‍රේම සම්බන්ධයක් රහසක්ව තබා ගැනීම අසීරුය. විශේෂයෙන් මෙවන් ප්‍රේම සම්බන්ධයක් වැඩිකල් රහසක්ව තබා ගත උදක්ම උගහටය. එසේම ඒ රහසක්ව තබා ගැනීමට සලීම් සහ අනර්කලී කිසිදු උත්සාහයක්ද නොගත්තෝය. එකල්හි සිදුවිය යුතු ලෙසම මේ පිළිබඳව සලීම්ගේ පියාණන් වූ අක්බාර් අධිරාජයාට සැලවීමට බොහෝ කලක් ගත නොවීය.
බෙහෙවින් කෝපාවිෂ්ට වූ අක්බාර් අධිරාජයෝ, අනර්කලී දඟගෙයි ලැවූහ. ඈ එතැනින් මුදාගත් සලීම්, පියානන්ට විරුද්ධ සිවිල් යුද්ධයක් ඇරඹූ නමුදු, වඩාත් බලවත් අක්බාර්ගේ හමුදාව ඉදිරියේ පැරද සිරකරුවෙක් විය. අක්බාර්ගේ නියෝගය වූයේ, අනර්කලී සැඟව සිටිනා තැන හෙළිනොකලහොත්, සලීම් ජීවිතක්ෂයට පත්කරන ලෙසයි. ආදරය වෙනුවෙන් තම දිවි කැප කිරීමට සලීම් කිසිසේත් මැළිනොවුන ද, තම පෙම්වතා වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට ඉටා ගත් අනර්කලී නිර්භයව රජු හමුවට ඉදිරිපත් වූවාය.
ඇය රජුගෙන් ඉල්ලාසිටියේ එකම වරයකි. ජීවිතයේ අවසාන රාත්‍රිය තම පෙම්වතා සමඟ ගත කිරීමට අවසර දෙන ලෙසය. රජුගේ අවසරය ඒ සඳහා ලැබුණු අතර, ඔවුන් දෙදෙන අවසන් රාත්‍රිය ගතකලේ නගරයෙන් පිටත පිහිටි සලීම්ගේ මන්දිරයේය. අනර්කලී තම සදාදර පෙම්වතා වෙනුවෙන් තමන්ගේ අවසන් රැඟුම රඟන අතර, සලීම් තම ප්‍රාණ සම පෙම්වතිය වෙනුවෙන් අවසන් වරට සන්තූරය වයමින් ඈ වෙනුවෙන්ම පබැඳි පෙම් ගීයක් ගායනා කලේය....අවසන් ගී ස්වර මැකී ගොස්, අවසන් නාද රටා වියැකී ගොස් අවසන් නූපුර රාව වාතලයේ වියැකී යන්නාහාම අනර්කලී සලීම්ගේ ගෙල වැලඳ පපුවෙහි හිස හොවා ගත්තීය.
අළුයම් කාලය වනතුරු එලෙසම ආලිංගනයෙන් ගතකල ඉක්බිති, අනර්කලී මරණයට මුහුණ දීමට සූදානම්ව රජු හමුවට පැමිණියේ, ඊට පලමු තමා වෙනුවෙන් සලීම් ඉදිරිපත්වීම වලකනු වස්, දෙළුම් යුෂ වලට මිශ්‍ර කල මත් ද්‍රව්‍යයක් පානය කිරීමට සලස්වා ඔහු නිද්‍රාවට පත් කල අනතුරුවය.
තමා ඉපැදුනු හැදුනු වැඩුනු ලාහෝරයේ නගර ප්‍රාකාරය අබියස ගඩොළු බිත්තියකට තබා බැඳ ඉදිරියෙන් තවත් ගඩොළු බිත්තියක් ගොඩ නැඟීමෙන් ඈ මරණයට පත් කරන ලද්දේ එදවස රාජද්‍රෝහීන්ට නියම වූ අනිවාර්ය දඬුවම ඒ වූ බැවිනි.
ගඩොළු බිත්තිය කෙමෙන් කෙමෙන් උස් වෙද්දී ,මඳින් මඳ තම හිතවතුන් ඥාති මිත්‍රාදීන්ගේ හඬා වැලපෙන සෝ බර මුහුණු ගඩොළු වලට වැසී නොපෙනී යද්දී, ඇය දෙවියන් යදිමින් ප්‍රාර්ථනා කලේ තම සදාදරණීය පෙම්වතාගේ යහපතය.ඔහුගේ මතු දියුණුවය. ඔහුට කිසිදා මෙවන් අකල් මරනයක් නොවී මතු භවයේ හෝ ඔහු හා එක් වීමට ලැබේවා යන්නය.
අවසන අවසන් ගඩොල ද පෙදරේරුවන් විසින් ස්ථාන ගත කොට, හාත්පසම අඳුරින් ගිලීයන මොහොතේ දෑස් පියාගත් ඈ ඉදිරියේ මැවී පෙනුනේ සලීම්ගේ සිනාබර මුහුණයි.රැළි ගැසුණු ගෙල තෙක් කඩා හැළුණු කාල වර්ණ කෙස් කලඹයි. ඔහුගේ මඳක් දුඹුරු පැහැ කාන්තිමත් දෑසයි. ඒ සදා මතකයෙන් නොමැකෙන මුහුණ සිතෙහි තුරුළු කොටගෙනම ඈ, එනම් අනර්කලී නම් වූ ඒ අසාමාන්‍ය යුවතිය ආදරය වෙනුවෙන් තම ජීවිතය පූජා කළාය.
සලීම් නිද්‍රාවෙන් අවදිවන විට මධ්‍යාහ්නය ද ඉක්මගොස් තිබිණි. අනර්කලීගේ ඉරණම අසා දැඩි ශෝකයෙන් පීඩිත වූ හෙතෙම දින ගණනක් නිරාහාරව සිටියේ තමන් ද ය යන්නෙමැයි යන දැඩි අධිෂ්ඨානයෙනි. එහෙත් අවසන ඇය වෙනුවෙන් මියයනවා වෙනුවට ඇය වෙනුවෙන් ජීවත්වීම ඈට කල හැකි හොඳම උපහාරය බව වැටහුනු හෙතෙම දිවි නසා ගැනීමේ උත්සාහය අත්හැරියේය.
එහෙත් ඉන්පසු කිසිම දිනක ඔහුගේ මුහුනේ සිනහවක් දැකගත හැකි වූයේ නැත. තම හදවතද ලාහෝරයේ ප්‍රාකාරය අසල ගඩොළු බිත්ති දෙකක් අතර වළ දමා ඇතැයිද තමන් දැන් ජීවත් වුවද මලගිය මිනිසෙකැයිද සලීම් එකහෙලා ප්‍රකාශ කලේය.
අක්බාර් ගෙ ඇවෑමෙන් ජෙහන්ගිර් නමින් රාජත්වයට පත් වූ සලීම් සාධාරණ සහ ඉතා දක්ෂ පාලකයෙක් විය. තම හදවතෙහි තවමත් රැඳී සිටින අනර්කලීගේ නාමයෙන් ඔහු සෑම විටම සෑම රාජ්‍ය කටයුත්තකදීම හැකි පමන සාධාරණ වීමට යත්න දැරීය.
අනර්කලී මියගිය ස්ථානයෙහි ඈ වෙනුවෙන් ස්මාරකයක් ඉඳිකල හෙතෙම ඇගේ සොහොන් ගැබෙහි මෙසේ සටහන් කලේය.
I would give thanks unto my God unto the day of resurrection
Ah! could I behold the face of my beloved once more
දෙවියනි....මම ඔබට තුති පුදන්නෙම් නැවත උත්ථානය වන දින තෙක්ම,
මගේ පෙම්වතියගේ වත මට නැවත දැක ගත හැකි වේනම් එකම එක් වරක්,
සිත පීඩා විඳි බලවත් දුක් දොම්නස මඟ හරවාගැනීමට, බොහෝ සේ මත් පැනෙහි පිහිට පැතූ ජෙහන්ගිර් අවසන එහිම ප්‍රතිඵලයක් ලෙස අසාධ්‍ය ලෙස රෝගී විය.
විවේක ගැනීම සඳහා සෞම්‍ය දේශගුණයෙන් යුතු කාෂ්මීරයට කිහිප වතාවක් ගියද, මත්පැන් පානය ඔහු අත් නොහල හෙයින් රෝග තත්වය උත්සන්න විය.රෝග තත්වය පාලනය කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් ජෙහන්ගිර්, නොකඩවා මත්පැන් පානය කල අතර, වසර සතළිසක් මුළුල්ලේ ගෙවන මේ මහත්වූ දුක නිමා කිර්‍රිමට දැන් කාළය එළඹී ඇතැයි නිතර පැවසීය.
අද මේ ශීත සෘතුවේ අවසන් භාගයේ දිනක, ඔහු ආපසු ලාහෝරය බලා පැමිනෙන්නේ, එසේ කාශ්මීරයේ ගතකල සති දෙකක කාළයකට පසුවය.එහිදී ඔහුට මද සුවයක් දැනුනු හෙයින්, වෛද්‍යවරු ආපසු ලාහෝරය බලා යන ලෙස නිර්දේශ කලද, තම අවසන් මොහොත පැමිණ ඇති බව ජෙහන්ගිර් කිසිදු සැකයකින් තොරව දත්තේය. එහෙත් මරණයට මුහුණ දීමට ඔහු තුල කිසිදු චකිතයක් නොවූ අතර මරණය තමන්ට, සදාදරණීය අනාර්කලී හා එක්වන පිණිස ද්වාරය විවර කිරීමක් ලෙස සැලකූ ඔහු, උදක්ම මරණය බලාපොරොත්තු විය.
සැඳෑ හිරුගේ අවසන් රැස් කඳු වල්ලලෙන් එතෙර මැකී යත්ම, ජෙහන්ගීර්ගේ සෙබළුන්ගෙන් කොටසක් රාත්‍රිය ගත කිරීමට තෝරාගත් ආරක්ෂක ස්ථානයේ කූඩාරම් ඉඳි කිරීමේ නිරත වූ අතර අනෙක් අය ගිණි මැළ පිළියෙල කිරීමේ සහ ආහාර පිළියෙළ කිරීමෙහි නිරත වූහ.
තමන්ගේ අවසන් මොහොත ලංවී ඇති බව වටහාගත් ජහන්ගීර් සෙබල කණ්ඩායමේ නායකයා බණවා, කූඩාරම පිහිටි කඳු ගැටය මුදුනට තමන් රැගෙන යන ලෙස නියම කළහ. දෝලාව කඳු මුදුනෙහි පිහිටි රත් පැහැ දිගැටි පත්‍ර වලින් වැසීගත් චිනාර් වෘක්ෂයක් යට තැබූ ඉක්බිති, සන්තූරයද මත්පැන් කුසලාන ද රැගෙන ඉන් පිටතට පැමිණි ජහන්ගිර් වෘක්ෂය යට ගිණි මැළයක් අවුලුවන ලෙස සහ ඉන්පසුව කන්ද පාමුල කූඩාරමට ගොස් තමා දන්වන තෙක් ආපසු නො එන ලෙසද බණවා සෙබලුන් ආපසු පිටත් කොට හැරියේය.
සෙබළුන් නික්ම ගිය ඉක්බිති චිනාර් වෘක්ෂයට පිටදී අසුන්ගත් ජෙහන්ගිර් මත්පැන් ස්වල්පයක් පානය කලේ, සන්තූරය ද වයමින් එදා සතළිස් වසරකට පෙර ඒ අවසන් රාත්‍රියේ ගැයූ ගීය,වසර සතලිසක් ගලේ කෙටූ අකුරක් මෙන් තම සිතෙහි නොමැකෙන සේ ඇඳී තිබුනු ඒ ගීය, තමන් විසින්ම තමා පණ මෙන් ආදරය කල ඈ වෙනුවෙන් ලියැවුනු ගීය ගයන්නට විය.
සැලෙන ගිණි සිළු සේම රඟනා,
කණක තරු දිලිසෙනා නයනා,
නූපුරෙන් නැඟි රජත රාවය,
මත් කරයි මා සවන ලෙලෙනා,
පුළුලුකුල රන් සේල සැලෙනා,
ලැම හසුන් නික්මෙනා විලෙනා,
හදේ රඟනා නිළිය ඒ නුඹ,
මා සිතේ සැමදාම රැඳෙනා,
පිපුණු මානෙල් මලක් විලසා,
පිණි කඳුළු පෙති මතින් ගලනා,
ප්‍රේමයේ නොමැකෙනා සලකුණ,
සොඳුර දුටුවෙමි සුනිල් නෙතිනා,
රත් නෙළුම දිය මතින් පිපෙනා,
පුන් සඳකි නිල් අහස දිලෙනා,
සෙනෙහසේ මල් දමක් ගෙතුවෙමි,
පලඳවන්නට ඔබේ ගෙලටා,
ගිණි මැළයේ ගිණි දළු අතරින් අනර්කලී නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.
ගිණි පුපුරු නංවමින් ඇවිලුනු ගිණි මැළයේ උණුසුම ටිකින් ටික නිවී යමින් තිබිණි.
නිහඬ සන්තූරය මත චිනාර් ගසේ රත් පැහැ පත්‍රයක් පතිත විය,
නිහඬවම චිනාර් ගසට පිටදී සිටි ජෙහන්ගීර් ගේ පියවුණු දෑස මත පතිත හිම පියල්ලක් එහි රැඳෙනු නොහැකිව පොළවට වැටී, ඊට පෙර වැටී තිබුණු ශත සහශ්‍ර සංඛ්‍යාත හිම පියලි වලට එකතු වී සැඟව ගියේය,
අවසන වසර සතළිහකට පසුව......එසේය වසර සතලිහකට පසුව.....ඔවුන් දෙදෙන කාශ්මීරයේ හිම වැටෙනා ශීත සෘතුවේ එක සන්ධ්‍යාවක , රත්පැහැ පත්‍ර ගිනි ඇවිළි කලෙක මෙන් දිලෙන චිනාර් ගසක් සෙවනේදී නැවත වෙන් නොවන සේ එකතු වූහ.
Love definitely could be fulfilled,
But unfulfilled love is love at its purest form,
love for the sake of love,
with nothing expected & nothing gained
Loving someone because there is nothing else to do,
because thats what's expected of you,
because you are helpless to do otherwise ,
because that's the destiny of you,
because you were born for that specific purpose,
Isn't that the purest form of love anyone can imagine?
දැන් මේ පෙම් කතාව මෙතනින් ඉවරද?.......අපොයි නෑ....මේ වගෙ අනුවේදනීය පෙම් කතාවක් එහෙම අහවර කරන්නෙ කොහොමද?........හෙහ්, හෙහ්,
මතු සම්බන්ධයි...............