Wednesday, September 7, 2011
41. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........5
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
"කෝපි ලෑස්තියි " කියමින් කෝපි බඳුනක් රිදීවන් බන්දේසියක තබාගෙන, මෙවිට ශාලාවට පිවිසියේ සුබයර් ය.
කෝපි බන්දේසිය ශාලාව මධ්යයේ වූ විශාල මේසය මත තැබූ හෙතෙම අප දෙදෙන කෝපි පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සිතුවම කෙරෙහි ඇලී ගැලී සිටිනු දුටුවේ, අප වෙත පැමිණියේය.
" අපූරු චිත්රෙ නේද සර්?.......ඕක මහා අක්බාර් රජ්ජුරුවන්ගෙ රාජ සබාවෙ දක්ෂම චිත්ර ශිල්පිය ඇඳපු චිත්රයක්,.......මිනිහගෙ නම මන්සූර්..........."
" කවුද මේ දෙන්න?" .....අපර්ණා ඇසුවේ රහසින් මෙනි.
ඈ දෙස මොහොතක් ප්රශ්නාර්ථයෙන් බලා සිටි සුබයර්......" ඔය ඉන්නෙ සලීමුයි අනර්කලීයි......මැඩම් ඒ කථාව අහල තියනව නේද?......අර සුප්රසිද්ධ පෙම් කතාව......."
" අහල නම් තියනව.........ඒත් මම කියවපු ඉතිහාස පොත් වල තිබ්බෙ නම් ඒ කතාව හරියටම ඇත්ත කියල ඔප්පු කරන්ඩ බැරි කතාවක්ය කියලයි " මම අපර්ණාගේ සුරත ගෙන ඈත් සමඟ කෝපි බඳුන තිබූ මේසය වෙත යමින් ඇසුවෙමි.
" හෙහ්...හෙහ්....ඔප්පු කරන්ට බැරි කතාවක්ය කියල?.......මොනවද සර් ඔය ඉතිහාස කාරයො දන්නෙ?..............ඔය සලීම් අනර්කලී කතාව කියන්නෙ සම්පූර්ණ ඇත්ත කතාවක්........මම ඒක දන්නව හොඳාකාරවම "
" ඒ කොහොමද සුබයර් ස්ථිරවම කියන්නෙ ඒ කතාව ඇත්තය කියල " .........මම සීනි හැඳි දෙකක් දැමූ කෝපි කෝප්පය අපර්ණාට දිගු කරමින් ඇසුවෙමි.
" ඒක ටිකක් දිග කතාවක්....... මම කියන්නද... සර්ල චේන්ජ් එකක් එහෙම දාගෙන එන්න, මම රෑ කෑම ලෑස්ති කරන්නම්......"
උණුසුම් ජලයෙන් ස්නානය කොට සැහැල්ලු ඇඳුමක් ඇඟට දාගත් පසු දැනුනු සුවය විස්තර කිරීමට වදන් ප්රමාණවත් නොවිණි. එතෙකුදු වුව අපර්ණාගේ සිතෙහි පවතින දෙගිඩියාව අප නැවත ශාලාවට එද්දි ඈ සිතුවම දෙස හෙලූ අවිනිශ්චිත බැල්මෙන් සනාථ වූවා සේම මම ද පසුවූයේ කීසියම් විස්තර කල නොහැකි ගුප්ත හැඟුම් සමුදායක බරෙන් පීඩාවට පත්වෙමිනි.
සුබයර් දක්නට නොසිටියද ගිණි උඳුන පුළිඟු විදුවමින් දැලිවුනු අතර, ඒ අසල පාද තුනකින් යුත් කුඩා කනප්පුවක් මත, විස්කි බෝතලයක් සහ රතු වයින් බෝතලයක් ගින්නෙහි ඡායාව පරාවර්තනය කරමින් බැබලිණි.
විස්කි සවල්පයක් තඹලේරුවට පුරවාගත් මම සෝඩා ද මුසු කොට පසෙක තබා, බුබුලක හැඩයගත් වයින් වීදුරුවට රතු වයින් බාගයක් පමණ පුරවා අපර්ණාට දිගු කලෙමි. රත් දෙතොල් විවර කොට මඳ සිනහවක් පෑ ඈ වයින් වීදුරුව අතට ගත්තාය.
විස්කි වීදුරුව ඔසවා සෙමෙන් අගේ වීදුරුවට තට්ටු කල මම සව්දිය පිරීමි.
" To Saleem & Anarkali"
අපර්ණාගේ සිනහව වහා අතුරුදහන් වූ අතර ඈ මුව වෙත ගෙන යමින් තිබූ වයින් වීදුරුව ආපසු කනප්පුව මත තැබුවේ මවෙත නොසන්සුන් බැල්මක් හෙලමිනි.
" It’s not funny sahan,.......this is not a joke......please remember that,"
" Okay...okay........calm down.....calm down .....I'm sorry, "
මා දෙස නැවතද නොපහන් බල්මක් හෙලූ ඇය වයින් වීදුරුව අතට ගෙන තොල ගාන්නට වූවාය.
ගින්නෙහි උණුසුමත්, සිරුර තුලට කෙමෙන් කෙමෙන් ඇතුළු වන විස්කිවල සිත ගත මත්කරවන ස්වභාවයත් නිසා කාලය ගෙවී ගිය අයුරු පවා මට වැටහීමක් නොවීය. අපර්ණා ද දෙවන වයින් වීදුරුව වත්කරගත්තී, ඒ සෙමින් තොල ගාමින් මා හා මුවින් හා සමඟම දෑසින් ද දොඩමළු වෙමින් සිටියාය. අප අපේම ප්රේම පුරාණයේ රසවත් වූ මතක සටහන් පෙරලමින් සිටි අතර අනර්කලී සහ සලීම් මොහොතකට අපෙන් සමුගෙන ගොස් ඇති සෙයක් මට දැණුනි.
පිටත හිම පතනය නැවතී ඇති සෙයකි.පුන්සඳ කිරණ වසා ඇති තිරරෙදි අතරින් එබිකම් කරනු දුටු අපර්ණා, නැඟිට ගොස් තිරරෙදි දෙපසට කලාය. ගෙතුලට සඳ එළිය ගලා ආවේ එතෙක් පුල පුලා නොඉවසිල්ලේ බලා සිටි කලක මෙනි.කුඩා දැරියක මෙන් මහ හඬින් සිනා සුනු ඈ මා අත අල්ලගෙන මා අසලම හිඳ ගත්තී, මගේ උරහිස මත හිස තබා ගත්තීය. මම අපමන සෙනෙහසින් ඇගේ නලලත සහ දෙකොපුල සිප ගතිමි.අප මෙලෙස කොපමණ වේලා ගත කලේදැයි මට නිවරදිව කිව නොහැක. දහැන් බිඳුමට සමත් වූයේ ආසන්නයේම ඇසුණු සුබයිර් ගේ හඬයි.
" කෑම තව විනාඩි පහළවකින් ලෑස්තියි සර්......සර්ලට තව මොනවද ඕන කරන්නෙ?"
" මොකවත්ම එපා සුබයර්....ස්තූතියි," මම හිස කෙලින් කරමින් පැවසුවෙමි,
" සුබයර් අර කලින් කිව්ව නේද, අර පින්තූරෙ ඉන්න දෙන්න, අනර්කලී සලීම් දෙන්නගෙ කතාව ඇත්තක්ය කියල සුබයර් ස්ථිරවම දන්නවය කියල.......කරුණා කරල කියනවද ඒ කොහොමද කියල....."
විස්මයපත් මම වහා හිස හරවා අපර්ණා දෙස බැලීමි. අනර්කලී සලීම් සිතුවමට පවා ස්වල්ප මොහොතකට පෙර දැඩි බියක් දැක්වූ ඇය දැන් ඒ පිළිබඳව විස්තර පවසන ලෙස සුබයර් ගෙන් ඉල්ලා සිටියි.එහෙත් ඈ මගේ විමසුම් බැල්ම ගනනකට නොගෙන සුබයර් දෙසම දෑස් දල්වා බලා සිටියාය. ඇගේ දෑස මම කිසිදිනක නොදුටු දීප්තියකින් යුතුව බබලන්නට වූයේ වයින් මත නිසාම විය නොහැක. ඇය පානය කලේ වයින් වීදුරු දෙකකි.එසේම මේ ඇය හා පුරා කියා වයින් පානය කලා ද නොවේ.
සෙමින් පිය නඟමින් පැමිණි සුබයර්, අප අසල කලාලය මත එරමිණිය ගොතා බිත්තියට හේත්තු වී හිඳ ගත්තේය. ඔහු කතා කලේ අප දෙදෙනා දෙසම නොව අප අතරින් පෙනෙන තිර රෙදි විවර කල කවුලුවෙන් පෙනෙන, හිමපතිත කඳු මුදුන් මතින් පායා දිලෙන පුන් සඳ වත දෙස දෑස් දල්වා බලා සිටිමිණි.
" මේ කතාව සර්ල බොහෝවිට විස්වාස කරන එකක් නෑ.....ඒත් සර්වබලධාරී අල්ලා දෙවියන්ගෙ නාමෙන් මම කියන්නෙ මේ කතාව ඇත්ත........සර්ල ඔය ආපු පාරෙ වැඩි දුරකට එහා නෙවෙයි...වංගු දෙකයි.....පාර අයීනෙම තියනව පොඩි කඳු ගැටයක්.....ඒ කන්ද උඩ තියනව යෝධ චිනාර් ගහක්........"
අපර්ණා මා දෙසද, මා ඈ දෙසද බැලුවේ එක වරමය. සුබයර් පවසන චිනාර් ගස කුමක්ද යන්නෙහි කිසිදු කුකුසක් අප තුල නොවීය.
මතු සම්බන්ධයි................
Subscribe to:
Post Comments (Atom)
දැන් නම් ඉතින් ඇත්තම කතාවක් දිග ඇරීගන යනවා. හපොයි මේ කතාවේ හොඳම හරිය එනකොටනේ හැමදාම කවිකාර කතාව නවත්තන්නේ...ඔය වෙලාවට තමා හිතෙන්නේ අර වලව්වේ සියලු බලතල පාවිච්චි කරලා කතාව ලියලා අහවර කරලා දාන්ට කියලා බල කරන්ට…)))
ReplyDeleteමට නම් කතාවේ හොඳම හරිය මෙන්න මේ ටිකයි.
//" ඒ කොහොමද සුබයර් ස්ථිරවම කියන්නෙ ඒ කතාව ඇත්තය කියල " .........මම සීනි හැඳි දෙකක් දැමූ කෝපි කෝප්පය අපර්ණාට දිගු කරමින් ඇසුවෙමි.//…:D:D:D
දෙන්නා කෝපි බොනවා. වයින් බොනවා. විස්කි බොනවා. හැබෑ අනර්කලීට හා සලීම්ට පරාද නෑවගේ…:)
කුතුහලය උපරිමයි අයියේ..ඉක්මනට ඉතුරු ටිකත් දාමු...
ReplyDeleteහදිස්සියි හදිස්සියි....... රවී මාමේ ඉක්මනට ඉක්මනට.......
ReplyDeleteඅය්යෝ හරි චුට්ටයිනේ . කෝපියි වයිනුයි බිව්වා විතරයි. ඉක්මනට කියන්නකෝ . නැත්නම් දවසට එක ගානේ ලියන්න . අපේ කුතුහලය අවුස්සා නැවත්වීමට අපේ විරෝධය
ReplyDeleteමේ රවි අයියා ලියන හැම කතාවෙම මේ එක එක බීම ජාති කොහොම හරි ඈඳලා ගන්නවා නෙව. ඒවා කිය කිය ඉඳලා අන්තිමට කතාන්දරේ බාගෙට නවත්තනවා. මේ වැඩේ හරි යන්නෙ නෑ. අපේ කුතුහලය අවුස්සලා, කතාව හොඳම තැනින් නවත්තලා මෙයා හොඳට පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න අපි නඩු දානවා, හරිය?
ReplyDeleteඅර කීවත් වගේ රවී ගේ කතාවේ මම ආසම දේ තමයි මීවිතක් කොහෙන් හරි ගෑවිලා යන එක ..එලම තමා අදත් ඈ
ReplyDeleteඉතිරියත් ලියන්ඩකෝ .. ඔයාගේ කතාව ගැන මට කියන්ඩ දෙයක් නෑ අප්පේ ..
@ Podi Kumatihami,
ReplyDeleteහෙහ්...හෙහ්....මැණිකෙට හොඳම හරිය කෝපි බොන හරිය නේද?........ඒකත් නරකම නෑ.....
එසේය...එසේය....හයවාන් දහසකට අවසර.........ඔබතුමියගෙ නියෝගය පරිදි හැකි ඉක්මනින් අන්දරය නිම කරමි.....
@ නිසුපා,
ReplyDeleteස්තූතියි නංගි...ඉන්න, ඉන්න, දාන්නම්....
@ හා පැටික්කි,(MS)
ReplyDeleteහරි බං ඉඳහං ටිකක්,
මේ ඒක නෙවෙයි මම උඹ ගැන අපෙ කොළුවට කිව්ව......අනේ බොල ඌ කැමති නැහැනෙ ඩිංගිත්තක්වත්.....හාවියො ඌට පේන්ට බෑලු.....හාවියො එක්ක පයුරුපාසානම් තියාගෙන මැක්කොංගෙං බේරෙන්ට බැරිය කියල ඌ නාහෙං අඬනවනෙ...මොකද හාවියෙ කොරන්නෙ?...ඔව්ව ඉතිං බලෙං කොරන්ට පුලුවං වැඩත් නෙවෙයි නෙව......උඹේ ආසාව මට තේරෙන්නෙ නැතුව නෙවෙයි......අනේ ඉතිං මොකදෑ කොරන්නෙ.....ලබන පාරවත් එහෙනම් බලමු.....
@ Bindi,
ReplyDeleteඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?........කියල අහල නැත?
ඉවසන්න......ඉවසන්න......
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteමොකදෑ කොරන්නෙ බොලේ...අර ඇම්ඩ කොහෙං ගියත් මැක්කට කැරකිල එනව වගෙ මමත් ඉතිං ඔතනටම තමයි යන්නෙ........කතාව නං ඇත්තම තමයි,
හරි, හරි, වැඩි කල් අරින්නෙ නෑ.........තව සුට්ටම සුට්ටයි.....
@ හිස් අහස,
ReplyDeleteඅන්න ඒක නෙව කියන්නෙ, මල්ලි,...........මී විතක් යන්තම් පැත්තකින් තිබ්බෙ නැත්නම් නෑනෙ කිසි ගතියක්.......නැද්ද?.......හෙහ්, හෙහ්,