Friday, September 30, 2011

50. මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි....ඔබට නිවන් සුව




මේ මගේ පණස් වෙනි වියුණු ලියැවිල්ල......සිංහලෙන් කිව්වොත් බ්ලොග් පෝස්ට් එක.......ඒ වගේම මම අවංකව කියන්ට ඕන මට හරිම සතුටක්.....මේ වෙලාවෙ සතුට කියන වචනෙ මෙතනට ගැලපෙනවද කියන එක නම් මටත් ප්රශ්නයක්......හරි කොහොම හරි කමක් නැහැ....... මගේ අර්ධ ශතකමය ලියැවිල්ල මගේ අතිජාත මිත්රයෙකුගෙ, සහෘදයකුගෙ ජීවිතේ අතිශය කණගාටුදායක මොහොතක ඒ සංවේගය බෙදා හදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට ලැබීම ගැන.

ඒ මිත්රය...සහෘදය තමයි..... නම අහල ඇති නේද?.....නැති වෙන්ට බෑ.........
Buratheno
......බුරතීනෝ බ්ලොග් එකක් නම් ලියන්නෙ නෑ....ඒත් බුරතීනොගෙ කමෙන්ට්ස් ඔයාල දැකල නැති වෙන්ට නම් බැහැ කොහෙත්ම......ඒ කමෙන්ට්ස් කියවලම බලන්ට ඕන බුරතීනෝ ගැන දැන ගන්ට.......හරි...මේ කණගාටුදායක අවස්තාව තමයි බුරතීනොගෙ ආදරණීය පියාණන් අභාවප්රාප්ත වීම....

දැන් ඉතින් අවසාන වශයෙන් කියන්ට තියෙන්නෙ මෙච්චරයි.....

මපියාණනි......මා ඔබ කිසි දිනෙක දැක නැත්තෙමි,
එසේම නැවත කිසි දිනෙක දකිනට අපේක්ෂාවකුදු උදක්ම නැත්තේමය.
එහෙත් නුදුටු පියාණනි,....... අප සැම ඉත සිතින් පතනා නිවන් සැප ඔබහට පැතීමට මට අවසර!!!!!!

අනියත මෙලොව නියතය නම් එපමණකි,
මරණය උපත ලද කාගෙත් උරුමයකි,
පියයන් අපෙන් වෙන්වීමත් බෝ දුකකි,
සොහොයුර ඔබේ දුක අප හැමගේ දුකකි,

21 comments:

  1. සංසාරේ... කොහොමෙයි දැනගත්තේ...??? ටැලිපෝන් නොම්මරයක් තියෙනම් එවන්ට අප්පා

    ReplyDelete
  2. රවී මේක ලිව්ව එක හොඳයි . මටත් කිව්වේ T G ඊයේ රෑ. මේ ටිකේම මේ වගේ කණගාටුදායක දේවල් අහන්න ලැබුන . ටික දිනකට පෙර ඩීන් අය්යාගේ පියා නැති වුනා .

    බුරතිනොගේ හරි නමක් දන්නේ නැතුවත් කොයිතරම් ළඟ යාලුවෙක් වගේ අපට ලංවුනාද. මේ වෙලාවේ කතා කරන්න අංකයක් වත් ලිපිනයක් වත් නොදන්නා එක හරිම අඩුවක් . කැලණිය පැත්තේ කියල දවසක් කිව්වට හරියට දන්නේ නැහැ .

    මුහුදු දන්නවද දන්නේ නැහැ .

    ඒ නොදුටු පියාණන්ට නිවන් සැප ලැබේවා කියල මමත් ප්‍රර්ථනා කරනවා .

    ReplyDelete
  3. ප්‍රියන්තගෙන් දැන ගත්තෙ....තිස්ස,

    දැනට වෙන මොකවත් විස්තර දන්නෙ නෑ.....දැනගත් වහාම දන්වන්නම්,

    ReplyDelete
  4. බුරතිනෝ අයියාගෙ පියාට නිවන් සුව.

    ReplyDelete
  5. ඒ පියාණන්ට නිවන් සුව පතමි. පනස් වෙනි ලියවිල්ලට සුභ පැතුම්.

    ReplyDelete
  6. බුරතෙනෝ හැබැහින් දැකල කතා කරලා නැති වුනාට කොමෙන්ට් වලින් කතාකල, මඩ ගහ ගත්, මිතුරෙක්. ඔහුගේ පියාට නිවන් සුව ලැබේවා.
    (බුරා බ්ලොග් එකක් නොලිව්වට, "අන්තිම පේලිය" බ්ලොග් සයිට් සයිට් එකට කතාලියපු සාමාජිකයෙක්. http://tlr.thelastrow.net/ )

    ReplyDelete
  7. හ්ම්!!!!!!!
    මට කියාගන්ඩ බැරි තාත්තල නැති වුණාම දැණුන දේවල් ගොඩක් හිතේ තියෙනව රවී අයියෙ.... ඒ හන්ද වෙන මොනවත් නොකියා බූරයියගෙ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නං....

    ReplyDelete
  8. බුරා ලංකාවට එනගමන් කියලා තමා ආරංචිය ආවම නොම්මරේ මට හම්බ වෙයි තිස්ස අයියා මම දැනුම් දෙන්නම් කො.

    වැඩි විස්තර කියන්න බැහැ බුරා කැමති නැති නිසා පුද්ගලිකත්වය එලි කරන්න මම කන්ටෑක් කර ගත්තොත් අහල කියන්නම්.

    ReplyDelete
  9. හරි හරි නිශ් මල්ලී මේ ටිකත් මදෑ...
    මලගෙදර සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් කෙරෙන්න තියේ නම් හිත හිතා නොඉඳ දන්වන්න... මාව කන්ටෑක්ට් කරන්න නිශ් මලයා දන්නවානෙව...

    ReplyDelete
  10. තාත්තලා නැති උනාම දැනෙන දුක මමත් හොඳට අත් විඳලා තියෙනවා හංසකිංකිනි කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ ඒ තාත්තාට නිවන් සුව!!

    ReplyDelete
  11. බුරතිනෝගේ දයාබර පියාණන්ට අමා මහ නිවන් සුව පතමි !!!!!!

    ReplyDelete
  12. බුරතිනෝ පියාට නිවන් සුව!!!

    ReplyDelete
  13. මගේ පියාත් නැති වුනේ ඊයේ පෙරේද. ඒ නිසා මම දන්නව ඒකෙ තියෙන අමාරුව. එතුමන්ට නිවනින් සැනසීම ලැබේවා!!!

    ReplyDelete
  14. මේ කියන්නේ අර බ්ලොග් එකකුත් ලියන ඉල් මොන්දෝ ගැනද...?

    ReplyDelete
  15. බුරාගෙ දුක බෙදාගන්න එක්වෙමි...

    ReplyDelete
  16. @ නිශ්..
    දැනගත්තොත් පොත් ගුල්ලට කියනවද බුරා කැමති නම් . මොකද අද බුරාගේ ගෙදර ඇතැයි කිව ප්‍රදේශයේ ඇවිදලා තියෙනවා තැන සොයා ගන්න . අපිට එන්න නොලැබුනාට කීපදෙනෙක් හරි සහභාගී වෙනවට අකමැති වෙන එකක් නැහැ .

    ReplyDelete
  17. If any of you know the address pls let us know

    ReplyDelete
  18. බුරතීනෝ සහෝදරයාගේ පියාණන්ට නිවන් සුව අත්වේවා !!

    ReplyDelete
  19. බුරා සොයුරාගේ පියාණන්ට නිවන් සුවය පතනවා

    ReplyDelete
  20. @ පිණිබිඳු,

    ඔබේ සුබ පැතුමට ස්තූතියි නංගි.....

    ReplyDelete
  21. හිතේ තියෙන දුක කීමට වචන නෑ. කල හැක්කේ බූරාගේ පියාට නිවන් සුව පැතීම පමනයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...