Monday, September 12, 2011
45. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........9
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
සත්වන කොටස
අටවන කොටස
හදිසියේම ඇය නැටුම එක් වනම නැවැත්වූවා මා දෙස එක එල්ලේ මොහොතක් බලාසිට මෙසේ පැවසුවාය.
" Why don't we just go there......and finish this...............if its in our destiny to do so let's get it over once and for all......I feel like someone is forcing me to do it....."
ඇය පවසන්නේ කුමක් පිළිබඳවද යන්න මට කිසිදු සැකයක් නොවීය. එම හැඟීම එලෙසම මටද දැනෙමින් තිබිණි.
" Okay Aparna............you are correct......lets finish it once & for all........"
" සුබයර්....අපි යනව අර චිනාර් ගහ ලඟට........එපයි කියන්ඩ නම් එපා ගොයියෝ......." මම සුබයර් අමතා පැවසුවෙමි.
" එපයි කියන්නෙ මොකටද සර්......අනික එහෙම දෛවයට, ඉරණමට විරුද්ධ වෙන්ට මම කවුද?.....එහෙම කරන්ට මට තියෙන අයිතිය මොකක්ද?........." සුබයර් පැවසුවේ මවෙත හිස නවමිනි.
තානායම අභ්යන්තරයෙහිදී ඇඳ සිටි ඇඳුම් පිටින්ම, අප දෙදෙන තානායමෙන් පිටතට පැමිණියෙමු. මා කියන්න විශ්වාස කරන්න සහෘදය.......පිටත හිම පතනය අඩුවී තිබූමුත් සම්පූර්ණයෙන් නැවතී නොතිබිනි. එහෙත් අප දෙදෙනාටම කිසිදු ශීතලක් නොදැනුනු බව කිවහොත් ඔබ මා විශ්වාස නොකරන බව මම උදක්ම දනිමි. එහෙත් සත්‍යය ද එයයි. මම ශුද්ධ ලෙස සලකන්නාවූ සියලු දේ මත අත තබා දිවුරන්නෙමි.......ඒ ශිශිර සෘතුවේ රාත්රියේ අපර්ණා ද මම ද තානායමින් එළියට බැස්සේ ගිම්හානයේ සවසක උද්යානයක සක්මනක් සඳහා දොරට බසින්නේ යම්සේද එපමන සැහැල්ලුවෙනි.
සන්තූරය මෝටර් රියෙහි පසුපස ආසනය මත තබා මම ඉදිරි අසුන් ගෙන රිය පණ ගැන්වීමි.
" සර්ල ආපහු එනකොට මම රෑ කෑම රත් කරල තියන්නම්........" සුබයර් පැවසුවේ මෝටර් රිය තුලට හිස රුවා සිනාසෙමිනි.
" ඕ කේ සුබයර් " මම සුරතෙහි මහපටැඟිල්ල ඔසවා ඔහුට දක්වා මෝටර් රිය පණ ගැන්වීමි.
චිනාර් වෘක්ෂය පිහිටි කඳු ගැටය අසලට පැමිණෙන තුරු අපර්ණා හා මා අතර කිසිදු කතා බහක් නොවිනි. දෛවෝපගතව සිදුවීමට නියමිත කාර්යය පිළිබඳව මම සේම ඈ ද ගැඹුරින් සිතුවා හෝ වෙන යම් නොදන්නා ගුප්ත හේතුවක් නිසා විය හැක, අදාල ස්ථානයට පැමිණෙන තුරුම අප අතර කිසිදු කතා බහක් නොවිනි.
කඳු ගැටය පාමුලට පැමිණ රිය නතර කල මම, සන්තූරයද ඔසවාගෙන කන්ද නැගීමට පටන් ගතිමි. ජීවිතයේ කිසි දිනක නොපැමිණි ගමනක් වුවද, සුපුරුදු ලෙස මම ගමන් ගත්තේ කෙලෙසකද යන්න ඔබටද මේ වන විට ගැටළුවෙක් නොවන බව මට විශ්වාසය.
චිනාර් වෘක්ෂයට ලඟාවත්ම, සන්තූර නාදය සහ නූපුර රාව ඉතා පැහැදිලිව ඇසෙන්නට වූයේය. එහෙත් අප ඒ අසලට ලඟාවත්ම ඒ සංගීත රාවය කෙමෙන් මැකී ගොස් අවසන නෑසී ගියේය.
අවසන අප එතැනට ලඟා වීමු. වසර සාරසියයක් මුලුල්ලේ අප දෙදෙන පෙරුම් පිරූ, කඩ ඉම වෙත අවසන අප ළඟාවීමු. මම චිනාර් ගස මුල එරමිණිය ගොතා හිඳ සන්තූරය වාදනය කරන්නට වීමි.........අපර්ණා මා ඉදිරියේ පැතිරී ගිය සුදෝ සුදු හිම තලය මත රඟන්නට වූවාය......සැනෙකින් කාලය එක්වරම නැවතිනි. වසර සාරසියයකට පෙර ලාහෝරයේ සලීම්ගේ මන්දිරයේ රංග ශාලාවෙහි සිදුවූව,........එදා සලීම් මියගිය දින චිනාර් ගස පාමුල සිදු වූව සහ අද දින ඒ චිනාර් ගස පාමුලම සිද්ධ වන්න වූ දෙය එකිනෙක පැටලී එකක්ම විය........අතීත වර්තමාන සහ අනාගත යන කාලත්රය එකම ප්රවාහයක් වූ මොහොතකට අපි පැමිණ සිටියෙමු.
සිව්සියක් වස් තුල ගලාගිය,
සෙනෙහෙ දහරක් වී අපරිමිත,
එකට එක්වූ දෙහදකිය අද,
රඟනු පෙම්ගී ගයනු ඇසුණිද?
නෙත කඳුළු පිරුනේ සයුරකට,
සෝ සුසුම් හෙළුවෙමු දෙතැන හිඳ,
සෙනෙහසේ දිය එහෙත් නොසිඳී,
කාලය ද පරදා ගලාගිය,
කාලයේ තිමිරය මැකී ගොස්,
එදා එදවස ඇරඹි අප පෙම,
කිරුළු පැළඳියෙ සීත හිම වට,
වනස්පතියක සෙවණ යට හිඳ,
නොමියෙනා බව සෙනෙහෙ කිසිදින,
සොඳුර ඔබ නෙත් කැළුම් දෙස්දෙන,
ඔබේ අතගෙන ඇවිද යන්නට,
ඉතින් අවසර තෙක් සසර ඉම,
ගලා හැලෙන සඳ එළිය අතරින් අපර්ණා නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.
පුරා වසර සාරසියයකට පසු අනර්කලී අවසන් නර්තනය නිමකොට සලීම්ගේ උකුළ මත පතිත වූවා ඔහුගේ ගෙල වැලඳගෙන දෙතොල තරව සිප ගත්තීය.
Love never dies...........It would be redundant for a short while or for a long time by our standards of course, but it would never die. it would survive in the whisper of winnowing winds, in the murmur of flowing streams in the song of a soaring bird or in the hearts of everlasting lovers.......one thing you can be sure of......Love won't die.......never...... ever....
ප.ලි - A Thank You Note for You All..................................
මේ කතාවෙ නිධාන කතාව ආයෙමත් මතක් කලොත් හොඳයි කියල මට හිතෙනව....මගෙ හිත ඇතුලෙ මේ කතාවෙ මුල, ඒ කියන්නෙ මූලාරම්භය තැන්පත් උනේ අපේ පොඩි කුමාරිහාමි මැතිණිය අනර්කලී සහ සලීම් ගැන පොඩි කුමාරිහාමි වියුණු සටහනේ පෙල ගැස්වූ වියුණුව කියවද්දී............ තව එක් වරක් ඔය මුහුණ දැක ගැනීමට ඇත්නම්!!!
මම ඒ වියුණුවට ප්රතිචාරයක් ලෙස සලීම්ගෙ කතාව ඒ වියුණුවෙම පළ කලා......ඒත් මේ කතාව කොතෙක් මගෙ හිත පැහැරගත්තද කිවහොත් සලීම් අනර්කලී කතාව වර්තමානය දක්වා ගෙන ඒමට මට මගේ හිතම බල කලා.ඒ බල කිරීමේ ප්රතිඵලය තමයි මේ කොටස් නවයකින් ඔබට ඉදිරිපත් කල සහන් - අපර්ණා ප්රේම කතාව.........කතාව කෙටි කිරීමට මම අපමණ වෙහෙස ගත්තත් ලිවීමට පටන් ගත් විට තිරිංග ක්රියාවිරහිත වීමේ ව්යාධිය මට අනිවාර්යයෙන් වැළඳෙන බැවින් මෙතෙක් දුරක් මා සමඟ දුර ගමනක් පැමිණීමට ඔබට සිදුවීම පිළිබඳව මාගේ බලවත් කනගාටුව මේ සමඟ ප්රකාශ කරමි.
ඒ සමඟම මෙතෙක් දුරක් මා හා රැඳීසිටි ඔබ සැමට මගේ කෘතවේදීත්වය ද.......ඔවුන්ගේ අමරණීය ආදර අන්දරය සමඟ සිව් සියවසක දිගු චාරිකාවක් ඔවුන් අත් අතනොහැර සමාප්තිය දක්වාම පියවර මැනීම උදෙසා සලීම්, අනර්කලී සහ සහන්, අපර්ණාගේ හෘදයාංගම ස්තූතිය ද මේ සමඟම පිරිනැමීමට මට අවසර!!!!!
Subscribe to:
Post Comments (Atom)
නිකංම නිකං 'මැක්සා', නැත්තං 'උපරිමයි', එහෙමත් නැත්තං 'පට්ටයි' කියලා කියන්න දිව නැමෙන්නෙ නෑ බං රවි අයියෙ.. ඒ උනාට මොනා කියන්නද කියලා හිතා ගන්නත් බෑ.. :))
ReplyDeleteබොහෝම ස්තූතියි, නෑ නෑ බොහෝම පිං හුදී ජන පහන් සංවේගය උදෙසා මේ වගේ කතා ලියන එකට.. මේ වගේ සුන්දර අදහස් එන ඔය හිතටත් ඒවා වචනවලට පෙරලන ඔය අත් දෙකටත් චිරං ජයතු..
පලි: ඊළගට කා ගැනද..?? අනුලා ගැනද..?? :))
කතාවෙ කොටස් ඔක්කොම කියෙව්වා. හරිම ලස්සනයි සියල්ල ඇස් ඉදිරිපිට මැවී පෙනෙනවා. ප්‍රතිභාසම්පන්න ලේඛකයෙක්නේ.
ReplyDeleteමැණික්
Ada anunge gedaraka indan balana nisa sinhalen liyanna bae, eath meaka dapu gamanma balala comment nokara yannath bae...
ReplyDeletekathaawa gena kiyanna mukuth ithiri karala nae aaye oyaa. bohomathma sthuthiyi mechchara lassana kathaawak liwwata.
තිරිංග ක්‍රියා විරහිතවීමේ ආබාධය තියන එක හරි හොඳයි. කියලාවත් හදාගන්ට බැරි ලෙඩක්. කතාව ඉක්මනින් ලියන්ට කීවට අවසාන කරන්ට අවසර දුන්නේ කවුද. දැන් ඉතින් නැගිට්ට හැටියේ දුවගන එන්නේ කාව බලන්ටද?...:(
ReplyDeleteසලීම් හා අනාර්කලී ඔය විදියට අදත් අපි අතර ඇති. අපර්නා සහ සහන් ලෙස නෙමේ උනත් නේද කවිකාර...???
ගොඩාක් ස්තූතියි අපි ගැන අනුකම්පා කරලා මේ වගේ රසවත් කතා ලියනවට.
සමහරු හිතනවා ඇති අනුලා ආදරේ ඇඳිනුවේ නෑ කියලා....හහ්....
one of Elizabeth Barrett Browning’s classic poems:
ReplyDelete//How do I love thee? Let me count the ways.
I love thee to the depth and breadth and height
My soul can reach, when feeling out of sight
For the ends of Being and ideal Grace.
I love thee to the level of everyday's
Most quiet need, by sun and candle-light.
I love thee freely, as men strive for Right;
I love thee purely, as they turn from Praise.
I love thee with a passion put to use
In my old griefs, and with my childhood's faith.
I love thee with a love I seemed to lose
With my lost saints, --- I love thee with the breath,
Smiles, tears, of all my life! --- and, if God choose,
I shall but love thee better after death.//
මේක අනාර්කලීගෙන් සාලිම්ට කියලා දැම්මා නම් නියමයිනේද?
කතාවනම් ලස්සනම ලස්සනම ලස්සනම ලාස්සනායි! අර බුරතීනෝ කිව්වා වගේ මේ කතා හිතන ඔය හිතටයි, ඒවා අපිට කියවන්න ලබා දෙන ඔය අත් දෙකටයි, ඒවායේ අයිති කාර ඔබ තුමාටයි චිරං ජයතු කියලා මමත් පතනවා! ඊලඟට ලියන්නේ විජයගේ කතාව නේද?
ReplyDelete/*ලිවීමට පටන් ගත් විට තිරිංග ක්රියාවිරහිත වීමේ ව්යාධිය*/
මෙන්න මේකට බෙහෙතක් හම්බුණොත් අපිටත් කියන්ඩ හොඳද?
කතාව ඉවර වෙනකල් හිටියෙ කට අරින්න.... මේ කතාව කියවන කොට මට දැනුණෙ අපි හැමෝම මේ දෙන්නත් එක්ක මේ හැම තැනම හිටිය වගේ....ඒ අපිට ඉන්දියාවත් එක්ක තියෙන ආත්මීය බැඳීමක් නිසා වෙන්ඩ ඇති....රවී අයියට බොහොම පින් අපිට මේ වගේ ලස්සන කතා ලියල දෙනවට...
ReplyDeleteහැබැයි එකක් කියන්නං අර අනර්කලීගෙ නැටුම බලන්ඩ කියල ඔයා උඩුගත කරල තියෙන වීඩියෝ එක නං හරි නෑ... මං දන්න තරමින් අනර්කලී කියන්නෙ නැටුමෙ පරතෙරටම ගිය කෙනෙක්...ඒ වීඩියෝ එකෙන් මගෙ හිතේ හිටපු සහ ඔයාගෙ කතාවෙ ජීවමානව ඉන්න අනර්කලීට වෙන්නෙ අසාධාරණයක්....
ස්තුත්යි රවී. කතාවනම් හරිම ලස්සනයි. වැඩිය බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් නැතුව හිටපු මම පහුගිය ටිකේ හැමදාම මේ පැත්තේ ආව කතාවේ ඊලග කොටස දාලද බලන්ඩ. මෙච්චර ලස්සනට ලියන එකේ නරකද නවකතාවක් ලියල පල කොලොත්?
ReplyDeleteඅපේ මල්දෙණියෙ ජනූ නඟාගෙ කමෙන්ට් එක හා බැඳේ.......නොහොත් ඒකෙම ඌණ පූරණයකි......
ReplyDelete.--------------------------------------------------
ඔය කමෙන්ට් එකේ තියෙන විදිහට නම් නෙවෙයි ඔය මහගෙ මට බැණ අඬගැහැව්වෙ......මෙන්න මෙහෙම,
" මොකක්ද යකෝ අර අනර්කලීගෙ නැටුමක් ඔන්නම් බලන්ටෙයි කියල අපිට පෙන්නපු සෙප්පඩ විජ්ජාව.....අනර්කලී කියන්නෙ රාජ සබාවෙ දක්ෂම නැට්ටුක්කාරි.....අර මොකක්ද අර ඒ වීඩියෝ එකේ ඉන්න මැස්සො බීපු ගොයං ගහ වගේ එකී කොරන්නෙ.... මලකඩ කාපු දංවැල් ගොඩකුත් බදාගෙන පස්ස එහාට මෙහාට වනනව විතරයිනෙ....ඈ බොල ඔව්වද නැටුං කියන්නෙ......."
" ඔයිට වැඩිය අගේට මට ඇහැකි නටන්ඩ....අන්න ඒක දැනගනිං උඹ....." ඔන්න ඔය ටිකට අමතරව තව මෙතන කියන්ට බැරීව්වත් මහ ගොඩාක් කියල ඒ මහගෙ අන්තිමට මේං මෙහෙම කිව්ව........
" මෙන්න මේකෙ බලාපං නියම අනර්කලීගෙ නැටුං......" කියල මට එව්ව වීඩියෝ එකක්......අනේ මන්දන්නෙ නෑ........ඔයාලත් එහෙනම් බලන්ටකො මේ ජනූ කියන්නෙ ඇත්තද කියල.....
http://www.youtube.com/watch?feature=fvwp&v=TdOS-0sIW-Y&NR=1ම
:-)
ReplyDeleteහම්මේ............. යා....න්තං ඇති..... අද රෑටවත් අනර්කලීට මක් වෙයිද හිතන්නැතුව නිදාගතහැකි.
ReplyDeleteharima lassanai, film ekak wage, rupa hithe mawagena ai mulu kathawama eka husmata deweni parath kiyewwa.. thawa liyanna aiye..
ReplyDelete@ Buratheno,
ReplyDelete/ නිකංම නිකං 'මැක්සා', නැත්තං 'උපරිමයි', එහෙමත් නැත්තං 'පට්ටයි' කියලා කියන්න දිව නැමෙන්නෙ නෑ බං රවි අයියෙ.. ඒ උනාට මොනා කියන්නද කියලා හිතා ගන්නත් බෑ.. :)) /
බොහොමත්ම ස්තූතියි මල්ලි......වචන දහසකින් කියන්ට බැරි කතාවක් තියෙනව උඹට කියාගන්ට බැරි උනු කතාවෙ..................හෙහ්, හෙහ්,
/ බොහෝම ස්තූතියි, නෑ නෑ බොහෝම පිං හුදී ජන පහන් සංවේගය උදෙසා මේ වගේ කතා ලියන එකට.. මේ වගේ සුන්දර අදහස් එන ඔය හිතටත් ඒවා වචනවලට පෙරලන ඔය අත් දෙකටත් චිරං ජයතු.. /
හප්පච්චියේ උඹ හදන්නෙ මාව අඬවන්ඩ...........මට මෙතෙක් ලැබුණු හොඳම ප්‍රශංසාව.....අගය කිරීම...........ආයෙ ඒකෙ නෑ දෙකක්.......ආයෙම ස්තූතියි මල්ලි,
BTW,.........මේ එංගලන්තෙං එළවල උඹ දැන් වෙන කොහෙද ඉන්නෙ කියල ඊයෙ හැන්දෑකොරේ වළව්වට ගිය වෙලාවෙ පොඩි කුමාරිහාමි කියැව්වෙ......අනෙ අම්මප ඇත්තමද මලේ...ඒ කතාව...........
@ මැණික්,
ReplyDeleteදහස් වරක් ස්තූතියි මැණික්......ඔබ සැමගේ දිරි ගැන්වීම නැතිනම් මේ නිර්මාණ කිසිවක් බිහිවෙන එකක් නෑ............
@ චේජනා,
ReplyDeleteනංගිත් හැමදාමත් මේ පැත්තෙ එනවයි කියල මම දන්නවා..........ස්තූති කිරීමට වචන ප්‍රමාණවත් නෑ චේජනා........ඒත් ස්තූතියි.......හෙහ්, හෙහ්,
@ Podi Kumarihami,
ReplyDelete/ තිරිංග ක්‍රියා විරහිතවීමේ ආබාධය තියන එක හරි හොඳයි. කියලාවත් හදාගන්ට බැරි ලෙඩක්. /
හෙහ්...හෙහ්.....පොඩ්ඩිට නම් මොකද?.......වණේ තියන මිනිහයි ඒකෙ වේදනාව දන්නෙ කිව්වැහෙ ඒ අසනීපෙ හැදුන කෙනෙකුට ඇර ඒකෙ රඟේ වෙනකෙනෙකුට කොහොමෙයි තේරුං කරල දෙන්නෙ?............
/ කතාව ඉක්මනින් ලියන්ට කීවට අවසාන කරන්ට අවසර දුන්නේ කවුද. දැන් ඉතින් නැගිට්ට හැටියේ දුවගන එන්නේ කාව බලන්ටද?...:( /
තරහ අවසර.....මයෙ මැණිකෙ.....මම උන්නෙ " මේ......කතාව විගැහිං ඉවර කොරපිය, කවිකාර........ මම නොකිව්වයි කියල කියන්ට එහෙම එපා ඔන්න,දන්නවනෙ මයෙ හැටි,........අපිට මෙතන වලව්වෙ වෙන වැඩ නෑ කියල හිතුවද?.......හිමිදිරි පාන්දර උඹැහෙගෙ එලොවටත් නැති මෙලොවටත් නැති පට්ටන්දර අහගෙන ඉන්නව ඇර........"කියාල ඔබ තුමී අනඥාවක් නිකුත් කොලාය කියල නෙව......අනෙ අර දොරකොඩ ගහේ බස්සා පල්ලා......
නැහ්නං මම හිතාන හිටියෙ මේ කතාව තව ආත්ම හත අටක් වත් ඇදගෙන යන්ටය කියල.........පොඩ්ඩිටත් හැරමිටි වාරුවෙං උදේම ගාට ගාට පිල්කඩට ඇවිදිං " හූම්ම්ම්ම්ම්ම්.......කියාපංකො බලන්ට අදත් කවිකාර උඹේ ඔය කතාව........දැං අවුරුදු කීයක් උනාද?.......අනෙ ඇත්තටම මට දැං මේ කතාවෙ මුල මතකත් නැහැ ඔන්න.........මුලිම්ම යාලු උනේ සලීමුයි......අපර්ණයි නේද?........හෆොයි නෑ නෙව හරි...හරි සහනුයි...අනර්කලීයි........ඔන්න මතකයි දැං......හරි කවිකාර කියාපං බලන්ට අදත් උඹෙ කතාව එහෙනං..........මොකදෑ කොරන්නේ......කරුමෙයක් තියනං ගෙවලම එපාය ඉවර කොරන්ට........." කියල මයෙ කතාව අහන්ට ඈදි ගනියි කොන්දට අතකුත් කාරිය තියාගෙන. ඕං ඔහොමයි මම හිතාගෙන උන්නෙ......ශහ් හරිම අපරාදයක් නෙව මේ උනේ,
/ දැන් ඉතින් නැගිට්ට හැටියේ දුවගන එන්නේ කාව බලන්ටද?...:( /
ඉන්ටකො ඈ......පොඩි මැණිකෙ විස්සෝප නෙවී.......මයෙ හිතේ තියනව බොහොම අපූරු කතාවක්........කියඥ්ඥංකො වෙලාවක හොඳද?
/ සලීම් හා අනාර්කලී ඔය විදියට අදත් අපි අතර ඇති. අපර්නා සහ සහන් ලෙස නෙමේ උනත් නේද කවිකාර...??? /
එහෙනම්....එහෙනම්....මයෙ මැණිකෙ මේ මොනව කියනවද හැබෑට......ඉන්නව, ඉන්නව, අපෙ අප්පෝ.......ඉන්නව, ඉන්නව........හෙහ්, හෙහ්,
/ ගොඩාක් ස්තූතියි අපි ගැන අනුකම්පා කරලා මේ වගේ රසවත් කතා ලියනවට. /
හපොයි....මම අර ප/ලි කොටසෙ ස්තූතියෙ කියාපු විදිහට ඔබ තුමීයටත් ඒ ස්තූතියෙන් කොටසක් ආපහු හිමිවෙනව...........Thank You Madam......For your Appreciation,
@ Podi Kumarihami,
ReplyDeleteThis is my contribution to Elizabeth Barrett Browning’s really lovely poem,.......heh, heh,
I love thee even when my mind is raging with anger for utter stupid things you do,
I love thee even when my mind asks why the hell did I ever meet you at all,
I love thee even when I know it would be a dream no more eventually,
I love thee with all my heart and more.......that's all I know & that's enough for me........
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteඔබටත් බොහොම ස්තූතියි නංගි..........ඔබ සැම තමයි ඇත්තටම මගේ ශක්තිය.......
/*ලිවීමට පටන් ගත් විට තිරිංග ක්රියාවිරහිත වීමේ ව්යාධිය*/
/ මෙන්න මේකට බෙහෙතක් හම්බුණොත් අපිටත් කියන්ඩ හොඳද? /
හපොයි...මොනව කියනවද?........බොට තමයි නමෝ විත්තියෙම්ම කියන්නෙ......හෙහ්, හෙහ්,
මම දන්නව මයෙ ලෙඩේ, උඹටත් නංගියෙ බොහොම දරුණුවට හැදිල තියන විත්තිය......මම දැක්ක වලව්වෙදි අනුල ගැන කියන්ට ගිහිල්ල, බෙරෙක් නැතුව ගහකද කොහෙද ඇණගෙන වැඩේ අත ඇරල දාල තිබ්බ.......හෙහ්, හෙහ්, හෙහ්,
@ හා පැටික්කි,(MS)
ReplyDelete/ හම්මේ............. යා....න්තං ඇති..... අද රෑටවත් අනර්කලීට මක් වෙයිද හිතන්නැතුව නිදාගතහැකි /
ඔන්න බලාපල්ලකො අම්මප...ඒකෙත් හැටි.....අර පොඩ්ඩි නෝන මහත්තැං දොස් කියනව කතාව අහවරයක් කලාය කියල.....
මේකිට හිතුනෙ නින්ද යන එක ගැන......හෙහ්, හෙහ්,
ඒත් කමක් නැහැ නෙව.......හිතේ කරදරයක් නැතුව නින්ද යන එකත් සුළුපටු දෙයක්ය.....නැද්ද බොල?
@ Anonymous,
ReplyDeleteස්තූතියි ඔබටත්................
/*මම දැක්ක වලව්වෙදි අනුල ගැන කියන්ට ගිහිල්ල, බෙරෙක් නැතුව ගහකද කොහෙද ඇණගෙන වැඩේ අත ඇරල දාල තිබ්බ*/
ReplyDeleteකවුදෑ කීවේ ඒ ඇනුනෙ ගහකය කියලා? කෙළිංම ගිහිං හැපුනේ මාළිගාවෙ අර මහ විසාල දොරටුව ගාව තාප්පෙ නෙව. හරියටම කියනවනං සිව කළිං මුරට හිටිය තැන. නූලෙං තමා මං බේරුණේ ඔන්න. රාජ පුරුෂයෝ එන්ට කළියෙං මං පැනලා ආවා.
// මේ එංගලන්තෙං එළවල උඹ දැන් වෙන කොහෙද ඉන්නෙ කියල ඊයෙ හැන්දෑකොරේ වළව්වට ගිය වෙලාවෙ පොඩි කුමාරිහාමි කියැව්වෙ......අනෙ අම්මප ඇත්තමද මලේ...ඒ කතාව //
ReplyDeleteඔය රට්ටු ඊරිසියාවට කියන කතා ගනන් ගන්ට එපා බං.. මේ කණින් අහලා අනිත් කණින් පිටකොරලා දාහං.. මනුස්පයෙක් ලාස්සනට ජීවත්වෙනකොට සමහරුන්ගෙ ඇස්ගෙඩිවල කටු ඇනෙනව ඇනෙනව වගේ නොවැ.. :))
ඇත්තටම හරිම ලස්සනයි... කියවන් යනකොට හිතුනෙ හින්දි චිත්‍රපටියක් බලනව වගේ...
ReplyDeleteඅහම්බෙන් වගේ ගොඩ වැදුනට මම අනිත් වැඩ ඔක්කොම පැත්තක තියල කතාවෙ මුල ඉඳල අගට වෙනකන් එක හුස්මට කියෙව්ව... අර හැමෝම කිව්ව වගේ බ්‍රේක් නැති ලෙඩේ තියෙන එක හොඳයි... එහෙම නොවුන නං කතාවෙ රස පිරුනු තැන් මග හැරෙන්න තිබ්බ...
කරන් ජොහර් වගේ දැක්ක නං චිත්‍රපටියකට ගන්නත් බැරි නෑ... :)
අයියට මගෙනුත් සුභ පැතුම්... අපි වගේ කියවන්න දේවල් හොය හොය යන අය වෙනුවෙන් මේ කරන නිර්මාණශීලී උපකාරය බොහොම වටිනව...
Thank You..!!
@ Angel without wings,
ReplyDeleteඔබටත් බොහොම ස්තුතියි පියාපත් නොලද දෙව්දුව...........හෙහ්, හෙහ්,
ඔබගේ අගය කිරීම මට වටිනව කියන්ට බැරි තරම්......
හරිම ලස්සන කතාව.. පට්ට.. මේක කියවලා මම වෙබ් අවකාශය පීරලා සලීම් අනර්කලී ගැන කියෙව්වා. බොහොම ස්තූතියි මේ වගේ රසවත් කතාවක් අපිට කියවන්න දුන්නට.
ReplyDeleteබොහොම ස්තූතියි කින්නරාවි....:)
Deleteස්තූතිය පමාවීම පිළිබඳ මගේ කණගාටුව :(
පෝස්ට් එක කියවල ඉවරවුනාම පපුවෙ ගලක් එල්ලුව වගේ වුණා.
ReplyDeleteබොහොම ස්තූතියි සජිත් :)
Deleteඋඹ නං දෙයියෙක් රවි මාමේ....! මේ ලියවිල්ලෙං මනසෙ අවකාශය ට තිබිය හැකි සීමා නැති කර දමනවා.
ReplyDelete