නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව...............මම
උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව...............මම
නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව................මම
ඉඳහිට නුඹෙ නෙතින් ගලන කඳුළු බිදයි.............මම
වියළි කතරෙ නුඹේ පයට සිහිල් පලස............... මම
නුඹ දවනා හිරු එළියේ වලාකුළයි.................... මම
මහ වැසි මැද උණුසුම දෙන සිතුවිල්ලයි............ මම
උණුසුම් සැඩ හිරු කිරණේ සීත සුළඟ................ මම
අමාවකට පායා ආ පහන් තරුව........................ මම
අහම්බයෙන් ඇස ගැටෙනා දිය කිඳුරිය............... මම
ගිරිදුරු මහ වන අරණේ හිස පිපි මල...................මම
නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම....................මම
නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර................. මම
නුඹත් දන්න මමත් දන්න එකම රහස.................මම
නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා ....මම
නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය..............මම
ඉහත කවිපෙල ඔබට මතක ඇතිබව මට සහතිකයි. ඒ සොඳුරු සිතේ පළවූ අපේ වත්ගේ සංකල්පනාවක්.
මේ කවි පෙළ මගේ හිතේ මැවූ දහසකුත් එකක් හැඟුම් අකුරු වී පත් ඉරුවක සටහන් වුනේ ඒ දිනවලම. එහෙත් ඒ දවස්වලම අනර්කලී - සලීම් ආදර කතාවක මමත් පැටලිල හිටියෙ අර කොටියගෙ මොකක්ද එක අල්ල ගත්තු නරිය වගෙ. ඒ නිසා පබ්ලිශ් කරන වැඩේ දිනෙන් දින කල් ගියා.
ඔන්න දැන් මම ඒ කවි පෙල පලකරන්නයි යන්නෙ.
ආහ්.....අමතක මතක බැරිවෙනවනෙ තව පොඩ්ඩෙං......සේපාලිකා මල් පින්තූරෙ අයිතියත් වත්ගෙ........
තුන් දොරකඩ පීදෙන වන සපු කැකුළයි ............නුඹ,
උදෑසනම ඇසෙන විහඟ ගී රාවය .....................නුඹ,
කවුළු දොරින් හමා ඇදෙන සුළං රැල්ල............ නුඹ,
හෙමින් හෙමින් බිමට වැටෙන මල් පෙත්තයි......නුඹ,
ගොම්මන් කළුවේ වස් දඬු රාවය ඒ ................නුඹ,
දෙවට දිගේ රටා මවන සඳ එළියයි ..................නුඹ,
සුදු අරලිය මල් පෙත්තක මුදු මෙලකයි ............නුඹ,
විල් තෙර පිපි නිල් මානෙල් මල් සුවඳයි............නුඹ,
මා දෙතොලග නිබඳ රැඳුනු කව් පද පෙළ .........නුඹ,
කිසිදා ලංවන්නට බැරි මිරිඟු දියයි...................නුඹ,
ගලා බසින දියපිට ඇඳි සිත්තමක්ය................. නුඹ,
අහස් ගඟෙන් කඩා වැටෙන තරු කැකුලයි ......නුඹ,
නෙත අග නැඟි සීතල පිණි කඳුළු බිඳුව ..........නුඹ,
ගත දවනා නිරතුරු රළු වියළි සුළඟ ...............නුඹ,
ලය පුරවා නැඟෙන සිහින් ඉකි බිඳුමයි ...........නුඹ,
සිත පාරමි පිරුවද හිමි නැති සැනසුම .............නුඹ,
නුඹ ගැන නුඹ ලීව කවිත්, නුඹ ගැන මම ලීව කවිත් දෙකම ලස්සනයි.
ReplyDelete@ Podi Kumarihami,
ReplyDeleteනිරතුරු මුල් පැසසුම ගෙන එන්නේ ඒ.... නුඹ,
මහමෙර සේ නිරතුරු දිරි දෙන්නෙත් ඒ.... නුඹ,
තුතිමල සිත්විල පීදුනෙ නමටයි ඒ....... නුඹ,
ඉටුවේවා! පාරමි පුරනා හිතතුල....... නුඹ,
ගොඩාක් ලස්සන කවි පන්ති දෙකක්. රචකයයි රචිකාවියයි දෙන්නම හැබෑම දක්ෂයෝ බව අපි දන්නවනේ. ඒ පේළි වල රැඳුනු ඒ ලස්සනත් එක්කම, කවි පන්ති දෙකේම අන්තිම පද වලින් පුංචි දුකක් හිතට එකතු කරනවා. ඒත් නිර්මාණය ගොඩක් රසවින්දා.
ReplyDeleteලංවන්නට බෝම දුරයි පහන් තරුව නුඹ
ReplyDeleteසමන් පිච්ච මල් පොකුරක මුදු සුවඳයි නුඹ
මගෙ මුලු සිත වෙලා ගත්ත ආදරයයි නුඹ
ඇසි පිය හෙලනා පමනට සිහිවෙන්නේ නුඹ
ලස්සනයි.........
මැණික්
නොකියමි , කිසිත් පැවසීමට නැති නිසා නොව , පැවසීමට ඇති සියල්ල පෙළ ගැසීමට මා දුප්පත් නිසා.
ReplyDelete