Sunday, September 11, 2011

44. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........8



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

අපර්ණා මාදෙස විමසුම් ඇසින් බැළුවාය. එහි ලියැවුණු ප්රශ්නාර්ථය වැටහුනු බැවින්, මම යටි තොල පෙරලා, හිස දෙපසට වැනීමෙන් පිළිතුරු දුනිමි.

" මම දැහැන්ගත වෙලා වගෙ නැටුම බලාගෙන හිටිය.....ඔන්න සලීම්ගෙ ගීතය අවසන් වෙන කොටම, අනර්කලී රැඟුම අවසන් කරල, සලීම්ගෙ උකුලෙ ඉඳගෙන සලීම්ගෙ බෙල්ල බදා ගත්ත....එතකොටම හාත්පස පැතිරිල තිබුනු හඳ එළිය එක ක්ෂණයකින් නැතිවෙල ගියා.....චිනාර් ගහ යටටත්, අනික් හැමතැනටම වගෙ හිම වැටෙන්ට පටන් ගත්ත.....එක පාරට මහ සද්දෙන් සීතල හිම පියලි එක්ක කුණාටුවක් වගෙ සුළඟක් හමාගෙන ආව......මම සිහිනයකින් ඇවිදිනව වගෙ කලුවරේම ආපහු ගෙදර ආව.....පහුවදාට එලි වෙනකොට සර් මට හොඳටම උණ.....ඒ උණ බැස්සෙ දවස් තුනකට පස්සෙ........තවත් දවස් දෙකකට පස්සෙ, ඇඟට යන්තමින් පණක් ආවම, උදේම මම හෙමිහිට ගියා ආපහු ඒ චිනාර් ගහ යටට....මට ඒ ගමන නොගිහින්ම බැරි උනා...කවුදෝ මට පලයන්, පලයන්, කියල බල කරනව වගෙයි මට තේරුනෙ. චිනාර් ගහ යට කිසිම වෙනසක් මට පෙනුනෙ නෑ.....අනික් හැම තැනම වගෙ හිම වැටිල තිබුන.....හාවො හිවල්ලුන්ගෙ පා සටහන් තිබුන.....මම ටිකක් වෙලා එතන ඉඳල, ආපහු හැරිල හෙමිහිට එන්ඩ පිටත් උනා.....අඩි දහයක් වාගේ එන්ඩ ඇති......මට ආපහු හැරිල බලන්ඩම ඕනය කියල ප්රබල හැඟීමක් ආව......හෙමිහිට එහෙමම නැවතිල, මම ඔලුව හරවල ආපහු බැළුව......"

අප දෙදෙන ඔහු දෙස බලා සිටියේ හුස්ම ගැනීමට පවා අමතක වූ ලෙසිනි.

" චිනාර් ගහ යට හිම ගොඩේ, ඉරු එළියෙ මොකක්ද දිළිසෙනව.......මම ආපහු ගියා.....මට දිවුරන්ට පුළුවනි ඊට මොහොතකට කලින් ඒක එතන තිබුනෙ නෑ කියල......මැඩම් මොකක් කියලද හිතන්නෙ ඒ?"

" අනර්කලීගෙ....... නූපුර......." අපර්ණා සෙමින් තොල මතුලාය.

" හරියට හරි.........මැඩම් හරියටම හිතුවෙ කොහොමද කියලත් මම දන්නව........" සුබයර් පැවසුවේ අපර්ණාගේ මුහුණ එක එල්ලේ බලමිනි.

ඈ ප්රශ්නාර්ථයෙන් සුබයර් ගේ මුහුණ බැලූ නමුදු ඔහු ඒ පිළිබඳව වැඩි දුර කතා නොකලේය.

" දැන් කෝ ඒව?........." මම ඇසුවේ කුතුහලය තවත් ඉවසිය නොහැකි අවස්ථාවේය.

ඊටද පිළිතුරක් දුන්නේ සුබයර් නොවේ. මගේ ප්රශ්නය නෑසුනු ලෙස ඔහු කතාකරගෙන ගියේය.

" අපෙ පරම්පරාවෙන් පැවත එන පුරා වෘත්තයෙ කියවෙන විදිහට, සලීම්ගෙයි අනර්කලීගෙයි ආත්ම ඔය චිනාර් ගහ ආසන්නයෙ, හැමදාටම සැරිසරන්නෙ නැහැ.ආයෙමත් කවදාහරි සලීමුයි අනකලීයි මේ ලෝකෙ ඉපදෙනව. එහෙම ඉපදෙන කල් විතරයි, ඒ ආත්ම ඔතන සැරිසරන්නෙ.......එතකොට ඔය ආත්ම ගන්ධබ්බ,ඒ කියන්නෙ අක්මුල් නැති විදිහට සැරිසරන එකත් නවතිනව................ඊට පස්සෙ අනිවාර්යයෙන් ඒ අයෙ ඉපදුනු අනර්කලී සලීම් දෙන්න ඔතනට එනව.......එහෙම වෙන්නම ඕන,...ඒ තමයි ඒ ප්රේම වෘතාන්තයෙ කූටප්රාප්තිය.........ඒ දෙන්නගෙ ආයෙමත් වෙන් නොවන එකතු වීම......ඒ දෙන්න ආයෙම ඉපදිල ඔතනට ආවම, ඒ ආත්ම සදාකාලිකවම ආයෙත් එකතු වෙනව කවදාවත් ආයෙ වෙන් නොවෙන්නම.සර්ල දන්නවද දැනට අවුරුදු විසිපහක විතර ඉඳල ඔය සංගීත නාදෙ ඇහෙන්නෙ නැතුව ගියයි කියල"........සුබයර් ඇසුවේ අප දෙදෙනාගෙ මුහුණු පිළිවෙලින් පරීක්ෂාවෙන් බලමිනි.

හින්දියෙන් සුබයර් එක දිගට පැවසූව, ඔහුගේ හැඟීම්බර කථා විලාශය නිසා, මට හරිහැටි නොවැටහුනු බව, මගේ මුහුණේ පිලිබිඹු වූ විපිළිසර විලාශයෙන් වටහාගත් අපර්ණා, ඉංගිරිසියෙන් ඒ පැහැදිලි කලාය.

" What he says is that the souls of anrkali & saleem would roam near that tree, only until they are born again in this world.........he says it would happen sooner or later and when that happens the souls would roam lost, no more.......And just listen to this........it's the most important part ......born again anarkali & saleem would one day come to this pre-destined place, definitely............and only then...only then their souls would be united forever ....never to be separated again until the end of time itself.......and do you know what's most interesting of all..........it seems the music hasn't been heard since around 25 years back.........what do you make out of it........?"

I looked at her absolutely stunned......සමාවන්න........විශ්මයෙන් අඩක් විවර වූ මුවින් යුතුව මම ඇගේ වත දෙසම බලා සිටියෙමි.

" Are you thinking what I am thinking " Aparna asked in a small voice,

" Yeah.......I think so........i am not sure whether its true or not & in addition if i can make myself believe it or not..... ......but all the facts point in that direction..........."

" Okay, then in that case let's live up to it.............."

එසේ පවසමින් අපර්ණා එක්වරම අසුනින් නැඟිට රංගනයට සූදානම් වූවාය.

" හරි...මම ලෑස්තියි" ......සිනාසෙමින් පැවසූ මම සන්තූරය අසල අසුන් ගතිමි.

" සමාවෙන්න මැඩම් ".....සුබයර් පැවසුවේ ,මෙතෙක් සඟවාගෙන හුන් කුඩා දම් පැහැ විල්ලූද මංජුසාවක් අපර්ණාට දිගු කරමිනි.

කුතුහලයෙන් යුතුව ඒ අතට ගත් අපර්ණා වහා මංජුසාව විවර කලාය.

" සහන් " .....විශ්මයට පත්වූ ඇය මංජුසාව මා වෙත දිගු කලාය.

එහි ඇත්තේ කුමක්ද යන්න මම ඒ වන විටත් සක් සුදක් සේ පැහැදිළිව දැන සිටියෙමි.....................ඔබටද ඒ අරුමයක් නොවන බව මට සහතිකය......එසේය දයාබර හිතවත/හිතවතිය එහි වූයේ අනර්කලීහේ නූපුරය. රජතමය නූපුරය.වසර පණහකට පමණ ඉහත සුබයර්හට චිනාර් වෘක්ෂය යට තිබියදී හමුවූ නූපුරය.

මොහොතකුදු පමා නොවී එකෙනෙහිම පහත්ව නූපුර පැලඳ ගත් අපර්ණා නැඟිට වටයක් කරකැවී මා දෙස අඩවන් නෙතින් බැලුවේ මෙසේ පවසමිනි.

" Right then......Sahan, my dear........let's do it.....what are you waiting up for?"

ඇය සම්පූර්ණයෙන්ම නිවැරදිය..........තවත් කුමක් බලාසිටින්නද?......මම සන්තූරය වැයූයෙමි...........ශාලාව පුරා පැතිරී යන මියුරු නද අසමින් ආවේශ වූ සේ මම සන්තූරය වැයූයෙමි.........ඇය නැටුවාය..........සිහිනිඟ නලවමින් දෑත් ලෙලවමින්.......නූපුර රාවය දසත පතුරමින් ඇය නැටුවාය.............එක නිමේශයක් තුල ඇයද මමද සහන් සහ අපර්ණා ද නැතහොත් සලීම්සහ අනර්කලී ද යන්න අවිනිශ්චිත විය.ඒ කවුරු හෝ වේවා.......ඒ පිළිබඳව අපගේ කිසිදු තැකීමක් නොවිනි. ඇය නැටුවාය.......මම වැයුවෙමි......

මෙසේ කොපමණ වේලාවක් ගත වීද ඇත්තෙන්ම මම නොදත්තෙමි.

මතු සම්බන්ධයි...............

7 comments:

  1. මේ ඩිංගකට කළිං කතාවේ හත් වෙනි කොටසට මම දාපු කමෙන්ට් එකට අයියණ්ඩි දීලා තිබ්බ හිරිගඩු පිපෙන උත්තරේ කියවලා ගියේ. හපෝයි මේ රෑම මට මේ කොටසත් කියවන්න හිතුණනේ අනේ හැබෑට. මේ ඇත්තමයි කියන්නේ, අර සුබයර්ට ගහ යටින් නූපුර හම්බ වෙන තැන කියවද්දි එළියෙ රැහැයියන්ගේ සද්දේ මට ඇත්තටම ඇහුනේ සීනු සද්දෙ වගේ. මේ තාමත් හිරිගඩු පිපිලා. මං මේ ජනේලෙට පිටුපාලා ඉඳං ලියන්නේ, ජනේලේ ඇරලා බලනවා තියා මට ජනේලේ දිහා හැරිලාවත් බලන්න හිතෙන්නෙ නෑ ඔන්න ඇත්තම කියනවනං.

    ReplyDelete
  2. හපොයි...මේකේ තව වෙන්න තියෙන්නෙ මොකක්ද අයියේ...

    ReplyDelete
  3. අද නම් ඇඟ කිළිපොලලා, හිරිවැටිලා ගියා. අර නූපුර තමා අද කතාවේ නියම කොටස...

    දැන් නම් ටෙලි ඩ්‍රාමා එකක් බලනවා වගේ. ඊලඟ කොටස එනකල් බලාන ඉන්නවා.

    ReplyDelete
  4. අප්පච්චියේ........... අතීතය ඇස් මනාපිටම මැවෙනවා වගේ.........

    හදිස්සී.................යි.......

    ඒක නෙමේ රවී මාමේ පුතණ්ඩියා බලාගන්න මට මගේ හාවා හොඳා...... හික්ස්......

    ReplyDelete
  5. රවි අයියේ ෆිල්ම් එකක් හරි අඩුම ගනනේ ටෙලි ඩ්‍රාමා එකක් වත් හදන්නකෝ ... ඒ තරම් ලස්සන කතාවක්....

    ReplyDelete
  6. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    @ නිසුපා,

    @ Podi Kumarihami,

    @ හා පැටික්කි,(MS)

    @ neetha,

    @ Bindi,

    "මා හිතවත් සහෘදයනි.........ඔබ සැමට මාගේ ගෞරව පූර්වක භක්ති ප්‍රණාමය.

    "

    You were certainly the inspiration that made all these possible..........thanks again......thank you so much.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...