Friday, September 9, 2011
43. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........7
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
" ජහන්ගීර් නෙවෙයි, ඇත්තටම නම්......සලීම්......ඔය චිත්රයෙ ඉන්නව වගේමයි.....එයා ඇස් අඩවන් කරගෙන සන්තූරය වාදනය කරන ගමන්, හෙමිහිට ගීතයක් ගායනා කලා.........ඒ අඩවන් දෑස යොමු වෙලා තිබුනෙ කොහාටද කියල සර්ලට කියන්න පුලුවන්ද?"
ඒ ප්රශ්නය පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇසූ ප්රශ්නයක් නොවූවද.....එසේම අප දෙදෙනාම පිළිතුර හොඳින් දැන සිටියද.....අපි හිස වනා නොදන්නා බව හැඟවීමු.
අපේ හිස් වැනීම සුබයර් නොදුටු බව පැහැදිලිය.දීර්ඝ සුසුමක් හෙලූ හෙතෙම නැවත කතාව ඇරඹීය.
" සුදුම සුදු රනින් වැඩ දාපු සේලයකින් සැරසිල......සන්තූර නාදයට අනුව,, සලීම්ගෙ ගායනය අනුව, ඒ චිනාර් ගහ යට සුදෝ සුදු හිම මත, මට කිසිදාක අමතක නොවෙන තරම් හිත ඇද ගන්නා නැටුමක යෙදිල හිටියෙ........වෙන කවුරුවත් නෙවෙයි.........අනර්කලී,"
" Oh, my god" ..............අපර්ණා පැවසුවේ මෙතෙක් ඉහළට ඇදගෙන සිටි හුස්ම එක්වරම පහලට හෙලමිනි.
" අනර්කලී ආභරණ මොකවත් පැළඳ ගෙන හිටියෙ නෑ............අර චිත්රයෙ අතේ කරේ රත්තරන් පුරවගෙන හිටියට, එතන එයා පැළඳගෙන හිටියෙ රිදී නූපුර විතරයි.....ඒත් ඒ නූපුර වලින් නැඟුනු රාවය.....ඈ රිද්මයට පාද තියල, කැරකිල, ආයෙම පාද පොළවෙ තියනකොට, ඒ නූපුර වලින් නැඟුනු සුමිහිරි නාදය.......මට අවුරුදු පණහකට කිට්ටු කාලයක් ගත වෙලත්, තාමත් ඇහෙනව වගෙ......." කතාව මඳකට නැවත්වූ සුබයර් සෙමින් දෑස පියාගත්තේය........ ඉහලට ගත් හුස්ම දෙතුන් වරක් සෙමින් පහළට හෙලීය......." ඔන්න ඔය ඔය සර්.....ඇහෙන්නෙ නැද්ද ඔය පුංචි රිදී සීනුවක වගෙ සද්දයක්.........ඒ සද්දෙ තමයි එදා මට ඇහුනෙ..........."
ඔබ පිළිගන්නේ නම් පිළිගන්න,.............මම කිසිදු ලෙසකින් අද්භූත සංසිද්ධීන් විශ්වාස කරන්නෙක් නොවෙමි. සන්ධ්යා කාලයේදී චිනාර් ගස දුටු විට මෙන්ම, තානායමේ සිතුවම දුටු කල්හි ද, මසිත වෙලාගත් අද්භූත හැඟීමට කිසිදු යතාර්ථවාදී හේතුවක් මට සිතාගැනීම උගහට වුවද, ඒ සඳහා කිසියම් ස්වාභාවික හේතුවක් ඇතැයිද ඒ වටහාගැනීමට මා අපොහොසත්වීම මගේ ප්රමාදයකැයි ද, යන මතයෙහි මම මෙතෙක් වේලා දැඩිව එල්බගෙන සිටියෙමි. එහෙත් ජීවිත කාලයක් පුරා මා රැකගත් මගේ යතාර්ථවාදිත්වය එක මොහොතකින් බිඳ වැටුනේ එදා ඒ රැයෙහිදීය.
එසේය...සුබයර් පැවසූවේ සම්පූර්ණ සත්යයයි. කුඩා රිදී සීනුවක හඬක් ඉතාම පැහැදිලිව, ඇසෙන්නට විය. ඒ රිදී සීනුවක් බව මම දන්නේ කෙසේදැයි මගෙන් නාසන්න.......එය මම දැන සිටියෙමි......මගේ නම සහන් බව මම සැකයකින් තොරව දැන සිටියේ යම් සේද, ඒ රිදී සීනු හඬ අනර්කලීගේ නූපුර හැඬවෙන රාවය බව ද,එලෙසම මම දැන සිටියෙමි. ඒ හැමටම වඩා විශ්මයට තුඩුදුන් කරුණ වූයේ, ඒ රිදී සීනු හඬ නැඟී ආවේ අප සිටි ශාලාව තුලින්ම වීමයි. නිකුත් වන ස්ථානයක් එක එල්ලේ පැවසිය නොහැකි ලෙස, ඒ මියුරු නාදය ශාලාව තුල සිව්දෙසින්ම එක්වර නිකුත් වන්නා සේ මට හැඟිනි.
අපර්ණා මඳ සිනහවකින් යුතුව, සීනු නාදයට අනුව අත තිබූ වයින් වීදුරුවට තට්ටු කරමින්, ඒ රිද්මයට අනුගත වීමේ උත්සාහයක යෙදුනාය.ඇගේ වතෙහි බියක සේයාවක් වත් නොවිනි.
මෙතෙක් නෙත් වසා සිටි සුබයර් එක්වරම දෙනෙත හැර නැඟී සිටියේය.කිසිවක් නොපවසාම, තානායම ඇතුලට ගිය ඔහු ආපසු පැමිණියේ සන්තූරයක් ද ඔසවාගෙනය.ඉතා පැරණි පෙනුමකින් යුතු වුවද, ඒ ඉතා ආදරයෙන් රැකබලා ගත්තක් බැව් බැලූ බැල්මටම පැහැදිලි වන්නකි.මින් පෙර සිටි අයුරින්ම බිත්තියට හේත්තු වී හිඳගත් හෙතෙම, මේ වනවිට ශාලාවේ සතර දිගින් නැඟෙමින් තිබූ නූපුර රාවය අනුව සන්තූරය වයන්නට විය.
අද්භූත, සිත් අදහා ගත නොහැකි සිදුවීම් මේ ආරම්භ වූවා පමණකැයි පැවසීමට මෙන්, අපර්ණා නැඟිට දෑත් විදහා රඟන්නට වූවාය. සිහින් සහ නම්‍යශීලී සිරුරකින් යුතු ඇයට, නර්තන හැකියාව නිසර්ගයෙන් ලද දායාදයක් වූ අතර, විශ්ව විද්යාලයීය වාර්ෂික සාදයේදී ,දෙවරක්ම නර්තනයට සම්මාන දිනා ගත්තාය. එහෙත් ඒ බටහිර ආර රංගනයන්ටය. මේ මොහොතේ ඇය රැඟූයේ, මම කිසිදාක නොදුටු අපූර්ව ගණයේ රැඟුමකි. ඒ අනර්කලීගේ එදා රැඟුමම බවට මට කිසිදු සැකයක් නොවීය. ඒ මා දන්නේ කෙසේද කියා යලිත් මගෙන් නාසන්න. මම එය දැන සිටියෙමි.කිසිදු සැකයකින් තොරව ඒ එසේ බව පමණක් මම ඉඳුරාම දැන සිටියෙමි.
" Aparna...you never told me you can dance like this............from where did you learn it? " ඇගේ රැඟුම දෙස විශ්මය පත්ව බලාසිටි මම සිහි එලවා ගත හකිවූ ඇසිල්ලේ ඇසුවෙමි.
" What do you mean where I learnt it? " මුව පුරා සිනාසෙමින් රඟන අතර ඇය පිළිවදන් දුන්නාය." I never knew I can dance like this......but sahan, can't you see?........I can't stop......it's like....it's like someone is making me do it..........but I like it....really like it.....it's a great feeling ...like you are flying away in the blue sky with nothing to worry about........it's ....it's ....just exhilarating.........."
මම ඔබට මින් පෙර පැවසූ පරිදි විශේෂිත යම් අදහසක් ප්රකාශ කිරීමේදී අප දෙදෙන ඉංගිරිසියෙහි පිහිට පැතීමට පුරුදුව සිටියෙමු.
" සර් මේ සන්තූරය පොඩ්ඩක් වාදනය කරල බලන්ටකො........" මා දෙස නෙත් යොමු කරමින් ඒ ඇරයුම සුබයර්ගෙනි.
ජීවිත කාලයටම සන්තූරයක් ප්ථම වරට දුටුවේ අද වුව ද, මට ඒ පිළිබඳව කිසිදු චකිතයක් නොවීය. සුබයර් හිඳ සිටි ස්ථානයේම එරමිණිය ගොතා හිඳගත් මම, සන්තූරය වාදනය කරන උපකරණ ( ඒවා හඳුන්වන්නේ මෙzස්රාසබ් යනුවෙන් බව මම පසුව දැන ගතිමි ) දෑතට ගෙන සෙමින් සෙමින් වාදනය කරන්නට වීමි..........විශ්වාස කරන්න........සහෘදය,.....it's like someone is making me do it.......යනුවෙන් මොහොතකට පෙර අපර්ණා පැවසූවෙහි සත්යතාව, මට එකෙනෙහිම අවබෝධ විය.......මම සන්තූරය වාදනය කලා නොව සත්ය වශයෙන්ම සිදුවූයේ මගේ ඇඟිලි වල රැඳි වාදන උපකරණ සජීවී වස්තූන් ලෙස සන්තූරය මත දිවයමින් කන්කළු නාද රටා මැවීමයි. මම කලයුත්ත වූයේ ඒවා අල්ලගෙන සිටීම පමණකි.මේ වනවිට අපර්ණා රැඟුමේ උපරිම අවස්ථාවට ලඟාවී සිටියාය............මුව පුරා සිනාසෙමින් ,දෑත් ලෙලවමින්, කරකැවෙමින් ඈ මනරම් රංගනයක යෙදුනු අතර මම සන්තූරය වාදනයේ යෙදුනෙමි..........( මා ඉටු කල කාර්යය වාදනය කිරීමකැයි ඔබට නිර්වචනය කිරීමට හැකිනම්......හෙහ්, හෙහ් )
එක්වරම නූපුර රාවය නෑසී ගිය අතර, සන්තූරයේ හඬද කෙමෙන් මැකී ගියේය. මුවග රැඳුනු මද සිනාවකින් යුතුව රැඟුම සහ වැයුම නරඹමින් සිටි සුබයර් ගේ මුහුණේ ප්රශ්නාර්ථයක් මතුවිය. එහෙත් එක් වරම යමක් අවබෝධ වූවා සේ නැඟී සිටි හෙතෙම, නැවත වරක් මුවින් නොබැනම ඉක්මන් ගමනින් ශාලාවෙන් පිටවිය. අපර්ණා අසුනේ ඇද වැටුනාය. මම ද නැඟිට ඈ අසල අසුන්ගත්තෙමි.
" මහන්සිද? " මම වයින් ස්වල්පයක් වත්කරන අතර ඇසුවෙමි. " නෑ අනේ කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ......." ඇ සිනාසෙමින් පැවසුවාය.
එදින සවස මේ සිදුවූ සිදුවීම් සමූහය අද දින නැවත ආවර්ජනය කිරීමෙහිදී, අදහාගත නොහැකි සේ නිතැනින්ම පෙනී ගිය ද, එහිදී ඒ මොහොතේ මට මෙන්ම අපර්ණාටද ,ඒ කිසිවක් අද්භූත සිදුවීම් ලෙස කිසි ලෙසකිනුදු සිතුනේ නොවේ. එබැවින් අප දෙදෙන සුවපහසු ලෙස අසුන් ගෙන, කිසිදු චකිතයකින් තොරව ඈ රතු වයින් ද ,මම විස්කි ද, තොල ගාමින් සිටියේ ජීවිතයේ කිසිදාක දැක පවා නොපුරුදු රංගනයක, කෘතහස්ත ලෙස යෙදීම මෙන්ම මුල්වරට එදින දුටු සංගීත භාණ්ඩයක්, හුරුපුරුදු ලෙස වාදනය කිරීම ද, ඉතාම ස්වාභාවික, එසේම ජීවිතයේ සෑම දිනකම සිදුවන හිරු පෑයීම, සුළඟ හැමීම වැනි ස්වාභාවික සංසිද්ධිලෙස සලකා විය යුතුය.
ස්වල්ප වේලාවකට පසු සුබයර් සෙමින් පැමිණ, ඔහුගේ සුපුරුදු ස්ථානයෙහි අසුන් ගත්තේ බෙහෙවින් කල්පනාවෙන් බරවූ විලාසයකිනි.
" සර් මම අර කතාව ඉවර කලේ නැහැනෙ..........කිසිම කෙනෙකුට මෙච්චර දවස් නොකිව්ව කොටසකුත් තියනව, ඒත් සර්ටයි මැඩම්ටයි අනිවාර්යයෙන් ඒ කතාව කියන්ටම ඕන....මගෙ හිත මට එහෙම බල කරනව...."
මතු සම්බන්ධයි...............
අනර්කලී ගේ රංගනය බලන්න කැමතිනම්...මෙන්න,
Subscribe to:
Post Comments (Atom)
කවිකාර පොතක්ම ලියමු නේද? දැන් ඉතින් ඔය සුබයර් කවුද? එයත් අනාර්කලීගේ කාලේ හිටපු කෙනෙක් නැවත උපත ලබලද?...:)
ReplyDeleteඅපොයි දැනුයි සිංදුව බැලුවේ. අනාර්කලීගේ ලස්සන ... මම ඔය වගේම කෙනෙක් දන්නවා....එයා ඉන්නේ මෙහේ....:D:D:D
ReplyDeleteපේන විදියට අක්බර් ගොය්යත් එයාට ආදරේ කරලා වගේ....:)))
@ Podi Kumatihami,
ReplyDelete/ කවිකාර පොතක්ම ලියමු නේද? /
හෙහ්...හෙහ්.....පොතක් ලියන්ට නේද?......ඒකත් බැරිකමක් නෑ.........වලව්වෙං බර පැන දරනවානම්.........මම දාන්නම් පොතේ මුලින්ම....."සදාදරණීය ස්තූතිය .........දයාබර පොඩි කුමාරිහාමිට" ........කොහොමද........නරකම නැහැ නෙවද?.........හෙහ්, හෙහ්,
/ දැන් ඉතින් ඔය සුබයර් කවුද? එයත් අනාර්කලීගේ කාලේ හිටපු කෙනෙක් නැවත උපත ලබලද?...:) /
කියන්ටත් බෑ තමයි......මටත් හිතෙන්නෙ එහෙම වෙන්ට ඇති.........
ane ithin mehema aparada karanna epa. kathawa hamadama lassanama thanakata genath kuthuhalaya thiyala nawaththanawa, (mata puruduwela thiyenne mokak hari ahu unoth ekahusmata kiyawala iwara karanna :( )saren sare blog ekata awith balanawa koi weleda anith kotasa kiyala, man blog godak kiyewwata ada thama first time comment karanne, ane aiye me kathawanam harima lassanai thawa godak liyannako..
ReplyDeleteඅක්බාර් මේතරම් කැත මිනිහෙක් කියලා මම හිතුවේ නෑ බං
ReplyDeleteමේ මහ රෑ මේක කියවද්දි නිකං රිදී සීනු හඬ ඇහෙනව ඇහෙනව වගෙයි... හරිම පුදුම කතාන්දරයක්...
ReplyDelete@ Anonymous,
ReplyDeleteස්තූතියි ඔබටත්......හැකි විගස කතාව ඉවර කරන්නම්......
@ හිස් අහස,
ReplyDelete/ අක්බාර් මේතරම් කැත මිනිහෙක් කියලා මම හිතුවේ නෑ බං /
හෙහ්, හෙහ්, මල්ලි උඹ තියා මම හිතුවෙත් නෑ ඔන්න ඇත්තම කිව්වොත්.....
ඔන්න දැක්කද මාමණ්ඩිලගෙ තරම......ඔව්ව උඹටත් හොඳ පාඩම් මලේ...ඇහුණැයි?
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDelete/ මේ මහ රෑ මේක කියවද්දි නිකං රිදී සීනු හඬ ඇහෙනව ඇහෙනව වගෙයි... හරිම පුදුම කතාන්දරයක්.../
බොහොම ස්තූතියි නංගි.......ඔයාගෙ කමෙන්ට් එක හැමදාම මට වටිනව කියන්ට බැරි තරමට....හෙහ්, හෙහ්,
හෙහ්......සීනු සද්දයක් ඇහෙනව වගේ නේද?.....කෝකටත් හෙමිහිට ජනේලෙ ඇරල බලාපං අනර්කලී ඇවිල්ල ද කියල........හෙහ්, හෙහ්,
මං පරක්කුයි........
ReplyDelete