Monday, September 5, 2011
40. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......4
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
ඇය වෙව්ලනුයේ අධික ශීතල නිසා ද නැතහොත් හදිසියේම දුටු වනස්පතියේ සිත් කළඹවන සුලු දසුන නිසා ද යන්න මට සිතා ගත නොහැකිය.
" It's really spooky....you know......I have got goose bumps all over me......And why do i get this strange feeling I have been here before?............it's uncanny.....a sort of déjàvu feeling, "
වසර පහක් ඉන්දියාවෙ ගතකල මගේ හින්දි භාෂා දැනුම ඉහල මට්ටමක පැවතියද විශේෂිත අදහසක් හුවමාරු කර ගැනීමේදී ඉංගිරිසියේ පිහිට පැතීම අපි පුරුද්දක් වශයෙන් කලෙමු.
" I am having the identical feeling Aparna..........I can't understand it anymore than you.......but you know it's driving me crazy,"
" යමු සහන්......අනේ යමු.......මෙතන ඉන්න එක එච්චර හොඳ නැහැ......."
අවසන් වරටත් වනස්පතිය දෙස බැලූ මම, ( ඒ වනවිට ඒ නැවත මිහිදුම් සළුවෙන් වැසී තිබිණි,) අපර්ණාද සමඟ මෝටර් රියට ඇතුළුව එතැනින් පිටත් වීමි.
ඒ සුළු කාලය ඇතුලත හිම පතනය වේගවත් වී තිබුණු අතර මිහිදුම ද පොළව වසා ගන්නට අහසින් එලන ශ්වේතවන් ඇතිරිල්ලක් මෙන් දසත විහිදෙමින් තිබිණි.
" මේ විදිහට අද ශ්රී නගර් යන්න බෑ අපර්ණා......අතර මඟ ටයර් එකක් වත් ගියොත් මේ පාළු පාරෙ කාට කියන්නද?.....මම කියන්නද අපි මේ කිට්ටුව කොහෙ හරි හොඳ තැනක් බලල නැවතිල හෙට උදේ යමු " මම පාරදෙසම නෙත්යොමු කොට, ඉතා සෙමින් රිය ධාවනය කරන අතර පැවසුවෙමි.
" ඕකේ......එහෙම කරමු" අපර්ණා දෑත පොරවාගෙන ආසනයේ තවත් ගුළි ගැසෙමින් පැවසුවාය.කඳු මුදුනේ දුටු දර්ශනයෙන් ඇති වූ කම්පනයෙන් ඈ තවමත් නොමිදුනු බව ඇගේ බියපත් දෑස සාක්ෂි සැපයීය.
" බය වෙන්න එපා ළමයො..." මම ඇගේ සුරත ගනිමින් පැවසුවෙමි.
පිළිතුරු ලෙස ආයාසයෙන් සිනහවක් පෑ ඇය මගේ අත තවත් තදින් අල්ලා ගත්තාය.
කිලෝ මීටර තුනක් හෝ හතරක් අප එලෙස මිහිදුම් මැදින් එන්නට ඇත.පාරේ වම්පස පිහිටි තානායමක් වන් ගොඩ නැගිල්ලක විදුලි ආලෝකය මිහිදුම් අතරින් එක් වරම දර්ශනය වූයෙන් මම මෝටර් රිය ඒ වෙතට හැරවූයෙමි.
ඉපැරණි ගලින් බැඳි ආරුක්කු යුගලකින් සමන්විත වූ පෝටිකෝව යට රිය නතර කල මම අපර්ණා ද සමඟ ආලින්දයට පිවිස වසා තිබූ දෙපියන් ප්රධාන දොරටුව අසල එල්ලා තිබූ පිත්තල සීනුව නාද කලෙමි.
මිනිත්තු කිහිපයකට පසු විවර වූ දොරින් පෙනී සිටියේ උස් සිරුරකින් යුත් මුහුණ පුරා වැඩුනු ඝන රැවුලකින් යුත් සැට වයස් පමණ වූ පුද්ගලයෙකි.
" අච්චි සාමා මහෝද්යාණ....කා ස්වාගතා...ස්වාගතා.....කරේ මෙම් අතේ හයිම් යාහා නිසීතා රූපා නේ අප්නේ ඝාරා හයි....."
" good evening sir, good evening madam,..... Welcome...... Welcome.... please come in..... this is certainly your home"
ඇඳුම් සහ වෙනත් අත්යාවශ්ය ආම්පන්න සහිත ගමන් මළු ඔසවාගෙන, අප දෙදෙන පිටත අධික ශීතලෙන් මිදෙනු වස් හැකි විගස ඇරුණු ද්වාරයෙන් ඇතුළු වූයෙමු.
ඉන්දීය රජය මඟින් බොහෝවිට මහජන සේවයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම තානායම් සේවය , බ්රිතාන්ය යටත් විජිත සමයේ සිට පැවත එන්නකි.
සුවිසල් සාලයට පිවිසි මට හැඟුනේ නැවත වසර සියයක අතීතයට එක් වරම පිවිසියාක් මෙනි. ඉපැරණි ගලින් සැදුණු ගිනි උඳුනේ ඇවිලුනු ගින්න ගත මෙන්ම සිතද උණුසුම් කලේ එක මොහොතකිනි. තද දුඹුරු පැහැ කලාල ඇතිරූ ගෙබිම පාවහන් ඉවත් කරනට අපට අවසර ලබා දුනි. ගිනි උඳුන අසල සුව පහසු ආසන දෙකක දිග ඇදුනු අප දෙදෙන අත් පා ගින්න දෙසට දිගුකොට උණුසුම් වන්නට වීමු.
" තේ ද කෝපි ද සර්? " හිස නමා ගෞරව සම්ප්රයුක්තව ඇසූ තානායම් භාරකරු පියවර කිහිපයක් පසුපසට විය.
" මොනවද අපර්ණා?" .........මම ඇය දෙසට හැරෙමින් විමසුවෙමි.
" Coffee.......black " ඇය පැවසුවේ තානයම් භාරකරු දෙසට හැරෙමිනි.
" ඕ කේ. මැඩම්, By the way........my name is Zubair " පැවසූ තානායම් භාරකරු ඈත බිත්තියේ වර්ණයට සමාන වර්ණයෙන් තිර දැමූ දොරටුවකින් පිටවී ගියේය
ඔහු පිටවී ගිය දෙස ටික වෙලාවක් බලාසිටි අපර්ණා එක වරම ඉද්ද ගැසුවාසේ හුනස්නෙන් නැඟිට ඉක්මන් ගමනින් ශාලාවේ ඈත බිත්තියේ එල්ලා තිබූ විශාල ප්රමාණයේ චිත්රයක් වෙත ගියාය. මොහොතක් ඒ නැරඹූ ඕ "සහන් මෙහෙ එන්නකො " වික්ශිප්තවූ හඬකින් මා ඇමතුවාය. මමද ගින්නේ උණුසුමෙන් ඉවත්ව ඈ වෙත ගියෙමි.
" මේ බලන්නකො"........ඈ එම සිතුවම වෙත සුරත දිගුකලාය.
සිතුවම දෙස නෙත් යොමුකල මට දෑස් අදහා ගත නොහැකි විය.මම අසුරු සැණෙකින් වසර පහළවක පමණ කාලයක් ගෙවා කාලයේ තිමිර පටලයන්ගෙන් වැසී ගිය අතීතයකට ලඟාවීමි. සත්වන වසරේ ඉගෙනුම ලබද්දී එක් සන්ධ්යාවක ශ්රී ලංකාව නම් කුඩා දිවයිනෙහි මහනුවර නගරය ආසන්න එක් කුඩා නිවෙසක සහන් නම් වූ කොලු ගැටයකු වික්ශිප්ත කරවූ ඒ දර්ශනය ......එලෙසම අද සැතපුම් දහස් ගනනකට මෙපිට ඉන්දියාව නම්වූ සුවිසල් රාජ්යයේ කාශ්මීර දේශසීමාවට ආසන්න හුදකලා දහනමවන සියවසේ පමණ නිමැවුනු රජයේ තානායමක ඇතුල් ශාලාවේ පසුපස බිත්තියේ එල්ලා තිබෙන සිතුවමක චිත්රණය කොට තිබෙනු දැකීමෙන් අතිශය පුදුමයට පත් නොවන්නේ සියලු හැඟීම් දමණය කල මුනිවරයකු පමනක් නොවේද?
මම කෙලෙසකවත් එබඳු මුනිවරයකු නොවන්නෙමි. එබැවින් විය යුතු ලෙසම මම විස්මයපත් දෑසින් ඒ සිතුවම දෙස එක හෙලා බලා සිටින්නට වීමි.
එහි වූයේ සුවිසල් ශාලාවෙක පොළවෙහි ඇතිරූ කලාලයක හිඳ අර මා ඔබට මින් පෙර පැවසූ අපූර්ව සංගීත භාණ්ඩය වයමින් ගායනයේ යෙදෙන කඩවසම් එසේම ප්රතාපවත් තරුණයාය.ඔහු ඉදිරියේ සුරලොවින් බට සුර ලියක සේ රඟනා අර රුවති යුවතියය.සිතුවම කොපමණ තීක්ෂණ බුද්ධියකින් නිමවා තිබුණිද යත් එ යුවතිය දැන් දැන් සිතුවමින් අප හිඳිනා ශාලාවට බැස සජීවීව රඟනු ඇතැයි මට හැඟී ගිය බව අසත්යයක් නොවේ.
" සහන්.......මේ මම අර හීනෙන්ද කොහෙද දැක්කයි කියල ඔයාට කියාපු දෙන්න " ......අපර්ණාගේ බියපත් කටහඬ මා නැවත පියවි ළොවට ගෙන ආවේය.
එක්වරම හැරී එකිනෙකාගේ මුහුණු දෙස බැලූ ඇයද මාද නැවත සිතුවම දෙස බලා සිටින්නක වූයේ ඉන් දෑස් ඉවතට ගත නොහැකි වූ සේය.
මතු සම්බන්ධයි
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කතාවක්. ජීවිතේ සමහර වෙලාවට අදහන්න බැරිදේ සිද්ද වෙනවා. ඒවා තේ රුම් ගන්න හරි අමාරුයි.
ReplyDeleteමැණික්
මදැයි! මං හිතාගෙන උන්නෙ මේ කොටසෙදී ගහේ පැතුම ඉටු වෙලා (අර මුල් කොටසෙදී අන්තිම කමෙන්ට් එකේ කවි පෙළේ රවි අයියා ලිව්වේ ගහේ පැතුම ) කතාන්දරේ ඉවර වෙයි කියලනේ...
ReplyDeleteමමත් හිතුවේ කතාව ඉවරයි කියලනේ. මේ ටික නම් නියම 'මධුමතී'.
ReplyDeleteඅපර්නා කලු කෝපි එකට සීනි හැඳි දෙකක් දැම්මද කියලා පොඩ්ඩක් සහන්ගෙන් අහන්ටකෝ?...:D:D:D
ඇත්තටම ලස්සනයි...
ReplyDeleteඉතීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊං........
ReplyDeleteරවි මුත්තා මං මාමා කීවට තරහා නෑනේද????? රන්දි නැන්දා එහෙම කතාවක් කියලා තිබුනා.......... :D :D
.@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDelete/ මදැයි! මං හිතාගෙන උන්නෙ මේ කොටසෙදී ගහේ පැතුම ඉටු වෙලා කතාන්දරේ ඉවර වෙයි කියලනේ.../
හුහ්.....එහෙම කොහෙද බොල ගස් කවි කිව්වට මම ගණන් ගන්නවද?.........මෙ දවස්වල රෑ දෙගොඩහරියෙ හීනෙං එනවනෙව ඔය ජෝඩු දෙකම......ඇවිදිං හිට මෙන්න මෙහෙමයි උනේ රවී......අන්න අරෙහෙමයි උනේ......කිය, කිය, එක වදයයි.....රෑ තිස්සට නෑ ඇහැ එක ඩිංගක් පියාගන්ට, ඒ නිසා මේක ඇදං යන්ට වෙනව අඩු ගනනෙ ඉල් මහ වෙනකල් වත්,
@ Podi Kumatihami,
ReplyDelete/ මේ ටික නම් නියම 'මධුමතී'. /
බුද්දිමය දේපොල පනත යටතේ මදුමතීට විරුද්දව බැරිවෙයිද දන්නෙ නෑ නඩුවක් පයිල් කොරන්ට.........අර වලව්වෙ අබ්බකාත් නෝනෙ ඇවිල්ල ඉන්න වෙලාවක මයෙ මැණිකෙ අහල බලන්ටකො ඩිංගිත්තක්,
/ අපර්නා කලු කෝපි එකට සීනි හැඳි දෙකක් දැම්මද කියලා පොඩ්ඩක් සහන්ගෙන් අහන්ටකෝ?...:D:D:D /
අම්මප, මයෙ දෙයියොන්ට නම් දිවැස් තියනව.....හෙහ්, හෙහ්,........... හරියට හරි නෙව, අනෙ අම්මප, මේ මම දකින හීනම පොඩි මැණිකෙටත් පෙනෙනවද මංද........
@ ඉන්දික,
ReplyDeleteඇත්තටම ස්තූතියි........:):)
@ හා පැටික්කි,(MS)
ReplyDeleteඔන්න ඔන්න ඉතිං යාන්තං ටිකක් එකලාසයක් උනා විතරයි...ආයෙම මයෙ ප්‍රෙසර් එක නග්ගන්ටද යන්නෙ නහුතෙට.....
රන්දි නැන්ද......හුහ්, මතක් කොරන්ට එපා ඔය අම්මණ්ඩි......අනෙ අම්මප මතක් වෙන කොටත්....මොකටද ඉතිං ඒ හරිය..........
@ මැණික්,
ReplyDelete/ ජීවිතේ සමහර වෙලාවට අදහන්න බැරිදේ සිද්ද වෙනවා. ඒවා තේ රුම් ගන්න හරි අමාරුයි. /
ඇත්ත මැණික්.....එහෙම වෙන එකම තමයි ජීවිතේ අපූර්වත්වය......
Don't try too hard to understand life....just enjoy it,
මේක අන්තිම වෙනකන් සද්ද නැතිව කියවල අන්තිමට කමෙන්ට් කරන්නං කියල හිටියෙ.
ReplyDeleteසලීම්-අනර්කලී පෙම් කතාව මම අහල තිබුණෙම නෑ රවි අය්යෙ, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සලීම්- මෙහෙර්-උල්-නිසා කතාවත් පෙම් කතාවක් (Indu Sundaresan ගේ The Twentieth Wife) විදියට මම කියවල තියෙන එක...
http://chejanas.blogspot.com/2010/05/blog-post_06.html
මට ඒ නිසා පොඩි කළකිරීමකුයි අමනාපෙකුයි වගෙත් දැනෙනව...
හප්පොච්චියේ, ඉල් මහ වෙනකල්??? කොයි අවුරුද්දෙදෑ?
ReplyDeleteරවි අයියේ, මට තව ප්‍රශ්නයක් තියේ. සහනුයි අපර්ණායි ඇයි ඒ දෙන්නගෙම අතීතෙට බය උනේ ගහ යටදී? ඒකට උත්තරේ කතන්දරේ ඉතිරි කොටස් වලින් ලැබෙයිනම් කමක් නෑ දැන් කියන්න එපා.
නියම කතාව අයියේ.මාත් හිතුවෙ නම් මේ කොටසින් ඉවරයි කියලයි.
ReplyDelete@ චේජනා,
ReplyDeleteසලීම් - අනර්කලී පෙම් පුවත ඓතිහාසිකව ස්ථිර වුනු එකක් නෙවෙයි.ජනප්‍රවාද යටතටයි ගැනෙන්නෙ. අපෙ ඔය සාලිය- අශෝකමාලා වගේ මම හිතන්නෙ.
ඒත් නූර් ජහාන් ජහන්ගීර්ගෙ අග බිසව කියල නම් ඉතිහාසයෙ සටහන් වෙනව.මම මුලින්ම ඒ ගැන කිව්වෙ මෙහෙම.
/ අටසියයකට අධික වූ අන්තඃපුර බිසෝවරුන් හෝ රූපයෙන් අගතැන් පත් නූර් ජහාන් බිසව හෝ ඔහුගේ සිත් තැවුල පලවා හැරීමට සමත් වූයේ නොවේ. /
අනර්කලීගැන කරපු විමර්ශනයක් මෙන්න මෙතන තියනව,
http://www.apnaorg.com/columns/majid/col8.html
/ මට ඒ නිසා පොඩි කළකිරීමකුයි අමනාපෙකුයි වගෙත් දැනෙනව.../
දැන් මේ කවුරු එක්කද අමනාපෙ....මා එක්ක එහෙම නෙවෙයි නේද?.......මට හිතෙන්නෙ සලීම් එක්ක වෙන්න ඕනෙ....එහෙමයි?......අයියෝ ඒ අහිංසකය එක්ක මොකටෙයි අමනාප වෙන්නෙ?......ජීවිතේ ඔහොම තමයි නංගි.......තුන් ඈඳුතු ප්‍රේම කතා කියන්නෙ බොහොම අපූරු ඒ වගේම රසවත් විෂයයක්,
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDelete/ සහනුයි අපර්ණායි ඇයි ඒ දෙන්නගෙම අතීතෙට බය උනේ ගහ යටදී? /
එක පාරටම නොහිතූ විදිහට ජීවිතේ මුලින්ම දුටු දෙයක් අපිට හරිම සමීප වගෙ දැනෙනකොට මට හිතෙන්නෙ හැඟීම් දෙකක් ඇති වෙන්න පුළුවන්...එකක් සතුටත් එක්ක මුසුවුනු කුතුහලයක්......අනික බියක්......ඒ ස්ථානයට සම්බන්ධව තමන්ගෙ පෙර අත්දැකීම මොන ආකාරද කියන කරුණ මත තමයි මට හිතෙන්නෙ ඒ හැඟීම රඳා පවතින්නෙ........
@ නිසුපා,
ReplyDeleteස්තූතියි.....නිසුපා....පිස්සුද එහෙම කරල කොහොමද?......මාත් ඔය කීයක් හරි හොයාගන්ට එපාද.......හෙහ්, හෙහ්,