Thursday, September 8, 2011

42. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........6



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

" ඔය චිනාර් ගහ යට තමයි ජහන්ගීර් අධිරාජය මැරුනෙ..........." සුබයිර් එසේ පවසා අප දෙදෙනාගේ මුහුණු බැලුවේ අප ඔහු කියන්න විශ්වාස කරන්නේදැයි ස්ථිර කර ගැනීමට විය යුතුය.

" Yeah...may be he has something there......I remember reading somewhere that jahangir died around here from excessive consumption of alcohol. "

මම හෙමිහිට අපර්ණාට ඉංගිරිසියෙන් පැවසූයේ සුබයර්ට මා කියන්න වටහා ගත නොහැකිවනු පිණිසය. මා අපර්ණා සමඟ යමක් සෙමින් පවසනවා දුටුවද ඒ පිළිබඳව කිසිත් සඳහන් නොකල සුබයර් දිගටම කතා කලේය.

" ජහන්ගීර් කියන්නෙ සලීම්..........ජහන්ගීර් මැරෙනකල්ම එයාට අනර්කලී අමතක උනේ නෑ..........දවල් දවසෙ අවදියෙන් ඉන්න මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ මතකයේ රැඳුනෙ අනර්කලී,. රෑ නින්දට ගිය මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ සිහින වල රජකලේ අනර්කලී. අන්තිමට අවුරුදු හතලිහකට පස්සෙ ඔය චිනාර් ගහ යට ජහන්ගීර් මැරෙන මොහොතෙ අනර්කලී ඇවිත් තියනව එයා ළඟට"

" ඒත් එයාලගෙ ආත්ම වලට එකතු වෙන්ට ලැබිල නැහැ........ඒ ආත්ම එකතු වෙන්ට ලැබෙනකල් ඔය මහ ගහ ලඟ සැරිසරනව කියලයි අපෙ පරම්පරාගත විශ්වාසෙ.ජහන්ගීර් මැරිච්ච වෙලාවෙ ඒ ළඟම හිටපු සෙබල කණ්ඩායමේ නායකය තමයි අපෙ පරම්පරාවෙ මීමුත්ත. එයාගෙ ඉඳල අපෙ පරම්පරාවම ඔය කතාව අකුරක් නෑර විශ්වාස කරනව....ඒ වගේම මම මගෙ දෑහින්ම දැකලත් තියනව....සර්,...මම උපන්නෙ, අදටත් මම ජීවත් වෙන්නෙ ඔය කඳු ගැටේ එහා පැත්තෙ බෑවුමේ තියන පුංචි ගම්මානෙ...ඒ නිසා මම මේව ගැන හොඳාකාරවම දන්නව...."

" මොනවද සුබයර් දැක්කෙ?" ............... අපර්ණා ඇසුවේ ලැබෙන පිළිතුර පිළිබඳව සිතෙහි යම් අවිනිශ්චිත භාවයක් පැවතියද ඒ දැනගැන්මට ඇති කුතුහලය මැඩ ගත නොහැකි පරිද්දෙනි. මම එක් වරම ඈ දෙස නෙත් යොමු කලෙමි. පුදුමයකට මෙන් ඇගේ දෑසෙහි මම දුටුවේ බියපත් වූ ස්වභාවයක් නොව කුතුහලය සහ විශ්මය මුසුවූ හැඟුමකි.

සුබයර් එවර කටහඬ අවදි කලේ, අපර්ණාගේ හඬටම සරිලන අයුරු රහසක් පවසන්නාක් මෙනි. ආසනයේ දිග ඇදී හොඳ හැටි හේත්තු වූ මම, දකුණතින් අපර්ණාගේ වමත අල්ලාගතිමි. ඇය මගේ අත දෑතින්ම ගෙන ඇගේ උකුල මත තබාගෙන, මා මෙන්ම ආසනයේ ඇලවී හිඳගත්තී, සුබයර් දෙස දෑස් දල්වා බලා සිටියේ ඔහු මේ ඊළඟට පවසන දෙයට එකම වදනක් හෝ අත නොහැර සවන් දිය යුතුමය යන දැඩි අධිෂ්ඨානයෙන් මෙනි.

" පුරා හඳ පායල තියන දවස්වලට.......හරියටම ශීත සෘතුවෙ අන්තිම කාලෙ දවස්වලට.......ඔව්.....හරියටම මේ අද වාගෙ දවස්වලට, ඔය ගහ යටින් ඇහෙනව සලීම්ගෙ ගායනය........ඒ වගේම සන්තූරයෙ වාදනය.....අනර්කලීගෙ නර්තනයෙ නූපුර රාවය.........මේ බොරුවක් නෙවෙයි මැඩම්......මයෙ මේ කණ් දෙකට ඇහිල තියනව කිව්වම මොකද................"

සුබයර්ගේ තම තියුණු හඬින් කොඳුරා කියූ ඒ වදන් මා ගත පුරා හිරිගඩු ඇතිකරන්නට නිරායාසයෙන්ම සමත් විය. අපර්ණාද ඒ හැඟුම එලෙසින්ම විඳි බව මගේ සුරත ග්රහණය කොට තිබුණු ඇගේ දෑතේ වෙව්ලන ස්වභාවය මට නිසැකව පසක් කළේය.

" දැන් මොනවද ඔය දැක්කය කිව්වෙ?..........ඊට කලින් කියන්න මොකක්ද ඔය කියන සන්තූරය..........." ශාලාව පුරා එකවර පැතිරීගිය ගුප්ත බව බිඳ දැමීමේ අටියෙන් මම මදක් හඬ නඟා ඇසුවෙමි.

" සන්තූරය කියන්නෙ සර් පැරණි පර්සියානු සංගීත භාණ්ඩයක්.......ජහන්ගීර්ගෙ කාලෙ බොහොම ජනප්රිය වෙලා තිබ්බ........අදටත් මේ පළාතෙ, අපි නම් විශේෂ අවස්ථාවලට සන්තූරය තමයි ගන්නෙ.......අර චිත්රෙ සලීම් වාදනය කරෙන්නෙ.....අන්න ඒක තමයි සන්තූරය......." සුබයර් සිතුවම දෙසට සුරත දිගු කලේය.

" හරි දැන් සර්ගෙ මුල් ප්රශ්නෙට මම එන්නම්......ඒ සංගීත නාදය ඇහෙනකොට අපි කවුරුවත් ඒ පැත්තට වත් යන්නෙ නෑ.......ඒ තහංචිය අපි හැමෝම පිළිපැද්ද......ඒත් මට වයස දාසයක් වගේ කාලෙ....දන්නවනෙ සර් ඔය නහයට අහන්නෙ නැති කාලයක් එනවනෙ හැමෝටම, මම දවසක් ඔය සංගීත නාදෙ ඇහෙන කොට හෙමිහිට කාටත් හොරා ඔය කන්ද උඩට නැග්ග....මට මේ වැඩේ බලන්ට පුදුම ආසාවක් එදා තිබුනෙ......"

සුබයර් කතාව නවතා, මොහොතක් දෑස පියාගෙන බිත්තියට හේත්තුවී සිට, කිහිප වරක් ගැඹුරින් හුස්ම ඉහලට ගෙන නැවත සෙමින් පිට කලේය..........ඒ ඔහුගේ සිත සන්සුන් කර ගනු වස් බව මම හොඳින්ම දැන සිටියෙමි. අතීතයේ සිදුවූ කුමක් හෝ වේවා, ඔහු මේ අපට විස්තර කිරීමට සැරසෙන සිදුවීම තවමත් ඔහු සිත තදින්ම කළඹවන සුලු බවට වෙනත් සාක්ෂි කුමකටද?

" චිනාර් ගහට කිට්ටුවෙන්ට, කිට්ටුවෙන්ට, මාව නිකම් කාන්දමකට අහුවෙලා ඇදිල යනව වගේ තේරුන......කොහොම හරි ගහට මම කිට්ටු උනා අඩි පනහක් හැටක් තරමෙ............මීදුම ගන සැරේට............හිත් හෝදිසියට ගියා මිසක කිසි දෙයක් පෙනුනෙ නෑ.........එක පාරටම මීදුම නැතිවෙලා ගියා සර්.............හඳ පායාගෙන ආවෙ හරියට කවුදෝ වෙලාව බලාගෙන ඉඳල ස්විච් එකක් තද කලා වගෙ.....ඒ දැකපු දර්ශනේ මම හිතන්නෙ මම මැරුණු දාකවත් මගෙ හිතෙන් මැකිල යයිද මම නම් දන්නෙ නෑ........."

අපර්ණා ද මමද එකම විට අප දෙදෙනාගෙ මුහුණු දෙස බැලුවේ පෙර සාකච්ඡා කොට එකඟ වූ පරිදිය............ඇගේ දෑස් විශාලවී තිබූමුත් එහි කිසිදු බියක් තවමත් සටහන් වී නොතිබීම මගේ විශ්මයට හේතු නොවූයේ මටද කුතුහලයක් විනා කිසිදු බියක් නොදැනුනු බැවිනි.

" හතර වටේටම එක දිගටම හිම වැටුනට..... ගහ යට, ඒ කිට්ටුව පුදුමෙකට වගෙ හිම වැටුනෙ නෑ......බිම යන්තම් හිම තට්ටුවක් තිබ්බ අඟල් හතරක පහක විතර.....වැටෙන හිම නිසා හඳ වැහිලය තිබුනෙ කියල මම කිව්වනෙ.....ඒත් විස්වාස කරන්ට සර් ඒ ගහ යට හඳ එළිය පැතිරිල තිබුනෙ දවල් වාගෙ.......එතන ඇත්තටම මැවිල තිබ්බෙ අමුතුම ලෝකයක්......හතර වටේ පරිසරේ වෙන දේවල් එතනට අදාල නෑ....එතන සිද්ද වෙන්නෙ එතනට අදාල දේවල් විතරක්දෝ කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ........"

අපර්ණාද මමද සුබයර් ගේ කතාවට වශී වී සිටියේ ඉහලට ගත් හුස්ම පහලට හෙලීමට පවා අමතක වූ ලෙසය..........

" Sahan......what do you think?..............he can't make up all these........can he?"

" No, Aparna.....I really don't think so......see...... he is really living it up again.............no one can bluff so well.....except a really good actor and.....I don’t think he is acting....not at all, "

සුබයර් ගේ අතීතාවර්ජනයේ මද විරාමයකදී අප දෙදෙන එකිනෙකාට කොඳුරා ගත්තේ සුබයර් ට නෑසෙන පරිදිය. එහෙත් ඇත්තෙන්ම එසේ කලයුතු නොවුනේ ඔහු මේ වනවිට පියවි ලොවින් බොහෝ දුර ඔහුගේම මතක ලොවකට පිවිස සිටි බැවිනි.

" චිනාර්.... ගහ.... යට.... හිටියෙ..... ජහන්ගීර්........" සුබයර් නැවත නිමේශයකට පසු පැවසුවේ වදන් එකින් එක වෙන වෙනම උච්චාරණය කරමිනි.ඔහුගේ දෑස අඩවන් වී තිබිණි...... ඔහු ආශ්වාස ප්රශ්වාස කලේ ආයාසයෙනි.........

මතු සම්බන්ධයි................

14 comments:

  1. හදිස්සී.....................යි........


    අනේ අනේ රවී මාමේ මමාගේ පුතාට ඇති කරන්න මගේ හාවා මාව දෙන්නැ. එහෙව් එකේ මොටද ඔය වැඩි දුරක් හිතන්ට ගියේ......

    ReplyDelete
  2. අද තමයි මම මේ කතාව දැක්කේ.. එක හුස්මට කියවගෙන ගියා. හරිම ලස්සනයි. පාඩමත් පැත්තක දාලා කියවන්න පටන් ගත්තා.. :D

    ReplyDelete
  3. ඔන්න දැන් නම් හොඳම කෑල්ල එන්ටයි යන්නේ. පොඩ්ඩක් ඉන්ට මම දුවලා, දුවලා ගිහින් සීනි හැඳි දෙකක් දාපු කලු කෝපි කෝප්පයක් ගේන කල්.

    හපොයි අනාර්කලී මේ පැත්තටත් එයිද?...:)

    ReplyDelete
  4. හ්ම්ම්... ඒ දෙන්නා මිනිස් භවයක ආයෙත් ඉපදිලා ඉන්දැද්දී ඒ දෙන්නගේ ආත්මය (විඥානය වෙනත් ස්වරූපයකින්) සැරිසරන්නේ කොහොමද? අනේ මං මේ කතාවේ අඩුපාඩු හොයනවා නෙවෙයි රවි අයියේ කතාව ඇත්තටම ගොඩක් සමීපව දැනෙන නිසා ඇත්ත කතාවක් විදිහට හිතන්න පෙළඹෙනවා වැඩියි. ඒකයි මේ හැටි පුරස්න අහන්නේ. සමා වෙන්ට හොඳද.

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි රවී . One of your best writing..

    ReplyDelete
  6. @ හා පැටික්කි,(MS)

    ඔන්න ඕක නෙව උඹල එක්ක බැරි.....එක හිතක් නැහැ නෙව...මාමෙ මාමෙ කියාගෙන පස්සෙං එනව.......ඒත් අවංකව කතා කලාම පස්ස ගහනව.....මොනවද බං .....මේ වැඩ?

    හරි ...හරි....බොලේ මට තේරුනා....උඹේ හිතේ තියන ආසාව.....ආයෙ ලැජ්ජ වෙන්නෙ මොකටෙයි?.....මට තේරෙනව.......අපිත් ඔය වයස පහු කරල නෙව ඉන්නෙ...හෙහ්, හෙහ්,

    මේ.....හාවියෙ.....එහෙම නෙවෙයි......ඔය හාවට බම්බු ගහගන්නෙයි කියහං.......උඹෙත් ආසාව නෙව......හරි මයෙ කොලුව මම කියන දේකට පිටිං යන්නෙ නෑ............එහෙනං ඔන්න හරි........ආයෙ පස්ස ගහන්ට ඔට්ටු නෑ......ඕකේ?

    ReplyDelete
  7. @ කින්නරාවි,

    හපොයි.....සාදරයෙන් පිළිගනිමි.......පාඩම අත අරින්ඩ එපා...ඒකත් ඔය ගමම්ම කොරගෙන යන්ට.....හෙහ්..හෙහ්,

    හැබැයි.....කැචයි හොජේ.......අර කෙත්මිටයි අනුක්ටයි වෙච්චි දෙයක් නෑ නෙව.....

    ReplyDelete
  8. @ Podi Kumatihami,

    අපොයි....මයෙ දෙය්යො මොකට කරදර වෙනවද?.......කෝපි ඕනය කියාල ඩිංගිත්තක් මට කියැව්වනං මං සුරුස් ගාල කෝපි තනාන ඇන්න එනව නෙවද?............හෙහ්, හෙහ්,

    ReplyDelete
  9. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    අනේ නෑ නංගි මම එහෙම හිතන්නෙ නෑ...තුන් හිතකින් වත්.....මම දන්නව නෙව ඔයා මේ කතාවට කොච්චර කැමතිද කියල........ස්තූතියි නංගි.....

    හරි, ඔයාගෙ ප්‍රශ්නෙට එමු.......ඔයාගෙ කතාව ඇත්ත.......අපේ විශ්වාසෙ හැටියට නැවත උත්පත්තියක් ලැබුවොත් ආත්මයක් පවතින්න බැහැ තමයි......ස්තූතියි නංගි ඒ අඩුපාඩුව පෙන්නල දුන්නට......මම ඊළඟ කොටසෙ ඒක හදන්නම්......

    ReplyDelete
  10. @ Bindi,

    Thanks bindi, thank you so much............

    ReplyDelete
  11. කෙත්මිගෙයි අනුක්ගෙයි කතාවෙ ඉතුරු ටික ළඟදිම දානවා... මේ ඇවිල්ල mid summer break :D

    ReplyDelete
  12. සුපිරි, හැමදාමත් වගේ.

    ReplyDelete
  13. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    කතාවෙ මම අදහස් කලේ ඔයා කියල තිබුනු විදිහටම තමයි....ඒ කියන්නෙ ආයෙ ඉපදුනාම ආත්මය වෙන තැනක තියෙන්න බැහැ........ඒක හරි, ඒ ටික පැහැදිලිව නොකිව්ව එකයි අඩුපාඩුවක් උනේ........ඔයාට ප්‍රශ්නයක් උනෙත් ඒක මම හිතන්නෙ........ලබන කොටසෙ ඒක පැහැදිලි කරන්නම්.......කතාවෙ වෙනසක් වෙන්නෙ නෑ..........

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...