පෙම් කතාවේ මුල් කොටස
දෙවන වසරේ මුල්ම දවස.......මමත් දැන් ජේෂ්ඨ ශිෂ්යයෙක්මි යන හැඟීමෙන් යුතුව උදෑසනම මම විශ්ව විද්යාලය වෙත පිය මැන්නෙමි.
දහස් ගනණක් නවක සිසු සිසුවියන්ගේ කෙළිලොල් සිනහ හඬ අසමින් නවකයින් හා සුහද සිනහවන් හුවමාරු කර ගනිමින් මිතුරන් සමඟ උදය වරුව ගත කල මම දිවා ආහාරයෙන් පසු පුස්තකාලය අසල ඇති නිල් මහනෙල් මලින් ගැවසි කුඩා පොකුණ අබියස සුවිසල් නුග ගසක් සෙවනේ පැනවූ අසුනකට බරවී ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලියැවුණු පොතක් කියවමින් සිටියෙමි.
ඒ දෛවෝපගත දින මා කියවමින් සිටියේ මෝගල් අධිරාජයාගේ පුත්‍ර සලීම් සහ අනර්කලී අතර පැවතුනායයි පැවසෙන සුපතල ප්‍රේම වෘතාන්තය ගැන සඳහන් කොටස බව අදට ද මාගේ මතකයෙහි පැහැදිළිව සටහන් වී ඇත්තේ ගලෙක කෙටූ අකුරක් මෙනි. මෙම පෙම්පුවත පිළිබඳ බොහෝ අපැහැදිළි තැන් ඇති බැවින් අනර්කලී යනු සත්‍ය වශයෙන්ම ජීවත් වූ යුවතියක්ද යන්න ස්ථිරව ප්රකාශ කල නොහැකි බව ඒ පරිච්ඡේදය අවසන සඳහන් විය.
පොතෙහි ඒ කොටස කියවා අවසන මම පොත වසා දමා මා හිඳ සිටි ගලින් නිම කල අසුන ඉදිරිපස වූ ලා රත් පැහැති ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟ දෙස නෙත් යොමා පසුවුවද මා සිත පැවැතියේ ඉන් බොහෝ ඈත වසර සාර සියයකට එපිට ලාහෝරයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඒ පෙම් පුවත පිළිබඳ කරුණු විමසමිනි.
සලීම් සහ අනර්කලීගේ ප්‍රේම ලෝකයෙන් මිදී, එක්වණම මසිත නැවත පුස්තකාලය අසල ගල් අසුන වෙත පැමිණියේ, හදිසියේ ඇසුණු යුවතියන් පිරිසකගේ කිකිණි සිනහ හඬකිනි.මම පෙර ඔබට පැවසූ පෙත් මඟේ මා හිඳසිටි ආසනයට අඩි විස්සක් පමණ දුරකින් වූයේ තියුණු නැම්මකි. දෙපස රූස්ස ගස් වැලින් වැසුණු මේ නැම්මෙන් එක්වරම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ සුරූපී යුවතියන් සිව් දෙනෙකි.නිල් පැහැති ජීන්ස් සහ නොයෙක් වර්ණයෙන් යුතු ලිහිල් කමිස වලින් සැරසුණු ඔවුන් නවක සිසුවියන් බව වටහා ගැනීමට කිසිදු අපහසුවක් නොවුනේ, ඔවුන් සුරතේ රැඳුණු නවකයින්හට ලියාපදිංචි වීමේදී ළබාදෙන අලහබාද් විශ්ව විද්යාලීය ලාංඡනය පැහැදිලිම සටහන් වූ අත් පොත හේතුවෙනි.
කුමන හෝ ඔවුන් අතරෙහි කෙරුණු කවට කමකට මහත් හඬින් සිනා සෙමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් කිසිදු වග විභාගයක් නොමැතිව පෙත් මඟ ඔස්සේ පැමිණි ඔවුහු එක්වරම මා දුටුවෝ, විපිළිසරව ගොස් සිටි තැන් වලම පාෂාණිභූත වූවාසේ නතර වූවෝය.
සිව්දෙනම එක සේ රුවින් සපිරි වූ වද ඒ අතර වූ තෙවැන්නියගේ වත මඬල හැර අනෙකුත් යුවතියන් තිදෙනා පිළිබඳ ව කිසිදු මතකයක් එදින මහදෙහි සටහන් නොවීය.තවත් බොහෝ කලක් ගතවූ පසු දිනෙක "එදා අර අපි දෙන්න මුලින්ම දැක්ක දවසෙ, තව ඔයාගෙ යාළුවො තුන්දෙනෙකුත් හිටියයි කිව්වට.....මම හිතන්නෙ ඔයා කියන්නෙ බොරු...එදා මම දැක්කෙ නම් ඔයාව විතරයි" ඇයගේ අත ගෙන ඒ ආසනයේම හිඳගෙන මම පැවසූයේ අසත්‍යයක්ම නොවන බව මට දිවුරා ප්රකාශ කළ හැක.
ඔවුන් පාෂාණිභූත වූවා සේම මමද ගල් ආසනය මත තැබූ ගල් පිළිමයක් මෙන් ඇගේ වත දෙසම දෑස ඉවතට ගත නොහී බලා සිටියෙමි.
ජීවිතයේ මින් පෙර කිසිම දිනක මුණ නොගැසුණු තැනැත්තකු/තැනැත්තියක නොසිතූ විරූ ලෙස හදිසියේ හමුවූ අවස්ථාවක මේ මම මෙතෙක් කලක් සොයමින් සිටි පුද්ගලයා නොවේද?........මොහු/මැය නොමැතිව මම මෙතෙක් කලක් ජීවත් වූ යේ කෙසේද?..........මින් පෙර මොහු/මැය මට හමු වූයේ කොහේදීද?......ජීවිත කාලයක් සෙවණැල්ලසේ ළඟින් සිටියාමෙන් දැනෙන මේ හැඟීමට හේතු කවරේද?
ඔබට ඉහත හැඟුම් ජීවිතයේ කිසිදු විටෙක දැනී ඇත්නම් ඔබ ඉහත ප්රසශ්න වලට ජීවිතයේ එක්වරක් හෝ මුහුණ දී ඇත්නම් මා එදා මුහුණ දුන් තත්වය වටහා ගැනීම කිසිසේත් අසීරු නොවනු ඇත.නො එසේව ඔබ මෙවන් තත්වයකට මුහුණ දී නැත්නම් කරුණා කර එම තත්වය වටහා ගැනීමට හෝ අවම වශයෙන් උත්සාහ කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යළි ඇරඹී..........විශ්වය අලුතින් බිහි වේවා,......ඔබෙම වී මා...මගේම වී ඔබ.....අපේම වී අප ඉපදේවා!!!
යමුනා විනෝදනීගේ ලයාන්විත හඬ අලහබාද් විශ්ව විද්යාඅලයේ පුස්තකාලය අසල පිහිටි පොකුණ වටා දිවෙන ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟක රැව් දුන්නේය. එසේය.....ඇගේත් මගේත් දෑස් එකට වෙලී අප අනිමිස ලෝචනයෙන් ගත කල ඒ නිමේශය,.....ඇගේ යෙහෙලියන් සපථ කල පරිදි ඒ නිමේශයක් බව මම ද පිළිගන්නෙමි. ඇයද ඒ පිළිගන්නීය. එහෙත්...........ඇයටද මාහටද ඒ නිමේශය කල්පයකි......කාළය නැවතුනු නිමේශයකි. විශ්වය යළි ඇරඹි නිමේශයකි.
අවසන කල්පය ගෙවී ගියේය. විශ්වය අළුතින්ම නැවත බිහි විය.එතෙක් අප දෙදෙන එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියෙමු.
" අපර්ණා........ක්යා බාත් හේ? " ඇගේ යෙහෙළියකගේ විශ්මය රැඳුනු හඬ අප දෙදෙන නැවත පියවි සිහියට ගෙන ආවේය.
" අපර්ණා.....මොකද වෙලා තියෙන්නෙ?......."
යෙහෙලිය දෙස බලා ආයාසයෙන් මුවඟට සිනහවක් නඟා ගත් ඇය " නෑ අනේ මොකුත් නෑ, අපි යමු " පවසමින් යෙහෙළියගේ අත අල්ල ගත්තාය.
මා ඉදිරියෙන් නිහඬව ගමන් ගත් ඔවුහු පුස්තකාලය අසල වූ මලින් පිරුණු අසලියා ගොමුවෙන් වැසී නොපෙනී ගියහ. එහෙත් අවසන් මොහොතේ යෙහෙළියනට මදක් පසු වූ ඇය ආපසු හැරී එතෙකුත් ඇය දෙසම දෑස් දල්වා බලා සිටි මා දෙස එක එල්ලේ බලමින් ලජ්ජාශීලී මන්දස්මිතියකින් මට සංග්ර්හ කළාය.
එදින සවස් වන තුරුම මම ඒ අසුන මතම ගත කල මුදු නැවත පොත නොකියවූයෙමි.ඈත අහසේ හිරු බස යන අයුරු.....පරවියන් කැදලි කරා පියඹ්න අයුරු බලා සිටියද මගේ සිත පුරා රැඳී සිටියේ ඇයයි....ඇගේ ලජ්ජාශීලී මඳ සිනහවයි.මගේ නෙත පුරා පිරී සිටියේ ඇයයි,........ඈ අසලියා මල් ගොමුව අසලදී ම දෙස හැරී බැලූ අයුරුයි.
එදිනට පසු සති කිහිපයක් මම ඇය නොදුටුවෙමි.ඇගේ නම දන්නා බැවින් ඇය කුමන පාඨමාලාවක් හදාරන්නේද යන්න සොයා ගැනීම එපමණ උගහට නොවූ වද මටම නොවැටහෙන යම් ගුප්ත කරුණක් හේතු කොට ගෙන මම ඉන් වැළකුණෙමි.
සමහරවිට මාතෘ භූමියේ සිට සතපුම් එක්දහස් තුන්සියයක් ගෙවා ඇය සොයා පැමිණි මට, දෛවෝපගත ලෙස ඇය මුණ ගැසුණු මට,ඇය යළි හමුවීම කාළය පිළිබඳ ප්රශ්නයක් පමණක්ම බව මගේ යටි සිත පැහැදිළිව දැන සිටීම ඊට හේතුව ලෙස මම විශ්වාස කරමි.
ඇයටද එසේම හැඟුණු බව ඇය මා හා පසුව පැවසුවාය.
මතු සම්බන්ධයි...............
Just one word ''Super''
ReplyDeleteඉක්මනට ලියපං අයියෙ, කමෙන්ට් කළේ නැති වුණාට හොරෙංම ඇවිත් කියවනව මං....
ReplyDeleteමේක කියවද්දි මේව උඹට ඇත්තටම අත්දකින්ඩ වෙච්ච පුනරුප්පත්ති කතාවක්ද කියල හිතෙනව..
මට හිතාගන්ඩ අමාරු හරියට උඹල දෙන්න දිහා ඒ ලඟම ඉඳන් මාත් බලං හිටිය වගේ හැඟීමක් මට ඇතිවෙන්නෙ ඇයිද කියලයි??
හ්ම්ම්ම්ම්........
ReplyDeleteඉතින් ඉතින් අයියා........
කියෙවුවා .. හෙට අදහස දෙන්නම් .. කරන්ට් එක යන්න වාගේ ! ලයිට් අඩු වැඩි වෙනවා
ReplyDelete//ජීවිතයේ මින් පෙර කිසිම දිනක මුණ නොගැසුණු තැනැත්තකු/තැනැත්තියක නොසිතූ විරූ ලෙස හදිසියේ හමුවූ අවස්ථාවක මේ මම මෙතෙක් කලක් සොයමින් සිටි පුද්ගලයා නොවේද?........මොහු/මැය නොමැතිව මම මෙතෙක් කලක් ජීවත් වූ යේ කෙසේද?..........මින් පෙර මොහු/මැය මට හමු වූයේ කොහේදීද?......ජීවිත කාලයක් සෙවණැල්ලසේ ළඟින් සිටියාමෙන් දැනෙන මේ හැඟීමට හේතු කවරේද?//
ReplyDeleteමට නම් හිතෙන්නේ මෙහෙම හිතෙන්න කවුරුහරි දකින්න ඕනෙත් නෑ....DDD
කතාව ලස්සනයි. හින්දි ඉගෙන ගන්නේ බූරාගෙන්ද?...:)))
පුනුරුප්පත්තියක් වගේ.ලස්සනට ගලාගෙන යනවා කතාව.ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.
ReplyDeleteමුළු කතාවේම කැටි උන ලස්සනට මෙන්න මේ ඡේදයෙන් තවත් මොකද්දෝ එකක් එකතු උනා.
ReplyDelete/* සමහරවිට මාතෘ භූමියේ සිට සතපුම් එක්දහස් තුන්සියයක් ගෙවා ඇය සොයා පැමිණි මට, දෛවෝපගත ලෙස ඇය මුණ ගැසුණු මට,ඇය යළි හමුවීම කාළය පිළිබඳ ප්රශ්නයක් පමණක්ම බව මගේ යටි සිත පැහැදිළිව දැන සිටීම ඊට හේතුව ලෙස මම විශ්වාස කරමි. */
ඒ ඡේදයෙන් කියවෙන හැඟීම මොකද්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ, ඒත් ඒක හරිම වටින, ගැඹුරු දෙයක් කියලා තේරෙනවා. I think that is called FAITH.
.@ Bindi,
ReplyDeleteJust four words......Thank You So Much,
@ hansakinkini,
ReplyDelete/ මේක කියවද්දි මේව උඹට ඇත්තටම අත්දකින්ඩ වෙච්ච පුනරුප්පත්ති කතාවක්ද කියල හිතෙනව../
මෙහෙමයි, නංගි....මේ විදිහටම නොවුනත් පොඩි කාලෙ ඔය ජීවිතේ ඉස්සෙල්ලම ගිය තැනකට ගිහාම ඒ තැන හරිම හුරු පුරුදු බවක් දැනෙන එක, ඒ වගේම ඉස්සරෝම දැක්ක කෙනෙක් කලින් කොහෙදි හරි දැකල අඳුනනවය කියල හැඟෙන එක,.....අන්න ඒ වගෙ මම හිතන්නෙ බහුතරයකට පොඩි කාලෙ දැනෙන හැඟීම් මටත් අනන්ත අප්‍රමාණ දැනිල හැඟිල තියෙනව......
ඉන්දියාව ගැන නම් ඇත්තටම මගෙ හිතේ මටවත් තේරුම් ගන්ට බැරි සමීප හැඟීමක් නම් අදටත් තියනව........හෙහ්, හෙහ්,
/ මට හිතාගන්ඩ අමාරු හරියට උඹල දෙන්න දිහා ඒ ලඟම ඉඳන් මාත් බලං හිටිය වගේ හැඟීමක් මට ඇතිවෙන්නෙ ඇයිද කියලයි?? /
අඩේ...ඔන්න බලාපං ඉතිං.....අපර්ණත් කිව්ව නෙව ඔය කතාව.....අර නුග ගහ යට ඉඳන් කවුදෝ අපි දෙන්න දිහාවෙ බලා ඉන්නවය කියල එයාට හැම වෙලේම හිතුනය කියල........අම්මප, එතකොට ඒ උඹ නේද?......ඔන්න බලාපංකො ඒකෙත් හැටි ..........හෙහ්, හෙහ්,
@ හා පැටික්කි ( MS ),
ReplyDeleteඉතින් ඔන්න ඊට පස්සෙ මේ දෙන්නා..............බොහෝම සන්තෝසෙන් චිරාත් කාලයක් ජීවත් වූහ.
They Lived Very Happily......Ever After,
@ හිස් අහස,
ReplyDelete/ කරන්ට් එක යන්න වාගේ ! ලයිට් අඩු වැඩි වෙනවා /
ඔය විදුලි බල මණ්ඩලේ Warning එකක් බං, හෙටම ලයිට් බිල ගෙවපන්.....නැත්තං උඹෙ ලයිට් කපයි.......හෙහ්, හෙහ්,
@ Podi Kumatihami,
ReplyDelete/ මට නම් හිතෙන්නේ මෙහෙම හිතෙන්න කවුරුහරි දකින්න ඕනෙත් නෑ....DDD /
හෙහ්..හෙහ්...පොඩ්ඩි ඇත්ත කතාව....ඇහැට නොදැකපු කෙනෙක් ගැනත් එහෙම හැඟීමක් ඇතිවෙන්න බැරිකමක් නෑ......හිත කියන එක මහ පුදුම දෙයක් නෙව......
@ නිසුපා,
ReplyDeleteස්තූතියි නිසුපා.........
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDelete/ ඒ ඡේදයෙන් කියවෙන හැඟීම මොකද්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ, ඒත් ඒක හරිම වටින, ගැඹුරු දෙයක් කියලා තේරෙනවා. I think that is called FAITH. /
Yes, Nangi, to be precise it's called " Faith of your Destiny......"