රංජිත් අයිය මුණගැහිල මගෙ හිතේ වේදනාව කියන්න ඕන කියල හිතිලයි මම නුවර ආවෙ.
" සචිනි මාව දාල ගියා අයියෙ " මම ඒ ටික කිව්වෙ පපුවෙන්ම එන වේදනාව දරාගෙන. ඒ කරල මම වීදුරුව පුරව ගත්ත.
රංජිත් අයියයි ජානකී අක්කයි මූණින් මූණ බලාගත්ත. ඒ කරල දෙන්නම මගෙ මූණ බැලුවෙ එක පාරටම.
" මල්ලි, උඹ එන්නෙ තනියම කියල උදේ කියනකොට මට හිතුන මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියල......හරි......ප්‍රශ්නයක් තියනම් විසඳුමකුත් තියෙන්ඩම එපාය.....කියන්නකො මොකද උනේ කියල.......සචිනි මම අඳුරගත්තෙ උඹ හින්දයි. හැබැයි ඒ ටික කාලෙදි මම තේරුම් ගත්ත විදිහට, සචිනි කියන්නෙ පොළවෙ පය ගහල ඉන්න, යමක් අවබෝධ කර ගන්න පුලුවන්, ප්රශ්නයක් දිහා යථාර්තවාදීව බලන්න පුලුවන් කෙල්ලෙක්.මම මේව උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මල්ලි, උඹත් මේව හොඳින්ම දන්න නිසානෙ සචිනිට කැමති උනේ........හරි...මම මේ කියන්ඩ හදන්නෙ උඹ වැරදියි කියල එහෙම නෙවෙයි......උනේ මොකක්ද කියල හරියටම කියාපංකො ඉස්සරවෙලාම............"
රංජිත් අයිය ඒ ටික කියල අක්කගෙ මූණ බැලුව.
" ඔව් මල්ලි, කියන්නකො මොකද උනේ කියල " ජානකී අක්ක කිව්වෙ නැමිල මගෙ උරහිසට තට්ටුවක් දාන ගමන්.
" සමහර විට මට හිතෙනව අයියෙ සචිනි මාව දාල යන්ඩත් ඔය අයිය කියාපු එයාගෙ යථාර්තවාදීව ප්රශ්නයක් දිහා බලන පුරුද්ද හුඟක් දුරට හේතු වුනාය කියල. මට එහෙම හිතෙනව වෙලාවකට. සචිනි කියන්නෙ අසාධාරණය ඉවසන කෙල්ලෙක් නෙවෙයි."
" හෙහ්.....හෙහ්.....ඒ කියන්නෙ ඔයා පිළිගන්නව මෙතන ඔයා අසාධාරණයි කියල......එහෙමද අජන්ත?"
" ඒක හරියටම හිතාගන්ට බැරුව තමයි, මම මේ දහ අතේ කල්පනා කරන්නෙ....අයියෙ,මම අසාධාරණද? නැද්ද?.......අසාධාරණයි නම් ඇයි මම එහෙම අසාධාරණ විදිහට හැසිරුනේ?........මම සාධාරණ නම් සචිනි මාව දාල ගිය එකට මම මේ හැටි තැවෙන්නෙ ඇයි? ඔන්න උත්තර නැති මගෙ හිතේ වදදෙන ප්‍රශ්න"
" අනික් ප්රශ්න නම් මම දන්නෙ නෑ අජන්ත..... අන්තිම ප්රශ්නෙට උත්තරේ නම් මම දන්නව.......සචිනි ඔයා දාල ගිය එකට ඔයා තැවෙන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි ඔයා සචිනිට ආදරේ නිසයි......කවුද සාධාරණ කවුද අසාධාරණ කියන ප්රාශ්නෙ පස්සෙ විසඳ ගමු......සමහර විට ඒ ප්රශ්නෙට උත්තරයක් කවදාවත් හොයාගන්නත් බැරිවෙන්ඩ පුලුවන් සමහර විට....ඒත් ඔයාගෙ අන්තිම ප්රශ්නෙට උත්තරේ නම් ඔයා සචිනිට ආදරේ නිසා කියන එක තමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ මල්ලි........." ජානකී අක්ක කිව්වෙ මගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන......එයා කතා කරල ඉවර වෙනකල් මම එයාගෙ මූණ දිහාවෙම බලා ඉඳල දිග සුසුමක් හෙලුව.
" අක්ක කියන්නෙ ඇත්ත කියල මටත් හිතෙනව අක්කෙ.......ඒත් මේක විසඳුමක් කර ගන්න බැරුවයි මම මේ ඉන්නෙ..........අපි තවත් කාට හරි ආදරෙයි කියන්නෙ, එයාට ඕන විදිහට අපි වෙනස් වෙන්න ඕනමද?..........මට ආදරේ නම් මම කියන විදිහට අඳින්න, පළඳින්න, හැසිරෙන්න කියල අපි ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තියගෙන් ඉල්ලන්ට අපිට අයිතියක් තියනවද?.......එතකොට, මට ආදරේ නම් මම කැමති විදිහට අඳින්න, පළඳින්න, හැසිරෙන්න, මට ඉඩ දෙන්නය කියල එයා ඉල්ලුවොත් මොකක්ද අපේ උත්තරේ?........දෙන්නම අඩියක් පස්සට අරගෙන Compromise එහෙකට එනවද?නැත්නම් හරි, මේ කාරණේදි ඔයාගෙ කැමැත්තට මම ඉඩ දෙනව...හැබැයි අර කාරණේදි මට ඕන විදිහටයි මම කරන්නෙ කියල එකඟතාවයකට එනවද?........මේව ලේසියෙන් උත්තර හොයන්ට පුලුවන් ප්රශ්න නෙවෙයි අයියෙ......මට මේ ගැන සචිනි එක්ක කතා කරන්ට අවංකවම උවමනාව තිබුන....ඒත් මගේම අවාසනාවට ඒ අවස්තාව ලැබුනෙ නෑ......නැහැ, මම මම ඒ අවස්තාව ලබා ගත්තෙ නෑ......සචිනිත් දෙතුන් පාරක්ම මේ ගැන කතා කරන්ට ඇවිත් ආයෙම වචන ගිලගෙන නිකම් හිටිය කියල මට හිතෙනව......ඒ වෙලාවෙ උනත් මට තිබුන ඒ ගැන කතා කරන්න...ඒත් මම එහෙම කලේ නෑ.....මට දැන් හිතෙනව මම ඒ ගැන කතා කරන්ට බය උනාය කියල......ඒ කියන්නෙ මම වැරදියි කියල මගෙ යටි හිතේ තිබුනු නිසා මම බය උනා ඒ ගැන කතා කරන්ට...මට දැන් හිතෙන්නෙ එහෙමයි."
කියාගෙන කියාගෙන ගිහිල්ල මම නතර වෙලා රංජිත් අයියගෙ මූණ බැලුව..." අයියෙ, සමා වෙන්න මගෙ හිතේ වේගෙට මම කියාගෙන කියාගෙන ගියා....." කතාව පටන් ගත්තු වෙලාවෙ පුරව ගත්තු වීදුරුව මම හිස් කලා.
" අපොයි මල්ලි එහෙම හිතන්න එපා.....උඹ අපේ ගෙදර ආවෙම ඕකටමනෙ,.....හිතේ තියන දුක වේදනාව කියල හිත නිදහස් කර ගන්න නේ....ඉතිං උඹ දැන් කරන්නෙත් ඒකම නෙ. ඉතිං ඒක කලයි කියල මම මොකටද උඹ එක්ක තරහ වෙන්නෙ...."
"මගෙ කතාව රංජිත් අයියෙ මම කියන්නම් මුල ඉඳලම..........එහෙම කිව්වොත් තමයි මම හිතන්නෙ, මම ගැන, මම ක්රියාකරන විදිහ ගැන හරි වැටහීමක් ඔයාට උනත් එන්නෙ.......මම මේ කියන්නෙ කිසිම විදිහකින් නිදහසට කාරණා එහෙම නෙවෙයි.....මට අනුකම්පාවක් අවශ්යත් නෑ අයියෙ........මට ඕනෙ මගෙ කතාව සාවධානව අහන් ඉන්න කෙනෙක්..........මම වැරදි උනත් අඩුම ගනනෙ මම ඒ විදිහට හැසිරුනේ ඇයි කියලවත් තේරුම් ගන්ට බැරිඋනත් තේරුම් ගන්ට උත්සාහවත් කරන කෙනෙක්........අයිය වගේ කෙනෙක්........සමහරවිට මම පරක්කු වැඩි ඇති...........මේ ප්රශ්න පටන් ගන්න කොටම අයියට මම මෙව්ව විවෘතව කිව්ව නම්, සමහරවිට මේ ප්රශ්නෙ අපිට මෙච්චර දුර දිග නොයා විසඳ ගන්ට තිබුන. ඒත් මොන දෙයක්ද මන්ද අයියෙ, අයිය ගැන කීප සැරයක් මතක් වෙලත් මට අයියට කතා කරන්න හිතුනෙම නෑ.මට ඕන කම තිබ්බෙ මට හිතෙන්නෙ මමම මේ ප්රශ්නෙ විසඳ ගන්ට. ඒක බරපතල වැරදි තීරණයක් කියල මට තේරෙන්නෙ දැන්..........''
හන්තාන සිපගෙන ආපු හීතල හුළඟක් මගෙ ඇඟ කිලිපොලාගෙන හමාගෙන ගියා.....හඳ මොහොතකට වලාකුලකට වැහුන........පල්ලෙහ පේන රේල්පාර අඳුරෙ ගිලිල නොපෙනි ගියා......මීවතුර වංගුවෙ රතු පාට සිග්නල් එළිය විතරක් අඳුර කපාගෙන දිලිසුනා.....මම ඒ දිහා ටික වෙලාවක් බලා හිටිය. ලෝකෙම කළුවර වෙලා සෑහෙන වෙලාවක් ගත උනා.හඳ ආයෙම කොයිවෙලේ හරි මතු වෙයි කියල මම ටික වෙලාවක් බලා හිටිය.................
' මම කතාව පටන් ගන්නම් අයියෙ මගෙ පොඩි කාලෙ ඉඳලම.......අපෙ අම්ම අප්පච්චි දෙන්නම ගුරුවරු......මට වයස අවුරුදු තුනක් වෙද්දි අප්පච්චි නැති උනා. ඊට පස්සෙ මගෙ මුලු ලෝකෙම උනේ මගෙ අම්ම.......අම්මගෙ මුලු ලෝකෙම උනේ මම..............''
මතු සම්බන්ධයි...............

ඉක්මනින් ඉතුරු ටික දාත්වා.. :)
ReplyDeleteහරිම ප්‍රායෝගික කතාවක් !
යථාර්තවාදී කෙල්ලන් සදා පෙම්වතියන්ම පමණි. ඈතමුන්ට උන්ගේ ප්‍රේමයෙහි ගෑඹුරද මිහිරද සුන්දරත්වයද උස්මුරුත්තා වේ..
උස්මුරුත්තාව බලවත් වූ කල්හි පිරිමියාගෙ යටි සිතෙහි හීනමානි සිතුවිල්ලෙන් මෙහෙයවනා ලදුව , 'මේ ගෑනිගේ නම් මොකක් හරි අවුලක් තියනවා' කියා සිතෙන්නට පටන් ගනියි... ඒත් අවුල කොහේදෑයි නොතේරේ...
පිරිමියා අන්දමන්ද වී, බකල වී , අන්තිමේට ගෑනි අමුතු බවත් තමුන් පට්ට ස්වභාවික බවත් නිර්ණය කර ගනී...
ගැහැනියට මේ අම්බුංගාත දිරවන්නෙ නෑත. ඒ ඈ නිදහස් , දක්ශ , ආදරනීය මෙන්ම යථාර්තවාදි අවන්ක ඈකියක්ම වන හෙයිනි... එහෙත් ඈ අතරමං වේ... ජීවිතය ගෑන ඈ ගෑනම ඈට ප්‍රශ්න නෑගේ... හේතුව පිරිමියාගේ ගුප්තාකල්පයයි...
පිරිමියා සරල දේ සංකීර්ණ කොට ගෙන එයින් වනේ වණ වෙනතුරුම කටපියන් සිටියාට පසු නම් පිරිමියාට , තමුන්ගේ නොසෑලකිල්ලෙහි වරදකාරි හෑඟුම් පෙනෙන්නට ගනී....
කොමෙන්ටුව දිගු වූවාට සමාව !
රවී මහත්මයා...
ReplyDeleteඔබ ලියන්නෙ කගෙ හරි ඈත්ත ජීවිත කතාවක් විය යුතුයි... හරිම සමීප බවක් දෑනෙනවා :-)
ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් නෑ.මාත් එක්ක ඉන්නවනම් මට ඕනි විදියට ඉන්නව කියන එකයි එයත් එක්ක ඉන්නවනම් එයාට ඕනි විදියට මම ඉන්නෝනි කියන එකයි හැමදාම මගේ ජීවිතෙත් දෝලනය වෙනවා.ගොඩක් කාලෙක ඉදන් කිවෙව්වට අදයි කමෙන්ට් එකක් දැම්මෙ.ලස්සනයි මේ කථා සෙට් ටික.
ReplyDeleteහන්තානේ පොටෝවත් රියල්.. කියන මං සලකුනුත් හරියටම හරි.. මම කම්පනා කලේ රන්දුනා අක්කා කෝමද ඔය හැටි නුවර ගැන දන්නේ කින්‍යලා පස්සෙයි දැක්කේ මේ අසහාය ලේඛක රවී මහතා කියලා :)
ReplyDeleteහ්ම්ම්ම් බලමු කියවලා ඇයි අජන්ත සචිනි යනකල් බලාහිටියේ කියලා
කතාවෙ මැදදි පැනල අවුල් කරන්නෙ මොකටද, ඕං මං පිල් කණ්ඩියෙන් ඈඳිගත්ත.. එහෙනං කියමු බලන්න ඊලඟ ඩිංගත්....
ReplyDeleteඅජන්ත දැන් විවෘතව ප්‍රශ්නෙ දිහා බලන්න උත්සහ කරනව කියල පේනව. කලින් සචිනිත් එක්ක විවෘතව ඔය ප්‍රශ්නෙ කතා කලා නම් ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා හොඳින් විසඳෙන්න තිබුන. සචිනිට වුනත් දමල ගහල ගෙදරින් යන්නෙ නැතුව අජන්ත එක්ක ඔය ගැන විවෘතව කතා කරන්න තිබුන. බලමුකො, තාම දත්ත මදි තීරණයක් දෙන්න.
ReplyDelete@ජීවිතේ මල්
දැන් අක්ක කියන්නෙ අක්ක ඔය කියපු කතාව හැම තැනටම එහෙමයි කියලද?
@ ජීවිතේ මල්,
ReplyDeleteහෙහ්....හෙහ්, වදන් භාවිතය අන්තිම ඉහලයි මල්.......බොක්කෙන්ම කරපු කමෙන්ට් එකක් කියල නිසැකවම කියතහැකි.
ඔබේ විශ්ලේෂණය වලංගු විය හැක්කේ එක් සිද්ධියකට පමණක් බව මගේ හැඟීමයි.පොදුවේ සියළුම පිරිමි සහ ගැහැණු ඒ අයුරු කාණ්ඩ කල හැකිද යන්න මට නම් ගැටළුවකි.
ඒ වගේම ඔය වගෙ අවස්ථා ගැන මට පෞද්ගලික අත්දැකීම් ඇති නිසා,ඔබේ කියවීම හරියටම හරි කියල විතරක් කියන්නම්........හෙහ්, හෙහ්,
මේ කථාවෙ මූලාශ්‍රය ගැන කියනව නම් මල්.....එක පුද්ගලයෙකුගෙ කතාවක් නම් නෙවෙයි.මගේම අත්දැකීම් ඇසුරෙන් හා මා අත්දුටු වෙනත් සිද්ධීන් ආශ්‍රයෙන් නිර්මාණය වූවක්.
ස්තූතියි ඔබට, දීර්ඝ කමෙන්ටුවට සහ අගය කිරීමට,
@ sithuvam,
ReplyDeleteකැප කිරීම් කියන එකේ කෙළවර කොතනද?.........සචිනිට විසඳ ගන්ට බැරිඋනු ප්‍රශ්නෙත් ඔන්න ඕකයි,
ස්තූතියි, සිතුවම් කමෙන්ටුවට සහ අගය කිරීමට
@ සුදු හංසී.
ReplyDeleteහෙහ්, හෙහ්...අසහාය ලේඛක ඈ.............
ස්තූතියි හංසී............
@ නවම්,
ReplyDeleteඋඹ ඉතිං පිළේම නෙව ඈඳිගන්නෙ..........හෙහ්, හෙහ්,
මල්ලි හැමදාම ඇවිත් පිළේ ඉඳන් ඉන්න එකත් මට ලොකුම හයියක්........ස්තූතියි නවම්,
@ Kasun,
ReplyDeleteඒකනෙව මල්ලි වැඩේ.......අපිට හැමදාම වෙන්නෙ ඕකම නෙව, අස්සය පැනල ගිහාමයි ඉස්තාලෙ වහන්න මතක් වෙන්නෙ.....
ස්තූතියි ඔබටත් කසුන්.....
හ්ම්ම්... මට හිතෙන්නේ තියෙන ප්‍රශ්න කතා කරලා නිරාකරණය කරන්න ඕන, දෙන්නාට දෙන්නා ඇහුම්කන් දෙන්න ඕන, එකම ප්‍රශ්නේ දිහා වෙනස් විදියටනේ බලන්නේ දෙන්නෙක්.... බලමු ඉදිරිය....
ReplyDeleteරවී අයියා ඔයා ලියන කතා කෝමත් ලස්සනයි . ඒත් මේ කතාව මට ගොඩක් ලං වෙලා දෑනෙනවා . මමත් නුවර පලාතේ කාලයක් නතර වෙලා ඉඳලා ආදරේකුත් කරලා අන්තිමේ ඔක්කෝම නැති කරගෙන ආයේ ගෙදර ආවා . මට දැන් ආයේ නුවර මතක් වෙනවා මේ කතාවෙන් .
ReplyDeleteවැඩිය කල් ගන්න එපා අයියා එතකොට කට්ටියට මේ කතාවේ සමහර තැන් අමතක වෙනවා . ඔයා කල් ගන්නවා වැඩියි .. මටනම් කිසිම අමතක වීමක් නෑ මම මේ කතාව මුල සිටම බැලුවා .. සුපිරිවට කතාව ගෙනියන්න මචෝ ..
අපොයි අම්මට බයේ හැම දේම කරලා දැන් එනවා එයා අසාධාරණද අහන්ට. අර කීවත් වගේ අශ්වයා පැනලා ගියාට පස්සේ ගාල හිස් බව තේරෙන්ට ඇති.
ReplyDeleteහැබෑට කොහොමද දැන් කාලේ ගෑනු ලමයි මේ පිරිමි ලමයින්ව විශ්වාස කරන්නේ? බලන, බලන පැත්තේ ඉන්නේ රැවටිලි කාරයෝනේ...:D
මේ කමෙන්ටුව නම් ඔය ඉන්න හැමකෙනාටම අදාලයි...:)
ජීවිතේ මල්ට ජීවිතේ මල්ම පිපේවා....))
සමහර විට අජන්තට ඔහොම හැසිරෙන්න පොඩි කාලෙ ඉඳලම එයාට ඔලුවට කැවිච්ච දේවල් බලපාන්න ඇති. මම දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ අම්මට ඉස්සර පෝසත් නෑදෑයොන්ගෙන් කෙනෙහිලි කම් වෙලා ඒ යාලුවට දැන් පෝසත් කාවවත් පෙන්නන්න බෑ. එයාගෙ අම්මා හැමදාම කියනවලු බඳිනවා නම් දුප්පත් කෙල්ලෙක්ව බඳින්න කියලා. එයාට පෝසත් අය ගැන ලොකු බයක් අවිශ්වාසයක් එයාගෙ අම්මා මවල තියෙන්නෙ.
ReplyDeleteබින්දි එවපු කොමෙන්ටුව මං අතින් මැකුනා.
ReplyDeleteBindi
මාත් ඔන්න හදිසි වෙන්නේ නැතුව කතාව අහලම ඉන්නම්කො
@ හසී,
ReplyDeleteඇත්ත තමයි ඔයා කියන්නෙ........ස්තූතියි හසී,
@ හිස් අහස,
ReplyDeleteඅප්පට සිරි,උඹ කන්ද උඩරට ඇවිල්ලත් ඔකඳ උනාය මලේ........හෙහ්, හෙහ්, ..........ෂෙහ් අම්මප,.......බොට බැරි උනා නෙව මේ අහල පහළ බින්න බහින්ට, ආපහු ඔය වල් අලි අස්සෙ රිංගන්ට යන්නෙ නැතුව.
/ ඔයා කල් ගන්නවා වැඩියි /
උඹ මේ පිස්සු කතාකරනව මලේ.......මේ ටිකවත් ලියාගත්තෙ බොහොම අමාරුවෙන්, ඔන්න ඇත්තම කිව්වොත්,
නිවාඩුවක් කියල ආවට මොන කෙහෙල්මල් නිවාඩුවක්ද බං?......ආ දවසෙ ඉඳං එක මොහොතක් නෑ ඉස්පාසුවක්......තවම ඔන්න වැඩ ලිස්ට් එක කියවල ඉවර නෑ, හොඳ විස්වාසෙට ගනිං ඔන්න........මේ අම්මප ඇත්ත.....
ඔන්න අහපංකො මේ කතාව.......,
බැරිම තැන මම අපේ එතුමියට කිව්ව මෙහෙම " ලබන නිවාඩුව නම් මම ඔන්න සති දෙකක් එහෙ ඉඳල, සති දෙකයි මෙහෙ ඉන්නෙ" කියාල
දන්නවය මේ අම්මණ්ඩි ගත් කටටම කියාපු එක,
" ඇයි මොකෝ සති දෙකක් විතරක්,මාසෙම ඉන්න එකයි ඇත්තෙ එහෙ "
ඔන්න, බලාපංකො මලේ, ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු....හෙහ්, හෙහ්,
@ Podi Kumarihami,
ReplyDelete/ අපොයි අම්මට බයේ හැම දේම කරලා දැන් එනවා එයා අසාධාරණද අහන්ට /
ඉන්ටකො අප්ප පොඩ්ඩක් ඉවසල.......කතාව හරියට දන්නෙ නැතුව තීරණ දෙන එක හරි මදිය කියල පොඩ්ඩිට හිතෙන්නෙ නැත?
@ පිණිබිඳු,
ReplyDeleteඑහෙම දේවලුත් වෙනව තමයි නංගි, විශේෂයෙන් පොඩි කාලෙ හිතට තදින් කාවැදුනු දෙයක් ජීවිත කාලයටම බලපාන්ට හොඳටම ඉඩ තියෙනව.
@ Bindi,
ReplyDeleteහරි, බින්දි, කතාව කියන්නම් පුළුවන් ඉක්මනට.......ස්තූතියි ඔබටත්,
//අපි තවත් කාට හරි ආදරෙයි කියන්නෙ, එයාට ඕන විදිහට අපි වෙනස් වෙන්න ඕනමද?..........මට ආදරේ නම් මම කියන විදිහට අඳින්න, පළඳින්න, හැසිරෙන්න කියල අපි ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තියගෙන් ඉල්ලන්ට අපිට අයිතියක් තියනවද?//
ReplyDeleteකසුන්ගේ සින්දුවක් මතක් උනා:
"සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ"
ඊළඟ කොටසත් හෙට අනිද්දට වැටෙයිනේ...
රවි මහත්මයෝ රචනය පුරා ඇති තාත්වික බව උපරිමයි, විශේෂයෙන් අජන්තගේ පාපෝච්චාරණය ඉදිරිපත් කර ඇති ආකාරය.
ReplyDeleteරංජිත් අයියාගේ lending ears වල ඇති වටිනාකම වස්ති කරලත් හිස්කරන්න බැරි හිතට මොනතරම් නම් පිළිසරණක ද?
බොහොම සංවේදීව සංවරව කතාව ඉසරහට ගෙනියනවා. ප්ලොට් එක බොහොම හොඳයි කියන විලාශයත්.. මොකටද දැන්ම මනෝ ව්ශ්ලේෂණයක් කරන්න යන්නේ.. එත් මන් දන්නා හැටියට ගොඩක් පවුල් වල ආරවුල වලට හේතු වෙන්නේ මහා ප්‍රශ්න නෙවෙයි සුළු දේවල්. එකිනකා කියන කරන දේ අරුත තේරුම් ගන්න උත්සහ නොකිරීම ප්‍රශ්නයක්..ප්‍රයෝගික නොවන මට්ටමට ආදරය විවාහයෙන් පසුත් ක්‍රියාකාරීව පවත්වාගැනීමට සිතීම තවත් පැත්තක්..
ReplyDelete@ අමා,
ReplyDeleteස්තූතියි නංගි,
කසුන්ගෙ ඒ ගීතය හරියටම ගැලපෙනව, ඔබ හරි.........
ඊළඟ කොටස හැකි විගස.......
@ ගල්මල්-Coral
ReplyDeleteස්තූතියි ඩීන්, ඔබේ පැසසුම මට බොහොමත්ම වටිනවා.......
Lending Ears වල වටිනාකම නම් ඇත්තටම කියල නිම කරන්ට බෑ.මොකද විශේෂයෙන්ම මේ වගෙ ප්‍රශ්නෙකදි Mental Catharsis කියන එක හරිම වැදගත් ඔලුව නරක් නොවී ඉන්ට.
@ සරත් ලංකාප්‍රිය,
ReplyDeleteස්තූතියි සරත්, ඔබේ අදහස් දැක්වීම මට ඉතාම වැදගත්.....