අනර්කලීගෙ කතාව මුලින්ම ලිව්වෙ අපෙ පොඩ්ඩි......ඒ අනර්කලීගෙ දෘෂ්ඨි කෝණයෙන්.......
ඊට පස්සෙ මේ මම ලිව්ව සලීම් කියන එයාගෙ කතාව......
වසර 1627,
ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්‍යාවක්,
කාශ්මීරයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාශ්මීර දෙශ සීමාව අසල ජන ශූන්‍ය ප්‍රදේශයක්,
කාශ්මීර් දේශයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගය තැනින් තැන වැටුනු හිම කඳන් වලින් අවහිර වී තිබිණි.
උත්තුංග කඳු වටා යමින් දරණ ගැසූ සර්ප රාජයකු සිහි කරන මාර්ගයේ හිරු අවරට යාමට ඉතාම ආසන්න මේ මොහොතේ ලාහෝරය දෙසට ඇදෙමින් තිබුනේ අශ්වාරෝහක සෙබළුන් දෙතිසකගේ ආරක්ෂාව යටතේ ගමන් කරනා දෝලාවකි.
මෙකල මුළුමහත් උතුරු ඉන්දියාව පුරා සාමකාමී වාතාවරණයක් පැවතුනු බැවින්, අවම ආරක්ෂාවක් සහිතව ගමන් කලද, මේ රන්කම් කල දෝලාව තුල අඳුරු රතු පැහැති විල්ලූද පලස මත වැතිර, ඔසවා ගෙන යන වහලුන්ගේ පය තබන තබන රිද්මයට පැද්දෙමින්, ගමන් ගත්තේ සෙසු පටු පුරුෂයකු නම් නොවේ.
ඔහු වනාහී මුළු මහත් මෝගල් අධිරාජ්‍යයේම අසහාය පාලකයා වූ ජහන්ගිර් මිස අන් කවරකු හෝ නොවේ.මහා අක්බාර්ගේ ගේ පුත්‍රයා වූ හෙතෙම පියාගේ ඇවෑමෙන් අධිරාජ පදවියට පත් වූ යේ මෝගල් අධිරාජ්‍යය පෙර නොවී වීරූ ධන සම්පතින් සපිරුණු යුක්තිය සහ සාධාරණත්වය රජයන සියළු ජන වර්ග යන්ට සමගියෙන් සාමයෙන් දිවි ගෙවියහැකි මිහිබට සුරපුරක් බවට පත් කරනු වස් තම පූර්ණ කැපවීම සහ උත්සාහය යෙදවූයේය.
එම මහඟු උත්සාහය සාකල්‍යයෙන් සාර්ථක වූ නමුදු ජහන්ගීර් නිරතුරු කාලය ගත කලේ බලවත් සිත් තැවුලකිනි.
අටසියයකට අධික වූ අන්තඃපුර බිසෝවරුන් හෝ රූපයෙන් අගතැන් පත් නූර් ජහාන් බිසව හෝ ඔහුගේ සිත් තැවුල පලවා හැරීමට සමත් වූයේ නොවේ.
නාටිකාංගනාවන්ගේ රැඟුම් ඔහු සිත වඩාත්ම ශෝකයට පත් කිරීමට හේතුවූ බැවින් අධිරාජ පදවියට පත් වහාම මාළිගයේ නාටිකාංගනාවන් සියළු දෙන සේවයෙන් මුදා හරින ලද්දේය.
ජහන්ගීර්ගේ සිත මෙසේ දුක් සංතාපයෙන් පිරී පවතිනුයේ, පුරා වසර සතලිසක සිටය. ප්‍රේම වියෝව කාලයත් සමඟ මැකී යන්නෙකැයි කවුරුන් පැවසුවද, ඒ එසේ නොවන බව, කාලය ගත වන්නා හා සමඟම, හදවත තුලට කිඳා බැස, හද කීතු කීතු කොට නිරත්තරයෙන් ඉරා දමනා, තියුණු සැතක් හා සමාන වන්නක් බව ඔහු මේ සතලිස් වසක් තුල මොනවට පසක් කළේය. එකල දහ අට වියැති නව යොවුන් තරුණයකු වූ සලීම්,( එකළ ඔහු හැඳින්වූයේ සලීම් නමිනි )දෛවෝපගත ලෙස මාළිගයේ නාට්‍යාංගනාවක් වූ අනර්කලී සමඟ පෙමින් බැඳුනේය.
රුවින් අගතැන් පත් ඕ තොමෝ නමින් නදීරා වුවද, රූප ශෝභාව නිසාම " දෙළුම් මල" යන අරුතින් අනර්කලී නමින් ප්‍රසිද්ධ වූවාය.
නාටිකාංගනාවක් වුවද රූපයෙන් මෙන්ම ඈ ඥාණයෙන්ද, බුද්ධියෙන්ද යුතු වූවා, නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ කලාය.
මෙවන් මහාර්ඝ යුවතියක් හා පෙමින් බැඳීම ගැන සලීම්ට දොස් පැවරිය හැක්කේ ඇත්තෙන්ම නම් කාටද?
අකලංක වූ පෙමින් එකිනෙකා හා බැඳුනු ඔවුහු, එකල දිවිගෙවූයේ සත්‍ය වශයෙන්ම දෙව්ලොවකයයි කිවහොත් එය කෙසේවතුදු අසත්‍යයක් නම් නොවේ.
සන්තූර් නම් වූ පර්සියානු, තත් සැත්තෑ දෙකකින් යුත් වාද්‍ය භාණ්ඩය වැයීමේ කෙළ පැමිණියකු වූ සලීම්, සෑම රාත්‍රියකම පාහේ ඔහුම පබැඳි ගී ගයමින්, වාදනයේ යෙදුනු අතර, අනර්කලී තම රන්වන් දෑත් විදිලිය මෙන් ලෙලවමින් පා රැඳි නූපුර රාවය සැඳෑ අඳුරට මුසු කරමින්, ඔහු වෙනුවෙන්ම රංගනයේ යෙදුනීය.
ශාලාව වටා දැල්වෙන පහන් ආලෝකයෙන් දිස්වන, ඇගේ සුරලියක බඳු නර්තනයෙන් වශීකෘත වූ සලීම්, අඩවන් දෙනෙතින් යුතුව ගීතය උච්ච ස්වරයෙන් නිමා කලේය. ඒ වහාම ඉණ බැඳි සේලය දුහුල් වලාවක්සේ කරකැවී යන පරිදි වටයක් කරකැවුනු අනර්කලී, නර්තනය අවසන් කලේ සලීම් ගේ උකුල මත හිඳ ඔහුගේ දෙතොල් සිප ගනිමිනි.
ප්‍රේම සම්බන්ධයක් රහසක්ව තබා ගැනීම අසීරුය. විශේෂයෙන් මෙවන් ප්‍රේම සම්බන්ධයක් වැඩිකල් රහසක්ව තබා ගත උදක්ම උගහටය. එසේම ඒ රහසක්ව තබා ගැනීමට සලීම් සහ අනර්කලී කිසිදු උත්සාහයක්ද නොගත්තෝය. එකල්හි සිදුවිය යුතු ලෙසම මේ පිළිබඳව සලීම්ගේ පියාණන් වූ අක්බාර් අධිරාජයාට සැලවීමට බොහෝ කලක් ගත නොවීය.
බෙහෙවින් කෝපාවිෂ්ට වූ අක්බාර් අධිරාජයෝ, අනර්කලී දඟගෙයි ලැවූහ. ඈ එතැනින් මුදාගත් සලීම්, පියානන්ට විරුද්ධ සිවිල් යුද්ධයක් ඇරඹූ නමුදු, වඩාත් බලවත් අක්බාර්ගේ හමුදාව ඉදිරියේ පැරද සිරකරුවෙක් විය. අක්බාර්ගේ නියෝගය වූයේ, අනර්කලී සැඟව සිටිනා තැන හෙළිනොකලහොත්, සලීම් ජීවිතක්ෂයට පත්කරන ලෙසයි. ආදරය වෙනුවෙන් තම දිවි කැප කිරීමට සලීම් කිසිසේත් මැළිනොවුන ද, තම පෙම්වතා වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට ඉටා ගත් අනර්කලී නිර්භයව රජු හමුවට ඉදිරිපත් වූවාය.
ඇය රජුගෙන් ඉල්ලාසිටියේ එකම වරයකි. ජීවිතයේ අවසාන රාත්‍රිය තම පෙම්වතා සමඟ ගත කිරීමට අවසර දෙන ලෙසය. රජුගේ අවසරය ඒ සඳහා ලැබුණු අතර, ඔවුන් දෙදෙන අවසන් රාත්‍රිය ගතකලේ නගරයෙන් පිටත පිහිටි සලීම්ගේ මන්දිරයේය. අනර්කලී තම සදාදර පෙම්වතා වෙනුවෙන් තමන්ගේ අවසන් රැඟුම රඟන අතර, සලීම් තම ප්‍රාණ සම පෙම්වතිය වෙනුවෙන් අවසන් වරට සන්තූරය වයමින් ඈ වෙනුවෙන්ම පබැඳි පෙම් ගීයක් ගායනා කලේය....අවසන් ගී ස්වර මැකී ගොස්, අවසන් නාද රටා වියැකී ගොස් අවසන් නූපුර රාව වාතලයේ වියැකී යන්නාහාම අනර්කලී සලීම්ගේ ගෙල වැලඳ පපුවෙහි හිස හොවා ගත්තීය.
අළුයම් කාලය වනතුරු එලෙසම ආලිංගනයෙන් ගතකල ඉක්බිති, අනර්කලී මරණයට මුහුණ දීමට සූදානම්ව රජු හමුවට පැමිණියේ, ඊට පලමු තමා වෙනුවෙන් සලීම් ඉදිරිපත්වීම වලකනු වස්, දෙළුම් යුෂ වලට මිශ්‍ර කල මත් ද්‍රව්‍යයක් පානය කිරීමට සලස්වා ඔහු නිද්‍රාවට පත් කල අනතුරුවය.
තමා ඉපැදුනු හැදුනු වැඩුනු ලාහෝරයේ නගර ප්‍රාකාරය අබියස ගඩොළු බිත්තියකට තබා බැඳ ඉදිරියෙන් තවත් ගඩොළු බිත්තියක් ගොඩ නැඟීමෙන් ඈ මරණයට පත් කරන ලද්දේ එදවස රාජද්‍රෝහීන්ට නියම වූ අනිවාර්ය දඬුවම ඒ වූ බැවිනි.
ගඩොළු බිත්තිය කෙමෙන් කෙමෙන් උස් වෙද්දී ,මඳින් මඳ තම හිතවතුන් ඥාති මිත්‍රාදීන්ගේ හඬා වැලපෙන සෝ බර මුහුණු ගඩොළු වලට වැසී නොපෙනී යද්දී, ඇය දෙවියන් යදිමින් ප්‍රාර්ථනා කලේ තම සදාදරණීය පෙම්වතාගේ යහපතය.ඔහුගේ මතු දියුණුවය. ඔහුට කිසිදා මෙවන් අකල් මරනයක් නොවී මතු භවයේ හෝ ඔහු හා එක් වීමට ලැබේවා යන්නය.
අවසන අවසන් ගඩොල ද පෙදරේරුවන් විසින් ස්ථාන ගත කොට, හාත්පසම අඳුරින් ගිලීයන මොහොතේ දෑස් පියාගත් ඈ ඉදිරියේ මැවී පෙනුනේ සලීම්ගේ සිනාබර මුහුණයි.රැළි ගැසුණු ගෙල තෙක් කඩා හැළුණු කාල වර්ණ කෙස් කලඹයි. ඔහුගේ මඳක් දුඹුරු පැහැ කාන්තිමත් දෑසයි. ඒ සදා මතකයෙන් නොමැකෙන මුහුණ සිතෙහි තුරුළු කොටගෙනම ඈ, එනම් අනර්කලී නම් වූ ඒ අසාමාන්‍ය යුවතිය ආදරය වෙනුවෙන් තම ජීවිතය පූජා කළාය.
සලීම් නිද්‍රාවෙන් අවදිවන විට මධ්‍යාහ්නය ද ඉක්මගොස් තිබිණි. අනර්කලීගේ ඉරණම අසා දැඩි ශෝකයෙන් පීඩිත වූ හෙතෙම දින ගණනක් නිරාහාරව සිටියේ තමන් ද ය යන්නෙමැයි යන දැඩි අධිෂ්ඨානයෙනි. එහෙත් අවසන ඇය වෙනුවෙන් මියයනවා වෙනුවට ඇය වෙනුවෙන් ජීවත්වීම ඈට කල හැකි හොඳම උපහාරය බව වැටහුනු හෙතෙම දිවි නසා ගැනීමේ උත්සාහය අත්හැරියේය.
එහෙත් ඉන්පසු කිසිම දිනක ඔහුගේ මුහුනේ සිනහවක් දැකගත හැකි වූයේ නැත. තම හදවතද ලාහෝරයේ ප්‍රාකාරය අසල ගඩොළු බිත්ති දෙකක් අතර වළ දමා ඇතැයිද තමන් දැන් ජීවත් වුවද මලගිය මිනිසෙකැයිද සලීම් එකහෙලා ප්‍රකාශ කලේය.
අක්බාර් ගෙ ඇවෑමෙන් ජෙහන්ගිර් නමින් රාජත්වයට පත් වූ සලීම් සාධාරණ සහ ඉතා දක්ෂ පාලකයෙක් විය. තම හදවතෙහි තවමත් රැඳී සිටින අනර්කලීගේ නාමයෙන් ඔහු සෑම විටම සෑම රාජ්‍ය කටයුත්තකදීම හැකි පමන සාධාරණ වීමට යත්න දැරීය.
අනර්කලී මියගිය ස්ථානයෙහි ඈ වෙනුවෙන් ස්මාරකයක් ඉඳිකල හෙතෙම ඇගේ සොහොන් ගැබෙහි මෙසේ සටහන් කලේය.
I would give thanks unto my God unto the day of resurrection
Ah! could I behold the face of my beloved once more
දෙවියනි....මම ඔබට තුති පුදන්නෙම් නැවත උත්ථානය වන දින තෙක්ම,
මගේ පෙම්වතියගේ වත මට නැවත දැක ගත හැකි වේනම් එකම එක් වරක්,
සිත පීඩා විඳි බලවත් දුක් දොම්නස මඟ හරවාගැනීමට, බොහෝ සේ මත් පැනෙහි පිහිට පැතූ ජෙහන්ගිර් අවසන එහිම ප්‍රතිඵලයක් ලෙස අසාධ්‍ය ලෙස රෝගී විය.
විවේක ගැනීම සඳහා සෞම්‍ය දේශගුණයෙන් යුතු කාෂ්මීරයට කිහිප වතාවක් ගියද, මත්පැන් පානය ඔහු අත් නොහල හෙයින් රෝග තත්වය උත්සන්න විය.රෝග තත්වය පාලනය කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් ජෙහන්ගිර්, නොකඩවා මත්පැන් පානය කල අතර, වසර සතළිසක් මුළුල්ලේ ගෙවන මේ මහත්වූ දුක නිමා කිර්‍රිමට දැන් කාළය එළඹී ඇතැයි නිතර පැවසීය.
අද මේ ශීත සෘතුවේ අවසන් භාගයේ දිනක, ඔහු ආපසු ලාහෝරය බලා පැමිනෙන්නේ, එසේ කාශ්මීරයේ ගතකල සති දෙකක කාළයකට පසුවය.එහිදී ඔහුට මද සුවයක් දැනුනු හෙයින්, වෛද්‍යවරු ආපසු ලාහෝරය බලා යන ලෙස නිර්දේශ කලද, තම අවසන් මොහොත පැමිණ ඇති බව ජෙහන්ගිර් කිසිදු සැකයකින් තොරව දත්තේය. එහෙත් මරණයට මුහුණ දීමට ඔහු තුල කිසිදු චකිතයක් නොවූ අතර මරණය තමන්ට, සදාදරණීය අනාර්කලී හා එක්වන පිණිස ද්වාරය විවර කිරීමක් ලෙස සැලකූ ඔහු, උදක්ම මරණය බලාපොරොත්තු විය.
සැඳෑ හිරුගේ අවසන් රැස් කඳු වල්ලලෙන් එතෙර මැකී යත්ම, ජෙහන්ගීර්ගේ සෙබළුන්ගෙන් කොටසක් රාත්‍රිය ගත කිරීමට තෝරාගත් ආරක්ෂක ස්ථානයේ කූඩාරම් ඉඳි කිරීමේ නිරත වූ අතර අනෙක් අය ගිණි මැළ පිළියෙල කිරීමේ සහ ආහාර පිළියෙළ කිරීමෙහි නිරත වූහ.
තමන්ගේ අවසන් මොහොත ලංවී ඇති බව වටහාගත් ජහන්ගීර් සෙබල කණ්ඩායමේ නායකයා බණවා, කූඩාරම පිහිටි කඳු ගැටය මුදුනට තමන් රැගෙන යන ලෙස නියම කළහ. දෝලාව කඳු මුදුනෙහි පිහිටි රත් පැහැ දිගැටි පත්‍ර වලින් වැසීගත් චිනාර් වෘක්ෂයක් යට තැබූ ඉක්බිති, සන්තූරයද මත්පැන් කුසලාන ද රැගෙන ඉන් පිටතට පැමිණි ජහන්ගිර් වෘක්ෂය යට ගිණි මැළයක් අවුලුවන ලෙස සහ ඉන්පසුව කන්ද පාමුල කූඩාරමට ගොස් තමා දන්වන තෙක් ආපසු නො එන ලෙසද බණවා සෙබලුන් ආපසු පිටත් කොට හැරියේය.
සෙබළුන් නික්ම ගිය ඉක්බිති චිනාර් වෘක්ෂයට පිටදී අසුන්ගත් ජෙහන්ගිර් මත්පැන් ස්වල්පයක් පානය කලේ, සන්තූරය ද වයමින් එදා සතළිස් වසරකට පෙර ඒ අවසන් රාත්‍රියේ ගැයූ ගීය,වසර සතලිසක් ගලේ කෙටූ අකුරක් මෙන් තම සිතෙහි නොමැකෙන සේ ඇඳී තිබුනු ඒ ගීය, තමන් විසින්ම තමා පණ මෙන් ආදරය කල ඈ වෙනුවෙන් ලියැවුනු ගීය ගයන්නට විය.
සැලෙන ගිණි සිළු සේම රඟනා,
කණක තරු දිලිසෙනා නයනා,
නූපුරෙන් නැඟි රජත රාවය,
මත් කරයි මා සවන ලෙලෙනා,
පුළුලුකුල රන් සේල සැලෙනා,
ලැම හසුන් නික්මෙනා විලෙනා,
හදේ රඟනා නිළිය ඒ නුඹ,
මා සිතේ සැමදාම රැඳෙනා,
පිපුණු මානෙල් මලක් විලසා,
පිණි කඳුළු පෙති මතින් ගලනා,
ප්‍රේමයේ නොමැකෙනා සලකුණ,
සොඳුර දුටුවෙමි සුනිල් නෙතිනා,
රත් නෙළුම දිය මතින් පිපෙනා,
පුන් සඳකි නිල් අහස දිලෙනා,
සෙනෙහසේ මල් දමක් ගෙතුවෙමි,
පලඳවන්නට ඔබේ ගෙලටා,
ගිණි මැළයේ ගිණි දළු අතරින් අනර්කලී නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.
ගිණි පුපුරු නංවමින් ඇවිලුනු ගිණි මැළයේ උණුසුම ටිකින් ටික නිවී යමින් තිබිණි.
නිහඬ සන්තූරය මත චිනාර් ගසේ රත් පැහැ පත්‍රයක් පතිත විය,
නිහඬවම චිනාර් ගසට පිටදී සිටි ජෙහන්ගීර් ගේ පියවුණු දෑස මත පතිත හිම පියල්ලක් එහි රැඳෙනු නොහැකිව පොළවට වැටී, ඊට පෙර වැටී තිබුණු ශත සහශ්‍ර සංඛ්‍යාත හිම පියලි වලට එකතු වී සැඟව ගියේය,
අවසන වසර සතළිහකට පසුව......එසේය වසර සතලිහකට පසුව.....ඔවුන් දෙදෙන කාශ්මීරයේ හිම වැටෙනා ශීත සෘතුවේ එක සන්ධ්‍යාවක , රත්පැහැ පත්‍ර ගිනි ඇවිළි කලෙක මෙන් දිලෙන චිනාර් ගසක් සෙවනේදී නැවත වෙන් නොවන සේ එකතු වූහ.
Love definitely could be fulfilled,
But unfulfilled love is love at its purest form,
love for the sake of love,
with nothing expected & nothing gained
Loving someone because there is nothing else to do,
because thats what's expected of you,
because you are helpless to do otherwise ,
because that's the destiny of you,
because you were born for that specific purpose,
Isn't that the purest form of love anyone can imagine?
දැන් මේ පෙම් කතාව මෙතනින් ඉවරද?.......අපොයි නෑ....මේ වගෙ අනුවේදනීය පෙම් කතාවක් එහෙම අහවර කරන්නෙ කොහොමද?........හෙහ්, හෙහ්,
මතු සම්බන්ධයි...............
මේ ගැන ලියැවුණු ලස්සන සිංහල සින්දුවක් තියනවා...
ReplyDelete"සරත් සමේ මදක් පිපුණු දෙළුම් කුසුම් කැකුල ඔබයි.." කියා...
මෙතැන ඇති..
http://hadageepotha.blogspot.com/p/blog-page.html
@ තිස්ස දොඩන්ගොඩ,
ReplyDeleteහෙහ්...හෙහ්...මට මේ ගීතය ගැන පොඩි මතකයක් තිබුන.......ඒත් සොයාගන්නට බැරි උනා......තිස්ස ගැන මතකයට ආවත් කරදර කරන්නෙ මොකටද කියල ආයෙත් වැඩේ අල්ලල දැම්ම.........තිස්ස මේ ගීතය කලින් පෝස්ට් එකක දාල තියන බව මම දැනගෙන හිටියෙ නෑ.
ස්තූතියි තිස්ස............
සමාවෙන්න රවී මහත්තයෝ..
ReplyDeleteසලීම්ට වාගේ මටත් ඔබේ රචනා සිත්තමෙන් පිනා ගියේ, ස්තුතියත් අමතක විය...!
@ තිස්ස,
ReplyDeleteහෙහ්..හෙහ්.....ස්තූතියි තිස්ස, ආයෙමත් ස්තූතියි,
දැන් ඉතින් ඔය කියන්නේ සලීම් ඇත්තටම අනාර්කලීට ආදරේ කලා කියලද?
ReplyDelete@ දොඩං සෑර්
ReplyDeleteඅම්මපා. පට්ට සිංදුව , ලොක්කා. මේ බෂ්ෂොන්ට ඕකෙ සිංදු ඉල්ලන්ට පුළුනිද , සෑර්?
මේ කතන්දරය පළමු වතාවට ඇහුවෙ අදයි... හ්ම්ම් මොනවා වුනත් මියැදුණු පෙම්වතිය මත්තෙ මියයන්න හදන් නැතුව ඔහු ඇය කැප වූ අරමුණ වෙනුවෙන් ජීවත් වීම අගය කළ යුතුයි
ReplyDeleteThe Best Essay by Ravi!
ReplyDeleteMy congratulations.
@ Podi Kumatihami,
ReplyDelete/ දැන් ඉතින් ඔය කියන්නේ සලීම් ඇත්තටම අනාර්කලීට ආදරේ කලා කියලද? /
ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්ට මම හිතන්නෙ මට වඩා සුදුසු අනාර්කලී. එයයි දන්නෙ සලීම් එයාට අවංකවම ආදරේ කලාද කියල,
ඒ නිසා පොඩ්ඩි මම ඔයාගෙ ප්‍රශ්නෙ යොමු කලා අනාර්කලීට....මෙන්න එයාගෙ පිළිතුර......
Poddi.....I am sure every woman in this world would have faced that question at least once in their lifetime.......i.e. weather the man they love loves them back as truly & as sincerely as they do. Well, what I can say from my own experience is that you have to arrive at your own decision in this regard. no one can do it for you and no one would do it for you. you have to make your own decision and you have to abide by it for the rest of your life.
Having said that Poddi, let me explain what are the reasons that made me believe without an iota of doubt that saleem truly loved me. Its a feeling poddi, call it intuition .....or instinct or whatever you like but I knew without any doubt whatsoever that saleem loved me more than his own life, the moment I set my eyes upon him.
I saw his eyes shine when looking at me, I heard his voice quivering when speaking my name, his lips trembling when singing those songs he composed specially for me, and wasn't that enough for me to make sure he loves me totally & irrevocably?
Well, Poddi that was enough for me to sacrifice my life for him.........to be more specific for his love for me...and do you think i would have done that willingly if I was in any doubt?...........no, my dear sister, I was very sure of his love....then...now and forever for that matter......
@ විසිතුරු,
ReplyDeleteස්තූතියි විසිතුරු ඔබේ ප්‍රතිචාරයට.....
@ පොත් ගුල්ලා,
ReplyDeleteThanks Poth, .......thank you so much for your appreciation,.......it means a lot to me, definitely,
අඩේ, තිස්ස අයියගෙ අර සිංදුව මට මිස්වුනේ කොහොමද කියලයි මං මේ කල්පනා කොරන්නෙ..
ReplyDeleteDGM - පුලුවනි පුලුවනි... හෙහ් හෙහ් හෙහ්..
ReplyDeleteලඟ තිබ්බොත් සොයාලා "ඔබ කැමති ගී" පිටුවට දමන්නම්... කමෙන්ටු විදිහට තමා ඒ කාලේ කට්ටිය සින්දු ඉල්ලුවේ...
මේ අපේ නෙළුම් විලේ නෝන, බින්දි, පොඩ්ඩිගෙ වලව්වෙ දාපු කමෙන්ට් එකක්,
ReplyDelete@Ravi
this comment for your post . I cannot comment there .Dont know why.
''ලස්සනයි රවී . ඇත්ත තමයි සලීම් නිකන්ම මැරිලා ගියා නම් අනර්කලී කල පරිත්‍යාගයේ කිසිම තේරුමක් නැති වෙනවා . අනේ ඇත්තට මරණ දණ්ඩන ය එකපාරටම දෙන්න තරම් වත් ශිෂ්ට නොවුණු යුගයක් .
ස්තූතියි බින්දි.....බොහොමත්ම ස්තූතියි,
තිස්ස, මට විතරද මන්ද මේ ප්‍රශ්නෙ, බැක් ග්‍රවුන්ඩ් එකේ පාට නිසා හරිම අමාරු වුනා ලිපිය කියවන්න. කොමෙන්ට් පැහැදිලිව තිබුනත්, කොමෙන්ට් ලියපු අයගේ නම් කියවන්න හරිම අමාරු වුනා. {නාකි මට විතරද}
ReplyDeleteදැන් නං හරි. නියමෙට, පැහැදිලිව තියෙනව, පොස්ට් එකය් කොමෙන්ට් ටිකය් ඔක්කොම. ස්තුතිය්.
ReplyDeleteෂෙහ් ඔබ්සර්වර් මහත්තයා තෝරලා මගෙන්ම ඇහුවානේ...;-)
ReplyDeleteඔව් ඇත්තටම මටත් අමාරුයි කියවන්න....
අපි රන්දිකා නගාට කියමු පසුබිම් වර්ණ පොඩ්ඩක් හදන්න කියලා...
අකුරු පාට වෙනස් කලත් ලොකු පහසුවක් නෑ මටත්...
ඒ ගැන පොඩ්ඩක් බලන්න නංගී...!
එකට මහළු නිවාසේ දුක සැප බෙදා ගන්න කෙනෙක්ගෙන් නැතුං වෙන කාගෙන් අහන්ටද නේදෑ ඔබා අංකල්? :D
ReplyDeleteහරි හරි වහාම ක්‍රියාත්මක වන පරිදි (කල් ලද විගස) මේ ගැන සොයා බලන්න කමිටුවක් පත් කරනවා. මොකද ෆයර් ෆොක්ස් වල මට බ්ලොග් එක හොඳින් පේනවා. සමහරවිට තීම් එකම වෙනස් කරන්න වෙයි වගේ.
.@ Observer,
ReplyDeleteතාවකාලික ප්‍රතිකර්මයක් කියන්නද නීරීක්ෂක මහත්තයො?
You can try adjusting the angle of the computer screen. When the angle gets narrower, the background will become lighter & you can read easier,
At the moment Randika is exploring various possibilities of making reading easier.....so rest assured, Ob, your grievance is being attended to......heh, heh,
මේ අර වළව්වෙදී කියාපු කතාවමයි නේද රවි අයියේ? ඒ වගේ දැනිච්ච නිසා මං පෝස්ට් එකනං උඩිං පල්ලෙන් තමයි කියෙව්වේ. සමා වෙන්න ඕනේ ඒ ගැන. මේ කතාන්දරේ ඇතුල් වෙච්ච කවි පන්තිය තමයි මම රවි අයියගේ ලස්සනම ලස්සන කවි, poems වලින් දැකපු දෙවෙනියට ලස්සනම එක. පළවෙනියට ලස්සනම එක මොකද්ද දන්නවද? Dancing with you....................the waltz ...
ReplyDeleteමතුසම්බන්ධ කතාවේ ඉතිරි ටිකත්, විජයගේ කතාවත් අහන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteඔව් නඟේ, පොඩ්ඩිගෙ අනර්කලී කතාවට මම ලියපු කතාවම තමයි......ඒක තව දුරටත් දිගට ලියන්ට හිතුන......ඒ නිසා පූර්වාපර සන්ධි ගැලපීමක් නොහොත් නිධාන කතාව හැටියට පොඩ්ඩිගෙ කතාවට ලින්ක් එහෙකුත් එක්ක ඒ කතාව එහෙමම දැම්ම......ඊ ළඟ කොටස දාන්නම් ඉක්මනටම.........
කවි ගැන පැසසුමට ස්තූතියි නංගි......හෙහ්, හෙහ්, කවිකාරියකගෙන් ලැබෙන පැසසුම....ඉතිං ආයෙ මොන කතාද?
ඔයා කැමතිම Dancing with you.......The waltz of life එකට නේද? ඒකට ඔයා ලියපු Response එකත් මාරම ලස්සනයි!!!
Thanks again Nangi, you would never know how much an inspiration you are to me with your sincere comments......................
"Sincere comments!"
ReplyDeleteThank you for your perception on my comments Ravi ayya.
කවදත් කියනවා වගේ උපරිමයි රවී. මේ ඉදිරිපත් කිරීමට ඔබ ගොඩාක් වෙහෙසී ඇති හැඩයි. ඒ වගේම සාර්ථකයි. වහලුන් ඔසවා යන දෝලා, මොගල්වරුන් හා ඔවුන්ගේ රාජෝපක්‍රම ගැන ඇති අප්‍රසාදය යටපත් කරන්න සමත් වුනා. කලෙකට පසුව මෙවැනි කතාවක් සම්පූර්ණයෙන්ම කියෙව්වේ.
ReplyDeleteඊයේ මේක කියෙවුවේ නිදිමතෙන් .. මහ රෑ 12.30ට විතර ඊට පස්සේ ආයෙමත් අද වැඩ ඇරිලා ඇවිදින් කියෙවුවා . කොච්චර කියෙවුවත් රවීගේ ලිවිල්ල නම් එපා වෙන්නේ නෑ
ReplyDeleteමම ඔය කතාව පොඩි කුමාරි අක්කන්ඩිගේ වලවුවෙන් තමා මුලින්ම ඇහැවුවේ . මම එතනදීත් හිතුවා රවී අයියා රජ ගේමක් දේවි කියලා ..
නිකං හින්දි ෆිල්ම් එකක් බැලුවා වගේ බං ..මාරම පට්ට විදිහට ලියා තියනවා ..! ඒක කියන්නේ මම විතරක් නෙවේ .. මේක කියවන හැමෝටම එහෙම හිතෙනවා ඇති ..
@ හිස් අහස,
ReplyDeleteහෙහ්....හෙහ්.....හැමදාම ස්තූතියි කියලම එපා වෙලා බොල......අද කියන්නම් තෑංකූ.......තෑංකූ.....කියල,
ඒක නෙවෙයි උඹ දන්නවය වැඩක්......ඔය මම කියන චිනාර් ගහ යටත් ශීත සෘතුවෙ අන්තිම කාලෙ සැරිසරනවලු ජහන්ගීර්ගෙ ආත්මය......ආයෙම ජහන්ගීර් ඉපදිල එතනට ආපු දවසක තමයි ඒ ආත්මය නිදහස් වෙනවයි කියන්නෙ.....හරියටම උඹේ අර පුහු කොස් ගහ යට හිටපු චාර්ලිස් සීයගෙ අවතාරෙ වගේ....හෙහ්, හෙහ්,
@ ගල්මල්-Coral
ReplyDeleteස්තූතියි ඩීන්........අද නිවාඩු නේද?
රවි අයියේ හැමදාමත් වගේ ඔයාගේ ලස්සන කතා බලන මට අද නම් ඇහැට කඳුලකුත් ආවා. අනාර්කලී ජීවිතේ පූජා කලේ සලීම්ගෙ සැබෑආදරය නිසා නේ, ඒ ගැන ඇත්තටම දුක් වෙන්නත් ඕනෙ නැහැනේ...
ReplyDelete@ neetha,
ReplyDeleteඑහෙනම්....එහෙනම්....නීත නඟේ, දුක් වෙන්න එපා එක අංශු මාත්‍රයක් වත්.......හෙහ්, හෙහ්,.....ආදරේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන එක තරම් උතුම් පරිත්‍යාගයක් තවත් තියද?..........