Monday, January 29, 2018

562. ප්‍රථම ප්‍රේමයේ මතක සටහන්...Reminiscences Of My First Love…

දෙපාරක් ඒ ලෙවල් කරලත් යුනිවකුටි සිලෙක්ට් නොවුනු හින්ද මම තීරණය කලා ඊළඟ ඔප්ෂන් එක විදිහට මොනවහරි කාර්මික විද්‍යාලයීය පාඨමාලාවක් කරන්න. ඒ කාලෙ ඔය අද වගෙ අර කෝස් මේ කෝස්, හාඩ්වෙයාර් කෝස්, සොෆ්ට්වෙයාර් කෝස්, අයි.ටී. කෝස්, එච්.ආර්. කෝස් වගෙ රටේ නැති කෝස් බෝස් තිබ්බේ නැත. යුනිවකුටි ගියෙ නැහ්නං ඉතිං ටෙක් තමයි. 

අනුරාජපුරේ පබ්ලික් ලයිබ්රරි එක කියන්නෙ කොළඹ මහජන පුස්තකාලෙ ඇරුනම මම දැකපු හොඳම පුස්තකාලයක්. 77/78 කාලෙ වගෙ ඉන්දියාවෙ ද හින්දු, ස්පෝට්ස්වීක් එතනින් ගියාම ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා එතකොට එංගලන්තෙ සන් වගෙ පත්තර හිටං ඒ පුස්තකාලෙ තිබ්බ. ඊට අමතරව පරන ඉංග්ලිෂ් ක්ලැසික්ස් පුරවපු කබඩ් පෙලක්ම තිබ්බ උඩ තට්ටුවෙ.

ඉතිං මම මයෙ පුස් බයිසිකලෙත් පැදගෙන ඔය ලයිබ්රරි එකට ගිහිල්ල ගැසට් එක බලනව මොනවද ටෙක් එකේ හොඳ කෝස් තියෙන්නෙ කියල. ඔන්න මැයි/ජූනි වගෙ වෙනකොට ගැසට් එකේ දාල තිබ්බ ඊලඟ අධ්‍යයන වර්සෙට කොල්ලො කෙල්ලො බඳව ගන්නවයි කියල. අනුරාදපුරේ මහ තැපැල් කන්තෝරුව ගාව තිබ්බ ගුණසේකර සහ සමාගමෙන් මුද්‍රිත ඉල්ලුම් පත්තරේකුත් අරගෙන ඇවිල්ල මම ඒක පුරවල තැපෑලට දැම්ම. අයදුම් කලේ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාවට. 

පස්සෙ සම්මුඛ පරීක්ෂණේකට එහෙමත් ගිහිල්ල මම තේරුණා ඒ පාඨමාලාවට. දැං ඔය කොයි කාලෙද දන්නවද? 82/83 අධ්‍යයන වර්ෂයට. දැං කවුද ඒ වෙනකොට මෙලොව එළිය දැකල හිටපු උදවිය ඉන්නේ? අත් උස්සන්ට බලන්ට. අප්පෝ ඔච්චරද ඉන්නෙ? ෂෙහ්..බොහොම ලාබාල හිච්චි එවුං ටිකක්නෙ මෙතන ඇවිල්ල ඉන්නෙ. හරි හරි ඒකට මක් වෙනවද? නැද්ද? පහුවෙලා ඉපදිච්චි එක ඔහෙලගෙ වැරැද්දක් නෙවෙයිනෙ නේ? අනික පහුවෙලා හරි ඉපදුන එකම මදැයි නේ?

ටෙක්නිකල් එකේ ගත කරපු කාලය මගේ ජීවිතේ අමතක නොවන කාල පරිච්ඡේදයක්...හෙහ්,හෙහ්...එහෙම බලාගෙන යනකොට මගෙ ජීවිතේ ඔය අරහෙ මෙහෙ අතන මෙතන ගත කරපු හැම කාලෙම අමතක නොවන කාල පරිච්ඡේද නම් තමා. මම හිතන්නෙ කොහෙ මොක කලත් ඒක අමතක නොවන කාල පරිච්ඡේදයක් කරගන්ට තමන් දැනගන්ට ඕන. අපෙ මාමණ්ඩි කිව්ව වගෙ ඒකයි ඒකෙ අවයවය...

හරි ඉතිං ටෙක් කෝස් එකේ අපේ අවසන් විභාගෙ යෙදිල තිබ්බෙ 83 අගෝස්තු මාසෙ. ඒත් ජූලි මාසෙ තිබ්බ කළු ජූලිය හින්ද විභාගෙ දෙසැම්බර් මාසෙට කල් ගියා. ඒ අතරෙ ගෙදර නිකං ඉන්නකොට මට අනුරාධපුරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලෙ පුහුණුවන සැළසුම් ශිල්පී තනතුරකුත් ලැබුන. පඩි ගෙවිල්ලක් එහෙම නෑ. නොමිලේ ගරු සේවය. ට්‍රේසිං පේපර්වල ඉන්ඩියන් ඉන්ක් වලින් අඳින්න ම පුරුදුවුනේ එතනදි.

ඔතන මාස තුනක් වගෙ ඉන්දැද්දි දවසක් රෑ අප්පච්චි මට කතා කලා. අපේ අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරනව බොහොම අඩුයි. අම්ම තමයි තෝල්ක මුදලි. අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරන්නෙ මොකක් හරි විශේෂ කාරණයකට විතරයි.

"ඔය ඉරිගේෂන් එකේ කරන රස්සාව තව කොච්චර කල් තියෙයිද?" අප්පච්චි ඇහුව.

"අපොයි තව අවුරුදු දෙක තුනක් හරි ඒ අය නම් කැමතිවෙයි. පඩියක් ගෙවන්නෙත් නෑනෙ...ඒ හින්ද මොකට අකමැති වෙන්නද?"

"හ්ම්ම්ම්ම්..ඒක තමයි මම මේ කතා කලේ...සඳුද ඉඳල අර කල්චරල් ට්‍රෑන්ගල් එකේ වැඩට යන්න එහෙනං. එතන වේකන්සි එකක් තියනවලු"

"ට්‍රෑංගල් එකේ කොහාටද යන්න ඕන?"

කල්චරල් ට්‍රෑන්ගල් කිව්වෙ සංස්කෘතික ත්‍රිකෝණය. පුරාවිද්‍යා කැණීම් සහ සංරක්ෂණ කටයුතු සඳහා පිහිටවපු  රාජ්‍ය ආයතනයක්. ටෙක් එකට යද්දි යාලුවො එක්ක බයිසිකල් වල නැඟල අනුරාධපුර පැරණි නගරය පුරා කරක් ගහල මම දැනගෙන හිටිය අනුරාධපුරේ සංස්කෘතික ත්‍රිකෝණයෙ ප්‍රොජෙක්ට්ස් දෙකක් තියනව කියල. එකක් ජේතවනාරාමෙ අනික අභයගිරිය. 

(අර කලවැද්ද...සුරංගය මේ ඊයෙ පෙරේද අභයගිරියෙ ගිහිල්ල පෝටොස් එහෙමත් දාල තිබ්බ පේස් බුක් එකේ...)

අපි ටෙක් එකේ ඉන්න දවස්වල තමයි ජේතවනාරාමෙ කැණීමකින් රන්පත් ඉරු එහෙම හම්බ වුනේ. එව්ව බලන්ට අපිත් දනිපනිගාල බයිසිකල් පැද්ද ජේතවනාරාමෙට.

"අභයගිරි ප්‍රොජෙක්ට් ඔෆිස් එකට..එතන ගිහිල්ල ඩොක්ට වික්‍රමගමගේ හම්බ වෙන්න. මම විස්තර කියල තියෙන්නෙ…" අප්පච්චි එහෙම කියල නැඟිටල කාමරේට ගියා.

ඩොක්ට වික්‍රමගමගේ කිව්වෙ ඒ කාලෙ අභයගිරි ව්‍යාපෘතියෙ අධ්‍යක්ෂවරයා. ආචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ. මේ පහුගිය අවුරුද්දෙ වගෙ මම පත්තරේක දැක්ක  එතුමා දැන් මහාවංශ සංස්කරණ මණ්ඩලයෙ සභාපති විදිහට කටයුතු කරනව කියල.

ඉතිං අප්පච්චි කිව්ව විදිහට ඊලඟ සඳුද මම උදේම ගිහිල්ල ඩොක්ට ගමගේ හම්බවෙලා වැඩ බාරගත්ත. අනියම් සැළසුම් ශිල්පියෙක් විදිහට. ඒ වෙනකොට එතන තව අනියම් සැළසුම් ශිල්පීන් දෙන්නෙක්ම හිටිය. මම ඒ ගැන විස්තර කලින් ලියල තියනව මගෙ අභයගිරි විත්ති කතා මාලාව ලියනකොට...මතකයිනේ?


අභයගිරි දාගැබ සංරක්ෂණය කළ පසුව -
ඡායාරූපය එන්.එච්.සමරසිංහ මහතාගේ
සැරිසර මතක බ්ලොග් අඩවියෙන්...

අනියම් සේවකයො විදිහට අපිට වැටුප් ගෙව්වෙ චෙක් රෝලෙන්. චෙක් රෝල කියන්නෙ අනියම් සේවක වැටුප් ලේඛණය....පුරාවිද්‍යා කැණීම් කටයුතු වලට යොදාගත්තු අනියම් සේවක සේවිකාවන්ට මුදලින් ගෙව්වෙ නියමිත වැටුපෙන් බාගයයි. ඉතිරි බාගෙට හිලව් වෙන්ට ඒ වටිනාකමට දුන්න පාන් පිටි, බටර් ඔයිල්, සැමන් ටින් සහ මුද්දරප්පලම්...ඒ ආහාර ද්‍රව්‍ය ලබාදුන්නෙ යුනෙස්කෝ එකෙන්.

යුනෙස්කෝ එක දන්නවනෙ නේද? එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය...ඒ වෙනකොට ලංකාවෙ ස්ථාන පහක් යුනෙස්කෝව විසින් ලෝක උරුම විදිහට පිළිගෙන තිබුණු නිසයි ඒ විදිහට ආධාර දුන්නෙ. එහෙම පිළිඅරගෙන තිබ්බෙ...අභයගිරිය, ජේතවනාරාමය, සීගිරිය, දඹුල්ල සහ මහනුවර...

ඉතිං ඒ අනිකුත් අනියම් සේවක සේවිකාවන්ට වැටුපින් බාගෙකට හිලව් වෙන්ට ආහාර දුන්නට කාර්යාලයෙ වැඩ කරපු අපි තුන්දෙනාටයි තව ලිපිකාරිනියො තුන්දෙනෙකුයි හිටිය. අපි දෙගොල්ලට සම්පූර්ණ වැටුපම සල්ලිවලින් ලැබුන. ඒ කාලෙ දවස් තිහම වැඩ කලාම මට මතක විදිහට පඩිය හම්බවුනා රුපියල් 900 වගෙ ගාණක්. ඒ කාලෙ හැටියට ලොකු ගාණක් ඇත්තටම කිව්වොත්. ගල් බෝතලේ රුපියල් 28 වගෙ ගානක් වුනේ එදවස. ඒ කියන්නෙ ඒ පඩියෙන් ගල් බෝතල් ගත්තෑකි 32 විතර.

දැං ගල් බෝතලේ 1530/= වෙනවනෙ. ඒ කියන්නෙ 32ක් ගන්න ඕන වෙනව රු. 48,960/=.... කොහොමද ආතල් එක?ඒ කියන්නෙ ඒ කාලෙ අපිට සෑහෙන පඩියක් ලැබිල තියනව...අන්න එහෙම තමයි එදා මෙදා මුදලේ ක්‍රයශක්තිය හීන වීම ගණනය කරන්නෙ...ඒ මුදලට මිලදී ගත හැකි ගල් බෝතල් සංඛ්‍යාව සැසඳීමෙන්..ඔව්ව ඔය ආර්ථික විද්‍යා මූලධර්ම..සෙල්ලං නෑ..ඉකොනොමික් ප්‍රින්සිපල්ස්...ආර්ථික විද්‍යාව ඉගෙන නොගත්තට අපිත් ඔය ගැන යමක් කමක් දන්නව.

මුදලේ අගය අවප්‍රමාණය වීම කියන්නෙත් ඕකම තමයි. එදා පඩියෙන් ගල්බෝතල් කීයක් ගතෑකිද? අද ඒ ගල් බෝතල් ගානම ගන්ට සල්ලි කීයක් ඕනද? කියන එක තමයි මුදලේ අගය අවප්‍රමාණය වීමේ මිනුම් දණ්ඩ හැටියට ආර්ථික විද්‍යාඥයො පිළිඅරගෙන තියෙන්නෙ......

ඉතිං මම ඔය අභයගිරි ව්‍යාපෘතියෙ අවුරුද්දකට සුට්ටක් විතර වැඩි කාලයක් වැඩ කලා. සැළසුම් ශිල්පීන් හැටියට අපිට තිබ්බෙ කැණීම් වලින් මතුවෙන ගල් පාදම්, ප්‍රාකාර, දිය බස්නා මාර්ග එහෙම හරියටම තියෙන විදිහට අඳින්ට. ඉහළින් පෙනෙන විදිහ, ඒ කිවෙ ප්ලෑන් එක, දික්කඩ, හරස්කඩ එව්ව ඔක්කොම අඳින්ට ඕන. මීටර් 20න් විස්ස විතර ග්‍රිඩ් දාල බෙන්ච් මාක් එහෙම නැත්නම් පිල් ලකුණුත් දාල තිබ්බ. එව්වයෙ ලෙවල් එක අපි දන්නවනෙ. එතකොට එතන ඉඳල අර මතුවෙන පුරාවස්තුවල මට්ටම් ගන්ටත් පුළුවන් බොහොම පහසුවෙන්ම.

හරි හරි විස්තරේ ටිකක් විතර ටෙක්නිකල් පැත්තට බර වේගනයි යන්නෙ. ඒ හින්ද මේ ඇති. ඉතිං මම ඔය අභයගිරියෙදි ඇඳපු සැළසුම් හත අටක් අපේ මහ ගෙදර තිබ්බ වගේ මතකයි. ට්‍රේසිං පේපර් එකේ ඉන්දියන් තීන්තෙන් ඇඳපු හින්ද තවම හොඳ තත්වයෙ ඇති සමහරවිට. මේ පාර ගියහම බලන්ට ඕන පරණ කබඩ් අල්මාරි එහෙම ඇදල කරල. තිබ්බොත් එව්වත් දාල ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්කො...හොඳද? 

හරි ඉතිං අභයගිරියෙ හිටපු අවුරුද්දක කාලය බොහොම විනෝදෙන් සන්තෝසෙන් ගතවුනා. ඒ කාලෙ මගෙ හිතේ ඉතිහාසය සහ පුරාවිද්‍යාවට තිබ්බ ඇල්ම තවත් වැඩිවුනා. තවත් වැඩිවුනාය කියල කිව්වෙ මම පොඩි කාලෙ ඉඳලම ඉතිහාසය ගැන ඉගෙන ගන්ට හරිම කැමතියි. 

ඒ ආසාව නැත්නම් ඇල්ම ප්‍රගස්තියක් (ප්‍රගස්තිය කියන්නෙ ඔබ්සෙෂන් කියන වචනෙට කියන සිංහල වචනෙ කියල කියන්නෙ අපේ මේ මධුර ගොයිය) බවට පත්වුනා. ප්‍රගස්තිය කියනවට වඩා මම කැමතියි හරියටම ටක්කෙටම හරි නැතිවුනත් ඇබ්බැහිය කියල කියන්ට...හරි ඇබ්බැහියක් බවට පත්වුනා කියල කියමුකො. මම අර නිල් කට්රොල් මල් කතාව ලියනකොට කිව්වෙ....පුලුවන් හැම වෙලාවෙම මම ඔය සීගිරියෙ එහෙම ගියාය කියල.....

හරි මදැයි ඒ හෑල්ල..දැං එමු ප්‍රධාන කතාවට...මෙච්චර වෙලා මම මේ කලේ පසුබිම සකස් කරන එක...තේරුණා නේද ඔබ තමුන්නාන්සේලාට? රයිට් ප්‍රධාන කතාව මෙහෙමයි. 

මේ රටේ තියනව එතෙර අපි කියල සංවිධානයක්. මෙහෙ රැකියා කරන්ට ඇවිල්ල ඉන්න ශ්‍රී ලාංකිකයො එකතුවෙලා පිහිටුවා ගත්තු සංවිධානයක් ඒක. දැනට මාසෙකට වගෙ ඉස්සර ඒකෙං මට ඊ මේල් එකක් ආව ජනවාරි 19 වෙනි සිකුරාද "ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණයන්ගේ නවමු අත්දැකීම්" යන මාතෘකාවෙන් ප්‍රසිද්ධ දේශණයක් පැවැත්වෙනව කියල මෙහෙ තියන හෝටලයක. කැමතිනම් සහභාගි වෙන්ටෙයි කියල. දේශකයා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා.


රාජ් සෝමදේව මහතාගේ දේශණය
පිළිබඳව නිර්මාණය කල ප්‍රචාරක
දැන්වීමක් ඉහත දැක්වේ.

මම අර කිව්ව වගෙ මගේ ප්‍රථම ප්‍රේමය ඉතිහාසය සහ පුරා විද්‍යාව හින්ද මම කලේ හැරෙන තැපෑලෙන් උත්තරයක් යැව්ව "යස් අයි විල් ඩෙෆිනීට්ලි ඇටෙන්ඩ්" කියල.

ඉතිං පහුගිය 19 වෙනි සිකුරාදා උදෙම්ම මම ගියා ඒ දේශණයට. සිකුරාද ඇවිල්ල මයෙ පොඩි ආතල් එකක් එහෙම ගන්න දවස උනාට මේ වගෙ මහාර්ඝ අවස්ථාවක් මඟ හරින එක අපරාදයක් හින්ද මම දනිපනිගාල ගියා අදාල ශාලාවට.

උදේ නවයෙ වගෙ ඉඳල හවස තුන පහුවෙනකල් වගෙ දේශණය පැවැත්වුනා. දවල් එකොළහමාරට වගෙ පැයක විතර බ්‍රේක් එකක් තිබ්බ. කොහොමත් සිකුරාද ඉස්ලාම් භක්තිකයින්ගෙ ශුද්ධවූ දවස හින්ද එකොළහමාරෙ ඉඳල දොළහ වගෙ වෙනකල් කඩ සාපු ඔක්කොම වහන්ට ඕන. එතනිං ගියාම ඒ කාලසීමාව ඇතුලත ක්‍රීඩා තරඟ එහෙමත් නවත්වන්න ඕන. එහෙමයි මෙහෙ නීතිය.

ඉතිං ඒ පැයක වගෙ විවේක කාලෙදි පොඩි කට්ලට් රෝල්ස් සෑන්ඩ්විචස් දෙක තුනක් කන ගමන් අපි කීප දෙනෙක් මහාචාර්ය තුමා එක්ක සුහද කතා බහක යෙදුන. රාවණ රජ්ජුරුවො ගැන....එතකොට බුදුන් වහන්සෙගෙ ලංකා ගමන ගැන...එතකොට මහා වංශය ගැන....සීගිරියෙ විශ්මිත ජල උද්‍යාන තාක්ෂණය ගැන....ප්‍රාග් ඓතිහාසික ලංකාවේ යපස් වලින් යකඩ ලබාගැනීමේ තාක්ෂණය ගැන...ඉබ්බන්කටුවෙ සොහොන් ගෙවල් ගැන....ඔය වගෙ නොයෙක් ඉතාම සිත් ඇදගන්නාසුළු මාතෘකා ගැන අපි කතා කලා.

හවස තුන වෙනකල් දේශණය තිබ්බට ආපු හැමෝම වගෙ සාවධානව ඇහුම්කන් දුන්න මිසක් නැඟිටලා ගියේ එහෙම නෑ.....

මහාචාර්ය වරයා අන්තිමට මෙහෙම කිව්ව..

"අපි අනාගතයට යන්ට ඉස්සර හරියටම දැනගන්ට ඕන අපි කවුද කියල. අපේ මූලාරම්භය කොතනද? අපි ආවෙ කොහෙන්ද? අපේ තාක්ෂණය අපිට ලැබුනෙ කොහෙන්ද? අපේ භාෂාව විකසනය වුනේ කොහොමද? ඔය ගැන හරියටම දැනගන්නෙ නැතුව ඉදිරියට යනවය කියන්නෙ අපි අක්මුල් සිඳුණු ජාතියක් වෙනව. එහෙම බෑ.....මේ පොළවෙ අපේ මුල් ගැඹුරට කිඳා බැහැල තියනව. අපි එව්ව හොයාගන්ට ඕන.."

පල්ලෙහා වීඩියෝ දෙකේ මහාචාර්ය තුමාගෙ සම්පූර්ණ දේශණයම තියනව. දෙකම ගත්තම පැය පහක් විතර. ටිකක් දිග වැඩියි නම් තමයි. ඒත් විවේකයක් ලැබුණු වෙලාවක අහන්න....ඒ වැයකරන කාලය කිසිසේත්ම අපතේ ගියා වෙන්නෙ නැති බවට මම සහතික වෙනව...






110 comments:

  1. //පහුවෙලා ඉපදිච්චි එක ඔහෙලගෙ වැරැද්දක් නෙවෙයිනෙ නේ//
    මම මේ කලපනා කොලේ කාගේද වරද කියලා. මුල හොයාගෙන හොයාගෙන ගියොත් ඉතින් කපු මහත්තයාගේ තමා.

    //ජූලි මාසෙ තිබ්බ කළු ජූලිය හින්ද//
    කළු ජූලිය තියෙන්න ඕන ඉතින් ජූලි මාසෙක තමා බන් අයියේ. :)

    එහෙනං දැන් රුපියලේ අව ප්‍රමානය මනින්නේත් ගල් බෝතල් වලින් නේද? හෙහැ හෙහැ

    ReplyDelete
    Replies
    1. Sayuri,

      /මම මේ කලපනා කොලේ කාගේද වරද කියලා./

      ඉපදිච්චි කාලෙ පහුවෙච්චි එකේ වරද කාගෙද කියල හොය හොය ඉන්ට එපා නෝනා...සමහරු ඉපදිච්චි එකම වරදක් කියල අපිට හිතෙන වෙලාවලුත් තියනවනෙ අනන්තවත්...

      "I look at people sometimes and think, Really? That's the sperm that won?" - Source Unknown

      /කළු ජූලිය තියෙන්න ඕන ඉතින් ජූලි මාසෙක තමා බන් අයියේ. :)/

      එහෙම වෙන්නම ඕන නෑ බොල..රුසියාවෙ ඔක්තෝබර් විප්ලවය සමරන්නෙ නොවැම්බර් හත්වෙනිද...:)

      Delete
    2. එහෙම නෙවෙයි බොල, අනික් පැත්තට.. රුසියාවෙ ඔක්තෝබර් විප්ලවේ සමරද්දි ලෝකෙ අනික් රටවල නොවැම්බර් මාසෙ ඇවිල්ලා.. ඕකට හේතුව රුසියානු දිනදර්ශනය පිළිගත් දිනදර්ශනයට වඩා සති දෙකක් පිටිපස්සෙන් තිබීම.. එවුන්දලට නත්තල් එන්නෙ අපට ජනවාරි මාසෙ..

      Delete
    3. බූරා,

      එහෙම රුසියාවෙ පාවිච්චි කරන කැලැන්ඩරෙයි ලෝකෙ අනික් රටවල පාවිච්චි කරන කැලැන්ඩරෙයි අතර දින 13 ක වෙනසක් තිබ්බෙ සාර් රජ කාලෙ. (ග්‍රෙගෝරියන් සහ ජුලියන් කැලැන්ඩර්) 1917 ඔක්තෝබර් 25 වෙනිද රුසියානු විප්ලවය සිද්දවුනාට ඒ වෙනකොට ලෝකෙ අනික් රටවල් වලට නොවැම්බර් 7 උදාවෙලා.

      Delete
    4. රෂියන් ඕර්තඩොක්ස් චර්ච් එක තාමත් පාවිච්චි කරන්නෙ ජූලියන් කැලැන්ඩර් එක.. මේ සම්මතය 2100 වෙනකං පැවැත්වෙන්ට නියමිතයි..

      Delete
    5. බූරා,

      අප්පටසිරි එහෙමත් එකක්ද? මම ඒක දැනගෙන හිටියෙ නෑ...

      ඔන්න මේ දින පටලැවිල්ල ගැන විස්තර හොයද්දි මම තව නොදැන හිටි එකක් දැනගත්ත.

      ඔක්තෝබර් විප්ලවයෙන් ලෙනින්ල බලයෙන් පහකරල තියෙන්නෙ සාර් රජතුමා නෙවෙයිලු. 1917 අවුරුද්දෙ රුසියාවෙ විප්ලව දෙකක් තිබිල තියනව. මුලින්ම පෙබරවාරි මාසෙ සිදුවු නු විප්ලවයකින් සාර් ට රජකම අත අරින්ට වෙලා තියනව. ඊට පස්සෙ සමාජ ප්‍රජතාන්ත්‍රික පක්ෂය කියල එකක් තමයි බලයට ඇවිල්ල තියෙන්නෙ.

      ඒත් රටේ තිබ්බ අරාජික කලබලකාරී තත්වය සංසිඳිල නෑ. ඒ අවස්තාවෙන් ප්‍රයෝජනය අරගෙන තමයි ලෙනින් ට්‍රොට්ස්කි එහෙම ඔක්තෝබර් විප්ලවය කරල බලය අල්ලගෙන තියෙන්නෙ.

      ඒ කියන්නෙ ඔක්තෝබර් විප්ලවයෙන් බලයෙන් පහ කරල තියෙන්නෙ සාර් නෙවෙයි. සාර් ඒ වෙනකොටත් බලයෙන් පහවෙලයි ඉඳල තියෙන්නෙ...:)

      Delete
    6. ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාගෝ' පොතේ?

      Delete
    7. ඈ බොල නරකද බොට ඉඳල හිටලා අපේ ලිපියක් කියෙව්වොත් ඔය රුසියාවේ කතා ගැන ලියනවනේ
      //ආවට පස්සේ මොකද වුනේ. මේ ටික වොල්කගොනොව් හෙම තමන්ගේ "ලෙනින්" කියන පොතේ මෙන්ම "ට්‍රොට්ස්කි" කියන පොතේත් රසවත්ව විස්තර කරනවා. මේ දත්ත දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පූටින් පරණ ලියවිලි ආදිය මුදා හැරලා තියෙන්නේ. ලෙනින් රුසියාවට ඇවිත් අර කියපු විධිහටම වැඩේ කරගෙන ගියා . නමුත් පැමිණ මාස දෙකක් යනකොට ලෙනින්ට තේරුම් යන්න ගත්ත කෙරෙන්ස්කිගේ ප්රොවින්ෂල් ආණ්ඩුව දුර්වල බව. ඔහු ට්‍රොට්ස්කිට කිව්වා බෝල්ෂෙවික් පක්ෂය සෑහෙන්න විනය ගරුක එකක්. ඕන නියෝගයක් පිලි පදින්න පුළුවන් විධිහට කාඩර් වරු හදල තියෙන්නේ. විප්ලවයක් කරල කෙරෙන්ස්කි ආණ්ඩුව පහ කරලා බලය ගමු කියල.

      ඕකට ට්‍රොට්ස්කි මුලදී අකමැති වුනත් ලෙනින් ගේ පැහැදිලි කිරීම් හමුවේ ඔහු එකඟ වුණා. කොමියුනිස්ට් වාදී රජයක් හදල නිර්ධන පන්ති ආඥා දායකත්වයක් පිහිටුවනවා කියල ලෙනින් කිව්වේ ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයට පාලනය භාර අරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යන එකට. නිර්ධන පන්ති ආඥා දායකත්වය (dictatorship) කියල කිව්වේ ඒකට. කොටින්ම පෙබරවාරි මාසයේ සිට තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි වෙනවා. ට්‍රොට්ස්කි මේකට එකඟ වුණා. එනිසා අන්තිමට වුනේ ජර්මනිය වත් හිතුවේ නැති දෙයක්.//
      https://kolambagamaya.blogspot.co.uk/2018/01/blog-post_18.html

      Delete
    8. සාර් කාරයා බලයෙන් පහ කරපු කෙරෙන්ස්කි හුඟක් කල් හිටියා ජිවත් වෙලා ඇමෙරිකාවේ හා ලන්ඩනයේ . පොරගේ පුතා තවම ඉන්නේ ලන්ඩන් වල. කෙරෙන්ස්කිට කර ගන්න පුළුවන් වුන නම් රුසියාව දැනට වඩා පොහොසත් රටක් කියල පුටීන් අයිය කියන්නේ

      Delete
    9. සොරි පුතාගේ පුතා ඉන්නේ ලන්ඩන් වල තවම

      Delete
    10. Ajith,

      කොමියුනිස්ට් ක්‍රමය මෙච්චර ඉක්මණට බිඳ වැටුනෙ ඇයි කියල මට හිතෙන දේ ගැන පොඩි සටහනක් ලියන්න කාලෙක ඉඳල හිතාගෙන ඉන්නව අජිත්...

      මොකද හැටේ දශකයේ උපන් (Generation X) අපි පොඩි කාලෙ සමාජවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඉතාම ආහ්ලාදයෙන් යුතුව කල්පනා කරපු උදවිය...ඒ හින්ද මෙපමණ ඉක්මනින් සෝවියට් දේශය බිඳ වැටුනෙ ඇයි? කියල මම එදා ඉඳලම කල්පනා කරනව...:)

      Delete
    11. මම බ්ලොග් ලියන්න ආවෙම ඕක ගැන ලියන්න. වම් ඉවුරේ අවන්හල හා තවත් ඒවා පටන් ගත්ත. හැබැයි පස්සේ ලියාගෙන කියවගෙන යනකොට තේරුණා හේතු එකක් නෙමේ තියෙන්නේ කියල. හැබැයි තවමත් සෝවියට් දේශයට කැමතියි. ඒ අර අපි හිටපු නිසා.
      හැබැයි - ලංකාවේ තියන දේශපාලනය වගේම අන්ත දුෂිත රැලක් පාලනය කලේ , හොඳ එවුන් හිටියබාගෙට බාගයක්. උන් පුදුම ගේමක් දුන් රට ගෙනියන්න. අන්තිමට දිනුවේ අර බලු රෑන , සුදුස්සාට සුදුසු තැන දුන්නේ ඌ පක්ෂේ එකෙක් නම් විතරයි. උන්ට කෙළවුණේ ලෙනින්ව දෙයියෝ කරලා ස්ටාලින් දෙයියන්ගේ නිත්‍ය බලධාරියා කරපු නිසා. හරියට අපේ එවුන් බුද්ධාගම අදහනවා වගේ

      Delete
    12. Bura,

      /ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාගෝ' පොතේ?/

      මතක නෑ කොල්ලෝ....:)

      Delete
    13. මට මතක හැටියට අප්‍රේල් පලවෙනිදා මෝඩයගෙ දවස උනෙත් ඔය ජූලියන් ග්‍රෙගොරියන් මාරුව වෙලාවේ

      Delete
  2. Thank you Ravi for the video clips. If you have time come and visit us in UK .I am sure you will enjoy the history and architecture. I really enjoy comparing similar periods between srilanka and UK for example I visited salsbury cathedral few weeks back and pleasantly surprised to know it was built just after the death of prakramabahu the great .

    ReplyDelete
    Replies
    1. Thusitha,

      Thanks so much...So that means Salisbury cathedral was built during 12th century...:)

      Delete
    2. Thusitha, Did you come to Amarawathi temple on Sunday?

      Delete
    3. Early 13 th century 1220 to be exact.It was ? 30 ?40 years after king prakramabahu and england was ruled by King John of robinhood fame

      Delete
    4. No Ajith I live in bournemouth. Do you live in enfield?

      Delete
    5. Read the book 'Sarum' by Edward Rutherford.. The story of building this Salisbury Cathedral is there.. Yes, the whole book is one big story, but it's interwoven with important historical events..

      Delete
    6. @ burathino I thought that book is a fiction. I vaguely remember watching a film or TV series about it.

      Delete
    7. @thusitha - yes. I met a software Engineer who worked at KDSL. I thought it was you. Raviya - I will extend Thusitha's Invitation. Visit me to.

      Delete
    8. Thusitha,

      /Early 13 th century 1220 to be exact.It was ? 30 ?40 years after king prakramabahu .../

      Yep..It seems King P. the G. reigned from 1153 - 1186. So that means 34 years before King John.

      Delete
    9. Ajith,

      I might just take you up on that offer...heh..heh...thanks Ajith!

      Delete
    10. Welcome, We can have small blogger-together with some single malt throwin' in

      Delete
    11. //Welcome, We can have small blogger-together with some single malt throwin' in//

      count me in..

      Delete
    12. Yes, Manawee and then there's Bura and that bloody rascal Aru too...:)

      Delete
    13. definitely manavika, we have specially brewed cherry liqueur too. (pra knows)

      Delete
  3. ඔහෙලා කොටා තිවිච්ච ගල් කැටයං එහෙම බලන්න කැතයි. ලමේක් එක්කං යන්ට ලැජ්ජයි එතැන්ට. හැදිච්ච කලු කාන්තාවකට බිම බලං යන්න බෑ විල්ලැජ්ජාවෙ.

    රන් පත්තිරු හම්බවුණා කිව්වෙ අර Gold Leaf වගයක් හම්බුවෙච්ච එක ද?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට රවී අයිය පාවිච්චි කරපු ත්‍රෛලෝක විජයපත්තිරු තාම හම්බවෙලා නැත්තෙ.

      Delete
    2. සුරා,

      /ඔහෙලා කොටා තිවිච්ච ගල් කැටයං එහෙම බලන්න කැතයි./

      උඹ අර පේස් බුක්කෙකේ දාල තිබ්බ කුනුහබ්බ අපි කොටපුව නෙවෙයි බොල..උඹල වගෙ ආතක් පාතක් නැති හිපාටුවො ඇහිල්ල හිට කොටල ගියාපුව ඒ...

      /රන් පත්තිරු හම්බවුණා කිව්වෙ අර Gold Leaf වගයක් හම්බුවෙච්ච එක ද?/

      තනි දඹ රත්තරං පත්තිරු විස්සක් විතර එකට බැඳල තිබ්බ මිටියක් හම්බවුනේ බොල..කිව්වට විස්සාස කොරහං මං දෑහිම්ම දැක්ක හින්දයි කියන්නෙ...එක පත්තිරුවක් ගනකොම මයෙ මේ හුලඟිල්ලෙ අග පුරුක විතර.

      එව්ව දිලිහෙන දිලිහිල්ලට ඇස් නිලංකාර වෙනව...ඒ පත්තිරු තැම්පත් කොරල තිබ්බ මන්ඩප්පෙත් එක්කම පැත්තක හිටිය කූඩාරමක් ගහගෙන අක්සි වයිද්දියවරු කන්ඩායමක් ගිනිකන වැටිල දෑස් නොපෙනී ගිය එවුංගෙ ඇස් හොඳ කොරන්ට.

      අපි ඔය සීන් එක දැනගෙන කලිම්ම සඟ ගානෙ අරංගිය හින්ද අපිට අවුලක් වුනේ නෑ...:)

      Delete
    3. Prasanna,

      / ත්‍රෛලෝක විජයපත්තිරු.../

      එව්ව හම්බවෙන්නෙ කොහොමද බං ඒ කාලෙම නප්පියටම ඇදල ඉවර කලානෙව...

      Delete
  4. යුනිවකුටි කියන්නෙ පොඩි කාඹර ජාතියක් වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. සුරා,

      ඔව් ඔව්...කාඹර ජාතියක් තමා....:)

      Delete
  5. ඔහෙටත් පඩියෙං බාගෙකට ගල් බෝතල් ඉල්ලන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. සුරා,

      ඒ කාලෙ පොඩි එකානෙ බං බයයි..නැහ්නං ඉල්ලන එකත් ඉල්ලනව...:)

      Delete
  6. අබයගිරියට කවුරු හරි හූනියමක් කරලද කොහෙද, ඒකෙ සෙනඟ නෑ. ඒකට රුවන්වැලි සෑයෙ පැයෙන් පැය සිවුරු මාරු කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඇත්ත බං මම ඉන්න කාලෙත් එහෙමයි...පෝය දවසට ඔන්න ටිකක් හරිය සෙනඟ එනව..නැත්තං ඔය තිහක් හතළිහක් වගෙ තමයි දවසටම එන්නෙ..

      වැඩියෙම්ම එන්නෙ වයසක උපාසිකාවො...බයාගිරිය බයා ගිරිය කියාගෙන ඈත ඉඳලම දොහොත් මුදුන් දීගෙන සාදු කියාගෙන කෑගහගෙන එන්නෙ...

      සමහරු අබයගිරියට වඳින්නෙ නැතුව පිටපාරෙම්ම යනව සමාදි පිළිමෙට...පෝය දවසට අබයගිරි චයිත්තිය ඉස්සරහ මඩුවක් ගහගෙන හිටිය හාමුදුරු කෙනෙක් ලවුස්පීකරේකිං කවි එහෙම කිය කිය ආදාර එකතු කර කර. අරම උපාසිකාවො පිට පාරෙම යනව දැක්කොත් ආය නෑ කවියෙම්මයි බණින්නෙ සිල් රෙදි හැලෙන්ට.

      ඔතන අබයගිරිය ඉස්සරහම පාරෙන් අනික් පැත්තෙ ඒ කාලෙ තිබ්බ කූල් ස්පොට් එකක්.ඒකෙ මුදලාලි අපේ යාලුව. අපි ඉතිං පෝය දවසට පොතේ නම ළකුණු කරල කෙලිම්ම ඔතන ගෙනල්ල ගහ ගන්නව ලෙවල් සෙට් එක.. ඉතිං කරන්නෙ ලෙවල් සෙට් එකෙං තරුණ උපාසිකාවන් නරඹන එක...:)

      Delete
  7. ඕකෙදි නේද ලොක්කා සුද්දියෙක් පොල්ලෙ ඉන්දගෙන උන්දැගෙ තට්ටමට දනිස්සෙං ඇන ඇනා බයිසිකල් පැද්දෙ?

    ReplyDelete
    Replies
    1. ++++++++ මටත් මතක් උනේම ඒක කියහන්කෝ.. :)))

      Delete
    2. රවිය අභේ ඉන්දැද්දි කරපුව තාම මතුකරගෙන නෑ. අන්න එදාට ටමයි ඔය ට්‍රෑන්ගල් එකේ උංට හැංගඩ්ඩැං ඩයි වෙන්න වෙන්නෙ. හැක්..

      Delete
    3. ඇල්ම ප්‍රගස්තියක්

      Delete
    4. අ'පුරේ බසිසිකල් පදිද්දි එහෙම තමයි බංස්ල .

      Delete
    5. //මටත් මතක් උනේම ඒක කියහන්කෝ// x2

      Delete
    6. සුරංග,

      එහෙම දණිහෙං ඇනපු කෙහෙම්මලක් නෑ බං...අනික පොල්ලෙ ඉඳගෙන යන බබලතෙක්ගෙ පස්සට දනිහෙං ඇන ඇන කොහොමද බොල බයිසිකලයක් පදින්නෙ?

      එහෙමනම් ඉතිං අඩි පනහක් හැටක් බයිසිකලේ පැදල බෙරෙක් අල්ලල නවත්තල දනිස්සෙං බබලතාගෙ පස්සට එකක් අනිනව.

      ඊට පස්සෙ ආයම පාගනව තව අඩි පනහක් හැටක් විතර. ආයම නවත්තල පස්සට අයිනව දනිස්සෙං..ඔන්න ඔහොමයි කරන්ට වෙන්නෙ..:)

      Delete
    7. Pra,

      /ඇල්ම ප්‍රගස්තියක්/

      එහෙම එකකට කියන්න ඕන ප්‍රා ප්‍රගස්තියක් නෙවෙයි අර්චනකයක් (Fetish) කියල...:)

      Delete
    8. බබලතෙක්ගෙ පස්සට දනිහෙං ඇන ඇන කොහොමද බොල බයිසිකලයක් පදින්නෙ?

      Here it is:

      https://youtu.be/fwpDTktZTPA

      Delete
    9. ඇනෝ,

      බොහොමත්ම ස්තූතියි....

      පිස්සු හැදෙන ෆිල්ම් එකක් නේ "God must be crazy...."

      දෙයියම්ප අර යෝදි දාගෙන බයිසිකල් පදින්ට ඉස්සෙල්ල මේ ෆිල්ම් එක බලල තිබ්බනම් අනිවා ඒ තිබ්බ විදිහට කරන එකත් කරනව...:)

      Delete
  8. මෙන්න මේ වගේ උදාහරන ගන්නවා නම් ඕනම කෙනෙකුට හරි සරලව ආර්තික විද්‍යාව ඉගෙන ගත්තහැකි මයෙ හිතේ...

    නිදහස් වෙලාවක අනිවාර්යෙන් මේක බලන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      /මෙන්න මේ වගේ උදාහරන ගන්නවා නම් ඕනම කෙනෙකුට හරි සරලව ආර්තික විද්‍යාව ඉගෙන ගත්තහැකි මයෙ හිතේ./

      අන්න ඒකනෙ බං ගැඹුරු විෂය කරුණු උනත් පටගාල මීටර් වෙනව මෙහෙම තමන්ට සමීප උදාහරණ ගත්තම...

      /නිදහස් වෙලාවක අනිවාර්යෙන් මේක බලන්න ඕනේ../

      බලපං බලපං මතක ඇතුව...හරිම ඉන්ටරස්ටිං...අර අහසෙං එන ගොබිලවත් මතක ඇතුව කතා කරගනිං හොඳද?

      (ඔය සිත්තමීල එක්ක එහෙම එකතුවෙලා සම්ප්‍රප්පලාප දොඩවන වෙලාවෙ මෙහෙම වැදගත් දෙයක් කරපං තේරුණාද?)

      Delete
    2. Siththami,

      Who? me?...no... not me...:)

      Delete
  9. ඈ බං, ඔය දෝහා කටාර් කියන එක හරියට කොළඹ ලංකාව කියනව වගේ නැද්ද. වචනෙ පාවිච්චි කරපු කීප දෙනෙක්ගෙන්ම ඇහුවට උන්ට දීගන්න උත්තරයක් නෑ. ඒ උනාට එහෙම කියන එක අත ඇරලත් නෑ.
    එතෙර අපි කියන්නෙ ජෙප්පන්ගෙ සංවිධානෙ නොවැ. ප්‍රොෆෙසර් රාජ් සෝමදේව තමයි ඒ ගොල්ලො හැම තැනම ගෙනියන්නෙ. මං ඉද්දි ඕමාන් වලටත් ආවා.

    ReplyDelete
    Replies
    1. //ඔය දෝහා කටාර් කියන එක හරියට කොළඹ ලංකාව කියනව වගේ නැද්ද// මටත් තියෙන ප්‍රශ්නයක් ඕක...

      Delete
    2. Helapa,

      /ඈ බං, ඔය දෝහා කටාර් කියන එක හරියට කොළඹ ලංකාව කියනව වගේ නැද්ද./

      මම හිතන විදිහට ඔය දෝහා කටාර් කතාව ආවෙ මෙහෙම වෙන්න ඕන...මම අහල තියන විදිහට ඉස්සෙල්ලම මැද පෙරදිගට අපේ රටේ කට්ටිය යන්ට පටන් ගත්තු කාලෙ ඒ කියන්නෙ 77-78 කාලෙ වගෙ ඩුබායි වලට විතරක් පාස්පෝට් ගන්ට පුලුවන් සීන් එකකුත් තිබ්බලු.

      ඊට පස්සෙ 84/85 වගෙ දෝහා වලටත් කට්ටිය එන්ට ගත්තම දෝහා තියෙන්නෙ ඩුබායි වලමද කියල මිනිස්සු හරියටම දන්නෙ නෑනෙ. ඒ හින්ද වෙන්න ඕන ඒජන්සි කාරයො මට මතකයි සිළුමිණේ එහෙම ඇඩ් දාල යටිං ලොකු අකුරෙං දානව ඩුබායි - යූ.ඒ.ඊ නැත්නම් දෝහා - කටාර් කියල.

      එහෙම දාන්ට ඇත්තෙ මිනිස්සු කොන්පියුසියස් වෙන එක වලක්වන්ට වෙන්ට ඕන. ඔය සීන්ස් එක හින්ද තමයි මම හිතන්නෙ දෝහා - කටාර් කියල රෙජිස්ටර් වුනේ.

      /එතෙර අපි කියන්නෙ ජෙප්පන්ගෙ සංවිධානෙ නොවැ./

      ඔව්..ඔව්..මම මීට අවුරුද්දකට දෙහෙකට වගෙ ඉස්සර ඔය එතෙර අපි කියල මෙහෙම සංවිධානයක් තියනවයි කියල දැනගෙන හිටියට එව්වයෙ රැස්වීම් එකකටවත් ගිහිල්ල එහෙම තිබ්බෙ නෑ..මේකටත් ගියේ ඔය ලෙක්චර් එක හින්ද.

      ගියාමයි ඔය සීන් එක දැනගත්තෙ. ඒක දන්නෙත් ලෙක්චර් එකට ඉස්සර එතෙර අපි ගැන පොඩි වාර්තා වැඩසටහනක් පෙන්නුවනෙ ..අන්න ඒකෙන්..සුනිල් හඳුනෙත්ති තමයි ඕකෙ සබාපති...

      Delete
  10. අත ඉස්සුවා එහෙනං ගණන් ගන්න එකයි ඇත්තේ..

    පටන් ගත්තෙම අනියම් වැඩකින් හින්දද මංදා මුන්දගේ තාම අනියම් කේස් හැමතැනම.. හැක්. හැබෑට ඒ දවස්වල ඉඳලම ඔහේගේ තට්ටේ තිබ්බද? මට හිතා ගන්න බෑ ඒ කාලේ ඔහේ කොයි වගේ ඉන්න ඇතිද කියල..

    පෝය දවසේ කොළඹ හිටියොත් වීඩියෝ එක බලමින් කතාව අහන්න පුළුවන්.. ෂෙයාර් කරාට තැන්කියු.

    ReplyDelete
    Replies
    1. Kalyana,

      /අත ඉස්සුවා එහෙනං ගණන් ගන්න එකයි ඇත්තේ../

      ඕකේ...එකායි......

      /පටන් ගත්තෙම අනියම් වැඩකින් හින්දද මංදා මුන්දගේ තාම අනියම් කේස් හැමතැනම.. /

      හෙහ් හෙහ්..ඒකනෙ...

      /හැක්. හැබෑට ඒ දවස්වල ඉඳලම ඔහේගේ තට්ටේ තිබ්බද? මට හිතා ගන්න බෑ ඒ කාලේ ඔහේ කොයි වගේ ඉන්න ඇතිද කියල../

      පිස්සුද බං? ඔහෙ හිතන්නෙ මම ඉපදෙනකොටමත් තට්ටෙ තිබ්බයි කියලද? ඒ කාලෙ මයෙ තිබ්බ බොහොම අපූරු අක් බබරු කෙස් වැටියක්..

      ඉඳහල්ලකො මේ පාර ගෙදර ගිහාම ඒ කාලෙ ගත්තු පෝටොස් අරගෙන ඇවිදිල්ල හිට ඉස්කෑං කොරලදාල බ්ලොග් පෝස්ට් එකක් ලියන්නංකො.

      මේ පහුගිය පාර ගියාම මම පෝටොස් එක හැට හැත්තෑවක් තෝරල වෙනම ඇල්බං එහෙකත් දාල තිබ්බ අරගෙන එන්ට. කොහෙද ලාස්ට් මෝමන්ට් ටෝටලි ෆොගොටිනික් උනානෙ.

      /පෝය දවසේ කොළඹ හිටියොත් වීඩියෝ එක බලමින් කතාව අහන්න පුළුවන්.. ෂෙයාර් කරාට තැන්කියු./

      යූ ආර් වෙල්කම් .....බලාපං බලාපං....අපරාදෙ කියල හිතෙන එකක් නෑ...:)

      Delete
  11. හෙනං හේතුව ඒකයි. මං බැලුව ඒත් මේ මනුස්සය පරණ ඒව ආයෙ ලියන්නෙ මොකද කියල.

    ඔය රාජ් සෝමදේව මහත්තය මේ කිට්ටුව තියෙන වැලිගෙපොල, ඉළුක්කුඹුර පැත්තෙත් පර්යේෂන කළා පහුගිය කාලෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඉළුක්කුඹුර කතාවක් කිව්ව තමයි. ඒත් මට මතක බලංගොඩ පැත්තෙ කියල වගෙ...

      Delete
    2. බලංගොඩ කිව්වට බලංගොඩම නෙමෙයි.

      Delete
  12. දැං පේනව නේද ගල් බෝතලේ කියන්නෙ කොච්චර වටින දෙයක්ද කියල. ඔය එකේක පකිරිත්තුවො ගල් වලට බැන්නට.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      What to say? who to what what?...:)

      Delete
  13. යාන්තම් ඇති අලුත් එකක් ලියලා... රවී අයියට චිත්‍ර අඳින්න පුළුවන් ඇති නේ.. ත්‍රිමාණව අඳින්න හැකියාව තියෙනවා නම් ෂුවර් එකට පුළුවන් ඇති...

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      චිත්‍ර නම් අඳින්න බෑ බං...සැළසුම් ශිල්පය දැන ගත්තයි කියල චිත්‍ර අඳින්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. දෙක වෙනස්...

      ඩ්‍රාෆ්ට්ස්මන්ෂිප් කරද්දි ඉංජිනියරිං ඩ්‍රෝයිං වලට ඔය එක එක පොඩි පොඩි මැෂින් පාට්ස්වල ත්‍රිමාන පෙනුම් ෆ්‍රී හෑන්ඩ් ඇන්ද නම් තමයි. ඒත් මිනිස් රූප ඇඳිල්ල වෙනම සබ්ජෙක්ට් එකක්....:(

      Delete
  14. අත ඉස්සුවා......

    ගල් බෝතලේ වැඩේ නං පංකාදු පහයි...... අන්න එහෙමයි මතක හිටින්ඩ උගන්නන්නෙ කියලා අනිත් ඔය ආර්ථික ඔස්තාර්ලට කියලා දෙන්ට ඕනෙ.....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      /අත ඉස්සුවා....../

      දෙකායි....

      Delete
  15. ආර්ථික විද්‍යා පාඩම නම් නියමය්..මගෙත් ප්‍රථම ප්‍රේමේ ඉතිහාසේ තමා..

    ReplyDelete
    Replies
    1. මෙකුවි..

      අප්පටසිරි ඔයත් ඉටිහාස ලෝලියක්ය? වෙරි ගුඩ්..ගුඩේ ගුඩ්..:)

      Delete
  16. පහුවෙලා හරි ඉපදිච්ච එක වටිනවා මේක කියවන්න .... කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වුණා ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය....:)

      Delete
  17. පඩි ගෙවල තියෙන්නෙ ගල් බෝතලේට සාපේක්ෂව නේන්නම් , මගෙ මුල් පඩියෙනුත් ඒ කාලෙ හැටියට ගල් බෝතල් 32 යි. අපේ ආර්ථිකේ දියුණුයි කියන්නෙ දැන් පඩියෙන් ගල් බෝතල් බර ගානක් ගන්න පුළුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      /මගෙ මුල් පඩියෙනුත් ඒ කාලෙ හැටියට ගල් බෝතල් 32 යි./

      දෙයියම්ප කියාපං...හෙහ්..හෙහ්...what an amazing coincidence...:)

      Delete
    2. දෙයිය වගේ ගල් බෝතලේ පල්ල . ගල් බෝතලේ 110 /- පඩිය 3600 /-.
      හැබැයි කවදාවත් ගල් බෝතලයක් අරන් නෑ. ඒ කාලෙ තමයි ' බයිසන් ' කියන බියර් එක ආවෙ. ඒකෙන් එකක් ගැහුවම බඩුම තමයි.

      Delete
    3. කම්මල,

      ම්ම්ම්... බයිසන් ආවෙ මල්ලි 90/91 විතර නේද?

      Delete
    4. 91 විතර., මම බයිසන් බිවුවෙ 94 අග.

      Delete
  18. අපෝ ඇති යන්තම් වෙනස් පෝස්ට් එකක් ලියලා! හැබෑටම ඔබතුමාට චිත්‍ර අඳින්න පුළුවන් ඇතිනේ මේ විදිහේ හැටියට. දාන්නකෝ අපිටත් බලන්න ඇන්ද චිත්‍රයක් එහෙම..
    (අත උස්සගෙන)

    ReplyDelete
    Replies
    1. මලී,

      /අපෝ ඇති යන්තම් වෙනස් පෝස්ට් එකක් ලියලා!/

      ඒක තමයි...අනන්‍යා සහ ක්‍රිෂ් ගැනම ලියන්නෙ නැතුව වෙන වෙන එව්වත් ලියන්න ඕන ...:)

      /හැබෑටම ඔබතුමාට චිත්‍ර අඳින්න පුළුවන් ඇතිනේ මේ විදිහේ හැටියට. දාන්නකෝ අපිටත් බලන්න ඇන්ද චිත්‍රයක් එහෙම../

      අනේ එහෙම හැකියාවක් නම් නෑ බොලේ...මිනිස් රූප නම් නිල්....:)

      /(අත උස්සගෙන)/

      හරි තුනායි....

      Delete
  19. ඔන්න මමත් අත ඉස්සුවා...පඩිය මනින්නේත් ගල් බෝතල් ගානෙන්. අම්මප මුන් වගේ බේබද්දෝ. උඹේ බ්ලොග්එක එපා වේගෙන වගේ එනකොට හොඳ පෝස්ට් එකක් වැටිලා. බයිසිකල් පැදිල්ල කියනකොට මටත් මතක් උනේ අර සුරංගයා කියපු සුද්දිගේ සීන් එක තමා :)

    ReplyDelete
    Replies
    1. Udaya,

      /ඔන්න මමත් අත ඉස්සුවා.../

      That would be Four....

      /උඹේ බ්ලොග්එක එපා වේගෙන වගේ එනකොට හොඳ පෝස්ට් එකක් වැටිලා./

      ඒක තමයි...වෙන එව්වත් ලියන්න ඕන කියල ඉටා ගතිමි. ලයික් වාං පතුල් ස්ටෝරීස් ඇන්ඩ් කුරුලුබැද්දේ කතා...:)

      / බයිසිකල් පැදිල්ල කියනකොට මටත් මතක් උනේ අර සුරංගයා කියපු සුද්දිගේ සීන් එක තමා :)/

      :)

      Delete
  20. ඒ කිව්වත් වගේ 900/=ක් කියන්නෙ ලොකු සැලරි එකක්, මොකද මට 98 දි මගෙ පලමු වැටුප 1500-2000/=වගේ මතක, හැබැයි ඩේට එන්ට්‍රි ඔපරේටර්...කාලය මැව් වෙනසක අරුමේ කියල හිතුනා, හරියටම අවුරුදු 20 කට ආපහු හැරිල බලද්දි...කොහොම වෙතත් කතාව රසවත්...ඉතිහාසයක් නැති මිනිහෙකුට අනාගතයක් නෑ කියන කතාවට මාත් එකගයි...

    ReplyDelete
    Replies
    1. පොකුරු,

      /ඒ කිව්වත් වගේ 900/=ක් කියන්නෙ ලොකු සැලරි එකක්, /

      ඔව් ඒ කාලෙ හැටියට ඒක ලොකු වැටුපක්..අනික අනියම්..මම හිතන්නෙ අනික් සාමාන්‍ය කම්කරුවන්ට වැටුපෙන් බාගයක් වියළි ආහාර වලින් හිලව් කරපු නිසා සහ එව්වත් ආධාර විදිහට හම්බවුන එව්ව නිසා වැටුප සාමාන්‍යයෙන් දෙන මට්ටමට වඩා වැඩිපුර දෙන්නැති.

      අපිට වුනේ අර විශේෂ වරප්‍රසාදයක් විදිහට මුළු වැටුපම මුදලින් හම්බවුනු නිසා අතට ලොකු ගාණක් හම්බ වුනා.

      /කොහොම වෙතත් කතාව රසවත්./

      Thanks...:)

      Delete
  21. "අපි අනාගතයට යන්ට ඉස්සර හරියටම දැනගන්ට ඕන අපි කවුද කියල. අපේ මූලාරම්භය කොතනද? අපි ආවෙ කොහෙන්ද? අපේ තාක්ෂණය අපිට ලැබුනෙ කොහෙන්ද? අපේ භාෂාව විකසනය වුනේ කොහොමද? ඔය ගැන හරියටම දැනගන්නෙ නැතුව ඉදිරියට යනවය කියන්නෙ අපි අක්මුල් සිඳුණු ජාතියක් වෙනව. එහෙම බෑ.....මේ පොළවෙ අපේ මුල් ගැඹුරට කිඳා බැහැල තියනව. අපි එව්ව හොයාගන්ට ඕන.." - හොඳ කතාව

    ReplyDelete
    Replies
    1. Ajith,

      ඇත්ත කතාව නේ?

      Delete
    2. මම ගිය හුගක් රටවල ඔය අක්මුල් හොයන දේ ගැන සැහෙන උනන්දු වෙනව. රුසියාව වගේ.

      Delete
  22. ප්‍රථම ප්‍රේමය නේද හ්ම්

    ReplyDelete
    Replies
    1. Ajith,

      You are not the first love...:)

      Delete
    2. කාලෙකට කලින් ඔහොම නමකින් කතාවක් පටන් ගත්ත . ඉවර කලේ නැහැ. එක මතක් වුනා

      Delete
    3. අජිත,

      ඒක ගැන තමයි මම කිව්වෙත්.."පෙතම පේමය ඔබ නොවේ..." හෙහ්,හෙහ්..

      Delete
  23. අපි අත නොයිස්සුවොත් සමාජෙං කොං වෙයිද?

    ReplyDelete
    Replies
    1. Prasanna,

      කොං වෙනව..කොං වෙනව...මේ දවස්වල ටෙලි චිත්‍රපටයක් යනව උඹ බලනවද? නම "කොන් කළ දෝණි"

      හරි ..පයූව්...

      Delete
  24. මේක බොහොම වටින ෆස්ට් ලව් එකක්නේ. මාත් හරි මනාපයි ඒ සබ්ජෙක්ට් එකට. මගේ අයියත් ඩ්‍රාෆ්ට්ස්මන්. එයාත් ටෙක් එකේ ඉගෙනගත්තේ. මේ රවි අංකල් අයියා තරංනං වයස නෑ එයාට. ඒ හින්දා මේ ට්‍රේසිං පේපර්වල එක එක සයිස් පෑන්වලින් කළු තීන්තෙන් රූල් ස්ටෙන්සිල් තියලා අඳින ජොලි වැඩේ එයා වැඩි කාලයක් කළේ නෑ, බොහොම ඉක්මනට ඔටෝකැඩ් එක්ක වැඩ ඇල්ලුවා. අපේ තාත්තා පාවිච්චි කරපු ලොකු බෝඩ් එකයි, ඒ හරහා තියන ලොකූ ටී රූලයි තමයි අයියත් පාවිච්චි කළේ. තාත්තාගේ ඒ පෑන් සෙට් එක අපිට අල්ලන්නවත් දෙන්නෙ නෑ, අයියට විතරක් ඒවැයින් වැඩ කරන්න දෙද්දි අපිට හරි කේන්තියි. :D

    ඇත්තමයි, රවි අයියගේ පරණ ලව් ස්ටෝරි එකක් කියවන්න හිතං ආවාට මේ ලියලා තියෙන එක ඊට වඩා මසුරන්. ආර්ථික විද්‍යා පාඩමත් නරකම නෑ හැබෑට. හොඳට තේරුණා. :D වීඩියෝවලටත් බොහොම ඉස්තූතියි. මං බොහොම ගරු කරන මහත්මයෙක් රාජ් සෝමදේව මහත්මයා. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      /අපේ තාත්තා පාවිච්චි කරපු ලොකු බෝඩ් එකයි, ඒ හරහා තියන ලොකූ ටී රූලයි තමයි අයියත් පාවිච්චි කළේ. /

      අපිත් ටෙක් එකේදි ඩ්‍රෝයිං ඇන්දෙ ඔය ලෑලි ඩ්‍රෝයිං බෝඩ් වල තමයි...අප්පා අවුරුදු විස්සක් විතර කොල්ලො කෙල්ලො දහස් ගාණකගෙ අතපත ගෑවිල ඒ ඩ්‍රෝයිං බෝඩ් සහ ටී රූල් හරිම සිනිඳුවෙලයි තිබ්බෙ. හදල තිබ්බෙ බුරුත ලීයෙන්.

      ඩ්‍රෝයිං බෝඩ් එකේ වම් පැත්තෙ දාරෙයි ටී රූලෙ සිරස් කොටසයි හදල තිබ්බෙ තේක්ක ලී වලින්. ඒ කාලෙ තිබ්බ කහ පාට ග්‍රේට් වෝල් කියල චීන පැන්සල් ජාතියක්. එව්වයිං තමයි අපි ඇන්දෙ. 2H, HB සහ B.

      ඊට පස්සෙ ට්‍රෑන්ගල් එකේ වැඩට ගියාම මෙන්න බොලේ තියනව නියම ඩ්‍රෝයිං බෝඩ් එකක්.ඒක බිම හිටවන එකක්. ඈන්ගල් එක ඕන ඕන විදිහට වෙනස් කලෑකි. ටී රූලත් බෝඩ් එකටම හයි කරල තියෙන්නෙ. ඉහලට පහලට හරස් අතට ඕන විදිහට අරගෙන ගිහෑකි. ඒ එක්කම ඕනනම් ඈන්ගල් එක වෙනස් කරන්නත් පුලුවන්.

      ජපානෙ හදපු නියම බඩු. යුනෙස්කෝ එකෙන් ගෙනත් දීල තියෙන්නෙ...මම ඉතිං ඕක ගැන අතිනුත් දාල විස්තර කිව්ව මගෙ යාලුවන්ට. ඒ ගමන් උංට ඕක බලන්ට ඕන වුනා.

      පස්සෙ ඉරිද දවසක උංට බයිසිකල්වල වරෙල්ල එහෙනං දවල් වෙලා කියල ලොක්කො කවුරුත් නැතිවෙනකල් ඉඳල ඔෆිස් එක ඇතුලට අරගෙන පෙන්නුව මහා ඩ්‍රෝයිං බෝඩ් රාජයා...

      ඉඳහංකො මම ඒකෙ වාඩිවෙලා පොළවෙන් මතුවූ මහර්ඝ පුරා වස්තුවක් අඳිනව පෝටොස් ගත්තු එකක් ඇති අපෙ මහ ගෙදර. හොයල දාන්නම් බ්ලොග් එකේ...හෙහ්,හෙහ්,

      / තාත්තාගේ ඒ පෑන් සෙට් එක අපිට අල්ලන්නවත් දෙන්නෙ නෑ, /

      Rotring වෙන්න ඇති ඒ පෑන්වල බ්‍රෑන්ඩ් එක. ජර්මන් බඩු..මෙරූන් පාටයි......0.1, 0.2, 0.25, 0.3, 0.5, 1.0, 2.0 ඔන්න ඔහොම තිබ්බ එක එක නිබ් සයිස් පෑන් සෙට් එකක්ම...තව බ්‍රෑන්ඩ් එකක් තිබ්බ Staedtler කියල..එව්ව අළු පාටයි...

      /වීඩියෝවලටත් බොහොම ඉස්තූතියි/

      You are welcome!

      Delete
  25. මට අමතක වුණා 82/83 කාලෙ මෙලොව එළිය දැකල හිටිය කියල අත උස්සන්න. ඒකාලේ ඕන වුනානම් තව අයව මෙලොව එලිය දක්කවන්න උනත් පුළුවන් වයසක හිටියෙ.

    ReplyDelete
    Replies
    1. Ian,

      /ඒකාලේ ඕන වුනානම් තව අයව මෙලොව එලිය දක්කවන්න උනත් පුළුවන් වයසක හිටියෙ./

      ආය මොනවද? නැද්ද?

      A woman who had been married twice and divorced twice was fed up. Her first husband beat her, and her second husband ran away with another woman. Plus, she couldn't find a new lover who could satisfy her sexually, so she put an ad in the classifieds:

      "Wanted: A good looking, single guy who won't beat me, won't leave me, and is good in bed."

      About a week later, her doorbell rings. She opens the door to find a man with no arms and legs on her front porch.

      "I'm here about your ad," he says.

      "You must be mistaken," she says.

      "Let me explain," he says. "I can't beat you, I don't have any arms.
      And I can't run away because I don't have any legs."

      "But," she asks, "How do I know you're good in bed?"

      "I rang the doorbell, didn't I?"

      Delete
    2. Ian,

      Ohh I totally forgot ..You are Six

      Delete
  26. මේක මරු.

    හැබැයි ඉතින් 83 දී ඉපදුණු අයට අත උස්සන්නත් බෑ.
    පුරා විද්‍යාවට පෙම් කළ අයගේ ගොඩට අත උස්සන්නත් බෑ.

    මම සාමාන්‍ය පෙලට කලේ චිත්‍ර නිසා ඔය පරණ දේවල් ගැන ඉගෙන ගත්ත. ඒ නිසා පොඩි කැමැත්තක් තිබුණ. අපි ඒකට කියමු ප්‍රේමයක් නොවුණු ක්‍රෂ් එකක් කියල.

    අන්තිමට අනුරාධපුරේ ගියේ 2015 දී. මම හරි ආසයි ඒ වියලි පරිසරයටයි වැව් වලටයි. මේ පෝස්ට් කියවද්දි ආයේ යන්න ආසයි.

    වීඩියෝ එක බලන්න ඕන. ගෙදර ඉන්න වෙලාවක. බොහොම ස්තුතියි බෙදාගත්තට. රාවණා ගැන එහෙම කියන කට්ටිය සෝෂල් මීඩියා එකේ රාජ් සෝමදේව මහත්මයා ගැන සඳහන් කරනවා දැකල තිබුණට, මෙහෙම වීඩියෝ එකක් හම්බුනේ පළමු වතාවට. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Manawee,

      /අන්තිමට අනුරාධපුරේ ගියේ 2015 දී. මම හරි ආසයි ඒ වියලි පරිසරයටයි වැව් වලටයි. මේ පෝස්ට් කියවද්දි ආයේ යන්න ආසයි./

      මට මතකයි ඔයා කලින් පාරක් ඒත් මගෙ පෝස්ට් එකකටමද කොහෙද කමෙන්ට් කරල තිබ්බ අනුරාදපුරේ වගෙ වියළි පැත්තක රස්සාව කරන්ට ආසාවෙන් හිටියයි කියල...

      / රාවණා ගැන එහෙම කියන කට්ටිය සෝෂල් මීඩියා එකේ රාජ් සෝමදේව මහත්මයා ගැන සඳහන් කරනවා දැකල තිබුණට, මෙහෙම වීඩියෝ එකක් හම්බුනේ පළමු වතාවට./

      එදා දේශනයෙදි එතුමා රාවණා ගැන මොකවත් කිව්වෙ නෑ.ඒ නිසා ඔය වීඩියෝ වලත් ඒ ගැන කිසිම දෙයක් නෑ....

      අපි කීප දෙනෙක් අර විවේක වෙලාවෙදි පොඩ්ඩක් එතුමා එක්ක සතුටු සාමීචියක යෙදිල ඉන්නකොට තමයි එතනින් එක්කෙනෙක් ඇහුවෙ රාවණා ගැන එතුමගෙ අදහස මොකක්ද කියල.

      ඒ පාර ඒ මහත්මය කිව්වෙ මෙහෙමයි...

      "රාවණා ගැනත් අපි දැන් ගවේෂණයක යෙදිල ඉන්නෙ. ඒත් ස්තිරවම තොරතුරක් කියන්න බෑ තවම. ඒ කෝක උනත් එකක් කිව්වැහැකි. ඔය රාමායණයෙ සඳහන් වෙන රාවණා නම් මිථ්‍යාවක්. අපේ රටේ හිටියයි කියල ජනප්‍රවාද වල කියවෙන රාවණ වෙන කෙනෙක්."

      Delete
    2. +++++

      "රාවණා ගැනත් අපි දැන් ගවේෂණයක යෙදිල ඉන්නෙ. ඒත් ස්තිරවම තොරතුරක් කියන්න බෑ තවම. ඒ කෝක උනත් එකක් කිව්වැහැකි. ඔය රාමායණයෙ සඳහන් වෙන රාවණා නම් මිථ්‍යාවක්. අපේ රටේ හිටියයි කියල ජනප්‍රවාද වල කියවෙන රාවණ වෙන කෙනෙක්."

      බොහොම ස්තුතියි.

      Delete
    3. ඔබතුමා අඳුනගන්න ලැබුන එක සතුටුයි . 80 දශකයේ ඉපදුනාට මටත් රාජ් සෝමදේව සර්ගේ ගෝලයෙක් වෙන්න වාසනාව තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ චතුරශ්‍රයේ අවුරුද්දක කාලයක් පුහුණු පර්යේෂණ නිලධාරිනියක් ලෙස සේවය කළා. අභයගිරිය ගර්භයේ සංරක්ෂණ කටයුතු කරන සමයේ විද්‍යාර්ථයෙක් විදියට කටයුතුකරන්න අවස්තාව ලැබුණා.
      විචාරක දියණිය

      Delete
    4. විචාරක දියණිය,

      සන්තෝසයි ඔබත් අභයගිරියෙ සේවය කලා කියල දැනගත්තට..

      ඔබ ඉන්න දවස්වල ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටියෙ ඩොක්ටර් එස්.බී. හෙට්ටිආරච්චි මහත්මයද නැත්නම් කුලතුංග මහත්මයද? මම ඒ වෙනකොට අභගිරියෙ සේවයෙන් ඉවත්වෙලා වුනත් අනුරාධපුරේ පැත්තෙ ගියොත් අනිවාර්යයෙන්ම අභයගිරි කාර්යාලයට යනවා පරණ හිත මිතුරන් දැකබලාගෙන එන්න..

      ඒ දවස්වල තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. මම හිතන්නෙ ඔබත් අභයගිරියෙ සේවය කරන්න ඇත්තෙ ඒ ස්ථාපන සේවය යටතෙ වෙන්න ඕන...

      Delete
  27. මාත් අත ඉස්සුව...

    ප්‍රථම ප්‍රේමය කියල අයගිරිය පැත්තට යද්දි මං හිතුව "ජිල්" වෙන්ඩැති කියල. https://youtu.be/fwpDTktZTPA

    මගෙ පළවෙනි පඩිය කාල්ස්බර්ග් බෝතල් 11.02941176470588 යි. 1999 දි.

    ReplyDelete
    Replies
    1. Dracky,

      /මාත් අත ඉස්සුව.../

      මල්ලි හත මල්ලි....:)

      /ප්‍රථම ප්‍රේමය කියල අයගිරිය පැත්තට යද්දි මං හිතුව "ජිල්" වෙන්ඩැති කියල/

      ජිල් කොහෙද බං මගෙ ප්‍රේමයක් වෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  28. අඳුන ගන්න ලැබීම සතුටක්...තවම සැලසුම් ශිල්පය කරනවාද?මමත් සැලසුම් ශිල්පිනියක්.හැබැයි සිවිල් කරේ.පලවෙනි අවුරුද්දේ අතින් ඇඳපු ඩ්රෝවින් ඇරුණුකොට අතින් ඇඳපු කාලයක් මතක නෑ.එත් කම්පියුටර් හරඹ වලින් අඳින අපිට වැඩිය ඒ කාලේ අතින් ඇඳපු ඔබතුමාලා වගේ අය සැබෑ දක්ෂයෝ කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. දිනපොත,

      /තවම සැලසුම් ශිල්පය කරනවාද?/

      අපොයි නෑ මම අභයගිරියෙන් ගියත් හරි ඇඳිල්ලට සමුදුන්න...සමුදෙන්න වුනා ඇත්තම කිව්වොත්.. ඊට පස්සෙ සිවිල් ක්ෂේත්‍රයෙම වෙන වෙන අංශ වලට යොමු වුනා...

      /මමත් සැලසුම් ශිල්පිනියක්.හැබැයි සිවිල් කරේ./

      බොහොම සතුටුයි හඳුනා ගන්නට ලැබීම ගැන..මමත් සිවිල් තමයි කලේ....

      /අපිට වැඩිය ඒ කාලේ අතින් ඇඳපු ඔබතුමාලා වගේ අය සැබෑ දක්ෂයෝ කියලයි මගේ අදහස./

      දක්ෂතාවය කොහොම වෙතත් ඒ කාලෙ හොඳ සැළසුම් ශිල්පියෙක් වෙන්න අමාරුයි ඇඳීමේ හැකියාව යම්තමට හරි පිහිටල තිබ්බෙ නැත්නම්...

      මම මෙහෙම කියන එක හරිමද නම් මන්ද ඒත් මට හිතෙන්නෙ දැන් ඕටකැඩ් වගෙ එව්ව තියන හින්ද ඇඳීමේ දක්ෂතාවයක් අත්‍යාවශ්‍ය නැහැ කියල සැලසුම් ශිල්පියෙක් / ශිල්පිනියක් විදිහට සාර්ථක වෙන්නට...මම වැරදිවෙන්න පුලුවන් බොහෝවිට.,..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...