Wednesday, January 10, 2018

556. The Story Of My Marriage - 57 - Rules After All Are Only Made So You Can Work Around Them……

චෙන්නයිහී ෂෙරටන් හෝටලය ඉහත ඡායාරූපයෙහි
දැක්වේ - Google Images
"හොඳ ළමයා…"

අනන්‍යා එසේ පවසමින් මගේ සුරත දෑතින්ම ගෙන සෙමෙන් සිපගත්තාය. මුළු මහත් චෙන්නායි නුවරම ඇයට සිතේ චකිතයකින් තොරව එවැන්නක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත්තේ බොහෝවිට මේ අමතේස්ට් ආපන ශාලාවේ පමණක් විය හැකිය. එසේ හෙයින් මෙහිදී සායම් බුරුසු සේදු ජලය බඳුනකට රුපියල් සියයක් අයකිරීම එක අයුරකින් අසාධාරණ නොවේ යයි මට සිතිණි. එසේ සිතමින් මම ද අනන්‍යාගේ දෑතම ගෙන සෙමෙන් සිප ගත්තේ ඇගේ සුවිසල් දෑස දෙස එක එල්ලේ බලා සිටිමිනි.

"ම්හ්ම්ම්ම්.....හොඳ ළමය තමයි.....ඉස්සෙල්ල මට පංගාර්තුවුනේ පුතාට ෆිසික්ස් මැත්ස් ඉගැන්නිල්ල. දැන් අප්පට පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් ඉගැන්නිල්ල. ෂෙහ් අපරාදෙ පන්ජාබ් ඉවුම් පිහුම් හරි මැහුම් ගෙතුම් හරි දැනගෙන උන්න නම් මට තිබ්බ අම්මට එව්ව උගන්නන්ට. එහෙම උනානම් අඩුම ගානෙ වෙන මොනව නැතත් මට ඔයාලගෙ පවුලේ ගුරුවරය හරි වෙන්ට තිබ්බ....." මම එසේ පවසා සිනාසුණෙමි.

"ඔව්..ඒකත් ඇත්ත තමයි..එතකොට දුවට මොනවද ඉගැන්නුවෙ?" අනන්‍යා ඇසූයේ දකුණැස වසා ඉඟි මරමිනි.

"දුවට ඉගැන්නුව......ම්හ්ම්ම්.....මම කිව්වයි කියල හිතා ගන්නව…" මම පැවසූයේ ඇගේ සුරත මිරිකමිනි.

අනන්‍යා හඬ නඟා සිනාසුනේ හිස පස්සට වීසි කරමිනි.

"හරි ඔය බිස්නස් ප්ලෑන් වැඩේ කරල කොහොමින් කොහොමින් හරි තාත්තව ෂේප් කරගත්තයි කියමුකො.....ඒත් මැඩම් අම්මව කොහොමද නම්ම ගන්නෙ? අර පිරිසිදු එළඟිතෙල් හොයාපු හරිෂ් ගොයිය දැක්කම අම්මට ඇඬෙනව වගෙ මාව දැක්කමත් ඔයාගෙ අම්මට ඇඬෙන්ඩ මොනවහරි දෙයක් මට කරන්ට බැරිද අනන්‍යා?"

අනන්‍යා තම විසල් දෑස් කරකවමින් ඒ හා සමඟම හිස සෙමෙන් දෙපසට සොළවමින් තම මව පිළිබඳව කලකිරීම  සහ අපේක්ෂා භංගත්වය අභිනයෙන් ප්‍රකාශ කලාය. "අම්ම ගැන නම් කතා කරලම වැඩක් නෑ ක්‍රිෂ්.....She is absolutely hopeless...මේ දවස්වල එයාට නිකං නුහුගුණේ වගේ ඇවිල්ල"

"මේ මම හින්දද?"

"නෑ ඔයා හින්දමත් නෙවෙයි. හේතු කීපයක් තියනව. ඔයත් හැබැයි එක හේතුවක්...හිහ්..හිහ්"

"හරි මොනවද මම ඇරුනම අනික් හේතු?"

"මම පිළිවෙලට කියන්නම්කො..." 

අනන්‍යා කතා කලේ සුරතේ ඇඟිලි එකිනෙක නවමිනි

"එක...එයා හිතාගෙන ඉන්නව හරිෂ් මට කැමති නෑ කියල කිව්වෙ මම කරපු මොකක් හරි විකාරයක් හින්දයි කියල. ඉතිං ඒක මතක්වෙන මතක්වෙන ගානෙ අම්මගෙ වැඩේ සුටු පුටුගාල ඇහෙන නෑහෙන ගානට මට බණින එක......දෙක. අපෙ අම්ම ගායනයට හරිම ආසයි පොඩි කාලෙ ඉඳලම....අප්ප කල්කටාවෙ වැඩ කරන කාලෙ එහෙ තිබ්බ කර්ණාටක සංගීත තරඟ කීපයකින්ම අම්ම ගායනයට තෑගි දිනාගත්ත. අප්පට චෙන්නයි වලට මාරුවක් ලැබුනම වැඩියෙන්ම සතුටුවුනේ අම්ම. එයා හිතුව එයාගෙ ගායන හැකියාවට මෙහෙදි හොඳ පිළිගැනීමක් ලැබෙයි කියල.."

"ඉතිං මොකක්ද වුනේ? එහෙම පිළිගැනීමක් ලැබුනෙ නැද්ද? "

"මොන පිස්සුද? අම්මගෙ යම් හැකියාවක් තිබුනට ක්‍රිෂ් චෙන්නයිවල කර්ණාටික් මියුසික් ෆීල්ඩ් එකේ යම් පිලිගැනීමක් ලැබෙන්ට ඒක හොඳටම මදි. මෙහෙ ඉන්නව අම්මට වඩා බොහොම දක්ෂ ගායක ගායිකාවො සෑහෙන්න. ඉතිං අම්ම ඔය හින්ද හරිම කණගාටුවකින් ඉන්නෙ. She is really frustrated Krish, She was a house wife from the beginning and singing was her only consolation where she can achieve something. Now it has all been taken away from her..."

"පව්...."

"ඉතිං ඔන්න ඔය හින්ද අම්ම හරිම කණගාටුවෙන් ඉන්නෙ. කොටින්ම එයා දැන් ගායනය එහෙම පිටින්ම අත ඇරල දාල ඉන්නෙ. ඉතිං අම්ම පටන් ගන්නෙ තමන්ටම දොස් කියාගෙන. ගායනය බැහැ කියල. ඊලඟට එනව මට කොහෙන්වත් සැනසීමක් නැහැ ලොකු මහත් වෙච්චි දුවක් ඉන්නව එයාගෙන්වත් මට සැනසීමක් නැති හැටි කියල ඔන්න එනව මට දොස් කියාගෙන...ඉතිං ඉවසං ඉන්ටම බැරි තැන මමත් මොනවහරි කිව්වම ඔන්න අඬන්ට ගන්නව ඉකි ගහ ගහ...කොටින්ම මට මේ දවස්වල ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නෙ..ඒ හින්ද අම්මගෙ මේ පිස්සුව ටිකක් එක විදිහක් වෙනකල් ඔයා එයාගෙ හිත දිනාගන්න විදිහක් ගැන හිතන එකත් වැඩක් නැති වැඩක්.....ඒ හින්ද මම ක්‍රිෂ් ඔයා දැනට අප්පගෙ හිත දිනාගන්ට උත්සාහ කරල බලන්ට....අම්ම ගැන අපි පස්සෙ බලමු"

එක දිගට කියවාගෙන ගිය අනන්‍යා හුස්ම ගැනීමට කතාව නතර කල මොහොතේ මම හිස සොළවමින් ඇය හා එකඟවන බව දැක්වූයෙමි. 

"බොහොම ස්තූතියි ක්‍රිෂ්....මේ වෙලාවෙ මගෙ දුක් ගැනවිල්ල අහගෙන ඉන්නවට විතරක්ම නෙවෙයි මගෙ අම්මයි අප්පයි මෙච්චර කෙණෙහිලි කම් කරද්දි ඒ මොකවත් ගණං ගන්නෙ නැතුව මට දිගටම ආදරේ කරනවටත් එක්ක…"

එසේ පවසමින් ඇය ජෑම් තැවරූ ස්කෝන්ස් එකක් මගේ මුවඟ තැබුවාය. ජෑම් ස්වල්පයක් තැවරුනු ඇගේ අතැඟිලි මම ලෙවීමි. "පිස්සුද අනේ..මෙතන මිනිස්සු ඉන්නව.." ඇය වටපිට සෝදිසි කලේ මද සිනහවක් දෙතොලග පිපෙද්දීය.

චෙන්නයිහි ගෙවන මගේ නීරස ජීවිතය ජීවත්කරවනුයේ මෙවන් සොඳුරුතම නිමේෂයන්ය.

තවත් මිනිත්තු කිහිපයකට පසු වේටර්වරයා මදක් චකිතයෙන් මෙන් පැමිණ බිල්පත පිළිගැන්වීය. මම බිල්පත ගෙවීමි. වේටර්වරයා උදෙසා මම ඉතිරිකල සන්තෝසමෙන් මගේ දිවා ආහාර වේල පහසුවෙන් පිරිමසාගැනීමට තිබිණි. 

"Hey you want to go dancing?"

අනන්‍යා එක්වරම මදෙස හැරී විමසූයේ අප අමතේස්ට් අවන් හලින් පිටව එහි ප්‍රධාන ගේට්ටුව දෙසට ඇවිද එද්දීය.

"ඩාන්සිං? පිස්සුද අනන්‍යා...ඔයාමනෙ කිව්වෙ රෑ අටට ඉස්සෙල්ල අනිවාර්යයෙන් ගෙදර යන්ටම ඕනය කියල. ඉතිං කොහොමද ඩාන්සිං කරන්නෙ.."

"හිහ්..හිහ්...එහෙම තමයි චෙන්නයිවල..මෙහෙ කොල්ලො කෙල්ලො නටන්ට යන්නෙ රෑට නෙවෙයි හවස...යමුකො..ෂෙරටන් එකේ තියනව නියම නයිට් ක්ලබ් එකක්.."

"මොකක්? නයිට් ක්ලබ් එකක් මේ හවස තුනට?"

"ඔව්..ගිය අවුරුද්දෙ මෙහෙ ආණ්ඩුව නයිට් ක්ලබ්ස් තහනම් කලා. ඒ හින්ද අපි දැන් නටන්ට යන්නෙ නයිට් ක්ලබ් වලට නෙවෙයි ආෆ්ටර්නූන් ක්ලබ්ස් වලට…" අනන්‍යා උස් හඬින් සිනාසුණාය.

ත්‍රිරෝද රථයක නැඟී අප දෙදෙන ෂෙරටන් හෝටලය වෙත පැමිණියෙමු. සමාජ ශාලාව විවෘත කරන තෙක් විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඇඳුමින් සැරසුනු සියයකට අධික යෞවන යෞවනියන් රැසක් ගත දවන සැඩ හිරු රැස් ද නොතකා එහි දොරටුව අසල රැස්ව හුන්නෝය. අපද ඔවුනට එකතු වූයෙමු. මිනිත්තු දහයක පමණ කාලයක් ගෙවීගිය ඉක්බිති සමාජ ශාලාවේ දොරටු විවර විය.

පිටත රැස්ව සිටි සියල්ලන්ම ඇතුළු වූ පසු විදුලි බුබුළු නිවා දමන ලදී. නා නා වර්ණයෙන් යුතු නියොන් විදුලි එළි බැබලෙන්නට විය. එක් පසෙක වූ මත්පැන් කවුන්ටරය අළෙවිකිරීම් ආරම්භ කලේය. රැස්ව සිටි සියයකට අධික තරුණ තරුණියෝ නර්තනයේ යෙදීමට සූදානම්ව ගීතයක් වාදනය වනතෙක් නොඉවසිල්ලේ පොරොත්තුව සිටියෝය.

ඩීජේවරයා විසින් වාදන යන්ත්‍රයට ඇතුළු කරන ලද්දේ නවතම රජ්නිකාන්ත්ගේ නවතම චිට්‍රපටයේ ඉතාමත් ජනප්‍රියවූ ගීතයකි. රැස්ව සිටි තරුණ තරුණියෝ දෑත් ඔසවා ඔල්වරසන් දෙමින් තම ප්‍රීතිය පළකොට සිරුරු කරකවමින් අඹරවමින් නර්තනයෙහි යෙදෙන්නට වූවෝය.

රාත්‍රී සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන ඉන්දීය යුවතියන් 
පිරිසක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ - Google Images

අනන්‍යා දෑත් ඔසවමින් යලි පහත හෙලමින් සිරුර ලෙලවමින් ඉතා දක්ෂ ලෙස නර්තනයෙහි යෙදුනීය. අවට හුන් බොහෝ යුවතියෝද එලෙසම දක්ෂලෙස නර්තනයෙහි යෙදුනේ කුඩා කල සිටම භාරත නාට්‍යම් හි යෙදුනු ඔවුන්ගේ සිරුරෙහි එකල කාවැදුනු රිද්මය කිසිදාක පහව නොයන බව ඔප්පු කරන්නට මෙනි.

"Naan ounnai kadali-karen……….."

අනන්‍යා නර්තනයේ යෙදෙන අතරම මගේ දෑස්දෙස එක එල්ලේ බලාගත්වනම පැවසුවාය. දමිළ භාෂාවෙන් "මම ඔබට ආදරෙයි…" යනුවෙන් පවසනුයේ එලෙසිනි. එසේ පවසන විට ඇගේ දෑස් මරකත මිණිසේ දිදුලමින් තිබිණි. ඇය කෙරෙහිවූ මහත් සෙනෙහසින් ඔද වැඩී ගිය මම ඇය මගේ ළයට තුරුළුකොට සිපගතිමි.

මම නර්තනයේ යෙදෙන අතරම අප අවට පිරී ඉතිරීගිය ප්‍රහර්ෂයෙන් යුතුව නටනා තරුණ තරුණියන් දෙස නෙත් යොමු කලෙමි. ඔවුහු තමන් ප්‍රියකරන තමන් ඇළුම් කරන දෙයක අවට ලෝකය කෙරෙහි කිසිදු තැකීමක් නොමැතිව යෙදී සිටින්නෝය. ඔවුන්ගේ සම්ප්‍රදායානුකූල දෙමව්පියන් වැඩිහිටි ඥාතී හිත මිතාදීන් සහ රජය පවා ඔවුනට තහංචි පනවද්දී ඔවුහු කෙසේ හෝ ඒ තහංචි බිඳහෙලීමට උපායමාර්ග සොයාගනිති. එසේය. මම ගැඹුරු හුස්මක් පහත හෙලා ළය සැහැල්ලු කොට ගතිමි. 

"Yes, If there can be afternoon discos, Punjabis can marry Tamilians. Rules after all are only made so you can work around them…." I silently told myself while holding Ananya's hands and dancing to latest Rajni Kanth hit……………

33 comments:

  1. Replies
    1. සිත්තමී,

      "සංසාරෙට මං ආසයි" කියල කවිපොතක් තියනව පරාක්‍රම කොඩිතුවක්කු ලියපු....:)

      Delete
  2. දිගටම මෙහෙම ලියනයව නම් කෙටි උනාට මොකෝ
    අරූගෙ ජොබ ගැනත් ටිකක් ලියමු නේ?

    ReplyDelete
    Replies
    1. මද්දා,

      මේ දවස්වල අනපේක්ෂිත විවේකයක් ලැබුනා..ඒකයි වැඩිපුර ලිව්වෙ...

      Delete
  3. මේ මාසෙට දැනටම කොටස් තුනයි. ඒ විදිහට බැලුවම මේ මාසෙට කොටස් නමයක් ලියවෙන්න ඕනෙ. ඒ කියන්නෙ මේ අවුරුද්ද ඉවර වෙනකොට කොටස් 108ක් ලියවෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඔය විදිහට ගියොත් මේ අවුරුද්දෙ මේ කතාවෙ අවසානයක් දැකල, අර Q&A පොත පිලිවලකට ලියන්න පටන්ගත්තැකි.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්මස් වැකේෂන් තිබුණු නිසා වෙන්ටැ!
      ටිකක් විවේක ලැබෙන්න ඇති.

      Delete
    2. කසුන්,

      එහෙම මාසෙට කොටස් නමයක් වගෙ ලියන්ට පුලුවන්නම් අවුරුද්දක් යන එකක් නෑ..මාස හයෙන් වැඩේ ඉවරයි...දැනට හරියටම බාගයක් වගෙ ඉවරයි. දැනට කොටස් 57ක්නෙ. තව ඕනනම් උපරිම කොටස් 60 වගෙ තියෙයි.

      Delete
    3. මානවික්ස්,

      නෑ නෑ..මෙහෙ කොහෙද බං ක්‍රිස්මස් වැකේෂන්?

      Delete
    4. //මෙහෙ කොහෙද බං ක්‍රිස්මස් වැකේෂන්?// හනේ ඒකත් ඇත්ත. මට කල්පනාවක් උනේ නැති හැටි. මැදපෙරදිග රටවල් මට හරිම දුරයි වගේ හැඟෙනවා, අනිත් හැම පළාත් වලින්ම එකෙක් දෙන්නෙක් වත් මුණගැහිලා තිබුනට ඔය රටවල් වලින් ආපු කෙනෙක් එක්ක සමීපව කතා කරන්න ලැබිල නෑ.

      මොකෝ කියන්නෙ, ට්‍රාන්සිට් එකක් දාගෙන ඇවිත් බහින්නද එහෙ? ඔබතුමාව බැහැ දැකල ඔටුවෙකුට එහෙම හායි කියල යන්ට?

      ඒක නෙවෙයි, රවී තුමාගේ පාටකාවියො සෙට් එක කවුරුවත් මෙදා පාර බැනල නෑ නේද? හැමෝම වර්ණනා කරල තියෙන්නෙ. ඒක අපූරුයි.

      //පොත් අරන් දෙන්න ඕන නෑ..ක්ලියෝපැට් රා ගැන මම ලියන්නං//

      පොතක් ලබාගන්න තිබුණු චාන්ස් එක නැති කරන්න එපෝ.

      :)

      Delete
  4. මුං දෙන්නට මඩු ටේල් එකෙන් හිට් කරන්න එපැයි හිටං.
    ඉතිං අර අමතේස්ට් එකේ සායං දියකරපුව බීව වගේ ඔතනිනුත් මොනවත් බොන්න අදහසක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      බොයි බොයි බියර් වීදුරු දෙකක්වත් ගහයි දෙන්න...:)

      Delete
  5. මේක කියවන්නෙ පොඩි දෙනයිනෙ දැන්. අර ක්ලියෝපැට්‍රා කථාව ලියනවනම් මේකෙ පොත ගානෙ කියනව පස් හය දෙනාට අරන් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      සාමාන්‍යයෙන් පාඨකයන්ගෙ අඩුවක් තියනව තමයි....ඒත් ඒ අනන්‍යාගෙ කතාවට විතරක්ම නෙවෙයි ..ජෙනරලිම අඩුයි අවුරුදු දෙක තුනක් එක්ක සන්සන්දනය කරල බැලුවම..

      ඒත් තාමත් අලුත් පෝස්ට් එකක් බලනව එවරේජ් 450-500 අතර. පෝස්ට් එකක් දාලු මුල්ම දවසෙ 250-300 අතරෙ. මේ වෙනකොට මේක බලල තියනව 248 දෙනෙක්..කමෙන්ට්ස් නම් කොහොමත් අඩුයි තමයි....හෙහ්,හෙහ්..

      පොත් අරන් දෙන්න ඕන නෑ..ක්ලියෝපැට් රා ගැන මම ලියන්නං...;)

      Delete
    2. පොතේ කොහෙන්දෑ ඉයන්තුමෝ අපෙ අයියා මේ අතින් දාලා ලියන ආලවට්ටං? මං ඒකනේ පොත දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැතුව මේකම කියවන්නේ. :)

      Delete
    3. සිත්තමී,

      අන්න ඒකනෙ බං...මම අතිං දාන එව්ව කොහෙද පොතේ? මේ සුමේ අහවරක් වෙච්චි දාකට මේ ලියපුව ඉංගිරීස් වලට හරෝල බගට් ගොයියට යවන්ටයි මම හිතාන ඉන්නෙ "අඩේ බගටො කතාවක් ලියනවනං මෙන්න මෙහෙම ලියාපිය" කියල පොඩි ලියුං කෑල්ලකුත් එක්කලා.

      අපි හිච්චි එවුං කාලෙ තිබ්බ ඔය සම්භාව්‍ය ගණයේ පරණ ඉංගිරිස් පොත් වල දිගට ඇදෙන තැන් අත ඇරල කතා සාරය විතරක් වගෙ අරගෙන ආයම ලියපු පොත්. විශේෂයෙන්ම පොඩි එවුන්ට ඒ පොත් ලියල තිබ්බෙ.

      Lorna Doone ( R.D. Blackmore ) & Children of the new forest ( Frederick Marriyat) Siles Marner ( George Eliot) Jane Eyre ( Charlotte Bronte)එහෙම මම කියවපු පොත් කීපයක්.

      මට මතකයි එව්වයෙ ටයිටල් පේජ් එකේ තිබ්බ ඉස්සෙල්ල පොතේ නමයි කර්තෘගෙ නමයි උඩින්ම ලොකුවට දාල පිටුවෙ මැද හරියෙ Abridged and freely retold by කියල එහෙම කරපු පුද්ගලයගෙ නම දාල. බොහෝ විට තිබ්බෙ මට මතක විදිහට J.A.F. Samaranayaka වගෙ නමක්...

      ඉතිං මම මේ කියන්ට ආවෙ ඒ වගෙ මුල්පොත්වල සංක්ෂිප්ත පරිවර්තන හෝ මුල් භාෂාවෙන්ම සංක්ෂිප්ත සංස්කරණ තියනව තමයි. ඒත් මම හිතන්නෙ පරිවර්තනය කරන කොට ඒකට තව ආරලු බූරලු එතනිං ගියාම ආලවට්ටං එකතුකරල කරන පරිවර්තන මම කියවලම නෑ..

      ඒ නිසා හොයාබලන්ට ඕන මේ අළුත් ෂානරයට මට පේටන්ට් අයිතිය වගෙ එකක් ගන්ට පුලුවන්ද කියල.

      කොහොමද මෙහෙම ටයිටල් පේජ් එකේ දැම්මම...

      "ආරලුබූරලු සහ ආලවට්ටං එකතුකොට පරිවර්තනය කරන ලද්දේ අති ගෞරවාර්හ ධුරන්ධර රාජකීය පණ්ඩිත රවී වීරසිංහ ශ්‍රීමතාණන්ගේ ශ්‍රී හස්තයෙනි. මානිවත්ත අභික්කම"

      "Translated to Sinhala, Aaralu Booralized and Aalavattamized by Rt. Hon. Ravi Weerasinghe"

      Delete
    4. පලි - අහ් තව එකක් කියන්ට අමතක මතක බැරිඋනානෙව...

      මරාතුමා ගැන මම ලියන්ට හිටියෙ එෂැණිං පුවක් එපිසෝඩ් එකක්.ඔබතුමී අපේ අයිය කිව්ව පාර මයෙ හඳුංපොත කීං ගාන්ට අරගෙන මම ඒ වැඩේ අතෑරල දැම්ම.

      නංගිලයෙ හිත් රිද්දන්නෙ නෑනෙව අයියල...:)

      Delete
    5. අප්පට සිරි, එහෙමත් එකක් වුණාද? නියමයිනෙ. හා මොකද කියන්නෙ, ආයෙ අවුරුදු ගාණකට පුවක් එෂැණිං ලියවෙන්න බැරි වෙන්න මං මොනවාහරි කියන්නද? :D

      හැබැයි අයියෙ මං ළඟදි දැක්කා අර ඇමොරිකාවේ ට්‍රම්පච්චිටයි හිලරි නෝනටයි ඡන්දෙ දීපු අය ගැන ලියපු ලස්සන සටහනක්. ඒ වටින ලියමන බෙදා හදාගෙන තිබ්බ උන්දැව මට කනෙං පෙන්නත හැකි. අන්න ඒක කියෙව්වැයිං පස්සේ මං හිතාගත්තා අයියා ලියන දේශපාලන සටහන් කියවලා මිං මනත ලේ කෝප කරගන්නෙ නෑ කියලා. (හැබැයි මං එහෙම හිතුවා විතරයි හොඳේ, ලේ කෝප වෙයිද නැද්ද කියලා ඉතිං එහෙම එකක් කියෝලාම තමයි බලන්න ඕනෙ.) :D

      අයියා මේ උඩ කමෙන්ට් එකේ කියලා තියෙන්නේ මැක්මිලන් වගේ සම්භාව්‍ය ඉංග්‍රීසි කතන්දර සංක්ෂිප්තව ලියපු තව පොත් පෙළක් ගැනද? මටනං වැඩිය හුරු මැක්මිලන් පොත් සීරීස් එක තමයි.

      'ආරළු බූරලයිස්ඩ් ඇන්ඩ් ආලවට්ටමයිස්ඩ්' නියමයි. හැබැයි ඒකත් එක්ක වැඩිය ගැලපෙන්නේ ඔය නමට වඩා අර 'සූර්‍යාභිධාන' නම තමයි. :D

      Delete
    6. මැක්මිලන් ආවෙ බොහොම පස්සෙ කාලෙක නේද? ඉස්සර ලෝන්ග්මන් සීරීස් එකක් තිබුනා සරලව, සංක්ෂිප්තව, ඔය හයේ හතේ පංතිවල වගේ පොඩි එවුන්ට ලියැවුන පොත් සෙට් එකක්.. අපේ තාත්තලා, නැන්දලා ඉස්කෝලෙ යන කාලෙ වගේ පාවිච්චි කරපුවා.. හැබැයි ඒක ඔය රවියා උඩින් කියන සීරීස් එක වෙන්ට බෑ.. මොකද මේවා සංස්කරණය කරලා තිබුනෙ එංගලන්තෙදිමයි, ලංකාවෙදි නෙවෙයි.. අපේ ගෙදර තිබුනා පරණ පොත් 2-3ක්, Ivanhoe එහෙම මම මුලින්ම කියෙවුවෙ ඒ පොතකින්..

      Delete
    7. /* මැක්මිලන් ආවෙ බොහොම පස්සෙ කාලෙක නේද? */

      දන්නෑ ඉතින්, ඔයැයිලා අපිට වඩා සෑහෙන්න නාකියිනේ, ඉතින් ඒම හිතෙනවා ඇති. :D :D :D

      මං ඕලෙවල් කරන කාලේ වෙද්දිනම් මැක්මිලන් පොත් තිබුණා. ඔලිවර් ට්විස්ට්, මිල් ඔන් ද ෆ්ලොස් එහෙම අපි ඉගෙනගත්තෙ මැක්මිලන් පොත්.

      අයියා කියන ලෝංමන් සීරීස් එකත් මට මතකයි. 3,4,5 පන්තිවලින් එකකදි ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගේ ලෝංමන් පොතක් ඉස්කෝලෙදි කළා. ඒ කාලේ ඉතින් මට ඔය ඉංගිරිසිය දිරවන්නෙ නැති කාළේ. මට ඩේවිඩ් අයියව එපා වෙච්ච තරම කියනවනං, මං තාම ඒ පොත කියවලා නෑ. පොත් රාක්කෙ වේලි වේලි තියෙනවා දැක්කා, තාත්තා ඒ දවස්වල දාලා දීපු ලස්සන කවරෙත් එක්කම. ආයෙ අරං කියවන්න ඕනෙ බලන්න. :)

      Delete
  6. අන්න එහෙම.. සෑහෙන කාලෙකට පස්සේ කෙල්ලත් එක්ක ෆුල් ලව් එකේ හිටියා දවසක්ම..හැක්.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එහෙනං එහෙනං...:)

      Delete
  7. මේ කොටස හරිම ලස්සනයි. :)

    "Yes, If there can be afternoon discos, Punjabis can marry Tamilians. Rules after all are only made so you can work around them…."

    That's my boy!

    ReplyDelete
  8. වා....ව්.... මෙන්න මෙහෙමනේ මුන් දෙන්නා ඉන්න ඕනේ... මෙන්න මෙහෙමනේ ඔබතුමා මෙව්වා අපිට ලියල පෙන්නන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සඳා..

      අම්මට වූඩු ...මෙන්න මෙහෙමනෙ කමෙන්ට් දාන්න ඕන...:)

      Delete
  9. Replies
    1. Thanks Pra, the fencing specialists...

      ඔබට අවශ්‍ය ඔබේ නිවහන වටා අනර්ඝ Chain link fencing වර්ගයේ වැටක්ද? එසේ නැතහොත් ඔබේ ගොවිපල වටා Barbed wire fencing වර්ගයේ වැටක්ද? එසේත් නොමැත්තේ නම් ඔබේ කුමන හෝ අගනා දේපලක් වටා විදුලි වැටක්ද?

      නොපමාව විමසන්න..ප්‍රාජේ සහ ප්‍රාජේ...වසර හතරක් පුරා අන්තර් ජාලයෙහි වැටවල් ඉඳිකිරීම පිළිබඳ නම්දැරූ එකම විශේෂඥයෝ...

      සැයු - හමුදා කඳවුරු වටා Concertina වර්ගයේ වැටවල් ඉඳිකිරීම සඳහා දැන් අප ආයතනයෙහි විශේෂ අංශයක් පිහිටුවා ඇත.

      Delete
  10. මේකයි ලොක්කයියෙ, තමුන්නෑ වගේ 'අතේ කරපු (කෘතහස්ත)' ලේඛකයෙක් මේ කොයි දිපංකරේකද නොදන්න බහුටෙක්ගෙ ලියමනක් හෙලයට හරෝනවට වඩා නරකද රටේ අභිවෘත්තය ගැන මොකක් හරි ලීව නං. දැං බලන්ට පහුගියදා අගමැතිතුමා නැටුමක් නැටුවා ඔහේ ඒ ගැන ලීවද? නෑ. ඊළඟට කාණ්ඩයක් බණ්ඩි කියත් තරං දිග ලීයෙං හැදූ කඩු ප්‍රදර්ශනයක් තිබ්බා. ඔහේ ඒ ගැන ලීවද? නෑ. ඊළඟට හෙට අනිද්දා වෙන මුකුත් නෙයියාඩගමක් නැටුවත් ඔහේ ලියනවද? නෑ. අන්තිමට මොකෑ වෙන්නෙ? මිනිස්සු කියයි.

    "ඔය යකා ජීවිත කාලෙම කාගෙද පොතකට අඩුවැඩිය දම දමා හිටිය ඉතරයි"

    "අර දැරිවි යස අගේට කරපු ලියමනටත් හෙනහුරා කෙලිය විතරයි"

    "මිනිහට තිබ්බා අර කුරුමිනිය රුසියා ගිය වෙලේවත් යමක් ඒ ගැන ලියන්න"

    "ජීයැස්පී පස් නැතිවෙච්ච වෙලේවත් කටක් ඇරියද?"

    වගේ කඩප්පුලි කතා. ඒ හංදා දැන්වත් දෑස් ඇර බලනු. ඔය ලිඛිතා කියන අම්මණ්ඩිගෙ කටට බයේ පුරුෂ දහිරිය අතාරින්නෙපා. පාත්වෙයි.

    ReplyDelete
    Replies
    1. සුරං,

      තෝ දීයාම කාපිය පකිරින්තුවා (යූ ඊටිං ලෙපර්ඩ් ෆකිරින්ටාන්)

      Delete
  11. ඉන්දියාවේ එහෙම ආණ්ඩුවත් තිබ්බද බන් ? නැටීම තහනම් කරපු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...