Friday, January 5, 2018

554. The Story Of My Marriage - 55 - "Are You Still Pure Ananya? Harish Asked And Ananya Said……."


චෙන්නයි නුවර අමතේස්ට් ආපන ශාලාව ඉහත
ඡායාරූපයෙහි දැක්වේ. - Google Images





මම හීන්සැරේ ඔලුව හරවල අනන්‍යා දිහාවෙ බැලුව. ඒ වෙලාවෙම එයත් මගෙ දිහා බලල ඇස් කරකවල දිග සුසුමක් හෙලුව. ඒ මට කිව්වෙ "අම්මගෙ හැටි ඔහොම තමයි ඔව්ව ගණං ගන්ට එපා" කියල....හෙහ්,හෙහ්,

"අනේ අපෙ දරුවො කොච්චරනම් ඉක්මනට ලොකු මහත් වෙනවද?" එක ආන්ටි කෙනෙක් එහෙම කියල හීල්ලුවා.

"දරුවො ලොකු වෙනව තමයි ඒ එක්කම ඔහෙලා වයසට යනව..ඒක තමයි ලෝක සොබාවෙ…" මම ඒ මනුස්සය දිහා බලාගෙන තොල් මැතුරුව.

"ඉඳපල්ලකො මම බොලා ඔක්කෝටම හොඳ වැඩක් කරන්නංකො ආය ජීවිත කාලෙටම මතක හිටින්ට…" කුස්සියෙ සින්ක් එකෙං අත හෝදන අතරෙ මම මටම සපථ කර ගත්ත...දිවුරා පොරොන්දු වුනා.

****************************************

"මේ හොම්බට දමල ඇන්නැහෙ අපි දෙන්න ගැන කෙලින්ම කියමුද ඔයාගෙ අම්මටයි තාත්තටයි? කොහොමත් මට පේන විදිහට ඔයාගෙ මේ ග්‍රැජු ග්‍රැජුවලි අම්මලාට දැනුම් දෙන ස්ට්‍රැටජි එකෙන් වැඩක් වෙන පාටක්ම නෑ. මට නම් හිතෙන්නම ඔයා මේ කල් යල් බලනකොට අම්මල ඔයාට කවුරුහරි කතා කරල මඟුලකුත් ඇරේන්ජ් කරල තියෙයි අපිට කට උත්තර නැතිවෙන්ටම..."

එක දිගට කියවාගෙන යමින් මම මෙන්යූ පත දිග හැරියෙමි. අප මේ පැමිණ සිටිනුයේ ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ බ්‍රිතාන්‍ය නිලධාරින්ගේ නිවස්නයක්වූ සුවිසල් බංගලාවක පවත්වාගෙන යන්නාවූ අවන්හලක් වෙතය. සියළු නවීන පහසුකම් සහිතවන පරිදි අලුත්වැඩියා කලද එහි පෞරාණික තෙදවත් ස්වභාවය එලෙසම පවත්වා ගැනීමට මැනවින් වගබලාගෙන තිබිණ.

අමතේස්ට් යන නමින් හැඳින්වුනු මේ ආපන ශාලාව චෙන්නයි නගරයෙහි ඉතා නිසසල පරිසරයක් පිහිටි කිසිවකුගේ අනවශ්‍ය ඇලුම් බැලුම් වලින් තොරව නිදහසේ තේ බඳුනක් පානය කල හැකි එකම ස්ථානය ලෙස අනන්‍යා නිර්දේශ කල හෙයින් අප සෑහෙන දුරක් ගෙවා හෝ මෙහි පැමිණීමට ඉටා ගත්තෙමු.

දෙමහලකින් සැදි මෙම පැරණි බංගලාවෙහි ඉදිරිපස මුළුමනින්ම ආවරණය වන පරිදි වූයේ පළල බරාඳයකි. එහි තැනින් තැන පෞද්ගලිකත්වය මනාලෙස රැකෙන පරිදි එකිනෙකින් සෑහෙන පමණ දුරින් වූ කුඩා වේවැල් මේසයක් වටාවූ වේවැල් පුටු දෙකකි. ඒ සෑම මේස දෙකක් අතර වූයේ හොඳින් ඔප දැමූ මැටි බඳුන්වල වවන ලද දිගැටි තද කොළ පැහැයෙන් යුතු පත්‍රවලින් යුතු අඩි හතරක් හෝ පහක් උසට වැවුනු විසිතුරු ශාකයන්ය.

අමතේස්ට් ආපන ශාලාවේ ඉදිරිපස වූ බරාඳය
- Google Images

ඔබ මෙම වේවැල් පුටුවක අසුන්ගත් ඉක්බිති සුදෝ සුදු වතින් සැරසුණු වේටර්වරු ඔබගේ රුචිය පරිදි ලෙමන් මින්ට් සහ ඉඟුරු මිශ්‍රකල සිසිල් පානයක් හෝ ජමූන් රසැති අයිස් දමන ලද තේ ඔබ වෙත ගෙනවුත් ගෞරවාන්විතව පිරිනමන්නෝය. 

ලෙමන් මින්ට් සහ ඉඟුරු මිශ්‍ර සිසිල් පානය
- Google Images

ඒ සමඟම ඔබ කැමැත්තේනම් යුරෝපයෙන් ආනයනය කරන ලද ෆෙටා චීස් යෙදූ කෙටි ආහාරයක්ද ඔබට ඇණවුම් කල හැක.

(සටහන - ජමූන් යනු ප්ලම්ගෙඩි වලට බොහෝ සෙයින් සමාන පළතුරු වර්ගයකි.)

ජමූන් රසැති, අයිස් දමන ලද තේ බඳුනක්
- Google Images 

සාමාන්‍යයෙන් චෙන්නයි ආපන ශාලාවකින් රුපියල් අටකට පමණ මිලදී ගත හැකි ජමූන් රසැති අයිස් දැමූ තේ බඳුනකට රුපියල් සියයක් වියදම් කීරිමට නොපැකිලෙන තම සැමියන් උපයනා ධනය වියදම් කරනුවස් නිතිපතා මාර්ග සොයනා චෙන්නයි ඉහළ පංතියේ ගැහැණුන්ට හෝ එකිනෙකා කෙරෙහි තදබල ප්‍රේමයෙන් වෙලී හිඳිනා පෙම්වතුන්හට විනා මේ අමතේස්ට් ආපන ශාලාව අවශේෂ පොදු ජනයාහට කැප නොවන්නේය.

"අපිට ඕන ජමූන් අයිස් තේ..ඒ එක්කම චිකන් සෑන්ඩ්විච් ස්කෝන්ස්..ඒවත් ගේන්න…"

මෙන්යූ පත පිරික්සූ අනන්‍යා අප අසල තම කමිස සාක්කුවෙන් පිටතට ගත් නෝට් පොතකින් සහ පැන්සලයකින් සන්නද්ධව ඇණවුම සටහන් කොට ගැන්මට සැදී පැහැදී හුන් වේටර්වරයා අමතා පැවසූයේ හිස ඔසවා මද සිනහවක් පාමිනි.

"ආ..මේ වතුර බෝතලයකුත් ඕන.." මම පැවසූයෙමි. 

"ස්ටිල් ද ස්පාක්ලිං ද?" වේටර්වරයා විමසීය. 

(සටහන - ස්ටිල් වෝටර් යනු සාමාන්‍ය පානීය ජලයයි. ස්පාර්ක්ලිං වෝටර් යනු අධිපීඩනය යටතේ කාබන් ඩයොක්සයිඩ් වායුව එකතුකල ජලයයි. ස්පාර්ක්ලිං ජලය බෝතලයක් විවෘත කල විට එහි පතුලේ සිට කුඩා බුබුළු ඉහලට ගමන්කරනු ඔබට දැකිය හැක.)

"මොක හරි කමක් නෑ හලෝ......මට කියනව තමුං අද උදේ නෑවද?"

"ඔව්..ඔව්..සර් ..නෑව.." වේටර්වරයා ඇසූයේ අනන්‍යා දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට හිස හරවා බලමිනි.

"හරි නෑවනෙ..මොන වතුරෙන්ද ඒ නෑවෙ?"

"මේ..මේ...ටැප් එකෙන් එන වතුරෙන්.."

"අන්න හරි..ඒ ටැප් වතුර හරි කමක් නෑ අරන් එනව..මට අවුලක් නෑ…"

"හොඳයි සර්…"

විශ්මයෙන් විදහාගත් නෙතින් තවත් මොහොතක් මා දෙස බලා සිටි වේටර් වරයා තම නෝට්පොත සහ පැන්සලය කමිස සාක්කුවේ වහ වහා රුවාගෙන විගසින් අප වෙතින් පලා ගියේය.

ඔහු වහ වහා නික්ම යන අයුරු දෙස මොහොතක් නෙත් යොමුකොටගෙන සිටි අනන්‍යා මදෙසට හැරුනාය. 

"මොනවද ක්‍රිෂ් මේ කරන්නෙ? බලන්නකො අර මනුස්සයගෙ ඔලුව නරක් වෙන්න ඇති..පව් අනේ…"

"හරි හරි ජීවිතේ පොඩි ආතල් එකකුත් තියෙන්න එපාය...මොනවද ඔට්ටු ඔය බය වෙලා වගෙ පෙන්නුවට වේටර් කාරයත් ඕකෙං ආතල් එකක් ගත්ත...හෙහ්,හෙහ්....අඩු ගානේ මනුස්සය එකට වැඩ කරන අනික් අය එක්ක කියල හිනාවෙයි මට නං ෂුවර් ඇන්ඩ් ෂොට් අතන අර දහ අටේ ටේබල් එකේ අර ලස්සන සුරංගනාවියක් වගෙ නෝනා එක්ක ඉන්නෙ පිස්සං කොටුවෙං අද උදේ පැනපු හාදයෙක් කියල.."

"එහෙම නම් කියයි තමයි..ඒක අහල වේටර්ල චෙෆ්ල ඔක්කොමල මෙතනට එයිද දන්නෙ නෑ පිස්සව බලන්ට...හිහ්..හිහ්.." අනන්‍යා හඬනඟා සිනාසෙමින් පැවසුවාය.

"හරි හරි ඒක අපි එහෙම කට්ටිය මෙතෙන්ට ආවොත් බලා ගමුකො…"

"බලාගමු තමයි...."

"හරි දැන් ඒ අතුරු කතා ඉවරයි..අපි මෙතනට මේ අස්ප ගණං ගෙවල තේ එකක් බොන්ට ආවෙ අපේ ප්‍රශ්ණ නිදහසේ කතා කරගන්ට පුලුවන් හින්දනෙ. දැන් ඒක කරමුකො..මට කියන්න මොකක්ද දැන් ඔයාලගෙ ගෙදර නවතම තත්වෙ?"

"නවතම තත්වෙ කියන්නෙ ඉතිං කලින් තිබ්බ තත්වෙම තමයි. මම පුලුවන් විදිහට වටින් ගොඩින් කිව්ව. ඒත් අම්මයි තාත්තයි දෙන්නම නිකං තේරෙන්නෙ නෑ වගෙ ඉන්නව…"

"දැං අර හරිෂ් ගොයියගෙ ප්‍රශ්නෙට මොකක්ද වුනේ? ඒක ඉවරයි කියල ඔයා මට කිව්වට විස්තර කිව්වෙ නෑනෙ කොහොමද ඉවර වුනේ කියල…"

"ආ..ඒක ඉවරයි....මම කොහොම හරි ඒ කෙහෙම්මල ඉවරයක් කරගත්ත. හැබැයි ඉතිං ශෝභා නැන්ද නම් මා එක්ක තව අවුරුදු දෙක තුනකටවත් කතා කරන එකක් නෑ...හිහ්...හිහ්…"

"අනෙහ්..එයා නං කතා නොකරන තරමට මම කැමතියි.." මම පැවසූයේ අවංකවමය.

"අන්තිමට ඔයා දන්නවද ශෝභා නැන්ද මට කිව්ව අනන්‍යා ඔයාට පුලුවන්නම් මට හරිෂ්ගෙ එක වැරැද්දක් කියන්න.. එහෙම කිව්වොත් මම ආය ඔයාට හරිෂ් ගැන එක වචනයක්වත් කියන්නෙ නෑ කියල.."

"හ්ම්ම්ම්ම්.. ඒ යකා ඔච්චර ඉගෙන ගෙන ඇමරිකාවෙ හොඳ රස්සාවකුත් කරල මෙච්චර කාලෙකට කෙල්ලෙක් එක්ක යාලු වෙන්ට බැරිවෙච්ච එකම මනුස්සයගෙ බරපතල වැරැද්දක් නෙවෙයිද?"

"හරි හරි...එව්ව වැඩක් නෑ... දැන් අහන්නකො මම ඒ මනුස්සයගෙං ගැලවුනු විදිහ.."

"ඔයා මං ගැන එයාට කිව්වද? "

"ම්ම්ම්ම්...කිව්වෙත් නෑ..නැත්තෙත් නෑ.."

"මොකක්? මොකක්ද අනන්‍යා ඒ කතාව? කිව්වෙත් නෑ..නැත්තෙත් නෑ...ඔයාට කෙලින්ම කියන්නනෙ තිබ්බෙ මම ඔයාගෙ පෙම්වතා කියල…"

"හරි හරි ඒ වුනාට එහෙම කියන එක ඔයා ඔය කියන තරං ලේසි නෑ ක්‍රිෂ්...මම එහෙම කිව්වයි කියන්නෙ එයා දැනගන්නව එදා එයා මාව බලන්ට ආව දවසෙ උදේ කෑමට මගෙ පෙම්වතාත් සහභාගි වුනයි කියල. එහෙම දැනගත්තම එයගෙ හිත රිදෙයිනෙ කියල හිතල මම එහෙමම කිව්වෙ නෑ."

"ඔව්..එතකොට හරිෂ්ලගෙ හිත් විතරයි තැලෙන්නෙ...රිදෙන්නෙ..අපේ හිත් තැලෙන්නෙ රිදෙන්නෙ නෑනෙ.. එව්ව චීනච්චට්ටිනෙ..හුහ්..ඔයාට නිකමට වත් කල්පනා වුනාද එදා මගෙ හිත කොයිතරම් රිදුනද කියල?"

"හරි හරි ක්‍රිෂ්..මම දැන් ඒ ගැන ඔයාට පැහැදිලි කරල ඔයාගෙන් සමාවත් ඉල්ලුවනෙ..ආය මොකටද තවත් ඒ ගැන කතා කරන්නෙ?"

"ආය මොකටද කතා කරන්නෙ තමයි.."

"හරි..මම හරිෂ්ගෙන් ගැලවුනු විදිහ ඔයාට දැනගන්ට ඕනද නැද්ද? මට ඒක විතරක් කියන්ට..නිකං හෝද හෝද මඩේ දානව වගෙ පරණ එව්ව ගැනම කියවන්ට පටන් ගන්නෙ මෙතන…" අනන්‍යා වේගවත්ව පැවසූයේ අසුනින්ද නැඟිට සිටිමිනි. 

"හරි හරි මැඩම් ඉස්සෙල්ල වාඩි වෙන්නකො…" ඇය මදෙස එක එල්ලේ මොහොතක් බලා සිට ඉක්බිති යලි අසුන් ගත්තාය.

"දැන් හොඳට පපුව පුරවල හුස්මක් ගන්න..හෙමීට හුස්ම පිට කරන්න...හරිද?"

"හරි හරි දැන් මම සන්සුන්...මොනවද එහෙනං ආය? පිස්සු කියවනකොට තරහ යන්නෙ නැද්ද?"

"හරි හරි සමාවෙන්න මැඩම්..ඉතිං මට කියන්නකො කොහොමද හරිෂ් කාරයගෙන් ඔබතුමී බේරුනෙ?"

"ඒ මනුස්සය මගෙන් ඇහුවනෙ..කෙලින්ම ඇහුවම නෙවෙයි ඇත්තම කිවොත් නිකම් මේ කෙලින්ම අහන්නෙ නැතුව වටින් ගොඩින් ඇහුවනෙ මම කන්‍යාවක්ද කියල…"

"මොකක්? ඒ යකා එහෙමම ඇහුවද? දෙයියම්පල්ල මම ඕකව මරන එක මරනව…"

මගේ රතුවූ මුහුණ දැක අනන්‍යා හඬනගා සිනාසුනාය. අවසන ඇය සිනහ නවතා ගත්තේ දෑතින්ම මුව වසා ගනිමිනි. "හ්ම්ම්ම්ම්..ඊරිසියාවෙන් වියරු වැටිච්ච පෙම්වතෙක් දැකගන්ට ලැබෙන එකත් එක විදිහක වාසනාවක්..හැමෝන්ටම එහෙම චාන්ස් එකක් ලැබෙන්නෙත් නෑ...හිහ්..හිහ්…"

"හ්ම්ම්ම්ම්..ඔව්..ඔව්..ඉරිසියාව...කෙහෙම්මල.." මම නොමනාපයෙන් ඉවත බලා ගතිමි.

"හරි හරි මෙහෙ බලන්නකො..දන්නවද මනුස්සය මගෙං ඒක අහපු විදිහ?"

"මම දන්නෙ කොහොමද? කියන්නකො බලන්න.."

"ම්ම්ම්ම්.....ඉන්නකො මතක් කරල කියන්නෙ හ්ම්ම්ම්....මෙහෙමයි ඇහුවෙ..ආ යූ ස්ටිල් පියෝ අනන්‍යා?  හිහ්..හිහ්...හිහ්...." අනන්‍යා බඩ අල්ලාගෙන සිනාසුනාය. 

"Whaaat? Still pure? what was he looking for? pure ghee may be....what a moron…."

අනන්‍යා ඇසින් කඳුළු පනින තුරු සිනාසුනාය. අවසානයේ ඇය සිනහව නවත්වා ගත්තේ වේවැල් මේසය මතට මුහුණ හොවාගෙන දෑතින් මුව වසා ගනිමිනි.

"My goodness I have never laughed so much in my life ….Thanks Krish…"

"My pleasure Madam…" I said taking a bow.

"ඉතිං ඔයා දන්නෙ නෑනෙ අර ආ යූ පියෝ? කතාවට මම හරිෂ්ට දුන්නු උත්තරේ?"

"නෑනෙ...කියන්නකො ඉතිං" මම විමසූයෙමි.

"මම කිව්වා Harish you can be sure that If there is an entrance exam for virginity I won't top it කියල"

"නෑහ්....පිස්සුනේ අනේ...." මම අනන්‍යාගෙ සුරත ගනිමින් තෙපලූයෙමි.

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මොනවද මිනිහ දඩස් ගාල ෆෝන් එක තිබ්බ...එතනිං ඒ වැඩේ ක්ලෝස්..රාධා ආන්ටි එක්ක හරිෂ් කියල තියනව මිනිහට මම ගැලපෙන්නෙ නෑය කියල. රාධා ආන්ටි අම්ම එක්ක කියනව මම අහගෙන හිටිය…"

32 comments:

  1. හෙහ් හෙහ් හෙහ්.
    ඔහේ දැක්කෙ නැත්ද ඔහෙගෙ අති ජාත සතුරු බුරුසුවානෝ බුරිය පේන්න ඇඳපු කෑලි සෙට් එකක් මැදින් කොම්බුවෙ ස්ටේජ් එකට පනිනව? අන්න නියම පැනිලි.

    ReplyDelete
    Replies
    1. එහෙම පැනිල්ලක් ගැන මෙයා මිට කලිනුත් ලියලා තියේ...:D

      Delete
    2. ඇනෝ, ඔහේ මැද්දට පැනල මේ ගොනාව වැට පන්නල උගේ මෝඩ චුන් බලල හීනියට ආතල් එකක් ගන්න නේද හදන්නේ.

      Delete
    3. රවියාගේ පිළිතුරු කොමෙන්ට් එකේ වචන ගණන හරියට කියා සිංහල අවුරුද්දට කොකිස් පැකට් එකක් දිනා ගන්න.. හෙහ් හෙහ්

      Delete
    4. ඇනෝ,

      /ඔහේ දැක්කෙ නැත්ද ඔහෙගෙ අති ජාත සතුරු බුරුසුවානෝ බුරිය පේන්න ඇඳපු කෑලි සෙට් එකක් මැදින් කොම්බුවෙ ස්ටේජ් එකට පනිනව? අන්න නියම පැනිලි./

      මනුස්සයො....ඔහොම කමෙන්ට් එකක් දානකොට හුදී ජන පහන් සංවේගය උදෙසා ඒ එක්කම ලින්ක් එකත් දානවකො...:)

      පලි - මාර්ටින් වික්‍රමසිංහ මහත්තය මුල් කාලෙ ලියපු පොත් අවසන් කරල තියෙන්නෙ එහෙමයි..ගම්පෙරළිය අන්තිමට මෙහෙමයි තියෙන්නෙ....

      හුදී ජන පහන් සංවේගය උදෙසා කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ විසින් විරචිත "ගම්පෙරළිය" මෙතෙකින් නිමියේය.

      Delete
    5. ඇනෝ,

      /මේ ගොනාව වැට පන්නල උගේ මෝඩ චුන් බලල.../

      හෙහ් ගොනා මෝඩ චූන් අනම්මනම් කිව්වම මම බොලාගෙන් සැටිපිකට් ගන්ට හිතාගෙන නීලකාස බුරුසුවා (Blue Cash Brush) ගැන නොලියා නිකං ඉඳීය කියලය හිතන්නෙ? එව්ව කොහෙද...හෙහ්,හෙහ්

      Delete
    6. මනෝ,

      /එහෙම පැනිල්ලක් ගැන මෙයා මිට කලිනුත් ලියලා තියේ...:D/

      ලිව්ව නේන්නං බං..මට මතක විදිහට මරාගෙ ඔය දුවගෙන දුවගෙන ඇවිල්ල ඉස්ටේජ් එකට දබෝං ගාල පත බෑවෙන ගොං පාට් එක ගැන පෝස්ට්ම දෙකක්ද කොහෙද ලිව්ව...හොයාගන්ට ට්‍රයි කලත් හරිගියේ නෑ.

      නීලකාසය ඉස්ටේජ් එකට පයින පින්තූරයක් තියෙන පෝස්ට් එකක් නම් හම්බ වුනා..හු.ජ.ප.ස. උදෙසා පහතින් පලකරමි.

      448. එෂැණිං පුවක් 15 - සමූපකාර වීරයා, ඒකාබද්ද විපස්සෙට නමක් සහ අයියෝ ලොක්කා

      Delete
    7. http://ranrandil.blogspot.com/2015/04/314-1.html

      Delete
    8. Prasanna,

      Thanks Malli....

      ප්‍රසන්නයට තමයි දැන් මේක හොයන්න වෙන්නෙ කියල දාන්න හදලත් එහෙම කලේ නෑ උඹට අනවශ්‍ය බලපෑමක් වෙයි කියල හිතුන හින්ද...:)

      Delete
  2. මරු මරු.. මෙහෙමත් මනමලයෝ.. අද බොහොම පොඩි කොටසක් නෙ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      ඔය ඉතිං ඕකනෙ කියන්නෙ....L.D.S.P. වෙන්න පුරුදු වෙයං බං....:)

      පලි - L.D.S.P. = ලද දෙයින් සෑහීමට පත්වීම

      Delete
  3. අතුරු ප්‍රශ්නය.....

    ගැහැණුන්ගේ කන්‍යාභාවය හොයනවා වගේ පිරිමින්ගේ හොයන්නේ මොකක්ද රවී අයියා ?

    ReplyDelete
    Replies
    1. නූල කැඩිලද කියල. හැක්..

      Delete
    2. Manoj,

      Yes, Prasanna is correct....May be whether the ring is at the bottom of the tree or not....:)

      You were married recently... weren't you? what did they check? tell us please...heh..heh..

      Delete
  4. නෙද්දකිං උඹල ඔච්චර දෙයක් කතාකරනකලුත් අර වේටරය තේ එක ගෙනාවෙ නැද්ද. අනිවාර්යෙං ඌ හිතන්න ඇති බොලා දෙන්නම පිස්සො ඩබලක් කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අඩේ බං හරියටම මම නවත්තල තියෙන්නෙ වේටරය ඕඩර් කරපුව අරං එන තැනින්..ඊලඟ කොටස පටන් ගන්නෙ වේටරය එන තැන ඉඳල....හෙහ්,හෙහ්,

      Delete
  5. ඔය කිරිස ඉන්නවා නේද.. අම්මප ඕකා පොඩිකාලේ හරි අපේ මේ රවියාගෙන් ටියුෂන් අරං තියෙනවා.. බොහොම දස්සයි කතාවට.. විසේසයෙන්ම අංගනාවෝ දැපනේ දා ගන්ට.. හෙහ් හෙහ්..

    අද නියමයි මොනවා උනත්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මේ දෙන්නගෙම කට හදල තියෙන්නෙ එක ෆැක්ටරියෙ වෙන්න ඕන

      Delete
    2. Kalyana & Ian,

      Thanks Guys...+++++++++++

      Delete
  6. මේ කතාව ලියන එක පොඩ්ඩක් අතපසු කරලා අතරින් පතර ලියාන්ටකෝ රාළහාමි අරක්කු බීලා ගත්තු ආතල් එහෙම. අර විමල්ගේ වාන්පතුල් කතා වගේ එව්වා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි බං එව්වත් ලියඤ්ඤා..එව්වත් ලියඤ්ඤා...:)

      Delete
  7. පටන් ගන්නකොටම කතාව ඉවරයි. කමක් නෑ ඉතින් කෙටියෙන් හෝ ලිවුවනෙ. කමෙන්ට් එකට ලියන්න දෙයක් හිතා ගන්න බෑ, කවියක් වත් කියමු.

    නිහඬ යාමේ නිසල පෙදෙසේ අවන්හල පිහිටා තිබේ
    විහිලු ස්වරයෙන් කවට දෙබසින් කතාබහ ඇවිලී නැගේ
    ලැබුණු නිදහස සොඳුරු ස්වරයෙන් අනන්‍යා තෙපලනු ඇසේ
    බුරුසු වගතුග එක්ක බැලුවම මේ ලියුම් බෙහෙවින් අගේ

    ReplyDelete
    Replies
    1. මානවී,

      පටන් ගන්න කොටම කතාව ඉවරයි කියල බොට දැනෙන්නෙ දෙබස් වැඩි හින්ද....ඒ ඇරුනම මම වෙනද සාමාන්‍යයෙන් එක කථාංගයකට ලියන වචන ගණනම තමයි ලිව්වෙ. 1200 - 1400 අතර තමයි සාමාන්‍යයෙන් මම ලියන්නෙ..අද එකේ වචන 1305 තියනව.

      පලි - හීතල වැඩි හින්ද දැං කවිත් ලියවෙනවද කොහෙද...හෙහ්...හෙහ්...

      Delete
    2. කවි නම් ඉස්කෝලෙ යන කාලෙ තරඟ වලටත් ලිවුව, සීතල නැතුවම.

      හරිෂ් ඔහොම අහන එකේ වැරැද්දකුත් නෑ එක අතකින්.
      ඉන්දියාවෙ ඉන්නේ විවාහ වෙලත් අවුරුදු දෙක තුනක් යනකම් බිරිඳගේ අතින් වත් අල්ලන්නේ නැති සැමියෝ. ඉතින් එහෙම බ්‍රහ්මචාරී විවාහ ජීවිතයක් ගත කරනකොට, බිරිඳ එහෙම ඉන්න සූදානම් නැත්නම් පසු කාලීන ගැටළු හටගන්න පුළුවන් කොහොමත්.

      Delete
  8. අම්ම ගායි
    පව් බං උෟ

    ReplyDelete
  9. එක කතාවකට ලියවෙන වචන ගණන හොයාගෙන්නේ කොහොමද රවී. මැනුවලි ගැනලද නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. Helapa,

      වර්ඩ් ඩොකියුමන්ට් එකක ඔටෝ වර්ඩ් කවුන්ටර් එකක් තියනව මචං ස්ටේටස් බාර් එකේ...

      මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න

      Delete
  10. //"මම කිව්වා Harish you can be sure that If there is an entrance exam for virginity I won't top it කියල// හරිය දැන ගත්ත නගා කොටුව පැනල කියල එහෙනම්. රවියත් මෙච්චර කල් ඕක හංගා ගෙන හිටියනේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...