Monday, January 8, 2018

555. The Story Of My Marriage - 56 - " Preparing A Business Plan Presentation ..Oh God!...What I Wouldn't Do For You Ananya..."


ජෑම් යෙදූ ස්කෝන්ස් පිඟානක් ඉහත ඡායාරූපයෙහි
දැක්වේ. -  Google Images

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මොනවද මිනිහ දඩස් ගාල ෆෝන් එක තිබ්බ...එතනිං ඒ වැඩේ ක්ලෝස්..රාධා ආන්ටි එක්ක හරිෂ් කියල තියනව මිනිහට මම ගැලපෙන්නෙ නෑය කියල. රාධා ආන්ටි අම්ම එක්ක කියනව මම අහගෙන හිටිය…"

වේටර්වරයා අනන්‍යා ඇණවුම්කල චිකන් සෑන්ඩ්විච්ස්, ස්කෝන්ස් සහ බීමද මවිසින් ඇණවුම් කල පානීය ජලය බෝතලයක්ද රැගෙන ආවේය. ඔහු ආහාර සහ බීම බඳුන් මේසය මත තබනා අතර මදෙස යටැසින් බැලූයේ කිසියම් චකිතයකින් මෙනි. ඒ දුටු අනන්‍යා මේසය යටින් මගේ බත්කෙන්ඩට පා පහරක් එල්ල කළාය. 

"ඌයි..මොකද අනේ වෙලා තියෙන්නෙ? පයිං ගහන්නෙ වෙළඹක් වගේ…" මම පහත්ව පහර වැදුනු ස්ථානය පිරිමදිමින් කෑගැසුවෙමි. 

වහ වහා තම බන්දේසිය මතවූ ආහාර සහ බීම බඳුන් මේසය මත තැබූ වේටර්වටයා දෙතුන් වරක් මදෙස සහ අනන්‍යා දෙස මාරුවෙන මාරුවට බියපත් දෑසින් බලා සිට ඉක්බිති යළිත් වහ වහා පළාගියේය.

"අර මොකද මට පයිං ගැහුවෙ?" මම අසුනෙහි කෙලින්වී අනන්‍යාගෙන් විමසීමි.

"මට හිතුන ඔයා අර වේටර් ළමය දිහා බලන විදිහට තව මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියල ආයෙමත් පාරක් ඒ කොල්ලගෙ ඔලුව නරක් කරයි කියල. ඒකයි දමල ඇන්නෙ පයිං හිහ්..හිහ්.." අනන්‍යා හඬ නඟා සිණාසුණාය.

"හ්ම්ම්ම්....දමල ඇන්නෙ පයිං තමයි...මගෙ කකුල තාම රිදෙනව..හෙහ්..හෙහ්..දැක්ක ද ඌ මා දිහා හොරෙං හොරෙං බලපු විදිහ..මම ඌට තව මොනව හරි කියන්ට තමයි ලෑස්ති වුනේ"

"අන්න ඒකනෙ.....මම දන්නවනෙ මනුස්සයගෙ තරම.....වේටරයගෙ මූණ දිහා  ඔයා දෙතුන් සැරයක් බලපු විදිහෙන්ම මට තේරුන මොකක් හරි තව විකාරයක් කියන්ට තමයි යන්නෙ කියල....ඉතිං වැරදිද මම පයිං ගහපු එක?..."

"නෑ..නෑ...කිසිම වැරැද්දක් නෑ..කිසිම වැරැද්දක් නෑ…"

මම නළල රැළි ගන්වා ගනිමින් මේසය මතවූ ආහාර සහ බීම පරීක්ෂා කළෙමි. ජමූන් තේ බඳුන මට එක්වරම සිහි ගැන්වූයේ වූයේ චිත්‍රයක් ඇඳීමෙන් පසු නොයෙක් වර්ණ සායම් බුරුසු පිරිසිදු කරනුවස් ජල බඳුනක බහා කැලතූ පසු ජල බඳුනේ අඩංගු ජලයයි. මම පරිස්සමින් එහි වූ පානය ස්වල්පයක් තොල ගෑවෙමි. එහි රසයද මට සිහිගැන්වූයේ සායම් බුරුසු පිරිසිදු කල ජල බඳුනක ඇති ජලයයි. 

"ඇයි මොකෝ?... හොඳ නැද්ද?" මගේ ඇඹුල්වූ මුහුණ දුරු අනන්‍යා විමසුවාය. ඇය මේ වන විටත් තම ජමූන් තේ බඳුනෙන් උගුරු කීපයක් පානය කොට අවසානය. 

"ෂික් මොනවද අනේ මේ?....පෙනුම හරියටම මම හයේ පන්තියෙ විතර ඉන්දැද්දි ඉස්කෝලෙ චිත්‍ර පාඩම වෙලාවෙ චිත්‍ර ඇඳල පේන්ට් බ්‍රෂ් හෝදන්ට වතුර වීදුරුවකට දාල හේදුවාම ඒ වීදුරුවෙ වතුර වාගෙමයි. දැන් පොඩ්ඩක් තොල ගාල බැලුවම රහෙත් වැඩි වෙනසක් නෑ. ඒ පේන්ට් බ්‍රෂ් හෝදපු වතුර වගේමයි...හෙහ්,හෙහ්,"

"ආ එහෙමද? ඒ පේන්ට් බ්‍රෂ් හෝදපු වතුරෙ රහ ඔයා දන්නෙ කොහොමද? බීල එහෙම බැලුවද?"

"පිස්සුද අනේ? මම මොකටද ඒ සායං හෝදපු වතුර බොන්නෙ?"

"එතකොට කොහොමද ඒ වතුරෙ රහ දන්නෙ?..හරි හරි එව්වයිං වැඩක් නෑ..මේ වගෙ තැන්වලට මිනිස්සු එන්නෙ ක්‍රිෂ් රහට කාල බීල බඩ පුරවගෙන යන්න නෙවෙයි. මෙතන තියන ඇට්මොස්ෆියර් එක එහෙම නැත්නම් වාතාවරණය හින්ද...නිදහසේ යමක් කතා කරන්ට එතකොට රිලැක්ස් වෙන්න පුලුවන් හින්ද…"

"හරි හරි මම එකඟයි….. කිව්වත් වාගෙ වෙන වල් පල් කතා කලා මිසල අපි මෙතෙන්ට කතාකරන්ට ආපු කාරණේ තාම කතාකලේම නෑනෙ.."

"ඒකනෙ අපි එහෙනං ඒ ගැන කතා කරමු......ක්‍රිෂ් දැන් කියන්න මොකක්ද ඔයාගෙ අදහස?"

"මෙහෙමයි අනන්‍යා ඇත්තම කිව්වොත් ඔයාගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත ලබාගන්න ඕනමයි කියල ඔයා කිව්වට මට හිතෙන්නෙම ඒකනම් මේ සම්ම ජාතියෙ වෙන දෙයක් නෙවෙයි. ගතවෙන ගතවෙන දවසක් දවසක් පාසා මගේ ඒ අදහස ස්ථිර වෙන එකයි වෙන්නෙ. මට ඔයාලගෙ පවුලෙං ටිකක් හරි කිට්ටු වෙලා ඉන්නෙ මල්ලි විතරයි. ඔයාගෙ අම්මයි තාත්තයි හැසිරෙන්නෙ ක්‍රිෂ් කියල මනුස්සයෙක් මේ ලෝකෙ නොඉන්න ගානට"

"ඔය ඉතිං..ඔය ඉතිං..අනේ....එහෙමම කියන්නත් එපා ක්‍රිෂ්…"

"ඇයි එහෙම කියන්න එපා කියල කියන්නෙ? මම මංජුට ටියුෂන් දෙන හින්ද උදේට ඔයාලගෙ අම්ම කන්න දෙනව. ඒත් ඒ වෙලාවෙවත් හරියකට මූන බලල වචන දහයක් කතා කරන්නෙ නෑ. එතකොට ඊට පස්සෙ තාත්ත එයාගෙ කාර් එකේ මාව බැංකුව ලඟින් ඩ්‍රොප් කරනව තමයි. ඒත් ඒ මුළු ගමනෙදිම එයා ඉන්නෙ කසාය බීපු ගොලුව වගේ. මම කොච්චර රටේ නැති වල්පල් කියෙව්වත් කලත් එයා මල බද්දය හැදිච්චි බස්සෙක් වගෙ හ්ම්ම් හ්ම්ම්ම් ගානව මිසක ඊට එහා දෙයක් මැරූකොට කියන්නෙ නෑ"

මම එක දිගටම කියවාගෙන ගියේ හිතේ වූ වේදනාව ඇයට පවසා හෝ සමනය කරගත යුතුයැයි සිතූ බැවිනි.

"ඉතිං ඔයා මොකක්ද කියන්නෙ කියල මට කියන්න.." මිනිත්තු කිහිපයක් නිහඬව මට සන්සුන් වීමට ඉඩ දී නිහඬව හුන් ඈ විමසූයේ මගේ සුරත තම දෑතට මැදිකොට ගනිමිනි. 

"මම කියන්නෙ ඕන කෙහෙම්මලක් වුනාවෙ කියල අපි දෙන්න තනි කැමැත්තට බඳිමු. ඒ කරල පස්සෙන් පහු වෙන දෙයක් එතකොට බලාගමු.."

"නෑ..නෑ..ඉන්නකො කලබල නොවී..දෙයියො අපේ මූණ නොබල ඉන්නෙ නෑ...ඔයාට ඔන්න අපූරු අවස්තාවක් ඇවිල්ල තියනව අප්පගෙ හිත දිනාගන්ට..මම මේ තකහනියක් මෙතෙන්ට ආවෙත් ඔයාට ඒ විස්තරේ කියන්ට කියල හිතාගෙන…."

"ඒ මොකවත් හරියන්නෙ නෑ අනන්‍යා. ඔයාගෙ තාත්ත මට අත්දෙක එකතු කරල වැඳල කිව්වනෙ ඔයාගෙන් ඈත්වෙන්ට කියල. ඉතිං ආය මොනවද?" සායම් වතුර බඳුන සුරතට ගත් මම එය එක හුස්මට පානය කළෙමි.

අනන්‍යා මහත් කොටගත් දෑසින් යුතුව මා දෙස බලා සිටියාය. "දැං අර පේන්ට් බ්‍රෂ් හෝදපු වතුර එක නේද ඔය ගුඩු ගුඩු ගාල ගසල ඇරියෙ?"

"හ්ම්ම්ම්..ඔව්...ඔයාගෙ අප්පගෙ මූන මතක් වෙනකොට සායම් වතුර නෙවෙයි හාපික් බෝතලයක් උනත් මට එක හුස්මට ගහල ඇරියෑකි"

"හිහ්..හිහ්..හිහ්..ඒක නියමයි...හාපික් ඈ?..." අනන්‍යා ශබ්දය නොනැඟෙන පරිදි අත් පොළසන් දෙමින් සිනාසුනාය.

"හරි හරි මොකක්ද කියන්නකො ඔයාගෙ ඔය අප්පගෙ හිතගන්න ක්‍රමේ?"

"අප්පගෙ මේ දවස්වල ඔලුව ගිණිඅරං ඉන්නෙ…"

"අර මොකෝ අර?"

"එයාට ඉස්සරහට අවුරුදු තුනකට බිස්නස් ප්ලෑන් ප්‍රසන්ටේෂන් එකක් කරන්න වෙලා....."

"ඔව්..ඔව්.. මේ සති දෙකකට වගෙ උඩදි දවසක් කාර් එකේ යද්දි මට ඔහොම කතාවක් කිව්ව නම් තමයි.."

"අන්න ඒකනෙ..." අනන්‍යා ප්‍රීතියෙන් සිනාසුණාය. "එයා ඔය විස්තර කාටවත් කියන්නෙ නෑ. කොටින්ම මේ මටත් කිව්වෙ මම අහල අහල කරදර කලාට පස්සෙ. ඒ කියන්නෙ ඔයා ගැන යම් පොඩි පැහැදීමක් වගෙ මොකක් හරිත් අප්පගෙ හිතේ තියනව එලියට නොපෙන්නුවට. ඉතිං ක්‍රිෂ් ඔයාට තිබ්බෙ ඒ බිස්නස් ප්ලෑන් එක ගැන කියපු වෙලාවෙ පැනල ඒක බාරගන්නනෙ අපොයි අංකල් මම ඒක කරල දෙන්නං කියල. ඔයාට ඔව්ව ගැන හොඳ දැනුමකුත් තියනවනෙ..."

"එහෙම තමයි මම කිව්වෙ අනේ. ඔය ගැන කිව්ව ගමං මම කිව්ව අංකල් මම ඒක කරල දෙන්නං කියල"

"ඉතිං අප්ප මොකද කිව්වෙ?"

"මට හිතෙන්නෙ අප්පට ඒ වෙලාවෙ හිතෙන්ට ඇති දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ... මේක මේ යකාට කියල මම කරගත්තු මෝඩ කමක මහත කියල.... දැං මේ උලම බිස්නස් ප්ලෑන් එක හදල දුන්නොත් ඒකට හිලව්වට මට මගේ දූ කුමාරි මූට දෙන්ටම වෙනව.....බෑ...බෑ..කොහොමවත් එහෙම වෙන්ට දෙන්ට නම් බෑ....මම හිතන්නෙ එහෙම හිතල වෙන්න ඕන අප්ප කිව්වනෙ අර මොකක්ද පොලවෙ ගැහුව වගෙ නෑ..නෑ.. තමුං කරදර වෙන්ට ඕන නෑය.. ඒ බිස්නස් ප්ලෑන් එක මට පුලුවන් විදිහට කර ගන්නම්ය...අර මට අත් දෙක එකතු කරල වැන්දය කියල මම ඔයාට කිව්වෙ...ඒ වෙලාවෙම තමයි එහෙම වැන්දෙත්..."

"හිහ්..හිහ්..හී දැක්ක නේද?... එහෙම තමයි අපේ අප්පල..අපිට හරිම හරි ආදරෙයි...."

"හ්ම්ම් ඔව්..ඔව්..ආදරෙයි නේන්නම්..ඉතිං දැන් මොකක්ද ඔය බිස්නස් ප්ලෑන් ප්‍රසන්ටේෂන් එකේ තත්වෙ? තවම ඉවර නැද්ද?"

"මොන විකාරද? මෙතන වෙලා තියෙන්නෙ ක්‍රිෂ් වැඩේ තනිකර කැඳ හැලියක් වෙලයි තියෙන්නෙ මේ වෙනකොට. බැරෝඩා බැංකුවෙ කිසිම කෙනෙක් දන්නෙ නෑ හරියකට බිස්නස් ප්ලෑන් එකක් හදා ගන්නෙ කොහොමද කියල. ඒ කියන්නෙ එතන කිසි කෙනෙක් කලින් එහෙම දෙයක් කරලවත් නෑ. අනික් ක්‍රිටිකල් කේස් එක අප්පට කම්පියුටර් වැඩ එච්චරම තේරෙන්නෙ නෑ. පරණ තාලෙ මිනිස්සුනෙ. ජීවිතෙන් සෑහෙන කාලයක් ඔය ලෙජර් පොත්වල තීන්ත පෑනෙන් ගණුදෙණු ලියල රස්සාව කරපු මිනිස්සු උනාම එක පාරටම කම්පියුටර් වලට හැඩ ගැහෙන්ට අමාරුයි"

"හරි හරි ඒත් මම එක පාරක් උදව් කරන්ට ඉදිරිපත් වුනානෙ...එයා කෙලිම්ම කිව්වනෙ නෑ ඕන නෑ කියල..එහෙම කියල නිකං හිටපංකො...එහෙමත් නෑ..ඔයාගෙන් ඈත්වෙලා ඉන්ට කියල මට වැන්දත් එක්කනෙ"

"හරි හරි ක්‍රිෂ් ඒ සති දෙකකට වගෙ ඉස්සරනෙ. දැන් තත්වෙ වෙනස්..ලබන සතියෙද කොහෙද මම හිතන්නෙ ප්‍රසන්ටේෂන් එක..මේ වැඩේ හරියට කරගන්ට බැරි වුනොත් අප්පගෙ ආත්ම ගෞරවය හේදිලාම යනව. ඔෆිස් එකේ වැඩි දෙනෙක් බලා ඉන්නෙ අප්ප අමාරුවෙ වැටෙන කල් එයාට හිනාවෙන්ට... ඒ හින්ද මේ ප්‍රසන්ටේෂන් වැඩේ හරියකට කරගන්ට බැරිවුනොත් එහෙම අප්ප සමහරවිට ආයම රස්සාවට යන එකකුත් නෑ" අනන්‍යාගෙ පැවසූයේ සිහින් ස්වරයකිනි.

"එහෙමද? එච්චරම දරුණු තත්වයක්ද තියෙන්නෙ?"

"ඇත්තටම ඔව්...එහෙම දරුණු තත්වයක් තියෙන්නෙ...ඒ නිසයි මම කිව්වෙ මේ පාර ඔයා ඇහැව්වොත් එකත් එකටම එයා හා කියයි කියල"

"ඉතිං අනන්‍යා ඔයාට පුලුවන්නෙ ඕක කරන්ට? "

"මට බැරිකමක් නෑ ක්‍රිෂ්...ඒත් මේ චාන්ස් එක ඔයාට අරන්දෙන්නම ඕන හින්ද මම කිව්ව මට දුර බැහැර රාජකාරි ගමන් බිමන් වැඩි හින්ද වෙලාවක් නැතිවෙයි කියල…..මම කියන්නද ක්‍රිෂ්?.... මම කියනවට ඔයා ආයම පාරක් අප්පගෙන් අහල බලන්නකො"

"හරි හරි….මම හෙටම අහල බලන්නම්කො.."

"මට සීයට අසූවක් ෂුවර් ඔයා මේ වැඩේ ටොප් ක්ලාස් එකට කරල දුන්නම අප්පගෙ හිත වෙනස් වෙනව වෙනස් වෙනවමයි"

"අන්න අර අනික් සීයට විස්ස තමයි මට අල්ලන්නෙ නැත්තෙ...සීයට අසූවක් හරියනව වගේම ඉතිරි විස්සට අනුව වැඩේ වරදින්ටත් පුලුවන් නේද? ඒ කියන්නෙ මම මේ වැඩේ කලත් අප්ප කලිං වගේම බුම්මට්ට මූඩ් එක ඇක්ට් කරන්නත් පුලුවන් නේද? "

"හරි හරි ඉස්සෙල්ල අපි වැඩේ කරල ඉමුකො..දෙවනු බලමු මොකද ප්‍රතිපල කියල….හරි එහෙනං ඔන්න ඔයා අප්පගෙන් හෙටම අහන්නකො හොඳද? "

"හරි හරි..ඒකත් කරල බලමුකො එහෙනං….ප්‍රශ්ණයක් නෑ... මම අහන්නං…"

"හොඳ ළමයා…"

අනන්‍යා එසේ පවසමින් මගේ සුරත දෑතින්ම ගෙන සෙමෙන් සිපගත්තාය. මුළු මහත් චෙන්නායි නුවරම ඇයට සිතේ චකිතයකින් තොරව එවැන්නක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත්තේ බොහෝවිට මේ අමතේස්ට් ආපන ශාලාවේ පමණක් විය හැකිය.

එසේ හෙයින් මෙහිදී සායම් බුරුසු සේදු ජලය බඳුනකට රුපියල් සියයක් අයකිරීම එක අයුරකින් අසාධාරණ නොවේ යයි මට සිතිණි. එසේ සිතමින් මම ද අනන්‍යාගේ දෑතම ගෙන සෙමෙන් සිප ගත්තේ ඇගේ සුවිසල් දෑස දෙස එක එල්ලේ බලා සිටිමිනි.

40 comments:

  1. චැහ්.. අනන්‍යත් අර අස්තියාදු ඇක්සන්ට් එකෙන් කතා කරන්න පටන් අරගෙන ඒ පාර.

    ඊළඟට එන්නේ ප්ලග් පොයින්ට් ප්‍රසන්ටේෂන් කොටස නේද?

    ReplyDelete
    Replies
    1. *රස්තියාදු.

      වෙනද හැම කොමෙන්ට් එකටම උත්තර දාගෙන ඇවිත් මගේ කොමෙන්ට් එක ලඟින් නතර වෙනවා නේ?

      අද බලමු මුල්ම කමෙන්ට් එකට උත්තර නොදී ඉන්න හැටි.

      Delete
    2. Manawee,

      පැහැසරා ටෙලි චිත්‍රපටයෙ ඉන්නව මානවී කියල ගෑණු ළමෙක්..මේ දවස්වල ඒ ළමයට ලව් සීන් එකක් හින්ද පිස්සු හැදිල ඉන්නෙ...:)

      /චැහ්.. අනන්‍යත් අර අස්තියාදු ඇක්සන්ට් එකෙන් කතා කරන්න පටන් අරගෙන ඒ පාර./

      ඒ කොතනද ඒ?

      /ඊළඟට එන්නේ ප්ලග් පොයින්ට් ප්‍රසන්ටේෂන් කොටස නේද?/

      Yes....:)

      /වෙනද හැම කොමෙන්ට් එකටම උත්තර දාගෙන ඇවිත් මගේ කොමෙන්ට් එක ලඟින් නතර වෙනවා නේ?/

      අඩේ එහෙම එකක් වෙනවද? අයි නෙවර් නෝටිස්ඩ්..ඔය චෝදනාවම මට කාලෙකට ඉස්සර කලා අපේ අතිගෞරවාර්හ ධුරන්ධර හැන්රි තුමා නොහොත් මිස්ටර් ඩූඩාණෝත්....:)

      මේ ගඟ මේ දුර කතර ගෙවා
      ඇයි මෙතනින් සයුරේ වැටුණේ
      මේ හැටි දුර පියමං කරලා
      ඇයි මම ඔබ ළග නතර වුණේ

      නිරංජලා සරෝජ්නී කියන්නෙ මතක ඇති කාලෙක ඉඳල මගෙ ප්‍රියතම කලා ශිල්පිනියක්...ගායිකාවක් වගේම ගුවන් විදුළි හඬ කැවීම් ශිල්පිනියක්...

      මේ ඇගේ මම කැමතිම ගීතයක්......:)

      මේ ගඟ මේ දුර කතර ගෙවා

      Delete
    3. //"දැං අර පේන්ට් බ්‍රෂ් හෝදපු වතුර එක නේද ඔය ගුඩු ගුඩු ගාල ගසල ඇරියෙ?"//
      රස්තියාදු ඇක්සන්ට් එක කිවුවෙ මේ කොටසට.

      හැමදාම නොවෙයි, වරක් දෙකක් එහෙම කමෙන්ට් වලට උත්තර නොදී හිටිය මතකයි. මම අයිති වෙන්නෙ ඉතින් අවුරුදු හතරයි මාස හයයි දවස් දෙකකට කලින් සිදු වුණු අතපසුවීම් නුත් හොඳට මතක තියන් ඉන්න අයගෙ කුලකෙට. :)

      //පැහැසරා ටෙලි චිත්‍රපටයෙ ඉන්නව මානවී කියල ගෑණු ළමෙක්..මේ දවස්වල ඒ ළමයට ලව් සීන් එකක් හින්ද පිස්සු හැදිල ඉන්නෙ...:)//

      පැහැසරා කියන්නෙ අර අක්කල නංගිල තුන් දෙනෙක් ඉන්න, පිරිමි යාදින්නෙ නැහැයි කියන පව්ලක් වටා ගෙවුණු කතාවද?

      Delete
    4. මානවී,

      අන්න හරි ඒ පිරිමි යාදෙන්නෙ නැති පවුලෙ කතාව තමයි..

      අක්කල නංගිල තුන්දෙනාගෙ නම් උපමාලි, මානවී සහ පැහැසරා....

      "තවුම්ය තඳ එලිය මගෙ පැහැතලා" කියල අර තේමා ගීතයක් එහෙමත් තියෙන්නෙ...හෙහ්,හෙහ්....

      Delete
  2. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/

    ReplyDelete
  3. ලොක්කයියෙ ලොක්කයියෙ, කෝමද රනිල් අංකල්ගෙ ඩාන්සෙක.

    ReplyDelete
    Replies
    1. Ano,

      ඇනෝ, කොහොමද ඒක? පිස්සුනේ?....බැඳුම්කර කොමිසං වාර්තාවෙ මිනිහගෙ නම නෑ කියල දැනගත්තම ගිය ආතල් එක තමයි ඔය.

      හැබැයි තව කතාවකුත් නම් තියනව.....:)

      අයිරාංගණී නැන්ද ඇහුවලු....."Oh my God My nephew, You sure are such a brilliant rascal....It seems even the commission report doesn't say anything about you...Please tell me, actually how did you do it?" කියල.

      ඒ පාර රනිල් කිව්වලු "It's not so difficult Aunty If you have a little brain...You just have to keep your head down and move around real silently.Then no one knows about you..Come to the dance floor I will show you..." කියල.

      ඊට පස්සෙ රනිල ඩාන්ස් එකකින්ම පෙන්නුවලු මිනිහ බැඳුම්කර වංචාව කරපු විදිහ නොහොත් ආඳා මාලු ඉරට්ටෙං කාපු විදිහ....

      Delete
    2. /// ඊට පස්සෙ රනිල ඩාන්ස් එකකින්ම පෙන්නුවලු මිනිහ බැඳුම්කර වංචාව කරපු විදිහ නොහොත් ආඳා මාලු ඉරට්ටෙං කාපු විදිහ.... ///

      තෝවනම් කොටියම කන්න ඕනේ... ;)

      Delete
  4. Thank you Ravi :)

    ලොක්කයියෙ ලොක්කයියෙ, කෝමද රනිල් අංකල්ගෙ ඩාන්සෙක.2

    ReplyDelete
  5. මොකක්ද අෆ්ෆා ලියන එක පොඩ්ඩක් දිගට ලියයන්ඩකෝ...
    එනවටත් පාඩුයි.

    ReplyDelete
    Replies
    1. මද්දා,

      පිස්සුද බොල?..මේ ගාන තමයි නියම ගාන..වැඩිත් නෑ අඩුත් නෑ..වචන 1200 - 1400 අතර..මම මේ අත්දැකීමෙන් කියන්නෙ..:)

      Delete
    2. සිදු වීම් අඩුයි වචන වැඩී.
      මට දැනෙන විදිය. (ලිව්ල්ල ගැනවත් බ්ලොග් කෙරුවාව ගැනවත් මෙලෝ දෙයක් නොදැන කියමි)

      Delete
    3. මද්දා,

      යස් එහෙම එකක්නම් තියනව තමයි...කතාව ඉස්සරහට යන්නෙ නැති ගතියක් වගෙ තියනව නේද?

      Delete
    4. ඒ වගේ එකක් දැනුුනා

      Delete
  6. සායං හෝදපු එක බිවුව මිසක් අර ගෙනාපු අටමගල් කෑවෙ නැද්ද?

    අනික මේක හොඳටම කෙටි වැඩියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අටමගල් කන්නෙ ඊලඟ කොටසෙ...:)

      /අනික මේක හොඳටම කෙටි වැඩියි./

      ප්‍රසන්න උඹත්?????

      Delete
    2. /// ප්‍රසන්න උඹත්????? ///

      ඌ විතරක් නෙමෙයි බොළ අපිත්...

      Delete
    3. Et tu,brute?....

      Delete
  7. /* "ඔව්..ඔව්.. මේ සති දෙකකට වගෙ උඩදි දවසක් කාර් එකේ යද්දි මට ඔහොම කතාවක් කිව්ව නම් තමයි.." */

    මරු සති දෙක! මට මතක අවුරුදු තුන හතරකට උඩදි වගේ! :D

    ReplyDelete
    Replies
    1. පිළිස්සූ කුකුළෙක් කන්නත් අවුරුදු ගානක් බලා හිටපු අපිට ඕව මොනවද.

      Delete
    2. මොනව කියනවද ප්‍රසා. අපි අවුරුදු දෙකක් පරණ කුකුළෙක් කෑවෙ අගේට.

      Delete
    3. සිත්තමී,

      අප්පේ කොහෙද බං එච්චර කල් ගියේ?...උඹල ගැන මං දන්නෙ නැද්ද? අතිසයෝක්තියට කප් ගහපු උදවියනෙ...

      දවසක් අම්ම කෙනෙක් පොඩි එකාට අවවාද කරනවලු..

      "මම උඹට දහකෝටි පාරකට වැඩිය කියල තියනව නේද කතා කරනකොට අතිසයෝක්තියෙං කතා කරන්ට එපා කියල..අනේ මන්ද උඹ මෙහෙම කතා කරන එක කොහෙං පුරුදු උනාද කියල.."

      Delete
    4. ප්‍රසන්න සහ හැලප,

      ඒ වුනාට බං ඒ කුකුළ නරක් නොවී තිබ්බනෙ යස අගේට..නැද්ද?

      Delete
  8. "බුම්මට්ට" තමයි නියම යෙදුම. ෆිල්ම් එකේ අනන්‍යගෙ අප්ප දැක්ක ගමං ඔළුවට එන්නෙ ඒ නම.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඔව්ව අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ වචන..තව ආතල් ද බ්‍රේව් වචන හත අටක සැට් එකක් තියනව උන්දැගෙ වොකැබියුලරි එකේ...හෙහ්,හෙහ්,

      Delete
  9. ///සති දෙක../// සතිදෙකේ කෑලිත් නෑ... මොකද මේ පොඩි පොඩි කොටස් ලියන්නේ... අර යෝදයා ප්‍රසන්ටේශන් එකත් හදාගෙන නිකන් ඉදීද දන්නැ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      නෑ නෑ ප්‍රසන්ටේෂන් එක හදල දෙනව..හදල දෙනව...

      Delete
  10. ඇමතීස්ට් එක ගැන කියවද්දි මතක් උනේ අඹේපුස්සෙ තානායම. ඒකෙත් බරාඳයෙ ඔය වගෙ කනප්පු දාල තියෙනව. යාළුවෙක කිව්ව ඒක කැප්ටන් ඩෝසන්ගෙ බංගලාවලු කියල. ඇත්තද දන්නෑ. කොහොමත් යටත් විජිත කාලෙ තිබුණු බංගලාවක්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      කැප්ටන් ඩෝසන් මැරිල තියෙන්නෙ 1829 අවුරුද්දෙ ..ඒ කියන්නෙ ඔය කතාව ඇත්තක්නම් අඹේපුස්ස තානායම් ගොඩනැඟිල්ලෙ වයස අවුරුදු 190 වගෙ වෙනව....

      Delete
    2. කොහොමත් ඔය තානායම් බහුතරයක් ඒ වගේ වයස වෙන පරණ ඒවා...
      අර අලි මරමරා රට වටේ ගිය කාලකන්ණි බේකරයා ඔය තානායම් ගැන හෙමත් විස්තර ටිකක් ලියල තියෙනවා...

      Delete
  11. සෙහ්.. කොහොම හිටපු ජෝඩුවක් ද මේ ඈ! 'දෑතම ගෙන සෙමෙන් සිප ගන්නත්' සිය ගණන් වියදම් කරලා සායම් වතුර බොන්න වෙලා ඈ! අපරාදේ IIT එකේම හිටියනං ඉවරයි ලොකු ලොකු රස්සාවලට එන්නේ නැතුව.. හෙහ්..

    ඒයි කිරිසෝ මේ.. මාමණ්ඩිව අල්ල ගන්නවානම් මේ සතියෙම වැඩේ ගොඩ දා ගන්න ඕනි.. වෙනද වගේ සති මාස ගණන් මේක නොලිය හිටියොත් ඒ චෑන්ස් එකත් අහක යනවා හරිය..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එව්ව එහෙම තමයි බං... කලින් කල පලින් පල කිව්වලු...හෙහ්,හෙහ්,

      Delete
  12. මදි මදි ... අදනම් හොදටම මදි

    ReplyDelete
    Replies
    1. සඳා,

      ඔව්..වොව්..වොව්..මදි නේන්නං..ඉඳහංකො ඊලඟ එකේවත් ටිකක් සලකල ලියන්ට...:)

      Delete
  13. මෙහෙමත් කෙල්ලෝ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...