Friday, January 19, 2018

559. පුවක් එෂැණිං 38 - කූම්බියෝ, ජෙප්පෝ, බයියෝ, චීවර දාරියෝ , බබලත්තු සහ මත්පැං....

සිරා ජනාදිපතිතුමා යහ පාලනයේ කසය අතට ගෙන සිටී.
යූඇම්පී අලියා කෝණංගියා (Joker) ගේ පාට් එකට ඇඳ
තුස්නිම්බූතව බලා සිටී.
Daily Mirror Cartoon By Namal Amarasinghe

මේ දවස්වල සී ලංකාවේ දේසපාලන වේදිකාව එකම නාඩගමකි. ලංකාවේ දේසපාලනය කියන්නේ කොහොමත් නාඩගමක්ය කියන සනාතන සත්‍යයක්වන කාර්ණාව එක මොහොතකට
 පැත්තක තිබ්බා උනත් මේ දවස්වල වෙන්නේ අහවල් අටමගලක්ද කියල හිතාගන්න එකත් ටිකක් විතර අමාරුය.

පළාත්පාලන චන්දෙ කටළඟටම ඇවිල්ල හින්ද හැමෝම දන්න තරං කස්තිරං අල්ලන්නෙ කොහොම හරි ඒකෙං වැඩිම චන්ද ගානක් ගන්ටය. චන්ද සටන අලියා, අත සහ පොහොට්ටුව අතර තුංකොං සටනක් බවට පත්වෙලාය. ඒ අස්සේ සීනුවත් ෆුල් ඩම් දමා සටනට බැස ඇත්තේය. 

පේස්බුක් එකේනම් බයියෝ දමාගෙන නෙලන්නේ ජෙප්පන්ටය. ඒ එක්කම අනික් අතට ජෙප්පොත් උඩ පැන පැන ගහන්නේ බයියන්ටය. පාරම්පරික ස්‍රී ලංකා නිදහස් පක්ස චන්ද ටික මෛත්‍රී සහ මහින්ද අතර බෙදිල ගියාම අනිවා අලියට පලවෙනි තැන ලැබෙන එක ෂුවර් කියලා කලිම්ම තීරණේ කොරලා හිටං දෙගොල්ල දෙවෙනි  තැනට මරාගන්නවාද නැත්නම් ජෙප්පන් කරන්නෙ අලින්ගේ කොන්ත්‍රාත් එකක්ද කියලා හරියටම කියන්ට බැරිය.

කොහොම හරි බයියොයි ජෙප්පොයි මරාගන්නා මරා ගැනිල්ල බලා ඉන්න එකත් මේ අපි වගේ අවසේස උදවියට මාරම ආතල් එකකි. ඔය දෙගොල්ලංටම අර රජ්ජුරුවංගෙ බෙල්ලෙ වහපු මැස්සා එලවන්ට කඩුවෙං කෙලලා ඇරපු වඳුරගෙං පැවත එන ජාතියෙ මරිමෝඩ අනුගාමිකයින් මදි නොකියන්ටම ඉන්නවාය.

මේ පේස්බුක් එකේ බයියංගෙ සහ ජෙප්පංගෙ විසූක දස්සන දකිනකොට මට මතක් වෙන්නෙම අර චාර්ලිස් ඩාවින්චි තුමාය. හරියටම කිව්වොත් එතුමාගෙ පරිනාම වාද තියරියය. ඒ තියරියෙන් කියවෙන්නෙ මනුස්සයා පැවතගෙන එන්නේ වඳුරාගෙන්ය කියලාය. ඒත් මගේ උන්ඩුකපුච්චේට කම්පනා වෙන විදිහට ඩාවින්චිගේ තියරිය හරියටම හරි නැත. මෙන්න මෙහෙම සංසෝදනය විය යුතුය. 

ඒකට අපිට මෙහෙම නමක් දිය හැකිය. ඩාවින්චිගේ පරිනාමවාද තියරිය (අතිගරු රවීතුමාගේ සංසෝදනය) කියාය. 

ඒ සංසෝදිත තියරිය නම් මෙහෙමය. "මනුස්සයා පැවත එන්නේ වඳුරාගෙන් විය හැක. එහෙත් ජෙප්පං බයියං සහ කූඹි ගුලේ කූඹිං පැවත එන්නේ මැස්සා එලවන්ට හිතාගෙන තමංගේ සුවාමියා වන රජ්ජුරුවංට කඩුවෙන් කෙටූ වඳුරාගෙංය."

ජෙප්පං සහ බයියං නම් හරිය. ඒත් එක පාරටම ඕල් ඔප් අ සඩ්න් කොහෙන්ද බොලේ මේ කූඹි ගුලේ කූඹිං මෙතනට ආවෙ කියල ඔබ තමුන්නාංසේලාට විචිකිච්චාවක් ඇතිවී ඇතුවාට සැකයක් නැත. ඒකට ක්ලැරිපිකේසං එක මෙහෙමය. කූඹි ගුලේ කූඹිංගේ හැසිරීමද මැස්සා එළවපු වඳුරු තෙමේගේ හැසිරීමට දෙවෙනි නැත. එවුං කරන්නේද කූඹියෝ උඩ දාන්ට පුල් ඩම් දමා ට්‍රයි කොට කූඹියෝ අපිට එපා කරවන එකය.

කූම්බි පෑංලාට අනුව මේ සකල ලෝක දාතුවේම මෙතෙක් කාලෙකට කූම්බියෝ වගේ කලාත්මක, සකල කලා වල්ලබ, සර්වාබරන විබූසිත, සුවප්න මෝචන, ආතල් ද බෙරේව් කලා කුර්තියක් බිහිවී නැත්තේමය. ඉස්සරහට බිහිවන්නේද නැත. ඒක එහෙමය! ඈවරයිය! දෑවරයිය!! තුං ඈවරයිය!!! ආය ඒ ගැන කතා කරන්ට එපාය!!! ඔය කතා මේ ඊයේ පෙරෙයිදා ඇටෙං පොත්තෙං එලියට ආපු උදවියට හොඳය. අපිට කියන්ට එන්ට එපාය. 

ජෙප්පෝ තමංගෙ පක්සේ නායක කාරකාදීං උඩ දමන්නෙත් එහෙමය. ජෙප්පංට අනුව උංගේ නායකයිං වනාහී ලබන ආත්මේ බුදුවන්නට නියමිත බෝදිසත්තයිංය. එවුංගේ මල පහ පවා චැනල් 5 විලවුන්සේ සුවඳ හමයි. එවුං කරන කිසිම කිසි දෙයක් වැරදි නැත. වරදින්නෙත් නැත. එහෙමය. මෙහෙමය. ආය ඒ ගැන කතා දෙකක් නැත. 

ඇත්තම කියනවානං අද චන්දයක් දෙන්ට කියලා හරි හමං පක්සයක් තියෙන්නෙ ජෙප්පෝ විතරමය. ඒක ගැන ආයේ කතා දෙකක් නැත. 

නීලකාසයා පරණ තක්කඩි රැලත් වටකරගෙන පොහොට්ටුවකුත් පස්චාත් බාගයේ ගසාගෙන චන්දෙ ඉල්ලමින් රට වටේ යන්නේය. රනිලා බැඳුංකර මඩවලේ නහය දක්වා ගිලීගෙන එලොවටත් මෙලොවටත් නැති බහුබූත කියවමින් සිටින්නේය. එහෙම බලනකොට චන්දයක් දෙන්ට හරි හමං පක්සයක් කියා තියෙන්නේ ජෙප්පංම විතරය. ඒත් වැඩේ වෙලා තියෙන්නෙ ඒ  පක්සේ උඩදාන මෝඩ අනුගාමිකයිංගේ වැඩ නිසා ජෙප්පංට චන්දයක් දෙන්ටවත් හිතෙන්නේ නැතය.

අපේ සිරා ජනාදිපතිතුමා ගැනනං කතා කරලාම වැඩක් නැතය. එතුමාට සුදුසුම අර කරගෙන හිටපු පරන රස්සාවය. මංගල බියර් බද්ද අඩුකරපු ගමං අනික් අතට සිරා බියර් බද්ද ආයම වැඩි කලේය. එහෙම කලේ මහා සංග රට්නේ සිවුරු කරට ගෙන සත්තම දාපු හින්දාය. මේ පහුගිය සුමානේ මංගල ආයම වරක් බබලත්තුංට බාර් එකකට ගිහිල්ල අරක්කු, විස්කි, බැරැන්ඩි මිලදී ගන්ට තිබුනු තහනම ඉවත් කලේය. ඒකටත් තරයි නිකායික මහා සන්ගරට්නේ සිවුරු කරට ගත්තෝය. සිරා ජනාදිපතිතුමා කලේ හැරෙන තැපෑලෙං ඒ තහනම ඉවත් කරගැනීම තහනම් කල එකය. 

මේ සිවුරුකාරයින්ට සහ එවුං කියන ඕනම මෝඩ කතාවක් එහෙයි කියල පිලිගන්ට සැදී පැහැදී ඉන්න දේසපාලුවංට නොතේරෙන දේ නැත්තං නොතේරෙනව වගේ ඉන්නා දේ නම් මෙතන බබලත්තුන්ට මත්පැං මිලදී ගන්ට ඉඩ නොදීමෙන් වෙන්නේ කාන්තාවන්ට තම ලිංගය (Gender) නිසා පුරුසයින්ට වඩා පහත් මට්ටමිං සලකන එක බවය. Gender Discrimination කියන්නෙ අන්න ඒකය. ඒක අද ලොව පුරා පිළිගන්නේ බරපතල වැරැද්දක් හැටියටය. ඒත් අපේ රට කරවන වාහෙලාට සහ උංට උපදෙස් දෙන සිවුරු කාරයින්ට එව්වා ගැන වගේ වගක් නැත.

මේ රටේ දියුණුවට දේසපාලක පකිරින්තුවන්ගෙන් පස්සෙ මූලිකම බාදාවක් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මල දානයක් නොදන්නා මේ ආගමික පූජකයින්ය. විසේසයින්ම චීවර දාරීන්ය. මෙවුං හිතාගෙන ඉන්නෙ කහ කඩේ කරට වැටුනත් එක්කම සියල්ල දත් මහා ඥාණයක් එකෙනෙහිම පහල වෙනවාය කියලාය. ඒ එක්කම ටයිටලෙත් සෙනයකිං වෙනස් වෙනවාය කියාය. 

ඕනම ගස් ගෙඩි කඩපු කම්බා හොරෙක් සිවුර දාගත්තු ගමං ඒ යක්සයා සෙනයකිං මහා සන්ගරට්නේ වෙනවාය. ඊට පස්සෙ රටේ ලෝකෙ අවසේස ගිහි උදවිය සියලු කටයුතු කල යුත්තේ අර සිවුර පෙරව ගත්තු තක්කඩියාගේ උපදෙස් අනුවය. ඒ වගේම නායක කාරකාදීන් රට පාලනය කල යුත්තේද එටුමාගේ උපදෙස් අනුවය. එහෙම නැත්තං බබී සමඟ බබීගේ අම්මාද සුංය.

දෙයියම්පල්ල "අනේ උන්නාන්සේලා...කරුණාකරලා ආන්ඩු කරන එක අපි කරගන්නම් ඔය කට්ටිය සාසනේ ගැන බලාගෙන බන බාවනාවක් කරගෙන මිනිස්සුන්ට හරි මඟ පෙන්නාගෙන ඉන්ටය"  කියල කෙලිම්ම කියන්ට පුලුවං හරි හමං එක නායකයෙක් කියන එකෙක් අපිට නැති එක ගැන දුක් වෙනවා ඇරෙන්නට වෙන කරන්ට දෙයක් නැත්තේය. 

මං එහෙම  කිව්වට නායකයො කියන උදවියටත් ආන්ඩු කරන එක ගැන මේ ලෝකෙ දැනුමක් නැති බව ඇත්තය. ඒත් අඩුමගානෙ ඒ යක්කු රටේ ජහමනයා විසින් ඒ රාජකාරියට පත් කරගත්තු එවුංය. හොඳට හෝ නරකට ඒක එහෙමය.

පලි - ඉස්සෙල්ලම කොන්ද පන ඇතුව වැඩක් කරන්ට දත කන මංගල ලොක්කට සහ ඊට පස්සෙ තම අයිතිවාසිකම් වෙනුවෙන් ඕන මඟුලක් කියල පාරට බැහැපු සමනලී ඇතුළු කන්ඩායමට මගේ විප්ලවීය උත්තමාචාරය...

25 comments:

  1. //දැන් ඔබතුමා හිතන් ඉන්නේ මේ මනුස්සය ක්‍රිෂ් ගෙ කතාව ලියන එක නැවැත්තුවොත් අර කතා ඔක්කොම එක සීරුවට වරහන් වහල ඉවර කරාවි කියලද? ඔන්න එතකොට තමයි ක්‍රිකට් ගැනයි, පුවක් ගැනයි ලියන්නෙ. එහෙම නැත්නම් අලුත් කතාවක් පටන් අරන් ආයේ හැමෝම කරකවල අත අරීවී.//

    64 මායමත් ඕන, සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවට මේ කතාව අහලම ඩෝප් වෙලාද නැත්තන් හැටිද?

      Delete
    2. Maanavi,

      /64 මායමත් ඕන, සමහර වෙලාවට./

      Agreed...Probably more often than not...:)

      Delete
  2. "අනේ උන්නාන්සේලා...කරුණාකරලා ආන්ඩු කරන එක අපි කරගන්නම් ඔය කට්ටිය සාසනේ ගැන බලාගෙන බන බාවනාවක් කරගෙන මිනිස්සුන්ට හරි මඟ පෙන්නාගෙන ඉන්ටය"
    Ammapa sahathika aththa! Oya kathawata mamath seeyata seeyak ekangayi.

    ReplyDelete
    Replies
    1. සරත්,

      කියල වැඩක් නෑ බං...චීවර දාරීන්ගෙන් 99% ක්ම එක්කො මුදලාලිල, එක්කො මොකක් හරි දේසපාලන පක්සෙකට කඩේ යන එවුං එහෙමත් නැත්තං නීලකාස හොරු...මේ ජනවාර්ගික අර්බුදය මේ තරමට දරුණු වෙනකල් මේ ගණයො මොකක්ද කලේ සංහිඳියාව වෙනෙඋවෙන්...ඇවිලෙන ගින්නට තවත් තෙල් දැම්ම මිසක..

      Delete
    2. ජනවාර්ගික අර්බුධදයක් ලංකාවේ තිබුණා නම් දෙමළ ජනතාවගෙන් 50% කට වඩා දකුණේ ජීවත් වෙන්නේ කොහාමද?
      කොළඹ අගනගරයේ ව්‍යපාර බහුතරයක් හිමි කාටද? එල්.ටී.ටී.ඊ. එක දෙමළ නායකයො කීදෙනෙක් ඝාතනය කළා ද?
      ඇවිලෙන ගින්නට තෙල් දැම්ම නම් ශ්‍රී මහ බෝධියට/ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල වුනාම ඇති වන තත්ත්වය මොන වගේ වෙයිද?
      ගම්පොල කඨින පෙරහැරට මුස්ලිම් පල්ලියේ මද්රසාවේ ඉදන් ගැහුවම මොකද වුනේ?
      1833 සිට දේශපාලන ප්‍රතිසංස්කරණ වලින් සිංහලයාට සිදුවු අසාධාරණය හා දෙමළාට ලැබුණු අසීමිත බලය මත පදනම් ව 50 ට 50 බලයක් ඉල්ලු දෙමල ජාතිවාදීන් හා 1983 කඵ ජුලිය මෙහෙය වු යූ.ඇන්.පී. බත් බැලයන් හා එය වර්ධනය වීමට ඉඩ හැර යුද්ධය වවා ගෙන කෑ ජේ.ආර්. ප්‍රේමදාස චන්ද්‍රිකා මෙයට වග කිව යුතුයි.... 83 කළු ජුලියෙන් පසු සිංහල ගම් බිම් සිය ගණනක ජනතාව කපා කොටා මරා දැමු කිසිදු අවස්ථාවක ජාති වාදි සිදු වීමක් වුවාද? දේශපාලකයන් ගේ වැරදි සංඝයා පිටින් යැවීම හා නිග්‍රහ කිරීම වෙනුවට ආධාන ග්‍රාහි චින්තනයෙන් මිදී බුද්ධිමත්ව සිතන්න.

      Delete
  3. //මෙවුං හිතාගෙන ඉන්නෙ කහ කඩේ කරට වැටුනත් එක්කම සියල්ල දත් මහා ඥාණයක් එකෙනෙහිම පහල වෙනවාය කියලාය.//

    +++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ආය මොනවද ඒ සෙනේකින් උන්දල මහාසන්ගරට්නේ බවට පත්වෙනව...ඕනම උගත් බුද්ධිමත් ඥාණවෘධ ගිහියෙක් උන්දලට යටයි ඒ මොහොතෙ ඉඳල..කාටද මෙව්ව කියන්නෙ ඉතිං...:)

      Delete
  4. කූඹියෝ බලලාත් නැත. වඳුරු රිලා නැටුං ( ප්‍රවුත්තිවල හැර ) බලන්නේත් නැත.
    ලඟදී වුන එකම හොඳ දෙය බියර් අඩු කිරීම පමණි. ඒකත් කොයිවෙලාවේ වෙනස් කරයිද දන්නෙ නැත.අඩුකල එකා මොන පැත්තෙන් චන්දය ඉල්ලුවත් මං දෙන අතර ඒක වෙනස් කල එවුන්ට දෙන්නේ නැත.

    කාන්තාවන්ට මද්‍යසාර කටයුතු හොඳද නැද්ද යන්න පුද්ගලික මට්ටමෙන් ඔවුන් තීරණය කල යුතුය. කාන්තාවන්ට හා පුරුෂයින්ට ඒ ජාතියේ වෙනස් නීති තිබීම ව්‍යවස්ථාවට පටහැනිය.

    ReplyDelete
    Replies
    1. පූජකයින් හා දේශපාලකයින් දෙගොල්ලොම මෝඩ මිනිසුන් රවටන පරපෝෂිතයින්ය. එයින් දේසපාලකයින් චුට්ටක් විතර හොඳ වෙන්නේ උන් ටිකක් හරි චන්දයටවත් බය නිසාය.

      Delete
    2. රෑ 10 වෙනකල් බාර් අරින තීරණය වෙනස් කරපු එකට සමස්ත ලංකා ගල් බලකාය වෙනුවෙන් අපේ වරෝධය ප්‍රොකාශ කරන්න කැමතියි.

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    3. මං හිතන්නෙ දේසීය සුලු හා මද්‍ය කසිප්පු ව්‍යාපාරික මහතුංගේ චන්ද ගැන හිතලා ගත්ත තීරණයක්.

      Delete
    4. Pra,

      /ලඟදී වුන එකම හොඳ දෙය බියර් අඩු කිරීම පමණි. ඒකත් කොයිවෙලාවේ වෙනස් කරයිද දන්නෙ නැත./

      මංගල බියර් බද්ද අඩු කරපු එක සිරා ආයෙම වැඩි කලා නේද? මට එහෙම මතකයි වගේ...

      /පූජකයින් හා දේශපාලකයින් දෙගොල්ලොම මෝඩ මිනිසුන් රවටන පරපෝෂිතයින්ය. එයින් දේසපාලකයින් චුට්ටක් විතර හොඳ වෙන්නේ උන් ටිකක් හරි චන්දයටවත් බය නිසාය./

      එකඟයි..කහකඩේ කරට දාගත්තම ඒක For lifetimeනෙ...ඒකයි කහකඩ කාරයො වඩා බයානක...

      Delete
    5. ප්‍රසන්න,

      /රෑ 10 වෙනකල් බාර් අරින තීරණය වෙනස් කරපු එකට සමස්ත ලංකා ගල් බලකාය වෙනුවෙන් අපේ වරෝධය ප්‍රොකාශ කරන්න කැමතියි./

      ඒ තීරණයට මම විරුද්දත් නෑ එකඟත් නෑ..මට හිතෙන්නෙ ඒකෙන් වැඩි වෙනසක් වෙන්නෙ නෑ...

      Delete
  5. Replies
    1. Prasanna,

      අහවල් දේකටද බොල හා?

      Delete
  6. දේශපාලක ගොබිලෝ ඔය ජූජක ගොබිලොන්ට වඩා ටිකක් හරි හොඳයි.. මොකද උන්ට බලේ තියෙන්නේ කාලෙකට විතරයි අනිත් ටිකේ යහතින් (වගේ) ඉන්නවා අර යක්කුන්ට හැමදාම චීවරේ බලේ.. උන් කියන කියන විදියට අපි වැඳගෙන ඉන්නොනි.. නෙද්දකින්.. හරි හමන් සාදු කෙනෙකුටවත් ගරු කරන්න හිතෙන්නේ නෑ මේ විගඩන් නිසා..

    කුඹියෝ (තවම) නොබලපු එක ගැන දැන් දැන් දුක අඩුයි..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      /නෙද්දකින්.. හරි හමන් සාදු කෙනෙකුටවත් ගරු කරන්න හිතෙන්නේ නෑ මේ විගඩන් නිසා.. /

      ඒකනං සහතික ඇත්ත බං..මේ හොර හැත්ත හින්ද හැම සාදු කෙනෙක් දිහාම බලන්න වෙලා තියෙන්නෙ වපරැහිං...

      /කුඹියෝ (තවම) නොබලපු එක ගැන දැන් දැන් දුක අඩුයි./

      බලපං බලපං..ඇත්තටම කූඹියෝ හොඳ නිර්මාණයක්..

      මම අර කිව්ව වගෙ ජේවීපී එකටයි කූඹියන්ටයි දෙකටම වෙලා තියෙන්නෙ එකම සන්තෑසිය..මෝඩ වඳුරු මොඩල් එකේ අනුගාමිකයො හින්ද එපා වෙලා තියෙන්නෙ..

      Delete
  7. මේ රට කරවන්නේ පූජකයින්, කේන්දරකාරයින්, කපුවන් සහ මදාවියන්. චන්දෙ දෙන්න අදහසක් නෑ. දුන්නොත් ජෙප්පන්ට දෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

    කූඹියෝ කාලෙකින් දැක්ක හොඳ කතාවක්. ඒ ගැන විවාදයක් නැත. බුකියේ නැති නිසා කූඹි ෆෑන්ලා ගැන අදහසක් නෑ. මංගලගේ කොන්ද පණ කෙසේ වෙතත් වර්තමාන දේශපාලන ගේම් කාරයින්ගෙන් අංක 1 මංගල බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. Udaya,

      /මේ රට කරවන්නේ පූජකයින්, කේන්දරකාරයින්, කපුවන් සහ මදාවියන්. චන්දෙ දෙන්න අදහසක් නෑ. දුන්නොත් ජෙප්පන්ට දෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි./

      කරුණු දෙකටම එකඟයි...

      /මංගලගේ කොන්ද පණ කෙසේ වෙතත් වර්තමාන දේශපාලන ගේම් කාරයින්ගෙන් අංක 1 මංගල බවයි මගේ අදහස./

      වෙන්නත් පුලුවන්..දේශපාලනය කියන්නෙ කොහොමත් ගේම් එකක්නෙ. ඒත් අද ඉන්න දේශපාලකයො අතරින් මම මංගලට කැමතියි...:)

      Delete
  8. ලෝකය රඟ මඩලකි. අපි එහි නළුවන් වෙමු
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය,

      ඕක කිව්වයි කියන්නෙ විලියොං සීක්කුපේරුගේ කියල ඔය මාතර පැත්තෙං සුද්දංගෙ නැවක නැඟල එංගලන්තෙට ගිහිල්ල එහෙ පදිංචි වෙච්චි කොළු ගැටයෙක්ය කියනව නේද?...:)

      Delete
  9. හැමදාම එකම රවුමේ කැරකෙනවා බං අපි... කුඹියෝ මරු කතාව. මාසයක් විතර නොබලා ඉඳල යු ටියුබ් එකෙන් වන්ෂොට් බලනවා. එතකොට ෆිල්ම් එක වගේ හෙහ් හෙහ්...

    වෙන ලස්සන කතාවක් ලියන්න කාලේ හරි නේද?

    ReplyDelete
  10. ඔන්න රවියා කූඹි පෑන් කෙනෙකුට තද වෙන කතවක් කිව්වා. ඔය මගේ බ්ලොගේ පැහැදිලිව ලියල තියනවා තේරුනේ නැත්ද මන්ද මේකට? කොහෙද ඩුබායි වල වල් පල් බල බල ඇති. ඔය අපි බලන රේ ඩොනවන්, බ්ලැක් ලිස්ට් (ඉස්සුවේ ගස් ලබ්බ ගෙන් ) , මැක් මාෆියා, ඇතුළු මෙකි නොකී ගේම් කාරයන්ගේ සිරා ගේම් සීන් එක්ක හොඳ රඟපෑම් තියන වෙන සිංහල ටෙලි නාට්‍යයක් කියහන් බලන්න. ඒ කියන්නේ අරව බලල පුරුදු එවුන්ට මේක හොඳ එකක් . (මම හැබැයි අර පැරිසියට යන පාර කියන එකත් බලනවා. අර පොලිස් අන්කල් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එක්ක ගජේ ගහන ).
    ඔය ප්‍රා කියන මනුස්සය බලන්නේහැරිම බෝරින් අර අගතා ක්‍රිස්ටි ගේ පරණ කතා ටිකනේ බන්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...