Sunday, February 4, 2018

563. පුවක් එෂැණිං 39 - හැත්තෑවෙනි නිඩහස් ෂමරුව සජීවී විෂ්තර පොචාරය…

ඔව් ප්‍රියාදර දයාබර අසන්නනි, නරබන්නනි, දැන් මේ අවස්තාවේ අප ඉදිරියෙන් සාඩම්බර ලෙස ඉදිරියට ඇදී යනවා...හැත්තෑවන නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන ඒ උත්කෘෂ්ඨ සංදර්ශනය....

පළමුවෙන්ම මම එක කාරණයක් කිව යුතුමයි. මේ නිදහස් උළෙලේ එක් සුවිසේසී අංගයක් හැටියට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබුනා යුවතියන්ගේ ලැට්ටොප් වන්නමක් සහ  ටෙලස්කෝප් නාඩගමක්. එහෙත් විසේසයෙන්ම සමාජ වෙබ් අඩවිවලින් නැඟ ආ විරෝධය සහ උසුළු විසුළු කිරීම් හේතුකොටගෙන එම අංගයන් මෙම උළෙලින් ඉවත් කොට තිබෙනවා.


නොමිලේ ලබාදීමට පොරොන්දුවූ වයි-ෆයි සොයමින්
ලැප් ටොප් එහා මෙහා ලෙළවමින් රංගනයේ යෙදෙන
යුවතියන් .......

බොහෝ දෙනෙක් පැවසුවා යුවතියන් එම ලැට්ටොප් එහාට මෙහාට වනමින් රංගනයෙහි යෙදෙනුයේ ලබා දෙන බවට පොරොන්දු වූ ෆ්‍රී වයි ෆයි සංඥාලැබෙනුයේ කොතනකදැයි සෙවීමේ අභිලාෂයෙන් බව. නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන එඩ්වඩ් කුමරා සමහරවිට මෙළෙස අසන්නටත් ඉඩ තිබුනා. 

"Hey excuse me ….what the fuck are those girls doing waving  lap tops all over the place?"

එඩා එහෙම ඇහුවනං මෙහෙම තමයි කියන්ට වෙන්නෙ...

"Your royal highness, they are just checking to see where they can get free Wi-fi that this Government promised during election time…"

"Ha..ha…ha.. You Sri Lankans are really a funny lot. I must tell mummy too when I get back..May be she would visit here for next year's independence..who knows?"

ඊට පස්සෙ අර තවත් යුවතියන් පිරිසක් එස් ලෝන් බට ඇහැට තියාගෙන හතර වටේට කැරකි කැරකි නටන සීන්ස් එක. 



යහපාලනයේ සේයාවක් හෝ දැක ගැනීමේ
අපේක්ෂාවෙන් දුරේක්ෂයන් භාවිතා කරමින්
හාත්පස නිරීක්ෂණය කරනා ළඳුන්....

ඒකට කියන්නෙ එස් ලෝන් වන්නම. එඩා ඇහුවොත් ඒ ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි...

"They are just searching for "Yaha Palanaya" using those telescopes Your highness....."Yaha Palanaya" means good governance. It was also a promise of this government when they were in the opposition.."

"Ha…Ha…Ha…this is hilarious.. I think you Sri Lankans are in a class of your own...."

ඉතිං මගේ දයාබර නරඹන්නනි, ඔය වගෙ අපහසුතාවයන්ට මුහුණ දීමේ ඇති අපහසුතාවය නිසාම එම අංගයන් දෙකම අද උළෙලින් ඉවත් කෙරුනා. ඒත් ඔබ තමුන්නාන්සේලාට කිසිසේත්ම කණගාටු වෙන්ට කාරණයක් නෑ. ඉදිරියේ පැමිණෙන මැතිවරණ වලදී නැවතත් ෆ්‍රී වයි ෆයි කෝළම සහ යහ පාලන නාඩගම යලි රඟ දැක්වෙනු ඇති.

මා ඔබට එම විතර ගෙන එන අතරවාරයේ මෙන්න අප ඉදිරියෙන් ඇදී යනවා ප්‍රදර්ශක රථ පෙළපාලිය. ඔව්ව්....එහි ඉදිරියෙන්ම ගමන් කරන්නේ සුනාමි කෝලම රඟ දැක්වෙන ප්‍රදර්ශක රථයයි. 

එහි රඟ දැක්වෙන ජවනිකාව මම ඔබට විස්තර කරන්නම්. රථයේ ඉදිරිපසින් විශාල ජල ධාරාවක් ගලා එනවා 2004 වසරේ අපේ රටට මහත් විපතක් කල සුනාමිය සංකේතවත් කරමින්. ගම්බිම් යට කරමින් මහත් විනාශයක් කරමින් දෙගොඩ තලායන ඒ මහා ජල කඳට ගොදුරුව දහස් ගණනක් මිනිසුන් ගැහැනුන් ළමා ළපටින් මිය යනවා. අහෝ ඔවුන් විලාප නඟන ආකාරය හද කම්පා කරවන සුළුයි.

සුනාමි ඛේදවාචකයෙන් පසු....

ක්‍රමයෙන් ඒ මහා ජල කඳ බැස ගිය පසු මෙන්න ඔබට දැකගත හැකියි විදේශ රටවලින් මහා විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙනවා. ඩොලර් මිලියන ගණනක්. 

කුරහන් සාටකයක් ගෙල වටා පැළඳි උඩු රැවුල්කාර පුරුෂයෙක් ඒ ආධාර මුදලින් වැඩි ප්‍රමාණයක් යටි මඩි ගසා ගන්නා ආකාරය නිරූපණය කෙරෙනවා දැන් ඔබට නැරඹිය හැකියි. 


තමන් සුනාමි වංචාවෙන් මහ උළුගෙදර යාමට නොදී
 
බේරාගත් අතිජාත මිතුරා සමඟ සිනාමුසු මුහුණින්
පසුවන හි.ජ.කු.පා.ම.  
පසුබිමින් ඇසෙන කන්කළු ගායනයට අනුව පාද තබමින් ගෙල වටා කුරහන් කරල් පැළඳි තරුණයින් රැසක් නර්තනයක යෙදෙනවා. මට සහතිකයි ප්‍රියාදර අසන්නනි, නරඹන්නනි ඔබටත් එම ගායනය දැන් අසන්නට පිළිවෙනි.

"තනම් දෙනත් තම් දෙනාත් තනම් දෙන සුනාමියක් ආවා..තක තෙයි සුනාමියක් ආවා…"

එයින් පසු එක වරම තාලය වේග රිද්මයකට මාරු වෙනවා...තරුණයයින්ද ඒ අනුව උඩ පැන කැරකී කරණම් ගසා හිප් හොප් නැටුමකට මාරු වෙනවා…

"දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා...අපටත් ලඟදිම හඳ පායනවා.. එදාට මම නොවැරදීම රජ වෙනවා...හායි හායි හිප්පි හායි හායි... "

ඒ ඔබ ඉදිරියෙන් ඇදීයන්නේ සුනාමිකෝළම රඟදැක්වෙන ප්‍රදර්ශන රථයයි...

මීළඟට ඔබ ඉදිරියට පැමිණෙන්නේ බැඳුම්කර නාඩගම නිරූපණය කරන ප්‍රදර්ශණ රථයයි............

31 comments:

  1. මේක නං හරියන්නෑ.අර අනන්‍යතාව එහෙම දැං මතකම නෑ නේද

    ReplyDelete
    Replies
    1. සුරා,

      තෝ නං වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වෙන විදිහකට කිව්වොත් දර්ශීය වලවෙට්ටුවෙක්, කළවැද්දෙක් සහ ඊට අමතරව හිපාටුවෙක්...

      අනන්‍යා ගැන දිගටම ලියද්දි මා පාරෙ එලෙව්ව රටේ ලෝකෙ අරක වෙනව මේක වෙනව ඒ ගැන ලියන්නෙ නැද්ද කියල අහ අහ..දැන් මෙහෙම කියනව..

      අම්මප අර යෝදිට කාඩ්බෝඩ් ලැට්ටොප් එහෙකුයි එස්ලෝන් ටෙලස්කෝප් එහෙකුයි ප්‍රදානය කරන්ට වටිනව උඹ වගෙ දිව දෙකේ කබරයෙක් එක්ක එක වහළක් යට ඉන්නවට

      Delete
  2. එක අතකිං මඩු වලිගය අරගෙන..
    බ්‍රෙසියර් නැති අඟනුන් තෝරාගෙන...

    ReplyDelete
    Replies
    1. Ano,

      /එක අතකිං මඩු වලිගය අරගෙන..
      බ්‍රෙසියර් නැති අඟනුන් තෝරාගෙන.../
      හිටං හුටං අපේ රෙද්ද කරට ගෙන,
      කඩුවක් ලෙලවයි කුණුහබ්බ කියාගෙන,

      Delete
  3. එස් ලෝං එකටයි ඊ විස් එකටයි නොමිලේ පබ්ලිසිටි ගන්න තිබ්බ චාන්ස් එක මේ බුකි පකිරින්තුවො ලෑස්ති වෙලා කෙලෝල දැම්මනෙ.

    දැං මේකෙ අන්තිම හරියට මියං කුමාර් කෑල්ලත් එනවද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මියං කුමාර්ගෙ දත් හරිම සෙන්සිටිව්ලු.ඉතිං එහෙම උනහම ඔය ඇඹුල් ජාති කන්ටම බෑලු දත් හිරිවැටෙනවනෙ.

      අර සාදු උදේ පාන්දරම ඇවිල්ල සියඹල ගුලියක් ගිල්ලෝනවලු හැමදාම. දෙතුං පාරක් "මට එපා ඕයි..." කිව්වලු අහන්නෙම නැහ්ලු..ඒ ගමන ඔය හොඬෙං හෙමීට තල්ලු කලාලු සාදුව අහකට. අනේ කරුමෙය කියන්නෙ සාදු වාරු නැතුව ගිහිල්ල ඇදගෙන වැටුනලු. සෙස්ස පස්සට...

      පලි - අන්න පේස් බුක් එකේ අරමුදලක් එකතු කරනව මියං කුමාර්ව ඉල්ලන ගානක් දීල ගන්ට. ඒ කරල එයාලගෙ ලෑස්තිය මියං කුමාර්ව පාර්ලිමේන්තුවෙ ප්‍රධාන ගේට්ටුව ගාව බැඳල තියන්ට.

      Delete
  4. මොන 70ද රවියෝ, තවම 30යි, ඉලක්කන් නොවරදින කෙනෙකුයි කිවේ. කාල වකවානුවේ විදිහට වීරයා ජූනියස් රිචඩ් වෙන්ටොන.

    ReplyDelete
    Replies
    1. ඇණේ,

      30ක් නම් 1988 නේද? එහෙමනම් ජූනිසා නෙවෙයි අපේ සත පහ නේද ඒ කාලෙ වැඩ්ඩා?

      Delete
    2. මොකක්ද මේ 30 කතාව

      Delete
    3. අජිත්,

      ඒ අපේ සිරාගෙ Brain Fade Moment එක මචං...හෙහ්,හෙහ්,

      Sri Lanka President alludes to 30 years of true independence
      By Our Political Correspondent

      Feb 04, 2018 13:09 PM GMT+0530 | 0 Comment(s)
      ECONOMYNEXT -

      It may have been a slip of the tongue, but President Maithripala Sirisena alluded to Sri Lankans being robbed of at least 40 years of freedom since British colonial rulers left in 1948.

      In his address to the nation broadcast live over national television, President Sirisena referred to 30 years of independence, instead of 70 as mentioned in the invitation sent out to the Queen and other guests who showed on Sunday.

      "Today we proudly remember and mark 30 years of independence since ending colonial rule," Sirisena said as Prince Edward and his wife Sophia represented the Queen, the head of Sri Lanka's former colonial ruler Britain.

      If the nation thought they misheard, the President, for good measure, repeated that the country was marking the historic occasion of 30 years of independence which suggests true freedom was won in 1988, the year he campaigned for a seat in Polonnaruwa, entering Parliament for the first time in 1989.

      Sirisena was reading off a tele-prompter at Sunday's independence celebrations, and it is not clear if the script writer mixed up 70 and 30 or a short-sighted president misread the text.

      But, the message he delivered had many pondering if the President was actually trying to send a more meaningful message on the independence anniversary to reflect on true freedom.

      Last week, Sri Lanka was ranked among the 10 worst countries for personal freedoms in a global index of human freedom. Sri Lanka was even behind Zimbabwe. In fairness, the survey reflected data up to 2015, just before Sirisena's administration could get down to work. (COLOMBO, February 4, 2018)

      https://www.youtube.com/watch?v=r5Dy1Gacxic

      Delete
  5. අද මම උත්සවේ අන්තිම වෙනකම් බැලුවා බැරිවෙලා හරි ලැප්ටොප් නැටුම දාල ද කියල.. අපරාදේ ආතල් කුඩු කරලනේ...

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      උඹල දෙන්නට තිබ්බෙ බොලාගෙ ලැට්ටොප් දෙක අරගෙන උඩ දදා නටන්ට...

      ලැප්ටොපක් මිලදී රැගෙන මම,
      ලැප රැගෙන අහසට දමන මම,
      වත් පොතට ඉන් පිවිසෙමී,
      වියුණු ලොවටත් පිවිසෙමී..

      Delete
  6. අර අයිටම් දෙක කැපුවෑන් නිදහස් සොමිය චකබ්ලාස් වෙලා ගියා බං. මොකෑ විස්තරේ මගින් නැවැත්තුවේ.

    ReplyDelete
    Replies
    1. //මොකෑ විස්තරේ මගින් නැවැත්තුවේ.//

      මම හිතන්නෙ රවියටත් හොරෙන් ෂැඩූල් එක වෙනස් කරල.

      Delete
    2. හැලප සහ ප්‍රසා,

      ඊලඟට එන්නෙ බැඳුං කර නාඩගම පෙන්නන ප්‍රදර්සන රතේ...

      බැඳුං කරේ ගැන කලිං අනන්ත ලියලත් තියනව. අනික හෙට අනිද්ද ආයම ලියන්ටත් හිතාගෙන ඉන්නව. ඒ හින්ද එතනිං එහාට ලිව්වෙ නෑ...:)

      Delete
  7. හප්පා ... ඒක මරු කෝලම් දෙකක්නේ.. ඉතිහාස ගත වෙන්න තිබුන අවස්ථාව රජය මිස් කර ගෙන...

    ReplyDelete
    Replies
    1. අරු,

      අනෙ අප්පේ මොනව කියනවද? හොඳම අවස්තාවක් ආන්ඩුව නැතිකරගත්තෙ....

      Delete
  8. මං හිතුවේ ඒ ලැප්ටොප් අරගෙන නටන්නේ බ්ලොග් නාඩගම කියායි

    ReplyDelete
    Replies
    1. ඒක මාර්තුවෙ

      Delete
    2. රසික,

      අන්න බලන් සකි,
      මෙන්න බලන් සකි,
      බ්ලොග් කෝලම වඩිතෙයි,
      සබයට....
      බ්ලොග් කෝලම වඩිතෙයි..
      තෙතෙයි තෙයි,
      බ්ලොග් කෝලම වඩිතෙයි...

      Delete
    3. ඇනෝ,

      +++++++++++

      මේ පාර මාර්තුවෙ නැහැල්ලු බං..:(

      Delete
  9. ඔය ලැට්ටොප්, ටෙලස්කෝප් නැටුමට තිබ්බා ලොකු අභ්‍යන්තරයක්.... නිදහස බොහොම දුරයි.. පියවි ඇහට පේන්නෙ නෑ... ඉතින් කට්ටියක් ටෙලස්කෝප් එකෙන් හොයනවා නිදහස... එතකොට තව කට්ටියක් ලට්ටොප් එකෙන් ඉන්ටනෙට් ගිහින් නිදහස හොයාගෙන... ඔන්න ඔය අදහස තමයි එතන තිබ්බේ... මේ යක්කු ඒක අහක් කලානේ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      කිව්වත් වාගෙ ඒකද දන්නෙ නෑ ඒ නැටුමෙ අර්ථය...ෂෙහ් එහෙමනම් හරිම අපරාදෙනෙ....:(

      Delete
  10. eka hodai... ara awurrudu 30 kathawa mokakda//

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      ඇයි බොල 70 වෙනි නිදහස් උලෙලෙදි අපේ ජනාධිපතිතුමා කිව්වනෙ නිදහස හම්බවෙලා ගතවුනේ අවුරුදු 30 යි කියල...:)

      Delete
  11. ප්‍රවෘත්ති ප්‍රකාශයේ මුල් හරියේ තිබ්බ සමබරතාවය බිඳලා පුරුදු පරිදි මරාටම තලලා නවත්තපු එකට මගේ විරෝධය...

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      මටත් මහ පුදුමාකාර වැඩක් නෙව මලේ වෙලා තියෙන්නෙ...මේ එ.ප.හි.ජ.කු.පා.ම. ගොයියගෙ පොළොස් ගෙඩියක් වගෙ තියන මූණ දැක්කත් ඇති මල පනිනවනෙ බං..බෙහෙතක්වත් ගන්ට වෙයිද මන්ද...:(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...