Wednesday, February 21, 2018

568. පුවක් එෂැණිං 42 - බ්‍රේකිං නිවුස් නාඩගම සහ බයියංගේ ජයග්ගරහනිය කණපිට හැරවීම....


පළාත් පාලන ඡන්ද විමසීම අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ගය
යහපාලන මාර්ගයේ ඉදිරියට ගමන් කීරිම පමනක් බවද
ඊට අන් විකල්පයක් නොමැති බවද මේ කාටූනයෙහි දැක්වේ.
- Cartoon By Namal Amarasinghe

රනිලා මහ අවාසනාවන්තය කියල කිව්වට එක අතකින් බැලුවම මිනිහගෙ වෙලාව නම් මාරයි. බැඳුංකර කේස් එකට කරමුලින්ම මාට්ටුවෙලා හත්පොලේ ගාගෙන ගඳ ගගහ හිටිය මනුස්සය. දැන් ඔන්න අන්තිමට මේ යකා නැතුව බැරි ගානට ඇවිල්ලයි කියමුකො. අර කෝටිපතියෝ ටෙලියෙ ලාරා කුමාර කියනව වගෙ "කොහොමද ඒක?"

අන්තර්ජාලයෙ පැලපදියං වෙලා ඉන්න පෙබුද්ද පෙරේක්සක ජනටාව නම් මං හිතන්නෙ කෝටි පතියෝ ගැන දන්නෙවත් නැතුව ඇති. දැං යන රැල්ල ඒකනෙ....දෙවෙනි ඉණිම, කෝටි පතියෝ, පිණි ගැන එහෙම දන්නෙවත් නැහැයි කියල ඔලුවෙ අත ගහල දිවුරන එක....නිකමට වගෙ අහල තියනව උනත් ඒ ගැන කතා කරන එකත් පංච මහා විලි ලැජ්ජාවෙං එකක් එහෙමත් නැත්තං පංචානන්තර්ය පාපකරුම වලට එකතු වෙච්චි හයවෙනි එකය කියල තමයි ඒ සිරා කස්ටිය හිතාගෙන ඉන්නෙ. 

ඔය ප්‍රබුද්ද කූම්බි ප්‍රේක්සකයිංගෙ සීන්ස් එකත් එක අතකට බලන කොට අද රටේ දේසපාලනේට වෙලා තියන දේට සමානයි කියලත් කියන්ට ඇහැකියි. ඒ කිව්වෙ දැං මෙහෙමයි. මම අර කලිං පාරකුත් කිව්වනෙ කූබි ඕනවට වඩා උඩ දාන එකං වෙන්නෙ එපාම වෙන එක කියල. ඔබ තමුන්නාංසේලාට නං කොහොමද මංද අනේ මටනං එහෙමයි. ඕනම දෙයක් ගැන ඕනවට වඩා මට කියන්ට ආවොත් මට එපාම වෙනව.

ඉතිං කූම්බි සීන් එක වර්තමාන දේස පාලනේට පෑහෙන්නෙ මෙහෙමයි. දහවෙනිද තිබ්බ ගංසබා චංදෙං මරාගෙ පොහොට්ටුව දින්නනෙ. සීයට පනහක් නොගත්තතත් දින්න. ඒක පිලිගන්ට එපාය. ඒත් මෙන්න බොලේ "ඔන්න කණෝ පිනුං" කිව්ව වගෙ මරාගෙ නීලකාසයො ටික රෙදි කරට ගත්තෙ නැද්ද මහ චන්දයක් ඕනය නැත්තං පොහොට්ටුවෙ ආන්ඩුවක් පිහිටුවන්ට ඕනය කියල. 

අර මැදමුලනෙ බත් බැලයො තුන් දෙනා තමයි පෙරහැරේ මුලිම්ම ආවෙ සලු පාලිය නටාගෙන. පචායුදේයි වාසුදේවයි එතනිං ගිහාම දිනෙස් ගොයියයි. දෙයියම්පල්ල ඔය වාසුදේව කියන කූතාඬියා කාලයක් මම කැමතිම දේසපාලන චරිතය වෙලා හිටිය කියල හිතෙනකොට තමයි සිරා හම්බවෙන්ට ගිහිල්ල අර මඩු වලිගෙ ඉල්ලගෙන මයෙම පස්චාත් බාගෙට හත අටක් තලා ගන්ට හිතෙන්නෙ.....මේ ඇත්තමයි!

ඔය සට්ටබියො තුන්දෙනා ඔච්චරම බෑඟිරි ගහන්නෙ වෙන මොකවත් හින්ද එහෙම නෙවෙයි උං දන්නව නීලකාසය ඇරෙන්න උංට වෙන කිසිම කිසි පිහිටක් නැතෙයි කියල. අනික දිනෙස් සහ වාසිදේව කොහොම වෙතත් මෝඩවංසය නම් ඉන්නෙ වැලිකඩ බිහිදොර අබියස. පාස්පෝට් කේස්, හොර අයිඩෙන්ටිටිකාඩ් කේස්, වාහන කේස්, ගෙවල් කේස් එකතු උනහම ඒ යකා දන්නව සෑහෙන කාලෙකට මහ උලු ගෙදර යන්ටම වෙනවයි කියල. ඒකනෙ ඔය හිරලෙ පාත්වෙනකල් කෑගගන්නෙ කටත් අප්පල්ලෙ වගෙ බලියගෙන.

ඉතිං පොහොට්ටුවංගෙ මේ කැම්බැල්ලයයි එතනිං ගිහාම අර සිරසෙ එවුං රනිලා එලවන්ට නටන නරි නාටකයි දැක්කම මිනිස්සුංට උනත් හිතෙන්ට ගත්ත යකෝ මේක හරි වැඩක්නෙව....මේ ගංසබා චංදෙ පැරදුනයි කියල අගමැති අයිං වෙන්ට ඕනද? මේක මාර කෙලියක්නෙ..එතකොට පොහොට්ටුවන්ටයි මහාරාජටයි ගිය රට එහෙනං ඈ? කියල. 

ඇත්තටම සද්ද වහල ටිකක් හිටියනං සම්ටයිම්ස් යූ ඇන්පී එකේ ඇතුලෙම්ම රනිල අයිං කරන්ට විරෝධයක් එන්ට තිබ්බ. මේ මල විකාරෙං උනේ යූඇන්පී එක ඇතුලෙ රනිලට තිබ්බ සපෝට් එක එහෙම නැත්තං අර බිගේඩියර් සිරිසගබෝ ගෙ අනුගාමිකයො කියන විදිහට ගැම්ම ආයම වැඩි වෙච්චි එක කියලයි මට හිතෙන්නෙ. 

ඇත්තම කිව්වොත් මට නම් අවංකව එහෙම හිතිලයි තියෙන්නෙ ඔන්න ආය අර අහවල් දේකටය බොරුවක් මුසාවක් කියන්නෙ. පහුගිය පෝස්ට් එකේ මම කිව්වනෙ රනිලා අයිං වෙන්ටම ඕනය කියල. ඒත් මේ වෙනකොට මම ඒ ස්තාවරෙං අයිං වෙලයි ඉන්නෙ. ඒ කිව්වෙ නීලකාසය නටන නැටිල්ලට මට නිකං බයක් වගෙ හිතෙනව මේ වසවර්තිය ආයම ආවොත් මොනවයිං මොනව වෙයිද කියල. ඒ හින්ද මේ වෙලාවෙ රනිල්ව අගමැතිකමේ තියාගෙනම ඉස්සරහට එන අවුරුදු දෙකේ රට පාලනය කරන එක හොඳයි කියලයි මට දැං හිතෙන්නෙ.

ඒ කියන්නෙ කොටින්ම වෙන මොකවත් නෙවෙයි බැඳුංකරේ මහ මොල කාරය උනත් මේ වෙලාවෙ මරා ප්‍රමුක නීලකාස නඩේ ආන්ඩුවක් පිහිටවීම වලක්වන්ට පුලුවන් රනිල්ට විතරක් නම් රනිලා රැකගන්ට ඕනය කියන එකයි මගේ ස්තාවරය. මොකද මම කලිනුත් කිව්වෙ මේ පට්ට හොරු ටික දඟලන දැඟලිල්ල මට කොහෙත්ම අල්ලන්නෙ නම් නෑ. 

හැබැයි එකක් තියනව....ඉක්මං උනා වැඩියි කියල නීලකාසයටත් තේරිලාදැයි කොහෙද...හෙහ්..හෙහ්...ඊයෙ මම දැක්ක කියනව විපක්ස නායක කම තිබ්බොත් ඇතිය කියල...දැං දන්නව කීයටවත් සිරා අගමැතිකම නම් දෙන්නෙ නැහැය කියල.

දැං සිරාටයි රනිලටයි තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි කරපු මෝඩකං දෙන්නට සරියේ තවත් මෝඩකං නොකරං මරියේ කියල සමාදාන වෙලා 2015 චන්ද දෙකකිම්ම දුන්නු ජනවරමක් තියනවනෙ. අන්න ඒ ජන වරම අනුව කටයුතු කොරන්ට. 

ඒ ජන වරං දෙක දුන්නෙ කෙලිම්ම ආය වෙන දේකට නෙවෙයි නීලකාසයගෙ කාලෙ හොර මැරකං කරපු තක්කඩි රංචුවම අල්ලල කූඩු කරන්ට. එතකොට විනිවිද බාවයෙන් යුතු නව පාලනයක් ඇති කරන්ට. යහ පාලනය කිවෙත් ඒකට නෙව.එහෙම ජන වරමක් තියෙද්දි සිරයි රනිලයි දෙන්න එකාට එකා හොරෙං කරගෙන ගියේ ඩීල් දාන එක. රනිලා මරා එක්ක ඩීල් දැම්මලු. සිරා මහාරාජා එක්ක ඩීල් දැම්මලු. බලාගෙන යනකොට මේ යක්කුංගෙ හැසිරීම දැක්කම බොරුමත් නෙවෙයි මට පේන්නෙ ඔය ඩීල් කතන්දර.

කොහොමද දෙන්න එකතුවෙලා ඔය ඩීල් ඔක්කොම කැන්සල් කරල වෙච්චි පොරොන්දු ඉස්ට කරන්ට පටං ගත්තොත්...වට් අබවුට් ෆොර් ස්ටාටර්ස් සේ පුටිං ඕල් රාස්කල්ස් ඔෆ් මරා බිහයින්ඩ් බාර්ස්..අන්න කරනව නං වැඩේ...කොහොමද නිකමට වගෙ මම මේ කිව්වෙ විහිලුවට වගෙ එහෙම කලානං...හෙහ්..හෙහ්. ආන්ඩුව ගෙනියන්ට ආය වෙන නෝ හෝප්ස් ඇට් ඕල්.....

කොහොමද ගේම දුන්නනං බයියංගෙ ජයග්ගරහනේ උංටම පාරා වළල්ලක් වගෙ වෙන්ට. එහෙම උනොත් නං ආය නෑ කියල වැඩක් නෑ, මට වෙන මොකවත් ඕන නෑ. 

2020 චන්ද ගැන නිකමට හරි බලාපොරොත්තුවක් තියාගන්ට නම් එහෙම කරන්ටම වෙනව. ඒකෙ ආය දෙකක් නෑ. රනිල්ටයි සිරාටයි යන්තං හරි බලාපොරොත්තුවක් තියාගන්ට පුලුවන් වෙන්නෙ ඒ වගෙ දැඩි ක්‍රියාමාර්ගයකට එන්ටර් ද ඩ්‍රැගන් වෙනව නං විතරයි. එහෙම කලොත් විතරයි අර 2015 දි චන්දෙ දුන්නු රටේ අනාගතය ගැන හිතන මිනිස්සුන්ගෙ චන්ද ටික ආපහු සැරයක් ගන්ට වෙන්නෙ. එහෙම නැතුව බයියංගෙ චන්ද බලාපොරොත්තුවෙං අර එහාටත් නැති මෙහාටත් නැති ගොං පාර්ට්ස් දාන එකෙන් නම් කිසිම වගතුවක් වෙන්නෙ නෑ. ඒකෙ ආය දෙකක් එහෙම නෑ මට ඒක ඉරහඳ වගෙ විස්වාසයි. මොකද බයි චන්ද කඩන එක ලේසි නෑ. චන්දයක් කඩා ගන්ට  අදාල මනුස්සයට කාරනා කාරනා පැහැදිලි කරල දෙන්ට එපාය. අප්පට සිරි බයියො නොහොත් පොල් ලෙල්ලංට කරුණු පැහැදිලි කරල දෙනවට වඩා ලේසියි තිලංග ගොයිය ක්‍රිකට් සබාපතිකමින් එලවන එක. ඒ කියන්නෙ ඒ වැඩේ කොහොමවත් වෙන්නෙම නෑ කියන එක තමයි.  

“Never underestimate the power of stupid people in large groups.” ― George Carlin

බන්දුල ගුනවර්දන ආර්තික ඔස්තාද් ඒ අල්ලපනල්ලෙ මෙච්චර මහංසි වෙලා තමන්ට මේසා ජයග්ගරහනියක් අරං දුන්නු තම අනුගාමික බයි ජනතාවට නම්බු නාමෙකුත් ප්‍රදානය කරල. එතුමාට අනුව පොහොට්ටුවෙං පත් වෙච්චි නියෝජිතයො ඔක්කොම පොල් ලෙල්ලො. ඒ කියන්න චන්දෙ දුන්නු බයි ජනතාවත් ඇවිල්ල පොල් ලෙල්ලො.

ආ..තව කාර්ණයක් කියන්ටම ඕන..මම සාමාන්නියෙං හාමුදුරු ගොල්ලංට හොඳක් කියනව බොහොමත්ම අඩුයි. වෙන අහවල් දෙයක්වත් හින්ද නෙවෙයි අපේ සාදුලගොල්ල කොරන්නෙම දෙකයි පනහෙ මරි මෝඩ වැඩ හින්ද..අන්න ඒකයි..

ඒත් මේ ඊයෙ පෙරෙයිද මල්වතු නායක හාමුදුරුවො කියල තිබ්බ කටේ දැහැත්විටක් දාන්ට වටින කතාවක්. එතුමා කියල තිබ්බෙ මේ වෙලාවෙ ජනාදිපතියි අගමැතියි කරන්න ඕන රට තවත් අස්තාවර කරන්නෙ නැතුව 2015 ජනවාරි 8 වෙනිද රටේ බහුතරයක් ජනතාව තම කැමැත්ත ප්‍රකාස කලේ යම් දෙයකටද අන්න එව්ව ඉටු කරන්ට වැඩ කටයුතු කොරන එකය කියල. 

ඒ කියන්නෙ එතුමා නොකියා කිව්ව මේ තිබ්බෙ ගංසබා චන්දයක්ය ඒ හින්ද ඒකෙං ආන්ඩු වෙනස් කරන්ට උඩ පනින අයට බම්බු ගහගන්ටෙයි කියල තමන්ගෙ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්ටය කියල. මට හිතෙන්නෙ මල්වතු හාමුදුරුවංගෙ ඒ ප්‍රකාසෙං පස්සෙ තමයි මරාගෙ තක්කඩි ටික කටවල් වහගෙන පැත්තකට වුනේ. මං හිතන්නෙ අපේ බයියන් නොහොත් පොල් ලෙල්ලංගෙත් හුළං බැස්සෙ ඒ කතාවෙං පස්සෙ.

එකොළොස් වෙනිද හවසම නාමෝල් ලොකු බේබි ලැම්බෝගිණිය එහෙම පිහදාල කරල එළියට ගත්තයි කියල ආරංචියකුත් රට පුරා පැතිරුනානෙ. සම්ටයිම්ස් මල් වත්තෙ හාමුදුරුවන්ට බයක් වගෙත් හිතෙන්ට ඇති නාමෝලා ආයම පාරක් නුවර වැව වටේ රේස්පදින්ට එයි වත්දෝහෝයි කියල...හෙහ්...හෙහ්...

මේ දවස්වල මුහුණු පොතේ යන පෝස්ට් වලට හිනා කාල මැරෙනවා ඕයි! මේ එකක්...

මෙන්න සිරස බ්‍රේකිං නිව්ස් - අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුලු වේලාවකට පෙර බොග දැමීම සඳහා ජනාධිපති මන්දිරය පසුපස ඇති කහඹිලියා පඳුරක් අස්සට රිංගූ බව සිරස නිව්ස් පස්ට් වෙත වාර්තා වී ඇත. ඒ බොග දැමීමේ කර්තව්‍යයේ වැඩි දුරටත් විස්තර ඔබ වෙත ගෙන ඒම උදසා අප මාධ්‍ය කණ්ඩායම මේ වනවිටත් අදාල කහඹිලියා පඳුර වටා රැකවල් ලා සිටිනවා.

මේ ඒ නිව්ස් එකට ආපු කමෙන්ට්ස් දෙකක්....

එසේ පැදුරක් අස්සෙ බොකක් දැමීම සදහා ජනාධිපතිවරයාට හැකියාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හැකිදැයි නීතිපතිගෙන් විමසා තිබෙනවා..

19වන ව්‍යවස්තා සංසෝදනේ අනුව කහඹිලියා පඳුර යට ඇනතියාගත් වනම පුක සේදීම වියවස්තානුකූලදැයි නීතිපතිගෙ උපදෙස් ලැබෙනතුරු එතුමාතම පුක සේදීම මාසයකින් කල්දමා ඇති බවද මේ මොහොතේ අපට දැන ගන්නට ලැබුනා නරඹන්නනි!

We report... you decide!

50 comments:

  1. වෙලාවේ හැටියට නරකම නැ ඔහොම යන් ඔහොම යන් දිගටම

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි යමු..

      අපී යන්ට යමු අපී යන්ට යමූ දෙව්ලෝකෙ දිහා විගසින්,
      බොල බූරූ පුතේ...බො..ල..බූරූ පුතේ දුක සෝකා ඉතිං ඉවසං...

      - දෙව්ලොව යනකල් වේදිකා නාට්‍යයේ ගීතයක්...

      Delete
  2. ඔහේ දන්නා සෙද්ද, ඔය රාජ්ජ නායක බාන තක්කුබික්කු වෙලා මක්ක කරත් යහපාලන විවිධ මත සබේ එක් කොට්ටාශයක් අකමතිවෙනවාමයි, එහෙම ගියොත් අවසානේදි සිද්ධවෙන්නේ අසතුටු පාර්ශව ඊළඟ ජන්දේ බකනිලගෙන ඉඳල ආඩිහත්දෙනගේ කැදක් උයල, මහරජ්ජුරුවන්ටම පාවාඩ එලන් එකයි.

    හැබැයි ගොයියෝ ඔය හිටං රනිල් බාන මෙතෙක් ගිය විදියටම බකන්නිලගෙනම හිටියොත්, අපේ යහපාලන නඩේ හොඳටෝම බයවෙලා හිරිගඩු පිපෙන කොට අයේ සෙට් වෙනවා, සෙට් වෙලා අයේ පොද්දෙක් හොයාගන්නවා, මේ සැරේ සොබිතල ඕනේ නෑ කරු කියල අනුමත රේජිස්ටර් පොද්දෙක් දැනටම ඉන්නවා, ගොන් හිටං තමයි එයයිට නොමිනේෂන් දුන්නේ, ඔන්න ඔහොමයි හිටං තැපෑලෙන් එයිගේම බෙල්ල කපාගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඇණේ,

      බොහෝවිට ඔබ කියන දේ සිද්ද වෙයි කියල මටත් හිතෙනව...:)

      Delete
  3. අාං ටැබ් දෙන්නෑ ලු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      හ්ම්ම්ම්..එහෙම නැතුව ආය...තව ටැබුත් දීපල්ලකො...

      පොල්ලෙල්ලංට ඔව්ව ගැන හිතන්ට තිබ්බෙ එක සීරුවට ගිහිල්ල පොහොට්ටුවට කතිරෙ ගහන්ට ඉස්සෙල්ල..හොඳ වැඩේ ඕකුංට...හොඳම වැඩේ!

      Delete
  4. “There was a time when we used to have opinions, just humble opinions. Now everything seems to be a question of life and death. We defend, we abuse, we call names, we shout....is it because every idiot in town suddenly found a voice through social media or are intelligent people getting dumber trying to defend arguments which an idiot won't understand. I don't belong to either so I just wonder...”
    ― EverSkeptic

    ReplyDelete
    Replies
    1. Politicians have a whole heap of con-science but not a shred of conscience.
      - PJ

      Delete
    2. Pra Jay,

      Both the advantage and disadvantage of our time is the ready accessibility to social media for almost everyone. it's definitely a blessing most of the times but occasionally some obnoxious people would make us wonder seriously whether it is worth the trouble at all...

      Delete
  5. අම්මාපල් මේ යෝදයා යස මහිමෙටකතාවක් ලියාගෙන ආවා, මේ යක්කු ටික නාඩගමක් නටල ඒක කෑව.

    ReplyDelete
    Replies
    1. සුරා,

      හරි හරි බං නාඩගම ඉවරයිනෙ..ඊලඟට කතාව ලියන්නං

      Delete
    2. මානවී,

      ඒකනෙ බං කියල වැඩක් නෑ....

      ඔඹා දෙනු පරහට තමා අතට තම හිසමය සෙවණැල්ල කියල දොන් ජෙරනිමෝද අසවේදු කියල තියෙන්නෙ ආය කට කහන කහන තැං වල රතු පලුත් මතු උනා.ඔබ ඇඳන් උන්නු ගවුමේ නිල් පාට දිළිසුනා...

      Delete
  6. ඔබතුමා ඇයි අපේ රට බේරා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මඩ ගසමින්, විවිද නම් පට බදිමින් පොස්ට් ලියන්නේ.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ දශක තුනක කුරිරු යුද්ධය නිමා කොට, රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කෙරු ආසහය නායකයා. එතුමාට කොච්චර බැන්නත් අපි එතුමා සමගයි. රටේ බහුතර ජනතාව ඉන්නේ එතුමා සමගයි.

    ReplyDelete
  7. මේ සේරටම මුල නිර්පාක්ෂික ගොයියා බලයට ඇවිල්ලා පක්‍ෂය කියන කොඩිවිනය බදා ගත්තු එකයි.
    2020 ගෝඨා වගේ එකෙක් බලයට ආවොත් එකට පළමු වගඋත්තරකරු වෙන්න ඕනේ සිරිසේන ලොක්කයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ බං කියල වැඩක් නෑ..මුංගෙ බලා ලෝභය සල්ලි තණ්හාව කොච්චරද කියල කියනව නම් ඒ වෙනුවෙන් මිනිස්සුන්ගෙන් කුණු බැණුං අහ්න්න උනත් ලෑස්තියි එක පයින්...

      Delete
  8. අර කතාව ලියපං දේශපාලනේ තිත්තයි.

    ReplyDelete
  9. අර කතාව ලියපං දේශපාලනේ තිත්තයි. x2

    ReplyDelete
  10. ..වට් අබවුට් ෆොර් ස්ටාටර්ස් සේ පුටිං ඕල් රාස්කල්ස් ඔෆ් මරා බිහයින්ඩ් බාර්ස්..අන්න කරනව නං වැඩේ... එහෙම කලානං...හෙහ්..හෙහ්. ආන්ඩුව ගෙනියන්ට ආය වෙන නෝ හෝප්ස් ඇට් ඕල්....

    ReplyDelete
  11. ඔච්චර කෑගහපු සිරිසේන ගත්තෙ ඡන්ද කීයද ? මහින්ද ඉන්න කාලෙ සන්ධානෙට ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙ හදවතේ ඉන්නෙ මහින්ද මිසක්, බුලත් කොලේවත් අතවත් නෙවෙයි. සිරිසේන සහ රනිල්, මහින්දගෙ හොරකම් සහ තක්කඩිකම් උසාවි ඉදිරියෙ එළිකරල, ඒ ප්‍රතිරූපය විනාශ නොකර, දේශපාලන වාසි තකා බොරුවට කෑ ගහන අතරෙ යටින් ඩීල් දේශපාලනේ ගෙනිච්ච් නිසා දෙන්නම ලස්සනට කෙලවා ගත්තා. දැන් ඕවට දඬුවම් දෙන්න කියල හීන මැව්වට, රැල්ල මහින්දට කියලා දන්න ආණ්ඩුවෙ බොහෝ දේශපාලකයො මහින්දට ලංවෙනවා මිසක් එරෙහි වෙන්නෙ කවුද ? ඔන්න ෆොන්සේකා වගේ කෙනෙක්නම් මහින්දට අභියෝග කරයි. ඒත් එයාට තියෙන්නෙත් ප්‍රාදේශීය සංවර්ධනේ වගේ ලාමක වගකීමක්. අනික රාජ්‍ය නිළධාරීන් කිසිම වැඩක් කරයිද දැන් ? දැන් මේ අවුරුදු දෙක යහපාලනේ සැඳෑ සමය, ඒක ඉතින් පන්සලක් පල්ලියකට ගිහින්, ගෙවිලා යයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත්,

      ඔබ කියන සෑම දෙයක්ම එලෙසම සිදුවීමේ සෑහෙන විභවයක් තියෙනව..අවාසනාවට ඇත්ත කතාවක්!

      Delete
  12. හම්මප මේ යෝදය කියන දෙයක් අහන්නෙ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. කසුනා,

      අඩේ උඹට අර යෝදි තුන් තිස් පැයේම කියන එකම මෙතන කියල හරියන්නෙ නෑ බොල, වෙන මොකක් හරි කියහංකො...

      Delete
  13. මොන දේශපාලන කුණාටුවක් ආවත් එක දෙයක් නම් පැහැදිලියි. රනිල් කියන්නේ මැරෙනකං මේ රටේ එජාප නායක, අගමැති හෝ විපක්ෂ නායක. වාසනාව තිබුනොත් කවද හරි ජනාධිපතිත් වෙයි.

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔබ හා එකඟවිය හැකියි..අපේ වාසනාවට හෝ අවාසනාවට එහෙම තමයි වැඩ සිද්ද වෙන්ට යන්නෙ...:)

      Delete
    2. @Udaya Dissanayake February 22, 2018 at 1:58 PM,

      කලින්නම් කොටිවත් හිටිය රනිලව වැලිගම් යවන්න, කරුමෙන්ට මහින්ද එකත් ඉවරකලානේ!

      Delete
  14. යූඑන්පී වහලාගේ හිත හැදෙන කථා !!!!
    හොරා කාල රස්සාවෙන් අයින් වෙන්න වුනාම අරාබියට පැනලා ඉන්න රවියා(රවී කියන හැම එකාම හොරුනේ) !!!

    ReplyDelete
    Replies
    1. Ano,

      /යූඑන්පී වහලාගේ හිත හැදෙන කථා !!!!/

      "Hope springs eternal in the human breast: Man never is, but always to be blest."- Alexander Pope

      /හොරා කාල රස්සාවෙන් අයින් වෙන්න වුනාම අරාබියට පැනලා ඉන්න රවි/

      හොරා කෑවනං මොකටද බොල තවත් මේ නහින දෙහින කාලෙ මෙහෙට වෙලා දුක් විඳින්නෙ? ෂපාන් එකේ ඉන්නවනෙ සී ලංකාවට වෙලා ලෝඩ් බකිංහැම් වගේ...:)

      Delete
    2. කොහොමත් යූඇන්පී කාරයින්ට හොරකමක්වත් කරන්න පුළුවන් එකක්යැ !!!!
      හාමු මොකෝ හාමුගේ වළං පිගං හෝදන උන් මෝකෝ හැම වෙලේම රෙද්දේ රෙවා ගන්නවනේ !!!

      Delete
    3. @Anonymous February 24, 2018 at 11:56 AM;

      ඇත්තද? ෂුවර් එකටම් මු රනිල්ට දෙක-පුන්නේ රනිල් තමයි මේවගේ ගොබ්බ්යෙකට ආණ්ඩුවේ රස්සාව අරන්දෙන ඇත්තේ. නොදකින් මුන් වගේ වහල්ලු.

      Delete
  15. අපෝ අවුරුදු ගානකින් බ්ලොග් කියවන්ඩ ආවා.. එයා ලියල තියෙන්නෙත් දේසපාලනේ..!

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      අප්පටසිරි ..මෙන්න ඇවිල්ල.... කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු.

      එනවයි කියල කලිං කිව්වනං සෝක් කතාවක් ලියනවනෙ බොල...මම අර ආදර නිල් දෑසේ එකේ දෙවෙනි කොටස ලියනව මේ දවස් වල ..

      පලි - අර මීට කලින් ලියපු පෝස්ට් එක දේසපාලනයට අදාල නෑනෙ. ඔහෙගෙ ප්‍රියතම චිංගබාපු ගැනත් තියනව ඒකෙ...:)

      Delete
  16. ඊයේ ඉඳන් හෙන ගේමක් යනවා ෆොන්සේකා නිතිය හා සාමය ඇමති කරන්න එපා කියල. විරුද්ධ උදවිය ගේ එක තර්කයක්ලු අඩුම ගානේ බුකියේ වත් ෆොන්සේකා ට සහයෝගයක් නැහැ කියන එක. යකෝ බුකියනේ ඇමති මණ්ඩලයත් තීරණය කරන්නේ. ෆොන්සේකා දාන්නේ නැත්නම් ආණ්ඩුවට එකබද්ධෙන් කිහිප දෙනක් මෛත්‍රී ගේ සහයෝගයටත එනවලු.කොන්දේසි විරහිතව. ඒ නිසා රවී හිතන දේ කොහොම වෙතත් ඕකේ අනිත් පැත්ත වෙන්නත් ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. Ajith,

      /ෆොන්සේකා දාන්නේ නැත්නම් ආණ්ඩුවට එකබද්ධෙන් කිහිප දෙනක් මෛත්‍රී ගේ සහයෝගයටත එනවලු.කොන්දේසි විරහිතව./

      කොහොමද සෙන්පෝක තුමාට තියන බය? මරාගෙ රෙද්දෙ රෙවිල ඇත්තෙ හොර නැතුව...

      සිරාටත් තියෙන්නෙ ජනාදිපති උනාටම පස්සෙ ගත්ත එකම කොන්ද පන තියෙන තීරනේ විදිහට උඹල බම්බු ගහගනිල්ල කියල මාසල්ව දාන්ට. දෙකිං එකක් වෙයි...රාජා හෝ මා හෝ ගංගාහෝ.....:)

      Delete
  17. //ඔය ප්‍රබුද්ද කූම්බි ප්‍රේක්සකයිංගෙ සීන්ස් එකත් එක අතකට බලන කොට අද රටේ දේසපාලනේට වෙලා තියන දේට සමානයි කියලත් කියන්ට ඇහැකියි. ඒ කිව්වෙ දැං මෙහෙමයි. මම අර කලිං පාරකුත් කිව්වනෙ කූබි ඕනවට වඩා උඩ දාන එකං වෙන්නෙ එපාම වෙන එක කියල.// මෙන්න කුඹි විරෝධියෙක්. සුනිල් අර පිස්තොලේ ගනින් . ඕක උඩ දාන්න නෙමෙයි බලන්නනේ බන් ඕනේ. කුම්බියෝ යන විධිහට මම නම් කැමතියි. ජෙහාන් ඔය වගේ පොරක් කියන එක තේරෙන්නේ නැති එවුන් තමයි අර සුන්දර කවි ලියල තමන්ගේ හිත සනස ගන්නේ - අනේ එයා තමන්ගේ බෙල්ල රට වෙනුවෙන් කපා ගණන්ව කියල පෙන්නුවේ දෙවියනේ , ඊලම් එවුන්ව කපනවා කියල නෙමෙයි , අනේ එයාගේ අභිමානවත් සුන්දර හිනහව - ඊට පස්සේ මුන් ඇත්ත වටහා ගන්නවා. එතකොට උන්ටම එපා වෙනවා. ජෙහාන් කියන්නේ නියම පොරක් උඹයි මමයි දන්නා ජෙහාන් ලම කීයක් ඉන්නවා කියලද හේ හේ

    ReplyDelete
    Replies
    1. Ajith,

      /මෙන්න කුඹි විරෝධියෙක්./

      කිසිසේත්ම එසේ නොවෙමි අජිතයනි..එසේ නොවෙමි..මමද කුහුඹුවෝ ටෙලි සිතුවමට බොහෝ රුචි කරමි.

      එහෙත් මට කිසිසේත්ම ජීර්ණය නොවී අපථ්‍යය වනුයේ කුහුඹුවෝ වනාහී රාවණා යුගයෙන් පසු මෙතෙක් ශ්‍රී ලංකාද්වීපයෙහි බිහිවූ ශ්‍රේෂ්ඨතම ටෙලි සිත්තමැයි පවසමින් අඳබාල කුහුඹු ලෝලීන් යෙදෙන ජුගුප්සාජනක රංගනයයි. එපමණකි!

      Delete
  18. හෝමාගම ජනතාව ඉන්නකන් , කඩුවෙල බුද්ධිමත් ජනතාව ටෝයිලට්වංශ දිනවනකන් , ගම්මන්පිල ලොන්ඩරියේ රෙදි අපුල්ලනකන් සැපම තමයි .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇයි (නි)වහල් රවීල ඔයාලවගේ ගොබ්බ කැපුවත් කොළ UNP කාරයෝ ඉන්නකන් ඊටත් වඩා සැපනේ

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. 01.බ්ලොග පුරාම අලි බොක දාලා
    02.රවි අයියා The story of Marrage අන්තිමට ලියලා දැන් මාසයකත් වැඩියි...
    03.බිකොස් ඔයා දැන් ඒකෙන් පහ හයක්වත් ලියලා දාන්න...
    04.අනික තමා ඔයා පාඩුවේ පඳුරක් තලන් ආගිය කතාවක් කොටන් ඉන්න ඔය දේශපාලන කේස් වලට යන්නෙ නැතුව.
    05.ෆෝන් එකෙන් ගිහින් මේකේ ක්මෙන්ට් ලියන්න බැහැ අකුරු අවභාවිත වෙනවා වගේ වෙනවා(helakuru)
    06.කමෙන්ට් 25 30 වටිලා වැටිල එක පාරටම ඒ ලේබල් එකට කමෙන්ට් 60 ක් වැටුන ගමන් ඊක ලියන එක නැවත්තුවම ඒක වෘත්තීය සදාචාරය අමු අමුවේ උල්ලන්ඝනය කරන ගමන් ප්‍රේක්ශකයින්ව අපේක්ශා භන්ගත්වයට පත් කිරීමක්

    ReplyDelete
    Replies
    1. Sorry Nimesh...Too busy these days...Friday Ok? :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...