Tuesday, February 6, 2018

564. පතිරාජගේ නික්මයාම, වම් ඉවුරේ සිනමාව සහ ජෙප්පන්ට චන්දය දීම හෝ නොදීම....

ආචාර්ය ධර්මසේන පතිරාජ ...

මාතෘකාව කියවල නිකං හොල්මන් ද පොල්කොළ වෙලා ගියැයි ඔහෙල? නිකං රනිල් වික්‍රමසිංහ සහ යහ පාලනය කියල ලිව්ව වගේ නේහ්? තනිකරම විරෝධෝක්තියක් නොහොත් ඔක්සිමොරෝන් එකක් කියල හිතෙනව නේද?

රනිල්ගේ යහපාලනය කිව්වමනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔක්සිමොරෝන් එකක් නම් තමයි. ඒත් මගේ මාතෘකාව නම් එහෙම එකක් නෙවෙයි. එතන තියනව යම්කිසි අදෘශ්‍යමාන සම්බන්ධතාවයක් නොහොත් ඒක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...

ධර්මසේන පතිරාජ මහත්තය මියගිහිල්ල. මගෙ සිත්ගත් කවුරුහරි මියගියහම හරි එහෙම මියගිය කෙනෙක්ගෙ මරණ සංවත්සරයක් ආහම ඒ වෙනුවෙන් පොඩි සටහනක් බ්ලොග් එකේ ලියන එක මගෙ පුරුද්දක්. මීට කලින් මම ඒ වගෙ කීප දෙනෙක් ගැනම සටහන් ලිව්ව.


හැබැයි ඒ හැම සටහනක්ම අප අතරින් වියෝ වූ පුද්ගලයගෙ ගුණ කථනයක්ම වුනේ නෑ. හොඳ නරක ඒ වගේම වෙන වෙන වල් පල් ආරළු බූරලුත් ඒ අස්සෙ ලියවුනා මගේ සුපුරුදු සයිලියෙං. අන්න ඒක තමයි අපෙ හාන්දුන්නේ මගේ අනන්‍යතාවය නොහොත් අඤ්ඤකොරොස්භාවය...දඩිස්.....බිඩිස්....දඩ....බඩ....දඩ...තපෝස්...තපෝස්... හා...හා...හා...කලබල වෙන්ට එහෙම එපල්ල...ඒ මම පපුවට ගහ ගත්තු සද්දේ...හොඳේ...

හරි දැන් එමු අද මැයට නොහොත් අද මාතෘකාවට. ධර්මසේන පතිරාජ මහතාගේ අභාවය. ධර්මසේන පතිරාජ නොහොත් පතී කියන්නෙ ලාංකීය සිනමාවෙ නොමැකෙන සළකුණක් තියපු අධ්‍යක්ෂ වරයෙක්.

අහස් ගව්වෙන් පටන් ගත්තම එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ සහ පාරදිගේ...ඒ ඔහු නිර්මාණය කල සිනමාපට..ඉනික්බිතිව ඔහු කල නිර්මාණ ගැන මම සඳහන් නොකර ඉන්නම් මොකද ඒ එකක්වත් මට නරඹන්ට අවස්ථාවක් නොලැබුණු හින්ද.

පාරදිගේ චිත්‍රපටයෙ එක චරිතයක් මෙහෙම කියනව. මට මතක විදිහට විමල් කුමාර් ද කොස්තා වෙන්න ඕන....."අපිට මුල් නෑ ඒත් දළු දානව..." 

ඔය දෙබස් ඛණ්ඩය එදා ඉඳල අද දක්වාම නිතරම උපුටා දැක්වෙනව තරුණ පරපුරේ ඛේදවාචකය ගැන කියනකොට නැත්නම් ලියනකොට. ඔය දළු දාන කතාවඒ ඒ දවස්වල ඒ දවස්වල කිව්වෙ හැත්තෑව දශකයෙ මැද භාගයෙ වගෙ බොහොම ජනප්‍රිය කතාවක්...

පාරදිගේ තිරගත වුනේ මට මතක විදිහට 1980 අවුරුද්දෙ. ඒ කියන්නෙ චිත්‍රපටය හැදුනෙ 70 දශකයෙ මැද භාගයෙ වෙන්න ඕන. 70 දශකයෙ මැද භාගෙ කියන්නෙ ලෝකෙ පුරාම වාමාංශික රැල්ලක් පැතිරගිය කාලයක්. වියට්නාම් යුද්දෙන් ඇමරිකන් කාරයො පැරදීගෙන යනව. සෝවියට් දේසෙ බොහොම බලසම්පන්නයි. ඒ එක්කම චීනෙ, කියුබාව වගෙ රටවලුත් හොඳ දියුණු තත්වයෙ තිබ්බ. යටත් පිරිසෙයින් අපිට කිව්වෙ එහෙමයි. 

සෝවියට් දේශය, ස්පුට්නික් වගෙ සඟරා කියවල අපි හිතාගෙන හිටියෙ 20 වන සියවස ගෙවිල යන්ට ඉස්සර මුලු ලෝකෙම කොමියුනිස්ට් ක්‍රමයට හැරෙයි කියල. සියළු ධනය සැමදෙන අතර සමානව බෙදිල යන සැමට සෞඛ්‍ය පහසුකම් ආහාර නිවාස ප්‍රමාණවත් පරිදි ලැබෙන නිවහල් සමාජයක්, සමානාත්මතාවය රජයන සමාජයක්...එවන් නිවහල් නිදහස් උත්තරීතර සමාජයක් කරා අප රැගෙන යන්න උතුමාණනි!

ඒ දවස්වල ට්‍රෙන්ඩ් එක එහෙමයි....වාමාංශිකත්වය නොහොත් වමට බරවීම....කොහොමත් වම පොඩ්ඩක් බරයිනෙ..නේ?...දේහවිද්‍යාත්මකව බැලුවත් හෙහ්,හෙහ්....

ඉතිං ඒ හින්ද නැචුරලි මම හිතන්නෙ ලෙෆ්ටිස්ට්වීම නොහොත් වමට බරවීම නැඟල ගියා. 

කවි කෙටිකතා නවකතා ලිව්වත් සිනමා පටයක් නිර්මාණය කලත් වාමාංශික දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කරල තමයි ලියන්නෙ කරන්නෙ..සියළු කලා නිර්මාණවල අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන සමාජවාදී රාජ්‍යයක් කරා යන සිහිනය සාක්ෂාත් කොට ගැනීම විය යුතුයි...එහෙම තමයි කැච් ෆ්‍රේස් එක එහෙම නැත්නම් මුඛ්‍ය සටන් පාඨය...

අහස් ගව්ව සහ පාරදිගේ සිනමාපට දෙකේම තේමාව තරුණ අසහනය. අක්මුල් නැති තරුණ පරම්පරාව...ඒ දවස්වල පිළිගත් මතවාදය ඒකයි. ඒ කිව්වෙ තරුණ පරම්පරාවට ජීවන ක්‍රමයක් රජය සළසල දෙන්න ඕන. ඕනම රජයක් ඒ වගකීම ඉටු කිරීමට බැඳිල ඉන්නව.

ක්‍රමයෙන් ඒ අදහස් ගිලිහිල ගියාට අද උනත් ඒ සංකල්පයෙ නෂ්ඨාවශේෂ අප අවට තියනව. උපාධිධාරී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියල එකක් තියෙන්නෙ ඒ හින්දනෙ. ඒ වගෙ සංගමයක් තියෙන එකේ කිසිම වරදක් නෑ ඒකෙං කරන්නෙ එකතුවෙලා තම සාමාජිකයින්ගෙ විරැකියාවට යම් පිළියමක් යොදන්නට කටයුතු කරනවනම්. මොන විකාරද? එයාල කරන්නෙ දියව් දියව් අපට රජයේ රැකියා දියව් කියල පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන එක. නැත්නම් පෙළපාලි යන එක.ඒ කියන්නෙ එයාල කියන්නෙ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන එක රජයේ වගකීම කියල..

ඔය තරුණයින්ව බොහොම අපූරුවට බීලි බාගන්නෙ ඒ අයගෙ හැඟීම් අවුස්සල ඒවයින් වාසි ගන්නෙ පෙරෙට්ටො සහ ජෙප්පො. ඒ දෙගොල්ල ඔය වැඩේට බොහොම සමර්තයි. බොර දියේ මාලු බෑමට. බොර දියේ මාලු බාන්ට උපන් හපන් කෙවුලො ඔය දෙගොල්ලම…

ඉතිං ඒ දවස්වල තිබ්බ ට්‍රෙන්ඩ් එකේ විදිහට පතීල වම් ඉවුරේ සිනමාවක් ගොඩ නඟල ඒකෙ පතාක යෝදයො වුනා. ඒකට කිසිම විදිහකින් වැරැද්දක් කියන්න බෑ. කාලානුරූපවනෙ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. ඒ රැල්ල ඒ අවස්තාවෙ තිබ්බ ගතික තත්වයක් විසින් නිර්මාණය කල අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීමක්. එතන තියෙන්නෙ එච්චරයි.

ලෝකෙ කාලෙන් කාලෙට ඒ වගෙ එක එක රැළි එනව. මතවාද නිර්මාණය වෙනව. පස්සෙ කාලෙක ප්‍රත්‍යාවලෝකනයෙදි (In retrospect) අපිට පේනව එව්ව වැරදියි එහෙම නැත්නම් එහෙම නෙවෙයි වෙන්න තිබුනෙ කියල. ඒත් ඒ වෙනකොට කාලය ගලා ගිහිල්ල. එකම ගඟට දෙවරක් බහින්ට බෑ කියල කියන්නෙ නිකමට නෙවෙයිනෙ (You can never get into the same river twice) 

අද වෙනකොට ඔය වාමාංශිකයො කියන්නෙ මාරම පොරවල්ය කියල දේවත්වයෙන් අදහන සංකල්පය එහෙම්මම නැතිවෙලා ගිහිල්ල. ඇත්තම කිව්වොත් අද වාමාංශිකයො කියන්නෙ විහිළු කාරයො රංචුවක්. පරණ සමසමාජ කොමියුනිස්ට් අය ගැනනම් කතා නොකරන තරමට හොඳයි. ඔවුන්ගෙන් ගිලිහුනු රතු දජේ අතට ගත්තු එහෙම නැත්තං උදුර ගත්තු ජෙප්පො පෙරෙට්ටො උනත් ඊට දෙවෙනි නෑ.

අර ආන්ඩුවෙ දොස්තරල කියන පිස්සු හුටංල එක්ක එකතුවෙලා ලාල්කාංත නටන නාඩගමම දැක්කම හිතා ගත්තෑකි මේ රටේ කිසිම දවසක ජෙප්පො බලයට එන්නෙ නැත්තෙ මොකද කියල. ජෙප්පන්ට මම හිතන්නෙ තේරෙන්නෙ නැත්තෙත් ඒක. 

අර ජිජකුපාමය පස්සෙ වැටිල ඉන්න බයියො රැළ වගෙ අනුරල  දේවත්වයෙන් අදහාගෙන ඉන්න අන්ත වාදියො රැලක් ඉන්නව තමයි. ඒත් අනුරල බිමල්ල හඳුනෙත්තිල තේරුම්ගන්න ඕන ඒ එහෙයියො රැලේ චන්ද වලින් නම් මේ කපේට අඩුම ගානෙ ප්‍රාදේසීය සබාවක්වත් දිනන්න බැහැයි කියල.

ඒකට මධ්‍යස්ත පාවෙන චන්දවලින් බහුතරයක් කොහොම වෙතත් සෑහෙන ප්‍රමාණයක්වත් තමන්ට දිනාගන්න වෙනව. ඒත් අනේ ඇස් වහක් කටවහක් නෑ ජෙප්පන්ගෙ එහෙම වැඩ පිළිවෙලක් තියෙන බවක්නම් පේන්ට වත් නෑ.

අපි ඇත්තම කතා කරොත් ජේවීපී එක තමයි අද තියෙන දේශපාලන පක්ෂ අතරින් චන්දයක් දෙනව නම් දෙන්ට තියන එකම පක්සෙ. ඒත් මොන හේතුවක්ද මන්ද මට හිතෙන්නෙ රටේ බහුතර චන්ද දායකයින්ට සීනුවට චන්දයක් දෙන්ට හිත එකඟ කරගන්ට අමාරුයි.

අවසාන වශයෙන් තවත් එකක් කියන්න ඕන. පහුගිය පෝස්ට් එකකදි ඒ කිව්වෙ අර මහාචාර්ය තුමාගෙ දේශනය ගැන ලිව්ව පෝස්ට් එකට අජිත් දාපු කමෙන්ට් එකකට උත්තර දෙද්දි මම කිව්ව සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන මට හිතෙන විදිහ විස්තර කරල පොඩි සටහනක් ලියන්ට මගෙ අයිඩියා එකක් තියනවයි කියල.

මම කලින් හිතාගෙන හිටියෙ මේ සටහනේදිම ඒ ගැනත් ලියන්නම්ය කියල. ඒත් එහෙම ලිව්වොත් ඒක හරියන එකක් නෑ කියල හිතෙනව. එනිසාවෙන් ඒ ගැන එහෙනං තවත් දවසක ලියන්නම්ය...

44 comments:

  1. රවීගේ කලින් පෝස්ට් එකත් කියෙව්වාට උත්තරයක් ලියන්න හම්බ වුනේ නෑ. කොහෙද අභයගිරියේ අපිට අමතක නොවෙන්නම කලින්ම කියලානේ තිබුනේ. හරස් ප්‍රශ්න අහන්න තිබුනට ඒවා දැක් පරක්කුයි නෙව. (ඒක හින්දා ඔන්න බොලා බේරුනා)
    ඒක විතරක් නෙමෙයි මට කලින්ම හිතුනා ඔන්න පතිරාජ මහත්තයාගේ මළගම ආරංචි උන ගමන්ම අපිට සිංහල සිනමාවේ බර ටෝක් ටිකක් රවීගෙන් අහුලගන්න පුළුවන් කියලා. ඔය බලපන් අර කවුද කියන්නෑ වගේ මම හරිනේ... මේ තියෙන්නේ හෙල සිනමාවෙ අපතිරාජ සලකුණ.
    අඩේ මේ බොහෝත් ස්තුතියි අපි වගේ නන්ස්තාර් එවුන්ට මොනා හරි වල්පල් ටිකක් කියවන්න ඉඩ හසර හදනවට.

    ReplyDelete
    Replies
    1. නොදන්නා දේසපාලනේ ගැන මොකුත් නොකියමි

      Delete
    2. රංගි,

      හුහ්..වල් පල් ඈ???...තින්ක් අයි ටෝල්ඩ් යූ...හෙහ්,හෙහ්...

      ජස්ට් ජෝකිං හොඳේ....තෑන්ක්ස්...:)

      Delete
  2. //මම කලින් හිතාගෙන හිටියෙ මේ සටහනේදිම ඒ ගැනත් ලියන්නම්ය කියල. ඒත් එහෙම ලිව්වොත් ඒක හරියන එකක් නෑ කියල හිතෙනව.//
    ඒක විතරක් නොවෙයි මේ සටහනත් නොලිව්ව නං තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ආආආ...කොහොමද ඒක?...එහෙමද ආස?

      Delete
  3. වෙරි බෑඩ් කියන්නත් සෑඩ්, මම පතිරාජගෙ චිත්‍රපටි බලලා නෑ.. මම හිතන්නේ අපි චිත්‍රපටි බලන්න පටන් ගත්ත කාලේ වෙනකොට පතිරාජගෙ චිත්‍රපට තරමක් පරණයි. ධර්මසිරි බණ්ඩාරනායකගෙ බව දුක, බව කර්ම, බූඩි කීර්තිසේනගේ සිහින දේශයෙන්, මිල්ලෙ සොයා, ජයන්ත චන්ද්‍රසිරිගෙ අග්නිදාහය වගේ ඒව තමයි අපි බැළුවේ. හැබැයි අපි පතිරාජගෙ ටෙලිනාට්‍ය ෆෑන්ස්ලා... ඇල්ල ලඟ වලව්ව, කඩුල්ල එහෙම ඉතින් අමතක වෙන්නේ නෑ.

    මම හිතන්නෙ තාක්ෂන දියුණුවත් එක්ක මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකය දකින නිසා හෙමින් උණත් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙනවා. වාමාංශික දේශපාලන පක්ෂ කියන නිර්ධන පන්තිය කියලා පැහැදිලිව හඳුනාගත හැකි එකක් මහ පොලොවේ නෑ, තිබ්බත් ඒක දේශපාලනික විදිහට ගොනු කරන්න බැහැ. පැරා කියනව වගේ ලංකාවේ මැද පංතිය තමයි බලවත්. රස්සා කරන, තව කීයක් හරි හොයාගන්න උත්සාහ කරන පන්තියක් ඉන්නේ. ඉතින් ජවිපෙ කතන්දරේ මිනිස්සුන්ට දිරවන්නේ නෑ. කීයක් හරි හම්බකරගෙන යහමින් කාලා බීලා ජීවත් වෙන්න ඕනේ කියන සාමාන්‍ය මිනිස්සුන්ගෙ අදහසුත් එක්ක ජවිපෙ ගැලපෙන්නේ නෑ. ජවිපෙට ක්‍රෙඩිට් ලැබෙන තැන් තමයි සාපේක්ෂව, දූෂණ වංචා අවම වීම, ප්‍රතිපත්ති ගරුක බව වගේ දේවල්. ඒත් මට හිතෙන්නෙ මිනිස්සු දැන් ඒවා මතම ඡන්දය දෙනවා අඩුයි. මිනිස්සු පතන ලිබරල් ස්වභාවය එක්ක ජවිපෙ සමාජවාදය දැන් ගැලපෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔබ හා සීයට සීයක් එකඟයි....

      මම හිතන්නෙ ජවිපෙ තමන්ගෙ චින්තනයෙ දැඩි වෙනසක් කරගත්තෙ නැත්නම් හැමදාම තුන්වන බලවේගයම විතරයි...ලංකාවෙ විතරක් නෙවෙයි මල්ලි මම හිතන විදිහට ලෝකෙ කොහෙත් වැඩි බලයක් තියෙන්නෙ ඔය මධ්‍යම පාන්තික චින්තනයට....

      කොමියුනිස්ට් වාදය බිඳ වැටීමට ඒකත් එක හේතුවක් වෙන්න ඇති, තවත් නොයෙක් හේතු අතර...

      Delete
  4. සෝවියට් දේශය කියවනකොට නිකංවත් හිතුනෙ නැද්ද මේවා අන්දවන ප්‍රොපගන්ඩා කියල?

    රවි උන්නාන්සෙ කොහොමත් ඉතින් වීරයන් හොයනවනෙ :-D

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      කොහෙද බං මේ අවුරුදු එකොලහක දොළහක පොඩි එකෙකුට එහෙම හිතන්න හැකියාවක්....very impressionable age නෙව...හෙහ්,හෙහ්,

      මගේ Current hero ඇවිල්ල කවුද දන්නවය? You...:)

      Delete
    2. රවිඋන්නාන්සෙ හුඟක් අයගේ Blog hero !

      Delete
    3. ප්‍රා,

      හුටා..එහෙමත් එකක්ද?....:)

      Delete
    4. අඩෝ ප්‍රා එන්ඩ එපා හරිද අපේ සෝවියට් දේශේ ට බනින්ඩ ? උඹල වේලි වේලි හිටිය කාලේ අපි "ජිවත්" වුන නිසා තියන ඉරිසියාව ඔය. හැහ් අනිවා
      යකෝ මගේ පින්න්තුරෙකුත් පළවුනා ඒකෙ. ඇත්තටම මමමයි හිටියේ. කොන්ඩේ එක්ක

      Delete
    5. https://kolambagamaya.blogspot.co.uk/2017/07/1.html

      Delete
  5. මේ සටහනේ තියෙන වැදගත්ම කොටස තමා අර උඩින් දාල තියෙන ලින්ක් ටික.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හෙහ්..හෙහ්..ස්තූතියි පැතුමා!

      Delete
    2. මේ සටහනේ තියෙන වැදගත්ම කොටස තමා අර උඩින් දාල තියෙන ලින්ක් ටික.x මිස් වෙච්ඡ ඒවා බලන්ඩ

      Delete
  6. දැං ඔය වම් ඉවුර විතරද තියෙන්නෙ. එතකොට දකුණු ඉවුරෙ මොකවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      දකුණු ඉවුරෙ තියෙන්නෙ බොලායෙ බාප්පොච්චිගෙ මහගෙදර...:)

      Delete
    2. හප්පද බොල, මම මෙච්චරකල් හිතාගෙන හිටියෙ ඒක තියෙන්නෙ ගඟ මැද කියල.

      Delete
  7. මිට පෙර අන්තිම මැතිවරණ දෙකේදීම ජන්දය දුන්නේ ජවිපෙ එකට.මේ ගමන ජවිපෙට දෙනවාද ,යු.එන්.පි යට දෙනවාද කියලා හරි තීරණයක් මේ වනතුරු නැහැ.වැඩි ඉඩ තියෙන්නේ යු.එන්.පි එකට දෙන්න.

    ජවිපෙ හණමිටි ආකල්ප වෙනස් කරන තුරා ඉන්න තැනින් උඩට නම් එන්නේ නැහැ.

    අහස් ගව්ව,පාරදිගේ කියන චිත්‍රපටි බලලා නැහැ.හැබැයි වසන්ත ඔබේසේකරගේ "වල්මත්වුවෝ" බලලා තියෙනවා.තරුණ අසහනය,විරැකියාව ගැන එකෙත් කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ජෙප්පො ගැන ඇත්තටම දුකයි...අද තියන දේශපාලන පක්ෂ අතර හොඳයි කියල කියන්න පුලුවන් ජේ.වී.පී. එක විතරයි අවංකව කිව්වොත්. බහුතරයක් ඒ මතය පිළිත්ගන්නව.

      ඒත් අනේ මන්ද... රටේ පාලන බලය ජෙප්පන්ට දෙන්ට මිනිස්සුන්ගෙ මොකක් හරි පැකිළීමක් චකිතයක් වගෙ එකක් තියනව.හරියට අර කුළභේදයට විරුද්ධව වේදිකා දෙදරන්ට කෑගහන මිනිස්සු තමන්ගෙ දුව වෙන කුලේක කොල්ලෙක් එක්ක යාලු උනහම කෙල්ල මරන්ට හදනව වගෙ..:)

      Delete
  8. ඔය සෝවියට් දේශය වගේ තව සගරා දෙකක් තිබුණා රවිට මතකද? China Pictorial චීනයේ. GDR කියලා නැගෙනහිර ජර්මනියේ.ඕවා මුල් දවස් වල නොමිලේ එව්වා.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      චයිනා පික්ටෝරියල් නම් මතකයි ජීඩීආර් මතක නෑනෙ.Scala කියල බටහිර ජර්මන් මැගසින් එකක් නම් මතකයි.කූරියර් කියලත් මැගසින් එකක් තිබ්බ. මොන රටෙන් ගහපු එකක්ද කියලනම් මතක නැත.

      ආය අමරිකන් එම්බසි එකෙන් නොමිලේ දුන්න රජයේ කාර්යාල සහ ප්‍රධාන පෙලේ ඉස්කෝල වලට දර්ශන කියල සඟරාවක්.ඒ කාලෙ මැදපු කොලේ ගහපු බොහොම අනර්ඝ නිමාවක් තිබ්බ සඟරාවක්.

      දර්ශන මැගසින් දෙකක් මට තවම මතකයි එකක් අමරිකන් ටෙනිස් ශූරියක් වන ක්‍රිස් එවර්ට් ගැන කවරයේ කතාවක් අනික ඇපලෝ සඳ ගමනක් ගැන කවරයේ කතාවක්...

      Delete
  9. මමත් ජෙප්පන්ට මෙදා පොටේ දෙන්නම් කියලා තමා හිතාගෙන ඉන්නේ. අර තිසර කියනවා වගේ සාපේක්ෂව, දූෂණ වංචා අවම වීම, ප්‍රතිපත්ති ගරුක බව වගේ දේවල් නිසා මිසක් උන්ගෙත් වෙන ගන්න දෙයක් නෑ. ජාතික දේශපාලනයට ජෙප්පන්ට තව බොහෝම දුරක් යන්න තියෙනවා. එතකං බලන් ඉමු.

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔන්නොහේ ගමනෙ බං....එක්කොත් දීලා දාහං...:)

      Delete
    2. මුන්ට හොරුන්ට චන්දෙ දෙන්න පුළුවන්,ජ්ප්පන්ට දෙන්න හිත හදා ගන්න බැරිලු, නොදොකින්, මුන්

      Delete
  10. සාපේක්ෂව, දූෂණ වංචා අවම වීම, ප්‍රතිපත්ති ගරුක බව වගේ දේවල් නිසා අන්තිම මැතිවරණ දෙකේදීම ජන්දය දුන්නේ ජවිපෙ එකට. මෙදා පාර චන්දෙ දාන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මානවී,

      උඹ කොහෙ චන්දෙ දාන්නද බං?...නිකං බොරු නොකිය ඉඳහං...:)

      Delete
  11. එක ගඟට දෙපාරක් බහින්න බෑ කියනකොට මට හැමදාම මතක් වෙන එකක් තියෙනවා.. දන්නවනේ හිඟුරුගමුව/ කනුපැලැල්ල මැද්දෙන් ගලන ගඟ.. කුඩා ඔය. ඉස්සර අපි පොඩිම කාලේ අක්කලත් එක්ක ගඟට යනවා නාන්න.. රෙදි සෝදලා නාන්නේ පිට්ටනියේ උඩට වෙන්න.. එතනින් පහල ගඟ හෙමින් ගලන අඳුරු කොටසක් තියෙන්නේ. ඊළඟට පිට්ටනිය පහල තව නාන තොටක්. අක්කලා සුදු රෙදි හෝදලා නිල් දාල නිල් බේසම ගඟට හලන වෙලාවට අපි එතන ඉඳල පිට්ටනියට නැගල දුවල ගඟ පහලට යනවා ඊළඟ නාන තොටෙන් නිල් වතුර පාගන්න.. කලාතුරකින් තමයි හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ.

    හැබෑට අද පෝස්ට් එකේ මොනවද ලියුවේ? පතිරාජ පාරදිගේ ගිහිං වම් ඉවුරෙන් එගොඩ වෙලා අහස් ගව්ව තරණය කරලා ගිහිං ජේවීපී එකට ඡන්දේ දුන්න කියුව? එහෙනං අනිවාර්යයෙන්ම මාතලන් ගේ නෑයෙක් වෙන්නෝනි.. :))

    ReplyDelete
    Replies
    1. ළඟකදි කුඩාඔයෙන් නාන්ට එහෙම හිතුන් නැද්ද? දැන් ඒක ඇළ පාරක් තරමට පොඩි වෙලා, වැලි බොරලු පිරිලා, ගොඩවෙලා... දැක්කහම දුකේ බෑ...

      Delete
    2. කළ්‍යාණ,

      ඔය කුඩා ඔයේ පාලම විවෘත කරන්ට ප්‍රේමෙ ආපු දවසෙ නේද බොලාගෙ අම්ම උඩ පැනල කරණං ගහල නටල කවි කියල එතුමාව පිළිගත්තෙ...

      Delete
    3. Bura,

      /ළඟකදි කුඩාඔයෙන් නාන්ට එහෙම හිතුන් නැද්ද? /

      ඔය කමිය බදුල්ලෙ ඉන්නවනං අනිවාර්යයෙං ඔය කුඩා ඔයේ දහ ජරාවෙ බැහැල තමයි නානවයි කියන්නෙ. ඕකගෙ ප්‍රියම්බිකා තොමෝ කොච්චර කිව්වත් මේකා අහන්නෙම නැති පාර තමයි ගාල්ලෙ පදිංචියට ගියාය කියන්නෙ..

      එක පාරක් මම 1981 අවුරුද්දෙ වගෙ සිංහල අවුරුද්දකට කණුපැළැල්ලෙ අපේ පොඩි අම්මලගෙ ගෙදර ගිහිල්ල හිටිය. ඒ පාර ඔය කුඩා ඔය අයිනෙ තිබ්බ පිට්ටනියක තිබ්බ අවුරුදු උත්සවයක් බලන්ටත් ගියා.

      පොඩි අම්මගෙ පුතාල දෙන්න තරඟ හතර පහකින්ම දිනුව. කොට්ට පොර, ග්‍රීස් ගහේ නැඟීම ඔන්න ඔය වගෙ. අනික උං දෙන්නම එල්ලේ සූරයො...

      Delete
    4. බූරා බ්‍රෝ.. දෑවුරුද්දකට එපිටිං ඔය රවිය කියන ගඟේ පිට්ටනියේ සෙට් උනා.. සෝචනීයයි දැක්කම.. මාව පොඩි කාලේ ගිලිලා මැරෙන්න ගිය ගඟක් ඔහොම තිබ්බට.. ඉස්සර බල බලා ඉද්දි ගංවතුර ඇවිත් දෙපැත්තේ කුඹුරුත් යට කරගෙන හිඟුරුගමුව පංසල පාමුලට එනකං වතුර දානවා. එතකොට අපේ අම්ම කවි කියල ප්‍රේමදාස මහත්තයව පිළිඅරගෙන විවෘත කරපු 'අලුත් පාරේ' පාලම යට වෙනවා.. ඒ වගේම කුඩා ඔය ගිහිල්ල බදුලු ඔයට වැටෙන තැන.. සයන්ස් කොලේජ් එක ඉස්සරහ ජල සම්පදානේ පිටිපස්සේ.. -එතනට කියන නම දැන් මතක නෑනේ- බදුලු ඔයේ වතුර පාරට සරෙන්ඩර් වෙලා කුඩා ඔය උඩුගං ගලනවා.. මේ රූප රාමු එහෙම පිටින්ම මේ වෙලාවේ මගේ හිතෙත් ගලනවා.. :) පට්ට..

      රවී බ්‍රෝ.. මතකද මුල් කවි පද දෙක.. ඒකට එතන ඔහේ අඩුව පුරවපු ඉතුරු පද දෙක දැන් මතක නෑනේ.. අඩුම තරමින් පෝස්ට් එකවත් මතක නෑ හොයන්න.. :))

      කළු ගල් බොරළු මැද අපි ආ අඩිපාරේ..
      යාවි දෙගොඩ මහ පාලම තැනුනානේ..

      Delete
    5. කමියා,

      /රවී බ්‍රෝ.. මතකද මුල් කවි පද දෙක.. ඒකට එතන ඔහේ අඩුව පුරවපු ඉතුරු පද දෙක දැන් මතක නෑනේ.. අඩුම තරමින් පෝස්ට් එකවත් මතක නෑ හොයන්න.. :) /

      ඉඳහං එදා මම දාපු කමෙන්ට් එක එහෙම පිටිම්ම දාන්නංකො ආය මොටෝ අඩුවක් පාඩුවක්...හෙහ්,හෙහ්,

      /කළු ගල් බොරළු මැද අපි ආ අඩිපාරේ..
      යාවි දෙගොඩ මහ පාලම තැනුනානේ../

      මල්ලි මේ .....අපිත් කණුපැළැල්ලට සම්බන්ධ කොල්ලො හරී?...

      උඹ දන්නවනෙ..මයෙ පොඩි අම්ම බැන්දෙ එහාට. අනික මම ඉපදුනෙ රිවර්සයිඩ්වල. මම කලින් කිව්වද කියල මතක නෑ. එක පාරක් ඔය ගඟ අයිනෙ පිට්ටනියෙ තිබ්බ අවුරුදු උත්සවේකටත් මම ආව. ඒ සිංහල අවුරුද්දකට පොඩි අම්මලගෙ ගෙදර ආපු වෙලාවක එහෙ මල්ලිල දෙන්න එක්ක ගිහිල්ල. එහෙ ලොකු මලය එල්ලේ කප්පිත්ත. එදානම් උඹලගෙ හිඟුරුගමුවට දුන්න කණුපැළැල්ලෙ එවුං හොම්බෙං යන්ට...:)

      බොලායෙ අම්ම කියාපු කවියෙ ඉතිරි පද දෙක මෙහෙමයි.

      රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ,
      යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ,
      පෙම්දස් මැතිඳ ජනහද හඳුනන මානේ,
      ඔබ වත දකිනවිට මට සත පහ සිහිවේ,

      මල්ලි අම්මට සුබ උපන් දිනයක් කියල මාත් කිව්වය කියාපං....:)

      Delete
  12. හැබැයි ඉතිං කවද හරි දාක මේ මං තනියම පක්ෂයක් පිහිටෝලා සුරුබුහුටි නගාලා ටිකක් එහෙම අපේක්සිකාවො කරගෙන පිළිවෙළකට ඡන්දෙයක් කාරිය ඉල්ලුවොත් රැස්වීම් නොතියම ඡන්දෙ ගන්න පුළුවං. ආං එදාට ඉතිං අනික් පක්ෂ ටික සේරම කැලේ.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      දැම්ම ඉඳලම එහෙම ඉටි කිරිස් ලලනාවො දහයක් දොළහක් ලෙහෙත්ති කරල තියාගං සැං පවුඩර් ලිස්ටික්, කියුටැස් එහෙම සෑහෙන්ට උලල...

      Delete
    2. බොට මතකයැ රවියො, අර ටී ජී ඩබ් සිල්වා උන්නැහැ ලියාපු බගලවතී ඉස්කෝලෙ හාමිනේ කතා සීරීස් එකේ ඔන්නොහොම සීන් එකක් තිබුනා..

      බගලවතී ඉස්කෝලෙ හාමිනේ පටන් ගන්නවා අලුතෙන් දේශපාලන පක්ෂයක්, ඒකෙ නම "අවංක අවිවාහක වනිතා පක්ෂය", ඒකට බඳවගන්නෙ තරුණ අවිවාහක ගෑල්ළමයි විතරයි.. මෙයාලා රට පුරා පෙරහැරවල් යනවා සීගිරි ලලනාවො වගේ ඇඳලා, කොණ්ඩෙ උඩට කරලා බැඳලා, ලී කෙළි එහෙම නට නටා.. ඔහොම ඉඳලා ඉඳලා බගලවතී එළි දක්වනවා එයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය.. ඒකෙ තියෙන විදියට එයාලා කරන්ට බැරි දේවල් පොරොන්දු වෙන්නෙ නෑ.. එයාලගෙ එකම ඡන්ද පොරොන්දුව තමා, එයාලා මැතිවරණය දින්නොත් එයාලට ඡන්දෙ දුන්නු ඕනෑම කෙනෙකුට හැකියාව ලැබෙනවා පක්ෂ සාමාජිකාවක් ඕනෑම වෙලාවකදී ඕනෑම පොදු ස්ථානයකදී සිපගන්ට..

      මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වපු දාට පහුවෙනිදා ඉඳන් අනිත් පක්ෂවල සාමාජිකයො හිටු කියලා තමතමන්ගෙ පක්ෂවල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙනවා.. කට්ටියක් තමන්ගෙ නායකතුමාගෙ අවංකභාවය ගැන සැක සහිතයි කියලා ඉල්ලා අස්වෙනවා.. තව කට්ටියක් තමන්ගෙ පක්ෂයේ ප්‍රතිපත්තිවලට තවදුරටත් එකඟවෙන්ට බැහැයි කියලා අස්වෙනවා.. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමේදී මහා අර්බුදයක් ඇතිවෙනවා අනිත් පක්ෂවල.. අවසානෙදී අගමැතිතුමාට සිද්දවෙනවා හදිසි තත්ත්වයක් උදා වීම මත මැතිවරණය අවලංගු කරලා දාන්ට..

      Delete
    3. බූරා,

      ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා මහත්තය මවපු අනික් චරිතෙ මොකක්ද බං? මහාචාර්ය ඔල්මොරොංදං නේද?

      Delete
    4. ලියන්නට ටිකක් ප්‍රමාද උනා
      ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා මහත්තය ලියපු කතාවක තිබුණු කවියක් මටත් මතක් උනා
      "හැඩේ බල බල කඩේ යනකොට කුඩේ වැටුනා මඩ වලේ
      ඒක ගන්නට පාත් උන කළ ඔලුව වැදුනා කළු ගලේ"
      ඒ කාලේ කොල්ලොත් මේකට තව 'අමු හිංගල' පද දෙකකුත් එකතු කරලා තිබුනා.
      මේවා සොඳුරු අතීතයේ මතක !

      Delete
  13. අර රවිෂ තිලකවර්ධන හොන්ඩ අකටහ්වක් කියල තිබුනේ බුකියේ. කව්ද අහල තිබුන ඇයි මේ ජෙප්පන්ට පෙරේට්ටන්ටම බනින්නේ විවේචනය කරන්නේ මෙච්චර යුඇන්පී සිරි ලංකා කාරයෝ වැරදි කරද්දී කියල. රවිෂ කියල තිබුන උන් තමයි යමක් කරන්නේ කියල වැරදි විධිහට හිතල හරි. උන්ට හිතන්න පුරුදු කරන එක අපේ යුතුකම කියල. උඹ කරන්නෙත් ඒකද කොහෙද?
    පතිරාජ කියන්නේ ඒ කාලේ තිබ්බ ප්‍රශ්න පොර දන්නා විධිහට සිනමාවෙන් නිරූපණය කරපු එකෙක්. ඒක කලාත්මකයි. අනිත මටහ්වද අත හැරලා දාපන්. සෝවියට් දේශය ගැන කතා කලොත් උඹල තවමත් ඒක ගැන හිතන් ඉන්නේ සුද්දෝ කියපු බොරු ටිකත් එක්ක. ඇත්තයි බොරුයි දෙකම එතන තියනවා. මම එකක් වටහා ගෙන ඉන්නේ. මිනිසුන්ට නිදහස දෙන්න ඕනේ නිර්මාණශීලි වෙන්න. නැත්නම් රොබෝවරු ටිකක් හැදෙන්නේ. එහෙම ජිවත් වෙලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඔබ හරි...ජෙප්පො ගැන මගේ හිතේ තියෙනව ලොකු බලාපොරොත්තුවක්..අන්න ඒක හින්දමයි උංගෙ පොඩි වැරැද්ද උනත් අල්ලගෙන නිර්දය විවේචනය කරන්නෙ..

      දැං අර පවුල්වල ඉන්නවනෙ සහෝදරයො තුන් හතරදෙනෙක්. සමහර එවුං කොහොමවත් හදන්ට බෑ..ඒ හින්ද ඌ ගමේ ගෙයක් බින්දත් අම්ම තාත්ත මොකවත් කියන්නෙ නෑ. කියන්නෙ නෑ කියන්නෙ වෙන දෙයක් හින්ද නෙවෙයි කියල වැඩක් නැති හින්ද.

      ඒත් පවුලෙ බාලය තැනකට එයි කියල විස්වාසයක් තියනව නම්, ඌ රෑ තිස්සෙ නඩලමේ ගිය මුල්ම දවසෙ තාත්ත ඌව ගහේ බැඳල ගහනව. ඒ වෙන එකක් හින්ද නෙවෙයි ඌව හදාගන්ට...:)

      කොමියුනිස්ට් වාදයෙ බිඳ වැටීම ගැන කිව්වොත් මගෙ අදහස නම් කාල් මාක්ස් සහ එංගල්ස්ට වැරදුනේ නෑ..ඒ තියරි එක හරි..ඒත් කොහෙ හරි වැරදීමක් වුනා ..ඒ කොහෙද?..හෙහ්..හෙහ්...මම ඒ ගැන මගෙ හිතට එන කල්පනාවල් පෙලගස්සනව තවම.. එක විදිහක් උනහම ලියන්නං...:)

      Delete
    2. කාල් මාක්ස් සහ එංගල්ස්ට වැරදුනේ නෑ-- මම ඕක ගැන ලියල තියනවා කොහෙද- මට කම්මැලියි දැන් කාල් ගාන්න. මම කිව්වේ සරලව මේකයි දැන් නිව්ටන් ගැන අපි ඉගෙන ගන්නවනේ. පොරගේ තියරි කිසියම් පරාසයක ඒ කියන්නේ කාලය නියතයක් වන තැනක් හරි. දැන් මගේ දූට ෆිසික්ස් උගන්වන කොට තව මට නිව්ටන්ගේ නියම තුන කියල දෙන්න වෙනවනේ. හැබැයි අපි කාලය වෙනස් කරලා කාලය අවකාශය දෙක ගත්තම් අයින්ස්ටයින් හරි වෙනවා. හැබයි ක්වන්ටම් ගියොත් උන් දෙන්නම වැරදියි නේ.
      ඔන්න ඔය කේස් එක තමා මාක්ස් එංගල්ස් ගැනත්. මාක්ස් ඒ කාලේ එංගලන්තේ අර පතල් සහ ඒවල දුක් වින්ද සුද්දෝ දිහා බලල තියරියක් ගේනවා. උඹ ඒ කාල පරාසේ ඉඳගෙන කියෙව්වොත් උඹට තේරෙයි මාක්ස් හරි කියල, හැබයි මාක්ස් දැන් හිටියොත් ලියන්නේ වෙන පොතක්. එංගල්ස් ගත්තත් උගේ දයලේක්තික ඉතිහාස පොතේ භාගයක් ඒවා වැරදියි. පොරගේ කාලේ හොයාගෙන තුබුණේ අපි ඉන්නේ මන්දාකිණියක කියල. උඹ ඒවා දැන් විශ්වාස කරනවා නම් උඹට පිස්සු වෙන්න ඕනේ.
      ලෙනින්, ට්‍රොට්ස්කි දෙන්න කලේ තනිකරම වාද කරල තමන්ට ඕන විධිහට තියරිය නවපු එක. ලෙනින් මැරුණට පස්සේ ආවේ අර හෙන ඩොටේක ඉඳල නගරෙට ආපු ස්ටාලින් කියන ගම් බට්ට. ඌට ඇරියස් තිබ්බ හැමෝම එක්ක. අර පොල් පොට් කියන ගම් බට්ට වගේම. උන් දෙන්න කලේ අර මාක්ස් කියපුව ගෙඩි පිටින් අරගෙන මොකක්දෝ එකක් හදන්න හදපු එක. යන්තන් ස්ටාලින් මැරුණම තමා රුස්සෝ හුස්මක් ගත්තේ. ඔන්න මචන් ඉතා සංක්ෂිප්තව කතාව.
      උඹට තේරෙනවද දැන් අර උඹ අකමැති තේරෙන්නේ නැති දේවල් ලියන දීප්ති කුමාර ගුණරත්න හෙම ගමේ උන්ට මාර භය ඇයිද කියල. හේ හේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...