Friday, September 2, 2011
39. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......3
පෙම් කතාවේ මුල් කොටස
දෙවන කොටස
පුස්තකාලය අසල පෙත්මඟේ නුග ගසයට ආසනයේ හිඳ සිටි මා ඇය නෙත් ගැටී මසක් පමණ ගත වන්නට ඇත. මේ කාලය තුල අවදියෙන් සිටිනා මොහොතක් පාසා මා සිත සැරිසැරුවේ ඇයයි. පුදුමයකට මෙන් නින්දට වන් කල්හි සිහින ලොවෙහි මා සොයා ආවේ ඇය නොව......මා ඔබට මීට පෙර පැවසූ පාසලේ සත්වන වසර පමණදී එකම එක්වරක් මා දුටු ඒ අද්භූත රූප සටහන් පෙලයි.......දස වසරකට වැඩි වුවද කිසිසේත්ම අඩු නොවනා කාල පරාසයකට පසුව හදිසියේම නැවත ඒ දසුන් එක් වරක් නොව නොකඩවා කීප දිනක්ම දර්ශනය වූයේ මන්ද?........පෙත්මඟේ දුටු ඒ නීල නයන යුග...අපර්ණා......ඒ සුරූපී යුවතිය සමඟ මෙහි යම් සම්බන්ධයක් ඇතැයි මගේ සිත එක හෙලාම පවසන්නට විය.
ඒ දෑස...මා සිත මත් කළ ඒ දෑස, සොයමිනි විශ්ව විද්යායලය තුල සැරි සරූ සෑමවිටම මා නෙත් විමසිලිමත් වූයේ.
අවසන ඇය මට හමුවිය. එදින උදය කාලයේ තදින් වැසි වට නමුදු අපර භාගයේ වැස්ස තුරල් වී අහස් කුස පැහැදිලි විය. වැසි බිඳු තණපත් අග, සැඳෑ හිරුරැස් පතිතව දිලිසුනේ මිණි ඇමුණුවාක් මෙනි.උදයේ වට වර්ෂාවෙන් තෙත්ව තිබුණු පෙත් මඟ ඔස්සේ මම අංක 14 දේශනාගාරය කරා පිය මැන්නේ මා තෝරාගත් අතිරේක පාඨමාලාවේ සමාරම්භක දිනය ඒ වූ බැවිණි.
විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියනට, තමන් හදාරණ පාඨමාලාවන්ට අමතරව, අතිරේක වශයෙන් තමන් කැමති ඕනෑම පාඨමාලාවක් අතිරේක ගාස්තුවක් ගෙවීමෙන් තොරව හැදෑරීමට පහසුකම් සලසා තිබිණි.බොහෝ සිසු සිසුවියෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෝ තමන්ගේ විනෝදාංශයන්ට අදාල හෝ තමන් ප්‍රියය කරන එහෙත් තමන්ගේ මූලික පාඨමාලාවෙන් ආවරණය නොවන විශයයක් මේ සඳහා තෝරා ගත්හ.
මෝගල් අධිරාජ්‍යය සමය මා හදාරන පුරාණ සහ මධ්‍යකාලීන ඉන්දීය ඉතිහාස පාඨමාලාවට අයත් නොවූ බැවින්ද කුඩා කල සිට මා සිත මෝගල් අධිරාජ්‍ය යුගය කෙරෙහි දැඩි ලෙස බැඳී තිබුණු බැවින්ද මම අතිරේක පාඨමාලාව ලෙස තෝරා ගත්තේ ඉන්දීයාවේ සුප්‍රසිද්ධ ඉතිහාසඥයකුගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නියමිත ඒ පිළිබඳ පාඨමාලාවකි.
මා එහි ලඟාවන විටත් සෑම අසුනක්ම පාහේ පිරී තිබුණේ පාඨමාලාව මෙහෙයවන ඉතිහාසඥයා ඉතා ප්‍රකට පුද්ගලයකු වූ නිසාම විය යුතුය.
ශාලාව පසුපස ඇතුළුවන් ප්‍රධාන දොරටුව අසලම වූ හිස් අසුනක මම හිඳ ගතිමි. ඒ සමඟම පීඨිකාව වෙත ළඟා වූ දේශකයා සුපුරුදු ලෙස තමා හඳුන්වා දීම ආරම්භ කලේය. මම ඒ වෙතට යොමුවූ දෑසින් යුතුව සිටියේ, මා අසලම වූ අසුනේ යමෙකු අසුන් ගනු වත් නොදිටිමි. එක්වරම හමා ආ පිච්ච මල් සුවඳකින් මගේ අවධානය බිඳී ගිය අතර මම සෙමින් හිස හරවා යාබද අසුනේ සිටින පුද්ගලයා දෙස බැලීමි.
අසුරු සැනින් කාලය නැවතත් නැවතී ගියේය......තමන් හඳුන්වා දෙමින් සිටි ඉතිහාසඥයා අඳුරු වී නොපෙනී ගියේය.අවට සිටි සියල්ලන්ද සමඟ දේශන ශාලාව බොඳ වී මැකී ගිය අතර, ඇය හා මා පමණක් ඉතිරිව මුළු මහත් ලොවම අතුරුදන් වූ සේ මට හැඟී ගියේය.
එසේය,.......... ඒ නිල් වන් දෑස නැවතත් මා දෙස බලා සිටී. මා දෙස බලා විශ්මය පත් වූ සේ මඳ සිනහවක් පෑ ඇය නැවත ඉදිරිය බලා ගත්තීය. මම ද ආයාසයෙන් ඈ කෙරෙන් දෑස් මුදාගෙන ඉදිරිය බලා ගතිමි.
එලෙස අප නැවත කිසිදින වෙන් නොවන්නට දෙවන වර හමුවූයෙමු.ඇය වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර, අතිරේක පාඨමාලාව ලෙස මෝගල් අධිරාජ්‍යය සමය පිළිබඳ පාඨමාලාව තෝරාගැන්මට තුඩු දුන් හේතු වී ඇත්තේ ඇයගේ ද ඒ කාල වකවානුව පිළිබඳ පැවති ව හරි හැටි විවරණය කල නොහැකි බැඳීමක් වැනි හැඟීමකි.
මම දුටු සිහිනවන් දර්ශන, ඇයද කුඩා කල කිහිප වරක්ම දැක ඇති අතර, වැඩි විය පැමිණෙත්ම එම සංසිද්ධිය ක්‍රමයෙන් නැති වී ගිය බව ඈ මා හා පැවසුවාය. එහෙත් මා මෙන් නොව ඇයට දර්ශනය වී ඇත්තේ ගීයක් ගයමින්, වාදනයේ යෙදෙන කඩවසම් තරුණයා සහ ඔහු ඉදිරියේ නර්තනයේ යෙදෙන, රුවැති යුවතියකගේ දර්ශනය පමණි.
අප දෙදෙන හමුවීමෙන් පසු කිසිම දිනක මම හෝ ඇය එම දර්ශන නැවත නොදුටු අතර ක්‍රමයෙන් ඒ පිළිබඳ මතකයද ගිලිහී ගියේ අපගේ ඉදිරි ජීවිතය පිළිබඳ සැළසුම් කල යුතු බොහෝ දේ අප ඉදිරියේ වූ බැවිණි.
අලහබාද් නුවර ආසන්නයේම ප්‍රත්‍යාන්ත නගරයක උපන් අපර්ණා ගේ මාපියන්, මධ්‍යම පාන්තික වෘත්තිකයෝ වූහ. ලිබරල් මතධාරීන් වූ ඔවුන්ගෙන් අපගේ ප්‍රේම සම්බන්ධයට කිසිදු අයුරකින් බාධාවක් එල්ල වූ යේ නොවේ.
මෙලෙස ඊළඟ සිව් වසර මුළුල්ලේ, ඇගේත් මගේත් ප්‍රේම වෘත්තාන්තය ගිම්හාන සමයේ කිසිදු කලබලයකින් තොරව, ශාන්තව ගලා බස්නා යමුනාව මෙන් ගලා ගිය බව පැවසීම ප්‍රමාණවත් වේ යයි මම සිතමි.
දෙවන පෙල ඉහල සාමාර්ථයක් සහිතව උපාධිය ලැබූ මම, මේ වන විට අලහබාද් විශ්ව විද්යා ලයේම සහකාර කථිකාචාර්ය ධුරයක් දැරූ අතර අපර්ණාගේ වෛද්‍ය උපාධි අවසාන පරීක්ෂණය නිමවූ වහාම චාම් උත්සවයකින් පසු අප විවාහ වීමු.
මගේ සොහොයුරිය සහ ඇගේ සැමියා ශ්‍රී ලංකාවේ සිට පැමිණ මංගල්‍යෝත්සවයට සහභාගී වූ අතර අපර්ණාගේ ඥාතී හිතමිත්‍රාදීන් උදෙසා පැවති සාදයකින් පසු මධුසමය සඳහා අපි කාශ්මීරය බලා මවිසින් ඉතා මෑතක මිළදී ගත් මෝටර් රියෙන් පිටත් වීමු.
මධුසමය සඳහා කාෂ්මීරය තෝරා ගන්නා ලද්දේ ඇය විසිනි. ඊට හේතු වශයෙන් කුඩා අවදියේ පටන් කාශ්මීරය කෙරෙහි දැඩි ඇල්මක් ඈ තුල වූ බව ඇය මා හා පැවසුවාය.
අප දෙදෙන ඒ අනුව කාශ්මීරය බලා යන අතර සිදුවූවකි මා ඔබට මේ කථාව ආරම්භයේදීම පැවසූයේ.
වරින් වර සුදු සේල සුළඟේ පාව යන අයුරු හමා යන මිහිදුම් සළු තිර අතරින්, වරෙක පෙනෙන, වරෙක නොපෙනී යන, යෝධ චිනාර් වෘක්ෂය දෙස ඇසි පිය නොහෙලා මම බලා සිටියේ, මසිත තෙරපෙන මේ නුහුරු නුපුරුදු හැඟුම් සමුදාය වටහා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරමිනි.
එසේ කොපමණ වේලා සිටියේද යන්න මට සිහියට නගා ගත නොහැක." සහන්,........ඔයා මොකද මේ සීතලේ කරන්නෙ?" අපර්ණාගේ හඬින් මම පියවි ලෝකයට පිවිසුනෙමි.
" අහ්......අපර්ණා,.....කාරෙක එක පාරටම ස්ලිප් කලා.....මම ඒ පාර මේ පොඩ්ඩක් බැස්ස එලියට හුළං ටිකක් වත් වදින්ටෙයි කියල.....ඒක නෙවෙයි එන්නකො බඩුවක් පෙන්නන්ට" මම ඇගේ අත අල්ලා මා ළඟට ගෙන, නුදුරින් පෙනෙන කඳුගැටයේ මුදුන අත දිගු කොට පෙන්වීමි.
" කෝ, මට මොකවත් පෙනෙන්නෙ නෑනෙ? " ඇය බඳ වටා අත යවා මට තුරුලු වෙමින් ඇසුවාය.සත්‍යය වශයෙන්ම ඒ අවස්ථාවේ කඳුමුදුන සම්පූර්ණයෙන්ම මිහිදුමින් වැසී තිබුනු බැවින් කිසිවක් නොපෙනුනු බව සැබවි.
" ඉන්නකො පොඩ්ඩක්......ඔය මීදුම සැරින් සැරේ තුනී වෙනව....එතකොට බලන්ටකො " මම සීතලෙන් වෙව්ලන ඇය තුරුලු කර ගනිමින් පැවසුවෙමි.
එක්වනම කඳුමුදුන වසා සිටි මිහිදුම් පොරෝනය සුළං පහරින් විසිර ගියේය. කොහේදෝ සිට පැමිණි අව් දහරක් කඳු මුදුන එලිය කලේද මෙ මොහොත කාලයක් තුරා බලාපොරොත්තුව උන් අයුරිනි. කඳුමුදුන මත නැඟීසිටි රත්වන් පත්‍ර වලින් වැසීගිය යෝධ වනස්පතිය සැඳෑ හිරුරැසෙහි දිලුනේ ගිනි ඇවිලුනාක් මෙනි.
" Oh, God" අපර්ණා පැවසුවේ වෙව්ලන හඬිනි....." Sahan, what's that?...........It can't be natural?......can it?..........it.......it.....it looks like that tree is on fire....."
මතු සම්බන්ධයි...............
Subscribe to:
Post Comments (Atom)
මේක පුනුරුප්පත්ති කතාවක්නම් අපර්ණ්ට ගහ මතක නැතුව ඇති ඒ ආත්මෙ. එයා එතකොට මැරිලානෙ.
ReplyDeleteහය්යෝ... හොඳම තැනින් නවත්තලනෙ. හරියට බෙරයක් ගහගෙන ගහගෙන ගිහින් එක පාරටම නැවැත්තුවා වගේ... පාඨකයන්ව ඔච්චරම අමාරුවෙ දාන්න එපා රවි මාමේ... දැන් ඉතිං ඊලඟ කොටස කියවන්න ලැබෙනකල් ඉර එළියෙන් චිනාර් ගහේ අතු ගිනිගන්නවා වගේ පේන දර්ශනය හිතේ මැවි මැවි තියෙයි...
ReplyDeleteමේ පෙම් කතාවද තවත් ඛේදාන්තයක් නොවේවායැයි හද පත්ලෙන්ම පතමි.
ReplyDeleteතවත් මේ වගේ පුනරුත්පත්තිය ගැන කිය උනු ෆිල්ම් එකක් තමයි 'මධුමතී'. කාගෙන් හරි ෆිල්ම් එක හම්බ උනු හන්දා බැලුවා. ලස්සන ආදර කතාවක්. හරිම දුකයි. හැබැයි වර්තමානේ පෙම්වතුන් දෙන්නට මුකුත් උනේ නෑ. ඉක්බිති ඒ දෙන්නා සතුටින් ජීවත් උනා.
පොඩ්ඩි මධුමති ගැන කිව්ව නිසා කියන්නම්, ඕම් ශාන්ති ඕම් ෆිල්ම් එකත් හරිම ලස්සනයි...... ඔය වගේ ලඟින් යන කථාවක්...... ඒකත් බලන්න...
ReplyDeleteරවී මාමේ..... ඉතිං ඉතී.................ං.......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද කොසත් ලස්සනයි රවී අයියා
ReplyDeleteහෙක් හෙක් නිල් වන් දෑසක් තිබිලා තියන නිසා මමත් මේ කතාව ආසාවෙන්ම බැලුවා ..
හනිමුන් යන්ඩ වෙන තැනක් තිබේම නැද්ද බං ඔය බිම් බෝම්බ පිරිච්ච කාස්මීරේ ගියේ ?
මොනා වුණත් පට්ටයි බොලේ
අනේ බුදු රවී මහත්තයෝ, ආයෙනම් ආතා, මුත්තා කීවත් මාමේ කියන්නෙ නැතෝ. අපි එක්කලා තරහ ගන්ට එපෝ.
ReplyDelete