Monday, October 3, 2011
51. නිශාදිනී..............
මේක සාමාන්ය නෝමල් ප්රේම කතාවක්......ඇත්තම කිව්වොත් සාමාන්ය ජීවිතේදි සිද්ධ වෙන දේවල් ඉතින් සාමාන්යදේවල් කියල වෙනම කියන්ට ඕන නැහැනෙ......හෙහ්, හෙහ්, මේකත් එහෙම කතාවක්.....බොහොම සාමාන්ය කොල්ලෙකුට සහ කෙල්ලෙකුට සිද්ධ වෙච්ච අසාමාන්ය සිද්ධියක්......අසාමාන්ය කියල මම කියන්නෙ සාපේක්ෂව.......සමහර විට මේක තවත් කෙනෙකුට බොහොම සාමාන්ය දෙයක් වෙන්න පුලුවන්......
මේ කතාව සිද්ධ උනේ ජාතිවාදයේ ගිණි දැල් බුර බුරා නැඟෙන යුගයකදි......මෑත අතීතයෙ නම් නෙවෙයි........පාසල් සමයෙන් පසුව කාර්මික විද්යාල අධ්යාපනය ලබන කාලෙ.....එහා පංතියෙ හිටපු දමිළ යුවතියක හා මම පෙමින් බැඳුනා......දමිළ උනාට විශ්වාස කරන්න ඇය මට වඩා සුදුයි.....එයාල යාපනේ..........තාත්ත දෙමළ.....අම්ම සිංහල,
නෙතඟ බැලුම්....මඳ සිනහ.....ප්රේමයේ ප්රාථමික කාල සීමාව පසුකොට ප්රේම පුෂ්පය විකසිත වෙන්නට ඇරඹුනා පමණයි........ජාතිවාදී රකුසා මුව විවර කොට ගිනිදැල් විහිදුවන්නට පටන් ගත්ත.
ඒ කටුක යථාර්තය මට මුලින්ම පැහැදිලිවම දැනුනෙ ඇය කෙස් වැටිය හැඩ කල පිච්ච මල් එක් දිනක පැළඳ නොසිටිනු දුටු විටය.
" බෑ....අනේ....අප්ප කිව්ව පිච්ච මල් ගහගෙන පාරෙ යන්ට එපාය කියල "
ඔහොම සති දෙකක් විතර කාලයක් ගෙවිල ගියා....තත්වය එන්න එන්නම දරුණු අතට හැරුණා........අවසානයේදි කවදා හෝ එළඹේයයි මා බලාපොරොත්තු වූ ඒ දවස මා සිතුවාටත් වඩා බොහෝ විගසින් එළඹිණි.
" හෙට අපි යාපනේ යනව....ආපහු එන එකක් නෑ....." ඇගේ පියා කච්චේරියේ ඉඩම් නිලධාරියකු වූ අතර ඔහු යාපනයට කෙසේ හෝ ස්ථාන මාරුවක් ලබාගෙන ඇත.
නගර මධ්යයේ බද්ධ පර්යංකයෙන් වැඩ හිඳිනා යෝධ බුදු රුව.......ඒ ඉදිරිපිට ඇති බස් නැවතුම්පල......ඇය අවසන් වරට මගේ දෑත ගෙන සිප ගත්තීය.ඇගේ දෑසින් වැටුණු කඳුලක් මගේ පිටිඅල්ල මත වැටී බොඳවී ගියේය.මම ද ඇගේ දෑත සිප ගතිමි.
" පොයිටි වාරෙන්" ඇය බසයට ගොඩ වීමට පෙර එක වරම හැරී බලා සෙමින් පැවසුවාය.
පොයිටි වාරෙන්...ගිහින් එන්නම්.....මම තාමත් ඈ එනතෙක් බලා සිටිමි.
නෙතගින් බැලුම් මා හද මත් කලාවේ,
විගසින් ඉවත බැලුවේ මද සිනාවේ,
වරලින් පිච්ච මල් ගිලිහුනු වෙලාවේ,
පවනින් හමන එසුවඳ දැනි මනාවේ,
ගිනිදැල් පැමිණ ඇත ගේ දොර අබියසට,
හසරැල් මැකුණි පෙරදින ආ දෙතොලගට,
සිහිලැල් පවන හමනුයෙ යලි කවදාට,
කඳුලැල් උනනු දැනුනේ මගෙ නෙතුඅගට,
සෙනෙහස මියගියේ උපදින්නට පෙරම,
මඳහස නුඹේ හද පෑයූ සඳ සේම,
මියුලැස මතක පමණකි සුවඳක් සේම,
සිහිනය මියගියේ හිමිදිරියට පෙරය.
පවුරක් බැඳුනි කිසිදින හමුවිය නොහැකි,
කවරෙක් අත ද දොස මම තව නොදන්නෙමි,
සවනක් රැස් විහිදු බුදු රුව පාමුලදී,
අවසන් වරට කඳුලින් මම සමු ගතිමි,
ඉතිං?.......ඉතිං එච්චරයි.........කතාව ඉවරයි.
Subscribe to:
Post Comments (Atom)
ඉවරද ?
ReplyDeleteඅපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්සරහට එන කරදර ගැනත් කියලා, ආදරේ ශක්තිමත්කම උඩ ඒ හැම දෙයින්ම දිනන හැටි කියන්ට තිබුනානේ.
ReplyDeleteඅපොයි... ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයිද.... (මම තාමත් ඈ එනතෙක් බලා සිටිමි...)ඔය කීවට ඉවර නෑ වගේනෙ....
ReplyDeleteපොකු කියන්න වගේ අපරාදේ පස්සේ නාගදිපේ බලන්න ගිහින් හරි මුනගස්සන්න තිබ්බේ
ReplyDeleteඅනේ තව ලියන්න තිබුනානෙ....
ReplyDelete@ නිශ්,
ReplyDeleteඉවරයි නිශ්....ම්ම්ම්....දැනට නම් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ,
@ Podi Kumarihami,
ReplyDelete/ අපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්සරහට එන කරදර ගැනත් කියලා, ආදරේ ශක්තිමත්කම උඩ ඒ හැම දෙයින්ම දිනන හැටි කියන්ට තිබුනානේ. /
පොඩ්ඩිගෙ කමෙන්ට් එක දැක්කම මට මතක් උනා අපේ ගමේ වෙච්චි පරණ සිද්ධියක්....
මිනිහ ගමේම පෝසතා....දැන් ලෙඩ ඇඳේ...මරණාසන්නයි...කතා කලා හාමිනේට,
" හාමිනේ....මම දැන් අද ද හෙටද කියල නෑ....මම මළාට පස්සෙ ගලෙන් එහා රබර් කෑල්ල ලොකු පුතාට දෙන්ට "
" ලොකු පුතාට නෙවෙයි අනේ.... ලොක්ක සෙල්ලක්කාරය...ඒක දෙමු මද්දුමයට...."
" ම්ම්...හා, කමක් නෑ......හන්දියෙ බේකරිය දෙන්ට හින්නි පුතාට, "
" හින්නියට බේකරි වැඩේ හරියන්නෙ නෑ.....ලොකු දුවගෙ මහත්තයට තමයි ඒක හරියන්නෙ..."
""" හරි එහෙනම් එහෙම කරන්ට.....මේ ගේයි වත්තයි ලියන්ට බාලයගෙ නමට...""
"
" බාලයට ඔය ඕන තරම් දේපල තියෙන්නෙ....ගේයි වත්තයි ලියන්න ඕන පොඩි දුවගෙ නමට......"
ඒ පාරනම් ලොක්කට තදම උනා, ඒත් ඉවසල බොහෝම හෙමිහිට මෙහෙම ඇහුව හාමිනේගෙන්,
" හාමිනේ මට කරුණා කරල කියනවද දැන් මැරෙන්ට යන්නෙ ඔහෙද මමද? "
අන්න ඒ වගේ මට අහන්ට තියෙන්නෙත් " පොඩ්ඩි, දැන් කතාව කියන්නෙ ඔයාද මමද? ".......හෙහ්, හෙහ්, විහිළුවට හොඳේ.....තරහ වෙන්න ඔට්ටු නෑ..හරිය,
හරි......පොඩ්ඩිගෙ අදහස හොඳයි......සලකා බැලුවහැකි......ඇත්තටම එතන තියනව අපූරු කතාවකට නිමිත්තක්.....ඇත්තටම ස්තූතියි පොඩ්ඩි,
@ Tanikada,
ReplyDeleteහෙහ්, හෙහ්....මම එහෙම ලිව්වෙ එහෙම ඉඩකුත් තියාගෙන තමයි......
මේ, Mr. Single Shop,...මට නිකම් දැකල පුරුදුයි වගේ.......
@ Bindi,
ReplyDeleteහෙහ්...හෙහ්...නාගදීපෙ බලන්න ගිහින් නේද?.......පශ්චාත් යුද ජයග්‍රහණ නාගදීප චාරිකාවේදී මගේ ප්‍රථම ප්‍රේමය යළි හමුවුනෙමි........එහෙමත් නරකම නෑ නේද?.....ස්තූතියි බින්දි අදහසට.....
@ නිසුපා,
ReplyDeleteඇත්ත කතාව මෙතනින් ඉවරයි, නිසුපා....ආයෙ ලියනව නම් ලියන්න වෙන්නෙ ප්‍රබන්ධයක්.....ඒත් .....ඒකත් නරකම නෑ අදහස....ස්තූතියි ඔබේ දිරිගැන්වීමට,
බස් නැවතුම් පලේ සිද්ධිය මට මැවිලත් පෙනුනා..:)
ReplyDeleteපොඩි උනත් එළ කතාව.අර කිව්වත් වගේ කතාවේ ඉතිරි ටිකත් ලිව්වොත් හොඳයි .......:D
ReplyDeleteනෑ නෑ ඔය කිව්වට කතාව ඔහොම අහවර වෙන්න කොහෙත්නම ඉඩක් නෑ. නොකියපු ඩිංග කියන්නෙ කවද්ද?
ReplyDelete/දමිළ උනාට විශ්වාස කරන්න ඇය මට වඩා සුදුයි...../
ReplyDeleteහනේ මගෙ කට කහනව එක දෙය් අහන්ඩ අප්ප....!!
මට කතාව කියවල හිතට දැනුනෙ දුකක්
ReplyDelete@ සයුරි,
ReplyDeleteස්තූතියි ඔබට,
@ The Lion,
ReplyDelete@ nawammawatha,
@ observer,
ස්තූතියි ඔක්කොටෝම......අඩේ....දැන් මේකෙ ඉතිරි කොටසක් නොලියම බැරි සයිස් එකක් තියෙන්නෙ නෙවද?......හෙහ්, හෙහ්,
@ hansakinkini,
ReplyDelete/ හනේ මගෙ කට කහනව එක දෙය් අහන්ඩ අප්ප....!! /
මම දන්නව බොල උඹ අහන්ට යන එක......හෙහ්, හෙහ්,
ඈ බොල උඹට වැඩිය සුදු එවුන් ආයෙ වෙන කොහෙදැ ඉන්නෙ බං? ......ඕක නේද උඹ අහන්ට හදන්නෙ?....නෑ කියන්ට නම් එපා.....
මොනවා කීවත් අපි අපේ සමාජය තව බොහොම කාලයකට මේ විකාර ජාති බේදය ඇදගෙන යාවි.. එකට පොහොර වතුර දමන්නෝ මිස එක නැති කරන්න වචනයක් වත් කියන්නෝ හිඟයි..
ReplyDelete