අපි පොඩි කාලේ මොනවට හරි රණ්ඩු වුනහම අම්මා එක්කෝ තුන්දෙනාටම අල්ලාගෙන වයසේ පිළිවෙලට ඖෂධමය ආහාර ලබා දෙනවා. නැත්තං ආයේ රණ්ඩු නොවෙන්න හිතෙන්නම කාරණා කාරණා වටහලා දෙනවා. ඒත් ඉතිං ආයෙත් රණ්ඩු වෙනවා. ඒක වෙනමම කාරණයක්.
ඉතිං ඔය කාරණා කාරණා වටහා දීමේදී අම්මා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ අර 'ගෙඩියක් හරි හතකට කඩාගෙන' ගීතය.........

“උඹලාට බැහැ ඕක බෙදාගෙන කන්න. මිනිස්සු මෙන්න මෙහෙමත් කරලා තියෙනවා” කියලා අම්මා සිංදුව විස්තර කරනවා.
හයියෝ මට එපා වෙනවා. අපිට ඇපල් ගෙඩියක්, පේර ගෙඩියක් හරි තුනකට කපා ගන්න බැරි රටේ, මේ මිනිස්සු කොහොමද වෙරළු ගෙඩියක් හරි හතකට කැඩුවේ?.
අත කැපුනේ නැද්ද මන්දා.
අනිත් එක ආයේ මොනවද වෙරළු ගෙඩියක් හතකට බෙද බෙදා ඉන්නේ?, අතට අහුවෙච්චි ගමන් කටේ දාගන්නේ නැතුව.
හොඳයි වෙරළු ගෙඩිය තමයි ගෙඩිය. කන්න තියෙන ප්‍රමාණෙට වඩා වැඩියි ඇටේ. ඒ ටිකත් කන්න පුළුවන් නං ඔය බෙදිල්ල ගැන යාන්තං හරි විශ්වාස කරන්න තිබුණා.
ඇරත් ඔය බෙදා හදාගෙන කාපු උදවිය අන්තිමට පැල ඉනි වැටත් බෙදාගන්න බැරුව ඉංග්‍රිසියෙන් ම කථා බහ එහෙම කරගෙන තියෙන්නේ.
ඔය වගේ අනේක විධ ගැටළු මට ඇති වුනා ඒ කාලේ. කොහොමින් කොහොම හරි අන්තිමට මගේ හද පතුලේ රැඳුනු දේ තමයි ඔය සිංදුව බොරුවක්. අතිශෝක්තියක් කියන එක. ඒක නිසා ම ඒ සිංදුව උපයෝගී කරගෙන අම්මා දෙන්න හදපු ආදර්ශය නං මගේ හිතේ මායිමකටවත් ආවේ නැහැ. “මොන පිස්සුද?” කියලා හිතින් හිතලා නිකං හිටියා. ඇයි ඉතිං ආයේ ඒක පහදන්න ගියා නං එහෙම පැහැදිලි කිරීම් පැත්තක තියලා අම්මාගේ ඖෂධමය ආහාරයක් ටොක්කක් වශයෙන් මගේ හිස මත පතිත වීමේ අවස්ථාවක් තිබුනා.
ඔහොම කාලයක් ගියා. ගිහින් ගිහින් අද උදේ වුනා. උයලා පිහලා, තේ හදලා, බත් බැඳලා අවසානේ නෑමේ අවස්ථාව උදා වුනා. අනේක විධ තෙල් වර්ග තියෙනවා කඩේ, හිස ගල්වන්න කියලා. ඔය මොන තෙලක් දැම්මත් හරියන්නේ නැහැ මට. දැම්මොත් විනාසේ. උදේට නැගිටිද්දි නහය බෙල්ල ගාව. ඒ තරමට බර වෙලා. පොත් තෙල්ම තමයි එකම තෛලය.
හැබැයි අර ඊයේ පෙරේදා හෝ ගාලා ඇඩ් ගිය, “නෙරළු තෙල්” නං දාලා බලන්න බැරි වුනා නේද කියලා ඔහොම නනා ඉන්නකොට මට මතක් වුනා. ඒත් එක්කම මට තනියෙම හිනා ගියානේ. ඒ මොකද දන්නවද? අපි හඳුනන ඇන්ටි කෙනෙක් කිව්වානේ නෙරළු තෙල් හදන්නේ නෙරළු ඇට හින්දලා කියලා.
අනේ කාලේ වනේ වාසේ කිව්වාලු.
පොල්තෙල් කිව්වා නං හපෝ පොල්තෙල් දාන්න පුළුවන්ද? හිස මුඩු ගඳ ගහනවා, ඔළුව දිගේ බේරෙනවා, යනාදී වශයෙන් නොයෙකුත් කථා. “නෙරළු තෙල්” කිව්වහම ශා නියම තෙලක්, කොණ්ඩෙටත් සනීපයි, මටත් සනීපයි, නැවුම් සුවඳයි. මට, ‘අනේ අම්මා පල්ලා’ කියලා අපේ ආච්චි කියන්නා වගේ ම කියැවුනා.
දැන් ඉතිං දන්න අය 'අපෝ අපි දන්නවා' කියලා හිතා ගනිත්වා! නොදන්නා අය දැන ගනිත්වා!!
නෙරළු කියන්නේ පොල් වලට ම තමයි.
දැන් මොකද හිතෙන්නේ, මට අතැඹුලක් සේ (ඇත්තටම අතේ ඇති නෙල්ලි නෙමෙයි වෙරළු ගෙඩියක් සේ),
මෝහාන්දකාරය දුරු කරමින් සඳ පෑයූවා සේ,
'අඩේ, මේකනේ මේ මනුස්සයා පුල පුලා කියලා තියෙන්නේ' යනුවෙන් සියල්ල පැහැදිලි වුනා එක්වරම.
සුනිල් එදිරිසිංහ මහත්මයා ටක්කෙටම කියනවා ඇත්තේ,
“නෙරළු ගෙඩිය හරි හතකට කඩාගෙන,
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන,
උන් අපි එදා සත්කුළු පව් විලාසෙන,
පැලඉනි වැටට ඇයි අද ඇණ කොටාගෙන,"
කියලා ම තමයි.

වෙරළු ගෙඩිය හරි හතකට කඩන්න ගියා නං චප්ප චොරොප්පන් වෙලා කන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැනේ. ඒ වගේම වෙරළු නං හරි හතකට කපාගෙන කියයිනේ. නෙරළු නිසා තමයි කඩාගෙන කියලා කියන්නේ.
තව ටිකෙක් ආකිමිඩීස්ට වෙච්චි එකේ අනිත් එක නෙමෙයි, ඒකම තමයි වෙන්නේ මටත් දැනුනු සතුටේ වැඩි කමට.
එහෙම හිතිල්ලෙත් අවුලක් නෑ වාගේ.....
ReplyDeleteඅමාරු දෙයක් බව පෙන්වන්න වෙන්නෑති පොඩි ගෙඩියක් තෝරාගන්න ඇත්තේ....
එක අතකට ඕවා ගැන සෙවීම "නොකෙරෙණ වෙදකමට කෝඳුරු තෙලුත් හත්පට්ටයක්" සොයන්නාවාගේද කියා සිතේ...... ;-)
හි හි......... ඒ කාලේ නං නොකෙරෙන වෙද කමම තමයි අයියේ, කොයි වෙලේත් තුන්දෙනා මොකක් හරි කොක්කක් දාගන්නවා, දැන් හිතද්දිත් හිනා යනවා. ඒවා කොච්චර සොඳුරුද කිව්වොත්, මගේ ලිපි වල වැඩිම ට්‍රැෆික් තියෙන්නේ ඒ කාලේ ගැන ලිව්ව ලිපියකට
ReplyDeletehttp://ranrandil.blogspot.com/2011/06/76.html
:)
ඔළුව වැදුනද කොහේවත් ?
ReplyDeleteඔහොම කාලයක් ගියා. ගිහින් ගිහින් අද උදේ වුනා. මේ තියෙන්නෙ හොඳම ටික.
ReplyDeleteමමත් නං දැං සෑහෙන කලක පටන් අපේ අක්කලාට කියා දෙනවා ඇඩ් වල තියෙන බොරුව.
ඔය කීවට අක්කන්ඩි යුරේකා කීයලා දීවද දන්නෑ
ReplyDeleteඅනේ අක්කේ ඔයාටත් හිතෙන ඒවා. හැබැයි අපරාදෙ කියන්න බෑ හිතිච්ච ටික අපිටත් ඒ විදිහටම හිතෙන්න හිතෙන විදිහට ලියලා තියනවා. දැන් මේ පෝස්ට් එක ඇවිල්ලා බලන්න ඕන කවුද දන්නවද? සුනිල් එදිරිසිංහ මහත්තයා හරි ඒ සින්දුව ලියපු වසන්ත කුමාර කොබවක මහත්තයා හරි... මං දන්නවා ඒ අයත් හිනා වෙලා කමෙන්ට් එකක් එහෙම දාලා යයි...
ReplyDeleteමට පේන්නේ ඔලුවට නෙරළු ගෙඩියක් පත බෑවිලා කල්පනාව නං සත් කඩකට පැලිලද කොහෙදෝ...හිකිස්....:D
ReplyDeleteඅත්තටම මේ ගෑන මටත් පොඩිකාලේ තෙරුනේ නෑ.. 4 පන්තියෙදි විතර මට මතකඉ මේ සින්දුව අපිට ඉගෑන්නුවා.දෑන් තමා තෙරුනේ
ReplyDeleteමටත් ඉස්සර ඔය සින්දුව අහන අහන සැරේට හිතෙනවා කොහොමද අප්පා මේක කලේ කියල :) ඔන්න දැන්නෙ වැඩේ පැහැදිලි උනේ :D
ReplyDelete