Monday, October 24, 2011

54. මහා පුරුෂයෙකුගේ සමුගැන්ම......................


අපේ කාලයේ ගාන්ධර්වයා වූ ඔහු......ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයන් කරා රැගෙන ගිය අසහාය යුග පුරුෂයා වූ ඔහු........

බඹරු ඇවිත්......හැත්තෑව දශකයේ අග භාගයේ සිංහල සිනමාව මින් පෙර නොවී වීරූ පරිවර්තනයකට මඟ පෑදූ පුරෝගාමී සිනමා නිර්මාණය.....අහස් ගව්වෙන් ඇරඹි පතිරාජයන්ගේ සිනමා වන්දනාවේ කූට ප්රාප්තිය.....එහි සිත මෝහනය කරවනා, එකිනෙක පරයා නැඟෙන මුහුදේ රළ මෙන් පසුපස ලුහුබැඳ එන නාද රටාව...ඒ ඔහුගේ නිසඟ කුසලතාවයේ අග්ර ගන්ය ප්රතිඵලයයි.

උදුම්බරා........හිනැහෙනවා.........
උදුම්බරා........හිනැහෙනවා.........
ඉර අඳුරට....හැංගෙනවා,
දස දහසක් සම් මස් ඇට.....
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුලු වැහි වැහැලා....
ගිනිගෙන රත් වුනු දවසක්.....
සැනසෙන එක සැන්දෑවක....
මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක,
උදුම්බරා........හිනැහෙනවා.......

බඹරු ඇවිත්, ආපසු අනන්තයට පියඹා ගොස් අපේ ඇස් මානයෙන් සමුගත්තා පමණි. උදුම්බරාවන්ගෙන් කම්පිත හද මද ඉසුඹුවක් ගැනීමට සැරසුනා පමණි.

ඔහු නැවත අප හද වෙණ තත් කම්පනය කලේය.

ඒ සියොතුන් රැලකගේ ආගමනය ඔස්සේය. හෙමින් සැරේ පියා විදා........ ඒ සියොතුන් පැමිණියේ හංස විලම කලඹවමිනි.

හෙමින් සැරේ පියා විදා,
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්,
පළා ඇවිත්.....සිතුම් සියොතුන්,
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්,

මලක් නම් එය මලක් වුව මැන,
සිඟිති සුකොමල රුවෙන් සරසන,
විලක් නම් එය විලක් වුව මැන,
නීල ඉඳුවර දියෙන් උපදින,


ධර්මසිරි බණ්ඩාරනායක නම් තවත් එක් යුග පුරුෂයෙකුගේ සිනමා ආගමනය....හංස විලක්......

ඒ අතර ගොළු හදවතින් තුන්වන යාමයට......
අප්රකාශිත ආදරයේ ශෝකාන්තය......

**********************************************

" මේ................. " මම ඇගේ සුරත අල්ලාගෙන දෙනෙතට එබුණෙමි,

" ඇයි? "

" ඔයාට බැරිද මා එක්ක සතියකට විතර තරහ වෙන්න?......"

" මොකක්?............පිස්සුද ඔයාට.......... ඒ මොකටද? "

" නෑ...මේ ගිය සතියෙ මම ගත්ත අර කේමදාසගෙ ගොලු හදවතින් තුන්වෙනි යාමයට සී.ඩී. එක, "

" ඉතින්? "

" ඉතින් ඒක නියම විදිහට රස විඳින්ට නම් බූට් එකක් කාපු මූඩ් එහෙක ඉන්න ඕන...................."

" ඔයාට නම් පිස්සු ද කොහෙද............."

( අර්ධ සත්යයක් ඇසුරින් කල ප්රබන්ධයකි )

**************************************************

ඔපෙරාව නැතහොත් ගීත නාටකය.....කැන්ටාටාව නැතහොත් ආගමික ගීත නාටකය අපට හඳුන් වා දුන්නේ ඔහුය.

මානස විල......පිරිනිවන් මංගල්යනය......

ඔහුගේ ස්වර නද හරහා දැහැන් ගත වීම ජීවිතය විඳීමට ඇති එක් ඒකායන මාර්ගයක් බව මම තරයේ විශ්වාස කරමි.

අඩ අඳුරේ ගිලුණු සඳලු තලය......ඈත හන්තාන මතින් පායා එන පුරා සඳ.....පසුබිමින් සිහින් හඬින් නැඟ එන...... උදුම්බරා හිනැහෙනවා....... සහ......... හෙමින් සැරේ පියා විදා.................දෑස අඩවන් වන්නේ මත නිසාම නොවේ.....දෑස පියවී සවන පමණක් විශ්වයට විවෘත වූ මොහොතක්......විශ්වය හා සමඟ මගේ ආත්මය ඒක මිතික වූ මොහොතක්.....

ප්රේමසිරි කේමදාසයිනි.......ජීවිතය විඳීමට එක නොවරදින මඟක් සනිටුහන් කර දුන් ඔබට.............. මගේ හෘදයාංගම ප්රණාමය...............

කේමදාසයන් අභාවප්රාප්තවී අදට තෙවසරකි.

10 comments:

  1. ගොඩාක් වටින පුද්ගලයෙක්...

    ReplyDelete
  2. හංස විලම කැළඹෙයි.. ටං ටර ටං ටර ටං ටර ටං..

    එකා එකා යනවා බං අයියෙ, දැන් ඉතිං ඉතිරිවෙලා ඉන්නෙ වික්ටර්ලා, අමරෙලා සෙට් එක විතරයි.. එයාලත් ගිය දාට..!!??

    ReplyDelete
  3. ගොළු හදවතෙහි තේමා ගීය, දෙපාදොවන උණුසුම් රළ පෙළක් මෙන් උදෑසන සිත තවාලූය....
    කලගුණ මතක ඇති සහෘදයාණෙනි..ස්තූතියි..

    ReplyDelete
  4. හොඳ කලාකරුවෙක්....රටට , ජාතියට විශාල පාඩුවක්!!!!

    අර අර්ධ සත්‍ය පේම කතාවත් හරි ලස්සනයි...:D

    ReplyDelete
  5. මේ වැඩේට නං මං හරිම කැමතියි. සමුගත්ත අලුත සැමරුම් සිහි කරන එකත් හොඳයි. ඒත් මෙහෙම මතක තියාගෙන ඉඳලා වසරින් වසර සිහිකර යමක් සටහන් කිරීම හරිම ගුණවත් දෙයක්. මේ ලිපියට මං හරි කැමතියි.

    ReplyDelete
  6. මුළු රටකම මාස්ටර් වූ එතුමන්ගේ ස්වර වියමන් සැබැවින්ම අද්විතීයය. එවන් රිද්ම සංකලනයක්, එවන් අපූර්ව වූ මියැසියක් වෙනත් අයෙකුගෙන් ඇසෙනු නැත්තේමය.

    ReplyDelete
  7. ඔහු ඇත්තෙන්ම මහා පුරුෂයෙක්

    ReplyDelete
  8. ප්‍රේමසිරි කේමදාස, එහෙමත් නැත්නම් මාස්ටර් මගේ ෆැන්ටසියක් වෙන්නෙ ගොඩක් ඕලෙවල් කරන කාලෙ වෙන්න ඕන. ටී වී එකේ මාස්ටර් ඉන්න ප්‍රෝග්‍රෑම් බොහොම අඩුවෙන් තමයි මඟ ඇරුනෙ [මාස්ටර් ටී.වී එකට ආවෙත් බොහොම කලාතුරකින් මගෙ මතකෙ හැටියට] එතුමා දකිනකොට පු‍ටුවෙ හොඳට හරි බරි ගැහිල කකුල් දෙකත් උඩට අරං බොහොම ආසාවෙන් දැහැන් ගතවෙනව. ඒ දවස්වල මාස්ටක් කියාපු ගොඩක් දේවල් නොතේරුනත් කතාකරපු හැම වචනයක්ම බොහොම බරට දැනුන. එහෙම හැඟීමක් ඇතිවෙලා තියෙන්නෙ රංබණ්ඩා සෙනවිරත්න, තිස්ස අබේසේකර දෙන්නා විතරයි.

    ReplyDelete
  9. ජීවිතේ හැටි එහෙමයි. ඒත් මෙවන් පුරුෂයන් සමුගන්න කාලයක් කතාකරන්න වැදගත් දෙයක් ඉතිරි කරලා. කිසිත් නොකර. නැතිනම් තියනා දේත් කාබාසිනියා කරන අයටත් පුෂ්පොපහාර කරනා රටක කේමදාසයන් ගැන වසර තුනකට පසු කතාකලේ මොනවාද....?
    දුකයි අයියේ..:(

    ReplyDelete
  10. @ Winchat Kirilli,

    @ Buratheno,

    @ තිස්ස,

    @ Podi Kumarihami,

    @ RanDil,

    @ සිත්තමී,

    @ Observer,

    @ nawammawatha,

    @ priyantha,

    ඇත්තටම අපේ අවාසනාවට අහිමි වූ ජාතියේ සම්පතක් කේමදාසයන් කියන්නෙ....ස්තූතියි ඔබ සැමට.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...