කතාවේ මුල් කොටස
" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."
" අනේ පාලිත.....මට බයයි....අනික මට හොඳට පීනන්නත් බැහැනෙ...."
ඔහුගේ සිනා හඬ විල් තෙර පැතිර ගියේ ඉවුර අසබඩ වූ කුඹුක් ගසෙහි ලැගවුන් වවුලන් කීප දෙනෙක් බියපත්ව තටු විදහා අහසට නංවමිනි.
" ළමයො...... මම පීනන්න නෙවෙයි ඔයයිට කතා කලේ....ඔරු පදින්න.....ඔරු පදින්නෙ ඔරුව ඇතුලෙ වාඩි වෙලා....."
එහෙත් ඔහු දෙස බලා සිටි සුබාගේ දෑසෙහි වූයේ බියපත් බැල්මකි.
" අනේ පාලිත මම වතුරට බයයි, අනික මගෙ කේන්දරෙත් තියනව......"
" අයියෝ....ඔයා හරිම බය ගුල්ලියක්නෙ.....මම ඉන්නවනෙ ළමයො....එන්න එන්න....." ඇගේ අත අල්ලාගත් ඔහු හිඳ සිටි අසුනින් නැඟිට, ඇගේ බියපත් දෑස දෙස බැලූයේ සිනාසෙමිනි. ඔහු පසුපස ඔරුව වෙත ගිය ඈ ඔරුවට ගොඩ වී අසුන් ගන්නා තෙක් ඔහු ඔරු කඳ නොසෙල්වෙන සේ අල්ලාගෙන සිටියේය.
විල් තෙර හාත්පස පැවතියේ දැඩි නිහඬතාවයකි. ඉවුර අසබඩ කුඹුක් ගස් අතුපතර පොරකන වවුලන්ගෙන් නැගෙන රාවයෙන් පමණක් ඉඳහිට නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සුන්දර රාත්රියෙහි ඔහු සෙමෙන් හබල් ගාමින් ඔරුව විල මධ්යයට ගෙන ගියේය.සඳරැස් පතිත ජල මතුපිට දිලිසුනේ කිරි ඇතුරුවාක් මෙනි.නෙත් වශී කරවන සුළු සුන්දරත්වයෙන් ඔදවැඩීගිය සුබා ද ඇගේ බිය අමතකව කුඩා දැරියක මෙන් හඬ නගා සිනා සුනාය.
මද වේලාවක් විල මැද ගත කල ඔවුහු ආපසු පැමිණෙමින් සිටියහ.
එක්වරම සුබා සුරත දිගු කරමින් කෑගැසුවාය " පාලිත, අනේ අර මොනවද අර මල්? හරිම ලස්සනයි....."
'' ඒ කුමුදු මල් " සුදු රේන්ද මෙන් සඳ එළියේ දිලෙන කුමුදු මල් යාය දෙසට ඔහු ඔරුව හැරවූයේය.
" අනේ පාලිත හරිම ලස්සනයි....ඉන්න මම මලක් කඩා ගන්නම් '' ඇය කුමුදු මලක් නෙලා ගැනීමට නොඉවසිල්ලෙන් ඔරුවේ නැඟිට මල් යාය දෙසට නැඹුරු වූවාය
'' සුබා....ඉඳගන්න...ඉඳගන්න.....බැලන්ස් නෑ ළමයො.....දැන් ඔන්න.....'' පාලිතගේ කෑගැසීම එකෙනෙහිම නතර වූයේ සමබර තාවය ගිලිහී ගිය ඔරුව පෙරලී ඔවුන් දෙදෙනාම සීතල ජලයට ඇද වැටුණු හෙයිනි.
" පාලිත......'' ඇගේ ආයාචනාත්මක හඬ එක් වරක් දියයට ගොස් මතුපිට පැමිණි ඔහුට ඇසුණේ සිහිනයෙන් මෙනි.
'' සුබා.....කොහෙද ඔයා?.......'' වියරුවෙන් මෙන් පාලිත ඒ හඬ ඇසුණු දෙසට පිහිනමින් කෑගැසීය.
ඒ මේ අත පිහිනමින් කෑගසන ඔහුගේ හඬින් බියපත් වූ ඉවුරුබඩ කුඹුක් අතු පතර ලැග සිටි වවුලෝ කෑ ගසමින් පියඹා අහසට නැංගෝය.විල් ජලතලය මත වූ සඳෙහි පිළිබිඹුව සියක් කඩකට, නැවත සහස්කඩකට නැවත දස දහස් කඩකට බිඳී ගියේය.
සඳ එක් වරම කොහේදෝ සිට පාව ආ වළාවකට වැසී ගිය හෙයින් විල් තෙර එක් වරම අඳුරේ ගිලී ගියේය.
'' සුබා''.......ඝන අඳුර විනිවිදිමින් පාලිතගේ හඬ දසත පැතිර ගියේය.
සඳ වසාගත් වලාව එක් වරම දුරුව ගොස් හාත්පස ඒකාලෝක විය.ඒ සඳ එළියේ එක් වනම ඇස ගැටුණු දසුනින් පාලිත ගේ මුලු සිරුරම හිරි වැටී ගියේය. කුමුදු මල් යායෙහි මැද සුබාගේ සුරත පමණක් දියෙන් ඉහලට එසවී තිබිණි එහි අතැඟිලි වල එවිට ද සුදු කුමුදු මලක් රැඳී තිබිණි. කතාකරගත නොහැකි පමණ බියෙන් අකර්මණ්ය වී ගිය පාලිතට කල හැකි වූයේ ඒ දෙස අයාගත් දෙනෙතින් බලා සිටීම පමණකි.
කුමුදු මල රැඳි ඇගේ අත ක්රමයෙන් ජලයේ ගිලී නොපෙනී ගියේය. අවසන මොහොතක් ජල තලය මත රැඳුනු කුමුදු මල ද ජලයේ ගිලී ගිය පසු පුන් සඳ නැවත වරක් වලාවකට වැසී හාත්පස යලිදු ඝන අඳුරෙක ගිලී ගියේය.
පාලිතට පැහැදිලි ලෙස මතකයේ ඇත්තේ එපමණකි.ඉන්පසු සිදුවූ දේ පිළිබඳව ඔහුගේ මතකය ව්යාකූලය. බොඳ වූ මිහිදුම් පටලයන් තුලින් දිස්වන අපැහැදිලි රූ ලෙස...පහත්ව සුබාගේ පියැවුණු දෙනෙත සිප ගන්නා දසුනක් සහ ඇගේ දෑතෙහි කුමුදු මලක් රඳවන දසුනක් විටින් විට මතකයේ රඟමින් නැවත බොඳ වී යයි.
ඉන්පසු ඔහුගේ මතකයෙ ඇත්තේ වසර විස්සක් තම නිවහන වූ මේ කුටියට පැමිණි දා ය. එදින ද දෛවෝපගත ලෙස පුන් සඳ අහසේ දිලි රාත්රියක් වූ අතර කව්ළුව අසල සිට එදෙස බලාසිටි ඔහුගේ දැහැන බිඳී ගියේ ඇගේ සෙනෙහෙබර හඬිනි.
'' පාලිත ''
'' සුබා ඔයා.........කොහේද ළමයො...මෙච්චර දවසක් ගිහිල්ල හිටියෙ.....මම ඔයා එනකල් කොච්චර නම් බලා හිටියද? ''
'' එදා ඔයා කුමුදු මලක් ඕනය කිව්ව නේද?....මම කුමුදු මලකුත් තියාගෙන ඔයා එනකල් බලා හිටිය...ඒත් ඔයා ආවෙ නෑනෙ සුබා...'' ඔහු කියවාගෙන ගියේ කුඩා දරුවකුසේය.
කුඩා දැරියක මෙන් සිනා සුණු ඇය මෙතෙක් පසුපසට කරගෙන සිටි සුරත ඔහුට පෑවාය...එහි වූයේ පිණි බිඳු තවමත් පෙති වල රැඳි කුමුදු මලකි.
'' කොහෙන්ද...අනේ?........'' ඔහු විමසූයේ විස්මය රැඳි හඬකිනි.
'' අර අපි ඔරු පැදපු විලෙන්....මම එදා කඩා ගත්තෙ...... ඒ මල තමයි මේ....''
ඈ වෙත පිය නැඟි ඔහු මහත් සෙනෙහසින් ඈ වැළඳ ගත්තේය.
'' සුබා ඔයා හැමදාම මා ළඟ ඉන්න,..... හොඳේ? ''
'' ඒක කරන්න බෑ පාලිත....'' ඇගේ හඬෙහි වූ ශෝකය ඔහුගේ හද පාරවාලීය...'' ඒක කරන්න බෑ...පුරා හඳ පායපු දවසට විතරක් මම එන්නම් ඔයා ළඟට.....කුමුදු මලකුත් අරගෙන......''
'' එතකොට අනික් දවස් වල මම තනියමනෙ.......''
'' ඒ දවස් ගැන ඔයාට හැඟීමක් නෑ පාලිත ඒ නිසා කාලය ගෙවෙනව ඔයාට තේරෙන එකක් නෑ...''
'' කොච්චර කාලයක් මෙහෙම මම ඉන්න ඕනද සුබා......'' ඔහු ඇසුවේ ඇගේ නලලත සිප ගනිමිනි.
'' අවුරුදු විස්සක් පාලිත.......අවුරුදු විස්සක්....ඒ කාලෙ ඇතුලත හැම පුරා හඳ දවසටම මම එන්නම් ඔයාව බලන්න...''
'' මාසෙ අනික් හැම දවසෙම ඔයාගෙ හිතේ තියෙන්නෙ පුරා හඳ පායන දවස ගැන බලාපොරොත්තුව විතරයි, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ...අවුරුදු විස්සක් අපි දෙන්නට මෙහෙම ඉන්න වෙනව පාලිත...ඒක අපේ ඉරණම.''
ඒ අවුරුදු විස්සකට ඉස්සර....එදා ඉඳල හැම පුරා හඳ පායන දවසකම සුබා ආව පාලිත බලන්න.....නිකම්ම නෙවෙයි ....කුමුදු මලකුත් අතින් අරගෙන....
අදට හරියටම ඒ අවුරුදු විස්ස ගෙවිල යනව.......හදිස්සියෙම පාලිතට සිහියට ආව ඒ කතාව...
'' සුබා?..... ...... ''
සුපුරුදු පරිදි සුබා දැනගෙන හිටිය පාලිත කියන්න යන්නෙ මොකක්ද කියල....
'' ඔව්...රත්තරන්....අදට අවුරුදු විස්ස සම්පූර්ණයි....අද ඉඳල අපි දෙන්න වෙන් කරන්න කාටවත් බෑ...''
'' ඒ කිව්වෙ ඔයා මා එක්ක මෙහෙ නවතිනව? ''
'' නෑ...ඔයා එන්න මා එක්ක යන්න.....මම ඉන්න ලෝකෙට...ඒ ලෝකෙ අපි දෙන්නට සදාකාලිකවම එකටම ඉන්න පුලුවන්...ආයෙ කිසිම දාක වෙන් වෙන්නෙ නැතුව...''
'' හරි සුබා...මම ලෑස්තියි....අපි යමු......''
කුමුදු මල ද සුරතින් රැගෙන වමතින් පාලිතගේ සුරත අල්ලාගෙන ඇය කුටියේ දොරටුවෙන් නික්මුනාය.....වලාකුලක් මත පාවෙන්නාක් සේ ඈ පසුපස පාලිතද කුටියෙන් නික්ම බරාඳය ඔස්සේ පාව ගියේය.
රහස් පරීක්ෂක නව කථාවක් කියවමින් බරාඳය කෙලවර කුඩා මේසය පසුපස හිඳ සිටි රාත්රි මුරය භාර සේවකයා ඔබට මතක ඇතැයි සිතමි.
ඔහු තමා කියවමින් සිටි කතාවේ අවසානයට ළඟා වෙමින් සිටියේය.මියගිය තරුණියගේ ආත්මය මිනී මරුවා පසුපස ලුහුබඳිමින් ඔහු මරා දැමීමට අවස්ථාවක් සොයන උද්වේගකර අවස්ථාවට ඔහු ළඟාවෙමින් සිටියේය. එකවරම දැනුනු දැඩි සීතලක් සමඟ ඔහුගේ සියලු රෝම කූප ලම්බකව සිටගත් අවස්ථාවකට ඔහු පත්විය. කිසිසේත් මේ නම් හුදෙක් තමා කියවමින් සිටි කථාව පමණක්ම කරණ කොටගෙන සිදු විය හැක්කක් නොවන බව එකෙනෙහිම අවබෝධ කරගත් ඔහු සෙමින් හිස ඔසවා බැලීය.
ඔහු දුටු දසුන ජීවිත කාලයටම මතකයෙන් බැහැරව නොයන්නක් බව එකෙනෙහිම ඔහු සක්සුදක් සේ දත්තේය.
සුදු වතින් සැරසුනු රූමත් යුවතියක් ඔහු ඉදිරියට පාවී එමින් සිටියාය...එසේමය....ඈ පාවී එමින් සිටියාය....ඈ සමඟ ඇගේ අත ගෙන පැමිණියේ අංක 14 දරණ කුටියේ නේවාසිකයාය. තමා මෙහි සේවයට ඒමට ද බොහෝ කලකට පෙර සිට ඔහු අංක 14 දරණ කුටියෙහි වසන බව රාත්රි මුරය භාර සේවකයා පැහැදිලිව දැන සිටියේය.
තමාගේ සේවා මුරයේදී නේවාසිකයෙක් අනවසරයෙන් බැහැරව යාම තමන්ගේ සේවා වාර්තාවට අනර්ථයක් වනු සේම සේවය අහිමි වීමටද හේතුවක් විය හැකිබව හොඳින් දත් රාත්රි මුරය භාර සේවකයා වහා නැඟී සිටීමට තැත් කල නමුදු පුදුමයකට මෙන් කිසි ලෙසකිනුදු ඔහුට නැඟී සිටිය නොහැකි විය.
විස්මයෙන් සහ භීතියෙන් අයාගත් මුවින් සහ දෑසින් යුතුව ඔහු බලා සිටිද්දී පාලිත සහ සුබා ඔහු පසුකර ගොස් බරාඳය කෙලවර අගුළු ලා වසා තිබූ දොරටුව තුලින් පිටව අතුරුදන් විය.බරාඳය පුරා පැතිරී තිබුනු දැඩි සීතල ද ඒ සමඟ තුනී වී ගියේය.
වෙව්ලන ගතින් යුතුව තවත් ටික වේලාවක් අසුනේම රැඳී හුන් රාත්රි මුරය භාර සේවකයා අවසන අවසඟ දෙපා වලින් නැඟී සිට සෙමෙන් සෙමෙන් අංක 14 දරන කුටිය වෙත පිය මැන්නේය.
තමා වෙත වූ යතුරෙන් කුටියේ දොරටුව විවෘත කල හෙතෙම දුටු දසුනින් විස්මය පත්ව දොර උලුවස්ස තදින් ග්රහණය කොට ඊටම වාරුවිය.
අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලාඑමින් තිබිණි.එහි සයනය මත පුරා වසර විස්සක් එහි විසූ නේවාසිකයා අවසන් නින්දේ සැතපෙමින් සිටියේය.
*****************************************
විල්තෙර වූ අසුනෙහි එකිනෙකාට තුරුලු වී සිටියේ තම මධු සමයෙහි අවසන් රාත්රිය ගෙවනා තරුණ යුවලකි.
පෑයූ පුරා සඳ එක වරම වලාවෙකින් වැසී ගොස් දසතම ඝන අඳුරින් වෙලී ගියේය.
වලාවෙන් මිදී සඳ යලි පෑයූ ඉක්බිති ඔවුන් දුටුවේ විල් තෙර මධ්යයෙහි පාවෙනා ඔරුවකි. එහි වූ යුවතිය නැමී ජලය මත පිපුණු කුමුදු මලක් නෙලා ගත්තීය. ඒ ඔරුව හබල් ගෑමෙහි යෙදෙන තරුණයාට පෑ ඕ තොමෝ කිකිණි පරයන හඬින් සිනාසුනාය. ඊට පිළිතුරු සිනහවක් පෑ තරුණයා සෙමෙන් සෙමෙන් කුමුදු මල් යාය අතරින් විල් තෙර කරා ඔරුව මෙහෙයවීය.
යලිත් වරක් පුන් සඳ වලාවකට මුවා වී දසතම අඳුරින් වෙලී ගියේය. යළිදු සඳ කැනින් විල්තෙර ආලෝකමත් වෙද්දී තරුණ යුවල දක්නට නොසිටියෝය.
එහෙත් මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.
ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.
ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.

මේක හොල්මන් කතාවක් කියලා දන්නෙ නැතුව මං මහ රෑ මේක කියෙව්වේ. ඔන්න දැන් මේක කියවලා නිදාගන්නෙ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. නින්ද යාගෙන එනකොට විලක් මැද්දෙන් අතක් මතු වෙලා පේන්න ගත්තොත් කොහොමද? ඔන්න මං අද නිදාගන්නෙ නෑ...
ReplyDeleteකතාවනම් හරිම ලස්සනයි රවි අයියේ... ගොඩක් වෙනස්... අන්තිම පේළි තුනෙන් history repeat වෙලා, එතන තමයි කතාන්දරේ උපරිමය මටනම්...
අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා මෙහෙම දවස ගානෙ කියවනකොට.. හැබෑට බං රවි අයියෙ, උඹ වැඩ කරද්දිත් මේව ලිය ලියාද ඉන්නෙ..!!?? එක කතාවක්නං මදෑ, මෙතන එකයි, වලවුවෙ එකයි..
ReplyDelete@සිත්තමී,
ඔවු ඔවු, නිදාගන්ට එපා.. එතකොට හීනෙන් පෙනෙයි වතුර යටින් අතක් ඇවිත් බෙල්ල මිරිකනවා.. :))
ඔන්න මම අද උදෙත් ආයෙම මේක කියෙව්වා. ඇත්තමයි, අර සමහර ෆිල්ම්ස් එහෙම තියෙන්නේ මහා භයානක සිද්ධි බොහොම අමාරුවෙන් දත කාගෙන දිව හපාගෙන වීරයො කට්ටිය එකතු වෙලා විසඳනවා, අන්තිමට ඒ කට්ටිය සතුටෙන් සාමයෙන් විසිර යද්දි ආපහු ඒකෙ මොකක් හරි කොණක් ඉතුරු වෙලා තියෙන තැනකට කැමරාව ගෙනියනවා. මට ඔහොම ෆිල්ම්ස් පේන්න බෑ. ඒත් මේ කතාව ඒ වගේ අවසානයක් දීලා තියෙන නිසාම වැඩියෙන් ලස්සන වෙලා.
ReplyDeleteකතාව ලස්සනම ලස්සනයි. දුකයි. ඒත් තාම තේරෙන්නේ නෑ එයා අංක 14 දරන කුටියේ ඉන්නේ ඇයි කියන එක. එයා එතන ඉන්නේ මානසික ආබාධයක් හින්දද?
ReplyDelete//ඉන්පසු ඔහුගේ මතකයෙ ඇත්තේ වසර විස්සක් තම නිවහන වූ මේ කුටියට පැමිණි දා ය.//
මෙහෙම කියලත් තියනවනේ.
සිත්තමී කීවා වගේ රෑ බැලුවානම් එලිවෙනකල් ඇහැරගෙන තමා. හොඳ වෙලාවට උදේ කතාව දැක්කේ...:)
නියමයි.. කොටස් දෙකම එක පාරම කියෙව්වා...
ReplyDelete“ මේ රෑ , අපෝ බැහැ කෙල්ලේ “ ඔහු ඇගේ ඉල්ලීම ක්ෂණිකයෙන් ඉවත දැම්මේ ය.
ReplyDelete“ ඇයි අනේ.ඔයා මේ බය වෙලා “
“ නැහැ, මේ විලේ සාපයක් තියෙනවා “
“ඔයැයිගෙ විකාර “
“ විකාර නෙමෙයි ළමයො, මේ විලේ ඔරු පදින්න යන්න හොඳ නැහැ. අද වගේ ලස්සන දවසක මොන ඔරුද කෙල්ලේ . “ ඔහු ඇයව තමා වෙතට ඇද ගනිමින් පැවසුවේය.
“ අනෙ යන්න අනේ යන්න , ඔහෙ හරි නරකයි “
“ මේ අහන්න. .මට තේරෙන්නෙ නැහැ මේක කොහොම ඔයාට පැහැදිලි කරන්න ද කියලා , ඔයා මට හිනාවේවි මේක අහලා. ඒත් ඔයා දන්නෙ නැහැනේ, පුරපෝය දවසට මේ විලේ ඔරු පදින්න යන තරුණ ජෝඩු නොහිතූ විදිහට ජීවිත විනාස කර ගන්නවා.හරියට සාපයක් වගේ “
“ නැහ් ...“ බිය වූ ඇගේ දෙනුවන් දෙස මදක් බලා සිටි ඔහු ඇයව තමා වෙතට ඇද ගෙන තම උණුසුමට තුරුළු කර ගත්තේය.
“ හ්ම් . . . මම දන්නේ නැහැ මේ සාපය කොහෙන් , කවද කොහොම පටන් ගත්ත ද කියලා. ඒත් ඒක එහෙමයි “
“ සාපයක් කවද හරි ඉවර වෙනවා “
“ ඔවු කෙල්ලේ , ඒත් කවුරු , කොහොම , නවද ඉවර කරයි ද කවුද දන්නේ “
ඔහුගේ උණුසුමින් මිදුනු ඇය , ඔහු දෙස බලා ඉවත හෙලිය නොහැකි ආයාචනයක් ඉදිරිපත් කරන්නට විය.
“ අපි යං ඔරු පදින්න “
මාරම ලස්සනයි රවි අයියා . හොල්මං කතාවක් බවට මේක හැරෙයි කියලා මම කියටවත් හිතුවේ නැහැ . නියමෙටම ලියාතියේ
ReplyDeleteමීට අවුරුදු 8 විතර සුබා කියලා කෙනෙක් අපේ ගමේ තියන වැවේ ගිලිලා මැරුනා බං සිරාවටම . බයේ බැරුවා
මෙව්වා කියවන්න බෑ අප්පා. මහ දුකක් එනව හිතට
ReplyDeleteමෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + කියල රේට් කරන්න බැරිද . අම්මප හරියටම රෑ දොළහයි .
ReplyDeleteලස්සනයි කතාව . බස හැසිරවීම විශිෂ්ටයි
@ සිත්තමී,
ReplyDelete/ ඒත් මේ කතාව ඒ වගේ අවසානයක් දීලා තියෙන නිසාම වැඩියෙන් ලස්සන වෙලා. /
කතාවෙ ඔය විදිහට අවසාන කරන්න මට හිතුනෙ අන්තිම මොහොතෙ.....
Really glad you like it & think it has added an altogether new twist to the story......
@ Buratheno,
ReplyDelete/ අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා මෙහෙම දවස ගානෙ කියවනකොට.. හැබෑට බං රවි අයියෙ, උඹ වැඩ කරද්දිත් මේව ලිය ලියාද ඉන්නෙ..!!?? එක කතාවක්නං මදෑ, මෙතන එකයි, වලවුවෙ එකයි../
අම්මප මලේ වෙලාවක මාව දොට්ට දානව රස්සාවෙන්...ඒක නම් මම දන්නව අනිවාර්යයෙන්ම......වලව්වෙ පූර්ණ කාලීනව සේවය කොරන්ට තමයි වෙන්නෙ එහෙම උනොත්.....පොඩි කුමාරිහාමිගෙ පිහිට තමයි ඉතිං.......හෙහ්, හෙහ්,
@ Podi Kumarihami,
ReplyDelete"/ එයා අංක 14 දරන කුටියේ ඉන්නේ ඇයි කියන එක. එයා එතන ඉන්නේ මානසික ආබාධයක් හින්දද? /
"
ඔයා හරි පොඩ්ඩි.......පාලිත මානසික රෝගියෙක්...එදා තම දෑස් ඉදිරිපිට සුබා මියගිය අන්දම සහ තමා ඊට වග කිවයුතු යයි සිතීම නිසා ඔහු මානසික රෝගියෙක් බවට පත් උනා.....
Thanks Poddi....for your appreciation as always......
@ හසී,
ReplyDeleteස්තූතියි හසී...........
@ වත්,
ReplyDeleteහෙහ්, හෙහ්...එහෙමයි එහෙනම් උනේ නේද?
දැන් මෙන්න.....කඩඉම් ප්‍රශ්නය...... කියන්න ඔබ ....ගන්නවද නැද්ද?
අර දෙන්න ඊට පස්සෙ ඔරු පැද්ද ද නැද්ද?
@ සඳරු,
ReplyDeleteස්තූතියි මලේ,
වතුරෙ ගිලිල මැරිච්ච උදවිය බොහෝ දුරට හොල්මන් වෙනවයි කියල මම අහල තියනව...ඒ වතුරෙ ගිලෙද්දි ඇතිවෙන බරපතල මානසික කම්පනය නිසාලු.
@ තිස්ස,
ReplyDeleteදැන් බාගෙටය කතාව කියෙව්වෙ තිස්ස?......හෙහ්, හෙහ්,
.@ Bindi,
ReplyDelete/ මෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + කියල රේට් කරන්න බැරිද /
හෙහ්, හෙහ්, හොඳ අදහස...හොල්මන් +....අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්ට අහිතකර විය හැක කියලත් දැම්ම නම් මල් හතයි....
/ අම්මප හරියටම රෑ දොළහයි ./
ඔන්න බලමු ඒකෙත් හැටි....හොල්මන් මූඩ් එකටම හරියන වෙලාව...
Thanks Bindi,
හප්පේ මං හිතුවෙ අරයට පිස්සු නිසා එහෙම පේනවා කියලා.බලාගෙන යනකොට සුභාගෙ ආත්මය ඇත්තටම එතනට ඇවිත් නේ.
ReplyDeleteරවී අයියේ මේ වගේ සුපිරි සටහන් වලට අලගු තියන්න මයෙ කමෙන්ට් මදී බං. විහිළු නෙමෙයි, කියවල හිතට දැනිච්ච හැඟීම ගිණි මද්දගනෙ වැඩ රාජකාරී අස්සෙ කරවෙච්ච ඔළුවට ගලපාගන්න බෑ.
ReplyDeleteඅපේ ගමෙත් ඔයේ ගිලිලා මැරුණ අක්ක කෙනෙක් රෑට රෑට ඔය ගාව ඉන්නව ගොඩාක් දෙනෙක් දැකල තියනව.....

ReplyDelete