ටික කාලෙකට ඉස්සරවෙලා මම වැඩකලා විදේශීය ඉදිකිරීම් සමාගමක. ඔය මම කියන දවස්වල එයාල ගම්පල - නුවර එළිය මාර්ගය පුළුල් කිරීමේ කටයුතු වල යෙදිලයි හිටියෙ. ඉතින් ඔන්න මම වැඩ කලේ තවලම්තැන්න කියන හරියෙ.අපෙ ගෙදර පැණිදෙණියෙ නෙව. ඉන්ටසිටියක නැග්ගනම් පැයකුත් කාලක් වගෙ යන්නෙ ගෙදර එන්න.ඉතින් ඔය කාලෙ අත්‍යාවශ්‍යම රාජකාරියක් සෙට් වෙල රෑ දෙගොඩ හරිය වෙනකල් වැඩ කරන්ට උනේ නැත්නම් මම හැමදාම හවසට ගෙදර ආව.
මොනවද...වැලිමඩ හරි නුවර එළියෙ ඉඳල හරි කොළඹ හෝ නුවර යන ඉන්ටසිටියකට ගොඩ උනානං පැයකුත් කාලක් වගෙ යන්නෙ...පේරාදෙණියෙ යුනිවසිටියෙ පිහිටීම ගැන දන්න අය දන්නව ඇති..අක්බාර් හෝල් එක ගාවින් බැහැල කැම්පස් එක මැදින් ඇවිදිල්ල කන්ද බැහැල රේල් පාර පැන්නම පැණිදෙණිය....විනාඩි දහයයි යන්නෙ. ( අමුවෙන් ආපු දවසට ) එහෙම නැත්නම් කීයද?..විනාඩි විස්සක්?..තිහක්?...ම්හු..වැරදියි...එහෙම සන්තර්පනය වුනු දවසට විනාඩි පහයි...අර කන්ද බහිනව එක ගැම්මට...මුලම පඩියට අඩිය තියන එක විතරයි...බෲඌස් ගාල කන්ද පල්ලෙහ මම....හෙහ්, හෙහ්,
හරි හරි ඒ එක හුස්මට කඳු බැහැපුව අල්ලල දාමු..ඒ ගැන කියන්ට නම් නෙවෙයි මේ හදන්නෙ.....හරි මේකයි කතාව හොඳද?....ඔය තවලම්තැන්න පැත්තට හිටපු ගමං පාත් වෙනව මීදුම....හවස හතර වගෙ වෙනකොට සමහර දවස්වලට ඇහැට ඇඟිල්ලෙං ඇන්නත් පේන්නෙ නෑ........ඒ තරමට හතර වටේම සුදුම සුදු පාටිං වැහිල...හරි ඔන්න අතුරු ප්‍රශ්නයක්....ලංකාවෙ වැඩිම මීදුම තියෙන නගරය මොකක්ද කියල දන්නවද?..මට බුදු ෂුවර් කවුරුත් දන්නෙ නෑ හරි උත්තරේ...හෙහ්, හෙහ්,
හරි ආයෙම කතාවට...මම මේ කියන දවසත් අන්න ඒ වගෙ තුන විතර වෙනකොට මීදුම කඳුබාපු දවසක්....ගන සැරේට මීදුම ආහම අපි වැඩ නවත්තනව...නවත්තනව කිව්වට වඩා හොඳයි නවත්තන්ට සිද්ද වෙනව කිව්වනං...මොකද ඔය මීදුම අස්සෙ පාර හදාගෙන ගියොත් අන්තිමට පාර හැදෙන්නෙ නුවර එළියට නෙවෙයි...:) :)
ටවුම මැද තිබුන රෙස්ටොරන්ට් එකක්...සැර ජාති..බියර් ඔය කොයිවත් ඒකෙ වැරදුනේ නෑ...ඉතිං ඔහොම මීදුම ඇවිල්ල වැඩ නවත්තපු දවසට අපි කරන්නෙ ඔය රෙස්ටෝරන්ට් එකේ පොඩි කර්තව්‍යයක නියැලෙන එක.
බස් එකේ ගෙදර යන්ටත් ඕන නිසා මම ඉතිං සැර ජාති බාවිතාවෙං වැලකෙනව. අර පට්ට හීතලේ ගහනව වෙව්ල වෙව්ල බීර......
ඔය ප්‍රස්තෝචිත දවසක් ඔන්න එහෙම දවසක්...රෑ හතට වගෙ ආව පාරට...ඔන්න එතකොටම මීදුම කපාගෙන ආව කොළඹ බස් එකක්....හෝව් හෝව් කියල අත දැම්ම ...නැග්ග...නිදිමත එකසිය ගානට..ඒත් බුදියෙන්ට බෑ....මගෙ යාලුවෙක් ඔහොම..... පේරාදෙණියෙන් බහින්ට හිටපු එකාට නින්ද ගිගිල්ල බැස්සෙ කෑගල්ලෙං....බොහොම අමාරුවෙං ඇහැ ඇරගෙනම ඇවිල්ල අතුරු ආන්තරාවක් නැතුව බැස්ස ඉංජිනියරිං ෆැකල්ටි එක ගාවින්...අර කලින් කිවා පල්ලමත් බැස්ස පස්ස බිම ඇණ ගන්නෙ නැතුව...ඔහොම වෙලාවට ඔය කකුල ෂුවර් නැති වෙලාවට කරන්න ඕන පල්ලමේ පස්සෙං පස්සට බහින එක..එදානම් ඒ විදිහට රිවස් එකේද කොහොමද මන්ද අවුලක් නැතුව පල්ලම බැහැල පාරට නං ගොඩ උනා ඔන්න.
ඒ දවස්වල අපි හිටියෙ අපෙ ලොක්කි උගන්නපු ඉස්කෝලෙම ගුරු නිල නිවාසෙ.ඉස්කෝලෙ මැදිං පඩි දෙසිය ගාණක් නැඟලයි ක්වාටර්ස් එකට යන්ට ඕන...හප්පච්චියේ ඕකට ගෑස් සිලින්ඩරේ උස්සං යන්ට මම විඳින දුකක්...පස්සෙ කලේ ගෑස් සිලින්ඩරේ පල්ලෙහ ඉස්කෝලෙ ඔෆිස් එකේ තියල කුකර් එක පහලට ගෙනල්ල, උයල, හට්ටි පිටිං උඩහට අර ගෙන යන එක....හෙහ්, හෙහ්,
ඔන්න ආයෙම කතාවෙං පිට පැන්න..හරි මම ඉතිං මයෙ පෙන් ටෝච් එකත් ගහගෙන ඔන්න නඟිනව හෙමීට පඩි පෙළ...සිංදුවක් එහෙමත් කියාගෙන....
මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ,
පා සුළඟිල්ලේ පදනම් අවදි නොවේ කුසුම් කැකුල නිදනා තුරා....
සඳ ගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණු දා දුටු කින්නර පෙම් සීනේ,
මහලු වෙලා අද සඳ වාගේ යව්වන රෑ තරු බලාන උන්නාවේ...
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා,
නළ මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුළු සුවඳ දැනේ ලංවී...
මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ,
සිංදුවෙ අන්තිම හරියට එනකොට ඔන්න ගේ දොරකඩටත් ඇවිදිල්ල කොහොමිං කොහොමිං හරි...අන්තිම මාත්‍රා ද අන්තරා ද පරාභව ද කොටස ( ජනූ..අනේ බොල මොකක්ද ඒකට කියන්නෙ?..උඹ නෙව ඔව්ව දන්නෙ...) හරි ඕන කෙහෙල්මලක් ඒ කොටස කිව්වෙ ඉස්සරහ දොරට ගහල තාලෙ අල්ලන ගමන්....සිංදුවත් ඉවර නං උනා...
අඩේ කෝ මේ අම්මණ්ඩි ????????
ම්ම්ම්...ඇසුත් පුංචි කරල බැලුව….. ලයිටුත් ඔක්කොම නිවල...අම්මප තාම එච්චර රෑ වෙලත් නෑ නේද?....බලමු….. අඩේ තාම අටාමාරයිනෙ....මොකද බොලේ මේ?.....
දොර හෙල්ලෙන්ට ගැහුව ටිකක් හයියෙං ඒ පාර.....ඔන්න සාලෙ ලයිට් එක වැටුන..සොයිබ දෙකයි දොර පොල්ලයි පන්නල ලොක්කි දොර ඇරිය....ම්ම්...නිදාගෙන හිටපු බවක් නම් පේන්නෙ නෑ....දොර ඇරියත් එක්කම මෙන්න ආපහු ගියා කාමරේට....මොකක් හරි ලොකු අවුලක් නම් වෙල තියනව...මම දොර ගාවම තිබ්බ නයෙ හාන්සි පුටුවෙ ඉඳගත්ත....ඕකෙ ඉඳගෙන තමයි මම පත්තර එහෙම බලන්නෙ....
ඒ කරල අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් දන්නවනෙ ඒ වචන දෙකේ තේරුම නේද?..ඒ කිව්වෙ ඇඟිලි තුඩට ලොං ගහක් ඇරගෙන ඒකෙ උඩ ඉඳල පහලට සහ පහල ඉඳල උඩට බලාගෙන යන ගමන් කල්පනා කරන එක...හරි අන්න එහෙම කල්පානා කලා බෝම ගැඹුරට මයෙං යං වැරැද්දක් වත් උනා දෝ හෝයි කියල..ම්හු එහෙම දෙයක් කොහොමටවත් මතකෙට එන්නෙ නෑ...නෑ...නෑම තමයි....
අන්තිමට නැඟිටල ගියා කාමරේට..මෙන්න මුන්ද ඇඳේ බිත්තිය පැත්තට හැරිල බුදි....පාත් වෙල බැලුව උරිස් එහෙම ගැස්සෙනවද කියල...එහෙම උනොත් නං කැටගරි ඒ ඩිසාස්ටර් එකක්...නෑ වෙලාවට එහෙම දෙයක් නම් පේන්ට නෑ....මම ඉඳ ගත්ත ඇඳෙන්…
'' හරි දැං කියන්ටකො මොකද වෙල තියෙන්නෙ?... ''
නෑ සද්දයක්…මීයාට අර කවුද පිම්බයි කියන්නෙ ..අන්න ඒ වගේ…
'' මේ මොකද වෙලා තියෙන්නෙ කියනවද කරුණා කරල?...... ''
ආයෙම ඇහුව බෝම ආදරෙං…
" මොකවත් වෙලා නෑ....''
ඔන්න කියාපි බිත්තිය පැත්තට හැරිල ඉන්න ගමම්ම …..
ඔන්න මටත් ටිකක් විතර......ඒත් එහෙම හරි යන්නෙ නෑනෙ...හොඳට හුස්මක් ගත්ත උඩට...හෙමිට එකේ ඉඳල දහයට ගනන් කරමින් හුස්ම පිට කලා...හරි ඔක්කොම හරි හිත සංසුං …All Quiet On The Western Front…………..
'' රයිට් ළමයා…... දැන් කියන්න බලන්න මොකද මේ වෙලා තියෙන්නෙ කියල....''
මම එයාගෙ උරහිසෙං ඇල්ලුව.
එයා ඔන්න හැරුන මගෙ පැත්තට....ඇස් දිලිසුනේ ලයිට් එළියටද කඳුළු වලටද මන්ද…
'' අද දිනේ කවදද?.......''
' හෑ????????....''
මගෙ කටත් ඇරුන බාගෙට....දෙසැම්බර් දහතුන නේද?....දෙය්යංටම ඔප්පු වෙච්චාවෙ....ලොක්කිගෙ බර්ත් ඩේ එක....දෙයියො සාලෙ හාංකවිසියක් වත් මතක් උනේ නැති හැටියක්......
මම එහෙම්මම ඔලුව පාත් කරගත්ත අත්දෙක ඔලුවෙ ගහගෙන...
එයා ඒ පාර ඇඳේ ඉඳගෙන මගෙ උරහිසට ඔලුව තියාගත්ත…
" මට දුක හිතුන....කමක් නෑ..ඒක අමතක කරල දාන්න...."
අපෙ ගෙවල් කිට්ටුවම මීටර් දෙසීයක් විතර එහායින් ඔයිට සතියකට දෙහෙකට විතර ඉස්සර අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් දැම්ම..ඕකෙ මස් මාලු බිත්තර ඔක්කොම දාල පුදුම විදිහෙ රහට ස්පෙෂල් කොත්තුවක් දානව කියල ආරංචියක් ඇවිල්ල තිබුන. අපි දෙන්න කතා වෙල හිටියෙ එයාගෙ බර්ත් ඩේ එකට ඔතනිං කොත්තු දෙකක් ගෙනල්ල කමුය කියල
'' හරි ඉන්නකො...තාම වහල නෑ කඩේ.....මම ගිහිල්ල කොත්තු දෙකක් අරගෙන එන්නං....''
මම නැඟිට්ට.
'' ඕන නෑ අනේ මේ රෑ යන්ට..මම බත් ඉව්ව… ''
'' හරි හරි බත් එක එහෙම්මම දාන්ටකො ෆ්‍රිජ් එකට...ඉන්න මම විගැහිං එන්නං. ….. ''
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ..
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
මම ආයෙම පඩි පෙල බැස්සෙ ඔහොම මුමුණමින්....ඉස්කෝලෙ මිදුලෙ මැදක් ඇවිල්ල හැරිල බලනකොට එයා හිටිය දොර ගාව මා දිහා බලාගෙන....
සුනිල් දිය පිරි විලක් විය හුදකලාවේ,
සුපුල් රත් නෙළුමක් පිපුනි නෙත් මනාවේ,
විසල් පිණි බිඳු පතිත වූ පෙති තලාවේ,
වහල් විනි විල කමල රූ දිසි වෙලාවේ,
පිපුණ මලෙකට පෙමින් බැඳි ඒ බමරිඳු,
ලිහුණ මුහුලස ගැවසි මල් දම් වතුසුදු,
විසුල පෙති මත රැඳුනු කල් නෙක පිණිබිඳු,
මුහුණ දකිනට නුඹේ එන්නෙමි අමයුරු,
සෙනෙහෙ ගඟුලක් ගලා ගිය සළකුණු දිගේ,
මෙනෙහෙ කරනෙමි ඔබෙ වත දිසි මුල් දිනේ,
වෙලෙන මඳනල කොඳුරනා නම ඔබ ප්‍රියේ,
මෙලෙස යලි හමුවුනේ පෙර අප පැතු ලෙසේ,
සසර ගමන ද එක්ව යමි ඔබ සමඟිනා,
කවර අරුමෙක් වීද අප හමුවුනු එදා,
සවන සපිරෙන සුපෙම් ගී පද අසමිනා,
නතර නොවනෙමි කැටුව එමි ඔබ අත ගෙනා,
බොරු කියන්නේ මොකටද ..ඇසට කඳුලක් ඉනුවේ නැහැ කියල .
ReplyDeleteහැබෑටම හිනා ගස්සන ගමන් කඳුළු උනවන්න ඔබේ ලිවීමට පුදුම හැකිකමක් තියෙනව .
කියන්න බොහොම දේ හිතට ආවත් කාලය නැහැ බොලේ .
හාමිනේට සුබම සුබ උපන් දිනයක් පතනවා .
බොහොමත්ම ස්තූතියි බින්දි....ඔන්න ආයෙම මයෙ ඇස්වල කඳුළු....අසනීපයක්ද මන්ද...ආය ඕන එකක්..අසනීපයක් වුනත් මක් කරන්නද?....ඒ මම ලබා උපන් හැටි...හෙහ්, හෙහ්,
Deleteමම කියන්නම් උන්දැට...... ඔයාගෙ සුබ පැතුම් ගැන....
ඉස්සොරෝම සුබ පැතුම....බොහොම ස්තූතියි ....හොඳද?
හි හි.. ඔහොම තමයි.. පිරිමින්ට අමතක වෙනවා වැඩියි... එයාලට කරන්න ඇති දේකුත් නෑ .. ඒත් මොලේ තියෙන දේවල් ලිස්සලා යන්නේ හරියට පර්ස් එකේ තියෙන ඒවා ලිස්සලා යනවා වගේ තමයි... එයාලගේ මොලෙයි ලිස්සන බෝට්ටුවයි දෙකම එකයි.. පස්ස බිම ඇනුනම තමයි මතක් වෙන්නෙ.. ඒ වෙලාවට හිනා වෙලා පස්ස පිහදගෙන යන්නත් හරි දක්ෂයි... හි හි
ReplyDeleteහාමිනේට සුබ උපන් දිනයක් වේවා..!!!
/ හි හි.. ඔහොම තමයි.. පිරිමින්ට අමතක වෙනවා වැඩියි... එයාලට කරන්න ඇති දේකුත් නෑ .. ඒත් මොලේ තියෙන දේවල් ලිස්සලා යන්නේ හරියට පර්ස් එකේ තියෙන ඒවා ලිස්සලා යනවා වගේ තමයි. /
Delete'' මේ මොකද අනේ ඔයාට ඔච්චරම අමතක වෙන්නෙ?...මේ කියන දේ මේ මතක් නෑනෙ…''
'' හරි හරි ඉන්නකො කියන්ට...මයෙ හිත පිරිල තියෙන්නෙ ඔයා ගැන ආදරෙං....වෙන මොකවත් අවසේස දේවල් වලට ඒකෙ නෑ ඉඩක්…''
අන්න එහෙම තමයි හිරුවො මයෙ උත්තරේ.....
ඔහොම කිව්වම උන්දැට කට උත්තර නැති වෙනව...හෙහ්, හෙහ්...
Thanks so much Hiru.......
මට එහෙම කිව්වනං කෙලින්ම කියනවා....
Delete“ ආ.. ඔයාට ඒ බොරුව නං කවදාවත් අමතක වෙන්‌ෙන් නෑ නේද...” කියලා... හි හි...
ඇත්තටම හරිම අපුරු විදියේ සුභපැතුමක්... හරිම ලස්සනයි... එහෙනං ලොක්කිට සුභ උපන් දිනයක්...
ReplyDeleteලොක්කි වෙනුවෙන් එහෙනම් ඔන්න මම බොහොම ස්තුතියි කිව්වා...ඩියර් මිස්ට ලෙක්චරර්...:) :)
Deleteසඳා අක්කාට සුභම සුභ උපන් දිනයකට හදවතින්ම සුභ පැතුම්!
ReplyDeleteහරිම ලස්සන සටහනක් රවි අයියේ. බින්දි අක්කා කියලා තියෙන කතාව සහතික ඇත්ත. කඳුළත් හිනාවත් අපේ මූණට එක සැරේ ගේන්න සමත් වෙච්ච ලියවිල්ලක්. :)
ජීවිතේ හැටි එහෙම තමයි නංගි....කඳුල සහ සිනහව...එකම කාසියක දෙපැත්ත වගේ තමයි......ජීවිතේ කියන පැකේජ් එකට ඔය දෙකම අයිතියි.....මට සිනහව විතරක් ඕන කියල අපිට කොන්දේසි දාන්න බෑ....You have to take it as it is or else ….leave it.
DeleteA thousand and one thanks on behalf of Sandaa…my dear…:) :)
සඳා අක්කට සුබම සුබ උපන්දිනයක් පැතුව කියන්ඩ අයියෙ!! උන්දැ මේ බ්ලොග් එක ගැන දන්නවද දන්නෙ නෑ??
ReplyDelete/සිංදුවෙ අන්තිම හරියට එනකොට ඔන්න ගේ දොරකඩටත් ඇවිදිල්ල කොහොමිං කොහොමිං හරි...අන්තිම මාත්‍රා ද අන්තරා ද පරාභව ද කොටස ( ජනූ..අනේ බොල මොකක්ද ඒකට කියන්නෙ?..උඹ නෙව ඔව්ව දන්නෙ.../
ඕකට කියන්නෙ අයියෙ අතුරු අන්තරා කියල නෙව... :-D
අවුරුදු දෙහෙකට කලින් මම මුලින්ම උන්දැගෙ බේඩ්ඩේ එකට ලිව්ව නෙව පොඩි සටහනක්…..............ඉතිං ඕක ගැන කිව මම එහේට...මෙන්න මෙහෙමයි...මෙන්න මෙහෙමයි...බොලොග් කියල ජාතියක් තියේය..මම ඔයයි ගැන ලිව්වය...අරකද මේකද..බ්ලා...බ්ලා...බ්ලා.....
Deleteඔන්න ඒක යන්තං කියවල තිබ්බ....වැඩේ කියන්නෙ මුන්දැට අකුරක් කියවන එක මරන්නා වගෙ....පත්තරයක් අතට ගන්නෙ දවල්ට ගෙනියන බත් එක ඔතාගන්ට විතරයි...පොතක් අතට ගන්නෙ'' මොනවද මනුස්සයො...මේ කෝලම?...කොයි වෙලේ බැලුවත් පොතක් අතේ '' කියල මයෙ අතේ තියන පොත අරගෙන වීසි කොරල දාන්ට විතරයි....කොටිම්ම ඔය එන රාජකාරි ලියුං පවා කියවගන්නෙ මට කියල...හෙහ්, හෙහ්,
ඉතිං අර මම කලින් කිව්වනෙ බ්ලොග් ගැන එයයිට කිව කියල...ඒ පෝස්ට් එකයි ඊට පස්සෙ é ඒ කිට්ටුවම ලියපු හතර පහකුයි කියෝල තිබ්බ...එච්චරයි ඊළඟට වැඩේ අතෑරල දැම්ම....නිකං නෙවෙයි මට දෝස්මුරේකුත් දාල....
'' මොනවද අනේ මේ ඔයා ලියන බහු බූත?...ඊට හපනි කවුද අර එව්ව කියවල කමෙන්ට්ස් දාල තියෙන කට්ටිය?....අම්මප...වෙන වැදගත් වැඩක් ඇත්තෙම නැද්ද එයාලට?.......අන්න අර ජනූ විතරයි යන්තමටවත් ගතයුතු දෙයක් කියන්නෙ..'' ( මම හිතන්නෙ ඒ උඹ මට පළු යන්ට බණින නිසා වෙන්ටෝන ..හෙහ්, හෙහ් )
ස්තූතියි ජනූ....දහස් වාරයක්.....මම කියන්නම් උඹ සුබ පැතුවයි කියල....
/* වැඩේ කියන්නෙ මුන්දැට අකුරක් කියවන එක මරන්නා වගෙ....පත්තරයක් අතට ගන්නෙ දවල්ට ගෙනියන බත් එක ඔතාගන්ට විතරයි...පොතක් අතට ගන්නෙ'' මොනවද මනුස්සයො...මේ කෝලම?...කොයි වෙලේ බැලුවත් පොතක් අතේ '' කියල මයෙ අතේ තියන පොත අරගෙන වීසි කොරල දාන්ට විතරයි....කොටිම්ම ඔය එන රාජකාරි ලියුං පවා කියවගන්නෙ මට කියල...*/
Delete:D :D :D :D :D :D :D :D
සඳා අක්කට සුබ උපන්දිනක් පැතුවා කියලා කියහන් අයියේ....
ReplyDeleteමේ දැන් ටිකකට කලින් වෙච්ච දෙයක්.....
ඔන්න හදිසියෙම අපේ උන්දෑ කතා කරා
"අද දවස මතකද?"
"හ්ම්ම්ම්ම් අද දහතුන නේ ඇයි?"
"මතක නැ මුකුත්"
"ම්හ් නෑනේ"
"ඇයි මතක නැද්ද මල්ලිගෙ උපන්දිනේ...."
"හුටා කෝල් එකක් දෙන්නම්...."
"මතක ඇතිව කතා කරන්න ....."
ඔන්න ඔහොමයි මත මගේ මල්ලිගෙ උපන් දිනේ මතක තිබ්බෙ
බොහොම ස්තූතියි නිශ් මලේ......බොහොම ස්තූතියි....
Deleteඒකනෙ බං වැඩේ....අපේ ඉතිං මෙමරි එක ඔය නොයෙකුත් වෙරි වෙරි ඉම්පෝටඩ් ඩේටා වලින් පිරිල නෙව තියෙන්නෙ....එකක්ද දෙකක්ද තුනක්ද?....හෙටත් අර අපුරු ගැටිස්සි මා ගාවිම්ම බස් එකේ ඉඳගනියිද?....එහෙම ඉඳ ගත්තොත් කොහොමද ටෝක් එක පටන් ගන්නෙ?.....එතනෙං ගිහාම හෙට ඔට්ටේලියාව කීයක් ගහයිද?.......සිකුරාද පාටියට යන්ට මොකක්ද අතාරින පචේ?......ඔව්ව මෙව්ව අස්සෙ කොහෙද බොල බේඩ්ඩේ මතක තියාගන්ට ඉඩ හසරක්...
අපේ එක්කෙනාගෙත් මෙමරි චිප් එක මම තමා. මොනා උනත් අපිත් හාමිනේට සුභ පැතුවා කියන්න.
ReplyDelete/ අපේ එක්කෙනාගෙත් මෙමරි චිප් එක මම තමා. /
Deleteඒකනෙ පිණි....අපිට තියනව මතක තියාගන්ට බොහ්හෝම්ම්ම වැදගත් කරුනු අටෝරාසියක්...අනික බොලාට මොනවද තියෙන්නෙ ඔයහැටි මතක තියාගන්ට...ඒ නිසා නැචුරලි මෙමරි චිප් එක විදිහට ක්‍රියා කරන්ට වෙන්නෙ බොලාට තමයි...හෙහ්, හෙහ්,
/ මොනා උනත් අපිත් හාමිනේට සුභ පැතුවා කියන්න. /
මොනවයි බොල මොනා උනත් කියන්නෙ?....ඔහෙ වෙච්ච දෙයක් නෑ....:) :)
ස්තූතියි පිණි.....බොහොම ස්තූතියි......මම කියන්නම් උන්දැට....
:) Happy birthday!
ReplyDelete(ඔයාට නෙවෙයි අක්කට...)
බොහොම ස්තූතියි චේජනා නංගි...ඔයාටත්...:) :)
Deleteඕං ඕවට තමා කියන්නෙ තමන්ට වුන වැරැදීම් වලින් පාඩම් ඉගෙනගැනීම කියලා.. මෙදා පොටේ ෂේප් කොරන් තියෙන්නෙ ඔය අපූරුවට.. :D
ReplyDeleteඅක්කාට හැපි බර්ත්ඩේ එකක් වේවා කිවුවා කියන්ටෝ.!!
The most definite way never to forget your wife's birthday is to forget it once.....
Deleteබොහොත් ෂුක්‍රාන්...බුහුර්ස් බ්‍රදර්...හෙහ්, හෙහ්,
අක්කට සුභම සුභ උපන් දිනයක් කියන්න..
ReplyDeleteඋපන් දිනේට කොත්තුද දෙන්නේ :D
කවුද කියන්නෙ ගෑණු අය සතුටු කරන්න හරි අමාරුයි කියල? ඒ අය බොහොම පුංචි දේවල් වලින් සතුටු කරන්න පුළුවන්.. මෙන්න සාක්ෂි.. මටත් අනාගතේ වැදගත් වෙයි :P
/ උපන් දිනේට කොත්තුද දෙන්නේ :D /
Deleteඅනේ ඔව් බං අපි බොහොම සරල මිනිස්සු නෙව.....හෙහ්, මොන විකාරද බං....ඒ එදා රෑ තමයි කොත්තු......
පහුවදා උදේ බත් එක අතට දෙන ගමන් මෙහෙම කියාපි ...
මේ අද වරුවක් නිවාඩු දාල එන්ට හොඳද?....නොකිව්වයි කියන්ට එහෙම එපා...යමු නුවර.....ස්වර්ණ මහල් පැත්තෙත් කාලෙකින් ගියේ නෑ.....ඒ මිනිස්සු තරහ වෙලාද මන්ද......
/ කවුද කියන්නෙ ගෑණු අය සතුටු කරන්න හරි අමාරුයි කියල? ඒ අය බොහොම පුංචි දේවල් වලින් සතුටු කරන්න පුළුවන්.. මෙන්න සාක්ෂි.. මටත් අනාගතේ වැදගත් වෙයි :P /
අම්මප ඇත්ත මල්ලි...බොහොම පුංචි දේවල්...බොහොමත්ම පුංචි දේවල්...ඔය රත්තරං මාලයක්.....දියමන්තියක් අල්ලපු පොඩි මුද්දක්....බ්‍රේස්ලට් එකක්....
අඩේ විහිලුවට කිව්වෙ හොඳද?.....බය වෙන්ට එහෙම ඔට්ටු නෑ..........
හපොච්චියේ සන්සාරෙ ... ඔය ලොක්කි මම උනා නම් හෙම , අර මනුස්පයා මෙලහට.. අනේ ඊටත් වඩා ... බුදු අම්මේ. රවි ලොක්කා සතුටු වෙයන්... මම උනා නම් හෙම සති ගානක ඩිසාස්ටර් එකක් :)
ReplyDeleteආ ලොක්කා.. අක්කට සුබ උපන්දිනක් කියන්ට ඈ :) :)
අම්මප ඇත්තම ඇත්ත.....මමත් මේ ලඟක් වෙනකල් හිතාගෙන හිටියෙ මේ අම්මණ්ඩි වාගෙ ඩයල් එකක් ආය මේ මඟුල් සක්වලම නැතුං ඇතිය කියලනෙ....බොලොග් ලියන්ට ඇවිල්ල බොලාව ආස්සරේ කොරන්ට ගත්තයිං පස්සෙං පහු තමයි තේරුනේ යකෝ මුන්දැ රත්තරං කඳක් නෙව....මේ ඉන්න තේඋඩිච්චියො එක්ක තියල බැලුවාම කියල....හෙහ්, හෙහ්,
Deleteකියන්නං කියන්නං උන්දැට.......Thanks so much Dil…….:) :)
හරිම සංවේදී සුබ පැතීමක් ... අය්යේ
ReplyDeleteඔයාගේ හැම ලියවිල්ලක්ම මේවගේම සංවේදී.
අක්කට සුබම සුබ උපන්දිනයක් ...
මට නම් ඕවා අමතක වෙන්නේ නැහැ google calender දෙයියන්ට පින් සිද්දවෙන්න.
බොහොම ස්තූතියි ලක්මාල්.......බොහොම ස්තූතියි...:) :)
Deleteඔන්න කාලෙකට පස්සේ මාත් ගොඩ වුණා මේ ඉසව්වට... ගොඩ නම් වෙනවා.. ඒත් ඉතිං කොටන්ඩ කම්මැලි... හැපි බ්ර්ත් ඩේ මෙව්වා එකක් වේවා හාමිනේට......
ReplyDeleteඉතිං බොලවු කොත්තුවෙද ඉටි පන්දම් ගැහැව්වේ???? :පී
අනේ බං ඒකට මක් වෙනවද?....කියවල යන එකම මදෑ....
Deleteඉටිපන්දං ගහන්ට ගියානං එහෙම කොත්තුව පැදුරක වගෙ තුනී කොරල තමයි ඒ හැටි ඉටිපන්දං ගහන්ට වෙන්නෙ......හෙහ්, හෙහ්,
ස්තූතියි මනේකා............ඩී!
උඩින්ම බින්දී අක්කා ලියල තිබුනා වගේ හිනා යන ගමන් ඇඩෙන කතාවක් මේක. කියවගෙන යද්දී "දිනේ කවදද" අහපු තැන මම බය උනා "දෙසැම්බර් 13" කියලා නිකන් හිටියද දන්නේ නෑ කියලා :) හොඳ වෙලාවට රවී අයියට එච්චරම මංඥන් නැහැ වගේ :)
ReplyDeleteඑහෙනම් සුබ උපන්දිනයක් වේවා අක්කට
/ හොඳ වෙලාවට රවී අයියට එච්චරම මංඥන් නැහැ වගේ :) /
Deleteආන්න ඔයා මට සෞඛ්‍ය සහතිකේකුත් නිකුත් කරා...පිස්සුම නම් නෑ කියල...අර කාටද මන්ත්‍රී කෙනෙකුට දුන්නු සහතිකේ වගෙ......හෙහ්, හෙහ්, තෑන්ක්ස් සයුරි....
සුබ උපන් දිනයක් පැතුවට ආයෙම තෑන්ක්ස්.....
සඳ වෙනදාටත් වැඩියෙන්
ReplyDeleteඑළිය වැටීලා
කිම ද කියා විපරම මම
කෙරුවා බලාලා
ඉර ඇවිදින් සුභ පැතුමක්
තියල ගිහිල්ලා
හඳ කිවුවා ලැජ්ජාවෙන්
සිනහ සලාලා
සඳ ඉර හා හමුවන්නේ
නැහැ හැමදාම
එනමුදු හඳ ඉර ගාවයි
හදවත තාම
එකම අහසේ පායන්නට වරම් ලැබේවා
මතු උපදින හැම භවයක සෙනෙහසින් බැඳේවා
හඳ ඉර සහ හා පැටියෙක් සමඟ රැදේවා
මගේ ආයුෂත් ඔබටයි සඳා දිනේ වා
මම
සොඳුරු සිත
කියවද්දි දැනුන දේ වචනවලින් ලියන්න බැහැ අයියේ.උඹ ඔහොම ඉන්න හැටි මට කියා දෙන්න බැරි ද? මම දැකපු මහ පුදුමාකාර මනුස්සයෙක් උඹ.
ReplyDeleteකියවන කොට හිනා වුනා..කියවල ඉවර වෙද්දි ඇස් වල තෙතමනයක් දැනුනා...
කාලෙකින් මම මේ අහා ආවේ... ඔය ඉර හඳ දකින්න මේ තරුව කවදකම හරි එනව එනව එනවාමයි.
ස්තූතියි වත්තො...හෙහ්, හෙහ්......
Deleteඅපේ අහ එන එක ඔයාකාර පෙරුම් පුරන්ට දෙයක්ද බොල....මාතරිං නැඟහං මම හිතන්නෙ දෙකාමාරට කෝච්චිය තියෙන්නෙ..නමයහමාරට පේරාදෙණියෙ...එතනෙ ඉඳං නඟේ විනාඩි විස්සයි පාද යාත්‍රාවෙං ගියත්....
හෙහ්, හෙහ්, වරෙංකො ඉස්සෙල්ල..ඊට පස්සෙ කියාදෙඤ්ඤං මෙහෙම ඉන්නෙ කොහොමෙයි කියාල....
http://emoney.freeforums.org/
ReplyDeleteරවීගේ හාමිනේට ඕං මමත් පතනවා සුභම සුභ උපන්දින්යක් වේවා කියලා. ඔන්න හැබැයි අපි නම් දෙසැම්බර් 13 වෙනිදා මෙහෙදි රඹටි හැලෙන්න බර්ත්ඩේ එකක් සැමරුවා. ඒ මගේ හොඳම යාළුවෙක්ගේ දූගේ 16 වෙනි බර්ත්ඩේ එක. රෑ 7.00 ට විතර පටන් අරගෙන උදේ 10.00 විතර වෙනකං සින්දු කියලා නටලා ජොලියේ හිටියා. ඔන්න හාමිනේට කියන්න ලෝකේ කොහේ හරි හාමිනේගේ බර්ත්ඩේ එක දවසේ ලොකු බර්ත්ඩේ පාර්ටියක් තිබුනා කියලා.....
ReplyDeleteමට නම් දැන් දෙයියනේ කියලා බර්ත්ඩේ අමතක වෙන්නෙ නෑ. මොකද ෆේස් බුක් එකට ලොගින් වෙච්ච ගමන් බර්ත්ඩේ තියන අයගේ ලිස්ට් එකක් එන නිසා...... :)
ස්තූතියි දුමී.....:) :)
Deleteහපොයි මට නං අල්ලන්නෙම නැති වැඩක් තමයි ඔය මධු සාද එළිවෙනකල් පවත්වන එක....මගෙ හිටිය ඒ වගෙම තාම ඉන්නව යාළුවො..එවුන්ට එළිවෙනකල් බිව්වෙ නැත්තං ඒකෙ කිසි ගතියක් නෑ...හපොයි මට හරියන්නෙ නෑ ඒ වැඩේ....වැඩේ පටන් ගන්න කලින්ම මම කියනව..'' අඩෝ මේ එකක් කියන්නං ඔන්න හරිය...උඹල කීයට බුදිය ගත්තත් මට කමක් නෑ...උපරිම දෙකයි...ඊට වඩා විනාඩියක්වත් බෑ..මම බුදි ...නොකිව්වයි කියන්ට එපා ඔන්න '' ....:) :)
හෙහ් හෙහ්.. කොත්තුවකින් බේරුනා මදෑ... මං උන්නෙ පැණි බේරෙන්න ඇඳ පොළු පාරක්වත් වදියි කියල තට්ටගෙඩියට ! සුභ උපන්දිනයක් සඳා අක්කේ. ලොක්කී කියන්න එපා බං එතකොට නිකං උඹහැ දත්ලොඹු මුත්තෙක් ගානට වැටෙනව නොවැ... හැහ් හැහ් !
ReplyDeleteනෑ බං එදා කොහොම හරි උන්දැ නිකං එක විදිහක බොහොම පීස්පුල් මුඩ් එහෙක හිටියෙ...හෙහ්, හෙහ්, නැහ්නං බලන්ට තිබ්බ වැඩේ...
Deleteලොක්කි කියන්නෙ ආදරේට බාං.......මම ඉතිං කොහොමත් ලොක්ක නෙව...හෙහ්, හෙහ්,
මටත් ලොකූ බයක් තියනව කවදහරි ඔය වගේ කතාවක් ලියන්ට වෙයිදෝ කියලා.... මැගී ක්ෂණික නූඩුලුස් මතකයක් තියෙන්නෙ.. 2 මිනිට්ස්... අපි ඉතින් අඳුරන්නෙත් නැති එකේ සුභ උපන් දිනයක් කිව්වට වැඩක් තියේද... ඒත් ඉතින් අතින් පයින් යෑ... සුභ මෙව්වා එකක් කියල කියන්ඩ..
ReplyDeleteහෙහ්, හෙහ්, මෙහෙම කතාවක් ලියන්ට වෙන එකක් නෑ මලේ..බය වෙන්ට එපා...
Deleteනොදන්න කෙනෙක් සුබ පැතුමව තමයි බං හුඟක්ම වටින්නෙ..අනික සුබ ප්‍රාර්තනාවකට ආය අඳුරන්ටම ඕනය?
ස්තූතියි තිසර...:) :)
පරක්කු වුනත් සුභ උපන්දිනයක් සඳාට..
ReplyDeleteඅර කතාවකටත් කියන්නෙ භාර්යාවගේ උපන්දිනේ මතක තියෙන්න එක සැරයක් අමතක කරන්න කියලා..Ravi has learned it in a hard way..!!