" ඒ චූටි අයිය හිටියනං මම දන්නව කවදාකවත් ඔය අපෙ කඩේ වැහෙන්ට දෙන්නෙ නෑ. අනික් දෙන්න වගෙ නෙවෙයි එයා ගමේ කොල්ලො එක්කමයි හිටියෙ. වයස පහළවෙදි නැතිඋනේ. ඒත් ඒ වෙනකොටත් ගමේ කොල්ලො විතරක් නෙවෙයි වැඩිහිටියො අතරත් බොහොම පිළිගැනීමක් තිබ්බ එයාට. "
ඔය වැඩිදුර විස්තර එයයි මා එක්ක කිව්වෙ නම් අපෙ කසාදෙන් සතියකට වගෙ පස්සෙ. අපි එතකොට හිටියෙ අර මුලින්ම පදිංචියට ගිය ක්වාටර්ස් එකේ. එයයිගෙ අර මදුරු සංහාර මෙහෙයුම මතකයි නේද? ආන්න ඒ ඔපරේෂන් ඩෙංගු කිලිං මෙහෙයුම ක්‍රියාත්මක කලේ එයයි ඔය ක්වාටර්ස් එකේ ඉන්දැද්දි තමයි...
මම කලින් කිව්ව මතකද බැඳපු මුල්ම කාලෙ අපි නිදාගත්තෙ ඩබල් මෙට්ටයක් බිම දාලය කියල. ඒකට හේතුභූත උනේ එයයිලගෙ ඉස්කෝලෙ කිට්ටුව වඩ්ඩෙකුට කියල හදවගත්තු ඇඳේ කකුල් උස අඟල් නවයක් වගෙ. කකුල් උස්සල ඇඳ ආයම හදාගන්නකල් මෙට්ටෙ බිම දාලයි අපි දෙන්න නිදිය ගත්තෙ. ඔය චූටි අයියගෙ කතාව මට කිව්වෙ එහෙම බිම නිදියං ඉන්න දවසක.
ඔය විස්තරේ මට එහෙං මෙහෙං කලිං කියල තිබුන එයයි.
" මම ඔයාට මේ විස්තර ඔක්කොම පස්සෙ දවසක කියන්නං.."
ඉස්සොරෝම මාතලේ රත්නගිරියෙ උඩ තට්ටුවෙ දවසක දවල්ට කන ගමන් එයා කිව්ව. ඒ කරල ලේන්සුව අරගෙන ඇස් දෙක පිහගත්ත. වේටර් ඇවිල්ල පීරිසියක තියාපු බිල මේසෙ උඩ තියල ගියා. මම පුටුව පස්සට කරල නැඟිටල බිල අතට ගත්ත. සල්ලි ගෙවන්ට කැෂියර් කූඩුව ළඟට යන්ට කලින් පහත් වෙලා එයාගෙ උරහිසට අත තියල මිරිකුවා. එයා මගෙ අත උඩ එයාගෙ අත තියල ඔලුව උස්සල මා දිහා බලල හිනා උනා. ඒත් ඒ වෙනකොටත් ඒ ඇස් තෙත් වෙල තියෙනව මම දැක්ක.
සල්ලි ගෙවල මම ආපහු එනකොටත් ඈ ජනේලෙන් ඈත පේන කඳුවැටිය දිහාවෙ බලාගෙන බර කල්පනාවක. වැස්සක් එන්ට තනන ළකුණු අරගෙන එක පාරටම හමාගෙන ආපු හීතල හුළඟක් ජනේලේ තිර රෙද්දත් මෑත් කරගෙන ඇතුල්වුනා. මයෙ හීගඩු පිපුණෙ ඒත් එක්කම.
" යමු නේද? වැස්සක් එන්නත් වගේ…"
මම අනික් පැත්තෙ පුටුව උඩ තිබ්බ මගෙගමන් මල්ල උරෙස්සෙ දාගත්ත.
"යමු…."
ඈ හෙමිහිට නැඟිට්ට. එයාලගෙ ගමට යන බස් පිටත් උනේ මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එකෙන්. එතෙන්ට යන්ට ඉස්සෙල්ල සතොස හරියෙදිම වහින්ට ගත්ත.අපි කුඩ දිග ඇරගත්ත. මගෙ කලු කුඩේ. එයාගෙ අළු පාට තුනට කඩන කුඩේ. අත්බෑගයෙ දාගෙන යන්ට පහසු නිසා රැකියාවට දිනපතා බස් එකේ නැත්නම් කෝච්චියෙ යන එන යුවතියන් අතර ඒ වර්ගයෙ කුඩ බොහොම ජනප්‍රියයි.
" මේ කඳුරට කුඩ එක තියෙන්නෙ ඔයාලගෙ ගෙවල් කිට්ටුව නේද? "
ඊට කලින් සතියෙ හදිස්සියෙම ඈ මගෙන් ඇහුව. ඒ සිකුරාද දවසක හවස අපි බස් එකේ ගෙදර එද්දි.
" කිට්ටුව කියන්නෙ කිලෝ මීටර් තුනක් වගෙ නම් ඇති ….ඇයි එහෙම ඇහුවෙ? "
" කඳුරට කුඩ එකෙන් අලුතෙන් හදල තියනවලු ඇතුලට රස්නෙ එන්නෙ නැති කුඩයක්. එහෙම පුළුවන්ද ඒයි? " ඈ ආයෙම ඇහුව.
" පුලුවන් ඇති නේද? ඔය මොකක් හරි කෙමිකල් එකක් ගානව ඇති ඉර එළිය ආපහු රිෆ්ලෙක්ට් වෙලා යන්ට. "
" ඒක තමයි, මගෙ යාලුවො දෙන්නෙක්ම කිව්ව අව්වෙ යනකොට ඒක ෂෝක් කියල "
" ඉතිං එහෙමනම් හෙට උදේ එන්ට නුවරට, අපි ගිහිල්ල බලමු "
සල්ලි ගෙවල මම ආපහු එනකොටත් ඈ ජනේලෙන් ඈත පේන කඳුවැටිය දිහාවෙ බලාගෙන බර කල්පනාවක. වැස්සක් එන්ට තනන ළකුණු අරගෙන එක පාරටම හමාගෙන ආපු හීතල හුළඟක් ජනේලේ තිර රෙද්දත් මෑත් කරගෙන ඇතුල්වුනා. මයෙ හීගඩු පිපුණෙ ඒත් එක්කම.
" යමු නේද? වැස්සක් එන්නත් වගේ…"
මම අනික් පැත්තෙ පුටුව උඩ තිබ්බ මගෙගමන් මල්ල උරෙස්සෙ දාගත්ත.
"යමු…."
ඈ හෙමිහිට නැඟිට්ට. එයාලගෙ ගමට යන බස් පිටත් උනේ මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එකෙන්. එතෙන්ට යන්ට ඉස්සෙල්ල සතොස හරියෙදිම වහින්ට ගත්ත.අපි කුඩ දිග ඇරගත්ත. මගෙ කලු කුඩේ. එයාගෙ අළු පාට තුනට කඩන කුඩේ. අත්බෑගයෙ දාගෙන යන්ට පහසු නිසා රැකියාවට දිනපතා බස් එකේ නැත්නම් කෝච්චියෙ යන එන යුවතියන් අතර ඒ වර්ගයෙ කුඩ බොහොම ජනප්‍රියයි.
" මේ කඳුරට කුඩ එක තියෙන්නෙ ඔයාලගෙ ගෙවල් කිට්ටුව නේද? "
ඊට කලින් සතියෙ හදිස්සියෙම ඈ මගෙන් ඇහුව. ඒ සිකුරාද දවසක හවස අපි බස් එකේ ගෙදර එද්දි.
" කිට්ටුව කියන්නෙ කිලෝ මීටර් තුනක් වගෙ නම් ඇති ….ඇයි එහෙම ඇහුවෙ? "
" කඳුරට කුඩ එකෙන් අලුතෙන් හදල තියනවලු ඇතුලට රස්නෙ එන්නෙ නැති කුඩයක්. එහෙම පුළුවන්ද ඒයි? " ඈ ආයෙම ඇහුව.
" පුලුවන් ඇති නේද? ඔය මොකක් හරි කෙමිකල් එකක් ගානව ඇති ඉර එළිය ආපහු රිෆ්ලෙක්ට් වෙලා යන්ට. "
" ඒක තමයි, මගෙ යාලුවො දෙන්නෙක්ම කිව්ව අව්වෙ යනකොට ඒක ෂෝක් කියල "
" ඉතිං එහෙමනම් හෙට උදේ එන්ට නුවරට, අපි ගිහිල්ල බලමු "
පහුවදා උදේ ඈ ආව නුවර. බෝගම්බර බන්ධනාගාරය ලඟින් බහිනකොට මම එතනට ගිහිල්ල හිටිය. ඒ දවස්වල ඔය තැනින් තැන එකක් දෙකක් තමයි මොබයිල් ෆෝන්ස් තිබුනෙ.ඒ නිසා විනාඩි පහෙන් පහට ඔයා කොහෙද අනේ? කියල අහන්ට ක්‍රමයක් තිබුනෙ නෑ. වෙලාවක් කිව්වනම් ඉතිං ඒ වෙලාවට කියපු තැනට ඇවිල්ලා කීයට හරි එනකල් ඉන්ටයි තියෙන්නෙ දත්මිටි එහෙම කනවනං කකා...
කඩුගන්නාවෙ කඳුරට කුඩ ෆැක්ටරියට ගිහිල්ල අර ජාතියෙ කුඩයක් ගත්ත. අරගෙන නුවර බේක් හවුස් එකෙන් දවල්ට බත් කාල එයා ගෙදර ගියා.
ඉතින් කුඩත් ඉහළගෙන පාර පුරා දුවන වැස්සට මුවාවෙලා ගිහිල්ල මම එයයි බස් එකට දැම්ම.
" මමත් එන්නද එක්කො? "
මම හිනාවෙලා ඇහුව. ඒ වෙනකොටත් එයාගෙ ඇස් අමුතුයි..
" පිස්සුද? හොඳට හිටියි..අනික ඔයා ආපහු එන්නෙ කොහොමද? ...දැන් අවුලක් නෑ ඒයි…. මම යන්නම් .." ඈ යාන්තමට හිනා උනා
ඒ මට එයාලගෙ චූටි අයිය ගැන කියාපු පළවෙනි දවස. ඊට පස්සෙ අපි බැඳල එහෙම මෙට්ටෙ බිම දාගෙන නිදියපු ප්‍රාථමික යුගයෙ තමයි ඒ කතාව සවිස්තරව මට කිව්වෙ.
අපෙ නිදන කාමරේ ජනේලෙ පියන් තුනයි. පියන් තුනම අගුළු දාල වහල තිබ්බෙ. දවල්ට ගිනි පූටක අව්ව වගේම තමයි රෑ දෙගොඩ හරියට විතර අල්ලන හීතල.ඒ එක්කම හුලං කෝඩෙකුත් පටං ගත්තම යන්තමට වගෙ වෙව්ලන තරමට හීතල ඇට මිදුලු දක්වාම කාවදිනව.
ඔය අපි හිටපු ක්වාටර්ස් තියනව නේද? ඔව්වයෙ තිබ්බ ලොකුම අඩුපාඩුවක් ජනේල වලට අල්ලල තිබ්බෙ ඔක්කොම ප්ලේන් වීදුරු.සාලෙට කුස්සියට ඒකෙ අවුලක් නැතිඋනාට නිදන කාමරවලට එහෙම බෑනෙව. ඉතිං අපි කරන්නෙ සුදු එනමල් තින්ත ටින් එකක් ගෙනල්ල ගානව වීදුරුවෙ. එහෙමත් නැත්තං තද පාට ඩිමයි වගෙ කඩදහි කඩෙන් ගෙනැල්ල අලවනව. හැබැයි ඒ ජනෙල් පියනෙ බාගයක් නැත්තං උපරිම තුන්කාලක් වගෙ වෙනකල් විතරයි. සම්පූර්ණයෙන්ම ආවරණය කළොත් එහෙම දවල් වහින වෙලාවක ජනෙල් වහල දැම්මහම කාමර ඇතුල ගුහාවක් වගෙ අඳුරුයි.
ජනෙල් වීදුරුවෙ ගාපු සුදු තින්ත අතරින් හඳ එළිය කාමරේ ඇතුලට ඇවිල්ල. අපි නිදාගන්න මෙට්ටෙ පල්ලෙහා කෙළවර දිහාවෙ හඳ එළිය පැල්ලම් වැටිල. විඩෙන් විඩේ ඒ එළිය පැල්ලම් එහාට මෙහාට නලියනව. ඒ අපේ මිදුලෙ තිබ්බ රූස්ස පලුගහේ අතු කොල හුළඟට වැනෙනකොට.බිත්තිය අයිනට වෙන්ට තිබ්බෙ යකඩ අල්මාරියක්. නාවුල සිංගර් සාප්පුවෙන් ගත්තෙ මාස තුනකින් ගෙවන්ට පොලී රහිතව. තව එක වාරිකයක්ද කොහෙද ගෙවන්ටත් තියනව.
" තව අයියල දෙන්නෙක් හිටියට චුට්ටි අයිය තමයි මගෙ හොඳම යාලුව.. අපි දෙන්නගෙ වයස පරතරේ අවුරුදු තුනයි. අහල පහල අපේ වයසෙ ලමයි එක්ක සෙල්ලම් කරද්දි බැරිවෙලාවත් ඒ කවුරුහරි මට මොනවහරි කිව්වොත් චූටි අයිය බලන්ට එපාය වැඩේ. යකා නටනව. කොහොමින් කොහොමින් හරි පස්සෙ පස්සෙ එයාගෙ ආරක්සාව මටකරදරයක් වගෙත් උනා. මගේ ගැන මට බලාගන්ට පුලුවනි. කවුරුත් මගෙ ආරක්සාවට ඕනෙ නෑ. එහෙමයි මම ඒ කාලෙ හිතුවෙ "
කඩුගන්නාවෙ කඳුරට කුඩ ෆැක්ටරියට ගිහිල්ල අර ජාතියෙ කුඩයක් ගත්ත. අරගෙන නුවර බේක් හවුස් එකෙන් දවල්ට බත් කාල එයා ගෙදර ගියා.
ඉතින් කුඩත් ඉහළගෙන පාර පුරා දුවන වැස්සට මුවාවෙලා ගිහිල්ල මම එයයි බස් එකට දැම්ම.
" මමත් එන්නද එක්කො? "
මම හිනාවෙලා ඇහුව. ඒ වෙනකොටත් එයාගෙ ඇස් අමුතුයි..
" පිස්සුද? හොඳට හිටියි..අනික ඔයා ආපහු එන්නෙ කොහොමද? ...දැන් අවුලක් නෑ ඒයි…. මම යන්නම් .." ඈ යාන්තමට හිනා උනා
ඒ මට එයාලගෙ චූටි අයිය ගැන කියාපු පළවෙනි දවස. ඊට පස්සෙ අපි බැඳල එහෙම මෙට්ටෙ බිම දාගෙන නිදියපු ප්‍රාථමික යුගයෙ තමයි ඒ කතාව සවිස්තරව මට කිව්වෙ.
අපෙ නිදන කාමරේ ජනේලෙ පියන් තුනයි. පියන් තුනම අගුළු දාල වහල තිබ්බෙ. දවල්ට ගිනි පූටක අව්ව වගේම තමයි රෑ දෙගොඩ හරියට විතර අල්ලන හීතල.ඒ එක්කම හුලං කෝඩෙකුත් පටං ගත්තම යන්තමට වගෙ වෙව්ලන තරමට හීතල ඇට මිදුලු දක්වාම කාවදිනව.
ඔය අපි හිටපු ක්වාටර්ස් තියනව නේද? ඔව්වයෙ තිබ්බ ලොකුම අඩුපාඩුවක් ජනේල වලට අල්ලල තිබ්බෙ ඔක්කොම ප්ලේන් වීදුරු.සාලෙට කුස්සියට ඒකෙ අවුලක් නැතිඋනාට නිදන කාමරවලට එහෙම බෑනෙව. ඉතිං අපි කරන්නෙ සුදු එනමල් තින්ත ටින් එකක් ගෙනල්ල ගානව වීදුරුවෙ. එහෙමත් නැත්තං තද පාට ඩිමයි වගෙ කඩදහි කඩෙන් ගෙනැල්ල අලවනව. හැබැයි ඒ ජනෙල් පියනෙ බාගයක් නැත්තං උපරිම තුන්කාලක් වගෙ වෙනකල් විතරයි. සම්පූර්ණයෙන්ම ආවරණය කළොත් එහෙම දවල් වහින වෙලාවක ජනෙල් වහල දැම්මහම කාමර ඇතුල ගුහාවක් වගෙ අඳුරුයි.
ජනෙල් වීදුරුවෙ ගාපු සුදු තින්ත අතරින් හඳ එළිය කාමරේ ඇතුලට ඇවිල්ල. අපි නිදාගන්න මෙට්ටෙ පල්ලෙහා කෙළවර දිහාවෙ හඳ එළිය පැල්ලම් වැටිල. විඩෙන් විඩේ ඒ එළිය පැල්ලම් එහාට මෙහාට නලියනව. ඒ අපේ මිදුලෙ තිබ්බ රූස්ස පලුගහේ අතු කොල හුළඟට වැනෙනකොට.බිත්තිය අයිනට වෙන්ට තිබ්බෙ යකඩ අල්මාරියක්. නාවුල සිංගර් සාප්පුවෙන් ගත්තෙ මාස තුනකින් ගෙවන්ට පොලී රහිතව. තව එක වාරිකයක්ද කොහෙද ගෙවන්ටත් තියනව.
" තව අයියල දෙන්නෙක් හිටියට චුට්ටි අයිය තමයි මගෙ හොඳම යාලුව.. අපි දෙන්නගෙ වයස පරතරේ අවුරුදු තුනයි. අහල පහල අපේ වයසෙ ලමයි එක්ක සෙල්ලම් කරද්දි බැරිවෙලාවත් ඒ කවුරුහරි මට මොනවහරි කිව්වොත් චූටි අයිය බලන්ට එපාය වැඩේ. යකා නටනව. කොහොමින් කොහොමින් හරි පස්සෙ පස්සෙ එයාගෙ ආරක්සාව මටකරදරයක් වගෙත් උනා. මගේ ගැන මට බලාගන්ට පුලුවනි. කවුරුත් මගෙ ආරක්සාවට ඕනෙ නෑ. එහෙමයි මම ඒ කාලෙ හිතුවෙ "
ඈ දැන් මේ කතාව කියන්නෙ මගෙ උරහිස උඩ ඔලුව තියාගෙන.
" හප්පොච්චියේ….එහෙනං..එහෙනං.. මම දන්නෙ නැද්ද ඒ හරිය ? "
මම හඳ එළිය සෙවණැළි බිත්තියෙ එහා මෙහා දුවන දිහා බලාගෙන කිව්ව.
අපි හිටපු නිල නිවාසෙ තිබ්බෙ නාවුල - ගිරිතලේ පාර ඊමමය කියල මම කලින් කිව්වනෙ නේද? ගිරිතලේ පැත්තට බොහොම අමාරුවෙන් අදින ලොරියක්, අනිවාර්යයෙන්ම කට කපල වී ලෝඩ් එකක් ඇති, ඈත ඉඳලම බෑඟිරි ගහගෙන එනව ඇහෙන්න ගත්ත හරියටම ඔන්න ඔය වෙලාවෙ.
අපේ ක්වාටර්ස් එක තියෙන්නෙ මහපාරට පල්ලෙහා වලේ වගෙ. ඒකට හේතුව ඔය පාර වැටිල තියෙන්නෙ ඇලහැර-මින්නේරිය යෝද ඇලේ බන්ඩ් එක උඩින්.ලොරියෙ හෙඩ් ලයිට්ස් කාමරේ ජනේලෙ උඩ තියන වා කවුලුවෙන් කාමරේ ඇතුලට වැටිල බිත්තියෙ එක කොනක ඉන්දල අනික් කොණ දක්වා ඇදිල ගිහිල්ල අතුරුදන් උනා. ඒ එක්කම ලොරියෙ සද්දෙත් පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා ගිහිල්ල නැති වෙල ගියා.
ලොරියෙ සද්දෙ නෑසී ගිහිල්ලත් ටික වෙලාවක් නිහඬතාවයෙ ගෙවිල ගිය නිසා මම ඔලුව හරවල ඈ දිහා බැලුව. මෙන්න මූණත්තහඩුව මා දිහාට හරවල මගෙ දිහා බලා ඉන්නව කන්ට වගෙ.
" ඇයි?..."
මම හෙමිහිට ඇහුව.
" මොකක්ද අර කිව්වෙ? "
" මම ?..... මොකක්ද? "
" මම මගේ ආරක්සාව මට බලාගන්ට පුලුවනිය කිව්වම ඔයා කිව්වෙ හපොයි මම දන්නෙ නැද්ද ඒ හරිය කියල…...ඒ මොකද එහෙම කිව්වෙ? "
" ඉතිං බොරුවක්ද? මම ඒ ගැන දන්න නිසානෙ එහෙම කිව්වෙ.."
" ඔන්න කියන්නෙ නෑ කතාව හරිද? අනමනම් අනවශ්‍ය දේවල් එහෙම කියන්ට ආවොත්…"
ඈ කිව්වෙ නොරිස්සුම් ස්වරයකින්.
" හරි, හරි ආය මම වචනයක්වත් කියන්නෙ නෑ. ඉතින් කියන්නකො කතාව…."
" ඉස්සෙල්ලාම චූටි අයියට අසනීප උනු දවස මට හොඳටම මතකයි. රෑ හත වෙනකොට අපි ඒ දවස්වල කනව. එතකොට අපේ ගමට ලයිට් ඇවිල්ල තිබ්බෙත් නෑ. ටී.වී. මොකවත් නෑ. අප්පච්චි එතකොට වැඩකලේ එක්කො කින්නියා එහෙම නැත්තං මඩුකන්ද දිහාවෙ.සති දෙකකට සැරයක් එයා ගෙදර එන්නෙ. සාලෙ බිත්තියෙ එල්ලල තිබ්බ බුද්ද රූපෙ යට දිගට පැදුරු තුනක් එලල බිත්තියට හේත්තු වෙලා කකුල් දිගඇරගෙන වාඩි උනාම එක්කො අම්ම නැත්තං අම්මට උදව්වට හිටිය බිසෝ දෑතට දෙක ගානෙ බත් පිඟන් ගෙනල්ල අපි එක එක්කෙනාට දීගෙන යනව.අපි අර එක පාරක් ඔයාගෙ උපන් දිනේකට ළමා නිවාසෙකට දානයක් දුන්න මතකද? අර මම ගෙදර එන ගමන් කිව්වෙ ඒ දරුවො බිම ඉඳගෙන බත් කනව දැක්කම මට අපේ පොඩි කාලෙ මතක් උනාය කියල. ඔයාට මතකනෙ? අන්න ඒ විදිහටම තමයි අපි පොඩි කාලෙ රෑට බත් කෑවෙ... "
ඔය ළමා නිවාසෙට ගිය ගමන මගෙ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක්...හප්පෝ මතක් වෙන මතක් වෙන ගානෙ මයෙ පපුව හෝස් ගාල යනව. ගෙදර ඇවිල්ල ඇඳුම් ගලවන්ටත් ඉස්සර මම එයයි එක්කලා කිව්වෙ "මේ ආයමනං මට කතාකරන්ට එපා එහෙ යන්ට. මම සල්ලි දෙන්නං. ඔයාට ඕනම නං ගිහිල්ල එන්ට. මට කතාකරන්ට නම් එපා.එක පාරක් ගියහම හොඳට ඇති මුළු ජීවිත කාලෙටම ඒ වගෙ ගමනක් "
" රෑට බත් කෑවෙ කිව්වෙ? එතකොට දවල්ට කනකොට ඒ විදිහ නෙවෙයිද? "
" දවල්ට අයියල කන්නෙ එයාලට හිතුනු වෙලාවට. බත් පිඟං තුන බෙදල කුස්සියෙ මේසෙ උඩ තියල අම්ම පොල්කොල වට්ටියෙන් වහනව. ඔය රට හැම තැනම දුවල පැනල, බයිසිකල් පැදල එහෙම බඩගිනි උනාම ඔන්න දුවං එනව ගෙදර..අම්මේ බඩගිනියි කියාගෙන. ඒ කරල වට්ටිය ඇරල බත් එක ගිල දාල ආයෙම දුවනව. කොහෙද මේ දුවන්නෙ ආයම? පොඩ්ඩක් එක විදිහකට ඉඳහල්ලකො ළමයිනේ …අම්ම අපෙ දර මඩුව ඇතුලෙ ඉඳල එළියට බැහැල කෑ ගහනව. මොන එතකොටත් අයියල ගිය පාරෙ දූවිලි විතරයි."
ආයම ගිරිතලේ පාරෙ ලොරියක් යන සද්දෙ ඇහෙන්ට ගන්නව. ලොරිය යනකල් කතාව නවතිනව. එයාලගෙ පවුලෙ ඔක්කොම සහෝදර සහෝදරියො හත් දෙනෙක් ඉඳල තියනව. අයියල තුන් දෙනයි, අක්කල තුන් දෙනයි.සහෝදර සහෝදරියො හය දෙනෙක් එක්ක ගෙවපු ඒ වගෙ ළමා කාලයක් මට සුන්දර සිහිනයක්. මට් හිටියෙ නංගිල දෙන්නෙක් විතරයි.
ලොරියෙ සද්දෙ ටික ටික අඩුවෙල නැතිවෙලාම ගියා. මිදුලෙ පලු ගහේ වවුල්ලු පොරකන සද්දෙ හින්ද අවුරුදු හතලිහකට වගෙ එහා බොහොම සුන්දර ගම්මානෙක ගෙවුනු සුන්දර ළමා කාලයකට සමවැදී තිබුනු මගෙ හිත ආපහු වර්තමානයට ආව. කතාව ආයම පටන් ගන්න පාටක් නෑ. මම හිස හරවල ආයෙම ඈ දිහා බැලුව. දෙතොලග නලියන මන්දස්මිතියක්.. ඒ එක්කම ඇගෙ ඇස් දිලිසුනා. එවන් සොඳුරු අතීතයක් මතකයට එනකොට දෑස් තෙත් නොවන්නෙ කාගෙද? මම ඇගෙ වත දිහාම බලාගෙන හිටිය මොකවත්ම කියන්නෙ නැතුව...එක පාරටම නින්දෙන් ඇහැරිය වගෙ හැරිල මා දිහා බලපු ඈ ආයෙම කතාව පටන් ගත්ත.
" අයියල සෙල්ලමට දුවනකොට ඒ පස්සෙං මමත් දුවනව...කලිසංකොටෙත් උස්ස උස්ස...ඔයාට මතකද ඒ කාලෙ තිබ්බ ඉලාස්ටික්.?.... පොඩි එවුංගෙ කලිසං කොට වලට ඉණට අල්ලල තිබ්බෙ ඉලාස්ටික්. "
" හෙහ්,හෙහ්, මොකද මතක නැත්තෙ? ඒත් වැඩිකල් තියෙන්නෙ නෑ ඔය ඉලාස්ටික්. ඇදෙනව. ඇයි අපි සාක්කු වල පුරව ගන්න අඹ ගැට, කැකිරි ගෙඩි, වෙරළු ඔව්වයෙ බරට ඉලාස්ටික් එක ඇදෙනව. අම්ම පණයනකල් බැන බැන කලිසමේ ඉණ ලිහල ආපහු අලුත් ඉලාස්ටික් එකක් දාල දෙනව. "
" අන්න හරි, අන්න හරි..ඉතිං ඔය ඉලස්ටික් බැහැපු කලිසං කොටේ දෑතිම්ම උස්සගෙන මමත් දුවනව අයියලගෙ පස්සෙං. "
" චූටි අයියෙ ඉන්ඩෝ….. මාත් එනවෝ. "
" අම්මේ මෙන්න චුට්ටි නංගිත් දුවන්ට යන්නෙ මල්ලිල එක්ක. " ඒ ලොකු අක්ක..එයා තමයි කේළංකාරි.
" චුට්ටි දුව මෙහෙ එන්ට නේද කිව්වෙ? හැටි විතරක්..වැදි පැටියෙක් වගෙ.."
අම්ම උණ බට දෙකක් දාල තිබ්බ කඩුල්ල ගාවට ඇවිල්ල කෑගහනව ඉණට අත් දෙකත් තියාගෙන. අම්ම අපිට කවදාවත්ම ගහල එහෙම නෑ. ඒත් අපි අම්මට බයයි. බයකට වැඩිය ඒක මම හිතන්නෙ ගෞරවයක් වගෙ හැඟීමක්. කලිසමත් උස්ස උස්ස බිම බලාගෙන මම ආපහු එනව හෙමිහිට.
" අන්න අරෙහෙ ගිහිල්ල ටිකක් නිදාගන්නව. කාපු ගමං දුවන්ට තියාගත්තෙ බත් ඇට හරහ වැටෙන්ටත් ඉස්සරවෙලා. "
අම්ම සැර දානව.
" ඇද්ද ගියා දුවන්ට කොල්ලො පස්සෙ? "
ලොකු අක්ක මට විරිත්තනව..මම ඒකිට රවනව.
" මෙන්න අම්මේ.. මෙයා මට රවනව "
ලොක්කි එතන ඉඳගෙනම කෑගහනව.
" චුට්ටි දුව අ අ අ අ ...මොකද වෙලා තියෙන්නෙ හැබෑටම?"
ආයම දර මඩුව දිහාවට යන්ට ගිය අම්ම ආපහු හැරිල අහනව.
රෑට බත් කද්දි චුට්ටි අයිය හැමදාම ඉඳ ගන්නෙ මා ලඟ. ලොකු අයියයි, පොඩි අයියයි එයාට ඒක මේක කියනව. ගෑණු අස්සෙ ගිහිල්ල ඉඳගන්නවය කියල. චුට්ටි අයිය එව්ව ගනං ගන්නෙ නෑ. මගෙ ගාව ඉඳගෙන එයාගෙ මාළු කෑල්ලෙන් බාගයක්, බිත්තරෙන් බාගයක් මට දෙනව..
එක දවසක් ඔන්න රෑට බත් කන්ට අපි ඔක්කොම ඉඳගත්ත පුරුදු විදිහට. ඒත් මා ලඟ ඉඳගන්ට චුට්ටි අයිය ආවෙ නෑ. මගෙ බත් එක දෙන්ට අම්ම මා ලඟට ඇවිල්ල නැවුනම මම අම්මගෙන් ඇහුව …..
" කෝ අම්මෙ චුට්ටි අයිය? "
" චුට්ටි පුතාට ටිකක් සනීප මදි වගෙ. උණක් වගෙත් තියනව. ඇඟත් රිදෙනවලු.මම පස් පංගුව තම්බල දුන්න. අන්න මැද කාමරේ පෙරවගෙන නිදි.."
" ඉන්ටකො මම බලල එන්නං "
මම බත් එක එහෙම්මම පැදුරෙ තියල නැඟිට්ට.
*************************************
රයිට් දැන් පොරොන්දු ඉටු කිරීමේ නොහොත් ඇරියස් කවර් කිරීමේ වෙලාවයි. මේ අරූට වෙච්ච පොරොන්දුව..වඩු බාසුන්නැහේගේ කතාව..
ඒ කතාව මචං මෙහෙමයි. ඔන්න ගේක වහලක් ගහනවලු. හෙඩ් වඩු බාසා ඇවිල්ල අවුරුදු හතලිස් පහක විතර පොරක්. ඔන්න පොර වහළට නැඟල මුදුං යට ලීය ගහනවලු.
එක පාරටම මේ යක්සය දබෝරියං ගාව ඇදගෙන වැටුනෙ නැද්ද වහලෙං පල්ලෙහාට. අප්පට සිරි ගෝල බාලයො ටික අප්පොයි, අම්මොයි කියල දුවල බැලින්නං කකුලක් කැඩිල. ඒ එක්කම නලල මැද්දෙම පැලිල.
දනි පනි ගාල ඔන්න ත්‍රී වීලර් එහෙක දාගෙන අරංගියා ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාලෙදි ඔන්න නළලට මැහුං එහෙම දාල කකුලටත් ප්ලාස්ටර් එකක් දාල පොර ඉන්නව ඇඳක බාවල.
ඔන්න දොස්තර මහත්තය මිනිහට කිට්ටු උනා." මේ………... බාසුන්නැහෙ.."
"දොස්තර මහත්තයො.... " මිනිහ කෙඳිරිගෑව.
" මොකද උනේ හැබෑටම? "
" වහලෙන් වැටුනනෙ මහත්තයො.."
" හරි හරි ඒක මට පේනව..ඒත් ඔය නළලෙ තුවාලෙ උනේ කොහොමද? ඕක ඔය මිටි පාරක්නෙ හරියටම නළලෙ මැදම තියෙන්නෙ? "
" මම ඒ වෙලාවෙ මුදුන් යටලීයට ඇණ ගගහ හිටියෙ මහත්තය..මිටිය අතේ තිබ්බෙ.."
" හරි හරි, ඒත් ඔහොම කොහොමද මිටි පාර නළල මැදටම වදින්නෙ? මෙතන තියනව වෙන කතාවක්..මොකද්ද හැබෑට ඒ? "
දොස්තරත් මේ උඹල අපි වගෙ..ඕන නැති රෙද්දක් නෑ..අහනව අහනව ඉවරයක් නෑ. ඔන්න අන්තිමට බාසුන්නැහෙට තේරුණා දොස්තරයගෙන් ගැලවිල්ලක් නෑය කියල…
" හරි, හරි... මහත්තය මම එහෙනම් ඇත්තම කියන්නං..කාටවත් කියන්න එහෙම එපා ඔන්න.."
" නෑ..නෑ..ආය මම කාට කියන්නද ඔව්ව? "
" මීට අවුරුදු විස්සකට වගෙ ඉස්සර…. මම හොඳ කොල්ල කාලෙ ඒත් මේ වගේම ගේක වහලක් ගැහැව්ව. "
" ඉතිං?..."
" අපි වහල ගහපු ගෙදරට අල්ලපු ගෙදර හිටිය හොඳ හැඩකාර ගැටිස්සියක්..දවසක් මම ලීයක් යතුගගා ඉද්දි මේ කෙල්ල ඇවිල්ල මට කතා කලා..අයියෙ අනේ අයියෙ අපෙ ගිනි පෙට්ටිය ඉවරවෙලා..දවල්ට උයන්ට ලිප පත්තු කරගන්ට විදිහක් නෑ. ඇවිල්ල මට ලිප පත්තු කරල දෙනවද? "
" ඉතිං මොකද ඔහේ කලේ? "
" මම ඉතිං ඔය යතු කුඩු ටිකකුත් අරගෙන ගිහිල්ල මහෙ ගිණිපෙට්ටියෙං කූරක් ගහල ලිප පත්තු කරල දීල ආපහු ආව. "
" ඊට පස්සෙ? "
" ඉතිං ඒ වෙලාවෙ එච්චරයි උනේ.."
" එතකොට අද වහලෙන් වැටිච්චි එකට ඔය කතාව සම්බන්ද වෙන්නෙ කොහොමද?"
" අද මම වහල උඩ වැඩ කරද්දි මහත්තය මට එක පාරටම ඔය සිද්දිය මතක් උනා. "
" ඉතිං? "
" ඉතිං ඒත් එක්කම මතක් උනා යකෝ සාක්කි, මම ළිප පත්තු කරද්දි ඒ ළඟම අනික් ලිපේ වතුර කේතලයක් පැහි පැහි තිබ්බ නේද කියල.."
" ඉතිං ? "
" ඉතිං කියන්නෙ..ෂික් අම්මප මම වගෙ තකතිරුවෙක්... කියල මම නළලට පාරක් ගහගත්ත. මට වැඩේ වැරදුනෙ මහත්තය , අමතකම උනානෙව අතේ මිටිය තියනවය කියල.."
ආන්න දැක්කද අපි එහෙමයි...ඉතිං ඔය අනික් අයට වෙච්චි පොරොන්දුත් මේ වගේම ඉෂ්ඨ කරනු ලැබේ. තේරුණා නෙවද?
*************************************
ඒ වගේම පහුගිය අවුරුද්දෙ මම ලියාපු එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩක් නැති පඳුරු තැලීම් ඇතුලු පට්ටන්තර හෑලි කියවීමෙන්ද එසේ කියවා ප්‍රතිචාර දැක්වීමෙන්ද ඔබ තමුන්නාන්සේලා සිද්ද කරගත්තාවූ මහාර්ග කුසල සම්බාරය හේතු කොටගෙන මතු උපදිනා උපදිනා ආත්ම බාවයන්හි පඳුරු තැලීම් නැරඹීමට හේතු වාසනා වේවා! ඒ සියලු පඳුරු තැලීම කෙලවර සියලු බුදුවරයින් වහන්සේලා හොඳයි, සැපයි, ආතල් කෝටියයි කියා වදාල අමාමහ නිවන් සම්පත්තිය සාක්සාත් කරගැනීමට ඒ උපස්තම්බක වෙවා! කියල දොහොත් මුදුනේ තියල දෙන්ටලා බලන්ට වහලෙ උලු හෙල්ලෙන්ට සාදුකාරයක්...සා...ආ...ආ.. දු ස්... ස්.. සාදු...ස්... සා... දු... ස්.. සා.. දු!!! ....සාදුකාරයක් කිව්වම ඔන්න තව කතාවක් මතක් උනා....
එසේම ලබන්නාවූ නව වසර ඔබ සැමට සතුටින් සාමයෙන් පිරි සුබ නව වසරක් වේවා යයි රන්දිල්, වාසනා සමඟ සඳා සහ මම ප්‍රාර්ථනා කරන්නෙමු!!!
" රෑට බත් කෑවෙ කිව්වෙ? එතකොට දවල්ට කනකොට ඒ විදිහ නෙවෙයිද? "
" දවල්ට අයියල කන්නෙ එයාලට හිතුනු වෙලාවට. බත් පිඟං තුන බෙදල කුස්සියෙ මේසෙ උඩ තියල අම්ම පොල්කොල වට්ටියෙන් වහනව. ඔය රට හැම තැනම දුවල පැනල, බයිසිකල් පැදල එහෙම බඩගිනි උනාම ඔන්න දුවං එනව ගෙදර..අම්මේ බඩගිනියි කියාගෙන. ඒ කරල වට්ටිය ඇරල බත් එක ගිල දාල ආයෙම දුවනව. කොහෙද මේ දුවන්නෙ ආයම? පොඩ්ඩක් එක විදිහකට ඉඳහල්ලකො ළමයිනේ …අම්ම අපෙ දර මඩුව ඇතුලෙ ඉඳල එළියට බැහැල කෑ ගහනව. මොන එතකොටත් අයියල ගිය පාරෙ දූවිලි විතරයි."
ආයම ගිරිතලේ පාරෙ ලොරියක් යන සද්දෙ ඇහෙන්ට ගන්නව. ලොරිය යනකල් කතාව නවතිනව. එයාලගෙ පවුලෙ ඔක්කොම සහෝදර සහෝදරියො හත් දෙනෙක් ඉඳල තියනව. අයියල තුන් දෙනයි, අක්කල තුන් දෙනයි.සහෝදර සහෝදරියො හය දෙනෙක් එක්ක ගෙවපු ඒ වගෙ ළමා කාලයක් මට සුන්දර සිහිනයක්. මට් හිටියෙ නංගිල දෙන්නෙක් විතරයි.
ලොරියෙ සද්දෙ ටික ටික අඩුවෙල නැතිවෙලාම ගියා. මිදුලෙ පලු ගහේ වවුල්ලු පොරකන සද්දෙ හින්ද අවුරුදු හතලිහකට වගෙ එහා බොහොම සුන්දර ගම්මානෙක ගෙවුනු සුන්දර ළමා කාලයකට සමවැදී තිබුනු මගෙ හිත ආපහු වර්තමානයට ආව. කතාව ආයම පටන් ගන්න පාටක් නෑ. මම හිස හරවල ආයෙම ඈ දිහා බැලුව. දෙතොලග නලියන මන්දස්මිතියක්.. ඒ එක්කම ඇගෙ ඇස් දිලිසුනා. එවන් සොඳුරු අතීතයක් මතකයට එනකොට දෑස් තෙත් නොවන්නෙ කාගෙද? මම ඇගෙ වත දිහාම බලාගෙන හිටිය මොකවත්ම කියන්නෙ නැතුව...එක පාරටම නින්දෙන් ඇහැරිය වගෙ හැරිල මා දිහා බලපු ඈ ආයෙම කතාව පටන් ගත්ත.
" අයියල සෙල්ලමට දුවනකොට ඒ පස්සෙං මමත් දුවනව...කලිසංකොටෙත් උස්ස උස්ස...ඔයාට මතකද ඒ කාලෙ තිබ්බ ඉලාස්ටික්.?.... පොඩි එවුංගෙ කලිසං කොට වලට ඉණට අල්ලල තිබ්බෙ ඉලාස්ටික්. "
" හෙහ්,හෙහ්, මොකද මතක නැත්තෙ? ඒත් වැඩිකල් තියෙන්නෙ නෑ ඔය ඉලාස්ටික්. ඇදෙනව. ඇයි අපි සාක්කු වල පුරව ගන්න අඹ ගැට, කැකිරි ගෙඩි, වෙරළු ඔව්වයෙ බරට ඉලාස්ටික් එක ඇදෙනව. අම්ම පණයනකල් බැන බැන කලිසමේ ඉණ ලිහල ආපහු අලුත් ඉලාස්ටික් එකක් දාල දෙනව. "
" අන්න හරි, අන්න හරි..ඉතිං ඔය ඉලස්ටික් බැහැපු කලිසං කොටේ දෑතිම්ම උස්සගෙන මමත් දුවනව අයියලගෙ පස්සෙං. "
" චූටි අයියෙ ඉන්ඩෝ….. මාත් එනවෝ. "
" අම්මේ මෙන්න චුට්ටි නංගිත් දුවන්ට යන්නෙ මල්ලිල එක්ක. " ඒ ලොකු අක්ක..එයා තමයි කේළංකාරි.
" චුට්ටි දුව මෙහෙ එන්ට නේද කිව්වෙ? හැටි විතරක්..වැදි පැටියෙක් වගෙ.."
අම්ම උණ බට දෙකක් දාල තිබ්බ කඩුල්ල ගාවට ඇවිල්ල කෑගහනව ඉණට අත් දෙකත් තියාගෙන. අම්ම අපිට කවදාවත්ම ගහල එහෙම නෑ. ඒත් අපි අම්මට බයයි. බයකට වැඩිය ඒක මම හිතන්නෙ ගෞරවයක් වගෙ හැඟීමක්. කලිසමත් උස්ස උස්ස බිම බලාගෙන මම ආපහු එනව හෙමිහිට.
" අන්න අරෙහෙ ගිහිල්ල ටිකක් නිදාගන්නව. කාපු ගමං දුවන්ට තියාගත්තෙ බත් ඇට හරහ වැටෙන්ටත් ඉස්සරවෙලා. "
අම්ම සැර දානව.
" ඇද්ද ගියා දුවන්ට කොල්ලො පස්සෙ? "
ලොකු අක්ක මට විරිත්තනව..මම ඒකිට රවනව.
" මෙන්න අම්මේ.. මෙයා මට රවනව "
ලොක්කි එතන ඉඳගෙනම කෑගහනව.
" චුට්ටි දුව අ අ අ අ ...මොකද වෙලා තියෙන්නෙ හැබෑටම?"
ආයම දර මඩුව දිහාවට යන්ට ගිය අම්ම ආපහු හැරිල අහනව.
රෑට බත් කද්දි චුට්ටි අයිය හැමදාම ඉඳ ගන්නෙ මා ලඟ. ලොකු අයියයි, පොඩි අයියයි එයාට ඒක මේක කියනව. ගෑණු අස්සෙ ගිහිල්ල ඉඳගන්නවය කියල. චුට්ටි අයිය එව්ව ගනං ගන්නෙ නෑ. මගෙ ගාව ඉඳගෙන එයාගෙ මාළු කෑල්ලෙන් බාගයක්, බිත්තරෙන් බාගයක් මට දෙනව..
එක දවසක් ඔන්න රෑට බත් කන්ට අපි ඔක්කොම ඉඳගත්ත පුරුදු විදිහට. ඒත් මා ලඟ ඉඳගන්ට චුට්ටි අයිය ආවෙ නෑ. මගෙ බත් එක දෙන්ට අම්ම මා ලඟට ඇවිල්ල නැවුනම මම අම්මගෙන් ඇහුව …..
" කෝ අම්මෙ චුට්ටි අයිය? "
" චුට්ටි පුතාට ටිකක් සනීප මදි වගෙ. උණක් වගෙත් තියනව. ඇඟත් රිදෙනවලු.මම පස් පංගුව තම්බල දුන්න. අන්න මැද කාමරේ පෙරවගෙන නිදි.."
" ඉන්ටකො මම බලල එන්නං "
මම බත් එක එහෙම්මම පැදුරෙ තියල නැඟිට්ට.
*************************************
රයිට් දැන් පොරොන්දු ඉටු කිරීමේ නොහොත් ඇරියස් කවර් කිරීමේ වෙලාවයි. මේ අරූට වෙච්ච පොරොන්දුව..වඩු බාසුන්නැහේගේ කතාව..
ඒ කතාව මචං මෙහෙමයි. ඔන්න ගේක වහලක් ගහනවලු. හෙඩ් වඩු බාසා ඇවිල්ල අවුරුදු හතලිස් පහක විතර පොරක්. ඔන්න පොර වහළට නැඟල මුදුං යට ලීය ගහනවලු.
එක පාරටම මේ යක්සය දබෝරියං ගාව ඇදගෙන වැටුනෙ නැද්ද වහලෙං පල්ලෙහාට. අප්පට සිරි ගෝල බාලයො ටික අප්පොයි, අම්මොයි කියල දුවල බැලින්නං කකුලක් කැඩිල. ඒ එක්කම නලල මැද්දෙම පැලිල.
දනි පනි ගාල ඔන්න ත්‍රී වීලර් එහෙක දාගෙන අරංගියා ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාලෙදි ඔන්න නළලට මැහුං එහෙම දාල කකුලටත් ප්ලාස්ටර් එකක් දාල පොර ඉන්නව ඇඳක බාවල.
ඔන්න දොස්තර මහත්තය මිනිහට කිට්ටු උනා." මේ………... බාසුන්නැහෙ.."
"දොස්තර මහත්තයො.... " මිනිහ කෙඳිරිගෑව.
" මොකද උනේ හැබෑටම? "
" වහලෙන් වැටුනනෙ මහත්තයො.."
" හරි හරි ඒක මට පේනව..ඒත් ඔය නළලෙ තුවාලෙ උනේ කොහොමද? ඕක ඔය මිටි පාරක්නෙ හරියටම නළලෙ මැදම තියෙන්නෙ? "
" මම ඒ වෙලාවෙ මුදුන් යටලීයට ඇණ ගගහ හිටියෙ මහත්තය..මිටිය අතේ තිබ්බෙ.."
" හරි හරි, ඒත් ඔහොම කොහොමද මිටි පාර නළල මැදටම වදින්නෙ? මෙතන තියනව වෙන කතාවක්..මොකද්ද හැබෑට ඒ? "
දොස්තරත් මේ උඹල අපි වගෙ..ඕන නැති රෙද්දක් නෑ..අහනව අහනව ඉවරයක් නෑ. ඔන්න අන්තිමට බාසුන්නැහෙට තේරුණා දොස්තරයගෙන් ගැලවිල්ලක් නෑය කියල…
" හරි, හරි... මහත්තය මම එහෙනම් ඇත්තම කියන්නං..කාටවත් කියන්න එහෙම එපා ඔන්න.."
" නෑ..නෑ..ආය මම කාට කියන්නද ඔව්ව? "
" මීට අවුරුදු විස්සකට වගෙ ඉස්සර…. මම හොඳ කොල්ල කාලෙ ඒත් මේ වගේම ගේක වහලක් ගැහැව්ව. "
" ඉතිං?..."
" අපි වහල ගහපු ගෙදරට අල්ලපු ගෙදර හිටිය හොඳ හැඩකාර ගැටිස්සියක්..දවසක් මම ලීයක් යතුගගා ඉද්දි මේ කෙල්ල ඇවිල්ල මට කතා කලා..අයියෙ අනේ අයියෙ අපෙ ගිනි පෙට්ටිය ඉවරවෙලා..දවල්ට උයන්ට ලිප පත්තු කරගන්ට විදිහක් නෑ. ඇවිල්ල මට ලිප පත්තු කරල දෙනවද? "
" ඉතිං මොකද ඔහේ කලේ? "
" මම ඉතිං ඔය යතු කුඩු ටිකකුත් අරගෙන ගිහිල්ල මහෙ ගිණිපෙට්ටියෙං කූරක් ගහල ලිප පත්තු කරල දීල ආපහු ආව. "
" ඊට පස්සෙ? "
" ඉතිං ඒ වෙලාවෙ එච්චරයි උනේ.."
" එතකොට අද වහලෙන් වැටිච්චි එකට ඔය කතාව සම්බන්ද වෙන්නෙ කොහොමද?"
" අද මම වහල උඩ වැඩ කරද්දි මහත්තය මට එක පාරටම ඔය සිද්දිය මතක් උනා. "
" ඉතිං? "
" ඉතිං ඒත් එක්කම මතක් උනා යකෝ සාක්කි, මම ළිප පත්තු කරද්දි ඒ ළඟම අනික් ලිපේ වතුර කේතලයක් පැහි පැහි තිබ්බ නේද කියල.."
" ඉතිං ? "
" ඉතිං කියන්නෙ..ෂික් අම්මප මම වගෙ තකතිරුවෙක්... කියල මම නළලට පාරක් ගහගත්ත. මට වැඩේ වැරදුනෙ මහත්තය , අමතකම උනානෙව අතේ මිටිය තියනවය කියල.."
ආන්න දැක්කද අපි එහෙමයි...ඉතිං ඔය අනික් අයට වෙච්චි පොරොන්දුත් මේ වගේම ඉෂ්ඨ කරනු ලැබේ. තේරුණා නෙවද?
*************************************
ඒ වගේම පහුගිය අවුරුද්දෙ මම ලියාපු එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩක් නැති පඳුරු තැලීම් ඇතුලු පට්ටන්තර හෑලි කියවීමෙන්ද එසේ කියවා ප්‍රතිචාර දැක්වීමෙන්ද ඔබ තමුන්නාන්සේලා සිද්ද කරගත්තාවූ මහාර්ග කුසල සම්බාරය හේතු කොටගෙන මතු උපදිනා උපදිනා ආත්ම බාවයන්හි පඳුරු තැලීම් නැරඹීමට හේතු වාසනා වේවා! ඒ සියලු පඳුරු තැලීම කෙලවර සියලු බුදුවරයින් වහන්සේලා හොඳයි, සැපයි, ආතල් කෝටියයි කියා වදාල අමාමහ නිවන් සම්පත්තිය සාක්සාත් කරගැනීමට ඒ උපස්තම්බක වෙවා! කියල දොහොත් මුදුනේ තියල දෙන්ටලා බලන්ට වහලෙ උලු හෙල්ලෙන්ට සාදුකාරයක්...සා...ආ...ආ.. දු ස්... ස්.. සාදු...ස්... සා... දු... ස්.. සා.. දු!!! ....සාදුකාරයක් කිව්වම ඔන්න තව කතාවක් මතක් උනා....
එසේම ලබන්නාවූ නව වසර ඔබ සැමට සතුටින් සාමයෙන් පිරි සුබ නව වසරක් වේවා යයි රන්දිල්, වාසනා සමඟ සඳා සහ මම ප්‍රාර්ථනා කරන්නෙමු!!!
පහුගිය අවුරුද්ද පුරා පඳුරු තැලීම් ඇතුළු පට්ටන්තර හෑලි ලියා කරගත්තාවූ කුසල සම්භාරයෙන් ඔබ සියලුදෙනාටත් සතුට සාමය සපිරි සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteමචං මටත් වෙච්ච පොරොන්දුවක් තියෙනව,අර ''පිළිස්සු සැවුලෙකු කරණකොටගෙන අහිමිවූ මගේ සෙනෙහස''මතකද.
අලුත් අවුරුද්දෙවත් ඒ කතාව ලිව්වොත් නරකද.
හැලප්ස්,
Deleteඕකේ මල්ලි, පිළිස්සූ කුකුළාස්ගෙ කේස් එක අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම ලියන්නං ..ෂුවර් ඇන්ඩ් ෂොට්..අන්න එහෙම මතක් කරපං බං..මටත් දැං මතක නෑ..පොරොන්දු වෙච්චි එව්ව...:)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් සුබ නව වසරක්!!
''ඒ දවස්වල ඔය තැනින් තැන එකක් දෙකක් තමයි මොබයිල් ෆෝන්ස් තිබුනෙ.ඒ නිසා විනාඩි පහෙන් පහට ඔයා කොහෙද අනේ? කියල අහන්ට ක්‍රමයක් තිබුනෙ නෑ. වෙලාවක් කිව්වනම් ඉතිං ඒ වෙලාවට කියපු තැනට ඇවිල්ලා කීයට හරි එනකල් ඉන්ටයි තියෙන්නෙ දත්මිටි එහෙම කනවනං කකා... ''
ReplyDeleteඔහොම පැය ගණන් බලා සිටීමට අමතරව එනවා කිව දවස අමතක වීම හෙම වෙලා නැද්ද .
පව් නේද චුටි අය්යා .
Bindi,
Delete/ ඔහොම පැය ගණන් බලා සිටීමට අමතරව එනවා කිව දවස අමතක වීම හෙම වෙලා නැද්ද /
හෙහ්,හෙහ්, අනිවාර්යයෙන් එහෙනම් ඔය ළමයට එහෙම වෙල තියනව..නෑ කියන්න නම් එපා හොඳද?
මම මේ කල්පනා කලේ එහෙම වෙලා තියනවද කියල අපිට? ම්හු…. උන්දැ අනිවාර්යයෙන් පරක්කුවෙන එකනම් සාමාන්‍යදෙයක්. . ඒ ඇර දවස අමතක වෙලාම එහෙමනම් නෑ මෙතෙක් කාලෙකට.
එකම පාරක් මයෙ මොලේ කොළොප්පංවෙලා මෙහෙම දෙයක් නම් උනා. ඔන්න පෝයක්ද කොහෙද? දළඳා මාළිගාවට යමුය කියල එවුන්දැ කාලෙක ඉඳල කිය කිය හිටිය. ඒ පාර එහෙනම් මේ පෝයට යමුය කියල මම උදේ 9 වෙනකොට ආව වැව රවුමෙ මාතලේ බස් ඇවිල්ල නවත්තන හෝල්ට් එකට. හිටිය හිටිය ඔහෙ නෑ එකොළහත් වෙච්චි. එයාලගෙ අක්ක කෙනෙක් ඉන්නව මාතලේ ටවුමෙම. එහාට ගොඩ නොවැදි යන්නෙ නෑ එවුන්දැ මාතලේ ගියොත්. එහාට කතා කරලවත් බලමුය කියල ඔන්න ඇවිද්ද කමියුනිකේෂන් එකක් හොය හොය. පෝයනෙ ඔක්කොම වහල.
පස්සෙ ඔන්න කොලඹ වීදියෙ එකක් ඇරල තිබිල ගත්ත කෝල් එකක්. අක්ක ගත්තෙ කෝල් එක..
" ආ... මල්ලිද?... නංගි මෙන්න ඇවිල්ල ඉන්නව. ඉන්න මම දෙන්නම්.."
" හලෝ…" එයා කතා කලා.
" හලෝ තමයි ….මොකද ඔහෙ කරන්නෙ? මම මෙතන දැන් පැය දෙහෙකටත් වැඩියි, අද එන්නෙ නැද්ද? "
" එන්නෙ නැද්ද කියන්නෙ? මම මේ ඔයා එනකල් බලා ඉන්නව "
" ඒ මොකටද? අද මාලිගාවට යන්ට නේද අපි කතා උනේ. "
" ඕකනෙ කියන්නෙ..මෙමරි එක නිල්. ඇයි අනේ ඊට පස්සෙ කතා උනේ අද මේ අක්කල අලුවිහාරෙට දානයක් බාරගෙනය ඒ නිසා අපිත් ඒකට උදව් වෙමුය. මාළිගාවට පස්සෙ දවසක යමුය කියල."
දෙය්යෝම සාක්කි ඇත්ත නෙවෙන්නම්. ඊට පස්සෙන් පහු එහෙම කතාවක් උනා නේන්නම්. මම රිසීවර් එකෙන්ම නළලට ගහ ගත්ත අර වඩු බාස් වගෙ.
" හරි, හරි, තව ටිකකින් අපි දානෙත් අරගෙන යනව පන්සලට. ඔයා කෙලින්ම එහාට එන්න. අපි එතන කොහොමත් දොළහමාර වගෙ වෙනකල් ඉන්නව. "
" වෙරිම සොරි අනේ, ඉන්න මම එන්නම්. "
/ පව් නේද චුටි අය්යා . /
හපොයි ඔව් බින්දි..බොහොම දුක්බර කතාවක් ඒක...එයාල කවුරුත් ඒ ගැන කතාකරන්නෙවත් නෑ. ගෙදර ෆොටෝස් එහෙමත් එකක්වත් නෑ ඔක්කොම පුච්චලද කොහෙද දාල අම්මා. මමත් ඔය වදෙං පොරෙං කතාව අහගත්තෙ.
මට නම් නෙමේ ..වෙන කාටද වුනාලු . තව ඉතින් එන්නම්ය කියල පොරොන්දු දවසට කලින් අක්ක බලන්න කළුතර ගුරු විදුහලට ගිය නංගි කෙනෙක් අක්කාගේ යාළුවො එක්ක ජොලියේ එහෙ නතර වෙලා පස්සේ දවසේ එන්න බැරි වුනාලුනේ . ඔය යාළුවෙලා ඉන්න කාලේ වැඩියම රස්තියාදු වෙන්නේ පිරිමි ළමයි. එව්වට හරියන්න දැන් ලෝකේ පුරා ගිහින් එනකම් හාමිනේලා බලා ඉන්නවලු
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා රවී..
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් එසේම වේවා..සිතුවම්.!!!
Deleteසා............ධූ කාරේ දීපූ ගමන් කතා ඔක්කෝම අමතක වෙලා නානාසාර හාමුදුරුවෝ මතක් උනා. මචෝ අර චීත්ත ජංගි ඇඳිල්ල නවත්තගත්තේ හෙන විප්ලවයක් කරලා. අපිටත් ඕවමයි ඇන්දුවේ. ඒත් ඉස්සරහා ගෙවල් දෙකේ හිටපු පොෂ් පවුල් වල උන් ඇන්දේ වෙලෝනා ජංගි. හැබයි වෙලෝනා කියලා දන්නෙ නෑ. ඕවා ඉල්ලූවාම අපේ අම්මා කිව්වේ එයාලගේ නෑයෝ රටින් ගෙනල්ලා දෙනවා කියලා. පස්සේ මම උන්ගෙන් ඇහුවම. උන් කිව්වා ඒවා මෙහේ කියලා. පටන් ගත්තා විපලවේ. එවා අරන් දෙනකන් හෙළුවෙන් තමයි ඉන්නේ කියලා. කලිසම ගලවලා මිදුල පුරා ඇවිදිනවා. ඒ පාර තාත්තා පොරොන්දුවක් දුන්නා හැන්දෑවේ. සෙනසුරාදට ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සේ තමයි ආයෙත් අර චීත්ත ජංගී ඇන්දේ. මූමිතෙල් ගන්දස්සාරේ බෑ. ඉලාස්ටික් බාලම බාලයි. සාක්කුවල කහට. මාදං, කොට්ටම්බා. කජු පුහුල් දාගෙන ඉඳලා. චීත්ත ගෙනත් අම්මලාට හවුස් කෝට් මැහුවයින් පස්සේ ඉතිරිවෙන ඒවලින් තමයි ජංගි මහන්නේ. ඉතින් එකම රෙද්දෙන් මහපු අම්මගෙ හවුස් කෝට් එකයි, අපි දෙන්නගේ ජංගියි, තාත්තගේ වව්ලයි වැලේ එල්ලිලා ඉන්නවා මාර ආඩම්බරෙන්. සම හරක් කොල්ලන්ගේ ඉණේ කළු නූලක් බැඳලා තිබුනා, ජුන්ඩට ඇස් වහ වදිනවට. සමහර පොඩි උන් පොඩි කාලෙම නූල කඩා ගත්තා.. මම කිව්වේ අර ඉනේ තිබුන නූල.
ReplyDeleteපෝස්ට් එකත් හරි උඹෙ කමෙන්ට් එකත් හරි මාතේ.
Deleteමාතලන්,
Deleteඔය හා සමාන අත්දැකීමක් මට තියෙනව ඒ නම් හැබැයි ජොක්කු සම්බන්ධව. ඒ කාලෙ එව්වට කිව්වෙ ලන්කට් කියල. හයේ පන්තියට වගෙ එනකොට පන්තියෙන් බාගයක් විතර ලන්කට් අඳිනව. ලන්කට් අඳින එකා මුත්‍රා කරන්න එහෙම ගිහාම බොහොම ආඩම්බරෙන් පෙන්නන්නෙ අනික් එවුන්ට උගෙ ලන්කට් එක.දැන් වගෙ නානාප්පරකාර එව්ව තිබ්බෙ නෑ. එක ජාතියයිද කොහෙද තිබ්බෙ.මයුර හරි ජිල් ගාමන්ට්ස් එකෙන් මහන එකක්.
මමත් ගෙදර ඇවිල්ල උඩ පැන්න " මටත් ඕන ලන්කට් එකක් " ..." හරි ප්‍රශ්නයක් නෑ " අම්මත් එකඟ උන. එකඟ වෙලා කලේ මොකක්ද දන්නවද? හොඳ සිනිඳු රෙද්දක් ගෙනල්ල පහක් මැහුව. දවස් පහට.එව්ව තියෙන්නෙ බෑ දෙකට. දකුණු පැත්තෙං පලලා. සපත්තු ලේස් වගෙ දෙකක් තියනව දකුණු පැත්තෙ ඉණේ ඒ දෙක ගැටගහල තමයි ලංකට් එක ඉනේ රඳවගන්නෙ. හාපෝයි. හතර විලිලැජ්ජාවයි. ඕක එහෙම පංතියෙ කොල්ලො දැක්කනං මට වහබීල කැලේ රිංගන්නයි වෙන්නෙ. එව්ව ඇඳගෙන මුත්තරා කරන්ට මම ගියේ වටපිට බලබල මිනියක් මරන්ට යනව වගෙ. බැරි වෙලාවත් කවුරුහරි දකියි කියල.
පස්සෙ උඩ පැනල , කෑ ගහල, ආහාර වර්ජනය කරල, වහල උඩ නැඟල උපවාස කරල යන්තං අර කඩේ තියන රෙඩිමේඩ් ලන්කට් තුනක් ගෙන්න ගත්ත. ඉඳපං ඒ කතාව ආයෙම කියන්නං සවිස්තරව.
ස්තූතියි මාතලන් අපූරු කමෙන්ට් එකට...
එසේම සුබ නව වසරක්..ඔබට සහ පවුලේ සැමට!!!
මාතාගේ කමෙන්ට් එකනම් ෆුල් ආතල්. මචං මම ග්‍රේඩ් එයිට් නයින් වෙනකම් වගේ ෆ්‍රීවීල්. මට ඔය රෙදි ලන්කට් අඳින්න වුනේම නැහැ. ආච්චි, පෙන්ශන් දවසක නුගේගොඩ සව්සිරියට එක්කන් ගිහින් wear-well කියන ජොක්කු දෙකක් අරන් දුන්නා. උඹලා විශ්වාස කරපන්...ජොකෙක් නොතිබ්බ කාලේ මම ජොකා නැතිව බෝල්ගාඩ් එකක් දාගෙන බැට්කරා ක්‍රිකට් මැච් එකක. බෝල් ගාඩ් එක ඉස්සර පටිවලින් බැඳගන්න තිබුනේ.
Deleteඅරූ,
Delete/ මචං මම ග්‍රේඩ් එයිට් නයින් වෙනකම් වගේ ෆ්‍රීවීල් /
හෙහ්,හෙහ්, ඒකෙ අවුලක් නෑ ෆුල් ආතල් නම් තමයි..මමත් ඔය බ්ලූ ලැගූන්, මාතා හාරි, ලේඩි චැටර්ලීස් ලවර්..එතකොට 10 එහෙම බලන්ට ගියේ සිවිල් පිට තමයි.
/ ආච්චි, පෙන්ශන් දවසක නුගේගොඩ සව්සිරියට එක්කන් ගිහින් wear-well කියන ජොක්කු දෙකක් අරන් දුන්නා. /
අන්න හරි….Wear -well ….මට ඔය නම අමතක වෙලයි තිබ්බෙ ... ඕක ගැහුවෙ මොරටුවෙ බර්නාඩ්ස් හරි බොතේජු ගාමන්ට්ස් හරි. නැත්තං වෙලෝනාද?
/ උඹලා විශ්වාස කරපන්...ජොකෙක් නොතිබ්බ කාලේ මම ජොකා නැතිව බෝල්ගාඩ් එකක් දාගෙන බැට්කරා ක්‍රිකට් මැච් එකක /
දෙයියෝ සාලෙ තෝ තියන්ට වටින්නෙ නෑ නෙව බොල. ඉතිං උඹ අවුට්වෙලා ආහම බෝල්ගාඩ් එක තම්බන්ට පැවිලියන් එක ඉස්සරහ ලිග්ගල් තුනක් තියල වතුර මුට්ටියක් උණු කරන්ට ඇති නේද?
@ රවී.....Wear-well හැදුවේ මචං මට මතක විදිහට විජේවීර ගාමන්ට්ස් හරි ..ඒ වගේ ලඟින් යන නමක් තිබිච්ච කම්පැනියක්. බර්නාඩ්ස් ෆැක්ටරි එක තිබුනේ කොහුවල. මට මතක හැටියට බර්නාඩ්ස් අයිති බුවා බර්නාඩ් බොතේජු.
Deleteමචෝ....ඉස්සර අපේ ජූනියර් ග්‍රවුන්ඩ්ස් බලා ගත්තේ ලංසි පොරක්. ඒ වුනාට සරම ඇන්දේ. ක්‍රිකට් හැට් එකක් තමයි දාගෙන හිටියේ. ඉංග්‍රීසියෙන්ම තමයි කතාව. කරුමෙට නම මතක් වෙන්නේ නැහැ. පැවිලියන් එක ගාව තිබුනා හෙන ලොකු ලී පෙට්ටි තුනක්. එකක් බැට්ස් වලට. අනිත් එක පෑඩ්ස් වලට. පොඩි පෙට්ටිය බෝල් ගාඩ්ස් වලට. ඉස්සර හැමෝටම තමන්ගේ කියලා බැට්ස්, පෑඩ්ස් තිබුනේ නැහැ. උඹට කියන්න...මම බෝල් ගාඩ් එකක් ඒ පෙට්ටියෙන් යටින්ම අරන් ආපහු යටටම දැම්මා. උඹේ ඩොප්ලර් ටෙස්ට් විග්‍රහයයි...ඔය බෝල් ගාඩ් එකයි නැවත හිතන්න වෙනවා.
ක්‍රිකට් කෝච් කරේ සේනානායක කියලා අපේ ඉන්ග්ලිශ් මාස්ටර්. හරිම ඩිසිප්ලින්. මට පස්සේ කාලෙක දෙල්කඳ ගෝල්ඩන් ඇරෝස් කියන වර්චස් බාර් එකේදි හම්බ්වුනා..තනියෙන් බොනවා කරටි කැඩෙන්න. මම යාලුවෙක් එක්ක ගිහින් එයාව දැකලා එතනට සෙට් වුනා. ඒ කතාව හරිම දුකයි. ඕක තමයි බන් ජීවිතය.
Aru,
Delete/ ක්‍රිකට් කෝච් කරේ සේනානායක කියලා අපේ ඉන්ග්ලිශ් මාස්ටර්. හරිම ඩිසිප්ලින් /
ඔන්න බලාපං ඒකෙත් හැටි..අපිට හිටියෙ නෙල්සන් මෙන්ඩිස් මහත්මය. ඒත් අපේ ඉංග්‍රීසි ගුරුතුමා. විනයත් ඒ වගේම තදයි. අපිට English කරේ Living English Structure කියල Text Book එහෙකින්. ආනන්දෙ ක්‍රිකට් කෝච් ලයනල් මෙන්ඩිස් කියන්නෙ එතුමාගෙ අයිය. මේ ලඟක් වෙනකල් Lionel Mendis Cricker Academy කියල ක්‍රිකට් පුහුණු පාසලක් පවත්වගෙන ගියා.
නෙල්සන් සර් ඒ දවස්වලම ඉස්කෝලෙන් අස්වෙලා Singer Sri Lanka ආයතනයට බැඳුනා. මම කාලයක් යනකල් දැක්ක Mercantile A Division තරඟ වල එතුමාගෙ නම තියනව සිංගර් ආයතනය වෙනුවෙන් සෙල්ලම් කරල.
අපේ ග්‍රවුන්ඩ් බෝයි හිටියෙ ඇඩ්ඩිං අයිය. මම ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු විස්සකට වගෙ පස්සෙ අපෙ උන්දැගෙ ට්‍රේනිං එකක් තිබිල මම ගියා උන්දැත් එක්ක ඉස්කෝලෙට. එතකොටත් ඇඩ්ඩිං අයිය වැඩ. ඒත් මට හම්බ වෙන්ට උනේ නම් නෑ.
මමත් වෙයා වෙල් පටි ජොකෙක් ගත්තේ මාර විපලවයක් කරලා... මට මතක ලියලා තිබුනද කොහෙද කියලා. නිවාඩූ ටිකේ හොයලා බලලා, ලින්ක් එක දාන්නම, ලියලා නැත්නම් ලියන්නම්. පට්ට ආතල් බං ඒවා මතක් වෙනකොට. මේ කොමෙන්ට් එකත් එක්කම පෝස්ට් එක දාන්නම්....
Deleteසුභ අළුත් අවුරුද්දක් මචෝ ඔක්කෝටම..
සුබ අනාගතයක්,,,,!!!
මාතා.....සුභ අනාගතයක් කියන වචන දෙකත් එක්ක මම හරි ආසයි උඹත් එක්ක සොඳුරු සංග්‍රාමයක යෙදෙන්න. අපි රන්ඩු කරමු. ආසයි යකෝ ...අකුරු වලින් නැතිව වචණ වලින් කරන්න ..සොඳුරු අවන්හලක. හමුවෙමු සුවබර තවත් සැඳෑවක...මේවා ගේ නෙමෙයි. පුළුවන් නම් මේ සින්දුවත් එහෙම කරපන් (විහිළුවට ).මාතා ..ඕල් ද බෙස්ට් ...ගෙදර සියළු දෙනාටම!!!!
Deleteමාතලන්,
Deleteඇත්තටම ජොකා කියන නම ඇවිල්ල තියෙන්නෙ Jock-strap කියන ඉංග්‍රීසි වචනෙන්. Jock-strap කියන්නෙ ඔය පටි තියෙන එකට තමයි. පටි තියන එක විශේෂයෙන් නිර්මානය කරල තියෙන්නෙ ක්‍රිඩාවල නිරතවෙන අයට. ජොකියා ( Jockey ) කියන්නෙ අස්සරේස් වල අශ්වාරෝහකයට. ඒ නමෙන් කියනව ඔය වචනෙ හැදුනෙ. (පස්සෙ මම හිතන්නෙ පොදුවෙ ඕනම පිරිමි යට ඇඳුමකට ජොකා කියන නම යෙදුනෙ )
පටි ජොකෙක් මම කවදාවත් ඇඳල නෑ.....:)
//පටි ජොකෙක් මම කවදාවත් ඇඳල නෑ...///
Deleteවල්ල ඇතුලේ....පුක එලියේ...ෆුල් ආතල් ඩෝ!!
අරූ,
Delete/ වල්ල ඇතුලේ....පුක එලියේ...ෆුල් ආතල් ඩෝ!! /
මචං ඕකෙ පොඩි දිදාලයක් වගෙ එකක් තිබ්බ නේද සිස්නෙ දාන්ට? .....:)
ජොක්කු ගැන තවත් මරු කතාවක් මතක් උනා . ලියන්ට ඕන වෙලාවක…" අම්මට උඩු..අන්න මගෙ ජොකා..මෙහාට දීපිය ...***** පුතා."..හෙහ්,හෙහ්,
රවියා උඹ මගේ බොක්ක. මම ගහලා ඉන්න වෙලාවේ දාන කෝම්න්ට් එකක් මේක. ඕන නම් මකලා දාපන්. මචෝ උඹ අහලා තියෙනවද අප්පුවා ගැන . කෝපී කඩේ අප්පුවා. මට ඌගේ නම මේ වෙලාවේ මතකෙට එන්නේ නෑ. ඌගේ පට්ට සින්දුවක් තියෙනවා ජොකා ගැන.. මේන් මට මතක හැටියට..
Deleteජොකා ජොකා ජොකා මගේ ජොකා..
මගේ පවුලටත් වඩා වටිනවා මගේ ජොකා..
එහා ගෙදර පොඩි එකා, ඉල්ලනෙම මගේ ජොකා....
අම්මපා කිසි කෙනෙකුට දෙන්නෙම නෑ මගෙ ජොකා....
මාතලන්,
Deleteඅම්මට උඩු උඹ ගැහුවද අවුරුද්දට කලිම්ම? එළ, එළ,
කෝපි කඩේ අප්පුවා ඇවිල්ල ශ්‍රී ලාල් අබේකෝන්ද කොහෙද නේද නම? මට මතක ඒ වගේ ..
ඔය සින්දුවත් මට මතකයි..ඕකෙ මෙහෙම කෑල්ලකුත් තියනවා.
ජොකා..ජොකා..ජොකා..ජොකා..මගෙ ජොකා...
අමර සැපක් දෙන්නේ මට මගේ ජොකා…
@ aru
Deleteහරියට හරි wear-well ගැහුවෙ මාතර විජේවීර ගාමන්ට්ස්
තව තිබුනා පටි ජොක්කු DIS අනිත් එක තමයි බර්නාඩ්ස් කොහුවල
හර්ෂ
@ හර්ෂ.....ඒ කියන්නේ මගේ මතකය තාම අවුල් නැහැ කියන එක :D
Deleteඕ යේස් ..අයියෙ උඹලයෙ පවුලෙ සේරටෝම ලෙඩක් දුකක් නැතුව කොරන කියන දේවල් සාර්තක වෙන හීනියට අනුමත වෙලා සමාදානෙං අගහිගයක් නැතුව ජීවත් වෙන්ඩ පුලුවං අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteපත්තර මල්ලී,
Deleteඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!
මිටි පාරේ කතාව කියවනකොට මටත් මතක් උනා පට්ට කතාවක්. එකත් ඔය හා සමාන සිද්දියක්.
ReplyDeleteඔන්න තේ වත්තක වැඩකරපු දෙමල ඩයල් එකකට වෙලා තියෙන්නේ සිද්දිය. ඔය පොරවල් ළඟ තියනවා පොඩි පිහියක් ඉස්සරහා වක් වෙච්චි ඕක ඒ හැටි ලොකු එකක් නෙවේ තලේ අඟල් 3-4ක් දිග ඇති. පාවිච්චි කරන්නේ තේ ගස් කප්පාදු කරන්න. ඔය පිහිය අර මල් කපන පිහි වගේ නිතරම ගාලා දැලි පිහිය වගේ මුවාත් කරලා තියාගෙන ඉන්නේ. තේ ගස් කපනවට අමතරව ඔය පුවක් ගෙඩියක් හීනියට ලියා ගන්න වගේ පොඩි පොඩි වැඩ වලට ඕක පාවිච්චි කරනවා ඔය පොරවල්. ආය කාටවත් අල්ලන දෙන්නේ නැ පිහිය නිකන් පන වගේ තමා අයිති කාරයා ආරස්සා කරන්නේ.
ඔන්න එක පොරක් දවසක් විටක් කන්න කියලා වම් අතේ අල්ලේ තියාගෙන හොඳ ලස්සනට පුවක් ගෙඩියක් හීනියට ලියලා ඕක කටට දාගන්න කෑලි ටික දකුණු අතට අරං පිහිය අතේ තියෙන්නේ කියලා අමතක වෙලා පුවක් කැලි ටික දාගත්තලු කටට. වෙනදත් ඔහොම කරාට එදා මොකක් හරි ටයිමින් අප්සට් එකකින් අනේ කරුමෙට පිහි කොටේ වැදුනේ බුවාගේ නහයේ. ආය මොනවද දැලි ෆියවගේ කැපෙන හින්දා පොරගේ නහය බෑ දෙකට කැපුනලු.
දැන් ඉතිං පොර වත්තේ ඉස්පිරිතාලෙට අරන් ගියාම වැඩේ සීරියස් හිංදා යන්න කිවලු ටවුමේ ඉස්ප්රිතාලෙට. පොර ඉතින් තවත් පොරක් එක්ක රෙදි කැල්ලක් තද කරගෙන ඉස්පිරිතාලෙට ගියා කියමුකෝ. දැන් දොස්තර මහත්තයා බලලා පොරගෙන් අහනවලු මොකද උනේ කොහොමද මෙහෙම කැපුනේ කියලා. පොරත් එක්ක ගිය අනිත් ඩයල් එක දන්නා ඔක්කොම සිංහල වචන දාලා කීවත් දොස්තරට සීන් එක තේරෙන්නේ නෑලු. බැරිම තැන ගත්තලු පොර පුවක් ගෙඩියක් අතට අරන් අරන් අර පිහි කොටෙන් අර විදිහටම කපලා වැඩේ කොරලාම පෙන්නුවලු. අනේ කරුමේ කියන්නේ කොච්චර තාත්විකව අනුකරනය කරාද කියනවනම් කලින් පොරට මැහුම් 5යි කරලා පෙන්නපු පොරට මැහුම් 8යි ඔං.
අඩේ මේක කොමෙන්ට් එකක්ද පොස්ට් එකක්ද ? :O
නිශාන්ත,
Deleteනියම කතාව බං...තැන්කූ සෝ සෝ සෝ මච්....:)
සුබ නව වසරක් ඔබ සැමටද!!!
නිශාන්තගේ කතාව මම අහලා තියෙන්නේ වෙන විදියකට. බාබර් කෙනෙක් ගාවට ගිය පොරක් කොන්ඩේ කපන ගමන් ඇහුවල බාබර්ගෙන මොකද ඔය නහයට ප්ලාස්ටර් එකක් දාගෙන ඉන්නේ කියලා.
Deleteබාබර් කිව්වලු " මාර කෙලියනේ සෑර් වුනේ. දැලි පිහියට කැපුන."
"මොනවා මනුස්සයෝ? දැලි පිහියට කොහොමද නහය කපාගත්තේ?"
"සෑර් දැක්කනම් කලන්තේ දානවා. ලේ විලයි. කට්ටිය එකතුවෙලා තමයි හොස්පිටල් අරන් ගිහින් තියෙන්නේ."
"හරි ඉතිං කොහොමද නහය කපාගත්තේ? තමුසේ මාර පොරක්නේ."
"මම මේ එක්කෙනෙක්ගෙ රැවුල බබා ඉන්නකොට මැස්සෙක් ඇවිත් කෝච්චරවත් නහයෙමයි වහන්නේ. මට මල පැන්න පාර මම දැලිපිහියෙන්ම කෙලලා ඇරියා මෙන්න මෙහෙම," කියලා පොර දැලිපිහිය වනලා පෙන්නලා.
නහයෙන් තව පෙත්තක් පෙත්තක් බිමලු මේ පාර ප්ලාස්ටරෙත් එක්කම.
Henry,
Deleteමයෙ තියනව ඔය පොඩි පේම කේස් එහෙකුත් බාබර් සාප්පුවකට සම්බන්දව..ඒක ගැනත් වෙලාවක ලියන්ට ඕන... ඒත් එක්කම මචං මෙහෙ කොණ්ගෙ රැවුල කපාගන්ට ගිහාම දෙන මසාජ් එක තමයි මල්ලි මසාජ් එක. කොටිම්ම ඇඬෙනව. ලිටරලි ...මුලු සරුවාංගෙම මසාජ් කරනව මචං තුන් දෙනෙක් වට වෙලා.
කොඳු ඇට පෙලට දෙනව මසාජ් එකක්..අම්මාපල්ල...කියල වැඩක් නෑ. දාහතරවන උරස් කශේරුකාවයි විසි එක්වන කටී කශේරුකාවයි ගලවල ඔලිව් ඔයිල් වලින් හෝදල තැන් මාරුකරල ආයම හයි කරනව. ඒ විස්තරේ පොතක ලියාගන්නව. ඊලඟ පාර ගිහාම අර දෙක ආපහු නියමිත තැන්වල හයි කරනව. ඔය සල්ය කර්ම වලට වැඩිපුර එක රියලක්වත් ගන්නෙ නෑ. ඔක්කොම සන්තෝසෙ. Adding Value to the Service....ඉඳහං මම ලියන්නං ඔය ඔක්කොම එකතුකරල " මගේ කරණවෑමි කතා "කියල සීරීස් එකක් ළඟදීම. හෙහ්,හෙහ්,
මේ තව ආතල් බාබර් කතාවක්..
දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,
ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,
කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා යනව මණමාලියෙක් බලංඩ,
දෙතුං පාරක් කතුරත් ඇනුන ඔලුවෙ, සුනිල් ඉතිං පණ බයේ පුටුව උඩම ඇඹරි ඇඹරි හිටියා, එක පාරක් ඕං සුනිලගෙ දකුනු කණ බේරුනෙ අනූනමයයි තුං කාලෙං,
බාබරය වැනි වැනි ගිහිං දැළි පිහිය ගාන්ඩ පටං ගත්ත කර ගලේ,
සුනිල් ඒ දිහා ඇස් දෙකත් නලලට අරං බලා ඉද්දි දැක්ක බාබර් සාප්පුවෙ දොර ගාව බුදියං හිටපු බල්ලා ලඟටම ඇවිත් ඉඳගෙන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නව සුනිල් දිහාවෙ,
දැලි පිහිය දිහාවෙ හොරැහින් බලන ගමන් සුනිල් ඇහුවා,
" මේ ඔහෙගෙ බල්ල හරි උනන්දුයි වගෙ නේද කොණ්ඩ කැපිල්ලට?"
"විකාරද, මහත්තයො,මොන කොණ්ඩ කැපිල්ලක්ද,?.... ඕකා ඔය බලාගෙන ඉන්නෙ කං කෑලි එහෙම කැපිල විසි වෙන කොට කන්ඩ නෙව"
බාබර් ආපහු බලනකොට සුනිල් නෑ පුටුවෙ,
"අනේ, මහත්තයො, සල්ලි නැතත් කමක් නැහැ, ඔය රෙද්ද වත් දීල යන්ඩ"
බාබර් වැනි වැනි සුනිල් පස්සෙ එලෙව්වා,
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රවී තුමා..
ReplyDeleteහැමදාම අපිව හිනස්සවා ලේ පිරිසිදු කරවන පිනෙන් ඔබේ නව වසර වාසනාවන්ත වේවා!
එක් මානවික්ස්,
Deleteස්තූතියි නෝනමහත්මයා..බොහොම ස්තූතියි!!
ඔබටද ඔබගේ ඥාති හිතමිත්‍රාදීන් සියලු දෙනාටද සුබ නවවසරක්!!
ඈත ඉඳලම බෑඟිරි ගහගෙන එනව ඇහෙන්න ගත්ත හරියටම ඔන්න ඔය වෙලාවෙ............................. ඒ එක්කම ලොරියෙ සද්දෙත් පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා ගිහිල්ල නැති වෙල ගියා. <<
ReplyDeleteඕකට කියන්නේ Doppler Effect කියලනේ. අපි මේ දැන් බත් කන ගමන් බැලුවා Big Bang Theory එකේ කොටසක්. ඒකෙ ඉන්නේ ගීක්ලා නර්ඩ් ලනේ. එකෙක් Halloween Partyයකට ඇඳං ගියේ කලු සුදු සිරස් ඉරි තියෙන ඇඳුමක්. මැදට වෙනකොට ඉරිවල පළල වැඩි වෙලා ආයෙම අඩු වෙනවා. ඒක Doppler Effectලු. මට ඒකමද ඒක මතක් වුනේ? නැතිනම් Big Bang එකයි උඹලගේ මෙට්ටෙයි මතක් වෙලාද කියලා මම තාම හිතනවා.
>>මොන එතකොටත් අයියල ගිය පාරෙ දූවිලි විතරයි." <<
මට මතක් වුනේ Road Runner, බීප් බීප්!
හෙන්රි,
Deleteමහා පිපුරුම් න්‍යායය හරිය කියල ඔප්පු කරන්ටත් උදව් කරගෙන තියෙන්නෙ Doppler Effect එක. සියළුම මන්දාකිණි අපෙන් වේගයෙන් ඉවතට ඇදී යන බව ස්ථිරවම කියන්නෙ එව්වයින් එන තරංගවල තරංග ආයාම අතර කාල පරතරය එන්න එන්නම වැඩිවෙන හින්ද. අර මම කියපු ලොරිය අපෙ ක්වාටර්ස් එක පහුකරල ගිරිතලේ පැත්තට යනකොට වගෙ.
ඔය ඩොප්ලර් ඉෆෙක්ට් එක හොඳටම අත්දකින්ට පුලුවනි, ස්ටේෂන් එහෙක ප්ලැට්ෆෝම් එකේ හිටගෙන ඉන්නකොට. ඒ ස්ටේෂන් එකේ නවත්තන්නෙ නැති සීග්‍රගාමී කෝච්චි ඈත ඉඳන්ම නලාව ගහගෙන ඇවිල්ල අපිව පහුකරල ඈතට යනකොට ඔය ඩොප්ලර් ඉෆෙක්ට් එක අපූරුවට අත්විඳින්ට පුලුවනි.
/ කලු සුදු සිරස් ඉරි තියෙන ඇඳුමක්. මැදට වෙනකොට ඉරිවල පළල වැඩි වෙලා ආයෙම අඩු වෙනවා /
සිරස් ද මචං තිරස් ද?
සුබ නව වසරක් මචං දිපා සහ පොඩි එවුං දෙන්නටත් එක්කම!!!
මට ඊයේ දොස්තර ගාව Doppler test කියලා එකක් කරා. ඒ නහරවල් වල බ්ලඩ් ක්ලොට්ස් එහෙම තියෙනවාද කියලා බලන්න. මාස 6කට සැරයක් නොමිලේම කරනවා...මම නහර කාරයා කියලා අපේ ඩොකා තේරුම් අරන්ද කොහෙද.
Deleteඅරූ,
DeleteDoppler Test වලින් කරන්නෙ මචං ලේ වල Aids එහෙම තියනවද බලන එක. ඒත් කියන්නෙ Blood Flow එක බලන්නයි ටෙස්ට් කරන්නෙ කියල. ඇත්ත විස්තරේ කියන්නෙ නෑ.
ඒඩ්ස් වගෙ ලෙඩ හැදෙන්න Most Probable අය ගැන Data Base එකක් ආණ්ඩුවෙ තියනව. ඒ වගෙ අයට ඒ ටෙස්ට් එක මාස හයකට සැරයක් නොමිලේ කරනව.උඹ මල්ලි ඒ කියන්නෙ High Risk Category එකේ ඉන්නෙ. පරිස්සම් වෙයන් හොඳද? වැඩේ සීරියස් උනොත් උඹව Deport කරන්ඩත් බැරිනෑ කෙලින්ම මත්තලට
ඔය ටෙස්ට්එකේදි ගානව Doppler Gel කියල බොහොම සීතල ජෙල් එකක්. අප්පටසිරි මචං..අර වැඩේට නම් ආය නෑ ඒ ජෙල් එක නියමයි.ඊලඟ සැරේ ගිහාම නර්ස් නෝනට පොඩි පානියක් කාරිය දාල බාගෙට ඉවර වෙච්චි Gel Jar එකක් ඉල්ලං වරෙං...
නර්ස් නෝනා කියනවා...ගෙදර ගෙනියන්න දෙන්න බැහැ. එතනම ඕන්නම් පාවිච්චි කරන්න කියලා..මම ලැජ්ජාවට එපා කිව්ව. නර්ස් නෝනාත් නරකම නැහැ.
Deleteමගේ සීරියස් ලව්වල ප්‍රථමයාත් නර්ස් කෙනෙක් නිසාත්, හමුවුනේ ඩර්ඩන්ස් එකේ නැවතිලා හිටිය කාලෙත් නිසා ජෙල් ලඟින් යන කරපු කුප්ප වැඩක් මතක් වුනා. ලියන්න බැහැ බන්. මට ලැජ්ජැයි.
අරූ,
Delete/ අප්පටසිරි මචං..අර වැඩේට නම් ආය නෑ ඒ ජෙල් එක නියමයි /
ඔන්න ඉතින් ඕකනෙ කියන්නෙ..උඹල දෙන්නම ( දෙන්නම කිව්වෙ උඹයි නේස් නෝනෙයි ) වෙන බූතනෙ හිතල තියෙන්නෙ. මම මේ කිව්වෙ වෙන දෙයක් ගැන ..මේ DIY එකක් වගෙ. :)
Doppler Test වලින් කරන්නෙ මචං ලේ වල Aids එහෙම තියනවද බලන එක. ඒත් කියන්නෙ Blood Flow එක බලන්නයි ටෙස්ට් කරන්නෙ කියල. ඇත්ත විස්තරේ කියන්නෙ නෑ.
Deleteඒඩ්ස් වගෙ ලෙඩ හැදෙන්න Most Probable අය ගැන Data Base එකක් ආණ්ඩුවෙ තියනව. ඒ වගෙ අයට ඒ ටෙස්ට් එක මාස හයකට සැරයක් නොමිලේ කරනව.උඹ මල්ලි ඒ කියන්නෙ High Risk Category එකේ ඉන්නෙ.
ravi,
උස්සලා පොලවේ ගහනවා යකෝ උඹව. මේ ටෙස්ට් එක ගිය මාසේ මාත් කලා. ඒත් ඔය කියපු ලෙඩකට මාව වගේ අහිංසක බෝ පැලයක් වැටෙන්නේ කොහොමද එහෙනම්... හික්ස්...
අපි බෝ පැල හරී?
Rangi,
Delete/ ඒත් ඔය කියපු ලෙඩකට මාව වගේ අහිංසක බෝ පැලයක් වැටෙන්නේ කොහොමද එහෙනම් /
ඔන්න ඉතිං....ඕකනෙ කියන්නෙ ඔක්කෝටම කලින් උඹල කලබල වෙනවනෙ. කාම් ඩවුන්..කාම් ඩවුන්..කාම් ඩවුන්..ප්..ලී..ස්.... මම කිව්වද ඔය ටෙස්ට් එක කරන්නෙ ඒඩ්ස් තියන අයට කියල?..Most Probable අයට බං Most Probable අයට.
අනික ඒඩ්ස් වෛරස් එක සරීරෙට ඇතුල්වෙලානම් කලබල වෙන්න, බරවැඩ කරන්න, ගොඩක් මහන්සි වෙන ව්‍යායාම් කරන්න හොඳම නෑ. ඒ නිසා මාව උස්සල පොළවෙ ගහන්ට හදන එක එච්චරම නුවනට හුරු වැඩක් නෙවෙයි දැන් උඹ ඉන්න තත්වෙ හැටියට.
මම කියන්නද? මෙහෙම කරපං..ඔය Doppler Test එක කරපු ඩොක්ටර් එක්ක Confidential Discussion එකක් දාපං කියාපං මෙහෙම.." Yes, I know Doctor, Don’t try to hide anything from me. I know for what Doppler Test is being done & so you can tell me the truth..Do I have aids or not? that's all I want to know. " The Doctor would be impressed no doubt and most probably would tell you the truth...
මැලේසියාවෙ අතුරුදහන් වෙච්ච ගුවන් යානෙන් ඉන්මාර්සැට් සැටලයිට් එකට එවපු සංඥා අනුව සහ ගුවන් යානෙ ඉන්ධන ප්‍රමාණය අනුව, ඒක ගමන් කලා කියලා හිතන්න පුළුවන් මාර්ග දෙකක් තිබ්බනේ... මැලේසියාවෙන් උතුරු පැත්තෙන් බංගලාදේශය හරහා චීන දේශ සීමා උඩින් කසාක්ස්තාන් පැත්තට හරි දකුණු ඉන්දියානු මුහුදට දෙසට හරි. ඕකෙන් දකුණු ඉන්දීය මුහුදේ ඒ පැත්තේ කිසිම ගොඩ බිමක් නැති නිසා වැඩි අවධානය තිබ්බේ උතුරු ගමන් මාර්ගයට. නමුත් ඉන්මාර්සැට් එකේ සැට් එක අර සංඥා එක්ක Doppler Effect ගලපලා තමයි කිව්වේ මේක ගියේ දකුණට වෙන්න ඕනේ කියලා.
Deleteතිසර,
Deleteඅඩේ එහෙමද බං? මම දැනගෙන උන්නෙ නෑ ඒ කතාව. හරි හරි ට්‍රැන්ගියුලේෂන් වලින් එහෙම නිගමනය කරන්න පුලුවන් තමයි මම හිතන්නෙ. උතුරු පැත්තෙ තියන සැටලයිට් එහෙකින් අල්ලගන්න සංඥා වල තරංග ආයාමය වෙනස් වෙන විදිහ අනුව කියන්න පුලුවන් ගුවන් යානය ඒ වෙතට එනවද එයින් ඉවත යනවද කියල. ඒ වගෙ තව සැටලයිට් එකකින් දත්ත ගත්තම බොහෝ දුරට නිවැරදි අනුමානයකට එන්න පුලුවන් මම හිතන්නෙ ගුවන් යානය කොයි දිසාවටද ගියේ කියල.
ඔබ තුමාට නංගිල දෙන්නෙක් ඉන්න බව අදමයි දන්නෙ. ලියන්නකෝ එයාල ගැනත්. පොඩිකාල කරපු කියපුව එහෙම. ගුරුතුමී ගෙ අතීත කතා වගේම රසවත් වෙයි කියල හිතෙනවා.
ReplyDeleteනිර්නාමික,
Deleteඉන්නව ඉන්නව බොලේ ඉන්නව ඉන්නව...හරි හරි ඒ ගැනත් ලියන්නංකො...:)
ඉලාස්ටික් කලිසන් කොට...මං වැඩිහරියක් ගෙදෙට්ට ඇන්දේ පරණ වෙච්ච ඉස්කෝල නිල් කලිසන් කොට නෙව....අම්මා ගවුමක් මහන්න ගෙනල්ලා ඉතිරි වෙච්ච චීත්ත රෙදි වලින් මහපු කලිසන් දෙක තුනකුත් තිබුන....ඕවයේ ඉස්සරා පැත්ත එක මෝස්තරයක්...පස්සා පැත්ත තව මෝස්තරයක්.... :D
ReplyDeleteජංගියක් මහගන්න පහසු ක්‍රමයක්.....පරණ මේස් බැනියමක් ගත්තා....යට වාටියට ඉලාස්ටික් එකක් රින්ගෙව්වා......උසේ ප්‍රමාණය බලල,, වැඩි හරිය කපලා දාල.....කකුල් වලට ඉඩ තියල... යටින් පොඩි මැහුම් පාරක් ගැහැව්වා....ලෙහෙසියි පහසුයි...වියදම අවමයි....
අයාල්,
Deleteඔහොම පරණ මේස් බැනියං වලින් ජංගි මහන කතාවක් මම අහල තියනව ඒත් එහෙම මහපු එකක් කවදාකවත් දැකල නෑ...ස්තූතියි විස්තරයට...
සුබ නව වසරක්!!! අයාල් ඔබට සහ පවුලේ සියලු දෙනාටත්...:)
සා...සා ....සා....දු!!!
ReplyDeleteහ්ම්... මේක සංවේදී චූටි අයියා පිළිබඳ කතාවෙ ඉඳන් අනුවේදනීය ජංගි කමෙන්ට් කතාවක් වේගනයි යන්නෙ. හැමෝම තමුන්ගෙ ජංගි ගැන කියන්න අරං! කලිසං බිම දාං ජංගිවල හැඩ කියනව කට්ටියම!! අම්මප රවි අයියත් හීන් සීරුවෙ කට්ටියට දීල තියෙන ගේමක්.. මං මේ බැලුවෙ!
අනික මේ අලුත්ම තියරිය.. කතාව කියා අවසානයේ වෙනම පඳුරු තැලීම!! ඇයි බැරි අපේ ටෙලිවිෂන් නාලිකාවලටත් මේක ආදර්සෙට අරං ඇඩ්ස් වගේ ඒව ඔය ටෙලි නාට්ටිවල මැද්දෙ නැතිව වෙනම දාන්න. එහෙම කලානං හැමෝම කරදරයක් නැතුව ඇඩ්ස් ටික බලාගන්නවනෙ පිළිවෙලට...
රවි අයියා ඇතුළු පවුලේ සැමට, බත බුලතින් සපිරි, කරුමාන්ත සරුවන, කමෙන්ට් වැහි වහින සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ප්‍රියන්ත මල්ලි,
Delete/ හ්ම්... මේක සංවේදී චූටි අයියා පිළිබඳ කතාවෙ ඉඳන් අනුවේදනීය ජංගි කමෙන්ට් කතාවක් වේගනයි යන්නෙ /
එව්ව එහෙම තමයි බං..පාටකයිංට තහංචි නියෝග කේවියට් දාන්ට බෑනෙ බං..මෙතන බොලාට කතාකරන්ට පුලුවන් මෙන්න මේ අහවල් මාතෘකාව ගැන විතරයිය කියල. නාමයත් ඇවිල්ල නිදහස් සිතුවිලි නෙව. නමේ විදිහට එපාය වැඩේ තියෙන්ට.
/ අනික මේ අලුත්ම තියරිය.. කතාව කියා අවසානයේ වෙනම පඳුරු තැලීම /
මාත්තිතිං ඔය නොයෙක් අත්හදා බැලීං කරනව හිටපු ගමං...හෙහ්,හෙහ්,
සුබ නව වසරක් මල්ලි!!!
නව වසරේ ගිය කාරිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ආපසු ගම් රටවල බලා ඒමට ලැබේවා!! කොළඹ වීදියේ වික්ටරි අවන් හලේදී හමුවී ආගිය කතාවන්ට අමතරව හීන්වට පඳුරු තැලීමකද නිරතවන අතර වාරයේ බුබුළු දමන කුසලාන ඉහලට ඔසවා දීර්ඝායු ලැබේවායයි සව්දිය පිරීමට අවස්ථාවක් ලැබේවා!!!
මේකටත් වුනේ අර කවි කාරියකගේ මොකක්ද මංදා එකට වෙච්ච සන්තෑසියම තමා. මගින් හැලුනා.. ඉතින් දැන්, ගුරුවරියක සමඟ කියලා දැක්ක ගමන් අහක බලාගෙන උඩට යනවා. දැන් මේ ආවේ අවුරුද්දට සුබ පතලා යන්න.
ReplyDeleteරවී අයියටත්, පවුලේ සැමටත් සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා !!
Senna,
Delete/ මේකටත් වුනේ අර කවි කාරියකගේ මොකක්ද මංදා එකට වෙච්ච සන්තෑසියම තමා /
නෑනෙ බොලේ මම මේ පහුගිය කොටස් දෙකක්ම ලිවෙ තනිකර ගුරුවරී ගැන. හරි, හරි මල්ලි ඒකට අවුලක් නෑ..නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්....
ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් මල්ලි!!!
උඹ හැමදාම මම කියන් එක වැරදියටමයි ගන්නේ බං.. කරුමේ කරුමේ..... :(
Deleteමම කිව්වේ මේක මට මගින් අතෑරුනා කියලා බන්.. ඉතින් ආයෙ කියවන්න කම්මැලියි..
සෙන්නා,
Deleteදෙයියම්පල්ල ඇත්ත නෙව. කවිකාරි කතාවත් ඔහොම මැදක් යනකොට මඟ ඇරිච්ච සීන් එකක් උඹ කිව්ව තමයි. හරි, හරි, ඒක ඇවිල්ල මුද්‍රණ දෝෂයක් නොහොත් කමියුනිකේෂන් බ්‍රේක්ඩවුන් එකක්...සමාවෙයං සමාවෙයං හොඳේ?
සෙන්නා උඹ හිතං ඉන්නේ මේක මුල මැද අග ගැලපෙන කතාවක් කියලද? :)
Deleteසෙන්නා,
Deleteඅන්න මල්ලි තිසර කියන එක අහපං..මේක ඔය වැල් ටෙලි නාට්ටිය වගෙ තමයි. කිසි අවුලක් නෑ මාස දෙකක් විතර මිස් උනත්.... ආයම මාසයක් බලල තව මාස තුනක් නොබල ඉඳල ආයම බලපං ...කතාව තේරුං ගන්ට කිසි අවුලක් නෑ..අන්න එහෙමයි මල්ලි අපි හරිය?. උඹල වගෙ ඉතා කාර්ය බහුල, සූර වීර, ඥාණවුර්ද පුඟුලො මේක බලනවයි කියල මම දන්නව. ඒ නිසා මම ලියන්නෙ හිතුන වෙලාවක ඇවිල්ල බැලුව. ආයම එපා කියල හිතුනනං නිකා හිටිය. ආයම ඕනනං ඇවිල්ල බැලුව.අන්න එහෙම..හරිය?
මේ කොමෙන්ටුව දැක්කාම තමා මටත් සිහිකල්පනාවට ආවේ ඇයි අපේ වාහෙලා දාගෙන අර රන් දෙපැය බැලුවේ කියලා..මාස ගාණක් ගියත් කතාව එකම තැන වුනත් දැන් තේරෙනවයා මිනිස්සු මෙච්චර වශීවෙලා මේ ටෙලි නාට්ටි බැලුවේ ඇයි කියලා..!!
Deleteහ්ම්ම් හ්ම්ම් සාදු සාදු හෙනන් බොලා ඔක්කොටමත් සුභ අලුත් අවුරුද්දක් වෙවා.ඉස්සර ඔය ඉලාස්ටික් කලිසන් කොට ඇදන් ඉන්නකොට පිටිපස්සෙන් ඇවිත් අත්දෙකෙන්ම අල්ලල පල්ලෙහාට අදිනව.හයියො හරිම කැතයි
ReplyDeleteදමිත්,
Deleteසුබ නව වසරක් ඔබටත් පවුලේ සැමටත්!!!
රවීටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා කියල පතනව.
ReplyDeleteඒ වගේම ලබන්නාවූ අවුරුද්දෙත් මේ පඳුරු තැලීම දිගටම කරගෙන යන ගමන් අර මග නවත්තපු වාං පතුල පොඩ්ඩක් පොලිෂ් කරල ගනී කියලත් හිතනව.
Praසන්ன,
Deleteඔබටත් සුබ නව වසරක්!!!
හරි,හරි බං වාං පතුලත් ආයම එලියට ගන්ට ඕන තමා ළඟදීම...:)
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteජය වේවා!!!
විදානෙ මලයා,
Deleteඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක්!!!
පළමුව....පොරොන්දු ඉටු කිරීම නම්වූ උත්තම ගුණයට සාධුකාරයක් දෙමි.
ReplyDeleteදෙවනුව.....යම් සිද්ධියක් රචනා කිරීමේදි එය ඩිටේල්ස් වශයෙන් ලියා...පාඨකයාට චිත්ත රූප මැවීමට උඹ දක්වන හැකියාවට තවත් සාධුකාරයක් දෙන්නෙමි.
තෙවනුව..... මටත් මිටි පහරවල් ගසා ගත යුතුව තිබු සිද්ධීන් කිහිපයක් මතක් කරදීම වෙනුවෙන් තවත් සාධු කාරයක් දෙමි.
දැන් උස් සාධුකාර නාදයකින් සියලු දෙනාටම කිරි අඩුවෙන් සහ පැණි වැඩියෙන්වූ සුබ අළුත් අවුරුද්දක් පතමි. (මම කිරිකන්නේ පැණි වැඩියෙන් )
සාධුකාර හොඳටම ඇති....මමත් හත්දෙනෙකුගේ පවුලේ වැඩිමහලා මුත්..ඔවුන් සමග ඒ ළමා කාලය බෙදා හදා ගන්නට බැරිවූ වටපිටාවක මතකයන් ඇවිස්සුණු මුත් වැඩිහිටියෙකු ලෙස ඒ ආත්මීය බැඳුම් තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙමි.
අරූ,
Deleteබොහොම ස්තූතියි මචං..ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් අරූ, අනික් අතට කිසිම පුදුමයකුත් නෑ...අපේ ඉරණම, දෛවය, බඹා කොටපු හැටි, ඔව්ව ඔක්කොම අනුව යමක් සිද්ද වෙන්ට තියනවනම් ඒක වෙනවාමයි... දුක, සැප, නින්දා, ප්‍රසංසා, ලාබ අලාබ ..මේ ඔක්කොම උපේක්ෂාවෙන් බාරගන්ට අපි සූදානම් වෙලා ඉන්ට ඕන.එච්චරයි.
සුබ නව වසරක් මචං..බිරින්දෑට සහ දියණියටත් එක්කම.
අපේ ගෙවල් පැත්තේ විස්තර කියල තියෙන්නේ . . . සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteමඟියා,
Deleteමාතලේ, නුවර, කඩුගන්නාව, නාවුල , ගිරිතලේ..ඔය හැමතැනක් ගැනම මම ලිව්වනෙ. කොහෙ ගැනය මඟියා මේ කියන්නෙ?
ඔබටත් සුබ නව වසරක්!!!
මචං තව කාට හරි වෙච්ච දේකට උඹට මිටියෙන් ගහගෙන මැරෙන්න හිතිලා තියෙනවද කවද හරි? මම මේ කතාව අහපු මුල්ම දවසේ මට පුදුම පසු තැවිල්ලක්, දුකක්, හිස් බවක්, ඉච්ඡා භංගත්වයක් සහ සහ පුදුමාකාර පාලුවක් දැනුනා.
ReplyDeleteමේකයි කතාව.
මේකත් අර ට්‍රැවලිං සේලමන්ලගේ කතාවක්.
එක ට්‍රැවලිං සේල්ස්මන් කෙනෙක් ඔන්න රෑ බෝ වුන නිසා පාලු පළාතක ගොවි පොලකට ගිහින් දොරට තට්‍ටු කරනවා. දොර අරින්නේ වයසක ගොවියෙක්. ඉතින් අර හැම කතාවෙම වගේ අපේ පොර එක රැයකට නවාතැන් ඉල්ලනවා. ගොවියා ඉතින් පොරට හොඳ කෑම වේලක් හෙම දීලා කියනවා මෙන්න මෙහෙම.
"මගේ ගෙදර ඉතින් මහ ඉඩ කඩක් නෑනේ. ඔහේට පුලුවන් කැමතිනම් බේබිගේ ඇඳේ බේබිත් එක්ක නිදාගන්න. එහෙම නැතිනම් අර එලියේ මඩුවේ පිදුරු ගොඩේ නිදාගන්නයි වෙන්නේ."
පොඩි එකෙක් එක්ක නිදාගන්නවට වඩා එලියේ පිදුරු ගොඩේ නිදාගන්න අපේ පොර කැමති වෙනවා. ගොවියත් ඉතින් "ඔහේගේ කැමැත්තක්" කියලා නිදාගන්න ගියා. අපේ පොරත් ගිහින් පිදුරු ගොඩේ වැටිලා නිදා ගන්නවා.
පහුවදා උදේම බාල්දියක සද්දේ ඇහිලා පොර ඇහැරෙනවා. බැලින්නම පට්ටම ලස්සන සුරංගනාවියක් වගේ ඉටිකිරිස් ගෑල්ලමයෙක් කිරි දොවන්න ඇවිත් මඩුවට.
"ඔයා කවුද?"
අපේ පොර අහනවා.
"මම තමයි බේබි."
අපි කතාවක් අහගෙන ඉන්නකොට අපි ඒ චරිත වල ජීවත් වෙනවනේ. උඹලත් එහෙමද මන්දා මම නම් එහෙමයි. ඉතින් අර ට්‍රැවලිං සේල්ස්මන්ට වගේම ඒ චරිතයේ ජීවත් වෙන මටත් උඩට ඇද්ද හුස්ම පහලට දාන්න අමතක වෙනවා.
කෙල්ල අහනවා ඒ ගමන,
"ඔයා කවුද?"
"මම තමයි පිදුරු ගොඩේ නිදා ගත්ත බූරුවා."
මට මේ කතාව අහපු මුල්ම දවසේ දැනුන පසු තැවිල්ලක, දුක, හිස් බව, ඉච්ඡා භංගත්වය සහ සහ පුදුමාකාර පාලුව අදත් දැනෙනවා බං.
Henry,
Deleteඔන්න එක බොහෝම දුස්කර පලාතක සේවයට යනව තරුණ ගුරුවරයෙක්. ඉංග්‍රීසි කිව්වොත් මේ කියවන එවුං රටේ නැති වල් බූත උපකල්පනය කරන නිසා අපි කියමු ඉතිහාස ගුරුවරයෙක්ය කියල. ගිහිල්ල හම්බවෙනව ප්‍රින්සිපල්ව. ප්‍රින්සිපල් ඉන්නෙ ඒ ඉස්කෝලෙ තිබ්බ එකම ගුරු නිවාසෙ.
" ළමයො "
මුල්ගුරුතුමා තලත්තෑනි මනුස්සය එහෙමයි මේ තරුණ ගුරුවරයට කතා කලේ
." මේ ගමේ ඔය ලමයට නවතින්න තැනක් නම් නෑ. මේ මිනිස්සු බොහොම දුප්පත් ගෙවල් වල කාමර මොකවත් නෑ. ඔක්කොමල උයන්නෙ, කන්නෙ බොන්නෙ ඔක්කොම එකම තැන. මොකද අපි කරන්නෙ මේ නවාතැන් ප්‍රශ්නෙට? "
මුල් ගුරුතුමා ටිකක් වෙලා කල්පනා කර කර ඉඳල මෙහෙම කිව්ව.
"මම ඉන්නෙ ගුරුනිවාසෙ මහෙ හාමිනෙයි දරුවයි එක්ක. ඒකෙ තව කාමරයක් තියනව. ඒත් පොඩි කොස්සකට තියෙන්නෙ ගිය සුමානෙ ඔය ළමය වගෙම අලුතෙන් පත්වීමක් අරගෙන ආපු ගුරුවරියක් ඒ කාමරේ ඉන්නව. අපෙ සංගීත ටීචර්..ඔය දෙන්නට කතාබහ කරල මොනව හරි එකඟ තාවයකට එන්ට පුලුවන් නම් ඒ ටීචර් එක්ක ඒ කාමරේ හිටියැකි. සදාචාරයටනම් හරි නෑ තමයි. ඒත් මේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නෑ නෙව."
ඔන්න අපෙ ගුරුතුමත් හා හොඳයිය කියල ගිහිල්ල සංගීත ගුරුතුමී හම්බ උනා කියමුකො. ටීචර් මුලින් බෑම කිව්ව. ඒත් මුල් ගුරුතුමත් කරුණු පැහැදිලි කරල දුන්නම අන්තිමට කැමති උනා. ඔන්න දැන් රෑට කාල එහෙම දෙන්න නිදියන්න හදන්නෙ. අපෙ සර් බිම පැදුරක් එලල ඔන්න ඒකෙ නිදියෙන්නයි හදන්නෙ.
" සර්, මම බිම නිදියගන්නම්, සර් ඇඳේ නිදාගන්න ...මගෙ හිතට හරි නෑ සර් බිම ඉන්දැද්දි ඇඳේ නිදාගන්න එක. "ටීචර් කියාපි
" මට ඒක කරන්ට බෑ. මම කොහොමද ඔයා බිම නිදියද්දි ඇඳේ නිදියන්නෙ? "සර් බෑම කිව්ව.
අන්තිමට මේකෙ විසඳුමක් නෑනෙ . ටීචර් ඒ පාර මෙහෙම කිව්ව.
" හරි අපි දෙන්නම මේ ඇඳේ නිදියමු. හැබැයි මම ඇඳ මැදින් කොට්ටයක් තියනව. සර් එහා පැත්තෙ මම මෙහා පැත්තෙ.."
කියල සර්රුත් කැමති උනා ඒ අරේන්ජ්මන්ට් එකට.
ඔන්න වැඩේ කිසි අවුලක් නැතුව යනව. දෙන්න දෙපැත්තට වෙලා නිදියනව මැදිං කොට්ටෙ තියනව. ඔහොම සුමාන දෙකක් ගියාය කියමුකො අපි. ඔන්න දවසක් හවස මේ දෙන්න ගමේ ඇවිදින්ට යනව. ලොකු සර්ගෙ අවුරුදු දහයක් වගෙ වෙච්චි දුවත් මේ දෙන්න එක්ක ආව. ඔන්න පාර අයිනෙ ගල් වැටියකිං එහා තියනව ලස්සන මල් වගයක් පිපිල.
" අනේ සර් ඔය වැටෙං පැනල ගිහිල්ල මට අර මල් දෙක තුනක් කඩල දෙන්නකො " අර පොඩි කෙල්ල සර්ගෙ අතේ එල්ලිල කෑගහනව.
" හුහ්, වැටෙං පැනල ගිහිල්ල මල් කඩන්ට?.... සුමාන දෙකක් තිස්සෙ කොට්ටෙං මෙහා පැත්තට පැනගන්ට බැරිවෙච්ච ඔය සර් කොහොමද ලමයො ඔය වැටෙං පැනල ගිහිල්ල මල් කඩන්නෙ?....මෙන්න මෙහෙ එන්ට යන්ට.."
එහෙම කියල සංගීත ටීචර් අර පොඩි එකත් ඇදගෙන යන්ට ගියාලු ගසා බසා දාල.
/පටි ජොකෙක් මම කවදාවත් ඇඳල නෑ.....:/මේක අපි අවුසද විද්‍යාලෙට ගිය අලුත වෙච්ච සත්‍ය සිද්ධියක්.... ඔය කාලෙ පටි ජොක්කු කරලියට ආපු කාලේ.... තමන්ට පටි එකක් තියෙනවා කිවුවම කොල්ලන්ට පොඩි ගතියකුත් තියෙනවා.....සිද්දිය උනේ අපේ පැණියට. මේකා අවුසද විද්‍යාලෙට එන්න අලුතෙන්ම පටි ජොක්කු තුනක්ම අරන්. කොහොම හරි තව යාලුවො තුන් දෙනෙකුත් එක්ක මූ බෝඩිමකට සෙට් උනා කියමුකෝ.......බෝඩිමේ ඉන්නෙ වයසක ඇන්ටියි අංකලුයි. ඇන්ටි හිටපු ගුරුවරියක්..... දැන් හා හා පුරා කියලා බෝඩිමට ගිහිල්ලා නාලා කියල කාලා කට්ටිය නිදා ගත්තා...... පහුවෙනිදා එලිය වැටෙනන කොටම දොර ටොක් ටොක් ගානවා.... බැලින්නම් බෝඩිමේ ඇන්ටි.
ReplyDeleteපුතාලා වෙන බෝඩිමක් හොයා ගත්තොත් හොදයි නේද..........
කට්ටිය පුල් හොල්මන්. හොල්මන් ද පොල් කොල... මොකක්ද බොලේ මේ උනේ.... ආවා විතරයි....
ඇයි ඇන්ටි අපෙන් මොකුත් වරදක් උනාද.....
මේපුතා (පැණියා) ඊයෙ අසභ්‍ය විදිහට ෂවර් එකේ නාලා තියෙන්නෙ. එහෙම වෙන එක අපේ තත්ත්වෙටත් හරි නැහැ ඒකයි මම කියන්නෙ.......
නාන්න තියෙන්නෙ එලියෙ හයි කරපු ෂවර් එකකින්..... හැබැයි අපි ඔක්කොම බොහෙම ඩීසන්ට් විදිහට නෑවා කියල තමයි කල්පනාව.....
මොකද පැණී උනේ....
ඒක තමයි බං මාත් කල්පනා කරේ..... මං පටි එකා දාගෙන නෑවේ.... ඒකද දන්නෙ නැහැ අවුල....
හේතුවව ඒක වෙන්න ඇති කියලා හිතලා කට්ටිය බොහෙම අප්සැට් එකේ විද්‍යාලෙට යන්න ලෑස්ති වෙනවා....
ඔය අතරෙදි තමයි ජොකා ඇදලා කලිසම අදිද්දි පැණියගේ සරම කැඩිලා බිම වැටෙන්නෙ.... ඒත් එක්කම ඒ මෙහොතෙම දස බිම්බරක් මාර සෙනග පරාජය කරලා කට්ටිය සත්‍යාවබෝධය ලබනවා.......
සාධු..... සාධූ....... සාධූ...............
පැණියා පටි ජොකා අදින්නෙ අනිත් පැත්තට.......... පටි දෙක ඉස්සරහට...... කෑල්ල පස්සට.....
ගැජට් එක එලියේ...............
Indika,
Deleteහිනාඋනා කඳුලු එනකල් බං....
හෙහ්,හෙහ්, මරුවට තියෙන්න ඇති පැණිය නානකොට...අහල පහල කාන්තාවන්ට පිස්සු හැදුනෙ නැත්තං ඇති. මට මතක් උනේ අර " ගමරාල සහ බේසම " අන්න ඒ කතාව.
ස්තූතියි ඉන්දික..අපූරු කතාවට ....සුබ නව වසරක් ..පැණියටත් එක්කම!!!
ඉන්දික රවී මේක බලාපල්ලා.
Deletehttp://siragekamare.blogspot.com/2012/08/blog-post.html
මේක මං පෝස්ට් එකක් විදිහටත් දා ගත්තා.... අමාරුවෙන් කොටා ගත්ත එකනේ...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා රවි. ඔබේ ලේඛන හැම එකකින්ම දකින උසස්ම ගුණය ඒවා මනහර සිතුවම් පෙළක් මෙන් දිස්වීමයි. ඔබේ ලේඛන කුසලතාව ඉහළින්ම අගය කරන්නෙමි
ReplyDeleteගුණසිංහ මහත්මා,
Deleteඔබට බොහොම ස්තූතියි, ඔබ වැන්නකුගේ අගය කිරීම මට මහත් සතුටක්!
සුබ නව වසරක්!!!
චූටි අයියාගේ කතාව හරිම සංවේදියි... // ජනෙල් වීදුරුවෙ ගාපු සුදු තින්ත අතරින් හඳ එළිය කාමරේ ඇතුලට ඇවිල්ල. අපි නිදාගන්න මෙට්ටෙ පල්ලෙහා කෙළවර දිහාවෙ හඳ එළිය පැල්ලම් වැටිල. විඩෙන් විඩේ ඒ එළිය පැල්ලම් එහාට මෙහාට නලියනව. ඒ අපේ මිදුලෙ තිබ්බ රූස්ස පලුගහේ අතු කොල හුළඟට වැනෙනකොට.// ලස්සනයි රවී...
ReplyDeleteරවිටයි.. සඳා නෝනටයි සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා..!!!
සඳා,
Deleteසඳාගෙන් සඳාට සුබ පැතුම්....හෙහ්,හෙහ්,
ස්තූතියි ඒ වගේම ඔබටත් සුබ නව වසරක්!!!
අවුරුද්ද උණත් පොඩි නෝක්කාඩුවක් තියනවා.... චූටි අයියගේ කතාව නවත්තලා වඩුබාස් ගේ කතාව කීම ගැන පාටකයෙක් විදිහට මම විරුද්ධයි.... චූටි අයියාගේ කතාවත් එක්ක දැනුණ හැඟීම් එක්ක වඩු බාස් ගේ කතාව දිරවගන්න සෑහෙන අමාරු වුණා... මගේ විරෝධතාව ප්‍රකාශ කරන්න මම ඒ කතාවට හිනා වුනේ නෑ...
ReplyDeleteහරි... එහෙනම් ලැබුවා වූ අලුත් අවුරුද්ද, උඹලා දෙපොලටත්, ගෙදර අයිතිකාර නෝනා මහත්මියගේ පවුලටත් සුභම සුභ අවුරුද්දක් වේවා....
තිසර,
Delete/ චූටි අයියාගේ කතාවත් එක්ක දැනුණ හැඟීම් එක්ක වඩු බාස් ගේ කතාව දිරවගන්න සෑහෙන අමාරු වුණා... /
වරද පිළිගනිමි. වඩ්ඩගෙ කතාව ඈඳද්දි මටත් හිතුන බ්ලැක් ඇන්ඩ් වයිට් ගහගෙන ඇවිල්ල අන්තිමට සුදුවා කාලක් ගැහුව වගේ වෙයිද කියලත්. අනික මට ඒ එක්කම හිතුන උඹ තමයි මල්ලි ඕකට කචල් එක ඇද්දොත් අදින්නෙත් කියල...හරි, නැවත එසේ නොකිරීමට සපථ කොට ගතිමි.
සුබ නව වසරක් තිසර...ඔබටත් පවුලේ සියලු දෙනාටත්!!!
පරක්කු උනා මේ පාර එන්න.. සත වර්ස ගානක් ඈතට ගිහිං ආවේ.. වාං පතුල් බැලුවා, ගෝන මස්, තාරා මස් සහ ආදර නිල් දෑසකුත් බැලුවා.. හප්පේ කතන්දර කෝටියයි.. ඒ අස්සෙ නොකියපු කතන්දර තව කෝටි පහක් ද කොහෙද තිබුනා මං හිතන්නෙ.. රවි අයියේ රහ නම් උපරිමයි..දවසක පොතක් ගහමු මේ පෝස්ට් ටික එකතු කරලා..
ReplyDeleteමං මේ අහස පොළව ගැටලන්න කල්පනා කරනවා අනේ.. ඔච්චර දේවල් වෙන්නෙ සුවිසේසී පුද්ගලයන්ට විතරද? මේ අපි වගේ අවසේස හුදී ජනයාට ඔව්වා වෙන්නෙ නැද්ද? නැත්තං තාම ජීවිතේ තුංවෙනි දසකය ගෙවන නිසා ඔච්චර දේවල් වෙලා නැද්ද? හී හී..
මේ ඒක නෙවෙයි මේ තාම මාතලේ යන්න බස් එකේ නැග්ග පාර නේද? මට පේන්නේ ගොන් කරත්තෙක නැගල තියෙන්නේ.. දැං පඳුරු තලාගෙන මාතලේට යනවද කොහෙද..
ආ කියන්න අමතක උනානෙ, කර්මාන්ත සරුවී සකෘදාගාමී ඵලයට පත් වන සුබ හැපි නිව් ඉයර් මෙව්වා එකක් වේවා!!
Deleteබළල් හාමිනේ,
Deleteඅන්න නියම වැඩේ..මටත් ඕක හිතිල තියෙන්නෙ...පොතක් ගහන එක...හොඳ නමක් කාරිය කල්පනා කරල මට කියහංකෝ...හොඳද? අනික මම දෙනව උඹට පූර්විකාව ලියන්ට..අම්මාපල්ල..ඒ වෙනකොට උඹ අර අකුරු තුන එහෙම ලැහැත්ති කරගෙන ඉඳු...හොඳද?
සුබ නව වසරක් මැඩම්...බළල් රාළහාමිටත් එක්කම..ආ.. අර සිංදුව එදා මම ලිව්ව වැරදියි. මට පස්සෙයි මතක් උනේ…
බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමී…... රැවුල් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී…...නෙවෙයි වෙන්න ඕන…..
බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමී…... කැවුම් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී…..
සා......දු,,,,,
ReplyDeleteහප්පේ අවුරුදු ගානකට පස්සේ සාදුකාරයක් දුන්නේ.:)
අනේ අම්මපා,අර උඩින් අරූයියා කියා තියෙනවා වගේ මිටියෙන් ගහගන්න වෙන දේවල් මටත් වෙලා තියෙනවා නොවැ.චහ් අපරාධේ අයියෝ..:(
රවී අයියාටත්,පවුලේ සැමටත් ලැබූ නව වසර සුබම සුබ නව වසරක් වේවා...!!තව,තවත් පදුරු තලන්නම ලැබේවා....:D
සුබ නව වසරක් මනෝජ් ඔබටත්!!! ප්‍රමාදයට සමාවෙන්න :)
Deleteරවි අයියට ත් රන්දිල් ට ත් පවුලේ සැමටත්, මේක කියවන හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසුබ නව වසරක් චන්දන ඔබටත්!!!
Deleteරවීටත් සඳාටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteප/ලි,
මාතලේ රත්නගිරිය කොහෙද තිබ්බෙ රවී?
රූ....සුබ නව වසරක් ඔබටත් පවුලේ සැමටත්!!!
Deleteපලියට පිළිතුර - මාතලේ රත්නගිරිය කියල හෝටලයක් තිබ්බ බොහෝම ඉස්සර..හැටේ දශකයේ අග භාගයෙ. ඒ කාලෙ තානායම තිබ්බෙ දැන් ඔය ටෙලිකොම් එක තියෙන්නෙ..ආන්න එතන. ඔය තානායම ඉස්සරහම වගෙ තමයි තිබ්බෙ රත්නගිරිය. අපෙ සීයා කෙනෙක් හිටියෙ තානායම් භාරකරු. මම පොඩි කාලෙ ඇවිල්ල තානායමේ දවස් තුන හතර ඉඳල යනව අම්මලත් එක්ක. අපෙ උන්දෙ එක්ක ගියේ නම් බං රත්නගිරියට නෙවෙයි අරුණාලෝකෙට. මට ඔය නම් දෙක පැටලුනානෙ.
ගොඩාක් පරක්කුය් මන් එනකොටනම්...එත් කමක් නෑ ..අය්යටය් අක්කටය්, රන්දිල් ඇතුළු සැමටය් සුබම සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමෙකුවි,
Deleteආය අහවල් පරක්කුවක්...හෙහ්,හෙහ්,
සුබ නව වසරක්..ඔබටත් සැමියා සහ දියණිය ඇතුලු සැමටත්!!!
//ඉතිං ඔය අනික් අයට වෙච්චි පොරොන්දුත් මේ වගේම ඉෂ්ඨ කරනු ලැබේ. //
ReplyDeleteතිස්සමහාරාම වෑද්දො?
ප්‍රා,
Deleteසුබ නව වසරක් ඉස්සෙල්ලම!!!
තිස්සමහරාමෙ වැද්දො ගැන ඒ හැටි විස්තරයක් නම් නෑ ප්‍රා..යාල මූද අයිනෙ අපෙ තිබ්බනෙ අපෙ සයිට් එකක්. එහෙ ගිහිල්ල රෑ හිටපු දවසක පොඩි ආතල් එකක් ගද්දි එහෙ වැඩ කරපු කොල්ලෙක් කියපු කතාවක් ඕක. මිනිහගෙ සීය එහෙම මූදෙ මාලු අල්ලලයි ජීවත් උනේ කියල. ඒ කොල්ලගෙ තිබ්බෙ නියම වැදි පෙනුමක්.පැතලි නහය ඉස්සරහට ආපු නළල එහෙම.
ඒ වෙලාවෙ මට මතක් උනා ජෝන් ස්ටිල් Jungle Tide පොතේ ලියල තිබ්බ ඔය මුහුදු වැද්දො ගැන. මම විස්තර ඇහුවට ඒ කොල්ල එහෙමට කියන්ට තරම් දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඔය දන්න ටිකත් මිනිහගෙ තාත්ත කිව්වයි කියල තමයි මා එක්ක කිව්වෙ. කොහොම හරි ඒ එක්කම වගෙ මට ඒ කම්පනි එකෙන් අයින් වෙන්න සිද්ද උන නිසා වැඩිදුර සෙවුම් බැලුම් එහෙම්මම ඇණහිටිය.
Suba Sluth auruddak aiye............
ReplyDeleteSacheera,
Deleteසුබ නව වසරක් මැඩම්!!!
කොහෙද බං ගියේ? මම ඒත් කල්පනා කලා උඹට මොකද උනේ කියල...:)
රවි
ReplyDeleteමේ දවස්වල මාතලනුයි පැරායි ලොකු වලියක් යනවා. වලියෙ මුලට ඉන්නෙ ඔයයි.මේ දාන කතා වලට අයිතිවාසිකම් ගැන පොඩි ප්‍රශ්නයක්.ටිකක් බලන්නකො
නිර්නාමික,
Deleteමම දැක්ක අජිත් සහ මාතලන් අතර ඒ මතභේදය...මම සම්බන්ධ නිසාම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිලා ඉන්ට තීරණය කලා. :)
අම්මපා ඇත්තමයි වයස බලන්නෙත් නැතුව දෙන්ඩ හිතෙනවා හොම්බට හැටක්!!! යකෝ පටන් ගත්ත කතාවක් ඉවරකරහල්ලකෝ පිළිවෙලකට... බොලාගේ කොයි වැඩෙත් මේ වගේද??? :පී.... කොමෙන්ට්ස් ටික කියෝලා නම් හිනා ගෙහුන් මොකක් නමුත් වෙනවා!
ReplyDeleteමනේකා,
Deleteඕං ආව..ඕං ආව....බැණ අඬගහගෙන...අම්මාපල්ල උඹට හොඳක් කියන්ට ඇත්තෙම නැද්ද..ඈ??? උඹල වගෙ එවුං කරගහන අහිංසකයො ගැනයි මයෙ බඩ පපුව පත්තු වෙන්නෙ..අනෙ අම්මාපල්ල....