Tuesday, September 16, 2014

280. විමලෙගෙ වාංපතුල් කතා 22 - දූ දරුවෝ, මන්දාරම් නුවර, නස්රුද්දීන් සහ Murder House Stories...


Nasruddin - Google Images

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. මම ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ." මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

අසෝක නංගි කෙට්ටුයි උසයි. කොයි වෙලෙත් හිනා වෙච්චි ගමං. ඒ වගේමයි කතාව. කියවන එකේ ඉවරයක් නෑ.මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ ගෙදර ආපු පාර අපි ගියා අසෝකලගෙ ගෙදර. 

" මචං වරෙං අපෙ ලොකු මාමලගෙ ගෙදර ගිහිල්ල එන්ට. ලබන මාසෙ මාළිගාවට අපෙ මුර දානෙ. ඒ ගැන කතා කරගන්ඩ එහෙ ගිහිල්ල එන්නෙයි කියල අම්ම කියනව. " 

එදා උදේට කන ගමං අජිතය කිව්ව. උදේ කෑම මේසෙ ආය කියල වැඩක් නෑ..මේසෙ පුරාවට නිල්පාට මල් වැල් රටාවක් වැටිච්චි පළංගාන් වල කොත ගහල තිබ්බෙ කැකුලු බතයි, පොල් සම්බෝලෙ මළවල, කීරමිං බැදල. ඒ මදිවට කරපිංච, උම්බලකඩ යහමිං දාල කිරි හොද්දකුත් හදල. 

කලින් දවසෙ රෑ වෙන්ට ඇරල ඉස්සරහ ඉස්තෝප්පු කාමරේ පොත් රාක්කෙ අයිනෙ දෙවරක්පෙරුම බෝතලයක් හංගල අජිතයයි මායි හෙමිහිට විනාඩි පාළහෙං පාළහට වගෙ කාමරේට ගිහිල්ල සුට්ට සුට්ට දාගත්ත. වෙලාවට එදා අජිතයගෙ අප්පච්චි හිටියෙ නෑ. හඟුරන්කෙත ඇවිදිල්ලහිට අජිත්ගෙ අම්මයෙ ගම. අප්පච්චි ඇල්කඩුවෙ. වත්තේගම කිට්ටුව. අප්පච්චි ග්‍රාමසේවක රාළහාමි කෙනෙක්. හඟුරන්කෙත රාජකාරි කරන කාලෙ තමයි අම්මව මුණ ගැහිල තියෙන්නෙ. 

ඔහොම ගෙදර කට්ටියට හොරා සුට්ට සුට්ට ගහන අපූරු සීන් එකක් තිබ්බ..මතකද දූ දරුවෝ ටෙලි චිත්‍රපටය?. අන්න ඒකෙ. ඩයස් මතකයිනෙ. එච්. ඒ පෙරේරා..මේ ඊයෙ පෙරෙයිද අභාවප්‍රාප්ත උනේ. දූ දරුවෝ එකේ සුනේත්‍රා සරච්චන්ද්‍රගෙ ස්වාමි පුරුෂයගෙ චරිතෙ කලේ එච්. ඒ. ඒ දෙන්නගෙ දුව තමයි නිල්මිණි ....ඩයස්ගෙ තිබ්බ මයිනර් එකක්. ඕකෙ ඩිකියෙ තමයි සුමිහිරි පානය බෝතලේ හංගන්නෙ.සුනේත්‍රගෙ නංගිට හිටියෙ රත්නා ලාලනීද කොහෙද...එයාගෙ මහත්තය සම්පත් තෙන්නකෝන් මහිතේ..ඩයස් ඔන්න හෙමීට කතා කරනව මස්සිනාට..ඇත්තටම නියම නෑදෑකම අනුවනම් මස්සිනා නෙවෙයි සහෝදරය වෙන්න ඕන. හරි ඒක මොක හරි.. ඩයස් කියනව හෙමීට වටපිට බලල " පොඩි මස්සිනේ...මොකද කියන්නෙ? හෙමීට කාටත් නොදැනෙන්ට කාර් එකේ ඩිකියට පාත් වෙමුද ගිහිල්ල?..." හෙහ්.හෙහ්... 

මොනව උනත් අජිතයගෙ අප්පච්චි ගෙදර හිටියනං අපි ඔය කර්මාන්තෙ ගෙදර පටන් ගන්නෙ නෑ. අජිතයලගෙ වත්තෙ පැත්තක තිබ්බ කාලෙකට ඉස්සර වී මෝලක් හයි කරල තිබ්බ පරණ මඩුවක්. දැං ඒකෙ ඔය පරණ ලට්ට ලොට්ට තමයි දාල තියෙන්නෙ. ඕක පිටි පස්සට වෙන්ට තියනව කොට බිත්තියකිං වට වෙච්ච පොඩි ඉස්තෝප්පුවක් වගෙ කෑල්ලක්. එතන පුටු හතර පහක් තියාගෙන තමයි අපි ඔය පස්වන සික පදය බිඳීමේ මහඟු කර්තව්‍යයෙ යෙදුනෙ. හෙහ්,හෙහ්, 

ඒ වෙනකොට අපි රස්සාවල් කරල සමහරු කසාදත් බැඳල දරු මල්ලො ළමා ලපටි නඩත්තු කරන වැඩිහිටියො උනාට වැඩිහිටි ගෞරවය කියන එක අපි කාගෙන්වත් ගිලිහිලා ගියේ නෑ. අපෙ අප්පච්චි අන්තරා වෙනකොට මට වයස තිහක් වගෙ වෙන්ට ඇවිල්ල. ඒත් ඒ වෙනකොටත් අප්පච්චි එනකොට මම ඉඳගෙන ඉන්න පුටුවෙන් නැඟිටිනව. ඒ වගේම කියන්ට දෙයක් තියනවනං ඒක කියන්නෙ අම්ම හරහ.අප්පච්චි කතා කලොත් මිස උන්දැ එක්ක මම කෙලින්ම කතාවට යන්නෙ නෑ කවම කවදාවත්.ඒ තමයි අපි හැදිච්ච විදිහ. එහෙම වෙන එක හරිද වැරදිද නම් මන්ද. කොහොම හරි එහෙම තමයි අපි පුරුදු පුහුණු වෙලා උන්නෙ. 

අම්මාපල්ල ඒකටත් එක්ක දැං හැදෙන හිච්චි එවුං..මම මගෙ යාලුවෙක් එක්ක අපාට්මන්ට් එකක හවුලටනෙ මෙහෙ ඉන්නෙ. යාලුව ඉන්නෙ එයාගෙ අඹුදරුවන් එක්ක. පොඩි එකෙක් ඉන්නව අවුරුදු හය පිරෙන්නෙ මේ මාසෙට. ඒකා කොයිවෙලාවෙ බැලුවත් තාත්තගෙ කරේ...හෙහ්,හෙහ්, ඒ පුරුද්දට ඕකා මගෙ කාමරේට ආපු ගමං කෙලිම්ම මගෙ කරෙත් නඟිනව. හෙහ්,හෙහ්, මොකදෑ ඉතිං කරන්නෙ? 

ඉතිං නැවත අදාල කතාවට ගියොත් එහෙම ඉතිං එදා අජිත්ගෙ අප්පච්චි එහෙමත් ගෙදර නැතිඋන එකේ ඇඩ්වාන්ටේජ් එක නොහොත් වාසියත් අරගෙන අජිතුයි මායි ඉස්සරහ කාමරේ හංගල පොඩි කර්මාන්තයක් කලා.අපි දෙන්න හෙමීට ඇවිල්ල දෙකක් විතර නවාගෙන කඩල ඇටේකුත් කාරිය හපල කුස්සිය පැත්තෙ රවුමක් කාරිය ගහනව. 

කුස්සියෙ ඉතිං කාන්තා පක්සය එකතුවෙල රටේ නැති වල්පල් කියව කියව උයනව පිහනව එක දෙව්ලාවයි. අජිතයගෙ ගෙදර එහෙම තමයි.අප්පච්චි ගමේ රාළහාමි වෙච්චි. ඒ වෙනකොටනං මයෙ හිතේ විශ්‍රාම අරං. ඒත් අර ගමේ ප්‍රභූවරයෙක් කියන පිළිගැනීම ඒ වෙනකොටත් අඩු නැතුවම තිබුන.ඉතිං අජිතයගෙ ගෙදර කොයිවෙලේ බැලුවත් හත් අට දෙනෙක් වරදින්නෙ නෑ. ඉවිල්ලත් ආයෙ එහෙම තමයි. ගෙදර හිටියෙ පස් දෙනයි. අත්තම්මයි අම්මයි අප්පච්චියි මල්ලිල දෙන්නයි. අජිත් අපි එක්ක කැලේ මැද. අක්ක රස්සාවට ගිහිල්ල කොළඹ. ඒත් ඔය මම ඔය ගියපු හැම දාකම අඩුම ගානෙ දහ දොළොස් දෙනෙක් වත් කෑමට ඉන්නවමයි. උංගෙ කුස්සියෙ තිබ්බ දිග බංකුවක්. ඕකෙ වාඩිකරවල ඒ වෙලාවෙ ගෙදර මොනම දේකට හරි ඇවිල්ල හිටපු හැමෝටම බත් බෙදල දෙනව අම්මයි අත්තම්මයි. 

අපෙ අත්තම්මත් එහෙම තමයි. අපෙ ගෙදරට මොනම දේකට හරි ආපු කිසිම කෙනෙකුට බත් කටක් නොදී ආපහු අරින්නෙ නෑ. බෙහෙතකට වදකහ හොයාගෙන ආපු එගොග ගොඩේ බබලතෙක් වෙච්චි. අප්පච්චිගෙං මොනව හරි උපදෙසක් ගන්ට ආපු වයසක මනුස්සයෙක් වෙච්චි. කඨිනෙට ආදාර එකතු කරන්ට ගෙවල් ගානෙ ඇවිදින දායක සබාවෙ කට්ටිය වෙච්චි ඔය කාට උනත් බත් කටක් කන්ට අඬගහනව අපෙ අත්තම්ම. ඒ උන්දැගෙ හැටි. "අද කාලෙ එහෙම කරන්ට බෑ අම්මෙ " කියල අපෙ අම්ම එහෙම කොච්චර තේරුම් කරන්ට හැදුවත් උන්දැට ඒකෙ ගාණක් නෑ. අර පරණ පුරුදු වෙච්චි විදිහම තමයි. 

හරි ආයෙම එමු අජිතයලගෙ ගෙදෙට්ට. 

එක පාරක් ඔන්න අපි දෙන්න තොල කට එහෙම පිහ දාල මිදුලෙ පේර ගහ යටට වෙලා සිගරට් එහෙකුත් බෙදාගෙන ගහල පේර කොළ හතර පහකුත් හපල කාරිය කුස්සියෙ පිටිපස්ස දොරෙං ඇතුල් උනා. 

" කොහෙද මේ දෙන්නත් එක්ක කරුවලේ ඇවිදින්නෙ? " ඔහොරි පොට ඉණේ ගහගෙන දර ලිපේ මද ගින්නෙ පැහෙන මොකක් හරි හොද්දක් හැඳිගාන අතරෙ අජිතයගෙ අම්ම ඔලුව හරවල ඇහුව. 

" අර දර මඩුව පැත්තෙං මොකද්ද සද්දයක් ඇහුන අම්මෙ. ඒක බලන්ට ගියෙ මේ අපි දෙන්න.." අජිතය කිව්වෙ අහක බලාගෙන. 

" අපොයි ඔව්...මොකට කියනවද ඒ හරිය? සද්දෙ බලන්ටම තමයි යන්ට ඇත්තෙ. " අම්මා කුස්සියෙ දොර ගාවපුටු පුංචෙ ඉඳගෙන හිටපු අත්තම්ම දිහා බලල ඉඟි මැරුව. 

" එහෙනං එහෙනං හිහ් හිහ්, ……" අත්තම්ම හිනා උනේ යන්තමට කෙස් ගස් එක දෙක ඉදීගෙන එනඔලුව හොල්ල හොල්ල. 

අජිතයගෙ අත්තම්ම මට හරිම කැමතියි. මම ආය නෑ කටපුරා අත්තම්මෙ කියල කතා කරනව එතනිං ගිහාම වඳිනකොට ආය නෑ අඩුවක් පාඩුවක්..කෙලිම්ම පසඟ පිහිටුවල වඳින්නෙ. පසඟ නෙවෙයි වෙලාවකට සයඟත් පිහිටුවල වඳිනව...හෙහ්,හෙහ්, දන්නව නේද සයඟ කියන්නෙ මොනවටද කියල?...හෙහ්,හෙහ්,හෙහ්, 

අත්තම්ම මම ආපු දවසෙම හීං නූලෙන් මගෙ වගතුග ඇහුව. අම්ම අප්පච්චි කවුද? නං ගං එහෙම කොහොමද? ගම් පළාත් කොහෙද?......මමත් ඉතිං ඒ අහන්නෙ මොකටද කියල නොතේරෙන ගානට අහන අහන එව්වට උත්තර දුන්න. 

අජිතයගෙ අම්ම වලව්වක කුමාරිහාමි කෙනෙක් උනාට හරිම නිරහංකාරයි. ඒ වගේම තමයි විහිලු කරන්ට ගියාම ආය නෑ කියන එව්වට ඉළ ඇදෙනව හිනා වෙල. 

ඔය වගෙ එක පාරක් ඒත් අපෙ හොඳ යාලුවෙක් හිටිය මිනිහගෙ ගෙවල් මන්දාරම් නුවර. මන්දාරම් නුවර අහල තියනවනෙ නේද? රිකිල්ල ගස්කඩ පහු කරල පදියපැළැල්ල පාරෙ යන්ට ඕන මන්දාරම් නුවරට. නමෙන්ම තේරෙනවනෙ….. මන්දාරම් නුවර කියන්නෙ කොයිවෙලෙත් වැහි අඳුර, බීරං ගතිය, මීදුමෙං වැහිල තියෙන පළාතක්. 

එක විඩයක් ඒ කිට්ටුව මළගෙදරක ගිය පාර අපි ගියා අර කලින් කියපු යාලුවගෙ ගෙදර. ඒ කලෙ ඔය මලගෙවල් වලට සහභාගි වෙන්ට එක පයිං සැදී පැහැදී ඉන්න අපෙ කණ්ඩායමක් හිටිය. " The Funeral Team"   නැත්තං " මළගෙවල් කණ්ඩායම "  කියල විරුදාවලියකුත් ලබාපු මේ කණ්ඩායමේ ප්‍රධානියෙක් විදිහට මම කටයුතු කලයි කියල අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ නේද? 

අපෙ කාගෙහරි මළගෙයක් උනහම සහභාගිවෙන්ට ජීප් එකක් කතා කරල ඇරේන්ජ් කර ගැනීම, යන එන ගමං කන්ඩ බොන්ඩ ඒ ක්‍රම සහ විධි සූදානම් කර ගැනීම, රෑ නවතින්ඩ උනොත් මළ ගෙදර නෙවෙයි නම් ඒ කිට්ටුව පාතක අපෙ යාලුවෙකුගෙ ගෙදර ඒ සඳහා පහසුකම් සංවිධානය කිරීම, මල් වඩමක් මිළදී ගැනීමේ කටයුතු, අපේ සුභ සාධක සංගමයෙන් මළගෙදරකට දෙන ආධාර මුදල ඒ අදාල සාමාජිකයා අතට පත් කිරීම, එතනිං ගිහාම අපේ ශෝක ප්‍රකාශ බැනර් එක මළගෙදර කාට කාටත් හොඳ හැටි පේන තැනක ප්‍රදර්ශනය කීරිමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම, අවමංගල සභාවේ අපේ ආයතනය වෙනුවෙන් කතාවක් පැවැත්වීම සංවිධානය කිරීම, අපේ ආයතනය වෙනුවෙන් මිනියට කර ගැහීම සංවිධානය කිරීම, ඒ ඔක්කෝටම වැඩියෙං මඟදි හම්බ වෙන පළවෙනි මත්පැන් හලේ ඉඳලම සාතිශය දුක්ඛ දෝමනස්සයන් තුනී කොට ගැනීමේ කර්තව්‍යය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කොට ගැනීම...හෙහ්,හෙහ්, කොහොමද පිස්සු හැදෙනව නේද වගකීම් සම්භාරය එකින් එක කියවනකොට..ආ..ආ....ඔය ඔක්කොමත් අස්සෙ අප්පමාදෝ අමරපදංච වීම...සෙල්ලංද කොල්ලෝ කිව්වලු. 

ඉතිං ආයම එමු එහෙනං මන්දාරම් නුවර කේස් එකට. එදා අර මළගෙදර ගිහිල්ල අපි හවස දෙක වගෙ වෙනකොට මන්දාරම් නුවර යාලුවගෙ ගෙදර ගියා. මිනිහට කියමුකො ඔන්න සුමනෙය කියල. හරි සුමනෙ හොඳයි. හප්පා..පට්ට හීතල..ඒ මදිවට මේ ඔහොම මෙහෙම පේන්නෙ නෑ..මීදුම..ආය ගේ ඇතුලෙ කියල වෙනසක් නෑ..ඇතුලෙත් ගන සැරේට මීදුම. සුමනෙගෙ අම්ම හිටිය ඔන්න ලා නිල් පාට ඔසරියක් එහෙම ඇඳගෙන. අම්ම දැක්කෙත් හුළඟට මීදුම ටිකක් එහාට මෙහාට වෙනකොට. 

" මචං මේ අපෙ අම්ම " කියල සුමනෙ අඳුන්වල දුන්න. එකෙක් ගිහිල්ල අම්මට වඳිනකොට ඔන්න මීදුම ඇවිල්ල පළාතම වැහෙනව. ඊළඟ එකා ඉන්ට ඕන ආයම මීදුම එහා මෙහා වෙනකල්.ඔහොම අපෙ කට්ටියටම අම්මට වැඳල ආචාර කරන්ට ගියා එක විනාඩි හතළිහක් වාගෙ තරම. 

පස්සෙදි මොකෝ කරන්නෙ..මේක හරියන කෙලියක් නෙවෙයි..බොන්ටත් එපාය. ඒ මදිවට කට කට ගෑවිල්ලෙ ගැහෙන්නෙ පට්ටම හීතල. 

" මචං සුමනෙ..අපි වැඩේ පටන් ගනිමු. මීදුම එහා මෙහා වෙනකොට ඒ වඳින කටයුතු ඒ විදිහට චාරිත්‍රානුකූලව කරගෙන යමු. " මම කිව්ව. " හා..එහෙම හොඳයි " කියල හැමෝම ඒකට එකඟ උනා. අන්තිමට එහෙම තමයි ඔන්න වැඩේ කෙරුනෙ. 

දෙක තුන වෙලා තුන හතර වෙලා කං එහෙම රතුවෙලා එන්ට පටං ගද්දි අපේ එවුං කියවන්ට ගත්ත රටේ නැති විකාර...හෙහ්,හෙහ්, 

මචං සුමනයට අවුරුදු හයක් වගෙ වෙනකල් උංගෙ අම්ම හිතාගෙන ඉඳල තියෙන්නෙ සුමනය කෙල්ලෙක්ය කියල..අජිත්ද කොහෙද එහෙම කිව්වෙ.. 

" ඒ මොකද බං ඒ? " තව එකෙක් ඇහුව. 

" ඇයි බං මීදුමනෙ, කිසිදෙයක් පේන්නෙ නෑනෙ " ..හෙහ්,හෙහ්..අපි ඔක්කොම මීදුම මැකෙන තරමට හයියෙන් හිනාඋනා. 

" ඒයි මේක අහපල්ලකො... මුගෙ තව අයියල මල්ලිල ඉන්නවද දන්නෙත් නෑ මුං දන්නෙ නැතුව. මේ ගෙදර කාමර අස්සෙ...හෙහ්,හෙහ්, මීදුම හින්ද හරියට පේන එකක්ය.." එහෙම කිව්වෙ මම. 

" අනේ බලන්ට මේ පුතාල කියන එව්ව…" සුමනෙගෙ අම්ම මීදුම අස්සෙං මතුවෙච්චි වෙලාවක එහෙම කිව්වෙ අත් දෙකෙන්ම කට වහගෙන . 

මට ජීවිතේ තියනකල් අමතක නොවෙන්නෙ එදා කටගැස්ම. සුමනෙලගෙ ගෙදර වටේටම අක්කර තුන හතරක වගෙ එළවලු වවල තියෙන්නෙ. මල්ලිල දෙන්න තමයි එව්ව කරන්නෙ. කටගැස්මට තිබ්බෙ කැරට්, බීට්, ගෝවා සහ අර්තාපල් ස්ටිම් කරල ලුණුයි ගම්මිරිසුයි ඉහල..කියල වැඩක් නෑ..දවස් ගණං පරක්කු වෙච්චි එව්ව නෙවෙයිනෙ. අලුත්ම අලුත් බඩු. අමුතුම රහක් තියෙන්නෙ...බයිට් ඉවර උනාම ඔන්න අපි කට්ටිය බැස්ස ගේ පිටිපස්සෙ කැරට් පාත්තියට. සුමනෙගෙ මල්ලි මුල්ලුවකින් පස් බුරුල් කරනව. අපි පොර කකා කැරට් ඇහින්දෙ....ගෙනල්ල හෝදල ඒ වෙලාවෙම තම්බනව... 

කැරට් ගලවපු හැටි කියනකොට මරු කතාවක් ඔන්න මතක් උනා. මේක ඇවිල්ල නස්රුද්දීන්ගෙ කතාවක්. කාලෙකට ඉස්සර නවයුගය පත්තරේ ගියේ. නස්රුද්දීන් ඔන්න දවසක් මල්ලකුත් අරගෙන කඩේ යනව රෑට උයන්ට එළවලු මොකවත් ගේන්ට. ඔහොම යද්දි මිනිහ දකිනව පාර අයිනෙ බොහොම සාරෙට හැදිච්චි කැරට් කොටුවක්. 

" මෙච්චර ගොඩක් කැරට් මොකටද මේ තනි මිනිහෙකුට? " 

එහෙම තමාටම කියාගත්තු නස්රුද්දීන් වටපිට බලල කොටුවට රිංගල දනි පනිගාල ඔන්න කැරට් ගලවල මල්ලට දාගත්ත. කරුම වෙලාව කියන්නෙ කැරට් අයිතිකාරය හරියටම මේ වෙලාවෙ කොටුවට එනව.. 

" ආ..නස්රුද්දීන්..අපූරුයි නේද වැඩේ? මම හිතුවෙ නෑ ඔහේ මෙහෙම මනුස්සයෙක්ය කියල. මගෙ කැරට් හොරකං කරන්ට නේද හැදුවෙ? " 

" අන්න ඒකනෙ කියන්නෙ..කොයිම වෙලාවකවත් තමන්ට පේන දේ ඇසුරෙන් එක පාරටම නිගමන වලට එන්ට එපා. එහෙම කලොත් ඔහේට බොහොම පසුතැවිලි වෙන්ට සිද්ද වේවි. " නස්රුද්දීන් එහෙම කිව්ව දබරැඟිල්ලත් උරුක් කරගෙන. 

කැරට් අයිතිකාරයත් ටිකක් අප්සෙට් ගියා මේ කතාවට. " ඇයි ඔහේ එහෙම කියන්නෙ? දැං ඔහේ මගෙ කොටුවට පැනල කැරට් හොරකං කරන්ට හැදුවෙ නැද්ද? "

" අන්න ඒකනෙ කියන්නෙ..ඉන්නවකො මම වෙච්චි දේ කියන්ට. මම කඩේ යද්දි එක පාරට මහ විසාල කුණාටුවක් ඇවිල්ල මාව පාවෙලා ආව තමුසෙගෙ කැරට් කොටුවට. " නස්රුද්දීන් වෙච්චි දේ පැහැදිලි කරන්ට පටන් ගත්ත. 

" හරි ඒක එහෙමයි කියමුකො.එතකොට මේ කැරට් ගස් ගැලවුනෙ කොහොමද? " 

" කුණාටුවෙන් බේරෙන්ට මම ඒ කැරට් ගස් අල්ල ගත්ත. ඒත් කුණාටුව කොච්චර සැරද කියනවනං කැරට් ගසුත් ඉදුරුනානෙ." 

" හරි ඒකත් එහෙමයි කියමු. එතකොට මේ කැරට් ඔහෙගෙ මල්ලට ගියේ කොහොමද?" 

නස්රුද්දීන් තලප්පාව ගලවල අතට ගත්ත, නළලත් එක්ක රැලිකර ගත්ත. 

" අන්න ඒ බොහොම බැරෑරුම් ප්‍රශ්නෙට පිළිතුර මොකක්ද කියල මමත් කල්පනා කර කර ඉන්නකොට තමයි තමුසෙ ඇවිල්ල මට බාධාකලේ. හරි දැන් යනව කරුණා කරල මෙතනින් මට ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්ට දීල." 

මළගෙවල් වල කතා තියනව හැට හැත්තෑවක්. මම මේ කල්පනා කලේ ඒ ඔක්කොම කියන්ට ගියෝතිං මේ කුකුළ් සීන් එක කියන්ට වෙන්නෙ නෑ. රයිට් එහෙනං මළගෙවල්වල කතාමාලාව වෙනම කියන්නං " Stories From Murder Houses " කියල..එහෙම හොඳයි නේද? 

91 comments:

  1. 1. මාලිගාවට මුර දානෙ කිව්වෙ දළඳා මාලිගාවටද​?ඒ පින්කමට වාසනාව තියෙන්නෙ නුවර අයට විතරද​?නැත්නම් වලව් වල අයට විතරද​?
    2.තවමත් උඩරට වංශවත් උදවිය ගෙදරට ඔසරිය අඳිනවද​?
    3.මංදාරම් නුවර ලස්සනයි.
    4.නැවුම් එළවළු පළතුරු හරිම රසයි. දැන් දරුවෙකුටවත් පළතුරු දෙන්න බැහැ පිටින් අරගෙන​.රසයනික දේවල් දාල ඒවා ඉදවල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      1. එසේය.මාළිගාව යනු දළඳා මාළිගාවය.

      2. දැන් නම් බොහොම කළාතුරකින් තමයි එහෙම ගෙදරට ඔසරිය අඳින කාන්තාවන් ඉන්නෙ. බහුතරයක් වයස අසූව විතර වෙච්චි අය.අපෙ උන්දැගෙ අම්ම නැතිවෙනකල්ම ඇන්දෙ ඔසරිය. අපෙ අම්ම නම් ඇන්දෙ නෑ. අම්මගෙ අක්ක මයෙ ලොකු අම්ම ඇන්ද.

      3. හප්පා...කියල වැඩක් නෑ..කඳු මුදුන් අතරින් පල්ලෙහා නිම්නයට මීදුම හෙමිහිට ගලාගෙන එනකොට පුදුම ලස්සනක්. ඒ අතරින් ඉර එළිය රැස් දහරාවකුත් වැටුනම ආය නෑ හුස්ම ගන්ට අමතක වෙනව.

      4. එකඟයි.

      Delete
    2. Ano,

      / ඒ පින්කමට වාසනාව තියෙන්නෙ නුවර අයට විතරද​?නැත්නම් වලව් වල අයට විතරද​? /

      මේ ප්‍රශ්නෙ මට මඟ ඇරිල...මාලිගාවෙ මුර දානෙට එහෙම සීමාවක් නම් නෑ මම දන්න විදිහට. මට හරියටම ස්ථිර නෑ..ඒත් අහල තියන විදිහට උඩරට සීමාවන් ඇතුලත පදිංචි අය වෙන්න ඕන. උඩරට සීමාවන් කියන්නෙ 1815 වෙනකොට පැවතුනු සීමාවන්. වවුනියාව, මොණරාගල, අම්පාර, එහෙමත් ඒ අනුව උඩරටට අයීතියි.

      Delete
    3. සවිස්තරාත්මක පැහැදිලි කිරීමට ස්තූතියි.

      Delete
  2. කෝ අසෝක කතාව...?????
    ඒමයි කියල අවුලකුත් නෑ... නස්රුදීන්වගේ ඩෑල් එකක් වෙන්න ඇති නේ අර කිතුලට නැගල තණකොල හෙව්වෙ...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      හරි හරි බං ලබන පාර කොස් කපන්ට ඉඳගන්නව..ලබන පාර ඉඳගන්නව... කිතුලට ගියයි කියන්නෙ නස් රුදීන් ලොක්කගෙ මස්සිනාය කියනවනෙ. හෙහ්,හෙහ්,

      Delete
  3. කොස් කපන්න ගිය මනුස්සය අන්තිමට මල ගෙදරකනෙ නැවතුනේ.
    ඔය කියල තියෙන එලෝළු ස්ටීම් කරල ගම්මිරිස් ඉහළ ගන්න එකනං බයිට් එකට නියම කෑමක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ හා බයිට් කියලා (හාවො කන දේවල් නේ..)

      Delete
    2. Praසන්ன,

      / ඔය කියල තියෙන එලෝළු ස්ටීම් කරල ගම්මිරිස් ඉහළ ගන්න එකනං බයිට් එකට නියම කෑමක් තමයි /

      මරු බයිට් එකනම් තමයි බාං..ඒත් බඩු බහිනව බලා ඉද්දි :(..ඒක නෙව ඉවසන්ට බැරි..කැරටුයි, අලයි සමෝසමේ කෙලල අරිද්දි බඩු බහින එක අහන්ටත් දෙයක්ය? තනිකර පිස්ටය නෙව...අපි ඉතිං මල්ලි ඔය වැඩේට බහින්නෙ ඔය සුද්දො වගෙ එක ෂොට් එකක් අතේ තියාගෙන වරු ගනං කතා කරකර ඉන්ට නෙවෙයිනෙ. අඩුම වියදමෙන් හැකි විගස අමර පදං...

      Delete
    3. Sa ra sa,

      හා බයිට් එක කිව්වම මම මුලින් හිතුවෙ හා මස් උයල කියල...හෙහ්,හෙහ්, අන්න ..හා මසත් නියමයි බයිට් එකට....ඒ වගේම තමයි ඉබ්බට නැඟල යන්නෙ වට්ටක්ක දළු මැල්ලුම...බත මැරුවැකි වරුවක් නිවාඩු දාල

      Delete
  4. මිදුම අස්සෙ... හි.. හි.... මෙව්වා පච නම් වෙන්නම බෑ ... කෙබර හරි ටොම්පච හරි මිසක්කා...

    දරුවන් ඉස්සර වගේ නැතුව අප්පචිලාගේ බෙල්ලේ එල්ලිලා හුරතල් වෙන එකට නම් මම හරිම ආසයි. මොකද අපේ අප්පච්චි එහෙම නැති හින්ද, ඒ උනාට ඒ ක්‍රමේ නරකක් නැහැ. වෙනස් විධි, අපි කැමති විධි.... අපේ ගෙදරත් ඔය වගේ තමයි පරිසරය. අප්පච්චි විතරක් නෙවෙයි අම්ම ඉන්නකොට උනත් අපි කකුල් උඩ තියාගෙනවත් ඉන්නේ නැහැ.

    හම්මේ මේ මළගෙවල් සංගමයේ වැඩරජකාරි !!?? පුදුම කැපවීමක් නැද්ද? අඳුනන මිනිස්සු කැමැත්තෙන්ම මැරෙන්න ඇති.. නැද්ද?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / දරුවන් ඉස්සර වගේ නැතුව අප්පචිලාගේ බෙල්ලේ එල්ලිලා හුරතල් වෙන එකට නම් මම හරිම ආසයි. මොකද අපේ අප්පච්චි එහෙම නැති හින්ද, ඒ උනාට ඒ ක්‍රමේ නරකක් නැහැ. වෙනස් විධි, අපි කැමති විධි.... අපේ ගෙදරත් ඔය වගේ තමයි පරිසරය. අප්පච්චි විතරක් නෙවෙයි අම්ම ඉන්නකොට උනත් අපි කකුල් උඩ තියාගෙනවත් ඉන්නේ නැහැ. /

      එක හෙලාම එකඟයි. දෙමව්පියො ආදරේ පෙන්නන විදිහ වෙනස්. හැබැයි එකම අවුල දරුවො ඒක තේරුම් ගන්නෙ බොහෝවිට කල්ගත වෙල. අපෙ අප්පච්චිත් එහෙමයි. ආදරේ ප්‍රදර්ශනය කරපු කෙනෙක් නෙවෙයි. පොඩි කාලෙ මට ලොකු ප්‍රශ්නයක් උනා ඕක. මමත් හරියටම ඒක තේරුම් ගත්තෙ බොහොම පහුවෙලා..

      මේ ඒ ගැන ලියන්න කියල හිතල මම පටන් ගත්තු පොඩි මතක බණවරක් වගෙ එකක ආරම්භය. ජානුස් ගොයිය ලියපු උන්දැගෙ තාත්ත ගැන ආවර්ජනයකට ප්‍රතිචාරයක් විදිහට ලිව්වෙ.

      ජානුස්,

      උඹ තාත්ත ගැන ලියන හැමදාම මම මේ කතාව කියල ඇති.මටත් අපෙ තාත්ත ගැන ..අපි නම් කිව්වෙ අප්පච්චිය කියල...ලියන්න ලොකුවට ඕනකම තියනව..උඹත් මම ඔය කතාව කියපු හැම දාකම කියනව ඉතිං ලියහං අයියෙ කියල..මට තාම ඒකට හිත එකඟ කරගන්ට බෑ බං...ඒත් අද මම හිතා ගත්ත කොයිමක් කරල හරි මගෙ මතක බනවරත් ලියල ඉවරයක් කරන්ට ඕනය කියල.

      ඔන්න එහෙම හිතල මම වැඩේ පටන් ගත්ත..ස්තූතියි ජනූ...හැමදාම උගුරට හොරා බේත් කනව වගේ කල්දමමින් හිටපු කාර්යයක් අවම වශයෙන් ආරම්භකිරීමට හෝ මට ධෛර්යයක් වීම පිළිබඳව.

      ******************************************

      රෑ දහයට වාට්ටුවෙ ලයිට් නිවනව.ඊට පස්සෙ දැල්වෙන්නෙ කොරිඩෝවෙ සිවිලිමේ අඩි තිහෙන් තිහට වගෙ සවිකරල තියෙන දිගටි හැඩැති මලානික එළියක් නිකුත් කරන ප්‍රතිදීප්ත පහන් පමණයි. ඒත් හැම ඇඳක් ළඟම බිත්තියෙ පොඩි විදුලි පහනක් තියනව හදිසියකදි අත දිගුකරල දල්වා ගන්ට හැකිආකාරයට.

      Delete
    2. පේරාදෙණියෙ රෝහල හැදුවෙ ජපානෙ මිට්සුයි සමාගම. ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉවරවෙලා ඒ එක්කම තමයි මේකෙ වැඩ පටන්ගත්තෙ. ජපනගෙ වැඩ දන්නවනෙ. හරිම පිළිවෙලයි. රෝගීන්ට ඕන හැටිය ඉරු එළිය එන්ට ස්වභාවික වාතාශ්‍රය ලැබෙන විදිහට විශාල කවුළු තියනව හැම තැනම වගෙ. මේ වෙලාවෙ නම් වැටෙන්නෙ හඳ එළිය විතරයි. කොරිඩෝවෙ එහා කෙළවරට ගිහාම හන්තාන කඳුවැටිය අතින් අල්ලන්ට ඇහැකිය කියලයි හිතෙන්නෙ. හීතල හුළඟක් හමාගෙන ආව. ඇඳගෙන උන්නු කමිසෙ බෙල්ල ගාව බොත්තමත් දාල වහගෙන මම හැරිල කොට බිත්තිය උඩින් බැලුව ඇඳ අංක 24 දිහාවෙ.

      සුදුපාට බොකුටු කොණ්ඩෙ විතරයි අඩ අඳුරෙ මෙතනට පේන්නෙ. බෙල්ල ගාවටම පොරෝනයෙන් වැහිල සරීරයම. ඒ මයෙ අප්පච්චි...මේ පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 18, හෘද රෝගීන් යම් තරමකට සුවය ලැබුවම රෝහලෙන් ඉවත්ව යනතෙක් මේ වාට්ටුවෙ තමයි රඳවන්නෙ. මේ පිරිමි වාට්ටුව. අංක 19 ගැහැණු වාට්ටුව. අප්පච්චි දවස් හතරක් දැඩි සත්කාර ඒකකයෙ ඉඳලයි මෙතනට ආවෙ.

      " මිස්ටර් වීරසිංහ තාත්තගෙ තත්වය එච්චරම හොඳ මදි.මයිල්ඩ් ඇටෑක්ස් තුනක් එක පිට එක ඇවිල්ල තියනව. මයෝ කාඩියැක් ඉන්ෆ්‍රාක්ෂන්. "

      " ඩොක්ටර්, ඔපරේෂන් එකක් කරන්න වෙයිද? " මම හීන් හඬින් ඇහුව.

      " දැනට නම් ඕන නෑති වෙයි මම හිතන්නෙ. ක්‍රිටිකල් ස්ටේජ් එක පහුවෙලා තියෙන්නෙ. අපි බලමු. තව සතියක් වගෙ වෝඩ් එකේ හිටපුවාවෙ. "

      හෘද රෝග විශේෂඥයයි මායි අතරෙ එහෙම කතාබහක් ඇතිඋනේ අද උදේ.

      අප්පච්චි ළඟට හෙමිහිට ගිහිල්ල මම ඇඳ ලඟ තිබ්බ ප්ලාස්ටික් පුටුවෙ ඉඳගත්ත. වමත පොරෝණෙන් එළියට පැනල ඇඳෙන් පහලට එල්ලෙනව. මැණික් කටුවට ටිකක් උඩින් ගහල තියෙන්නෙ සේලයින් කටුව. මම හෙමිහිට අත ආපහු ඇඳ උඩින් තියල පොරෝණෙන් වැහුව.

      අප්පච්චි එක්ක හුඟක් දේවල් මට කතා කරන්න තියෙනව. පොඩි කාලෙ ඉඳලම හිතේ පැහැව පැහැව තිබ්බ හුඟාක් දේවල්. ඒත් එව්ව කියාගන්ට මට කාලයක් නැතිවෙයිද? මහෙ හිතේ මහ බයක් හෝ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙලා උගුර හරහා ඇවිල්ල පිට උනේ දෑස් අග තෙත් කරමින්. මම හෙමිහිට අත දාල පොරෝනය අස්සෙන් අත දාල අප්පච්චිගෙ අත අල්ලල හෙමිහිට මිරිකුවා.

      අප්පච්චි එක පාරටම ඇස් ඇරියා.

      " පුතා……"

      " අප්පච්චී …."

      මම පුටුවෙන් නැඟිටල පාත්වෙල අප්පච්චිගෙ නළල හෙමිහිට අත ගෑව.

      / හම්මේ මේ මළගෙවල් සංගමයේ වැඩරජකාරි !!?? පුදුම කැපවීමක් නැද්ද? අඳුනන මිනිස්සු කැමැත්තෙන්ම මැරෙන්න ඇති.. නැද්ද? /

      ආය මොනවද? දන්නවනෙ අපෙ හැටි...වෙන මොකවත් නෑ ආය අපෙ කාගෙ හරි අම්ම හරි තාත්ත හරි යන්තමට උණක් හෙම්බිරිස්සාවක් හැදිල බෙහෙත් ගෙනාව කියල නිකමට හරි කියවුනොත් ඒ ඇති..ඒ වෙලාවෙම පටන් ගන්නව ෆියුනරල් පාටිසිපේෂන් ඕගනයිසිං..අන්න එහෙමයි අපි...ඔය වගෙ විකාර වැඩක් කරල එක පාරක් අපෙ කුමාරය තව එකෙක්ගෙං මැරුං නොකා බේරුනෙ අනූ නමයෙං..ඉඳහං මර්ඩර් හවුස් ස්ටෝරීස් වලදි ඒකත් ලියන්නං.

      ඒ වැඩේම අනික් පැත්තට මට උනා පස්සෙ කාලෙක මම කොළඹ වැඩ කරද්දි. අපෙ උන්දැගෙ අප්පච්චි අසනීප වෙල ඉස්පිරිතාලෙ නැවැත්තුවයි කියල ආරංචිය ආව විතරයි,,ආය මොනවද? මගෙ මාමණ්ඩි මේ පහුගිය ජූනි පලවෙනිද අභාවප්‍රාප්ත උනා. උන්දැ ගැන ලියන්ට තියනව කප්පරක් දේවල්. ඒ ලියද්දි ඔය සීන් එකත් ලියන්නං...:)

      Delete
    3. රවී..
      මෙහම ආදරයක් මම මගේ නොවෙන තාත්තෙකුට පෑවා එයාගේ අවසන් සති කීපයේදී.

      ඒ තාත්ත මට සලකලා නැතත්, එයාගේ පවුල ඇතුලේ එයාගේ කාර්යභාරය හොඳින් ඉෂ්ට කරපු කෙනෙක් හින්ද මගේ හිතේ කවදත් ඔහු ගැන ගරුසරුවක් තිබ්බ. මම එයාගේ පවුලේ අය රෑ ගොරෝ ගොරෝ නිදියගෙන ඉන්න අතරේ රෑ තිස්සේ කොන්ද රිදෙනවා කියන නිසා පිට අතගගා හිටියා.. සෙම පවා අතින් අල්ලලා සුද්ද කළා. හැබැයි, මිනිය ගාවදි ඇඩුවේ නැහැ... කොටින්ම මම මිනිය බලන්නවත් උනන්දුවක් දැක්වුයේ නැහැ. ඒ මගේ හැටි. මැරුණාම කරපු දේවල් කිය කියා හැපෙන එක තරම් විහිළුවක් මට නැහැ.

      අපේ අප්පචිගේත් වැඩි බජනයක් නැති උනත්, සියුම් ආදරයක් තියෙන බව මම තේරුම් ගත්ත. ඒත් මම නම් මගේ දරුවන් උන්ගේ අප්පච්චිගේ ඔඩොක්කුවට වට්ටෝල හදන්නේ. මොකද, මම කැමතියි උන් , උන්ගේ අප්පච්චි ගැන මට කලින් තේරුම් ගන්නවට.

      Delete
    4. උපේක්ෂා,

      ඔයිට ටිකක් විතර ආසන්නයෙන් යන අත්දැකීමකට මුහුණ දීල තියනව මගෙ යාලුවෙකුගෙ මල්ලි..මිනිහ එයා ෆෝස් ඉන්නෙ. ඒක නම් හැබැයි වැරදීමකින් වෙච්ච දෙයක්. ඒ ගැන ලියන්ට හිතාගෙන ඉන්නෙ කතාවක්....:)

      Delete
    5. අපේ තාත්තලාගේ පරම්පරාවේ තාත්තලා ආදරේ පෙන්නුවේ අද වගේ තුරුලු කරගෙන නොවෙයි!

      Delete
    6. කතා,

      සම්පූර්ණ ඇත්ත. ඒත් එහෙම උනාය කියල ඒ ආදරේ කිසිම අඩු ලුහුඬුවක් නෑ මම හිතන්නෙ.

      It's just a matter of the difference in expressing love. That's all. :)

      Delete
  5. මේ බ්ලොග් එකත් නිකන් මන්දාරම් නුවර වගේ.. එකක් කියවනකොට අනික මතක නෑ.. මිදුම තව හොඳයි මම හිතන්නේ.. හෙහ් හෙහ්..

    මාත් පොඩි කාලේ ඉඳන් තාත්තගේ කරේමයි හිටියේ.. කොටින් ම මම උසස්පෙළ කරන වයසෙදිත් ගිහින් තාත්තගේ ඔඩොක්කුවේ ඉන්නවා..

    Stories From Murder Houses සීරිස් එක වාන්පතුල් එකට කලින් ඉවර වෙයි වගේ.. :D

    ReplyDelete
    Replies
    1. Pathum,

      / මේ බ්ලොග් එකත් නිකන් මන්දාරම් නුවර වගේ.. එකක් කියවනකොට අනික මතක නෑ.. මිදුම තව හොඳයි මම හිතන්නේ.. හෙහ් හෙහ්../

      මලේ මේ… තලගොයි ඉන්නව නේද? ඔය පැත්තෙ උනත් නැතිවෙන්ට බෑ. තලගොයි දිව ආනමාලුවක් පළල ඒක ඇතුලට දාල එක කටට ගිලල දාහං..හත් දවසක් කරල බලපං මම කිව්වට..අද්දුටුවයි, සත්තයි, ප්‍රත්තියාක්සයි..හරි නොගියොත් ආයම තව හත් දවසක් ඒ විදිහටම කරහං!!!!

      Delete
  6. යකෝ අර මීදුම මැද්දේ අම්මට වඳින්න විනාඩි හතලිහක් ගියාය කියල කියවලා මට මැරෙන්න හිනා...

    හඟුරන්කෙත මගෙත් හොඳ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා... ඉතිං නුවරින් රිකිල්ලගස්කඩ බස් වල තමයි මතක හැටියට අපි යන්නේ.. අපි මොකක් හරි වැඩකට රිකිල්ලගස්කඩට හරි පදියපැලැල්ලට හරි ගිය මතකයක් තියනවා.

    ගිය සැරේ කවියට මොනවා හරි ලියන්න කියලා හිතුවා.. කොහෙද මොකුත් ආවෙ නෑ... මං හිතන්නේ ඒකෙ මොකද්දෝ පුද්ගලානුබද්ධ ගතියක් තියනවා...

    ReplyDelete
    Replies
    1. මචං මම අහලා තියෙන කතාවල නසෘදින් ගලවන්නේ ඉංග්‍රීසි වර්ෂන් එකේ ටර්නිප්. සිංහල වර්ෂන් එකේ රාබුද කොහෙද. නවයුගයේ කොහොම තිබ්බද මතක නෑ.

      රවියගේ අර මීදුම් කතාව කවුරු හරි විශ්වාස කරන්නේ නැතිනම් මෙන්න සාක්කි.

      ඔය මන්දාරම් නුවර මමත් ගිහිල්ල කාලයක් හිටියා ඉස්කෝලේ යන කාලේ ප්‍රොජෙක්ට් එකකට. අන්න මීදුම. උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැතිනං නිකා හිටපල්ලා.

      කෑම කන්න මාර වෙලාවක් යනවා. මොකද මීදුම හින්දා අනාගත්ත බත් කට කට ලඟට ගේන්න පේන්නේ නෑ. එක්කෝ නහයේ. නැතිනම් කටේ. නැත්නම් කනේ ඉඳුල්.

      එහේ හනිමූන් කපල් වලට අනිවාර්යයෙන්ම දෑවැද්දට දෙන දෙයක්ලු මීදුම කපාගෙන යන කහපාට එළියක් එන පොඩි ටෝච් එකක්.

      තව...

      Delete
    2. දී කිරට බළල්ලුත් සාක්කි.. ;-)

      Delete
    3. ඔය මීයන්ගෙ සීන් එහෙකට බළල්ලු සාක්කි කිව්වම වෙන්ටැ!

      Delete
    4. තිසර,

      / යකෝ අර මීදුම මැද්දේ අම්මට වඳින්න විනාඩි හතලිහක් ගියාය කියල කියවලා මට මැරෙන්න හිනා…/

      ඔන්න බලාපංකො ඉතිං.අද අපිට වෙලා තියෙන්නෙ....අපේ වසර දෙදාස් බරගානක් තිස්සෙ පැවත එන බවුද්ද හැදියාව, පාරම්පරික සාර දර්ම අද නැත්තටම නැතිවෙලයි කියල අර සිහල උරුමෙ කස්ටිය, ජාතික චින්තනේ නාත දෙයියංගෙ ගෝල බාල කස්ටිය එහෙම රෙද්ද කරට අරගෙන විලාප තියන එකේ වැරැද්දකුත් නෑ නේද?

      මාතෘ ගෞරවය කියන්නෙ ඒ අපේ උදාර හැදියාවෙ මුල්ලෙ ගලක් ( Corner Stone ) නේද? එහෙව් උතුම් ගුණ ධර්මයක් අපි එදා අර මීදුම මැද්දෑවෙ ආරක්ෂා කරපු හැටි කියවල උඹ පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් පිලී හිස වටා සිසාරා ඔල්වරසන් දෙන්ට නෙවද වටින්නෙ? ඒත් ඒ වෙනුවට උඹ කරන්නෙ මැරෙන්ට හිනා වෙන එක...අම්මාපල්ල...රට යන අත තමයි.

      / ගිය සැරේ කවියට මොනවා හරි ලියන්න කියලා හිතුවා.. කොහෙද මොකුත් ආවෙ නෑ... මං හිතන්නේ ඒකෙ මොකද්දෝ පුද්ගලානුබද්ධ ගතියක් තියනවා…/

      පුද්ගලානුබද්ධ කවිවලට කියන්නෙ බං Personal Hygienic Poems කියල....

      Delete
    5. Henry,

      / එහේ හනිමූන් කපල් වලට අනිවාර්යයෙන්ම දෑවැද්දට දෙන දෙයක්ලු මීදුම කපාගෙන යන කහපාට එළියක් එන පොඩි ටෝච් එකක්. /

      අන්න හරි..අනික ඒ ටෝච් එක පත්තු කරල කටේ ගහගෙන තමයි මනමාලය දවස තිස්සෙම ඉන්නවයි කියන්නෙ. බැරිවෙලාවත් කොහෙ හරි ටෝච් එක තිබ්බොත් ආය හොයාගන්නව නම් බොරු....

      / තව…/

      තව ඔය මන්දාරම් නුවර ඔච්චරම මීදුම් කිව්වට ඔයිට ටිකක් උඩහට වෙන්ට තමයි තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි මම හිතන්නෙ මුලු ලෝකෙම මීදුම වැඩිම නගරය. කොටිම්ම ඒ නගරෙ නම මොකද්ද කියලවත් මෙලෝ යකෙක් දන්නෙ නෑ.ඒ තරමට මීදුම...බස් එහෙක බෝඩ් එකක් කියව ගන්ට, පාර අයිනෙ කඩේක බෝඩ් එකක් වත් කියව ගන්ට වත් බැරි තරං මීදුම ඔන්න කොටිම්ම.

      ගිනස් පොතෙං ඔය ගැන වාර්තා කරන්ට ආපු සුද්දො එකොළොස් දෙනෙක් ආපහු එන්ට බැරුව අතරමං වෙලා ඉන්නවලු එහෙ.අන්තිමට ගිනස් පොතේ දැම්මයි කියන්නෙ The Most Mistiest Town Of The World - Town X in Sri Lanka …අන්න එහෙමලු......

      Delete
    6. අනේ අම්මප... මෙහෙමත් කතුරු කටක්!

      Delete
  7. මට හිතුන බොල කොස් කපන්න වඩිවෙන්න තව ලිපි දෙකක්වත් යාවි කියල.හොදා හොදා ඔහොම යමුකො.මලගෙවල්වල යැමනම් තාමත් එ ලෙසටම කරනව අපි.පහුගිය කාලෙ අපෙ බැටිවල ඉන්න්න එකාගෙ නොනගෙ තාත්ත නැතිවෙලා උදෙ 10 විතර ආරන්චි වුනාම ගාල්ලෙන් 3 වෙනකොට පිටත් වුනා.සා නියම ගමන.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මළගෙවල් වල යන එක මාර ආතල් බං නැද්ද? ඒ දවස්වල මාසෙකට දෙපාරක්වත් මළගෙදරක ගියෙ නැත්තං නිකං හිතටත් හරි නෑ හරි නෑ වගෙ.

      " මේ සරතො..උඹලගෙ අර සීයට අසනීපයි කියල කිව්ව නේද ගිය සුමානෙ වගෙ? "එහෙම කිසිම මර්ඩර් ආතල් එකක් නැතුව ගෙවිච්චි සති දෙහෙකට වගෙ පස්සෙ දවසක දවල්ට කන ගමන් මම සරත්ගෙන් ඇහුව…

      " ඔව් ඉතිං මොකටද උඹ අහන්නෙ? …"සරත මා දිහාවෙ රවල බැලුව.

      " හරි බං ඕකට ඔය හැටි කලබොල වෙන්ට දෙයක්ය..සීයට සනීපද කියල දැනගන්ටයි මම ඇහුවෙ? "

      " ඔව්..සීයට දැං සනීපයි..මොකද උඹ කියන්නෙ ඉතිං ? "සරත නැඟිට්ට බත් පිඟානත් එහෙමම තියල.

      " හරි බං හරි..කාම් ඩවුන්..කාම් ඩවුන්..සීයට සනීපනං හොඳයිනෙ. මම මේ හිතවත් කමට ඇහුවෙ.."

      " අනේ මෙහ්..පලයං යන්ට මගෙං මොකවත් අහගන්නෙ නැතුව…"

      Delete
  8. එතකොට දැන් අසොකාට මොකද උනේ .... එයා තාම කොස් කපනවද

    ReplyDelete
    Replies
    1. මැලේ,

      අසෝකා තාම කොස් කපනව බං...:)

      Delete
  9. කොස් කපල කොස් කිරපුව අහන්න ඉන්න වෙයි වගේ කාලයක්. ඇත්ත කියහන්, නාලන් මෙන්දිස් නේද මේ බ්ලොග් එක ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      නාලන්ටත් ඇහුවොත් කියල දෙන්ට බැරිනෑ බං කතන්දර අදින විදිහ...:)

      Delete
  10. දැන් මට තියෙන ප්‍රශ්ණේ

    මන්දාරම් නුවරදී අම්මට වදින්න විනාඩි 40ක් ගියානම් 1 shot 1ක් අරන් අනික ගන්න කොච්චර වෙලා යන්න ඇතිද ....අනික හිටන්නකෝ කැරට් ගලවන්නමත් යන්න ඇති දවසක් වත්.

    මල්ලි පස් බුරුල් කරන කොටම මීදුමෙන් වැහෙනවා .....මිදුම එහා මෙහා කරලා කැරට් අලේ ගලවනකොටම මල්ලිව පෙන්නේ නැ......

    /" අනේ බලන්ට මේ පුතාල කියන එව්ව…" සුමනෙගෙ අම්ම මීදුම අස්සෙං මතුවෙච්චි වෙලාවක එහෙම කිව්වෙ අත් දෙකෙන්ම කට වහගෙන . /

    මක කියවනකොට නම් මැවිලා පෙනුනේ හොල්මන් ෆිල්ම් 1ක ...මිදුම අස්සෙන් ඇවිත් හිනා වෙන ගෑනු කෙනෙක්...................

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / දැන් මට තියෙන ප්‍රශ්ණේ……...මන්දාරම් නුවරදී අම්මට වදින්න විනාඩි 40ක් ගියානම් 1 shot 1ක් අරන් අනික ගන්න කොච්චර වෙලා යන්න ඇතිද ....අනික හිටන්නකෝ කැරට් ගලවන්නමත් යන්න ඇති දවසක් වත්. /

      උඹත් එකත් එකටම අර එන්.ජී.ඕ. කාරියක් වෙන්න ඕන. එවුංට තමයි ඔය කිසි කෙනෙකුට වැඩක් නැති ප්‍රශ්න මතු වෙන්නෙ.... දැං හෙට අනිද්ද ඌව චංදෙං ආණ්ඩුව විසිට්ට ජයග්ගරහනියක් ලැබුවය කිව්වම සාදු! සාදු!! සාදූ!!! කියල දොහොත් මුදුං දීල ඒ ප්‍රතිපලේ පිලිගන්නෙ නැතුව ජනාදිපති මැතිවරන නීති උල්ලංගනය කෙරුවයි, ආන්ඩුව රජයේ වාහන පාවිච්චි කලයි, විපක්ස කාර්යාල කැඩුවයි කියල බොරුවට උඩ පනින්නෙ ඔය එන්.ජී.ඕ. කාරයො තමයි. උඹත් අන්න ඒ වගේම තමයි....

      Delete
  11. මෙදා පාර කොස් කපන දර මඩුවටවත් යාවි කියල හිතුවා ම්ම්හ්.මළගෙවල් සීරිස් එක නං ගාණක් නෑ ඒ උනාට අර කවුරුත් දන්න නස්රුදින් ගෙ කතා වෙනුවට තව මළගෙවල් කතාවක් ලියන්න තිබ්බ නේද?එහෙම නැත්නං මඩුවට යන්න තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. Helapa,

      / ඒ උනාට අර කවුරුත් දන්න නස්රුදින් ගෙ කතා වෙනුවට තව මළගෙවල් කතාවක් ලියන්න තිබ්බ නේද? /

      නෑ බං ඔය උඹල දන්නව උනාට ගොඩ දෙනෙක් නස් රුද්දින්ගෙ කතා දන්නෙ නෑ. හරි, හරි අවුලක් නෑ..හෙට අනිද්දම දර මඩුවට යනව මම...:)

      Delete
  12. //මළගෙවල්වල කතාමාලාව වෙනම කියන්නං " Stories From Murder Houses "//

    මළගෙවල් = Dead houses ( ඔන්නම් සිංහල ස්පෙලින් වරද්දල Flower houses)
    මරණගෙවල් = Murdering houses , Killing houses

    ReplyDelete
    Replies
    1. sorry අමතක වුනා මළගෙවල් = Sh-t houses

      Delete
    2. Pra,

      ' "As crazy as a rat in a shit house " මම කැමති English Idiom එකක්.... Stephen King ගෙ පොත්වල නිතරම භාවිතා වෙනව.

      Delete
    3. Stephen King ගේ අර Tower පොත් කියවල තියනවද? මං එකක් පටන් අරන් අතඇරල දැම්ම. රවි කැමතිද ඒවට? why?

      Delete
    4. Pra,

      Stephen Kingගෙ ඔය Dark Tower කතා මට අල්ලන්නෙත් නෑනෙ. මුලින්ම ගත්තු පොත බාගයක් කියවල තාම දාපු තැන ඇති ගෙදර. ඒත් මේ ලඟදි මම දැක්ක Stephen ගොයිය කියල තිබ්බ Dark Tower Series එක එයාගෙ Magnum Opus එක කියල. ඒ පාර ආයම මට හිතුන යකෝ මෙච්චරම කියන එක ආය පාරක් කියවල බලන්ට ඕනය කියල. මේ පාර ගෙදර ගිහාම ආයම කියවන්ටයි හිතාගෙන ඉන්නෙ.

      මනුස්සයගෙගෙ අනික් පොත්නම් ඔක්කොම වගෙ මම කියවල තියේ. The Shining, Carrie, The Stand, Under the Dome, 22/11/63

      ඉස්සෙල්ලම මම කියෙව්වෙ Cujo....

      Delete
    5. The Shining පොතෙන්ද අර හොල්මන් ෆිල්ම් එක හදලා තියෙන්නේ? ඕක රූ ගත කරපු හෝටලේ තියෙන්නේ රොකී කඳු අඩවියේ. මම පින්තුරෙකුත් දැම්මා ඒකෙ

      Delete
    6. ඇත්තට මැග්නම් ඕපුස් කිව්වද? ඔය ත්‍රිලර් හොරර් ලියන අයට හිතෙනවද දන්නෙ නෑ පාඨකයන් විනෝදයක් ලබන තමන්ගේ පොත් මැග්නම් මදි, ටිකක් උන්ට නොතේරෙන හරි උන් කොන්ෆියුස් වෙන ඒව තමයි මැග්නම් ඕපුස් වෙන්න ඕනැ කියල? :-D

      Delete
    7. Sayuri,

      මට මතකයි ඒ රොකී කඳුකරය ගැන ඔයයි ලියාපු සටහන..අර ලොක්ක දේවදත්ත ගැන මරු කතාවක් කියලත් තිබ්බෙ ...හෙහ්,හෙහ්,

      යස් ෆිල්ම් එක හැදුවෙ ඒ පොතෙන් තමයි. මේ මම ඒ සටහනට දාපු ප්‍රතිචාරය.

      / The Shining…..මම බොහොම ආසාවෙන් බලාපු ෆිල්ම් එකක්. මම කැමතිම පුද්ගලයින් තිදෙනෙක් එකතුවුනු චිත්‍රපටයක්….Stephen King, Stanley Kubrick සහ Jack Nicholson,

      දේවදත්ත කතාවත් නියමයි....:) /

      Delete
    8. Pra,

      The Dark Tower is a series of books written by American author Stephen King, which incorporates themes from multiple genres, including fantasy, science fantasy, horror, and Western. It describes a "gunslinger" and his quest toward a tower, the nature of which is both physical and metaphorical. King has described the series as his magnum opus.

      / ටිකක් උන්ට නොතේරෙන හරි උන් කොන්ෆියුස් වෙන ඒව තමයි මැග්නම් ඕපුස් වෙන්න ඕනැ කියල? :-D /

      ඒකෙ අපිට නොතේරෙන මොකක් හරි ආතල් එකක් තියනවද කියල කවුද දන්නෙ ප්‍රා? හෙහ්,හෙහ්, සමහරවිට ඒඅක් ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියෙන්න පුළුවන්.....:) කෝකටත් ආයම හෙමිහිට කියවල බලන්ට ඕන..මොකක්ද මේ යස්සය කියන මේ ඕපුස් එක කියල....

      Delete
  13. ඔන්න ලොක්කා මහවැලි ව්‍යපෘතියේ සාර්ථකභාවය ඇගයීම ගැන ඇගයීම් වාර්තාවක මෙහෙම කියල තිබ්බලු. "මහවැලි ව්‍යාපෘතිය සමහර ප්‍රදේශ වල ක්‍රියාත්මක වීම මන්දගාමී ස්වරූපයක් ගත්තේය .ඊට මූලික හේතුව වුයේ සමහරක් ප්‍රාදේශීය වැඩ බිම් වල වැඩ කල නිලධාරීන් සිය වැඩ පැහැර හැර තම සහෘදයන්ගේ මලගම , විවාහ උත්සව ආදියට කල් වේලා නොබලා සහභාගිවීම හා බොහෝ මධුපානෝත්සව රාජකාරී වෙලාව තුල පැවැත්වීමයි "

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      මහවැලි ව්‍යාපාරය 1968 වසරේදී පමණ සැළසුම් කරන ලද්දේ වසර තිහක කාල පරාසයක් තුල නිම කිරීමටය. ලෝක බැංකුවේ සහ ආසියා පදනමේ විශේෂඥයින් විසින් මේ සඳහා වසර තිහක කාලයක් නිර්දේශ කරනු ලැබූයේ තාර්කික එමෙන්ම මහා වාරිමාර්ග සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව වසර ගණනක පර්යේෂණ වලින් ලද ප්‍රතිඵල මත තම නිගමනයක් පදනම් කොට ගනිමිණි.

      එනම් එවන් රටේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 60% ප්‍රදේශයක් පුරා පැතිරුණු දැවැන්ත යෝජනා ක්‍රමයකින් සිදුවිය හැකි පාරිසරික, කාළගුණික සහ වෙනත් සමාජීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය කොට යම් අහිතකර බලපෑම් වේනම් ඒ අවම කොට ගැන්මට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදිය.

      එහෙත් 1977 වසරෙහිදී බලයට පත්වූ එ.ජා.ප. රජය මහවැලි ව්‍යාපාරය වසර 30 කින් නොව වසර 6 ක් ඇතුලත නිම කිරීමට තීරණය කලේය. ඒ තීරණයේ අහිතකර ප්‍රතිඵල එදා මනාව දුටු අපි හැකි සෑම විටම මහවැලියෙහි ඉඳිකිරීම මන්දගාමී කිරීමට උත්සාහ කලෙමු. ඒ හුදෙක් රටේ අනාගත දියුණුව පිළිබඳව අපගේ කැපවීම ප්‍රකාශ කරන්නක් මිස කිසිසේත් මත්පැන් ලෝලිත්වයෙහි හෝ අවමංගල්‍යයන්ට සහභාගීවී යම් ප්‍රීතියක් විඳගැන්මේ පටු චේතනාවෙන් නම් නොවේමය.

      මොන්කාඩා බැරැක්කයට පහර දීමේ නඩු විභාගය අවසානයේ උසාවිය අමතා ෆිදෙල් කස්ත්‍රෝ කල කතාවෙහි අවසාන වාක්‍යයට මම ඔබගේ අවධානය යොමු කරවමි.

      " History will absolve me - ඉතිහාසය මා නිදොස් කරනු ඇත."

      ඔබ උපුටා දක්වන ඇගයීම් වාර්තාවෙහි සඳහන් චෝදනා පිළිබඳවද මට පිළිතුරු ලෙස පැවසීමට ඇත්තේ එපමණකි. ඉතිහාසය මා නිදොස් කරනු ඇත. එසේය සබඳ,...රාජකාරී වේලාවෙහි මධුපානෝත්සව පැවැත්වීම සහ සහෘදයින්ගේ විවාහ සහ අවමංගල්‍ය උත්සවයන්ට කාල වේලාව නොබලා සහභාගී වීමේ චෝදනාවෙන් ඉතිහාසය මා නිදොස් කරනු ඇත.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
  14. මර්ඩර් හවුසසස් කිව්වම භීතිය එනවා වැඩියි නේද රවියෝ... ඔය වගේ ඒවා කියද්දී මහ රෑ ජාමෙට මිනිය නැගිටල එනවද කියල බලලා මිනිය හෙල්ලෙන්න හිනා උනාම කෝමද.. දවල් කාලේ දුකින් අඩපු උන් ඇස් රතු කරගෙන කබ කඩ කඩ නැගිට්ටින්නෙ බැන බැන.. හැක්..

    ReplyDelete
    Replies
    1. දේශක,

      කොහොමද නකතං වෙන්ට දාල ඔට්ටුවක් අල්ලල මිනිය යට බුදියගෙන ඉඳල රෑ දෙගොඩ හරියෙ හැමෝම තැන් තැන්වල නිදියගෙන ඉන්නකොට එක පාරට ඇහැරුනාම....හූ තියාගෙන මිනියත් පෙරලගෙන නැඟිට්ටෙ...:) - From Murder House Stories ….

      Delete
  15. ඔය මන්දාරම් නුවරවල් දෙකක් තියෙනව. ඒක් තමා පදියපැලැල්ලෙන් එහා පිතුරුතලාගල හෙවනෙ තීන එක. අනික තියෙන්නෙ සූරියකන්දෙ.

    මේ තීන්නෙ අපේ මිත්‍රයො ටිකක් රවිය කියන අර සංගීතවල ස්ටේජ් වගේ මීදුමෙන් වැහිච්චි නුවර එළියෙ මන්දාරම් නුවරට ගිය ගමනක්. මේක දැක්කම බොලාට තේරෙයි රවී සියඹල ගෙන්නලම නැති බව :P

    ඒ ඉතරක් නෙමේ අනික් කතා උනත් ඔහොම තමා ඉතින්. පොත්යි ගෝනියයි අයිං කොරාම, ඇත්තක් ඇත්තෙම නැති තරං :D

    අනෙක් මන්දාරම්නුවර තියෙන්නෙ රක්වානෙ. එහෙට දවස තිස්සෙම වහිනව. මිනිසු රෙදි වෙලන්න මඩු ගහල තියෙන්නෙ. ජාලෙ පීරුව පින්තූරයක් හොයාගන්න, ම්හු!

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      / ඔය මන්දාරම් නුවරවල් දෙකක් තියෙනව. ඒක් තමා පදියපැලැල්ලෙන් එහා පිතුරුතලාගල හෙවනෙ තීන එක. අනික තියෙන්නෙ සූරියකන්දෙ. /

      ස්තූතියි ඉන්දික, අනික් මන්දාරම්නුවර ගැන මම අහල තිබුනෙ නෑ...

      / මේ තීන්නෙ අපේ මිත්‍රයො ටිකක් රවිය කියන අර සංගීතවල ස්ටේජ් වගේ මීදුමෙන් වැහිච්චි නුවර එළියෙ මන්දාරම් නුවරට ගිය ගමනක්. මේක දැක්කම බොලාට තේරෙයි රවී සියඹල ගෙන්නලම නැති බව :P /

      ඔන්න කිව්ව..අඩේ ඔය උඹේ යාලුවො එහෙ ගිහිල්ල තියෙන්නෙ හොඳට අව්ව පායපු දවසකනෙ. එහෙම නෙවෙයි වහින්ට වගෙ බීරං කරල මීදුම බාල තියෙන දවසක යන්ට ඕන නියම මන්දාරම් නුවර කියන්නෙ කොයි වගේද කියල බලන්ට...:)

      පින්තූර ටික නම් නියමයි..ලින්ක් එකට ආයෙම ස්තූතියි ඉන්දික...:)

      Delete
    2. සූරියකන්දෙ තියෙන එකට කියන්නෙ හිමිදිරි පෙදෙස නැත්තං සිංහලෙන් Morning Side කියලයි. සූරියකන්ද කඩමුදුන පහුකරල දෙනියාය පාරෙ ටික දුරක් ගිහිල්ල හැරිල යන්න ඕන.

      An endless morning for three days

      Delete
    3. මාර ලස්සන පින්තුර... යන්න හිතෙනවා ඒ පැත්තේ.. හි.. හි..

      Delete
    4. Praසන්ன,

      ස්තූතියි බොහොම...මෝනිං සයිඩ් ගැන මම අහලවත් තිබ්බෙ නෑ...

      Delete
    5. මේ පින්තුර ටික දකිනකම් මම හිතාගෙන හිටියේ මේ මන්දාරම් නුවර කියන්නේ රවී අයියගේ මනෝ ලෝකේ තැනක් කියල නේ.. හෙහ් හෙහ්

      Delete
    6. පැතුම්,

      ඉතිං බලාපං...පඳුරු තලනවය, වටේ යනවය කියල උඹලම තමයි මාව මරාගෙන කන්න හදන්නෙ...දැක්කද පඳුරු තැලිල්ලෙ තියන ප්‍රයෝජන? උඹ මන්දාරම් නුවර කියල එකක් තියනවය කියල දැනගත්තෙත් ඒ හින්ද නෙව...හෙහ්,හෙහ්,

      Delete
    7. මෙන්න ඒ මම කියපු අනෙක් මන්දාරම් නුවර ( ප්‍රසා කිව්ව වගේ මේකට කියන්නෙ මෝනිං සයිඩ් කියල ).

      http://trips.lakdasun.org/relaxed-at-morning-side.htm

      Delete
  16. පහුගිය ටිකේ බ්ලොග් අතෑරලා දාලමයි හිටියේ බං රාජකාරි වැඩ වැඩි කමටයි ඒ මදිවට කුරුණෑගල අපේ ඥාති සහෝදරයෙක් ඇක්සිඩන්ට් එකකින් අකාලේ මියයාමයි වගේ හේතු හන්දා.

    උඹේ බ්ලොග් එක කියවලා අර මගේ හිතේ තිබුන අඳුර අර උඹ කියන මීදුම වගේම කලැලිවෙලා ගියා තාවකාලිකව හෝ.

    ඉස්සෙල්ලම කිව්වොත්, තාත්තට ගෞරව කිරිල්ල ගැන. අපි කලේ වෙනස් ආකාරෙකට. කවදාවත් තාත්තට පේන්න බිව්වේ සිගරට් බිව්වේ නම් නෑ. නමුත් තාත්තගේ කරේ තමයි හිටියේ. ඇත්තටම යාලුවෝ වගේ. මට මතකයි කවුදෝ අමුත්තියක් නෝක්කඩු කියනවා මේ ගෙදර තාත්තට ඔයා කියලනේ කතා කරන්නේ කියලා. ඒක සංකර කමක්ලු. අපි ඇහුවා නැතිනම් කොහොමද කතා කරන්නේ කියලා. මෙන්න දීපු උදාහරණ:

    තාත්තේ ඔයා කෑවද? තාත්තේ තාත්තා කෑවද?
    තාත්තේ මම ඔයාගේ ඔඩොක්කුවේ ඉඳගන්නද? (තාත්තේ මම තාත්තගේ ඔඩොක්කුවේ ඉඳ ගන්නද?)

    ඔන්න ඔය වගේ. ඒක අහගෙන ඉඳලා තාත්තත් විශ්මය පළකලා.

    නමුත් ඔයා කිව්වට අපි තාත්තට හරිම ආදරෙයි. තාත්තත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඇත්ත බං...අමතන විදිහෙන් වත් හැසිරෙන විදිහෙන්වත් කාටහරි තියෙන ගෞරවය මනින්ට අමාරුයි මම හිතන්නෙ. මෙතන මම ජෙනරලයිසේෂන් එකක් එහෙම කරනව නෙවෙයි මොකද මේ කතාව හැම තැනටම අදාල වෙන්නෙ නෑ. නමුත් මේ උඹ තාත්තා ගැන කියන කතාවට ඒක අදාලයි.

      අපෙ උන්දැත් එයාගෙ අම්මට කතාකලේ ඔයා කියල. මාත් එක්ක අම්ම ගැන කියනකොට කිව්වෙ එයා කියල. " එයාට හොඳ නෑ එච්චර මේ දවස්වල " අන්න ඒ වගෙ. අපෙ එහෙම භාවිතයක් නැති නිසා මට මුලින් මුලින් ඕක මහ අමුතුයි....හෙහ්,හෙහ්,

      Delete
    2. අම්මේ ඔව්...
      ඔය 'ඔයා' කියන වචනෙට සමහර උදවියට පරලවෙනවා නේ හෙන්රියෝ.... ඒ වෙනුවට 'ඔහේ' කියන්න ඕනේ... චෙක්... මම ආසම නැති වචනයක් ඕක..!

      Delete
    3. මට තාම මතකයි ඉස් ඉස්සරවෙලා මාතර ගිය වෙලාවක අම්මලා දුවලා එක එක්කෙනාට "ඔහේ" කියලා කථාකරනවා...මට හිතුනේ තමුසේ කියනවා වගේ හැඟීමක්...ටිකක් කල් ගියා සීසන් වෙන්න...

      Delete
    4. ඇත්තටම මටත් දැනෙන්නේ 'තමුසේ' කියනවා වගේ ටොන් එකක්නේ... හි.. හි...

      Delete
    5. Chef & Upeksha,

      / මට තාම මතකයි ඉස් ඉස්සරවෙලා මාතර ගිය වෙලාවක අම්මලා දුවලා එක එක්කෙනාට "ඔහේ" කියලා කථාකරනවා...මට හිතුනේ තමුසේ කියනවා වගේ හැඟීමක්...ටිකක් කල් ගියා සීසන් වෙන්න…/

      / ඇත්තටම මටත් දැනෙන්නේ 'තමුසේ' කියනවා වගේ ටොන් එකක්නේ... හි.. හි… /

      ඔය දෙන්න කියපුවයෙ ඇත්තකුත් තියනව මම හිතන්නෙ. දැං අපෙ උන්දලගෙ අක්කල එහෙම ( උන්දත් ඇතුලුව ) තමන්ගෙ මනුස්පයට ඔහේ කියල කතාකරන්නෙ තමුසෙ කියල කියන්ට බැරිකමට.

      " ඔහෙට කොච්චර කිව්වත් වැඩක් ඇත කන්ට බොන්ට ඕන තමන්ට පුලුවන් ගානට "... හෙහ්,හෙහ්,

      Delete
  17. මීදුමේ කතාව කියවලා මැරෙන්න හිනා! බුදු අම්මේ වටේ යනව කියල මෙහෙමත් කරනවද? දැං මේ කතා වල අග මුල මතක නැති වෙලා අපි ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. බළල්ස්,

      / බුදු අම්මේ වටේ යනව කියල මෙහෙමත් කරනවද?  /

      පොඩි කාලෙ වටේට ඉඳගෙන සෙල්ලමක් කලා මතකද?

      පොඩි කාලෙ වටේට ඉඳගෙන සෙල්ලමක් කලා මතකද?

      කොප්පර කොප්පර පිපිඤ්ඤා,
      පස්ස බැලුව දෙසඤ්ඤා,
      උම්මා දේවිගෙ කොට්ටේ කොයි?
      ගල උඩ තිබිලා වේයෝ කෑවා,

      එඩ්වඩ් ගොයිය සිංදුවකුත් කියල තියනව ඔය ක්‍රීඩාව ගැන.

      Delete
  18. අද පොඩි මෙන්ඩාට නස්රැදින් කථාව කියලා දෙනවා.
    මිදුමේ කතාව එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. සංජීව මල්ලි,

      අපි කරන ඕනම දේක ප්‍රතිඵලයක් නැත්නම් මොකටද මේ කෙහෙල්මලට මේ හැටි වද වෙන්නෙ? තමංගෙ වැඩක් බලාගෙන හිටියම අහවරයිනෙ කියල හිතෙන එක වලක්වන්ට බෑ. එහෙම එකේ උඹ කියපු " අද පොඩි මෙන්ඩාට නස්රැදින් කථාව කියලා දෙනවා. " කතාව ඇහුවම මගෙ හිත පුදුම විදිහට සතුටෙං පිරිල ඉතිරිල ගියා බං..

      දරුවො කියන්නෙ අපේ ජීවිතය. අපේ අනාගතය..අපේ අපේක්ෂාවන්...ඉතිං එහෙම එකේ උඹ උඹේ පොඩි එකාට මම කියපු කතාවක් ( කතාව මගේ නෙවෙයි.ඒක වෙනම කේස් එකක් ) කියල දෙනව කිව්වම මගෙ හිතට ආපු සන්තෝසෙ දන්නෙ මම විතරයි මලේ...කිව්වට විස්වාස කරපං...

      Thanks dear….. for making my day!!!

      Delete
  19. ඈ බොලේ, දූ දරුවෝ එකේ කුසුමලතාට (සුනේත්‍රා) ට හිටියේ නංගිලා දෙන්නයි. එක්කෙනෙක් සුධර්මා (වීනා) අනෙකා නන්දනී (චාන්දනී). රත්නා ලාලනී ඕකේ හිටියා කියලා මතක් වෙන්නෙම නෑ නේ. මම මුලින්ම බලපු ටෙලියද මන්දා මේක. මට මේකේ සමහර දෙබස් හිටන් තාම මතකයි.

    නන්දනී : "පවුලේ බාලයා මම. මම කොල්ලෙක් උනානම් ගේ අයිති වෙන්නෙ මට. මම කෙල්ලෙක් වෙච්ච නිසා ගේ තුන් දෙනාටම බෙදුනා. මේක හරිම අසාධාරණයි නේ"
    හබී (ජයලත් මනෝරත්න) : "දැන් ඉතින් ඕකට ගිරිය පුප්පගෙන කෑ ගැහුවා කියලා ඔයා පිරිමියෙක් වෙන්නෙ නෑනෙ නන්දනී"

    එක පාරක් ඔය ඩයස් තැඹිලි ගෙඩියක බාගයක් හිස් කරලා ඉතුරු බාගෙට අරක්කු පුරවලා බීලත් අහු උනා මතකයි.

    අර මී දුමේ අම්මට වැඳපු කතාවනම් මල් හතයි ඈ.

    තාමත් අසෝකා කොස් කපන එක පුදුම වෙන්න දෙයක්යැයි අර විමලේ තාම වාන් පතුල් දෙකත් අතේ අරගෙන බලාගෙන ඉන්න එකේ ඕක මොකද්ද?.

    ReplyDelete
    Replies
    1. සයුරීස්,

      යර්ස්, ඔබ හරි. මට පොඩ්ඩක් කොන්ෆියුසියස් උනානෙ. රත්නා ලාලනියි සම්පත් තෙන්නකෝනුයි හිටියෙ යශෝරාවයෙද කොහෙද නේද? ඒත් නෙවෙයිද?.....හෙහ්,හෙහ්, කොහොම හරි අපේ සිත්තමී නඟා මට මේල් එකක් එව්ව මෙහෙම . කමෙන්ට් එකක් පස්සෙ දාන්නම්ය කියල.

      / දූ දරුවෝ එකේ සුනේත්‍රගෙ නංගිලට හිටියෙ මට මතක විදිහට වීණා ජයකොඩි ( නිල් අලස් එයාගෙ හස්බන්ඩ් ) සහ චාන්දනී සෙනෙවිරත්න ( ජයලත් මනෝරත්න හස්බන්ඩ් ). මට මතකයි චාන්දනී හැමදාම හදන්නෙ ඉඳිආප්ප. එයාගෙ මහත්තය දවසක් කියනව " හැමදාම ඉඳිආප්ප කාල අපේ ඇඟවලුත් දැන් වැල් වැල් වගේ වෙලා " කියල. ආය තව ඩයස් මහත්තයගෙ ගෝලයෙකුත් හිටියනෙ එහෙ.ඒ ගොල්ල බීල සිංදුවක් කියනව. රෝසා පොල්ල ගෙනෙං බල්ල මරන්ඩ. ඒ කාලෙ අම්මලට හොරෙන් මාත් ඕක කියනව./

      මගේ පිලිතුර මෙහෙමයි.....

      / අඩේ ඔව්නෙ බොලේ...නංගිට ඉන්නෙ විණා තමයි. එයාලගෙ පුතා තමයි උදේනි අල්විස් නේද?....සුදු සීයගෙ ( හෙන් රි ජයසේන ) ඕල්ඩ් ෆ්ලේම් එක මතකද? චිත්‍රා  වරකාගොඩ..කවුද එයාගෙ දුවට ඉන්නෙ? උදේනි අල්විස් ඒ කෙල්ලට ලයින් එකක් දානව මතකද?...මට ඒ චරිතවල නම් මතක නෑ. නිල්මිණි තෙන්නකෝන් සුනේත්‍රගෙ දුව..../

      Delete
    2. අඩේ, මගෙ කමෙන්ට් එක අයියම දාලා, ඒක හොඳයි. :) මේ අද හදිසියෙ ගොඩ වුනේ නැත්තං කොහොමත් මට ඒක දාන්න වෙන්නෙත් නෑ අප්පා. සිත්තමී වෙරි බිසී මේ දවස් වල. අයියා ඒ කියලා එවපු ටිකට මං උත්තරයක් දුන්නෙත් නෑනේ එදා. චිත්‍රා වරකාගොඩ හිටියා මතකයි, සුදු සීයාගෙයි එයාගෙයි සම්බන්දෙ මට මතක තිබ්බෙ නෑ, ඒ දෙන්නා එකට කතා කරන බව මතක තිබ්බට. චිත්‍රාගෙ දුවට හිටියෙ යශෝධා විමලධර්ම නේද? ඒ නාට්ටියෙ විජේරත්න වරකාගොඩත් හිටියනේ. පොඩි මෑන් කියලා පොඩි කොළු පැංචෙකුත් හිටියා. දූ දරුවෝ බලන කාලේ අපි කොච්චර පොඩිද. ඒත් ඒවා මතක හිටලා තියෙන හැටි හරි පුදුමයි.

      රත්නා ලාලනී හිටියා යශෝරාවයේ - රංජනී. ඒත් ඒකෙදි එයා යාළු වුනේ දෙමළ කෙනෙක් එක්කනේ, සම්පත් තෙන්නකෝන් හිටියෙ නෑ.

      Delete
    3. යශෝ රාවයේ දෙමල නළුවා - නඩරාජා ශිවම් නේද? අර මුලින් ආපු ටෙලියක රබර් වත්තේ මහත්තයාට හිටියා.

      Delete
    4. දු දරුවෝ කියන්නේ ඒ දවස්වල මෙගා! මොකද අවුරුද්දක් විතර ඇද්දනේ, ඒත් එපා වුනේ නෑ.

      මං කැමතිම ඩයස් මහත්තයා ගේ කෑල්ල මේකයි.

      නන්දනීව බඳින කාලේ ක්ලාක් කෙනෙක් වුණු පුන්සිරි පස්සේ පරිපාන සේවා විභාගේ පාස් වෙනවා (පස්සේ උප දිසාපති කෙනෙක් වෙනවා). ඒ ආරංචිය කුසුමලතා ඩයස්ට කියනවා මෙන්න මේ වගේ:

      "ඔහේ මේ කාර් එකේ ඩිකිය අස්සේ රිංගාගෙන ඉන්නවා, අන්න පුන්සිරි මොකක්ද ලොකු විභාගයක් පාස් වෙලාලු."

      ඩයස් ගේ උත්තරේ:

      "මොනවා, මේ හාදයා තාමත් ඉස්කෝලේ යනවද?"

      Delete
    5. කකා,

      ඇත්ත..දූ දරුවෝ කිසි දවසක එපා උනේ නෑ තමයි...:)

      Delete
  20. මේ.. අද මම උදේ බස් එකේ එනකොට නේ මෙහෙම හිතුනේ

    රවීගේ ගුණ ගායනාව සහ අම්මලාගේ කුලගෝත්‍ර හෙවිල්ල...
    මෙච්චර කට්ටිය ඉඳිද්දී රවියට ඒ කෙල්ලට කොස් කපන්න 'තනියෙන්' යන්න කියල සෙට් කිරිල්ල

    මේ නම් පුතෝ.... ගොනා හැරෙන්නේ පොල් පැලේට නොවැ !!

    ReplyDelete
    Replies
    1. උපේක්සා,

      හෙහ්,හෙහ්..ඇති යන්තං අදවත් උඹට එහෙම කල්පනා උනා....:)

      ආ...ඒක නෙවෙයි...උඹ බස් එකේ එද්දිත් මේ බහුරූ කෝලං ගැනද කල්පනා කරන්නෙ..ඈ බොල? එහෙම නෙවෙයි බං..නිතර දෙවේලෙ ඇහැ කරකෝල බලහං උඹේ ඉරනංකාර අවාසනාවන්තය ඉන්ට පුලුවන් අත ලඟම. උඹ මේ විකාර හිත හිත ගිහිල්ල උන්දැ මිස් උනොත් කාට කියන්ටද? නැද්ද හොඳයි මම අහන්නෙ...

      Be always on the look out..keep your eyes peeled. You never know when you are going to meet your soulmate. He may be in front of you. May be behind you ..or else under your seat..so be alert always. Opportunity knocks only once….:) :)

      Delete
    2. // Opportunity knocks only once….://

      But, take precautions not to get knocked up, right? :-))

      Delete
    3. රවියෝ:

      ඇයි දන්නේ නැද්ද මම බස් එකේ එද්දී තමයි ඔව්ව වැඩිපුර හිතන්නේ. නැත්තම් මේ බස් කාරයෝ කරන එව්වට ඇඟේ මාළු ගඟේ නටනවානේ අප්පා. හා.. හා.. හරි හරි මිට පස්සේ බස් එකේ වාඩිඋන වෙලාවේ ඉඳන්, සීට් එක යට එහෙම නිතර නිතර බලන්නම්කෝ ඈ... මතකද එහෙම මට මිස් උන මගේ පරණ ක්‍රෂ් එක ගැන? හි.. හි..

      #Pra Jay:
      Truly it is!!! :D

      Delete
  21. සිනා සිනා :D
    ලව් කතාවක් පටන් ගන්න හදන කොටම කෑවනෙ වැඩේ. ඊ ගාව කොටසෙදි වත් කොස් කපමු, අනෙක් එව්ව පස්සට දාල.. :)

    ReplyDelete
    Replies
    1. චන්දන,

      හරි,හරි මල්ලි..එහෙම කරමු..එහෙම කරමු...හෙහ්,හෙහ්,

      Delete
  22. මෙන්න මේ වගේ කතා කියවද්දී අර ප්‍රේසර් පෙත්ත බොන්න ඕනි නෑ බං . මාර කූල් ඇන්ඩ් රිලැක්ස් . ඒක නෙවෙයි රවියෝ ඔය 'විමලේගේ වාන් පතුල්' කියන ටොපික් කෑල්ල ඇති වෙලා බං . ඕක වෙනස් කරේ නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්ට වෙනවා

    ReplyDelete
    Replies
    1. තිලක,

      වාං පතුල් ටොපික් එක ඇතිවෙලාය?

      හරි හරි එහෙනං වාං පතුල් කතාව කියලම සීරීස් එක ඉවර කරල දාමු...නෝ පොබ්බොම්..නෝ පොබ්බොම්...

      Delete
  23. නස්රුදීන් සහ නවයුගය.
    මගේත් සුන්දරම මතකයක්. ඇත්තටම මේ ඊයේත් පොඩි පහේ කතාවක් කරන වෙලේ මං මතක් කළා මේ ගැන. ඔය කතන්දර පරිවර්තනය කළේ පර්සි ජයමාන්න.

    ඒ එක්කම මතකද නවයුගයේ ගිය - ලැනරෝල් ලියූ හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් කියන කොළම?

    අපිව කතන්දරකාරයින් කළේ ඒ වගේ කතන්දර නේද?

    ReplyDelete
    Replies
    1. කකා. ඔය හපන්කම් මෝඩකම් පුරසාරම් ලිව්වේ පාඨකයෝ නේද? හරියට හොල්මන් කතා, ඉස්කෝලෙ කාලෙ කතා වගේ?

      Delete
    2. ලැනරෝල් ලියූ තීරු ලිපි එකතුව පසුව පොතක් ලෙස මුද්‍රණය වී ඇත.
      http://ariyadasabookshop.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/h/a/hapankam_modakam_purasaram.jpg

      Delete
    3. හෙන්රි කියන්නේ අමිත අබේසේකර පසු කලෙක සැකසූ (The Island / දිවයින) කොලම විය යුතුයි.

      Delete
    4. කතන්දර,

      අමිත අබේසේකරගෙ දිනපතා අයිලන්ඩ් පත්තරේ පලවුනු '' This is my island '' සහ ඉරිදා අයිලන්ඩ් එකේ පලවූ '' My island on sunday '' තීරු ලිපි දෙක මම බොහොම ආසාවෙන් කියෙව්ව ඒ දවස්වල. උපාලි පටන්ගත්තු අයිලන්ඩ් පත්තරේ බොහොම ඉක්මනට ජනප්‍රිය වෙන්ට එක හේතුවක් මම හිතන්නෙ අමිතගෙ තීරු ලිපිය.

      ඒ එක්කම මතකද ඉරිදා අයිලන්ඩ් එකේ මැද පිටුවෙ ගියා '' A'pura diaries '' කියල දේශපාලන ප්‍රහසන තීරු ලිපියක්. ඒකෙ රචකය හැටියට නම දාල තිබ්බෙ '' U no hoo '' කියලයි.

      ඒ තීරු ලිපිය ලියවෙන්නෙ උපාලි විජේවර්ධනගෙ අයිඩියාස් අනුව කියල ඒ කාලෙ රාවයකුත් තිබ්බ.

      සන්ඩේ අයිලන්ඩ් එකේ කොටස් වශයෙන් පලවුනා " Neville Shute" ගෙ " A town like alice" කතාව. ඕස්ට්‍රේලියාවෙ ඇලිස් ස්ප්‍රිංග්ස් නගරය ආසන්නයෙ ගොවිපොලක් ගැන ලියවුනු දෙවන ලෝක යුද්ධය සහ ඒ ආසන්න වකවානුවෙ කතාවක්. මම බොහොම ආසාවෙන් කියෙව්ව ඒකත්.ඇලිස් ස්ප්‍රිංග්ස් නගරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ හරි මැද කියලත් කියනව.

      Delete
  24. මේකටයි ඩුඩ් ගේ රහස් පරීක්ෂක බිරිඳගේ කතාවටයි කොමෙන්ටුවක් දාන්න කියල මම එක දොළොස් පාරකට වැඩිය පේජ් දෙක ලෝඩ් කරන්න ඇති, හැම වෙලාවෙම බැරි උනා නෙ.
    මන්දාරම් නුවර ඉන්න මිනිස්සු ගණන, තියන ගෙවල් ගණන එහෙම කව්රුවත් දන්නෙ නැහැ කියල මීට කලින් මන්දාරම් නුවර ගැන ලියවුනු බ්ලොග් එකක දැක්ක. ඔබතුමාගෙමද මන්ද ඒ බ්ලොග් පොස්ට් එකත්..
    දූ දරුවෝ විකාශය උනේ අපි හිච්චි එවුන් කාලෙ. නම මතක තිබුනට දෙබස් මතක නැහැ.
    මර්ඩර් හවුස් සීරිස් එකත් එහෙනම් පටන් ගනිමුකෝ.. අපි ආසාවෙන් ඉන්නවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      / මන්දාරම් නුවර ඉන්න මිනිස්සු ගණන, තියන ගෙවල් ගණන එහෙම කව්රුවත් දන්නෙ නැහැ කියල මීට කලින් මන්දාරම් නුවර ගැන ලියවුනු බ්ලොග් එකක දැක්ක. ඔබතුමාගෙමද මන්ද ඒ බ්ලොග් පොස්ට් එකත්../

      ආයෙත් අහල..වෙන කවුද ඉතිං ඔය වගෙ නුහුගුණ කතාවක් කියන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  25. මේ රවීයියා අහලා තියෙනවයි "මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැසි වැටෙන වෙලේ"කියන සිංදුව.
    මන්දාරම් නුවරට වහින වෙලවක ලියවෙච්චි එකක් වෙන්න ඇති නේද ඕක.

    යකෝ මුන් එකෙක් මැරෙනකම් බලාගෙන ඉඳල තියෙන හැටියක්.Murder House එකකට ගියා කිතුල්ගල.කට්ටිය බිබී සිංදු කියකියා ගිහිල්ලා මිනිත්තු පහක් වගේ මරණ ගෙදර කට්ටිය එක්ක දුක බෙදා ගෙන ගඟට ගිහින් ආයෙමත් බිලා නලා මරණ ගෙදරින් බතුත් කලා.වත්තේ තිබ්බ රබුටන් ගහත් සුද්ද කරලා ආවේ එනකොට.:D
    අපිත් එක පාරක් ඔය වගේ ආතල්

    ReplyDelete
    Replies
    1. Manoj,

      / කට්ටිය බිබී සිංදු කියකියා ගිහිල්ලා මිනිත්තු පහක් වගේ මරණ ගෙදර කට්ටිය එක්ක දුක බෙදා ගෙන ගඟට ගිහින් ආයෙමත් බිලා නලා මරණ ගෙදරින් බතුත් කලා.වත්තේ තිබ්බ රබුටන් ගහත් සුද්ද කරලා ආවේ එනකොට.:D /

      ආය මොනවද නැද්ද?....හෙහ්,හෙහ්,…... මිනිය යට එක පාරක් අපෙ එවුං කට්ටියක් බූරුවා ගැහුව. ඒකටනං පොඩි කේස් එකක් ගියා...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි