කවිකාරියකගේ ප්‍රේමය…..1
විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල..
" අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා.
" නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත.
" හරි එහෙනං අවුලක් නෑ.....රයිට් එහෙනං ලියන්ට පටංගමු බලන්ට "
" අන්න යකෝ බෝතලේ ඉවර වෙන්ටත් ඇවිල්ල...මට කවි ගැට ගහන එක බාරදීල මට පේන්නෙ අරුං එලවේසමේ ගසල අරිනව වගේ....මලේ දාපං බලන්ට කට කපල එකක් වීදුරුවට..සෝඩත් දාපං ටික වෙන්ට...හරි..ගනිං පපඩමකුත් ඔය එක්කම.."
රායිට් ඒ පාරනං ඔන්න එනව කංදෙක එහෙම රත් වීගෙන...දැං ලියන්ට බැරිය බොල ලෝ වැඩ සඟරාවක් උනත්...හෙහ්, හෙහ්..
" හරි මොකක්ද දැං උඹේ ඔය ටීචර්ගෙ නම? …."
" සුජා……." විජිතය අහක බලාගෙන හෙමිහිට කිව්ව.....ඒක කියනකොටත් බලාපල්ලකො මුගෙ මූණ එළිය වැටෙන හැටි…
ඔය හැඟීම අවුරුදු කීපෙකට ඉස්සර පපුව පිරෙන්ට අත්විඳපු හැටි මට එක පාරටම හිතට ආව.ඒ එක්කම කන් දෙක රත් වෙච්ච තරමටත් වැඩිය ඉක්මනට පපුව හීතල වෙන්ට පටන් ගත්ත.
නම් දෙකත් එක වාගෙමයි..සුබා..සුජා..ඒකත් හරියට මටම ඔච්චමට සිද්ද වෙච්චි දෙයක් වගෙ.සුබාට තමයි මම ඉස්සෙල්ලම කවි ලිව්වෙ....ඊට පස්සෙං පහු මම කවි ලියන එක අතෑරල දාලම හිටිය සෑහෙන කාලයක්...දැං ඔන්න ආයෙමත්....හිත බර උනාට මගෙ ඇහැට කඳුලක් ආවෙ නම් නෑ.ඇහැට කඳුලු එන එක නැවතිල දැන් සෑහෙන කාලයක් වෙනව.හැම දේකටම වගෙ කඳුලටත් තියෙනව සීමාවක්. ඒ සීමාව අද්දරටම ඇවිල්ල මම නැවතුන. ආපහු හැරිල යන්ට තරම් හිත හදාගන්ට බැරිඋනා තවම. ඒත් මම නැවතිලා ඉන්නව. ඒ ඇති හොඳටම.
" අයියෙ මොකෝ... වැඩියි වගෙද? "
විජිතය මගෙ උරෙස්සෙං අල්ලල හෙල්ලුව.
" නෑ මල්ලි මුකුත් නෑ "
" නෑ මල්ලි මුකුත් නෑ "
මම ඇස් දෙක පියාගෙන ඔලුව දෙතුන් පාරක් හොල්ලල පියවි ලෝකෙට ආව.
හිත කීරි ගැහෙන දුක සංතාපය අමතක වෙල යන්ටත් එක්ක මේ බාරගත්තු වැඩේ කරමුකො.... මම එහෙම මටම කියාගත්ත.
" රයිට් ලියමුකො එහෙනං පිළිතුරු කවියක්.... "
" හරි, දැං බලාපං මේ දැරිවි කියන්නෙ එයයිගෙ ජීවිතේ මහ පාලුවෙංය තනිකමෙංය ගත කලේ...ඒත් උඹෝව හම්බ උනාම ඒ තනිකම පාලුව නැතුව ගියාය ..අන්න එහෙම නෙව..එතකොට මලේ පිළිතුරු කවිය ලියන්ට ඕන ඔයයිගෙ තනිකම පාලුව මකන්ට මම එක පයිං ලෑස්ති පිටය ඉන්නෙ...ඔබ වෙනුවෙං ඔබෙ සැනසීම වෙනුවෙං මයෙ ජීවිතේ උනත් පරිත්තියාග කරන්ට මම ලෑස්තිය අරකද මේකද ඔන්න ඔය වගෙ ආතල් කෑලි තමයි ලියන්ට ඕන.... හිමගිර මට වැලි අහුරකි..මහ සමුදුර දිය දෝතකි....කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනහේ නම්..ආන්න තේරුණාද? "
" අම්මට උඩු ආතල් සිංදුව..ඒයි වීරෙ..කියපං කියපං ඒක...." විජේ නටාගෙනම ආව අපි ළඟට…
" හරි මල්ලි ඉඳහං ඔහොම...මම කිව්ව ටික ගැන හිතාපං ගැඹුරට ..මම අර සිංදුව කියල එනකල්..."
" ඒයි ඕකට හරියන්නෙ ඔරු නැටුම තමයි..ඉඳහං මම මේ සෝට් බෑය ගලෝල සරමක් දාගෙන එනකල්..." විජේ ගෙට දිව්ව.
ඕකා ඔරු නැටුම නොහොත් බෝට්ටු ඩාන්ස් එකට එක්ස්පර්ට්...බලන්ටම වටිනව උගෙ ඒ නැටුම.ඕකගෙ ඔය නැටුම බලන්ටම සමහරවෙලාවට අහල පහල කෑම්ප් වලිං කට්ටිය එනව කට කපල ජීප් පුරවල.
සිංදුව අහවර වෙලා වීදුරුවකුත් පුරවගෙන මම ආපහු ඇවිල්ල විජිතය ගාව ඉඳගත්ත.
" හරි..කෝ ගනිං මලේ ඔය හාප්සීට්ටෙක මෙහාට…"
" මොකෝ බොල ඇස් දෙකත් ජිල් බෝල වගෙ කොරගෙන?...උඹ මොහොකටවත් බය උනාය?.."
" නෑ අයියෙ මම මේ අයියා කියාපු දේවල් ගැන කල්පනා කලේ……."
" හරි අපි ලියමු මෙහෙම.." මම පෑන අතට ගත්ත..
" මම ඔබ වෙනුවෙන් ..ඔබේ පාළුව තනිකම නැතිකිරීම වෙනුවෙන් මගේ ජීවිතය වුව පුද කිරීමට සූදානම්ය, මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්තනයද එයමය...අරකද මේකද ඔන්න ඔය වගෙ පැණි බේරෙන වචන ටිකක් දාල ලියමු හොඳද? එතකොට තමයි ඔය කෙල්ලොංගෙ මයිල් කෙලිං වෙන්නෙ...රස නහර පිනා යන්නෙ...ලැන්ගර්හැන් දීපිකා සලිත වෙන්නෙ...යාකෘතික ප්‍රතීහාර ශිරාව එකනින්නාද වෙන්නෙ...තේරුණාය බොට?.... "
උගුරටම එකක් දාගෙන එහෙම මම විජිතයගෙ මූණ බැලුව.
අහවල් තේරිල්ලක්ද? ඌ මගෙ මූණ දිහාවෙ බලා හිටියෙ කෑලි තුනේ බැස්ටියෙ එළිය පොල්ලට ඇහැදීගෙන ඉන්න මීමිනි නාම්බෙක් ගානට.
" ආ, එව්ව අතෑරල දාමු..රයිට් මෙහෙමයි කවියෙ මුල් පද දෙක...හරි? "
නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක,
මහරු මා හද සඟවලා,
" ලස්සනයි අයියෙ...." විජිතයට හිනාවකුත් ගියා...
" අඩේ...කඳුලක කිව්වම හරි නෑ නෑ වගේ නැද්ද?...මේකා ඒ කෙල්ල පස්සෙ අඬ අඬ යනව වගෙ සීන් එකක් තමයි මට නං තේරෙන්නෙ..."

ඒ අපෙ විමලය...මට ඇහැක් ගැහුව ඌ විජිතයට නොපෙනෙන්ට.
විජිතය ආයෙම මගෙ මූණ දිහාවෙ බැලුව…" එහෙමත් තේරුමක් තියෙයිද අයියෙ එතන?..."
" මේ විමලෙ ...උඹ ඇවිල්ල ලියාපං එහෙනං කවිය…" මම නැඟිට්ට පුටුවෙං…
" අනේ අයියෙ ….මේ තරහ ගන්ට එපා..ඉඳගන්ටකො ඔහොම..හරි, හරි ඊළඟට?..." විජිතය මගෙ අතකිං අල්ල ගත්ත.
" මෙතන මේ කඳුල කිව්වම බාං අඬනව කියන තේරුම විතරක්ම නෙවෙයි...ආදරය වගෙ ඉතාම හැඟීම්බර සිතුවිල්ලකදි කඳුලු කියන වචනෙ ඒ එක්කම යන එකක්. උඹට තේරුණාද? අනික ඔය කඳුලු වගෙ වචන වලට වනිතා පක්සය බොහොම කැමතියි…"
" ඊලඟට මෙහෙමයි …"
සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි,
තමරු පොකුරක පිණි සලා,
" ඒයි.... ඒක වැරදියි..ඒක වැරදියි..." ජයේ කෑගැහුව කොහෙද ඉඳල.
" මොකක්ද වැරදි? " මම මම ඇහුව ඌ දිහාවෙ රවාගෙන.
" බමරු පොකුරක් කියන්ට බෑ බං...බමරු එක්කො රෑනක්..නැත්තං රංචුවක්...ඒ වගෙ මිසක බමරු පොකුරක් කියල නම් මම අහල නෑ මෙච්චර කාලෙකට…"
" රයිට්.. මගෙ පිළිතුර කරුණු තුනකින් සමන්විතයි. එක. උඹ අහල නැති එව්ව තව අනන්ත මේ ලෝකෙ තියෙන්න පුළුවන්...ඒ නිසා බං උඹ අහල නෑ කියන කාරණාව වලංගු තර්කයක් නෙවෙයි. දෙක ඇවිල්ල බමරු පොකුරක් කියල මෙතෙක් කාලෙකට යෙදුනෙ නෑම කියමු.ඉතිං මොකද?අද ඉඳල අපි යොදමු ඒ වචනෙ...ඒක ඇවිල්ල කවියෙකුට තියෙන වරප්‍රසාදයක්...A Poet's Privilege ඊළඟට අංක තුන.... මම මෙතන යෙදුවෙ බමරු පොකුරක් කියල නම් නෙවෙයි...තමරු පොකුරක් කියලයි .."
" ඈ තමරු??........ තමරු කියන්නෙ මොකද්ද බං? " ඒ විජේ……
" තමරු කියන්නෙ නෙලුං වලට..දැනගං අදවත් දන්නෙ නැත්තං…"
" ඉතිං යකෝ තමරු කියන්නෙ නෙළුං වලටනං කෙලිම්ම නෙළුං කියල ලියාපංකො ආය මොන මඟුලටද ඒක අස්සෙ මේ කෙහෙල්මල් තමරුවක් ගහන්නෙ...."
ඕන්න විජයගෙ අදහස් ප්‍රකාශනය....ඉතිං කාටද මෙව්ව කියන්නෙ?....මට නේද? යස්ස සේනාදිපතිය ඉස්මුදුනට ආරූඩ උනේ නැද්ද? බාගෙට හිස් වෙල තිබ්බ වීදුරුවත් අතට අරගෙන මම දඩස් ගාල නැඟිට්ට පාරට ඉඳං උන්නු පුටුව පෙරලුනෙ නැත්තෙ අනූනමයයි තුංකාලකුත් නූල් හතරෙං.
" අම්මප????....ඒ පාර උඹල ඔක්කොම කවි කාරයො උනාද? හරි එහෙනං බොලා එකතුවෙලා ලියාපල්ල කවි..මම මොකටද? යකෝ..මේක අර මැරෙන්ඩ ඔන්න මෙන්න හිටපු මුදලාලිට වෙච්චි එකේ අනික් එක නෙව මට සිද්ද උනේ...."
හරි මේ කතාවෙදි පඳුරු තැලිල්ලට මගෙ ඒ හැටි මනාපයක් නැතිඋනත් ඒ මුදලාලිගෙ කතාව විතරක් කියල ඉන්නං ..
මුදලාලි ඇවිල්ල ගමේම සල්ලි කාරය..පොල් වතු, කුඹුරු වතුපිටි, හාල් මෝල්...සිල්ලර කඩ..ගමේ තියන තරමක් මිනිහගෙ තමයි.
ඔන්න මිනිහ මරණාසන්න උනයි කියමුකො...අන්තිම මොහොතෙ කතා කලා හාමිනේට....
" හාමිනේ මගෙ හුස්ම ටික දැං කොයි වෙලාවෙද කියල නෑ. මගෙ දේපල දරුවො අතරෙ බෙදන්ට ඕනය කියල මට කල්පනා උනා. මම මලාම දෙණියෙ හත් පෑල ලොකු පුතාට දෙන්ට...."

" ලොක්කට ඒක හරියන්නෙ නෑ...කුඹුරු හරියන්නෙ දෙවෙනියට ...හත් පෑල එයාට දෙමු.."
" හා...කමක් නෑ..එහෙනං මේ ගේයි වත්තයි ලොක්කට…"
" ලොක්කට ගේ කෑල්ලක් තියනවනෙ...මේක දෙමු මද්දුමීට...ඒකි අසරණී…"
" හරි, හරි...හන්දියෙ හාල්මෝල එහෙමනං දෙන්න පොඩි පුතාට…"
" ආපෝ පොඩි පුතා සෙල්ලක්කාරය..ඒක හොඳ හිච්චි දුවට...ඒකි ඒක කරගෙන යයි යසට...."
ඔන්න ඒ පාරනං මුදලාලිට උන්න මලා පේන්නෙ නැතුව ගියා..
" බොල ගෑණියේ...දැං මෙතන මැරෙන්නෙ තෝද මමද?..." මුදලාලි මාරාවේසෙං කෑගැහුව...
ඒ ඉතාම ක්ෂුද්‍ර ගොමු මැඩීමේ ක්‍රියාවලියෙන් අනතුරුව යලිදු ප්‍රධාන කථා පුවතට පිවිසෙමු.
" අම්මප????....ඒ පාර උඹල ඔක්කොම කවි කාරයො උනාද? හරි එහෙනං බොලා එකතුවෙලා ලියාපල්ල කවි..මම මොකටද? යකෝ..මේක අර මැරෙන්ඩ ඔන්න මෙන්න හිටපු මුදලාලිට වෙච්චි එකේ අනික් එක නෙව මට සිද්ද උනේ...."
ඔන්න ඒ පාර නං කට්ටිය ටිකක් හෙල්ලිල ගියා මයෙ කෑගැහිල්ලට. මොකද කවි ලිවිල්ල මම ප්‍රතික්ෂේප කලොත් මේ පටංගත්තු කාව්‍ය මුද්‍රික පාන අන්තර් හුවමාරු මහා ව්‍යාපෘතිය එහෙම්මම ඇණ හිටිනව. ලත් තැනම ලොප් වෙනවයි කියල අර කියන්නෙ. අන්න එහෙම වෙනව.
" යකෝ...ඔච්චර මල පනින්ඩ දෙයක් අපි කිව්වය?..උඹටත් අර හොම්බ ළඟිං මී මැස්ස යන්ට බෑ නෙව..හරි, හරි ..උඹට ඕන විදිහට කවි ලියහං...අපි නෙවෙයි මින් මනත කිසිදෙයක් කියන්නෙ...."
විජේ..විමලෙ කට්ටියම ඒ පාර සමාදානෙට ටෝක් එක....මමත් ඔය පොඩි සද්දයක් දැම්මෙ එහෙම නොකර බෑ අපේ එවුං එක්කලා. කියන කියන එකට ඔලුව නැමුවොත් එවුං එන්නෙ ගෝණි නැතුව කරේ යන්ට..ගෝණි නැතුව...ගෝණි නැතුව
ඔය ඔකේෂනලි පොඩි සත්තමක් දාන තියරි එක මම අද දක්වාම පාවිච්චි කරනව. අපෙ උන්දැටත් ඔය ඉඳ හිටල බොරුවට ගෝරනාඩුවක් කාරිය දාල බලනව. බොහෝවිට වෙන්නෙ ඉතිං එවුන්දැ එව්ව අලුක්කාල් මංචාඩි හුළහකට ගණං ගන්නෙ නැති එක තමයි...මක්ක කොරන්නද? එව්වයෙ හැටි එහෙම තමයි...
මාත් ඉතිං පොඩ්ඩක් ගණං උස්සල තව මධු කුසලානකුත් ගිරිය පල්ලෙහාට නවාලා කාරිය අහක වෙලා හිට…
" සැමී නැද්ද බං පපඩං ආය?...රෑට බත් කන්ට තියාපුවගෙංවත් හත අටක් අරං වරේං...දැං බීල නෙව රෑට කන්නෙ…"
කියල කුස්සිය පැත්තටත් පොඩි සද්දයක් දාල පුටුවෙ ඉඳගත්ත.කොහොමත් ඔය අපෙ මදු සාද වල ආය වෙනම රෑට කෑමක් නෑ.බොන ගමං බඩට දාගත්තු දෙයක් තමයි.අන්තිම කාල් මාක්ස් එක ගහන්නෙ ඒ වෙනකොට නිරුපද්‍රිතව ඉන්න දෙන්න හරි තුං දෙනා හරි බත් කන ගමම්මයි.
" ගනිං බලන්ට මලේ ලියාපු කවිය...."

" රයිට් දැන් මල්ලි කියන්ට ඕන උඹේ හදවතේ පිරී ඉතිරී ගලන ආදරය ගැන...එයාට දැනෙන්ට කියන්ට ඕන...තේරුණාය? "
" අන්න හරි දැං ඔය එකපාරටම වතුර කොරහක් මුනිං නැව්වැහෙ දාරානිපාත වැස්සක් ඇදං වැටුනම පාර අයිනෙ මඩ වලවල් පිරිල ඉතිරිල යන්නෙ..ආන්න ඒ වගේ තමයි විජිතගෙ ආදරෙත් … අන්න එහෙම කියහං මල් හතයි....." ඒ විමලෙගෙ උදාහරණෙ..අම්මප මේකට නං..
" අම්මාපල්ල….තොට ඔයිට වඩා හොඳ උදාහරණයක් තිබ්බෙම නැද්ද ඈ?..." මම ඇහුවෙ තොල් විකාගෙන..
" රයිට් අපි මෙහෙම ලියමු..ඔය බබලත්තු ඉන්නව නේද?...සසර පුරා ඔබ හා එන්නෙමි….. සසර අතහරින්නෙමි ඔබත් සමඟම..ආන්න..ඒ වගෙ සංසාර ටෝක් වලට බෝම මනාපයි..අපි ලියමු මෙහෙම…"
ඇස් පියාගෙන මම ටික වෙලාවක් එහෙමම උන්න.
" හරි…….."
මම හිතට ගලාගෙන ආපු පදවැල හෙමිහිට කිව්ව...
" අම්මට උඩු නියමයි…" ඒ විමලේ.." ඒයි ඉඳපං මගෙ ගානෙ තව එකක්...."
" පිස්සුද බං?...ණයට දෙන්නෙ නෑ ..පීටරයට ලොක්ක කියල තියෙන්නෙ ණයට දෙන්ට එපා කියල…" පීටරය කියන්නෙ අපේ කෑම්ප් එකේ බාර් කීපර් කොලුව...
" හරි, හරි..බොලා ඉඳහල්ලකො….ඒක කරන්නෙ මමනෙ...සැමී ගනිං ඔය මල්ලක් මොකක් හරි…"
ඉතිං අන්තිමට ඔන්න විජිතයට මම ලියාපු කවිය මෙන්න මෙහෙමයි....
නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක,
මහරු මා හද සඟවලා,
සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි,
තමරු පොකුරක පිණි සලා,
නෙත කඳුල පිස හරින මද නල,
සිහිල ගෙන එයි හද පුරා,
වත කමල පුබුදන ලහිරු රැස,
විසුල නිල්දිය මත රඟා,
සියපතක් පිපෙනුයේ සොඳුරිය,
ඔබ සෙනෙහෙ ගඟුලෙහි නියා,
මුවරදට රොද බඳින බිඟු කැල,
මුදු වතෙහි සරනුයෙ කිමා,

කතර වට වැසි සිහිල දනවයි,
ගත දවන දාහය නිවා,
සසර ඉමතෙක් කැටුව එන්නෙමි,
සිත පිරුණු බැතිපෙම දරා,
මතු සම්බන්ධයි......
ගත දවන දාහය නිවා,
සසර ඉමතෙක් කැටුව එන්නෙමි,
සිත පිරුණු බැතිපෙම දරා,
මතු සම්බන්ධයි......
මම අන්තිමට මේක කියවනකොට තිබුනෙ ගුරුවරියක සමඟ ජීවිතය කියල එකක්නෙ... මේකත් එල ඈ... රවි අයිය නිකං අන්දරේ වගේ ඇති කස්ටිය එක්ක ඉන්නකොට :)
ReplyDeleteඑහෙම එකකුත් තියනවා... මෙහෙම එකකුත් තියනවා....
Deleteසාතන්,
Deleteඈ යකෝ අන්දරේ???...උඹට මම කිව්වය කියල හිතාගං..එහ්හෙන්නං :)
පලි - යකෝ කිව්වෙ උඹ යකෙක් හින්ද.... හරිය? :)
තිසර,
Delete" මහරජ, ගුරුවරියක සමඟ ජීවිතයත් කවිකාරියකගේ ප්‍රේමයත් හැර වෙනත් ජීවිත හෝ ප්‍රේමයන් ඇත්ද? "
" එසේය ස්වාමීනී, තව බොහෝ ජීවිත මෙන්ම බොහෝ ප්‍රේමයන් ද ඇත්තාහ. "
ලස්සණ කවි පෙළ.
ReplyDeleteබොහෝ සේ ඔබට ස්තූතියි දිලිනි...:)
Delete// හිමගිර මට වැලි අහුරකි..මහ සමුදුර දිය දෝතකි....කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනහේ නම්.//
ReplyDeleteඅරකගෙ ඇස් දෙක ජිල් බෝල වෙන්න ඇත්තෙ මේ ටික ඇත්තටම කරන්න වෙයිදෝ කියල හිතිල වෙන්න ඇති!!
පික්ෂුද බං.. ඕවා ඔය වනිතාවො රවට්ටන්ට ඒ වෙලාවට කියන ඒවා නෙවැ.. ඔය කියන කියන එක කොරන්ට ගියොත් හොඳට හිටී.. :D
Deleteමුහුදු,
Deleteහෙහ්, හෙහ් කියන්ටත් බෑ තමයි..අර යකා බය උනාද කියල දෙයියෝ සාලෙ කඩු තුඩු මත සැතපෙන්ට උනොත් මල කෙලියක් නෙවද කියල...අර සුප්‍රසිද්ධ කතාව අහල ඇතිනෙ නේද?...." මම මේ කල්පනා කලේ ඔය මහ ගිරි දඹේ වගෙ තියන කන්ද උඩට හාලුයි පොලුයි අරං යන්ට වෙන්නෙත් මේ මටම නේද කියල..."
බුරතීනො,
Deleteසෙනේ පාන කාලෙ නං ආය නෑ ඕන දෙයක් කියන පරක්කුව විතරයි..මගෙ ඔය ස්නේහ යුගයෙදි එයයිලගෙ පුංචි අක්කට බබානිස් හම්බවෙන්ට ඉඳල ඔන්න ආපි දොළ දුකක්...මොනවත් නෙවෙයි මේ තුඹ කරවිල..හපොයි එව්ව හොයන්ට මම නැහිච්ච නැහිල්ලක්..වෙනම ලියන්ට ඕමනයි ඒ ගැන කොටස් හත අටකින්වත් සමන්විත කතාවක්..කලිනුත් දවසක ඔය බින්දිගෙ කමෙන්ට් එහෙකට උත්තරයක් විදිහට මම මේ කතාව කිව්ව මතකයි.
කෙල්ලංගේ වීට් ගාලා ඉතුරුවෙච්ච යම් මයිලක් තියෙනවා නම් කෙලිං වෙන එක අහන්න දෙයක්ද මගෙත් මයිල් කෙලිං වුනා කිව්වාම.
ReplyDeleteකොතන මයිල ද කෙලින් උනේ...?
Deleteහෙන්රි,
Deleteඑකල්හි ඒ මහ පිනැති පුරුෂයාණන්ගේ තෙජෝ බල මහිමය කෙසේ වීද යත් සියළු මයිල් රාජයෝ මෝල්ගස් මෙන් කෙළිං වී වදාල සේක!!! ඔන්න ඔහොම තියනව බණ කතාවක මට මේ වෙලාවෙ නම මතක් වෙන්නෙ නෑ බොල...මතක් උන ගමං කියඤ්ඤං හොඳද?
:D
Deleteමේ කතාවට මම ආසයි. ඒ පඳුරු තැලිල්ල නැතුව අයියා මේක ලියන නිසා වෙන්න ඇති. :) මොකද මන්දා මට ඒ වැඩේ අල්ලන්නෙම නෑනේ. ඒ උනත් ඉතිං විමලෙගෙ වාන් පතුල් කතාත් මම කියෙව්වා. අර කතා ගොඩක් තියෙන කොට මේ වගේ එක කතාවක්, පසුබිමක් ගැන හිත හිත ඒක හිතේ මවාගන්න අමාරු වෙන නිසා වෙන්න ඇති මට එව්වා වැඩිය අල්ලන්නෙ නැත්තේ. :)
ReplyDeleteකවි ටික හරිම ලස්සනයි අයියේ. අර කළින් කොටසේ කවි දෙකත්, අද කවි පන්තියත්. මේ කවි පන්තියේ මුල කවියයි, අග කවියයි අයියා මේ ලඟදි තව තැනක ලිව්වා නේද. පදෙන් පදේ ගලපන කොටම මට ඒක මතක් උනා. :)
සිත්තමී,
Delete/ මේ කතාවට මම ආසයි. ඒ පඳුරු තැලිල්ල නැතුව අයියා මේක ලියන නිසා වෙන්න ඇති. :) /
මැඩම් ගැන ඉතිං මම මොකෑ නොදන්නෙ?....කතාවට සම වැදිල නෙව රස විඳින්නෙ...වාං පතුල් කතාවල එහෙම කරන්න අමාරුයි...ඒ නිකං ඒ සරල අතනිං මෙතනිං අරගෙන කතා ගොඩක් එකට ඈඳපු සලාදයක් වගෙ එකක්නෙ...හෙහ්, හෙහ්,
/ මේ කවි පන්තියේ මුල කවියයි, අග කවියයි අයියා මේ ලඟදි තව තැනක ලිව්වා නේද /
හෙහ්, හෙහ්, ලිව්ව නේන්නං..ලිව්ව නේන්නං...එතනදි මගෙ හිතට ආපු සංකල්පනාව මම ඒ විදිහටම ලිව්ව...ඊට පස්සෙ මේ කතාවට කවියක් දෙකක් ලියන්ට ඕන උනහම මට කල්පනා උනා අඩේ බොලේ අර අතන ලියපු කවි මෙතනටත් පාවිච්චි කලෑකි නේද බොහොම ලේසියෙම්ම කියල. ඒ පාර තව කවි දෙකක් ලියල දැම්ම මැද්දෑවට..:)
ස්තූතියි සිත්තමී :)
//සසර ඉමතෙක් කැටුව එන්නෙමි,
ReplyDeleteසිත පිරුණු බැතිපෙම දරා, //
හපේපේ...!!!
සුජා මෙම කවිය කියවීමෙන් පසු සිදු වුනු ත්‍රාසය භීතිය මුසු වූ ලොමු දැහැගැන්වෙන ආදරණිය පැණි බේරෙන ත්‍රිලර් ප්‍රේම වෘතාන්තයේ ඉතිරි කොටස කියවීමට ඉක්මනින් එමි..
එනිසා සොඳුරු රවි තුමනි මෙම කතාව ඉක්මනින් අප්ඩේට් කරන සේක්වා..!!
රූ,
Deleteතැන්ක්‍යු..තැන්ක්‍යු..මැඩම්...
වහාම ලියනව..වහාම ලියනව...විගැහිං ඉවරයක් කරනව....
සවනට නොව හදවතට අමතන ඒ පද පෙල ඇස ගැටුනු ඇගේ සිත සහසක් හැඟුමින් පිරී ඉතිරී ගියේ යූරියා පදම වැඩිවී හිටු කියා පැහෙන හැලි අරක්කු කල්දේරමක් මෙනි.ඉන්පසු කුමක් සිදුවිද?
Await with bated breath for the next episode of කවිකාරියකගේ ප්‍රේමය...මය...මය...මය...මය...මය!!!
කතාව වෙනුවෙන්ම ආපහු කවි පබඳින්ට සිද්ද වුනා නේද රවී.
ReplyDeleteඔය බොනකොටලුනෙ කවි සිතිවිලි අවදි වෙන්නෙ,ඒකයි අර අනික් කවියන්ට වෙලා තියෙන්නෙ.
හැලප,
Deleteඒකනෙ බාං ඒ පරණ ලියාපුව දැං මතක නෑ..ඒ පාර ආයෙම ලිව්ව :)
POETRY ON DEMAND එතකොට අරක්කු?
ReplyDeleteසුපිරි කවි පන්තිය. ලබන ආත්මයේදී මම විජිතයාවී උඹ රවියාම වේවා යයි ප්‍රාර්ථනා කරමි.
Poetry on demand ..yeah... but conditions apply...:)
Deleteප්‍රාර්තනාවත් නරකම නෑ අරූ...:)
ඔයවගෙ තෑනක බොනකොට ගනින්කො ඔය බත් එක අනල මෙසෙට ඉවරනෙ.කවිටික මරු හෑබෑයි ඔය ටික දිලා විජිතය කෙලවගන්නව සුපිරි කෙලවිල්ලක්
ReplyDeleteදමිත්,
Deleteකිව්වට විස්වාස කරපං මල්ලි අපෙ එකෙක් හිටිය අන්තිම ෂොට් එක එහෙම්මම හලා ගන්නව බත් එකට...ඒ කරල අනල කනව. කොච්චර වැදිල හිටියත් මගෙ ලේ වතුර වෙනව ඔන්න ඒ සීන් එක දැකල....මම බත් එකත් අරගෙන යනව නැඟිටල.
ශික් එ මොන ජාතියෙ සතෙක්ද
DeleteDamith,
Deleteඌ එහෙම තමයි...ඒත් මලේ බීපු හැමදාකමත් නං නෙවෙයි... නකතං වෙන්ට වදින්ට ඕන ඒ වැඩේ කරන්ට…
ඒයි උඹ අහල තියද ඔය අපි පොඩි දවස්වල සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලට වඩින හාංදුරුවො පිරිත් කියන්නෙ කොට්ටපොල් කෑලි හප හප..මොකද දන්නවද ඕකෙ හොරේ? පොල් අරක්කු වල පොඟවලයි තියෙන්නෙ අර කොට්ට පොල්...අපෙ ගෙදර තිබ්බ ඔය වාගෙ පිරිතකදි මම කොට්ටපොල් කෑල්ලක් කෑවනෙ දන්නෙ නැතුව. ඒකෙනුයි වැඩේ අහු උනෙ...හෙහ්, හෙහ්,
Mata nam ara paduru thalilla nathuwa tikak awul wage....
ReplyDeleteහරි හරි ඒකත් තාම තියනව....:)
Deleteඅප්පද බෝල..පංකාදු 5 යි. මතු සම්බන්ධයි කියල දාල තියෙන්නේනම් හොදකට වෙන්න බෑ. කවිය දුන්නම වැඩේ අවුල් යයිද දන්නේ නෑ
ReplyDeleteසයුරි,
Delete/ කවිය දුන්නම වැඩේ අවුල් යයිද දන්නේ නෑ /
එව්ව කියන්න බෑ බොලේ....හෙහ්, හෙහ්,
අදත් කියවල රස වින්ද.
ReplyDeleteපුදුම රසයක් තියෙන්නෙ ඔබ ලියන රටාවත් සමග සිදුවීම්.
කෙන්ජි,
Deleteස්තූතියි..ස්තූතියි..බොහොම ස්තූතියි..ඔබගේ පැසසුම මට කොපමණ අගේද යන්න වදනින් විස්තර කල නොහැක...:)
( ඔබා හිටියනං ෂුවර් එකටම කියයි එහෙනං හස්ත මුද්‍රාවෙං වත් කියහං කියල...හෙහ්, හෙහ් )
ඔය ලවු කරන කාලේ කොල්ලො කියන ඒවයින් 2% විතර විශ්වාස කළාම ඇති කියල මං හිතන්නෙ.. කරුමෙ කියන්නෙ මට ඒක තේරුනේ කසාද බැන්දට පස්සෙ... මං හිතන්නේ හැම එකාටම එහෙමයි.. නැත්තං මුන් කියන බොරු වල ඇත්ත නැත්ත තේරුම් ගත්ත කෙල්ලො හිටියනං කොල්ලන්නට කවදාවත් කසාද බදින්න වෙන්නෙ නෑ.... හි හි....
ReplyDeleteඔකේ හෑමතෑනම කෙල්ලයි කොල්ලයි මාරු කරල ගත්තත් හරියටම හරි
Deleteහිරු,
Deleteඔන්න කිව්ව..ඔන්න කිව්ව....හා දැං මට කියහං බලන්ට කෙල්ලො මෙහෙම ඇහුවම ඇත්තම කිව්වොත් කොල්ලට යන කලදසාව කොහොම වෙයිද කියල?...පේම සම්බන්ද හබක් වෙන එකනං පැත්තක දාපංකො...ආය බඳින්ටම කියල නියමයක්ය? ඔය ඕන තරං ඉන්නෙ කට්ටිය යස අපූරුවට..ඒක නෙවෙයි වැඩේ හතර හංදි ගලෝල දාන එක දානවාමයි.
කෙල්ලො අහන මේ වාගෙ ප්‍රශ්නවලට ජීවිතේට ඇත්ත කියන්ට නරකයි.
ඔයා ඇත්තටම මට කැමති උනේ ඇයි?
ඊළඟ කොටසෙන් මුන් සෙට් එකම අම්බානකට කෙල්ලගෙ ගෙදරින් කන අති බිහිසුණු ජවණිකාවක් බලාපොරොත්තුවන්න :D
ReplyDeleteඔන්න කිව්ව...එහෙම එකක් නෑ බොල...:)
Deleteරවී, බාර් කීපර්ට සිංහල වචනයක් තියෙනවද මචං. අර ඩ්‍රැකියට දැනගන්න ඕනේ.
ReplyDeleteHenry,
Deleteඑහෙම විශේෂිත වචනයක් නම් නෑ බං මම දන්න විදිහට...සුරාසල්කරු නැත්නම් සුරාසල් භාරකරු කියල තමයි කියන්න වෙන්නෙ...:)
@රවී & හෙන් රි
Deleteමට මතක හැටියට සුරාබදු එකෙන් හෝටල් වලට දෙන සිංහල කොලේ තිබුනේ සුරාසැල් පාලක හෝ සුරාසැල් භාරකරු කියලා.
@ ඩූඩ්, රවි, අරූ
Deleteමං හිතුවෙ නෑ මේ වගේ ඉක්මන් ප්‍රතිචාර හම්බ වෙයි කියලා. ගොඩක් ස්තූතියි.
රවි ගෙ බලප්‍රදේශයට මං මේ ආවමයි. දිගටම එන්නං ඈ...
@ හෙන්රි ඇන්ඩ් අරූ,
Deleteමචංලාස්..තව වචනයක් මතක් උනා...කොහොමද සුරා පල්ලා නැත්තං සුරා පලුවා කියල කිව්වොත්?..දැං බලාපං උයන් පල්ලා නැත්තං උයන් පලුවා කියන්නෙ උයනක් බලාගෙන ඉන්න මනුස්සයටනෙ. ඒ වගේ සුරා සල බලාගෙන ඉන්න මනුස්සය ඇවිල්ල සුරාපලුවා...:)
@ ඩ්‍රැකී,
Deleteබාර් එහෙකින් ෂොට් එකක් දාගන්න ආය බාර් කීපර්ට සිංහලෙං කතා කරන්න ඕනම නෑ..
සුරා පලුව, මට මීවිතක් දෙනු මැන එහෙම කියන්න ඕන නෑ බං..මට සීයක් දාන්න කිව්වම එවුං දාල දෙනව ඒකෙ අවුලක් නෑ...
වෙල්කම් ඩ්‍රැකී....:)
සූර සේන කිව්වත් මොකැයි..?
Deleteඒ මේක කියවද්දී මට මැවෙන්නෙම හින්දි රොමැන්ටික් කොමඩි පිචර් එකක් නෙව...
ReplyDeleteඔන්න දැන් රවී අයියා විදිහට ම්ම්ම්....කවුද නළුවා....ම්ම්ම්....ටිකක් වයසක ඒත් ෆුල් ආතල් විකට නළුවෙක් වෙන්ට ඕනේ....ම්ම්ම් ...ආ හලි හලි අපි දාමු ඒකට ශාරුක් ව.
එතොට ඔන්න දැන් ශාරුක් ඉන්නෝ කවි කොලේ අතේ තියන් ජයේ, විමලේ එක්කල..හලිද..
දැන් කවුද අර විජිත ට ගන්නේ...ම්ම්ම් එයාට ටිකක් විතර සීනි බෝල පාටක් තීන කෙට්ටු පරඬල ක් වාගේ නළුවෙක් ...ම්ම්ම්...එයාට ගම්මු අන්න අර ෂහිඩ් කපුර් කොලුවව...
හලි !
දැන් තීන්නේ සුජා සහ සුභා ට නිලියෝ දෙන්නෙක් ගන්ට විතරයි නෙව...සුභාට නම් හොඳ රාණි ම තමා...ම්ම්ම් එතෝට සුජා? එයාට දාමු දීපිකා ව.
ෂාහ්.... දැන් අපිට තීන්නේ අර 'හිමගිර මට වැලි අහුරකි' සින්දුවට හරියන්න item song with dance එකක් හදන එක...එකේ ඔරු නැටුම් සීන් එක ටිකක් අර 'චෙන්නායි එක්ස්ප්‍රෙස් ' එකේ ලුන්ගි ඩාන්ස් වාගේ තියෙයි නේද රවී අයියේ...තව..ඒකට ඕනි රවී අයිය මනොමෙන් සුභා එක්කත් විජිත මනෝමෙන් සුජා එක්කත් නටන සීන් එහෙකුත්...
ඒ චවි අයියේ ...කෝමද මගේ අයිඩියාස් !!!
ආම්ස්,
Deleteඅම්මප උඹටම තමයි ඔයවගෙ අයිඩියාස් එන්නෙ...හෙහ්, හෙහ්, මරු..
අපෙ රන්දිල් මහගෙ ඉන්නව නේද?...ඔය සාරුක්, සලමොං,අමීර් යනාදී වයසක නලුවන්ට කියන්නෙ කරි චිකන් කියල.....හෙහ්, හෙහ්,
ඔය කාන්ල තුන්දෙනාම ඉපදිල තියෙන්නෙ එක අවුරුද්දෙ කියල උඹ දන්නවද?
මයෙ අම්මේ.. මං නැති අල්ලපනල්ලෙ උඹ ලියල නේද හෝල්සේල් එකේ??
ReplyDeleteදැන් කියාපං අයියෙ මං කොහෙංද පටංගන්නෙ කියල කියවන්ඩ??
ඕං යාන්තමට මතක තිබිල තුංවෙනි කෑල්ලෙං පටංගත්ත මං..
කියවගෙනම එන්නංකො
ජනූස්,
Deleteහප්පච්චියේ කොහේද බොල අන්තස්දාන වෙලා උන්නෙ?...අනෙ අම්මප අපෙ අර මියෑදිච්චි අත්තම්ම දැක්කහෙ තන්තෝසෙ පපු කැනැත්ත පුරා පිරිල ඉතිරිල ගිහිල...හරි, හරි...කියවහං කියවහං නිවාඩුව...
ඒ බොල ඔය කවිකාරි ...ඒ කිව්වෙ මේ සුජා බොලයි ගමේ.....පුංචි අම්මෙක්ද කොහෙදත් වෙනවයි කියල ඔන්න අර අම්මණ්ඩි මා එක්ක කිව්ව..හැබෑ බොරු නං ඔන්න ඔහෙ මංද...
අඩේ හෙනං උඹ මයෙ වෙන්ඩ බාප්පොච්චියෙක් වෙලත් ඉඳල තියෙනව වාගෙ කාලයක්!!
Deleteසැහ්!! නූලෙං මිස් වෙලා වගේ!!
මං මේ තාම කල්පොනා කරන්නෙ බං අයියෙ අර දඹදෙනියෙ කඳුවැටිය කොහෙද තියෙන්නෙ කියල අම්මප...
ඔය අපේ පුංචි අම්ම කියනව ඇත්තෙ එක්කො මාලිගා ගල නැත්තං වඩුව කෙටූ ගල වෙන්ඩ ඕනැ.... ආං ඒ දෙක නං පේනව!!
කඳු පන්තියක් නං මන්ද ඕං...
හෙහ්,හෙහ්, කිව්වත් වාගෙ බුරහ්මය අර පිට කොන්දෙ කොටනකොට ජුංඩක් එහා මෙහා වෙලා බොලායෙ පුංචි අම්මගෙ නම කෙටිල තිබ්බනං එහෙම කොහොමද?
Deleteඑහෙනං මම එන්නෙ සතියක් ගානෙ දඹදෙණි උඹට හූණු බිජු පැකට් දෙහෙකුයි බූංජි පංසීයකුයි ඔතාගෙන…..සික්..එහෙම උනානං උඹේ ඔය ඒ කාලෙ විගඩං දෑහිම්ම දකින්ට තිබ්බ..කිඹුල් කේස්, ඔළු පොල් කේස්,......
දඹදෙණි කන්ද කිව්වට සමහරවිට ඒකට වෙන නමක් ඇති. ඊට බොහොම පස්සෙ කාලෙක ඒත් මගෙ යාලුවෙක්ගෙ ගෙදර අපි ගියා දඹදෙණියෙ. උගෙ ගේ ඉස්සරහ මිදුලට යස අගේට පේනව කන්දක්...නම නම් මතකයක් නෑ..ඒක තමයි මම ඔය දඹදෙණි කන්ද කියල දැම්මෙ.