අදත් හඳ පායලා....හ්ම්ම්ම්ම්ම්..........පුරා හඳ.........වැලි කතරේ උදේ ඉඳන්ම සැඩ හිරු රැසින් කැකෑරුනු වැලි කැට සිහිල් වෙලාම නම් නෙවෙයි, ඒත් රත් වෙච්ච වැලි කැට වලට සඳ එළිය වැටුනම අමුතු ලස්සනක් මතු වෙනවා.සඳ එලිය දෝරෙ ගලා ගිය වැලි කතරේ නිරුවත් දෙපයින් ඇවිදින්න මගෙ තියෙන්නෙ පුදුම කැමැත්තක්.
ආපහු ගෙදරට ආවෙ ටිකක් හීතල හුළඟක් ආපු නිසයි. ඇවිල්ල සඳලුතලයෙ පුටුවෙ දිගාවුනා, මත්පැන් බෝතලෙත් අරගෙනම. ටිකෙන් ටික වැලි කතර සිසිල් වෙද්දි, පුරා හඳ ප්‍රමාණයෙන් අඩු වෙමින් මුදුන් වෙද්දි, විස්කි බෝතලෙත් මට්ටම පහළ යද්දි, මට හදිසියෙම මතක් උනා මේ සඳලු තලයට ගලන්නෙ, පොසොන් සඳේ සඳ කැන් නේද කියල..........ඔව්, පොසොන් සඳ තමයි.
ඒ එක්කම හිත එක මොහොතකින් ඇදිල ගියා තවත් මේ වගේම පොසොන් පුරා සඳ බැබලුනු නිසල රාත්‍රියකට. මම මේ වගේම තනි වෙලා, මත් පැන් බෝතලයක් පමණක් එක්ක ගෙවපු රාත්‍රියකට.
කාලය වසර විසිපහකට වගෙ ඉහත. ස්ථානය උතුරු මැද සහ නැහෙනහිර පළාත් මායිමේ රජයේ සංවර්ධන ව්‍යාපෘතියක වැඩ බිමක්.
ඒ මගෙ ප්‍රථම ප්‍රේමය නොසිතූ විරූලෙස බිඳවැටී, හදේ රිදුම් දෙන තුවාල වලට, වරෙක බෙහෙත් දමමින්, වරෙක තුවාල පාරවමින්, දැනෙන වේදනාවත් සතුටකැයි සිතමින්, සුළඟේ ඉබාගාතේ පාවෙන වියලි පරඩැලක් මෙන්, මා දිවි ගෙවූ අවදියක්.
පෙර කල පිනකට වාගෙ මේ වෙනකොට, මට ස්ථිර රස්සාවක් තිබුනු නිසා, මගේ තත්වෙ එච්චරම භයානක උනේ නැහැ. නැත්නම් නොවැරදීම මම ලොකු විනාසයක් කරගන්න එක සිකුරුයි.
ප්‍රේමය බිඳ වැටීමේ කතා පුවත මේ කියන්න යන සිද්ධියට කෙලින්ම අදාල වෙන්නෙ නම් නැහැ. ඒත් අදාල නොවෙන්නෙත් නැහැ.
ඒ නිසා ඇය හමුවූ අවසන් වතාවෙ, ඇත්තටම පෙම්වතුන් ලෙස හමුවූ අවසන් වතාව කිව්වොත් තමයි වඩාමත්ම හරි,ඉඳල ඔන්න මම කතාව පටන් ගන්නවා.
ඇය මට හැකි ඉක්මනින් එන්න කියල ලියුමක් එවල තිබුනා. ලියුමෙ වැඩි විස්තර නොතිබුනාට මට ඉවෙන් වගෙ තේරුනා මේ තමයි අවසානය කියල. පහුගිය මාස තුන හතර පුරාම අහස කලු කරල තිබුනු විදිහට ලඟ ලඟම මහ අනෝරා වස්සක් එන එක සිකුරුයි කියල මමත් දැනගෙන හිටිය. එයත් දැනගෙන හිටියා.
නුවරට ඇවිල්ල හමුවෙලා අපි දෙන්න කුරුණෑගලට ගියා. ඇය කැමති උනේ නැහැ නුවරදි හමුවෙන්න කවුරු හරි දැකල ගෙදරට ආරංචි වෙයි කියල.
කුරුණෑගල පුත්තලම් පාරෙ රෙස්ටෝරන්ට් එහෙක උඩ තට්ටුවෙ අපි කතාකලා.අපි කතාකලා කියන්නෙ එයා කතාකලා. මම අහගෙන හිටියා. මොකද මේ වෙනකොට මට කියන්න දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නැහැ.
සතියෙ දවසක් නිසා තව මේස දෙක තුනක විතරයි කට්ටිය හිටියෙ.එයා කතාව නැවැත්තුවෙ වේටර් ලඟට ආවට පස්සෙ.
" මම බියර් එකක් බොන්නද? "
මම ඇහුවෙ එයා දිහාට නැවිල රහසින් වගේ.මෙච්චර වෙලා කඳුලු පුරවන් හිටපු දෑසට සිනහවක් ආවෙ එතකොටයි.
" අපොයි බොන්න, බොන්න........ එකට දෙකක් බොන්නකො "
ඒ එක්කම සිනහව ආවටත් වඩා ඉක්මනින් මැකිල ගිහින් අර තිබුනු වේදනාව ආයෙමත් ඇස් දෙකේ පැතිරුනා.
හෝව්......හෝව්,.......ඔය ඇති.....ඔය හොඳටෝම ඇති,මේ වැඩේ හරියන්නෙ නැහැ.......මම මේ කියන්න ආපු කතාව කියනව වෙනුවට මගේ ප්‍රේම පුරාණයනෙ මේ කියන්නෙ.
ඒකෙ අරුමෙකුත් නැහැ. කාලයක් හිතේ තද කරන් හිටපු කතාවක් අවස්තාවක් ලැබුනු ගමන් එලියට පනින්නෙ වැහි කාලෙට මෙරු මතුවෙන්න වාගෙ.හරි ඒ කතාව ......මගේ පෙරේම පුරාණෙ පස්සෙ වෙලාවක නිවාඩුව කියමු.... හරි, දැන් මේ කියන්ඩ ආපු කතාව...........
එකම කාරණයක් විතරක් කියන්න අවසර දෙන්න, ඒ පෙම බිඳ වැටීමේ හේතු, ලිඛිත භාෂාවෙන් කිව්වොත් - ප්‍රථම ප්‍රේමයේ ශෝචනීයවූ අවසානයට හේතුභූත වූ කාරණාවන් පිලිබඳ විශ්ලේෂණයක් සහ විග්‍රහයක් - කොහොමද සිරා සබ්ජෙක්ට් එක නේද?
කෙටියෙන් බොහොම සරලව කිව්වොත් නමේ ප්‍රශ්නයක්. නමේ කිව්වට ඇත්තටම නම් නමේ දිග පිළිබඳ ප්‍රශ්නයක්. එයාගෙ නම දිගයි. මගේ නම කොටයි. ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ මතු උනේ.
එයාගෙ නම - සමරකෝන් රාජකරුණා රාජපක්ෂ පලිහවඩන ගුන්නෑපාන අමුණුගම පහල වලව්වේ සුභද්‍රා කුමාරිහාමි අමුණුගම. ඉස්කෝලෙ රෙජිස්ටරේ නම ලියද්දි හැමදාමත් රූල් දෙකක් නැත්නම් තුනක් ගියා එයාගෙ නම ලියන්ඩ.
මගේ නම.......ඔව් .....මගේ නම අතපත්තු ආරච්චිලාගේ ජයසේන. එච්චරයි, නම් දෙක බැලුවම හේතු කාරණා හිතාගත්තැහැකි නේද?
හරි පෙම් පුරාවත එපමණයි.ආයෙ අහන්නත් එපා. කියන්නෙත් නැහැ. ආයෙම මාතෘකාවට.
ඉතින් මම එයාගෙන් සහ එයා මගෙන් සමුගත්ත, නුවර ඔරලෝසු කණුව ලඟදි.......ප්‍රථම ප්‍රේමයේ අවසානය...............ප්‍රේමයක් නිමාවූ සඳ........
ඒ කරල මම පහුවදාම ආපහු වැඩට ආව. මට ඕනම කරල තිබ්බෙ තනි වෙන්න. තනි වෙන්න.......ඉඩ දෙන්න......මටයි......මගේ......හිතටයි..........
ඔය තනි වෙන වැඩේට, මම වැඩ කරපු හරිය ආයෙ නැහැ කියාපු පැත්ත. හද්ද කැලෑව. අපි ව්‍යාපෘතියෙ කාර්ය මන්ඩලේයි, ඉදිකිරීම් කටයුතු කරපු කොන්ත්‍රාත් කරුවොයි, ඇරෙන්න තව හිටියෙ බොහොම ඈත තිබ්බ පාරම්පරික ගම්මාන දෙක තුනක් විතරයි.
ප්‍රේමයෙන් සමුගෙන මම වැඩට ඇවිල්ල දවස් ඔන්නම් හතර පහක් යන්න ඇති. පොසොන් පෝයක් ආපි.උතුරු මැද පළාතේ වෙසක් පෝයටත් වැඩිය වැදගත් පෝය තමයි පොසොන්.අපි කැලේ මැද කඳවුරු ගහගෙන වැඩ කරපු හරියෙ ඉඳන් වැඩි දුරක නෙවෙයි දිඹුලාගල ආරණ්‍යය තිබුනෙ.පොසොන් පෝයත් එක්ක සති අන්තයකුත් යෙදිල තිබුනු නිසා අපේ කට්ටිය හැමෝම වගෙ ගම් රටවල් බලා ගියා.
පොසොන් දවසෙ, අපේ නිවාසයෙ ඉතිරි උනේ, මමයි අපිට ඉවුම් පිහුම් කල, නිහාල් කියන අපෙ වයසෙම තරුණ කොලු ගැටයයි විතරයි.
මතු සම්බන්ධයි............

ඊලඟ පෝස්ට් එක පෝයට සිල් අරං ඉවර වෙලාද දාන්නේ? හප්පේ කවද්දැයි දාන්නේ?
ReplyDelete“ අතීතය ආයෙ ආයෙ සිද්ධ වෙනව“ කියල මම අහල තියෙනවා.
ReplyDeleteකොහොම ට ඇද්ද ?
සඳළුතලයට වෙලා, හාන්සි පුටුවක වාඩි වෙලා, ළඟ තියෙන ටිකක් උස ස්ටූල් එක උස කකුල් දෙක තියාන, කකුල් දෙකත් එක මත එක තියල, පොඩ්ඩක් තාලෙට එහා මෙහා කරන ගමන් , ඈත අහසෙ පේන හඳ දිහා බලාන ඉන්නව.
විටින් විට , දකුණතේ තියන මධු විත මුවට ළං වෙනවා ,ගහක් කොළක් පේන මානෙක නැහැ. මා ළඟ දැන් එකම එක දෙයයි. මධු විත ද? නැහ්...
නුඹ ගැන මතකය විතරයි ............
නියමයි අයියා.....
// ප්‍රථම ප්‍රේමයේ ශෝචනීයවූ අවසානයට හේතුභූත වූ කාරණාවන් පිලිබඳ විශ්ලේෂණයක් සහ විග්‍රහයක් //
ReplyDeleteඅපි කවුරු කවුරුත් මේක ලියන්ට පට්ටාං ගත්තොත් හොද සමාජ විද්‍යා නිබන්ධනයක් කරත හැකි නේද.. :)
හ්ම්.... මගෙත් ඔය නම්වල දිගත් එක්ක තියෙන්නෙ මහ අඳුරු, පල් පුවක් ගඳ ගහන මතකයක්.
ReplyDeleteමට කවුද වැරදි කවුද හරි කියල හොයන්න තාම හිතුනෙ නෑ. එහෙම කරන්න කරන්න රිදෙන්නෙ පරදින්නෙ මගෙ හිතමයි කියල දන්න නිසා වෙන්න ඇති.
ලස්සන කතාවක්... අනිත් කොටස ඉනකම් බලන් ඉන්නවා..
ReplyDeleteඒ ලස්සන කතාව හැපී එන්ඩිං එකකින් ඉවර නොවන බව නම් පැහැදිලියි..! ඉකමනට ඉතිරි ටිකත් ලියන්න .. අපිත් බලාගෙන ඉන්නවා .
ReplyDeleteතවත් එක් ගතානුගතික ආදර කථාවක්ද?? පේන විදිහටනම් එහෙම නෙවෙයි වගේ...
ReplyDeleteතව කීදෙනෙක්ගෙන් මෙහෙම සමුගත්තද දන්නේ නෑ. ඔය වගේ බෝතල් කීයක් ලඟ තියාගන හඳ දිහා බලා හිටියද දන්නෙත් නෑ.
ReplyDeleteඅර දිග නම දැක්කාම නම් පොඩි ලැජ්ජාවකුත් දැනෙනවා.
.@ Randil,
ReplyDeleteඑච්චර කල් යන්නෙ නැතෝ, දවස් දෙකයි, දවස් දෙකයි,
.@ සොඳුරු සිත,
ReplyDeleteYes Nangi, history repeats itself,
/ සඳළුතලයට වෙලා, හාන්සි පුටුවක වාඩි වෙලා, ළඟ තියෙන ටිකක් උස ස්ටූල් එක උස කකුල් දෙක තියාන, කකුල් දෙකත් එක........... /
ඇත්තටම නංගිත් දන්න දේවල්, ඔයාගෙ මෙතඩ් එකත් නරකම නැහැ,
ඔබ විසින් සඳහන් කල ක්‍රමය මේ සති අන්තයේදී අනුගමනය කිරීමට සටහන් කරගත් බවට පස්වනක් ප්‍රීතියෙන් දැනුම් දෙමි.............හෙහ්........හෙහ්,
And thanks for your appreciation.
.@ Buratheno,
ReplyDeleteඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට........., හෙහ්, හෙහ්,
ඉතින් මලේ උඹම පටං ගනිංකො වැඩේ,
.@ nawammawatha,
ReplyDeleteඇත්ත නවම් මල්ලි, තමන්ට පාලනයක් නැති බොහෝදේ නිසා අපේ ජීවිත වලට මොන තරම් ප්‍රශ්න මතු වෙනවද?
ඔයා හරි, බොහොම වෙලාවට ඔයවගෙ කාරණා වල හරි වැරදි හොයන එකේ තේරුමක් නැහැ.
මමත් කාලයක් මා විසින්ම පත් කර ගන්නා ලද ඒක පුද්ගල කොමිසමක් මඟින් ගැඹුරු විශ්ලේෂණයක් කලා. පස්සෙ මටම එපා වෙලා ඒක අත ඇරල දැම්මා.
.@ Dinesh,
ReplyDeleteස්තූතියි, දිනේෂ්, වහාම දාන්නම්,
.@ හිස් අහස,
ReplyDeleteමල්ලි හරි මල්ලි, sorry, no happy ending,
.@ අලුත් කොල්ලා,
ReplyDeleteමේකෙ වැඩේ මේකනෙව කොල්ලො, මම මේ ලියන්නෙ ඇත්තම කථාවක්, ඒක සම්ප්‍රදායික වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,
.@ Podi Kumarihami,
ReplyDeleteසමුගැනීම් සහසෙකි,
පෑයූ පුන්සඳ ද සහසෙකි,
සඳ දෙස නෙතුයොමා සිට,
හිස් කලා වූ මී විත සහස් සහසෙකි.
/ අර දිග නම දැක්කාම නම් පොඩි ලැජ්ජාවකුත් දැනෙනවා. /
අපොයි ලැජ්ජා වෙන්න කිසිම හේතුවක් නැහැ,ඒ දීර්ඝ නාම ධාරී යුවතිය වනාහී උඩරට වංශවත් පරපුරටම ගෞරවයකි...........මේ ඇත්තමයි.
ලස්සන කතාව. මම කියවපු පොතක තිබ්බ වාක්‍යයක් මතක් උනා.
ReplyDeleteThere are moments when I wish I could roll back the clock and take all the sadness away, but I have the feeling that if I did, the joy would be gone as well. So I take the memories as they come, accepting them all, letting them guide me whenever I can.
ඉතිරි කොටසත් ඉක්මණට කියවන්න ලැබෙයි කියලා හිතනවා.
පොසොන් සඳ අහස් ගැබ එකළු කර බැබලෙනා
ලවැලි සුදු තලා මත නෙක රටා මතු වෙනා
මිහිරි මධු විත මුවග උණුහුමින් මත් වෙනා
හිත් කොනේ මතකයේ රැළි සයුර කැළඹෙනා
This comment has been removed by a blog administrator.
ReplyDelete.@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDelete/ ලස්සන කතාව. මම කියවපු පොතක තිබ්බ වාක්‍යයක් මතක් උනා /
හෙහ්, හෙහ්, " A Walk to Remember " by your favourite author.
පොසොන් සඳ කොඳුරනා රහස මට වැටහුනා,
සුදු ලවැලි තලාවන් අනන්තෙට විහිදුනා,
මත්වු සිත පියාඹා අතීතයෙ සරමිනා,
සොඳුරු මතකයන් යලි සිත් ඉමේ රඟදෙනා,
ස්තූතියි නංගි, ඉතිරිය වහාම දානවා, වහාම දානවා,
ඉකමනට ඉතිරිය දාන්න.
ReplyDeleteහපොයි, දෙයියනේ, දැන් කොටස් හතරකුත් දැම්ම නෙව, දුටුවෙ නැත?
ReplyDelete