එදා හවස තුනට විතර, නිහාල් මගෙ කාමරේට ආව.මම දවල්ට කාල නිදාගත්තු පාර, ඇහැරල, එහෙම්මම නැගිටින්න කම්මැලි කමේ, ඇඳේ විට්ටමට හේත්තු කරපු කොට්ටෙට බර වෙලා, බිත්තියෙ අලවල තිබ්බ, ගල්විහාරෙ හිටිපිළිමයෙ පින්තූරෙ දිහා බලාගෙනයි උන්නෙ.
" මහත්තය, අපි කට්ටිය දිඹුලාගල යන්නයි යන්නෙ, මහත්තයත් එනවද? "
" අනේ බෑ බං, උඹල ගිහිල්ල වරෙල්ලා, මම ඉන්නම් "
" මහත්තය, කවුරුවත් ඉතුරුවෙන්නෙ නැහැ, කෑම්ප් එකේ.වොචර් විතරයි "
" ඉතින් මොකද බං, කොටි එයි කියලයෑ, උඹල පලයල්ල "
ඔය කාලෙ එල්.ටී.ටී.ඊ. වැඩ කටයුතු අපි හිටපු හරියට එච්චර බලපෑමක් කලේ නැහැ.
" මහත්තය, එහෙනම් බත් මාලු මම මේසෙට බෙදන්නෙ නැහැ. හීතල වෙයි.මහත්තය බෙදාගෙන කන්න.ඉස්සරහ දොර වහල පිටිපස්සෙ දොර ලොක් නොකර තියන්න "
" හරි.....බං......හරි......ඔක්කොම හරි.....මට තේ එකක් හදල දීහංකො හොඳ එකා වාගෙ "
නිහාල් කට්ටියත් එක්ක ගියා..........හොඳ කොල්ලා.......ඔය නිහාල්ට අන්තිමට වෙච්චි වැඩේ දන්නවද?,.............. ඔයිට අවුරුදු හතර පහකට පස්සෙ, ඒත් මේ බිඳ වැටුනු ප්‍රේම පලහිලව්වකට, නිහාල් වහ බීල දිවිනසා ගත්තා.මම එතකොට වෙන සයිට් එකක වැඩ කලේ. අපි කට්ටියම මළගෙදරත් ගියා.ඒ මම මගෙ කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක්ගෙ මළගෙදරක ගිය මුල් වතාව. ඒ දර්ශනය මගේ හිතේ රැඳිල තිබුන සෑහෙන කාලයක් තිස්සෙ.
හරි, හරි,............සමාවෙන්ඩෝ, අතුරු පාරවල් වල යනව වැඩියි නේද?.........මොකද කරන්නෙ ඉතිං? මගෙ ගමන් ඔහොම තමයි, සමහර වෙලාවට යන්ඩ පිටත් වෙච්ච දිහා නෙවෙයි......ඔන්න වෙන කොහෙවත් ගිහිල්ල අන්තිමට බලනකොට,........ඔය වාගෙ ඔන්න දවසක්......අනේ සොරි, සොරි, ආයෙම ට්‍රැක් පැන්න නෙව, හරි දැන්නම් වෙන අනම්මනම් නැහැ කතාවම පමණයි,
කොතනද මම කතාව නැවත්තුවේ? ආ.....හරි, හරි, නිහාල් ගියා කට්ටියත් එක්ක.....මම හවස හය හයාමාර වගෙ වෙලා බිමට කලුවර වැටීගෙන එද්දි,අපෙ මිදුලෙ තිබ්බ ජෑම් ගහ යටට වේවැල් පුටුවකුයි කනප්පුවකුයි අරගෙන ගිහිල්ල වැඩේ පටන් ගත්ත. ඒ කිව්වෙ විරහ වේදනාවේ නිමග්නව ඇති සිත මත් කොට,තාවකාලික අස්වැසිල්ලක් ලැබීමේ කර්තව්‍යය පටන් ගත්ත.
දසතින් කලුවර ටිකින් ටික ගුලි ගැහෙද්දි, පොසොන් සඳ වීර ගස් ඉහලින් පායා ඇවිල්ල තරු පලවා හරිද්දි, බෝතලේ අඩකට ආසන්න ප්‍රමාණයක් හිස් වෙලා තිබුනා.හිතත් අර පුලුන් රොදක් සේ සැහැල්ලුවෙන්ම නොවුනත් පාවෙලා කොහේදෝ යන මට්ටමට ලංවෙලා තිබුනා.
බමන සිත ඔහෙ පාවෙන්න ඇරල මම කකුල් දෙකත් ඉස්සරහ තිබ්බ පරණ බුරුත කොටේ උඩට අරගෙන හැල්මේ දුවන වලාකුලු අතරේ හැංගි මුත්තම් කරන සඳ දිහා බලාගෙන හිටියා. සුන්දර අතීතය.........පෝය දිනක ඈ සමඟ සුදු වැලි අතුල පන්සල් බිමේ පියනැඟි අයුරු..........., මම කෙලින් වෙලා තව පොඩ්ඩක් වීදුරුවට වක් කරගත්තා.
" මහත්තයා................... " කම්බි වැට එහාපැත්තෙ සඳ එළිය නොවැටෙන අඳුරෙ ඉඳල, කවුදෝ කතා කරන සද්දෙට, මම වීදුරුව එහෙම්මම කනප්පුව උඩ තියල සරමත් අඳිමින් නැඟිට්ටා.ආ...... මම කිව්වෙ නැහැ නේද? අපෙ කම්බි වැට අද්දරින් තමයි, මේ පැත්තෙ තියෙන එක් පාරම්පරික ගම්මානයකට යන පාර විහිදෙන්නෙ.ඒ පාර ගම්මානෙ පහු කරල, තව කිලෝ මීටර් පහක් හයක් විහිදෙනව පොඩි කඳු ගැටයක තියෙන ආරණ්‍යකට.
" කවුද ඔය " මම දිග ඇරපු අත්ල නලලට තියල දෑස් මුවාකරගෙන ඇහුවා.අගුවෙ සවිකරපු විදුලි ලාම්පුවෙ එලිය විහිදෙන මානයෙන් එහා ගණ අඳුර නිසාවෙන් කවුද කතා කරන්නෙ කියල මට පැහැදිලිව පෙනුනෙ නැහැ. පුරුදු කටහඬක් නම් නෙවෙයි.
" මට වතුර ටිකක් දෙතෑකිද? " වැට ලඟට කිට්ටු උනු උස මනුස්සයෙක් ඇහුවා.
" එන්න, එන්න, ඔය ඔතන වම් පැත්තෙ කම්බි පොටක් පාත් කරල ඇති, එතනින් ඇතුලට එන්න." ඔය අපෙ ගෝලය, නිහාල් මහ ගේට්ටුවෙන් නොයා, විගැහින් යන්ඩ එන්ඩ හදා ගත්තු හොර පාරක්.
විදුලි එළිය විහිදෙන මානෙට ආවම තමයි, මම මිනිහගෙ හැඩ රුව දැක්කෙ. අඩි හයකට කිට්ටුව උසයි.වයස හතළිහකට කිට්ටු ඇති. රැවුළ ගනසැරේට සෑහෙන කාලයක් වැවිල තිබිල, කැපුවම ඇතිවෙන පිපිහලු ගතිය මූණෙ පේන්න තිබ්බා.අලුත් සරමකුයි කමිසෙකුයි ඇඳල හිටියට, ඒව කිලුටුවෙලා දාඩියෙන් තෙත් වෙලා තිබුනා.මිනිහගෙ ඇස් තමයි මට මතකම හිටියෙ. ඒ ඇස්වල කිසිම හැඟීමක් තිබුනෙම නැහැ.ඇස් මිනිසාගෙ ආත්මයේ කැඩපතයි කියන කතාව ඇත්තක් නම් මේ මනුස්සයගෙ මුලු ආත්මෙම මැරිලයි කියලයි මට එක පාරටම හිතුනෙ.
මම ගේ ඇතුලෙන් ගුරුලේත්තුවයි, වීදුරුවකුයි අරං ආපහු එනකොට,මිනිහ ජෑම් ගහ යට හරහට දාල තිබුනු, බුරුත කොටේ උඩ ඉඳගෙන ඉන්නව. පුරවල දුන්නු වතුර එක එක හුස්මට බීගෙන බීගෙන ගියපු නිසා, මම ගුරුලේත්තුව මිනිහ අතටම දීල මගෙ පුටුවෙ ඉඳ ගත්තා.
වතුර වීදුරු කීපයක්ම බීල මිනිහ කමිසෙ බොත්තම් දෙක තුනක් ඇරල පපුවට පිඹිමින්ම ජෑම් ගහට හේත්තු උනා.
" මම ටිකක් වෙලා මෙහෙම ඉන්නද මහත්තය? මුතුගල හන්දියෙ ඉඳන් පයිම්මයි ආවෙ. හරිම අමාරුයි "
මේ මනුස්සය ඒ කියන්නෙ කිලෝ මීටර් 10 විතර පයින්ම ඇවිත් තියෙන්නෙ. මම හිනා වෙලා ඔලුව වැනුව.
මිනිහ ජෑම් ගහට හේත්තු වෙලාම ඇස් පියා ගත්ත.
මම තව අරක්කු පොඩ්ඩක් වක්කර ගත්තා.බිව්වා.ඒ කරල මගේ කල්පනා ලෝකෙට සමවැදුනා.
ඔහොම මයෙ හිතේ ගියා, විනාඩි පාලහක් විස්සක් වාගෙ විතර. ඔය අතර, මම තව දෙකක් හෝ තුනක් තුනක් දාගත්ත වාගෙ මතකයි.
ඔය අව් අස්සෙ ඇස් පියාගෙනම, මගෙ ආසම සිංදුවකුත් හෙමීට මිමිනුවා "මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින දුටුවෙමි, මගේ සොඳුරිය තවත් ............. "
" ලස්සන සිංදුව, මමත් හරි කැමතියි" මිනිහගෙ කටහඬින් මම ආයෙ ජෑම් ගහ යටට ආව. ඇස් ඇරල බලනකොට මිනිහ කෙලින්වෙලා ඉඳගෙන මා දිහාම බලන් ඉන්නව.
" ආ......... ඇත්තද? " මිනිහ දිහා බලල හිනාවෙන ගමන් මම බෝතලේ අරන් දිගුකලා.
" කමක් නැද්ද? " කියල අහන ගමන්, මිනිහ බෝතලේ අතට ගත්තා.
" ප්‍රශ්නයක් නැහැ, තව තියෙනව" මම නැඟිටල තව වීදුරුවක් ගේන්න ගෙට යන ගමන් කිව්වා.
මම ගෙනැත් දීපු අසෝක වීදුරුවට මිනිහ කට කපල පුරව ගත්ත.මම දික්කරපු සෝඩ බෝතලේ, ඔලුව වනල කාරුණිකව ප්‍රතික්ෂේප කලා. සමහරවිට හිතන්න ඇති, මගෙ ගානෙ අරක්කු නිකම් හම්බ වෙන එකේ,සෝඩත් දාගන්න එක හරි නැහැය කියල.ඔලුව උස්සල , ජෑම් ගහේ අතු අස්සෙන් පායපු හඳ දිහාවෙ බලාගෙන, එක හුස්මට ගසල ඇරිය.ඒ කරල පිටි අල්ලෙන් තොල් පිහදාගෙන පැත්තට හැරිල කෙල පාරක් ගැහුව.
ඒ එක්කම දෙවෙනි වඩියත් ඒ ගානටම පුරව ගත්ත.තව බෝතල් දෙකක් තියනව කියල මට මතක තිබුනට මම කෝකටත් ගෙට ගියා වැඩේ ඉස්තිර කර ගන්න. මොකෝ හිටපු ගමන් මගෙ මිත්තරයො හදිසි කටයුතු වලට නොකියම බෝතලයක් දෙකක් අරන් යනව.බලනකොට බෝතල් දෙක නිරුපද්‍රිතව තියෙනව ඇඳ මුල්ලෙ.රයිට්, බය වෙන්න දෙයක් නැහැ. මම ආපහු ඇවිත් පුටුවෙ ඉඳ ගත්ත.
පලවෙනි එක තනියම ගසල ඇරියට දෙවෙනි ෂොට් එක ගන්න මිනිහ මම එනකල් හිටිය. අපි වීදුරු උස්සල එකිනෙකා දිහාබලල මඳ සිනාවක් පාල වීදුරු හිස් කලා.
ආයෙම රැහැයියන්ගෙ සද්දෙ මැදින් ගෙවුනු නිහඬ විනාඩි කීපයකට පස්සෙ " මගෙ නම රන්බන්ඩා" මිනිහ කිව්ව.
හරි මිනිහ මිනිහ කියල, මටත් දැන් එපාවෙලයි තිබුනෙ. මිනිහයි කිව්වම නිකම් මුහුණක් නැති අනන්‍යතාවයක් නැති තනිකරම කවන්ධයක් නෙව. රන්බණ්ඩා එහෙම නෙවෙයි. ඒ නමත් එක්ක, මිනිහට එක්වරටම අනන්‍යතාවයක්, හැඳුනුම්පතක් ලැබුනා.
" මහත්තය අර සිංදුවට කැමති මොකද කියල මම ඇහුවට කමක් නැද්ද? "
මේ වචන භාවිතය මම මිනිහගෙන්, සමාවෙන්න දැන් මිනිහට අනන්‍යතාවයක් තියනව නෙව, රන්බන්ඩගෙන් බලාපොරොත්තු උනේ නැහැ.
මම රන්බන්ඩ දිහා බැලුවම මිනිහ මගේ අදහස එක පාරටම තේරුම් ගත්ත.
" මහත්තයට පුදුම හිතෙන්ඩ ඇති. ඒකෙ අවුලක් නැහැ. මගෙ ප්‍රශ්නෙට මහත්තය උත්තර දෙන්ඩ අකමැතිනම් කමක් නැහැ "
" නෑ, රන්බන්ඩා, එහෙම එකක් නැහැ, ඇත්තටම ඔය සිංදුවෙන් කියවෙන්නෙ මගෙ කතාව "
" මම කැමති වෙන්න හේතුවත් මහත්තය ඒකමයි.ඔය මගෙත් කතාව.හැබැයි ටිකක් වෙනස් විදිහට "
මතු සම්බන්ධයි............

හ්ම් .රන්බන්ඩා ඇවිත් මුලු කතාවම එළිය කළා...
ReplyDeleteහරි , ඉතින් ඉතින් ...ඊට පස්සෙ මොකද වුනේ
ආ...ඔය ඉන්නේ තවත් රං බංඩෙක්. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රේමවන්තයෙක් වෙන්ට ඕනි. අනේ ගෑනු අපටත් හිත රිදෙන, රිදෙන ගානට ඔහොම බෝතලයක් ඉස්සරහා ඉඳගෙන, සින්දුවක් කියාගන වලාකුලු අස්සේ හැංගිමුත්තක් කරන්ට වාසනාවක් නැති හැටි.
ReplyDeleteකතාව නම් හරිම ලස්සනයි. ඇයි නවකතාවක් ලියන්නේ නැත්තේ මෙච්චර ලස්සන අත්දැකීම් තියෙද්දි?
ඉතින් ඊට පස්සේ.......
ReplyDeleteඉතින් ඉතින් ...........
ReplyDeleteඅපිත් ආසාවෙන් කියවමින් ඉන්නේ ! මාරම ලස්සන හිතේ මැවිලා පේන විදිහට ලියපු කතාවක් . අනිත් ටිකත් ලියන්න හදිස්සෛ නෑ ඕනනම් කල් අරගෙන මේ වගේ ලස්සනටම ලියන්න
ReplyDeleteමේක කරන්ඩ බෑ... ටෙලි නාට්‍ය බලන එක නවත්තල දැං මං බොහොම කල්... අනේ පිං අත්වෙයි රවී අයියෙ නව කතාවක් ලියල දාන්ඩ එක හුස්මට අපිට කියවල දාන්ඩ... මම කියවපු පොත්වලින් කියවද්දි චිත්තරූප මැවුණ හොඳම පරිවර්තන පොත් තමයි අපූ ත්‍රිත්වය හා අරණකට පෙම්බැඳ,හැබැයි බ්ලොග් කියවද්දි මට ඒ විදියෙ හැගීමක් ඇතිවෙලා තියෙනවද කියල අද වෙනකල්ම දැනිල තිබුණෙ නෑ... අද මේ කතාවෙ මේ කොටස කියවද්දි දැනෙන්නෙ මම ඒ ආසන්නයෙ ඉඳල රවී අයියයි, රන්බණ්ඩයි දිහා, මේ සිදුවීම් දිහා බලන් හිටිය වගේ!!!
ReplyDeleteමේ කතාවට දැන් මම හදාගත්තු ටෙලි නාට්‍යයක් තියෙනව!!!!
දැන්ම වැඩිය මුකුත් නොකියා ඉන්නං සේරම කියවනකං. ඒත් ඉතිං "හරිම අපූරුයි" නොකියා ඉන්න බැරි තරමටම කට කහන්න ගත්තනෙව.
ReplyDelete.@ සොඳුරු සිත,
ReplyDeleteහෙහ්....දැන් එතකොට රන්බණ්ඩයි කතාව එලිය කලේ? හරි....හරි,
ඉන්නකෝ ඉවසල ටිකක්, ඉතිරි හරිය කියන්න තමයි මේ ලක ලැහැත්ති වෙන්නෙ,
.@ Podi Kumarihami,
ReplyDelete/ ආ...ඔය ඉන්නේ තවත් රං බංඩෙක්. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රේමවන්තයෙක් වෙන්ට ඕනි. /
එහෙනං, එහෙනං, මේ මොනව කියනවද, පොඩ්ඩියේ? ඔයාගෙ රම්බන්ඩට දෙවෙනි නැහැ මගේ රම්බන්ඩ තේරුනයි?
/ අනේ ගෑනු අපටත් හිත රිදෙන, රිදෙන ගානට ඔහොම බෝතලයක් ඉස්සරහා ඉඳගෙන, සින්දුවක් කියාගන වලාකුලු අස්සේ හැංගිමුත්තක් කරන්ට වාසනාවක් නැති හැටි /
හෙහ්....හෙහ්.... ඒ වගෙ වෙලාවට කරන්න මම දෙන්නෙයි පොඩි උපදේසයක්? ඔන්න ඔයාට විතරයි හොඳේ, කාටවත් කියන්න එහෙම එපා, මේ මම දන්න ලලනාවියක් ඔය වගෙ වෙලාවක කරපු දෙයක්, හරිම ලේසියි පහසුයි, මුලිම්ම අරිනවා බොලොග් එකක්, හෙහ්......හෙහ්, ඊට පස්සෙ හිටු කියල පතුරු අරිනව මුලු පුරුස සංහතියම හෝල් සේල් එකේ, මම කිව්වට ඔයත් කරල බලන්ඩකො අද්දුටුවයි, සත්තයි, හරි නොගියොත් මුදල් ආපසු.
/ කතාව නම් හරිම ලස්සනයි. ඇයි නවකතාවක් ලියන්නේ නැත්තේ මෙච්චර ලස්සන අත්දැකීම් තියෙද්දි? /
ස්තූතියි පොඩ්ඩි අගය කිරීමට, නවකතාවක් ලියන්ඩ මට තියෙන එකම ප්‍රශ්නෙ නමක් හිතා ගන්ඩ බැරි එක නෙව, හොඳ නමක් කියන්ඩකො බලන්ට,
.@ හරී,
ReplyDeleteස්තූතියි හරී, පැමිණීමට සහ ප්‍රතිචාරයට,
ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ ඉක්මනටම කියන්නම්කො
.@ හසී,
ReplyDeleteස්තූතියි හසීටත්, ඉතුරු ටික විගහට කියන්නම්,
.@ හිස් අහස,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සඳරු මල්ලි, නෑ, නෑ, එච්චර කල් යන්නෙ නෑ,
.@ hansakinkini,
ReplyDeleteස්තූතියි නංගි, මට ලොකුම ධෛර්යයයක් ඔයාගෙ අගය කිරීම. ආයෙමත් වාරයක් බොහොමත්ම ස්තූතියි,
.@ nawammawatha,
ReplyDeleteස්තූතියි මළේ, බොහොම ස්තූතියි,
මොකද ඊගාවට වෙන්නෙ...........
ReplyDelete