අපේ අම්මා ගෙදර ඇවිත් කිව්වා ටිකිරි අයියා අම්මලාගේ අවුරුදු උත්සවේ ගැන බ්ලොග් ලිපියක් දාලා කියලා. ඒ ගමන්ම අම්මා කිව්වා අපේ දෝණිත් කවදා හරි මෙහෙම ලිපි ලියයි නේද කියලා. මං ඒ පාර කල්පනා කලා ආයේ මොනවද කවදා හරි අද හෙටම මාත් ලියනවා අම්මලාගේ අවුරුදු උත්සවේ ගැන ලිපියක් කියලා. ආයේ ඉතිං මං මගේ අම්මා ගේ සුදු දෝණිනේ. ඔන්න එහෙනං අම්මලාගේ අවුරුදු උත්සවේ මට පෙනුනු හැටියට මෙන්න මෙහෙම මං ලියනවා.
ඉතිං ඔන්න දවස උදා වුනා. ටිකිරි අයියාගේ අයියා, කෙහෙල්කොටුවේ චූටි අංකල් අම්මාට කථා කරලා කියලා තිබුනා මැරියන් ඇන්ටිත් එක්ක අපිත් එක්ක යන්න එනවා කියලා. ඔන්න ඔහොම එදා උදේ මීගමු පාර දිගේ එනකොට මං දැක්කා ටිකිරි අයියලා අපි ලඟින්ම එනවා. ටිකිරි අයියා මට අත වැනුවා. මාත් අත වැනුවා. වැනුවා තමයි, ඒ එක්කම මගේ තොප්පිය ගැලවිලා සරුංගලේ වගේ පාවෙලා ගියා. තාත්තා මාවයි අම්මාවයි බස්සලා ගිහින් තොප්පිය හෙව්වත් ඒක හොයා ගන්න බැරි වුනා. අපරාදේ අළුත් තොප්පිය කියලා අම්මාට හිතුනා. ඒත් මට උම්මා එකක් දිලා අම්මා හිනා වුනා විතරයි මට බැන්නේ නැහැ, ඇයි ඉතිං මං තාම චූටියිනේ.
මගදී මම “අම්මා කුක්කූ...........” කිව්වාට අම්මා මාව ෂේප් කර ගන්නමයි බැලුවේ. ඇයි ඉතිං අම්මාගේ විච්චූරණේ ඉවරයිනේ ඔය වැඩේට ගියොත්. මාත් ඉතිං පව්නේ අම්මා, එක දවසයිනේ කියලා ඉවසාගන්න හිතුවා.
ඉතිං ඔන්න ඔහොම අපි හය දෙනා උත්සවේ තියෙන තැනට ආවා. ආච්චියි බාප්පායි මාව තියලා යන්න කිව්වත්, අම්මලා එක්කම එන්න ලැබුනු එක ගැන මට හරි සතුටක් දැනුනා. මං බයෙන් හිටියේ මාව දාලා අම්මලා යයි කියලා. ඒත් එහෙම වුනේ නැහැ.
ගේට්ටුව ගාවදී මඩ පාට අංකල් කෙනෙක්, “ඇතුලතම එමු” කියලා හිනා වෙලා කිව්වා, ඒ අංකල්ගේ අතේ ආව් ආව්....... මයිලෝ ගොඩායි බනිස් ගොඩායි තිබුනා. ඇතුලට ආව ගමන් අංකල් කෙනෙක් “තිකත් තිකත් සල්ලි සල්ලි” කිය කියා දුවගෙන දුවගෙන ආවා. තාත්තා සල්ලි දුන්නත් අපට ටිකට් ලැබුනේ නැහැ. අම්මා එයාලාගේ කණ්ඩායමේ නිසා අපට ටිකට් දෙන්නේ නැහැ කියලා තමයි මට තේරුනේ.
ඊට පස්සේ අපි ඉස්සරහට ගියාම ආන්ටිලා අංකල්ලා අයියලා අක්කලා එක යායට වැඩ ගොඩායි.
කට්ටියක් බැලුම් පුම්බනවා. කට්ටියක් ඒවාට නූල් බඳිනවා. කට්ටියක් බනිස් කනවා. කට්ටියක් මයිලෝ බොනවා. මට හරි ආසා හිතුනා. ඔය කට්ටියෙන් කවුරු හරි මට පුම්බපු බැලුමක් නූලක ගැට ගහලා දුන්නා. ඒකත් අරං මායි තාත්තායි පිට්ටනියේ ඈතට ගිහින් සෙල්ලම් කලා. අම්මාත් ඔය මොන මොනවද කර කර හිටියා මං දැක්කා.
වැඩියෙම කළේ වැඩකට ඇති වැඩ නෙමෙයි කියලා මට හිතුනා. අම්මා රවුමක් කැරකෙන කොට ලෝක බොලෙත් රවුම් කාලක් විතර කැරකෙනවා කියලා තමයි තාත්තා නං කියන්නේ. ටිකකින් ආච්චියි බාප්පායි එනවා කියලා කිව්වාට පස්සේ තාත්තා ඒ දෙන්නාට ටිකට් ගත්තා. ඒ පාර නං අංකල් ටිකට් දෙකක් දීලා තිබුනා.!!!
ගිය වෙලේ ඉඳන් අපරාදේ කියන්න බැහැ මං පොටෝ ජෙනික් වගේ තමයි.
හැම අතින්ම මාමලා අයියලා සීයලා ඇවිත් මාව පොටෝ ගන්නවා. මාත් ඉන්න පුළුවන් හැම හැඩේටම ඉඳන් ඒවාට ඉතාමත් නිහතමානී ලෙස මගේ රූපය මුසු කරනවා. කොහොමත් කෙහෙල් කොටුවේ චූටි අංකල් හරි සෝයි. මාව දැක්කොත් ඇති එයාගේ කැමරාවේ ලයිට් පත්තු වෙනවා. එයා නං කියන්නේ ඒ ලයිට් දැක්කහම මට නිකම්ම හිනා යනවා කියලායි.
මම හිතාගෙන ම හිටියේ මේ අවුරුදු උත්සවේදී අර මුට්ටිය බිඳිනවාමයි කියලා. ඒකට මං ප්‍රැක්ටිස් කලා තාත්තා එක්ක. මේ ඒ වෙලාවේ ගත්ත පිංතූරයක්.
ඒත් කොහෙද මේ කට්ටිය මට තියා අපේ අම්මාටවත් ඒ මුට්ටියක් බිඳින්න බැරි තරම් උසින් ගැට ගැහුවානේ. කමක් නැහැ පතන් අංකල්, ලබන පාර මං ඔය අටවලා තියෙන අට්ටාලෙට නැගලා හරි බිඳිනවා බිඳිනවාමයි.
ඔන්න ඉතිං අංකල්ලා හතර පස් දෙනෙක් පහන් පත්තු කරලා අවුරුදු උත්සවේ පටන් ගත්තා.
ඉතිං උදේ පාන්දරමනේ. වැඩියේ කට්ටිය නැහැ. පහන් පත්තු කරන්න ආපු පොලිස් අංකල්ගේ අතින් තෑගි දෙන්න හොඳ සෙල්ලමක් මුලින් කරන්න ඕනේ කියලා හැමෝම වාගේ කථා වුනා. ඇයි එතකොට අනිත් සෙල්ලම් හොඳ නැත්තං මේකට දාගත්තේ මොකද කියලා ඒ වෙලාවේ මට හිතුනා. ඉතිං කොහොම හරි අයියලා අංකල්ලාගේ රේස් එක මුලින් තියන්න තමයි කට්ටිය කථා වුනේ. අම්මාගෙන් එක පොරයයි තාත්තාට දුවන්න යන්න කියලා. මං කිව්වා, කිව්වා අනේ අම්මේ තාත්තා කොහේ දුවන්නද? ඔන්න ඔහේ ඉන්න දෙන්න කියලා. කොහෙද අපේ අම්මාට වගේ වගක් නැහැ. තාත්තාව දුවවන්නමයි ලෑස්තිය. මයේ මොකෝ. මං යෑ දුවන්නේ? මේ වැඩිහිටියෝ කවදාවත් පුංචි අපට කන් දෙනවා කියලායෑ. දුවන්න ගිහින් නිකමට හරි තාත්තා වැටිලා උව්වා වුනා. කාටද කියන්නේ? අම්මාට තාත්තාවයි මාවයි තියාගෙන බයික් එක පදින්නත් බැහැ. ආයෙත් මයේ මොකෝ? මං අම්මාගේ උරහිසට ඔළුව තියා ගත්තා.
ඔන්න ඉතිං තාත්තාත් අර වාසල අංකල් කියන්නා වගේ උසේන් බෝල්ත් වගේ ගිහින් පේළියට හිට ගත්තා.
(උඩ පිංතූරේ කෙලවරේ ම හිටපු තාත්තා දෙවැනි පිංතූරේ මැදට ආවේ කොහොමද මන්දා)
“ඈ.........”
ඉතිං ඊට පස්සේ තමයි අලි බබාලාගේ සෙල්ලම් ටික ටික පටන් ගත්තේ. උදේ පාන්දර අව්වේ එල්ලපු සීනි බනිස් ගල් බනිස් වෙනතුරු හොඳින් අව්වේ වේලුනාට පස්සේ බනිස් කෑමේ මහා සංදර්ශනය ආරම්භ වුනා. නිකම් බනිස් නෙමෙයි සීනි බනිස්. අනේ ඉතිං මං වගේ හිච්චි පැංචියෙක් ඉන්නවා කියලා වගේ වගත් නැතුං මාමලා නැන්දලා අයියලා අක්කලා අර මාර සීයා එක්ක එකතු වෙලා බනිස් ගෙඩි ටික කාලා දැම්මා. එක්කෙනෙකුටවත් හිතුනේ නැහැ අනේ මේ පැංචිට එක ගෙඩියක් දෙන්න ඕනේ කියලා.
ඊට පස්සේ ඔන්න තවත් කෑමක්. අනේ මෙහෙමත් දෙමව්පියෝ කියලා මට හිතුනේ ඔය වෙලාවේ තමයි. යෝගට්! මං ආසම කෑමක්. අනේ ඉතිං මේ මාව ආච්චි අතට දීලා අම්මා ගියා ඇස් බැඳ ගන්න, අර මොකටද? තාත්තාට යෝගට් කවන්න. මං හූ තිය තියා ඇඬුවට අම්මා නෙමෙයි ආවේ. ආච්චියි තාත්තායි බාප්පයි මාව පිට්ටනියේ ඈතට අරං ගියේ අම්මාට මට පේන්නේ නැතුං ඉන්න කියලා. මං නොදන්නවැයේ මෙයාලායේ වැඩ. මමත් ඇරියේ නැහැ. ඇඬුවා ඇඬුවා ඇඬුවා. කොහෙද තාත්තාත් මාව දාලා ගියා අත් බැඳගන්න. අර මොකටද? දුවං දුවං ඇවිත් අම්මා අතින් යෝගට් කන්න. අනේ ඇත්තට අපේ තාත්තා හිතත් ඉන්නේ එයා සෝයි බබා කියලා. අලි බබා වගේ ඉඳන් දුවන්න තියා ගත්තේ. ඒ මදිවට අතුත් බැඳලා. මං එහෙම ඔහොම දිව්වා නං ගෙදර සේරම මං පස්සෙන් දුවන් එනවා. ඉතිං මයේ මොකෝ කියලා මං ආයෙත් හිත හදාගෙන ආච්චි අතට වෙලා හිටියා.
ඔන්න දැන් තාත්තයි අයියලා මාමාලායි දුවන්න බලාගෙන ඉන්නවා.අම්මායි අක්කලා නැන්දලායි ඇස් බැඳගෙන යෝගට් කොප්ප ටික අතේ තියන් ඉන්නවා.
දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.
අනේ මං ඇස් වහ ගත්තා. අපේ අම්මායි තාත්තායි දුවන දිවිල්ල දැකලා. නිකමට හරි වැටුනා නං............ එතැන පස් දාලා තලලා කරලා හදලා දීලා තමයි එන්න වෙන්නේ කට්ටියට. කොහොම හරි එයාලා දුවාගත්තා මං හිතන්නේ 3 වෙනියට හරි 4 වෙනියට හරි. අම්මලා පස්සේන් දුවන් ආපු දෙන්නා නං ඩොම්මා වුනා. හැබැයි පොළොවට වැඩි හානියක් වුනේ නැහැ.
ඒ කැවිල්ල ඉවර වෙලා, අම්මා ඇවිල්ලා “අනේ මගේ සූකිරි පැටියෝ” කියලා මාවත් ශේප් කරගත්තා. ආයෙත් සැරයක් මං නිකමට වගේ “අම්මා කුක්කු.............” කියලා කියලා බැලුවා. ඒ පාර නං වැඩේ හරි ගියා.
ඕන් ටිකකින් තවත් වැඩක්. අනේ ඇයි අනේ අදවත් මට අම්මා අතට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ කියලා, මට මං ගැනම දුක හිතුනා. අනිත් අතට අපේ අම්මායි තාත්තායි හිතන් ඉන්නේ මෙතැන ඉන්න හසී අක්කා, සුදාරක අයියා වගේ මෙයාලත් හිච්චි පැටව් කියලා. ඕන් ඒ පාර දෙන්නා එක්ක මාව ආයෙත් ආච්චිට පංගනාත්තු කරලා ගියා තොප්පි දාන්න. තාත්තා අම්මාට තොප්පි දානවා.
අම්මා ටිෂානි අක්කාට තොප්පි දානවා. ඔය විදිහට දාගෙන දාගෙන යනවා. ඔහොම යනකොට එක පාරක් අම්මා පරදින්න ආවා. තාත්තා මෙතැන කොහොම වෙතත් ගෙදර ගිහින් ඉන්න ලැබෙන්නේ නැති නිසා ද කොහෙද සිංදුව නැවතුනාම අම්මාගේ ඔළුවට වැටෙන්න ගිය තොප්පිය නොදා ඔළුවට උඩින් අල්ලාගෙන බලාගෙන හිටියා. අම්මා නිකමට උඩ හරියට අත තියලා බැලුවහම මෙන්න තොප්පිය පාවෙනවා. තාත්තා නෙමෙයි පරාද අම්මා පරාදයි!!! කියලා මං මහා හයියෙන් කිව්වත් තාත්තා තොප්පිය අම්මාට දිලා ආවා. අනේ මෙන්න ටිකකින් අම්මාත් එනවා. දෙන්නම පරාදයි. ඔය නොදන්න තොප්පියක් දාන්න යන්නේ නැතුං මාත් එක්ක ඉඳන් බැලුම්බෝල නොගැහැව්වාට දෙන්නාටම හොඳ ම වැඩේ.
මට ඉතිං මේ අවුරුදු උත්සවේ දැන් ටිකින් ටික එපා වෙන තැනටම කටයුතු යෙදී ගෙන යෙදී ගෙන එන්න පටන් ගත්තා. ඇයි වදේ. ටිෂානි අක්කලා මට වඩා ලොකු වැඩියි වගේ. අබීත අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. සුභාෂ් අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. ටිකිරි අයියා ගිය අතක් නැහැ. මේ අම්මායි තාත්තායි මාව අරං ඇවිල්ලා මේ ගිණි අව්වේ, මට එපා වෙනවා........... කියලා මට හැම තිස්සේම හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ ආච්චි එනවා මාව ගන්න. ඔන්න මට එපා වෙනවා....... මට පිට්ටනිය වටේ දුවන්න හිතෙනවා හැංගෙන්න. ඇයි අනේ මං අම්මා අතේ ඉන්නම්කෝ......... කිය කියා මං ඇඬුවා. එයාලාට මං කියන දේ ඇහෙන්නේ නැහැ. මං අඬනවා කියලා විතරයි හිතන්නේ.
ඉතිං ඔන්න ඔහොම ඉන්න අතරේ මට නින්ද ගියා. ඒ ටිකට අම්මා මාව ආච්චි අතට දීලා ගිහින්නේ. ඇහැරලා බලද්දි තමයි දැක්කේ ඊ ලඟ කෝලම. මේන් අම්මා දුවන්න යනවා. අනේ ඇත්තට........ නෑ නෑ මං මොකුත් කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. ඇයි වදේ තාත්තාත් මේවාට උල්පන්දම් දෙනවානේ. ඔහේ දුවාගත්ත දෙන්. මට දුක අර දෙපැත්තේ ඉන්න අක්කලා ගැන. අම්මාගේ අතක් එහෙම වැදුනොත් මේ දෙන්නා කොයි ලෝකෙන් ඇහිඳින්න වෙයිද මන්දා.
ඕන් ඉතිං අපේ අම්මා හිතං ඇති එයා සුසන්තිකා ජයසිංහ කියලා, මීටර 100 දුවන්න යන්නේ. තාත්තා යාන්තම් මාවත් වඩාගෙන ගිහින් අසංග අංකල්ට කියලා කියලා තමයි මීටර් 100 මිටර් 50කට විතර අඩු කරගත්තේ. නැත්තං ඉතිං මේ වෙනකනුත් අම්මාට තෙල් බේත් කරන්න සිද්ධ වෙනවා කියලා මං නොකිව්වට තාත්තාට වැටහුනා. ඕන් ඉතිං යාන්තම් අම්මා දුවලා දුවලා ගිහින් හතර වෙනියා වුනා.
මොනවා වුනත් මට මගේ අම්මායි තාත්තායි ගැන ආඩම්බර නැතුවාමත් නෙමෙයි. දෙන්නා සූටියට සූටියේ හිටියාට දිනිල්ල කෙසේ වෙතත් ඕනේම කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන් තරමේ හිතේ හයියක් තියෙනවා නොවැ. “මල්ලී දිනන්න නෙමෙයි නිකමට සෙල්ලම් කරමු. එන්නකෝ අප්පා” කිය කියා ඔය හැම එකටම අම්මා බාප්පාට කථා කලාට බාප්පා නෙමෙයි අනිවාර්යය පැරදුම බාර ගන්න ලැහැස්ති වුනේ. ඒකටත් එක්ක අපේ අම්මායි තාත්තායි. හොය හොයා ගිහින් පැරදුනේ. ඒකත් නරකම නැහැ බැලුවහම. අම්මා හිතන් හිටියේ බාප්පාව අවුරුදු කුමාරයාට තියන්න කියලා. කොහෙද හිනා වෙවි, “ මේ පිස්සු කරන්න එපා අක්කේ” කිව්වා මිසක බාප්පා අඩුම ගානේ පුටුවෙන් නැගිට්ටේවත් නැහැ. පව් අප්පා අපේ අම්මා!!!
ඕන් මට දැන් සතුටුයි හිතෙන වෙලාව ලංවුනා. සේරම වැඩ ඉවරයිනේ.
දැන් ගෙදර යන්න තියෙන්නේ කියලා මං සතුටු වෙවි ඉන්නකොට මෙන්න බොලේ අර ලොකු ලණුව අදින්න කථා කරනවා. අම්මා කිව්වා බැහැ, මෙයා අඬනවානේ කියලා. ඒත් කොහෙද කෙහෙල් කොටුවේ චූටි අංකල්ගේ මැරියන් ආන්ටි “දෙන්න අක්කේ මෙයාව මට, ඔයා යන්න සපෝර්ට් එකක් දෙන්න” කියලා කිව්වහම අම්මාට මේ ලෝකේ සිහියක් නැති වුනා. මාව දුන්නා ඒ ආන්ටි අතට. මෙන්න අම්මා පැනගෙන යනවා ලණුව අදින්න. මං ආපහු හූ තිය තියා ඇඬුවා, මැරියන් ආන්ටිට මාව ගත්ත මෝඩ කම කියලා හිතෙන්න. කොහෙද, මගේ අම්මාට එව්වා ඇහුනේ නැහැ. එයා ගජරාමෙට ලණුව අදිනවා, ඒ ලඟින්ම තාත්තාත් අදිනවා. අනේ අපරාදේ කියන්න බැහැ, මං ඇඬිල්ල අතරිනුත් හොඳට බලාගෙන හිටියේ, තාත්තලැයි පැත්තේ හිටපු අලි පැටව් වගේ කට්ටිය සේරම, වැලේ වනපු මගේ නැප්කීන්වගේ වැනිලා වැනිලා අනිත් පැත්තට ලස්සනට ඇදිලා ගියා. අනේ හරිම සංතෝෂයි ඒක දැක්කහම. ඒ තරම් ලස්සනයි. ඒ අස්සේ මට හිනාත් යන්න ආවා. එහෙම පුළුවන්ද, මං පුළුවන් තරම් හයියෙන් ඇඬුවා. නැත්තං ඕන් වෙච්චි දේට කැකිරි පල පලා ඉන්නවා මිසක් අම්මා නෙමෙයි එන්නේ මාව ගන්න. මගේ වැඩේ හරි ගියා අම්මා ඇවිත්, “අනේ මගේ පැටියෝ, සොරිම සොරි, දැන් එන්න එන්න” කියලා මාව වඩා ගත්තා. ඔය මට හැරුණු තරඟ දෙක තුනකුත් ඇති ඉතිං. මං දොයි වෙලාවේ මොනවා වුනාද කියලා මං දන්නේ නැහැ අනේ.
ඉතිං ඊට පස්සේ අපි ගිහින් වාඩි වෙලා, අවුරුදු කුමාරයා අයියායි අවුරුදු කුමාරි අක්කයි තෝරන හැටිත් බලන් හිටියා. එතකොට වාසල අංකල්, සෝයි සුයිට් අංකල්, මට දුන්නා යෝගට් එකක්. අම්මා මට ඒක කැව්වා. ස්තුතියි වාසල අංකල්.
ඊට පස්සේ අර රැපල් ඩෝ ද මොකද්ද එකක් වෙන හැටි බලං ඉන්න පටන් ගත්තා. අපට ටිකට් නොලැබූනාට ආච්චිටයි බාප්පාටයි ටිකට් ලැබුනානේ. ඉතිං ඔන්න අම්මා ආච්චිට කිව්වා කෝ කෝ ටිකට් දෙක කියලා එළියේ හිටපු බාප්පා අතේ තිබුණු ටිකට් දෙක ගෙන්නාගෙන බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න පටන් ගත්තා. ටිකිරි අයියලාටත් තෑග්ගක් ලැබුනා. අපේ ටිකට් දෙකට තාමත් මොකුත් නැති පාටයි. ඔහොම ඔහොම අවසාන තෑග්ගටම ආවා. ඉතිං අබීත අංකල් මාර සීයාට කිව්වා එකක් ගන්න බලන්න කියලා. අනේ සුදු මාර සීයා!!! අච්චර ටිකට් ගොඩින් මාර සීයා අතට අහුවෙලා තිබුනේ අපේ බාප්පාගේ ටිකට් එකමයි. නිකම් නෙමෙයි, පළවෙනි තෑග්ගලු. හරි සෝයි. මායි අම්මායි තාත්තායි ලඟදී දවසක ඒ තෑග්ග ගන්න කිතුල්ගල ද කොහෙද යනවා කියලා තමයි කියන්නේ. මොකද බාප්පාට තාම පුංචි කෙනෙක් නැති නිසා අපට ම තමයි යන්න වෙන්නේ කියලා තමයි මට දැනුනේ.

තාත්තාගේ අහල පහළමට හිටන් ඉන්න එක්කෙනෙක් දැක්කා විතරයි අපේ අම්මා ඉනට අත් දෙකම තියාගෙන එහෙම කිව්වා. අසංග අංකල් රේස් දුවන්න යනවා මාත් එතකොට තමයි දැක්කේ. අම්මා උත්සවේට කලින් දවසක ගෙදර ඇවිත්, සංවිධායක මණ්ඩලේ කට්ටිය තරඟ වලට ඉන්නේ නැහැලු, කිය කියා නාහෙන් ඇඬුවා. මං ඔහොම ඇඬුවහම තමයි දෙන්නාටම වැරදි. අම්මා ඇඬුවහම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතිං ඔය සංවිධායකයෝ තරඟ වලට නොහිටිනු! කියලා පවත්තපු විරෝධතා වියාපාරයේ, තනි කකුලෙන් ඉදිරියෙන්ම හිටපු අසංග අංකල් මේ උදේ පාන්දරම තරඟ බිමට ඒම තමයි අම්මාගේ අත් ඉනට යවන්න හේතු වුනේ. ඒත් ඒ එක්කම මං අම්මාට කිව්වා ඇයි අම්මේ අම්මාට තේරෙන්නේ නැද්ද? ඔය සංවිධායක කට්ටිය නැත්තං මේ උදේ පාන්දර කවුද ඔය රේස් එක දුවන්නේ කියලා. ඉතිං ඒ සැනින් අම්මාට අසංග අංකල්, වාසල අංකල් වගේ අය ගැන අප්‍රමාණ සංතෝෂයක් පහළ වුනා මං හිතන්නේ. ඉතිං අසංග අංකල් මගක් දුවලා පහු බැස්සා මං දැක්කා. මං හිතන්නේ පළවෙනියා වුනාට පස්සේ තෑග්ග ගැනීම සංවිධායකයෙක් හැටියට හොඳ නැති නිසා වෙන්න ඇති.
ඉතිං ඊට පස්සේ තමයි අලි බබාලාගේ සෙල්ලම් ටික ටික පටන් ගත්තේ. උදේ පාන්දර අව්වේ එල්ලපු සීනි බනිස් ගල් බනිස් වෙනතුරු හොඳින් අව්වේ වේලුනාට පස්සේ බනිස් කෑමේ මහා සංදර්ශනය ආරම්භ වුනා. නිකම් බනිස් නෙමෙයි සීනි බනිස්. අනේ ඉතිං මං වගේ හිච්චි පැංචියෙක් ඉන්නවා කියලා වගේ වගත් නැතුං මාමලා නැන්දලා අයියලා අක්කලා අර මාර සීයා එක්ක එකතු වෙලා බනිස් ගෙඩි ටික කාලා දැම්මා. එක්කෙනෙකුටවත් හිතුනේ නැහැ අනේ මේ පැංචිට එක ගෙඩියක් දෙන්න ඕනේ කියලා.
ඊට පස්සේ ඔන්න තවත් කෑමක්. අනේ මෙහෙමත් දෙමව්පියෝ කියලා මට හිතුනේ ඔය වෙලාවේ තමයි. යෝගට්! මං ආසම කෑමක්. අනේ ඉතිං මේ මාව ආච්චි අතට දීලා අම්මා ගියා ඇස් බැඳ ගන්න, අර මොකටද? තාත්තාට යෝගට් කවන්න. මං හූ තිය තියා ඇඬුවට අම්මා නෙමෙයි ආවේ. ආච්චියි තාත්තායි බාප්පයි මාව පිට්ටනියේ ඈතට අරං ගියේ අම්මාට මට පේන්නේ නැතුං ඉන්න කියලා. මං නොදන්නවැයේ මෙයාලායේ වැඩ. මමත් ඇරියේ නැහැ. ඇඬුවා ඇඬුවා ඇඬුවා. කොහෙද තාත්තාත් මාව දාලා ගියා අත් බැඳගන්න. අර මොකටද? දුවං දුවං ඇවිත් අම්මා අතින් යෝගට් කන්න. අනේ ඇත්තට අපේ තාත්තා හිතත් ඉන්නේ එයා සෝයි බබා කියලා. අලි බබා වගේ ඉඳන් දුවන්න තියා ගත්තේ. ඒ මදිවට අතුත් බැඳලා. මං එහෙම ඔහොම දිව්වා නං ගෙදර සේරම මං පස්සෙන් දුවන් එනවා. ඉතිං මයේ මොකෝ කියලා මං ආයෙත් හිත හදාගෙන ආච්චි අතට වෙලා හිටියා.
ඔන්න දැන් තාත්තයි අයියලා මාමාලායි දුවන්න බලාගෙන ඉන්නවා.අම්මායි අක්කලා නැන්දලායි ඇස් බැඳගෙන යෝගට් කොප්ප ටික අතේ තියන් ඉන්නවා.
දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.
අනේ මං ඇස් වහ ගත්තා. අපේ අම්මායි තාත්තායි දුවන දිවිල්ල දැකලා. නිකමට හරි වැටුනා නං............ එතැන පස් දාලා තලලා කරලා හදලා දීලා තමයි එන්න වෙන්නේ කට්ටියට. කොහොම හරි එයාලා දුවාගත්තා මං හිතන්නේ 3 වෙනියට හරි 4 වෙනියට හරි. අම්මලා පස්සේන් දුවන් ආපු දෙන්නා නං ඩොම්මා වුනා. හැබැයි පොළොවට වැඩි හානියක් වුනේ නැහැ.
ඒ කැවිල්ල ඉවර වෙලා, අම්මා ඇවිල්ලා “අනේ මගේ සූකිරි පැටියෝ” කියලා මාවත් ශේප් කරගත්තා. ආයෙත් සැරයක් මං නිකමට වගේ “අම්මා කුක්කු.............” කියලා කියලා බැලුවා. ඒ පාර නං වැඩේ හරි ගියා.
ඕන් ටිකකින් තවත් වැඩක්. අනේ ඇයි අනේ අදවත් මට අම්මා අතට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ කියලා, මට මං ගැනම දුක හිතුනා. අනිත් අතට අපේ අම්මායි තාත්තායි හිතන් ඉන්නේ මෙතැන ඉන්න හසී අක්කා, සුදාරක අයියා වගේ මෙයාලත් හිච්චි පැටව් කියලා. ඕන් ඒ පාර දෙන්නා එක්ක මාව ආයෙත් ආච්චිට පංගනාත්තු කරලා ගියා තොප්පි දාන්න. තාත්තා අම්මාට තොප්පි දානවා.
අම්මා ටිෂානි අක්කාට තොප්පි දානවා. ඔය විදිහට දාගෙන දාගෙන යනවා. ඔහොම යනකොට එක පාරක් අම්මා පරදින්න ආවා. තාත්තා මෙතැන කොහොම වෙතත් ගෙදර ගිහින් ඉන්න ලැබෙන්නේ නැති නිසා ද කොහෙද සිංදුව නැවතුනාම අම්මාගේ ඔළුවට වැටෙන්න ගිය තොප්පිය නොදා ඔළුවට උඩින් අල්ලාගෙන බලාගෙන හිටියා. අම්මා නිකමට උඩ හරියට අත තියලා බැලුවහම මෙන්න තොප්පිය පාවෙනවා. තාත්තා නෙමෙයි පරාද අම්මා පරාදයි!!! කියලා මං මහා හයියෙන් කිව්වත් තාත්තා තොප්පිය අම්මාට දිලා ආවා. අනේ මෙන්න ටිකකින් අම්මාත් එනවා. දෙන්නම පරාදයි. ඔය නොදන්න තොප්පියක් දාන්න යන්නේ නැතුං මාත් එක්ක ඉඳන් බැලුම්බෝල නොගැහැව්වාට දෙන්නාටම හොඳ ම වැඩේ.
මට ඉතිං මේ අවුරුදු උත්සවේ දැන් ටිකින් ටික එපා වෙන තැනටම කටයුතු යෙදී ගෙන යෙදී ගෙන එන්න පටන් ගත්තා. ඇයි වදේ. ටිෂානි අක්කලා මට වඩා ලොකු වැඩියි වගේ. අබීත අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. සුභාෂ් අංකල්ගේ පුතා එනවා කිව්වා. ආවේ නැහැ. ටිකිරි අයියා ගිය අතක් නැහැ. මේ අම්මායි තාත්තායි මාව අරං ඇවිල්ලා මේ ගිණි අව්වේ, මට එපා වෙනවා........... කියලා මට හැම තිස්සේම හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ ආච්චි එනවා මාව ගන්න. ඔන්න මට එපා වෙනවා....... මට පිට්ටනිය වටේ දුවන්න හිතෙනවා හැංගෙන්න. ඇයි අනේ මං අම්මා අතේ ඉන්නම්කෝ......... කිය කියා මං ඇඬුවා. එයාලාට මං කියන දේ ඇහෙන්නේ නැහැ. මං අඬනවා කියලා විතරයි හිතන්නේ.
ඉතිං ඔන්න ඔහොම ඉන්න අතරේ මට නින්ද ගියා. ඒ ටිකට අම්මා මාව ආච්චි අතට දීලා ගිහින්නේ. ඇහැරලා බලද්දි තමයි දැක්කේ ඊ ලඟ කෝලම. මේන් අම්මා දුවන්න යනවා. අනේ ඇත්තට........ නෑ නෑ මං මොකුත් කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. ඇයි වදේ තාත්තාත් මේවාට උල්පන්දම් දෙනවානේ. ඔහේ දුවාගත්ත දෙන්. මට දුක අර දෙපැත්තේ ඉන්න අක්කලා ගැන. අම්මාගේ අතක් එහෙම වැදුනොත් මේ දෙන්නා කොයි ලෝකෙන් ඇහිඳින්න වෙයිද මන්දා.
ඕන් ඉතිං අපේ අම්මා හිතං ඇති එයා සුසන්තිකා ජයසිංහ කියලා, මීටර 100 දුවන්න යන්නේ. තාත්තා යාන්තම් මාවත් වඩාගෙන ගිහින් අසංග අංකල්ට කියලා කියලා තමයි මීටර් 100 මිටර් 50කට විතර අඩු කරගත්තේ. නැත්තං ඉතිං මේ වෙනකනුත් අම්මාට තෙල් බේත් කරන්න සිද්ධ වෙනවා කියලා මං නොකිව්වට තාත්තාට වැටහුනා. ඕන් ඉතිං යාන්තම් අම්මා දුවලා දුවලා ගිහින් හතර වෙනියා වුනා.
මොනවා වුනත් මට මගේ අම්මායි තාත්තායි ගැන ආඩම්බර නැතුවාමත් නෙමෙයි. දෙන්නා සූටියට සූටියේ හිටියාට දිනිල්ල කෙසේ වෙතත් ඕනේම කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන් තරමේ හිතේ හයියක් තියෙනවා නොවැ. “මල්ලී දිනන්න නෙමෙයි නිකමට සෙල්ලම් කරමු. එන්නකෝ අප්පා” කිය කියා ඔය හැම එකටම අම්මා බාප්පාට කථා කලාට බාප්පා නෙමෙයි අනිවාර්යය පැරදුම බාර ගන්න ලැහැස්ති වුනේ. ඒකටත් එක්ක අපේ අම්මායි තාත්තායි. හොය හොයා ගිහින් පැරදුනේ. ඒකත් නරකම නැහැ බැලුවහම. අම්මා හිතන් හිටියේ බාප්පාව අවුරුදු කුමාරයාට තියන්න කියලා. කොහෙද හිනා වෙවි, “ මේ පිස්සු කරන්න එපා අක්කේ” කිව්වා මිසක බාප්පා අඩුම ගානේ පුටුවෙන් නැගිට්ටේවත් නැහැ. පව් අප්පා අපේ අම්මා!!!
ඕන් මට දැන් සතුටුයි හිතෙන වෙලාව ලංවුනා. සේරම වැඩ ඉවරයිනේ.
දැන් ගෙදර යන්න තියෙන්නේ කියලා මං සතුටු වෙවි ඉන්නකොට මෙන්න බොලේ අර ලොකු ලණුව අදින්න කථා කරනවා. අම්මා කිව්වා බැහැ, මෙයා අඬනවානේ කියලා. ඒත් කොහෙද කෙහෙල් කොටුවේ චූටි අංකල්ගේ මැරියන් ආන්ටි “දෙන්න අක්කේ මෙයාව මට, ඔයා යන්න සපෝර්ට් එකක් දෙන්න” කියලා කිව්වහම අම්මාට මේ ලෝකේ සිහියක් නැති වුනා. මාව දුන්නා ඒ ආන්ටි අතට. මෙන්න අම්මා පැනගෙන යනවා ලණුව අදින්න. මං ආපහු හූ තිය තියා ඇඬුවා, මැරියන් ආන්ටිට මාව ගත්ත මෝඩ කම කියලා හිතෙන්න. කොහෙද, මගේ අම්මාට එව්වා ඇහුනේ නැහැ. එයා ගජරාමෙට ලණුව අදිනවා, ඒ ලඟින්ම තාත්තාත් අදිනවා. අනේ අපරාදේ කියන්න බැහැ, මං ඇඬිල්ල අතරිනුත් හොඳට බලාගෙන හිටියේ, තාත්තලැයි පැත්තේ හිටපු අලි පැටව් වගේ කට්ටිය සේරම, වැලේ වනපු මගේ නැප්කීන්වගේ වැනිලා වැනිලා අනිත් පැත්තට ලස්සනට ඇදිලා ගියා. අනේ හරිම සංතෝෂයි ඒක දැක්කහම. ඒ තරම් ලස්සනයි. ඒ අස්සේ මට හිනාත් යන්න ආවා. එහෙම පුළුවන්ද, මං පුළුවන් තරම් හයියෙන් ඇඬුවා. නැත්තං ඕන් වෙච්චි දේට කැකිරි පල පලා ඉන්නවා මිසක් අම්මා නෙමෙයි එන්නේ මාව ගන්න. මගේ වැඩේ හරි ගියා අම්මා ඇවිත්, “අනේ මගේ පැටියෝ, සොරිම සොරි, දැන් එන්න එන්න” කියලා මාව වඩා ගත්තා. ඔය මට හැරුණු තරඟ දෙක තුනකුත් ඇති ඉතිං. මං දොයි වෙලාවේ මොනවා වුනාද කියලා මං දන්නේ නැහැ අනේ.
ඉතිං ඊට පස්සේ අපි ගිහින් වාඩි වෙලා, අවුරුදු කුමාරයා අයියායි අවුරුදු කුමාරි අක්කයි තෝරන හැටිත් බලන් හිටියා. එතකොට වාසල අංකල්, සෝයි සුයිට් අංකල්, මට දුන්නා යෝගට් එකක්. අම්මා මට ඒක කැව්වා. ස්තුතියි වාසල අංකල්.
ඊට පස්සේ අර රැපල් ඩෝ ද මොකද්ද එකක් වෙන හැටි බලං ඉන්න පටන් ගත්තා. අපට ටිකට් නොලැබූනාට ආච්චිටයි බාප්පාටයි ටිකට් ලැබුනානේ. ඉතිං ඔන්න අම්මා ආච්චිට කිව්වා කෝ කෝ ටිකට් දෙක කියලා එළියේ හිටපු බාප්පා අතේ තිබුණු ටිකට් දෙක ගෙන්නාගෙන බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න පටන් ගත්තා. ටිකිරි අයියලාටත් තෑග්ගක් ලැබුනා. අපේ ටිකට් දෙකට තාමත් මොකුත් නැති පාටයි. ඔහොම ඔහොම අවසාන තෑග්ගටම ආවා. ඉතිං අබීත අංකල් මාර සීයාට කිව්වා එකක් ගන්න බලන්න කියලා. අනේ සුදු මාර සීයා!!! අච්චර ටිකට් ගොඩින් මාර සීයා අතට අහුවෙලා තිබුනේ අපේ බාප්පාගේ ටිකට් එකමයි. නිකම් නෙමෙයි, පළවෙනි තෑග්ගලු. හරි සෝයි. මායි අම්මායි තාත්තායි ලඟදී දවසක ඒ තෑග්ග ගන්න කිතුල්ගල ද කොහෙද යනවා කියලා තමයි කියන්නේ. මොකද බාප්පාට තාම පුංචි කෙනෙක් නැති නිසා අපට ම තමයි යන්න වෙන්නේ කියලා තමයි මට දැනුනේ.
මොනවා වුනත් මාර සීයා හරි ලස්සන සීයා කියලා මට ඒ වෙලාවේ හිතුනා.
ඉතිං ඊට පස්සේ අපි කේක් කෑවා. සිංදු දාලා හැමෝම එකතු වෙලා එතැන තැලිලා පොඩි වෙලා තිබුණු පොළොව තව ටිකක් තලලා, කරලා හදලා දුන්නා.
පස්සේ මට හොඳටම මහන්සි නිසාත්, අම්මාටයි තාත්තාටයි ත් මහන්සි නිසාත් අපි ඉක්මනමට ආවා. ඒ එන්න කලින් අපි කට්ටිය සේරම එකට ඉඳන් පිංතූර ගොඩාක් ගත්තා. මේ එයින් එකක්.
ඇත්තටම චූටි මට ටිකක් මහන්සි වගේ දැනුනත් ඒ අවුරුදු උත්සවයට මං හරි ම කැමතියි.
පස්සේ ලියපුවා
ඕන් ඔහොමයි මට මේ අවුරුදු උත්සවය දැනුනේ. අපේ අම්මා ඒ උත්සවේදී ලැබුණු, අරුණි ශපිරෝ නැන්දාගේ පොත් කියවනවා මේ දවස් වල හරි හරියට. ඉතිං ඒ පොත් වල තියෙනවාලු මාව හදාගන්න ඕනේ විදිහ. ඔය විදිහට මං හොඳ දුවෙක් වෙලා, අම්මා වගේ ලොකු වුනාට පස්සේ මීටත් වඩා හොඳට මේ දේවල් ලියන්න හිතාගෙන ඉන්නවා. ඉතිං එතකං ඉඩ ලැබුනු වෙලාවට අම්මාගේ බ්ලොග් එකේ ලියන්නත් හිතාගෙන ඉන්නවා. මේ දාලා තියෙන පිංතූර අහලා නෙමෙයි ගත්තේ. පිංතූරු අයිති මාමලා අම්මාට බනින්න එපා හරිද? අම්මා පව්නේ. එහෙම නම් බුදු සරණයි හැමෝන්ටම.
මේ ටිකට් මාමායි සුයිට් මාමායි තමයි වැඩියෙම මේ වැඩේට මහන්සි වුනේ.

හැබෑටම දුව මෙහෙම ලියයිද මීට වඩා මේ නාකි හටන් වල නාඩගන් කියලා ලියයිද මන්දා
ReplyDeleteහෙහ්, හෙහ්, හෙහ්,........චුට්ටි කෙල්ලේ, උඹ දැන් ලොකුයි නෙව......ඇස් වහක් කටවහක් නැහැ, මයෙ රත්තරනේ,
ReplyDeleteඋඹලයෙ අම්ම ගැන උඹ ඔය කියල තියන කතානම් ඇත්තෝම ඇත්ත, අම්ම ඒ කාලෙ ඉඳම්ම එහෙමයි නෙව, බැරි දේකුත් නැහැ......පුලුවන් දේකුත් නැහැ,බැහැයි කියල කිසිදෙයක් අතාරින අම්මණ්ඩියෙකුත් නෙවෙයි නෙව,
වෙලාවට උඹලගෙ තාත්තත් ඒ ජාතියෙම උන නිසා හොඳා, තකට තක.......හෙහ්, හෙහ්.......ජාඩියට මූඩිය........,
ශා හරි ශෝයි.....
ReplyDeleteමොනා කියන්නද මන්දා. දූගේ අම්මයි තාත්තයි කුමර කුමාරි තරගෙට විතරද කොහේදෝ හිටියෙ නැත්තේ. ඒකටත් බලෙන්ම රිංගගන්න ට්‍රයියක් දුන්නා කියලා තමයි හැබැයි ආරංචිය.
ReplyDeleteහලේ සූ පැටික්කිව අඬවලානේද මේ අම්මා. මොනවා උනත් පැටික්කි කියපු සමහරවද දන්නැ අක්කා මේ ඇත්තටම ලියන් නේ.
ReplyDeleteමේක හරියන්නේ නැහැ..පැටියෙක් කඩෙන් හරි අරන් හදා ගන්න වෙනවා නැත්තං අපේ නම ගෙනියන්න එකෙක් නැහැ ඉස්සරහට...
ReplyDeleteදූ සිඟිත්ත දන්නේ නැහැනේ වැඩක්..ඔය මාර සීයා දූලගේ අම්මිලට තෑග්ග ඇඳලා දුන්නේ නිකං අහීත මුත්තා කියලම නෙවෙයි..මාර සීයා කිව්වා.."යකුනේ ඕකට අතදාලා තේරන්න මටත් දියවු " කියලා..ආන්න ඊට පස්සේ තමා මාර සීයාට නොදී බැරි කමට මරණේ සීයායි අභීත සීයායි ඔය තුණ්ඩු තෝරන්න දුන්නේ..
දැන් සූටික්කියේ හොඳම තෑග්ග ඕක නෙවෙයි...ඒ තෑග්ග හම්බෙන්නේ ඔයාටම තමයි..
ඒ කොහොමද ඇහැවුවා..?
හා මෙහෙමනේ දෝණී දැන් ඔය කිතුල්ගලද කොහේද යන්න අම්මයි තාත්තියි සැරසෙන්නේ දූට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් හොයන්නත් එක්ක කියනවානේ..ආන්න ඉතිං ඒ වැඩේ හරි ගියොත් හොඳම තෑග්ග කාටද හම්බ වෙන්නේ..?
මං මේවා කිව්වා කියලා අම්මියට එහෙම කියන්න එපා දූ හොඳේ...දූ දන්නවනේ උන්දෑගේ හැටි...ආයේ මාව හක්කේ තියලා ෂෙම අරී..එහෙනං මං යඤ්ඤාං...
ශෝයි අපේ චූටි දෝණි..... අම්මියි තාත්තියි එක්ක ආයෙ දවසක හම්බ වෙමුකෝ... !!!
ReplyDeleteඅලේ සුදු නංගියා උම්ම්ම්ම්මාහ්... හලීම සෝයි ඔයා ලියපු එක :D
ReplyDeleteආ..... නංගිත් බ්ලොග් කෙරුවාව පටන් ගත්තද? හරි එහෙනං නංගියා ඔය පැත්තෙන් කරගෙන එන්ඩකො.... මම සයිබර් යාය ගොඩදාගෙන එඥ්ඥං. මේකට තව කමෙන්ට් ටිකක් වැටුනාම සංතෝසෙටත් එක්ක අයිස්කිරිං එකක් කකාම පස්සෙ කතා කරමුකො.....
ReplyDeleteමීට ටිකිරි අයියා:D
අලේ නංගි බබා ලිපියක් ලියලා අලි සෝයි අෆ්ෆා ...
ReplyDeleteසිරා ලිපියක්, දූටත් ලස්සනට ලියන්න පුලුවන්නේනේ! ඔන්න ඔහෙ අලුතෙන් බ්ලොග් එකක් පටං ගන්න දුවේ, අම්මාගෙ බ්ලොග් එකට වඩා හිට් වෙයි :)
ReplyDeleteහප්පේ මෙච්චර හිච්චි කාලෙ මෙහෙම රහට ලියන්න පුළුවන් නම් ලොකු උනාම බ්ලොග් වනසයිනෙ. සන්තෝසෙ බැරුව. මං දැක්කෙ එදා බැලුමක් බදාගෙන හැම තැනම දුව දුව ඉන්නව.
ReplyDelete@ ම,
ReplyDeleteදැනුත් ඉතිං නොකියා කිව්වේ ඒකම තමයි මාමේ..... :)
@ Ravi,
ReplyDeleteඅනේ සීයේ, මේ කියලා තියෙන එව්වා අම්මා එක්ක කියනවද නැද්ද කියලායි මං මේ කම්පනා කලේ.අනිත් සේරමත් හොඳයි පුළුවන් දේකුත් නැහැ කියලා කියපු එක තමයි එකම වැරැද්ද... :D
@ චතුරංග රූපසිංහ,
ReplyDeleteඉත්තූතියි මාමේ
@ අනුරාධ,
ReplyDeleteනැහැ නැහැ මාමාට මතක නැද්ද? අපේ අම්මයි තාත්තායි මාමා දෙනවා කිව්ව ගිෆ්ට් වව්චරේ දුන්න කඩෙන් රෙදි ගන්න කැමතිම නැහැනේ. ඒක නිසා තමයි ඔය තරඟෙට ඉදිරිපත් නොවුනේ... :D
@ හා පැටික්කි,
ReplyDeleteඅනේ මන්දා අක්කේ, අපේ අම්මා එදා විතරක් නෙමෙයි හැමදාමත් මාව අඬවලා තමයි වැඩට යන්නේ. ඒ ගිහිනුත් ඔය කට්ටිය එක්ක කයිය ගහගෙන ඉන්න එකනේ කරන්නේ. ඒ මදිවට ඔයාට ටියුසන් පංතියකුත් දාලාලු නේද? අනේ මේ මං පව් නැද්ද? :(
@ මාරයාගේ හෝරාව,
ReplyDeleteඅනේ මාර සීයා ඒ වෙලාවේ හොඳ නැකත් එහෙම බලලාද අපේ අම්මලාට ඔය තෑග්ග ලැබෙන්න ඔයාගේ සුදු අතින් කොලයක් ඇදලා දුන්නේ? ඒකනේ කියන්නේ මගේ සුදු මාර සීයා !!!
සීයාට කිව්වහම මොකද අපේ අම්මා ඔය වෙන තැනකදී නං අංකල් මිසක් කටක් ඇරලා අයියේ කියන්නේ නැති සීයලාටත් එහෙදී අයියේ අයියේ කිව්ව එකනේ පුදුමේ. අර මාර සීයා කාර් එකේ එක්කං ආපු සීයා........ එයාටත් අපේ අම්මා අයියේ කිව්වානේ... හි හි
හැබැයි මාරසීයේ, ඔය තෑග්ගත් එක්ක මට ලැබෙන්න යන තෑග්ග ගැන නං මට ටිකක් විතර ඉරිසියාවද මොකද්ද එකක් එනවා... ඒ ගැන පස්සේ හිතලා බලන්න ඕනේ... :D
@ සංජු,
ReplyDeleteහා හොඳයි නැන්දියෝ...........
@ හසී,
ReplyDeleteඅනේ අක්කියෝ ඔයාගේ බ්ලොග් එකේ ලිංක් එක මට දාන්න බැරි වෙලානේ. අම්මාට කියලා මං ඒකදාන්නම් හොඳද? :)
@ බුද්ධි මාමා හරහා ටිකිරි අයියා වෙතට,
ReplyDeleteහොඳයි හොඳයි අපි එහෙමම වැඩ ටික කරමු. ටිකිරි අයියාගේ ලියැවිල්ල දැකලා තමයි මාත් අපේ අම්මාගේ බ්ලොග් එකේ මෙහෙම එකක් ලියන්ට හිතුවේ. :)
@ වැප්,
ReplyDeleteඅනේ මං කම්පනා කලා කවුද මේ සූටි අයියා කියලා. බැලුවහම මේ අර තිකත් මාමානේ. ඇයි මාමේ මං මාමාට මාමා කියද්දි මාමා මට නංගි බබා කියන්නේ? :D
@ Pravin Indranama,
ReplyDeleteහොඳයි මාමේ. මාමාට කිව්වහම මොකද මාමාගේ මූණු පොතෙන් තමයි තාත්තායි මායි මේ දාලා තියෙන පිංතූර ගොඩාක් හොයා ගත්තේ. ඒවා හොයන්න ගිහින් කලින් දැක්කේ නැති මගේ පිංතූරු ගොඩාක් අපට හොයා ගන්න පුළුවන් වුනා. බොහොම ස්තුතියි ඔයාට. :)
@ nawammawatha,
ReplyDeleteඅනේ මාමේ මට ලැජ්ජත් හිතුනා මේ වර්ණනාව දැකලා. මාමාගේ නැන්දා ලියපු ලියැවිල්ලට අපේ තාත්තාත් උත්තර කියලා තිබුණා කියලා අම්මා තාත්තා එක්ක කථා බහ කරනවා මට ඇහුණා. ඒ ලියැවිල්ලනේ ලියැවිල්ල. හි හි.
මොනවා වුනත් මාමේ මාමා අපි එක්ක කථා නොකරම ගිය එක තමයි එකම වැරැද්ද...
“ටිෂානි අක්කලා මට වඩා ලොකු වැඩියි වගේ.“ මේ ලියවිල්ලෙන් නම් ඊටත් වඩා ලොක්කියෙක් වගේ මට පේන්නේ... :)
ReplyDelete“අම්මා විෂානි අක්කට තොප්පි දානවා“ ඔව් චූටි මැණිකෙ අම්මම කියන විදියට අම්මම තමා ටිෂානි අක්කව අවුට් කොළේ....
අර මාර සීයගෙ කථාව ඇත්තම ඇත්තයි චූටි මැණිකෙ... මොකද අම්මට ඔය අදහස දැම්මෙ තනෝජාච්චිනේ... අම්ම එයා කියන දේ අහනවා... ඔයා අම්මගෙන් කුක්කු ඉල්ලන්න යන්න එපා දැන්.. වෙන වෙන ඒව ඉල්ලන්න... අර තියෙන්නේ ලස්සනට තියලා කඩවල.. ලොකු ලොකු ඉලක්කම් ගහලා... එතකොට මාර සීය කියපු තෑග්ග හම්බෙයි...
අනිත් එක ඉරිසියා කොරන්න හිතන්න එපා එතකොට ඔයා ලොකු අක්කෙක් වෙනවා.. මල්ලි බබා අවුරුද්දට ඔයාට බුලත් කොළ 40ක්ම දීල, කකුල් දෙක අල්ලලා සාදු කියනවා... කොහොමද එතකොට...
කිතුල්ගල වැඩේට සපෝට් එක දෙනව නේද රත්තරන්?
හී... හී... දෝනියා කියන කතා හරි සෝයිනේ...
ReplyDelete@තනෝජා රාජපක්ෂ,
ReplyDeleteඅනේ නැන්දේ නැද්දත් එකතු වුනා නේද මාර සීයාගේ මාර යෝජනාවට. ඇයි දෙයියනේ, මේ සුට්ටං මට සුට්ටක් සැනසිල්ලේ අම්මාගෙන් කුක්කු සුට්ටක් බීලා ඉන්න දෙන්නේ නැත්තේ ඇයි අනේ?
@ සුදු හංසි,
ReplyDeleteසෝයි ද නැන්දේ? හැබැයි නැන්දලා කියන කථා එක්ක බැලුවහම මේවත් කථාද කියලා හිතෙනවා මේ සුට්ටි මට නං.... :)