" පිස්සුද බං? මොන ගැහිල්ලක්ද? " මම මේ පොතක් බල බල හිටියෙ..
" හරිම රස්නෙයි මම යනව නාගන්ට….." කුමාරය සරමකට බහින ගමං කිව්ව..
" හරි යමු..මාත් නාගන්ට ඕන……" මම ඇඳෙං නැඟිටල පුටු ඇන්ද උඩ වනල තිබ්බ තුවාය අතට ගත්ත.
නාකියාගෙන අහක වෙලා හීන්වට දෙකකුත් කැකුලෙන්ම නවාගෙන ලූලා සමඟ බත මරල කාමරේ දොරත් වහගෙන මම ඇඳට ගොඩවෙලා කොට්ට දෙක විට්ටමට හේත්තු කරල ඒකට හේත්තු උනා. කට්ටියම හවස වැඩට ගිහිල්ල. සැමියත් කාල එහෙම මම හිතන්නෙ ඉහළෙයගෙ කාමරේ පැත්තෙ යන්ට ඇති.
මේස ලාච්චුවෙ පත්තරේ යටින් ලියුම් කරදහි දෙක අරගෙන මම සෑහෙන වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය. මුද්දරේ ධර්ම චක්කරේ මැකිල ගිහිල්ල ඒ උඩ මතු උනා ඔන්න සුජාගෙ හිනා පිරි මූණ...
" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම....
හිනාවීගෙනම සුජාතා මා දිහා බලා හිටිය..මොකද බොලේ මේ? දවල් කැකුලෙම්ම දාගත්තු දෙක වැඩි උනාවත්ද මන්ද...හරි එව්වයිං වැඩක් නෑ..කඩල බලමු එයයිගෙ දෙවෙනි ලියුම..සීල් එකේ විදිහට සතියකටවගෙ කලින් එවල තියෙන්නෙ.
හිතවත් රවි අයියා වෙත,
පළමු ලිපියෙහි වීරසිංහ මහතා වෙත යයි අමතා මේ ලිපියෙහි ඇමතුම මවිසින් වෙනස් කරන ලද්දේ යම් හේතුවක් ඇතිවය. ඒ පිළිබඳව ලිපිය අවසානයෙහි පවසන්නෙමි.
සති දෙකකට ආසන්න කාලයකට පෙර ඔබට මවිසින් එවූ ලිපියට පිළිතුරක් එවීමට හෝ පමණ ඔබට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැතිබව පැහැදිලි ලෙස වටහාගත් පසු මසිතෙහි පළමුව හට ගත්තේ දැඩි කෝපයක් සහ මුසුවූ කණගාටුවක් වන් හැඟීමකි.එහෙත් ඒ හැඟීම කෙමෙන් කාලය ගෙවීයන්නා හා සමඟ පහව යත්ම මසිත පිරීයන්නට වූයේ යම් සහනයක් වන් සිතුවිල්ලකිනි. මේ ප්‍රකාශය බොහෝවිට ඔබට විමතියට කරුණක් වන්නේ නම් පළමුව ඒ පැහැදිලි කරලීමට මට අවසර.
" ඔබට ප්‍රථම සහ අවසන් වරට අප හමුවූ දින ඇමතූ පරිදි අයියා යැයි නොඅමතා මහතා යයි ඇමතීම පිළිබඳ ව පළමුව මට සමාවන්න. එහෙත් මේ ලිපිය අවසානය දක්වා කියවූ පසුව එසේ ඇමතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔබ වටහාගනු ඇති බවට මට සැකයක් නැත. "
ඔබ වෙත ලියූ පළමු ලිපියෙහි ප්‍රථමයෙන්ම මම එසේ සඳහන් කළෙමි.
ඉන් මා අදහස්කලේ මවිසින් කරන්නට යෙදෙන ඉල්ලීම පිළිබඳව තීරණයක් ගැන්මට ඔබට කිසිදු බලපෑමක් නොකරන බවයි. අවම වශයෙන් හිතවත් යන්න හෝ යොදා නොගත්තේ එබැවිනි.ඔබ මගේ ඉල්ලීම කෙරෙහි ඔබේ ප්‍රතිචාරය ඉතාමත් පැහැදිලි ලෙස දක්වා ඇත. ඒ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමෙනි.
කම් නැත, හිතවත..මම ඔබේ තීරණය පිළිගනිමි.අප අතර යම් එකඟතාවයක් ඇතිවියයුත්තේ අන්‍යෝන්‍ය අවබෝධය මත පමණි. එසේ හෙයින් ඔබට මින්පසු කිසිදු ලිපියක් නොලියමි.
දඹදෙණි කඳුවැටිය පිළිබඳව ඔබ අසා ඇත්ද? අප නිවසෙහි ඉදිරි බරාඳයෙහි පියාණන් භාවිතා කල ඇඳි පුටුවක් තවම ඇත. එහි හිඳගත් විට අත දිගුකලාක් මෙන් ඉදිරියෙන් පෙනෙනුයේ දඹදෙණි කඳුවැටියයි.
වස්සාන සමයෙහි රාත්‍රියෙහි මහ වැසි ඇද හැලීමට පෙර දඹදෙණි කඳු වැටිය පසුබිම් කොටගෙන අසනි දහරා මොහොතක් කඳු සිරස ඒකාලෝක කොට එසැණින් මැකී යනු මම අනන්ත දැක ඇත්තෙමි. ඇත්ත වශයෙන්ම වැසි වසින්නට පෙර අනිවාර්යයෙන් දිස්වන ඒ චිත්තාකර්ෂනීය දර්ශනය නැරඹීමට මම බොහෝසේ ප්‍රිය කරන්නෙමි.
මගේ මවගේ කොතෙකුත් විරෝධතා ද හමා එන්නාවූ සීතල සුළඟද නොතකා අසනි දර්ශනය නිමවෙන තෙක් නොවරදවාම බරාඳයෙහි ඇඳි පුටුවෙහි මම හිඳ සිටිනුයේ එහෙයිනි.
ඔබ ද එසේ මා දෙනෙත් ඉදිරියේ දැල්වී එසැණින් අතුරුදන් වූ අසනියක් ලෙස මම සළකන්නෙමි. හෙට හෝ අනිද්දා දඹදෙණි කඳුවැටිය පසුබිම් කොට යළිදු අසණි ආලෝකය දැල්වී නිවීයද්දී මට ඔබ සිහිවනු ඇත.
ඔබගේ සියළු පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා!!!
මම,
සුජාතා.
ප.ලි -
ගිරිහිස එසැණ දිලි අසනිය සරට වැටුණි ගිනිකණ නෙත,
සුජාතා.
ප.ලි -
ගිරිහිස එසැණ දිලි අසනිය සරට වැටුණි ගිනිකණ නෙත,
නිල්දිය පොකුණ මත මුකුලිත රත් සියපත පෙති ගිලිහෙත,
කිණිහිර මතින් විකසිත සත්පෙති කුසුමෙක රොන් සුණුවෙත,
ගිණිසිල වෙතට වැද මියෙනා මත් බමරිඳු යලි සිහිවෙත,
නෙතග පිරුණු කඳුලු බිඳක සිහිලස දෙකොපුලට දැනේ,
වතට හොරා මුව අග පිපි මදහස නොකියාම මැකේ,
සසර සරා හුදකලාව තනිමග යන ගමන මගේ,
සිතක ඉපිද එසැණ මියුණු සෙනේහයක සුවඳ රැඳේ,
හප්පට සිරි ගජ නැන්දට කජු මද කිව්වලු ….ඔලුවට පොල්ලකිං ගහල ඒ එක්කම යටි බඩට කලා කිරිඤ්ඤෙකින් දමල ඇන්න වගෙ උනා ඔන්න මට...
එහෙම්මම ඇඳේ දිගාවෙලා සිවිලිම දිහාවෙ බලාගෙන මම කල්පනා කලා හවස් වෙනකල්.මොකදෑ අප්පේ මේකට කරන්නෙ දැං?....පපුව හාරල බැලුවොත් සුජා ගැන මයෙ හිතේ ඇත්තටම තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද? මාස කීපයක් තිස්සෙ වෙච්චි කවි ගනුදෙනුව නිසා සුජා ගැන මට හිතෙන්නෙ කාලයක් තිස්සෙ ආශ්‍රය කල කෙනෙක් හැටියටය කියල කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. සුජා කියල තිබ්බෙත් ඒ කතාවමනෙ..මම ආයෙම පළවෙනි ලියුම අරං කියෙව්ව..ආ..මේ තියෙන්නෙ...
" එහෙත් අවසානයේදී ඒ කවි ලියූවේ ඔහු නොව ඔබ බව දැනගත් කල එකවරම මසිතට නැඟුනු සිතුවිල්ල වූයේ එසේ නම් මා හඳුනාගෙන ඇත්තේ ඔබය. නො එසේනම් ඔබේ සිතය. එසේමය..ඔබ ලියූ කවි මාර්ගයෙන් මම ඔබ හඳුනා ගතිමි. "
එතකොට සුජාටත් ඒක එහෙමම හිතිල, ඒ හැඟීම එහෙමම දැනිල තියෙනව. මටත් ඒ වගේමයි..එතකොට මොකද මම කරන්නෙ? උත්තරයක් යවනවද? එහෙම නම් යවන්නෙ මොන විදිහෙ උත්තරයක්ද? සුජා දන්නෙ නෑ මට හිතෙන්නෙ මම කොළඹ ඉඳල ඊයෙ ආවෙ කියල. එයා හිතල තියෙන්නෙ මම එයාගෙ පළවෙනි ලියුමට උත්තරයක් ලියන යවන එක හිතාමතාම මඟ ඇරියයි කියලයි. ඒ නිසානෙ අර වගෙ ලියුමක් දෙවෙනියට එවල තියෙන්නෙ.
ඒ සදාදරණීය හැඟීම අන්‍යයෝන්‍යයයි කියලත් පැහැදිලියිනෙ.." එතකොට මොකක්ද ප්‍රශ්නෙ? උඹ සුජාට කියල යවපං උඹ කැමතියි කියල" මගෙ හිතේ ඉන්න අර යෝජක පක්ෂයෙ ප්‍රධානියා තර්ක කලා.
" ඔව්..කතාව ඇත්ත...මම ඔබ හා එකඟයි..." ප්‍රධාන තීරකවරයා හැටියට මම මගේ තීරණය ප්‍රකාශ කලා.
" ආ..එහෙම කොහොමද? මට කරුණු ඉදිරිපත් කරන්ට අවස්ථාවක් නොදීම යෝජක පක්ෂයෙ තර්ක වලට විතරක් ඇහුම්කන් දීල එහෙම විනිශ්චයක් දෙන්නෙ කොහොමද? මම විරුද්ධයි එක හෙලාම.." ඒ ප්‍රතියෝජක පක්ෂයෙ නායකයා.
ප්‍රධාන තීරක නළලෙ අත ගහගෙන කල්පනා කලා. ඇත්ත ඒ තර්කයෙත් පදනමක් තියනව. ප්‍රතියෝජක පක්ෂයෙ තර්කවලට සවන් දෙන්නෙ නැතුව තීරණයක් ප්‍රකාශ කරන එක අසාධාරණයි ඒ වගේම අවිචාරශීලීයි, ස්වාභාවික යුක්ති ධර්මයෙ මූල ධර්ම වලට ඉඳුරාම පටහැනියි. " හරි ප්‍රතියෝජක පක්ෂයේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවයි.." ප්‍රධාන තීරක නිවේදනය කලා.

" අපේ ප්‍රධාන කරුණු දැක්වීම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන්. අගතියට පත් පාර්ශ්වය කියන්නෙ විජිත....මේ සිද්ධියෙන් දැඩි අසාධාරණයක් උනේ විජිතට.විජිත කවි ලියල දෙන්නෙයි කියල ඉල්ල හිටිය තමයි. ඒත් එහෙම කවි ලියල දුන්නෙ නැත්තං විජිත වෙන මොකක් හරි පියවරක් ගනියි.ඒක අපිට අදාල වෙන්නෙ නෑ එතකොට.ඒත් විජිතට කවි ලියල දීල අපි ප්‍රශ්නයෙ කොටස් කාරයෙක් බවට පත් උනා. එතකොට මෙහෙම තර්කයකුත් ඉදිරිපත් කරන්න පුලුවන්.මූලික වශයෙන් අචේතනාන්විතව උනත් තමන් මැදිහත් වෙලා ඇතිකරපු ප්‍රශ්නෙකින් තමන්ම ලාභ ප්‍රයෝජනයක් ගන්න එක කොහොමවත් මම දන්න කිසිම යුක්ති ධර්මයකට නම් එකඟ නෑ. "
ප්‍රතියෝජක පක්ෂයෙ කරුණු දැක්වීම ඒ. ප්‍රධාන තීරකවරයා ඇඳේ දිගාවෙලා සිවිලිමේ එල්ලිලා බොහොම හෙමිහිට කැරකෙන විදුලි පංකාවෙ තටු දිහාවෙ බලාගෙන සාධාරණ තීරණයකට එළඹෙන්ට උත්සාහ කලා.
ප්‍රශ්නයෙ බැරෑරුම්කම හින්දමද කොහෙද තීරණයකට නො එළඹීම ප්‍රධාන තීරකට නින්ද ගියා මම හිතන්නෙ.
" මහත්තයා..මහත්තයා...තේ බොනවද? " කවුද දොරට තඩිබාන සද්දෙකින් ඔන්න ප්‍රධාන තීරක දඩස් ගාල ඇහැරියා.
" මොකද බං දොර කඩන්ටද හදන්නෙ? ඕකෙ අගුල දාල නෑ..වරෙං ඇරගෙන..." ඇඳේ ඉඳගෙන නිදිමත යන්ටත් එක්කලා ඇස් දෙක පොඩි කරන අතරෙ මම කෑගැහුව.
“ මහත්තය තේ එක…..” සැමිය කාමරේට ආව මගෙ දුඹුරු පාට මග් එකත් අරගෙන.
" දැං කීයද බං වෙලාව ?.."
" හතරයි.."
" කවුද මහත්තුරු ආවේ ආපහු වැඩ ඇරිල? "

"කවුරුවත්ම නෑ මහත්තය තාම. "
" හරි එහෙනං ඕක ඔය මේසෙ උඩ තියල ආයෙම අරං වරෙං ගිහිල්ල ගෝල්ඩ් ලිෆ් හතරක්.."
" මහත්තය සිගරට් බොන එක නවත්තල නේද හිටියෙ?..." මම බෝල කූඩුවෙ එල්ලල තිබ්බ කලිසමේ පස්ස සාක්කුවෙං පර්ස් එක ගන්න අතරෙ සැමිය ඇහුව.
" ඔව් බං නවත්තල තමයි හිටියෙ..කොහෙද මේ එක එක රටේ නැති ප්‍රශ්ණ ඔලුගෙඩිය උඩට කඩා වැටෙනකොට සිගරට් නොබී බැරිවෙනව නෙව. " මම සැමියට සල්ලි දෙන ගමන් කිව්ව.
සැමිය හක හක ගාල හිනාවෙල සල්ලිත් අරංගියා මිසක මගෙං මොකද්ද මහත්තය ප්‍රශ්නෙ කියලවත් ඇහුවෙ නෑ. ඕකා එහෙම තමා..ඌට අවශ්‍ය නැති එව්ව ගැන ඌ හොයන්නෙ බලන්නෙ නෑ කීයටවත්.
මේ දවස්වල දවල්ට නින්ද ගියාම ආය නෑ ඉහිං කණිං දාඩිය..ටැංකිය ගාවට ගිහිල්ල තුවාය ඇඳගෙන මම මූණ කට විතරක් නෙවෙයි උරෙස්ස පපුව හරියටත් වතුර දෙකක් දාගත්ත. තේ එකත් බොන අතරෙ ආයම කල්පනා කලා මේ සොඳුරු වූ යුවතියගෙ උභතෝකෝටික ගැටළුවට මොකද කරන්නෙ කියල..අන්තෝ ජටා බහි ජටා...ගෙදර ගියොත් තෝ නහී. මඟ හිටියත් තෝ නහී.ඒ සිංහලෙන්..ඉංගිරිසියෙන්නම් බිට්වීන් ද ඩෙවිල් ඇන්ඩ් ද ඩීප් බ්ලූ සී.
සිගරට් දෙකක් එක පිට බොන අතරෙ මේ පුරස්නෙ ගැන මම හිතුව හැම පැත්තෙම්ම..ඒ කරල තීරණයක් ගත්ත. පොඩි කාලෙ ඉඳලම මගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි..සියල්ලන්ගේම අදහස් වලට සාවධානව සවන් දී වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය ලෙස ඔබට හැඟීයන්න ක්‍රියාත්මක කරන්න හෝ පිළිපදින්න. ප්‍රශ්ණයට අවසානයේ මුහුණදිය යුත්තේ අන් කවරෙක්වත් නොව ඔබමය. එබැවින් තීරණය ගැනීමද ඔබගේ වගකීමකි.
කවුරුවත් කියන විදිහට නෙවෙයි... හැමෝම කියන එව්ව හොඳට අහගෙන ඉඳල හරිය කියල මට හිතෙන දේ තමයි මම කලේ.දැනට අටළොස් වසරක් වෙනකල් එහෙම තමයි මගෙ ප්‍රතිපත්තිය.
දැනට නම් ප්‍රතිපත්තිය මෙහෙමයි..හැමෝම කියන එව්ව සාවදානව අහං ඉන්නව. ඊට පස්සෙ සියලුම කරුණු කාරණා හැම දෘෂ්ඨි කෝණයකින්ම ඉතා හොඳින් සළකල බලල ඉතාම දූරදර්ශී ඥාණාන්විත තීරණයක් ගන්නව. අන්තිමට ඕ තොමෝගෙ තීරණය ක්‍රියාත්මක කරනව.
හවස මගෙ යාලුවො ආහම කාල බීල එහෙම සාලෙ සතුටු සාමීචියෙ යෙදිල ඉන්න අතරෙ මම මේ ලියුං පළහිලව්ව එවුන්ට කිව්ව.
" මේ.....බොලාට පොඩි කාරණයක් කියන්ට තියනව. සුජාතා මට ලියුං දෙකක් එවල තියනව. "
කට්ටියම කතා බහ නවත්තල මගෙ පැත්තට හැරුණ..
" නෑහ්...අම්මප කියාපං මලේ..ඉතිං? ඉතිං? කියාපංකො ඒ ළමය මොකෝ කියල තියෙන්නෙ?" විමලෙ එහෙම ඇහුවෙ.
" අඩේ..තනිකරම කවිද බං තියෙන්නෙ? " ඒ ජයේ..
" කවි දෙකක්ද කොහෙද නම් තිබ්බ ඔන්න ඔහෙ...ඒත් කවි විතරක්ම නෙවෙයි.."
" ඉඳපංකො බං උඹල එක්ක බෑනෙ..මොකක්ද සුජාත දැන් කියන්නෙ? " කුමාර කොහොමත් ෆුල් සීරියස්..ඔය අනම් මනං විකාර කතා ඌට පෙන්නන්ට බෑ.
" සුජාතා මට කැමතියි කියල තමයි තියෙන්නෙ….." ඇහෙන නෑහෙන ගාණට මම කිව්වෙ බිම බලාගෙන..
" ආන්න..ඒකනෙ කියන්නෙ..ඉතිං මොකද උඹේ අදහස? "
" ඇත්තම කිව්වොත් මගෙත් අකමැත්තක් නෑ…"
මම කිව්වෙ බාගෙට ඇරල තිබ්බ ජනේලෙං පේන මිදුලෙ කැරකෙන කළාමැදිරියො දිහාවෙ බලාගෙන.අපේ ප්‍රධාන දොර උඩ හයි කරල තිබ්බ තඩි බල්බ් එක පත්තු කරානං මිදුල පුරාම එළිය. ඔය කළාමැදිරියො එකෙක්වත් පෙනෙන එකක්නෑ එහෙමනං..අද සැමීට ලයිට් එක දාන්ට අමතක වෙලාද කොහෙද?
" සැමී...."
මම සැමීට ලයිට් එක දාන්ටය කියල කියන්ඩත් හදල ආයම නිකා හිටිය. කළාමැදිරියො පළු දෙකේ ලොකු බිමටම තියෙන ජනේලෙ දුහුල් තිර අස්සෙං එහෙන් මෙහෙන් කැරහෙන විදිහ ඇහිපිය නොහෙලා හිටි දාරනේ බලා ඉන්ට තරමට අපූරුයි.
" ඉතිං ඒ ළමයත් කැමතිනං උඹේත් අකමැත්තක් නැත්තං මොකක්ද ප්‍රශ්නෙ? " ඒ ආයෙම ඇහුවෙ විමලෙ..
" ප්‍රශ්නෙ.... විජිත……."
එක කළාමැදිරියෙක් ගෙට ඇවිල්ල මගෙ ඔළුව වටේ දෙතුන් පාරක් කැරකුනා...අපෙ අත්තම්ම ඒ දවස්වල කිව්ව මට මතකයි…
" අනේ ඌට බම්බු ගහගන්ටෙයි කියාපං...උං දෙන්නගෙ සම්බන්දෙත් දැන් නැහැයි කියනව නේද? " විමලෙ නැඟිටල කාමරේට ගියා…
අපෙ අත්තම්ම කිව්වෙ කළාමැදිරියො කෑවොත් එහෙම හොඳ කරන්ට බොහොම අමාරුයි කියල…. සුට්ටි පුතේ..කළාමැදිරියො කෑවොත් එහෙම…
විමලෙ සිගරට් පැකට් එකකුත් අරගෙන එළියට ආව.
" එහෙමම නෙවෙයි බං වීරෙ කියන එකෙත් ඇත්තක් තියනව..විජිතය ප්‍රශ්නයක් තමයි…" කුමාර එහෙම කිව්වෙ බරසාර විදිහට..ඕකා එහෙම තමයි... ෆුල්ම සිරා ඕනම දේකට.
සුට්ටි පුතේ..කළාමැදිරියො කෑවොත් එහෙම අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕන බෙහෙත් කරන්ට..... අපෙ අත්තම්ම එහෙම කිව්වෙ කෑගල්ලෙ අපෙ ගෙදර පිළේ ඉඳගෙන මේ වගේම කළාමැදිරියො අපෙ වටේ කැරකෙනව බලා ඉඳල මම ඒ එකෙක් අල්ලන්ට හදපු වෙලාවකයි. මම හිටියෙ උන්දැගෙ ඔක්කෙ. එදා හවහ ඉඳලම ලයිට් ගිය දවසක්.
" ඒයි බොලා දන්නවද? කළාමැදිරියො කෑවොත් හොඳ කරන්ට බෑ...වන් ඇන්ඩ් ඔන්ලි ඇන්ටිඩෝට් ඊස් ස්ටාර්ස් ඉන් ද ස්කයි ඇන්ඩ් මඩ් ෆ්‍රොම් ද සී…" එහෙම කියල මම නැඟිට්ට.
අරුං තුන් දෙනා කටවලුත් ඇරගෙන මා දිහාවෙ බලාහිටිය විදිහට මට මැරෙන්ඩ හිනා...
යකෝ සාලේ මූට පිස්සුද? අපිට පිස්සුද? නැත්තං අපි දෙගොල්ලටම පිස්සුද? එකත් එකටම එවුංගෙ හිත් ඇතුලෙ වැඩ කරන්ඩ ඇත්තෙ අන්න ඒ කල්පනාව....හෙහ්, හෙහ්,
මතු සම්බන්ධයි......

අදතමයි ආවේ මේ පැත්තේ ,,බාගයක් කියෙවුවා හෙට උදේට ඉතුරු ටික ,,කියෝලා කොමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteඅපූර්වී,
Deleteස්තූතියි ස්තූතියි....නිවාඩුව බලන්න...මහා පදරංග ජාතකේ වගෙ තියනව දිගට කියවන්ට...:)
පන්සිය පනස් ජාතකේ කියවන්න ගත්තා වගේ තියේවි..
Deleteමට දැන් මේ කතාවේ කොටස් කොටස් පැටලිලා ඉන්නේ. එක විදියකට ඉක්මනට ලියන්නකෝ රවී. අපිට ඔහේට වගේ ඔය ඉවසීම නෑ නොවැ.
ReplyDeleteමේ ඔහේගේ අර ගුරුවරියක් එක්ක ජීවිතේද මොකක්ද අටමගලෙත් භාගෙට නතර කලාද? මම නිවාඩුව ගිය කාලේ ඒකත් මිසින් හොයාගෙන කියවන්න බැලුවට හමු උනෙ නෑ නොවැ ඉවරයක්
මොන්ඩො පස්සා,
Delete/ මට දැන් මේ කතාවේ කොටස් කොටස් පැටලිලා ඉන්නේ. /
මොනවද බොල ඔය හැටි පැටලෙන්ට තියෙන්නෙ?...මේ කතාව මම එක දිගටම ලිව්වනෙ…
/ එක විදියකට ඉක්මනට ලියන්නකෝ රවී. අපිට ඔහේට වගේ ඔය ඉවසීම නෑ නොවැ./
අපිට නෑ බොලාට වගෙ විසිකරන්ට සල්ලි ...ගෝස්තරේ හොයාගන්ට රෑ දවල් නැතුව මැරෙන ගමං බොල මේ ලියන්නෙ..ඒ නිසා ඩිංගක් සමාවෙලා ඉවසා වදාරන සේක්වා!!!
මේ....ඉවසීම කියන එක බොහෝම වැදගත්..හරිය..ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමයි බත්..කියල අහල තියද? අහල නැත්තං අද අහගං :)
/ මේ ඔහේගේ අර ගුරුවරියක් එක්ක ජීවිතේද මොකක්ද අටමගලෙත් භාගෙට නතර කලාද? /
යේස් නෙව..ඒක තවකාලිකව නවත්තලනෙ අර කිරුලෙ කතාවයි ඊට පස්සෙ කයිකාරිගෙ කතාවයි පටං ගත්තෙ..කයිකාරි ඉවර උන ගමං ආයම ඒක පටං ගන්ට ඕන...තව අර විමලෙගෙ කතන්දරත් තියනව...දත කට මැදගෙන ඉඳහං එකත්පස් වෙලා එහෙම...හෙහ්, හෙහ්,
//කළාමැදිරියො කෑවොත් එහෙම අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕන
ReplyDeleteඅම්මේ උඹ නං අතීතයේ හක්කලං ගහන්න රජෙක් අය්යේ.මේ කතාව මාව ඇදගෙන ගියා 1980 ගණන් මුල කන්තලේ සීනි පැක්ටෙරියේ කුවාටර්ස් වලටම.
නිකං,
Delete/ 1980 ගණන් මුල කන්තලේ සීනි පැක්ටෙරියේ කුවාටර්ස් වලටම /
උඹ මොකෝ සීනි පැක්ටරියෙ කලේ ඒ කාලෙ?...කාලය අනුව අනුමාන කලෑකි තාත්ත එහෙ වැඩ කලාය කියල....
මගෙ අතිජාත් මිත්‍රයෙක් හිටිය අග්බෝපුර...මම නිතර යනව එහෙ...1985 කන්තලේ වැව කැඩිච්චි වෙලාවෙ උඹ එහෙද හිටියෙ? මම ආව දනි පනි ගාල මොකද උනේ බලන්ට....අප්පට සිරි..ඒ දර්ශනය නම් ජීවිතේට අමතක වෙන්නෙ නැඇ. අර මහ විසාල වැව් බැම්මෙ පලාතක් කඩාගෙන ගිහිල්ල තිබ්බ විදිහ...අනූහයෙත් හිටිය මගෙ යාලුවෙක්...
අනුමානය ටක්කෙට හරි අය්යේ :-)
Deleteඅග්බෝපුර කොච්චි ඉස්ටේසම,උක්ගස් ටැක්ටර් හෙම මතකැයි?
ඔව් මහ රෑ ක ඔය සීන් එක බලන්න එක්කං ගිය බවත්,ඊට කලින් දවසක වැවට අත් හැරිය ඉබ්බාට මොකද වෙන්නේ කියලා පියාගෙන් ඇසු බවත් මතකයි.
2003 දී ගියා ආපහු වටයක් ගහලා එන්න.සීනි කරුමාන්ත සාලාවට අපේ උන්දෙලා කොරලා තියන හරිය දැක්කම මහා හිස් බවකුත් දැනුනා.
//" ඇත්තම කිව්වොත් මගෙත් අකමැත්තක් නෑ…" //
ReplyDeleteපේනවානේ මේ පිරිමින්ගේ හැටි...:)
Podi Kumarihami,
Deleteපේනව, පේනව මොකෝ නොපෙනි? :)
Dreams Die first.. then Goodbye Janet, isn't it? :-)
ReplyDeleteBura,
DeleteYep Burs…but my favorites are 79 Park Avenue, A Stone for Danny Fisher and Never Love a Stranger, in that order
Oh! I wasn't talking about those books.. Rather analysing the situation & forecasting what comes next.. ;-)
DeletePs: btw, aren't there any Stilettos in this story.!?
Bura,
Delete/ Ps: btw, aren't there any Stilettos in this story.!? /
Heh, heh, you are very close to the truth, you know Bura? Not exactly a stiletto but something almost like that…& after that Never love a stranger :(
Call no man foe, but never love a stranger.
Build up no plan, nor any star pursue.
Go forth with crowds; in loneliness is danger.
Thus nothing God can send,
And nothing God can do
Shall pierce your peace, my friend.
- Stella Benson
ඔහොම ලවු ලෙටර් ලියන්න සුජාතට මොකක් හරි මානසික ලෙඩක් තිබ්බද රවියයියෙ.... ඔයා මේකෙ අන්තිමට සුජාතව අංගොඩ එක්කන් ගිහින් නැවැත්තුවද... හි හි
ReplyDeleteහිරු,
Deleteකියලා වැඩක් නෑ බං..මට සැට් වෙන්නෙම ඔය වගෙ බාගෙට මඤ්ඤං අම්මණ්ඩිලනෙ. අනික් අතට යකාගෙ හැටියට විමානෙ කියලත් කියනවනෙ නැද්ද?...හෙහ්, හෙහ්
මම අහල තිබුනෙ රැ බදුල්ලො කැවොත් අරමය කියල.
ReplyDelete"ගිණිසිල වෙතට වැද මියෙනා මත් බමරිඳු යලි සිහිවෙත,"
කවුද දැන් බඹර
හය හතර
දමිත්,
Deleteහරි, රෑ බදුල්ල කෑවහමත් එහෙම තමයි බෙහෙත.....බඹර ඉතින් වෙන කවුද? :)
කළාමැදිරියො ගැන මේ කතාව අහල තියනවද?
නමසිය විසිගනං වල වෙච්චි එකක්. සුද්දෙක් ගියාලු ඔය කැලෑබද පලාතක සර්කිට් එකක්. ගිහිල්ල නැවතුනෙ රෙස්ට් හවුස් එකේ. රෑ නිදාගන්ට ගියා..මොන? මදුරුවො නෙවෙයි වැඩයි. බැරිම තැන සුද්ද කලේ කාමරේ පත්තු කරල තිබ්බ ලාම්පුව නිවල දැම්ම. මෙන්න මෙච්චර වෙලා නොපෙනිච්ච කලාමැදිරියො කාමරේ පුරා කැරකෙනව සුද්දට පේනව.
" What the fuck?...these little devils ..now they are bringing lanterns " සුද්ද කේන්තිය වැඩි කමටම බෙරිහං දුන්න…
ඔන්න කියෙව්වා අදත්...කවි ටිකට තමා ගොඩක් හිත ගියෙ.
ReplyDeleteදිලිනි,
Delete/ ඔන්න කියෙව්වා අදත් /
හරි හරි..ආය අදින්නෙ නෑ…...ව. ක්‍රි. ප. අවසන් කරමි..ව. ක්‍රි. ප...ව.ක්‍රි. ප.
/ .කවි ටිකට තමා ගොඩක් හිත ගියෙ. /
කවි ටිකට තමයි ඔය ළමයගෙ හිත ගියෙ නෙවද? අයි නෝ..අයි නෝ...
දැන් එතකොට දිලිනිත් ලියුමක් ලියන්නද හදන්නෙ
Deleteමම මේකට පැටලෙන්න කැමති නෑ, මොකද මේ යන විදියට උඹට අම්බානක කන්න වෙන බව පේන හන්දා.
ReplyDeleteඋඹ දාලා තියෙන හැරල්ඩ් රොබින්ස් පොත මම කියවලා තියෙනවා. හැරල්ඩ් රොබින්ස් ගැන කිව්වොත් මම හිතන්නේ ඒකාට Sex is a religion. හැරල්ඩ් රොබින්ස්ගේ පොතක් කියවපු අපේ මල්ලි වතාවක් කිව්වා, "මේකා මේ පොත ලියලා තියෙන්නේ මේ කුණුහරප ටික කියාගන්න ඕනෙවටමයි" කියලා.
මම කැමතිම පොත A Stone for Danny Fisher.
Henry,
Delete/ මම මේකට පැටලෙන්න කැමති නෑ, මොකද මේ යන විදියට උඹට අම්බානක කන්න වෙන බව පේන හන්දා. /
හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බං..කන්ඩ ඔන්න මෙන්න කියල යන්තං බේරුනෙ...
ඔන්න දවසක් පාර අයිනෙ දෙන්නෙක් වලියක්…
" මම ගහනව දැනගනිං උඹෙ දත් හැටහතරම බඩට යන්ට " එකෙක් කිව්ව..
වලිය බලාගෙන හිටපු එකෙකුට මේකට තද උනා.." මේ කොහෙද ඕයි මනුස්සයෙක්ගෙ දත් හැටහතරක් තියෙන්නෙ?...තිස් දෙකයිනෙ හරි ගාණ...."
" මම දන්නව තමුසෙත් මේකට පැටලෙනව කියල…" අර මනුස්සය කිව්ව තුන්වෙනිය දිහාට හැරිල.
/ "මේකා මේ පොත ලියලා තියෙන්නේ මේ කුණුහරප ටික කියාගන්න ඕනෙවටමයි" /
හැරල්ඩ් ගොයියගෙ පොත් සෙක්ස් පැත්තට බර වැඩියි තමයි. මනුස්සය හැබෑ ජීවිතේදිත් සෙක්ස් ඇන්ඩ් ඩ්‍රග්ස් බොහොම ලිබරලි පාවිච්චි කරපු කෙනෙක්.
අර කැලේ මැද මම ඉන්දැද්දි මාසෙකට සැරයක් ගෙදර ඇවිල්ල යද්දි ඔය අනම් මනම් කෑලි තියන පොත් හත අටක් අරං යනව නුවර තියන Lending Book shop එකකින්. නම Cindy's මේ ලඟක් වෙනකල් තිබ්බ. සතියකට පොතකට රු. 5/= වගෙ ගත්තෙ මට මතක විදිහට. මම පොත් හත අටක් ගන්න නිසා මාසයක් තියා ගන්න දුන්න විශේෂ සහන මිලකට. විශේෂයෙන් ගත්තෙ Harold Robbins සහ Rosemary Rogersගෙ පොත්. රෝස්මරි රොජර්ස් පානදුරේ ඉපදිල තියෙන්නෙ.
එව්වට සල්ලි දුන්නෙ මගෙ යාලුවො...වැඩේ පාඩු නෑ..මට මාසෙ අන්තිමට පොතුත් බලල ගාණක් ඉතුරුත් වෙනව. ඒත් මහම ඇණේ උනෙ බං කඩ්ඩ හොර එවුං ඉන්නවනෙ..ඒ පකිරින්තුවන්ට මට සිද්ද උනා ඒ සැක්ස් කෑලි තියන හරිය කියවල තේරුං කරල දෙන්ට...හපොයි පිත්තාසෙ කුරුවල් වෙන වැඩේ ඒක..ඉඳහංකො විමලෙගෙ වාංපතුල් කතා පටංගත්තම ඒ සීන් කෝන් ටිකත් කියල දාඤ්ඤා...
My fav is 'Carpetbaggers', the best book of the trilogy..
Deleteපරණ ඒවා ටික කියවන්නම වෙනවා
ReplyDeleteඅපූර්වී,
Deleteඑහෙනං ආය?...එහෙම කරන්නම වෙනවා..එහෙම කරන්නම වෙනවා..:)
කියවන්න නංගි.
Deleteඇත්තටම මේ සීයගෙ කතා හරිම රසයි..
මේ,
කෙන්ජි අයියා..
මට නම් හිතෙන්නෙ රවිය එදා ඉදලම,මම වගේ වල් නැහැ කියල...
ReplyDeleteමට ඔය ලිපියෙ කවි වලින් දෙපදය කියෙව්ව ගමන් දනී,විජිතයට බම්බු ගහගනින් කියල කවි ඇම්ම තියෙන සුජාට කියන පැල් කවි...හෙක්..හෙක්...
කෙන්ජි,
Deleteඅපොයි නෑ බං අපි ඇවිල්ල බොහොම නිවිච්ච කස්ටිය.
My mind is the metropolis of love, Not even a boulevard of desire,
I would like to make pilgrimage there , Where is that city of loving kindness?
ස්නේහයේ නගරයයි සිත මගේ
Deleteමාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ..!
heh heh. very nice translation... :)
Deleteමේ නවාතැන් ගෙවා ආත්මයේ..
යන තුරා මිලින වී මතු දිනේ..
ස්නේහයේ නගරයයි සිත මගේ
Deleteමාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
ස්නේහයේ නගරයයි සිත මගේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ...
ස්නේහයේ නගරයයි සිත මගේ...
My mind is the metropolis of love,Sans even a boulevard of desire,
I would like to make a pilgrimage there in to , Where is that citadel of tenderness?
Bluish sheen is shade of the eyes,
A golden blossom in my heart of Eden,
Lamps are glittering and that's thee eyes,
Incense burning scenting my mind,
Smiling with thou beside the altar of love,
In this life we would be together,
Until fading away on the morrow to mist,
Fragrance of love being awashed eternally
With all my soul I know …. Love... Is….. sacrosanct.
Simply WOW!!
DeleteDimuthu,
DeleteThanks :)
සිකැරට් බීම.. සීලීම දිහා බලාගෙන සිටීම.. මොලේ අවුල් උනාම ගොඩක් උන් කරන වැඩ.. මේ ලව් ලෙටර් ලියපු උන් සිංහල මහාචාර්යවරු උනාද බන්...
ReplyDeleteමාතලන්,
Deleteඒ දවස්වල බාං ඔය සෙනෙහෙ කොල කතාකරන බාසාවෙම්ම නැතුව ලාවට වගෙ විදග්ද බාසාවෙන් ලියන ට්‍රෙන්ඩ් එකක් තිබ්බ.
ඕක පටං ගත්තෙ අර කුසුම් පුවත්පත් කලාවේදියගෙ පත්තර වලිං..කුමරි එකෙං වගෙ මතක මට... දැං මෙහෙමයි.. " මේ වෙලාවෙ ජනේලෙන් මල් සුවඳක් එනව.මට ඔයාව මතක් වෙනව.." කියන එක ලියන්නෙ මෙන්න මේ විදිහට.." අඩක් විවර කොට ඇති කවුළු පියන් පත් අතරින් හමාඑන මද නල හා මුසුවූ පුෂ්ප සුගන්ධය මට ඔබ සිහිපත් කරවයි " ..ආන්න තේරුණාද?
එක පාරක් මම ගෝල්ඩ් ලීෆ් විස්සෙ පැකට් එහෙකට මෙහෙම ලියුමක් ලියල දුන්න. " සඳ පහන් රැයෙහි තුරු මංපෙත සක්මනෙහි යෙදෙන්නාවූ මසිතට හඹාඑන්නාවූ මකරන්ද සුගන්ධය හා සමඟ සිහිවන්නේ ඔබ වුවනය."
ඌ සෙට් වෙලා හිටියෙ උගෙ ඇවැස්ස නෑන එක්ක. ඊළඟ සුමානෙ මේකා ගමේ ගිහාම නෑණන්ඩි අහල " මොනවද අනේ අර ලියල තිබ්බෙ? ඔයයි ඉන්න අහ මකරුත් ඉන්නවැයි? " කියල.
ඇත්ත නේ සුවඳ ගහන මකරු... උඹේ පෝස්ට් එකට වඩා... මට මෙ රිප්ලයි එක රහයි....
Deleteකියල වැඩක් නැත...
Deleteමැරෙන්න එක දවසකට ඉස්සර හරි මේකව මුණ ගැහෙන්නම ඕන.
කෙන්ජි,
Deleteකවුරු මැරෙන්න දවසකට කලින් ද බං? බහුඅර්ථතාවය ( Ambiguity ) කරනකොට ඔබ අදහස් කරන්න අපැහැදිලිය.
" මූ මැරෙන්න හරි, මම මැරෙන්න හරි ,ඔය දෙකෙන් ඉස්සෙල්ල සිද්දවෙන එකට දවසකට කලින් හරි මේකව මුණගැහෙන්න ඕන.." අන්න එහෙම කිව්වනං සක්සුදක්සේ අතැඹුලක්සේ පැහැදිලියි..කිසි අවුලක් නෑ...:)
අපේ කාලේ වෙද්දී ලියුම් ලිවිල්ල ඔයිට වඩා සරල වුනා . කොමියුනිකෂන් එකකට ගිහින් හරි කෝල් එකක් දෙන්න හැකිකම ලැබුණ. ඊට පස්සේ සෙල්ෆෝන් ආවා.
DeleteBindi,
Delete/ අපේ කාලේ වෙද්දී ලියුම් ලිවිල්ල ඔයිට වඩා සරල වුනා . /
හෙහ්, මම කලින් කිව්ව වගෙ අර මල් පත්තර නිසා ඔහොම විලාසිතාවක් පටන් ගත්තෙ. එව්වයෙ ඒ කාලෙ හිටියෙම අමුතු කූල්ටූර් චරිත. කොල්ල ඇමරිකාවෙ විස්ස විජ්ජාලෙක මාස්ටර්ස් කරන එකෙක්...කෙල්ල ඉන්දියාවෙ බරනැස ඉසිපතනාරාමෙ..සොරි සොරි....ඉසිපතනාරාමෙ නෙවෙයි බරනැස් විස්ස විජ්ජාලෙ පෙරදිග දර්සනය ගැන ආචාර්ය උපාදියක් කරනව.කොල්ල කරන්නෙ තාරකා විද්දියාව. ඒත් බන බාවනාවලට බොහොම ලැදියි.කෙල්ල බන්ඩාරවෙල කිට්ටුව උඩුවර ..එහෙ වලව්වක කුමාරිහාමි කෙනෙක්...කොල්ල ඇවිල්ල පානදුරේ..ලංකාවට නිවාඩුවට ආහම උඩුවර ආරන්නියයට යනව බාවනාවෙ යෙදෙන්ට..එහෙදි තමයි දෙන්න හම්බ වෙන්නෙ. ඉතිං එවුං දෙන්න ලියුං ලියාගන්නකොට ඔය බොලා අපි කතාකරන බාසාවෙං ලියුං ලියයිද? නෑනෙ..බොහොම හර බර විදග්ද බාසාවෙන් තමයි ලියන්නෙ. අපි ඒ කාලෙ ඔය කතාවලට වහ වැටිල හිටියෙ. එව්ව කියෝල තමයි ඔය විදිහට ලියුං ලියන්ට පටං ගත්තෙ.
කොල්ලො කෙල්ලංගෙ නමුත් ඒ වගේම තමයි...දිවට කොස් පොත්ත ගැටේ වැටෙනව උච්චාරනේ කොරන්ට ගිහාම.මිණි මෙවුලී, සප්තාපර්ශා, ජිහ්වාම්බිකා, ඔන්න කෙල්ලො....සලපතල, උත්කර්ෂ, ස්නේහකස්‍රාව...ඒ කොල්ලො..එක කතාවක රවී කියලත් එකෙක් හිටිය..ඒ වලව්වෙ අලිය බලාගන්න එකා...මට නේද? ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව ගියා...පත්තරේ ගුලි කරල දැම්ම කෙලිම්ම ලිපට...
මෙව්වා තියා ගනින් පෝස්ට් වලට දාන්න.. නැත්තන් ඉතින් කතා ලියනවා වගේ ලියන්න දෙයක් නැති වෙනවා.. ඇති බන්.. මගේ බඩත් කොර වෙලා...
Delete//එක කතාවක රවී කියලත් එකෙක් හිටිය..ඒ වලව්වෙ අලිය බලාගන්න එකා...//
Deleteඇඬෙනව තනි ඇහැට.... යකෝ මරන්න එපැයි ඔය කතාව ලියපු එකාව.... :D
Maathalan,
Delete/ මෙව්වා තියා ගනින් පෝස්ට් වලට දාන්න /
මොන පිස්සුද බං මාතල්ස්...මයෙ හිතේ තියනව තව පිරිල ඉතිරිල යන්ට කතන්දර ගෝනි කනක්කුවෙ, ගෝනි කනක්කුවෙ..යකෝ ලියාගන්ට වෙලාවක් නැතුවයි මේ තක්කු මුක්කු වෙල ඉන්නෙ. මෙහෙමවත් ලිවෙ නැත්තං ඔව්ව ලියවෙන එකක්ම නැතිවෙයි බාගවිට.....හෙහ්, හෙහ්,
වෙලාවකට ලියන්ට ගත්තම බුසු බුසු ගාල පැහිල උඩට එන්නෙ වැඩිපුර කටුස්සෙක් දෙන්නෙක් වැටිච්චි ගෝඩා බූලිය පැහෙන්න වාගෙ ..දෙයියම්ප ඇත්ත..... මම මේ හිතාගෙන අර පේමදාස මහත්තෙය ඩෝල්ටන්ට කියල සිංදු සහ ඇන්ටන්ට කියල නවකතා ලියෙව්ව වගෙ කාටහරි ගානක් දීල සෙකටරි වැඩේට පත් කරල මේ කතන්දර ටික ලියව ගන්ට.
Ano,
Delete/ ඇඬෙනව තනි ඇහැට.... යකෝ මරන්න එපැයි ඔය කතාව ලියපු එකාව.... :D /
හෙහ්, හෙහ් මොනවද ලතා මේ කතා....කියල වැඩක් නෑ..ඔන්න මෙහෙමයි ඒකෙ කතන්දරේ.
දවල්ට කාල එහෙම ඔය මල් පත්තරෙත් අරගෙන මම ඇඳට ගොඩ වෙලා හිට හරි බරි ගැහුන..අම්මට උඩු මෙන්න අලුත් කතාවක් දාල අද..අර ඇඬෙන කොලිටි කතා ලියන පොරගෙ.." හෘදනින්නාද රනතිසර නුහුගුණාඅරච්චි" හෙහ්, හෙහ්, ...අම්මාපල්ල මෙවුන්ගෙ නම් බලාපල්ලකො.. මුං බඩට එනකොටම මෙවුංගෙ අම්මල අප්පලගෙත් මොලෙ කොළොප්පං වෙනවද කොහෙද?... හෙහ්, හෙහ්
කතාවෙ නම " ඉන්ද්‍රචාප මාවත ඔස්සේ ගලාගිය වෘක්කාංගමය සෙනෙහසක කතාව " කොහොමද නම?..අති විශිෂ්ඨයි නෙවද? මම දෙතුන් පාරක් කතාවෙ නම හයියෙං කිව. සද්ද වෙන විදිහ උනත් මල් හතයි..
" මොකද බං කෑගහන්නෙ? මට නිදියගන්ට දීපං " ඒ අල්ලපු ඇඳේ කුමාරය..
සකුණභූමිපාලිකා කවුළු දොර විවරකොට උදෑසන හිරුඑළිය සිය කුටියට පිවිසීමට ඉඩ හැරියාය.පඬුවන් පැහැ දුහුල් තිර මෑත්කොට ළය පුරා හුස්මක් ගත් ඇගේ දෙනෙතට එකවර ලක්වූයේ ගෙවුයනෙහි ඈත කෙලවර යම් කාර්යයක නිරතව හිඳිනා රවීගේ රුවය.
" ඒයි අම්මට උඩුනයා..මේ බලාපං මේ පාර හෘදයගෙ අලුත් කතාවෙ කොල්ලගෙ නම රවී..."
අල්ලපු ඇඳේ දිගාවෙලා හිටපු කුමාරයට මම කෑගැහුවෙ ඇඳේ කෙලින් වෙලා ඉඳගන්න ගමං..බිත්තිය පැත්තට හැරිල හිටිය ඒකා නිකමට හැරිලවත් බැලුවෙ නෑ..
" ම්ම්..එහෙමද? දිගටම කියවපංකො කෑගහන්නෙ නැතුව මට නිදාගන්ට දීල…" මම උගෙ පිට දිහා රවල බැලුව
" ඊරිසියාව..ඊරිසියාව වෙන මොකද්ද ඊරිසියාව.." එහෙම තොල මතුරල මම ආයෙම පත්තරේ අතට ගත්ත.
ගෙවුයනට පිවිසි ඕ උදෑසන කොටපොල කඳුවැටිය දෙසින් හමා ආ සිහිල් මඳ නල හේතුකොටගෙන දෑත් ළයමත බැඳ ගත්තීය.රවී තවමත් උයන් කෙළවර ඇයට පිටුපා පහත්වී යම් කාර්යයක නිරතව සිටියි. ඇය ඔහු දෙසට පියවර මනින්නට වූවාය.
" අඩේ මේකෙ කෙල්ලගෙ මස්සිනා වෙන්න ඕන මේ රවී කියන්නෙ..දෙන්න අතරෙ ඇති බොහොම සුන්දර ප්‍රේම වෘත්තාන්තයක්.." මම කිව්ව.
" ඔව් ඔව්..මොකද නැතුව මොකද නැතුව..දිගටම කියවහං.." කුමාර බිත්තිය පැත්තට හැරිල ඉඳගෙනම කිව්ව..
උයනෙහි පැති දොරටුව විවරකොට පිවිසියේ මහ නිළමේය.
" ආ දෝණී, කොහෙද මේ උදේම? "
" අප්පච්චි මම මේ රවී එක්ක පොඩ්ඩක් කතා කරන්ටෙයි කියල ඈ සිනාසුනාය."
" හරි ඒ කතාව පස් සෙ බැරිය.දැං අර ළමය එනව කිව්ව . දුව ගිහිල්ල ලෑස්ති වෙන්ට. "
ඔහු එසේ පැවසූයේ ඇගේ සදාදරණීය, අකලංක පෙම්වතා පිළිබඳවය. ඇගේ ඇවැස්ස මස්සිනාය පිළිබඳවය.ප්‍රසම්පාදිත නිශ්කාෂණ මහාදිකාරම් පිළිබඳවය.
" මොකක්? එතකොට රවී? " මට කියවුනේ ඉබේටම…
" හ්ම්ම්ම්, රවී නේද? තව කියවපං…" ඒ ආයෙම කුමාර..මේකා හිනාවෙනව වත්ද? මම ඌ දිහා නලලත් රැලි කරල බලල ආයෙම කතාව දිහාට හැරුන.
" රවී...අලියට කිතුල් කපල ඉවරනං ඌව අරං පලයං හිග්ගල් ඔයේ වක්කලමට..නාවගෙන වරෙං...අදපොඩි මැණිකෙ බඳින්න ඉන්න මහත්තයත් එනව කිව්ව."
" එහෙමයි ලොකු නිළමේ." රවී පැවසූයේ සුම්බරය ගලවා හිස පහත් කරමිනි.
" මුංගෙ අම්මලාට ...." මට කුණු හබ්බයක් කියවුනේ ඉබේම..
" හිහ්, හිහ්, හිහ්,.." කුමාරයගෙ හිනාව මගෙ කේන්තිය තවත් වැඩිකලා.
" ඉඳපංකො මම ඔය හෝතඹුවව අලිය ලව්ව පාගවල මරන්නෙ..එහෙම කොහෙද මා එක්ක. පොඩි මැණිකෙ අයිති වෙන්න ඕනෙ මට…" මම කියාගෙන ගියේ ඇඳෙනුත් නැඟිටල.
" උඹ පොඩි මැණිකෙ බැරිනං ලොකු මැණිකෙ හරි කමක් නෑ අයිතිකරගනිං..මට කෑගහන්නෙ මම එපා කිව්වද දැං?.....පිං අයිතිවෙයි මටඩිංගක් ඇහැ පියාගන්ට දීපං "
අම්මප මේ කුමාරයගෙ කිසිම රොමෑන්ටික් ගතියක් ගෑවිලාවත් නැති හැටි…කනවයි බුදියනවයි විතරයි ඌ දන්නෙ…
අපොයි......අලි බලන රවී...අර ඉස්සර පොඩ්ඩි ගේ වලව්ව මතක් වුනා ..
Deleteයකෝ දීයම කාපිය තෝව... හිනා වෙලා බඩත් කොර වෙලා :D Thanks Ravi
Deleteඅවංකවම කිව්වොත් රවී සුජා මාරම සෙන්සිටිව් කෙල්ලක්,ඒ වගේ අය ඉතාම ප්‍රතිපත්ති ගරුකයි,මේ කෙල්ලට මොකක් උනාද කතාව කොහොමද ඉවරවුනේ කියල දැනගන්නකල් මට ඉවසිල්ලක් නෑ.
ReplyDeleteඔන්න ඇත්තම කිව්ව.
හැලප,
Deleteඔබ හරි මචං...සුජා එහෙම තමා...මට අදටත් හිතාගන්න බෑ ඒ කෙල්ල ගැන...ඉඳහං ඉවසල ඔය හැලපයක් කාරිය කාල..තව කොටස් දෙකයි...ඈවරයි! දෑවරයි!!
අයියා මට මේක කියහං.. උඹ දෙකට ගණින්න දන්නවද.. නැත්තං අපි උගන්නන්නද..?
Deleteයකෝ දෙකයි දෙකයි කියනවා හැමදාම..
මාර්ස්,
Delete/ යකෝ දෙකයි දෙකයි කියනවා හැමදාම.. /
දෙකයි දෙකයි කිව්වම එතනම හතරක්නෙ බාං..
අනික අර පුරාන ඉරිසින්නාන්සෙල කියල තියෙන්නෙ ….
ද්වි කාර්යයං කාල නිර්නං නහිජාතිං,
ඒකේන වෘත්තාන්තං ද්විත්යේන කාම සභෝගං…
ඒ කියන්නෙ මලේ කාර්යයන් දෙහෙකට විතරක් ගතවන කාලය කලිං කියන්න බෑ….. කියන්න ඕන නෑනෙ බොට තේරෙනවනෙ කාර්යයන් දෙක මොනවද කියල හෙහ්, හෙහ්,
mata tiyena prashne oyai Vijithayai dennama ekathu wela karapu wadeta ai wijitayata witharak punish karanne.....Wanchawata ochchara akamati kena mokatada wanchawa karanna udau karapu kenata ochchara kamati.....?????????
ReplyDeleteSacheera,
Deleteඑතන වැඩේ අර්ත කතනය වෙන්නෙ මෙනෙමයි කොල්ලො…
විජිතය හිතාමතාම සුජාතව රවටන්නනෙ හැදුවෙ..එතකොට ඒක ඇවිල්ල චේතනාන්විත වරදක්..කිරිමෙලක්.
මම කවි ලිව්වට මගෙ පරමාර්තය සුජාතව රවටන එක නෙවෙයි...එතන මගෙ එහෙම චේතනාවක් තිබ්බෙම නෑ...ඒ නිසා වරද එතරම් බරපතල නෑ...චේතනා පරිසුද්ද වූවත් පෙම් සටන් පරදී කියල ඔය බුදු බනෙත් තියෙන්නෙ බාං ඉතිං ආය මොනවද?
Me man Kellak newei kellek hari..... :)
DeleteKellekge konem baluwama mata nam hitenne Suja aiya dakka dawasema kamati una....Ekane kavi illuwe.....Passe Vijitayawa Loku seen dala ain karala Aiyata adena liyumak ewwa.....Harine.....Ane itin ratatama bana kiyana Ravi aiyath ayemath Ganu gatakata ahu una.........:D
සචීර හරි සමීර හරි මහා ප්‍රාචීර හරි ඕන එකක්,
Deleteපුමිතිරි බේදෙකුත් ඕන නෑ. ඒකත් පැත්තකට දාමු
/ Ane itin ratatama bana kiyana Ravi aiyath ayemath Ganu gatakata ahu una.........:D /
අනේ බොලේ..ඇත්තම කිව්වොත් මම ඔය ගෑණු ගැටවලට අහුවෙන්ට සැදී පැහැදී ඉන්නෙ. මගෙ විනෝදාංසෙ කිව්වත් වරදක් නෑ. ගෑණු ගැටවලට අහුවෙනවට නෙවෙයි මගෙ හිත අකම්පාල වෙන්නෙ ගෑනු ගැට නොගහන කොට...ඔන්න ඇත්තම කිව්ව හෙහ්, හෙහ්,
මචං රවී.....හරියට කියවගන්න බැරිඋනා....දැන් පිටත්වෙන්න ඕන දෝණියැන්දා බලන්න යුනිවසිටි එකට. ඈත ගමනක්....ලැප්ටොප් එක අරන් ගිහින් මේවා රස විඳින්න ගියොත් කෙල්ලයි අම්මයි තරහ ගනියි. අපි එනකම් ඉන්නේ කතා කරන්නයි, කටට රහට උයා ගන්නයි. දවස් තුන හතරකට සමාව අවසර ප්ලීස්.
ReplyDeleteඅරූ,
Deleteහරි මචං කිසිම ප්‍රශ්නයක් නෑ..බිරින්දෑ සහ දියණිය.... එයාලට ප්‍රමුඛස්ථානය දෙන්නම ඕන…They are your life & Soul of course.
අර සුප්‍රසිද්ධ කථාව අහල ඇතිනෙ..වීදුරුවකට ඉස්සෙල්ල ලොකු ගල් දානව. ඊට පස්සෙ ඒ අතර සිදුරු පිරෙන්ට ඊට ප්‍රමාණයෙන් පොඩි ගල්..ඊටත් පස්සෙ තවත් පොඩි ගල්..අන්තිමට වැලි දැම්මම වීදුරුව පිරෙනව..
එතන කියන්නෙ මේකයි..ලොකු ගල් කියන්නෙ Priority 1 = My Wife / Husband & Children ඊලඟ සයිස් ගල් කියන්නෙ Priority 2 - My Family ඊටත් පොඩි ගල් - Priority 3 = Relatives & Friends වැලි කියන්නෙ අවසේස උදවිය.අනිවාර්යයෙන් ජීවිතේ මම හැමදාම ඉතාම ඉහළින් පිළිපදින උපදේශයක් මචං ඕක...ඔය වැඩේ හරියට කරගත්තොත් ජීවිතේ කිසිදවසක වරදින්නෙ නෑ. Get your priorities right and Your would just love living your life.
Give my regards to them both :) :)
හදේ... කොතැනක හෝ... හිඳියි ඔබ..
ReplyDeleteනිදා නොනිදා ..මෙන්.....
සඳා,
Deleteඅනේ දෙයියම්පල්ල මේ ඇත්තමයි..ඔය සිංදුව ඉස්සොරෝම ඇවිල්ල මාස හතර පහක් යනකල් මට ඕක ඇහෙන්නෙම හඳේ කොතැනක හෝ හිඳී නුඹ කියලමනෙ. මම හිතං හිටියෙ ඔය අර හාවට කියන සිංදුවක්ය කියල....හෙහ්,හෙහ්...
ඉතින් ඉතින් ඊට පස්සේ........
ReplyDeleteඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ. :)
Delete//හෙට හෝ අනිද්දා දඹදෙණි කඳුවැටිය පසුබිම් කොට යළිදු අසණි ආලෝකය දැල්වී නිවීයද්දී මට ඔබ සිහිවනු ඇත. //
ReplyDeleteමින් පසු කිසි දිනෙක වැසි නැති අසෙනි අහස් කුසින් වෙන්ව පොළව සිප ගනිද්දී දයාබර සුර්යාභිධානයෙණි, මට ඔබව සිහිවනු ඇත. ඒ අන් කිසිවකුත් නිසා නොව කුඩා කල වෙසක් පහන් තැනුමට රබර් තුරු අතර සැරිසරා ඔට්ටපාලු බෝල මෙවැනි පොස්ටු කියවන විට සිහවන නිසාය.
ඇදෙන සුළු තැනින් තැන ගැට ගැසුනු අවුල් ජාල වැනි සේ දිස්වන ඔට්ටපාලු බෝල දිග හැරිද්දි කිසිදු පැටලුමක් නැතිව දිග හැරෙයි. ඉඳ හිට පැටලුමක් තිබුනු විට එතැනින් කෑල්ල කඩා දමා නිදහස් තවත් කොනකින් කැබැල්ලක් කඩා ගත හැකි බැවිනි.
පසු කලෙක බකට් කම්බි ට්වනයින නූල් කරලියට පැමිණියද එදා ඔට්ටුපාලු බෝලය තරම් වටනා දෙයක් පහන් කූඩු බදින්නට නැත. එසේ හෙයින් අනිත් දිනද නොවරදවා එන බව කියමින් නවතිමි.
ඔබේ සියළු සිතුම් පැතුම් පෝස්ටු බවට පත්වේවායි පතමි.
මම
-රූ
රූ,
Deleteජීවිතය වනාහී කතන්දර රාශියක එකතුවකි. ස්ව අත්දැකීම්, ඥාති හිතමිත්‍රාදීන්ගේ අත්දැකීම් මෙන්ම ඇසූ දුටු නොයෙක් සිදුවීම් ද එකතුව නිර්මිත අනවරත ප්‍රවාහයකි ජීවිතය.
ජීවිත මංපෙත දශක පසකට ආසන්න කාලයක් ගෙවූ සඳ ජීවිත අත්දැකීම් නම්වූ ඔලගුව මුව විට තෙක් සපිරීයනු වැළැක්විය නොහැක. එසඳ ඒ ඔසවාගෙන තවත් දුරගමන් කිරීම වෙහෙසකර යයි හැඟුනු හෙයින් පියමනිමින් හුන් පෙත්මඟ අසබඩ වූ රූස්ස වනස්පතියක් සෙවණෙහි හිඳ විඩා හරින්නට වූයෙමි..
මා සේම මේ පෙත්මඟෙහි ගමන්ගන්නෝ තවත් බොහෝය. බහුතරයක් මා නාඳුනන්නෝ වුවද ඔවුහුද මා වන්ම වූ ජීවන ගමහෙහි අනවරතරව යෙදෙනා පිරිමින් සහ ගැහැනුන්ය. විඩා සන්සිඳවනු වස් බිම තැබූ ඔලගුව යලි උරය මතට ගන්නට පළමු එහි පිරී පවත්නා අත්දැකීම් ඒ දයාබරවූ මිනිසුන් සහ ගැහැණුන් හා සමඟ බෙදාගතහොත් ඒ යම් සැහැල්ලුවක් වේ යයි සිතූයෙන් ඒ වනස්පතිය සෙවණෙහිම හිඳ මා වටා එකත්පස්ව හිඳ සිටිනා ඔවුන් හා සමඟ ප්‍රිය මිත්‍ර සමාගමයෙහි යෙදුනෙමි. ඒ උදෙසා මවෙත පිදුනු තුතිපුද, මසිත් අත්විඳි සැහැල්ලුව ඒ ව්‍යායාමය වෙනුවෙන් මා ගත් වෙහෙසට ප්‍රමාණවත් ප්‍රතිලාභයෙකැයි උදක්ම හඟිමි.
එසේම ඔබ වන් දරාර්ද වූ සිතැත්තවුන් සිතැත්තියන් ඉඳුරා සම්මුඛව නොවූවද හඳුනා ගැන්මට ලැබීමද මා ලද මහත් භාග්‍යයක් සේම තවත් ප්‍රතිලාභයකි. එසේ වූ හෙයින් මෙලෙස පවසන්නෙමි දයාබර වූ මහත්මියණි..බොහෝසේ ස්තූති වේවා!!!
මා ජීවිත අත්දැකීම් මෙන්ම සිතුම් පැතුම් ද පරිගණක යතුරු පුවරුව, තිරය හරහා ඔබ හා සමඟ බෙදා ගැන්ම ඉදිරියෙහිදීත් මාගේ අපේක්ෂාව බව සපථ කරමින් නවතින්නෙමි.
ඒ වගටත් මෙසේම ,
සූර්යාභිධාන වන මම්ම වම්හ.
අයියේ මම මේ කල්පනා කලේ උඹ ලියුම් වලට සලකන විදිහ හොඳටෝම වැරදියි කියලා.... සිරාවටම එහෙම ලියුම් ආවහම කඩන්නෙ නැතුව ඔච්චර වෙලා ඉන්න පුළුවන්ද? මට නම් ලියුමක් ආවොත් ඔහොම ඉවසන්න බැහැ... අනික දැන් බලපන් මේ ලියුම් දෙක බලන්න හිටපු අපිට කරපු දේ, ලියුම් දෙකේ කතාව කොටස් තුනකද කොහෙද තියනවා... දැන් නම් අර මොකද්ද එකේ අග්ගිස්සටම ඇවිත් ඉන්නේ....
ReplyDeleteතිසර,
Deleteඇයි බං ඒ දෙවෙනි ලියුම බලන්ට බැරි උන්ව් අපෙ කට්ටිය ආපු හින්ද නෙව..එවුං ඉන්න අස්සෙ ඕක බලන්ට ගිහිල්ල උං ඕක දැක්කොත් මල කෙලියයි. අර අම්මණ්ඩි මොනව ලියලද දන්නෙත් නෑනෙ. ඒනිසා කාගෙන හිටිය උං යනකල් :)