Monday, December 23, 2013

236. කවිකාරියකගේ ප්‍රේමය…..22


Cesar Legaspi - Untitled - Oil - 1979

අනෝමලා හිටපු ක්වාටර්ස් එකට හැරෙන තැනදි අපි නැවතුනා. 

" එහෙනං බං සුජා හම්බ උනයින් පස්සෙ මට විස්තරේ කියපං...ඒත් උඹ කැමතිනම් විතරයි…"

" අපෝ එහෙම ප්‍රශ්නයක් නෑ..මම කියන්නං..ඒත් මම හිතන්නෙ නෑ මගෙ තීරණය වෙනස් වෙයි කියල. උඹට දැම්මම ඕනිනම් කියන්නං.." 

" එපා..එපා..හිතක් කියන එක වෙනස් වෙන්ට මහවෙලාවක් යන්නෙ නෑ.මට වැඩේ ඉවර වෙලාම කියාපංකො.." 

" ඕකේ මැඩම් විල් ඩූ සෝ….."


මම එහෙම කියල අපෙ ක්වාටර්ස් පැත්තට හැරුන. අඩි හත අටක් ගිහිල්ල මම නැවතිල ආපහු හැරුන.

" මේ ඒයි......."

අනෝමත් නැවතිල ආපහු හැරුන

" යස් සර්? "

" තෑන්ක්ස් සෝ මච් ෆො ඕල්.."

" දැට් වෝස් අ ප්ලෙෂර්, ඩෝන්ට් මෙන්ෂන් …"
අනෝම හිනාවෙලා ආපහු හැරුන.

ඊළඟ සතියෙ බ්‍රහස්පතින්ද නිවාඩුවක් වැටිල තිබ්බ. පෝයක්. මගෙ යාලුවෙක් හිටිය කුරුණෑගල යග්ගපිටියෙ. කලින් මා එක්කම වැඩ කරල අවුරුද්දකට දෙහෙකට වගෙ උඩදි දඹුල්ල කිට්ටුව අපෙ ප්‍රොජෙක්ට් එහෙකට මාරුවෙලා ගියා. අසේල නම. ඔය යග්ගපිටියෙ කට්ටි කඩපු ඉඩමකින් පර්චස් 20 අරගෙන ලෝන් එකක් දාල ගෙයක් හදාගත්ත. යග්ගපිටිය තියෙන්නෙ කුරුණෑගල - දඹුල්ල පාරෙ බඩගමුව වන රක්ෂිතය කිට්ටුවම. මම අසේලට ගත්ත කෝල් එකක් උගෙ ඔෆිස් එකට.

" මචං මේ පෝය දවසෙ උඹ ගෙදර ඉන්නවද?..."

" ම්ම්..වැඩ නම් නෑ. ඒත් ගෙදර උන්දැ මොන මොනව දාගෙන ඉන්නවද මන්ද..ඒකෙන් කමක් නෑ..මොකක්ද උඹට කෙරෙන්න ඕන.."

" උඹෙ බයික් එක ඕන මට එදාට. වැඩි දුරකට නෙවෙයි මචං මේ වැව රවුමට යන්ට. උඹට වැඩක් මොකක් හරිනම් මාව ගිහින් දාපං, ඒත් ඇති."


ඒ දවස්වල ගහක් ගලක් ගානෙ ත්‍රී වීලර්ස් තිබ්බෙ නෑ.

" හරි හරි ඒක මොනවහරි කරගන්ට බැරිය .උඹ කීයටද එන්නෙ? "

"' ම්ම්..දහයට වගෙ. "

" හරි මම උඹට වයිෆ්ස්ගෙනුත් අහල බලල පණිවිඩේ දෙන්නම්. උඹලගෙ ඔෆිස් එකට දැන් ටෙලිෆෝන් තියනව නේද? " 

" ඔව් බං…. ගත්තනෙ ටෙලිෆෝන්..අනෝම උඹ දන්නවනෙ. පණිවිඩේ කියපං මට කියන්ට කියල. "

සුජාතගෙ හොඳම යාලුව හිටියෙ කුරුණෑගල වැව රවුමෙ. එහෙට මට එන්නෙයි කියල කිව්ව පෝය දවසෙ උදේ.

බදාද හවස ගෙදර ගිහිල්ල 
පහුවෙනිද නවය වෙනකොට මම ගියා අසේලයගෙ ගෙදර. .

" බයික් එක අරං පළයං බං අවුලක් නෑ.  පහ වගෙ වෙනකොට උඹ එනවනෙ. හවස පන්සල් පැත්තෙ ගිහිල්ල එන්ටවත් එපාය. " තේකක් එහෙම බිව්වට පස්සෙ අසේල කිව්ව

" අපොයි එච්චර වෙලා යන්නෙ නෑ බං මම අද ගෙදර යන්ටත් එපාය. "

" පිස්සුද? හෙට උඹ කොහොමත් නිවාඩුනෙ ..කොච්චර කාලෙකින්ද හම්බ උනේ..අද ඉඳල පල…"

" හරි ඒක මොක හරි බැරිය....එහෙනම් මම ගියා …"
අසේලගෙ තිබ්බෙ හොන්ඩා සී. එම්. කස්ටම් බයික් එකක්. ආන්න බයික්.

වැව රවුමෙ දිය දහරා හෝටලේ යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මඟුල් දෙක තුනකට ඒ වෙනකොට මම ගිහිල්ල තිබුණ. ඒ හැම දාකම ඔය වැවේ වතුර තිබුනෙ මැද්දෑවට වෙන්ට බොහෝමත්ම පොඩිත්තයි. අදත් ඒකෙ වෙනසක් නෑ. ඒ දවස්වල හෙල්මට් දාන එක තහනම් කරපු එක ඔළු ගෙඩියෙ ආරක්සාව සම්බන්දව කොහොම වෙතත් ඉහිං කණිං දාඩිය දාන එක වලක්වා ගැනීම සම්බන්දයෙන් නම් නම් ලොකු උදව්වක් උනා. ඉස්සෙල්ල මුහුණු ආවරණ තහනම් කරල විජය ඝාතනයෙන් පස්සෙ ඒ වෙනකොට හෙල්මට්ස් සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තිවුනෙ.

වැව් කණ්ඩියෙ වංගුවත් එක්කම වම් පැත්තෙ පාරෙන් පල්ලෙහ බාගෙට කපරාරු කරපු පොඩි ගෙයක් කියලයි සුජා මට කිව්වෙ. ඉස්සරහ අරලිය ගහකුත් තියේය කිව්ව. හරි..ඔය තියෙන්නෙ...මේක වෙන්න ඕන...අරලිය ගහකුත් ඔය තියෙන්නෙ. රතු අරලිය පොකුරු දෙකකුත් පිපිල.

මිදුල මැදම අඹගහක් තිබුන. වටේට කළුගල් පෙලක් අල්ලල. මැද පස් පුරවල ඩුබායි රෝස වවල. රෝස සහ සුදුපාට මල් පිපිල.බයික් එක මම අඹ ගහ හෙවණෙ නවත්තල බැස්ස. එත්කොටම සුජාතා ගේ ඇතුලෙ ඉඳල ඉස්තෝප්පුවට ආව. සුදු බ්ලව්ස් එහෙකුයි නිල්පාට කලිසමකුයි ඇඳල.

" එන්න ..එන්න.." සුජාතා හිනාවුනා.

ඉස්තෝප්පුව වට කරල බැඳල තිබ්බෙ අඩි තුනක් වගෙ උස මිටි බිත්තියක්. ඇතුල් වෙන්ට තිබ්බෙ දෙපැත්තට ඇරෙන යකඩ ගේට්ටුවකින්. මම වහල තිබ්බ ගේට්ටුව ලඟ නතර වෙලා වටපිට බැලුව. 

" මොකද? ඇතුලට එන්නෙ නැද්ද? " 

සුජාතා ආයෙම ඇහුව අතේ තිබ්බ තුවායක් වගෙ මොකක්ද මිටි බිත්ති කණ්ඩිය උඩ තියන අතරෙ.

" කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද? " 

ගේට්ටු පොඩ්ඩ ඇරල ගල් පඩි දෙක නැඟල ඉස්තෝප්පුවට ගොඩ උනෙ මම හිනාවෙලා එහෙම අහගෙන.

" වෙන කවුරුවත් මොකටද මම හිටියම මදිද?..." සුජාතා හිනාඋනේ ඇස් දෙකෙන්.

" මානෙල්, මගෙ යාලුවයි….. එයාගෙ මහත්තයයි ගියා එයාලගෙ මහ ගෙදර ගිහිල්ල එන්න. මේ කිට්ටුව ..ගැට්ටුවානෙ....දවල්ට කාල එහෙම එයි...මොනවද බොන්නෙ?....තේ හොඳයි නේද? "

" හොඳයි හොඳයි……"

" හොඳ නැති උනත් ඉතිං වෙන කරන්න දෙයක් නෑ..තේ තමයි බොන්න වෙන්නෙ..මෙහෙ වෙන මොකවත් නෑ.හිහ්, හිහ්, " සුජාතා ආයෙම හිනාඋනා..

" වෙන ආය අහවල් දෙයක්ද?..." මම සුජාතගෙ මූණ බලල ආයෙම බිම බලාගත්ත.

" හිහ්, මම දන්නව... විජිත මට කිව්වනෙ…." සුජාතගෙ මූණෙ හිනාව මැකිල ගියා.

ඈත වැව මැද්දෑවෙ ඉතුරු වෙලා නලියන වතුර කඳට උදෑසන ඉර එළිය වැටිල දිළිසෙනව දිහාවෙ අපි දෙන්නම බලාහිටියෙ කියන්ට දෙයක් හිතාගන්ට බැරුව. ඒ කතාව එතනින් එහාට ගෙනියන්නෙ කොහොමද කියල මට හරියකට තේරුමක් තිබුනෙ නෑ. ඒත් අද මෙතනින් පිටත් වෙලා ආපහු යන්ට ඉස්සරවෙලා කොහොම හරි ඒ කතාව ඇදිල එනව විතරක් නෙවෙයි ඒකට උත්තරේකුත් හොයන්ට වෙනවයි කියල මම හොඳාකාරවම දැනගෙන හිටිය.

" ඉන්න මම තේ එකක් ගේන්නං …"

එකපාරටම එහෙම කියල නිශ්ශබ්දතාවය බිඳදාපු සුජාතා ගෙට ගියා. ඉස්තෝප්පුවෙ තිබ්බ වේවැල් පුටු දෙකක්. දකුණු පැත්තෙ බිත්ති කණ්ඩිය උඩ කණාටු වෙච්ච රෝස පැලයක් ඉන්දවපු මැටි පෝච්චියක්. එක වේවැල් පුටුවක් බිත්ති කණ්ඩිය අයිනටම ඇදල මම ඉඳගත්ත. ඒ එක්කම වැව පැත්තෙං හමාගෙන ආපු හුළඟෙ තිබ්බෙ සිසිලසක් නම් නෙවෙයි තවත් දාහය වැඩි කරන උණුහුමක්....කමිසෙ උඩ බොත්තං දෙක ගලවල බිත්ති කණ්ඩිය උඩ රෝස පැලේට පිටිපස්සෙන් තිබ්බ පත්තරේකිං මම මූණෙයි පපුවෙයි දාඩිය නිවාගන්න උත්සාහ කලා.

තේ එකක් බන්දේසියක තියාගෙන සුජාතා ආව." රස්නෙයි නේද? මේ ඇස්බැස්ටස් හින්ද තවත් රස්නෙ වැඩියි. රස්නෙං තේ බීල තවත්......."

" නෑ..මේ වෙලාවෙ තේ එකක් තමයි හොඳ...කූල් බිව්වම ඒ වෙලාවට පහසුවක් දැනුනට පස්සෙ ආයම දාඩිය දාන්ඩ ගන්නව තිබ්බටත් වැඩිය."

" හිහ්..ඔයා ඉතින් මොකෝ? ඕන එකකට උත්තරයක් තියනවනෙ…"
සුජාතා අනික් වේවැල් පුටුවෙ ඉඳගත්ත.

" ඉතිං ඒක හොඳ නැද්ද? තර්කානුකූල පැහැදිලි කිරීමක් ඕනම ප්‍රශ්නෙකට තියෙන්න ඕනමයි නේද?...." තේ උගුරක් බොන ගමන් මම කිව්වෙ සුජාතා දිහාවෙ බාගෙට හැරිල. ඒත් මම කිව්ව දේ නෑහුනා වාගෙ එයා ඈත වැව් පිටිය දිහාවෙ බලන් හිටිය.

තේ එක හෙමිහිට බීල ඉවර වෙනකලුත් සුජාත වචනයක්වත් කතාකලේ නෑ. මම දෙතුන් පාරක් හොරැහින් බැලුවත් ඈ ගල් පිළිමයක් වගෙ ඈත බලාගෙනම හිටිය. සුජාතා තේ එක ගෙනාපු බන්දේසිය තිබ්බෙ බිත්ති කණ්ඩිය උඩ. තේ බීපු කෝප්පෙ බන්දේසියෙ තියන්න මට නැඟිටල සුජාතා පහුකරගෙන යන්න උනා. ඒ යනගමනුත් මම හොරැහින් බැලුව. තාම අර හිටපු විදිහටම බර කල්පනාවක.

" ජීවිතේ හැම ප්‍රශ්නෙකටම තර්කානුකූල පිළිතුරු හොයන එක වැරදියි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? "

සුජාතා එහෙම ඇහුවෙ මම හිස් කෝප්පෙ බන්දේසියෙ තියන කොටම. බන්දේසිය උඩ තියාපු කෝප්පෙ එහෙම්මම අල්ලගෙන මම එතනම ගල් ගැහුන. මොකක්ද කියන්නෙ කියල කල්පනා කරද්දි සුජාතා ආයෙමත් කතාකලා.

" මම කියන්නෙ හදවතට පපුවට ඉඩ දෙන්න ඕන, එහෙම ඉඩ දෙන්ඩ වෙන අවස්තාත් තියෙන්න පුලුවන්, එහෙම තියෙනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ....රවී????? "

මම ඈ දිහා බලල යාන්තමට තොල් මෑත් කරල හිනාඋනා. ඊට පස්සෙ ඈ ළඟින්ම ආපහු ගිහිල්ල 
කලින් මම ඉඳන් හිටපු වේවැල් පුටුවෙ ඉඳගත්ත. උත්තරයක් විදිහට කියන්නෙ මොනවද කියල මම කල්පනා කලේවත් නෑ. මොකද උත්තරයක් විදිහට කියන ඕනම දෙයකින් නොහිතූ පැත්තකට,  නැහැ හරියටම කියනවනම් මම උත්තර නැතුව අපහසුතාවයට පත්වන තැනකට කතාව යොමුවෙන්නට පුලුවන් කියල මම හොඳාකාරවම දැනගෙන හිටපු නිසා. 

මගෙන් උත්තරයක් නැතිකොට ඈ නැඟිටල මා දිහා ටික වෙලාවක් බලා ඉඳල බන්දේසියත් අරගෙන ගේ ඇතුලට ගියා.උණු තේ එකක් බිව්වට පස්සෙ පරිසරය එක්ක ශරීරයෙ තියෙන උෂ්ණත්ව සමතුලිතතාවය බිඳ වැටෙනව. ආයම අලුත් සමතුලිතතාවයකට පත්වෙන්ට ශරීරය කරන්නෙ දහදිය පිටකරන එක. දහදිය වාෂ්ප වෙන්නෙ ශරීරයෙන් උෂ්ණත්වය ලබාගෙන. ඒ අයුරෙනුයි නව සමතුලිතතාවයකට ශරීරය පත්වෙන්නෙ. ජීවිතේ වෙන ඕනෑම දේකදිත් අපි එහෙමනේද කියල මට ඒ එක්කම හිතුනා.සුපුරුදු සමතුලිතතාවය බිඳ වැටුනම ආයම මොන ක්‍රමයකින් හරි අලුත් 
සමතුලිතතාවයකට  ලඟාවෙන්ට නේද අපි හැමෝම උත්සාහ කරන්නෙ? 

සුජාතා ආයම ඇවිල්ල පුටුවෙ ඉඳගත්ත. ඈ වෙතින් නිකුත්වෙච්චි ජැස්මීන් විලවුන් සුවඳක් හෙමිහිට සුළඟත් එක ඇවිල්ල මගෙ පපුව පුරා පැතිරුනා. මෙච්චර වෙලා මට එහෙම සුවඳක් නොදැනුනෙ මොකද කියල මට හිතුන ඒ එක්කම.

" මම සති දෙහෙකට වගෙ ඉස්සර අපෙ ගෙවල් කිට්ටුව තියන ඉස්කෝලෙකට මාරුවක් හදාගෙන ගියා.." සුජාතා එක පාරටම කිව්ව.

" ආ..ඇත්තද?....ඒක හොඳයි...."

" ඇයි හොඳයි කිව්වෙ?..."
ඇගේ බැම හැකිළුනා..

" නෑ..මම මේ කිව්වෙ කොහොමත් ගෙවල් කිට්ටුවට යන එක හොඳයි කියලයි."

" විජිත දෙපාරක් ආව මාව මුණගැහෙන්ට…" යාන්තමට හමන හුළඟට හෙමිහිට හෙල්ලි හෙල්ලි තිබ්බ අඹගහේ කොළ නිසොල්මන් උනේ එක වංගියෙම.

" එයා කරපු වැරැද්ද පිළිගන්නවලු. මගෙන් ඇහුව මට අතීතය අමතක කරල අලුතෙන්ම පටන් ගන්න බැරිද කියල......"

මම කිසිවක් නොපවසා ඇගේ වත දෙස බලා සිටියෙමි.

" මම කිව්ව මට කියන්ට තියෙන්නෙ කලින් කියාපුදේම විතරයි. ඒ තීරණය තාමත් එහෙමමයි.අනික ඒ තීරණය ගන්නට හේතුවුනු කාරණා එකක්වත් කිසිම විදිහකින් වෙනස් වෙලාවත් ඒ සිද්ධවුනු දේ ගැන මගෙ ආකල්පය කිසිම විදිහකින් වෙනස් වෙලා නැති නිසාත් තිරණය වෙනස් කරන්ට හේතුවක් මට පේන්නෙ නෑ කියල. "

වැව දිහායිං හමාගෙන ආපු රත්වෙච්ච හුළඟ දාහය නිව්ව නෙවෙයි තවත් වැඩිකලා.මම ඉඳගෙන හිටපු කිට්ටුවම බිත්ති කණ්ඩිය උඩ තිබ්බ දෙකට නවපු පත්තරයක්. ඒක අරගෙන මම දාඩිය නිවාගන්න උත්සාහකලා.

" ඉන්න මම ෆෑන් එක අරං එන්නං. "

සුජාතා ගිහිල්ල ටේබල් ෆෑන් එකක් ගෙනැල්ල බිත්ති කණ්ඩිය උඩම තියල ක්‍රියාත්මක කලා. හීතල හුලං පාරෙ සනීපෙට මම එහෙම්ම ඇස් පියාගත්ත.

" එතකොට මිස්ට රවී ආයමත් පාරක් මම අහන්නම්....  මගෙ ඉල්ලීම ගැන මොකද ඔයා කියන්නෙ?...නෑ එහෙම නෙවෙයි අහන්න ඕන..මගෙ ඉල්ලීම ඔයා ප්‍රතික්ෂේප කලානෙ...වැඩේ කියන්නෙ මට ඒක හැම වෙලාවෙම අමතක වෙනව.හරි...ඒකට කමක් නෑ. ඒ ඔයාගෙ තීරණය...මම මෙහෙම අහන්නම්කො..මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මොනවද හේතු?....වෙන කොයිම කෙනෙක්ගෙන් වත් මම මෙහෙම අහන එකක් නෑ. ඒත් මොන දෙයක්ද මන්ද මට ඔයාගෙන් ඒකට පැහැදිලි උත්තරයක් ඕනෙ. "

බිත්ති කණ්ඩියම උඩ තිබ්බ ෆෑන් එක එකපාරටම නැවතුනා. මොකක්ද සුජාතගෙ ප්‍රශ්නෙට දෙන උත්තරේ කියල කල්පනා කරමින් හිටිය මම ඔලුව හරවල ඒ දිහා බැලුව.

" ලයිට් ගිහිල්ල වගේ …" සුජාතා නැඟිටල ඉස්තෝප්පුවෙ ලයිට් එකේ ස්විච් එක දාල බලල කිව්ව.

" ඔයාගෙ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නද?.මේක වැල් වටාරමක් වගෙ ඔයාට පේන්ට පුළුවනි. ඒත් වෙන විදිහක් මට තේරෙන්නෙ නෑ. ජීවිතේ සමහර දේවල් තියනව මැඩම් අපිට හරියටම පැහැදිලි කරල දෙන්ට බැරි. දැන් දෙකයි දෙකයි එකතු කලාම හතරයි. එතන වෙන උත්තරයක් නෑ. ඒත් ජීවිතේ ප්‍රශ්න වලට එහෙම කෙලින්ම උත්තර නෑ බොහෝ වෙලාවට. ජීවිතේ අපි ගන්න තීරණ වලටත් හරියටම හේතු දෙන්නත් බැරිවෙන්න පුළුවන්. මම මේ කියන්නෙ තවත් කෙනෙකුට ඒත්තු යන විදිහට හේතු දෙන්න බැරිවෙන්න පුලුවන්ය කියලයි "

සුජාතා ටිකක් වෙලා මගෙ මූණ දිහාවෙ බලා හිටිය.

" Let me be frank Ravi, that’s a lot of words only. You didn't say anything at all, "

" හෙහ්, හෙහ්, හෙහ්, " මම හිනා උනා…" You are so blunt aren't you? But I like that and do you know there's a saying…. Saying nothing sometimes says the most.."

" Yes…Emily Dickinson …" සුජාතා ඉගැන්නුවෙ ඉංග්‍රීසි කියල මම කලින් කිව්වනෙ නේද?

" සුජාතා මම එවපු ලියුමෙ ලියල එව්ව මතකයිද ජීවිතේ සමහර දේවල් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නෙ නෑ. දෛවය හෝ ඉරණම හෝ වෙන මොකක් හරි හෝ අපිට ජීවිතය ලබාදෙන දේ පිළිගන්න වෙනව. ඒක සාධාරණ නෑ තමයි. ඒත් එහෙම තමයි ඒකෙ හැටි." 

" එතකොට ඔයා මට කියන්නෙ විජිතට සමාව දීල ඒ ඔක්කොම අමතක කරන්න කියලද? "

" අපොයි නෑ..මම එහෙම කිසිම දෙයක් ඔයාට කියන්නෙ නෑ. තවකෙනෙකුගෙ ජීවිතය ගෙනියන්න ඕන කොහොමද කියල උපදෙස් දෙන්න මට මොකක්ද තියෙන අයිතිය?. ඒක සම්පූර්ණයෙන්ම ඔයා තීරණය කරන්න ඕන දෙයක්...ඉට්ස් යුවර් ලයිෆ් "

ආපහු ලයිට් ආවද කොහෙද..එක පාරටම ෆෑන් එක වැඩ කරන්න ගත්ත.දහදිය ගලන මුහුණ ඒ පැත්තට හරවල මම සනීපෙට දෑස් පියාගෙන පුටුවෙ පස්සට දිග ඇදිල හොඳට හේත්තු උනා.


" එතකොට රවී මොකක්ද ඔයා මට කියන්නෙ? "

" Sujatha, please understand, at least make a try..Some things in life are just meant not to be. It's neither your fault, mine or anyone else's. It’s just the way it happens, just the way it's destined to be. That's all. Most probably there would have been a much happier ending with just a little bit changing of circumstances but unfortunately it was not to be. let us accept what life offers us. "

ඉර ඇතුගල එහා පැත්තෙං බැහැගෙන ගියා. වැව ඉස්මත්තෙ සුදුපාටට තිබ්බ වළාකුළුවල පරිමිතිය පමණක් රතු පාටට දිලිහුනෙ රතු පීත්ත පටියක් ඇල්ලුව වගේ.දාස් දෙන අව්ව අඩුවෙනවත් එක්ක රස්නෙත් ටික ටික අඩුවෙන්ට ගත්ත. ඒත් වැව් පිටිය සිසාරා හමාගෙන එන ගිණියම් හුළඟෙ පීඩාව අඩු උනේ නම් නෑ. එහෙම තමයි එක පාරටම එහෙම වෙන්නෙ නෑ. දාහය අඩුවෙන්ට තව වෙලා යනව. එව්ව සිද්ද වෙන්නෙ අපිට ඕන වෙලාවට නෙවෙයි.

" එතකොට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරම තමයි නේද? " ඇගේ කටහඬට මම ඇස් ඇරිය.

" ඔව්..මාත් එක්ක තරහ වෙන්න එපා…" මම කිව්වෙ ඇය දිහාවෙ යන්තමට බලල ආපහු වතුර හිඳිච්ච වැව දිහාවෙ හැරිල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන.

" කමක් නෑ, ඔයාගෙ තීරණය ඒකනම් මම මොනව කියන්නද? …" ඇය කිව්වෙ තවත් ටික වෙලාවකට පස්සෙ.

" මේ මගෙන් පුංචි තෑග්ගක්, " කුරුණෑගල බස් නැවතුම්පලේදි සමු ගනිද්දි ඇය මට දුඹුරු පාට කඩදාසියක ඔතපු පාර්සලයක් දුන්න.

" මේක මම ගෙනාවෙත් ඔයාට…" මම ඇගෙ දෑස් දිහාවෙ බලාගෙන කිව්ව.....ඇගේ දෑස්වල තිබ්බෙ මොකක්ද මට වටහගන්ට බැරි හැඟීමක්.

ඇය මුල්වරට හමුවූ දවසෙ කුරුණෑගල බස් එකේදි මම ඇයට කියවන්ට දුන්නු ආතර් සී.ක්ලාක්ගෙ නවකතාව මතකයි නේද? මම ඒක ඇයට දුන්න සිහිවටනයක් විදිහට. ඒක උනේ හදිස්සියෙ මට වෙන මොකවත් තෝරගන්ට වෙලාවක් තිබ්බෙ නෑ.

පොතේ අන්තිම පිටුවෙ මම මෙහෙම ලිව්ව....

Sometimes we need to stop analyzing the past .. stop planning the future .. stop trying to figure out precisely how we feel .. stop deciding with our mind what we want our heart to feel and sometimes we just have to go with "whatever..happens..happens" and let things decide by themselves. It may not be the best policy but more often than not, the alternatives would be far worse.

නුවර බස් එකට නැඟල ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා මම ඇය දුන්නු පාර්සලේ ලිහුව. පොත් දෙකක්...මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා...පොත් දෙක දිහා බලාගෙන බොහොම වෙලාවක් ගතකරපු මම සීට් එකට හේත්තුවෙලා උඩට ඇදගත්තු දිගු සුසුමක් පහලට හෙලුව පපුව ඔක්කොම හිස් වෙලාම යන්ට.

සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස,
පියවර මැන ගියා මතකයි අප දෙදෙන,
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස,
වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,

සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,

සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,


පසු සටහන - ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි අප ගන්නා තීරණ පිළිබඳව ප්‍රත්‍යාවලෝකනයේදි අපි බොහෝ විට පසුතැවෙමු. එහෙත් ඔබට පරම සත්‍යයක් පවසමි මා ප්‍රිය මිතුර/මිතුරිය.මගේ ජීවිතයෙහි එසේ මා පසුතැවෙනා තීරණ ඇත්තේ ඉතාම අල්පයකි. එසේම ඒ පිළිබඳව මා පසුතැවෙන්නේ ද ප්‍රත්‍යාවලෝකනයෙහි සහායෙන් හෙයින් ඒ විශේෂිත තත්ව හමුවෙහි දී නැවතත් මවිසින් ඒ තීරණයම නොගන්නා බවට මට සහතික විය නොහැක. එසේ නොවන මට අතීතය වෙනස් කොට ගත හැකිනම් බොහෝසෙයින් මවිසින් වෙනස් තීරණයක් ගනු ලබන එක් අවස්ථාවක් වනුයේ නිසැකවම සුජාතා පිළිබඳ සිද්ධියයි.

විජිත මාස කිහිපයකට පසු අප ආයතනයෙහි සේවයෙන් ඉවත්ව ගියේය. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්පසු මට දැනගැන්මට නොලැබිණි. ප්‍රස්තුත සිද්ධියෙන් වසරකටත් අඩු කාලසීමාවක් තුල මම මගේ නිවසට වඩාත් ආසන්න අප ආයතනයේම වෙනත් අංශයක ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් ලබා පැමිණියෙමි.එහෙයින් විජිත පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගැනීමේ අවස්ථාවට ඉන් නිතැණින්ම වැට බැඳිණි. සත්‍යය එලෙසින්ම පවසතොත් මම ඒ උදෙසා කිසිදු උත්සාහයක් 
 නොදැරුවෙමි. සුජාතා පිළිබඳවද එසේමය. 

නිදි නැති බොහෝ රාත්‍රිකාලවල මම සෙමෙන් සයනයෙන් නැඟිට තද නින්දේ පසුවන බිරින්දෑ දෙස මොහොතක් බලා හිඳ නිදන කාමරයෙන් එක එල්ලේ පිවිසිය හැකි සඳළුතලයට පිවිස කිසිදු අරමුණකින් තොරව රාත්‍රි අහස දෙස බලා හිඳිනෙමි.හන්තාන කඳුවැටිය ඉහල අහසේ එක් වරම ඇඳී එසැණින් නිවීයන උල්කාශ්ම මම බොහෝවිට දැක ඇත්තෙමි.අප කිසිසේත් බලාපොරොත්තු නොවන මොහොතක ඉහළ අහසේ ප්‍රාදුර්භූත වන උල්කාවෝ එක් නිමේශයක් හාත්පසම ආලෝකවත් කොට යළි කිසිදිනෙම අප දෑසට දිස්නොවනසේ එක් සැණෙකින් අපගේ දර්ශන පථයෙන් සදහටම 
ඉවත්ව යන්නෝය. එදෙස දෑස් දල්වා බලා හිඳිම හැර අප වෙන කුමක් කරන්නද? 

සුජාතාද එසේ එක්වරම මගේ ජීවිතය නම් අහස් කුසෙහි මුදුනත අනපේක්ෂිතව එක් මොහොතක් දිළී එසැණින් සදහටම නිවීගිය උල්කාශ්මයක් සේ සැළකීමට මම කැමැත්තෙමි.

64 comments:

  1. ඇත්තටම රවී සුජාත කියන මහ බර වචන වලින් දමලා ගහන, මහා බර වචන තියෙන කවි ලියන, ඔය අන්තිමට කියල තියෙන පොත් දෙක කියවන ඉංග්‍රිසි ටීචර්ට වඩා, අනෝම කියන දඟකාර, කෙලින් කතා කරන, ජීවිතේ අවදානමක් ගන්න බය නැති කෙල්ලගෙ චරිතෙට මං සිය දහස් ගුණයක් කැමතියි...

    අත්දැකීම් වලින්ම තේරුම් අරන් තියෙන විදියටත් හිත කියන්නෙ බොහෝම ඉක්මණට වෙනස් වෙන දෙයක්... ඒ වගේම හිතේ තියෙන හැම දේම හරියටම හරි යන්නෙත් නෑ...

    සුජාත විජිතට කැමති නැති උනේ තනිකරම විජිත කරපු බොරුව නිසා නොවෙන බව හොඳට තේරෙනව... ඒත් සුජාත මෙතන කරන්නෙ නං තනිකරම බොරුවක් විතරයි.. ඒ වගේම රවී වැල්වටාරම් දොඩව දොඩව කරන්නෙත් බොරුවක් විතරයි... රවී දන්නවා සුජාත වගේ කෙල්ලෙක් ජීවිත ගමනෙදි ප්‍රැක්ටිකල් නෑ කියල...

    සුජාතාගෙ ඔය බොරුවෙ කතාව තියරියක් විදියට සාර්ථක උනාට ප්‍රැක්ටිකලි අසාර්ථකයි.. මිනිස්සු ජීවිතේ කොතනකදි හරි බොරුවක් දෙකක් කරනව... ඒ ‌බොරුව කළේ ඇයි කියන එක තේරුම් අරන් ආයිත් ඒ බොරුව කරන්න ඉඩ නොදෙන එක හෝ මෙන්න මෙතන, මේ වගේ අවස්ථාවකදි මෙයා ආයිත් බොරු කරන්න ඉඩ තියෙන බව හෝ තේරුම් ගත්ත නං ඒ හොඳටම ඇති ජීවිතේට...

    ReplyDelete
    Replies
    1. මොන කේස් එකක්ද මන්ද මට තාමත් ඔය පොත් දෙක කියවන්න හිතෙන්නෙ නෑ නේ... පොතේ නමත් එක්කම මට ඈනුමක් යනව... ඉතිං පොත බඩ උඩ තියන් නිදා ගන්න එක හෙන සනීපයි... හි හි

      Delete
    2. NIyamai hiru akke...math hituwe oya tikama thama................:)

      Delete
    3. හිරු,

      / ඇත්තටම රවී සුජාත කියන මහ බර වචන වලින් දමලා ගහන, මහා බර වචන තියෙන කවි ලියන, ඔය අන්තිමට කියල තියෙන පොත් දෙක කියවන ඉංග්‍රිසි ටීචර්ට වඩා, අනෝම කියන දඟකාර, කෙලින් කතා කරන, ජීවිතේ අවදානමක් ගන්න බය නැති කෙල්ලගෙ චරිතෙට මං සිය දහස් ගුණයක් කැමතියි... /

      හෙහ්,හෙහ් මට වෙලා තිබ්බෙ බං මම ඔය මොඩල් දෙකටම කැමති එකනෙ. මම ඇවිල්ල මල්ටි පර්සනැලිටි එකක්. සිංහලෙන් කිව්වොත් බහු පෞරුෂාන්විත.

      මගෙ සීරියස් පර්සනැලිටි එක කැමතියි සුජාතා බර වචන දාල ලියන ලියන කවි වලට, ලිඛිත භාෂාවෙන් ලියන ලියුම් වලට...එතකොට ඒ එක්කම මගෙ පිස්සු පර්සනැලිටි එක නැත්තං හැපි ගෝ ලකී, කම් ඕ ගෝ චිකාගෝ එහෙමත් නැත්තං එදා වේල ට්‍රැවල්ස් පර්සනැලිටි එක කැමති අනෝමට. ඒකට හරියටම හරියන්නෙ අනෝම....

      අන්තිමට උනේ ඔය දෙන්නම නැතිඋන එක. ඒත් බලාගෙන ගිහාම බොලේ මෙහෙම එකකුත් තියනව. අපෙ ඔය බාරියා තොමෝ ඉන්නව නේද? මම ඔය දෙකක දාගත්ත වෙලාවක ඔවුන්දැ ගැන කම්පනා කොන්නව. ඇනලයිස් කරල බැලුවම එවුන්දැ ඔය සීරියස් සහ පිස්සු කියන මොඩල් දෙකේම සම්මිශ්‍රනයක් නෙව. වෙලාවකට සීරියස් පර්සන්ටේජ් එක වැඩියි වෙලාවකට පිස්සු පර්සන්ටේජ් එක වැඩියි. ඒ හරි. එහෙත් සමස්ථයක් වශයෙන් ගත් කල ඕ ඒ චරිත ලක්ෂණයන් ද්විත්වයේම සම්මිශ්‍රණයක් වන්නීය.

      Delete
    4. අන්න රවි අයියේ මටත් තියනව බං ඔය මල්ටි පර්සනලිටි අවුල... සීරියස් කස්ටිය එක්ක ඉන්නකොට හිතෙනවා යකෝ පිස්සුවක් කෙළින්නවත් මොකෙක්වත් නෑනේ කියලා... පිස්සු කෙලින එවුන් එක්ක ඉන්නකොට හිතෙනවා යකෝ පොඩි සීරියස් ටෝකක් දාන්න මොකෙක්වත් නෑනේ කියලා...

      හැබැයි ඔය සීරියස් / පිස්සු ඩයල් සම්බන්ධයෙන් මම මෙහෙම මතයකට ඇවිත් තියනවා. ගොඩක් අය කැමති පිස්සු කෙල කෙල ඉන්න... සීරියස් වගේ උඩින් පේන එවුනුත් හිත යටින් කැමතියි අර පිස්සු කෙලින එවුන් වගේ ඉන්න තියනවා නං... ඔය අතරේ ඉන්න ඇත්තම සීරියස් එවුන් ඉන්නවා නේද... උන්ට යන කලදසාව නම් කියලා වැඩක් නෑ. ගොඩක් අය තමන්ගේ ප්‍රශ්න කතා කරන්න, හිතට දුකක් කරදරයක් වුණාම, උදව්වක් ඉල්ලන්න එන්නේ උන් ලඟට. නමුත් ඒ කරදර තත්වේ පහු කරලා ගියාට පස්සෙ, අර මිනිස්සු කැමති නෑ මූත් එක්ක ගැවසෙන්න... මුගේ සීරියස් ගතිය උන්ට වාතයක් වෙනවා එතකොට...

      Delete
  2. කවි ටිකට තමයි ඔන්න වැඩියෙන් හිත ගියෙ අදත්.

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ස්තූතියි මැඩම්...හෙහ්, හෙහ්, ඔන්න වැඩිය අදින්න එපා කියල ඔයයි හැමදාම කියන නිසාම බොහෝම කෙටියෙන් ඉවර කලා....නැත්තං තව දෙන්න තිබ්බ ඇපිසෝඩ් එක දහයක් වත්....:)

      Delete
  3. //එසේ නොවන මට අතීතය වෙනස් කොට ගත හැකිනම් බොහෝසෙයින් මවිසින් වෙනස් තීරණයක් ගනු ලබන එක් අවස්ථාවක් වනුයේ නිසැකවම සුජාතා පිළිබඳ සිද්ධියයි. //

    itin mehema una nam dan oyage wife oyata nati wenna tibbane.......mata nam hitenne me wage girl kenek atharuna1mai hoda kiyala.......Pasuthawenna kisima hetuwak matanam penne na......Jiwitedi adredi api kauruth podi boruwak hari karanawa........ehema nokarana kauruth na.....eth oya wage podi dekata samawa denna ba kiyanne eyala 2na athara adarayak tibila na.........eyage hitath eyage konde wage....podi dekinuth salenawa.........aiya dakka gaman eya oyata kathi una 1i eya Vijitage boruwakata ochchara seen1 damme.......anika eya ochchara adambarakariyak nam mokatada thamange athma gaurawe oya hinda ochcharatama bimata daganne..........eya hari kelin innawanam ba kiwwa gaman ok ekath ehemada kiyala inna onene.......

    Anika kauruth gedara nati welawaka Kollek gedarata genna ganna 1 hoda deyak nemene......aiya hoda hinda hodai.......naththan ?????????????

    me aiye oyata fb request1k ewwa.....accept karanne natte oyage adambara nisada.....mawa friend kenek karaganna one nati nisada.....................

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / itin mehema una nam dan oyage wife oyata nati wenna tibbane......./

      එහෙම තමයි ඉතිං , සක්කරය පිට කොන්දෙ කොටල තිබ්බෙ අපෙ උන්දැගෙ නම හින්ද මෙහෙම උනා.එහෙම නැතුව ඉතිං සුජාතගෙ නම කොටල තිබ්බනං අරම වෙන්න තිබ්බ. ඒකයි මම කිව්වෙ...:)

      / mata nam hitenne me wage girl kenek atharuna1mai hoda kiyala.......Pasuthawenna kisima hetuwak matanam penne na...../.

      පසුතැවෙනවමත් නෙවෙයි..ම්ම්...ඒත් ඒ වගෙත් තමයි....හෙහ්,හෙහ්

      / Jiwitedi adredi api kauruth podi boruwak hari karanawa........ehema nokarana kauruth na.....eth oya wage podi dekata samawa denna ba kiyanne eyala 2na athara adarayak tibila na......../

      ඒක මෙහෙම හිතන්න බැරිද? එහෙම තරහ ගියේ ආදරේ වැඩි හින්දයි කියල.දැන් අපි ඒ තරම් කිට්ටු නැති කෙනෙක් මොනව කලත් අපි එතරම් ගණං ගන්නෙ නෑ. ඒත් අපේ හදවතට සමීප කෙනෙක් බොරුවක් වංචාවක් කලොත් ඒක වදිනව කණ හරහ ගැහුව වගේ නේද? ආදරයෙ නිර්වචනය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. සුජාගෙ නිර්වචනය අනුව ආදරය කියන්නෙ දැඩි විශ්වාසය. මොන හේතුවක් නිසා හෝ බොරුවක්, රැවටිල්ලක් වංචාවක් එතන තියෙන්න බෑ. අපිට ඒකට වැරැද්දක් කියන්න බෑ කොහෙත්ම නේද?

      / .eyage hitath eyage konde wage....podi dekinuth salenawa......../

      ඔතන වැඩේ මේකනෙ ළමයා...පොඩි දෙයක් කියල කියන්නෙ ඔයානෙ. සුජාතට ඒක ලොකු දෙයක් වෙන්න ඇති. විශ්වාසය සහ අවංකභාවය කඩ කිරීම සහ කඩකිරීම පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.

      / .aiya dakka gaman eya oyata kathi una 1i eya Vijitage boruwakata ochchara seen1 damme.......anika eya ochchara adambarakariyak nam mokatada thamange athma gaurawe oya hinda ochcharatama bimata daganne..........eya hari kelin innawanam ba kiwwa gaman ok ekath ehemada kiyala inna onene......./

      නෑනෙ බොලේ..සුජාතා කිව්වෙ මෙහෙමයි,

      " එතකොට මිස්ට රවී ආයමත් පාරක් මම අහන්නම් මගෙ ඉල්ලීම ගැන මොකද ඔයා කියන්නෙ?...නෑ එහෙම නෙවෙයි අහන්න ඕන..මගෙ ඉල්ලීම ඔයා ප්‍රතික්ෂේප කලානෙ...වැඩේ කියන්නෙ මට ඒක හැම වෙලාවෙම අමතක වෙනව.හරි...ඒකට කමක් නෑ. ඒ ඔයාගෙ තීරණය...මම මෙහෙම අහන්නම්කො..මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මොනවද හේතු?....වෙන කොයිම කෙනෙක්ගෙන් වත් මම මෙහෙම අහන එකක් නෑ. ඒත් මොන දෙයක්ද මන්ද මට ඔයාගෙන් ඒකට පැහැදිලි උත්තරයක් ඕනෙ. "

      ආඩම්බර කියන වචනෙ හරිම නෑ මම හිතන්නෙ..හරි මොහොතකට අපි එහෙම හිතමු. සුජාතා ආඩම්බරකාරියක් කියල ඔයයි කියනව වගෙ. එතකොට ඒ ආඩම්බර නිසාම වෙන්න බැරිද එයාව ප්‍රතික්ෂේප කරපු හේතු දැනගන්න එයට ඔච්චරම ඕන උනේ. සුජාතා අහන්නෙ ඒකයි. රයිට් ඔයා මට බෑ කිව්ව. ඒකට කමක් නෑ. ඒත් ඇයි බෑ කිව්වෙ? මට ඒකට හේතු කියන්න..අන්න එහෙම නේද?

      / Anika kauruth gedara nati welawaka Kollek gedarata genna ganna 1 hoda deyak nemene......aiya hoda hinda hodai.......naththan ????????????? /

      ඒ ගෙදර කවුරුත් නෑ කියල සුජාතා කියල තියෙන්නෙ බොරුවක්.

      අපි ඔන්න දවල්ට කෑම කකා හිටියනෙ. කෑම කාමරේ තිබ්බ ලොකු කබඩ් එකක්. මෙන්න එක පාරටම ගිරිය යටින් කෑ ගහගෙන කෙල්ලෙක් පැනපි කබඩ් එකෙන් එලියට. බලනකොට ඒ ඇවිල්ල සුජාතගෙ යාලුව මානෙල්. ඒකි හැංගිල ඉඳල කබඩ් එකේ දෙකේ හතරෙ පොල්ලකුත් තියාගෙන මම සුජාතට අතවරයක් කරන්න හැදුවනම් පැන්න ගමං කෙලල අරින්න මගෙ පිට කොන්ද මැදට.

      කබඩ් එක ඇතුලෙ ඉන්දැද්දි මානෙල්ගෙ කකුල දිගේ හික් මීයෙක් නැඟල. ඌට බය වෙච්චි පාර තමයි හූ තියාගෙන පැන්නෙ එළියට.ඔය විස්තර ඔක්කොම ලියන්ට තමයි හිතාගෙන හිටියෙ. කොහෙද මේ වියුණු පාටකයො කියන ජාතිය අර කොහෙද ඉඟුරු ගහගෙනනෙ ඉන්නෙ. කතාවක් කොටස් තුනයි උන්ට ඕන. එතනින් එහා ලිව්වොත් ඔන්න මයෙ මාලු අමුවෙං කන්ට හදනව. ඒ නිසාවෙන් බොහොම අපූරු සිදුවීම ගණනාවක් සංස්කරණය කරලයි මේ ගානට කවිකාරිගෙ පේමෙ කෙටි කලේ.

      / me aiye oyata fb request1k ewwa.....accept karanne natte oyage adambara nisada.....mawa friend kenek karaganna one nati nisada..................... /

      ඕක වෙලා තියෙන්නෙ මේකනෙ. බොලා මෙතන ඇවිල්ල කමෙන්ට්ස් දානව වෙනම නමකින්, ඒ කරල එෆ්බී රික්වෙස්ට් එක එවනව තව නමකින්. මම දන්නෙ කොහොමෙයි මේ එක්කෙනාමයි කියල. අම්මාපල්ල රාජකාරි ඔක්කොම නවත්තල දාල ධ්‍යාන වඩවල පරචිත්ත විජාණන ඥාණය උපදවාගෙන ඉන්ට වෙනව ඉස්සෙල්ලම ඒක හොයාගන්ට...හෙහ්, හෙහ්, ඉඳපං ගිහිල්ල බලන්ට...

      Delete
    2. ai aiye man message1kuth ewwe.. balannako................

      Delete
    3. /ඒ ගෙදර කවුරුත් නෑ කියල සුජාතා කියල තියෙන්නෙ බොරුවක්./

      Kohomahari 1 katatath boruwak gothala Sujawa bera gatta neda..............aha.....thama adarei a kiyanne..........

      Delete
    4. Sacheera,

      You can close your eyes to the things you don't want to see but you can't close your heart to the things you don't want to feel - Jonny Depp

      අපි එහෙමයි හරිය?....:)

      Delete
    5. Sacheera,
      ඒක මෙහෙමයි... ඒ කවි සුජා බොක්කෙන්ම ලියාපු එව්වා වෙන්ට ඇති. එයැයි ට ඒ කවි අර මොකද්ද කියන්නේ "ආත්ම කථන" වගේ ෆුල් සිරා දේවල්. විජිත ට ඒ කවි වල තිවුන දේ තේරුනේ නැහැ වගේම, විජිත දුන් කවි වල තිවුන දේ වත් විජිත දැනන් හිටිල නැහැ.
      අනික මේ විජිත පොර මට නම් දිරවන්නේ නැහැ එයා අර රවී අයියාගෙන් කරපු පන නැති ඉල්ලීම නිසා.

      ම්ම් තව දෙයක්...මට තිතෙනවා ඔතන සීන් එක කවිම නෙවෙයි. විජිතවයි රවී අයියවයි ටිකක් ආශ්‍රය කරද්දී සුජාටත් සමහර විට එයා කැමති ගුණාංග තියෙන්නේ රවී අයිය ගාවය කියල ටික ටික යටි හිතෙන් හිතෙන්න ගන්න ඇති...කවි කේස් එක හෙළි වීමෙන් උනේ අර යටි හිතේ හැංගිලා තිවුන එක තහවුරු වෙලා උඩට ආපු එක.
      ඉතින් මට නම් සුජා ගේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ.

      Delete
  4. උඹ ඔහොම කිව්වට, සුජාතා ගැන ලොකුවට හිත යන්න, පැහැදෙන්න තරං හේතු මට මේ කතාවේ හොයා ගන්න බෑ. විජිතගේ කේස් එකෙන් පස්සෙ ඒකිගෙ හැසිරීම නම් මට දිරවන්නේ නෑ.

    දැන් උඹ අසේලගෙ මෝටර් බයිසිකලේට මොකද කලේ?

    ReplyDelete
    Replies
    1. තිසර,

      / උඹ ඔහොම කිව්වට, සුජාතා ගැන ලොකුවට හිත යන්න, පැහැදෙන්න තරං හේතු මට මේ කතාවේ හොයා ගන්න බෑ. විජිතගේ කේස් එකෙන් පස්සෙ ඒකිගෙ හැසිරීම නම් මට දිරවන්නේ නෑ. /

      Never be a Judge Thisara, never ever judge anyone …:)

      / දැන් උඹ අසේලගෙ මෝටර් බයිසිකලේට මොකද කලේ? /

      උඹට මම කිව්වය කියල හිතාගං...ආය මොනවද එහෙනං..කතාව දිග වැඩියි කියල මගෙ බෙල්ල මිරිකන්න හදනව. ඒ අව් අස්සෙ බයිසිකලේට වෙච්ච දේත් අහනව. උඹ නොකිව්වත් මල්ලි උඹනම් ටිපිකල් ස්ප්ලිට් පර්සනැලිටි එකක්ම තමයි

      අඩේ කෙටි කරන්නෙයි කියල බොලා මැරෙන්ට හදන නිසා ඒ සීන්ස් එඩිට් කලානෙ. එහෙම නැත්තං ලියන්ට තිබ්බ ඇහැ පියාන තව කොටස් හතර පහක්. සුජාතයි මායි බයික් එකේ වැව් කණ්ඩියෙ ගිය හැටි, සුජාතා මට හේත්තු වෙලා මගෙ උරහිස උඩ නිකට තියාගෙන රවී කියල කොඳුරපු හැටි. ඇගේ කෙස් වැටියෙන් හැමූ සමන් පිච්ච සුගන්ධය මා මනමත් කල අයුරු,අසේලගෙ ගෙදර ගිහිල්ල.......ෂෙහ් කියල වැඩක් නෑ මල්ලි....:)

      Delete
    2. ඉතිං කවුද කිව්වෙ එඩිට් කරලා ලියපං කියල,තව ලිව්වනං අපි තව කියෝනව ඔහොම නෙවෙයි කතාව මෙගා සීරීස් එකක් වුනත්, අර මම කලින් සැරේ කිව්වැහේ.
      රවී ලියපු පාඨක සිත් කම්පනයට පත් කරන කතාවලින් හොඳම කතාව වසන්තිගෙ කතාව,ඊළඟට මේ කවිකාරිගෙ කතාව.දෙකේම කතාව අවසාන කරන ආකාරය හරිම හැගීම්බරයි.කොහොමත් ජීවිතේ මුල ඉඳල ආපහු එන්න තියෙනවනං රවී ගත්ත තීරණවලින් වෙනස් කරන්න කැමති සුජාතා ගැන ගත්ත තීරණය කියල තියෙනවනෙ,රවී එදා ජීවිතය දිහා තර්කානුකූලව විචාර බුද්ධියෙන් බැලුවත් පස්සෙ කාලෙක හදවතේ ඉල්ලීමට ඉඩ දුන්න නිසා එහෙම හිතෙන්න ඇති.

      Delete
    3. හැලප,

      / ඉතිං කවුද කිව්වෙ එඩිට් කරලා ලියපං කියල,තව ලිව්වනං අපි තව කියෝනව ඔහොම නෙවෙයි කතාව මෙගා සීරීස් එකක් වුනත්, අර මම කලින් සැරේ කිව්වැහේ. /

      ස්තූතියි හැලප, මට මතකයි උඹ එහෙම කිව්ව ..හෙහ්, හෙහ්...නෑ බං මම මේ ජොලියට වගෙ අර තිසරයට සත්තම දැම්මෙ....ඉඳහිටල ඔහොම සද්දයක් දාල ඔවුං බයකරගන්ට ඕන හෙහ්, හෙහ්,

      මේකෙ තව අදින්ට දෙයක් නෑ බං මමත් අන්තිමට ඉවර කරගන්නෙ කොයිවෙලාවෙද කියල හිටියෙ ඔන්න ඇත්තම කිව්වොත්.

      / රවී ලියපු පාඨක සිත් කම්පනයට පත් කරන කතාවලින් හොඳම කතාව වසන්තිගෙ කතාව,ඊළඟට මේ කවිකාරිගෙ කතාව.දෙකේම කතාව අවසාන කරන ආකාරය හරිම හැගීම්බරයි. /

      ඉඳපං උඹට තව හැඟීම්බර දෙකක් දෙන්න...:)

      මේ " ආදර නිල් දෑසේ " අවසානය

      කලකට ඉහත ජීවිතයේ අරුණෝදයේදී මා සිත සෙනෙහසින් පුරවාලූ ඒ දයාබර යුවතිය පිළිබඳ මතකය නොසිතූ ලෙස නැවත අවදිවීමෙන් මසිත ඇතිවූ කැලඹීම සමහන් කරගැනීමෙහි ලා දැරූ උත්සාහයක් ලෙස මේ පසු කතාව අකුරු කලෙමි.

      ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ ජීවිතය අපට ලබාදෙන දේ යනු එකක් නොව දෙකක් බවට නිකලස් ස්පාක්ස් කියූ දේ පරම සත්යයක් බව වටහා ගැනීමෙහි ලා මගේ මේ ප්රේම පුරාණය මට බෙහෙවින් උපකාරී විය.

      එළෙසම අප කුමන අපේක්ෂාවන් මුදුන් පත් කරගැනීමෙහිලා කොපමණ වෙර දැරුවද අවසන අපහට උරුම වන්නේ අපගේ දෛවයේ අප වෙනුවෙන්ම වෙන්වී ලියවි ඇති දෙයම පමණකි.

      ජීවිතය පිළිබඳ මේ සනාතන ධර්මතාව ඉඳුරාම අපහට වෙනස් කල හැක්කක් නොවන බැවින් උපේක්ෂා සහගතව ඒ පිළිගෙන ඒ අනුව හැඩ ගැසීම හුදෙක් ඔබම සතු කාර්ය භාරයකි. ජීවිතය විඳවීම සහ විඳීම යන පරස්පර අන්තයන් ද්විත්වය අතරින් ඔබට රිසි අන්තය තෝරාගැනීම ද එලෙසම ඔබ සතු බව ද අමතක නොකරන මෙන් අවසාන වශයෙන් සෙනෙහසින් යුතුව දන්වා සිටිමි.

      මේ ඇවිල්ල " නොහැඟවූ ආදරය " අවසානය

      නගර මධ්යයේ වූ ඔර්ලෝසු කණුව අසල කටුගස්තොට නාම පුවරුව වීදුරුව පසුපස රැඳවූ කුඩා පෞද්ගලික බස් රියක් පණ ගැන්වූ ගමන් විය.

      ඒ අසලදී ගුණේ අයියා මා වැළඳ ගෙන මගෙන් සමුගත්තේය. '' මල්ලි මට හරිම සතුටක් මල්ලි හම්බ වෙලා කතාකරන්න ලැබිච්ච එක. මගෙ හිතට ලොකුම සැහැල්ලුවක් දැනෙනව අද. අපි ආයෙම හම්බ වෙන්නත් පුළුවනි නොවෙන්නත් පුළුවනි.ඒත් මල්ලිව මට හැමදාම මතක තියේවි. ''

      සෙමින් ඉදිරියට ඇදෙන බස් රියට ගොඩවූ ගුණේ අයියා වරක් අත වනා මගෙන් සමුගත්තේය.

      බස් රිය ඉදිරියට ඇදීගොස් යටිනුවර වීදියට හරවා නොපෙනී ගිය පසු පපුව මුළුමනින්ම හිස් වී යන පරිදි දිගු සුසුමක් හෙලූ මම නිවෙස බලා යනු පිණිස බසයකට නැඟීමේ බලාපොරොත්තුවෙන් ගුඩ්ස්ෂෙඩ් බස්නැවතුම්පොළ දෙසට කළුවරේම පියනඟන්නට වීමි.

      මගේ ජීවිතයේ මට හමුවූ අපූර්වතම මිනිසුන් තිදෙනෙකි ගුණේ අයියා, රමණි අක්කා සහ ලක්ෂ්මී අක්කා.රමණි අක්කාට මා එක් වරක් ආදරය කල බව නොසලකා හැරියද ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ජීවන වපසරිය තුල අසාමාන්ය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අසමසම මිනිසුන් බව මම අද ද තරයේ විශ්වාස කරමි මෙහිදී මවිසින් මිනිසුන් යන පදය යෙදෙනුයේ Humans යන්නට පර්යාය ලෙස බව සැලකුව මනාය.

      ජීවිතයේ ලාබාල අවදියේ අහඹු ලෙස මගේ ජීවිතයට ඇතුළුව ඉතාම කෙටි කලක් ඇවෑමෙන් මගේ ජීවිතයෙන් සමුගත් ඔවුන්ගෙන් විශේෂයෙන් ගුණේ අයියාගෙන් මා උගත් පාඩම් මගේ පසුකාලීන ජීවිතයට බෙහෙවින් ප්රයෝජනවත් වූ බව මම පවසන්නේ ගුණේ අයියාට කෘතඥතාපූර්වකවය.ගුණේ අයියා මුහුණ දුන් ප්රශ්නය තරම් කිසිසේත් බැරෑරුම් නොවුනද මට මුහුණ දීමට සිදුවූ ප්රශ්න වලදී මම හැකි සෑමවිටෙකම ඔහු නිතර පැවසූ ගාන්ධිගේ කියමන මට හැකි අයුරින් පිළිපැද්දෙමි.ඒ සමඟම ඒ හා බැඳුනු කර්තෘ අඥාත අනෙක් කියමන ද අමතක නොකලෙමි.

      " Do whatever you have to do; do not worry about consequences "

      '' You have to face the consequences of the decisions you make"

      Despite seeming to be paradoxical at a glance they actually complement each other and are obverse and reverse of the same coin.

      පුරා මසකට අධික කාලයක් ගුණේ අයියා, රමණි අක්කා, ලක්ෂ්මී අක්කා සහ වීරේ මල්ලී සමඟ රැඳී සිට ඔවුන්ගේ ජිවන මංපෙතෙහි ඔවුන් සමඟම පියනැඟූ ඔවුන්ගේ අභිලාෂයන් අපේක්ෂාවන්, බලාපොරොත්තු කඩවීම් ඔවුන් සමඟම විඳ දරාගත් මාගේ හිතවත / හිතවතිය....ඔබට ඔවුන්ගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මට ඉඩ දෙන මෙන් ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාවේ අවසන් වශයෙන් ඉල්ලා සිටිමි......ස්තූතියි.

      Delete
    4. අම්මපා හැලපයියේ.. අපි කිව්වද මූට මේක කොට කරන්න කියලා වැරදිලාවත්... අපරාදේ තව ටිකක් අදින්න තිබුනේ... කොහොමටත් කරදරයක් නැතිව තව අවුරුදු දෙක තුනක් අපිට මේක බල බල ඉන්න තිබුනා.. ෂික්..

      ඇයි රවී අයියේ මේක මෙච්චර ඉක්මනට නැවැත්තුවේ..? අබුම ගානේ යාට තිබ ුනා කුරුණෑගල වැව හතර මායිම ගැනවත් මාස දෙක තුනක් ලියන්න...

      Delete
  5. //එසේ නොවන මට අතීතය වෙනස් කොට ගත හැකිනම් බොහෝසෙයින් මවිසින් වෙනස් තීරණයක් ගනු ලබන එක් අවස්ථාවක් වනුයේ නිසැකවම සුජාතා පිළිබඳ සිද්ධියයි.//

    මට මතක් උනේ The Butterfly Effect. ඒකෙ Evan ට පුලුවන් ඔය කියන අතීත මතක සටහන් හරහා අතිතයට ගිහින් ඒව වෙනස් කරන්න. ඒ කොහොම වෙනස් කලත් මිනිහ බලපොරොත්තු වෙන විදිහෙ වර්තමානයක් කවදාවත් Evan ට හදාගන්න බැරි වෙනව.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අතීතයට ගිහිල්ල අතීතයෙ සිදුවුනු දේවල් වෙනස් කරන එක බොහොම භයානක දෙයක් වෙන්න පුලුවන්. ටයිම් ට්‍රැවලිං තේමාව මත ලියවුනු අපූරු කතාවක් මම කියෙව්ව Stephen Kingගෙ 11-22-63 . ..මේ දිනේ තමයි අමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කලේ. අතීතයට යන්ට පුළුවන් Time Portal එකක් හොයාගන්න Jake Epping හදන්නෙ අතීතයට ගිහිල්ල ජෝන් කෙනඩි ඝාතනය වළක්වන්න.ඔහුගේ උත්සාහය සාර්ථක වෙනව.

      ඒත් ආපහු 2011 වසරට ඔහු එනකොට මුළු ලෝකෙම විනාශ වෙන්න ඔන්න මෙන්න. වියට්නාම් යුද්ධය මහ බලවතුන් අතර න්‍යාෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වෙලා මුළු ලෝකෙම බොහොම භයානක තත්වෙක තියෙන්නෙ. එහෙම තත්වෙකට කියන්නෙ Distophia කියල. Utophia කියන එකේ විරුද්ධාර්ථය. ඒ ඔක්කොම උනේ Jake කෙනඩි ඝාතනය වළක්වපු නිසා. පස්සෙ ඔහු ආපහු ගිහිල්ල ආයෙම තිබ්බ විදිහට ලෝකය වෙනස් කරනව.

      Delete
    2. JFK Assassination

      මනුස්ස ජීවිතයක අවසන් විනාඩි කිහිපය. (Jacqueline Kennedy ට මොනව හිතෙන්න ඇතිද කියල හිතෙනව)

      Delete
    3. Ano,

      කෙනඩි ඝාතනය ගැන තියෙන මතභේද එමටයි. මේත් කෙනඩි ඝාතනය සම්බන්ධ කතාවක්.

      අමරිකාවෙ පාසලක අවුරුදු 10 -11 වගෙ දරුවන්ට එක පාරක් ජෝන් කෙනඩි ගැන පාඩමක් කලාලු. ඉතින් ගුරුතුමිය ජෝන් කෙනඩි ගැන බොහොම ආවේග ශීලීව කතාකලාලු සෑහෙන වෙලාවක්...කෙනඩිගෙ සාධාරණත්වය, පෞරුෂය, දුර දක්නා නුවන...ඔය හැම එකක්ම.

      ඉතිං කතාව ඉවර උනාම හැම ලමයෙක්ම මොනව හරි අදහසක් දැක්වුවලු කෙනඩි ගැන වර්නනා කරල. පස්සෙම පේලියෙ එක ගෑණු ලමයෙක් විතරක් ඉන්නවලු කිසිම සද්දයක් නැතුව...මට නම මතක නෑ...අපි කියමු ඇලිස්ය කියල...

      අන්තිමට ගුරුවරිය ඒ ලමය ලඟට ගිහිල්ල මෙහෙම ඇහුවලු...

      " Alice, why are you silent?....don't you have anything to say about president kennedy? "

      ඒ ගෑණු ළමය නැඟිටල ගුරුවරියගෙ මූණ එක පාරක් බලල ආයෙම බිම බලාගත්තලු. ඒ කරල මෙහෙම කිව්වලු.

      " Yes madam, my father killed him "

      ඒ ලී හාවේ ඔස්වල්ඩ් නොහොත් කෙනඩි ඝාතකයගෙ දුව. එයාල නම් වෙනස් කරල ඉඳල තියෙන්නෙ. කවුරුවත් දන්නෙ නෑ ඒ දරුව ගැන ඇත්ත. ඒත් පොඩි ළමයින්ගෙ අවංක කම කියන්නෙ එයා ඇත්තම කිව්ව.

      මේ කතාව මම කියෙව්වෙ Readers Digest සඟරාවෙ That's Life විශේෂාංගයෙන්.

      Delete
  6. මලවුන්ගේ අවුරුදු දා හා මලගිය ඇත්තෝ පොත දුන්නේ ඇයි රවී?..සුජාතා තමන්ව නොරිකොගේ ආදරයට සමාන කරගත්ත නිසාද නැත්තං රවී දෙවෙන්දොරා සං වගේ හිතට බය කෙනෙක් විදිහට හිතපු නිසාද?

    රවී එදා සුජාතාට කැමතියි කියලා කිව්වා නම් මේ පොත්දෙක මේ විදිහට තෑගි ලැබෙයිද? මට නම් ප්‍රශ්න ගොඩයි..

    බයි ද වේ මේක කවිකාරියකගේ ඒක පාර්ශවික ප්‍රේමය කියලා වෙනස් වුනා නම් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. Ruus,

      / මලවුන්ගේ අවුරුදු දා හා මලගිය ඇත්තෝ පොත දුන්නේ ඇයි රවී?..සුජාතා තමන්ව නොරිකොගේ ආදරයට සමාන කරගත්ත නිසාද නැත්තං රවී දෙවෙන්දොරා සං වගේ හිතට බය කෙනෙක් විදිහට හිතපු නිසාද? /

      දෙවෙනි සීන් එක වෙන්න ඕන රූ......මම දේවේන්ද්‍ර වගෙ ප්‍රශ්න වලින් පැනල යන කෙනෙක් කියල කියන්ට සුජාතට ඕන වෙන්ට ඇති. ඇත්තම කියනවනම් එහෙම හිතුවට වැරැද්දකුත් නෑ. එයාගෙ දෘෂ්ඨි කෝණයෙන් බලනකොට එහෙම පේන්න ඇති. මම ඒකට වරදක් කියන්නෙ නෑ.

      මම බොහොම නිසංසලේ ඉන්න කැමති මනුස්සයෙක් රූ..ඒ වගේම මගෙ හිත හරිම ලාමකයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. පොඩි දේකට උනත් සැලෙනව. අන්න ඒ නිසයි මම එදා සුජාතව මඟ ඇරියෙ. මම සුජාතා එක්ක සෙට් වෙලා අර පිස්සු හුටං බැරිවෙලාවත් වහ එහෙම බීල මලානං මගෙ ජීවිත කාලයම මම විඳවයි.මම ඒකයි අර අම්මණ්ඩිට නොකියා කියන්න හැදුවෙ.

      " Most probably there would have been a much happier ending with just a little bit changing of circumstances but unfortunately it was not to be.."

      / රවී එදා සුජාතාට කැමතියි කියලා කිව්වා නම් මේ පොත්දෙක මේ විදිහට තෑගි ලැබෙයිද? මට නම් ප්‍රශ්න ගොඩයි.. /

      සුජාතා මම හිතන්නෙ කොහොමත් දන්නව මම කැමතියි කියන්නෙ නෑ කියල. එයාට දැනගන්ට ඕන කලේ අකමැත්තට හේතුව මොකක්ද කියලයි...කොහොමත් කැමතියි කිව්ව නම් ඒ පොත් දෙක දෙන එකක් නෑ...

      / බයි ද වේ මේක කවිකාරියකගේ ඒක පාර්ශවික ප්‍රේමය කියලා වෙනස් වුනා නම් හොඳයි වගේ../

      නෑනෙ මැඩම්..කොහෙද ඒක පාර්ශ්වික වෙන්නෙ?.....ද්වි පාර්ශ්වික..ඒක පාර්ශ්වීය ප්‍රකාශිත :)

      Delete
  7. රවී......මේක මෙහෙම වෙච්ච එක හොඳයි...සුජාතා ප්‍රේම කරේ විජිතටවත් රවීටවත් නෙමේ අකුරු සහ කවි වලට. මේ වගේ අයත් එක්ක ජීවත්වීම තුලින් ආදරය හෝ ප්‍රේමය රස විඳින්න වෙන්නේ ප්‍රායෝගිකව නෙමේ, ලිඛිතව. සුජාතා යථාර්තයේ ජීවත්වෙච්ච ගැහැණියක් නෙමේ කියලා මට හිතෙන්නේ. සුජාට උඹව ඕන වුනේ උඹ ඇතුලේ ඉන්න සරල සුන්දර මිනිහාව රස විඳින්න නෙමෙයි...උඹේ සාහිත්‍යමය කවිය රසවිඳින්න. ඔය ප්‍රේමය දිග්ගැස්සුනානම් අවසානයේ අතෘප්තිමත් දෙදෙනෙක් අර සුජාලාගේ තාප්ප කොටය උඩට වෙලා සුසුම් හෙලයි.

    දිය දහරට මමත් ගිහිල්ලා තියෙනවා.ඊලඟට පටන් ගන්න බලාපොරොත්තුවෙන්නේ මොන වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟට මචං අර රවිය පහුගිය සතවරුසෙ කියන්න පටන්ගනිපු වාන් පතුල් කතාව ලියල ඉවරකරන්න කියපං,නැහ්නං ඕකා වෙන කතාවක් පටලෝගනියි.

      Delete
    2. අරූ,

      ඉඳපන් බලන්ට..චුට්ටි හරි...රමණි අක්ක හරි...වසන්ති හරි..අනෝමා හරි...සුජාතා හරි...නිශාදිනීත් හරි... එහෙනම් මගෙ පේම පුරාණෙ තව එකයි තියෙන්නෙ...කරණවෑමියාගේ දියණිය...ආ...තව තියනව කුමරියකට පෙම් කළෙමි...එච්චරමයි තියෙන්නෙ ඉතුරු වෙලා පූර්ව පෝරුමස්තකාරූඪ එව්ව. පස්චාත් පෝරුමස්තක එව්ව කියන්ට ගිහිල්ල මෙතන තර්ඩ් වර්ල්ඩ් වෝ එක ඉස්ටාට් කොරන්නෙ අහවල් දේකටද නැද්ද හොඳයි?

      Delete
  8. රවි අයියෙ ෆස්ට් ඔෆ් ඔල් කියන්නම් කවමදාවත් උබෙ ලියවිල්ල දිග වැඩිවුනේ නැ මටනම්.උනෙ උබ ලියන්නෙ නැති වුනාම මල පයින එක තමයි.
    මමත් බොක්කෙන් උදවු කරපු ලවක් තිබුන ඉස්කොලෙ යන කාලෙ.ඔ ලෙවල් වලදි යාලුව ඇන ගත්ත මම පාස් වුනා.ඉට පස්සෙ කාලෙක මු රට ගියා.මු පියුන් වැඩෙ කලෙ මම.කෙල්ල මගෙත් එක්ක පට්ට ෆිට්.ඔහොම ඉන්නකොට මෙ කෙල්ලගෙ නැන්ද කෙනෙක් හැදුවනෙ පදයක් මම මෙකිත් එක්ක යාලුයි කියල.මට දැනුන ලැජ්ජව අයියෙ කියල වැඩක් නැ.අර ගොන් බුරුවටත් තෙරුනෙ මෙතන ගිය කතන්දරෙ.අර නන්ගිනම් අදටත් හමුවුනොත් මට අයියෙකුට වගෙ සලකනව.
    අතන වෙලා තිබුනෙ කෙල්ලට කියල නවත්තන්නෙ නැතිකොට කෙල්ලගෙ ගෙදර අය ගහපු ප්ලැන් එකක්.අන්තිමට උන් දෙන්න වෙන් වුනා.පස්සෙ අර බුරුවටත් වෙච්ච වැඩෙ තෙරුන.උ තාමත් මගෙ හොද යාලුවෙක්
    එ සිද්දියෙදි මට දැනුන ලැජ්ජාව අදටත් මගෙ ඇග වෙවුලවනව.මට උබෙ කතාවෙ මුල හරියෙදි ඔක මතක් වුන බන්.

    ReplyDelete
    Replies
    1. Damith,

      / රවි අයියෙ ෆස්ට් ඔෆ් ඔල් කියන්නම් කවමදාවත් උබෙ ලියවිල්ල දිග වැඩිවුනේ නැ /

      අඩේ ඒක අල්ලල දාහං බං..මම ඒ නිකං ජොලියට කියාපු එකක්...හෙහ්, හෙහ්,

      අර සීන් එක නම් මාරයි නේද? හෙහ්, හෙහ්, දැං ඔව්ව පරන කතානෙ බං මම කියන්ටද?..යාලුවයි, කෙල්ලයි නැන්දයි තුන්දෙනාම එකට සෙට් කරල ගෲප් ඉන්ෂුවරන්ස් එකක් දාල දීපං උඹේ ගානෙ....:)

      Delete
  9. අදනම් බොනවා මම.. සත්තයි... :D

    ReplyDelete
    Replies
    1. බයිට් එකක් හදපන් සෙන්නා. මම බෝතලයක් ගේන්නම්. කුරුණෑගල වැව රවුමට සෙට් වෙමු.සුජාට කියලා කවියක් කියවගන්නත් පුළුවන්.

      Delete
    2. එළ එළ.. ඔය තියෙන්නෙ.. වැව රවුමේ සෙට් වෙලා අපි පටන් ගමු වාන් පතුල් කතාව...

      Delete
    3. අරූ & සෙන්නා,

      බොමු බොමු....නකතං වෙන්ට බොමු...බීල වෙච්චි දේවල් තියනව හැට හුටහමාරක් කියන්ට…. වාං පතුල් කතා වලදි කියන්නං...

      හෙහ්, වාං පතුල් කියනකොට මතක් උනේ..සෙන්නො උඹ නේද අර වාං පතුල් කියන්නෙ වානක පතුල කියල හිතාගෙන හිටියෙ...මට මැරෙන්ඩ හිනා ඒක අහල...හෙහ්, හෙහ්,

      Delete
    4. හෙහ් හෙහ්... මම නේන්නම් බොලං.. :D

      Delete
    5. වෙරි වෙනවා කිව්වම මතක් වුනේ . ඊයේ පෙරේදා යාලුවෙක්ගෙ ගෙදර රාත්‍රී කෑමකට ගියා . මේගොල්ල හොඳට වයින් සහ බියර් බිලා වෙරි වෙලාද කොහෙද එක වයිෆ් කෙනෙක් මනුස්සයාගේ මුනටම කිව්වනේ .'' මන් බඳින්න හිටියේ ටොම් ක්රුස් වගේ කෙනෙක් අය්යෝ මෙයාට මම අහු වුනානේ ''කියල .

      Delete
    6. බින්දි,

      අන්න බලාපන් ඉතිං ඕකනෙ ඔය බාර්යාවො තමංගෙ පුරුසයො බොනවට අකමැති. බිව්වම මිනිස්සු ගැහැණු කියල වෙනසක් නෑ හැමෝටම ඇත්ත කියවෙනව.බහුතරයක් කාන්තාවියො ඔය ඇත්තට පරාන බයයි. අන්න ඒකයි මිනිස්සු බොනවට ගෑණු උදවිය අකමැති...

      මේ..ලොක්ක බොනවද? බොන්නෙ නැත්තං වඩාම හොඳයි. ඔය මොකක් හරි බොරුවක් කියල ම්ම්ම්...මෙහෙම කියමු.." ඔයයි මායි මුලිම්ම දැකල අදට අවුරුදු පාළහයි අනේ..අපි ඒ තන්තෝසෙට වයින් පානය කරමු. " ඔන්න ඔහොම කියල පොවාපං උන්දැට...කං එහෙම රත්වීගෙන එනකොට උන්දැ කියයි ඇත්තටම ඔහෙ ගැන හිතාගෙන ඉන්නෙ කොහොමද කියල....හෙහ්, හෙහ්, බලාපං මේ වගෙ අසමසම අයිඩියාස් නොමිලේ දෙන්නෙ වෙන කවුද? අපිම මිසක්කා....

      Delete
    7. ඊට පස්සේ බින්දි අක්කට මහත්තයා බැන්නේ නැද්ද..? :D

      (යකෝ පෝස්ට් එකට දාන්න එන කමෙන්ට් අමතක වෙනවා මේවා දැක්කම)

      Delete
    8. මුලින් දැකල නම් එයිටත් වැඩියි. ..වයින් බෝතල් කියක් විතර ඕන වෙයිද මන්ද ..උන්දැගේ කන රත් වෙනකම් පොවන්න . වෙලාවක් නැහැ අප්පා . මේ දවස්වල වැඩිය ඉන්නේ අහසෙයි වෙන රටවලයි .

      මාර්ස් ..ඇයි බොල මන් යාන්තම් වයින් වීදුරු භාගයයි බිව්වේ . තව එකක් තිබ්බ වයින් වලට ස්ට්‍රෝබෙරි ,දොඩම් කපල දාල අන්න ඒක නම් රසයි . ඇත්තටම මන් නම් වයින් ගැන දන්නවා බොහොම මදි .. මගේ යාළුවො දෙන්න එදා හිටපු කොරියන් සහ ජපන් . උන් හොඳට වයින් බියර් බොන අය.. සිතල රටවල නිසා වෙන්න ඇති .

      අනික ඉතින් මගේ එක්කෙනා ටොම් කෘස් ට වඩා කඩවසම් නිසා ඔය මන් වෙන්න කොහොමත් බැහැනේ . [ කමෙන්ට් බලන්න ආයේ එයි කියල හිතාගෙන :D ]

      Delete
    9. Bindi,

      ටොං කූරුසා ගෙ මම කැමතිම The Last Samurai .ඔය ගැන පෝස්ට් එකක් ලියන්න කියල හිතාගෙන ඉන්නව කාලෙක ඉඳල...හෙහ්, හෙහ්

      Delete
    10. මමත් කැමති ඒකටම තමයි. දෙපාරක් බැලුව . ආයේ වුනත් බලන්න ආසයි. වැඩේ කියන්නේ ජපන් යාළුවා ඒ ෆිල්ම් එක නොදැන සිටීම ..

      Delete
    11. Last Samurai ත් සිරා. ඒත් ටොම් අයියණ්ඩි ගේ මම ආආආ...සම එකක් තමයි Far And Away... ඒක එයා හරිම ඉලන්දාරි කාලේ කරපු පිචර් එකක්. එච්චර ගැඹුරු අදහසක් තියෙන එකක් නෙවි. ඒත් ටොමියා ඒකෙ හරි සුන්දරයි.

      Delete
  10. අය්යෝ සුජා පව් කියලත් හිතෙනවා . මොනා කරන්නද වෙන්න තියෙන දේ නේ වෙන්නේ . මේ කතාව නරකද ෆිල්ම් එකකට ..දැන් ඉන්න අයනම් මන්දා . ධර්මසේන පතිරාජ වගේ කෙනෙක්ට මේ කතාව හදන්න දුන්න නම් නියම ෆිල්ම් එකක් කරයි . හැබැයි අතිරේක නළුවෝ ගොඩක් ඕන වෙයි ...අපේ පොඩි ඕම් ශාන්ති ඕම් බලල එදා ඉඳන් ෆිල්ම් එකක සෙනග ගොඩක් ඉන්න කොට කෑගහන්නේ අන්න '' ජූනියර් ආර්ටිස්ට්ලා '' කියල . මොකද ඔය ෆිල්ම් එකේ පෙන්නන්නේ ෆිල්ම් හදන හැටි .

    ආ අර සමනල සංධ්වනිය කියන ෆිල්ම් එකේ තියෙන්නෙත් මෙහෙම කතාවක් ද . සුජා තාම තනියෙන් '' මට මගේම නොවෙන මගේම ආදරයක් තිබුනා '' කිය කියා ඉන්නවද කවුද දන්නේ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද...? ඔය වගේ චරිතයක් කවදාවත් එහෙම ඉන්නේ නැහැ.. හැබැයි ඔය විදියට මිනිස්සු ගැන විනිශ්චය කර කර ඉන්න ගියොත්නං රවී වගේම තව කිහිප දෙනෙක්ට අතෑරෙන්න පුළුවන්කම හා කාලය ගලා යාම නිසා තනි වෙන්න ඉඩ තියෙනවා.. ඒ හැර එක ආදරයක තනිවී..එකෙම හිර වී සිටින කෙනෙක්නං වෙන්න විදියක් නැහැ මලාට...

      Delete
    2. Bindi,

      / ආ අර සමනල සංධ්වනිය කියන ෆිල්ම් එකේ තියෙන්නෙත් මෙහෙම කතාවක් ද . සුජා තාම තනියෙන් '' මට මගේම නොවෙන මගේම ආදරයක් තිබුනා '' කිය කියා ඉන්නවද කවුද දන්නේ /

      බොලේ හැබෑට එහෙම වෙන්නත් පුළුවන් නම් තමයි. එදායිං පස්සෙ එතුමිය ගැන කිසිම ආරංචියක් නැහැනෙ..මම ඉතිං හෙව්වෙත් නම් නෑ තමයි :)

      Delete
    3. ඔව් ඔව් නොසොයොන තරමට හොඳයි...

      Delete
  11. ගොඩක් කාලෙකින් අන්තර්ජාලේ පැත්තේ ආවේ...
    අනේ මට නම් සුජා ගැන දුකයි. රවී අයිය එක්කළ ටිකක් තරහයිත් එක්ක. මොකෝ කියනවා නම් සුජා හිටි තැන මාත් හිටලා තීන හන්දා.
    ඒ උණාට ඔතන රවී අයිය හිටපු තැනත් මම ඉඳල තීනවා. ඒ හන්දා රවී අයියට දොසක් කියන්ට ත් බැහැ.

    ජීවිතේ හරි පුදුමයි නේද... ඔය දේවල් ඔහොම සිද්ද උනේ නැතිනම් රවී අයියට සඳා අක්ක හම්බෙන්නේ නැහැ නේ. බඹා කෙටූ හැටි හරි පතා ගෙන ආ හැටි කියන්නේ ඔහොම දේවලදී. අර අයියා අන්තිමට කියල තියන උල්කාෂ්ම කතාව පට්ට ඇත්ත. හිටි ගමන් මුණු පොතේ මම අදටත් ඔය වාගේ පරණ උල්කාෂ්ම එළි දකිනවා. ඒ උල්කාෂ්ම දැන් වෙන වෙන අහස් වල තරු වෙලා. මගේ අහසේත් අද ලස්සන තරුවක් පායලා. පොඩි නිකම් මෙව්වා එකක් දැනෙනවා ඒ වෙලාවට. :)

    ReplyDelete
    Replies
    1. ආමස්ටන්,

      / මොකෝ කියනවා නම් සුජා හිටි තැන මාත් හිටලා තීන හන්දා.ඒ උණාට ඔතන රවී අයිය හිටපු තැනත් මම ඉඳල තීනවා. /

      උඹනම් නරකම නෑ..හෙහ්, හෙහ්, සුජා හිටපු තැනත් හිටියලු රවි අයිය හිටපු තැනත් හිටියලු...

      Longing to be a star in somebody's sky,
      That was my destiny or so I thought for so long,
      But written among the stars twinkling was something else,
      My destiny lay elsewhere I realized before long

      එකම අහසක එකම තරුවක්,
      සේ දිලෙන්නට පැතූ පැතුමන්,
      සිඳී ගියදා තවත් අහසක,
      දිලෙන්නෙමි දසතම එකලු කොට,

      / පොඩි නිකම් මෙව්වා එකක් දැනෙනවා ඒ වෙලාවට. :) /

      ආ..මම දන්නව, මම දන්නව...උඹේ හදවත ස්තබ්ධ වෙන්න ඇති එකත් එකටම...හෙහ්, හෙහ්, මතකයි නේද?

      Delete
  12. I would have loved to Suja unconditionally coz she is a stubborn girl. Its easy dating to a stubborn girl than a docile coz u exactly know what they need...

    ReplyDelete
    Replies
    1. Heh, heh, you would have, wouldn't you, pira now?..:)

      Delete
  13. ඒකත් ඉවරය් එහෙනම්..මටනම් මුල ඉඳන්ම සුජාව හරිගියෙ නෑනෙ..ඒක හින්දා සුජා ගැන විචාර ලියන්න කම්මැලි..ඔන්න අය්යෙ ඊලඟ එක නම් අර ඉස්සර ලියපු කතා වගෙ ෆුල් සීරියස්, ඉමොශනල්, ඔක්කොම ජාති එක්ක ලියන්න හොඳෙ.. :)

    ReplyDelete
    Replies
    1. මෙකුවීස්,

      හරි, හරි ඉඳපන්, ඉඳපන්, උඹ ඔය කියන ආලවට්ටං ඔක්කොම දාල එකක් ලියන්නං..මෙන්න මෙහෙම...මේ ඇවිල්ල ට්‍රේලර් එකක්...හෙහ්, හෙහ්,

      මහඇලේ ඉම නියර අද්දර රූස්ස නුග ගහ තාම තියනව. ඒත් අර තිබ්බ සරුසාර කොළපාට දැං ඇහැවෙලා ගිහිල්ල. මම වගේම තමයි කියල මට හිතුනෙ නිරාසායසෙන්ම. ජීවිතේ හොඳ හරිය ගෙවිල ගිහිල්ල අන්තිම කාලෙ මරණය බලාපොරොත්තුවෙං ඉන්නව එලොවත් මෙලොවත් අතර.

      ගස් ගල් කතා කරපු යුගයක් ඉස්සර තිබ්බලු. එහෙම කිව්වෙ මයෙ අත්තම්ම. අම්මයෙ අම්ම.අපෙ සිංහල උළු හොයපු ගෙයි ඉස්සරහ මුළු පලලටම තිබ්බෙ ඉස්තෝප්පුවක්. රවුං මිල්ල කණු අටකින් පලේ උහුලාන හිටියෙ. ඉස්කෝලෙ පහේ කැලෑසියෙ විතර දුටුගැමුණු රජ්ජුරුවංගෙ දසමහ යෝදයො ගැන මුදියන්සෙ මහත්තය ඉතිහාස පාඩමට කියල දුන්නු දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි කඩුල්ල ගාව ඉඳල මම ඔය සද්දන්ත මිල්ල කණු දැක්කෙ හරියටම අර යෝදයො වගෙ.ඉස්තෝප්පුවෙං සාලෙට ඇතුල්වෙන පලු දෙකේ බුරුත දොර කෙලිම්ම තිබිච්ච කණු දෙක ඇරෙන්න ඉතිරි කණු අතර වද්දල තිබ්බ මල් ලියකම් වැඩ දාපු ලී මෝස්තරේකින් හැඩ වෙච්චි ලී රාමු. ඉස්තෝප්පුව මැද්දෑවෙ කකුල් තුනේ කලුවර කනප්පුව. ඒක උඩ හැමදාම පත්තු උනේ ගොලෝ ලාම්පුව. මම හීං එකා කලෙ ඔය පහනෙ රාජකාරිය කලේ අපෙ අප්පච්චි. සතියකට සැරයක් බ්‍රාසො දාල රෙදි කෑල්ලකිං ලාම්පුවෙ තෙල් දාන ගෙඩිය වගෙ බඳ රත්තරන් පාටට දිස්නෙ වැටෙනකල් මදින එක, ලාම්පු අල්ලුවෙ දැලි සුද්ද කරන එක, ලාම්පු තිරේ ගිරෙං උල හැඩේට කපන එක, අන්තිමට ලාම්පු බඳේ පැත්තක තිබ්බ මූඩිය ඇරල භූමිතෙල් පුරෝන එක. ඔව්ව තමයි ලාම්පුවෙ රාජකාරි. තුනේ පංතියට මම ආහම අප්පච්චි මට ඒ වැඩ ටික බාර දුන්න.

      " අනේ මේකට ඔව්ව පුළුවනිය දැම්ම?...." අම්ම හිනාවෙවී ඇහුවෙ කම්මුලේ අතකුත් තියාගෙන.

      " මොකෝ බැරි?....දැං ඉලන්දාරියෙක් නෙව. " අප්පච්චි මයෙ බොකුටු කොණ්ඩෙ අවුල් කලා....

      Delete
  14. අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ හිරු කියන මේ කොටස...

    //සුජාත විජිතට කැමති නැති උනේ තනිකරම විජිත කරපු බොරුව නිසා නොවෙන බව හොඳට තේරෙනව... ඒත් සුජාත මෙතන කරන්නෙ නං තනිකරම බොරුවක් විතරයි.. ඒ වගේම රවී වැල්වටාරම් දොඩව දොඩව කරන්නෙත් බොරුවක් විතරයි...//

    ආන්න එච්චරයි සාරංශයක් හැටියට දක්වන්න පුළුවන්...

    අවසාන වශයෙන්... ඇයි අයියේ මේක මේ තරං කෙටියෙන් නැවැත්තුවේ කියලා අහලා නවතින්නම්...

    (මේ මේ විහිළු කලාට ගණන් ගන්න එපා..වැරදිලාවත් පාඨක ඉල්ලීම් මත කියලා මේකේ දෙවැනි කොටස එහෙම ලියන්න හිතන්නවත් එපා.. හරිය..? )
    :D :D :D

    ReplyDelete
    Replies
    1. මාර්ස්,

      දෙයියම්ප...උඹේ බවලත් ඉල්ලීම නිසාවෙන් මම මේ පාට්ටූ ලියන්ට කියලයි ලේස්ති උනේ...හෙහ්, හෙහ්,

      ඔව්ව ඇස් රතුවෙන විහිළු මලේ..දන්නවය? ...ඔහොම සීන් එකකිං මේ මට වෙච්චි අකරතැබ්බක්....හෙහ්,හෙහ්

      Delete
    2. කෝ රවී අයියේ ඔයා අනිත් ඈයින් ගේ කොමෙන්ටු ඔලට ඉතරක් උත්තර කොටලා මයේ කොමෙන්ටුවට නෝ රිප්ලයි. අපි එතකොට ඔටුවොද ඈ? ඉහි ඉහි ඉහි :(

      Delete
    3. ආම්ස්,

      ඉතිං ඉඳහං නාඬා මයෙ අම්මා..හරි හරි ඔය කඳුළු පිහිදාගනිං..දැං මේ අහල පහල මිනිස්සුත් බලන්ට ගන්නව. ආය හිතයි වෙන මොනවහරි බූතයක්..

      මොකක්? ලේන්සුවක්වත් නෑ කිව්ව ?..ආ..මේ මගෙ අමුඩ ලේන්සුවවත් ගනිං එහෙනං...අහක බලා ගනිං ඩිංගකට ගලෝල දෙනකල්..මොකක්?..පිස්සුද බං...සතිදෙකකට කලින් හෝදල තියෙන්නෙ. අනික ඊට පස්සෙං පහු ගැලෙව්වෙම නැතිකොට කොහොමද කිළුටු වෙන්නෙ?...

      හරි හරි ඉඳා..මේ කඳුළු පිහදාගෙන මතක ඇතුව ආපහු දීපං හොඳේ? නැත්තං මට අර අම්මණ්ඩිට වග උත්තර බඳින්ට වෙයි, අමුඩෙට මොකද උනේ කියල..ගෙදෙට්ට පය ගහපු ගමං ඔවුන්දැ ඒකනෙව කොරන්නෙ..උස්සල බලනව මගෙ අමුඩෙ තියනවද කියල..උඹට කියන්ට බොල එවුන්දැට වැරැද්දක් කියන්ටත් බෑ...දෙතුං පාරක් මට ඔය අමුඩෙ එක එක තැං වල අමතක වෙලා සිවිල් පිට ගෙදර ඇවිල්ල එවුන්දැගෙ අතටම අහුවෙලා තියනවනෙ.

      Delete
    4. ඊ ඊ ඊ යා !!! අමුඩ ලේන්සුව!!!
      මේ උන්දැ ඉතිං කිව්වෝතින් ඔහොම එකක් තමා හීහීඊඊ (මේ තාමත් හිනා වෙනවා!)

      Delete
  15. නිදහස් සිතුවිලි බ්ලොග් එක ආසාවෙන් කියෙව්වත්, මේ මම මෙහි කොටන පළමුවෙනි කොමෙන්ටුව. කතාව මුල ඉඳන් කියවගෙන ඇවිත් අද අවසානයක් දැකපු මොහොතේ, මොනවහරි කියන්න ඕන කියල කට නලියන්න ගත්ත.
    කතාවෙන් අහපු තොරතුරු ස්වල්පයක් මත පදනම් වෙලා සුජාතා ගැන මෙහෙම උපකල්පනය කරන එක සාර්ථක නැහැ, මම දන්නව, නමුත් මට මේක කියන්න හිතුන. ගොඩක් බරපතල අදහස් දරන, ගැඹුරු කල්පනාවෙන් කාලය ගත කරන ගොඩක් අය ගැන අපේ හිත් වල ඉක්මනින් ගෞරවයක් ඇති වෙන්න ඉඩ තියනව, ඇත්ත. ඒත් විනෝදෙන් කාලය ගතකරන, කෑ ගහ ගහ ඉන්න ගොඩක් අය, අර ගැඹුරු කල්පනාවෙන් කාලය ගත කරන කෙනෙකුට තරමටම, ඇතැම් විට ඊටත් වඩා, හිත ඇතුලෙන් සංවේදී සහ ශක්තිමත්. දීර්ඝ කාලයක් එකට ජීවත් වෙන්ට, දෙවෙනි ආකාරයේ කෙනෙක් තෝරා ගන්න එක මට හිතෙන්නෙ ඇඟට ගුණයි. ගොඩක් ගැඹුරු සිතුවිලි තියන අය, ඇතැම් විට ඇදහිය නොහැකි තරම් චංචලයි.
    මේ තවම ජීවිතයේ එතරම් අත්දැකීම් ලබා නැති, බ්ලොග් ලෝකෙටත් ආධුනික මට දැනුනු හැටි. ජීවිත අත්දැකීමෙන් පිරිපුන් ඔබ වැන්නෙක් මා හා එකඟ නොවෙන්න ඉඩ තියනව ඒකට කමක් නැහැ. :)
    කොහොම වෙතත්, අතීතයට එබිල, ඒ තීරණ විශ්ලේෂණය කර කර සිටින්නට අවැසි නැහැ, ඔබට ලැබී ඇත්තේ ඔබටම ගැලපෙන සොඳුරු බිරිඳක් බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

       / ගොඩක් බරපතල අදහස් දරන, ගැඹුරු කල්පනාවෙන් කාලය ගත කරන ගොඩක් අය ගැන අපේ හිත් වල ඉක්මනින් ගෞරවයක් ඇති වෙන්න ඉඩ තියනව, ඇත්ත. ඒත් විනෝදෙන් කාලය ගතකරන, කෑ ගහ ගහ ඉන්න ගොඩක් අය, අර ගැඹුරු කල්පනාවෙන් කාලය ගත කරන කෙනෙකුට තරමටම, ඇතැම් විට ඊටත් වඩා, හිත ඇතුලෙන් සංවේදී සහ ශක්තිමත්. දීර්ඝ කාලයක් එකට ජීවත් වෙන්ට, දෙවෙනි ආකාරයේ කෙනෙක් තෝරා ගන්න එක මට හිතෙන්නෙ ඇඟට ගුණයි. ගොඩක් ගැඹුරු සිතුවිලි තියන අය, ඇතැම් විට ඇදහිය නොහැකි තරම් චංචලයි. /

      / මේ තවම ජීවිතයේ එතරම් අත්දැකීම් ලබා නැති, බ්ලොග් ලෝකෙටත් ආධුනික මට දැනුනු හැටි. ජීවිත අත්දැකීමෙන් පිරිපුන් ඔබ වැන්නෙක් මා හා එකඟ නොවෙන්න ඉඩ තියනව ඒකට කමක් නැහැ. :) /

      අපොයි,මට ඔයා එක්ක එකඟ නොවෙන්න හේතුවක් කොහෙත්ම නෑ.හැබැයි ඔය න්‍යායය බොහොම පරිස්සමින් භාවිතාකරන්න ඕන. මොකද විවිධ පුද්ගලයින්ගෙ අභ්‍යන්තර ගතිගුණ විවිධාකාරයි. නිතරම බොහොම තැන්පත්ව කාලය ගතකරන පුද්ගලයෙක් ජිවිතේ ගැටළුවකදිත් ඒ වගේ තැන්පත්ව හැසිරෙයි කියල ස්ථිරවම කියන්න බැහැ වගේම තමයි ජීවිතේ සැහැල්ලුවෙන් හැසිරෙන පුද්ගලයෙක් එහෙම නොවෙයි කියල කියන්නත් බෑ. අරම අයත් ඉන්නව මෙහෙම අයත් ඉන්නව. වැදගත් වෙන්නෙ ඔබගේ කැමැත්ත කොයිවගෙ කෙනෙකුටද සහ ඔහු/ඇය කෙරෙහි විශ්වාසය තියන්න පුලුවන්ද කියන එක විතරයි. ජීවිතේ හමදේකදිම වගෙ ඒ තොඊරාගැනීම්ත් අනිවාර්යයෙන්ම තියනව යම් අවදානමක්.

      / කොහොම වෙතත්, අතීතයට එබිල, ඒ තීරණ විශ්ලේෂණය කර කර සිටින්නට අවැසි නැහැ, ඔබට ලැබී ඇත්තේ ඔබටම ගැලපෙන සොඳුරු බිරිඳක් බව මගේ හැඟීමයි. /

      මානවිකාවිය, ඔබ හා මෙහිදී එකහෙලා එකඟවෙමි. :)

      Delete
  16. නිදහස් සිතුවිලි පැත්තේ පැමිණි පළමු දවස අදයි. නිදහස් සිතුවිලි නිදහසේ කියවන්නට සිත්විය ...හෙට රාත්‍රිය ඒ සඳහා වෙන්කර ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඉවාන් පව්ලූෂා,

      ස්තූතියි පව්ලිස්..:)

      Delete
  17. ම්ම්ම්... ඒකත් ඉවරයි එහෙනම්.. සුජාතා පව් නේද රවී...?? :(

    ReplyDelete
    Replies
    1. සඳා,

      පව් තමයි බං..මොකද ඉතිං කොරන්නෙ? :(

      Delete
  18. නිදහස් සිතුවිලි ලියල ඔබතුමා නං හිත නිදහස් කොරගන්නව ඇති.... කියවන උන් ඉන්ට එපැයි මෙතන හූල්ල හූල්ල... ඇයි අප්පේ මේව බොහොම සරලෙට ලියවුණාට කියවෙන්නෙ හැමෝගෙම වගේ කතාවනෙ!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත,

      බොහොම ස්තූතියි මල්ලි....අපි හැමෝගෙම කතා ඇතුලෙ හැමෝගෙම කතා තියනව. ඒක එහෙම වෙන එක ගැන නෙවෙයි පුදුම වෙන්ට ඕන එහෙම නොවුනොත්.මොකද අපි හැමෝම එක හා සමාන අපේක්ෂා, සිතුම් පැතුම්, පරමාර්ථ වලින් පිරුණු සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් සහ ගැහැණුන් නිසා...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි