Thursday, February 16, 2012
101. ආදර නිල් දෑසේ - පසු කතාවක්ම නොවූ පසුකතාව - 4 Her haunting blue eyes - Sort of an epilogue
මේසය මත වැලමිටි රඳවා ඉහලට හැරවුනු දෑතේ අල්ල මත කම්මුල් රඳවා හිඳ සිටි අසුනේ ඉදිරියට නැවී දෑස් පියාගෙන ඈ මට සවන් දුන්නීය. අවසන ළයපුරා ඉහලට ඇදගත් සුසුමක් හෙලා ඇය දෑස් විවර කලාය. ඒ දෑසේ කඳුලු පිරී තිබිණි.
'' Do I have to say some thing as a response, Ravi Ayiya?...''
'' No, Chutti, You don't have to say any thing......Your unshed tears and that sigh said it all.....''
අපි දෙන්නම මේසෙ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්....එකිනෙකා දිහා නොබලා.....
මම පොත වහල මුල් පිටුව දිහාවෙ බලා හිටිය.....චුට්ටි දිහාවෙ බැලුවෙ ඊට පස්සෙ....
'' පෑනක් තියනවද චුට්ටි? ''
හෑන්ඩ් බෑග් එක ඇරල චුට්ටි මට පෑනක් දිගු කලා.
පොතේ මුලම පිටුව පෙරලල පෑන් තුඩ පිටුවට තියලත්...මම ආයෙම කල්පනා කලා....නෑ....එහෙම හරි නෑ.......නොහිතුව ප්රශ්නයක් මතු වෙන්න පුලුවන්...ඔව්,
'' චුට්ටි...පොඩි කඩදාසියක් එහෙම නැතුව ඇති නේද ඔයාගෙ ඔය බෑග් එකේ?''
'' මොකක්ද අනේ?......ම්ම්ම්...ඉන්න බලන්න....''
චුට්ටි බෑග් එක ඇවිස්සුවා...
'' නැහැ අනේ සොරි.... ''
'' හරි...කමක් නෑ...''
මම නැඟිටල කැෂියර් ගාවට ගිහිල්ල හාෆ් ෂීට් එකක් ඉල්ලගෙන ආව....දෙකට ඉරුව..... ඉරපු එක කඩදාසි කෑල්ලක මම ලිව්ව....
To My dearest......
එහෙම ලියල ආයෙම ඒ ටික කපල දැම්ම......ඒ කොල කෑල්ල ඉරල දාල අනික් එකේ ලිව්ව...
To Chutti,
Thanks for all the memories...which would be with me until the day I die or for that matter may be even beyond....
My best wishes for all of you,
Ravi Ayiya,
කොල කෑල්ල දෙකට නවල පොත ඇතුලට දාල මම පොත දිගු කලා චුට්ටිට...
'' මට?...''
'' ඔව්..මගෙන් තෑග්ගක් නංගි......''
'' Thanks Ravi Ayiya...thanks so much, ''
'' You are most welcome...Chutti. It was a pleasure indeed.....''
නිහඬතාවයේ වෙලී තව වෙලාවක් ගත වුනා.....
මේ වගෙ කාලාන්තරයකට පස්සෙ වෙන හමුවකදි එකිනෙකාගෙන් ඇසිය යුතු යයි බොහෝ දෙනෙක් උපකල්පනය කරන පොදු ප්රශ්නයක් තියනව නේද?.....දන්නවද ඒ මොකක්ද කියල....
ඔව්...ඔබ හරි..... ඔයා සතුටින්ද ඉන්නෙ?.....ඒක තමයි ප්රශ්නෙ.......
හැබැයි ඇත්තම කියන්නම්...ඒ ප්රශ්නෙ චුට්ටිගෙන් අහන්න මට කොයිම වෙලාවකවත් හිතුනෙ නෑ...ඒ ඇයිද කියල මම දන්නෙත් නෑ. අද වෙනකල් මට හේතුවක් හිතාගන්නත් බෑ....චුට්ටි මගෙන් එහෙම ඇහුවෙත් නෑ.........
'' එකොලහයි කාලයි....''
අත් ඔරලෝසුව බලල හදිසියෙම චුට්ටි කිව්ව....
'' අපි යමුද අයියෙ? ''
'' යමු ''
මම පුටුව පස්සට දාල නැඟිට්ට...
'' චුට්ටි.. දුව එන්න අපි යමු....''
පොඩි එකී අපි ලඟට ආව.
මම නැවිල පොඩි එකීගෙ කම්මුල් දෙකම සිප ගත්ත....පොඩ්ඩි ලැජ්ජාවෙන් රතු වෙලා චුට්ටිගෙ පිටිපස්සෙ හැංගුනා....චුට්ටිත් එක් අතීතයේ දවසක ඔය විදිහටම රතු වෙච්චි හැටි මතක් වෙලා මට හිනා ගියා....
'' රතු වෙන්නෙ නම් අම්ම වගේම තමයි....''
මම කිව්වෙ හඬ බාල කරල චුට්ටිට විතරක් ඇහෙන්ට....හෙහ්, හෙහ්, ඔන්න ඒ ගමන අම්මත් රතු උනා....
අපි ඩෙවොන් එකෙන් එලියට බැස්ස පදික වේදිකාවට.....
'' රවි අයිය මගෙන් අහපු නැති ප්රශ්නයක් තියනව නේද?...''
චුට්ටි ඇහුවෙ එක පාරට නොහිතූ විදිහට..
'' ම්ම්ම්...එහෙම ප්රශ්නයක් තියනවයි කියල ඔයාට හිතෙනවද චුට්ටි?...''
මම උත්තර දුන්නෙ ටිකක් වෙලා අරගෙන....
'' එහෙම ප්රශ්නයක් නැත්නම් කිසිම ප්රශ්නයක් නෑ...එහෙම ප්රශ්නයක් තියෙනව නම්... මම මේ කියන්නෙ අහපු නැති ප්රශ්නයක්....ඒකට උත්තරේ මේකයි....Life goes on.....I am doing the best under the circumstances to get on with life or cope with it as best as I can, if not I would be doing a real injustice to myself as well as to those others around me.....''
චුට්ටි එක දිගට කියාගෙන ගියා....මම එයාගෙ මූණ දිහාවෙ බලාහිටිය එහෙම්මම මොනව කියන්ටද කියල හිතා ගන්න බැරුව....
'' එහෙනම් අපි යන්නම් අයියෙ...''
චුට්ටි කිව්වම තමයි ඔන්න මම දැහැනෙන් මිදුනෙ.
'' චුට්ටි..ඒ ප්රශ්නෙම ඔයාගෙ හිතෙත් ඇති මම හිතන්නෙ.....ඒකට මගේ උත්තරේ ඔයාට දැන ගන්න ඕනද? ''
චුට්ටි ආයෙම හිනා උනා....
'' එපා අයියෙ..අයියගෙ උත්තරේ මගේ උත්තරේමයි කියල මට හිතාගත්තෑකි....ඒ උත්තරේ වැරදි උනත් මම දිගටම හිතාගන්නම් ඒ උත්තරේ තමයි හරි කියල.....මට ඒ ඇති...''
'' හරි එහෙනම් චුට්ටි........ආයෙම ඔයාව මෙහෙම අහම්බෙන් හරි හම්බ උනු එක මට කියන්ට බැරි තරම් සතුටක්.....Okay then Until we meet again.....somewhere...sometime ...take care and be happy....''
'' Same here Ravi Ayiya...you too.....bye....''
පොඩි එකීගේ අතකුදු අල්ලාගෙන ඇය දළඳා වීදියේ පදික වේදිකාව ඔස්සේ ඉහළ පහළ යන ජනතාව අතරින් නොපෙනී යන දෙස මම ඇසි පිය නොහෙලා බලා සිටියෙමි. මා සිතූ ලෙසම ඈ සෙනඟ අතර නොපෙනී යාමට මොහොතකට පෙර ආපසු හැරී බලා මා හා සිනාසුනාය. මම ද ඈ හා සිනාසුනෙමි.
එලෙස කොපමණ වේලා ඩෙවොන් අවන්හල ඉදිරියේ පදික වේදිකාවෙහි හිටිවනම සිටියාදැයි මම නොදනිමි.මා අසලින් තම එදිනෙදා කටයුතු උදෙසා එහා මෙහා ගමන් කරන මිනිස් කැල පිලිබඳව හෝ හිස රත් කරවමින් ලම්බකව පතිත වන මධ්යාහ්නයේ සැඩ හිරු රැස් පිළිබඳව මට කිසිදු හැඟීමක් නොවීය.
මා දැහැන් බිඳුනේ කමිස සාක්කුවේ තිබූ ජංගම දුරකථනය නාද වන හඬිනි. ඒ එසේ කොපමණ වේලා නාද වූවාදැයි ද මම නොදනිමි.
'' හෙලෝ........''
'' මේ ඔයා කොහෙද ඉන්නෙ?....මම මේ දැන් පොලිසිය ලඟින් බැස්සෙ බස් එකෙන්.....ෂර්ට් ගත්තද?...''
***********************************************************
“It's possible to go on, no matter how impossible it seems, and that in time, the grief . . . lessens. It may not go away completely, but after a while it's not so overwhelming.” ― Nicholas Sparks, Dear John
*************************************************
කලකට ඉහත ජීවිතයේ අරුණෝදයේදී මා සිත සෙනෙහසින් පුරවාලූ ඒ දයාබර යුවතිය පිළිබඳ මතකය නොසිතූ ලෙස නැවත අවදිවීමෙන් මසිත ඇතිවූ කැලඹීම සමහන් කරගැනීමෙහි ලා දැරූ උත්සාහයක් ලෙස මේ පසු කතාව අකුරු කලෙමි.
ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ ජීවිතය අපට ලබාදෙන දේ යනු එකක් නොව දෙකක් බවට නිකලස් ස්පාක්ස් කියූ දේ පරම සත්යයක් බව වටහා ගැනීමෙහි ලා මගේ මේ ප්රේම පුරාණය මට බෙහෙවින් උපකාරී විය.
එළෙසම අප කුමන අපේක්ෂාවන් මුදුන් පත් කරගැනීමෙහිලා කොපමණ වෙර දැරුවද අවසන අපහට උරුම වන්නේ අපගේ දෛවයේ අප වෙනුවෙන්ම වෙන්වී ලියවි ඇති දෙයම පමණකි.
ජීවිතය පිළිබඳ මේ සනාතන ධර්මතාව ඉඳුරාම අපහට වෙනස් කල හැක්කක් නොවන බැවින් උපේක්ෂා සහගතව ඒ පිළිගෙන ඒ අනුව හැඩ ගැසීම හුදෙක් ඔබම සතු කාර්ය භාරයකි. ජීවිතය විඳවීම සහ විඳීම යන පරස්පර අන්තයන් ද්විත්වය අතරින් ඔබට රිසි අන්තය තෝරාගැනීම ද එලෙසම ඔබ සතු බව ද අමතක නොකරන මෙන් අවසාන වශයෙන් සෙනෙහසින් යුතුව දන්වා සිටිමි.
Subscribe to:
Post Comments (Atom)
//ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ ජීවිතය අපට ලබාදෙන දේ යනු එකක් නොව දෙකක් බවට නිකලස් ස්පාක්ස් කියූ දේ පරම සත්යයක් බව වටහා ගැනීමෙහි ලා මගේ මේ ප්රේම පුරාණය මට බෙහෙවින් උපකාරී විය.
ReplyDeleteඑළෙසම අප කුමන අපේක්ෂාවන් මුදුන් පත් කරගැනීමෙහිලා කොපමණ වෙර දැරුවද අවසන අපහට උරුම වන්නේ අපගේ දෛවයේ අප වෙනුවෙන්ම වෙන්වී ලියවි ඇති දෙයම පමණකි.//
සහතික ඇත්ත.....
ඇත්තම තමයි එදිරි.....ස්තූතියි හොඳේ....
Deleteකවදාවත් කමෙන්ට් නොකළ මම.. හැමදාමත් කියෙව්වා. හරිම සංවේදී...මම හැමදාමත් කියනව වගේ.. මේ තරම් උපේක්ෂාවක් කොයින් ද?
ReplyDeleteඋපේක්ෂාව කොහෙන්ද නේද වත්?
Deleteම්ම්ම්...උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න පන්නරය මට ලැබුණෙ ඇත්තටම කරුණු දෙකක් නිසා.
1. පොඩි කාලෙ ඉඳම්ම අතට අහුවෙන ඕන පොතක්, පත්තරයක් , සඟරාවක් කියවීම....හැකි සෑම විටම චිත්‍රපට බැලීම සහ ගීත ඇසීම...ජීවිත කාල සියයක් ජීවත් වෙලත් ලබාගන්ට නොහැකි අත්දැකීම් සම්භාරයක් ගැන මම කියෙව්ව, දැක්ක, ඇහුව...
2. ලාබාල වියේ සිටම ගෙදරින් බැහැර ව නොයෙක් තරාතිරමේ විවිධ ගති පැවතුම් ඇති එකිනෙකාට හාත්පසින්ම වෙනස් හැසිරීම් රටාවන් ඇබ්බැහිකම් ඇති සමාජයේ හරක්කඩක් වන් මිනිසුන් ගැහැණුන් සහස්‍ර සංඛ්‍යාවක් සමීපව ආශ්‍රය කිරීමෙන් ලැබුණු මිල කල නොහැකි අත්දැකීම් සහ ආභාෂය....
දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, යටිනුවර වීදිය, ආදී එකී මෙකී වීදි තියෙන නුවර තරම් ලස්සන නුවරක් වෙන කොහෙවත් නෑ... ..
ReplyDeleteඅයියගේ ලිවීම නම් විශිශ්ටයි ....
අඩ්ඩඩ්ඩා....උඹත් නුවරද බං?....කියන්ට එපාය කලින්.....
Deleteස්තූතියි නංගි......බොහොම ස්තූතියි....
පහුගිය කාලෙක පටන් හැමදාම කියවල ගියා, කියාගන්ඩ දාහක් දේවල් ඒ කියෙව්වට පස්සෙ හිතට ආව වුණත් කමෙන්ට් කරන්ඩ හිත දුන්නෙම නෑ අයියෙ....හැමදාමත් වගේ ඔයා ලියන විදිය හරිම සංවේදී විදියට දැනෙනව.... ඒ හන්ද මම ටිකක් තෝන්තු වෙලා යනව මගෙ හිතේ....
ReplyDelete/ජීවිතය විඳවීම සහ විඳීම යන පරස්පර අන්තයන් ද්විත්වය අතරින් ඔබට රිසි අන්තය තෝරාගැනීම ද එලෙසම ඔබ සතු බව/
හරියටම නිලයටම දීල තියෙන්නෙ ඔය උපදේසෙ...
හෙහ්, හෙහ්, ඒක නෙව බං...උඹ වෙඩිං කේක් වලට පිටි මෝලිය අල්ලන කාලෙ මම මේ කතාව පටන් ගත්තෙ...ඔන්න යාන්තමට අදයි ඉවර උනේ....උඹල දෙන්න හොනිමෝං ගිහිල්ලත් ඇවිදිනුත් සුමානෙකට වැඩියි නේද? කොහොමද මයෙ ඇදිල්ල ....එලම තමා නේ?
Deleteමේ කතාව මම ලියන්න හේතු උනේ උඹ ලියාපු මේ වගේම කතාවක් ....මතකයි නේද?.....ඒ වෙලාවෙම මම කිව්ව...අඩේ මගෙත් තියනව මේ වගේම පෙරේම පුරාණයක්....වෙලාවක ලියන්ට ඕනය කියල....ඔන්න ඒක තමයි ඉතිං මේ....හෙහ්, හෙහ්,
අහිමි වීම් දරාගෙන ලැබෙන ජීවිතයට මුහුණ දෙන්න ලොකු හයියක් ඕන.. මම නම් ඒ අතින් තාමත් බාල බොළද දරැවෙක් වගේ... මේ කතාව හිතට දුකක් ගෙනාවත්... ඔයාල ජීවිතය තේරැම් අරන් තියන විදියට මම ගරැ කරනවා...
ReplyDeleteස්තූතියි....තරු....
Deleteඅපි ජීවිතේ කොච්චිර විදවන්න හැදුවත් විදවන්න දෙන්නේ නැතුව විදින්න දෙන්නෙත්... ජිවිතේ කොච්චර විදින්න හැදුවත් විදින්න දෙන්නෙ නැතුව විදවන්න දෙන්නෙත් අපේ දෛවය කියල මටත් හිතෙනව රවි අය්යේ...
ReplyDeleteඇත්ත අමා..ඒක සම්පූර්ණ ඇත්ත.....අපි අපේක්ෂා කරන විදිහටම ජීවිතේ ගලායනවනම්.....හෙහ්, හෙහ්,
Deleteසිතු දේ නොවේ . නොසිතු දෙයක් වේ...කියන දහම විලසේ
Deleteකියන්නේ නිකන් නෙවෙයිනේ රවි අය්යේ
මේක හරියන්නේ නෑ
ReplyDeleteදැන් නං කෝම හරි නිකොලස් ස්පාර්ක්ස් හොයාගෙන කියවනවා මං!
රවී අයියේ දැන් ඇති චුට්ටි ගැන...
අයියගේ අක්ක හම්බු වෙච්චි හැටි කියන්නේ කවද්ද? (දැන් ඒ පාර දේවිද දන්නේ නෑ මෙගා වලත් මෙගා එකක්. කමක් නෑ මේ ලියන විදියට ලස්සනට දුන්නොත් කට්ටිය එක හුස්මට කියවාවි.)
බොල අමෝ.....මොනවද බං මේ කියන්නෙ?
Deleteඒ මහගෙ හම්බවෙච්චි කතාව තමයි මම නමෝ විත්තියෙම්ම ලිව්වෙ....
හෙහ්, හෙහ්, නැත්නං බලන්ට තිබ්බ වැඩේ.....අපෙ උන්දැ එහෙනං මෙලහටත් වඩමාරච්චි මෙහෙයුම ප්‍රකාශයට පත් කොරල......
'' හුහ්,පරණ කෙල්ලො එක්ක තිබ්බ පලහිලව් ඔක්කොම ලියන්ට හොඳයි.. මා ගැන තමයි ලියන්ට බැරි '' කියල...ඒ නිසා පාන්දරම ඒ පටලැවිල්ල ලියයයි මම වැඩේ පටං ගත්තෙ,
කොහෙද ඒ කාලෙ උඹල අපි අඳුනන්නෙ නෑ නෙව....ඒකයි මම හිතන්නෙ උඹ ඒක දන්නෙ නැත්තෙ...
ඔන්න දැම්ම පල්ලෙහායිං....උඹට හින්දම...හෙහ්, හෙහ්,
උන්දැ එක්ක පලහිලව්ව - 1
උන්දැ එක්ක පලහිලව්ව - 2
ඕන්න බලහං අයියෙ, අපි බොරුදෑ ඉතින් කියන්නෙ මුන්දැට මඤ්ඤං කියලා.. :)
Delete@ බුරා,
Deleteඅඩේ එහෙම්මම ෂවුත්තුව තාන යෙක කෙතයි නෙවද යප්පා?
යපෙ අමා කෙලී ඔන්ද කෙලී නෙව..මේ දවස්සොල අර යේක යෙරික් කියන් පෝරි සාද මුනිය එක්ක උරුට්ටු අල්ලල ටිකාක් විතර අප්ෂැට් වගේ නම් තමා..යේක ෂරි යයි, යේක ෂරි යයි...
@ බුරා
Deleteඅනේ මේ... ග්ර්ර්ර්!!!!!!!!
අනික ඕගොල්ලෝ වගේ කස්ටිය ආශ්‍රය කරද්දී ඕන අවිහිංසක කෙනෙක් මඤ්ඤං වෙනවා!
@රවී අයිය
අන්න බලන්ට රවී අයිය කොච්චර ගුණ යහපත් මනුස්පයෙක්ද හික් හික් ටැංකු අයියේ
මේ අවිහිංසක කියන එක ගැන අපි ඉගෙන ගෙන තියෙන නිර්වචනය වැරදිද මන්දා.......
Deleteආයෙ හොයල බලන්න ඕනි
:)
අවිහිංසක විතරක් නෙවෙයි බං, ඇයි 'ළද බොළද', 'සූටි සුකුමාර', 'ළපටි' මේ වචන හැම එකේම තේරුම අපට වැරැදියටනෙ උගන්නලා තියෙන්නෙ.. :)
Deleteආ අමතක උණෝ
ReplyDeleteඑකසිය එකක් සටහන් ලියවිලා...තවත් එකසිය එකක් නෙවි එක්දහස් එකකුත්, තවතුත් ලියන්ට අයියට ශක්තිය ධෛර්යය ලැබේවා!
තැන්කූ...තැන්කූ....තැන්කූ සෝ...සෝ...සෝ....මච්....
Deleteබොලේ මන් හිතුවේ මේක ඊයේ ඉවරය් කියල..
ReplyDeleteආ, අම්මප? උඹ එහෙමද හිතුවෙ?.....එහෙම හිතල ඉන්න ඇති ෆුල් ආතල් එකේ නේද?.....හප්පච්චියේ අර මල වදෙං යංතං ගැලවුනාය කියල...හුහ්, එව්ව කොහෙද මා එක්ක...ඉඳපං දානව හෙටත් එකක්...දෙයියම්ප....
Deleteමේ පුංචි රටේ
ReplyDeleteකොතැනකදී හෝ
මතු කවදා හෝ
යළි අපි හමුවේවී
ආදර සිහිනය දෑසක උතුරන
කඳුලු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
ජීවන ගමනෙදි කොතැනකදී හෝ
යළි අපි හමුවන දිනයේ
මේ දුක් කඳුලැලි වියකුණු දෑසින්
හිනැහෙනු මැන පෙරසේ
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ,
Deleteඋඩ ඉගිලෙන විට වැහිලේනි,
එබී බලා
රිය කවුලු දොරින්
යට ගිය දවසේ,
දෑස ගියා ඉගිලී,
අඳුරු ලලා,
සෙංකඩගල වැස්සේ,
දිය දහරා
පාටයි දේ දුන්නේ,
තෙමී තෙමී
ආදර මධු වැස්සේ,
ගිය දෙදෙනා
අද යනවා දෙමංසලේ,
රිය ඇතුලේ උණුසුම ඔබට දි දී,
නහවයි මා රිය සක මඩ වතුරේ,
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී,
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ,
උඹ දන්නවැයි අයියෙ, ඔය 'මුතුකුඩ ඉහලන' සිංදුවයි, 'මේ නගරය' සිංදුවයි ජාතික ගීය වෙලා තිබ්බ කාලෙකුත් තිබුනා නෙවැ..
Deleteඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා හිතෙනවා
පිස්සු හැදෙනව මලේ, උඹ නම් නියම කොල්ලෙක්...හෙහ්, හෙහ්,
Deleteමයෙ කතාවට නම් අදාල නෑ. ඒත් කොහොමද අමරෙ මාස්ටර්ගෙ මේ සින්දුව.
හන්තානේ කඳුමුදුන සිසාරා.......
ayyage me adhare nil dase - pasu katha tika nam ayyage bashawenme kiwwoth SUPIRIY !!! athemteme hari sathutuy chutti gane mehema aye ahane labunu eke.. jeewithe ohome thama ayye ... ayyage me quotes dammillatath man hary asay :) man ewa pothaka liyaganewa :) ewa jeewithete hari helpfull... thaman ge jeewithe mona widihate hadagane onade kiyala me quotes welin apite thathpara gaenkin oluwate yawenewa,, magic wage,, hodeteme oluwate yanewa api kohomade ape jeewithe hadagawegane kiyala,, ayya akuru liyane lathawe thawe hade karanewane puluwan quotes welate :) take care and wish you good luck to write more and more good stories and educated the world :)
ReplyDeleteahhhh thawe ekak hame post ekateme comment karane une nathi ekate sorry hode :) man poddak busy me dawaswela aith raete nidagaen yanen kalin kohomahary blog tike balanewa natham ninda yanne na :P
ReplyDeleteස්තූතියි ග්ලිමර්.......
Deleteප්‍රශ්නයක් නෑ....කමෙන්ට් නොකලට ඔයාල කියවනවනෙ... ඒ ඇති හොඳටම...
සිංහලෙන් ලියන්න කැමතිනම් මම දෙන්නම් ලින්ක් එකක්
සිංහල යුනිකෝඩ් එසැණින් පරිවර්තකය
මේකෙම තියනව ඒ ඒ සිංහල අකුරු වලට ටයිප් කරන්න ඕන මොන ඉංග්‍රීසි අකුරද කියල Schedule එකක්. Show Transliteration scheme කියන තැන ක්ලික් කලාම ඒක පෙනෙනව. ඒකෙ විදිහට උඩ කොටුවෙ English වලින් ටයිප් කලාම යට කොටුවෙ සිංහලෙන් වැටෙනව..ඊට පස්සෙ Cut & Paste කලාම හරි අවශ්‍ය තැනට....
වැඩේ කරදර නම් ඔන්නොහෙ දැන් කරන විදිහට ඉංග්‍රීසියෙන්ම ලියන්න....හෙහ්, හෙහ්...
he he thanks ayya,, man anik pare sinhalen comment ekak dannamko :) dan neme ilange post eke hode :D ;)
Deleteඅනේ අම්මෝ.. මටනම් එහෙම දිනයක් උදා නොවේවා :/
ReplyDeleteකොහොම දිනයක් ද බොල උදා නොවෙන්න කියන්නෙ? :)
Deleteආදරේ කරපු කෙනා කාලාන්තරයකින් නැවත හමුවීම වගේ දිනයක් :(
Deleteආආආ....එහෙම එකක්ද?......දුක ද මිහිරකි මටම නොවැටහෙන....කියල ඒකෙනුත් පොඩි ආතල් එකක් ගනින් බං කරුමෙට වාගෙ එහෙම උනොත්......
Deleteඑහෙම නැත්නම් විකල්ප දෙකක් තියනව....හෙහ්, හෙහ්,
1. '' අම්මප , තෝ අහුවෙනකල් තමයි හිටියෙ බූරුව...ඉඳා....'' කියල දෙනව දන්ත ධාතු හත අටක් එර්දි වෙලා යන්ට හොඳවයිං කම්මුල් පාරක්.
2. '' අනේ මගෙ රත්තරන්...ඔයා නොදැක හිටපු කාලෙ මම මැරි මැරි ඉපදෙන්ට ඇති දහස් වාරයක් '' කියල දුවගෙන දුවගෙන ගිහිල්ල බෙල්ල බදාගෙන අඬනව වැළහින්නි වාගෙ.
අනුගමනය කරන්නෙ කොයි විකල්පයද කියල තීරණය වෙන්නෙ ඉතිං වෙන් වීමට හේතු වූ කාරණා සහ වෙන් වූ ආකාරය අනුව තමා...හෙහ්, හෙහ්,
රවි අයියා පසු කතාවේ පසු කතාව ලියන්ඩ පටන් ගන්නේ කවද්ද..?
ReplyDeleteඕං ඒ පාර තව එකක්....එහෙම එව්ව කොහෙද බොල තියෙන්නෙ?.....හෙහ්, හෙහ්,
Deleteහැමදේම වෙන්නේ හොදටයි කියනවනේ රවී අයියේ..
ReplyDeleteඔබ හරි......ඒ කතාව ඇත්ත.....
Delete//කලකට ඉහත ජීවිතයේ අරුණෝදයේදී මා සිත සෙනෙහසින් පුරවාලූ ඒ දයාබර යුවතිය පිළිබඳ මතකය නොසිතූ ලෙස නැවත අවදිවීමෙන් මසිත ඇතිවූ කැලඹීම සමහන් කරගැනීමෙහි ලා දැරූ උත්සාහයක් ලෙස මේ පසු කතාව අකුරු කලෙමි.//
ReplyDeleteඋඹට මේ හදිසියෙන් මතක් වෙලා අයියෙ
හිතහන් බන් නිතරම මුන ගැහෙන මගේ හිතේ කොහොම කැළඹීමක් ඇතිවෙනවද කියලා.....
ම්ම්,..... උඹ කියන එකේ ඇත්තකුත් තියනව...ඒත් හැමදාම දකිනකොට ඒ කැළඹීම ටික ටික අඩු වෙලා යන්නෙ නැද්ද මල්ලි?....මම මේ කිව්වෙ අර කතාවක් තියෙන්නෙ නිතර දෙවේලෙ දකින කුකුලගෙ කරමලේ ගැන එහෙම ...අන්න ඒ වගේ.....ඒත් ඉතින් අනික අතට දිනපතා වේදනාව අලුත් වෙනව වෙන්නත් පුලුවන් නේද?.......එහෙමත් හරි, මෙහෙමත් හරි.......
Delete//I am doing the best under the circumstances to get on with life or cope with it as best as I can, if not I would be doing a real injustice to myself as well as to those others around me.....//
ReplyDeleteකතාව සිතිවිලි කොහොමින් කොහොම වුනත් මේ කතාව නම් සහතික ඇත්ත අප්පා...
වෙන මොනව කරන්නද රූ.....චුට්ටි කිව්ව කතාව ඇත්තම තමයි නේද?
Deleteහොඳටම පරක්කු වුනා, ඒත් ආව, පොස්ට් එකකයි කොමෙන්ට් ටිකයි කියෙව්ව. දැන්මම බලන්න ඕනෙ අවසානෙත් :-)
ReplyDelete