Monday, February 13, 2012
98. ආදර නිල් දෑසේ - පසු කතාවක්මත්ම නෙවෙයි...ඒත් ඒ වගේ එකක්....Her haunting blue eyes - An epilogue - Well not exactly...but something like that..
හන්තාන කඳුවැටිය ඉහළින් වැහිවළාකුලත් දෙකක් කැටි ගැහෙමින් තිබුණ නම් තමයි. ඒත් දාස් දෙන අව්වෙ නම් කිසිම අඩුවක් පාඩුවක් නෑ.......
නුවර නගරය සුපුරුදු කලබලෙන්....පොලිසිය ලඟ හෝල්ට් එකේ බස් එකෙන් බැහැල මම දලඳා වීදිය දිගේ හෙමිහිට උඩහට ඇදුනා.කිසිම හදිස්සියක් නැතුව....ඔහේ වටපිට බල බල....මුස්ලිම් හෝටලේ, චම්පා ස්ටෝර්ස් ඉස්සරහ පදික වේදිකාවෙ දහසකුත් එකක් අරුමෝසම් බඩු භාණ්ඩ විකුණන වෙළෙන්දන්ගෙ ගාලගෝට්ටිය වෙනද වගේමයි..........
නිවාඩු මාසෙන් තව ඉතිරි දවස් පහයි.......ඊට පස්සෙ ආයෙම කාන්තාරෙට පිටුවහල්.....ජීවිතේ හැටි ඉතිං එහෙම තමයි.......
'' මේ..... යන්ඩ කලින් ෂර්ට් හතර පහක් ගන්නකො. ඔයාගෙ තියන ෂර්ට්ස් ඔක්කොම අන්තිමටම සවුත්තු වෙලා නේද? ''
දෙතුන් දවසක් ප්රියාම්බිකාව දැනුම් දුන්නට පස්සෙ, මටත් හිතුන ඇත්ත නේද කියල...පහුගිය ටිකේ ගෙදර පොඩි පොඩි වැඩ නිසා නුවර පලාතෙ එන්නත් බැරි උනු එකේ ඒකත් නරකම නෑ...එහෙම හිතලයි උදේ ගෙදරින් ආවෙ...
'' මමත් එන්නම් ෂෝට් ලීව් එකක් දාල..මටත් තියනව නුවර යන්න උවමනාවක්....''
උදේ රාජකාරියට පිටත් වෙන්න කලින් එහෙම කිව්වෙත් එයාම තමයි. මම ඇහුවෙ නෑ මොකක්ද උවමනාව කියල...ආය මොනව අහන්ටද?.....කොහෙ හරි ඇති වස්තර සේල් එකක්......
දළඳා වීදියෙන් හැරුන කොටු ගොඩැල්ල වීදියට. වම් පැත්තෙ විජිත යාපා පොත්හල...ඒ ආසන්නයට එද්දි පියවර තැබෙනා වේගය ක්රමයෙන් අඩාල වෙලා හරියටම සාප්පුවෙ අලුත් පොත් Display එක ඉස්සරහ පියවර නැවතිලාම ගියා.
අඩේ මේ මොකක්ද මේ?.....Wilbur Smith......Those In Peril.......මගෙ ප්රියතම ලේඛකයෙක්....එයාගෙ අලුතෙන්ම පිටවුනු පොත....
හෙහ්, හෙහ්, ඉතිං මොකෝ කොරන්නෙ?.....මේක දාල යන්නෙ කොහොමද? ෂර්ට් ගැනිල්ල කල් දැම්ම .....ඔය ෂර්ට් එක කවදා ගන්ට බැරිද?....අනික මොකෝ මට එහෙමටම ෂර්ට් අහේනියක් නෑනෙ...ඔය තියන එව්ව ටිකක් පරණයි නම් තමයි..ඒත් තව කාලයක් ඇන්දැහැකි අවුලක් නැතුව.....
අනික මම දන්නව මම ෂර්ට් නොගත්තොත් ප්රියාම්බිකාව මම යන්ට ඉස්සර ෂර්ට් හතර පහක් ගෙනත් දෙනව...
'' මේ ඔයා කොච්චර කිව්වත් කිසිම දෙයක් ගන්නෙ නෑ.මෙන්න මම ගෙනාව ෂර්ට් හතරක්...බලන්ට හොඳද කියල....''
ආය මොනව බලන්ටද එයා දන්නව මම කැමති පාට.... වර්ග... ඔක්කොම...මම තේරුවට වැඩිය අපූරුවට වැඩේ කරල ඇති......හෙහ්, හෙහ්,
විජිත යාප එක ඇතුලෙ මේ වෙලාවෙ ඒ හැටි සෙනඟක් නෑ.....Those In Peril පොත මම කොහොමත් ගන්න නිසා වෙන අලුතෙන් ඇවිල්ල තිබ්බ පොත් කීපයක පසුපිටේ බොහෝ විට තියන කතාවෙ සාරාංශය මම කියවන්න පටන් ගත්ත.වෙලාව බැලුවම නවය හමාරයි..ප්රියම්බිකාව එනකොට කොහොමත් දොළහ පහු වෙයි. ඕන තරම් වෙළාව තියනව.
පොත් රාක්කෙ පල්ලෙහාම තට්ටුවෙ තිබ්බ පොතක් ගන්ට දණිස් නවල කෙලින් කටින් ( උක්කුටිකයෙන් කියල කියන්නෙත් මේ ඉරියව්වටමයි, ඉංගිරිසියෙන් නම් Squatting )ඉඳගත්ත පාර ආය නැඟිටින්ඩ කම්මැලි කමේ මම එහෙම්මම පොතේ එහෙන් මෙහෙන් කියවන්ට පටන් ගත්ත.පොත රසවත් නිසා පිටු කීපයක්ම කියවන්ට සිද්ද උනා. දණිස් දෙකත් රිදෙන්ට ඇල්ලුව ටිකකින්....පොත එහෙම්මම තියල නැඟිටිනවද නැත්නම් නැඟිටල තව ටිකක් කියවනවද කියල තීරණයක් ගන්ට බැරුවයි මම හිටියෙ,
'' ආනේ...රවි අයිය නේද?....''
විස්මයට පත් ගැහැණු කටහඬක්.......මතකයේ ඈත අහුමුළු අතපත ගාන්නට සිත මෙහෙයවූ කට හඬක්.....
පොතේ පිටු අතර සිර වී තිබූ මගේ දෑස ඒ හඬ පැමිණි දෙසට යොමු වූයේ නිරායාසයෙන්ම,
ඒ දෑස ....ඒ දෑස......තාමත් නිල් පාට......ඒ දෑස..........
මම හෙමිහිට පොත වැහුවෙත් ඒ දෑස දිහා බලාගෙනම......හෙමිහිට නැඟිට්ටෙත් ඒ දෑස දිහා බලාගෙනම.....
'' චු..ට්..ටි........''
මගෙ කටින් පිටවුණේ අකුරෙන් අකුර වෙන් වෙලා...
'' ඔයාගෙ ඇස් තවම........''
මම ඒ වාක්යය සම්පූර්ණ කළේ නෑ. එතකොටයි මම දැක්කෙ චුට්ටිගෙ අතේ එල්ලිලා හිටපු පුංචි කෙල්ල.......මගෙ දිහා බලාහිටියෙ කුතුහලය පිරුණු දෑස් විදහාගෙන.....
'' රවි අයියෙ..මේ මගෙ දුව.....චුට්ටි දූ.....මේ අම්මි අඳුරන මාම කෙනෙක්.....''
'' හලෝ...ඔයත් එහෙනම් චුට්ටි ....''
පොඩි එකී එක්ක මම හිනාවුනා.
කෙල්ලත් හිනාවෙලා ලැජ්ජාවෙන් ඇඹරුනා.....ආයෙම නැවිල පොඩි එකීගෙ කම්මුල් සිප ගන්න හිතුනත් එහෙම කරන එක හොඳද කියල මට තීරණයක් ගන්න බැරුව එහෙට මෙහෙට ලත වෙන අතරෙ ඒ මොහොත ගෙවිල ගියා.
මම චුට්ටිගෙ දෑස් දිහාවෙ බලා හිටිය මොහොතක්....ඒත් මගෙ මූණ රතුවෙනව තේරෙනකොට තමයි මතක් උනේ අපි මේ ඉන්නෙ කොහෙද....ඊටත් වැඩිය අපි දැන් කවුද කියන එක....චුට්ටිත් රතු වෙච්ච මූණෙන් බිම බලාගත්ත යාන්තමට හිනා වෙලා.
'' නංගි...ඉතිං....කොච්චර කාලෙකට පස්සෙද?.....''
'' ඔව් අයියෙ....අන්තිමට අපි හම්බ උනේ.......'' චුට්ටිගෙ මට අමතක නොවන හිනාව....වාක්යය මඟින් ඉවර කලේ මතක නැතිව නම් නෙවෙයි....
නළලත් රැලි කරගෙන චුට්ටි කල්පනා කරන්නෙ බොරුවට....මම ඒක දන්නව...මම ඒක දන්නව කියල එයත් දන්නව....
Subscribe to:
Post Comments (Atom)
හ්ම්.. අජන්ත හිටියෙ නෑ? කතාවෙ හැටියට ආදරයක් තිබ්බනම් ඔයිට වැඩිය දෙබසක් යන්න ඕනෙ.. වෙන මොනාද චුට්ටි කිව්වෙ?
ReplyDeleteමේකත් මතු සම්බන්දද ?
/ හ්ම්.. අජන්ත හිටියෙ නෑ? කතාවෙ හැටියට ආදරයක් තිබ්බනම් ඔයිට වැඩිය දෙබසක් යන්න ඕනෙ.. වෙන මොනාද චුට්ටි කිව්වෙ? /
Deleteඉඳපංකො ටිකක් ඉවසල....කතාව කියනකල්....උඹත් එක්ක බෑනෙ මේක කොරන්ට......
/ මේකත් මතු සම්බන්දද ? /
එහෙනං, එහෙනං......ඕක ආයෙ අහන්ටත් දෙයක්ය....
අනේ අප්පේ අය්යට මේ ටිකේම නිල් ඇස් දෙකෙන් ගැලවිලා ඉන්න බැරිවෙලා හැඩය් .. සඳා අක්කට වහාම ක්‍රියාමාර්ගයක් ගන්න වෙඉ වගේ.. :D කමක් නෑ තව ලියමු, අපි ඉන්නවා කොච්චර චුට්ටි ගැන ලිව්වත් ආසාවෙන් කියවන්න.. මොකද මන්ද දෙන්නට දෙන්න ලැබිල සියල්ල ආදරෙන් ඉවරවෙන කතාවලට වඩා දෙන්නට දෙන්න නොලැබෙන මේ වගේ කතා රසවත් වැඩි..මට කාලෙකට කලින් බලපු kisna කියන හින්දි movie එක මතක් උනා, මේ කතවට කිසිම සම්බන්දයක් නැතත් එක් වෙන්න බැරිවෙච්ච එත් මැරෙනකන්ම හිතින් ආදරේ කරපු දෙන්නෙක්ගේ ලස්සනම ආදර කතාවක්..
ReplyDeleteඇත්තම තමයි මෙකුවි, මේ කතාවක් පටං අරගෙන මගෙ ඔලුවත් විකාර වෙලයි තියෙන්නෙ.....ඒ නිසාමයි මම හිතුවෙ වසන්ත ටෙලිෆෝන් කරල කිව්ව වගෙ දෙයක් උනේ නැහැ කියල හිතාගෙන ( ඒ කියන්නෙ චුට්ටි හස්බන්ඩ්ව දාල ගිහිල්ල නෑ ) කතාව වර්තමානයෙ මෙහෙම උනොත්...කියල සම්පූර්ණ උපකල්පනයක් විදිහට ලියන්ට. ලියල හිත එකලාසයක් කර ගන්ට.
Deleteස්තූතියි මෙකුවි........
පුලුවන්නම් මේ video එකේ 7 වෙනි මිනිත්තුවේ ඉඳන් 10 වෙනි මිනිත්තුව දක්වා තියෙන දෙබස බලන්න. අද කොටසට අදාල නැති උනත් ඉස්සෙල්ල කතාවට ටිකක් සමීපඊ නේද?
Deletehttp://www.youtube.com/watch?v=p-1e0dYbyCA&feature=relmfu
ස්තූතියි නංගි.....මම කලින් බලල නෑ මේ ෆිල්ම් එක.....බලන්න ඕන ඔක්කොම, ඔන්න මෙතනම සබැඳියකුත් දැම්ම එහෙනම්......
DeleteKisna - the Warrior Poet
//ආයෙම නැවිල පොඩි එකීගෙ කම්මුල් සිප ගන්න හිතුනත් එහෙම කරන එක හොඳද කියල මට තීරණයක් ගන්න බැරුව.....//
ReplyDeleteඇයි තීරණයක් ගන්න බැරුව ගියේ ? මටනම් හොඳටම විස්වාසයි චුට්ටි කිසිම වැරැද්දක් දකින එකක් නෑ ඒකෙ කියල, එතකොට ඒක සම්පූර්ණයන්ම රවී අයියගෙ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක්. එහෙම උනේ පොඩි කෙල්ලව සිපගැනීමේ ව්‍යංගය චුට්ටිව සිපගැනීම කියල හිත දැනගෙන ඉඳපු නිසාද ?
හරි, නවම් එහෙම තමයි මට හිතෙන්න ඇත්තෙ....ඇත්තෙ නෙවෙයි එහෙම තමයි මම හිතුවෙ.....හෙහ්, හෙහ්,
Deleteඅනික අජන්ත දැක්කොත් මොනව හිතයිද කියලත් මට හිතුන මම හිතන්නෙ....චුට්ටි ගැනනම් මට ප්‍රශ්නයක් තිබුනෙම නෑ....
මේක නොලිව්වනම් හොඳයි කියල හිතෙනවා රවී.
ReplyDeleteමොකද අපි කී දෙනෙක්ට ඔය අවස්ථාවට මූණ දෙන්න වෙයිද අනාගතයෙ.මමනම් හිතන්නවත් ආස නැති අවස්ථාවක්.කොහොමද එහෙම එකකදි මූණ දෙන්නෙ.
අපොයි සිතුවම්...සමාවෙන්න ඕන හිත් තැවුලක් උනා නම්.....ඇත්ත, මට උනත් මේ වගෙ සිද්ධියක් උනොත් කොහොම මුහුණ දෙයිද කියන එක මටත් ප්‍රශ්ණයක් තමයි.....
Deleteහ්ම්ම් අම්මෝ මට හිතා ගන්න බෑ මට ඔහොම දෙයක් උනොත් ?
ReplyDeleteඅයියා.... ඔයාගේ ආදර නිල් දැසේ මම මුල ඉදලම කියෙව්වා..අද තමයි මුලින්ම කමෙන්ට් 1ක් දාන්නේ..ඇත්තටම හරිම සංවේදි කතාවක්..හරි ලස්සනයි..
ReplyDeleteමේකත් කොටස් 10ක් වත් අදිනවා නේද? පොඩ්ඩ පොඩ්ඩ දැම්මට කමක් නැහැ...හැබැයි දවස් 2 3කට සැරයක් වත් කතාව මතු සම්බන්ධ වෙන්න ඔන හරිද?
දෙවියන්ට ඔප්පු වෙච්චාවේ මේකත් මතුද?!!!
ReplyDeleteඅනේ අයියේ ඉතින් ගිය දේ ගියා...හිත එකලාසයක් කරගන්ට ලීවට ඕව ගැන වැඩිය දැන් හිතන්ට එපා. හැම දෙයක්ම වෙන්නේ හොඳටයි.
අඩේ මා . . . .. රයි බන් අයියේ . . හරිඅම් ලස්සනට ලියලා තියේ . . .
ReplyDeleteහෙහ්, කාලෙකින් දුකා...ස්තූතියි..:)
Delete